සියදිවි නසා ගැනීමට එන සිතුවිල්ලමත් ලොකු සැනසීමක්. කෙනෙකුට ගත කරන්නට නියමිත භයානක රාත‍්‍රීන් ගණනාවකින් නිදහසක් ඉන් ලැබෙන නිසා.
- ෆෙඞ්රික් නීට්ෂෙ
එප්පාවල වසන්ත ප‍්‍රදීප් ගේ ඇතුලෙ එල්ලිලා මැරණ. ලංකාවෙ තමන්ම වීඩියෝ කරපු මුල්ම සිය දිවි නසා ගැනීම ඒක. තමන්ගෙ අතින් තමන්ගෙ මරණය පටිගත කිරීම... ඒක සාමාන්‍ය දිව නසා ගැනීමකට එහා ගිය ඇඟේ හිරිගඩු පිපෙන වැඩක්. දිවි නහගන්න කලින් ලියන ලියුම් ගැන කතන්දර ඉස්සර ඉඳන් තිබුණ. ඒත් මෝබයිල් එකෙන් මරණය වීඩියෝ කරලා ඒක තමන්ගෙ අවසන් ප‍්‍රකාශය කරපු පළවෙනි වතාව මේක (ලංකාවෙ). මැරෙන්න කලින් වසන්ත කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් තමන්ගෙ ආවේගය පොලොවෙ කුරුටු ගාලා තිබුණ.
‘මට තාම අමතක නෑ. මං මැරෙනවා’
වීඩියෝ දෙකෙන් මාධ්‍ය එලියට දැම්මෙ එක ක්ලිප් එකයි. ඒකත් සදාචාරයට අනුව කැපිලා කෙටිලා. පෙම් සබඳතාවයක් බිඳීම නිසා කියන සරල නිගමනයෙන් ඔක්කොම කෙලවර කරන්න මාධ්‍ය ලොකු සහයෝගයක් දුන්නා.
‘අයියෝ මෝඩයෙක්’
අප‍්‍රකාශිත සමාජ ප‍්‍රතිචාරය වුණේ ඒක. වසන්තගෙ දිවි නසා ගැනීම සීරියස් විදිහට බාර ගන්න කවුරුවත් ලෑස්ති වුණේ නෑ. කාටවත් වසන්තව ඇහුනෙ නෑ. පුළුවන් තරම් ඉක්මණට සරල හේතුවකින් ඒ මරණය මුවා කරන්න හේතුවක් තිබුණ. ඒ අපිත් සිය දිවි නසා ගනීද කියල දැනෙන අවිඥාණක භීතිය.
‘කෙනෙක් මැරෙනවද, තවදුරටත් ජීවත් වෙනවද කියල තීරණය කරද්දි ගැඹුරු දාර්ශනික ගැටළුවකට මුහුණ දෙනවා. මිනිසා තමන්ට ඉහලින් දෙවියන්ව මැවුවෙමත් තමන්ට තමන්වම නැසීමේ උවමනාවක් ඇතිවෙයි කියල බයට. නමුත් සැබෑ මනුෂ්‍ය නිදහස පවතින්නේ මරණය භාරගැනීම තුල.
-ඇල්බෙයා කැමු
ඒ ප‍්‍රවෘත්තියෙ තවත් අපිට අමතක කාරණා තිබුණ. වසන්තගේ සහෝදරයෙක් සහ සහෝදරියක් මීට කලින් දිවි නසාගෙන තිබුණ. ඒ ඇරුණම එප්පාවල හෙඞ් ලයින් වදින විදිහෙ දිවි නසාගැනීම් එකදිගට සිදුවෙමින් තිබුණ.
දිවි නසා ගැනීමක් කියන්නෙ පුද්ගලික මනෝ ව්‍යාධියකට වඩා පුද්ගලයාට බාහිර සමාජ බාධකයක් ගැන ප‍්‍රකාශනයක් කියල එමිල් ඩුර්කයිම් කිව්වෙ දශක ගානකට කලින්. ඒත් අපේ මාධ්‍ය හා දැනුවත් සමාජය මේ දිවි නසා ගැනීම් මොකක් හරි සමාජ අර්බුදයක් ගැන එක දිගට සිද්ද වෙන ප‍්‍රකාශයක් විදිහට බාර ගන්න තාම ලෑස්ති නෑ.
මිනිසාට ජීවිතාශාව සහ මරණාශාව කියල මූලික ආශාවන් දෙකක් තියෙනවා කියල සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් කියනවා. මේ ආශාවන් දෙකේම උවමනාව ආතතියෙන් නිදහස් වෙන එක. ලිංගිකව පීඩිත සහ ගැටුම්කාරී බිමක දිවි නසා ගැනීම් වැඩි වෙන හැටි ගැන එයා කතා කරනවා.
අවුරුදු තිහක යුද්ධයක් ඇතුලෙ විශාල මිනිස් සංහාරයක අත්දැකීම් දැන් එලියට ගලන්න පටන් අරගෙන. දිවි නසා ගැනීම්, භූතාවේශ සහ පිටසක්වල ජීවින් ගැන කතා දවස ගානෙ පත්තරවල. භූතාවේශයක් වගේම පිටසක්වල ජීවින් දැකීමත් දිවි නසා ගැනීම වගේම තමන් වෙනුවට වෙන කෙනෙක්, වෙනස් ජීවිතයක් ප‍්‍රාර්ථනා කිරීමේ වෙනස් විධි. අපි හරියට මිනී වළ දාලා නෑ.
මේ වෙද්දි දැවැන්ත සමාජ පරාරෝපණයක තත්ව ගම්මාන පිටින් ප‍්‍රදර්ශනය කරන්න අරගෙන. ඒත් ලංකාවට ජ්‍යොතිෂය තරම් සමාජ විද්‍යාවෙන් හෝ මනෝ විද්‍යාවෙන් ඇති වැඩක් නෑ. අපි ඉල්ලන්නෙ විද්‍යාවකට වඩා භක්තියක්. ලොකු සමස්තයක්. රටක් විදිහටම අපි තාම මරණයේ ආතතිය ඇතුලෙ.
සියදිවි නසා ගැනීම කියන එකට ලෝකෙ විෂයක් විදිහට වෙනම අධ්‍යයන කලාපයක් පවා තියෙනවා. සියදිවි නසා ගැනීම පිළිබ විද්‍යාවෙ පියා වදිහට සළකන එඞ්වන් ෂ්නිඞ්මෑන් කියන්නෙ ‘සියදිවි නසා ගැනීම තමන් විසින් තමන්ව විනාශ කර ගන්නා සවිඥාණක නැත්නම් දැනුවත් ක‍්‍රියාවක්’ කියල. එහෙම තියෙද්දිත්, පෙම් හබ, මානසික අවුල් වගේ පුද්ගලික හේතුවකට මේ ජීවිතයක් ඇතුලෙන්ම කරන ගැඹුරු පුපුරුවා හැරීම ලඝු කිරීම (ලංකාවෙ මාධ්‍ය සහ ජනතාව කරන විදිහ) චාටර්. ඒක අපේ මානසික සීමාව.
එක එක කාල වල සියදිවි නසා ගැනීම ගැන වෙනස් අදහස් තිබුණ. ඒ අදහස් නැවත කියවීම වැදගත් වෙන්නෙ අද සියදිවි නසා ගැනීම ගැන කියන කතන්දර එන තැන් හොයා ගන්න.
ග‍්‍රීක යුගයෙදි ප‍්‍රභූවරයෙක් හරි දාර්ශනිකයෙක් හරි සියදිවි නසා ගැනීම මාර වැඩක්. ඒත් සාමාන්‍ය පොදු ජනතාවගෙන් එකෙක් දිවි නහ ගත්තොත් ඒක බාල වැඩක් වුණා. රෝම යුගයෙදි නම් ඇතිවෙච්ච දුෂ්කරතා නිසාම දිවි නසා ගැනීම ගැන පොසිටිව් විදිහට බලන්න පවා ගත්ත.
දිවි නසා ගැනීම අපරාධයක් වෙන්නෙ ඒකට විරුද්ධව ක‍්‍රිස්තියානි දෙවියන්ගෙ නීතිය ගෙනාවට පස්සෙ. දස පණතෙ හයවෙනි ආඥාවෙන් ‘තමා විසින් තමා නොමැරිය යුතුය’ කියල මිනිස්සු තමන්ටම මාංචු දා ගන්නවා. සියදිවි නසා ගැනීම නිකං සාමාන්‍ය මනුස්ස පාපයක් නෙමෙයි, ඒක දෙවියන් අතේ මනුස්ස ජීවිතේ ගැන තීරණ ගැනීමට ඇති බලය අභියෝග කරන්නක් කියල සාන්ත ඇක්වයිනාස් කියනවා. ඒ කියන්නෙ සිය දිවි නසා ගැනීමේ ක‍්‍රියාව තුල පුද්ගලයෙක් දෙවියන්ව චැලෙන්ජ් කරනවා කියන එක. එක විදිහකට ඒක වීරකමක්.
‘අර්නස්ට් හෙමින්ග් වේ ඩබල් බැරල් තුවක්කුවෙන් ඔලූ කෑලි බිත්තියෙ හිටින්න වෙඩි තියා ගනිද්දි එතන තියෙනවා ස්ටයිල් එකක්’
- චාල්ස් බුකොව්ස්කි
එප්පාවල මේ එල්ලිලා මැරුණු හැම සිද්ධියකම මේ ‘ස්ටයිල්’ එක තිබුණ. තුන්කොන් පේ‍්‍රමයක අයිතිය වෙනුවෙන් රූස්ස ගහක මුදුනේ තුන්දෙනක් ගෙල වැල ලා ගැනීමේ සිද්ධියෙදි ඒ ගොල්ලො කතා වෙනවා, ‘අපි පත්තරේ වැටෙන විදිහට මැරෙමු’ කියල. වසන්තත් වීඩියෝවෙන් සහ බිම ලියන ඉංග‍්‍රීසි අකුරු වලින් ලොකු මාධ්‍ය ප‍්‍රචාරණයක් ඉල්ලනවා. ඒක ළ`ග නෑයන්ට විතරක් කියන පණිවුඩයක් නෙමෙයි. පුද්ගලික සීමාවෙන් එලියට ගිහින් මේ මරණ සමාජ ගනුදෙනුවක්, ප‍්‍රතිචාරයක් ඉල්ලා සිටිනවා.
ජීවිතේ ගොඩක් දේවල් වලට වඩා වෙනස් විදිහට දිවි නසා ගැනීම කියන්නෙ හොඳින්ම දැනුවත් ක‍්‍රියාවක්. ඒ ක‍්‍රියාවට අපිටත් ගොඩක් හේතු තියෙන නිසාම සහ එසේ කරාවි යැයි බයෙන් අපි දිවි නසා ගැනීම විරල රෝගී තත්වයක් වගේ කරනවා. ඒත් බලාපොරොත්තුවක් නැති දේශයක, අනාගතයක් වෙනුවට අතීතයක් විතරක් තියෙන රටක, හොරු හාරන්න කලින් ආණ්ඩුව නිධන් ටික හාරන්න ඕන කියලා පුරාවිද්‍යා චක‍්‍රවර්තිවරුන් දේශනා කරන බිමක, හීනයක් වත් නැතුව ජීවත් වෙනවා වෙනුවට මැරෙන්න තෝරා ගන්න එක අසිහියෙන් ගත් තීරණයක් වෙන්නෙ කොහොමද?
ඒක අරගලකාරී ප‍්‍රකාශනයක්.
මේ දිවි නසා ගැනීම් ආදර ප‍්‍රශ්න නිසා සිද්ද වීම කියන්නෙ කාරණය සැහැල්ලූ කරන දෙයක් නෙමෙයි. පුංචි ආදර අවුලකින් පවා ජීවිතේ නැති කර ගන්නවා කියන්නෙ තවත් අල්පමාත‍්‍ර ආතතියක් පවා දරන්න බැරි තරම් ජීවිතේ හෙම්බත් වෙලා කියන එක. එකම ගැලවීම, එකම සැනසීම විදිහට දකින්නෙ තමන්ට සමීප සම්බන්ධය විතරයි. ඒ වෙනුවෙන් හැම දෙයක්ම කැප කරන්න ලෑස්ති තරමට ජීවිතේ පුංචි වෙලා. සමාජය ඇකිළිලා.
දිවි නසා ගැනීමකින් හැම තිස්සෙම දෙන්නෙක් මැරෙනවා මැගී. ඒකෙ තේරුම ඒකයි.
-ආතර් මිලර්
සමාජයක්, පද්ධතියක්, සමස්තයක් තියෙනවා කියන එකට විරුද්ධව නැත්තං ඒකෙ වෙනසක් වෙනුවෙන් ගහන ආත්මීය කැරැල්ලක්. ඒත් අපි ඒක බාර ගන්න ලෑස්ති ඒ පුද්ගල ජීවිතේ ඇතුලෙ ප‍්‍රශ්නයක් විදිහට විතරයි. ඒ තරමට අපිට ජීවිතය පේන්නෙ නෑ. අපි දකින්නෙ මරණය විතරයි. අපි කියවන්නෙ මරණයේ ප‍්‍රවෘත්තිය විතරයි. ජීවිතේ පණිවුඩය අපිට මගඇරෙනවා. ලංකාදීපෙ තුන්වෙනි පිටුවෙ තිබ්බ කතා හැම පත්තරේකම පළවෙනි පිටුවට එන්න ගන්න එක ගැන අපිට අවුලක් නෑ.
කිසිම දවසක මෝඩයෙක් දිවි නහ ගන්නෙ නෑ කියල කතාවක් තියෙනවා. දැනඋගත් නැතිකම දිව නසා ගැනීමට හේතුවක් කියල හිතහදා ගත්ත අයට වසන්ත උත්තරයක් දෙනවා. එයා සේවය කරන්නෙ පරිගණක ආයතනේක. මෝබයිල් එකෙන් තමන්ගෙ මරණය වීඩියෝ කරන්න තරමට එයා මොඩර්න්. මේක කෘමි නාශක බීලා මැරෙන ගොවියෙක් ගැන සිද්ධියකට වඩා වෙනස්.
මේ විදිහට මැරෙන හැටි වීඩියෝ කරන එක මෙතන ඉඳන් රැල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ලංකාවෙ තමන්ගෙ පෙම්වතියන්ගෙ නිරුවත වීඩියෝ කරලා ඉන්ටර්නෙට් එකට දාන්න පටන් ගත්ත රැල්ල වගේම මරණය පටිගත කිරීම දැන් විලාසිතාවක් වෙන්න ගනීවි.
