Thursday, July 20, 2017

ක්ලියෝපැට්රා මාරයිද?



පැරා ලියන ගොඩක් දේවල්වලට මං එකගයි. ලංකාවෙ වමේ විද්වත් බහුතරයකට නැති විදිහෙ විවෘත දැක්මක් පැරාට ගොඩක් දේශපාලන කාරණා ගැන තියෙනවා. ඒත් සමහර සංස්කෘතික, මාධ්‍ය භාවිතා ගැන පැරා සදාචාර විනිශ්චයකට යන බවක් පේනවා. ඒක මං හිතන්නෙ සමාජීයව නරක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන් භාවිතාවක්.

මොකද සදාචාරය කියන එක පුද්ගලයා අනුවත් කාලය අනුවත් අතිශයින්ම සාපේක්ෂයි. හැමතිස්සෙම මේ සදාචාර සීමාවන් හිතුවක්කාර විදිහට තරණය කරන අපරාධකාරයින් තමයි ඊළ`ග මොහොතේ සමාජය වඩා පරිණත සහ විවෘත කරන්නෙ.

මං මේ කියන්නෙ පැරා ඉරාජ්ගෙ ක්ලියොපැට්රා ගැන ලියපු ලිපිය පදනම් කරගෙන. ඊට කලින් දරුවන් වෙනුවෙන් යම් යම් නාලිකා බ්ලොක් කිරීමක් ගැනත් පැරා ලියලා තිබුන. මං ඒකට එක`ග නැති වුනත් ඒක තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත. ඒත් ක්ලියොපැට්රා ගැන ලියමනේදි පැරා සමාජයට කියනවා ඉරාජ් විසින් වපුරන ස්ත‍්‍රී පීඩකත්වය, ප‍්‍රචණ්ඩත්වය වගේ කරුණු අරඹයා මැදිහත් වෙන්න කියල. වෙන විදිහකට කිව්වොත් මට ඒ ලියමන ඇතුලෙ දැනෙනවා වාරණයක් ඉල්ලා සිටීමක් වගේ දෙයක්. සමහර විට මං වැරදි වෙන්න පුළුවන්.

මං දකින විදිහට චිත‍්‍රපටියක්, සිංදුවක්, කවියක්, චිත‍්‍රයක් කියන  ඕනම දෙයක් ෆැන්ටසියක්. නිශ්චිතව යතාර්ථය එක්ක ගැටගැහීමක් යෝජනා නොකරන  ඕනම ආර්ට් එකක් හදන්නෙ ෆැන්ටසි අවකාශයක්. පෝර්න් කියන්නෙ ෆැන්ටසියක්. ඒත් සමහර ස්නෆ් පෝර්න් එනවා ඒ වෙනුවෙන් ඇත්තටම තව ජීවිතයක් මත ප‍්‍රචන්ඩත්වය මුදාහරින. අන්න ඒ වගේ තැනකදි ඒ නීතිය හෝ සමාජය හෝ පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම අවුලක් නෙමෙයි. ඒත් ඒ සම්බන්ධ කෘතියට විරුද්දව බලය පාවිච්චි කරනවා කියන්නෙ ප‍්‍රකාශනයේ නිදහස ගැන ප‍්‍රශ්නයක් වෙනවා. උදා විදිහට සයිබීරියන් ෆිල්ම් කියන චිත‍්‍රපටිය ආර්ට්පීස් එකක් වෙන්නෙ ඒ හින්ද. මොනම හේතුවක් හින්දවත් ප‍්‍රකාශනයේ නිදහස වාරණය වෙනවා කියන්නෙ ඒක අපි අපිවම සීමාකර ගැනීමක්.

ඉරාජ් කරන්නෙ මොනවා හරි විකුණලා සල්ලි හම්බුකරන්න ට‍්‍රයි කරන එක. සිංදුවක් මියුසික්වලින් හෝ ලිරික්ස්වලින් හිට් කරගන්න බැරි තැනදි එයා කරන්නෙ රෙදි ගලවන එක. මට ඉරාජ් තමන්ගෙ වැඬේ කරන අරමුණ අදාල වෙන්නෙ නෑ. මට අදාල වෙන්නෙ ඒ වැඩෙන් මාව යම් කම්පනයකට, තල්ලූ කිරීමකට ලක්කරනවද කියන එක විතරයි. මං ඒක දිහා බලන්නෙ ඉරාජ්ව ඉරේස් කරලා. මට හිතෙන විදිහට චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක ආර්ට්වලට අදාල නෑ.

ඉරාජ් කරන්නෙ පොප් වැඩක්. එතනදි සෙක්ස් වගේම ධම්මපදයත් එයා එක විදිහට පාවිච්චි කරනවා. රෙදි ගලවනවා වගේම සිවුරු අන්දනවා. මං හරි කැමති දෙයක් තමයි සදාචාරයයි අපචාරයයි කියන දෙකම එයා එක වැඩක් ඇතුලෙ විකුනන එක. ඒක මං හිතන්නෙ ලංකාවෙ ආර්ට්වල හරි ඉන්ටරෙස්ටින්ග් තැනක්.
විශේෂ කාරණයක් වෙන්නෙ ඉරාජ්ගෙ ක්ලියොපැට්රා වලට විරුද්ද වෙන්නෙත් සාමාන්‍ය සිංහල බෞද්ද ජනතාව නෙමෙයි. ගොඩක් විකල්ප අයගෙනුයි වැඩියෙන් බැනුම් අහන්නෙ. සදාචාරය වෙනුවෙන් රෙදි උස්සන් එන්න  ඕන බෞද්ද බහුතරය වෙනුවට යම් විකල්ප කියවීමක් තියෙන අය ප‍්‍රකාශනයක සදාචාරය වෙනුවෙන් මැදිහත් වෙන එකම ටිකක් අමුතුයි. සමහර විට මේ විරෝදය එන්නෙ ඉරාජ්ගෙ අමු විකිනිල්ල එක්ක තියෙන අප‍්‍රසාදය නිසාම වෙන්නත් පුළුවන්. ඒත් ලෝකෙ ගොඩක් විශිෂ්ට දේවල් නිර්මාණය වෙලා තියෙනවා සල්ලි හොයන පරමාර්ථය නිසාම. දොස්තයෙව්ස්කි පවා පොත් ලිව්වා සූදු කෙලින්න සල්ලි හොයාගන්න.

ඉරාජ්ගෙ ක්ලියොපැට්රා විෂුවල් වැඬේට මං කැමතියි. ඒකෙන් ඊජිප්තු ක්ලියොපැට්රා වෙනුවට මට  ඇහෙන්නෙ ක්ලියොපැට්රා නයිට් ක්ලබ් එකේ නම. නයිට් ක්ලබ් එකක ආශාවන් වෙනුවෙන් වැයවෙමින් මුදල් උපයන ගැහැණියක් මුහුණ දෙන ඛේදවාචකයක් තමයි ක්ලියොපැට්රා කියන්නෙ.
නයිට්ක්ලබ් එකේ දකින ඒ ගැහැණිය ඇඳේදි මේ වගේ ඇති කියල මවාගන්න සල්ලාලයෙක් ඉන්නවා. ඒ සල්ලාලයා විදිහට තෝරගෙන තියෙන මූණට මං ගොඩක් කැමතියි. අනංමනං වැඩිය කියන්න  ඕන නෑ, ඒ මූනෙම තියෙනවා පාපය.

සරාගී විදිහට රාත‍්‍රියේ මුනගැහෙන ගැහැණුන් ගැන අවලං හීන දකින එක ලංකාවෙ සාමාන්‍යයක්. කොට ගවුමක් වුනත් ඇති ගැහැණියක් ගණිකාවක් කරන්න. ඒක සල්ලාල අපරාධකාරයන්ට වගේම පොලිස්කාරයන්ටත් පොදුයි.  ක්ලබ් එකේ රාගී දෑසින් දකින, දුවෙක් එක්ක තනිව ජීවිත අරගලයක යෙදෙන මේ ගැහැණිය, බීඞීඑස්එම් වස්තුවක් විදිහට සළෙල මනසක පරිකල්පනය වෙනවා.

ෆැන්ටසිය සහ යතාර්ථය අතර බෙදීමක් නොදන්නා මේ නොදියුණු පිරිමියා බලහත්කාරයෙන් තමන්ගේ ෆැන්ටසිය මේ ගැහැණිය ලවා නිමවාගන්න හදනවා. ඒ උත්සාහය අවසන් වෙන්නෙ ඝාතනයකින්. ඒක වටේ යුක්තිය ඉටුවීම, හොල්මන් සහ අද්බූත ජවනිකා වගේ කීපයකුත් තියෙනවා. බීඞීඑස්එම් ෆැන්ටසියක් ලංකාවෙ සාමාන්‍ය ගැහැණියකගෙන් ඉටුකරගන්න ගිහින් ඒක මිනීමැරුමක් දක්වා යන එක මරු තේමාවක්. ඒ කතාව ඉරාජ් හදන්නෙ කොටස් දෙකකට. එකක් මේ ගැහැණිය ශෘංගාරකරණයෙන් අපේ ආශාව පුබුදු කරන කොටස. අනෙක යුක්තිය ඉටුවීම හරහා අපරාධකාරයාට ද`ඩුවම් ලැබෙන කොටස. මං කලින් කිව්වා වගේම මේ දෙකම එකම ආශා වේදිකාවක ක්ලියොපැට්රා ඇතුලෙ විකුණනවා.

ඇත්තටම ගත්තොත් ලංකාවෙ ශෘංගාරය යම් මට්ටමකින්, ලස්සන විදිහකට සමාජගත කිරීම සිද්ද වුනේ සිනමාවෙන් නෙමෙයි, ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ වලින්. වෙන රටවල නිෂ්පාදිත අනුරාගී සිහින පාට පාටින් ලාංකේයකරණය කරන්න ඉරාජ්ට පුළුවන් වුනා. ඒවා නිසා ලංකාවෙ ශෘංගාර විෂුවල් කලාපය හොඳ විදිහකට වර්ධනය වුනා. (නැත්තං අපිට තිබුනෙ ඇගේ වෛරය ගනයෙ ශෘංගාර කලාවක්)

ප‍්‍රචණ්ඩත්වය ෆැන්ටසියක රසවිඳින්න මං කැමතියි. ඒක හින්දම රාම් ගෝපාල් වර්මාට මං ගොඩක් කැමතියි. හොලිවුඞ් ෆිල්ම් එකකටවත් බෑ රාම් ගෝපාල් වර්මාගෙ වයලන්ස් ෆැන්ටසියක චමත්කාරය මවන්න. ඉරාජ් ක්ලියොපැට්රා එක්ක සමහර තැන් ආර්ජීවීට ගොඩක් කිට්ටු තරමට නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇචීව්මන්ට් එකක්.

සදාචාරය වෙනුවෙන් ෆැන්ටසි සීමා කරන්න  ඕන නෑ. ෆැන්ටසියක් මාර වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. ඒත් හැම ෆැන්ටසියකටම අනෙකාට හිංසාවක් නැතුව ප‍්‍රකාශමාන වෙන්න නිදහස තියෙන්න  ඕන. මිනිස්සුන්ට පුළුවන් අකමැති නම් නොබලා ඉන්න. බලලා බනින්න. පොඩි උන්ට නොපෙන්නා ඉන්න. ඒත් කිසිම ෆැන්ටසියක් සදාචාර විනිශ්චයකට ලක්වෙලා වාරණයට හෝ තහනමට ලක්වීම නොවිය යුතු දෙයක්.

Friday, June 9, 2017

මාර විචාර සහ මළ විචාර


මනෝ විශ්ලේෂණයෙන් සහ දේශපාලන මතවාදවලින් බැහැරව සිනමාවේ සෞන්දර්යය ගැන කතාබහක් කරනවා කියල ඇල්ෆා එකේ ප‍්‍රියන්ත ෆොන්සේකා එක්ක කරන වැඬේ පෝස්ට් එකක් එෆ්බී එකේ වැටුන. ඒකෙන් කුපිත වුණු විදර්ශන, වංගීස ඇතුලූ පිරිස ඒ දෙකෙන් තොරව ආර්ට් ගැන කතා කරන්න පුළුවන්ද කියල ඒක ජෝක් කරන්න ගත්තා.

ඇත්තටම සිනමාව ගැන කතා කරන්න මනෝ විශ්ලේෂණය, නැත්තං දේශපාලන දර්ශනවාද වගේ ඒවා  ඕනද? ආර්ට් නම් වමේ වෙන්න  ඕන කියල හිතන මට්ටමේ මානසිකත්වයකට මේ තත්වය හරිම ස්වභාවිකයි. ඒත් සිනමාව ගැන කතා කරන්න මේ න්‍යායන්  ඕනද? කවුරු හරි කියන කවර හෝ අදහසක් අරගෙන ඒක දේශපාලනිකයි කියල කොහෙට හරි සම්බන්ද කරන්න පුළුවන්. ඒ විදිහට  ඕනම දෙයක් අතර සම්බන්ධතා තියෙනවා. ඒත් ප‍්‍රශ්නෙ වෙන්නෙ අපි න්‍යායක් ඇතුලෙන් චිත‍්‍රපටිය කියවන්න හදනවද කියන එකයි.

ලංකාවෙ සිනමා විචාර සහ කියවීම් ඔක්කොම පාදක වෙන්නෙ මේ තියරි උඩයි. ඇත්තටම ලංකාවේ සිනමාව කියවන්න යන ගොඩක් අයට සිනමාව විඳීමේ හැකියාව අඩුයි. ඒ ගොල්ලො තමන්ගෙ තියරියත් එක්ක චිත‍්‍රපටිය සමීකරණය කරනවා. ඒක සෙට් වෙන්නෙ නැත්තං චාටර්, පසුගාමී, නව ලිබරල්වාදී මොකක් හරි දේකින් ෆිල්ම් එක පීචං කරනවා. සෙට් වෙනවා නම් ඒ තියරිය වෙනුවෙන් නිර්මාණය වීමේ ප‍්‍රීතියෙන් චිත‍්‍රපටිය උස්සගෙන යනවා.

ඒ තියරිය හරියට කළාම චිත‍්‍රපටියක් හරිද? සුචරිත ගම්ලත් කාලෙ ඉඳලම එන ලංකාවෙ විචාරය ඔච්චරයි.
මේ විදිහෙ තියරි උඩ හිටගෙන විචාර ලියන අය ලෝකෙ නැත්තෙ නෑ. ඒත් ට බාහිරින් එක එක අදහස් එලියට එනවා. චිත‍්‍රපටි ගැන විෂයමූලික සහ ආත්මමූලික කියන පැති දෙකෙන්ම කියවන්න පුළුවන්. මං පුද්ගලිකව වඩා කැමති ආත්මමූලික කියවීමට. ඒ කියන්නෙ ෆිල්ම් එකක් තමන්ට දැනුනෙ කොහොමද කියන පුද්ගලික අදහස. ඒක නොයෙක් දේශපාලන, මිත්‍යා, මනෝ විද්‍යා, බහුබූත දේවල්වල මිශ‍්‍රණයක් වෙන්න පුළුවන්. ඒත් ඒ ෆිල්ම් එකෙන් ඒ පුද්ගලයාට ඇති කරපු වෙනස සජීවීව ඒ ප‍්‍රකාශනයෙ තියෙනවා. ආත්මමූලික විචාර කියන්නෙ ආයිමත් ආර්ට් එකක්. චිත‍්‍රපටියක බලපෑමෙන් බිහිවෙන තවත් කෘතියක්. ඒක නැවත විඳින්න පුළුවන්. මාරයි, ආතල්, හිරිවැටිලා යනවා වගේ වචනවලට ඒ ආත්මමූලික විචාර ඇතුලෙ ගොඩක් දේවල් ප‍්‍රකාශ කරන්න පුළුවන්. වැදගත් වෙන්නෙ කියවන්නාව ජර්නි එකක අරන් යනවද කියන එකයි.

අනිත් එක විෂයමූලික විචාර. මනෝ විශ්ලේෂණ වේවා සමාජ සත්තාවාදී වේවා, ස්ත‍්‍රීවාදී වේවා කවර හෝ න්‍යායක්, විෂයක් සාධනය කරමින් කෘතියක් ගැන කරන අදහස් දැක්වීම්. ඒවා තමයි ලංකාවෙ මෙතෙක් කල් පැවතගෙන එන්නෙ. ඒ හින්ද තමයි ඒවා නැතුව කොහෙද විචාර කියල වගේ ප‍්‍රශ්න ඇහෙන්නෙ.

මේ විචාර වලින් කරන්නෙ පවතින යම් න්‍යායික විෂය පදනමක් මත කෘතියක් ඇනලයිස් කිරීම. මේක ඇකඩමික් වර්ගයේ වැඩක්. විඳීමක් වෙනුවට විශ්ලේෂණයක්. කලින් කියපු ආත්මමූලික විචාරය සංස්ලේෂී එකක් නම් මේක විශ්ලේෂී එකක්. මේ සම්බන්ධයෙන් පොදු එකගතා තියෙනවා. කොටින්ම ප‍්‍රියන්ත මෙතනදි කතා කරන සෞන්දර්යවේදය පවා ඒ විදිහෙ විෂයක්. මනෝ විශ්ලේෂණයෙන් වගේම සෞන්දර්යවේදයෙනුත් කෘතියක් කියවන්න පුළුවන්.

මං පුද්ගලිකව ඒ සෞන්දර්යවේදී කියවීමට පවා කැමති නෑ.  ඕනම එකක් විෂයයක් එක්ක සාධනය කරමින් කරන අදහස් දැක්වීම මට මළගෙදර කතාවක් වගේ. අපි කෘතිය එක්ක සජීවී ගනුදෙනුවක් කරන්නෙ නෑ වගේ. කෘතිය ආශ‍්‍රය කරන්නෙ හරියට ගණිකාවක් වගේ. විනිශ්චයකාරී තැනකින්. ඒක මට ආර්ට් එක්ක කරන රමණයක් වගේ දැනෙන්නෙ නෑ.

ඒත් ඒ විදිහෙ විචාරත් පවතිනවා. ඒවා කියවන සහ ඒවා ඇසුරෙන් නැවත නැවත කෘති කියවන ලොකු පිරිසක් ඉන්නවා. මේ දෙවෙනි වර්ගයේ විචාර නැවත ආර්ට් එකක් නිර්මාණය කරන්නෙ නෑ. ඒක එන්ඞ් එකක්. නිශ්චිතයක්. මාරයි වගේ වචන ඒවායෙ නැත්තෙ ඒකයි. විවෘත අදහස් තියෙන වචන වලින් සන්නිවේදනය කරන්න ඒ පිට්ටනියෙ බෑ.

ඒත් මේ එකකින් අනිත් එක වාරණය වෙන්නෙ නෑ. අපි ඇත්තටම ෆිල්ම් එකක් බලන්නෙ කවුරු හරි ඒක මනෝ විශ්ලේෂණයට හරි මාක්ස්වාදයට හරි එකගයි කියන හින්ද නෙමෙයි, බලලා ඇවිත් මාරයි මචං ගිහින් බලපං කියන එකෙන්.. ඒක විචාරයකට එහා ගිය ෂෙයාර් කර ගැනීමක්.

- චින්තන ධර්මදාස

Monday, June 5, 2017

පරක්කු වෙච්ච ස්ටාර්ට් එකක්




නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක‍්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇ`ග කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුනේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැුල්ලෙ ප‍්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුනා කියන එකයි.

යතාර්තවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදපු, ජීවිතේ දුක්ඛ සත්‍යය පසක් කළ ආධ්‍යාත්මයකින් හෙබි, ගමේ සෞන්දර්යයෙන් සහ කර්කශත්වයෙන් මෝහනය වුණු එක සිනමා ධාරාවක අවසානය නිනෝ ලයිව් සටහන් කරනවා. ඇත්තටම මේ සිනමාව පටන් ගත්තෙ මීට දශකයකට විතර කලින්. ඒත් ඒ පරම්පරාවෙ සිනමාකරුවන් නොදැනුවත්වම වුනත් හරි කාලය එනකල් ඒ චිත‍්‍රපටි පුස්කන්න නියමිතව තිබුනා. ඒ දශකය බාර වුනේ රජකතා බණකතා සිනමාවට.

ඒක ගැන මට අප‍්‍රසාදයක් නෑ. ඇත්තටම ඒ දශකයේ සිනමාව විසින් ලංකාවෙ මහා සිනමාව වෙනස් කළා. ආන්ඩුවේ දේශපාලන මතවාදී බලයේ සපෝර්ට් එකෙන් වුනත් වෙනත් ජනප‍්‍රිය සිනමාවක් නිර්මාණය වුනා. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතියේ මාධ්‍යයක් වීම ඇරුනත් ඒකෙ ලංකාවෙ ඇත්ත ජනප‍්‍රිය සිනමාවක යම් ලක්ෂණ තිබුනා කියල මං හිතනවා.

ඒත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ගතවෙන අලූත් තාරුණ්‍යයට ලංකාවෙ සිනමාවක් හැදුනෙ නෑ. නගරය සම්පූර්ණයෙන්ම අයින් කරලයි තේමාවන් නිර්මාණය කළේ. අපිට කොහේ හරි වැරදුනා කියන එක තමයි හැමෝම බාරගන්න ලෑස්ති හැ`ගීම වුනේ. නගරයේ වුනත් මිනිස්සුන්ට තිබුනෙ පොඩි ඇපොලොජටිකල් හිතීමේ සහ වින්දනයේ රටාවක්. ඒ හින්දම කලාව බර වුනෙත් වමට.  අලූත් පරම්පරාව සිංහල චිත‍්‍රපටි නොබලා ටොරන්ට් ඩවුන්ලෝඞ් කරගෙන පිටරට චිත‍්‍රපටි බැලූවා. සිනමා ශාලාවලට යන සංස්කෘතිය ටික ටික ඞීවීඞී සංස්කෘතියකට පෙරලූනා.

මේ වෙනස්වීම් අතරෙ, රට නතර වෙලා තියෙද්දි ඇත්තටම වැඩකළේ ටීවී එකයි. දැවැන්ත රියැලිටි ටීවී වැඩසටහන් මාලාවක් ඇතුලෙ ලංකාවෙ පොප් එක වැඩකරන්න පටන් ගත්තා. සිනමාවෙන් ගිලිහිච්ච හීන නඩත්තු කරන්න ටීවී එක ඇපකැප වුනා. ඒක ලොකු ලාබ ලබන ව්‍යාපෘතියක් වුනා. හරියටම බැලූවොත් රියැලිටි ටීවී ආර්ට් එක හරියට දැනගෙන හිටියෙ සිරස විතරයි. ආන්ඩුවේ සහ යුද්දයේ ව්‍යාපෘතියෙන් හිරකරපු පොප් ආසාවලට සිරස තරු හීන හදලා දුන්නා.

ඒ කාලෙ සිනමාවෙ ප‍්‍රවීනයො විසින් ප‍්‍රතික්‍ෂේප කරපු පොඩි ඩිජිටල් කැමරා අරගෙන තරුණ උන් වැඩකළා. ඒ වැඩ කලින් තිබුනු සිනමාවට වඩා වෙනස් සිනමාවක් යෝජනා කළා. වෙනස් තේමාවන්, වෙනස් මිනිස්සු, කොටින්ම වෙනස් සිනමා ආකෘතියක් ඒ චිත‍්‍රපටිවල හැදුනා. හරියටම බැලූවොත් මොලිවුඞ් නව රැල්ල (මලයාලම් සිනමාවෙ) හැදෙන්නත් කලින් ලංකාවෙ මේ නව රැල්ල නිර්මාණය වුනා. ඒත් අපේ ප‍්‍රවීනයන්ගෙ කුහකකම, පසුගාමීත්වය සහ රටේ අතීතකාමය ඇතුලෙ මේ චිත‍්‍රපටි ධාරාව හිරවුනා. දැන් අවුරුදු 10ට විතර පස්සෙ අපි මේ නරඹමින් ඉන්නෙ අපිට පුරෝගාමී වෙන්න තිබුණු සිනමා රැුල්ලක මගහැරුනු ඒ මොහොත. අලූත් නිර්මාණකාරයො තමන්ගෙ වැඩකොටස කළා. ඒත් රට ලෑස්ති වෙලා තිබුනෙ නෑ,

නිනෝ ලයිව් වලින් පටන් ගන්න මේ සිනමාවෙ කසකාරයා වුනේ බූඩි. ඒ නිම්නයක හුදකලාවත් එක්ක. ඒ ෆිල්ම් එකත් අවුරුදු නවයක් විතර පදම් වුනා. බූඩි ඊට පස්සෙ කරපු මාතා පවා කලින් රිලීස් වුනා. ඒකයි මං කියන්නෙ කාලය එනකල් අපිට ඉන්න වුනා කියල. නිනෝගෙන් පස්සෙ මේ විදිහෙ චිත‍්‍රපටි රැල්ලක්ම එන්න තියෙනවා. පරක්කු වෙලා හරි ඒ රැල්ල විසින් වෙනස් සිනමාවක් ස්ථාපිත කරනවා. ඒක අඳුරගන්න නිනෝ ලයිව් හොඳ විවරයක් හදනවා.

නිනෝ ලයිව් පටන් ගන්නෙ ලංකාවෙ ජනප‍්‍රිය හීනය නතර වුන තැනින්. ඒ කියන්නෙ ටීවී එකෙන්. අවුරුදු දහයකට කලින් සිනමාවෙන් ගැලවිලා ටීවී එකට ගිය පොප් එක නැවත සිනමාවට ගේන්න නිනෝ ලයිව් ට‍්‍රයි කරනවා. ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගේන්න අභියෝගයක් ඒ ගොල්ලො බාරගන්නවා.

ඒක ලව් ස්ටෝරි එකක්. හරියටම කිව්වොත් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්. මීට කලින් මෝටර් බයිසිකල් වලත් මේ මොඩර්න් කියුට් ආදරය ටච් කරලා තිබුන. නිනෝ ලයිව් ඊට වඩා ලේයර්ඞ් අත්දැකීමක්.

