Thursday, May 30, 2013

රාවය ගැන මිලින්ද ප‍්‍රශ්නය

මේ ලියමන කුහක හෝ ද්වේශ සහගත වගේ පුංචි ලාංකේය තැන් වල හිර කරන්නෙ නැතුව තවත් එක අදහසක් කියන තැනකින් කියවන්න කියල මුලින්ම ඉල්ලනවා. ඒ පුද්ගලිකව මගේ ගැන කලූ චිත‍්‍රයක් ඇඳෙන එක ගැන අවුලකට නෙමෙයි. ඒක සංවාදයක් වෙනුවෙන් මගේ අදහස කැන්සල් කරන හින්ද.
රාවය පත්තරේ මාත් කාලෙක ඉඳන් කියවන පත්තරයක්. ඒ ව්‍යාකරණානුකූල භාෂා සීමාවල්, සීරියස් වැඩි ගතිය, ගමේ ඇකඩමික් ප‍්‍රතිරූපය ආරක්‍ෂා කිරීම වගේ ද්විතීයික කාරණා වලින් මං රාවයට නොඑක`ග තැන් තිබුණත් පුරවැසි අදහස් මාධ්‍යයක් විදිහට මං රාවයට ගරු කරනවා. වික්ටර් අයිවන් මහින්ද ළ`ගට ගිය එක සහ ජනරංජන විසින් අන්තර්ගතය හැසිරවීම ගැන මතුවෙච්ච කන්‍යාසිවි වර්ගයේ ප‍්‍රශ්න වලදිත් මගේ අදහස වුණේ ඒක හරිම ඉදිරිගාමී පියවරක් කියන එක. අයිවන් තමන්ගේ අදහස තමන්ගේ කොලමට සීමා කර ගැනීම සහ පත්තරේ අනිත් අදහස් වෙනුවෙන් නිදහස දීම කියන එක දියුණු නාගරික දේශපාලනික විනයක ලකුණක් මට අනුව.

මොනවා වුණත් රාවය පාඩු පිට දුවන පත්තරයක්. ඒක ලාබ අරමුණු රහිත පත්තරයක් කියන තැනට වඩා මං ඒක කියවන්නෙ ලාබයක් හෝ වඩා විශාල කියවන පිරිසක් සංවිධානය කිරීමෙහි ලා අසමත් වූ කළමනාකරණයක් විදිහට. අදහස් වල ගැඹුර පවත්වාගනිමින් ප‍්‍රකාශනය සරල කරන්න රාවයට බැරි වුණා. ඒ වෙනුවට රාවය සම්භාව්‍ය, සම්මානනීය, වැදගත්, ඇකඩමික් වගේ තැනක නතර වුණා. කල්ට් භාවිතාවක් විදිහට ඒකත් නරක නෑ. ඒත් පැතිරීම ව්‍යාප්තිය වෙනුවට සීමා වීම භාවිතාවක් විදිහට අරගෙන යාම රාවයේ සීමිතකමක්. ඒක මට අනුව පුහු සංකේතීය වටිනාකමක් වෙනුවෙන් ප‍්‍රායෝගික වටිනාකම් කැපකිරීමක්. අන්තිමට අපි වැඩ කරමින් ඉන්නෙ ජන මාධ්‍යයක් ඇතුලෙ කියන වටහා ගැනීම අහිමි වීම එතනදි ප‍්‍රශ්නයක්.
රාවය වටා වාමවාදී බුද්ධිමතුන් පිරිසක් එකතු වුණා. ඒ බුද්ධිමතුන් කියන පිරිස විසින් රාවයේ හැඩය ගල් කරලා පවත්වාගෙන යමින් හිටියා. පත්තරේ ඇතුලෙ ලංකාවේ වාමවාදී බුද්ධිමතුන්ගෙ තියෙන සීමාව ජයගැනීම රාවයට රටේ දේශපාලනික සීමාවන් ජයගැනීමට වඩා අමාරු වැඩක් වුණා. ඒක වැඩවසම් ආකෘතියක්. ඒක සංරක්‍ෂණය හෝ වඳ වී යාමට වඩා ඉරණමක් උරුම කරගෙන නෑ.

දැන් මේ ලියමන ලියන ඇත්ත කාරණාවට එන්නං. රාවය මෙහෙම පාඩු පිට පවත්වාගෙන යාම දුෂ්කර නිසා එහි අයිතිය පැවරීම ගැන ලොකු හාහෝවක් එලියට ආවා. මිලින්ද මොරගොඩ විසින් මෙහි අයිතිය පවරාගැනීම ගැන කතාව ගොඩක් අය කිව්වෙ කන්‍යාභාවය අහිමි වීම වගේ වේදනා සිත් ඇතිව. ඊට පස්සෙ බුද්ධිමය කලාකාර පිරිසක් රාවයේ ජනතා අයිතය ආරක්‍ෂා කර දීමේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මේක බහුතරයක් විසින් කියෙව්වෙ රාවය රැුක ගැනීමක් විදිහට. මට හිතෙන්නෙ රාවය කියන්නෙ මේ බුද්ධිමය කීපදෙනාගේ පවුලේ පත්තරය කියන තැනින් ගත්තොත් ඒ හැ`ගීම සාධාරනයි. ඒත් රාවය මේ අනිකුත් මාධ්‍ය අතර ජනමාධ්‍යයක් කියන තැනින්, මට වටින දේ ඒ කියන්නෙ පුරවැසි ප‍්‍රකාශනයක් කියන තැනින් ගත්තොත් මේක ආපහු පරණ ළිඳේම ඉන්න තෝරා ගැනීමක්.

උදා විදිහට කිව්වොත් මිලින්ද මොරගොඩ කියන ව්‍යාපාරික, දේශපාලන චරිතය කරන බිස්නස්, ගන්න ලාභ වගේ ඔය වමට උඩින්ම පේන  ඕපදූප ටිකට යටින් බැලූවොත් භාවිතාව සහ තමන්ව චරිතයක් විදිහට පොසිෂන් කරලා පවත්වාගෙන ඒම ඇතුලෙ ලංකාවෙ ගොඩක් වාමාංශික දේශපාලන චරිත වලට වඩා විනයක් ශිෂ්ටත්වයක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මිලින්දගේ ධනවාදී භාවිතාව ඇතුලෙ රාවයට මුදල් යෙදවීම කියන්නෙ හරියට නාගරික ආර්ට් කලෙක්ටර් කෙනෙක් කලාපොලෙන් විකල්ප චිත‍්‍රයක් අරගෙන ගෙදර බිත්තියෙ එල්ල ගන්නවා වගේ වැඩක්. ඒක රාවය සංරක්‍ෂණය කළා වගේ වැඩක් මට හිතෙන්නෙ. මිලින්දගෙ බිස්නස් ඇතුලෙ ලොකු ලොකු වංචා දූෂණ චෝදනා ඇති. ඒත් ඒවා රාවය තමන්ගෙ පුද්ගලික රාවයක් කරගන්න යනවා තරං පුංචි නෑ.

ඊට විකල්පයක් විදිහට මේ බුද්ධි-කලා එකමුතුව විසින් රාවයට යෝජනා කරන ජනතා හැඩය මට අනුව අතිශය හානිකරයි. ඒක වඳ වී යාමේ විකල්පය තෝරා ගැනීමට සමානයි. අඩුම තරමින් මිලින්ද වගේ කෙනෙක් රාවය ගත්තොත් ඒකෙ ව්‍යවසාය අංශය දියුණු තැනකට ඒවි. සරල විදිහට කිව්වොත් ඇපල් ලැප්ටොප් ටිකක් වත් අලූතෙන් රාවය කන්තෝරුවට ඒවි. මේ ලේඛකයන්ට සේවකයන්ට යම් තරමකින් යහපත් ජීවන පහසුකම් ටිකක් ඇතිවේවි. මිලින්ද එක්ක වැඩ කරන රොහාන් සමරජීව වගේ ටිකක්  ඕල්ඞ් ෆැෂන් නැති බුද්ධිමතුන්ගෙ අදහස් මේ කළමනාකරණයට මුහු වේවි. ඒකෙ මට මොකක් හරි පාරක් පේනවා.

ඒත් මේ බුද්ධි කලා එකමුතුවට කරන්න පුළුවන් මොනවද? මං ඒ අයගෙ නිර්මාණ සහ අදහස් වල තියෙන වටිනාකම් පොඞ්ඩකින් වත් අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් ව්‍යවසාය සහ කළමනාකරණය කියන්නෙ මේ පිරිස (විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් වාමාංශික බුද්ධිමතුන්) දුර්වලම විෂයක්. උදා විදිහට ඔවුන් මේ රාවයේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන සැ`ගවුණු අදහස වෙන්නෙම මිලින්ද රාවය ගත්තොත් මේ සංවාදය, මේ අදහස් ආණ්ඩු පාක්‍ෂික හෝ මිලින්දගේ උවමනාවන්ට පාක්‍ෂික වීමෙන් තමන්ට (අපිට) රාවය නැති වෙයි කියන එක. ඒත් මිලින්ද මට අනුව මීට වඩා අඩි දෙකක්වත් එහායින් හිතන්නෙ. රාවයේ හැඩය නැති වුණොත් මිලින්දට රාවයෙන් ඇති වැඩක් නෑ. මේ විකල්ප හ`ඩත් තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයේ කොටසක් කර ගැනීමේ සංකේතීය, බුදධිමය වැලියු ඇඩිෂන් එකක් විදහට මිසක් මිලින්දට රාවයේ තමන්ගෙ ඇඞ් එකක් හෝ කොලමක් දානවට එහායින් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් මේ බුද්ධි කලා එකමුතුව (ලාංකේය) පෙළෙන්නෙ වඩාත් විශාල වූ අවකාශයකට, පිළිවෙලකට, සංස්කෘතියකට තමන් ඇතුල්වීමේ ‘කුඩා බව’ පිළිබඳ භීතිකාව කියලයි මට හිතෙන්නෙ. මිලින්ද මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන් නාගරික බුද්ධිමය හෘදය සාක්ෂියක් ගොඩනගා ගන්න. රාවය එතනදි එක කොටසක්. ඒත් වාමවාදී බුද්ධිමත්තු මහන්සි වෙන්නෙ තමන්ගේ ග‍්‍රාමීය බුද්ධිමය සම්ප‍්‍රදාය ආරක්‍ෂා කර ගන්න. තමන්ගෙ අදහස් වෙනුවෙන් හැමදාම ඔහේ දොරවල් ඇරලා තියෙන මාධ්‍යයක් වෙනුවට තර`ගකාරී අදහස් මාධ්‍යයකට නිර්මාණකරුවන් බුද්ධිමතුන් ඇතුල් වෙන්න අවශ්‍යයි. අසාධාරණ විදිහට තමන්ගේ අදහස් වලට දොරටු වැහෙනවා නම් විකල්ප මාධ්‍ය ප‍්‍රවේශ අත්හදා බලන්න  ඕන. ඒ වෙනුවට මාධ්‍ය ජනතාකරණය කරනවා කියන අදහස මට හිතෙන්නෙ මාධ්‍ය ගල් යුගයෙම තියා ගැනීම වගේ යෝජනාවක්. ගුහාගත සම්ප‍්‍රදායක්.

මං කලින් කිව්වා වගේ ඉතා සංවේදී දේකට මං අසංවේදී මැදිහත්වීමක් කළා වෙන්න පුළුවන්. ඒත් මාධ්‍යය සහ ඇත්ත ජනතාව අතර සිවිල් තාප්පයක් තියෙන්න  ඕන නෑ කියලයි මං හිතන්නෙ. ජන මාධ්‍ය ජනතාවට කතා කරන්න  ඕන. සීමා වීම වෙනුවට ව්‍යාප්ත වීම පිළිගන්න  ඕන. ජනමාධ්‍යයක් දාහක දෙදාහක ස්වයං වින්දනයක් වෙනුවෙන් පවත්වාගෙන යාම තේරුමක් නැති වැඩක්.

ගුහාව වෙනුවට අපි එළිමහන තෝරා ගනිමු. තර්ජන ඇතිවේවි. ඒත් අපි ඒ අනුව පරිණාමය වේවි.