සමාජ කොන්දේසි වලට එරෙහිව මේ විරෝධය පටන් ගන්න තැනදිම අපි පුද්ගල ගැටළුවකින් එහා සමාජ අවුලක් විදිහට මේක තේරුම් නොගන්නවා කියන්නෙ ඒක ලොකු ව්‍යසනයක් විදිහට අපිට මුණගැහෙන කල් බලන් ඉන්නවා කියනවා එක. තියෙන්නෙ එක ප‍්‍රශ්නයයි. මේක මරණයක් නොව මරා දැමීමක් කියන තැනට එන්න අපිට තව කොච්චර මරණ ඕනද?
‘දේවදූතයන් ඉක්මණට යනවා. පව්කාරයෝ ඉතිරි වෙනවා’
-චින්තන ධර්මදාස
Saturday, May 19, 2012
Tuesday, May 15, 2012
වෙසක් බෞද්ධ නෑ
වෙසක් දවසෙ මං එලියට බැස්සා. තවත් මහා ජන ග`ගක් මගේ ඉස්සරහෙන් සහ පිටිපස්සෙන්. පුදුම සතුටකින් හැමෝම. හරියට ශ‍්‍රී ලාංකිකයො නෙමෙයි වගේ. එහෙම සතුටකින් ඉන්න ශ‍්‍රී ලාංකිකයො මං වෙසක් දවසට කලින් දැකලා තිබ්බෙ නෑ. ඒක ඇත්තටම සැණකෙලියක්.
එක එක ගෙවල් වල එක එක විදිහෙ පාට, ලයිට්, කූඩු, තොරන්. හැමෝම තමන්ගෙ විදිහට මොනවා මොනවා හරි නිර්මාණය කරලා. ඊට පස්සෙ පාරට බැහැලා අනිත් අය කරලා තියෙන ඒවා බලන්න යනවා පවුල් පිටින්. නඩ පිටින්. ඒක අමුතු සංස්කෘතියක්.
ලංකාවෙ මිනිස්සු විනෝද වෙන ජනතාවක් නෙමෙයි. එලියට එනවට වඩා ඒ ගොල්ලො තල්ලූ වෙන්නෙ ගේ ඇතුලට. දේශපාලනය, ආගම, සංස්කෘතිය හැම එකක්ම හැදිලා තියෙන්නෙ එතෙන්ට. අවුරුද්ද වුණත් එලියට එන්න, විනෝද වෙන්න ඉඩ දෙන උත්සවේකට වඩා විකට නාටක ගතියට බරයි. ඒත් වෙසක්. ඒක ඇත්තටම විනෝද වෙන්න ඉඩක්.
නලා පිඹගෙන යන කොලූ නඩ, ටැක්ටර්, බර කරත්ත හැමෝම තෙරපි තෙරපි ගාලූ පාරෙ. කාටවත් හදිස්සියක් නෑ. කවුරුවත් පාරට පැනලා කුණුහරපෙන් බැන ගන්නෙ නෑ. ට‍්‍රැෆික් එකේ උන් සිංදු කියනවා. ෆොටෝ ගහනවා. හතර වටේම එක එක පාට ලයිට් එලි වැස්සක්. චම්පික මොනවා කිව්වත්, මේ වගේ ලස්සනකට නැති ලයිට් මළ ගෙවල් වල පත්තු කරන්නද?
පලවෙනි වතාවට අරක්කු කඩ වහපු එක ගැන මං සතුටු වුණා. අපේ රටේ මිනිස්සු අරක්කු එක්ක සතුටු වෙන්න දන්න මිනිස්සු නෙමෙයි. මේකෙ තැවරිලා තියෙන ආගමික ගතියත් එක්ක වෙනස් නිදහස් විනෝදයක් හැදිලා. බඩු ගණන්, ජිනීවා ප‍්‍රශ්න, සුදු වෑන් ගැන වගක් වත් නැතුව ජනතාව වීදිවල සතුට බෙදා ගන්නවා. පළවෙනි වතාවට මට ලාංකිකයෙක් වීම ගැන ආදරයක් හිතුණ.
ක‍්‍රිස්තියානි ගෙවල් වලත් කූඩු පත්තු වුණා. පාරට ගෙවල් කඩලා ඉස්තෝප්පුවක් පවා නැති වෙලා තියෙන ගෙවල් වල ඒ කඩපු බිත්ති මැද්දෙ ලොකු කූඩු කැරකුණා. පොලිසිය කවදාවත් නැති තරං හොඳ වෙලා. කිසිම වෛරයක් නැතුව මිනිස්සු එක්ක එකට විනෝද වෙවී හිටියා. පොලිස් නලාවයි කොල්ලොන්ගෙ ප්ලාස්ටික් නලාවයි එකට සද්ද වුණා තාලෙට. දඩ කොල ලියන්නෙ නැති පොලිසියේ අය එක්ක හෙල්මට් නැති මෝටර් බයිසිකල් නතර වුණා, කතා කරලා යන්න. නිදහස.... ඒ නිදහස වෙසක් දවසෙ තිබුණ.
සමහර අය ඉංජිනේරු වැඩ දාලා මැජික් කූඩු හදලා තිබුණ. මොරටුමුල්ලෙ කොක් නැටුමක් තිබුණ පට්ට. සමහර අය කැටයම්. ඒ මොකක්වත් බැරි අය ඔලූ බක්කෙක් හරි දාගෙන පාරෙ ඉන්න අය වෙනුවෙන් නටනවා. පාරෙ යන ජනතාව සතුටු කරන්න මොකක් හෝ දෙයක් කරන්න ස්වභාවික උවමනාවක් හැමෝටම තිබුණ. ඩෙංගු මර්දනයට වගේ ඒකට දඩ ගහන්න ඕන වුණේ නෑ.
කනත්තෙත් බකට් පත්තු වුණා. සොහොන් වල පහන් දැල්වුණා. ඒක හරි වෙනස් ලස්සනක්. හැමතැනම එලිය වෙද්දි මළවුන්වත් කරුවලේ හිටියෙ නෑ.
අතේ සතේ නැතත් මිනිස්සු දන්සැල් දුන්නා. නිකං නෙමෙයි මහා දන්සැල්. ඇති නැති භේදයක් නැතුව හැමෝම දන්සැල් පෝලිම් වල හිටියා. බයිසිකල් වල පැච් දැමීමේ දන්සැල් පවා තිබුණා. මගේ අතේ කැමරාවක් තිබුණෙ නෑ.
පැපිලියාන හන්දියේ ලොකු තොරණක්. මහා සුපින ජාතකය. ගානකට ගන්නෙ නැතුව මං පහු කරන් ගියා. ජාතක නං මොකටද? ඒත් එන ගමන් ඒකෙ කියන දෙබස් වෙනස් නිසා ටිකක් අහන් හිටියා. කොසොල් රජුගෙ හීන ටික ගැන කිය කිය තොරණෙ කියන්නෙ ලොකු පොලිටිකල් කතාවක්. හැමෝටම තේරෙන බාසාවෙන් දැන් කරගෙන යන පාලනේ ගැන තොරණ කියනවා දැහැමිව. එක දෙබසක් මට තාම මතකයි.
ගැහැණු- කවුද මේ දේශපාලන හීන දකින්නෙ?
පිරිමි - ඒ රටේ ජනතාව වෙන්න ඕන.
ගැහැණු- ජනතාව කොහොමද දේශපාලන හීන දකින්නෙ? හෙට වෙද්දි බඩු මිල කොහොම වෙයිද කියල බඬේ ගින්දරෙන් නෙ ජනතාව නිදා ගන්නෙ. දේශපාලන හීන දකින්නෙ පාලකයො. තමන්ගෙ බලය ගැන...
මේ පාර වෙසක් එකට වෙස් මූණු තිබ්බෙ නෑ. ඒ වෙනුවට හැලොවින් මූණු ගොඩක් කඩවලට ඇවිත්. ඉස්සර කඩදාසි පල්ප් වලින් හදන යක් මූණු වෙසක් එකට අමුතු හැ`ගීමක් ගෙනාවා. ඒක ඇතුලෙන් එන සුවඳ වෙසක් එකේම කෑල්ලක්. මේ හොල්මන් මූණු කිසි වෙසක් ගතියක් නෑ.
පාරවල් දිගට පත්තු වෙන පහන් එලි වැටි දිගේ, වියන් ඇදුණු තරු වගේ චූටි ලයිට් වැල් යටින්, දෙපැත්තෙ එලිය පිරිච්ච පාරක් මැද්දෙ ඇවිදන් යද්දි හරියට චිත‍්‍රපටියක් වගේ. මේ ඔක්කොම මැද්දෙ රත්මලානෙ හමුදා කඳවුරෙත් කූඩු පේලියක් හදලා තිබුණ. ඒත් කඳවුරේ කම්බි වැටට එහායින්. මිනිස්සුන්ට ළ`ගට ගිහින් බලන්න බෑ. පොඩි ළමයි කම්බි වැටේ එල්ලිලා බලන් ඉන්නවා. සමහරු කම්බි අයිනටම ගිහින් කූඩුවල පිංතූර ගන්නවා. ඒත් ඒ වෙසක් තියෙන්නෙ කම්බි වැටකින් එහා. හරිම හමුදාමය ගතියක්.
වෙසක් කලාප කියන එක නං හරි චාටර් වැඩක්. ඒ දැනෙන නිදහස, තෘප්තිය වෙනුවට වෙනම කොටසකට සීමා කරලා තරගයක් වගේ මේ කරන කලාපගත කිරීමෙන් වෙසක් කියන එක නැති වෙනවා. වෙසක් කියන්නෙ කලාප වැඩක් නෙමෙයි. ඒක මේ රටේ හැමෝම තමන්ගෙ ආත්ම තෘප්තියෙන් කරන වැඩක්. ඒක තරගයක් නෙමෙයි.
සමහරු ටීවී එකේ සහ තැන් තැන් වල ‘පිලිවෙතින් පෙල ගැහෙන්න’ කතා කළා. වෙසක් කියන්නෙ ප‍්‍රතිපත්ති පූජාවට දවසක් නෙමෙයි. ලංකාවෙ තියෙන මිනිස්සු සංස්කෘතික විදිහට සමාජය ඇතුලෙ විනෝද වෙන එකම දවසත් නැති කරන්නයි ඒ චීවරධාරීන්ගෙ සැලැස්ම. ප‍්‍රතිපත්ති පූජාව කියන්නෙ ආයිමත් හුදකලා වැඩක්. තනි විමුක්තියක්. ඒක වෙන දවසකට තියා ගන්න. වෙසක් කියන්නෙ උත්සව දවසක්. ආමිෂ පූජාවෙ දවසක්.
සුදු ඇඳගෙන, පන්සල් ඇතුලෙ, සිල් අරගෙන, බණ අහ අහා ගෙවන දවසක් වෙනුවට මේ මහා පෝය දවස තමන්ගෙන් ගිලිහෙන එක සමහර හාමුදුරුවරුන්ට දරා ගන්න බෑ (සමහර කිව්වෙ අර ආචාර ධර්ම ආරක්ෂා කරන්න ඕන නිසා) ලංකාවෙ බුද්ධාගම මේ හාමුදුරුවරු විසින් අරන් ඇවිත් තියෙන්නෙම ජීවිත විරෝධී තැනකට. ජීවිතය වෙනුවට මරණය ගැන හිතන්න බල කරන තැනකට. ගත කරන ජීවිතේ ආස්වාදය නොතකා මරණින් මතු ජීවිතේ ආස්වාදය ගැන හිතන්න පෙළන තෘෂ්ණාවකට.
හාමුදුරුවරු දැන් බණ කියන්නෙ කොට ගවුම් වලට විරුද්ධව. කෙල්ලො කොල්ලො එක්ක සෙක්ස් කරනවට විරුද්ධව. සෝම හාමුදුරුවො බණ කිව්වෙ කොන්ඩොම් පාවිච්චි කරනවට විරුද්ධව. පස්සෙ දෙමළ ජාතියට විරුද්ධව. නිවනයි මේ ඔක්කොමයි එකට ගැටගහන්න පුළුවන් අමුතු සූත‍්‍රයක් ඒ ගොල්ලො ළ`ග තිබුණ. අලූත් වෙන සමාජ වෙනස ආගමිකව කියවාගන්න පුළුවන් තැනකට මනස ගොඩනගන වගකීම වෙනුවට හාමුදුරුවරු කරන්නෙ ලිංමැ`ඩි මානසිකත්වයෙම බෞද්ධයාව හිර කර ගන්න එක. එහෙම හිරවෙන නාකි පිරිස තමන්ගෙ මාර්කට් එක කරගන්න එක.
බෞද්ධයා කියන නාලිකාව මෙතනදි මතක් කරන්නම වෙනවා. වෙසක් දවසෙ පහන් සංවේගය ටික ටික මාළු නටන තත්වෙකට එන්න පටන් ගන්නවා. දවස පුරාම ඒ චැනල් එකේ දෙකයි පනහෙ බණ කිය කිය රටට කරන්නෙ බරපතල අවුලක්. දෙකයි පනහෙ බණ කියන්නෙ මේ බණ වල තියෙන අදහස් ලෝකෙ අද පවතින අදහස් එක්ක බලද්දි ඒ තරං අබලන් නිසා. දවස් හතේ උදේ ඉඳන් රෑ වෙනකල්ම එක එක විදිහෙ බණ කිය කිය මේ චැනල් එකෙන් ගෙවල් වල ඉන්න අම්මලාගෙ ඔලූ කනවා. ඒ අම්මලා ජීවත් වෙනවට වඩා තමන්ගෙ මැරෙන දවස වෙනකල් මෙනෙහි කර කර කල් ගත කරනවා. ආදරය, සතුට, බෙදාහදා ගැනීම, තමන්ගේ සමාජ වගකීම් වෙනුවට නාලිකාවක් හැටියට බුඩිස්ට් නාලිකාව යෝජනා කරන්නෙ නොදියුණු, පරාජිත සමාජ විරෝධී (හුදකලා) මානසිකත්වයක්. ඒ මදිවට ඒ වැඩසටහන් නිවේදක නිවේදිකාවන් සහ නිෂ්පාදන තත්වයන් පුදුම තරම් බාලයි.
ටීවී එකක් කියන්නෙ නිතර ඇස ගැටීමෙන් තමන් ඉදිරියේ ඉන්න පේ‍්‍රක්‍ෂකයාගෙ රූපමය ලෝකය ගොඩනගන අතිශය මනෝ විද්‍යාත්මක මෙවලමක්. කිසිම රූපවාහිනී දැනුමකින් තොරව, කිසි ප‍්‍රමිතියක් නැති බණ ගොඩක් දවස පුරා විකාශය කිරීමේ අවුල තේරුම් ගන්න සමාජ විද්‍යාවක් ආණ්ඩුවට නෑ. මේක දවස පුරා බයිලා විකාශය කරනවට වඩා දරුණුයි.