ෆිල්ම් එකට පාදක කරගන්නෙ පීටර් වොයර්ගෙ ටෲමන් ෂෝ කියන ෆිල්ම් එක. ලංකාවෙ ගොඩක් අය වෙන ෆිල්ම්වලින් බඩුගන්න බයයි. ගත්තත් හොරෙන් ගන්නවා මිසක් කෙලින් කියල, ඒ දේට ගරුත්වය දීලා ගන්න විදිහ දන්නෙ නෑ. ඒ වෙනුවට තිසර සහ පිරිස ටෲමන් ෂෝ එකට හොමාජ් එකක් විදිහටම තමන්ගෙ කතාව නිර්මාණය කරනවා. ඒක විතරක් නෙමෙයි, ෂොන් පියර් ෂූනෙ ගෙ ‘අමෙලි’ ෆිල්ම් එකේ ආභාෂයත් තදටම දැනෙනවා. විශේෂයෙන්ම නැරේෂන් එකත් එක්ක කතාව බිල්ඞ් අප් වෙන විදිහ. ඒත් ඉන්ටවල් එකට කලින් ටෲමන් ෂෝ එකේ කලාපය ඉවර වෙනවා. රියැලිටි ෂෝ එක ඉවරයි. ඊට පස්සෙ ඒක බලපු උන්ගෙ රියැලිටි එක.

අපේ ටීවී බලන  ඕඩියන්ස් එක ජීවත් වෙන්නෙ ටීවී එකෙන් නිර්මාණය කරලා දීපු යතාර්ථයකයි. දැන් ඉන්ටර්නෙට් ඇවිත් තත්වෙ ටිකක් වෙනස් වුනත් මාස් එක පරණ විදිහමයි. ඒ ගොල්ලො හිතන්නෙ, පතන්නෙ විතරක් නෙමෙයි කතා කරන්නෙ, ආදරේ කරන්නෙ වුනත් ටීවී එකෙන් කියල දීපු විදිහට. තිසරගේ කතාව වෙන්නෙ රියැලිටි ෂෝ අස්සෙ එක කට්ටියක් කෙළවා ගනිද්දි තව කට්ටියක් කෙළවාගන්න ආසාවෙන් පොරකන එකයි. ඇත්තටම ගත්තොත් නොදැන කෙලවා ගැනීම කියන එක දැනගෙන කෙලවා ගැනීමේ ආතල් එකක්, උන්මාදයක් බවට පෙරලෙන එකයි. ‘කෙලවා ගැනීම’ කියන්නෙමත් සාපේක්ෂ අදහසක් විතරයි. මොකක්වත්ම නැති ජීවිතේක කෙලවාගැනීම කියන්නෙත් ලොකු දෙයක් වෙන්න පුළුවන්.

මේ අලූත් රැුල්ලෙ චිත‍්‍රපටි එක්ක අලූත් නළුනිළියො සෙට් එකකුත් සමාජගත වෙනවා. දස්සා ඒකෙ ප‍්‍රමුඛයෙක්. ලංකාවෙ කියුට් පෙම්වතා කියන අලූත් ආකෘතිය හැදෙන්නෙ දස්සා අතින්. මෙච්චර කල් චන්ඩි පෙම්වතා, සීරියස් පෙම්වතා, රොමැන්ටික් පෙම්වතා හිටියට මේ හුරතලේට හදාගන්න ආස හිතෙන කියුට් කොල්ලා අපේ සිනමාවෙ හිටියෙ නෑ. දස්සා එක්ක සමනලී, යුරේනි, උමාලි, නිනෝ, ජගා, කළණ වගේ වෙනම විදිහක නළු නිළි පරම්පරාවක් මේ සිනමාව අයිති කරගන්නවා. පරණ තරු ක්ලැසික්වලට සීමා වෙනවා.

නිනෝ කියන්නෙත් සුවිශේෂ සොයාගැනීමක්. උගේ ර`ගපෑමෙ මොකක්ද රියල් එකට එහා ගතියක් ස්වභාවිකවම තියෙනවා. ඒක වෙනම ස්ටයිල් එකක් සහ ලස්සනක් ගේනවා. මේ දේවල් අපි නිතර දකින ස්ටීරියෝටිපිකල් ර`ගපෑම් සහ ර`ගපාන්න ට‍්‍රයිකිරීම් ඉක්මවා යනවා. උන් ඇත්තටම නළුවො කියන එක අපිට දැනෙනවා.

තුසිත ඉන්නෙ හරිම පුංචි කෑල්ලකට වුනත් උගේ සල්ලාල නැටුම මේ ලියන වෙලාවෙත් මතක් වෙන තරම් ප‍්‍රබලයි. හම්බුවෙන පොඩි චරිතෙ වුනත් පුළුවන් උපරිමෙන් කරන්න හැමෝම ට‍්‍රයි කරලා තියෙනවා. යාලූකම්, මනුස්සකම් සහ ෆිල්ම් ගැන තියෙන නොනිමෙන ඇම්ම කියන එක චිත‍්‍රපටිය පුරාම දැනෙනවා.

තිසර අතින් නිර්මාණය වෙන කතාවට වඩා මං දකින්නෙ ඒ කතාවෙ සිද්දි නිර්මාණය වෙන ලස්සන. යුරේනි ඉඹින්න කලින් පැලට් එක ගලවන්න හදන තැන වගේ මේකට හොඳ උදාහරණ. පුංචි පුංචි ඞීටේල් වලින් ලස්සන කරලා ඒ විදිහෙ සිද්දි හරහා හරිම සැහැල්ලූවෙන් ගැඹුරු කතාවක් කියාගෙන යන එකයි තිසරගෙ ටැලන්ට් එක. මේ සම්මාන හෝ කලාත්මක සිනමාව නෙමෙයි. නිනෝ ලයිව් කියන්නෙ අපේ වාණිජ සිනමාවට හොඳ බෙන්ච් මාර්ක් එකක්.

රියැලිටි තරුවක් විදිහට එලියට ආපු සංක දිනෙත්ට නිනෝ ලයිව් ලොකු ඇඞ් එකක්. ඒකෙ ටීවී තරුවක් විදිහටම සංක පෙනී ඉන්න අතරෙම ෆිල්ම් එකේ මියුසිකුත් කරනවා. නිනෝ ලයිව් කියන්නෙ මියුසිකල් ෆිල්ම් එකක්. වෙන විදිහකට කිව්වොත් ෆිල්ම් එක පුරාම තියෙන්නෙ මියුසික්.   ඕනකරන රොමැන්ටික් මූඞ් එක හදන්න සහ දිගටම පවත්වාගෙන යන්න සංක එතන ලොකු වැඩකොටසක් කරනවා. ඇත්තටම සංක කියන්නෙ රියැලිටි ෂෝ වලින් හැදිච්ච ඇත්ත එකෙක්. ජනප‍්‍රිය සංගීතයේ නාඩිය ගැන ඌට හොඳ වැටහීමක් තියෙනවා. කලින් මියුසික් කරපු කලර් ෆිල්ම් එකේදී වගේම නිනෝ ලයිව් වලත් සංක මතක හිටින සංගීතයක් නරඹන්නාගෙ ඔලූවෙ ඉතුරු කරනවා.

මියැදෙන්නට පෙර මොහොතක් වත්... ජීවත් වෙන්න.... වගේ තැන් හිරිග`ඩු පිපෙන තරම් ආතල්.
නිනෝ ලයිව් ෆිල්ම් එක ඇතුලෙ ඒ කාලෙ ෆිල්ම් කරන්න, ආර්ට් කරන්න ද`ගලපු හැම කෙනෙක්ම වගේ ඉන්නවා. පස්සෙ මද්දුම බන්ඩාරට බැනපු කසුන්- ශ‍්‍රීනාත් ඩබල ලිෆ්ට් එකක් ඇතුලෙ ඉන්න එක එහෙම ෆන් එකට කළත් මරු වැඩ. ෆිල්ම් කියන්නෙ අපේ ලයිෆ්මයි කියන එක දැනෙන තැන්. ඒ කාලෙම මායි උදයයි කරපු ‘ආදරේ අංශු මාත‍්‍රයක්’ ෆිල්ම් එකෙන් කෑල්ලකුත් තියටර් එකක් ඇතුලෙ ප්ලේ වෙනවා. මේ එකලස් කිරීම් හරි අපූරුයි. ඒවා අපේ රටට අලූත්.

ෆිල්ම් එකේ අඩුපාඩු කොතෙකුත් තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් මට අදාල වෙන්නෙ නෑ. ඒ අඩුපාඩු ගැන හිතන්නවත් බැරි තරම් දුරට නිනෝ ලයිව් මාව ඉමෝෂනලි අරන් ගිය දුර හින්ද. කතාව ඉවර වෙන විදිහ එහෙම පට්ට. ඒ විදිහෙ අවසානයන්ට අපේ සිනමාවෙ කලින් උදාහරණ නෑ. කවුරු හරි අහස් ගව්ව, හංස විලක්, බඹරු ඇවිත් වගේ ෆිල්ම් ලංකාවෙ සිනමාවෙ මාර තැන් කියල මාර්ක් කරනවා නම් මං කියන්නෙ නිනෝ ලයිව් කියන්නෙත් ඒ වගේ මාර තැනක්.

මේ ෆිල්ම් එක පෙන්නන්න අවුරුදු හතක් පුරා එක එක ප‍්‍රදර්ශකයො පස්සෙ ගියා. ඒත් මේකෙ තියෙන පොටෙන්ෂලිටි එක දකින්න ඒ කිසි ප‍්‍රදර්ශකයෙකුට පුළුවන් වුනේ නෑ. මේ අභියෝගය බාරගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒකෙ තේරුම වෙන්නෙම කර්මාන්තයක් විදිහට ඉස්සරහ ඊළ`ග ස්ටෙප් එක අඳුරගන්න තරමෙ ප‍්‍රදර්ශකයො අපේ සිනමාවෙ නෑ කියන එක.

මේ අලූත් සිනමාව හිරවෙලා තියෙන මැෂින් වලින් එලියට අරන් තිරයක් උඩ පෙන්නන්න අවස්ථාවක් හදන එකට සුනිල් ටී ට විශේෂයෙන් ප‍්‍රශංසාව හිමිවෙන්න  ඕන. ඇත්තටම ගත්තොත් සිනමාවෙ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වැඩකොටසක් මේ වෙද්දි මේ චිත‍්‍රපටි වෙළෙන්දා අතින් ඉටුවෙමින් තියෙනවා.

ප.ලි - මීට අවුරුදු ගානකට කලින් මහේන්ද්‍ර පෙරේරා මහරගම ස්ටුඩියෝ ආර්ටිසන් කියල රංගනය පුහුණු කරන්න ආයතනයක් පටන් ගත්තා. ඒකට කොල්ලො කෙල්ලො ර`ගපාන්න ආවා. දස්සලා, නිනෝලා, රුචීලා, තිසරලා ඔක්කොම එතන හිටියා. සමහරු ර`ගපෑම බෑ කියල ඩිරෙක්ටින් කරන්න, ඇසිස්ට් කරන්න, මේක්අප් කරන්න ගියා. නිනෝ ලයිව් කියන්නෙ තනිකරම වගේ ඒ ස්ටුඩියො ආර්ටිසන් එකෙන් එලියට ආපු කට්ටියෙ වැඩක්. අවුරුදු කීපයක් කරගෙන ගිය ඒ ප්‍රොජෙක්ට් එකෙන් මහේන්ද්‍ර ඇති කරපු ඉම්පැක්ට් එක කොහෙත්ම පොඩි එකක් නම් නෙමෙයි.

-චින්තන ධර්මදාස

Sunday, May 14, 2017

මා මහලූ වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ..


මේක ගොඩක් වෙලාවට සංවාදවලට අදාල නොවෙන නැත්තං අපොලිටිකල් ගතියක් තියෙන මාතෘකාවක්. ඒත් සැරින් සැරේ ඇවිත් මූනෙ හැපෙද්දි ඒ ගැන කල්පනා නොකර ඉන්න බැරි වුනා. තැන් තැන්වල අසරණ වුන වයසක මිනිස්සු මගේ කම්ෆර්ට් සෝන් එක අවුල් කළා.

අපේ රටේ වයසක පරම්පරාව ගැන නිසි සමාජ සැලසුමක් නැති එක දුක හිතෙන තත්වයක්. එහෙම අසරණ වෙන අයගෙ දරුවන්ට නෑයන්ට පුද්ගලිකව වගකීම තල්ලූ කරලා අපි සදාචාරවත් හැ`ගීමක්, මනුස්සකමක් ආස්වාදනය කරනවට එහායින් කිසි දෙයක් නෑ. නැවත නැවත රටේ හත දිග්බාගෙන් මුනගැහෙන මේ අසරන මිනිස්සු විසින් ඉදිරියෙදි එන්න එන්න දරුණු වෙන සමාජ අර්බුදයක් ගැන කියනවා කියල සැලකිලිමත් නෑ.
මෙහෙම කියද්දි වෙන රටවල වයසක අය ගැන නිසි වැඩපිලිවෙලක් තියෙනවා කියල අදහස් කරන්නෙ නෑ. විශේෂයෙන්ම බටහිර ගොඩක් රටවලට වඩා ආසියාතික රටවල වයසක අයට යම් හෝ ආරක්ෂණ ක‍්‍රමවේදයක් තියෙනවා. ඒක සම්ප‍්‍රදාය විසින් ඇතිකරපු එකක්. සදාචාරවත් හැ`ගීම උඩ පදනම් එකක්. පවුලක දරුවන් විසින් තමතමන්ගෙ අම්මලා තාත්තලා රැුකබලාගත යුතුයි කියන එක තමයි ඒක. කොටින්ම දෙන්නෙක් කසාද බැඳලා ළමයෙක් හදනකොට පවා කවදා හරි තමන්ට වතුර උගුරක් දෙන්න එකෙක් ඉන්න  ඕන කියල හිතන තැන දක්වාම මේ සම්ප‍්‍රදාය මුල්බැහැලා තියෙනවා.

මෙතනදි බුද්දාගමෙනුත් මේ වැඩිහිටි ප‍්‍රශ්නය කළමනාකරනය කරගන්න ලොකු සපෝර්ට් එකක් දෙනවා. (බුද්දාගම විතරක් සඳහන් කළේ ලංකාවෙ මහා සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නෙ ඒ උඩ හින්ද) මේ වයස්ගත පරපුර වෙනුවෙන් වැඩකරන එකම කතිකාව වෙලා තියෙන්නෙ මේ ආගමික කතිකාව. බණ කිය කිය, දහම්පාසැල් වල පුරුදු කර කර කොහොම හරි අලූත් පරම්පරාවට පැරණි පරපුර ගැන වගකීමක් ඇති කරනවා විතරක් නෙමෙයි ඒ වයසක පරපුර එන්ටර්ටේන් කිරීම, ඒ අයට ක‍්‍රියාකාරකම් නිර්මානය කිරීම, පරලොවක් ගැන බලාපොරොත්තුවක් ඇති කිරීම වගේම ඒ ආශ‍්‍රයෙන් ආගමික සංස්තාවට පැවැත්මක් ඇති කරගැනීම දක්වා මේ මෙහෙවර පුළුල්වෙලා තියෙනවා. ඒක ඇත්තටම සේවයක්. ටීවී එකයි පන්සලයි නොතිබුනා නම් මේ රටේ වයසක පරපුරට මොනවා වෙයිද කියල හිතාගන්න අමාරුයි.

රටක බාල පරපුරට දක්වන සැලකිල්ල, වැඩිහිටි පරපුරට දක්වන සැලකිල්ල සහ සත්තු විෂයෙහි දක්වන සැලකිල්ල කියන කාරණා මං හිතන්නෙ සමාජයක කොන්ෂස්නස් කියන එක මැනගන්න තියෙන හොඳම තැන්. අපිට ඉස්සර වැඩිහිටියන්ට සළකන මාර පුරුද්දක් තිබුනා, දැන් ඒක නැතිවෙලා යමින් තියෙන්නෙ කියන එක පන්සල්වල ප‍්‍රචාරය කරන පචයක් විතරයි. ඉස්සර තත්වය මීට වඩා අන්තයි. අපේ විතරක් නෙමෙයි ගොඩක් ගෝත‍්‍රික සමාජවල ඉඳන්ම වයසක මිනිස්සුන්ගෙ තත්වය ගැටලූවක් වෙලයි තිබුනෙ. වන්දනා ගමන් යන්න කියල ගෙනිහින් කොහේ හරි දාලා එන එක අපේ  ගැමි සමාජවල තිබුන දෙයක්. ජාතක කතා ගත්තත් සොහොන් වලට ගිහින් දාන දෙමව්පියන් ගැන කතන්දර එන්නෙ එහෙමයි. දේපොල තියෙන දෙයක් ලියලා දීලා දිග වන්දනා ගමන් යන වයසක උන්දැලා සෑහෙන්න හිටියා. ඇත්තටම ඒ අය යන්නෙ මරණය බලාපොරොත්තතුවෙන්. ජීවිතේට එතනින් එහා අරමුණක් නෑ. සමාජයට ඈඳෙන්න පුරුකක් නෑ. තමන්ගෙ බිරිඳ හෝ සැමියා නැතිවුනාට පස්සෙ මේ තත්වය තවත් බරපතල වෙනවා. වයස්ගත වීමත් එක්ක ඇතිවෙන අසරණකම හා බරක් වීමේ ගැටලූව සදාතනිකව අපිට තිබුන.

ඇත්තටම කාලයත් එක්ක තත්වය එන්න එන්න හොඳවුනා. දෙමව්පියන්ට සැලකීම කියන්නෙ දරුවන්ගෙ කොලිටිය මනින සාධකයක් කියන තැනටම ගේන්න සදාචාර කතිකාව ඇතුලෙ පුළුවන් වුනා. ඒත් තාමත් වයසක අයව පාරවල්වල දාලා යනවා. එතකොට ඒ පිංතූර ෆේස්බුක් එනවා. ටීවී වල අනේ අපොයි කිය කිය පෙන්නනවා. එතකොට හැමෝම ඒ අයගෙ දරුවොන්ට දෙස්දෙවොල් තියලා හිත හදා ගන්නවා.

සමාජයක් විදිහට අපිට මේ වයස්ගත වීම ගැන සැලසුමක් තියෙන්න  ඕන නැද්ද? විස්තෘත පවුල කියන එකෙන් ක‍්‍රමක‍්‍රමයෙන් න්‍යෂ්ටික පවුල්වලට පුංචි වෙවී යන නූතන සමාජ ඒකකයත් එක්ක අම්මලා තාත්තලා ගැන ප‍්‍රශ්නය වඩාත් සීරියස් වෙනවා. අනිත් පැත්තට ලංකාව වගේ රටක දෙමව්පියන් කියන්නෙ එක්තරා විදිහක සංස්කෘතික ආධිපත්‍යයක්. එතනදි ඒ අය එක්කම කොටුවෙන ජීවිතය විසින් ඊළ`ග පරම්පරාවෙ අලූත් ජීවිතවල දිශානතීන් බ්ලොක් කරනවා. උදා විදිහට ආච්චි අම්මලා විසින් රැුකබලාගන්නා පොඩි උන් අන්ත ග‍්‍රාම්‍ය මනස්ගාතවලින් පිරෙනවා. (මේ පරම්පරාව හරහා ලැබෙන පැරණි සංස්කෘතික දැනීම කොහෙත්ම අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් අත්හැර දැමීමේ සංස්කෘතියක් ඇතුලෙ ගාල්වීම හරහා ඒ අය දුක්කිත පසුගාමී අදහස්වල වාහකයන් වෙනවා)

අනෙක් අතට කෙනෙකුට ඇතිවෙන ආර්තික දුෂ්කරතා, දෙමව්පියන්ගෙ මානසික තත්ව ගැන ප‍්‍රශ්න, පුද්ගලික කෝන්තර ආදී නොයෙකුත් හේතු නිසත් වයස්ගත අයට මේ පුද්ගලික මටටමේ පිළිසරන නැති වෙන්න පුළුවන්. උදා විදිහට මං වගේ නිතර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, ගෙදර හෙලූවැල්ලෙන් ඉන්න දරුවෙක් ඉන්න එක දෙමව්පියන්ටත් ෂොක් එකක්. තමන්ගෙ පවුල් ආශ‍්‍රිතව අම්මලා තාත්තලට හොඳ සුරක්ෂිත වයස්ගත කාලයක් තහවුරු කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. ඒත් ඒක එන්න එන්නම ප‍්‍රැක්ටිකල් නැති දෙයක් වෙනවා.

තව පැත්තකින් මේ වෙද්දි ගොඩක් කාන්තාවනුත් රස්සාවලට යනවා. එතකොට මේ වයසක අය ගැන බලාකියා ගන්න ගෙදර රැුඳෙන කෙනෙක් නෑ. පවුල් පිටින් නිතර එලියේ ගැවසෙන විනෝදවන ඉඩ ප‍්‍රස්තා වැඩිවෙමින් යනවා. දියුණු වෙන සමාජයක් විදිහට ඒක උනන්දු කළ යුතු තත්වයක්. ඒත් මෙතනදිත් නැවත වයසක අය හුදකලා වෙනවා.

මට විතරක් නෙමෙයි, ලෝකෙ ගොඩක් රටවලටත් මේ ප‍්‍රශ්නෙට හරි උත්තරයක් නෑ. ඒත් වයස්ගත වීම ගැන කතිකාව ආගමික හෝ පුද්ගල සදාචාරය ගැන තැනින් ගලවලා එලියට ගන්න සිද්ද වෙනවා. ඒක ලෞකික සමාජ ප‍්‍රශ්නයක් විදිහට උත්තර හොයන්න  ඕන කාරණයක්.

වයසක අය වෙනුවෙන් ලෝකෝත්තර වැඩ වෙනුවට ලෞකික වැඩ සංවිධානය වෙන්න  ඕන. මගේ අදහස නම් වඩවඩාත් වයස්ගත පිරිස් ලෞකික ආසාවල් පැත්තට යොමු කිරීමයි සිද්ද වෙන්න  ඕන. වික්ටර් වුනත් එයාගෙ අලූත් පේ‍්‍රමය හරහා ඉතාම වැදගත් අදහසක් සමාජගත කරනවා කියල මං හිතනවා. ඒ තමයි මරණය වෙනුවට ජීවිතය තෝරා ගැනීම කියන එක.

සමහර විට අපේ ඉපැයුම්වලින් යම් බද්දක් මේ වයස්ගත ප‍්‍රජාවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීමෙන් යම් ආකාරයක විසඳුම් නිර්මාණය කරන්න  පුළුවන්. ඒ විදිහෙ මොකක්හරි අරමුදලකින් හැම ප‍්‍රදේශයකම වයස්ගත පිරිස් වෙනුවෙන් ආයතන ඇති කරන්න පුළුවන්. මහලූ මඩම් කියන මිනිස්සුන්ව දාලා යන දුක්ඛිත පරිසරයන් නෙමෙයි, ඒ වෙනුවට මිනිස්සු කැමැත්තෙන් එකතුවෙන, සිංදු කියන, ආදරය කරන, ඔවුන්ගේම ලෞකික සංස්කෘතීන් නිර්මාණය කරගන්නා පරිසරයන් ගොඩනගන්න වෙනවා. එතනදිත් වැදගත්ම දේ වෙන්නෙ වයස්ගතවීම දිහා අත්හැරීමේ සහ මරණයේ පැත්තෙන් නොබලන නැවත ජීවිතය පැත්තෙන් බලන දැක්මක් නිර්මාණය වෙන එකයි.

රක්ෂණ ක‍්‍රමයන් පවා මිනිස්සුන්ගෙ වයස්ගත වීමේ ප‍්‍රශ්නය ගැන මීට වඩා උනන්දුවෙන් බලන්න  ඕන. හුදෙක් විශ‍්‍රාම වැටුප කියන එක ගැන කතා නොකර වයස්ගත කාලය ඉතා සැපවත්ව ගත කළ හැකි නිකේතන පහසුකම් සලසන රක්ෂණ ක‍්‍රමයන් නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම විශ‍්‍රාම වැටුප් ලබාදුන්නත් ඒ අයට ආශා සංස්කෘතියක් නිර්මාණය වෙලා නැති තත්වයක් යටතෙ නැවත ඒ සල්ලි ආගමික ආයතනවලට එකතු වෙන එකයි වෙන්නෙ.

වයස්ගත පරම්පරාව ආගම් වටා එකතු වෙන්නෙ ගොඩක් වෙලාවට නිර්වාණය හෝ ස්වර්ගය හෝ බලාපොරොත්තුවෙන් නෙමෙයි. ජීවත්වෙන්න ඉන්වොල්ව්මන්ට් එකක්, ඇක්ටිවිටි එකක්  ඕන වෙන හින්ද. ඒකයි ටීවී එකට පුළුවන් වෙන්නෙ මේ අයගෙ ජීවිතේ පන්සල තරම්ම ඉඩක් ගන්න. ආගමික සංස්තා හරහා මේ සරල මනුස්ස උවමනාව ලෝකෝත්තර හීනයක් වෙනුවෙන් පාවිච්චි වෙනවා.

හැමදේකදිම නැවතත් මුල්වෙන්නෙ ඇටිටියුඞ් එක කියන එකයි. වයස්ගත වීම එක්ක දැනට තියෙන ආගමික බැඳියාව වෙනුවට ලෞකික සමාජ බැඳීමක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නෙ ඒකයි. පව්, කළගුන සැලකීම, වගකීම, කියන දෘෂ්ටිය වෙනුවට සතුට ආදරය විනෝදය වගේ සංකල්ප එක්කයි මේ ප‍්‍රශ්නය දිහා බලන්න  ඕන වෙන්නෙ. එතකොට සමාජයෙන් වෙන් වුනු හෝ වෙන්ව යන්න බලන් ඉන්න පිරිසක් දිහා බලනවා වගේ නැතුව (සිම්පති වෙනුවට) අපිට පුළුවන් එම්පති හරහා ඒ අයගෙ ප‍්‍රශ්න දිහා බලන්න.

මේක ආණ්ඩුවකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කේවල කඳුළු සැලීම් හෝ ඉමෝෂනල් වීම් වලින් එලියට ඇවිත් අපි සමාජයක් හැටියට මෙතන තියෙන හිඩැස තේරුම් ගන්න වෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණශීලී විසඳුම් කල්පනා කරන්න වෙනවා.

දෙමව්පියන්ට සැලකීම කියන පුද්ගල සදාචාරය වැඩිහිටියන්ගේ සුරක්ෂිතභාවය කියන සමාජ සදාචාරයට විතැන් කරගන්න වෙනවා.

-චින්තන ධර්මදාස

Tuesday, April 25, 2017

මීතොටමුල්ලේ ජේතවනය


ජේතවනය කියන්නෙ නිකම්ම විහාරයක් නෙමෙයි. ඒක හැදෙන්නෙ තේරවාදී භික්ෂූන්ගේ ලොකුම තැන වුණ මහා විහාරය විනාශ කරලා. එක විදිහකට ඒක අපේ සංග සාසනේ කියන එකේ සදාතනික බල අරගලය ගැන හොඳ ආර්ට් පීස් එකක්.