- චින්තන ධර්මදාස




Sunday, May 26, 2013

සංසුන් නොසංසුන් හෙවත් මා ගිය වන්දනා ගමනක්

නිවාඩුවකට මං ලංකාවෙ යන්න කැමතිම තැනක් අනුරාධපුරේ. අව්ව, කාශ්ටක ගතිය හින්ද ගොඩක් මගේ යාලූවන්ට ඒක චාටර් ගමනක් වුණාට රෑ ලයිට් එලි යටින් පාලූවට ගිය ස්තූප, ගල්කණු මැද්දෙ ඇවිදින්න මං ආසයි. ඒ ගොරෝසු තණකොල උඩින් තැනින් තැන වැවිච්ච ගස් අතරෙ මට මාර සැදැහැයක් ඇති වෙනවා. ඒක හාමුදුරුවරු බණට කියන සැදැහැයට වඩා වෙනස්. ඒත් හිරිගඩු පිපෙන තරම් ශ‍්‍රද්ධා හැ`ගීමකින් මං අනුරාධපුරේ පුල්ලි පුල්ලි ලයිට් එළි වැටුණු මහමෙව්නාව මැද්දෙ ඇවිදන් යනවා.

මේ පාර අනුරාධපුරේ ගිය ගමනෙදි මං කවදාවත් බලන්න යන්න අකමැති තැන් දෙකකට යන්න සිද්ද වුණා මට (අපිත් එක්ක ගිය වැඩිහිටියන්ගෙ බරපතල උවමනාවට) එකක් ජය සිරි මහ බෝධිය. අනික රුවන් වැලි සෑය. මේ දෙකම කවදාවත් මට ඒ විදිහෙ ටි‍්‍රප් එකක් දෙන තැන් දෙකක් නෙමෙයි. ඒ වෙනුවට ආණ්ඩුව, දේශපාලනය, රාජ්‍ය ඉතිහාසය වගේ වාත හැ`ගීම් වලින් මාව තෙරපන තැන්. කරන්න දෙයක් තිබුනෙ නෑ. හරිත වර්ණ නිදිකුම්බා සුවඳින් සිත කය සංසුන්ව නිරාමිස හැ`ගීම් පෙරදැරිව මාත් යන්න ලෑස්ති වුණා.

අඳින්න හොඳ ඇඳුමක් මගේ බිරිඳ මගෙන් ඇහුවා. ඉතින් ඒ ඇඳුම් අතරෙ තිබුණු මට වඩාත්ම සංවර ඇඳුම මං තෝරලා දුන්නා. ඒ ඇඳුම මට හරි සැහැල්ලූ, සන්‍යාසි හැ`ගීමක් අරන් එන නිසා. ඒත් බෝධිය ඉස්සරහ ලොකු පොලිස් මුර පොලක්. එතනින් සංවරකම පරීක්‍ෂා කරනවා. අත් කපපු ඇඳුමක් නිසා මං තෝරපු ඇඳුම අසංවරයි කියල පොලිසිය කිව්වා. එයාට බෝ මළුවට ඇතුල් වෙන්න බැරි වුණා. මගේ සංවරම ඇඳුම උඩමළුවෙ පොලිසියට අසංවර ඇඳුමක්. සංවරකමේ නිර්ණායක හොයාගන්න බැරුව මං ගේට්ටුව ළ`ග බිරිඳ එක්ක ඉඳගෙන කල්පනා කළා.

බෝධිය ඉස්සරහ පොලිසියක් දැමීමම කොයිතරං අසංවරද? මට හිතුනෙ එහෙම. හිත නිවෙන්න පන්සල් හැ`ගීමෙන් යන තැනක් වෙනුවට එතන හරියට වැලිකඩ හිරගෙදරට ඇතුල් වෙන තැනක් වගේ. මේ පොලිසිය හිටියා නං කීයට වත් පටාචාරාවට බුදුන් ළ`ගට එන්න වෙන්නෙ නෑ. හේමමාලාට කීයටවත් දන්ත ධාතුව කොණ්ඩෙ අස්සෙ හංගගෙන එන්න වෙන්නෙ නෑ.

ඇ`ගට කිටි කිටියෙ තද වෙන ඇඳුම් ඇඳගෙන කෙල්ලො බෝධිය වඳින්න ගියා. පොලිසියට ඒ ඇඳුම් අසංවර වුණේ නෑ. බුරිය පේන්න සාරි ඇඳගෙන ගෑණු බෝධිය වඳින්න ගියා. උඩමළුවෙ පොලිසියට අසංවරකමේ සීමාව වුණේ හම පෙනෙන ප‍්‍රමාණය. ඒත් වැඩිපුරම හම පෙනෙන ප‍්‍රමාණය වැඩි සාරිය මේ බෝ මළුවෙ පොලිස් ගේට්ටුවෙන් ඇතුළට ගියේ ගෞරවනීය විදිහට. අනිත් අතට මේ සංවර අසංවර භේදය බලපෑවෙ ගෑණුන්ට විතරයි. පිරිමි කොහොම ගියත් ඒ ගැන මේ සංස්කෘතික පොලිසියට ගැටළුවක් තිබුණෙ නෑ.

මං රෑ හඳ එළිය වැටුණු මහමෙව්නාව දිහා බලාගෙන ඉඳගෙන හිටියා. මං නිරුවතින් නෙළුම් මලක් අරන් රුවන්වැලිසෑය පැත්තට ඇවිදන් යනවා මං දැක්කා. ඒක හරි ලස්සන රූපයක් වෙයි ෆිල්ම් එකකට කියල මට හිතුණ (මං හෙළුවෙන් ඇවිදින එක නෙමෙයි, නළුවෙක් එහෙම යන එක) ඊට පස්සෙ මං ෆේ‍්‍රම්  එකේ ජෙන්ඩර් චේන්ජ් එකක් කළා. දැන් මං වෙනුවට මගේ බිරිඳ නෙළුමක් අරන් මහමෙව්නාව හරහා රුවන්වැලි සෑය දිහාවට ඇවිදන් යනවා හෙළුවෙන්. ඉස්සෙල්ලා රූපෙට වඩා දෙවෙනි රූපෙන් දෙන හැ`ගීම වෙනස්. ඒ වෙනස තියෙන්නෙ එළියෙ ඇවිදන් යන හෙළුවෙද? නැත්තං මගේ ඇතුලෙ තියෙන මගේ ඇත්ත හෙළුවෙද?

බුදුන් වදාල ධර්මයේ මූලික හරය වෙන්නෙ මේ තමන්ගෙ හෙළුව හොයා ගන්න එක. ඒ වෙනුවට අනුන්ගෙ හෙළුව වහන්න යන එක මුස්ලිම් ආගමේ සදාචාරයක්. ඒත් අපි ආධ්‍යාත්මික තැන් වලටත් සදාචාරය අරන් ඇවිත්. ඇත්තටම කවුරු හරි කොට ඇඳුමක් ඇඳන් ඉන්න එකෙන් අපි කැළඹෙනවා නම් හොඳයි. කාට හරි බෝධිමූලයේ ලබන්න පුළුවන් ලොකුම අවබෝධයක් එතන තියෙනවා. ඒ තමන් මල් පහන් කොයි තරම් පත්තු කරමින් බුදු රූප වැන්ඳත් තමන්ගේ ඇතුලෙ තාමත් ඉන්න නොදියුණු දුර්වල සතා දකින එක. කොට ඇඳුම ඒකට නිමිත්ත වෙනවා. ඒත් ලංකාවෙ බෞද්ධ සම්ප‍්‍රදාය වෙලා තියෙන්නෙ ඒ සතාව පරිස්සම් කර ගන්න එක (ශිෂ්ටත්වට කරා පරිණාමය වෙනුවට අශිෂ්ටත්වය රැුකවල් ලා ආරක්‍ෂා කිරීම) සාමූහික බාල සදාචාරයක් බුදුන්ගේ ධර්මයෙ ආචාර පද්ධතිය වෙලා. මට බුදු හාමුදුරුවො ගැන දුක හිතුණ.

බෝධිය වඳින්න බැරි වීම මගේ බිරිඳට මයිල් ගහක් තරං අවුලක් නොවුණට ඒක පොලිසියට බෝ ගහක් තරං ලොකු අවුලක් වුණා. ඒ ගොල්ලො ඇවිත් රෙද්දක් පොරවලා එයාව සංවර කරලා බෝධිය වන්ඳවන්නම හදනවා.

‘ලොකු හාමුදුරුවොන්ට පේන්න බෑ අත් කර කපපු ඇඳුම්. අපිටයි බනින්නෙ’
පොලිසියෙ අය කිව්වා. පව්.

රුවන්වැලි සෑය රෑට මාර ලස්සනයි. දුටුගැමුණු නොහැදුවා නම් මේ දාගැබ මීට වඩා ලස්සන වෙන්න තිබුණ. මට මගේ මාක්ස්වාදී යාලූවෙක් රුවන්වැලිසෑය ගැන කියපු කතාවක් මතක් වුණා.

එයා උගන්නන ඉස්කෝලෙ ළමයින්ට රුවන්සැලිසෑය හැදුවෙ කවුද කියල ප‍්‍රශ්නයක්.
රුවන්වැලි සෑය හැදුවෙ කවුද? මගේ යාලූවා (ටීචර්) අහනවා.

‘දුටුගැමුණු’ ළමයි ඔක්කොම උත්තර දෙනවා.

‘රුවන්වැලි සෑය හැදුවෙ දුටුගැමුණු නෙමෙයි. කම්කරුවො. ඒත් විභාගෙට ඇහුවොත් දුටුගැමුණු කියල ලියන්න. ඒත් ඇත්තට හැදුවෙ කම්කරුවො’

දැන් විභාගෙට අහනවා කියල ඔන්න මගේ යාලූවා ආයිමත් අහනවා  ‘රුවන්වැලි සෑය හැදුවෙ කවුද?’
‘කම්කරුවො’ ළමයි ඔක්කොම එකපාර සද්දෙට කෑ ගහනවා.

ඇත්තට රුවන්වැලි සෑය වඳින ඒ වටේ සිවුරු ඔතන බෞද්ධයන්ට මේ සෑය ආධ්‍යාත්මිකව කොහොම සම්බන්ධ වෙනවද කියල මට හිතාගන්න අමාරුයි. දුටුගැමුණු කියන නමේම තේරුම දුෂ්ට ගාමිණී කියන එක. එයා කාවන්තිස්ස කියන අතිශය පරිණත බුද්ධිමත් රජෙක් වුණු එයාගෙ තාත්තාට ගෑණු යට ඇඳුම් යවලා අපහාස කරනවා. ඒ මදිවට සද්ධාතිස්ස (ශ‍්‍රද්ධා සම්පන්න තිස්ස) වුණු එයාගෙ මල්ලි එක්කත් යුද්ධ කරනවා. ධාර්මික පාලකයෙක් වුණු එළාරව යුද්ධ කරලා මරනවා. ඒ පිස්සු යුද්ධ හින්ද ජීවිත තොග පිටින් විනාස කරනවා. ඒ ඔක්කොම කරලා එයා ඒ පව් බරෙන් මිදෙන්න ලොකුම ලොකු චෛත්‍යයක් හදනවා. ඒ පව්කාර ආත්මය මතු මෛත‍්‍රී බුදුන් වෙනකල් බෞද්ධයො බලාගෙන ඉන්නවා.

මට රුවන්වැලි සෑයෙ ලොකුකමෙන් පේන්නේ දැවැන්ත පව්කඳක්. ඒත් මේ දුෂ්ටත්වය සහ බුද්ධත්වය අතර සිංහල බෞද්ධයන් විසින් ගොඩනගාගෙන තියෙන සම්බන්ධය ප‍්‍රචණ්ඩ එකක්. මේ සම්බන්දෙ තමයි උතුරෙ දෙමළ මිනිස්සු මැරුවෙ. මේ සම්බන්දෙ තමයි බොබසෙන් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරන්නෙ. රුවන්වැලි සෑයටත් අපිට ඇතුල් වෙන්න දුන්නෙ නෑ. මං තෝරපු අසංවර ඇඳුම හින්ද අපි දෙන්නට ආයිමත් පඩිපෙළේ ඉඳන් ඉන්න වුණා.