වෙසක් දවස මේ හාමුදුරුවරුන්ගෙ ව්‍යාපෘතිය ඇතුලට යන්න නොදී මේ සමාජ සංස්කෘතික අවකාශයෙම තවත් ඉස්සරහට අරන් යන එකයි අභියෝගය. වෙසක් කියන්නෙ බුදුන් උපන්, බුදුවුණු සහ පිරිනිවන් පෑ දවස කියන තැනට වඩා හු`ගක් සර්වාගමික තැනකට දැන් වෙසක් ඇවිත් තියෙන්නෙ. බණ සහ පිළිවෙත් සහ පන්සල් ආශ‍්‍රිත තැනකට වඩා පුළුල් සංස්කෘතික අවකාශයක් ඒකෙන් නිර්මාණය වෙනවා. ඒක හැම ආගමකටම උත්සව දවසක්. මට අනුව නං ඇත්තටම ආගමික දවසක්.
ඒ නිදහස් වෙසක් ඊළ`ග අවුරුද්දෙත් තියෙයි කියලා මං විශ්වාස කරනවා. එදාට මං අනිවාර්යෙන් කැමරාවක් අරං එලියට බහිනවා.

Saturday, May 5, 2012
දාවිත් ගේ කැටපෝලයෙන් ගොලායත් මැරීම.
පරණ අවුරුද්දෙ බූඩිව හම්බුවෙන්න ගියා. හු`ගක් කාලෙකට පස්සෙ. ‘මාතා’ (බූඩිගේ චිත‍්‍රපටිය) ගැන එයාට තියෙන්නෙ වෙන අදහසක්. ඒක දේශපාලනෙන් ගලවලා සිනමාව කියලා වෙනම තැනක තියාගෙන කතා කරන්න ඕන වගේ එකක් බූඩි හිතන්නෙ. උතුරු නැගෙනහිර දහස් ගණන් මිනිස්සු මැරිච්ච යුද්ධයක් ගැන පොලිටිකල් නොවෙන තැනකින් ගන්නවා කියලා ආණ්ඩුව යුද්දෙ ගැන කියන කතාව චිත‍්‍රපටියකට ගනිද්දිම, ඒක දේශපාලනික සහ ආණ්ඩුවට කඬේ යන වැඩක් වෙන විදිහ බූඩිට තේරෙන්නෙ නෑ. නැත්තං තේරුං ගන්න අකමැතියි. අනික අපොලිටිකල් ආර්ට් එකක් නෑ කියන එක කවදාවත් බූඩිට තේරුම් කරන්න බෑ. ඒක තේරුම් ගත්තොත් එයාට වැඩ කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපිට ලංකාවෙ ඉන්න එකම අවංක චිත‍්‍රපටිකරුවා අහිමි වෙනවා. මට ඒක කරන්න ඕන නැති හින්ද මං කටවහ ගත්තා.
විචාරකයන් මාතා ගත්ත විදිහ ගැනත් බූඩිට අවුල්. එයාට අනුව ඒකට මාත් හවුල්.
‘ඔයා මොනාද ඔය කරමින් ඉන්නෙ?’ බූඩි සීරියස් විදිහට මාව ප‍්‍රශ්න කළා.
‘කල්ට්’ කියල එකක් ඔහොම හදන්න බෑ. එයා අභියෝග කළා.
මම ආපහු මගේ පැත්තට හැරිලා කල්පනා කළා.
‘මං සිනමාකරුවෙක් නෙමෙයි. මං ඇඞ්වර්ටයිසර් කෙනෙකුත් නෙමෙයි. මං ලේඛකයෙක් නෙමෙයි. මං වැඩ කරන්නෙ මොකක් වෙනුවෙන්ද?’
‘මං ඇක්ටිවිස්ට් කෙනෙක්’
ඒ වෙලාවෙ හිතාගන්න ළ`ගම දේ මං බූඩිට කිව්වා. ‘කල්ට්’ කියන එක ගැන බූඩිට තියෙන අවුල මගේ තව යාලූවො ගොඩකට තිබුණ. ‘පහේ කල්ලිය’ කියල අපි පටන් ගත්ත වැඬේටත් ආපු මූලික චෝදනාව වුණේ ‘කල්ලි’ කතාව. ඇයි ලංකාවෙ අයට ‘කල්ට්’ තේරෙන්නෙ නැත්තෙ? ඇයි ඒ ගොල්ලො ‘කල්ට්’ වලට බය?
‘චින්තා පොරක් වෙන්නයි කල්ලි හදන්නෙ’
හැමතිස්සෙම දෙවෙනියට කියවෙන මේ කතාවෙන් කල්ට් වලට තියෙන අවුල පැහැදිලි වෙනවා. මේක බලය ගැන ප‍්‍රශ්නයක්. නායකත්වයක් හරි යාලූකමක් හරි ඇතුලෙ වැඩ කරන්න විනයක් හෝ පුහුණුවක් නැතිකම. හැමතිස්සෙම ඉලිප්පිලා එලියට එන්න හදන ලංකාවෙ හීනමානය. තමන්ට වඩා විශාල වැඩක තමන්ගේ කොටස ඉටු කරන්න තියෙන ඇත්ත ඕනකම ගැන හෘදය සාක්‍ෂියක් අපේ සමාජෙට නෑ.
කල්ට් හරි වෙන මොකක් හරි සමාජ ව්‍යාපෘතියක්, සරලව කිව්වොත් අදහසක් වෙනුවෙන් වැඩක් පටන් ගන්න තියෙන ඕනකම ‘පුද්ගලික බලය’ ගැන ආශාවකට වඩා ලොකුයි. උදාහරණයක් විදිහට අපි බලන්න කැමති නාට්‍ය, අහන්න කැමති සිංදු, විඳින්න කැමති ජීවිතය මහින්දගෙ ආණ්ඩුව යටතෙ ඇකිලෙන්න පටන් ගනිද්දි ඒ සාමාජීය බෙදාහදා ගැනීම් වෙනුවෙන් වැඩකරන්න වෙන එක ජීවිතේ අවශ්‍යතාවයක්. සාමාන්‍යයෙන් සමාජ ජීවිතයක් ගැන අදහසක්වත් තියෙන කෙනෙකුට මේ උවමනාවෙන් ගැලවෙන්න බෑ. ඒක සිද්ද වෙනවා. මහා සමාජය වෙනුවෙන් නෙමෙයි. ඉතා පුංචි පිරිසක් වෙනුවෙන්. ඔවුන් අතරෙ හුවමාරු වෙන පුංචි අදහස් වෙනුවෙන් කල්ට් වැඩ පටන් ගන්නවා.
‘බුද්ධාගම කියන්නෙ පටන් ගනිද්දි ‘කල්ට්’ එකක්. වෙජිටේරියන් කියන්නෙ ‘කල්ට්’ එකක්’ මං බූඩිට තේරෙන තැනකට කතාව ගෙනාවා.
කල්ට් කියන වචනෙ එන්නෙ ප‍්‍රංශ culte කුල්ටෙ කියන වචනෙන්. ඒකෙ මුල ලතින් ‘කුල්ටුස්’ cultus කියන එක. ඒකෙ අදහස වුණේ රැකබලා ගැනීම, ආදරය කිරීම වගේ දෙයක්. ඒ තේරුම හැදෙන්නෙ to cultivate ‘වගා කිරීම සඳහා‘ කියන අදහසින්.
ඒත් දැන් මේ වචනය පාවිච්චි වෙන්නෙ වෙනත් සංදර්භවල. එක විදිහකට මේකෙ ආගමික ගතියක් තියෙනවා. ඒ වගේම විශ්වාස සහ ඇදහිලි වගේ පැත්තකුත් තියෙනවා. අපි ‘කල්ට්’ කියල පාවිච්චි කරන අදහස යම් කලාවක් හෝ අදහසක් වෙනුවෙන් තියෙන සීරියස් කැපවීම. ඒක සමාජගත කිරීම වෙනුවෙන් තියෙන වැඩ කොටස.
මේක දේශපාලන පක්ෂයක් වගේ අදහසකින් වෙනස්. දේශපාලන පක්ෂයක තාර්කික, බල කේන්ද්‍රීය, තරගකාරීත්වය වෙනුවය කල්ට් එකක් ඇතුලෙ තියෙන්නෙ ආධ්‍යාත්මික පැත්තට බර ‘ස්වයං’ පුහුණුවක්. ඒ වගේම ඒක වෙනස් සංස්කෘතියක්, වෙනස් ජීවිතයක් යෝජනා කරනවා. සම්මත මහා සමාජ ජීවිතයට වඩා විකල්ප ජීවිත රටාවන් පර්යේෂණය කරනවා. මේ විදිහට දේශපාලන අදහසකට වඩා කල්ට් එකක අදහස ගැඹුරුයි. ජීවිත බද්ධයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මිකයි.
”කල්ට් පොතක් බෙස්ට් සෙලර් පොතකට වඩා වෙනස්. ඒත් ගොඩක් කල්ට් පොත් බෙස්ට් සෙලර්ස් වෙනවා. කාපට් බැගර් කියන්නෙ බෙස්ට් සෙලර් පොතක්. ‘සෙන් ඇන්ඞ් ආර්ට් ඔෆ් මෝටර් සයිකල් මේන්ටනන්ස්’ කියන්නෙ කල්ට් පොතක්.
ඒ පොත් ලොකු අදහස් තියෙන මහා පොත් වලින් වෙනස්. ඒත් කල්ට් පොත් ගොඩක් ඒ වගේ ලොකු බලපෑමක් ඇති අදහස් ගෙනාවා. ‘ඔරිජින් ඔෆ් ස්පෙසීස්’ කියන පොත ඉතිහාසෙ වෙනස් කළා. ඒත් ‘සරතුස්ත‍්‍රා මෙසේ දේශනා කළ වගයි’ කියන්නෙ කල්ට් වැඩක්.
බයිබලය, කුරානය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය ජීවිත වෙනස් කළා තමයි. ඒත් ඒ වෙනස් කළේ ප‍්‍රජාවකගේ ජීවිත. තනි පුද්ගල ජීවිතය නෙමෙයි. කල්ට් වැඩකින් කතා කරන්නෙ එතනට’
දුප්පත් විදිහට හරි ලංකාවෙ කල්ට් පොත් ලියන්න පටන් ගත්තෙ මුලින්ම ඩබ්ගඒ සිල්වා. පස්සෙ ඞීමන් ආනන්ද. ඒත් මෙහේ කල්ට් වැඩ හරියට වැඩ කළේ නෑ. ඒකට හේතුව එහෙම ‘කල්ට්’ උවමනාවක් ඇතුලෙන් නෙමෙයි ඒවා එලියට ආවෙ. බූඩි ‘කල්ට්’ ්එහෙම හදන්න බෑ කියන්නෙ මේ අදහස හින්ද. ඒත් ප‍්‍රධාන ධාරවෙ ජීවිතේකට වඩා වෙනස් පැවැත්මක් සහ ඒ පැවැත්ම වෙනුවෙන් සංවාදයක් තියෙන තනි ජීවිතයක් වුණත් කල්ට් එකක්.
‘බුද්ධ’ කියන්නෙ කල්ට් එකක්.
‘ජේසු’ කියන්නෙ කල්ට් එකක්.
චාල්ස් මැන්සන් කියන්නෙ කල්ට් එකක්.
ප‍්‍රභාකරන් කියන්නෙත් කල්ට් එකක්.
අමතක කරන්න බෑ, මහින්ද රාජපක්‍ෂ කියන්නෙත් කල්ට් එකක්. අද ඒක ප‍්‍රධාන ධාරාව වෙලා. මේ කල්ට් එක ඇති වුණේ ‘ගංගොඩවිල සෝම’ එක්ක. සිහල උරුමය, කුරහන් සාටකය, මේ ඔක්කොම කල්ට් වැඩ. ඒත් ඒ සමාජ විද්‍යාව කියවන්න අපිට තේරෙන්නෙ නෑ.
කල්ට් එකක හොඳ නරක, සදාචාරය වගේ දේවල් පිට ඉඳන් තීරණය කරන්න බෑ. ඒ සදාචාරය එකින් එකට වෙනස් වෙනවා. උදා විදිහට මුස්ලිම් ආගමික විශ්වාස ගැන බුද්ධාගමේ ඉඳන් ප‍්‍රශ්න කරන්න බෑ වගේ. බුද්ධාගම කියන්නෙ කල්ට් එකක් විදිහට ඇවිත් රාජ්‍ය ආගමක් දක්වා ව්‍යාප්ත වුණු සංස්කෘතියක්. ඒත් ලංකාවෙ දැන් ආයිමත් බුද්ධාගම කල්ට් එකක් වෙනකල් ඇකිලෙන්න පටන් අරං. ‘සෙනසුන’ ‘සදහම් ආශ‍්‍රම’ ‘මහමෙව්නා’ වගේ වෙනස් වෙනස් අලූත් නිකායන් බිහිවෙන එක සහ ෆේස් බුක් පිරෙන්න මුස්ලිම් පල්ලි කඩන්න යන ත‍්‍රස්තවාදී බෞද්ධ කණ්ඩායම් වලින් කියන්නෙ බුද්ධාගමේ මේ පසුබැස්ම. කල්ට් එකක් කාලයක් යද්දි ප‍්‍රධාන ධාරාව වෙලා පස්සෙ ආයිමත් කල්ට් ගණනාවකට කැඩිලා නැති වෙලා යන්න පුළුවන්.
ඒක හින්ද අපි ‘කල්ට්’ කියන එක සදාකාලික යමක් නෙමෙයි. ඒක මේ මොහොතේ අවශ්‍යතාවයක් නියෝජනය කරනවා විතරයි. අපි යමක් ගැන කියන අදහසක් ඒ ගැන එකම අදහස හෝ නිවැරදිම අදහස නෙමෙයි. ‘නිවන’ ද ඇත්ත ‘ස්වර්ගෙ’ ද ඇත්ත කියලා හොයන එකේ තේරුමක් නෑ වගේ අපේ අදහස්වල ඇත්ත හෝ බොරුව හොයන එක තේරුමක් නෑ. ඒක අපේ ජීවිත වලින් හොයන එක්තරා හැඩයක්. තවත් වෙනස් අදහස් ගොඩක් ඇතිවෙන්න ඕන. සාකච්ඡා වෙන්න ඕන. අපිට වැදගත් වෙන්නෙ වැදගත් මාතෘකාවක් යටතේ සංවාදයක් පටන් ගන්න එක විතරයි.
කල්ට් එකක තියෙන වැදගත්ම කාරණේ අපි එතනදි අපේ ජීවිතේ අලූතෙන්ම නිර්මාණය කරන්න පටන් ගන්න එක. ස්වභාවිකයි කියලා අපි එක`ග වුණු මහා සංස්කෘතියෙ හැම පැවැත්මක්ම කල්ට් එක ඇතුලෙදි ප‍්‍රශ්න වෙනවා. එතකොට වෙනස් අදහස් සහ පැවතුම් නිර්මාණය කරන්න වෙනවා. ඒක අලූත්. ඒක සවිඥාණක ව්‍යායාමයක්. මට හිතෙන්නෙ ජීවත් වෙනවා කියන්නෙ ඒකට. අනිකට කියන්නෙ උපන්නාට මේ ලොව වැනෙනවා විනා කියල.