අනිත් පැත්තට කටවහරෙ අපි ජේතවනය කියන්නෙ විශාල වණයකට, තුවාලෙකට. මාර ජේතවනයක්නෙ කියල යෙදෙන්නෙ මාර වාතයක් කියන අදහසින්. දැන් හෙළ උරුමයෙ හාදයො ටික ජේතවනය වෙනුවෙන් පෙනී ඉන්න කියල පොලිස්පතිට ලියුම් ලිවීමේ ජෝක් එක හරහා මේ විහාරෙ හරි ආර්ට් පීස් එක හරි අර තුවාලය කියන තේරුමට තල්ලූ කරගෙන යනවා.

මුවිඳු බිනෝයි මේ ඩිජිටල් කොලාජ් කියන ආර්ට් ප‍්‍රවේශය ලංකාවට අඳුන්නලා දෙන්න වැඩකරපු කීපදෙනාගෙන් කෙනෙක්. මුවිඳුගෙ වැඩවල තිබුන විශේෂත්වය වෙන්නෙ ඒවා අපේ සමාජ සංස්කෘතික දේශපාලනික සංසිද්ධි ගැන කිසිම විචාරයකට හෝ විනිශ්චයකට නොගිහින් හුදු ප‍්‍රකෘති නිරීක්ෂණයක් විදිහට ඉදිරිපත් වෙන එක. කොලාජ් කියන්නෙම තැනින් තැනින් එකතු කරගත්ත කෑලි වලින් අමුනල හදන ආර්ට් එකක් කියන අදහස. එතකොට ඒ එකතු කිරීම් නිකම්ම කොල කෑලි හෝ රෙදි කෑලි වෙනවට වඩා මුවිඳු එයාගෙ ආර්ට් එක ඇතුලෙන් කොලාජ්වලට වෙන ගැඹුරු අදහසක් ඇඞ් කරනවා. ඒවා ඇත්තටම කල්චර් කොලාජ්. එයා අමුණන්නෙ සංස්කෘතියෙ එක එක කෑලි. එකම මොහොතක එක එක තැන විසිරිලා තියෙන ඒ සංස්කෘතික කෑලි එක චිත‍්‍රයක් උඩට දැම්මම ඒකට වෙනම තේරුමක් හැදෙනවා. අපි පිනා යන්නත් හෙළ උරුමයට මළ පනින්නත් හේතු වෙන්නෙ මේ තුන්වෙනි තේරුම. නැත්තං මීතොටමුල්ල මෙහේ තිබුන, ජේතවනය අනුරාදපුරේ තිබුන. ඒත් මුවිඳු ජේතවනය උඩට මීතොටමුල්ලෙ කුණුගොඩ සමපාත කිරීම හරහා මේ සංස්කෘතික කලාප  දෙක කොලාජ් කළා. ඇත්තටම කිව්වොත් කුණු ප‍්‍රශ්නය ආගමික ප‍්‍රශ්නයක්,  ආධ්‍යාත්මික ප‍්‍රශ්නයක්, ජාතික ප‍්‍රශ්නයක් කියන තැනට සංවාදය ලොකු කළා.

මේ කොලාජ් එක ගැන කරන හැම දේශපාලන පැත්තට බර සංවාදයකින්ම වෙන්නෙ ඒකෙ තියෙන ආර්ට් එක හෑල්ලූ වෙන එකයි. ඒක ඒ චිත‍්‍රය දුටු සැනින් හිතේ ඇතිවෙන ක්ෂනික අවබෝදය හෝ රසය කියන තැනින් ගලවලා බුද්දාගම හෝ ඊට ප‍්‍රතිවිරුද්දව ආගමික විරෝදය කියන තැනට ගෙනියන එකෙන් ආර්ට් එක මැරෙනවා. එතනින් එහාට ඒ ආර්ට් එක වැඩ කරන්නෙ මේ ප‍්‍රතිවිරුද්ද අන්තයන් දෙකේ තේරුම් අතරෙ විතරයි. ඒකට අදාල බහුවිද අර්ත රස නිරූපන හැකියාව ඒකෙන් අවලංගු වෙනවා. බෝලෙ වැටෙන්නෙ වෙන පිට්ටනියකට. මොනවා කරන්නද?

අපි හැම තැනම දාගැබ් හදහද ගිය රටක්. දැන් හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම හිටවනවා වගේම ඒ කාලෙ රජෙක් රජෙක් ගානෙ දාගැබ් හැදුවා. ඒක අපේ උරුමය. ඒ දාගැබ් වගේම අපි දැන් තැනින් තැන කුණු කඳු ගොඩගහනවා. ඒ කුණු කඳු නිසා සියගනං ජනතාව එකවර නිවන් යනවා. ඒක බලන් ඉඳලා තවත් ජනතාව නිවන් අවබෝද කරගන්නවා. මේ වෙද්දි වල්වැදී තියෙන ජේතවනයට වඩා මීතොටමුල්ල කුණු දාගැබ සමාජය ගඳෙන් අවදිකරනවා.

එකක් පරයා එකක් නැගෙන උස දාගැබ් වගේම එකකට පස්සෙ එකක් නැගෙන කුණු කඳු කියන්නෙ අපේ ගිල්ටිය නෙමෙයිද. අපි පව් වලින් අත්මිදෙන්න දාගැබ් හදනවා වගේම කුණු වලින් අත්මිදෙන්න කුණුකඳු හදනවා.

මං තේරුම් ගත්ත බුද්දාගම පැත්තෙන් ගත්තත් කුණු කියන්නෙ දහමට නිගාවක් නෙමෙයි. ඒ වෙනුවට කුණු තමයි දහම. ක්ලේශය. තෘෂ්ණාව. ඒක ගැන තමයි බුදුන් බණ කියන්නෙ. බුද්ද ශරීරය වුනත් කුණු ගොඩක් කියලයි බුදුන් උපමා කරන්නෙ. එතකොට මීතොටමුල්ල කුණු කන්ද ජේතවන විහාරය උඩින් තැබීමම බුදු දහම නැවත අවධාරණය කිරීමක් වෙනවා. කිසි පණක් නැතුව ඔහේ අවතැන් වෙලා හිටපු ජේතවනයට මේ චිත‍්‍රය හරහා ප‍්‍රබල ආධ්‍යාත්මික පණිවුඩයක් ඇතුල් වෙනවා. මේ තෘෂ්නා කන්ද, මේ කෙලෙස් කන්ද පිරියම් කරලා වහගෙන ඉන්නෙ නැතුව සත්‍යය අවබෝද කරගන්න කොලාජ් එක බණක් කියනවා.

මේ චිත‍්‍රය බුදුන්ගේ දහමට නිගාවක් වෙන්නෙ කොහොමද කියල හෙළ උරුමය පැහැදිලි කරන්න  ඕන. බුදුන් වදාල ධර්මය, සිංහල බුද්දාගම කියල ලේබල් කරගෙන ඒ දහමෙ සතු සියලූ ආධ්‍යාත්මික ගුණයන් එහෙම්පිටින්ම වල දාපු, පන්සලේ හිටපු භික්ෂුන් පාර්ලිමේන්තුවට යවපු, අන්තිමට මිනීමරන එක පවා බුදුන්ගේ නමින් ලෙජිට් කරපු, හෙළ උරුමය, බොදු බල සේනා, රාවනා බලය වගේ සංවිදානවලට තව රකින්න ඉතුරු වෙලා තියෙන බුදුදහමෙ ගරුත්වය මොකක්ද?

ඇත්තටම නං මේ වැඩෙන් වෙන්නෙ මේ ආර්ට් පීස් එකට වැඩි පබ්ලිසිටියක් හම්බුවෙන එක. ඒක වැඩි පිරිසක් විසින් නරඹන එක. විඳන එක සහ ඒ මත පහරන එක. ඒක හොඳ දෙයක්. මුවිඳුගෙ ආර්ට් එකට කෙළවුනාට කරන්න දෙයක් නෑ. මේ තමයි අපි ආර්ට් විඳින විදිහ.

ප.ලි. ජේතවනය කුණු වලින් පුරවමු කියල මේ ආර්ට් එකේ අදහස මැටිම ලිටරල් තැනකින් ගත්තත් ඒකෙන් කියන කතාව ලොකුයි. ජේතවනය වගේ විහාර ඉස්සරහ යන තැනක අරන් යන්න කුසල් කඳු ගහන අයගෙම කසල තමයි මීතොටමුල්ලෙ නාය යන්නෙත්. ඒ කුසල් කන්ද ඉස්සරහ තමන් පුරවන කුණු කන්ද තියලා පෙන්නන එකම ලංකාවෙ බොරු උපාසකකමට හොඳ කම්මුල් පාරක්, ඇහැරෙන්න. සිහියට එළඹෙන්න.

මේ චිත‍්‍රයෙ අර්තයන් අනන්තයි. ඒ හින්දම ලියල ඉවර කරන්න අමාරුයි. ඒත් ජේතවනය වගේ මහා දාගැබ් කියන්නෙ අපේ උරුමයක අබිමානය වගේ දෙයක් නම් මීතොටමුල්ල කුණුකන්ද කියන්නෙත් ඒ තරමටම උස අපේ අවමානයේ සළකුණක් නෙමෙයිද. මේ චිත‍්‍රයට විරුද්ද පැමිනිල්ල කියන්නෙත් අපි ආගමික අතින් ඉතියෝපියාවත් එක්ක කොච්චර ළ`ගට ඇවිත්ද කියන එක යලි මතක් කිරීමක් නෙමෙයිද.

-චින්තන ධර්මදාස

Monday, April 17, 2017

කුණුවෙන්න කලින් ඇහැරෙන්න



මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ගමන් හැමෝම බැලූවෙ ආණ්ඩුවට බැනලා හිත නිදහස් කරගන්න. ඒක තමයි සිද්දයකදි වෙන්න පුළුවන් නරකම දේ මට හිතෙන්නෙ. බෝලෙ කාට හරි පාස් කරන එක. යමක් සිද්ද වුනාම ඒකෙ තමන් වගකිව යුතු කොටස ගැන හැගීමක් පුරවැසියො විදිහට අපිට නෑ. තාත්තාගෙන් වගේ ආන්ඩුවකින් හැමදෙයක්ම කෙරෙන කල් බලන් ඉන්නවා.

මීතොටමුල්ල ගැන ආන්ඩුවෙ වගකීමක් නෑ කියනවා නෙමෙයි. මේ අවදානම්කාරී තත්වය ගැන ඉක්මණින් කටයුතු කිරීමේ වගකීම ආන්ඩුව පැහැර හැරලා තියෙනවා. ඊටත් වඩා සමාව දිය නොහැකිම, ආණ්ඩුවේ දුබලතාවය ලැජ්ජාසහගත විදිහට පේන තැන වෙන්නෙ කන්ද නාය ගියාට පස්සෙත් ? දෙක වෙනකල්  කිසි දෙයක් නොකර බලන් හිටපු එක.

ආණ්ඩුව මේ ගැන යම් යම් උත්සාහයන් දැරුවා. ඒත් කුණු කන්ද වෙන තැනකට මාරු කරනවා ඇරෙන්න වෙන විකල්පයක් ආණ්ඩුවට නෑ. ඒක පුත්තලම පැත්තට අරන් යන්න හදනකොට ඒ පළාතෙන් ඒකට විරුද්දව උද්ගෝෂණ ඇතිවුනා.

ඊට පස්සෙ ඉතාම මෑතක කුණු වර්ග කිරීමේ පිලිවෙතක් ආන්ඩුවෙන් අඳුන්නලා දුන්නා. කුණු වර්ග කරලා මුදාහරින්නෙ නැතුව කුණු ප‍්‍රශ්නෙට කිිසිම දිගුකාලීන විසඳුමක් යොදන්න පුළුවන්කමක් නෑ. ඒත් ඒකට බැක් එන්ඞ් එකක් නිර්මාණය කරගන්න ආන්ඩුවට පුළුවන්කමක් තිබුනෙ නෑ,
කුණු ප‍්‍රශ්නය කුණු වෙවී තිබුන.

කුණු කන්ද මිනිස්සුන්ගෙ ඔලූව උඩට කඩා වැටෙන්නෙ මේ අතරෙ. දැන් ආණ්ඩුව මේ ගැන මොන විදිහක ක‍්‍රියාමාර්ග ගත්තත් ඒ වෙනුවෙන් මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ද වෙලා ඉවරයි.
මේ වෙලාවෙ ඇ`ග බේරගන්න මොකක් හෝ ඉක්මන් ගැටයක් ගහනවා වෙනුවට කුණු ප‍්‍රශ්නෙට තිරසාර විසඳුමක් දෙන්න ආන්ඩුව කල්පනා කරන්න  ඕන. මේ කුණු කන්ද තව කොහෙට හරි ගිහින් දාන්න පුළුවන්. ඒත් ඒක තව ප‍්‍රශ්නෙක ආරම්භයක් විතරයි.

ආණ්ඩුව වගේම මේ රටේ ජීවත් වුන, දිනපතා කුණු බැහැර කරපු නාගරික අපි හැමෝමත් මේ කන්දෙ වගකීම බාරගන්න  ඕන. බබ්බු වගේ ආන්ඩුවලට අත් දික් කර කර අ`ඩනවට වඩා පරිණතව ප‍්‍රශ්නය බාරගන්න  ඕන. මේ කුණු කන්ද නවත්තන්න අපි කවුරුවත් මොනවවත් කරලා තියෙනවද?
නොදැනුවත්කම නිදහසට කාරණයක් වෙනවා නම් අපි වගේම ෂුවර් එකටම ආන්ඩුවත් කල්පනා කළේ නෑ මේක මේ වෙලාවෙ කඩන් වැටෙයි කියල.

අපි නාගරික කුණු බැහැර කිරීමේ සංස්කෘතියක් නැති ජනතාවක්. පාරක් පාරක් ගානෙ කුණු දැමීම බල්ලන්ට පමණයි කියල නොනැවතී දාන උන්ගේ අම්මලවත් මතක් කරලා බෝර්ඞ් ගහලා තියෙන්නෙ ඒකයි. මීතොටමුල්ලෙත් ‘කුණු දැමීම බල්ලන්ට පමණි’ කියල ලොකු බෝර්ඞ් එකක් තිබුන නං එතන කන්දක් උසට කුණු දාපු බල්ලො වෙන්නෙ කවුද?

අධිකරණ නියෝග පවා නොතකමින් මේ කුණු දැමීම කරගෙන යන එක සිවිල් සමාජ පුරවැසියො කාටවත් ගැටලූවක් වුනේ නෑ. අපි කාටවත් මේ වෙනකල් කුණු ප‍්‍රශ්නෙ අදාල වුනේ නෑ.
 ඕනම ප‍්‍රශ්නයකට විසඳුමක් හොයන්න නම් ඒ ප‍්‍රශ්නෙ සමාජගත කරන්න  ඕන. ඒක සිද්ද වෙන්නෙ ඒ වෙනුවෙන් මැදිහත්වෙන සිවිල් ක‍්‍රියාකාරිකයො අතින්. වෙන තේරෙන විදිහකට කිව්වොත් ඒක මිනිස්සුන්ගෙ ජීවිත ඩිස්්රප්ට් කරන කැම්පේන් එකක් බවට පත්වෙන්න  ඕන. ආණ්ඩුව වගේම ජනතාවත් මොකක් හරි දෙයක් සීරියස් විදිහට බාරගන්නෙ ඒකට ලැබෙන ඇටෙන්ෂන් එක උඩ. මේක සාධාරණ නෑ හෝ  නොමිනිස් තත්වයක් හෝ කියල කාට හරි තර්ක කරන්න පුළුවන්. ඒත් ඒක මේ වෙනකල් සිද්ද වෙලා තියෙන්නෙ ඒ විදිහට.

ලංකාවෙ ගොඩක් දේවල් එහෙම කැම්පේන් එකක් වෙන්නෙ ඒක පිටපස්සෙ සෙට්වෙන පොලිටිකල් උවමනා අනුවයි. සයිටම් ප‍්‍රශ්නෙ රටේ තීරණාත්මක ප‍්‍රශ්නයක් වෙලා කුණු කන්ද නෑසී යන්නෙ ඒ පොලිටිකල් උවමනාවල වෙනස හින්ද. මීතොටමුල්ල කුණු කන්ද කාටවත් වාසියක් තියෙන කැම්පේන් එකක් බවට පත් වුනේ නෑ.

මේක මීතොටමුල්ලට වගේම රටේ තවත් ගොඩක් ව්‍යසන සම්බන්දයෙන් පොදුයි. බන්ඩාරවෙල පැත්ත තනිකරම කාන්තාරයක් කරමින් ක‍්‍රියාත්මක වෙන උමා ඔය ප‍්‍රශ්නය කාටවත් අදාල නෑ. ඒ පලාත්වල මිනිස්සු බවුසර් එනකල් බලන් ඉන්නවා වතුර බොන්න. තවත් ප‍්‍රදේශ ගනනාවක් මේ විදිහටම මේ ව්‍යාපෘතිය නිසා හිඳිලා යන්න නියමිතයි. ඒත් මේ තැන්වල විරෝදතා නැගලා යන්නෙ නෑ. ඒත් විල්පත්තුව ඇවිලිලා යනවා. එතන ජාතිවාදී පෙට‍්‍රල් තියෙන හින්ද. සයිටම් ඇවිලිලා යනවා. ලංකාවෙ ඇරිස්ටොක‍්‍රසිය සලිත වෙලා තියෙන හින්ද. ඒත් කුණු කන්දක් වෙනුවෙන් ස්ට‍්‍රයික් කරන්න කවුරුවත් හිතන්නෙවත් නෑ.

මේ වගේ ප‍්‍රශ්නෙක වගකීමේ ලොකු කොටසක් පැවරෙන්නෙ සිවිල් බුද්දිමතුන්ට. නාය ගියාට පස්සෙ ඒ ගැන අනාවැකි කී අපේ ආචාර්යවරයා කියල ආඩම්බර වෙන දුප්පත්කම මිස ඒ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න තමන්ට නොහැකිවීම ගැන පශ්චාත්තාපයක් අපේ උගතුන්ට නෑ.  පත්තරේකට ගිහින් ලිපියකට කතාව කියල තමන්ගෙ කාරිය කොළා කියන ජයග‍්‍රාහී හැගීමෙන් ඉතින් ඉන්නවා.

ලංකාවෙ කුණු ප‍්‍රශ්නය ගැන මීට වඩා සිවිල් බුද්දිමතුන් මැදිහත් විය යුතුව තිබුන. ඒ වෙනුවෙන් මැදිහත් වුනු පිරිස්වලට බැරි වුනා මේක දැනෙන ප‍්‍රශ්නයක් බවට පත්කරන්න. ඒ අයට පත්තර, ටීවී වගේ පරණ මාධ්‍ය වෙනුවට නූතන මාධ්‍ය පාවිච්චි කරන සන්නිවේදන දැනුම හි`ගකම මේ වගේ තැන්වලදි ලොකුවට බලපානවා. (කීපදෙනෙක් තමන්ට පුළුවන් උපරිමයෙන් මේ ගැන කරපු වැඩකොටස අවතක්සේරු කරනවා නෙමෙයි).

මේ වගකීමෙන් මං වුනත් නිදහස් නෑ. බැහැර කරන දේට වෙන්නෙ මොකද්ද කියන සවිඥාණකත්වයෙන් තොරව ජීවත්වීමෙන් මං ජීවිත ගානක් හානි කරලා තියෙනවා. පුරවැසියෙක් හැටියට මගේ ශික්ෂණයෙ ප‍්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා එතනදි මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? අපි අපිට වඩා හොඳ ආණ්ඩුවක් ගැන හීනයක ජිවත් වෙනවද?

ඊළ`ගට වෙන්න නියමිත දේ තමයි මේක වෙනත් රොමැන්ටික් අන්තයකට ඇදගෙන යන එක. මං විසි කරන ටොපි කොලය පවා අප්සෙට් කියල පරණ සීනි ගොටු සංස්කෘතියට ආපසු යාමේ නොස්තැල්ජියාවක් දක්වා මේක දුරදිග යන්න පුළුවන්. ප්ලාස්ටික් භාවිතය මේ හැමදේකම දරුණු හතුරා කරලා අපිට පුළුවන් බොරු හරිත බුබුළක් හදාගන්න.

ඒත් මේ ටීනේජ් ගතියට වඩා අපි ප‍්‍රයෝගික වෙන්න  ඕන. ප්ලාස්ටික් නෙමෙයි ප‍්‍රශ්නෙ. ප්ලාස්ටික් කියන්නෙ මිනිස්සු අතින් නිර්මාණය වුණු සුවිශේෂීම දෙයක්. ලෝකෙ දෙවෙනි කාර්මික යුගය නිර්මාණය වුනේ ප්ලාස්ටික්වලින්. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ප්ලාස්ටික් දිරාපත් කරන ක‍්‍රමයක් අපි තාම හොයාගෙන නැති එකයි. දිරාපත්වන ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් දිරාපත් කළ හැකි තාක්‍ෂණයක් හෝ මිනිස්සු ඉදිරියේදී හොයාගනීවී. එතකල් අපිට සිද්ද වෙනවා පුළුවන් උපරිමයෙන් ප්ලාස්ටික් කළමනාකරණය කරන්න. අපි හිතන්න  ඕන ප්ලාස්ටික්වලින් ඔබ්බට නැත්තං පෝස්ට්-ප්ලිස්ටික් යුගයක් ගැන මිස ප‍්‍රි-ප්ලාස්ටික් විසඳුම් ගැන නෙමෙයි.

කාවවත් වැරදිකාරයෙක් කිරීම හෝ බැක්වර්ඞ් ටයිම් ට‍්‍රැවලින් මෙතනදි වැඩක් වෙන්නෙ නෑ.

අපිට සිද්ද වෙනවා මීතොටමුල්ල කුණුකන්ද ගෙට ගන්න. ඒක දියවන්නාවට තල්ලූකරලා අත්හෝදගෙන ගෙදර එන්න  කාටවත් බෑ.

Sunday, April 9, 2017

දැනුමයි විනෝදයයි



මට මෑතක අලූත් යාලූවෙක් මුනගැහුන. එයා ඉංජිනේරුවෙක්. ඒ වගේම සමාජ කාරණා ගැනත් ගොඩක් උනන්දු වෙන කෙනෙක්. දේවල් දකින විදිහ වෙනස්. හැමදෙයක්ම හරියට ගනං ගැටලූවක් වගේ. එයා මට ගෙනාවා අදහසක්. ලංකාව පොලිටීෂන්ස්ලගෙන් තොර රටක් කරමු කියල. ‘ඩිමොක‍්‍රසි විතවුට් පොලිටිෂන්ස්’.  එයාගෙ අදහස වුනේ දේශපාලකයො එක්ක යහපත් රාජ්‍යය කියන කන්සෙප්ට් එකට යන්න බෑ කියල. ඒ වෙනුවෙන් දේශපාලන ක‍්‍රමය නැත්තං සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා කියල.

මං හිතන්නෙ අපි හැමෝම එකපාරට එකග වෙන්න බලනවා ‘දේශපාලකයො නිවාඩු යවමු’ වගේ තේමාවකට. කතාව තවත් දිගට යනවා. මගේ යාලූවා කියන්නෙ මිනිස්සුන්ගෙ ඡුන්දෙන් මේ තෝරගන්න ක‍්‍රමය තනිකරම බොරුවක් කියල. ඒකෙ ජනතා මතය හරි මොකක් හරි නිරූපනය වෙනවා වෙනුවට නිරුපනය වෙන්නෙ රැුවටීම, දුෂණය වගේ කාරනා කියන එක.

ඒ වෙනුවට එයා විකල්පයක් යෝජනා කරනවා. සියලූ වගකිව යුතු ධූරයන් අදාල විෂයන්වල ප‍්‍රවීනයන්ට පවරන්න  ඕන කියල. අමාත්‍යවරු කියල කට්ටියක් නෑ. ඒ වෙනුවට තෝරාගන්නා ලද බුද්දිමතුන් සෙට් එකක් ඉන්නවා. ඒ තෝරා ගැනීම කරන්නෙ ජොබ් එකකට බඳවා ගන්නවා වගේ විධිමත් අපක්ෂපාතී සිස්ටම් එකක් ඇතුලෙන්.  ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ අයදුම් පත‍්‍රය අදාල ධූරයට එවන්න.

දේශපාලකයන්ව නිවාඩු යවන්නෙ කොහොමද කියන එක ගැනත් එයාගෙ අදහසක් තිබුන. ඒක එච්චර අදාල නැති නිසා මං ලියන්නෙ නෑ. ඒ සැලැස්ම අනුව හැමදෙයක්ම හරිම ප්‍රොෆෙෂනල් සිස්ටම් එකක රන් වෙනවා. ජනතාවගේ කැමැත්ත විමසන්නෙ අවශේෂ ඔවුන්ට ඍජුව බලපාන සහ ඔවුන්ට ඇත්තටම අදහසක් ඇති කාරණා ගැන විතරයි. දැනට ජනතා මතය විමසන කාරණා ගැන ඒ මිනිස්සුන්ට කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා එතන වෙන්නෙ රැුවටීමක්. විශේෂයෙන්ම ජනතාව කියන එකමත් දේශපාලකයො විසින් ගොඩනගා ගත්ත බොරුවක් කියල එයා තර්ක කළා.

මාත් එක්ක හිටපු අනෙක් අය ගොඩක් එකග වුනා මේ කතාවට. කරන්න අමාරුයි තමයි ඒත් කළොත් ඒක තමයි වැඬේ වගේ තැනක හිටියෙ. මේක ගොඩක් දුරට ටෙක්නොක‍්‍රසිවලට ළ`ග අදහසක්. සමාජ ආර්තික ප‍්‍රශ්න විසඳන්න සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ක‍්‍රමයන් පාවිච්චි කළ යුතුයි කියන වර්ගයේ යෝජනාවක්. හයිපොතිසීසයක්. මෙතනදි ආගම, සදාචාරය වගේ දේවල් පුද්ගලික කාරණා බවට පත්වෙනවා. ඒවා රාජ්‍ය සම්බන්ද වෙන දේවල් නෙමෙයි. රාජ්‍යය තනිකරම සමාජයේ සම්පත් බෙදාහැරීමේ පාලනය, සංවර්ධනය වගේ කාරණා වෙනුවෙන් මැදිහත්වෙනවා. හැමදෙයක්ම ක‍්‍රියාත්මක වෙන්නෙ පර්යේෂණ මගින් ඔප්පු කරන ලද න්‍යායන් හරහා. වරදින්න කිසිම විදිහක් නෑ. වැරදුනත් නැවත වෙන දිශාවකින් ට‍්‍රයි කරන්න කිසි බාධාවක් නෑ.

