Tuesday, March 8, 2011

හඳගම සමඟ හෙළුවෙන්



විදු චිත්‍රපටිය තරංගනී ශාලාවෙ පෙන්නපු දවසෙ මාත් ඒක බැලූවා. ඒ චිත්‍රපටිය පෙන්නන එකට ප්‍රධාන අමුත්තා විදිහට කැඳවලා තිබුණෙ මහ බැංකු අධිපති අජිත් නවාඞ් කබ්රාල්. හඳයා එයාගෙ පැමිණීම වෙනුවෙන් ස්තුතිවන්ත වුණා. හඳයා තව කතාවක් කිව්වා. ඒ හඳයාගෙ දරුවන්ට බලන්න පුළුවන් වෙන හඳයාගෙ පළවෙනි චිත්‍රපටියත් විදු කියල. හැමෝටම හුඟක් සතුටුයි හඳයා ආපහු හොඳ වෙච්ච එකට. සෝමරත්න දිසානායක එහෙමත් හඳයාව බදාගෙන සුබපතනවා මම දැක්කා. හඳයා පවුලෙ හැමෝටම වැඩක් කරලා.
ඊට පස්සෙ මම හඳයාව දැක්කා නිතරම රූපවාහිනී වැඩසටහන් වල. ටී ටයිම් ෆන් එකට එහෙමත් එයා ඇවිත් සිංදු කිව්වා. මං ඒ දැක්කමයි හඳයා නටනවා එහෙම. පුටුව උඩම අත්පුඩි ගගහා හඳයා නැටුවා පොඩි උන්ව වට කරගෙන. නෙහාරා වැඩසටහන මෙහෙයවනවා. එතනදි චිත්පටිය ගැන එක එක කතා කිව්වා. හඳයා කිව්වා අර පොඩි ළමයි වාහනේ ඇක්සිඩන්ට් වෙන ෂොට් එක ගන්න එයාට හිත හදාගන්න ගොඩක් අමාරු වුණා කියල. ඒත් ඒ ෂොට් එක බලද්දි අපිට කිසි ෂොක් එකක් දැණුනෙ නෑ. හරි බාල විදිහට ඒක ෂූට් වෙලා තිබුණෙ. ටී පාර්ටි එකේදි තවත් විදු ගැන කතා කිව්වා. ඒකෙ රඟපාපු නළුවෙක් කියපු කතා හින්ද මට විදු ගැන වෙනම චිත්‍රපටියක් ඇඳුනා.
විදු කරන්න ඒගොල්ලො නැවතුනාලූ මීගමුව පැත්තෙ තරු පංතියෙ හෝටලයක. උදේට පහළ ජිම් එකෙන් ව්යා යාම කරලා හොඳට කාලා මුහුද අයිනෙ දුවලා එහෙම විඳපු සැප තලූ මර මර ඒ නළුවා කියන්න ගත්තා. විදු කියන්නෙ හරි සැපට කරපු චිත්‍රපටියක්. සාමාන්යෝ ලංකාවෙ චිත්‍රපටියක් කරන්න ගියහම විඳින ගැහැට වෙනුවට ඒකෙ කට්ටිය ටීවී එකට ඇවිල්ලත් කියන්නෙ තිබ්බ සැප ගැන. ඒත් චිත්‍රපටිය ගැන මොකක්ද කියන්නෙ?
විදු ගැන මම ලියන්න පරක්කු කළේ හිතාමතාම. චිත්‍රපටිය ගැනත් ඒක කරපු හඳයා ගැනත් මට තියෙන අප්පිරියාව කලින්ම එලියට දාලා හඳයගේ අලූත් සිනමා මාවතේ බැරියර් එකක් වෙන්න මට ඕන වුණේ නෑ. දැන් චිත්‍රපටිය දුවලා ඉවරයි. මට පුළුවන් මට දැණුන දේ ලියන්න.