කල්ට් වැඩ වලට මහා සංස්කෘතියෙ ආර්ට් වලට දෙන විචාර අදාල වෙන්නෙ නෑ. ඒවා විඳින්නෙ ‘මාර’ කෘති හින්ද නෙමෙයි. ඒ ‘මාර’ කියන එක නැත්තං ‘ප‍්‍රබුද්ධ’ අදහස එන්නෙම ප‍්‍රධාන ධාරාවට තියෙන ගැතිකමත් එක්ක.
‘මචං, අමරසිරි පීරිස්ගෙ වගේ සිංදුවල තියෙන වචන උඹ විඳින්නෙ නැද්ද? මේ අලූත් සිංදු වල වචන එහෙම විඳින්න බෑනෙ’
මගේ යාලූවෙක් ඇහුවා.
මේ කතාකරන වචන ඇතුලෙ තියෙන බලය එයාට තේරෙන්නෙ නැති දෙයක්. ඒක සාමාන්‍යයක්. ඒක සිංහල සාහිත්‍යය වගේ දෙයක්. ඒ වචන භාවිතය ඇතුලෙ ගොඩනගන ප‍්‍රබුද්ධ කියන පචය ප‍්‍රශ්න කරන්න එයාට උවමනාවක් වෙන්නෙ නෑ. හේතුව ප‍්‍රධාන ධාරාවෙ ජීවිතේකට පිටින් විකල්ප අවශ්‍යතාවයක් ඒ රස ඉන්ද්‍රියන්ට නෑ. මට තියෙන ගැටළුව වචන නෙමෙයි. ඒ වචන පිටිපස්සෙ තවදුරටත් ජීවිතේ තියෙනවද කියන එක.
සමහර වෙලාවට කෑලි කෑලි වචන වලින් ගැටගහන ‘පීචං’ සිංදු ඇතුලෙ මට ඒ ජීවිතේ දැනෙනවා. මං ආර්ට් කියන්නෙ එතෙන්ට. අමරසිරි පීරිස්ට වඩා සට නිහාල් නෙල්සන් (ඉස්සර) ‘පොරක්’ වෙන්නෙ ඒ හින්ද.
‘ආසි හේරු පොරෝ බූරු රජවෙලා ඇත්තෙ
පනස් දෙකේ කොල කුට්ටම ජෙමාගෙ වත්තේ’
මේ කියන්නෙ වෙනස් ජීවිත කලාපයක් ගැන. ඒක මනක්කල්පිතයක් නෙමෙයි. ඒක වෙනස්. කලාව කියන එක අයිති ප‍්‍රධාන ධාරවට. වෙනස් ආර්ට් එකක් හැදෙන හැම වෙලාවකම ඒක මේ ‘කලාව’ කියන එකට ප‍්‍රතිවිරුද්ධ වීම අනිවාර්යයක්. මේ සදාචාර සීමා වලින් එහාට යන එකම තමයි එතනදි වැදගත්. වචන වැදගත් වෙන්නෙ මේ පවතින ‘කලාවට’.
කල්ට් වැඩක් ඇතුලෙ හැමතිස්සෙම සංසන්දනය වෙන්නෙ ඇත්ත ජීවිතේ. ප‍්‍රධාන ධාරව එක්ක ඞීල් දාන අතරෙ ‘කල්ට්’ වැඩ කරන්න බෑ. එතකොට ඒක ෆැෂන් වැඩක් වෙනවා. අපි ‘පොලිටික්ස්’ කියන්නෙ මේ කතාවට. බූඩිට හැමදාම වරදින්නෙ එතන.
-චින්තන ධර්මදාස
Saturday, April 28, 2012
පූසා සහ මාරේ
මේ මොහොතේ විතරක් ජීවත් වීම..... මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා. ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන සද්දෙට. ඒත් කෑමක් නෙමෙයි කියල තේරුං ගත්තට පස්සෙත් ඒ වචනෙ ඇහෙන හැම පාරකම ඌ වලිගෙ ටිකක් හරි වනනවා. ඕන කතාවක ඉතුරු ටික ඌට අනුව ‘මිනිස්සුන්ගෙ මනස්ගාත’ විතරයි.
ඌ නිදාගන්නවා. ඒක තමයි ප‍්‍රධාන දේ. පූසෙක්ගෙ නින්ද තරම් බලන් ඉන්න ලස්සන දෙයක් තවත් නෑ. ඒක ඒ තරං පට්ට සනීප නින්දක්. ඒ ඇරුණම කනවා. විනෝදෙට දඩයම් කරනවා. රෑට අවලමේ යනවා. උදේට ආයිමත් පිවිතුරු කන්‍යාවක් වගේ වෙනවා. කිසි කෙනෙකුට, කිසි රීතියකට පූසෙක් අවනත වෙන්නෙ නෑ. ආදරේ කියන්නෙ ඌට බයිට් එකක් විතරයි. කිසිම විදිහකින් කෑම ගැන ගණුදෙනුවක් ඇරුණම ඇති කරන එකාට මොනම පක්ෂපාත බවක් වත් නෑ. ඒත් ඌට ආදරේ කරන එකෙන් ගැලවෙන්න අපිට බෑ. උගේ හැම වනචර ගතියක්ම හරිම ලස්සනයි. ඒක ඌටම ආවේණිකයි. කිසි තැනක කොපි කිරිල්ලක් නෑ.බල්ලො ඒ අතින් හරි මෝඩයි. දුකම විතරයි. මිනි්ස්සුන්ගෙ දුක්ඛිතකමට ඒක හරි ළඟයි.
අතීතයක් හෝ අනාගතයක් විසින් තීරණය නොකළ අලූත්ම අලූත් වර්තමාන මොහොතක් එක්ක ජීවත් වීමේ මට අහිමි ඌට හිමි ආනන්දය මං අපේ පූසා දිහා බලාගෙන වින්ඳා.
ඊයේ රෑ ගෙදර එද්දි ‘මාරයා’ කතා කළා. මාරයා කියන්නෙ ජගත් මාරසිංහ. මාරයා හුඟක් බොනවා. දරා ගන්න බැරි මානව සංවේදිතාවකින් ඌ දුක් විඳිනවා. ඒකට තව බොනවා. බීලා යාලූවන්ට කතා කරනවා. එකදිගට පැය ගණන් කතා කරන හින්ද යාලූවො කට් කරනවා. ඒත් මාරෙ ආයිමත් කතා කරනවා. ඒ කවදාවත් කතා කරන්නෙ පුද්ගලික විස්තර ගැන නෙමෙයි.
මාරෙ දැන් ඉන්නෙ තනියම. ‘අක්කා’ මාරෙ දාලා යන්න ගියා. අවුරුදු පනහෙදිත් ඒකට මාරෙ දාසයේ කොල්ලෙක් වගේ ඇඬුවා. මං හුඟක් කැමති ඌ කතා කරලා අක්කට කුණුහරුපෙන් බනිද්දි. ‘තෝව මං මරනවා’ මාරෙ අඬ අඬා කියනවා. ඒත් ඒක අක්කට ඇහෙන්නෙ තර්ජනයක් විදිහට විතරයි. ඒක ඇතුලෙ ආදරේ එයාට තේරෙන්නෙ නෑ.
මාරෙ එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒකෙ දෙකක් නෑ. යාලූවො විදිහට අපිට වුණත් ඌව නිතර මුණගැහෙන්න අමාරුයි. ඌ හරිම වල් සතෙක්. මටම හිතාගන්න බැරි තරං ලංකාව ගැන දැනුමක් සිංහලෙන් කියවලා දරාගෙන ඌ ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන වචනෙ මෙතනදි හැට හයයි අනූ නමය ඇතුළට දාන්න ඕනි. මොකද රටේ සිද්ද වෙන හැම දෙයක් ගැනම ඌට උගේ විචාරයක් තියෙනවා. ඒ කියන්නෙ මාරෙ වටපිටාව ගැන පූර්ණ අවධානයක් ඇතුව ගත වෙනවා. එහෙම නැතුව නිකං උපන්නාට මේ ලොව වැනෙනවා විනා වර්ගයේ ජීවත් වෙන උන් දැන් ඉන්නෙ තොග පිටින්.
මහින්ද ආණ්ඩුවට එද්දි මාරෙ මහින්දට කැමති වුණා. ලේක් හවුස් එකටත් ගියා. ඒත් මහින්ද ගැන ලිව්වෙ නෑ. ඌ උගේ සිංහල ගැන තියෙන වෙනස් අදහස් ඒ කාලෙදි ලිහලා අතෑරියා. මාරෙ සිංහල බෞද්ධයෙක්. ඒත් ඌ චම්පික රණවක හරි අමරසේකර හරි වගේ බූරු බෞද්ධයෙක් නෙමෙයි. උගේ කියවීම අන්තර්ජාතිකමය කියවීමක් එක්ක වලංගුයි. ඒක අලූත්. අරගලකාරීයි. ඒත් මාරෙට වැරදිච්ච තැන අපි කොහොම ඒක කිව්වත් මිනිස්සුන්ට ඒක ඇහෙන්නෙ අර ලොකු සද්දෙ ඇතුලටම එකතු වෙලා කියන එක. ඒක තේරුණට පස්සෙ මාරෙ ලේක් හවුස් එකෙන් එලියට ආවා.
මාරෙ සයිමන් ගැන ලිව්වා. ‘මේ මොක්කුද බං සයිමන් ගැන ලියන්නෙ? උන් මොනාද මේ සයිමන් ගැන ලියන්නෙ?’ මාරෙ කේකේ සයිමන් ගැන ලිව්වම බැන්නා.
‘මචං, දවසක් මං සයිමන් එක්ක හොඳට බීලා එනවා. අඟුළානෙදි සයිමන් නැවතුණා ලොතරැුයි කඬේ ළඟ. එතන ඉඳන් අර හූරන ලොතරැුයි අරං හූරනවා.
‘මාරෙ හූරන්න’ එයා මටත් අරං දෙනවා.
‘මොනාද සර්, මෙතන හු..... නැතුව ගෙදර යංකො’ කිය කිය මාත් හූරනවා.
එයා සල්ලි ඉවර වෙනකල්ම හූරගෙන යනවා. ඇදෙන සල්ලි වලින් තව ලොතරැුයි අරං හූරනවා. මං බොද්දි දැනගත්තා එයා ළඟ තියෙන්නෙ රුපියල් දෙසීයයි. අන්තිමට මහජන සම්පත දෙකකුත් අරං එයා වැඬේ නැවැත්තුවා. සල්ලි ඉවරයි. මගේ සාක්කුවට එකක් දාලා එයා අනිත් එක දාගත්තා.
‘මාරෙ දැන් දස ලක්ෂපතියෙක්’ කියල හිනාවෙලා වැනි වැනි ආයිමත් යන්න ගත්ත.
‘මොනවා වුණත් සාක්කුවෙ බලාපොරොත්තුවක් තියෙන කොට මාරයි මාරෙ’ සයිමන් ඒ යන ගමන් කිව්වා.
මරුනෙ මචං’ මාරෙ බිව්වම සයිමන් ගැන එක දිගට කියාගෙන යනවා. ‘මචං සයිමන් කියන්නෙ ජීවත් වුණෙ තන්ත‍්‍රයානය එක්ක. මෙහෙ වෙන කවුරුවත් නෑ එහෙම ජීවිතයක් තියෙන පොරවල්. මුං පුස්සොනෙ’
මං ලියාගෙන යන කතාව දිහා ආපහු බැලූවා. හරි වින්ටේජ් ගතියක් තියෙන්නෙ. පෝර්න් වල වුණත් මං ගොඩක් කැමති වින්ටේජ් වලට.
‘සයිමන් කිව්වා මචං කවදාවත් ආර්ට් ට‍්‍රාන්ස්ලේට් කරන්න බෑ කියල. පරිවර්තනය නෙමෙයි, අනුවර්තනය කරන්නත් බෑ. සයිමන් ඕක ලස්සනට කියනවා. නාට්‍යකාරයානෙ. ‘ටු බී ඕර් නොට් ටු බී’ මචං හැම්ලට් නාට්ටියෙ එන ඔය අදහස කොහොමද පරිවර්තනය කරන්නෙ? ජීවිත එහෙම පරිවර්තනය කරන්න බෑ. වචන විතරක් පරිවර්තනය කරන්න පුළුවන්’
‘මරුනෙ මචං’ මාරෙ හැම කතාවක්ම ඉවර කරන්නෙ එහෙම.
මාරෙ පොත් ලිව්වා. ජ්‍යොතිශය එක්ක හොඳ අඩව්වක් ඇල්ලූවා. ‘මාරෙ කියන කේන්දර හරිද?’ සමහරු මගෙන් ඇහුවා.
‘කේන්දරවල හරි වැරදි මං දන්නෙ නෑ. ඒත් ඒක වෙන ආර්ට් එකක්. ඒක තියෙන්නෙ විඳින්න දන්න උන්ට විතරයි’ මං කියන්නෙ එහෙම.
‘කැත කතුන්ගෙ පතිවත’ දීප්ති කියන විදිහට මාරෙගෙ ‘එසේ ’(රචනා) පොත.
‘මචං, ලංකාවෙ කැත ගෑණු තමයි පතිවත ආරක්‍ෂා කරන්නෙ. ඒාක උන්ට වටිනවා වුණාට කාටවත් වැඩක් නෑනෙ’ මාරෙ මහපාරෙ ප‍්‍රඥාව ගැන කතා ගොඩක් කියනවා. ඇල්කොහොලික් ගැන හොඳම විස්තර මං කියෙව්වෙත් ‘මධුලෝලත්වයෙ ව්‍යාකරණය’ එක්ක. මධුලෝලත්වය කියන්නෙ වෙනස් ජීවිත ක‍්‍රමයක් වෙනකල් මාරෙ එයාගෙ ජීවිතේ ඇතුලෙන් තර්ක කරනවා. පරත්තෙ කැලේකට වෙලා හිටියත් ඒ තර්ක හරි බොහිමියන් තර්ක. බොරු දර්ශනවාද වෙනුවට ජීවිතේ ඇතුලෙ ගහපු කැරලි.
මාරෙට ජීවිතේ දැනෙන්නෙ සංවාදයක් ඇතුලෙ. සංවාදයක් අහිමි වීම ‘මරණය’ බාර ගන්න ඌ ලෑස්ති නෑ. ඒත් ලංකාවෙ ජීවිතේ සංවාද විසංවාද මොකක්වත් නැති මෙගා නාට්ටියක් තැනට ආවා. මාරෙ තාමත් තමන්ට අහිමි සංවාදය වෙනුවෙන් කෝල් කරනවා.
මොකද්ද මේ ‘මාර’ සංකීරණය?