මේ දැනුවත් අය විතරක් සහභාගි වෙලා රටේ සමාජයේ ප‍්‍රශ්න විසඳන අදහස මගේ යාලූවට විතරක් නෙමෙයි දැනඋගත් කියල හිතන- සම්මත ගොඩක් හාදයන්ට තියෙනවා. කියවලා එන්න, හදාරලා එන්න, ඔයා දන්නෙ මොනවද, කරලා තියෙන්නෙ මොනවද වගේ ප‍්‍රශ්න එන්නෙ එතනින්. ඒක මිනිස්සු දැනුවත් කිරීමේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. ඒ වෙනුවට දැනුම බලයක් හැටියට පාවිච්චි කිරීමේ ප්‍රොජෙක්ට් එකක්. සමහර අය මේ ගැන දැනුවත්වත් සමහර අය නොදැනුවත්වත් මේ අදහසේ එල්ලිලා ඉන්නවා.

මගේ යාලූවා ලස්සන කතාවක් කිව්ව. දෙවියො නැත්තං ආගම ගැන විශ්වාසය හරියට මාස්ටර්බේෂන් එකක් කියල. මට යතුරක් ඇරුන.

දෙවියන් ගැන විශ්වාසය මාස්ටර්බේෂන් එකක්. විද්‍යාව ගැන විශ්වාසය සංසර්ගයක්. සංසර්ගය වඩා ප්‍රොඩක්ටිව් වෙන්න පුළුවන්. ඒත් මාස්ටර්බේෂන් එක වඩා තෘප්තිමත් නිදහස් ප‍්‍රකාශනයක්.
විද්‍යාව කියන්නෙ දන්න දේ. දෙවියන් කියන්නෙ නොදන්න දේ. දෙවියො විශ්වාස නැති කිසි කෙනෙක් මට අනුව ගැඹුරු මිනිහෙක් නෙමෙයි. (මේ කියන්නෙ ආයතනික දෙවියන් ගැන නෙමෙයි. තමන්ට පර්සනල් දේවත්වයක්. ආයතනික දෙවියන් කියන්නෙත් ටෙක්නොක‍්‍රසි ප‍්‍රකාශනයක්)

අපේ දේශපාලන ක‍්‍රමය ඇතුලෙ අපි නිතර දුර්වලතාවයක් විදිහට දකින දේක අතිශය වැදගත්කමක් මට පේන්න ගත්ත. අපේ ආයතනික මට්ටමේ ගොඩක් තැන්වලට තනතුරුවලට පුද්ගලයො ගනිද්දි වැඩකරන්නෙ අපේ යාලූවා කියන විදිහට.  සුදුසුකම් අනුව, ප‍්‍රවීනතා අනුව. (මෙතනදිත් සම්බන්දකම්, ගොට්ට ඇල්ලීම් වැඩ කරන්න පුළුවන්. ඒත් සම්මතය අර විදිහයි*. ඒත් ඊට උඩින් අපි ඇමති කෙනෙක් දානවා. ඒ ඇමති එන්නෙ සුදුසුකම් අනුව නෙමෙයි. කිසිම සුදුසුකමක් නැති වුනත් මිනිස්සු කැමති නම් එයාට ඇමති කෙනෙක් දක්වා යන්න පුළුවන්. කොලිෆිකේෂන් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක තනිකරම අතාර්කික මිනිස් කැමැත්ත මත තීරණය වෙන දෙයක්. බොරුව, මෝඩකම, නොදැනීම, ආදරය, කැමැත්ත, උදව්පදව් ආදී අනේකවිධ කාරණා බලපෑම් මත තීරණය වෙන දෙයක්. හැම තාර්කික පිළිවෙතකම මුදුනෙ මේ අවිනිශ්චිතතාවය, අතාර්කික ඔටුන්න අපි තියනවා.

මම ඇත්තටම හිතන විදිහට මිනිස්සු පාලනය වෙන්න  ඕන මිනිස්සු වගේම දුර්වල, වැරදි කරන, ප‍්‍රතිවිරෝධතා සහිත, සාමාන්‍ය මිනිස්සු අතින්. උත්තරීතරකම වෙනුවට පරිණත මිනිස්කම තෝරාගැනීම වෙන්න  ඕන.
ඒක හරියටම නොදන්නා දෙවියන් පවත්වාගන්නවා වගේම වැඩක්. අතිශය වැදගත් කාරණයක්. තමන් දන්නවා කියා විශ්වාස කරන දෙය විසින් නිශ්චිතව කරන පාලනයකට වඩා නොදැනීම විසින් කරන අවිනිශ්චිත පාලනයක නිදහස වගේම නිර්මාණශීලීත්වයත් වැඩියි. ඇහුම්කන් දීම සහ පවතින තත්වයන් අනුව වෙනස් වෙමින් හැඩගැහීම දියුණුයි. ඒ වගේ අවකාශයක දැනුමට සිද්ද වෙනවා ආධිපත්‍යය අත්ඇරලා ජන ජිවිතයේ කොටසක් වෙන්න. දන්නා අයට සිද්ද වෙනවා නොදන්නා අය ළ`ගට ගිහින් තමන් දන්නා දේ කියල දෙන්න. නැත්තං ඒ දැනුමට වැටුපකට එහා කිසි බලයක් හිමි නොවී යනවා.

අපි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ අර්බුද, දොස්තර අර්බුද ආදිය විදිහට දකින්නෙ මේ දැනුමේ ආධිපත්‍යය හෑල්ලූ වීමේ අර්බුදය. ෆේස්බුක් එකේ දොස්තරලා, ලෙක්චරර්ලා, සහ ගොඩක් වම්මු පෙන්නමින් ඉන්නෙ ටෙක්නොක‍්‍රසි මානසිකත්වයේ අවුල.

සමාජයේ බලය තියෙන්න  ඕන දන්නා මිනිස්සු අතේ නෙමෙයි, නොදන්නා මිනිස්සු අතේයි. ඒ මොකද කියල කිව්වොත් දන්නා මිනිස්සු ඉතා සුළු කාලෙකින් නොදන්නා මිනිස්සු බවට පත්වෙන හින්දයි. උදා විදිහට ලංකාවෙ බුද්දිමතුන් යයි සම්මත  ඕනම කෙනෙක් යම් අතීත කාරණයක් ගැන පළකල අදහසක් අරන් බලන්න පුළුවන්. ටීවී එක ලංකාවට එනකොට අපේ විද්වත්තු මොනවද කිව්වෙ? රේඩියෝව විසින් පරිකල්පනය වැඩි කරනවා සහ මේ ටීවී එක විසින් පරිකල්පනය මොට්ට කරනවා කිව්වා. ඒක මහා අවුලක් ඇතිකරන තත්වයක් විදහට දැක්කා. ළමයින්ගෙ ටීවී බැලීම පාලනය කළා. ඒත් මිනිස්සු ටීවී බැලූවා. හැම ගෙදරකම සාලෙ ටීවී එකක් තිබුන. ඒක පොදුජන රාසාස්වාදන, සන්නිවේදන මාධ්‍යයක් විදිහට දැවැන්ත මෙහෙවරක් කළා. රේඩියෝවෙ තිබුණු විද්වතුන්ගෙ ආකෘතිය ටීවී එකට එද්දි හෑල්ලූ වුනා. ඒ වෙනුවට ජනප‍්‍රිය දේවල් වලින් ටීවී එක පිරුනා. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයක් නිර්මාණය වුනා. එෆ්එම් චැනල්වලටත් මෙහෙමයි. ෆිල්ම් වලටත් ඒකමයි.  ඕනම කාරණයක් ගැන ලංකාවෙ විද්වතුන්ට තියෙන්නෙ පසුගාමී මතයක්. එක අතකට විද්වතුන් ලෙස පෙනී සිටීමම පසුගාමී තත්වයක්.

 නොදන්නා මිනිස්සු යම් අලූත් අදහසක් බාරගන්න ලෑස්තියි. නොදන්නාකම නිසාම ඒ අයගෙ බාරගැනීමේ හැකියාව ලොකුයි. ඒක නූතන විද්‍යාත්මක හොයාගැනීමක ඉඳන් බුදු පිළිමෙකින් රැුස් විහිදීම වෙනකල් පළල්.
ඒත් දන්නා මිනිස්සු කිසි දෙයක් අලූතෙන් බාරගන්න ලෑස්ති නෑ. ඒ අය තමන්ගේ දන්නා දේ පරිස්සම් කර ගැනීම වෙනුවෙන් සටන් කරන්න ගන්නවා. තමන් දන්නා දේ පරණ වීම වළක්වාගන්න සියලූ අලූත් දේවල් පස්සට තල්ලූ කරනවා. හැම අලූත් දැනුමක්ම ඉස්සරහට එන්නෙ ‘නොදන්නා’ මිනිස්සුන්ගෙ තල්ලූව හින්දයි. කිසි දවසක පවතින දැනුම් පද්ධතියෙන් පිට වෙනත් පැරඩයිමයක් දකින්න ‘දන්නා’ මනසක් උත්සාහ ගන්නෙ නෑ.

මේක ආධ්‍යාත්මික කාරණාවලදි හොඳට පැහැදිලි කරනවා. බුදුන් පවා කියන්නෙ අවබෝධය ලබා ගන්න නම් දන්නා සියල්ල පැත්තකින් තියල එන්න කියලයි. (ථේරවාදී බුදුන් මෙහෙම කියන්නෙ නෑ. ථේරවාදය කියන්නෙම ඇකඩමියාවක්* මෙතනදි මූලික දේ වෙන්නෙ තමන් දන්නා බව අත්හැරීමයි. තමන් නොදන්නා බව නොදන්නා අය මෝඩයන් වගේම නොදන්නා බව දන්නා අය විශිෂ්ටයන් වෙනවා. ඒ කියන්නෙ තමන්ගේ දැනුමේ සීමිතබව ගැන අභ්‍යන්තර දැනීමක් ඇතිකමයි. ඒ සීමිතබව වෙනුවට අසීමිත නොදැනුමට  ඕන වෙලාවක දක්වන විවෘතබවයි. මෝඩකමට තමන් තුල ඇති ගෞරවයයි. ගොඩක් මහායානික, සෙන් දර්ශනවලදි මෝඩයා ප‍්‍රඥාවන්තයෙක් විදිහට නිරූපණය වෙන්නෙ ඒ හින්ද.

සමාජයක බලය හිමිවිය යුත්තෙ නොදන්නා බහුතරයක් මිනිස්සුන්ට. දන්නා සුළුතරයකට නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ තියෙන වැදගත්ම ලක්ෂණය ඒක. තීරණය පවතින්නෙ බහුතරය අතේ.  ඕනෑම බලයක් ඒ නාඳුනන බහුතරය අතින් අභියෝග වෙන්න පුළුවන්. තමන් දන්නා දේ අරගෙන ඒ නොදන්නාකමේ ගිලෙන්න පීනන්න මිනිස්සු ලෑස්ති වෙන්න  ඕන. සමාජයකට වැදගත්ම කාරණය වෙන්නෙ සංවර්ධනය හෝ සම්පත් බෙදී යාම නෙමෙයි. නිදහස සහ නිර්මාණශීලීත්වයයි.

අජිත් මුතුකුමාරණ කියන්නෙ ලංකාවෙ දැවැන්ත ආර්ටිස්ට් කෙනෙක් කියල බාරගැනීමත්, ෆේස්බුක් එකේ  ඕනෑම කෙනෙකුට  ඕනෑම මතයක් ගැන අදහස් දැක්වීමට ඇති අයිතිය ගරු කිරීමත්, පුද්ගලික විශ්ව විද්‍යාල වල මුදල් ගෙවා දැනුම ලබා ගැනීමේ අයිතිය පිලිගැනීමත් ආදී සියල්ල වැදගත් වෙන්නෙ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කරන හින්දයි.

නිදහස සහ නිර්මාණශීලීත්වය කියන දෙකටමත් මේ විද්වත්තු අත්දෙකම උස්සනවා.  ඒත් යටින් කොන්දේසි සහිතයි කියල දානවා. ‘නොදන්නවා’ කියන මිනිස්සු කොන්දේසි විරහිතව නිදහස සහ නිර්මාණශීලීත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා.

විද්‍යාව හැම තිස්සෙම සීමිතයි. අවිද්‍යාව ගැඹුරුයි, පරිණතයි.

Saturday, April 1, 2017

සමාන්තර විශ්වයන් අතර කාල තරණය.



අපි ජීවත්වෙන්නෙ මල්ටි ඩයිමෙන්ෂල් රියැලිටි එකක. මේක අපි කොහොමත් දන්න ඇත්තක් කියල හිතුනත් ගොඩක් වෙලාවට මිස්වෙන ඇත්තක්. මේ එක්කො මල්ටි ඩයිමෙන්ෂනල් වෙන නැත්තං පැරලල් රියැලිටීස් වෙන අපි එදිනෙදා දකින හැම මොහොතක්ම රස විඳලා ඉවර කරන්න බැරි තරම් විශාල විශ්වයන් පොකුරක්.
සරල විදිහට මෙහෙම කිව්වොත් ලේසි වෙයි. නාරාහෙන්පිට හන්දිය උදාහරනෙකට ගත්තොත්, මේ හන්දිය දවල් දොලහට පහු කරමින් ඉන්න පයින් යන මනුස්සයෙක් සහ ඒ වෙලාවෙම එතනින් වාහනේක යන මනුස්සයෙක් යතාර්තය කියල දකින දේ වෙනස්. එකම බෝ ගහ, එකම ට‍්‍රැෆික් ලයිට් එක, එකම කහ ඉරි, එකම දුවිල්ල, එකම අව්ව, ඒත් ඒ දෙන්නා එකම වෙලාවක පහුකරමින් ඉන්නෙ විශ්වයන් දෙකක හන්දි දෙකක්. ඒක හරිම ආතල්ජනක තත්වයක්. ඒත් අපිට එක මොහොතකදි පවතින්න පුළුවන් එක විශ්වයක විතරයි. ඒක අපේ දැනුවත් හෝ නොදැනුවත් තෝරාගැනීමක්.

අපි මොකක් හරි දෙයක් ගැන අදහස් දක්වන කොට ඒ දේ දිහා බලන දැක්ම එන්නෙ අපි පවතින විශ්වයට සාපේක්‍ෂව. ගොඩක් අප්සෙට් තත්වයක් වෙන්නෙ හැමෝම තමන් දකින යතාර්ථය හෝ තමන්ගේ දැක්ම ලෝකෙ පවතින එකම එක කියල සටන් වදින්න එන එකයි. නැත්තං හැමෝටම පුළුවන් තම තමන්ගේ විශ්වයන්වල ඉඳගෙන සාපේක්‍ෂ අදහස් අරන් එන්න. ඒ අදහස් වෙනුවෙන් වැඩ කරන්න. ඒ අදහස් ප‍්‍රචාරය කරන්න. එතකොට අදහස් අතර ගනුදෙනුවක් සිද්ද වෙනවා. ඒ හරහා විශ්වයන් අතර ගනුදෙනුවක් වෙනවා. තව තව ඇවනියුස් විවෘත වෙනවා. ඒ මොහොතේ කාලය හා අවකාශය විසින් තෝරාගන්නා යම් මතවාදයක් ක‍්‍රියාත්මක වෙනවා. බැහැර වුණු අනෙක් මතවාද සමනළ බලපෑම් ඇතිකරමින් ක්ෂුද්‍ර තත්වයේ වෙනස්කම් නිර්මාණය කරනවා. ඒක හරිම විචිත‍්‍ර මිනිස් අත්දැකීමක්. අපි සමස්ත වියමනක් වෙන්නෙ ඒ විදිහට. ඒත් අපි හැමවෙලාවකම උත්සාහ ගන්නෙ අනෙකාව වාරණය කරන්න. තමන්ගේ යතාර්ථය ලෝකෙ පවතින එකම එක කරන්න. ඒක ටිකක් නොදියුණු ගනයෙ අසහනකාරී එකක්.

මේ විදිහට සමහර කාල අවකාශවල අපි එක්ක එකම විශ්වයක පැවතුණු යාලූවො කාලෙකට පස්සෙ ආයිමත් මුනගැහෙනවා. වෙනස් විශ්වයක, වෙනස් යතාර්තයක ඉඳන්. හරියට ඈත ග‍්‍රහවස්තුවකින් එන සංඥාවක් වගේ. අපිට සංසාරික මතකයක් තියෙනවා ඒ ෆ‍්‍රීක්වන්සි එක ගැන. ඉතින් අපි අහගෙන ඉන්නවා. පරණ නොම්මර ඩයල් කරනවා.

මට ළ`ගදි මගේ කැම්පස් යාලූවෙක් කතා කළා. දැන් බැඳලා, ළමයි ලොකුවෙලා, ජීවිතේ ගතවෙලා. ටෙලිෆෝන් එකෙන් මං අහගෙන ඉන්නවා. මගේ යාලූවා කතා කරනවා.

‘මචං දැන් ඔහොම පිස්සු කරලා හරියන්නෙ නෑ නේද? අපිත් දැන් වයසයි. ලෝකෙට මොකක් හරි දෙයක් කරන්න  ඕන නැද්ද?’

මට තේරෙන්නෙ නැතුව ගියා. ටික වෙලාවකට මාව රික්තකයකට පාවෙලා යනවා දැනුනා. සියවස් ගානක් ඈත තරුවකින් ආපු සියවස් ගානක් පරණ පණිවුඩයක් වගේ.

ලෝකෙට මං මොනවා කරන්නද? අනික ලෝකෙට මොනාවත් කරන්න මං කවුද? අපි අපේ ජීවිත ඒ තරම් ලොකුයි කියල හිතාගෙන පුංචියට ජීවත් වුනේ කොයිතරම් ඈත කාලෙකද?

එතකොට මට කියාගන්න දෙයක් නැති වෙනවා. අපි ජීවත්වෙමින් ඉන්නෙ යතාර්ථයන් දෙකක. අපි පවතින්නෙ සමාන්තර විශ්වයන්වල. එතකොට අපි අපේ යතාර්ථයෙන් තවකෙනෙකුට ඒ විදිහට දමලා ගැහුවම අනිකාට පොල්ලක් අතට ගැනීම හෝ ගොළුවීමකට වඩා ඔප්ෂන් එකක් ඉතුරු වෙන්නෙ නෑ.
තාමත් අපිට මුනගැහෙනවා ලෝකෙට යමක් කරන්න ජීවිතේ කාලය කැප කරන මිනිස්සු. මේක ටිකක් හොඳට තේරුම් ගන්න  ඕන තැනක්. අපි, අපි කැමති යමක් කරමින් තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම සහ ඒ ඇසුරෙන් අපේ බාහිරයේ යම් යම් වෙනස්කම්වලට දායක වීම කියන්නෙ ස්වභාවික දෙයක්. ඒත් ලෝකෙට දෙයක් කරන්න ඉගෙන ගැනීම හෝ ලෝකෙ මුදවාගන්න කියල හිතන්න පටන් ගැනීම ටිකක් බයානක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන්.

අපිට ප‍්‍රශ්නයක් තියෙනවා නම් අපි විසඳගන්න ට‍්‍රයි කරනවා. අපිට ප‍්‍රකාශනයක් තියෙනවා නම් අපි ඒක එලියට දාන්න ට‍්‍රයි කරනවා. ඒත් අපිට ලෝකෙ වෙනස් කරන්න  ඕනවෙනවා කියන්නෙ  ඕනවට වඩා දුරදිග යාමක් කියලයි මට හිතෙන්නෙ. කොටින්ම ඒ වගේ අදහසක් ගැන මට කිසි දෙයක් හිතාගන්න බෑ, ‘එහෙනං හා’ කියනව ඇරෙන්න.

ඒත් මගේ යාලූවගේ ලෝකෙ වෙනස් කිරීමේ උවමනාවත් පවතින්න  ඕන. ඒක නොතේරෙන මමත් පවතින්න  ඕන. අර ටෙලිෆෝන් කෝල් එක වගේ අපේ යතාර්තයන් ක්‍රොස්වෙන තැන්වලදි අපි තේරුම්ගැනීම් ෂෙයාර් කරගන්න  ඕන. ෆ‍්‍රීක්වන්සි ගොඩක් දුර යතාර්තයන් පුළුවන් තරම් මගඇරලා ඉන්න එක ඵලදායී වෙන්න පුළුවන්. නැත්තං ඒවා ඩිස්රප්ෂන්ස් විදිහට අපිව අවදි කරන්නත් පුළුවන්.

මොනවා වුනත් අපි ජීවිතේ රසවිඳිනවා කියන්නෙ මේ අනන්ත ගානක යතාර්ථයන් රස විඳින එක. හැම මිනිහෙක් කියන්නෙම චිත‍්‍රපටි සීයක හොයාගන්න බැරි තරම් සවිස්තරාත්මක අපූර්ව විශ්වයන්. ඒ විශ්වයන්ට අපි ඇතුල්වෙන්නෙ ඒ අය එක්ක කරන අදහස් ගනුදෙනු ඇතුලෙන්.

අපේ එක ලොකු කරගන්න තරම් අපි ඇකිලෙන්නෙ නැති හැම වෙලාවකම අපි වඩා ලොකු එකකට ඇතුල්වෙනවා. අපේ ලෝකෙ වෙනස්වෙනවා. ඒත් ඒකට නමක් නෑ.

Wednesday, March 29, 2017

ඇග බේරා ගැනීම

.

කාලෙකට පස්සෙ ආයිමත් ටිකක් නිදහස් ලිවිල්ලක් ලියන්න හිතුනා. මාක්ස්, වම, සයිටම් වගේ එකකට පස්සෙ එකක් ගෝත මාතෘකාවල පැටලිච්ච හින්ද ඔලූව කම්කරු වෙලා තිබුනෙ. අපි මොන අප්රෝච් එකකින් කතාවට ආවත් මහ මුස්පේන්තු, දුක්ඛිත, කාලකණ්ණි ගතියක් ඒ සාකච්ඡුා ඇතුලෙ තියෙනවා. ආවේගශීලීයි. පාදඩයි. බුද්දිමයයි.

මොකක් හරි කරුමයක් හින්ද අපිට දේශපාලනය කියල මුනගැහෙන්නෙ මේ විදිහෙ දුක්කිත අදහස් ගනුදෙනුවක්. වඩා හයියෙන් කෑ ගැහිල්ලක්. රංචු වීමක්. පෙළපාලි සහ උද්ගෝෂණ කියන්නෙම ගෝත‍්‍රික ආතල් ගැනීමේ විදිහක්. ෆේස්බුක් එකේ වුනත් ජීවිතය ගැන සතුටක් ඇති කරන පෝස්ට් දකින්න හම්බුවෙන්නෙ කලාතුරකින්. ඒ දැක්කත් ඒවා ගොඩක් වෙලාවට වෙන රටවල ඒවා. මොනවා වුනත් පත්තර වලට සාපේක්‍ෂව ෆේස්බුක් එකේ යම් හෝ සතුටක්, හිනාවක්, ආතල් එකක් ගැවසෙනවා.

මේ දුක, වේදනාව, ආවේගය කියන්නෙ පොලොවෙ පවතින ඇත්තක් කියල කාට හරි හිතෙන්න පුළුවන්. ඒක හිතෙන්න විතරයි පුළුවන්. මේ හැම තත්වයක්ම අපි විසින් ආරෝපණය කරන තත්වයක් මිස ඇත්තක් නෙමෙයි. ඒක ඇත්තක් නම් ඊට ප‍්‍රතිවිරුද්ද ඇත්තවල් අනන්ත ගානක් ඒ කතා කරන මොහොත ගැන එකවිට පවතින්න පුළුවන්. මේ දුක්ඛිත, කණස්සලූ ස්වභාවය කියන්නෙ අපේ එක තෝරා ගැනීමක්.

මිනිස්සු ජීවත් වෙද්දි අනතුරු වලට මුහුණ දෙනවා, ලෙඩ හැදෙනවා, ඒකෙන් දුක්විඳිනවා, මැරෙනවා. මේක එක නැරටිව් එකක්. තව නැරටිව් එකක් විදිහට මිනිස්සු මේ අතර කාලෙදි විඳින සතුට ගැන කතාව එන්න පුළුවන්. හරියට නම් ප‍්‍රධාන නැරටිව් එක වෙන්න  ඕන ඒක. මොකද මිනිස්සු දුකට වඩා සතුටින් ඉන්න කාලය වැඩියි. ආර්තිකයෙන් අති දුක්ඛිතයි කියන කම්කරු හෝ නිර්ධන හෝ ජනතාවගෙන් කෙනෙක් වුනත් දුකට වඩා සතුටින් ඉන්න කාලය වැඩියි. අපි මේ දුක කියන්නෙ පිටස්තරව ඉඳන් ඒ ජීවිත දිහා බලන කලාකාරයො, දේශපාලකයො, මුනිවරු වගේ අය ප‍්‍රමෝට් කරපු නැරටිව් එක. දුක ගැන කතා කිරීමෙන් දුක නැති කරන්න බෑ. දුක නැති කරන්න නම් කතාව සතුට ගැන වෙන්න  ඕන. මොකද දුක කියන්නෙ හිතේ ඇතිවෙන තත්වයක් මිස පිටත පවතින වාස්තවික යතාර්තය හෝ ඒ වගේ මොකක් හරි නෙමෙයි.

ලංකාවෙ  ඕනම මනුස්සයෙක් මුනගැහුනම නිකමට අහලා බලන්න, ‘කොහොමද මචං’ කියල. ‘හොඳින් ඉන්නවා මචං...’ කියල උත්තර දුන්නත් ඒක දෙන්නෙ අමාරුවෙන් ගැටගහගන්නවා වගේ ටෝන් එකකින්. අපි පුරුදු වෙලා තියෙන්නෙ දුක කියන්න. ‘ආතල් එකේ ඉන්නවා මචං’ කිව්වොත් අනිත් එකා අවුලක් විදිහට ගනීද කියල අපිට සැකයි.

මිනිස්සු ඉපදෙන්නෙ සතුටු වෙන්න. අපි ඉපදෙන්නෙම දෙන්නෙකුගෙ සතුටෙ ප‍්‍රතිපලයක් විදිහට. ගාන්ධි වගේ රිප්‍රොඩක්ෂන් වෙනුවෙන් ළමයි හදපු දෙමව්පියන්ගෙන් ජාතක නොවුනු හැමෝම ඉපදෙන්නෙ සුරතාන්තයකට පස්සෙ. අර විදිහෙ ළමයි නිෂ්පාදනය වෙන්නෙ මැෂින් වලින් හින්ද සමහර විට ඇත්තේ කල් ඉකුත්වෙන දිනයක් විතරයි. මේ සතුට අත්විඳින්න අපිට තියෙන මාධ්‍යය අපේ ශරීරය. සතුට අවතක්සේරු වීම හරහා ශරීරය අවතක්සේරු වීමකුත් දරුණුවට සිද්ද වෙලා තියෙනවා.

