tag:blogger.com,1999:blog-3011635318422671268.post6601874540391938264..comments2024-03-12T22:44:04.251+05:30Comments on Cult: අමරදේව - නොදකිනා සීමාවVyadhadevahttp://www.blogger.com/profile/00536339319030838370noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3011635318422671268.post-81284646442824451642016-02-08T15:03:49.197+05:302016-02-08T15:03:49.197+05:30ඔව්. ඉන්දියාවෙදි අමරදේව සැගකෙන්නෙ විශිෂ්ඨ වයලීන වා...ඔව්. ඉන්දියාවෙදි අමරදේව සැගකෙන්නෙ විශිෂ්ඨ වයලීන වාදකයෙකු විදියට තමයි..lamasahthayahttps://www.blogger.com/profile/14657967447198606055noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-17809705575853297972016-02-08T15:03:37.507+05:302016-02-08T15:03:37.507+05:30ඔව්. ඉන්දියාවෙදි අමරදේව සැගකෙන්නෙ විශිෂ්ඨ වයලීන වා...ඔව්. ඉන්දියාවෙදි අමරදේව සැගකෙන්නෙ විශිෂ්ඨ වයලීන වාදකයෙකු විදියට තමයි..lamasahthayahttps://www.blogger.com/profile/14657967447198606055noreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-21537903498515715912015-12-10T21:44:13.126+05:302015-12-10T21:44:13.126+05:30අමරදේවගේ කටහඩ අනුකරනය කරන්න පුලුවන් කීදෙනෙක් නං ඉන...අමරදේවගේ කටහඩ අනුකරනය කරන්න පුලුවන් කීදෙනෙක් නං ඉන්නවද.
මෙලෝ රහක් නෑ ඕයි අමරදේවගෙ සිංදුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-56977610165677915082015-12-09T15:11:21.405+05:302015-12-09T15:11:21.405+05:30වටිනා අදහස් ටිකක්වටිනා අදහස් ටිකක්බුද්ධිnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-88551831899494473552015-12-08T11:03:34.847+05:302015-12-08T11:03:34.847+05:30අමරදේවයන් ගේ සංගීත භාවිතය පිටුපසින් ඇති දර්ශනය හෝ ...අමරදේවයන් ගේ සංගීත භාවිතය පිටුපසින් ඇති දර්ශනය හෝ මතවාදී පදනම තේරුම් ගත හැක්කේ සරත්චන්ද්‍ර අපේ සංගීතය පිළිබඳව දැක්වූ ආකල්ප හරහා. සරත්චන්ද්‍ර සහ ලයනල් එදිරිසිංහ සංස්කෘතික වශයෙන් හින්දුස්ථානි මහා සම්ප්රදාය හරසරින් පිළිගත්තා පමණක් නොව ඔවුන් ගේ මතය සහ විශ්වාසය ජාතික ප්‍රතිපත්තිය ලෙස ස්ථාපිත කිරීම ට ප්‍රබල උත්සාහයක් ගත්තා. සුනිල් සාන්ත ඉවතර විසිවී අමරදේව 'මුදුන් මල්කඩ' වෙන්නේ මේ පසුබිම උඩ. මුල් නිර්මාණය තුළ දේශීය සංගීත ලක්ෂණ යම් ප්‍රමාණයකට හෝ රැඳවීමට ඔහු ට හැකි වුනා. මානවසිංහ, සේකර, මඩවල, ඩෝල්ටන් වැනි ජනශ්රැතිය හොඳින් දන සිටි පද රචකයන් ගේ බලපෑම ත් මෙහෙදී උපකාර වෙන්න ඇති. නමුත් මේ නිර්මාණ පසු කලෙක නැවත පටිගත කිරීමේදී (සිංග්ලංකා) මේ ජන