දවසක් බස් එකේ යන ගමන් මාරෙගෙන් ආපු කෝල් එකක් කට් කරලා මං කල්පනා කෙරුවා. මොකද්ද මේ මගෙන් ඉල්ලන මට නොතේරෙන උදව්ව? මං ? ජොයින්ට් එකක් දාලත් කල්පනා කෙරුවා.
මාරෙ වාමාංශිකයෙක්. හැමදාම ගෙදර වෙනුවට එළිය/සමාජය තෝර ගත්ත එකෙක්. මාරෙට තියෙන්නෙ දේශපාලන ජීවිතයක්.. පවුල් වුණාට පස්සෙත් අනිත් හු`ගක් අයගෙ වගේ මාරෙගෙ ඒ සමාජ ජීවිතේ කැන්සල් වුණේ නෑ. එයා එයාගෙ ආධ්‍යාත්මික ඇම්ම ඇතුලෙ ඇත්ත ජීවිතේ මේසෙ උඩට ගෙනාවා. විසංයෝජනය කරලා බලන්න. ඇත්ත කියල හිතන හැම තියරියක්ම ඇත්තද කියල ජීවිතේ ඇතුලෙන් ටෙස්ට් කළා. ලංකාවෙ සිංහල බෞද්ධ සමාජයේ කුහකකමට එහෙම්පිටින්ම ප‍්‍රතිවිරුද්ධ පැවැත්මක් ඌට තිබුණෙ.
‘මං බීපු හින්ද ජේවීපී එකෙන් මාව ගත්තෙ නෑ. බොන හින්ද හමුදාවෙන් මාව මැරුවෙ නෑ’
මාරෙ මේ පිටස්තරකම ගැන කියනවා. ඒත් ඌ එහෙම විශ්වාස කරපු සමාජයක් එලියෙ ඇත්තට තිබුණෙ නෑ. පුද්ගලික පවුල කියන එක ඇතුලට මුලූ සමාජෙම ඇකිළුණා. මාරෙ තනියම එලියෙ ඉතුරු වුණා. සමාජ ව්‍යාපාර, කතිකා ඔක්කොම අහෝසි වෙච්ච කාන්තාරෙක බාගයක් තියාගෙන මාරෙ බලන් ඉන්න පටන් ගත්තා. හැම පුද්ගලික ජීවිතේකටම ඌ කරදරයක් වුණා. පුද්ගලික ටෙලිෆෝන් කෝල් දිගේ දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡුා කරන්න ගත්තා. ඒක රෝගයක්. අන්තිමට කෙළවර වුණේ එතන.
ඒත් මිනිහෙක් සමාජ සංවාදයක් ඉල්ලන එක ලෙඩක් වෙන්නෙ කොහොමද? මගේ පුද්ගලිකත්වය ඇතුලෙ මාරෙ ගෙ පොදු සංවාදය දරා ගන්න බැරි එක ගැන මට ලැජ්ජයි.
කොහොම වුණත් මාරෙ මට ආයිමත් කතා කළා. ඊයෙ රෑ.
‘මං ලංකෝනිස්ට කෙලින්ම කිව්වා මචං. නිකං අපිට පච කෙලින්න ඕන නෑනෙ. මට ඕකුන්ගෙ බොරු සිංහල බෞද්දකම ඇති වෙලා’
මාරෙ කෙලින්ම පටන් ගන්නෙ ප‍්‍රශ්නෙ ඌට අදාල කොටසින්.
‘මං ඌට කෙලින් කිව්වා, රෝමානු කතෝලික ආගම කොපි කරලා හදපු පන්සිල් උඩ ජීවත් වෙන බොරු බෞද්දයෝ කියල. ඇත්තනේ මචං
රෝමානු කතෝලික ආගම කළෙත් ජඩ වැඬේ. උන් අර ඇණ ගහලා මරපු කැරලිකාරයාව අල්ලලා ආයිමත් මෝසෙස්ට යටත් කළා. ඌව දෙයියන්ගෙ පුතා කළා. කැරැුල්ල ඉවරයිනෙ එතනින්. ඊට පස්සෙ දෙවියො කෙලින්ම කියනවා කියල දස පණත ගෙනාවා. ඒක ලංකාවෙ වගේ රටවල නැගලා ගියා. දෙයියො කෙලින්ම කියන එකනෙ. බුද්ධාගමට යන එන මං නැති වුණා. ඔන්න එතකොට මුං ටික එකතු වෙලා පංච ශීලය කියල එකක් හදා ගත්තා. බුදු හාමුදුරුවො කොතනකවත් ඔය පන්සිල් කියල එකක් කියල නෑ. මං කෙලින්ම කිව්වා පුළුවන් නං පෙන්නන්න කියල ත‍්‍රිපිටකයෙ කොතනින් වත් බුදුන් පන්සිල් ගැන කියපු එකක්.
මචං, පන්සිල් නරක නෑ. ඒක සමාජෙ සංවිධානය වෙන්න වැදගත් වෙන්න පුළුවන්. ඒත් අපිට ඔය බොරු පාට් දාන්න ඕන නෑනෙ. අපි පන්සිල් බෞද්ධයො නෙමෙයි නෙ මචං’
මාරෙ සම්පූර්ණ තර්කෙම මට කියාගෙන යනවා. මං පාර අයිනෙ බස් හෝල්ට් එකකට වෙලා අහගෙන ඉන්නවා. කවුරුත් නැති පාල බස් ස්ටෑන්ඞ් එකක මහ රෑ පන්සිල් ගැන ෆෝන් කෝල් එකක් අහන් ඉන්න එකත් මාරයි.
‘මචං, මුං කරන්නෙ ලොකු පචයක්. ලංකාවෙ බුද්ධාගමට හරි සිංහලකමට හරි ඇත්තට දෙයක් කළා නං ඒක කෙරුවෙ යූඑන්පී එකෙන්. මිරිසවැටිය, රුවන්වැලිසෑය ගරා වැටිලා තියෙද්දි හැදුවෙ උන්. ගොවියන්ට කිය කිය මුන් කෑ ගැහුවට ගොවි ණය මුලින්ම ගෙනාවෙත් යූඑන්පී එකෙන්. ලේඛනාරක්‍ෂකේ හැදුවෙ කවුද? විවෘත ආර්ථිකේට බොරුවට කෑ ගහනවා මුං දැන්. විවෘත ආර්ථිකේ තිබ්බෙ නැත්තං මුං ඔය යුද්දෙ ඉවර කරන්නද? ඔක්කොම වාරි මාර්ග ක‍්‍රම හැදුවෙ යූඇන්පී එකෙන්. මුං මේ මොනාද කරන්නෙ?’
මාරෙ කතා කරන ගමන් පොඩි එකාට කියනවා රෙෆරන්ස් හොයන්න කියල. ඌ අවුරුදු හතරක විතර බට්ටෙක්. ඌත් පැහිච්ච එකෙක් වගේ එක එක කැසට් වල තියෙන කතා ප්ලේ කරනවා. ඒවා මාරෙ එකතු කරලා තියාගෙන ඉන්න කතා.
‘මචං ජේආර් ඔය විවෘත ආර්ථිකේ ගේන කොට උගේ අර අමුතු ස්ටයිල් එකට කියනවා, මං කෙරුවෙ ගාන්ධි කෙරුවා වගේ වැඩක් කියල. ලෙනින් වුණත් කිව්වා අපි විවෘත වෙන්න ඕනි කියලා ඒත් මේ විජේවීර ඒකට විරුද්දයි කියල. මාරයිනෙ මචං’
‘මේ දැන් වගේ හැම එකකටම විරුද්ධ වෙන්න විතරක් දන්න ජේවීපී එකක් නෙමෙයි මචං විජේවීරගෙ කාලෙ තිබ්බෙ. ඌ කියනවා ජේආර් එයාගෙ බොරු දත් කුට්ටම දිවෙන් තද කර කර මේ කළේ ආර්ථිකේ විවෘත ආර්ථිකයක් කරපු එක නෙමෙයි ඒක හොර ආර්ථිකයක් කරපු එක කියල. මාරයිනෙ මචං. අපි දැක්කෙ නෑනෙ ජේආර් ගෙ බොරු දත් කුට්ටම.
මාරෙ කතාවක් පටන් ගත්තම ඒක පටන් ගත්ත තැනට සම්බන්ධයක් නැති හැම අතටම යනවා. ඌත් එක්ක කතාවක් කරගෙන යන ආතල් ඒකයි. ඒක හරියට අවසානයක් ගැන නොදන්න පාරක් දිගේ ඇවිදින්න යනවා වගේ.
‘මං රතන හාමුදුරුවන්ටත් කතා කළා. එයා කියනවා පන්සිල් තියෙනවලූ වෙස්සගිරි සෙල්ලිපියෙ. මං කිව්වා මචං, කැළණියෙ මැණික් පුටුවක් තියෙනවා කියනවනෙ. දැන් ස්කෑන් කරලා බලන්න පුළුවන් තාක්‍ෂණය තියෙනවා. ඇයි එහෙනං ගෙනල්ලා මේ මැණික් පුටුව ගැන ලෝකෙට කියන්නෙ නැත්තෙ? එහෙම එකක් නැති හින්ද. බලලා නැත්තං මුං කියන්නෙ ඒක හොරු කඩලා කියල. ඒත් දැන් තාක්‍ෂණෙන් බලන්න පුළුවන් එහෙම කඩලා නං කඩපු කාලෙ සහ විස්තර ඔක්කොම. ඒ වගේ තමයි. මේ සෙල්ලිපි කියන්නෙත් පස්සෙ ලියපුවා. ඇත්ත ඉතිහාසෙ සෙල්ලිපි වල නෑ මචං....’
? වෙලා. මට දැන් යන්න ඕනි. යන්නං කියල කොච්චර කිව්වත් මාරෙ තව මිනිත්තුවක් ඉල්ලනවා. ඒක හින්ද මං එකපාරටම කට් කරලා දැම්මා. ඊට පස්සෙ ත‍්‍රීවීල් එකක නැග්ගා.
මං දන්නවා, ඒත් මාරෙ මට ආයිත් කතා කරනවා.
ඒක උගේ හැටි. වැඩියෙන්ම වටින්නෙ ඒ හැටිය උගේ විතරක්ම එක.

ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න
විදර්ශන කන්නන්ගර යුධ සිනමාව ගැන දේශනේකදි මට අම්බානක බැන්නා කියල යාලූවෙක් කිව්වා.
මොනවා කියලද බැන්නෙ?
උඹයි උඹේ ලොකු අයියා බූඩියි දෙන්නම ගැන කියල බැන්නා.
උඹට දේශපාලනේ ගොඬේ වැඩක් වෙච්ච එක ගැනත් කිව්වා.
ඒ මට හම්බුණ අසම්පූර්ණ ඕපාදූපයක්.
උඹත් එක්ක විදර්ශන අවුලෙන්ද ඉන්නෙ? සමහරු ඇහුවා.
බනින එක අවුලක් නෙමෙයි. වැඩකදි ඊට සාපේක්‍ෂ කණ්ඩායම් හරි මතවාද හරි එක්ක ගැටෙන්න ඕනි. ඒකෙන් සංවාදයක් ඇති වෙනවා. උණුසුම් වෙනවා. අනිත් හැමදේටම වඩා ඒක වටිනවා.
ඒත් ඒ බැනුම ඊට වඩා සාධනීය තැනක් වෙනුවෙන් පාවිච්චි වුණා නම් මට සතුටුයි. දේශපාලනය ගොඬේ වැඩක් කියල මං කියන එකට විරුද්ධව ඒ විදිහෙ සද්දයක් එන එකත් ලොකු දෙයක්. නැත්තං ගොඬේ වැඩක් කියල කියන්නවත් දේශපාලනයක් නැති වෙනවා. සහ ඒක ගොඬේ වැඩක් නෙමෙයි දියුණු නාගරික වැඩක් කියල පෙන්නන්න විදර්ශන වැඩ කරනවා නම් ඒක තවත් හොඳ වෙයි. මොකද මේ අහෝසි වීගෙන යන වේගය මටත් දරා ගන්න අමාරුයි. ඒක නිසා ප‍්‍රතිවිරෝධය පවා හුදකලාව නැති කරනවා. ජීවිතය දනවනවා.
බූඩිගේ ‘මාතා’ මං විවේචනය නොකළ එක ගැන හුගක් චෝදනා ආවා. බූඩිගේ චිත‍්‍රපටිය බලලා මං මට කියන්න පුළුවන් තරම් කෙලවරට ගිහින් ඊට පස්සෙ නතර වුණා. එතනින් එහා මට තියෙන්නෙ බූඩි ගැන ආදරය. ඒක විවේචනය කරන්න මට බැහැ. ඒත් මං බලාපොරොත්තු වෙනවා කවුරු හරි මගේ සීමාවත් විවේචනය කරමින් බූඩිගේ සිනමාව දරුණු විදිහට ප‍්‍රශ්න කරයි කියල. ඒක වෙන්න ඕන දෙයක්. ඒත් ඒ ප‍්‍රශ්න කිරීම වෙනුවට සිද්ද වෙන්නෙ මෝඩ විදිහක්. මං බූඩිව විවේචනය නොකරපු එකේ එල්ලෙන්න ගන්නවා.
මං මොකක් හරි ගැන කියන කොට මං එතන එක අදහසක් විතරයි. ඒ දේ කතාවට ගන්න, ඒ දේ සම්බන්ධ සංස්කෘතිය තේරුම් ගන්න මං අදහසක් පළ කරනවා. ඒක මගේ සීමිත අත්දැකීම් පරාසයකට සාපේක්‍ෂයි. මගේ අදහසේ උපරිම තේරුම වෙන්නෙ ඒ ගැන ඊට ප‍්‍රතිවිරුද්ධ සහ පක්ෂ අදහස් මතුවෙමින් වඩා ගැඹුරකට ඒ සංවාදය යන එක. අපි ඒ අදහසත් එක්ක විවිධ වැඩ කරන එක. සජීවී වෙන එක. ඒ ඇරුණම ඒක කේවල සත්‍යයක් වෙන්නෙ නෑ.
උදාහරණයක් විදිහට මට වර්කොහොලික් ගැන (වැඩට ඇබ්බැහිය ගැන) වෙනස් අදහසක් තියෙනවා. ඒක ආධ්‍යාත්මික මානුෂීය දෘෂ්ටිවලට පටහැණියි. මට අනුව වර්කොහොලික් වීම කියන්නෙ පරිපූර්ණ අත්දැකීමක්. ඒ වැඩය සහ වැඩය තුල තමන්, වැඩය තුල තමන් නැති වීම, ඒ විශාල වැඩ පරාසයක තමන්ව දියවී යාම වගේ විශාල ආධ්‍යාත්මික පරාසයක වින්දනයක් වර්කොහොලික් වීම ඇතුලෙ තියෙනවා. සරලව කිව්වොත් අපි කරන වැඬේ ගැන අපිට තියෙන්නෙ වහල් අදහසක් නෙවෙයි නම්, ඒ වැඩය සහ තමන් අතර සංවාදයක් පවත්වා ගන්න පුළුවන් නම්, අපේ එළඹුම අපේ ස්වාමීත්වය පැත්තෙන් නම් ඒ වගේ තැනක වර්කොහොලික් වීම කියන්නෙ සුරතාන්තයක් වගේ දෙයක්. තමන්ව උපරිමයෙන් යෙදවෙන, ඒ තුල නැවත තමන්ව නිර්මාණය වන වෘත්තයක් ඇතුලෙ සුවදායීව කැරකෙන්න පටන් ගන්නවා.