රුවන්වැලි සෑය, ශ‍්‍රී මහා බෝධිය කියන්නෙ කොහොමත් ආධ්‍යාත්මික අගයකට වඩා රාජ්‍ය අගයන් මුල්බැහැගත්තු තැන්. ආධ්‍යාත්මික වටිනාකම් කියන්නෙ ඇතුලෙන් සිද්ද වෙන ගවේෂණයක්, තේරුම් ගැනීමක් වෙද්දි මේ වගේ සිද්ධස්ථාන එක්ක තියෙන්නෙ පිටට පෙන්නන සාටෝප අගයන්. ඒත් අපි ජාතියක් හැටියටම මේ සදාචාරය කියන එක වාරණය හෝ තහංචිය එක්ක ගැටගහගෙන තාමත් ජීවත් වෙනවද කියන එක ටිකක් බරපතල කාරණයක්. නීට්ෂෙ කියන විදිහට සමූහ සදාචාරය කියන්නෙම පුද්ගලික නිදහස අවතක්සේරු කිරීමක්. දුර්වල බාල ගෝත‍්‍රික එකමුතුවක් වෙනුවෙන් පැවැත්ම මූලික සැබෑ සදාචාරයට විලංගු දැමීමක්. ඒත් ශිෂ්ටාචාරයන් ප‍්‍රජාවන් දියුණු වෙද්දි මේ තේරුම් ගැනීම් වෙනස් වෙනවා. උදා විදිහට ස්කැන්ඩිනේවියානු රටවල් විශේෂයෙන් නෝර්වේ, හොලන්ඞ් වගේ රටවල සාමූහික සදාචාරය ක‍්‍රියාත්මක වෙන්නෙ පුද්ගල නිදහස අත්පත් කර දීම වෙනුවෙන්. වඩ වඩාත් පැවැත්ම මූලික තනි සදාචාර අගයන් පිළිගන්නා තැනකට සමාජය අරන් යන්න ඒ සාමූහික සදාචාරය ඇතුලෙ කතිකා ගොඩනැගෙනවා. ඒත් අපි යන්නෙ විරුද්ද අතට.

සත්‍යජිත් මාඉටිපෙ බොර දිය පොකුණ චිත‍්‍රපටිය කරලා දැන් අවුරුදු 7ටත් වැඩියි මගෙ හිතේ. මුලින් ලංකාවෙ වාරණ මණ්ඩලය මේක හිර කරගෙන හිටියා බෞද්ධාගමික සංකල්ප වලට හානියක් වෙනවා කියල. චිත‍්‍රපටියකින් ආගමකට හානි කරනවා කියල කියන එකම ආගමකට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නෙ. ආගම ආධ්‍යාත්මික පුහුණුවක් නම් මේ එක චිත‍්‍රපටියක් හින්ද ඒ සංකල්ප හානි වෙනවා කියන්නෙ ඒආගම ඉතා දුර්වල බොළඳ අවධියක් පසු කරනවා කියන එකයි. කොහොම වුණත් වාරණ මණ්ඩලෙන් අසංවර කෑලි කපලා රෙදි අන්දලා බොර දිය පොකුණ පෙන්නන්න අවසර දුන්නා. ඊට පස්සෙ මෑතක ඒක  ඕස්ටේ‍්‍රලියාවෙ ප‍්‍රදර්ශනයකට ගියා. ඒ කියන්නෙ  ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත් වෙන අපේ කට්ටිය ඒක එහේ පෙන්නන්න සංවිධානය කළා. එතනදි ඒ සංවිධායකයො එහෙදි ආයිමත් ඒකෙ කෑලි කපනවා. වාරණ මණ්ඩලයට පස්සෙත් තව තව අනු වාරණ මණ්ඩල විසින් ඒ ඒ අයගෙ සදාචාර සීමා අනුව ඒ වගේ කප්පාදු කිරීම් කරනවා. කොටින්ම ඔස්ටේ‍්‍රලියාවෙදි ලංකාවෙ වාරණ මණ්ඩලයට වඩා තදට මේ සදාචාර සීමාව බලපානවා.

කපන එකෙන් සදාචාරය රකින මේ පිළිවෙත බුදුන් වදාල ධර්මයට වඩා කිට්ටු වෙන්නෙ මුස්ලිම් සදාචාර නීතියට. මේ වෙද්දි අපි මුස්ලිම් අය එක්ක පැටළෙන සංස්කෘතික අවුලෙ හේතුව තියෙන්නෙත් මෙතන. සිංහල බෞද්ධ සංස්කෘතික සදාචාර සීමාවන් සහ මුස්ලිම් සදාචාර සීමාවන් අතර තියෙන ළ`ග වැඩි කම. මේ හින්දම වැඩිපුර ළමයි හැදීම, සදාචාර තහංචි, හම නොපෙනෙන්න ඇඳුම් ඇඳීම වගේ මතුපිට සදාචාර අගයන් සිංහල මුස්ලිම් දෙකොටසම එක වගේ බෙදා හදා ගන්නවා. ඒවා සමාජ සීමාවලින් එලියට ගිහින් ආධ්‍යාත්මික සීමාවන් දක්වාම පැතිරිලත් තියෙනවා. ආගම් දෙකක් වුණත් අපි පුරුදු පුහුණු කරන්නෙ එකම සදාචාර ශික්ෂණයක් නේද කියල මට රුවන්වැලි සෑ පාමුලදි හිතුණ.

මට දෙවෙනි වතාවටත් බුදුන් ගැන ලොකු දුකක් ඉපදුණා.

-චින්තන ධර්මදාස

Sunday, May 19, 2013

ආනන්ද, සර්පයා දුටුවාද? (තණ්හා රතී රගා ගැන කලින් වැඩි විචාරයක්)


අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත‍්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)

ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප‍්‍රත්‍යක්‍ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං කැමතියි ඒ වට වන්දනාවට. කතිකාවට. ඒකෙන් නිශ්චිත එක අදහසක් වෙනුවට අදහස් ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා. අනිත් අතට වෙනස් වෙනස් සංවාදයන් ගනනාවක් ඇසුරෙන් විවෘත අදහස් හුවමාරුවක් කරනවා මිසක් දාර්ශනිකයෙක් විදිහට සංගත අදහස් පද්ධතියක් ගොනු කරන්න  ඕනද කියල මට ෂුවර් නෑ. සිතීමක් විදිහට මේ බ්ලොග් ලිපි කියවන එක මගේ ලියමනට කරන සාධාරනයක් වෙයි සිතන්නෙක් විදිහට මාව අරගෙන කියවනවට වඩා. (මාව ගල් කරනවට වඩා)

උදා විදිහට බිල් බෲවර් ගේ අදහස් කියන්න මං බ්ලොග් ලිපිය වෙන් කරද්දි එන්ටර්ටේන්මන්ට් ගැන තුන්වෙනි අදහසක් යෝජනා කරනවා මිසක් මං එන්ටර්ටේන්මන්ට් වැරදියි කියන දෙවන අදහසට කොටු වෙන්න යෝජනා කරන්නෙ නෑ. මට දැනෙන අපේ කියවීමේ අවුල මේකයි. ඇ`ගිල්ල දිහා බලන් ඉන්නවා මිසක් ඇ`ගිල්ල දික් කරලා පෙන්නන දේ දිහා බලන්නෙ නෑ. කර්තෘ සෙවීමේ අවුල කියල මං ලිව්වෙ මේ ගැන.

මේ ඉස්සරහ කොටස මීට පස්සෙ ලියවෙන කොටස එක්ක සම්බන්ධයක් නෑ. මෙතනින් එහාට වෙනස් මාතෘකාවක්. ඒත් ඉස්සරින් කියෙව්වෙ ආරම්භයක්. අවසානයක් විදිහට.

නිලේන්ද්‍ර දේශප‍්‍රියගෙ ‘තණ්හා රතී රගා’ ගැන දැන්ම ලියන එක කොයි තරම් සාධාරණද කියල මං එහාට මෙහාට දදා කල්පනා කළා. ලොකුම හේතුව තාම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිය බලලා නැති එක. එහෙම තමන්ගෙ කියල අදහසක් නැති වෙලාවක අනුන්ගෙ අදහසක් තමන්ගෙ විදිහට පැලවෙන්න තියෙන අවදානම. ඒත් අනිත් අතට නිලේන්ද්‍ර චිත‍්‍රපටිය මාධ්‍ය වලට පෙන්නුවා (මාධ්‍ය සංවාදයක් වෙනුවෙන්) ඒ වෙලාවෙ ඒක නරඹපු කෙනෙක් විදිහට මට චිත‍්‍රපටිය ගැන හිතෙන දේවල් මේ හිතෙන වෙලාවෙ නොලිව්වොත් ඒ අදහස් පිළුණු වෙන්න ගන්නවා. මට ලියන්න නොහිතෙන්න පවා පුළුවන් තරමට ඒ අදහස් මගෙන් දුරස් වෙන්න හරි හම්බුවෙන උන් එක්ක කතා කරලා ඉවර වෙන්න හරි ඉඩ තියෙනවා.

ඒ චිත‍්‍රපටිය ලාංකේය සිනමාවෙ මාර තැනක් විදිහට සිනමා විදග්ධයන් කතා කරන්න ගත්තා. ගොඩක් වෙලාවට මූනිච්චාවට නෙමෙයි ඒ ඇත්තටම ඒ අයට හිතෙන විදිහ. මගේ යාබද සීට් වල අය ඒ ඒ අයගෙ කන්වලට ඒ විදිහෙ ඒවා කොඳුරනවා මට ඇහුණ. ඒ කෙබඳු මාර තැනක්දැයි විමසන්නයි මේ ලියමන ලියවෙන්නෙ.

හු`ගක් ලේසියෙන් ජාතකයක් හරි රජ කතාවක් හරි කරලා මහින්ද චින්තන චිත‍්‍රපටි ධාරාවෙ (ජාතික තලයෙ) ප‍්‍රබල තැනක් ගන්නත් ලේසියෙන්ම විකුණගන්නත් තිබුණු අවස්ථාව නොතකා හැරලා මේ වගේ අවදානම් තේමාවකට අත තියපු එක අගය කළ යුතු උත්සාහයක්. ඒ වගේම ලංකාවෙ යුද්දෙ දින්නට පස්සෙ ජනතාව කිරිබත් කාපු ඒ ‘අසිරිමත්’ දර්ශනය පළවෙනි වතාවට සිනමාවෙන් අපි දකින්නෙ මේ චිත‍්‍රපටිය ඇතුලෙ. ඒක හරි ප‍්‍රබල ආරම්භයක් චිත‍්‍රපටියකට.

මේ කතාව තිරිමාදුර සහ සරත් කොතලාවල අතින් ලියවෙනවා කියන ආරංචිය අහපු ගමන් මට හිතුන ඇත්ත හිතුවිල්ල වුනේ ‘අනිවාර්යෙන්ම පට්ට ස්ක්රිප්ට් එකක් වෙයි’ කියල. ජීවිතේ ජෝක් කරමින් ජීවත් වෙන එක ඇතුලෙ ගැඹුරු මොනවා හරි අත්දැකීම් ටිකක් තිරය උඩට එයි කියල පූර්ව විශ්වාසයක් මට තිබුණ. ඒත් මං වැරදියි. ටිකක් නැගලා යන ආකෘතියක් වගේ දෙයක් අහුවුනාට චිත‍්‍රපටියෙදි ජීවිතේ ගැඹුරට කැපෙන තැන් හොඳටම මගඇරිලා තිබුණ. සමහර වෙලාවට දුක හිතෙන තරමට.
කලින් කිව්වා වගේ චිත‍්‍රපටියෙ ආරම්භය ප‍්‍රබලයි. එතැනින් අඳුරගන්න චරිත කීපයක් හරහා අපි කතාවට බහිනවා. යුද්දෙ දිනපු විනෝදයට යාපනේ යන්න කතා වෙන තරුණයො තුන් දෙනෙක්. ත‍්‍රීවීල් එකක යාපනේ යන ගමන රෝඞ් මූවි එකක් වගේ පටන් ගන්නවා.