සංගීතයෙන් ලබා ගත් ආභාෂයන් මග හැරී හෝ යටපත් කරමින් හින්දුස්ථානිය මතු වී තිබෙන බවක් පෙනෙන්නේ . උදා - බඹරෙකු ආවයි, බිංදු බිංදු මල්, ඉරට මුවාවෙන්. රසිකnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-62971484014611401062015-12-08T10:44:00.401+05:302015-12-08T10:44:00.401+05:30අවුරුදු ගණනාවකට පසුව හෝ නැවත මේ සංවාදය ඇරඹීම සතුටක...අවුරුදු ගණනාවකට පසුව හෝ නැවත මේ සංවාදය ඇරඹීම සතුටක්. මෙයින් අමරදේවගේ සින්දු හෝ කටහඬ හෝ හැකියාව වැනි පුද්ගලික කාරණා වෙනුවට සංගීතය ගැන වෙන සාකච්ඡාවයි වැදගත් වෙන්නේ. අමරදේව ගේ ලස්සන සින්දු අති බහුතරයක සංගීතය ඔහුගේ නෙවෙයි, ඇල්විටිගල, අල්ගම, කේමදාස අයින් කරලා බලන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-44222451556326159182015-12-07T22:41:26.108+05:302015-12-07T22:41:26.108+05:30රෝහණ වීරසිංහ කියන්නෙ සිංහල සංගීතයෙ ප්‍රේමනීයම තනු ...රෝහණ වීරසිංහ කියන්නෙ සිංහල සංගීතයෙ ප්‍රේමනීයම තනු ටිකක් හදපු කෙනෙක්.හැබැයි සංගීතය දන්න බොහෝ දෙනෙක් කියන්නෙ ඔහු දක්ෂ තනු නිර්මාපකයෙක් මිස සංගීතවේදියෙක් නෙමෙයි කියල.කේමදාස කියන්නෙ තනු නිර්මාණය අතික්‍රමණය කරපු සංගීතවේදියෙක්.ඒ වගේ අමරදේව කියන්නෙ අති දක්ෂ ගායන ශිල්පියෙක්.එතනින් එහාට යන්න එතුමන්ට බැරි උනා .සිංහල සංගීතයේ, ගීත කලාවේ විප්ලවීය වෙනස්කම් කරපු යුග පුරුෂයන් කීප පොලක් අපිට මුණ ගැහෙනව.පළවෙනියටම සුනිල් ශාන්ත.අනන්‍ය වූ සිංහල සංගීතයක පුරෝගාමියා.ඉන් පස්සෙ කේමදාස මාස්ටර් ලාංකීය සිනමා සංගීතයක පුරෝගාමියා වගේම සිංහල සංගීතයේ තමන්ගේම අනන්‍යතාවක් හදා ගන්නව.ඊට පස්සෙ ක්ලැරන්ස් යම් සීමාවක් ඇතුලේ උනත් ලංකාවේ සංගීතයේ වෙනස්ම පිටුවක් පෙරලනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-48720949855615822572015-12-07T18:05:40.682+05:302015-12-07T18:05:40.682+05:30Dr. Premasiri Khemadasa is the only musician who u...Dr. Premasiri Khemadasa is the only musician who unearthed (any) identity of "Sri Lankan" music. period.BBCnoreply@blogger.comtag:blogger.com,1999:blog-3011635318422671268.post-18646005015972125232015-12-07T16:41:09.160+05:302015-12-07T16:41:09.160+05:30අමරදේවට මහා ගාන්ධර්වයා කියලා පට්ටමක් ඇමිනීමෙන් අපි...අමරදේවට මහා ගාන්ධර්වයා කියලා පට්ටමක් ඇමිනීමෙන් අපි කරන්නේ අපරාධයක් සහ අසාධාරනයක්. ඇත්ත. අමරදේව අති දක්ෂයෙක්. හැබැයි ඒ උත්තර භාරතීය රාගධාරී සංගීතය කියන කුඩා කුලකය තුල. එහෙම නම් වික්ටර්, නන්දා, අමරසිරි, සනත් වැනි අයත් ඒ හා සමාන දක්ෂයො. මහා ගාන්ධර්වයො.