‘ඒ වුණාට ජීවිතයක් නෑ’
‘මට මාව නැති වෙනවා වගේ දැනෙනවා’
වැඩ කරද්දි මගේ සමහර යාලූවො කියනවා.
ඒ ගොල්ලො මාක්ස් කියපු පරාරෝපණය තාම වැඩ ඇතුලෙ අත්විඳිනවා. මෙතනදි මට කල්පනා වෙන්නෙ මේ ‘වැඩ ’ කියන එකට පරිබාහිරින් කතා කරන ජීවිතය ඇත්තටම තියෙනවද කියන එක. සරල විදිහට ඔෆිස් එකේ වැඩ හින්ද පවුලෙ සම්බන්ධතා මග හැරෙන ස්වාමියෙක් ගමු. ඔෆිස් එකේ කරන වැඩ වලදි එයාට දැනෙන්නෙ ආරක්‍ෂිත හැඟීමක්. තෘප්තිමත් බවක් (වර්කොහොලික් කෙනෙක් නම්). තමන්ගෙ දක්ෂතාවන් හැකියාවන් තවත් තියුණු වෙන ඉඩ ප‍්‍රස්ථා. ඒත් ගෙදර අපි නැවත නැවත කතා කරන පවුල් සම්බන්ධතා ඇතුලෙදි මේ චරිතෙට වෙන්න ඉඩ තියෙන්නෙ මොනවද? පවුලේ වගකීම් දරන්නා වෙන්නෙ ඔහු. ඒ වගේම නිතර ආර්ථික සමාජීය අනාරක්‍ෂිතතා මුණගැහෙන කලාපයක්. තමන්ගෙ දක්ෂතා හෝ තමන්ගෙ තෘප්තිය මුණ නොගැහෙන තමන්ගේ ජීවිතය අනුන් වෙනුවෙන් පූජා කිරීමට සිදු වන අකාර්යක්‍ෂම සම්බන්ධතා කලාපයක්. ටිකක් හිතලා බැලූවොත් අපිට පේන්න ගන්න කැත ඇත්තක් තමයි අපි මනුස්ස කියලා කියන හැම සම්බන්ධතාවක්ම අකාර්‍යක්‍ෂමතාව පදනම් කරගෙන තියෙන වග. කාර්යක්‍ෂම වඩා ඵලදායී සම්බන්ධතා ඇතුලෙ මනුස්සකම් කියල වෙනම දෙයක් ගැන හිතන්න උවමනා වෙන්නෙ නෑ. ඒක ඇතුලෙදි පුද්ගලයාට පරිපූර්ණත්වයක් දැනෙන්න ගන්නෙ නිරායාසව.
වර්කොහොලික් මගේ යාලූවො හැම කෙනෙක්ගෙම එයාගෙ මිනිස් සම්බන්ධතා කලාපය තිබුණෙ වැඩ පරිසරයට වඩා අවුල් තැනක. උදා විදිහට ඒ ගොල්ලොන්ගෙ පෙම්වතියන් පවා ආදරය කියන්නෙ ඉල්ලීමක් කියන තැනට සම්බන්ධතා අරගෙන ආවා. ඒ ගොල්ලොන්ගෙ බිරින්දෑවරුන් ආදරය කියන්නෙ ආර්ථිකය කියන තැනට කතාව අරගෙන ආවා. ඒ ගොල්ලොන්ගෙ දෙමව්පියන් ආදරය කියන්නෙ වගකීම් කියන තැනට දේවල් අරගෙන ආවා. ඒ හැම වෙලාවකදිම ආයතනගත වැඩ පරිසරය ඒ ගොල්ලොන්ට සැනසිල්ලක් අරන් ආවා. වර්කොහොලික් කියන්නෙ ඒකට.
හැම ඇබ්බැහියක්ම කියන්නෙ මගහැරුණු යම් තැනක්. සිගරට් බොන එක නවත්තන්න කලින් දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතන්න කියල මං කියන්නෙ ඒකයි. ඒ සිගරට් එකත් එක්ක තොල් අතරට කාන්දු වුණු ඒ ජීවිතේ මගහැරුණු ආශාව ඊට පස්සෙ සදහටම නොපෙනී යාවි. වෙන මොකක් හෝ මානසික අවුලක් විදිහට ඒක ස්ථාවර වේවි. සිගරට් අරක්කු නොබොන ගොඩක් ප‍්‍රතිපත්තිවාදියො නරුම විදිහක් ගන්නෙ ඒකයි.
වර්කොහොලික් කියන්නෙත් ඒ වගේ මගහැරීමක් ගැන ප‍්‍රකාශනයක්. ඒ මනුස්ස සම්බන්ධතා. ඒ සම්බන්ධතා වලින් තවදුරටත් තමන්ව උණුසුම් වෙන්නෙ නෑ. ඊට වඩා හුදකලා විශ්වයක සකස් කරන ලද සංස්කෘතික පසුතලයක ජීවිතය තෘප්තිකර වෙනවා. වැඩ නැත්නම් කාර්යාල කියන්නෙත් නිර්මාණය කරපු සංස්කෘතියක්. කර්මාන්තමය සම්බන්ධතා එක්ක ඒ සංස්කෘතික වපසරියන් සහ සම්බන්ධතා රටා පුළුල් වෙනවා. ඒක සමහර විට එකතැන පල්වෙන සමාජ සම්බන්ධතා රටාවට වඩා එහාටත් පුළුල් වෙන්න පුළුවන්. එතනදි මිනිස්සු වර්කොහොලික් වෙනවා. ඇත්තටම ඒ වෙනකොට වැඩ ඇරෙන්න වෙන පිටත සංස්කෘතියක් නෑ. සමාජ ජීවිතයක් නෑ. ඒක උපකල්පනයක් විතරයි. සමාජ සම්බන්ධතා කර්මාන්තමය සම්බන්ධතා වලටත් වඩා අපරිණත තැනක වර්කොහොලික් කියන්නෙ දැනුවත් තෝරා ගැනීමක්. නැත්තං එතනින් එහාට තියෙන්නෙ ඩිප්‍රෙෂන්.
ඒත් මේක වර්කොහොලික් ගැන පරිපූර්ණ අදහසක් නෙමෙයි. මේක එක කතාවක් විතරයි. සංවාදයක් ඇතුලෙ පුළුවන් මං මේ කියන වැඩ සංස්කෘතිය ගැන අදහස බිඳලා සමාජ සංස්කෘතියක් ගැන විශ්වාසය තහවුරු කරන්න. ඒක අවශ්‍යයි. එතනදි මාව විවේචනය වීම අනිවාර්යයි.
විවේචනයට වඩා භයානක නිහැඬියාවයි. වාරණයයි.
මෑතක චිත‍්‍රපට සම්බන්ධ සඟරාවකට ලියන්න කියලා මට ආරාධනාවක් ආවා. මං මගේ අදහස් මං කතා කරන බාසාවෙන් ලිව්වා. පස්සෙ මට සඟරාවෙ කර්තෘගෙන් කෝල් එකක් ආවා.
‘ඔයාගෙ අදහස් ඔක්කොම හොඳයි. කිසි ගැටළුවක් නෑ. බැරිද අපිට භාෂාව ටිකක් ලිඛිතෙට ගන්න’
‘ඒ භාෂාවම තමයි මගේ වැඬේ. අදහස මට ඕන විදිහට කියන්න ඒක ඕනි’
මං කරුණු පැහැදිලි කළා.
‘ඒක තමයි. මට කිව්වා 14 එකෙනුත් ඔයාගෙ ලිපි දැම්මෙ නැත්තෙ ඒ හින්ද කියල’
එයා මගේ නොහැකියාව පැහැදිලි කළා.
මේ අපි තාම වැඩ කරන තැන. මගේ මේ ලියන භාෂාව පළකරන්න පුළුවන් එකම ජාතික පත්තරේ රන්දිව විතරයි. සංවාදශීලී ජාතික පත්තරයක් වුණාට රාවයට වත් ඒ භාෂාවෙ දොරවල් අරින්න බැරි වුණා. ඒක මේ පුහු ඇකඩමියාවෙ ආරක්‍ෂක පවුර. දැනුම සරල භාෂාවට ගේන්න බෑ. ලියන එකත් කතා කරන එකත් එකක් නොවී දෙකක් වුණු දෙබිඩි පැවැත්ම ආරක්‍ෂා විය යුතුයි. ඒකයි එතන අදහස. මේක වාරණයක්. මගේ ලිවීමට පක්ෂ හෝ විපක්ෂ අදහස් එක්ක කතිකාවක් ඇති වෙනවා නම් ඒක වැඩක්.
කොයිතරම් වෙනස් අදහසක් වුණත් පරණ උක්ත ආඛ්‍යාත භාෂාවෙන් කිව්වොත් ඒකෙ ඒ වෙනස මැරෙනවා කියන එකයි මගේ අදහස. ඒ භාෂාව කියන්නෙ හැඟීම තීරණය කරන ආකෘතිය. පරණ අච්චුවක දාලා අලූත් අදහසක් කිව්වත් ඒක එලියට එන්නෙ පරණ අච්චුවෙ හැඬේටම. මේ නිහඬ වාරණයට වඩා විදර්ශන යෝජනා කරන විවේචනය මට ධනාත්මකයි.
ඒත් අපේ රටේ කතාකාවක් ගැන තියෙන පුහුණුව පටුයි. අදහස් ගැටෙන හැටියට වඩා ජනතාව දකින්න කැමති පුද්ගල ගැටුමයි. කියන අදහස් මොනවා වුණත් වැඩක් නැත. වඩා බල ආකෘතියක් ඇතුලෙ ඉඳන් පහර දෙන්නා ඔවුන්ට අනුව ප‍්‍රබලය. දිනුම පැරදුම ගැන මිසක් ඒ අදහස් සමග සංවාදයෙන් තමන්ගෙ අදහසක් නිෂ්පාදනය කරන ඵලදායීතාව ගැන අබමල් රේණුවක් දන්නේ නැත. මේ ඔවුන්ට රතු ඉරෙන්, වාද පිටියෙන් ඉගැන්නූ රස වින්දනයයි. යූඇන්පී ජේවීපී පටන් ඩෙරීඩා ජිජැක් දක්වාම අදහස් ගැටුම් ඔවුන්ට ගේන්නේ එකම ත‍්‍රිලකි.
අජිත් කුමාරසිරිගේ පවුල් ජීවිතය සහ ඒ ආශ‍්‍රිත කරුණු මිස සංගීතය හෝ ඔහුගේ සමාජ ගණුදෙනුව ගැන වචනයක් හෝ නොකියන ත‍්‍රිමාණ සඟරාව තමන් අජිත් ගැන දරන්නේ පුද්ගලික විවේචනයක් නොවේයැයි ගොන්පාට් කියන්නේ මේ කුණු ඇත්ත පාවිච්චි කරමිනුයි. පුද්ගලික දේ දේශපාලනයට ගෙන එනවා යැයි කිව්වත් ඇත්තටම වෙලා තියෙන්නෙ දේශපාලනය පුද්ගලික පටු තැනකට අරන් එන එකය. ඒ වුණත් මං කියන්නෙ විවේචනය හොඳය. ඒක නිහැඬියාව තරම් නපුරු නැත.
එක්ස් එකේ දීප්ති පිළ කරන ත‍්‍රිමාණ ඇතුලෙත් විදර්ශනගෙ යුද සිනමාව ගැන කතාව අතුලෙත් මං දකින එක පොදු අවුලක් තියෙනවා. ඒ විවේචනය නෙමෙයි. විවේචනයෙන් එහාට ඵලදායීතාවයක් එතන යෝජනා නොවෙන එකයි. තියෙනවා යැයි උපකල්පනය කරන යමකට (මනුස්සකම වගේ) සාපේක්‍ෂව විවේචනය ගොනු නොකර (උදා විදිහට අජිත් කුණු බක්කි වලින් අහුලපු පත්තර වලින් දැනුම ලබා ගත්තා කියල ත‍්‍රිමාණ සඟරාවෙ කියන්නෙ හරියට ඒක නොවිය යුතු දෙයක් වගේ) ඇත්තට යම් කතිකාවක් හෝ යමක් සිදුවන වේදිකාවක් නිර්මාණය වෙන තැනට මේ විවේචනය අරගෙන එන්න ඕන. ඒක අදහස පැත්තක තියෙද්දි අදහස පළකරපු අයගෙ පුද්ගලික ජීවිතය හොයනවා වගේ ඩුප්ලිකේට් වැඩක් නෙමෙයි. ඒකට ඔරිජිනල් අදහසක් ඕන කරනවා.

Saturday, April 7, 2012
I AM NOT SEXY-අජිත් කුමාරසිරි
වොල්වර් බැලූවට පස්සෙ මං හිතං හිටියෙ අල්මදෝවාගෙ චිත‍්‍රපටි ආයිමත් නොබලන්න. මට ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලන්න වුණේ ඒමි ගෙ රෙකරමාදුවට. ඒක මාව හොල්මන් කළා. මොලෝ ඩ‍්‍රාමා කියන එක මේ තරම් ගැඹුරු හැඬේකින් පාවිච්චි කරනවා මං දැකලා නෑ. ගෑණු ශරීරයක් ඇතුලෙ සිරකළ පිරිමියෙක් ගැන කතාව අල්මදෝවා කියන විලාසය විශ්මිතයි. හැම රූප රාමුවක්ම, හැම පුංචි විස්තරයක්ම, ඒ කතාවෙ හැම ඇමිණුමක්ම සිනමාවට එකතු වෙන්නෙ අලූතෙන්. ඉඳුල් කරපු දේවල් වෙන වෙන පිඟන් වල නැවත නැවත රස කරනවා වෙනුවට අල්මදෝවා තමන්ගෙ විශ්වය ඇතුලෙන් මෙතෙක් අපි නොදුටු නොඇසු කතාවක් අරං එනවා. ඒක නවකතාවක් පාදක කර ගත්ත චිත‍්‍රපටියක්. අල්මදෝවා කියන විදිහට මේ චිත‍්‍රපටිය කියන්නෙ ඒ කතාවෙ ප‍්‍රබන්ධය. එයාගෙ සමලිංගික ජීවිතය ඇතුලෙ කැරලි ගහන සංවේදනා එයා කැමරාව ඉස්සරහට අරං එන විදිහෙ පරිණතකම සහ ඒ සිනමාවෙ ඇත්ත දැනිච්ච පාරට මාව පස්සට විසි වුණා. තාම අපි කොහෙද?