පෙරදිග අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙම මනස මාරයි කියන එකෙන්. ශරීරය මාරයි කියන තැනට මාරුවෙන්න පුළුවන් දැක්මක් පෙරදිග නිර්මාණය වෙලා නෑ (තාන්ත‍්‍රික දර්ශනය ඇරෙන්න). මනස මූලික දැක්මක් හැදෙන්නෙම ශරීරය ප‍්‍රතික්‍ෂේප කිරීමක් එක්ක. හැම ඉන්ලෙක්චුවල් වැඩක් කියන්නෙම මරණය ජයගන්න කරන මානසික වෑයමක්.

ඒ වෙනුවට ශරීරය බාරගත්තොත් මොකක් වෙයිද? ශරීරය හැකි සෑම ආකාරයකින්ම තෘප්තිමත් කිරීම කියන එක. එතනදි ප‍්‍රධාන වෙන්නෙ සෙක්ස්. ඒත් ශිෂ්ටාචාරය නිර්මාණය වෙන්නෙම ඒක කරන්න පුළුවන් උපරිමයෙන්ම සීමා කරමින්. කසාද, ආදර සංස්ථා, ගිවිසුම් ඉක්මවා කොන්දේසි විරහිතව සෙක්ස් කරනවා කියන්නෙ ශරීරයේ භාෂාව ඉගෙන ගන්න හොඳ විදිහක්. ඒත් අපි අපේ මානසික සීමාවලට අනුව පුළුවන් හැමවෙලාවකම සෙක්ස්වලට සීමා පනවාගන්නවා. තෘප්තිය වෙනුවට අතෘප්තියේ මොහොත අධිතක්සේරු කරනවා. පිළිකාවට බයේ සිගරට් බොන එක නතර කරනවා.

ආධ්‍යාත්මික හෝ බුද්දිමය හෝ මනස මූලික කවර දේකට වුනත් වඩා ප‍්‍රමුඛත්වය හිමිවෙන්න  ඕන ශරීර වන්දනාවටයි. ඒක වචනයක් විදිහට වැරදි තේරුමක් ඇතිකරන්න පුළුවන් වුනත් පවතින මානස වන්දනාවේ ප‍්‍රතිපක්‍ෂය විදිහට කරන යෝජනාවක් විතරයි. ශරීරයේ භාෂාවට අවනත වීම හරහා අපිට පුළුවන් මනස මුල් කරගැනීම නිසා වෙච්ච අවුල් ගොඩක් විසඳගන්න. ඇත්තටම කිව්වොත් අපි දැනට දන්න, දකින අපිට වඩා වෙනස් මිනිහෙක්ව නිර්මාණය කරගන්න.

ජිම් එක කියන්නෙ එතනදි හොඳ සාධනාවක් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙතනදි ජිම් එක අවධාරණය කරන එක. හේතුව ඒක වෝක්ස් යාම හෝ යෝගා, තායිචී වගේ නැවතත් ඊස්තටිකලි මනස මුල් කරගත්ත අභ්‍යාස වෙනුවට අමුවෙන්ම ඇ`ග එක්ක ගනුදෙනු කරන තෝරා ගැනීමක් වෙන්න  ඕන. හොඳට බැලූවොත් ලංකාවෙ බුද්දිමය පැත්තට බර වැඩි අය ජිම් එක මගඅරින වගක් පේන්න තියෙනවා. ඇත්තම කාරනේ වෙන්නෙ ශරීරය තෘප්තිමත් කරන හැම පාරක්ම වැටිලා තියෙන්නෙ මේ බුද්දිමය අය විසින් නොතකා හරින ලද තැන් හරහා. අපිට වෝක්ස් යන ආචාර්යවරයෙක් දැකගැනීම සුලබ වුනත් ජිම් යන ආචාර්යවරයෙක් ටිකක් විතර ආගන්තුකයි.

එතනදිත් මං කැමති උපසංස්කෘතික තත්වයන් වර්ධනය වුණු පොඩි ජිම් වලට. ලොකු නම් වලින් තියෙන ජිම්වල ලැබෙන පුද්ගලික පුහුණුකරුවො එක්ක මේ කොමියුනය හැදෙන්නෙ නෑ. ඒ වෙනුවට එකිනෙකා උදව් කරගන්න, උපදෙස් දෙන ඒ පොඩි ජිම් ඇතුලෙ වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒක දුක, ප‍්‍රශ්න, කනස්සල්ල, යතාර්තය හෝ වෙන කිසිම බහුබූතයක් නැති අවකාශයක්. සෙක්ස්වලදි ඇහෙන සද්ද හා සමාන හුස්ම ඉහල පහල යාම්, කෙඳිරීම් ඇතුලෙ හැදෙන ජීවිතයට අනුරාගී පරිසරයක්.

එතනදි අපි හැම මාංශ පේශියක්ම සුරතාන්තයට පත්වෙන කල් ඒ එක එක සිරුරු කොටස් එක්ක ගත කරනවා. නහර ඇතුලෙ දැනෙන වේදනාව කෙලවර තෘප්තිමත් කෙඳිරියක් පිටවෙනවා. මෙතනදි මේ වෙනුවට උදැල්ලක් කැත්තක් අරන් වැඩකරනවා වගේ ග‍්‍රාමීය ආදේශක හරියන්නෙ නෑ. මේක වෙනම සංස්කෘතියක් විදිහට ජීවිතේට බද්ද වෙන්න  ඕන. කිසිම අමතර ලාභයක් ගැන නොහිතා ශරීරය වෙනුවෙන්ම කරන සාධනාවක් වෙන්න  ඕන.

ව්‍යායාම වල තියෙන රිපිටීෂන් හරියට මන්ත‍්‍ර වගේ. ඒ ඇතුලෙ මනස සම්පූර්ණයෙන්ම අක‍්‍රිය වෙනවා. ශරීරය සුරාතාන්ත මොහොතක් අත්දකින වෙලාවට අපි මනසේ බැම්මෙන් ගැලවෙනවා. ඒක ආගමික හෝ දේශපාලනික හෝ සංස්කෘතික හෝ මොනයම්ම විදිහකට හෝ හඳුනාගන්න පුළුවන් විමුක්තියක් නෙමෙයි. නිකම්ම හිස් තැනක්. තේරුම් ගැනීමක් අවශ්‍ය නැති මොහොතක්. හරියටම තෘප්තිකර රමණයකින් පස්සෙ වගේ.

මේ ශරීර සාධනාවට නැඹුරු වීමෙන් ගොඩක් මානසික අවුල් විසඳගන්න පුළුවන්. කණස්සලූ දර්ශනවාදයන්ගේ ඇබ්බැහියෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වෙනුවට ජීවිතේ දිහා සුබවාදීව බලන්න, සතුටු වෙන්න, ආදරයෙන් බැඳෙන්න සූදානම් අලූත් මනුස්සයෙක් ඉපදෙන්න පුළුවන්.

ඒක හින්ද මට හිතෙන්නෙ පුස්තකාලය හෝ පන්සල වෙනුවට ජිම් එක තෝරගන්න එක වඩා හොඳයි සහ අවශ්‍යයි කියල. කවදා හරි ලෙඩවෙලා චොරවෙලා යනවා නේද කියන සිතුවිල්ලෙන් ශරීරය දිහා බලනවා වෙනුවට පුළුවන් හැම මොහොතක්ම උපරිමයෙන් විඳින්න පුළුවන් විදිහට හොඳම තත්වයෙන් ශරීරය පවත්වාගෙන යන එකයි වෙන්න  ඕන. මේ යෝජනා කරන්නෙ අරක්කු සිගරට් නොබී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කියලා නෙමෙයි. ජීවිතේ හැම දෙයක්ම අත්විඳිමින් උපරිම ආලෝකයෙන් දැල්වෙන්න කියලයි.

ශරීර වන්දනාව කියන්නෙ එක එක රස කෑම කන එක සහ විවිධ මාදිලිවල ඇඳුම් පැළඳුම් අඳින එකට වඩා ටිකක් ගැඹුරට යන වැඩක්. නිරුවත් ශරීරයත් එක්ක මුහුණට මුහුණ සමවැදීමක්. ටැටූ, පියර්සින්, කිසියම් සම්ප‍්‍රදායකට කොටු නොවුණු නර්තනයන්, මික්ස් මාර්ෂල් ආර්ට් වගේ දේවල් වුනත් මෙතනදි වත්පිලිවෙත් වෙන්න පුළුවන්.

කණ්ඩායම්ගත වීමක් හෝ සම්ප‍්‍රදායක් හෝ පිළිගත් සෞන්දර්යවේදයක් හෝ සම්මත නොවුණු තමන්ට තමන්ගේ ශරීරය අමුවෙන් මුනගැහෙන ගොඩක් අවකාශයන් තවත් සාධනාවන් වෙන්න පුළුවන්. විය යුතු දේ සරලයි. ශරීර භාෂාවට අවනත වෙන්න. මනසට නිවාඩු දෙන්න.

Monday, March 27, 2017

කන්ද උඩ ඕමි ගැහීම



විමුක්තිගේ අලූත් ෆිල්ම් එක පෙන්නන්නෙ හවස 4.15 ෂෝ එක විතරයි. ඒ ෆිල්ම් එකේ ස්වභාවය හැටියට මං හිතන්නෙ නෑ ඊට වඩා ලොකු ඉල්ලූමක් හෝල්වල පැත්තෙන් එයි කියල. වැඩ ඉවර වෙලා සෑහෙන කාලයක් ගතවුනත්, කීපතැනක වරින්වර ප‍්‍රදර්ශනය වුනත් මට ෆිල්ම් එක බලන්න ලැබුන පලවෙනි වතාව.
කොහොමටත් විමුක්තිගෙ සිනමා ශෛලියට මං ආශක්තයි. මුලින්ම සුළ`ග එනු පිනිස චිත‍්‍රපටිය ලංකාවෙදි දැකපු පළවෙනි වතාවෙදි ඒ රූපරාමු වලින් ඇතිකරපු කම්පනය තාමත් ඇ`ග ඇතුලෙ තියෙනවා. ඒ සිනමාත්මක ප‍්‍රවේශය, නිමාව, බලාසිටීම වගේ ගොඩක් අත්දැකීම් මුල්වරට ලංකාවට ආවෙ විමුක්තිගෙ වැඬේ හරහා. ඒක සම්මාන උළෙලවල හුරතල් කරන ප‍්‍රකාශන විදිහක් වීමත්, ඊට පස්සෙ තොග පිටින් ඒ විදිහෙම නිර්මාණ කිරීම හරහා සම්මානලෝභීන් පිරිසක් බිහිවීමත් වෙනම කාරණයක්. ඒත් සිනමාකරුවෙක් විදිහට විමුක්ති යම් පුරෝගාමී මෙහෙවරක් හරියට කළා කියල මං හිතනවා.

සුළ`ග ගිනි අරන් චිත‍්‍රපටිය ගැන මට ආපු පළවෙනි හැ`ගීම වුනේ මේකෙ සිංහල නම නම් මස්තබාල්දුයි කියන එකයි. සුළ`ග කියන වචනෙ ෆිල්ම් ටයිට්ල් වල පට්ට ගහලා තවදුරටත් කිසිම ජීවයක් නැති වචනයක් වෙලා හමාරයි. ඒ මදිවට පෝස්ටර්වලට පාවිච්චි කරලා තියෙන ස්ටයිල් එකත් අජපල්. වකුගඩු විකිනීමක කතාවක් එක්ක ගැටගහලා මේකට ලංකාවෙ සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයාට යම් හෝ උනන්දුවක් ඇති කරන්න පුළුවන් කියල හිතපු එකත් අසාර්ථක වැඩක්. මේ විදිහෙ ෆිල්ම් සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයාට බලන් ඉන්න අමාරුයි. බලන් හිටියොත් ඌට මළ පනිනවා. ඊට පස්සෙ එලියට ඇවිත් පලූ යන්න බනිනවා. ඒකෙන් වාසියකට වඩා වෙන්නෙ අවාසියක්. හරියටම චිත‍්‍රපටිය ගැලපෙන  ඕඩියන්ස් එකට ආමන්ත‍්‍රණය කළා නම් සෙනග ගෙන්වා ගැනීම කොහොම වුනත් සාකච්ඡුාවක්, සංවාදයක් ඇතිකරගැනීම පැත්තෙන් ෆිල්ම් එකට හොඳ ෆීල් එකක් හදා ගන්න තිබුන. නැත්තං මේ ප‍්‍රචාරණ විදි වලින් වෙන්නෙ හොඳ ෆිල්ම් එකක් නිකං බාල්දු කරන එකයි.

ෆිල්ම් එකේ පළවෙනි සීන් එකම මාව චිත‍්‍රපටියට ඇදබැදගන්න සමත් වුනා. මුහුද අයිනෙ ගල්වැටියක් රළ පාරකින් පිරෙනකල් බලන් ඉන්න සංයමය චිත‍්‍රපටියෙ මූඞ් එකට අපිව අරන් එනවා. කතාව දිගහැරෙන්නට නියමිත ටෙම්පො එක, බලාපොරොත්තු විය යුතු වින්දනය ආදී හැමදෙයක්ම ඒ සරල ස්තිතික රූපයෙන් කියනවා.

සුළග ගිනි අරන් ෆිල්ම් එකේ කතාව හෝ පිටපත විදිහට ගත්තොත් මං ඒ තරම් වටිනාකමක් දකින්නෙ නෑ. ඒ වෙනුවට කතාවක් කියන්න උත්සාහ ගන්නා හැම රූප රාමුවකම විමුක්ති දුර්වල වෙනවා මං දකිනවා. පිටපතක් විදිහට දෙබස් රචනය පැත්තෙන් චිත‍්‍රපටියෙ දර්ශන දෙකකට විතරක් මාරම කැමතියි. එකක් මහේන්ද්‍ර වකුගඩු හොයාගන්න දෙන්න දේශනය. අනික අන්තිමට කාඞ් ගහන කොල්ලො ටික කරන කතාව. ඒ ඇරෙන්න ෆිල්ම් එකේ පාවිච්චි වෙන දෙබස් අන්තිම දියාරුයි වගේම ඒකෙන් රූපයටත් හානි කරනවා.

මේ හැමදෙයක්ම මැද්දෙ විමුක්ති තමන්ගෙ සුවිශේෂීභාවය නැත්තං ගැඹුර වෙන මානයකින් අරන් එනවා. මට හිතෙන්නෙ අධ්‍යක්‍ෂවරයෙක් විදිහට විමුක්තිගේ දක්ෂකම මැනෙන හොඳ තැනක් සුළ`ග ගිනි අරන් ෆිල්ම් එක. දුර්වල පිටපතක්, දුර්වල කතාවක් ඇතුලෙ වුනත් තමන්ගේ ප‍්‍රකාශනය එයා කරන විදිහ.

මේ ෆිල්ම් එකේ වටිනාම වගේම ඉතාම සෞන්දර්යාත්මක ගොඩනැගීම වෙන්නෙ ෆිල්ම් මූඞ් එක. හැම රූප රාමුවක් දිහාම සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳිද්දි බලාගෙන ඉන්න අපි වෙනස් වෙන්න පටන් ගන්නවා. රූපය පටන් ගනිද්දි ඉන්න අපි නෙමෙයි රූපය ඊළ`ග එකට මාරු වෙද්දි ඉන්නෙ. සමහර දර්ශන හිතාගන්න බැරි තරම් සරියල් ඇත්දැකීමකට සමවදින්න ඉඩහදනවා. උදා විදිහට හාමුදුරුවො වැටකේ පඳුරු අතරින් ඇවිදගෙන යන දර්ශනය. හරිම මිතිකල් බවක් චිත‍්‍රපටිය පුරාම දුවනවා. ඒක සවිඥානක දිගහැරීමක් නෙමෙයි. අපි බලන් ඉන්නෙ අවිඥානය හඳුනන භාෂාවකින් හැදුන රූප පෙලක් දිහා.

ඒක නිසාම වාස්තවික තත්වයන් එක්ක චිත‍්‍රපටිය ගැටගහන්න හදන හැමතැනම ඒ අත්දැකීම දුර්වල කරනවා. ප‍්‍රචාරක පෝස්ටරයෙදිත් සිද්ද වෙන්නෙ මේ හානිය. ෆිල්ම් එකේ මූඞ් එක මරනවා.

මේ චිත‍්‍රපටිය එකිනෙක ඈඳුනු කතාවක් විදිහට නරඹන්න මට  ඕන වෙන්නෙ නෑ. ඒ වෙනුවට එක මූඞ් එකකින් නැත්තං හැ`ගීමකින් වෙළුනු රූප පෙලක් දිහා මං බලාගෙන ඉන්නවා. මම සවිඥානක මනස ඉක්මවූ තැනකින් චිත‍්‍රපටියත් එක්ක සම්බන්ද වෙනවා. කරුණුමය අතින්, සාහිත්‍යමය අතින් ඇදගෙන වැටෙද්දි සමවදින්න පුළුවන් අධිතාත්වික අත්දැකීමක් අපිව ෆිල්ම් එකට බැඳලා තියාගන්නවා.

කතාව අමුනාගන්න නොයෙක් තැන්වල කරන දුර්වල උත්සාහයන් තැනින් තැන පේන්න ගන්නවා. විමුක්තිට තිබුනෙ ඒ උත්සාහය නොදරාම ඉන්න. හැ`ගීමෙන් විතරක් ප‍්‍රකාශනය අරගෙන යන්න. හාමුදුරුවො සහ වකුගඩු විකුණන දුෂ්ට දොස්තර අතර දැනෙන නොදැනෙන බැඳීම හරිම සාංදෘෂ්ටික සමතුලිතබවක් ගේනවා. ඒක හරි ලස්සන දෙයක්. වනාන්තරේට එක පැත්තකින් ඇතුල්වෙන හාමුදුරුවො අනිත් පැත්තෙදි පිලිස්සුනු අවතාරයක් බඳු දොස්තර වෙනවා.

ෆිල්ම් එක අන්තිමට කොල්ලො ටිකක්  ඕමි ගහන ගමන් කියන  ඕපාදූප කතාවක් බවට පත්වීම ආතල්ජනකයි. එතනදි විමුක්ති වාචාල විදිහට ගේන සංවාදයට මං ගොඩක් කැමතියි. ආපෝ  ඕක කතාවක්නෙ කියල ඒක හෑල්ලූවට ලක්වෙද්දි කතාව කියපු එකා කියන්නෙ, හැමඑකක්ම කතාවක් තමයි කියල. ඒ මදිවට උන්  ඕමි ගහන්නෙ රිවර්ස්ටන්වල හීතල කඳුගැටයක් උඩ කමිසවත් ඇෙ`ග් නැතුව. ඒ ගිනිගත්ත හුළ`ග කියන්නෙ අන්තිමට පට්ට හීතලේ  ඕමි ගගහා කොල්ලො ටිකක් කියන කතාවක් වීමම දෙපැත්තට වැඩකරන අධිතාත්වික අවසානයක් ගේනවා.

සුළ`ග ගිනි අරන් කියන්නෙ පාවෙන්න දන්න අයට පාවෙන්න වළාකුල් දෙන සිරා සිනමා අත්දැකීමක්.

චින්තන ධර්මදාස


Sunday, March 26, 2017

ඩිජිටල් වැඩවලට ඇනලොග් ඇගයීම්


ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල තිබුන. ඒ කන්සෙප්ට් එක හරි ප්‍රෝග්‍රෙසිව් එකක්. සාහිත්‍ය සම්මාන, චිත‍්‍රපටි සම්මාන අතරෙ බ්ලොග් සම්මාන කියන්නෙ ලොකු පිම්මක්. අනික් අතට ඩිජිටල් මාධ්‍ය එක්ක බැඳුනු ක‍්‍රියේටිව් වැඩ අගය කිරීමක් හෝ හඳුනාගැනීමක් කියන්නෙ රටක් විදිහට ගත්තත් හොඳ උත්සාහයක්.

බ්ලොග් සම්මාන කියන්නෙ ඇත්තටම අනිත් කොයි සම්මාන උළෙලකටත් වඩා පොප් විදිහට කරන්න පුළුවන් වැඩක්. මොකද ඒක බැඳිලා තියෙන්නෙ වඩාත් නූතනම මාධ්‍ය භාවිතාවක් එක්ක හින්ද. සම්මාන උළෙළ පැවැත්වුනෙත් වෝටර්ස් එජ් එකේ. මට ලොකු සතුටක් දැණුන එහෙම රිච් විදිහකට මේක ප්ලේස් වීම ගැනම.
ඒත් එතනට ගියාම අත්දකින්න ලැබුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක්. හරියටම වෝටර්ස් එජ් එක ඇතුලෙ ‘ශිෂ්‍ය කලා උළෙලක්’ කළා වගේ. සැකැස්මෙ ඉඳන් හැමදෙයක්ම පරණයි. ආධුනිකයි. බ්ලොග් ලියන එක ප‍්‍රාදේශීය කලාවක් විදිහට වඳවෙලා යන්න නියමිත ගතියක් තමයි ඒ උළෙලින් දැනුනෙ. නාට්‍ය වගේම රජය හෝ මැදිහත්වෙලා රැුකගත යුතු කලාවක් ගානට බ්ලොග් ඇදවැටිලා තිබුන. හරියටම කිව්වොත් ඩිජිටල් වැඩක් ගැන ඇගයීම අන්තිම ඇනලොග් විදිහටයි සිද්ද වුනෙ.

ඈත දුරබැහැර පළාත්වල ඉඳගෙනත් ඉතාම ජනප‍්‍රිය බ්ලොග් අඩවි කරගෙන යන අය හිටියා. ඒක බලාපොරොත්තු දනවන තත්වයක්. ඒත් පොතකට හෝ පත්තරේකට තමන්ගෙ ලිවීම ගෙනියන්න බැරි අයට ලියන්න තැනක් හැටියට බ්ලොග් එක ස්ථානගත වීමක් තමයි හැමදේකින්ම දැනුනෙ. ඒක මේ මාධ්‍ය ශක්‍යතාවය එහෙම්පිටින්ම හෑල්ලූ කිරීමක්. බ්ලොග් කියන්නෙ පොත් හෝ පත්තරවලට වඩා සුවිශේෂී මාධ්‍යයක් . ඒකෙන් කරන්න පුළුවන් දේශපාලන සහ සමාජ බලපෑම සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ඒක ඉන්ටරැුක්ටිව්.  පොත්වලින් කවදාවත් කරන්න බැරි විදිහෙ භාෂාවන්, කන්ටේන්ට් අතින් පර්යේෂණාත්මක දේවල් කරන්නත් තහංචිවලට අභියෝග කරන්නත් බ්ලොග්වලින් පුළුවන්. ඒක ඇත්තටම පෙනී ඉන්නෙ පොත්වලින් සිද්ද වුනාට වඩා දියුණු පුරවැසි අවකාශයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තහවුරු කරන්නයි. ඒත් මේ සම්මාන උළෙලෙ බ්ලොග් කියන එක ප‍්‍රාදේශීය කලාවක් සංවර්ධනය කරන විදිහෙ ෆීල් එකකින් තමයි අරන් තිබුනෙ.

මේ බ්ලොග් තෝරා ගැනීමේ පදනම මොකක්ද කියන එක ගැන මට තේරුමක් නෑ. ඒත් වෙනස් මානයන් එක්ක පොරබදන සුවිශේෂී බ්ලොග් අඩවි බොහොමයක් මේ ලිස්ට් එකට වැටිලා තිබුනෙ නෑ. මේ කියන්නෙ මගේ වගේ දෙතුන් දෙනෙක් කියවන බ්ලොග් ගැන කාරණයක් නෙමෙයි. ඒත්  අර කලින් කිව්වා වගේ විශ්ව විද්‍යාල සාහිත්‍ය සම්මාන උළෙලකට එන විදිහෙ ලියවිලි ඇතුලත් බ්ලොග් ගොඩක් තමයි පේන්න තිබුනෙ.

මේ විදිහෙන්වත් බ්ලොග්කරණය අගය කිරීමකට ලක්කිරීම හෝ නගරයෙන් බැහැර විශාල පිරිසක් බ්ලොග්කරණය හරහා සමාජ සන්නිවේදනයට දායක වීම හෝ අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් බ්ලොග් කියන්නෙ මීට වඩා ගොඩක් දියුණු මාධ්‍යයක්. සම්මාන උළෙළක් හෝ ඇගයුමක් හරහා අපි ඒක වඩාත් ඉස්සරහට ගෙනියන තල්ලූවක් තමයි දෙන්න  ඕන.

මට හිතෙන විදිහට ලංකාවෙ පොප්ම, ග්ලැමරස්ම, උණුසුම්ම සම්මාන උළෙළ වෙන්න  ඕන මේක. ඒත් මේ තත්වය යටතෙ සම්මාන උළෙලේ ඇගයීමකට ලක්වෙන බ්ලොග්කරුවෙකුට වුනත් ඒ ඇගයීම වටිනාකමක් ඇතුව තැනක කියන්න පුළුවන්ද කියන එක මට සැකයක්. මොකද සංවිධානයේ, සැකැස්මෙ ඉඳන්ම, ඇඳුම් පැළඳුම්වල ඉඳන්ම ඒකට වටිනාකමක් නිර්මාණය වෙලා තිබුනෙ නෑ. තමන්ගේ නිර්මාණකරනය වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමක් ලැබීමට හැම බ්ලොග්කරුවෙකුටම අවස්ථාවක් ලැබෙන්න  ඕන.

ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි කැෂුවල් වෙන්න ගිහින් කෙලවගන්න එක. ගෙදර ඇඳන් ඉන්න එක පිටින්ම ඇවිත් කඬේ යනවා වගේ සම්මාන ගන්න එක උළෙලකට හොඳ තත්වයක් නෙමෙයි. අපිට පුළුවන් ඩෙ‍්‍රස්කෝඞ් කැෂුවල් තියාගන්න. ඒත් ආකෘතිය විසින් උළෙලකට අදාල ග්ලැමර් එකක් නිර්මාණය කරන්න  ඕන. සංවිධානයේ පිළිවෙල හා සැකැස්ම අතින් මේ අගය කිරීම ඔසවා තබන්න  ඕන. නැත්තං වෙන්නෙ වැඬේ දුප්පත් වෙන එකයි.

