tag:blogger.com,1999:blog-3011635318422671268.post1277840359402093135..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: අපි ආයෙත් හමු නූනා නම්... Vyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3011635318422671268.post-24819779411329367062014-09-21T15:35:18.391+05:302014-09-21T15:35:18.391+05:30සූකර හිතවතා කියලා තියෙන්නෙ ඇත්තද මන්දා රන්ජනී! :D ...සූකර හිතවතා කියලා තියෙන්නෙ ඇත්තද මන්දා රන්ජනී! :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-15672787973942280902014-09-20T11:13:27.194+05:302014-09-20T11:13:27.194+05:30මෙන්න මූ මකපු කමෙන්ට් එක :P
//Chinthana September...මෙන්න මූ මකපු කමෙන්ට් එක :P

//Chinthana September 14, 2014 at 10:25 AM

මේ සූකර හිතවතා හෙඩිම මිසක් ලිපිය කියවලා නෑ වගේ :-) //Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-63997550941120532702014-09-20T10:45:44.072+05:302014-09-20T10:45:44.072+05:30උගේ බ්ලොග් එකේ දාන කමෙන්ට් මකන්න පුලුවන් ඌට විතරයි...උගේ බ්ලොග් එකේ දාන කමෙන්ට් මකන්න පුලුවන් ඌට විතරයිනේ බන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-62139922869472400102014-09-18T13:43:34.663+05:302014-09-18T13:43:34.663+05:30මූ තව කමෙන්ට් එකක් දැම්ම කලින් පෝස්ට් එකේ අර සූකර ...මූ තව කමෙන්ට් එකක් දැම්ම කලින් පෝස්ට් එකේ අර සූකර මිතුරට. ඒත් ඒක වාෂ්ප වෙලා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-11404875774990513152014-09-18T13:36:59.859+05:302014-09-18T13:36:59.859+05:30යකඩෝ චින්තා කමෙන්ට් එකක් දාලා. අඩෝ මේ බ්ලොග් එක පට...යකඩෝ චින්තා කමෙන්ට් එකක් දාලා. අඩෝ මේ බ්ලොග් එක පටං ගත්තට පස්සෙ දාපු පළවෙනි කමෙන්ට් එක නේද?? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-37629545491782180832014-09-18T08:44:41.517+05:302014-09-18T08:44:41.517+05:30ඔබත් එක්ක මං එකගයි සහ නොඑකගයි. කලාකරුවෙක් කියන තේර...ඔබත් එක්ක මං එකගයි සහ නොඑකගයි. කලාකරුවෙක් කියන තේරුමෙන් කෙනෙකුගේ නිර්මාණයක් විතරක් බලන එක අවුලක් නෙමෙයි. ඒත් මගේ අදහස එන්නෙ ආත්ම ප්රකාශනයක් කරන කෙනෙක් කියන තැනින්. එතනදි ඒක කරන මනුස්සයා සහ එයාගෙ ජීවිතයත් මට ආර්ට් පීස් එකේ කොටසක්. ඒත් කෘතිය සහ කලාකරුවා වෙන් කරලා ගන්න ඔ්න කියන අදහසට මගේ විරෝධයක් නෑ. ඒක එක විදිහක්.