අජිත් ගෙ ෂෝ එකට පස්සෙ බලපු ෆිල්ම් එක ෂෝ එක ගැන ලියන්න ගිය කතාවෙ ඉස්සරහට පැන්නා. 31 වෙනිදා නෝ මෝර් මාර්ක්ස් ගැනයි මට ලියන්න ඕන.
අජිත් ගැන දීප්ති සහ තවත් අය නොයෙක් කතා කියනවා.
‘ගිටාර් වල කම්බි කඩන එක අජිත් හිතන්නෙ රැඩිකල් කියල...’ - ත‍්‍රිමාණ සඟරාව
ඒත් අජිත් කුමාරසිරි කියන්නෙ කවුද? ඒක වටෙන් නැතුව කෙලින් බලන්න පුළුවන් ඇත්තක්.
අජිත් හැමදාම ගිටාර් එකත් එක්ක තමන්ගෙ ජීවිතේ කියන්න උත්සාහ කළා. ඒ කතාව කවුරුවත් ඇහුවත් නෑහුවත් අජිත් ඒක කිව්වා.
‘එයා සිංදු කියද්දි හරියට බල්ලො බුරනවා වගේ’
හුඟක් සුමට සිංදු අහන බහුතර ජනතාව කිව්වා.
‘ඇපල් කන්න
මිදිත් කන්න....
කළු බල්ලො බුරන හඳපානට
ඔයත් එන්න.....’
අජිත් කිව්වෙ එහෙම.
අජිත් සිංදු කළේ විකුණන්න නෙමෙයි. කවදාවත් එයා මීඩියා විශ්වාස කළේ නෑ. මං තාම එයත් එක්ක අවුල් වෙන තරමට එයා ඇඞ්වර්ටයිසින් විශ්වාස කළෙත් කරන්නෙත් නෑ.
‘මං රජෙක්..
මං බුරනවා... (අයි ඇම් අ කිංග්- අයි ඇම් බාර්කිංග්)
අජිත්ගෙ කටහඬ කොමර්ෂල් වැඩ වලට පාවිච්චි කරන්න හුඟක් අය ට‍්‍රයි කළා.
‘මචං උඹලට කඩයක් දාගන්න ඕන නං ඒක උඹලගෙ උගුරෙ දා ගනිල්ලා. උඹලගෙ බඩු විකුණන්න මං මගේ උගුරෙ කඩයක් දාන්නෙ නෑ’
අජිත් අමුවෙන් කිව්වා.
මේ දේවල් මං කියන්නෙ මේක මාරයි කියන එකෙන් නෙමෙයි. ඒක තමයි උගේ හැටිය කියන එකෙන්. මේ දේවල් හොඳටම දන්න ඒත් වෙන වෙන දේවල් කියන අපේ දේශපාලන යාලූවො මෙතනදි කරන්නෙ තක්කඩිකමක්. හරිම නරුම විදිහකට ඒ අය අජිත්ව මග අරිනවා. තනි මිනිහෙක් විදිහට සමාජයේ කිසි කොන්දේසියකට එකඟ නොවී අජිත් අරං යන වෙනස් ජීවිතය වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට මේ වාමාංශිකයො හරිම වැඩවසම් චෝදනා අරං එනවා.
ඇයි ඒ?
කියන්න තැනක් තිබ්බත් නොතිබ්බත් අජිත් අලූතෙන් සිංදු හැදුවා. ඒ සිංදු යාලූවොන්ට අහන් ඉන්න කිව්වා. එහෙම අහන් ඉද්දි අපිට අජිත් ගෙ කොන්සර්ට් එකක් කරන්න හිතුණ.
‘නෝ මෝර් මාර්ක්ස්’ වමත් එක්ක කික් එකට හැප්පෙන්න මරු ටයිට්ල් එක.
‘උන්ට රිද්දන්න එපා. මට වමෙත් යාලූවො ඉන්නවා. දකුණෙත් යාලූවො ඉන්නවා’ අජිත් කිව්වට අපි කතා දාහක් කියල අපි ආස ටයිට්ල් එක දැම්මා.
අජිත් නෝ මෝර් මාර්ක්ස් කියන්නෙ කාල් මාක්ස් සම්බන්ධ තැනකට නෙමෙයි. ඒ වෙනුවට එයා ඒක ශෘංගාරයත් එක්ක ගැටගහනවා. රහස් පේ‍්‍රමයක් කරගෙන යන කෙල්ලක් එයාගෙ රහස් පෙම්වතාට කියන කතාව ‘නෝ මෝ මාර්ක්ස්’ කියන්නෙ. හපලා පාරවල් තියන්න එපා... අහුවෙයි කියල. අනිත් පැත්තෙන් ගෑණියෙක් ‘නෝ මෝර් මාර්ක්ස්’ කියද්දි වෙන දේශපාලනික මෙටෆර් එකක් ගේනවා. අජිත්ගෙ සිංදු වල තියෙන විශේෂත්වය ඒක. දේශපාලනය ශෘංගාරාත්මක තැනකින් අල්ලන එක. පාර්ලිමේන්තුවෙ නැතුව ඇඳ උඩ තියෙන දේශපාලනය ගැන කතා කරන එක.
‘මං දැකලා නෑ
උතුර සුන්දරද බබා’
අජිත්ට බනින කට්ටියට අමතරව අජිත්ගෙ පස්සෙන් වැටුණ කට්ටියකුත් හිටිය. ඒ ගොල්ලො අජිත්ගෙ වැඬේ සම්පූර්ණයෙන් තේරුම් ගන්න හදිස්සි වැඩියි. අජිත්ට වඩා කෙලින්ම දේශපාලනික වචන එක්ක සිංදු ආවා. ඒත් වැඩ කළේ නෑ.
‘මේ විදිහෙ අයිඩියා එකක් එක්ක සිංදු කියන ගොඩක් අයගෙ මියුසික් අවුල් වෙනවා. මේ දෙක එක ගාණට යන්නෙ හරි කලාතුරකින්. අජියා මේක ගාණට බැලන්ස් කරනවා. වචනත් මරු. මියුසික් පැත්තත් මරු’ බූඩි ෂෝ එක බලලා යන්න කලින් කිව්වා.
අජිත්ගෙ වචන සරල ව්‍යවහාරික වචන. ලිඛිත පාරිභාෂික පද ඒ සිංදු වල නෑ. ඒ වගේම එයා මෙලඩි විදිහට ගන්නෙත් ප‍්‍රබුද්ධ හැඩ නෙමෙයි. සරල සාමාන්‍ය මිනිස්සුන්ගෙ කන්වල ගැටෙන නාද. ඒක නිසා ඒ සිංදු ගොඩක් කැචි. ඒත් ඒ කටහඬ සහ වචන හුරුපුරුදු මෙලඩි අස්සෙන් ඇවිත් අහන් ඉන්න අය අවුල් කරනවා. වැඩියෙන්ම මං කැමති තැන අජිත් දාර්ශනික නොවෙන එක.
‘අම්මගෙ රෙද්දක් තාත්තා ඇන්දේ ආසාවෙන්
තාත්තගෙ සරම අම්මා ගැලෙව්වෙත් සන්තෝසෙන්
තාත්තා මල් බොනවා
අම්මා හිනැහෙනවා
අපි පෙරටම යනවා
දේවල් පහු වෙනවා...’
‘මං වල් නෑ...’ අජිත් නැවත නැවත කියනවා.
කිසි දෙයක් නොවෙන හිස්තැන ඉවසන් ඉන්න බැරි තැන අපි අජිත් ගෙ ෂෝ එක කළා. ඒ අදහසට හැමෝම එකතු වුණා. අජිත් එක්ක බෑන්ඞ් එකට එකතු වුණු අය ඉඳන් ෂෝ එකේ වැඩ වලට සම්බන්ධ වුණු කිසි කෙනෙක් සල්ලි බලාපොරොත්තුවකින් එතන හිටියෙ නෑ. ඒක වෙන ලොකු උවමනාවක් එක්ක සම්බන්ධ වුණා. වචන නැති සතුටක් ඒ මහන්සිය ඇතුලෙ පත්තු වුණා. අපි වගේම ඒ හැමෝටමත් දරා ගන්න බැරි හිස්කම.....ජීවිතය ගැන අලූත් අදහසක් ඕන කම.
ගෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිශ්ශබ්දතාවය විසින් පුබුදුවනු ලබයි- ජයන්ත චන්ද්‍රසිරි ඔත්තුකාරයා නාට්‍යයෙදි පෝස්ටර් ගැහුව.
අජිත් මුල ඉඳලම හිටියෙ සුරතාන්තෙක. සිංදු කියද්දි එයා උපරිම තෘප්තියෙන් වෙව්ලූවා. ස්ටේජ් එක එයාට වැදගත් වුණේ නෑ. එයා සිංදු කියන්න ගත්තා. අලූතෙන් ලියන්න ගත්තා. ඒත් අන්තිම වෙනකල් කාටවත් රිහර්සල් එකක් බලන්න බැරි වුණා.
‘මචං මට එහෙම කියන්න බෑ. හරියට සිංදුවක් උපරිමෙන් කිව්වම මගේ දණිස් ඉඳන් පණ නැති වෙනවා. මට ඒ එනර්ජි එක ඕන අන්තිම දවසට’
අපිට ප්ලෑන් කර ගන්න ගොඩක් දේවල් තිබුණ. සිංදු ටික හරියට නැතුව කිසි දෙයක් කර ගන්න බැරුව අවුලක්. කලින් අජිත් එක්ක වැඩ කරලා අත්දැකීම් තියෙන අය කෝල් කළා. ‘අජිත් අනාගන්නවා’ ඒ ගොල්ලො කිව්වා.
ඒ අතරෙ වමේ කට්ටිය අජිත්ට කෝල් දෙන්න ගත්තා. ‘ඔහොම වමට විරුද්ද කැම්පේන් එකක් කරන්න උඹට වටින්නෙ නෑ’ ඒ ගොල්ලො කිව්වා.
‘උන්ට රිදෙනවා. ඔය කැම්පේන් එක නවත්තපන්’ අජිත් අපිට කිව්වා. ඒ අතරෙ මරාගෙන මැරෙන වම ඇවිත් අපිට උදව් කළා.
‘31 පුළුවන් නම් ෂෝ එක තියලා පෙන්නපන්’ ඒ ගොල්ලො කිව්වා.
‘ෂෝ එක අවුල් වෙන්නෙ නෑ නේද?’ අපි අපිලිවෙල ගැන බයෙන් අජිත් ගෙන් ඇහුවා.
‘මං උඹලගෙ හිත් රිද්දන්නෙ නෑ’ අජිත් කිව්වෙ එච්චරයි. ෂෝ එක ගැන තිබ්බ හැම අවුලක්ම දූරින්භූත වෙන්නත් විප්ලවේට ලෑස්ති වෙනවා වගේ වැඩකරන්නත් ඒ වචන ටික ඇති.
අපි ෂෝ එක කළා. කිසි දෙයක් කලින් සැලසුම් කරලා නොතිබ්බත් හැමෝම එක අප‍්‍රකාශිත සැලසුමක වැඩ කරල තිබුණ.
‘මට තියෙන චැලෙන්ජ් එක මගේ මේ ඉන්න සාමාන්‍ය ජීවිතේ කොහොමද මයික් එක ඉස්සරහට ගෙනියන්නෙ කියල. එච්චරනෙ..’ අජිත් එයාගෙ රෝල් එක තේරුම් අරං තිබුණ.
හරිම ලස්සන හැන්දෑවක්. එලියෙ වැස්ස වැටුණ. රුපියල් පන්සීයේ දාහේ ටිකට් අරං අජිත් සිංදු කියනවා බලන්න ආපු යාලූවන්ගෙන් හෝල් එක පිරුණ.
අජිත් මයික් එක්ක ළඟට ගියා.
හීන්සැරේ ඔබ ආවා
මගෙ ලෝකෙට..
මා බලා සිටියා..
ආදරේ නොකියා..
එයා සිංදු කිව්වෙ නෑ...
වෙඩි තිබ්බා විතරයි....
හරිම නිහතමානී විදිහට තමන්ට ජීවිතේ දැනෙ හැටි අජිත් එයාගෙ ඕඩියන්ස් එකත් එක්ක බෙදාගත්තා. ඒ නිරායාස අවංකකම මං මෙතෙක් දැක්කෙ අජිත්ගෙම විතරයි.
අජිත් කියන්නෙ ලෙජන්ඞ් එකක්. ඒක එදා ෂෝ එකට ආපු හැමෝටම දැණුන.
සිංදු කියල ඉවර වෙලා එකතු වෙච්ච සල්ලි වලින් හෝල් එකේ ගණං ගෙවලා හිස් අතින් එලියට ආවත් හැමෝටම තිබිච්ච ත‍්‍රිල් එකට වැස්සෙ බොරැුල්ල හන්දියෙ කෑ ගැස්සෙන ගාණයි.
වහලා තිබ්බ ඊඒපී එකත් ඇරගෙන හැමෝම ජයපැන් බිව්වා. ඒ බලාපොරොත්තුව වෙනුවෙන්. කෝමා එකක ඉන්න ජීවිතේ වෙනුවෙන්.
I
am a bastard
I
am a bastard like a butterfly..ජාඇල බස් එකක නැගලා අජිත් ගෙදර ගියා.
- චින්තන ධර්මදාස
Tuesday, April 3, 2012
ගල පෙරළමුද? එක්ටැම්ගේ සහ තවත් කතා
රුපියල් දෙසීයට පේමන්ට් එකේ තිබිලා එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත. දෙසීයට පාරට ඞීවීඞී එන එක නවත්තන්න ට‍්‍රයි කරල වැඩක් නෑ. ඒක තමයි මිනිස්සුන්ගෙ ළගට යන්න තියෙන හොඳම විදිහ. හෝල් එකක ලොකු තිරයක තමන්ගෙ ෆිල්ම් එක බලලා මමත්වයෙන් පිම්බෙන උද්දාමය ඇරුණම චිත‍්‍රපටිකාරයෙකුට තියෙන ලොකුම ඕනකම තමන් හදපු ෆිල්ම් එක රටේ හැම කෙනෙක්ම නරඹන එක. පේමන්ට් එකේ ඞීවීඞී කොපි වෙනවා කියලා නීතියෙන් තග දාන එකා ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි. බිස්නස්කාරයෙක්.
‘දුවන මී හරකෙක් නවත්තන්න හදන එක නෙමෙයි කරන්න ඕන. ඌට නගුලක් හයි කරන්න විදිහක් හිතන එක’ - ලලිත් කොතලාවලගෙ තාත්තා එයාට කියල තිබුණ.