මේ චිත්‍රපටියෙ රූ ගත කිරීම් හරිම බාලයි. අවස්ථා ගොඩ නැගිම් අඳබාලයි. චරිත වෙනුවට නිකම් පෝස්ටර් ටිකක් එහාට මෙහාට ඇවිදිනවා. මේක බලන් ඉද්දි මට මෙහෙම දෙයක් හිතුණා. ඇත්තටම හඳයා සිනමාව ගැන කිසි දෙයක් දන්නෙ නැතිව ඇති. ඒත් එයාගෙ සමාජ දේශපාලන දැක්මත් එක්ක අපිට ඒ ප්‍රකාශනවාදී ගතිය බරට දැනෙන්න ඇති. විදු වල එයා හෙළුවෙන්. අකාස කුසුම් කියන්නෙ පරිට සන්න විතානගේ අහුවෙන චිත්‍රපටිය වගේම විදු කියන්නෙ හඳයාව එළිදරවු වෙන චිත්‍රපටිය.
හඳයා එන්නෙ කෑගල්ලෙන්. කැම්පස් ඇවිල්ලා ජේවීපී කරලා පස්සෙ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එංගලන්තෙ යනවා. එයා වැඩ කරන්නෙ මහ බැංකුවෙ තොරතුරු දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියෙක් විදිහට. පස්සෙ එයා ජවිපෙන් කැඩෙනවා. එයා තලවතුගොඩ ගෙයක් හදනවා. අලියොන් කාර් එකක් ගන්නවා. දුව ඉන්ටර්නැෂනල් යවනවා. කසාදෙ දික්කසාද වෙනවා. හඳයා X එකේ දේශපාලනය වැළඳ ගන්නවා. මෙහෙම ගඳ විදිහට මිනිහෙක්ගෙ ජීවිතේ ගැන කියන එක හරි කැතයි. ඒ වුණත් විදු විතරක් නෙමෙයි ඒත් එක්ක පෙළට එන ලංකාවේ මහා සිනමාව ජෝක් වීම වෙනුවෙන් ඒ කැත වැඬේට මම අතගහනවා. හඳයා විදු කරද්දි ඉනෝකා සත්යාංාගනී සින්ඩරෙල්ලා කරනවා. ඒකෙ ඉන්ද්‍රචාපා -රොක්, අකලංක -
ක්‍රිකට්, උපේක්ෂා -මන්ත්‍රිනී ප්‍රධාන චරිත කරනවා. මුහුරත් උළෙලේ ප්‍රධාන අමුත්තා වෙන්නෙත් මහින්දානන්ද අලූත්ගමගේ. මේ එකම විහිළුවක් ආයිත් ආයිත් සිද්ද වෙන්න පටන් ගන්නවා. හඳයාගේ පර්යේෂණ සිනමාව විදු වෙද්දි ඉනෝකාගේ පර්යේෂණ සිනමාව සින්ඩරෙල්ලා.
මේ මිනිස්සු දරාගෙන හිටපු ජීවිත මේ විදිහට අර්බුදයට යන්නෙ ඇයි? මෙතුවක් කල් විකල්පයක් ගැන කතා කරපු මේ අයට වඩා දැන් මේ ගොල්ලො පර්යේෂණ කරන තැන කලින් ඉඳන් හිටපු රෝයිද සිල්ව ලා සුනිල් ටී ලා මීට වඩා දියුණුද?
මම රජපක්ෂ ආණ්ඩුවට කැමති ප්‍රධාන හේතුවක් ඕක. කාලයක් තිස්සෙ ලංකාවෙ අධිනිශ්චය වෙලා හිටපු දැවැන්ත මතවාද දරන අය දැන් ඒ ඇඳුම් ගලවලා ඇවිත් පාර අයිනෙ විහිළු කරන්න අරන්. අපි පුදුම වෙනවා. ජනප්‍රිය, පීචං, ධනවාදී, මාක්ස්වාදී, ජනතාවාදී, ජනතා විරෝධී ඔක්කොම එක වාදෙකට ඇවිත්. මොනවා වුණත් සෝමරත්න දිසානායක තරමටවත් හඳයා දක්ෂ වෙන්නෙ නෑ.