මේකෙන් නගරයෙන් බැහැර දුෂ්කර ලියන්නන්ව ඈත් කිරීමක් සිද්ද වෙනවා කියල, ඒ අයට දැනෙන සමූපාකාර මට්ටමකින් මේක පවත්වගෙන යන්න  ඕන කියල බලපෑමක් එන්න පුළුවන්. ඒත් ඒ ‘පොෂ්’ එකට එරෙහි හීනමානයට වඩා ඉහලින්, පරිණත තැනකින් මේ උත්සවය සංවිධානය වෙන්න  ඕන කියලයි මං හිතන්නෙ. හැම කෙනෙක්වම ඇතුලත් කරගන්නා උසස් මට්ටමේ ඇගයීමක්, ඒකයි සිද්ද වෙන්න අවශ්‍ය.

මේ විදිහෙ සම්මාන උළෙලකට ස්පොන්සර් කරන්න  ඕන තරම් ආයතන බලාගෙන ඉන්නවා. මේක වින්-වින් සිටුවේෂන් එකක් දෙපැත්තටම. තැන වෝටර්ස් එජ් වුනාට, බර්ගර්, ටාට් කන්න තිබුනට, මේ වැඬේ කන්ටෙන්ට් එක ඒ මට්ටමට වෙනස්වෙලා තිබුනෙ නෑ.

මේ වෙද්දි බ්ලොග් කියන්නෙ කොහොමත් ටිකෙන් ටික ජනප‍්‍රියත්වය අඩුවෙමින් යන ආර්ට් එකක්. ඒ කියන්නෙ බ්ලොග්වල ලියන දේවල් වෙනත් මාධ්‍යයන්ට පෙරලෙන්න පටන් අරන්. සමාජ ජාල වෙබ් අඩවි වඩාත් ජනප‍්‍රිය වෙන අතරෙ ඉතාම මුල් අවධියේ සමාජ මාධ්‍ය විදිහට වර්ධනය වුනු බ්ලොග් වගේ අවකාශයන් ඇකිලෙන්න පටන් අරන්. ඉතින් මේ සම්මාන උළෙල තවදුරටත් බ්ලොග්වලට සීමා කර පවත්වාගැනීමේ තේරුමක් නෑ. ඒ වෙනුවට මේක සයිබර් අවෝර්ඞ්ස් වගේ ලොකු ප්ලැට්ෆෝම් එකකට ගේන්න පුළුවන්. අවුරුද්ද පුරා අන්තර්ජාල මාධ්‍ය අවකාශ හැම එකකම සිද්ද වෙන ප‍්‍රවණතා මේ සම්මාන උළෙලට ඇතුලත් කරගන්න පුළුවන්. ලංකාවෙ වඩාත් ආතල්ම සහ අලංකාරම සම්මාන උළෙලක් විදිහට මේක ස්ථානගත කරන්න පුළුවන්.

මේ වැඬේ ගැන අලූතෙන් ආයිමත් හිතන්න කියන එකයි මගේ ඉල්ලීම. ගමේ පොලක් වෙනුවට ගුඞ් මාර්කට් එකක් දක්වා වෙනසක් මෙතන සිද්ද වෙන්න  ඕන. ඇනලොග් විදහට ඩිජිටල් කියවන්න ගියොත් ඇනගැනීමකට එහා යන්න වෙන්නෙ නෑ. එහෙම වුනොත් මේ කන්සෙප්ට් එකම අපාරාදෙ වැවට යනවා.

ප.ලි. මේ සම්මාන උලෙළ  සයිබර් සම්මාන සතියක් විදිහට කරන්න පුළුවන් නම්  තවත් පුලුල් තැනකට මේක අරන් යන්න පුළුවන්. සයිබර් වැඩමුළු , සයිබර් වැඩ ගැන කතිකා ආදියත් ඇතුළත් කරගෙන  දැනෙන වෙනසකට හොඳ අඩිතාලමක් වෙන්න පුළුවන් .

-චින්තන ධර්මදාස

Saturday, March 25, 2017

This is my Design


අපේ ජීවිතේ කියන්නෙ අපේ ඩිසයින් එක. ඒක තමයි අපේ අල්ටිමේට් මාස්ටර්පීස් එක වෙන්නෙ. කෙනෙකුගෙ ජීවිතේ දිහා බැලූවම එයාගෙ සෞන්දර්යවේදයන් නැත්තං ඊස්තටික්ස් ලේසියෙන් අඳුරගන්න පුළුවන්. අපි හැම මොහොතකම අපේ ඩිසයින් එක ඞීටේල් කරනවා. රීස්ට‍්‍රක්චර් කරනවා. ඒත් සමහරු කාලයක් තිස්සෙ එකම ආකෘතියක ඉන්නවා. එකම වර්ණ, එකම තේමාව, එක දිගට අරන් යන අය ඉන්නවා. ඒත් අපිට පුළුවන් නම් නැවත නැවත අපේ ඩිසයින් එක අලූත් කරන්න.. එතකොට අපේ ලෝකෙ වෙනස් වෙනවා.

සමහරු හිතන්නෙ අපේ ජීවිතේ කියන්නෙ සමාජය විසින් කරපු නිර්මාණයක් කියල. අපි කියන්නෙ සමාජය කියන අපෙන් බාහිර සමස්තයක ඇනයක් හෝ මුරුච්චියක් කියල. එතකොට ඇත්තටම වෙන්නෙ අපි වෙන කාගෙ හරි ඩිසයින් එකක කොටසක් වෙන එක.

අපේ පුංචි ක‍්‍රියේටිවිටි එකකට පුළුවන් අපි දකින ලෝකය වෙනස් කරන්න. ඒක මූල්‍ය ආර්තිකය ගැන කාරණාවක් නෙමෙයි. නිර්මාණ ආර්තිකය ගැන කාරණාවක්. සමහර වෙලාවට ගෙදරකින් එලියට ඇහෙන රේඩියෝ චැනල් එකට පුළුවන් වෙනවා ඒ ගෙදර ගැන ඇති කරන අදහස සම්පූර්ණයෙන් වෙනස් කරන්න.
කෙනෙක් දේවල් දකින ගැඹුර තේරුම් ගන්න එයා කතා කරන දේවල්, කරන නිර්මාණ හෝ දාර්ශනික මතවාද  ඕන වෙන්නෙ නෑ. සමහර විට එයා ඇසුරු කරන බ‍්‍රෑන්ඞ්ස් ටිකකින් ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. බ‍්‍රෑන්ඞ්ස් කියන්නෙ ඔයා පාවිච්චි කරන පර්ෆියුම් එක ඩියෝද, බ්ලැක් නයිට්ද කියන එක විතරක් නෙමෙයි. ඔයා පාවිච්චි කරන දත් බුරුසුව, කිරි පැකට් එක, කන්නෙ නිපුන හාල්ද අරලිය හාල්ද, යන්නෙ ප‍්‍රයිවෙට්ද ලංගමද කියන එක පවා අදාල ලොකු පරාසයක්.

 ගොඩක් වෙලාවට අපි එලියෙ අපිට බාහිර ලොකු එකක් වෙනස් කරන්න (පොලිටික්ස්) අපේ ලයිෆ් එකේ ඊස්තටික්ස් ගොඩක් කැප කරනවා. ඒත් ඒ වෙනුවට ඒ ඊස්තටික්ස් එකිනෙකා එක්ක බෙදාගන්න පුළුවන් නම් ඒක අපේ පැවැත්ම යම් තරමකට උස්සලා තියනවා.

දුප්පත්කම වගේ කාරණා වුනත් ගොඩක් දුරට බැඳිලා තියෙන්නෙ මේ ක‍්‍රියේටිව් නැතිකමත් එක්ක. තමන්ගේ ජීවිතය කියන්නෙ තමන්ගේ නිර්මාණය කියල නොදැනීමත් එක්ක. ඇත්තටම දුප්පත්කම කියන්නෙ ඒකට. බාහිර සාදක උඩ, අනුන්ගේ ඩිසයින් එකක තීරණය වෙනවා වෙනුවට දකින ඈන්ගල් එක මාරු කරගන්න තරමට නිර්මාණශීලී නැතිකම.

හැමදේකම තියෙන්නෙ අපි දකින විදිහෙ ප‍්‍රශ්නයක්. මොකක් හරි ප‍්‍රශ්නයක් සෑහෙන කාලයක් තිස්සෙ පිළිතුරක් නැති අර්බුදයක් වෙමින් තියෙනවා නම් අපි ක‍්‍රියේටිව් වෙන්න  ඕන ප‍්‍රශ්නෙ මාරු කරන්න. මොකද ගොඩක් වෙලාවට ඒ වගේ අර්බුද වෙන්නෙ අපි ප‍්‍රශ්නෙ අහන විදිහෙ වැරැුද්දෙන්. ලංකාවෙ වම අහන ගොඩක් ප‍්‍රශ්න වලින් ඒ අයගෙ නිර්මාණාත්මක බවේ අඩුවක් පලවෙනවා කියන්නෙ ඒකයි. ඒ අය ප‍්‍රශ්න මාරු කරන්නෙ නෑ. ඒ වෙනුවට නිශ්චිත උත්තර බලාපොරොත්තු වෙනවා.

ඩිසයින් එකකට පුළුවන් ගොඩක් දේවල් කරන්න. සමාන්තර විශ්වයන් නිර්මාණය කරන්න. උදා විදිහට මගේ ජීවිතේ නිර්මාණය කරන ඊස්තටික්ස් මට පුළුවන් මගේ යාලූවන්ගෙ ඒවත් එක්ක සම්බන්ද කරන්න. ඒ විදිහෙන් අලූත් රියැලිටි ගොඩනගන්න.

යතාර්තය කියන්නෙ එකක් නෙමෙයි. අපිට අන්නත ගානක ක‍්‍රමවේදයන් තියෙනවා යතාර්තයක් වෙනස් කරන්න. ඒත් ඒක කරන්නම වෙන්නෙ ඉන්ඩිවිජුවල් පර්සෙප්ෂන් චේන්ජ් එකක් ඇතුලෙන්.

මේ මහ පොලොව කියල එකම රියැලිටි එකක් බදාගෙන ජීවත්වෙන බෝරිං විදිහෙන් ගැලවෙන්න සයිකඩෙලික්ස්  කියන්නෙ හොඳ ක‍්‍රමයක්. අපි අපේ ඔරලෝසු ජීවිතේට ඇබ්බැහි වෙලා තියෙන විදිහට හරි අමාරුයි එතනින් ගැලවෙන්න. ඒත් කෙමිකල්ස්වලින් අපිට පොඩි ගැප් එකක් හදලා දෙනවා. සමාජය හෝ දේශපාලනය හෝ විද්‍යාව හෝ කිසි දෙයක් නොපවතින එක එක විශ්වයන් අත්විඳින්න.

ඒ විශ්වයන් මායාව හෝ මනෝබූත හෝ මොනවා හෝ වෙන්න පුළුවන් වුනත් ඒ ටි‍්‍රප් ඇතුලෙන් අපි මේ යතාර්තවාදය එක්ක තියෙන ගැටේ බුරුල් කරනවා. මතුපිට තලයෙ භාෂා ගැටුම් වලට යටින් ජීවිතේ කියන්නෙ මැජිකල් අත්දැකීමක් කියල ෆීල් වෙනවා.

එතකොට තියෙන එකම ප‍්‍රශ්නෙ අපි කොහොමද තව තවත් අපේ විඳීම් පරාසයන් පළල් කරගන්නෙ කියන එක. අපේ තාර්කික බුද්දියේ සීමාවන්ගෙන් ආතල් ගන්න ගමන් කෙහොමද ඉන් එහා මුහුදේ කිමිදෙන්නෙ කියන එක. අපි කොහොමද ගොඩක් හයිබි‍්‍රඞ් විදිහට අපේ ජීවිතේ ඩිසයින් කරගන්නෙ කියන එක.
මගේ යතාර්තය විසින් කියන්නෙ මගේ ජීවිතේ නිර්මාණාත්මක බවේ දිග පළල.

Thursday, February 2, 2017

වම දකුණ පැටලෙන සයිටම් විරෝදය



සයිටම් ප‍්‍රශ්නෙ දැන් පත්තු වෙලා යනවා. අධිකරණයේ ස්වාධීනත්වය, රෝගීන්ගේ සෞඛ්‍ය අවදානම, අධ්‍යාපනයේ පිරිහීම වගේ මාර මාතෘකා වලින් ලංකාවෙ  ඕනම දේකට විරුද්ද වෙන රෝගී වම සහ දකුණ සයිටම් විරෝධය මත එල්ලී යැපෙනවා. මෙතනදි තේරුම් ගන්න තියෙන වැදගත්ම කාරණය මේ මතුකරන කවර කාරණයකටත් වඩා ඒ පිටිපස්සෙ තියෙන වැඩවසම් උවමනාව කියන එක. ඇත්තටම එතනදි මේ විරෝධීන් පව්. ඒ අයට කොයිතරම්  ඕන වුණත්, කොයිතරම් ලෝකෙ ප‍්‍රගතිශීලී කියන කතා කටපාඩම් කර ගත්තත් මේ ජානගත පසුගාමීත්වයෙන් ගැලවෙන්න අමාරුයි. ඒක සිද්ද වෙන්න නියමිත සමාජ පරිණාමයක් හරහායි. ඇත්තටම සයිටම්, සමලිංගික අයිතිය වගේ කාරණා ඒ පරිණාමය වේගවත් කරනවා. මේ කතිකාවෙ පරණකම අවධාරණය කරනවා.

වමේ ජනප‍්‍රිය කතිකයෙක් සහ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්න හෙළ උරුමයට බර කතිකාචාර්යවරයෙක් ඇතුලූ තවත් බොහොමයක් කට්ටිය ඉතා මෑතක ඉඳන් විලිලැජ්ජ නැති කතාවක් හරි හයියෙන් කියනවා.
‘දැන්  ඕන කෙනෙකුට  ඕන දෙයක් කියන්න පුලූවන් වෙලා’
ඒ ගොල්ලො අවුල් වෙනවා.

මේ කියන්නෙ නවීන තාක්‍ෂණය හරහා හැමෝටම තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න, ඒවා බෙදාහදා ගන්න තියෙන අයිතිය ගැනයි. තමන් බුද්දිමතුන්, හදාරන්නන්, කියවන්නන් විදිහට හඳුන්වා ගනිමින් සමාජ සංවාද අවකාශයේ අත්පත් කරගෙන හිටපු තැන ප‍්‍රජාතන්ත‍්‍රීකරණය වීම ගැනයි මේ මැසිවිල්ල.

යම් හෝ ප‍්‍රගතිශීලී අදහසක් දරන්නෙක් පුළුවන් තරම් පක්ෂ විය යුත්තේ හැම කෙනෙකුගේම අදහසක් මතුවෙන්නට, සංවාද වෙන්නට අවකාශයක් විවෘත වීම ගැනයි. හැම අදහසකටම සමාන බරක් ලැබීම ගැනයි.

සමාජයේ කොමියුනිස්ට්වාදය ගැන කතා කරන ගොඩක් අයගෙ සැබෑ දේශපාලනය අහුවෙන තැන වෙන්නෙ මේකයි. කවර තත්වයක් හෝ වේවා ඒ තත්වය තුල තමන්ගෙ ආධිපත්‍යය ආරක්ෂා වෙන්න  ඕන. ලංකාවෙ මාක්ස්වාදය කියන්නෙ ඔච්චරයි. අනිත් හැමදේම තියෙන්නෙ නිකං මිනිස්සු කරකවන්න.

මගේ අදහස නම් සිංදු කියන්න ආස හැමෝටම සිංදු කියන්න ඉඩ තියෙන්න  ඕන. ෆිල්ම් හදන්න ආස හැමෝටම තමන්ගෙ ෆිල්ම් එක හදන්න පුළුවන් වෙන්න  ඕන. අදහසක් තියෙන හැමෝටම තමන්ගෙ අදහස කියන්න තැනක් තියෙන්න  ඕන. ඉගෙන ගන්න ආස හැමෝටම තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්න  ඕන.

මේ ගුණාත්මක තත්වයන් ගැන, අනාගත අවදානම් ගැන හැම ප‍්‍රලාපයක්ම පැන නගින්නෙ තමන්ට පුද්ගලිකව දැනෙන වල්නරබිලිටි එකට. මේ කියන්නෙ ඒ අයගෙ රස්සාවල් අවදානමට යනවා වගේ සරල කාරණයක් නෙමෙයි. ඊට වඩා තමන් විසින් ජීවිත කාලයක් පුරා දර දිය ඇදලා උපයා ගත්ත මේ සංකේත ප‍්‍රාග්ධන තත්වය අර්බුදයට යන එක ගැනයි. ඒක ඒ අයට ලෝකය කඩා වැටීමක් විදිහට පේන එක සාමාන්‍යයි. හැම පැරඩයිම වෙනසකදිම මේ විදිහෙ බහුතරයක් පරණ එක වෙනුවෙන් එල්ලෙනවා. ඒත් සමාජය ඉස්සරහට යනවා.  

මේ කාලෙ මතුවෙන හැම සංවාදයකම වගේ ප‍්‍රධාන ලක්ෂය වෙන්නෙ මේක. පැරණි මතවාදිමය, බුද්දිමය ආධිපත්‍යය අර්බුදයට යාම. ඒ වෙනුවට දහස් ගානක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එකිනෙකාගේ අදහස් බෙදාහදා ගැනීම. එහිදී තමන්ගේ සුදුසුකම් අනුව වැඩි බරක් ලබා ගැනීමට නොහැකි වීම. නව තාක්‍ෂණික නිර්මාණශීලීත්වයන් ඉදිරියේ තමන්ගේ නොහැකියාව වඩාත් පිළිඹිඹු වීම.

අන්තර්ජාලයට වඩා පතපොත කියවීම අධිතක්සේරු වෙන්නෙත් මේ මානසිකත්වයෙන්මයි. අනිත් හැම රස්සාවකටම වඩා දොස්තරකම අධිතක්සේරු වෙන්නෙත් මේ හින්දමයි.

මගේ සමහර යාලූවො පවා අනිත් විෂයන් වගේ නෙමෙයි, මේක ජීවිත වලට බලපාන විෂයක් කියල කියන්න පෙළඹුණා. ඒකම අපේ ඔලූවට කන්ඩිෂන් කරපු අදහසක්. උදා විදිහට රියදුරුකමට වඩා කොහොමද වෛද ්‍යකම බරපතල වෙන්නෙ කියල මට තේරෙන්නෙ නෑ. රියදුරන්ට විනයක් නැති කමෙන් එකපාර මගීන් තොගයක්ම අනතුරකට ලක්වෙන්න පුළුවන්.  ඕනම දොස්තර කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් අවදානමට වඩා ඒක අවදානම්කාරීයි. ගුරුවරුන්ගෙ අඩුබුද්ධිය නිසා අනාගත පරපුරක්ම නන්නත්තාර වෙන්න පුළුවන්.

කිසිම වගකීමක්, වගවිභාගයක් නැති දෙමව්පියකම නිසා ළමයි අපරාධකාරයො වෙන්න පුළුවන්. පුද්ගලික සෞඛ්‍ය එක්ක සම්බන්ධ වෛද්‍ය විද්‍යාව සමාජ විද්‍යාවන්ට වඩා වගකීම් සහගතයි කියල හිතන එකමත් අපේ සීමාවක්.

සයිටම්වල ගුණාත්මක තත්වයන් ගැන පෙනී ඉන්න මට පුළුවන්කමක් හෝ  ඕනකමක් නෑ. ඒත් පුද්ගලික අධ්‍යාපනයට මේ දොරටුව විවෘත වීමත් එයින් හණමිටි අධ්‍යාපන මතවාද අභියෝගයට ලක්වීමත් ඉතාමත් වැදගත්. අනෙක් අතට ඔය කියන ගුණාත්මක බව පාලනය කරන සියලූ අධිකාරීන් ඒ කටයුත්ත කරන්නෙ දූෂිත විදිහට. පක්ෂග‍්‍රාහී විදිහට. තමන්ගේ අධිකාරී බලය යොදාගෙන ඔවුන් සමාජයට ලැබෙන්න නියමිත සියලූ අවකාශයන් අවහිර කරනවා. පුළුවන්කමක් තිබ්බා නම් අර මුලින් සඳහන් කරපු වමේ මිතුරා ෆේස්බුක් පවා තහනම් කරනවා.

ගුණාත්මක තත්වයන් සමාජයේ පරිභෝජන රටාව විසින් පාලනය කරයි. ඒ තමයි ඒක වෙන්න පුළුවන් හොඳම විදිහ. මගේ අදහසක්, උගත්කමක්, සහතිකයක් වෙනත් කවර හෝ ආධිපත්‍යයක් විසින් තහවුරු කරනවට වඩා සමාජගත වීමෙන්, සංවාදයෙන් එහි වටිනාකම තක්සේරු වෙන්න  ඕන. මෙන්න මේකටයි මේ හැමෝම විරුද්ද. යමක් වෙනුවෙන් සහතිකයක් දෙන්න, අගයක් දෙන්න, බරක් දෙන්න තමන්ට ඇති බලය අහිමි වෙන එක.

තමන් යන්නෙ වෙදෙක් ළ`ගටද, සාස්තරකාරයෙක් ළ`ගටද, සයිටම් දොස්තරෙක් ළ`ගටද, ආණ්ඩුවෙ දොස්තරෙක් ළ`ගටද කියන එක තීරණය කිරීම මිනිස්සුන්ගෙ අයිතියක්. විවෘත පරිසරයක තමන්ගෙ වැදගත්කම, වටිනාකම තහවුරු කරගන්න එක ඒ වෘත්තිකයන්ගෙ කාර්යයක්. වෘත්තිය විසින් සමාජයේ ගොඩනංවන ලද ආධිපත්‍යයක් ඇතුලෙ වටිනාකම් තහවුරු කරගන්න එක, බලපෑම් කරන එක වැඩවසම් පීඩනයක්.

මේ ප‍්‍රතිවිරෝධතා මතුවීම නරක දෙයක් විදිහට දකිනවා නෙමෙයි. කොයිතරම් පරණ වුනත් මේ හැම විරෝධයකටම අදාල කාර්යයක් තියෙනවා. යෝජනා කරන නව තත්වය වඩා සාධනීය විදිහට හැඩගැස්වීම වෙනුවෙන් නැගෙන ප‍්‍රතිවිරෝදයන් ඇරුණම අනිත් ඒවායින් වෙන්නෙ කම්පනය බැලන්ස් කරන එක. වේදනාව පහ කරගන්න උදව්වෙන එක.

-චින්තන ධර්මදාස

Monday, January 30, 2017

බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි


ලංකාවෙ එපික් ෆිල්ම්  හදන්න බෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව එපික් ෆිල්ම් එකක් හදන්න අවශ්‍ය වෙන යන්ත‍්‍ර උපකරණ අපිට නෑ කියන එක නෙමෙයි. ඇත්තටම ඒක අවසාන කාරණය වෙන්න පුළුවන්. ඊට වඩා එහෙම වැඩකට අවශ්‍ය කර්මාන්තමය පසුබිමක් ලංකාවෙ නෑ. ඒ අවශ්‍ය නිෂ්පාදන සම්බන්ධතා වගේම පුහුණුව, අත්දැකීම අපිට නෑ.

ඊටත් වඩා මූලික වෙන්නෙ අපිට එපික් ලියන්න බැරි එක. අපි තාම ලියන්නෙ තොරනෙ කතාව. ඒ චරිතවල ගැඹුරක්, ජීවිතයක් අදාල නෑ. උඩින් කියාගෙන යන ප‍්‍රවෘත්තිය විතරයි තියෙන්නෙ. අනිත් පැත්තට අපි ඉතිහාසෙ දිහා බලන්නෙ අන්තිම පක්ශග‍්‍රාහී විදිහට. ඉතිහාසෙන් ගැලවිලා ඉතිහාසය දිහා බලලා ඒක ප‍්‍රතිනිර්මාණය කරන්න පුහුණුවක් අපිට නෑ.

එපික් එකක් ලියන්න තියා අපේ ප‍්‍රවීනයො වුනත් තාම සාමාන්‍ය පිටපතක්වත් ගලපගන්නෙ පුදුම ආයාසෙකින්. ඉතිහාසය පක්ෂග‍්‍රාහීව නිර්මාණය කරන්න බෑ කියනවා නෙමෙයි. ඒ පක්ෂග‍්‍රාහී නිර්මාණය කරන්නත් යම් දුරකින් ඉතිහාසය දිහා බලලා එහි සංවේදී තැන් අඳුරගන්න වෙනවා. අපේ ඉතිහාස කතා නිර්මාණය කරන අය ඉතිහාසයට බැතිමත්ව ඇලීම නිසා ඒ කතාව ඇතුලෙ ජීවිතයක් ගොඩනගා ගන්න බැරුව යනවා.

දැන් අපි ඉන්නෙ ගොඩක් විවෘත ලෝකෙක. රුපියල් පනහට සීයට එන ඞීවීඞී නිසා චිත‍්‍රපටි ගැන හොඳ දැනීමක් රටේ බහුතරයකට තියෙනවා. විශේෂයෙන්ම මේ වෙද්දි ෆිල්ම් බලන  ඕඩියන්ස් එක කියන්නෙ ඉන්ටර්නෙට් එකේ හොඳටම සැරිසරන අය. මහින්දගෙ කාලෙ මේ තත්වෙ වෙනස්. මහින්ද චින්තනය යටතෙ ෆිල්ම් හෝල් පිරුනෙ සිනමා පේ‍්‍රක්‍ෂක පිරිසකගෙන් නෙමෙයි. ඒ පිරිස දේශපාලනිකව එතනට ගාල් කරපු කට්ටියක් විතරයි. ඒක  ඕගනික්  ඕඩියන්ස් එකක් නෙමෙයි.

දැන් ආයිමත් ඇත්තට ෆිල්ම් බලන අය හෝල්වලට එන්න පටන් අරන් තියෙනවා. ඒත් ඒ අය මහින්දාගමනය බලන අය නෙමෙයි. එතනදි අපේ එපික් ෆිල්ම් එකක් ලෝකෙ වෙන රටවල එපික් ෆිල්ම් එක්ක නිකම්ම කම්පෙයාර් වෙනවා. එවැනි දැවැන්ත සිනමාවකින් පේ‍්‍රක්‍ෂකයො බලාපොරොත්තු වෙන දේ දෙන්න අපිට තාම සිනමා ‘ආර්තිකයක්’ නෑ.