අමරදේවගේ ගී රසවල ප්‍රධාන සාධකය ඔහුට ලැබුනු විශිෂ්ඨ ගීපදවැල්. සේකර, මානවසිංහ, මඩවල, සුනිල්, කුලරත්න ආරියවංශ ආදීන්ගේ අරුත්බර ගීපදවැල් ඔහු නොගැයුවා නම් අපට අඳුනා ගත හැක්කේ අමරදේවගේ හඬෙහි ඇති පොදු, උත්තර භාරතීය සංගීතය ප්‍රගුන කල ඕනෑම කෙනෙකුට ඇති, රාගධාරී ගායන කුසලතාව නමැති සාධකය පමනයි. "මං අමරදේවගේ සිංදු වලට කැමතියි" කියන බොහෝ දෙනෙක් නොදැනුවත්වම රිෆර් කරන්නේ ඒ සොඳුරු පදවැල්වලටයි. (රාගධාරී සංගීතයේ සියුම් තැන් අඳුනාගෙන ඒ අලංකාර ආදිය රස විඳින අයත් ඉන්නවා. ඒත් මං කියන්නේ බහුතරය ගැන).

"පේ‍්‍රමසිරි කේමදාස වගේ චරිතයක් (මට අනුව ලංකාවේ ජාතික සංගීතඥයා විය යුත්තෙ ඔහුයි)" මේ අභීත අගනා සත්‍ය ප්‍රකාශයට හිස නමා ආචාර කරනවා. ඔබ එය ලියා නොතැබුවා නම් මා අනිවාර්යයෙන්ම මෙහි ලියන්නට අදහස් කල එකක්.

අමරදේවට ලැබුනු සම්මාන, ගෞරව පදවි, තානාන්තර ආදිය ගැනත් කිව යුත්තක් තියෙනවා. පද්ම ශ්‍රී, මැග්සේසේ ආදී මෙවන් පදවි දෙද්දී ඒ ඒ කමිටු ලංකාවෙන් ඉල්ලනවා නාමයෝජනා. අමරදේවගේ මහා හෙවනැල්ලෙන් වැහිලා ගිය බ්රෙන්වොෂ්ඩ් වෙච්ච සකල සිරින් පිරි සිරිලංකාවේ පඬියන්ට අමරදේවගෙන් තොර නමක් හිතා ගන්න බෑ. වෙන නමක් යෝජනා වුනත් ඉහලින් කැපිලා යනවා යවන්න ඉස්සර. ඉතින් අමරදේවටම සම්මාන ලැබෙනවා.

තවත් එකක්. දන්න කෙනෙක් නිවැරදි කරන්න මං වැරදි නං. අමරදේවට ශාන්ති නිකේතනයේදී සම්මාන ලැබෙන්නේ වයලීන වාදනයේ හැකියාවට නේද? මං අහල තියෙන විදිහට ගායනයේ විශිෂ්ඨතාවයට නෙවෙයි. එතුමන්ගේ ගුරුතුමන් තම පුත්‍රයාට අමරදේව කියන නම තියන්නෙත් ඒ අනුවලු.

මේ ඔක්කොම ලීවේ ටිකක් නිදහස් තාර්කික මනසින් අමරදේව කියන මහා පොදු සාධකය දෙස බලන්න කරන පෙලඹවීමක් හැටියටයි. Vyadhadeva ගේ අනර්ග පෝස්ටුව ඒකට දොර ඇරලා දුන්නා. මීට එරෙහිව රෙදි කරට ගෙන අවි අමෝරා එන්නට එතුමාගේ රසික ජනතාවට සහ විද්වතුන්ට දැන් අවස්ථාව තිබේ. Anonymousnoreply@blogger.com