අපිට කන පැලෙන්න ඇහෙන්න ගන්නවා ‘සල්ලි පොකුරු මිල්ලෙ අහුරු’ ඬේමියන් ගෙ සිංදුව. මේ සිංදුව මෙතන පාවිච්චි වෙන එක ලොකු ෆේලියර් එකක්. බූඩිගෙ මිල්ලෙ සොයා ෆිල්ම් එකත් එක්ක පට්ට හිට් එකක් වෙලා ඒ ෆිල්ම් එකේ මෝගෝ එකක් (මියුසිකල් ලෝගෝ) එකක් වගේ වුණු මේ සිංදුව පාවිච්චි කරන එකෙන් මට ෆිල්ම් එකට කකුල් දෙක පොලොවෙ ගහලා හිටගන්න බැරි කරනවා.

මේ විනෝද ගමන අතරෙ දියාරු විදිහට ආදර හුටපටයක් පැටලෙනවා. ඒ කිතියෙන් කකුලෙ මහපටැගිල්ලෙන් පොලොව හාරද්දි කොටි වළලපු පිස්තෝලයක් මතු වෙනවා. මේ පිස්තෝලෙ එක්ක සයිමන්ගෙ සර්පයාත් ඉන්නවා. ඌ කිසි තේරුමක් නැතුව චිත‍්‍රපටිය පුරාම ඇදෙනවා. මේ සංකේත පාවිච්චිය නම් මාර ගොඬේ.

මේක ෆිල්ම් එකකට හොඳ ඉන්සයිටින් ඉන්සිඩනට් එකක්. යාපනේ තාමත් වළලපු තුවක්කු ඇති. චූන් එකේ ඉන්න වෙලාවක ඒ බිහිසුණු අතීතෙ නෂ්ටාවෂේශ කකුල් ගාව මතු වෙන්න පුළුවන්. ඒත් පිටකොටුවෙ ගුණසිංහපුරේ ඉන්න කුලී වැඩ කරන මිනිහෙක්, ත‍්‍රීවීල්කාරයෙක් සහ මදාවි යුනිවර්සිටිකාරයෙක්ට පිස්තෝලයක් කොයි තරං ලොකු වෙයිද කියන එක මට ගැටළුවක්. මං දන්න ගුණසිංහපුරේ අවුරුදු දොළහ දාසය වෙද්දි කොල්ලො පිස්තෝල අතගානවා (යුද්දෙන් පස්සෙ පුනරුත්ථාපනය වූ ගුණසිංහපුරයක් එහෙම තියෙනවද කියල මං දන්නෙ නෑ) ඒක වටේ ඊට පස්සෙ ගෙතෙන ආතතිය පිටකොටුව දන්න පේ‍්‍රක්‍ෂකයෙකුට ටිකක් පිළිගන්න අමාරුයි.

මේ චිත‍්‍රපටිය බලන කෙනෙක් අනිවාර්යෙන්ම රාජ් නිදිමොරු අධ්‍යක්‍ෂණය කරපු ‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එකත් බලන්න කියලා මං යෝජනා කරනවා. ඒකෙත් පාදඩකරණයට ආසන්නව ගතවෙන යාලූවො තුන්දෙනෙකුගෙ ජීවිත ආයුධ මල්ලක් හින්ද වෙනස් වෙන හැටි  තේමා වෙනවා. ඒත් ‘ෂෝර් ඉන් ද සිටි’ වල ජීවිතේ ඇතුලට කැපෙන තැන් වෙනුවට තන්හා රතී රගා වලදි මුණගැහෙන්නෙ බොළඳ රොමැන්ටික් අත්දැකීම් (මතුපිට අතපත ගෑම්). ‘ගිනි අවියේ බිහිසුණු බව විසින් අපගේ අනාගත පරපුරත් බිලි ගනී’ වගේ ස්ටේට්මන්ට් එකකට එහා වියමන එලෙන්නෙ නෑ.

විශේෂයෙන් මේ චරිත වල ඇතූලතක් නෑ. පිටතක් විතරයි. ත‍්‍රීවීල්කාරයාගේ ත‍්‍රීවීල් ජීවිතය, කුලීකාරයාගෙ කුලී ජීවිතය සහ යුනිවර්සිටි කියන කොල්ලාගේ (ඒ චරිතෙ කිසිම එහෙම ගතියක් නෑ) යුනිවර්සිටි ජීවිතය වෙනුවට අපි දකින්නෙ නිකංම මැද පංතියෙ ඉඳන් එලිය බැලූවම පේන සමතල චිත‍්‍රයක් විතරයි. චිත‍්‍රපටියෙ කතා කරන ගුණසිංහපුරේ ගෙවල් දොරවල් වටපිටාව විතරයි වෙනස්. ජීවිත ඇතුලෙ ඒ වගේ අයිඩෙන්ටිටි එකක් නෑ.

‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එක බැලූවොත් මේ එකම සරල මතුපිට කතාව ඒකෙ  තල ගණනාවක් දක්වා අතුරනවා. ඒක ලේයර්ඞ් චිත‍්‍රපටියක්. තන්හා රතී රගා ඒ සරල මතුපිට කතාවත් ගොතා ගන්නෙ හරිම දුර්වල විදිහට. ඒ කතාවෙ අතුරු කතා විදිහට දිගඇරෙන සිද්දි නිකං එල්ලලා තියෙනවා විතරයි. ඒ ආදර සම්බන්ද, නෑදෑ ආරවුල් ගැන අපිව ගෙනියන්නෙ  ප‍්‍රවෘත්තියක දුරට විතරයි. ඒවා අත්දැකීම් වෙන්න තරමට මෝරන්නෙ නෑ. සුලබ සීමාවක් ඇතුලෙ (සමජාතීය) මේ ජීවිත ගනුදෙනු එහා මෙහා වෙනවා විතරයි.

ඒ වගේම සමහර සිද්ධි ගොඩනැගීම් හරිම ළාබාලයි. උදා විදිහට වෘත්තියක් විදිහට ගුනසිංහපුරේ ත‍්‍රීවීල් දුවන කෙනෙක් යාපනේ ගිහින් තමන්ගේ ත‍්‍රීවිලරය පැට‍්‍රල් නැතුව නවතින කල්ම හාංකවිසියක් නොදැන සිටීම, තව තැනක හමුදා ට‍්‍රක් එකක් සොල්දාදුවන් පුරෝගෙන එද්දි ඒ තමන්ගෙ පිස්තෝලෙ අල්ලන්න කියලා හිතලා කැම්පස් ගැටයා සහ ත‍්‍රීවීල්කරුවා බෝම්බ වැළලූ බිම් පවා නොතකා දිවීම (මෙතන හමුදා චරිත හැසිරෙන විදිහ පවා හරිම කාඞ්බෝඞ්) වගේ සිද්දි වැලක් කියාගෙන යන්න පුළුවන්.

මේ වගේ තේරුමක් නැති කලාප වල බොළඳ හරඹ කරමින් යන එක ඇතුලෙ ටික වෙලාවකින් මට දැණුනෙ ලොකු වෙහෙසක්. චිත‍්‍රපටිය ඉවර වෙන්න  ඕන තැනත් පහු කරගෙන ඔහේ දිගට ඇදි ඇදී යනවා. අන්තිමට කිසි තේරුමක් නැතුව ස්වර්ණා මල්ලවාරච්චි නැවත තිරයට ගෙන ඒම වගේ උවමනාවක් වෙනුවෙන් දර්ශන පේලියක්ම ගෙතෙනවා. චිත‍්‍රපටිය ඉවර වෙද්දි ඉතුරු වෙන්නෙ ලොකු හිස්කමක්. අවුරුදු පනහ පහුවෙනකල් හිර කරගෙන හිටපු (පරිණත කරපු)තමන්ගේ සිනමා ආශාව නිලේන්ද්‍ර එලියට දාලා තියෙන හැටි ගැන මං තෘප්තිමත් නෑ.

තිරිමාදුරගෙයි සරත් කොතලාවලගෙයි රංගනයෙත් ෆ්ලැට්ම තැන් සලකුණු වෙන්නෙ මේ ප‍්‍රධාන චරිත ඇතුලෙ කියලයි මට හිතෙන්නෙ. හරිම කුඩා අතුරු චරිතයක් කරන ප‍්‍රියන්ත සිරිකුමාර ඒ සොල්දාදු චරිතෙට ලොකු ගැඹුරක් ඒ පොඩි වෙලාවෙදි එකතු කරනවා. කාජල් ගේ පිංතූරය දිගේ ඇ`ගිල්ල පහලට අරගෙන එන අතරෙ දරන නිහැ`ඩියාව කෙලවරේ ‘කාජල්’ කියල විතරක් කියන එක ගල් තොප්පියට යටින් ඒ ඔලූව ඇතුලෙ හිරවෙච්ච ‘පර්වර්ට්’ ගොඩක් දේවල් එලියට දානවා. විශේෂයෙන් ප‍්‍රියන්තගෙ ර`ගපෑම ගැන ලියන්න හේතුව මේ ක්ලැසික් විපරීත මනස එලියට ගේන වෙන කිසි නළුවෙක් මට ලංකාවෙ මුණගැහිලා නැති නිසා.
ඒත් නිලේන්ද්‍ර මේ චිත‍්‍රපටියෙදි පාවිච්චි කරන රූප රාමු ශෛලිය ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරයට අවංකයි.

ලේසියෙන් විකිණෙන රාජ්‍ය චිත‍්‍රපටි එක්ක පෙලට හිටගැනීම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් නිලේන්ද්‍ර සම්මාන සිනමාව වෙනුවෙන් පාවිච්චි වෙන ගල්ගැහුණු, හිරි වැටුණු රූප රාමු කලාවෙනුත් වෙන් වෙනවා. පණ්ඩිත කැමරාවක් වෙනුවට ජීවිතේ එක්ක සමගාමීව ළ`ගින් හිටගන්න කැමරාවක් නිලේන්ද්‍ර පාවිච්චි කරන්නෙ. ඒ රූපරාමු අපි දිහා එලියෙ ඉඳන් බලන රූප රාමු නෙමෙයි. ඒවා කතා කරන්නෙ අපිට. පිටරටට වෙනුවට ආපහු ලංකාවට. ඒ පැත්තෙන් ධනුෂ්කගෙ කැමරාව හොඳ දැනුවත් භාවිතාවක යෙදෙනවා කියලා මට හිතුනෙ. ඒත් සමහර වෙලාවලදි පාවිච්චි වෙන වයිඞ් ඈන්ගල් ලෙන්ස් එක ඒ ප‍්‍රබල බව යම්තාක් දුර්වල කරනවා. ඒ වගේම සිද්ධීන් වලදි පරිසරය තේරුම් ගන්න ප‍්‍රමාණවත් රූප රාමු ගොඩනැංවීමක් නොකරන හින්ද සමහර විටක ආතපාත නැති ගතියක් දැනෙන්න ගන්නවා.

චිත‍්‍රපටියෙන් තුනෙන් එකක් විතර දුවන්නෙ දෙරන ප‍්‍රවෘත්ති උඩ. දිල්කා සමන්මලිත් චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිතයක් වෙනවා නිකංම. ඒක නිලේන්ද්‍ර තමන්ගෙ පුද්ගලික ඇයි හොඳයිය නිසා වැඩිපුර සලකන්න  ගිහින් ඇණගත්ත තැනක් කියල මට හිතෙන්නෙ. වෙනස් වෙනස් ප‍්‍රවෘත්ති මාධ්‍ය, රේඩියෝ, පුවත්පත් ආදිය පාවිච්චි කරමින් ලොකු සමාජ පරාසයක් අලූතෙන් එකතු කරන්න තිබුණු ඉඩ මෙතනදි ඇකිලෙනවා. අපරාදෙ.