ඒත් චිත‍්‍රපටිකරුවෙකුට ඒ වගේ දැවැන්ත නිෂ්පාදන අත්දැකීමක් ගන්න තියෙන ආසාව කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ. බූඩි මාතා ෆිල්ම් එක කිරීම දැකපු තැනින්මයි මං චත‍්‍ර වීරමන් ආලෝකො උදපාදි කරපු එක දකින්නෙත්. ඒ ෆිල්ම් වලට තියෙන ආසාව. කොහොම හරි ලැබෙන අවස්ථාව අල්ලා ගැනීම. රිචර්ඞ් බ‍්‍රැන්සන් කියන විදිහට ඔයා දන්නෙ නැති වැඩක් ඔයාට බාර දෙන්න හැදුවොත් ඉස්සෙල්ලා ඒක බාරගන්න. පස්සෙ කරන හැටි ඉගෙන ගන්න.

ආලෝකෝ උදපාදි හැදෙන්නෙත් ඒ මහින්ද චින්තන යුගයෙමයි. ඒ කාලෙ වෙන චිත‍්‍රපටි තිබුනෙ නෑ. ආශ්චර්යය තිබුනෙ රජකතා බණකතා රැල්ලෙ. ඒවට අලූත් නිෂ්පාදකයො හැදිලා තිබුන. රාජ්‍ය අනුග‍්‍රහ ලැබුන. ආලෝකෝ උදපාදි කෙරෙන්නෙත් මේ දේශපාලනය ඇතුලෙ. ඒත් ඒ වෙද්දි රජ කතා, බණ කතා සිනමාවෙ උවමනාව වුණු මිනිස්සුන්ගෙ ඔලූවට සහ පොකට් එකට තට්ටු කිරීම කියන සරල කාරණයට එහා ගිහින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්‍ෂවරයාගේ සෞන්දර්යාත්මක උවමනාව පැහැදිලිව පේනවා. දේශපාලනය හෝ මතවාදයට වඩා සිනමාව කියන නිර්මාණාත්මක ප‍්‍රවේශය දැනෙනවා. විශේෂයෙන්ම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ පීරියොඩිකල් දැක්මකින් ආපහු අපේ ඉතිහාසය බලන්න උත්සාහ කරපු එකම ලොකු දෙයක්. ඒ විදිහට රෙෆරන්ස් එක්ක වැඩ කිරීම අපේ අයට පුරුදු නැති ඩිසිප්ලින් එකක්.

සෙට් ගැන හිතලා තියෙන විදිහ, ෂොට් කොම්පෝස් කරන විදිහ, චරිත වල බාහිර ස්වරූපයන් වගේ ගොඩක් දේවල් ගොඩක් ලස්සනයි. ඒත් මේ ෆිල්ම් එකට ස්ක‍්‍රීන් ප්ලේ එකක් තිබිලා නැති වග පැහැදිලියි. ෆිල්ම් එකේ කිසි කෙනෙකුට චරිතයක් ගොඩනැගෙන්නෙ නෑ. පරණ තොරනෙ කතාවම වඩා හොඳ ඩිරෙක්ටර්ස් ටී‍්‍රට්මන්ට් එකකින් එලියට එනවා.

චත‍්‍රගෙ දක්ෂතාවය මං ගොඩක් දකින්නෙ මේ කාරණයත් එක්කයි. හරිහැටි ලියවුන පිටපතක් පවා නැතිව එයා සිද්ධීන් වල ටෙන්ෂන් ගොඩනැගීම, රිද්මය පවත්වාගෙන යාම වගේ කාරණා ඉතා හොඳට කරනවා. කිසි දෙයක් අඩංගු නැති සිද්දීන් දිහා පවා කුතුහලයෙන් බලන් ඉන්න පුළුවන් විදිහෙ සිනමාත්මක ස්පර්ශයක් එයා දෙනවා.

අපේ හැම එපික් ෆිල්ම් එකක්ම වගේ ෆේල් වුණු සමූහ යුධ දර්ශන, ත‍්‍රාසය දනවන ලූහුබැඳීම් ආදිය නම් ආලෝකො උදපාදිවලදි සෑහෙන ප‍්‍රගතියක් අත්කරගෙන තියෙනවා. ඒත් ක්ලෝස් අප්ස් වලදි ලොකු දුර්වලතාවයන් පේනවා.

වතාවෙන් වතාව හාමුදුරුවරු පෙන්නද්දි ගාථා සද්දෙ පිටින් දාන එක වාතයක්. ඒ හාමුදුරුවරුන්ට තැන තැන ලැග ඉන්නවට වඩා දෙයක් පිටපතෙන් හදලා දීලා නැති හින්ද තත්වෙ තවත් බරපතල වෙනවා.

ගොඩක් අය සැබෑ ඉතිහාස දත්ත එක්ක ෆිල්ම් එකේ යම් කාරණා සසඳන්න උත්සාහ ගත්තත් මට හිතෙන්නෙ මේ ඒ විදිහෙ චිත‍්‍රපටියක් නෙමෙයි කියල. ඒ වෙනුවට ඉතිහාසෙන් පිට ගිහින් නිර්මාණය කරන යම් යම් කාරණා ෆිල්ම් එකේ රියැලිටියට ගැටගහන්න චත‍්‍රට පුළුවන් වෙලා තියෙනවා. ඇත්තටම ඉතිහාස කතා ප‍්‍රවෘත්තියට වඩා යමක් ෆිල්ම් එකට එකතු කරන්නෙ ඒ පිටපැනීම් වලින්.

දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ෆිල්ම් එකේ රජා වීරයා වෙන්නෙ නෑ. ඒ වෙනුවට අතිශය දුර්වල පෙඳයෙක් වගේ චරිතයක් තමයි මහ කලූ සිංහලයාට දීලා තියෙන්නෙ. උද්දික වෙනුවට දර්ශන් ධර්මරාජ් මේ චරිතෙට ගත්තා නම් ඒක වළගම්බා හැලගෙම්බා නොකර බේරගන්න විතරක් නෙමෙයි ඉතිහාස කතා චිත‍්‍රපටි රැල්ලෙ දේශපාලනයටත් අභියෝගයක් කරන්න පුළුවන් කමක් තිබුණ. (ඒත් ඒ කාලෙ කවුද එහෙම හිතන්නෙ?)

ඒ වගේම මේ රජවරු කියන්නෙ පොඩි කල්ලියක් එක්ක ඉන්න චන්ඩි වගේ පිරිසක් කියන එක ෆිල්ම් එක ඇතුලෙ පේනවා. පරසතුරු උවදුරු එද්දි රජා රකින්න පෙළගැහෙන රංචුවෙ සෙබළු දහයක්වත් නැති තරම්. ෆිල්ම් එක පුරාම අපි දකින්නෙ පොඩි පොඩි රංචු අතර ගැටුමක් විතරයි. ඒක ආලොකො උදපාදිවල බලාපොරොත්තු වෙච්ච තත්වයක් නොවෙන්න ඇති. ඒත් මං හිතන්නෙ ඒක තමයි අපේ රජකාලෙ ඇත්ත තත්වය. මහා වංශයම ලියවිලා තියෙන්නෙ මේ වගේ පොඩි පොඩි නඩ ටිකක් ගැන. අපි ඉතිහාසය කියල ලොකුවට මවාගන්නෙ ඉන්දියානු ඉතිහාසෙ තියෙන ආනුභාවය අපේ එක උඩට දාලා. අපේ රටෙ සයිස් එක අමතක කරලා.

වළගම්බා ඇත්තටම සතුරන්ව පරාජය කරන්නෙ සටන් වැදිලා වීරත්වයෙන් නෙමෙයි. ඒ වෙනුවට උන් උන් කොටාගෙන දුර්වල වෙනකල්ම බලාගෙන ඉන්න තිබුණ ඉවසීමෙන්. කාලය තමයි එයාගෙ එකම ස්ට‍්‍රැටජිය වෙන්නෙ. ෆිල්ම් එකෙත් වළගම්බා ගැන කිසිම ආනුභාවයක් ගොඩනැගෙන්නෙ නෑ. ඊට පස්සෙ වීරයෙක් විදිහට ඉතුරු වෙන්නෙ බුද්ධ ධර්මය හෝ හාමුදුරුවරු සෙට් එක. ඒත් වැල්ලෙ තැන් තැන්වල කයිය ගහනවට වඩා ජීවිතයක් හාමුදුරුවරුන්ට ලියවිලත් නෑ. ෆිල්ම් එකේ මුලදි නායකයො විදිහට හඳුන්වාදෙන චරිත පවා ටිකක් දුර එද්දි හොයාගන්න නැති වෙනවා.

 ෆිල්ම් එකේ ටී‍්‍රට්මන්ට් එක කොයිතරම් ඉදිරියෙන් තිබුනත් කෑලි හැලෙන පිටපතක් නිසා කතාව අරාජික වෙලා යනවා.

ෆිල්ම් එකේ සංගීතය අති විශිෂ්ට වැඩකොටසක් කරනවා. එපික් ෆිල්ම් එකකට අවශ්‍ය මූඞ් එක, විශාල බව, හැ`ගීම ආදී සියල්ල හොඳින් කැටි කරගන්නත් චිත‍්‍රපටියෙ තිරරචනයේ අඩුපාඩු පවා ඇතැම් තැන්වලදි වහන්නත් මියුසික් වල පවර් එක උදව් වෙනවා.

මේ කොයි අඩුපාඩු තිබුණත් ලංකාවෙ කෙරුණු එපික් ෆිල්ම් අතර හොඳම එක විදිහට ගන්න වෙන්නෙ ආලොකො උදපාදි. ඒ ෆිල්ම් එක ඒ තරම් හින්ද නෙමෙයි ඒ වෙනුවෙන් අරන් තියෙන වෑයම ඒ තරම් හින්ද.

 අන්තිමට ෆිල්ම් එක ඉවර වෙන්නෙ බුද්ධ ධර්මය ග‍්‍රන්ථාරූඩ කරන තැනින් . සිද්දියක් විදිහට ඒ කොටසෙ රූපමය ගොඩනැංවීමට මං ගොඩක් කැමතියි (ඒ ඞීටේල් වලට ගිහින් තියෙන විදිහ) . පුස්කොල පදම් කරලා, පන්හිඳෙන් කුරුටු ගාලා, ඒවායෙ ගාථා මතුවෙද්දි ඒ වචන වලට ලොකු හැ`ගීමක් ඇතුල්වෙනවා.

චක්ඛුං උදපාදි - ඤාණං උදපාදි - විජ්ජා උදපාදි - ප‍්‍රඥා උදපාදි - ආලෝකෝ උදපාදි
දැකීම ඇති වේවා. ඒ දැකීම තුලින් ඤාණය ඉපදේවා. ඒ ඤාණයෙන් විද්‍යාව හෙවත් දැනීම ඇතිවේවා. ඒ දැනීමෙන් අවබෝධය ලැබේවා.
ඒ අවබෝධයෙන් ආලෝකය ඉපදේවා...

ලංකාවෙ ඇතිවුණු හිස්ටොරිකල් එපික් සිනමා රැල්ලෙ අවසානය ඒ විදිහට සළකුණු වෙනවා.

-චින්තන ධර්මදාස

Saturday, January 28, 2017

Marx vs Osho



මාක්ස් ගැන පහුගිය ටිකේම එක එක තැන්වල එක එක කතා ඇතිවුනා. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට මාක්ස් බහුවිධාංගීකරණය වුනා. එක මාක්ස්වාදීන් පිරිසකට අනුව මාක්ස් තරම් ධනවාදයට ඇලූම් කළ පුද්ගලයෙක් තවත් නෑ. තව මාක්ස්වාදියෙකුට මාක්ස් තමයි වඩාත්ම පරිභෝජනවාදය වර්ණනා කරලා තියෙන්නෙ. තව කෙනෙකුට මාක්ස් කියල තියෙන්නෙ එක දෙයයි. උඩින් පේන එකක් තියෙනවා, යටින් නොපෙනෙන එකක් තියෙනවා. ඒක අහපු මගේ යාලූවෙක් කිව්වා, අපි ඔක්කොම මාක්ස්වාදියො බන්. අපිත් කොච්චරවත් ට‍්‍රයි කරන්නෙ ඔය යටින් නොපෙනෙන එක බලාගන්නනේ කියල. 

කොහොම හරි මාක්ස්වාදය අන්තිමට ස්විස් ආමි නයිෆ් එකක් වගේ වුනා.

ඒ අතරෙ මාක්ස්වාදය යළි කියවන්න පටන් ගත්ත. මේ කොයි කොයි විදිහට හරි සංවාදයක් ඇති වුනා. ඒක හොඳ දෙයක්. මං පිළිගත්තත් නොපිලිගත්තත් කවර මතවාදයක් ගැන හෝ සංවාද වෙන එකෙන් ඒ මතවාදය එක එක විදිහට වර නැගෙන්න ගන්නවා. මතවාද සිය ගානකට පරිවර්තනය වෙනවා. ඔරිජිනල් එකක් හොයාගන්න බැරි කොපි සිය ගානක් බිහිවෙනවා.

මාක්ස්වාදය ගැන තියරිටිකල් සාකච්ඡුා මාක්ස්වාදීන්ට බාරයි. ඒ අතරෙ මං මාක්ස්වාදය ගැන හරිම  ඕඩිනරි ලිපියක් පරිවර්තනය කරනවා. මේක  ඕෂෝ නැත්තං භගවාන් ශ‍්‍රී රාජනීශ් මාක්ස්වාදය ගැන එයාගෙ සන්‍යාසියෙක් අහන ප‍්‍රශ්නෙකට දෙන උත්තරයක්. 

එක වෙලාවකදි කෙනෙක්  ඕෂොගෙන් අහනවා එයා කොමියුනිසම් නැත්තං සමාජවාදෙට පක්ෂද කියල.  ඕෂො උත්තර දෙනවා.

ඔව් වගේම නැහැ. මං විරුද්දයි සෝවියට් ජනපදයෙ, චීනෙ සහ අනිත් කොමියුනිස්ට් රටවල තියෙන සමාජවාදෙට. මං විරුද්දයි කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ස්ටැලින් මාවෝ වගේ මිනිස්සු උප්පද්දපු සමාජවාදෙට. මොකද ඒක කොමියුනිසම් නෙමෙයි. ඒකයි මං විරුද්ද.

ඒ ගොල්ලො කළේ ඒකාධිපතිවාදී, අමුනුස්ස, වහල් සමාජයක් නිර්මාණය කරන්න උත්සාහ කරපු එක. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී, පුද්ගලයා පිළිබඳ ගෞරවයක් නැති, කොටින්ම පුද්ගලයාට කිසිම වටිනාකමක් නැති ක‍්‍රමයක්. පුද්ගලයා කියන්නෙ අංකයක් විතරයි. හරියට හමුදාවක වගේ. හමුදාවක කෙනෙක් මැරුනොත් අංක 08 මැරුනා කියලයි කියන්නෙ. නැත්තං අංක 08 අතුරුදන් වුනා. මෙතන තියෙනවා ලොකු මානසික වෙනසක්. මේ අංක 08ට බිරිඳක් නෑ. ළමයි නෑ. තාත්තෙක් අම්මෙක් නෑ. එයා නිකංම අංක 08. ඉල්ලක්කමක්. 
කිසි මනුස්ස වටිනාකමක් නැති. ඒත් ඒ අංක 08 වෙනුවට එයාගෙ ඇත්ත නම පාවිච්චි කළොත් එතකොට දැනෙන විදිහ වෙනස්. එතකොට ඔයා හිතන්න පටන් ගන්නවා, මේ මනුස්සයාගෙ බිරිඳට නැත්තං පවුලට මොකද වෙන්නෙ කියල. මේ හමුදා ක‍්‍රමය කියන්නෙ නොමිනිස් ක‍්‍රමයක්. ඒ වගේමයි මාක්ස්ගෙ කොමියුනිසම් කියන එකත්. පුද්ගලයාට කිසිම වටිනාකමක් නොදෙන නොමිනිස් ක‍්‍රමයක්.

මාක්ස් කියනවා ඔයා වෙන කිසිවක් නෙමෙයි, ද්‍රව්‍යයක්, මැටර් එකක් විතරයි. එතකොට ඔයා හිටියත් මළත් මොකද්ද තියෙන වෙනස? ඒක හින්ද ස්ටැලින්ට ගොඩක් පහසු වුනා රුසියාවෙ මිනිස්සු මිලියන ගණං මරන්න.

ඒත් මාක්ස් පුද්ගලයා කියන්නෙ නිකම්ම ‘මැටර්’ එකක් කියල නොතිබුනා නම් ස්ටැලින්ට ටිකක් හරි අමාරු වෙනවා ඒක. ඒත් ස්ටැලින්ගෙ හිතට පුංචිවත් ප‍්‍රශ්නයක් එන්නෙ නෑ මේ ඝාතන ගැන. එයාගෙ හෘදය සාක්ෂිය මාක්ස්ගෙ කොමියුනිසම් වලින් පදම් වෙලා තියෙන්නෙ. ඒ මැරෙන්නෙ මිනිස්සු නෙමෙයි. ඒ අයට ආත්මයක් නෑ. ඒ අය නිකම්ම ජීවී යන්ත‍්‍ර වගේ. මිනිසුන්ගෙන් මිනිස්කම කියන එක අයින් කරන ඒ වගේ මුග්ධ මතවාදයකට මං කොහෙත්ම සහයෝගය දක්වන්නෙ නෑ. සිද්ද වෙන්න  ඕන මිනිස් අගයන් තවත් වැඩි දියුණු කරන එකයි. පුද්ගලිකත්වය තවත් පැති වලට වර්ධනය කරන එකයි. ඒ වෙනුවට ඒ ගොල්ලො පුද්ගලික හැම දෙයක්ම විනාශ කරන්න ගත්ත. ඒ ගොල්ලොන්ට  ඕන වුනේ පුද්ගලයා සාමූහිකයක කොටසක්, අංශූවක් බවට පත් කරන්නයි. කරකැවෙන රෝදෙක ස්පෝක් කම්බියක් වගේ.  ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. 

ඒත් කිසිම මනුස්සයෙකුගේ ඉඩ වෙන කෙනෙකුට පුරවන්න බෑ. හැම මනුස්සයෙක්ම සුවිශේෂයි. මාක්ස්ගේ කොමියුනිසම් ඇතුලෙ පුද්ගලයාට ඒ ගරුත්වය නෑ. ඔවුන් මොකක්ද මේ වහලා දාන්නෙ? ඒ ඔබේම පැවැත්මට ඇතුල්වෙන දොරටුව. ඔයාගෙ පැවැත්මට ඇතුල් වෙන දොරටුවක් නෑ කියන්නෙ ඔයාගෙ පැවැත්ම එහෙම්පිටින්ම අහිමි වෙනවා කියන එක. තමන්ව තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, පැවැත්මේ සත්‍යය පිලිබඳ සියලූ කාරණා අහෝසියි. කිසිම ආත්මයක් නැති රෝදෙක ස්පෝක් කම්බියක් වෙන එක ලේසියි.

මාක්ස්ගෙ අදහසම අභ්‍යන්තර අවබෝධය උඩ පදනම් එකක් නෙමෙයි. ඒ මනුස්සයා පව්. මොලේ තියෙන හාදයෙක්. ඒත් නිකම්ම දැනුමට කොටුවෙච්ච පොතේ ගුරෙක්. පොත් කාවෙක්. එයා හැමදාම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරෙට ගියා. එයා තමයි හැමදාම මුලින්ම එන්නෙ. ? දොරවල් වහනකලූත් එයා ඇතුලෙ පොත් කියවනවා. සමහර දවස්වලට එයාව කෙලින්ම ස්ටෙ‍්‍රචර් එකක දාලා අරන් යන්නෙ ඉස්පිරිතාලෙට. මොකද මිනිහා දවසෙම කරන්නෙ පොත් කියවන එකයි, එකක් ඇරෙන්න තව එකක් සිගරට් උරන එකයි. අන්තිමට එයාට සිහි නැති වෙනවා. අවුරුදු 40ක් තිස්සෙ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරෙට සිද්ද වුනා මේ මිනිහ එක්ක ගනුදෙනු කරන්න. 

මේ මනුස්සයාගෙ ජීවිතේ එක මොහොතක් එයාට භාවනාවක් නැත්තං තමන්ගෙ අභ්‍යන්තරයට පිවිසීමක් අත්විඳින්න බැරි වුනා. එයා කිසි දෙයක් දන්නෙ නෑ මිනිසාගෙ ඇතුලාන්තය ගැන. මොනවද එයා දස් කපිටාල් වල ලියලා තියෙන්නෙ? කිසිම කොමියුනිස්ට්කාරයෙක්  ඕක කියවන්නෙ නෑ. මට මුනගැහිලා තියෙනවා සියගානක් කොමියුනිස්ට් කට්ටිය. හැමෝම බයිබලය වගේ මේක ගේ ඇතුලෙ තියාගෙන ඉන්නවා. කියවන්නෙ නෑ. ඒ ගොල්ලො මේකෙන් ශුද්ධ වූ ත‍්‍රිත්වයක් හදාගෙන ඉන්නෙ. මාක්ස්, එංගල්ස්, ලෙනින්. ශුද්ධ වූ ග‍්‍රන්ථය තමයි දස් කපිටාල්. මම  ඕක කියෙව්වා. මුල ඉඳන් අගටම, පිටුවෙන් පිටුව, වාක්‍යයෙන් වාක්‍යය. ඒක නිකම්ම හිස් වචන ගොඩක් විතරයි. කිසිම අත්දැකීමක් ඒ ලියවිල්ලෙ නෑ. අනිත් පොත පතෙන් ගත්ත උපුටාගැනීම් විතරයි. තමන්ගෙම වූ කිසි දැනීමක්වත්, මාක්ස්ගෙ කියන එක අත්දැකීමක්වත් ඒකෙ අඩංගු නෑ.

මාක්ස් කියන්නෙ කොයි වගේ මිනිහෙක්ද? යුදෙව්වො ලෝකෙට දීලා තියෙනවා හරිම අමුතු මිනිස්සු. මාක්ස් කියන්නෙත් එක්කෙනෙක්. එයාගෙ කොමියුනිසම්වලට හේතුව දුප්පතුන් ගැන ආපු කරුණාවක් නෙමෙයි. එයාගෙ කොමියුනිසම් හැදෙන්නෙ ධනවතුන් ගැන ඇති ඉරිසියාවෙන්. මේ කාරණය හරියටම තේරුම් ගන්න  ඕන. මොකද ඒකෙන් පුළුවන් සම්පූර්ණ ඇටිටියුඞ් එකම වෙනස් කරන්න. මාක්ස්ගෙ තාත්තා දුප්පත්. මාක්ස් දුප්පත්. එයා ජීවිත කාලෙම ජීවත් වුනේ ධනවත් යාලූවෙක් වෙච්ච එංගල්ස්ගෙ උදව්වෙන්. ෆෙඞ්රික් එංගල්ස් කියන්නෙ එහෙම බුද්ධිමතෙක් නෙමෙයි. ඒත් එංගල්ස් තමන්ට උදව් කරන හින්ද මාක්ස් එයා ලියපු හැම පොතකම එංගල්ස්ගෙ නමත් දැම්මා. ෆෙඞ්රික් එංගල්ස් කිසිම දෙයක් ඇත්තට ලිව්වෙ නෑ. ඒ මාක්ස් එයාට ගෞරවය පෙන්නපු විදිහ විතරයි. මොකද එංගල්ස් නැත්තං මාක්ස්ට වෙන්නෙ හාමතේ මැරෙන්න.

යුදෙව්වෙක් විදිහට දුප්පතෙක් වෙන එක දුෂ්කර වැඩක්. මං මේක හොඳට දන්නවා. මොකද මං ඉන්දියාවෙ ජෛනයෙක් විදිහට මේ තත්වෙ අත්විඳලා තියෙනවා. ඉන්දියාවෙ ජෛන හිගන්නො එක්කෙනෙක් වත් නෑ. ඔක්කොම හි`ගමන් යදින අය හින්දු. ජෛන අය හැමෝම ධනවත්. ඒ ගොල්ලො තමයි රටේ පෝසත්ම අය.
ඒ වගේම යුදෙව්වෙක් වෙලා දුප්පතෙක් වුනාම, අනෙක් හැම යුදෙව්වම පෝසත් වෙලා ඉඳිද්දි, ස්වභාවිකවම ඇතිවෙනවා ඉරිසියාවක්. ඒක දුප්පතුන් ගැන කරුණාවක් නෙමෙයි. දස් කපිටාල්, කොමියුනිස්ට් මැනිෆෙස්ටෝ හෝ මාක්ස් ලියපු කිසිම පොතක එක වාක්‍යයක්වත් මුනගැහෙන්නෙ නෑ දුප්පතුන් ගැන කරුණාවෙන් ලියවුන. ඒ හැම එකක්ම ලියවිලා තියෙන්නෙ පොහොසතුන් ගැන ඉරිසියාවෙන්.

ඒ හින්ද මං සංක්ෂිප්ත කරනවා නම්, මාක්ස්ගෙ කොමියුනිසම් කියන්නෙ මෙච්චරයි. ධනවතුන් විනාශ කරන්න සහ සියලූ ධනය සමානව බෙදන්න. ඒක තමයි රුසියාවෙ සහ චීනයේ වුනේ. දුප්පතුන් දිගටම දුප්පත් වෙලා හිටියා. ඒත් ධනවතුන්ගෙ ධනය බෙදී ගිය හින්ද ඒ ගොල්ලො හිතෙන් සතුටු වුනා. ධනවත් මිනිස්සුන්ව නැති කළා. සංසන්දනයක් නැති වුනා. එතකොට වෙන්නෙ මෙච්චරයි. කිසි කෙනෙක් ධනවත් නෑ තව කෙනෙකුට තමන් දුප්පත් විදිහට හිතෙන්න. දුප්පත්කමත් සමානව බෙදිලා තියෙන්නෙ. කාටවත් ඉරිසියා වෙන්න හේතුවක් නෑ. හැමෝම එකවගේ දුප්පත්. කාටවත් හිතෙන්නෙ නෑ මීට වඩා හොඳ විදිහක් තියෙන්න පුළුවන් කියලවත්.
මං එකග නෑ දුප්පත්කම සමානව බෙදාගන්න. ධනවතුන්ව විනාස කරන්න. ඒක හින්ද මං ඒ කොමියුනිසම් වලට විරුද්දයි. ඒත් මට තියෙනවා වෙනස් විදිහට අදහසක් කොමියුනිසම් ගැන. මට අනුව කොමියුනිසම් කියන්නෙ ධනවාදයේ ඉහළම හිනිපෙත්තයි.

