මාර්කට් එක ගැන මේ දවස්වල තරමක හොඳ සංවාදයක් එෆ්බී එකේ තැන තැන යනවා. ගොඩක් දෙනා ලේසියෙන් එකගවෙන අදහස තමයි මාර්කට් එක කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි කියන කතාව. එක පෝස්ට් එකක දාලා තිබුන මාර්කට් එක වෙනුවට මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් විද්‍යාත්මක ක‍්‍රමයක් කරා අපි ගමන් කරන්න ඕන කියල. එතනදිත් ලේසියෙන්ම අමතක කරලා තිබුන කාරණය වෙන්නෙ මාර්කට් එක තරම් මනුෂ්‍යයා කේන්ද්‍රීය විද්‍යාත්මක ක‍්‍රමයක් තාම නිර්මාණය වෙලා නැති වග. එහෙම නැත්තං මාර්කට් එක කියන්නෙත් මනුෂ්‍යයාගේ පැවැත්ම සහ උවමනාවන් කේන්ද්‍ර කරගනිමින් වඩවඩාත් විද්‍යාත්මක ප‍්‍රවේශයන් උත්සාහ කරන මානව තාක්‍ෂණයක් කියන එක නොතකා හරිනවා. ඒ වෙනුවට මාර්කට් එක කියන්නෙ ලාබය කේන්ද්‍ර කරගත්ත ධනපතීන්ගේ උවමනාවට හැසිරෙන මොකක්දෝ බහුබූත යාන්ත‍්‍රණයක් විදිහටයි ගොඩක් වාමවාදී බුද්දිමතුන් දකින්නෙ. ඒ වෙනුවට දුප්පත්කම, ගෝලීය පරිසර අර්බුද වගේ මානව හිතවාදී යැයි කියන කාරණා ගැන උනන්දු වෙන වෙනම මාර්කට් නැති ක‍්‍රමයක් ගැන ෆැන්ටසිමය හීනයක් මේ අයට තියෙනවා.
ඒ වගේ ව්‍යාපෘති වලටත් වඩ වඩාත් අරමුදල් ඕනවෙන බවත් ඒවා සපයන්න වෙන්නෙත් බදුමුදල් වලින් බවත් ඒ බදුමුදල් ගෙවන්න වැඩියෙන් ලාභ අවශ්‍යවෙන බවත් ඒ ලාභ උපයන්නේ වෙළඳපොලෙන් බවත් ඒ අයට මගඇරෙනවා. වෙළඳපොල වෙනුවට ඒ සඳහා වෙනම ක‍්‍රමයකුත් තාම ඒ අයට නිර්මාණය කරගන්න බැරිවෙලා තියෙනවා. කියන්න තියෙන සරලම කතන්දර, අවිආයුදවලට වැයවන වියදම් කපාහැරීම වගේ බොළඳම කාරණා හරහා නැවත වෙළඳපොල මානුෂීය කරන ක‍්‍රියාවලියකට එපිටින් කිසි දෙයක් ඒ අයට නෑ.
මෙතනදි අවතක්සේරු කරන වෙළඳපොල කියන්නෙ මානව පරිණාමයේ අප මෙතෙක් නිර්මාණය කරගත්ත දියුණුම අවධියයි. එක විදිහකට කිව්වොත් හෝමෝ සේපියන් සේපියන්ස් මානවයා මේ වෙද්දි වෙළඳපොල ආර්තිකය ඇතුලෙ හෝමෝ ඉකොනොමිකස් මානවයා දක්වා පරිණාමය වෙලා තියෙනවා. මේ වෙද්දි ඉන්නෙ තමන්ගේ උපයෝගිතාවය උපරිම කරන ගනුදෙනු වෙනුවෙන් තාර්කික තීරණ ගන්නා මානවයෙක්. වැදගත්ම දේ ඒ වෙළඳපොලෙන් බිහිවෙන පරිභෝගිකයා කියන චරිතය. ඕන නම් කන්සියුමර් ඉකොනොමිකස් කියල කියන්නත් පුළුවන්. වෙළඳපොලේ වැඩිම බලය තියෙන්නෙ මෙන්න මේ චරිතයට. ප‍්‍රගතිශීලී කියන සෑම ව්‍යාපාරයක්ම උත්සාහ කළ යුත්තේ මේ පාරිභෝගිකයා කියන අලූත් මානවයා ශක්තිමත් කරන්නයි. පාරිභෝගිකයාගේ පරිභෝජනය ඇතුලෙ ආර්තිකය පුළුල් වෙනවා වගේම වඩවඩාත් අයිතීන්, සාධාරණත්වයන් ශක්තිමත් කරන ප‍්‍රායෝගික අඩිතාලම් ගොඩනගන්න පුළුවන්.