සංගීතය චිත‍්‍රපටියට කරන්නෙ ලොකු හානියක්. චිත‍්‍රපටියෙ කතාවට, රූප පෙළට කිසිම සම්බන්ධයක් නැති පරාරෝපිත පියානෝවක සද්දෙන් නිලේන්ද්‍ර කියන්න යන්නෙ මොකක්ද කියල මට තේරුම් ගන්න බැරි වුණා. කොටින්ම ඒක වාතයක් වුණා. අමරෝස් පෙරෝස් ඇතුලෙ කිසලොව්ස්කිගෙ තීම් එකක් ඇහෙනවා වගේ ඊට වඩා සරලව කිව්වොත් තක්කාලියි බෝල්ට් ඇණයි ගතියක් තමයි සංගීතෙන් එකතු කරලා තිබුණෙ.
චිත‍්‍රපටිය ගැන ගොඩක් අය කතා කළා. පුටු උඩ එක එක්කෙනාගෙ කණට කොඳුරපු  අය හු`ගදෙනෙක් එක කමෙන්ට් එකක් දුන්නා. ‘බැලන්ස් චිත‍්‍රපටියක්’. මේකෙන් ඒ අය අදහස් කළේ මොකක් වුණත් මට දැනෙන විදිහට බැලන්ස් එකම තමයි අවුල. චිත‍්‍රපටියක් බැලන්ස් නැති වෙන එකයි ලස්සන. නැත්තං කිරලා මැනලා හදපු තෝසයක් වගේ අච්චු ගතියක් දැනෙන්න ගන්නවා. නිලේන්ද්‍ර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පුරුදු කරපු සංවිධානාත්මක බව සිනමාකරුවෙක් විදිහට ලොකු අවාසියක් සිද්ද කරනවා.

චිත‍්‍රපටිය ගැන ලොකු ලොකු විද්වත්තු කතා කළා. වැලිකතර කරපු ඞීබී නිහාල්සිංහ පවා ග්ලෝබල් ෆිල්ම් ඉනීෂියේටිව් ආයතනයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න ෆන්ඞ් එකක් අනුමත කරමින් එවපු සුබපැතුම් පණිවුඩය කියවමින් එතනදි කිව්වෙ මේක නං මාර විශිෂ්ට චිත‍්‍රපටියක් කියල. මං ගොඩක් ගරු කරන සරසවියෙ අරුණ ගුනරත්න හැමෝටම ඉස්සර වෙමින් විචාරයක් ලිව්වෙ මෙහෙම.

‘‘කාගේ වුනත් චිත‍්‍රපටයක් මූනිච්චාවට හොඳයි කියන සිරිතක් මට නැහැ. ඒ පුරුද්ද හින්දා සමහරු මාත් එක්ක තරහ වෙලා තියෙනවා.ඒ ගැන දන්නා නිසා සමහරු මගෙන් තමන්ගේ චිත‍්‍රපටය ගැන අහන්නේ නැහැ.ඒත් නිලේ අහනවා. මම මෙහෙම නිලේන්ද්‍ර ට උත්තර දුන්නා
පට්ට ෆිල්ම් එක බං’’

ලංකාවෙ සිනමා විදග්ධයන්ගෙ චිත‍්‍රපටි ගැන තියෙන මේ සීමිත දැනීම (සීමිත දැකීම විශේෂයෙන්) මාව ගොඩක් බය කරනවා. ඒ දැනීම හා කියවීම ඇතුලෙ මෙතනින් එහා යන චිත‍්‍රපටියක් හැදෙන්නෙ නෑ. ඒ චිත‍්‍රපටි ඇතුලෙන් කරන ජීවිත අත්දැකීම් හුවමාරුව සහ පරිණත බව ගැන දැක්මක් අවාසනාවන්ත විදිහට මග ඇරෙනවා. නිලේන්ද්‍රගෙ චිත‍්‍රපටියෙ හොඳ ලක්ෂණ තියෙනවා. ඒ වගේම සිනමාත්මක සිතීමේදී පොදුවෙ රටක් හැටියට අපි පෙළෙන දුර්වලතා ගෝනි පිටින් මේකෙ තියෙනවා. වෙනස් වෙනස් ජීවිත කලාපයන් සහ විස්තර ගැන අන්ධභාවය එතනදි ලොකුම අඩුවක්. සිනමා දැනුවත්තු මේ ගැන ලියන කියන දේවලින් මාව නැවත නැවතත් තිගැස්සෙන්නෙ මේ ජීවිතාන්ධභාවය ඒ අයත් ඒකමතිකව බෙදාහදාගන්නා නිසා.

නිලේන්ද්‍ර වගේ චරිතයක් ආයිමත් සිනමාවට එකතු වෙන එක හොඳ තත්වයක්. විශේෂයෙන්ම මහින්ද චින්තන සිනමාවට විකල්පව කර්මාන්තයක් විදිහට සිනමා සම්බන්ධතා යලි ගොඩනැගීම පැත්තෙන් (මාධ්‍ය ප‍්‍රදර්ශනයේදී පවා මේ ශක්‍යතාවය පේන්න තිබුණ). ඒත් ඒ ව්‍යවසායකත්වයට අදාල කාරණා කෘතියට බාහිරින් නොතිබී කෘතිය ඇතුලට ප‍්‍රවේශ වීමෙන් කෘතිය දුර්වල කරනවා.

ඒ කොහොම වුණත් සිනමාව ගැන සීමිත විචාරයකින් සිද්ද වෙන්නෙ කඳක් විදිහට වැඩුණත් සිනමාවට ඔලූවක් නැති කරන එක විතරයි.

-චින්තන ධර්මදාස

Sunday, May 12, 2013

විනෝද සාගරයක් රස ආකරයක්



මගේ බ්ලොග් එකේ ලිපි වලට කියවන අය කරන කමෙන්ට් ගැන මං මොකුත් නොකියන එක කියවන අයට ලොකු අවුලක් වෙලා. කොටින්ම දැන් කියවන කවුරුවත් කමෙන්ට් කරන්නෙ නෑ. අපි සයිබර් ගනුදෙනු පටන් ගත්තත් තාම කර්තෘත්වය හොයන අර්බුදෙන් එලියට ඇවිත් නෑ කියලයි මට හිතෙන්නෙ. මාගලක් විතර දිගට අදහස් ලියැවිල්ලක් කරල කමෙන්ට් ඉඩත් ආයිමත් පාවිච්චි කරන එක එච්චර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නෑ වගේ එකක් මගේ පුද්ගලික අදහස. ඊට වඩා ඒ අදහස් ගැන කියවන අය අතර සංවාදයක් ඇති වෙන එකයි වෙන්න  ඕන. මගේ ලියමන ඒ සංවාදයට ආරම්භයක් දෙනවා විතරයි. නැවත නැවත කර්තෘම හොයමින් ඒ කර්තෘගෙ පුද්ගලික සීමා ලකුණු කරමින් කරන්න යන සංවාදය අනාගතවාදී වෙන්නෙ නෑ. ඒක ආයිමත් මුල පැත්තට හැරෙන එකක්. තාම අපි බ්ලොග් වල කරන්නෙ පත්තරවල කරපු එකමයි. තමන්ගෙ අදහසක් එක්ක හැමෝටම ඉඩ තියෙන සංවාදෙකට මුල පුරනවා වෙනුවට ලියපු එකාම හොයාගෙන යන එක. මගේ ලියමන් ගැන මං ආයිමත් නොකියන්නෙ මං පරම වූ යමක් නොකියන නිසා. යම් මානයකින් යම් අදහසක් ගේනවා විතරක් නිසා. මගේ අදහස විවේචනය කරන හෝ ඊට වෙනස් විදිහෙන් යෝජනා වෙන අදහස් ගැන මට තියෙන්නෙ ප‍්‍රතිචාරයක් නෙමෙයි. මං මගේ අදහස වගේම ඒ අදහස් අලූතෙන් කියවන්නෙක් වෙනවා. යෝජනා වෙන වෙනස් මානයන් තිබුණොත් ඒ ගැන අලූතෙන් හිතනවා. ඒත් එහෙම වෙන්නෙ කලාතුරකින්.

මංම කලින් කියපු අදහසකට ප‍්‍රතිවිරුද්ධවයි අද මගේ ලියවිල්ල ලියවෙන්නෙ. එක විදිහකට ඒක මං කලින් කියපු දේම ආයිමත් ඛන්ඩනය කිරීමක්. ලංකාවෙ ලියන කියවන කට්ටිය කරන්න බයම වැඩක් මේක. කෙරුවත් එහෙම නෙමෙයි කියන්න ද`ගදාන වැඩක්. තමන්ගේ අදහස් සංගත ඒකමිතික නිශ්චිත හැඩයක පවත්වාගනිමින් ස්ථාවර පෞර්ෂයක් ගොඩනගන්නයි ‘බුද්ධිමය’ කට්ටිය මහන්සි වෙන්නෙ. ඒත් මං අදහසක් සහ සිතීමක් විතරයි. ඒ සියල්ල වෙනස් වීමට ඛණ්ඩනය වීමට සහ වෙන විදිහකින් කිව්වොත් තව දුරටත් වර්ධනය වීමට නියමිතයි.

එක්තරා සිනමාව ගැන සංවාදයක් මැද්දෙ මං කිව්වා ‘සිනමාව හෝ කලාව අත්‍යාවශ්‍යයෙන්ම එන්ටර්ටේනින් ‘විනෝදාස්වාදී’ විය යුතුයි කියල. ඒ අදහස මේ ලියමන හරහා විනෝදාස්වාදයේ සිට ‘ජීවිතය සුබවාදීව පිළිගන්නා’ (ලයිෆ් ඇෆර්මේටිව්) තැනක් දක්වා වෙනස් වෙනවා. සිනමාව හෝ කලාව විතරක් නෙමෙයි ජීවිතය පවා මේ විනෝදයෙන් ඉවත් වෙන්න  ඕන. විනෝදය වෙනුවට සතුට සමාජයෙන් යෝජනා වෙන්න  ඕන.

ඇත්තටම විනෝදය කියන්නෙ මොකක්ද? විනෝදය කියන්නෙ අපි දුකෙන් ඉන්න කොට මුදලට ගන්න පුළුවන් තාවකාලික ත‍්‍රිලකට. අපි දවසෙ පැය ගානක් වැඩ කරලා ඉවර වෙද්දි ආයිමත් වෙන කිසි දෙයක් හිතන්න අපිට එනර්ජි ඉතුරු නෑ. ( මේ කාරණය රජයේ සේවකයන්ට ඒ තරම් අදාල නෑ) ? ටීවී එක ඉස්සරහ මොළය නොවැඩුණු ලොකු ශරීරයක් විතරක් වගේ රූප මාරු වෙනවා බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ. ඉතාමත් සරල බිංදුවේ මනසකට ගැලපෙන දේවල් විතරක්ම විනෝදය විදිහට අළෙවි වෙන්නෙ මේ යතාර්ථය හින්ද. පද්ධතියේ පීඩනය, ජීවිතය අහිමි වීම විශාල වෙන තරමට විනෝදය අළෙවි වෙනවා. ලාබ ත‍්‍රිල් වලට මාර්කට් එක ලොකු වෙනවා.

විනෝදය කියන්නෙ අපිට අහිමි සතුට. බර වැඩ කරන මිනිස්සු හවසට ගල් කාල ගහනවා වගේ අපේ චාටර් ජීවිතය පහුවෙනි දවසටත් අරගෙන යන්න අපිට  ඕන වෙන්නෙ විනෝදය. විනෝදය සහ සතුට අතරෙ වෙනස සරලයි. විනෝදය කෘතිමයි. ඒක ප්‍රොඩක්ට් එකක්  හරියට ෆාස්ට් ෆුඞ් වගේ. ජීවිතයේ සතුට අහිමි වීමෙන් එන කාංසියට ප්ලාස්ටර් විදිහට අපි පාවිච්චි කරන  ඕන දෙයක් විනෝද කැටගරියට වැටෙනවා.ඒත් සතුටට ඊට වඩා ගැඹුරක්  ඕන.

 ජීවිතේ බෝරිං වෙලාවට අපි ටි‍්‍රප් එකක් යනවා. යන ගමන් සිංදු කියල, වැව් මාළු කාලා දවසෙන් දෙකෙන් අතපහු වුණු ගොඩක් මානසික එරියස් පියවගන්න ට‍්‍රයි කරනවා. ඒ විනෝදය. ඒත් සතුට මේ විදිහෙ ඩ‍්‍රැමටික් වෙනස්කම් ඉල්ලා සිටින්නෙ නෑ. ඒ වෙනුවට සතුට ගනුදෙනු කරන්නෙ පැවැත්මත් එක්ක.