මං මෙතන කියන්න උත්සාහ ගන්නෙ කලාකරුවෙකුගේ හොඳ හෝ නරක ගැන අදහසක් නෙමෙයි. එයාගෙ ගැඹුර ගැන අදහසක්. ඒකත් අදාල වෙන්නෙ එයා කලාව ගැන තමන්ගෙ අදහස් දැක්වීමක් කෘතියකට බැහැරින් දාර්ශනික විදිහට කරන හින්ද. සහ ඒ අදහස් කලාව ගැන මාර අදහස් විදිහට දේවත්වයෙන් බාර ගැනෙන හින්ද.
ගොඩක්ම අර්බුදය මතු වෙන්නෙ එයා තමන්ගේ විනිශ්චයෙන් අනිත් කලා ප්රවේශයන්ට සීමාවන් සහ වාරණයන් ගොඩනගන එකෙන්. නිකං හරි රේගඩාස් කියන්නෙ මේක මගේ කලාව. මගේ විදිහ. තව ගොඩක් විදි තියෙන්න පුළුවන්. මට අදාල නෑ.. වගේ තැනකින් කතාව කරනවා නම් මං හිතන්නෙ ඒක ප්රශ්්නයක් නෑ. ඒත් තමන්ගේ කලාව පමණයි එකම කලාව සහ අනිත් කලාවන් ඒ අර්ථයෙන් බාලයි කියන අදහසේදී ඒ කියන මනුස්සයා දරුණු සීමාවක් පෙන්නනවා. එතනදි එයා කෘති වල යෝජනා කරන පැවැත්ම බාර ගැනීම කියන එක අර්බුදයට යනවා.
රේගඩාස්ගේ චිත්‍රපටියක් වගේම එයා විසින් පවත්වන දේශනයක් කියන්නෙත් එයාගෙ කෘතියක්. මගේ ලිපිය එයා විසින් කරපු ඒ කෘතිය ගැනයි. ඒ දෙවෙනි ආත්ම ප්රකාශනය ගැනයි.
Chinthananoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-22154009470769950942014-09-17T09:01:23.260+05:302014-09-17T09:01:23.260+05:30
ඇත්තෙන්ම මම කාර්ලෝස්ව දන්නෙවත් කවදාවත් එයා ගැන අහ...
ඇත්තෙන්ම මම කාර්ලෝස්ව දන්නෙවත් කවදාවත් එයා ගැන අහලවත් නැහැ. මම කවමදාකවත් ඔහුගේ චිත්‍රපටයක් නරඹා නැහැ.මගේ අදහස එයා ගැනවත් එයාගෙ අදහස් හා ඔබේ අදහස් නොගැටුන මොහොත නිසා ඔබ ඔහු ගැන තිබූ පැහැදීම බිඳවැටීම අර්ථ විරහිත බව පවසමින් කාර්ලෝස් පැත්තට කරුනු ඉදිරිපත් කිරීමවත් නෙමෙයි. නිර්මානය හා නිර්මානකරුවා යන යුගලය ගැනයි මගේ අදහසේ මූලය වෙන්නේ. ඔබ ලිපියේ සඳහන් කල පරිදි කාර්ලෝස් රේගඩාස් මුනගැසීම පරිනත සිනමාකරුවෙක් මුනගැසීමේ ඔබේ සිහිනය බිඳ වැටීමක්. අනෙක් අතට නිර්මානරුවෙක් විදියට ඔබ ඔහුට දැක්වූ ආදරයේ දෙදරායාමක් වෙන්න ඇති. මම එහි වරදක් දකින්නේ නැහැ.