හොඳම උදාහරණයක් යූටියුබ්. යූටියුබ් වල අපි දාන වීඩියෝ ඇතුලෙ ඇඞ් දානවා. ඒ ඇඞ්වලින් අපිට ආදායම් එනවා. අපේ විව්ස් වැඩිවෙනකොට වැඩියෙන් ඇඞ්ස් ලැබෙන්නත් ගන්නවා. ඒත් නිකං හරි අපි ජාතියකට ආගමකට හෝ පුද්ගලයෙකුට පරිභවකරන යම් දෙයක් අපේ ච ැනල් එකේ දැම්මොත් අපිට ලැබෙන ඇඞ් සියල්ල නතර කරනවා. යූටියුබ් අයිති ගූගල් සමාගමට. ඒ සමාගමේ පාරිභෝගිකයන් වෙනුවෙනුයි ගූගල් මේක කරන්නෙ. නිකං හරි එක පාරිභෝගිකයෙක් ඒ වගේ කාරණාවක් අරඹයා යූටියුබ් එකට විරෝධය පෑවොත් ඒක රැුල්ලක් වෙලා සමාගමට දැනෙන සුලූ බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. අවසාන අර්ථයේදී අපි හැමෝම පාරිභෝගිකයන් වෙනවා. සමාගමක වුනත් සේවකයන් වෙළඳපොලේ පාරිභෝගිකයන්. ඒ තමයි නූතන ජනතාව කියන්නෙ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් ලාභයට එරෙහි ව්‍යාපෘතියකට වඩා සාධාරණ සහ ප‍්‍රායෝගික වෙන්නෙ පාරිභෝගිකයන් සවිඥානක කිරීමේ ව්‍යාපෘතීන්.
වෙළඳපොල කියන්නෙ මානව සංස්කෘතික නිර්මාණයක්. ඒක අපේ පරිණාමයේ අවධියක්. ඒක කීපදෙනෙක් ධනපති විසින් නෙමෙයි අපි හැමෝම එකිනෙකා අපේ ආශාවන් සහ උවමනාවන්ගෙන් නඩත්තු කරන වඩවඩාත් නිර්මාණශීලී කරන යාන්ත‍්‍රණයක්.
ගොඩක් අය ගොඩක් වෙලාවට බ‍්‍රෑන්ඞ්ස්වලට විරුද්දව කතා කරනවා. ඒත් ඒ කතා කරන හැමකෙනෙකුටම තමන් කැමති බ‍්‍රෑන්ඞ්ස් තියෙනවා. අනෙක් පැත්තට බ‍්‍රෑන්ඞ්ස් ගැන අවබෝධයක් නැති එක තමන් ජීවත්වෙන නූතන වටපිටාව ගැන සවිඥාණකත්වයක් නැතිකමක් වෙනවා.
වෙළඳපොලේ මේ බ‍්‍රෑන්ඞ්ස් හැදෙන්නෙ හුදෙක් සල්ලි තියෙන කෙනෙක් නිෂ්පාදනයක් එලියට දැමීමෙන් නෙමෙයි. බ‍්‍රෑන්ඞ් එකක් කාලයක් පවතින්න නම් ඒකට පාරිභෝගිකයන් පිරිසකගේ මැදිහත් වීමක් ඕන වෙනවා. ඇත්තටම නම් බ‍්‍රෑන්ඞ් එකකට පවතින්න අර්ථය නිර්මාණය කරන්නෙ පාරිභෝගිකයන් විසින්. එක එක පාරිභෝගිකයන්ගෙ ජීවිත ඇතුලෙන් එකතුවෙන වටිනාකම් සහ තේරුම්වලින් තමයි බ‍්‍රෑන්ඞ් එකක් නිර්මාණය වෙන්නෙ.
මීට කාලෙකට කලින් ගත්තොත් අපිට වෙළඳපොලේ මේ බ‍්‍රෑන්ඞ් අතර තිබුනෙ හොඳ සහ නරක කියන බෙදීමක් විතරයි. ඒත් බ‍්‍රෑන්ඞ් අතර තරගය හින්ද මේ වෙද්දි අපිට නරකයි කියල බැහැර කරන්න පුළුවන් නිෂ්පාදන තියෙන්නෙ අල්පයක් විතරයි. හැම බ‍්‍රෑන්ඞ් එකක්ම තරගකාරීත්වය ඇතුලෙ වඩ වඩා හොඳ වෙමින් යනවා. මේ වෙද්දි අපි කරන්නෙ හොඳ දේවල් අතරින් වඩා හොඳ එක තෝරගන්න එකයි. වඩාත් ගුණාත්මක වගේම අපේ අවශ්‍යතාවලට සංවේදී නිෂ්පාදන කරන්න වෙළඳපොල ක‍්‍රමය උදව් වෙලා තියෙනවා.