ඬේවිඞ් ලින්ච් තමන් සිටින පළාතෙන් පිට සංචාර වලට අකමැති, එකම හෝටලේක එකම තැනක ඉඳගෙන එකම කෑම කන මනුස්සයෙක් විදිහට ප‍්‍රසිද්ධයි. එයාට වෙනසක් ඇතුලෙ විනෝදයක්  ඕන කරන්නෙ නෑ. ඒ වෙනුවට එයාගෙ ජීවිතේ ගැඹුරු තැනකින් එයා සතුට අත්විඳිනවා. හොලිවුඞ් ෆිල්ම් එකක් වගේ ලොකු ක‍්‍රියාදාම ජීවිතයක්  ඕන වෙන්නෙ ජීවිතය ඉවර වෙච්ච අයට.

මේක ආර්ට් ඇතුලට එද්දි කොහොමද? ආර්ට් කියන්නෙ එන්ටර්ටේන්මන්ට් නෙමෙයිද?
ඉස්තෙපාන් ඒක හු`ගක් හොඳට පැහැදිලි කළා.

‘මචං ආර්ට් එකක් කියන්නෙ සෙල්ෆ් (ස්වයං) එක්ස්ප්‍රෙෂන් එකක්. ඒකෙ ජෝක් තියෙන්න පුළුවන්, නැටුම් තියෙන්න පුළුවන්. ඒවා නොතිබෙන්නත් පුළුවන්. ප‍්‍රශ්නයක් නෑ. ඒත් අනිත් අයට ආතල් දෙන්න විතරක් හදනවා නම් ඒක එන්ටර්ටේන්මන්ට්. එක්ස්පීරියන්ස් එකක් ෂෙයාර් වෙන්නෙ නැත්තං එතන ප්ලෙෂර් එකක් ක‍්‍රියේට් වෙන්නෙ නෑ. අපි නිකං හිනාවෙලා, අ`ඩලා එලියට එනවා’

මට හිතෙන විදිහට ලංකාවෙ නං එක්ස්ප්‍රෙෂන් කියලා හිතාගෙන කරන දේවල් වලත් තියෙන්නෙ විනෝදයම තමයි. ඒවා සමහර විට වෙන රටවල සම්මාන පේ‍්‍රක්‍ෂාගාරයක් එන්ටර්ටේන් කරන්න හදන ව්‍යාජ ආත්ම ප‍්‍රකාශන. ජීවිතේ ගැන මූසල චිත‍්‍ර මවන එක හරි ෆිල්ම් වල නම් එක ෆේ‍්‍රම් එක දිගම වෙලාවක් තියාගෙන ඉන්න එක ආර්ට් කියල හිතන එකෙන් ජීවිතය බෙදා ගැනීමක් වෙන්නෙ නෑ.

දර්ශනය පිළිබඳ ආචාර්යවරයෙක් වන බිල් බෲවර් විනෝදය සහ සතුට අතර වෙනස පැහැදිලි කරනවා.
”විනෝදය ශාරීරිකයි කියල කියන්න පුළුවන්. ඒත් සතුට කියන්නෙ ආධ්‍යාත්මික දෙයක්. ඔයාට විනෝද වෙන්න බෑ ඔයා ලෙඩින් නම්, ඔයාට හොඳටම මහන්සි නම්, ඔයාගෙ අතේ සල්ලි නැත්නම්. ඒත් සතුටට මේ සීමා අදාල වෙන්නෙ නෑ. ජීවිතේ ඉතාම දුක්ඛිත මොහොතක වෙන්න පුළුවන් ඔබට ගැඹුරුම සතුට මුණගැහෙන්නෙ.

ව්‍යායාම පිණිස සමහරු උදේට දුවනවා. මේක හරි අමාරු වැඩක් එක දිගට කරගෙන යන්න. ඒ මහන්සිය, අමාරුව, ඇතුලෙන් ඔවුන් යම් ගැඹුරු තෘප්තියක් අත්විඳිනවා. ඒක විනෝදය නෙමෙයි. වේදනාව ඇතුලෙන් එන වෙනස් තේරුමක් එක්ක ලැබෙන සතුටක්.

අපි කෑම කන විදිහ ගැන බලන්න. ඒ කෑම උයන්න, මේසෙට ගේන්න, කතා බහ කරමින් කෑම ගන්න, මේ හැම දේකම තියෙන පරිපූර්ණතාව අපිට මගඇරෙනවා. කෑම එක්ක ගත කරමින් කෑම කන එකේ සතුට වෙනුවට අපි අද අත්විඳින්නෙ වෙනස් වෙනස් කෑම ගොඩක් තෝරමින් හැකි ඉක්මණින් අනුභව කිරීමේ විනෝදය විතරයි. සතුට කියන්නෙ පිරීමක්. විනෝදය කියන්නෙම හිස්කමක්.

විනෝදය හරි අමුතු දෙයක්. විනෝදයට මිනී මරන්න වුණත් පුළුවන්. විනෝදයට වෙඩි තියන්න පුළුවන්. රෝමන් කාලෙ මිනිස්සු සිංහයන්ට කන්න දාලා රෝමන්කාරයො සතුටු වුණා. ඒත් සතුටට මිනි මරන්න කෙනෙකුට බෑ. සතුට කියන එක ඇතුලෙ යම් සදාචාරයක් ක‍්‍රියාත්මක වෙනවා. ඒත් අවාසනාවට අපේ වේගවත් ජීවන රටාවෙ සතුටකට ඉඩක් නෑ. ගෙවලා ගන්න විනෝදයකින් අපිට සෑහෙන්න වෙනවා. විනෝදය ඔබව තෘප්තිමත් කරන්නෙ නෑ. ඒ වෙනුවට නැවත නැවත අතෘප්තියට පත් කරනවා. ඒකෙන් මේ පද්ධතියෙ දැති  රෝද අවශ්‍ය විදිහට කැරකෙනවා.

මේ විනෝදය ඇතුලෙන් මාධ්‍ය අපේ ජීවිත පාලනය කරන්න පටන් ගන්නවා. විනෝදය ඇතුලෙ අපේ මානව සදාචාර අගයන් උඩුයටිකුරු කරනවා. මේකට කියන්නෙ ‘සාපරාධී මාධ්‍යකරණය’. මාධ්‍ය ඇතුලෙ විනෝදය පිණිස අලෙවි කරන මිනිමරුම්, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, දූෂණ කොයි තරම්ද? මේ වෙද්දි අපේ පවුල් ඇතුලෙ සදාචාරය පාලනය කරන්නෙ මෙගා ටෙලි නාට්‍ය වලින්.

මේ කෙලවරක් නැති විනෝද සයුර කියන්නෙ සමාජයට සුබ නිමිත්තක් නෙමෙයි. ආයිමත් සතුට හොයාගෙන යන්න මිනිස්සු පොළඹවනවා වෙනුවට මේ අර්ථයක් නැති හිස්කමක නැවත නැවත ගිල්වීම ශිෂ්ටාචාරයක් විදිහට අපිව වල්මත් කරනවා.

ආර්ට් ගැන වුනත් කියන්න තියෙන්නෙ එච්චරයි. ඒ ආර්ට් එකෙන් ඔබට යමක් වුණාද? ඔබට ලැබුණු හැමදේම කොකා කෝලා කප් එකයි පොප් කෝර්න් මල්ලයි වගේ ඒ පුටුව උඩම අත්ඇරලා අත් දෙක වන වන එලියට එනවා කියන්නෙ ඔබ හිස් විනෝදයක් වෙනුවෙන් පැය ගානක් නාස්ති කරලා. ඒත් එලියට එද්දි ඔබට ගෙදර අරන් යන වෙනසක් ඉතුරු වෙලා නම් එතන යම් ජීවිත ගනුදෙනුවක් සිද්ද වෙලා තියෙනවා. ආර්ට් එකක් වෙලා තියෙනවා.

විනෝදය තාවකාලිකයි. සතුට කියන්නෙ දිගු කල් පැවැත්මක්.

ඒ වගේම හොඳට බැලූවොත් පෙනේවි විනෝද වෙන්න නම් ඔබ යමක් කරන්නම  ඕන. ඒක ගොඩක් වෙලාවට මිළක් නියම වුණු ක‍්‍රියාවක්. ඒත් සතුටු වෙන්න ක‍්‍රියාවක් අවශ්‍ය නෑ. අපේ ස්වභාවික පැවැත්ම ම සතුට. ඒක මගඅරුණම දෙන එම්එස්ජී තමයි විනෝදය.

විනෝදය හැම තිස්සෙම අවසන් වෙන්නෙ වෙහෙසක්, හිස්බවක්, ඉච්ඡුාභංගත්වයක් එක්ක. ඒත් සතුට නිතරම ඔබව ඊට වඩා උසස් මානසිකත්වයකට අරන් යනවා. විනෝදය පිණිස ඔබ විනෝදයම හොයාගෙන යන්න  ඕන. ඒත් සතුටට එහෙම නිශ්චිත මාවතක් නෑ. ගොඩක් වෙලාවට සතුට වෙනත් දෙයක් නිසා ඉපදෙන යමක්. සතුට ලබන්න නම් සතුටට වඩා උසස් දෙයක් හොයාගෙන යන්න වෙනවා”

මේක ගොඩක් කාරණා එක්ක සම්බන්ධයි. මේ විනෝදශීලී සමාජයෙ අපි මනුස්ස සම්බන්ධතා ඇතුලෙත් හොයන්නෙ විනෝදය විතරයි. ආදරය පවා ෆේස්බුක් ආදිය එක්ක ඉන්ස්ටන්ට් විනෝද සාදකයකට එහා යන්නෙ නෑ. පැවැත්මේ ගැඹුර හොයන්නටම දෙසූ බුදුන්ගේ දහම පවා මුස්ලිම්කාරයෙකුට බිත්තරයක් ගහන විනෝදය ඉක්මවා යන්නෙ නෑ. ආණ්ඩුව වුණත් පාටියක් දාන්න යුනිට් පහක් දෙන විනෝද කතාවකට වැඩි යමක් කරන්නෙ නෑ.

මේක විනෝදයට එරෙහි යතාර්ථය හඹා යන දේශපාලන අරගලයක් වෙනුවෙන් යෝජනාවක් නෙමෙයි. නීට්ෂෙ හරියටම කියන විදිහට දේශපාලනය දුර්වල වෙද්දි විතරයි ජීවිතය නැත්තං සංස්කෘතිය විශාල වෙන්නෙ. වෙනස් විදිහකට කිව්වොත් ජීවිතය සහ දේශපාලනය අතර තියෙන්නෙ ප‍්‍රතිවිරුද්ද සම්බන්ධයක්. විනෝදය කියන්නෙම දේශපාලනික කාරණයක් වෙන අතරෙ ඊට ප‍්‍රතිවිරුද්ධ සතුට කියන්නෙ ජීවිතය සම්බන්ධ කාරණයක්. දේශපාලනයෙන් විනෝදය මිස සතුට ඇති කරන්න බෑ. ඒක කරන්න පුළුවන් සවිඥාණක පුද්ගල අභ්‍යාසයකින්ම විතරයි.

-චින්තන ධර්මදාස


Tuesday, May 7, 2013

එරෙහිව උඩු සුළං අහුරට


පරාගේ ‘කල්ට්’ එකට පනහ පිරුණ. චැනල් මාරු වුණත් පරා එක දිගට කරගෙන එන වැඩක තුන්වෙනි චැප්ටර් එක විදිහටයි කල්ට් ගන්න වෙන්නෙ. ආර්ට් එක, ඊට පස්සෙ ස්වරූපන, ඊළ`ගට කල්ට්. අපි ඇත්තටම කරන වැඬේ වෙන්නෙ අපිටත් නොදැනීම අපිත් එක වැඩෙන මේ වගේ වැඩ කියලයි මට හිතෙන්නෙ.