නමුත් නිර්මානකරුවෙක් විදියට නිර්මාන කාර්යයෙන් පිටතදී ඔහු දක්වන අසමත්කම් නිර්මානයට අදාල නොවන බවයි මගේ අදහස. නිර්මානයක් කිරීම යනු එක්තරා හැකියාවක්. නැත්නම් ඔහු හෝ ඇය සතු දස්කමක්. (මගේ මතයට අනූව නිර්මානකරනය යනු අනෙකුත් විශේශිත හැකියාවන් වගේම හැකියාවක්. ශූර කථිකත්වය වගේ එකක්. සමහර කථිකයෝ ඉන්නවා කතා කරන්න ගියාම වචන ගලාගෙන එනවා. හඬ උස් පහත් වෙනවා. හැඟීම් දනවනවා. ඒව පුදුම හිතෙන තරමටම අපූරුයි.ලස්සනයි. වසඟ කරගන්නා සුලුයි. අනික ඒව යථාර්ථවාදීයි. මානවවාදී හෝ වෙනයම් විශේශිත වාදයන් මතු කරනවා යයි කියමු.නැත්නම් දාර්ශනිකයි සිතමු. ඒ හැම අතින්ම කථිකත්වය විශිශ්ටයි. නමුත් එහෙම කරන කථිකයා සැබෑ ජීවිතයේදී ඒ තරමට අවංකදැයි සෙවීම වැදගත් නැහැ මම හිතන්නේ. ඔහුට ඒ තරම් පුලුල් චින්තනයක් තියෙනවාදැයි සෙවීමත් අනවශ්‍යයි. ඒක වැදගත් වන්නේ මානව විද්‍යා, දේශපාලන විද්‍යා හෝ සමාජ විද්‍යා අර්ථයෙන්. කථන විද්‍යා අර්ථයෙන් වැදගත් වන්නේ ඔහුගේ කතාව කොයිතරම් දුරට සාර්ථකදැයි කියා යි) තමාගේ නිර්මාන කාර්යයේදී එකී ශූරත්වය මත නරඹන්නා හෝ පාඨකයා වශීකෘත කිරීමට නිර්මානකරුවා සමත් විය යුතුයි. ඔහුගේ දස්කම තීරනය වන්නේ එම වසඟ කර ගැනීම මතයි. මං හිතන්නේ නිර්මානකරුවා මුනිවරයෙක් වගේ සියල්ල දත්තෙක් වෙන්නෙ නැහැ කවදමාකවත්. ඔහු සර්ව නිර්දෝශී අදහස් දරන්නෙක් වන්නට බැහැ. ඔහු මිනිසෙක්. ඔහු අතින් වැරදි සිදුවෙන්නට පුලුවන්. ඔහු වංචාකාරයෙක්, දූශකයෙක් හෝ පටු අදහස් දරන්නෙක් විය හැකියි. ලංකාවේදී නම් පවතින ආන්ඩුව සමඟ අත්වැල් බැඳගෙන ජාතිවාදී අදහස් දරන්නෙක් වුවත් කමක් නැහැ. වඩා වැදගත් වන්නේ නිර්මානය කොතරම් දුරට සාර්ථක වීඇත්ද යන්නයි. නිර්මානයේ චින්තනය සමඟ අපට එකඟ විය හැකිද යන්නයි. (මං මේ සේරම අදහස් දක්වන්නේ කලාව පැත්තේ ඉඳගෙනයි)
ඔබම පවසන පරිදි කාර්ලෝස්ගේ සිනමාව මෙන්ම ඔහුගේ භාවිතාව ගැනද ඔහුගේ අදහස් වඩා ඉදිරියෙන් තියෙනවා. කොටින්ම ඔහු තමන්ගේ භාවිතාව ගැන සවිඥානිකයි. එයා හරි අපූරුවට තමන්ගෙ චිත්‍රපට ගැන හෝ ඒ පිලිබඳ වූ තමාගේ එලඹුම් ගැන කරුනු දක්වනවා ඔබගේ ලිපියේ දැක්වෙන ආකාරයට. එයා ඒ දරන අදහස් පිලිබඳව ඇත්තටම කලාවේ ඕනම ශානරයක් යටතේ උනත් මමත් පෞද්ගලිකව කැමතියි. ඒ අතින් කාර්ලෝස් තමන්ගෙ චිත්රපටිවලටවත් සාධාරනයක් ඉටු කරනවා.
ඔබ ලිපියේ සඳහන් කර ඇති පරිදි ඔබ ආයෙත් කාර්ලෝස්ගේ චිත්‍රපට ගැන සිතන්නට යාම ඒ තරම් සුදුසු දෙයක් නොවෙයි කියායි මා යෝජනා කරන්නේ. කාර්ලෝස් පමනක් නොවෙයි ඔබ කැමති වෙනත් ඕනම නිර්මානකරුවන් බොහොමයක් ඔබට ලඟින් ඇසුරු කරන්නට ලැබුනත් එයින් සීයයට අනූවකටත් වඩා වැඩි පිරිසක් එක්ක ඔබේ මතවාද පෑහෙන එකක් නැහැ. කොහොම උනත් ඔබ අවසානයේ දක්වන කාරනාව මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්ත කාරනාවත් එක්ක යන්තමින් හෝ සැසදෙනවා. අපේ වීරයො කවමදාකවත් අපිම මුන නොගැසෙනවනම් හොඳයි කියන එක. හමු උනත් කමක් නැහැ ඔවුන්ගේ පුද්ගලික අදහස් හා මතවාද එක්ක ඔවුන්ගේ නිර්මානයක් පටලවාගන්න සුදුසු වෙන්නෙ නැහැ. නිර්මානය විඳීමේ දී නිර්මානකරුගේ මුහුන මතක් නොවෙනවානම් හොඳයි.
කලාවේ දී බුද්ධිය කියන දෙය කරන මෙහෙය අනෙක් සෙසු අංශයන් තරමටම සමානයි. බුද්ධිමත් හෝ තාර්කික විචාරශිලී බව තිබූ පමනින්ම හොඳ නිර්මාන කරන්නත් බැහැ.