වැදගත්ම කාරණය අපේ තෝරාගැනීමට ලැබෙන අයිතිය සහ බලය කියන එක. වෙළඳපොලකරණයට ලක්නොවුණු අංශවල තියෙන ගිලාබැසීමට සහ වැඩවසම් බලක‍්‍රමයට හේතුව වෙන්නෙම මේ ක‍්‍රියාවලිය සිද්ද නොවීම. හොඳම උදාහරණය අධ්‍යාපනය. ලංකාවෙ විශ්ව විද ්‍යාල අධ්‍යාපනය වෙළඳපොල තරගයට අහුවුන හැම අංශයක්ම සංවර්ධනය වෙමින් තරගකාරීවෙමින් තියෙනවා. වෙළඳපොලට දොරවල් වැහුනු අංශ එක තැනම පල්වෙමින් ඉන්නවා. තමන්ගෙ රැුකියාව බේරාගැනීමේ සටන්වලට පාරවල් ගානෙ පිකට් කරමින් ඉන්නවා. එතනදි පාරිභෝගිකයාගේ හෝ සේවය ලබාගන්නාගේ හ`ඩට කිසි තැනක් නෑ. තෝරා ගැනීමේ අයිතියක් නෑ. පරණ බලය ආරක්ෂා කරගැනීමේ උවමනාව විතරයි.
වෙළඳපොල තරම් මිනිස් නිදහස සහතික කරන වෙන කිසිම සිස්ටම් එකක් අපිට නෑ. කොටින්ම ඒ නිදහස අයිතීන් වෙනුවෙන් කියල මරාගෙන මැරෙන්න කැපවෙන දේශපාලන කණ්ඩායම්වල මධ්‍යගතවාදී අධිපතිවාදී කතිකාවන්ට වඩා හැමෝටම තමන්ගේ අදහස්, කණ්ඩායම්, චර්යාවන් සමග ජීවත්වෙන්න පුළුවන් වපසරියක් වෙළඳපොල ඇතුලෙ තියෙනවා. ආන්තික විදිහට පීඩාවන්ට ලක්වෙන පිරිස් නෑ කියනවා නෙමෙයි. ඒත් ඒ අය දක්වා ප‍්‍රතිලාබයන් බෙදී යාමේ තාක්‍ෂණයන් වෙනුවෙන් නිරන්තර අධ්‍යනයන් සහ අත්හදා බැලීම් සිද්ද වෙනවා. අලූත් ඉකෝ සිස්ටම්ස් නිර්මාණය වෙනවා.
වෙළඳපොල ඇතුලෙ කංසා හොයන මිනිහට කංසා හොයාගන්නත්, කාර් හොයන මිනිහට කාර් හොයාගන්නත් කොම්පැනි හොයන මිනිහට කොම්පැනි හොයාගන්නත් ඉඩ තියෙනවා. තව කෙනෙකුගේ නිදහස සහ අයිතීන්වලට බාධාවෙන තැන්වලදි ආරක්ෂාවට නීති තියෙනවා. වැදගත්ම දේ වෙන්නෙ හැම කෙනෙකුගේම හැම උවමනාවක්ම සහ ආශාවක්ම තෘප්තිමත් කරගැනීමට ඒක ඇතුලෙ අවකාශ නිර්මාණය වෙන එකයි. සදාචාරය හෝ මනුෂ්‍යත්වය හෝ වෙන කිසියම්ම මතවාදයකට හෝ වඩා වෙළඳපොල පුළුල් වගේම ඒක ඇතුලෙ හැමෝටම ඉඩත් තියෙනවා.