කල්ට් නම මේ ප්‍රෝග‍්‍රෑම් එකට දුන්නා කියලා මාව කියවන ගොඩක් අය එක එක විදිහෙ චෝදනා කළා. ඒත් පරාගෙ වැඬේට ඒ නම දෙන්න මං කැමති වුණා. එකක් කල්ට් කියන නම ප‍්‍රධාන ධාරවෙ චැනල් එකකට අරන් එන එකමත් මට ලොකු වැඩක්. මං පත්තරේ බ්ලොග් එකේ ලියන කල්ට් වලට වඩා පරා ගෙ කල්ට් එක වෙනස්. ඒත් ටීවී මාධ්‍ය ඇතුලෙ පරා කරන්නෙත් කල්ට් වැඩක්. කවදාවත් ටීවී සංවාදයක් ඇතුලෙ ඉඩ නොදෙන අදහස් ධාරාවකට පරා වේදිකාවක් හදනවා. ඒ අදහස් පුළුවන් තරමක් නොකපා ටීවී තිරය උඩට අතාරින්න ඌ ට‍්‍රයි කරනවා.

ලියන කියන එක වගේම ඒ ලියන කියන දේවල් එලියට ගේන්න ඉඩ හදන එක කියන්නෙත් වෙනම විෂයක්. මාධ්‍ය ඇතුලෙ ඒ වෙනස් අදහස් වෙනුවෙන් පොඩි හරි ඉඩක් හදන්න උන්ට කන්න වෙන කට්ට දන්න හින්දම මට උන් ගැන තියෙන්නෙ ආදරයක්. ගෞරවයක්.

පරාගෙ කියවීම් වල සීමා තියෙනවා. හු`ගක් රොමැන්ටික් වෙන එක ඇතුලෙ පරා වියමන දුර්වල කර ගන්නවා කියලයි මං දකින්නෙ. ආදරේ ගැන වගේම ආර්ට් ගැනත් රොමැන්ටික් වෙන එක බයානකයි.

මොනවා වුණත් පරා මේ ආර්ට් ගැන කරන ස`ගරාමය වැඩසටහනට රූපවාහිනී මාධ්‍යය ඇතුලෙ අනන්‍යතාවයක් තියෙනවා. කොයි ච ැනල් එකක කොයි ටයිට්ල් එකකින් වුණත් උගේ වැඬේ වෙනම අඳුරගන්න පුළුවන් භාවිතාවක් තියෙනවා. වෙනස් ප‍්‍රාග්ධන හිමියන් යටතේ වුනත් තමන්ගෙ එකම ආකෘතියක්, පොඩි වුණත් අතුරු ව්‍යවස්තාවක් පවත්වාගෙන එන්න පුළුවන් වීම පරාගේ සුවිශේෂයක්. පොඩි හෝ ලොකු ලැබෙන ඉඩ ඇතුලෙ ඌ තමන්ගෙ වැඬේ කළා.

නිදහස හෝ ප‍්‍රාග්ධනය හෝ මොනයම් කොන්දේසියක් හෝ ඉස්සරහට ගනිමින් චෝදනා කරනවා ඇරෙන්න වෙන කිසි විවෘත වීමක්, ව්‍යාප්ත වීමක් නොවෙන අපේ ආර්ට් කරන ගොඩක් දෙනෙකුට වඩා මේ සීමා ඇතුලෙ යන්තම් ෆුට් බෝඞ් එකේ ඉඳගෙන හරි තමන්ගෙ සිංදුව කියන උන් අතින් සමාජෙට වැඩක් වෙනවා කියල මං හිතන්නෙ. ඇහැලියගොඩින්, අම්පාරෙන් කිසි ඇඳුනුම්කමක් නැති අලූත් කොලූ ගැටව් කෝල් කර කර ෆිල්ම් හොයද්දි අපි දුර ඇවිදලා විත්තිය දැනෙනවා.

පරා, 50 කියන්නෙ අමුතු වයසක්. පරණ විදිහටම ගියොත් නාකි වෙනවා. අලූත් වුනොත් ආයිමත් තිරිහන් වෙනවා.

අද උදේ එන ගමන් කිරුළ අහගෙන ආවා. මං හිතන්නෙ අද කිරුළෙ අන්තිම දවසද කොහෙද. මුල පටන් ගත්ත තැන ඉඳන් ආවර්ජනයක් කරනවා මං අහගෙන. හිතුවත් වගේම කිරුළට වැඩි ආයුසක් තිබුණෙ නෑ. කණගාටුදායක කාරණේ වෙන්නෙ එහෙම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල තේරුමක් තියෙන ච ැනල් එකකට පැවැත්මක් අහිමි එක. අදහසක් නැතුව ඉබාගාතේ සිංදු කිය කිය මිනිස්සු දක්කන ච ැනල් අංක එකට යද්දි හිස් නැති හිස් කීපයක් හරි ඇති කියන විශ්වාසෙන් කරන චැනල් බිංදුවට යන එකෙනේ එලිවෙන රටේ යතාර්ථයක් තියෙනවා. අපි ජීවත් වෙන්නෙ පිස්සන්ට ගිය රටක. රටේ දේශපාලනය, මාධ්‍ය වගේම ජනතාවත් යලි යලිත් ඔප්පු කරන ඇත්ත ඒක.

මේ විදිහෙ වෙනස් අදහසක් ඇතුව කරන ව්‍යාපෘති ෆේල් වෙන්න මූලික හේතුව බුද්ධිමත් හෝ විකල්ප හෝ වෙනයම් අර්ථයක් ඇති වැඩක් කරමින් ඉන්නවා කියල සමාජගත වෙන පිරිස් ඇත්තටම හිස් බෙලෙක්ක වලට වැඩි යමක් නොවෙන එක. යම් අදහසක් හෝ වෙනසක් වෙනුවෙන් එකතු වෙද්දි ඒකෙ මාධ්‍ය අයිතිය, ප‍්‍රාග්ධනය, කන්‍යාභාවය වගේ තවත් දහසකුත් දේවල් හොය හොයා ඉන්න එකෙන් සහ දහසකුත් දේශපාලන කතා වලින් ප‍්‍රතිවිරෝධතා මතු කරන එකෙන් වෙන්නෙ එක සරල දෙයයි. ඒ පවතින මෝඩ සංස්කෘතික පරිසරය තිරසාර කිරීමම විතරයි. ලංකාවෙ කලා හෝ දේශපාලන හෝ බරපතල අදහස් නියෝජනය කරන ගොඩක් දෙනෙක් මේ අපරාදයට වග කියන්න  ඕන. ඇත්තටම ඒ ප‍්‍රබුද්ධ, දේශපාලනික, විකල්ප කියන සුළු අදහස් කණ්ඩායම් කියන්නෙත් වෙනම අනන්‍යතා වෙළඳ පොලක් වෙනුවෙන් පොරකන පිරිසක් විතරයි. ඒ අනන්‍යතාවය ලේසියෙන් සහ පහසුවෙන් පවත්වාගෙන යන්න පිටත විශාල මෝඩ අවකාශයක් පැවතීමේ වාසිය විතරයි ඒ පේමන්ට්කාර විකල්පයන් හොයන්නෙ.

අදහසක් වෙනුවෙන් එකතු වෙන්න, අලූත් පරාසයන් විවෘත කර ගන්න ලංකාවෙ අදහස් පිරිස් ලෑස්ති නෑ. ඒ වෙනුවට ආයිමත් ආයිමත් දූපත් විදිහට ජීවත් වීමේ ආරක්‍ෂාව ඒ අය ස්වයං වින්දනය කරනවා. ප‍්‍රාග්ධනයට හෝ ධනවාදයට විරුද්ධව කතා කරන පිරිස් ප‍්‍රාග්ධන හිමියන්ට හෝ ධනපතීන්ටත් වඩා මුදල ගැන උනන්දු වෙනවා. හැම සංස්කෘතික මිම්මක්ම එතනදි මැනෙන්නෙ මුදල් අයිතියෙන්.

කිරුළ පිළිගන්න අකමැති වුණු මේ විකල්ප දූපත් ජනතාවගේ අදහස් මට ඇහුණ. ප‍්‍රධාන ධාරාවට වඩා විකල්පය සිතීමක් විදිහටම සීමිතයි, මට හිතුණ. මොනවා වුණත් කිරුළ අදින් පස්සෙ නෑසී යාවි. ඒත් කිංග්ස්ලි උඹ හොඳ වැඩක් කළා. හෙට ආයිමත් අල ගෝනි වික්කත් අද කරපු හොඳ ඒකෙන් අවතක්සේරු වෙන්නෙ නෑ. විකල්පයක් නැති රටක විකල්පයක් වෙනුවෙන් චැනල් එකක් කරපු එක මකන්න බැරි රේඩියෝ සළකුණක් වේවි.

කිරුළ උඹට ආයිබෝවන් මචං. ආයිමත් පුළුවන් වුණු දවසක අපි මුණගැහෙමු.

චින්තන ධර්මදාස




Monday, May 6, 2013

ජීවිතය දේශපාලනයට වඩා විශාලය



ආයිමත් මැයි පළවෙනිදා දවසක්. පෙලපාලි යන්න පාට ඇඳුම් බෝඞ් අරන් දේශපාලනය කරන හැමෝම එක එක විදිහට පාරට බහිනවා. සටන් පාඨ කිය කිය පෙලපාලි යනවා. චාරිත‍්‍රයක් වගේ හැමදාම එක විදිහට රැුස්වීම් තියලා යටිගිරියෙන් කෑ ගහනවට වඩා තේරුමක් මේ දවසෙ තියෙනවද? වෙන විදිහකට කිව්වොත් කාට ඇහෙන්නද මේ කෑ ගහන්නෙ? කාගෙන්ද මේ ඉල්ලන්නෙ? මොනාද ඉල්ලන්නෙ? මට හිතෙන්නෙ මේ දවස වැඩ කරන ජනතාව වෙනුවෙන් නම් මේ නිවාඩු දවසට ඊට වඩා අදහසක් තියෙන්න  ඕන. වැඩ කරන එකෙන් මග ඇරෙන්නෙ ජීවිතය. අඩු වෙන්නෙ නෙමෙයි නැති වෙන්නෙ ජීවත් වෙන්න තියෙන වෙලාව. ඒත් වැඩ කරන ජනතාවගේ දවස කියලා පාරෙ පෙළට පෙලපාලි ගිහින් බෝඞ් උස්සන් ඉන්නකොට මට හිතුනෙ ඒ දවස අපරාදෙ කියල.

මැයි දිනය ආවෙ පැය අටක වැඩ කාලයක් වෙනුවෙන් අරගලයක් විදිහට. පැය අටක් වැඩ පැය අටක් විනෝදය පැය අටක් විවේකය. මැයි දවසෙ අරගලය වුනේ ඒක. ඒත් අපේ රටේ මැයි දවසෙදි කරන්නෙ ආන්ඩුවට ඇහෙන්න පිට්ටනි වල ඉඳන් යටිගිරියෙන් මොර දෙන එක. විහිළුම වැඬේ වෙන්නෙ මේ හැම පොඩි රැුලියකටම වඩා ලොකු නිල් රැුල්ලක් එක්ක මහින්දත් මැයි දවසෙ එලියට බහින එක. හැමෝම මොන මොනවා හරි කියල කෑ ගහනවා. මට දැනෙන විදිහට මේක කම්කරු දිනේකට වඩා මෝඩයන්ගෙ දිනයකට හරි කිට්ටුයි. කවුද කාටද කෑ ගහන්නෙ කියල හිතාගන්න බැරුව මං බලන් හිටියා.

මීට අවුරුදු කීපෙකට උඩදි එක මැයි පලවෙනිදාවක විතරක් වෙනස් මැයි රැුලියක් තිබුනා. ඒ එක්ස් එක කැඩිලා ගියාට පස්සෙ අවුරුද්දෙ මැයි. නුගේගොඩ එලිමහන් පිටියට පෙලපාලි වලින් කට්ටිය ආවා. ඒ ගොල්ලො අරන් ආවෙ මැරලින් මොන්රො, ජෝන් ලෙනන් වගේ අයගේ ලොකු පිංතූර. ඒ ගොල්ලො ආවෙ මගදිගට සිංදු කිය කිය. දෙපැත්තෙ බලන්න රැුස් වෙච්ච සෙන`ගට ඒ ගොල්ලො රතු රෝස මල් දුන්නා. එලිමහන් රංග පීඨෙ වේදිකාව උඩ කතා කාරයො විතරක් නෙමෙයි ඊට වඩා කලාකාරයො, සංගීතකාරයො පිරිලා හිටියා. කතා කොට වුනා. ඒ වෙනුවට කවදාවත් මාධ්‍ය වල නෑහෙන සිංදු වේදකාව උඩ කිව්වා. කංසා අයිතිය වෙනුවෙන් වෙනම කුටියක් හදලා තිබුන. ඒ කුටිය ඇතුලෙ  ඕන කෙනෙකුට ජොයින්ට් එකක් දාන්න පුළුවන් වුණා. දේශපාලනය වෙනුවට ජීවිතය බෙදා ගන්න ඒ මැයි රැුලිය වෙන් වෙලා තිබුන. තාම ඒක හීනයක් වගේ දවසක්.