කැපිටලිසම් වලට විරුද්ද වෙලා කොමියුනිසම් ඇති කරන්න බෑ. කැපිටලිසම් උපරිමයෙන් තෘප්තිමත් වෙන තැනදි කොමියුනිසම් ඇතිවෙනවා. 

කැපිටලිසම් තමයි ලෝකෙ ධනය උත්පාදනය කරපු පළවෙනි ක‍්‍රමය. ඊට කලින් තිබුනා වැඩවසම් ක‍්‍රමය. ඒකෙන් ධනය ඇතිවුනේ නෑ. ඒකෙන් සිද්ද වුනේ සූරාකෑම සහ මංකොල්ලය. ඉස්සර රජවරු ළ`ග තිබුන ධනය කියන්නෙ අපරාධ කරලා රැුස් කරගත්තුවා. ඒ මිනිස්සුන්ගෙන් බලෙන් රැුස්කරපු ධනයක්. ඒක ඔවුන් විසින් උත්පාදනය කරපු ධනයක් නෙමෙයි.

ධනය ඇති කරන්න බුද්ධිය තියෙන්න  ඕන. අපි ධනය ගොඩක් උත්පාදනය කළේ නැත්තං ඒ ධනයේ තියෙන අර්ථයම නැති වෙලා යනවා. අපිට සිද්ද වෙනවා ධනය රැුස් කරන්න දුප්පතුන් අතට පවා ඒ ධනය ගිහින් ඔවුන්ගේ දුප්පත්කම තුරන් වෙන කල්. කාටවත් බෑ සල්ලි කන්න. එතකොට මොනවද කරන්නෙ? අන්න එතනදි කැපිටලිසම් එහි කූටප‍්‍රාප්තියට එනවා. කොමියුනිසම් පටන් ගන්නවා. 

මම ධනවාදය ගැන විශ්වාස කරනවා. සමහර විට මම වෙන්න පුළුවන් එකම කෙනා පැහැදිලිව ධනවාදය විශ්වාස කරන බව කියන. මොකද මේ තමයි ඉතිහාසෙ එකම ක‍්‍රමය මිනිසාට විශාල ධනයක් උත්පාදනය කරන්න පුළුවන්. විද්‍යාව හා තාක්‍ෂණික දියුණුවත් අත්පත් කර ගනිමින් දුප්පත්කමක් නොපවතින තරම් ධනයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ ධනය බෙදන්න ක‍්‍රමයක්  ඕන නෑ. ඒ විසින්ම එය බෙදී යනවා. කිසිම ආඥාදායකයෙක් හෝ නායකයෙක්  ඕන වෙන්නෙ නෑ. කැපිටලිසම් වලට පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පුද්ගලිකත්වය, කතා කිරීමේ නිදහස ආදිය එක්ක සුසංයෝගීව වැඩෙන්න. ඒකෙන් කිසි දෙයක් විනාශ වී යාමේ අනිවාර්යයක් නෑ. අපි කරන්න  ඕන වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කරන ක‍්‍රම ගැන උනන්දු වෙන එක මිස ධනය බෙදී යාම ගැන කරදර වෙන එක නෙමෙයි. ප‍්‍රමානවත් විදිහට ධනය උත්පාදනය කරලවත් නැත්තං තව මොකක්ද බෙදලා දෙන්න හදන්නෙ?

රුසියාවෙ චීනෙ වගේ රටවල කොමියුනිසම් ඇතිවෙයි කියල මාක්ස්වත් කිව්වෙ නෑ. මොකද මේ රටවල් අන්ත දුප්පත්. මොනවා බෙදන්නද? මාක්ස් හිතුවෙත් මුලින්ම කොමියුනිසම් ඇතිවෙන්නෙ ඇමරිකාවෙන් කියල. ඒත් අවාසනාවට ඒක වුනේ රුසියාවෙ. ඒක වැරදීමක්. ඒක මිනිස්සු සතුටු කරන, ධනවත් සහ නිදහස් කරන ක‍්‍රමයක් නෙමෙයි. ඒ වෙනුවට ඉක්මණට අපි පෝසත් වෙයි කියන බලාපොරොත්තුවෙන් දුක් විඳින්න පොළඹවන ක‍්‍රමයක්. කවද්ද මේ දවස එන්නෙ? දැන් විප්ලවය වෙලා අවුරුදු හැටකුත් පහුවෙලා. විප්ලවකාරයො ඔක්කොම මැරිලා ගිහිල්ලා. හැමෝම බලාපොරොත්තු වුනා ඒ දවස එයි කියල. ඒත් රුසියාව තාම දුප්පත්.

ඇමරිකාවෙ දුප්පත්ම මිනිහා වුනත් රුසියාවෙ ලොකුම ධනවතාට වඩා හොඳ තැනක ඉන්නවා. රුසියානුවො ලොකු වටිනාකමක් නැති කරගත්ත. ඒ ගොල්ලොන්ගෙ නිදහස නැතිවුනා. පුද්ගලිකත්වය නැති වුනා. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නැති වුනා. ඒ අයගෙ හැමදෙයක්ම නැති වුනා. ඒ ගොල්ලො හරියට කන්සන්ටේ‍්‍රෂන් කෑම්ප් එකක ඉන්න පිරිසක් වගේ. යුක්තියක් නෑ. ඇපීල් කරන්න තැනක් නෑ. අහන්න කෙනෙක් නෑ.

මම මේ විදිහෙ විනාශකාරී කොමියුනිසම් ක‍්‍රමයකට අනිවාර්යෙන්ම විරුද්දයි. ඒත් වෙන විදිහක වඩා දියුණු කොමියුනිසම් ක‍්‍රමයකට මම පක්ෂයි. 

ධනය උපද්දන්න. පොහොසත් වෙන්න. දැන් විද්‍යාව හා තාක්‍ෂණය මේකට අවශ්‍ය හැමදේම ඔබට සම්පාදනය කරලා තියෙනවා. බෙදා හැරීම ගැන කරදර වෙන්න එපා. පුළුවන් තරම් උත්පාදනය කරලා සැචුරෙෂන් පොයින්ට් එකට එන්න. ධනවාදය එහි උපරිම ප‍්‍රතිඵල අත්කර ගන්නා දාට කොමියුනිසම් ඉබේටම ඇති වෙයි.
( ඕෂෝගෙ කතාවක්, පරිවර්තනය මගෙන්)

-චින්තන ධර්මදාස

Friday, January 20, 2017

වල්මත් දෑසක මුනිවර තෘප්තිය



2017 ජනවාරි, රාවය ස්වර්ණා විශේෂ අතිරේකයෙන්

ගිය අවුරුද්දෙ දෙරන සිනමා සම්මාන උළෙලෙදි ස්වර්ණා මල්ලවාරච්චිට ‘ලයිෆ් ටයිම් අචීව්මන්ට්’ අවෝර්ඞ් එකක් දුන්නා. ස්වර්ණා ගැන කෙටි හඳුන්වාදීමෙන් පස්සෙ ස්වර්ණා වේදිකාව උඩට ඇවිදගෙන එද්දි මගේ ඇෙ`ග් හිරිගඩු පිපුනා. මටම තේරුම් ගන්න බැරි භක්තියකින් ඇස්වලට කඳුළු ආවා. ජීවිත කාලයක් පුරා ගැහැණු ජීවිතයක නිදහස වෙනුවෙන් සටන් කර පරිණත වූ ඒ ඇස්, ඒ හ`ඩ, වචන අතර ඒ ඉඩ, පුදුමාකාර සංතෘප්තියක් දැනෙව්වා.

ස්වර්ණා කියන්නෙ මට නිළියක් නෙමෙයි. එයා ඇක්ටිවිස්ට් කෙනෙක්. එයාගෙ ඇත්ත ජීවිතේ අරගෙන ගිය අරගලය එයා එහෙම්පිටින්ම සිනමාවටත් අරගෙන එනවා. ස්වර්ණාගෙ සිනමාව එක වාක්‍යයකට සංක්ෂිප්ත කළොත් එතන තියෙන්නෙ පිරිමියෙක් අතින් අසාධාරණයට ලක්වූ ස්ත‍්‍රියක් ඒ පිරිමියාට විරුද්දව ගහන කැරැුල්ල. මේක ආනයනය කරපු ෆෙමිනිස්ට් මතවාදයක් විදිහට නැතුව  ඕගනික් විදිහට ගේන්න ස්වර්ණාට පුළුවන් වෙනවා. එයාගෙ සිනමාව කියල සටහන් තැබෙන හැම තැනකම කියවෙන්නෙ මේ එකම කතාව. එයාගෙ ජීවිත අරගලය.

ස්වර්ණාට තියෙන්නෙ කොට්ටම්බා කහට බැඳුණු කටහ`ඩක්. ඒ කටහ`ඩම අවිනීතකමක්, නොහික්මුණුකමක් ඉ`ගි කරනවා. පිරිමින්ට කියන වචනවලට වඩා එහා යමක් හ`ගවනවා. මට හිතෙන විදිහට ස්වර්ණා සිනමාවට ගෙනාවා වරදෙහි බැඳෙන ස්ත‍්‍රිය කියන එක. ඒක මාලනී කරමින් හිටපු සිරියාවන්ත, අහිංසක, බබා එකට වඩා වෙනස්. ස්වර්ණාගේ භූමිකාව ලංකාවෙ පිරිමි වගේම ගැහැණුත් අවුල් කරන සුළු එකක්. සීමාවන් සම්මතයන් ඉක්මවා අනුරාගයට ඉඩ දෙන නිදහසක්.

ස්වර්ණා කියන්නෙ මට ලංකාවෙ සිනමාවෙ අනුරාගීම නිළිය. රවුම් වටකුරු හික්මුණු සිල්වත් ස්ත‍්‍රී චරිතය වෙනුවට එයා කෙස`ග සිරුර, දිගටි මුහුණ, අවිනිශ්චිත බව සහ සටන්කාමීබව ගෙනාවා.  ලිංගිකමය හෝ ශෘංගාරමය තේමාවන් රැුගත් ප‍්‍රකාශනවලට පවා අනෙක් නිළියන්ට සාපේක්ෂව ප‍්‍රගතිශීලී විවෘතබවක් ස්වර්ණාගෙ තිබුණ. මං මුලින්ම ස්වර්ණා ඉන්නවා කිව්වොත් ඒ චිත‍්‍රපටිය බලන්න පෙළඹුනෙම ඒ අනුරාගී ඇලීම නිසා. ඒත් ස්වර්ණා හැමතිස්සෙම ස්වයං මෛථුන්‍යයකට එහා ගිය ස්ත‍්‍රීත්වය පිළිබඳ ගැඹුරු කැපුමක් මගේ පිරිමි මනසෙ ඉතුරු කළා.

එයා නිකම්ම ශෘංගාර වස්තුවක් වුනේ නෑ. සිනමාවෙදි සාරයක් සහිත ස්ත‍්‍රිය කියන එක නිර්මාණය වෙන්නෙ ස්වර්ණා මතින්. මාලනී ගත්තොත් මට හිතෙන්නෙ එයා කරමින් හිටියෙ ‘බ්ලොන්ඞ්’ චරිතය. ස්වර්ණා සිනමාවේ නිරූපිත ස්ත‍්‍රියට අනුරාගයේ බලය සහ ආත්මයේ සාරය ගෙනාවා. මාලනී කියන්නෙ ලාංකීය සිනමාවෙ නිළි රැුජිණ නම් ස්වර්ණා කියන්නෙ ලාංකීය සිනමාවෙ කැරළිකාරිය.

ස්වර්ණා කියපු ගමන් මට මතක් වෙන්නෙ දඩයම. ඒ මුගුරක් අරන් දෑත බදලා, ජේත්තුකාර රතු කැප්රි කාර් එකේ වින්ඞ්ස්ක‍්‍රීන් එක කුඩුවෙන්න ගහන රත්මලී. ඒ තමයි සිනමාවෙ ස්වර්ණා. දඩයම කියන්නෙ ලංකාවෙ සුවිශේෂී ෆිල්ම් එකක්. විවෘත ආර්තිකය එනවත් එක්ක අපේ රටේ සංස්කෘතික කලාපය පෙලෙන්න පටන් ගත්ත බය සහ චකිතය ඒ කාලෙ කෙරුණු චිත‍්‍රපටි ගනනාවකින් එලියට පැන්නා. දඩයම සහ පාර දිගේ, බඹරු ඇවිත් එයින් කීපයක්.

වසන්ත ඔබේසේකර වෙන විදිහක වැඩක් ට‍්‍රයි කරමින් හිටිය ඩිරෙක්ටර් කෙනෙක්. එයා සත්‍ය සිදුවීම් කියලා රටේ සිද්ද වෙච්ච මිනීමැරුම් ආශ‍්‍රයෙන් ත‍්‍රිලර් චිත‍්‍රපටි හැදුවා. එතනදි පාදක කරගන්නා කතාව වෙන්නෙ බාල ගොසිප් එකමයි.  ලංකාදීපෙ තුන්වෙනි පිටුව වගේ. දඩයම ෆිල්ම් එක ගත්තොත් ලොකු කාර් පාවිච්චි කරන්නෙ හොරු සහ වංචාකාරයො, උන්ට අහුවෙලා සල්ලං වෙනවා ගම්වල අහිංසක කෙල්ලො, වගේ හොඳටම ස්ටීරියො ටයිප් අයිඩියොලොජියක් තමයි දුවන්නෙ. ඒත් එයාගෙ සිනමා ආඛ්‍යානය ඇතුලෙ හැදෙන දේ ඊට වඩා වෙනස් කතාවක් කියන්න පටන් ගන්නවා.

ලංකාවෙ සිනමාවෙ හැදිච්ච ස්ටයිලිෂ්ම දුෂ්ටයා හැදෙන්නෙ දඩයමේ වෙන්න පුළුවන්. මේ දුෂ්ටයා විදිහට ජයනාත්ගෙ චරිතය කොයිතරම් හොඳට හැදෙනවද කිව්වොත් අපි දුෂ්ටයාට ආශක්ත වෙනවා. ඒ සිගරට් බොන විදිහ, සන්ග්ලාස් දාන විදිහ, නරුමකම පවා විලාසිතාවක් හදනවා.

විවෘත ආර්තිකේ එන්න කලින් අපේ සිනමාවෙ තිබුනෙ වලව්කාරයො අතින් සල්ලං වෙන අහිංසක කෙල්ලො ගැන කතන්දර. අසූව දශකෙ වෙනකොට මේ සල්ලාල වලව්කාරයා වෙනුවට ජේත්තුකාර, කාර් පදින, ඒ කාලෙ හැටියට මිනිස්සු ධනපතියො කියලා හිතෙන් මවාගත් බිස්නස්කාර, සල්ලාල තරුණයා ආදේශ වුනා. ගමේ වුනත් ටිකක් දාංගලේ වැඩි කෙල්ල (ප‍්‍රගතිශීලී) මේ තරුණයන් අතින් කන්‍යාභාවය නැති කරගත්තා.
ඒත් දඩයමේ මේ දුෂ්ටයා වගේම කෙල්ලත් හුරුපුරුදු අහිංසක එකක් නෙමෙයි. ඔබේසේකර කතාව හැ`ගුම්බර කරන්න කෙල්ලව අහිංසක කරන්නෙ නෑ. ඒ වෙනුවට රත්මලී ෆාස්ට් කෑල්ලක් කරනවා. කෝච්චියට නැගලා බහින ටිකට එයා කොල්ලෙක් එක්ක යාලූ වෙනවා. ඒ මදිවට තාත්තා එහා පැත්තෙ ඉන්න අතරෙ.
එක තැනකදි ජයනාත් චෝදනා කරනවා රත්මලී එයා එක්ක යාලූ වුනේ කාර් එකටයි සල්ලි වලටයි කියල. එතනදි දැකලා පුරුදු සාමාන්‍ය කෙල්ල වගේ රත්මලී අසරණ වෙන්නෙ නෑ.

‘‘ කන්න අඳින්න දෙන්න බැරි කොල්ලො එක්ක ගෑනු යාලූවෙන්නෙ නෑ තමයි’’ එයා අනිත් පැත්තට දමලා අරිනවා.

දුප්පත් පැලක හිටියත් රත්මලී ගම්බද කොමලි නෙමෙයි. එයා කොල්ලොන්ව අල්ලෙ නටවන්න දන්න කෙල්ලෙක්. ජයනාත්ගෙන් ළමයෙක් ලැබුනත් එයා අපි දැකලා පුරුදු ස්ත‍්‍රිය වගේ දියවෙලා වැක්කෙරන්නෙ නෑ. ඒ වෙනුවට එයා ආපහු සටන් කරනවා.

‘‘එක්කො මාව මරපන්. නැත්තං බැඳපන්. මැරුවත් මං අවතාරයක් වෙලා උඹේ පස්සෙන් එනවා..’’
දඩයමේ ස්වර්ණා අතින් හැදෙන මේ රත්මලීගේ චරිතය හරිම ටෙක්ස්චර්ඞ් එකක් (තල ගණනාවකින් ගොඩනැගෙනවා). මුලින් නොමේරූ, නොපැහුණු, රැුවටෙන සුළු, ද`ගකාර කෙල්ලෙක් දිගින් දිගට අමාරුවෙ වැටෙනවා අපි බලන් ඉන්නවා. ඒත් එක තැනකින් පස්සෙ රත්මලී හීනෙ අත්අරිනවා. එයා යතාර්ථය බාරගන්නවා.

එතන ඉඳන් ඒ චරිතෙ හරියට කිල්බිල් වල උමා තර්මන් වගේ. ඒකෙ ලාංකීය වර්ෂන් එක. ඉතාමත් නිර්භීත, මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ තැන දක්වා ස්වර්ණා රත්මලීව අරන් එනවා. ඒ ස්ත‍්‍රීත්වය වේදනාව සහ දරාගැනීම ඇතුලෙ පරිණතවන ගැඹුරත්, අත්පත් කරගන්නා පිරිමියා ඉක්මවා යන බලයත් ඉතාම හොඳින් සටහන් කරන අතරෙ.

‘‘දඩාවතේ යන බල්ලො එක්කො බැඳලා දාන්න  ඕන. නැත්තං වෙඩි තියලා දාන්න  ඕන. මං හදන්නෙ තමුසෙව බැඳගන්න..’’

එක තැනකින් පස්සෙ රත්මලී ජයනාතව ආත්මෙන්ම අප්පිරිය කරනවා. ඉපදිච්ච, බඬේ ඉන්න දරුවන් වෙනුවෙන් සහ පිස්සු හැදුනු තාත්තා වෙනුවෙන් විතරයි එයාට ඒ කසාදෙ කොලේ ලියාගන්න  ඕන වෙන්නෙ. අප‍්‍රියතම පිරිමියාව කසාද බඳින්න සටන් කරන ගැහැණියක් කියන්නෙ මාර ග‍්‍රවුන්ඞ් එකක්. ඔබේසේකර ගොසිප් එක ඇතුලෙන් හරිම ලස්සනට වෙන වෙන මානයන් විවෘත කරනවා.

වසන්ත ඔබේසේකරගෙ සිනමාකරණයත් මෙතනදි වෙන උත්සාහයක් ගන්නවා. අදාල නොවෙන රූපයක් මත ඊළ`ග ජවනිකාවට අදාල හ`ඩ පටයක් යැවීම,  ඕනවට වඩා වෙලාවක් තිස්සෙ රඳවාගෙන ඉන්න රූප රාමු මගින් අපේ තේරුම් ගැනීමේ යම් හිඩැසක්, ගැප් එකක් ක‍්‍රියේට් කරන්න එයා උත්සාහ ගන්නවා. මට හිතෙන විදිහට වසන්ත ඔබේසේකර පොප් සිනමාවක් ඇතුලෙන් යම් ගැඹුරු දේවල් ස්පර්ශ කරන්නෙ කොහොමද කියල ට‍්‍රයි අත්හදා බලනවා. ( ඒත් කැඩපතක ඡුායා සහ ඊට පස්සෙ කරපු නිර්මාණ දක්වා එද්දි ඔබේසේකරගේ සිනමාව බලන් ඉන්න අමාරු වෙන තත්වයක් දක්වා බංකොලොත් වුනා)

ස්වර්ණා දඩයම ඇතුලෙ මාතෘත්වය ඉමෝෂනල් තැනකින් ගලවලා අරගෙන අරගලකාරීත්වයත් එක්ක ගැටගහනවා. රත්මලී ළමයා ගැන වද වෙවී එතන අ`ඩඅ`ඩා ළතැවෙන ගැහැණියක් නෙමෙයි. එයා බඩත් උස්සගෙන පාරට බහිනවා තමන්ට යුක්තිය ඉල්ලන්න.

රත්මලී මැරෙනවා. ඒත් ඈ ඉතුරු කරන සාරය, දිගින් දිලටම දුර්වලයන් හැටියට පාවිච්චි වෙන එකට විරුද්ද අරගලය දැවැන්තව නැගී සිටිනවා.

අද වුනත් ෂූට් කරගන්න බැරි තරම් විශිෂ්ට විදිහට දඩයමේ අවසානය ගොඩනැගෙනවා. ඒ පාවිච්චි කරන ෂොට්, එඩිට් එක සහ ස්වර්ණාගේ රංගනය ෆිල්ම් එකේ කූටප‍්‍රාප්තිය අමතක නොවෙන තැනකට ගේනවා. ඒ අති ප‍්‍රචණ්ඩ අවසානයට පස්සෙ ඔබේසේකර වචනයකින් වත් නරඹන්නාගේ කම්පනය අස්වසන්නෙ නෑ. නිකම්ම දූවිල්ලෙන් වහලා දාලා ෆිල්ම් එක ඉවර වෙනවා.

ස්වර්ණා කියන්නෙ සමාජ සම්මතයන් අනුව හික්මවුණු හැදිච්ච කෙල්ල නෙමෙයි. ඒ වෙනුවට නැහැදිච්ච සීමාවන් පවා තරණය කරන සවිඥාණක ස්ත‍්‍රීත්වයක් එයා අරන් එනවා. එයාගෙ සටන වෙන්නෙ පිරිමියාගේ කොටුවෙන් පිට යන ස්ත‍්‍රියගේ නිදහස නැවත පිරිමින් විසින් ඇයව පාවිච්චි කිරීමට කොන්දේසියක් කරගන්නවාට විරුද්දවයි. ඒ නිදහස් ගැහැණියට, වේසියක්, බඩුවක් වීමට වඩා ආත්මයක්, අයිතියක් හිමියි කියල කියන්නයි. මට මැඩෝනා එමී අවෝර්ඞ්ස් වලදි කරපු කතාව මතක් වෙනවා.

”ලෝකෙ කියන විදිහට ඔයා කෙල්ලෙක් නම් ඔයාට සිද්ද වෙනවා සෙල්ලම හරියට කරන්න. ඔයාට පුළුවන් ලස්සන වෙන්න, කියුට් වෙන්න. ඒත් වැඩිය ස්මාර්ට් වෙන්න හදන්න එපා. මොකක් හරි දෙයක් ගැන හැමෝම පිළිගන්න දේට පිටන් ඔයාගෙ අදහසක් තියාගන්න එපා. ඔයාට පුළුවන් පිරිමි අතින් ඔබ්ජෙක්ටිෆයි වෙන්න, ටිකක් වල් විදිහට අඳින්න. ඒත් ඒ වල්කම අයිති කරගන්න හදන්න එපා. ඔයාගෙ සෙක්සුවල් ෆැන්ටසි ලෝකෙට දැනගන්න තියන්න එපා. පිරිමි කැමති විදිහට ඔයා ඉන්න  ඕන. වඩා වැදගත් වෙන්නෙ පිරිමි අතරෙ ඔයා ඉන්න එක ගැන ගැහැණුන්ට අවුලක් නොවෙන විදිහට හැසිරෙන එකයි”

මැඩෝනා මේ කියන්නෙ පිරිමි සමාජෙක ගැහැණියකට අප‍්‍රකාශිතව පනවා ඇති සීමාව ගැන. ස්වර්ණා ලංකාවෙ මේ සීමාවන්ට අභියෝග කළා. නිව්යෝර්ක් ටයිම්ස්වල මැඩෝනා වෙනුවෙන් කැමිල් පැග්ලියා ලියන මේ වචන ස්වර්ණාටත් අදාල වෙන්නෙ ඒකයි.

”මැඩෝනා තරුණ කෙල්ලන්ට කියල දුන්නා පූර්ණ වශයෙන් ස්ත‍්‍රීත්වය සහ ලිංගිකත්වය වැළඳගන්නත් ඒ අතරෙම තමන්ගෙ ජීවිතය ගැන පූර්ණ පාලනයක් ඇතුව ඉන්නත්. එයා පෙන්නුවා ආකර්ශනීය, අනුරාගී, ජවසම්පන්න, අභිවෘද්ධිකාමී, ප‍්‍රචණ්ඩ සහ සරල යන හැමදේම එකවිටම අත්පත් කරගන්නෙ කොහොමද කියල”

මැඩෝනා එක්ක අනෙක් පැත්තෙ තියාගෙන ස්වර්ණාව සංසන්දනය කරනවා නෙමෙයි. ඒත් ලංකාවෙ ස්ත‍්‍රීත්වය සම්බන්දව පැවතුණු සීමාමායිම් වෙනස් කරන්නත්, අලූත් අනුරාගී මෙන්ම හිතන්න පුළුවන් ස්ත‍්‍රියක් නිර්මාණය කරන්නත් ස්වර්ණා පෙරමුණ ගත්තා. මං දකින්නෙ සිනමාව කියන්නෙ ස්වර්ණාගෙ ජීවිත අරගලයේ එක ප‍්‍රකාශනයක් විතරයි. වඩා වැදගත් වෙන්නෙ ගැහැණියක් විදිහට තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන් ප‍්‍රකාශමාන කිරීමේ නිදහස වෙනුවෙන් එයා තනියම කරගෙන ගිය අරගලයයි.

අවුරුදු 16න් සිනමාවට ඇවිත් 2016දි අවුරුදු පනහක සිනමා ජීවිතය සම්පූර්ණ කරද්දි මාව කම්පනය කළේ සිනමාවට වඩා ස්වර්ණා ජීවිතයෙන් අත්කරගෙන තිබුණු ජයග‍්‍රහණයයි. තාරුණ්‍යය පිරුණු, නිදහස හොයන වල්මත් දෑස් වෙනුවට ස්වර්ණාගේ ඇස්වල මුනිවර තෘප්තියක් තිබුන. දඩයමේ ඉඳන් ඇගේ ඇස අගට එද්දි ස්වර්ණා ගැහැණියක් විදිහට ස්තී‍්‍රත්වයේ ගැඹුර අත්පත් කරගෙන තිබුන.

- චින්තන ධර්මදාස