වෙළඳපොල හැමවෙලාවකම හිතන්නෙ තමන්ගෙ පාරිභෝගිකයා කියන පුද්ගලයා ගැන. ඒ පුද්ගලයා ගැන නිශ්චිත විද ්‍යාත්මක දැනීමක් වෙළඳපොලේ හැම නිෂ්පාදනයකටම තියෙනවා. ඒ නිසාම ඒ පුද්ගලයා කියන කාරණයට වෙළඳපොලේ ලොකු තැනක් හැදෙනවා. දේශපාලන, ආගම්, අන් කවර හෝ මානව හිතවාදී විදිහට පෙනී ඉන්න කණ්ඩායමක් වුනත් හිතන්නෙ තමන් නොදන්නා සමූහයක් ගැන. මේ ඔලූවෙන් නිර්මාණය කරගන්නා සමූහය ගැන අදහස භයානක එකක්. ගොඩක්ම බයානක වෙන්නෙ ඒක බොරුවක් හින්ද. මේ සමූහය ගැන අදහස ඒ අදාල කන්ඩායමේ අධිකාරී බලයේ ප‍්‍රක්‍ෂේපණයක් විතරයි. ඒ හැම කතිකාවකදිම, ක‍්‍රියාකාරීත්වයකදිම නොතකා හැරෙන්නෙ පුද්ගලයා කියන කාරණය. පුද්ගලයාගේ නිදහස සහ අයිතිය කියන කාරණය. ඒ අතින් මේ සියලූ දේශපාලන, ආගමික, ජාතික කණ්ඩායම්ගත අදහසකටම වඩා වෙළඳපොල කියන අදහස අතිශය ප‍්‍රගතිශීලී එකක්. මොකද වෙළඳපොල පවතින්නෙම පුද්ගලයාගේ නිදහස මත හින්ද. අනිත් හැම මතවාදයක්ම පවතින්නෙ පුද්ගලයාගේ නිදහස සීමා කිරීම මත හින්ද.
වෙලඳපොල හෝ ගනුදෙනු ඉතිහාසය පුරා අඛණ්ඩව පවතුනා. එහි ආකෘතිය සහ යාන්ත්‍රණය කලින් කලට සහ ආර්ථික සමාජ පදනම් මත වෙනස් වුණා. ධනවාදය කියන්නේ අමූර්තනය කළ මුදල් මත සිදුවෙන වෙලඳපොල හැසිරවීමක්. එතනදි ලාබය ප්‍රාග්ධනය විදහටයි ගොඩ ගැහෙන්නේ. ලාබය නියාමනය කිරීමට පදනමක් නැති නිසා සියලු සදාචාර පදනම් සොලවමින් ලාබය සොරකම දක්වා වර්ධනය වීමයි ධනවාදී වෙලඳපොලේ සැබෑ ගැටලුව. එය වෙලඳපොළේ පොදු ගැටලුවක් නොවේ. ධනවාදී යාන්ත්‍රණයේ ගැටළුවක්. වෙළඳපොල මූල්‍යමය ලාබය යන උගුලෙන් ගලවා, ප්‍රාග්ධනය එකතුවීමේ යාන්ත්‍රණය ප්‍රාග්ධනය බෙදී යාමේ යාන්ත්‍රණයක් සහිත වෙළඳපොලකට හැරවිය හැක්කේ කොහොමද කියන එකයි අද ආර්ථික විද්‍යාවේ සංවාදය වෙලා තියෙන්නේ.
ReplyDeleteමෙය ධනවාදයේ මිස වෙළඳපොලේ ගැටලුවක් නොවෙයි. ලංකාවේ වම වෙලඳපොලට විරුද්ධ වීම සහ දකුණ එය රුක ගත යුතුය යන ව්‍යාජ සංවාදය සැබෑ ප්‍රශ්නය සැඟවීමට ගන්නා උත්සාහයක් පමණයි.
හැබැයි ලෝක ආර්ථික විද්‍යාඥයින් ඒ ගැන සදාකල් වෙහෙසෙනවා. උනන්දුවක් ඇති අය ඇඩම් ස්මිත්, මාක්ස්, ජෝන් නෑෂ්, ස්ටීවන් ලෙවිට් වැනි අයගේ අදහස් කියවන්න.
වස ගොන් බං මේක.
ReplyDeleteඅනිත් වෙලාවට විද්‍යාව පේන්න බැරි එකා වෙලදපොල ගැන කතාවෙදි හරි විදයාන්නයෙක් වෙලා නේද. විද්‍යාවයි ඔලුවට එන බහුබූතයි කියලා බෙදලා මූ විදා්‍යාවෙ පැත්තත් අරං. ඒත් ලියල තියෙන්නේ ඔලුවට එන වල් බූතම තමයි. මිනිසුසු ගන්නේ උන්ට ඕනෑ බඩුද බං? වෙලදපොල තාර්කිකද? අපිට ගන්ඩ වෙලා තියෙන්නේ උබලා බලෙන් ඇගේ ගහන ඒවානේ.