ඒ වෙනස මැයි රැුලිය කරපු අයට පවා නුහුරු වෙනසක් විදිහට පෙනුනා. රෝස මල් දෙද්දි සමහරු ලැජ්ජාවෙන් රතු වෙලා හිටියා. ඒත් හැම වෙනසක්ම ඒ විදිහට මුලදි නුහුරුයි තමයි. හැබැයි ඒ මැයි රැුලිය තිබ්බෙ එකම එක වතාවයි. ඊට පස්සෙ ඉඳන් ඒ කට්ටියම ආයිමත් රතු බෝඞ් අරන් පිට්ටනි වල යටිගිරියෙන් කෑ ගහන්න එකතු වුණා. දීප්තිලා මේකට කියන්නෙ මොන්ටිසෝරි මැයි රැුලිය කියල. ඒත් ලංකාවෙ වැඩ කරන පැය අටක දොලහක විසි හතරක සංස්කෘතිය වෙනුවට ජීවිතය, වඩා විශාල සංස්කෘතික සමාජීය බෙදා ගැනීමක් යෝජනා කරන ලොකු අදහසකින් සංවිධානය වුණු එකම මැයි රැුලිය ඒක. ඊට කලින් සහ පස්සෙ හැම මැයි රැුලියකම යෝජනාව පැහැදිලියි. වැඩ කරන ජනතාවට ජීවිතය වෙනුවට දේශපාලනය. සිංදුවක් වෙනුවට බෝඞ් ලෑල්ලක්. නිදහස වෙනුවට ආවේගය. අඩුම තරමෙ ජනාදිපති ඇවිත් පාටියක් දාන්න විදුලි යුනිට් පහක් දෙන්න කතා කළා.

වැඩ කරන ජනතාව කිව්වම කම්කරුවො කියන අදහස ලංකාවට මේ වෙද්දි ඒ තරම් වලංගු සීමාවක් නෙමෙයි. අපි හැමෝම (දේශපාලනය කරන කීප දෙනෙක් හැර) සමහර වෙලාවට පැය අටකටත් වඩා වැඩ කරන ජනතාව. ඒ වැඩ කරන එක ඇතුලෙ ධනපතියා හරි ප‍්‍රාග්ධන හිමියා හරි හූරන් කනවා කියන පට්ට ගහපු කතාවට ගොඩක් සංස්කෘතික වෙනස්කම් තියෙනවා කතා කරන්න.

පැය අටක වැඩ කාලයක් කිව්වට එතනදි කෙනෙක්ගෙන් සිද්ද වෙන ඵලදායී වැඩ කාලය පැය තුනක් විතරක් කියල මේ වෙද්දි පර්යේෂණ වලින් ඔප්පු වෙලා ඉවරයි. (මේක රජයේ සේවකයන්ට අදාල නොවෙන්නේ ඒ ගොල්ලොන්ගෙ වැඩ කාලය මනින්න වෙනම සූත‍්‍රයක්  ඕන වෙන හින්ද) ඒත් මේ පැය අටක වැඩ කාලයෙන් වෙන ඊට වඩා දරුණු ප‍්‍රතිඵල තියෙනවා. උදා විදිහට මේ පැය අටක වැඩ කාලය විසින් විකෘති පාරිභෝජන රටාවක්, අතෘප්තිකර ජීවිතයක්, නාස්තියක්, අසහනයක් සාමාන්‍යයක් විදිහට සමාජයේ සම්මත කරනවා. අහිතකරජීවිත බලපෑම් ඇති කරනවා.

දවසෙ පැය අටක් කියලා අපි ඔෆිස් එකක් ඇතුලෙ ගත කරන්නෙ ඉර එලිය තියෙන දවසෙ හොඳම පැය ටික. ඊට පස්සෙ අපි එලියට එන්නෙ අන්ධකාරෙට. අපේ ජීවිත වල සියලූ සම්බන්ධතා සහ විනෝදාස්වාද වෙනුවෙන් අපිට ඉතිරි වෙන්නෙ ඒ රාත‍්‍රීන් සහ සති අන්ත විතරයි. රාතී‍්‍රන් සහ සති අන්ත වලින් විතරක් මනුස්ස සම්බන්ධකම් පවත්වන්න උත්සාහ දරන ඒ සීමිත කාලයේ විතරක් ජීවත් වෙන මිනිස්සු බවට අපි පත් වෙනවා. ඒක වැඩ කරන සංස්කෘතිය.

අපි උපයන හැම දෙයක්ම වියදම් කරන්න සිද්ද වෙන්නෙ ඒ සීමිත කාලෙ ඇතුලෙ. මගඇරෙන ජීවිතේ වේගය අල්ලන්න අපි උපරිමයෙන් වියදම් කරනවා. හැමදාම බීපු කෝපි එක වෙනුවට වැඩි ගානක කෝපි එකක් අරන් අපි වෙනම ආකාරයක තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. අවශ්‍යතාවය වෙනුවට වෙනත් වෙනත් රෝගී සමාජ අගයන් වෙනුවෙන් අපි අසහනයෙන් වියදම් කරනවා. වැඩ කරන සංස්කෘතිය විසින් කරන ලොකුම හානිය වෙන්නෙ මේ විකෘති පාරිභෝජන රටාවට ඇබ්බැහි කරන එක. ත‍්‍රීඞී ෆිල්ම් හෝල්, ෂොපින් මෝල් හරහා අපේ තෘප්තිමත් කරන්නෙ මේ වැඩ කරන පැය අටේ ආතතිය. නැති වෙලා ගිය ජීවිතේ හොඳම පැය ටික විඳින්න අපි විවෘත වෙලා තියෙන සීමිත වෙළඳ සැල් ඇතුලට ගාල් වෙනවා.

ඇත්තටම අහිමි වෙන්නෙ අපිට පොතක් කියවන්න, ඇවිදින්න යන්න, ඉඳගෙන ඉන්න, යාලූවො මුණගැහෙන්න තියෙන වෙලාව. ඒ වෙනුවට අපිට ලැබෙන්නෙ වියදම් කරන්න හැකියාවක් විතරයි. ඒ වියදම ඇතුලෙ හැම සමාජ උවමනාවක්ම සපුරා ගන්න සිද්ද වෙනවා. එතකොට පාංතික අගයන්, බ‍්‍රෑන්ඩඞ් වටිනාකම් වෙනම මානසික අඩුවක් පුරවන්න ගන්නවා. මේ සමාජ මානසික ආතතිය, අවුල තමයි වැඩ කරන සංස්කෘතියෙ ඇත්ත කතාව වෙන්නෙ. මට අනුව මේක පඩි වැඩි කිරීම හෝ ජීවන වියදම වගේ තත්වෙකට වඩා භයානකයි.

පඩි වැඩි කළා කියල ප‍්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. පඩියට වැඩ කරන කවුරු වුනත් දන්නවා වැඩි කරන හැම ගානකටම හරියන්න වියදමක් ඈඳෙන වග. කොයිතරම් පඩි වැඩි කළත් අපි පඩියක් නැතුව ජීවත් වුණු කාලෙ තිබුණු තෘප්තිය, සම්පූර්ණ බව, ජීවිතය ඒ පඩියෙන් ගන්න බෑ. අපි වෙනත් විෂම චක‍්‍රයක හිරකාරයො වෙනවා. ඇත්තටම පැය අටක වැඩ කාලෙ ප‍්‍රාග්ධන උවමනාව ශ‍්‍රමය සූරාකෑම කියලා හිතන එක පටු අදහසක්. මේ පැය අටක වැඩ සංස්කෘතියෙ ආතතිය, විකෘතිය මත තමයි පාරිභෝජන සංස්කෘතිය දුවන්නෙ. මේ අසහනය වෙනුවෙන් තමයි වියදම් නිර්මාණය කරන්නෙ. වැඩ කරන ජනතාවට තියෙන්නෙ මේ ජීවිතය සම්බන්ධ වඩා දරුණු සංස්කෘතික අවුලක් කියලයි මං දකින්නෙ.

සමාජ අවකාශය හැකිලීම, මිනිස් සම්බන්ධතා වෙනුවට දේවල් පමණක් මුණගැහෙන අවකාශයක් ඇතුලෙ නැවත දෙයක් බවටම පත්වීම හැරෙන්න විකල්පයක් නැති කම, ජීවිතය සදාකාලිකව ලීස් කිරීම වගේ දියුණු කාරණා ගැන වැඩ කරන ජනතාව වෙනුවෙන් සංවාද ඇතිවෙන්න  ඕන. මං මෙතන කියන්නෙ ධනවාදය වගේ වියුක්ත අදහසකට විරුද්ද වීම වගේ ලේසියෙන් බෝඞ් එකක ලියා ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒ වෙනුවට සංයුක්තව ජීවිතය පැත්තට හැරෙන ඇත්ත වැඩ කරන සංස්කෘතියක අර්බුදය තේරුම් ගැනීම ගැන කතාවක්. පැය අට අඩු කරන්න හෝ ඔෆිස් වල අයිතාකාරයන්ට විරුද්දව පිකට් කරන්න හෝ වගේ පිස්සුවකට වඩා ක‍්‍රමයක් විදිහට ක‍්‍රියාත්මක වෙන මේ පද්ධතියෙන් අහිමි කරන දේ තේරුම් ගැනීමත් ඒ අහිමි වීමට යම් යම් හෝ අදහස් යෝජනා වීමත් තමයි වැදගත්.

මං කියන්නෙ දේශපාලනයට වඩා ජීවිතය විශාල ලෙස දකින ඉඩක් නිර්මාණය වෙන්න  ඕන. වැඩ කරන ජනතාව වෙනුවෙන් එන දවසක් නම් එතන වැඩ කරන සංස්කෘතිය විසින් අහිමි කරන දේට ප‍්‍රතිවිරුද්ධ අදහස් මතු වෙන්න  ඕන. සිංදු කියන, නටන, කතා බහ කරන, විහිළු තහළු කරන, විනෝද වෙන වැඩ නොකරන මිනිස්සු පිරිසක් මැයි දවසෙ පාරට එකතු වෙන එක මට ලස්සන හීනයක් වෙන්නෙ ඒ හින්ද.

ආර්ට් වලට මෙතනදි ලොකු වැඩ කොටසක් පැවරෙනවා. ගෙවලා ගන්න විකෘති විනෝදය වෙනුවට සජීවී මනුස්ස විනෝදාස්වාද අවකාශයන් මිනිස්සු ඇහැරවනවා. දේශපාලනය කියන්නෙ වැඩ කරන සංස්කෘතියෙම විකෘතියක් විතරයි. වැඩ කරන සංස්කෘතියෙම ආතතියෙ වෙනස් ප‍්‍රකාශ වීමක් විතරයි. කොටින්ම ඒක වැඩ කරන සංස්කෘතියටත් වඩා පුංචියි. ඊට වඩා වැඩ කරන සංස්කෘතියට වෙනස් සංස්කෘතික යෝජනාවක් මැයි දවසෙ පාරට එන්න  ඕන. තමන්ම ඡන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවට විරුද්ධව තමන්ම කෑ ගහනවට වඩා හොඳ විහිළු මැයි දිනයකට  ඕන.

ඒක ආදරය සහ ජීවිතය යෝජනා කරන දවසක්, හේතුවක් නැතුව රතු රෝස මල් බෙදන, මිනිස්සු හිනවෙන, කන බොන දවසක් වුනොත් ඒ නිවාඩුව තේරුමක් තියේවි. කොහොමත් දේශපාලනය හා ජීවිතය එකට තියන්න පුළුවන් දෙකක් නෙමෙයි.

-චින්තන ධර්මදාස