විදු කියන්නෙ දේශපාලකයෙක් පොකට් ගහන ගෑණියෙක් එක්ක නිදා ගත්ත නිසා වැල්ලෙ ඉපදෙන කොල්ලෙක්. එයාට වැල්ලෙන් පුරුදු වෙනවා ඉංග්‍රිසි. ඊට පස්සෙ විදු පොඩි කාලෙ ඉඳන් කතා කරන්නෙ හඳයා ලොකු කාලෙ කතා කරන දේවල්. සිනමාව ගැන කිසි දෙයක් නොදැණුනත් හඳයා ඉංග්‍රිසි වලට ආස තරම විදු බලද්දි හොඳට දැනෙනවා. විදුගෙ චරිතයට එයා තෝර ගන්නෙත් ඉන්ටර්නැෂනල් කොලීජියකට යන දුර්වල පහේ ළමයෙක්. මේ චරිත කිසි එකක් ඒ චරිත පාදක වෙන දේශපාලනයෙ ජීවත් වෙන්නෙ නෑ. ඒ චරිත ඔක්කොම ජීවත් වෙන්නෙ හඳයාගෙ ඔලූව ඇතුලෙ. කතා පැවැත්වීමක් වගේ දේකට මේ තරම් අවුලක් හදාගන්න? මට තේරෙන්නෙ නෑ, මේ පිටපත ඒ තරම් මන්ද බුද්ධිකයි. චිත්‍රපටිය පුරාම මට දැණුන එකම හෘදයාංගම හැගීම තමයි හඳයා තමන්ගෙ ජීවිතය ඇතුලෙ අත්විඳින මධ්‍යම පාංතික හීනමානය. ඒ හීනමානය සහ දුන්හිඳ අද්දර වගේ ජීවිත වල හඳයා කලින් අඳුරන චරිත දැන් මූණට මුණ ගැහනවා. හඳයාට තමන් හිටගන්න තැන අපැහැදිලියි. එයා රෝගී වෙලා. ඒ නිසා එයා දැන් කරන වැඩ පොසිෂන් කර ගන්න තැනක් නෑ. මධ්‍යම පාංතික ජීවිත වලට උදාහරණයක් විදිහට එයාගෙ බැංකුවෙ ප්‍රධානියාට විඳින්න පුළුවන් වර්ගයේ චිත්‍රපටියක් ඇතුලෙ පරණ සමාජවාදී කාලෙ චරිත ගැටගහන්න හදනවා. විදු පෙන්නන්නෙ හඳයාගෙ මේ වාෂ්ප වීම. ඒක දරුණුවට එයාගෙ ජීවිතය ඇතුලෙන් එන අර්බුදයක්. ඒ නිසා ඒ අර්බුදය හොරර් චිත්‍රපටියකට වඩා භයංකාරයි.
මේ චිත්‍රපටිය 35 මී.මී කළේ ඇයි? නෙගටිව් එකකින් මේ චිත්‍රපටියෙ කරන්න තියෙන රූප රාමු මොනවද? ඒ ගැන චන්න දේශප්‍රිය උත්තර දෙන්න ඕන. කලා අධ්‍යක්ෂණය, සංගීතය, පිටපත ආදී සියල්ලම තියෙන්නෙ අන්තිම දුර්වල මට්ටමක. හඳයාගේ අපැහැදිලිකම ඒකට මූලික හේතුවක් වෙන්න ඇති. මේ ඔක්කොම මෙහෙම තියෙද්දි චිත්‍රපටියෙ හොඳට වෙලා තියෙන්නෙ හෝටල් පහසුකම් සහ සුවපහසු ෂූටිං විතරයි. ඉතිං ඒක චිත්‍රපටියෙ පේනවා. චිත්‍රපටිය ගැන හඳයා කතා කරද්දිත් පේනවා.
අපි හුඟක් අමතක කරන කාරණයක් තමයි චිත්‍රපටි තිරය උඩ අපේ ජිවිත ඇත්ත ප්‍රමාණයට වඩා විශාලනය වෙනවා කියන එක. චිත්‍රපටිය ඇත්තක් නොවෙද්දි ඒක පිටිපස්සෙ ඉන්න ඒකෙ කර්තෘ එළිදරවු වෙන්න ගන්නවා. එතකොට ලැජ්ජ හිතෙනවා.
මේ යුගයෙ තියෙන නරකම දේ තමයි ඒ ලැජ්ජාව සාමාන්‍යයක් වීම. හැමෝම බදා වැළඳගෙන ඒ ලැජ්ජාවට එක්වීම ගැන සුබ පතනවා.
-තුෂාර පෙරේරා