මම මෙතෙක් පහදන්න හෝ පවසන්න උත්සාහ කලේ නිර්මානකරුවා හා නිර්මානය අතර සබඳතාව පිලිබඳ මා දරන මතය කියන්නට. ප්‍රතිවිරුද්ධ මත ඔබ සතු නම් දැනගන්න කැමැත්තෙන් සිටිනවා. මොකද මම ඔබේ අදහස් වලට ගොඩක් ගරු කරනවා සහ සෑම සති අන්තයකම ඔබේ ලිපි කියවීමෙන් සතුටක් වින්දනයක් වගේම අවබෝධයක් ද ලබන නිසා.
ඉදිරියේ දී - ඔබෙ ලිපිය නිසා කාර්ලෝස්ගේ චිත්‍රපට හොයාගෙන බලන්න උත්සාහ කරනවා.

ඔබ වෙත දැක්වූ අදහස් වලට අමතරව තව දුරටත්...
කලාවේ චිචාරය පවා මේ විදියට කලාකරුවාගේ පුද්ගලිකත්වය හා බද්ධ වී ඇති බව දකින්න පුලුවන්. නිර්මානකරුවෙකු සමාජයේ යහපත වෙනුවෙන් කැප වීම, වාමාංශික අදහස් දැරීම හා ඔහුගේ නිර්මානාත්මක හැකියාව යනු දෙකක්. කොන්ඩය, රැවුල වැවීම, පුද්ගල පෞර්ශය යන කාරනා පවතින්නේ නිර්මානකරුවා සතුව මිස නිර්මානය තුල නෙමෙයි. අනිත් කරුන ආන්ඩුව සමඟ අත්වැල් බැඳගෙන සිටින නිර්මානකරුවෙකුගේ නිර්මානයක් විචාරයේ දී පවා නිර්මානය මිස නිර්මානකරු වටා බැඳී තිබෙන ඒකී තත්වයන් අදාල කරගන්නේ කුමකටද.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-25124407281316107122014-09-14T12:27:06.386+05:302014-09-14T12:27:06.386+05:30චින්තන,
උඹ මේ මඤ්ඤං කියවන එකයි,ලියන එකයි,ෆිල්ම් ෆෙ...චින්තන,
උඹ මේ මඤ්ඤං කියවන එකයි,ලියන එකයි,ෆිල්ම් ෆෙස්ටිවලුයි,එවොර්ඩ්ස් පොලවල් වල ආතල් ගන්න එකයි කට් කරලා, මොරෙක් අල්ලගෙන ලංකාවේ හෝල්වල දවස් 20-30 දුවන්න පුලුවන්, බලන එවුන්ට කරුමයක් නොවෙන ෆෝමියලා එකකින් ෆිල්ම් එකක් හදපං. [ගෙදර රෙන හැටි බලන්න ටිකට් ඇරන් හොල්වලට මිනිස්සු එන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන් (යාලුවෝ හැර). (how i wonder...)]

උඹලගෙ මේ නොස්ටැල්ජික් හා රොමැන්ටික් හීනමාන විචාරවලින් අනාගත ලංකවේ දක්ෂ ලෝකල් ෆිල්ම් ලේබර්ස්ලාව විනාශ වෙනවා.

උඹලත් විනාශ වෙනවා.

මම මෙහෙම කියන්නෙ අපේ දරුවෝ ගැන හිතලා.සිවාජිnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-75091960520727808892014-09-14T00:35:28.442+05:302014-09-14T00:35:28.442+05:30මං හිතන්නේ අපේ වීරයෝ අපිට කවද හරි මුණ ගැහෙන එක හරි...මං හිතන්නේ අපේ වීරයෝ අපිට කවද හරි මුණ ගැහෙන එක හරි වැදගත්. එතකොට දෙකෙන් එකක් වෙනවා. එක්කෝ අපේ බබ්ල් එක කැඩෙනවා. නැත්නම් ඒ හමුවීමෙන් අපිට මාර උත්කර්ෂයක් ලැබෙනවා. මේ දෙකෙන් එකක් අත්පත් කර ගැනීම එක්තරා අයිතියක්. කාංචනා අමිලානිhttps://www.blogger.com/profile/15204706064400296188noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-32695860428630487682014-09-13T18:27:51.402+05:302014-09-13T18:27:51.402+05:30නිර්මානය තුල තිබෙන පරිචයත් එක්ක නිර්මාණකරුවා ගැන ඇ...නිර්මානය තුල තිබෙන පරිචයත් එක්ක නිර්මාණකරුවා ගැන ඇතිවෙන චිත්ත රූපය රැකගන්න එක බොහෝවිට නිර්මාණකාරයා මුහුනදෙන දැඩි අභියෝගයක්. ඔහු සමහර විට සැබෑ ජීවිතය නෙමෙයි නිර්මාණයට ගන්නෙ. නමුත් නිර්මාණය රසවිඳින අය හිතන්නෙ සැබෑම නිර්මාණකාරයාගේ ආසාව තමයි නිර්මාණය හරහා කලඑළි බහින්නේ කියලා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com