පේමන්ට් එකේ කොපි නොවෙන ගාණකට ඞීවීඞී එක එලියට දාන්න විදිහක් හිතන්න ඕන. අමාරුවෙන් ගාණ තියාගෙන ඇවිත් තමන්ගෙ ෆිල්ම් එක බලන පේ‍්‍රක්‍ෂකයාගෙ සාක්කුව දිහාවටම (තිරෙන් ඉස්සරහටම) හැරිලා ඉන්නෙ නැතුව ඇත්තට සල්ලි තියෙන තිරෙන පිටිපස්සටත් හැරෙන්න ඕන.
කොහොම වුණත් එක්ටැම්ගේ ඞීවීඞී එකේ කවරෙ එහෙම නං අන්තිමයි. අරන් බලන්න තියා හැරිල බලන්නවත් හිතෙන් නෑ. ඒක ඇතුලෙ තියෙන චිත‍්‍රපටියෙ ගැඹුර ගැන මයිල් ගහක තරම් දෙයක් කවරෙ නෑ. චිත‍්‍රපටිය හැදුණ වර්ෂය, ඒකෙ ධාවන කාලය, නිෂ්පාදන නාමාවලිය, කිසි දෙයක් ඒකෙ සඳහන් නෑ. එකම දේ කලූ පාටට බය හිතෙන්න කොපි කරලා අහුවුණොත් නඩු දානවා කියන වැදගත් පණිවුඩය විතරයි. ලංකාවෙ චිත‍්‍රපටිවල ඞීවීඞී එක හැදෙන විදිහ මීට වඩා කර්මාන්තමය වෙන්න අත්‍යාවශ්‍යයි. හුදෙක්ම වෙළඳාම වෙනුවෙන් අතිබාල විදිහට නිෂ්පාදනය කරන මේ තැටි සහ පේමන්ට් එකේ කොපි අතරෙ නිෂ්පාදන තත්වයෙන් කිසි වෙනසක් නෑ. අඩුම තරමෙ ඞීවීඞී කවරෙ නිර්මාණ වටිනාකමක්වත් අන්තර්ගත නෑ. ඞීවීඞී කවරෙන් තමයි ඒක ඇතුළෙ ෆිල්ම් එකට මූඞ් එක හදන්නෙ. ඒක බාල වෙනවා කියන්නෙම ඇතුළෙ තියෙන දේටත් බාල අගයක් එනවා කියන එක.
ඒත් මං එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත.
චිත‍්‍රපටියෙ පටන් ගැන්මම මාව උස්සලා පොලොවෙ ගැහුව. ඒ ලොරි ඩ‍්‍රයිවර් සහ ගෝලයා අතර සම්බන්ධය. ඒ සරල පොඩි හුවමාරුව ඇතුලෙන් චරිත ගැන දෙන හැගීම....පිටපත කොහොම ලිව්වද කියල හිතුණ මට.
ලොරි ඩ‍්‍රයිවර් සහ ගෝලයා එන්නෙ පාර අයිනෙ පොඩි බත් කඬේකට. ඒක බත් අම්මගෙ බත්කඬේ. බත්අම්මට ලස්සන දුවෙක් ඉන්නවා. එයාගෙ නම අහලා නොකිව්ව නිසා සරත් මහත්තයා එයාට බත්දුව කියලා කියනවා. සරත් මහත්තයා කියන්නෙ අලූතෙන් පාර හදන්න ආපු ඕවර්සියර් මහත්තයා. එයාට ඉංග‍්‍රීසිත් පුළුවන්. ගමේ හැම කෙල්ලෙක්ම ට‍්‍රයි සරත් මහත්තයට. ඒත් සරත් මහත්තයා බත්දුවට, එයාගෙ ඇත්ත නම මාලා, දෙන්න හදන්නෙ සුදු රෝස පැළයක්. ඒත් එයාට ඕනි කහ රෝස පැළයක්. එයා ලොරිය එළවන විල්සන් අයියගෙන් කහ රෝස පැළයක් ඉල්ලනවා හැමදාම...
මේ කතාව මේ විදහට අතිසියුම් තල ගණනාවක් දිගේ එකපාර අරගෙන යනවා. දෙබස් රචනයෙන් මං ලංකාවෙ දැකපු හොඳම ෆිල්ම් එක මේක. ඒ වගේම හැම චරිතයක්ම පුංචි පුංචි ගති ලක්ෂණ එක්ක සජීවි කරන හැටි පුදුමාකාරයි. කොටින්ම මට ඒක බලාගෙන යද්දි හිතුණ ජිම් ජාර්මුෂ්ලා කවුද කියල හර්බට් ලත් එක්ක බලන කොට. ලොරියෙ ගෝලයා කොස්තා නිතර ඉන්නෙ කොට කලිසමක් එක්ක හැට් එකක් දාගෙන. එයා බොන්නෙ බීඩියි සිගරටුයි විතරයි. කෝට් එකයි සරමයි අඳින විල්සන් බොන්නෙ සුරුට්ටු විතරයි.
මේ වගේ චිත‍්‍රපටි ඇයි වෙන රටවල ඇගයීමට ලක් නොවුණෙ?
‘ඒ කාලෙ මේ වගේ නෙමෙයිනෙ. තමන්ගෙ දේ කියන්න පුළුවන් නං, ඒක ස්ක‍්‍රීන් එකට ගෙනල්ලා මිනිස්සු බලනවා නම් එච්චරයි ඩිරෙක්ටර් කෙනෙකුට ඕන. සම්මාන උළෙලවල් ගැන එහෙම උනන්දු වුණෙත් කීප දෙනයි. 83වත් 89වත් වෙන්න කලින් නෙ. ගොඩක් නිදහසක් තිබුණ ඒ අයට. මේ එකපාර ඇතිවුණ සම්මාන ගැන උනන්දුව ස්ටඩි කරන්න ඕන කාරණයක්. දැන් තියෙන හිරවීමත් එක්කයි මේ සම්මාන ගැන හිතාගෙනම ෆිල්ම් හැදෙන්නෙ’
සත්‍යා කිව්ව. ඇත්ත..හර්බට් රංජිත් පීරිස් වගේ මිනිහෙක් සම්මාන පස්සෙ යන එකත් ටිකක් හිතාගන්න අමාරු දෙයක්. ‘මං බුබුළක් ඇතුලෙ ජීවත් වෙන මිනිහෙක්’ හර්බට් කිව්වෙ එහෙම. ඇල්කොහොල් සෞන්දර්යයේ මුනිවරයෙක් දක්වාම භාවනාවක එයා යෙදිලා හිටියා. සයිමන්ගෙ පොප් වර්ෂන් එක.
ඒත් ඒ ‘පොප්’ කියන එක කියවන්න අපේ සමාජය වැඩිලා තිබුණෙ නෑ. ඒ චිත‍්‍රපටි පතීලගෙ, ඔබේසේකරලගෙ වගේ නොතේරෙන සම්භාව්‍ය ගතියෙන් අපේ ‘ප‍්‍රබුද්ධයන්ට’ දැණුනෙ නෑ. කතාව පුරාම එකින් එක සියුම් සම්බන්ධතා හරහා හර්බට් සිනමාත්මක ආඛ්‍යානය ගොඩනගන හැටි 80 වගේ කාලෙක නෙමෙයි අද පවා පුදුම සහගතයි. හැම රූප රාමුවක්ම ඉතාමත් නිවැරදි හිතීමක් එක්ක ෆේ‍්‍රම් වෙනවා. කොතනින් ස්ටිල් එකක් ගත්තත් ඒක මාර ෆොටෝ එකක්. මේක ඩොනල්ඞ් කරුණාරත්න ගෙ දක්ෂකම. සිනමාව ගැන මේ දැනීම ඊළග පරම්පරාව අතට ආවෙ නැත්තෙ ඇයි?
‘අපේ ෆිල්ම් වල උඹට දැනිලා නැද්ද පැන පැන යන ගතියක්? කතාව හරියට කියන්න දන්නෙ නෑ. පැන පැන යන්නෙ. ඒක වෙන රටවල ෆිල්ම් බලද්දි තේරෙනවා. උන්ගෙ බාලම එකා වුණත් කතාව ස්මූත් විදිහට ගෙනියන්න දන්නවා’
ඩෙනිස් (ත‍්‍රීවීල් ඩයරීස් කරපු ඩෙනිස්) දවසක් මාත් එක්ක කිව්වා.
ඒ කතාව ඇත්තක්. විශේෂයෙන්ම අපේ සම්භාව්‍ය කියන ෂොනරයෙ ෆිල්ම් යන්නෙ පැන පැන. ඒක නැරටිව් එකේ දුර්වලතාවයක්. ඒත් සම්භාව්‍ය අය හිතුවෙ ඒක ප‍්‍රබුද්ධ ලකුණක් කියල. විශේෂයෙන්ම යුරෝපීය චිත‍්‍රපටි වගේ වෙන්න අපේ චිත‍්‍රපටි හදපු සම්භාව්‍ය අයගෙ මේ පැන පැන යන ගතිය කැපී පේනවා.
ඒක්ටැම්ගේ ෆිල්ම් එකේ ඒ විදිහට පැන පැන යන නැරටිව් එකක් නෑ. ඒක හොඳටම සුමට විදිහට ගලාගෙන යනවා. ඒ වගේම හර්බට් සමහර තැන්වල කිසි බයක් නැතුව නැරටිව් එකත් එක්ක පිස්සු කෙළිනවා. උදා විදිහට ෆිල්ම් එකේ විල්සන් ලොරියක් අරං මහ ? ඇවිත් බත් අම්මටයි මාලා ටයි කතරගම යන්න කතා කරනවා. ඊළග සීන් එකේදි කතරගම වෙහෙරක් ළග විල්සන් මාලාගෙන් බඳින්න අහනවා. ඊළග එකේ බඳිනවා. ඊට පස්සෙ එකේ කෙලින්ම වෙන ගෙදරක පදිංචියටත් ගිහින්. මේ වේගය හර්බට් හරිම මොඩර්න් විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ ගේනවා. එතනදි මට මතක් වුණෙ ප‍්‍රසන්න විතානගේ ව. පවුරු වළලූ (ප‍්‍රසන්නගේ හොඳම ෆිල්ම් එක* චිත‍්‍රපටියෙ සංගීතා වතුර බේසමත් එක්ක හදිස්සියෙන් දුවගෙන යද්දි බේසම හලලා ආපහු එන දර්ශන නැතුව කෙලින්ම යන තැනින් ආපහු එන තැනට ඇබ්රප්ට් කට් එකක් ගන්න ඒක එඩිට් කරපු ලාල් පියසේනට ඕන වුනාලූ. ප‍්‍රසන්න හොඳටම තක්බීර් වුණාලූ ඒක ලොකු අවුලක් වෙයි කියල. ඒ තරම් සරල අත්හදාබැලීමකින් පවා කලබල වෙන අපේ මෑත පරපුරට වඩා හර්බට් ල කොච්චර ඉදිරිගාමීද?
හර්බට් මේ කතාව කියන්නෙ බදුල්ල පැත්තෙ ගමක් ගැන. ඒත් ඒ ගමේ හර්බට් අපේ කොළඹ ඔලූගෙඩි ඇතුලෙ තියෙන ගැමිකම මවන්න යන්නෙ නෑ. දුගී බව, ලිංගික අසහනය, නූගත්කම වගේ අපේ අනෙක් චිත‍්‍රපටිකාරයො විෂය කරගන්නා සමාජ විද්‍යාව වෙනුවට හර්බට් බය නැතුව තමන්ගෙ චිත‍්‍රපටිය ඇතුලෙ වෙනස් යතාර්ථයක් නිර්මාණය කරනවා. විවෘත ආර්ථිකයත් එක්ක අලූතෙන් හැදෙන සිතීමට ඒ චරිත හැසිරීම් හුගක් ළගයි. පාර දිගේ චිත‍්‍රපටියෙ තියෙන නාගරික සිතීම හර්බට් බදුල්ලෙත් හිතනවා.
එක තැනක මාලා සහ සරත් මහත්තයා ආදර ගීතයක් කියනවා. ඒක පයිනස් කැලයක් හර්බට් මුලූ සිංදුවම කරන්නෙ එකම ෂොට් එකකින්. කැමරාව චරිත පහුකරගෙන ගිහින් කැලේ ගස් කොලං වල හැපිලා ආයිමත් චරිත ළ`ගටම එනවා. මේ ආදර කතාව පස්සෙ දවසක අවසන් වෙනවා. එතකොට මාලා තනියම මේ කැලේට එනවා. කලින් සිංදුවෙ කැමරාවම ඊට ප‍්‍රතිවිරුද්ධ අතට කරකැවෙමින් මාලා හොයාගෙන එනවා. එක්ටැම්ගේ චිත‍්‍රපටිය පුරාම හර්බට්ගේ නිරායාස සිනමා දැනුම අපිට පේනවා. ඒක ඇෙ`ගන් එන එකක්. අමාරුවෙන් හිරවෙලා ගන්න එකක් නෙමෙයි.
මාලාගෙ චරිතය ඒ විදිහට ලියන්න පුළුවන් ගෑණු ගැන ඒ විදිහෙ අවබෝධයක් තියෙන කෙනෙකුටම විතරයි. හැගීම් එක්ක එහාට මෙහාට පැද්දෙන මාලාගෙ හිත බලා ඉන්න චමත්කාරය. ඒ වගේම ප‍්‍රචණ්ඩය. කිසි දෙයක් ගැන ස්ථිරව අනුමාන කරන්න බැරිය. දෙබස් සහ හරිම ඇත්ත කෙළිකම් එක්ක හර්බට් මාලා එයාට හම්බුණු පෙම්වතියන් ළගටම අරං එනවා. ඒ වගේම පිරිමි හිත මේ ගෑණුකම කියවද්දි වෙන වැරැුද්ද ගැන එයා සරත් මහත්තයට හොඳට කියල දෙනවා.
I MISREAD YOUR FAIRY TALES (මං ඔයාගෙ සුරංගනා කතා වැරදි විදිහට කියෙව්වා) අජිත් කුමාරසිරි සිංදුවක කියනවා.
මේක හර්බට් ගෙ ජීවිතය. ඒක කියන්න එයාට සිනමාව මාධ්‍යයක් විතරයි. එතනදි සිනමාව තමන්ට ඕන විදිහ පාවිච්චි කරන්න එයා නිර්භීතයි.
කතාව හොලිවුඞ් හැපි එන්ඩින් එකකින් ඉවර කරන්න හර්බට් ට හොඳටම පුළුවන්. ඒක සම්භාව්‍ය විදිහට කරන්නත් එයාට පුළුවන්. ඒත් එයාට ඕන පොප් තැනකින් කතාව ඉවර කරන්න. මාලා හැමදෙයක්ම අත්ඇරලා ආයිමත් සරත් මහත්තයා හොයාගෙන එනවා. ඒ කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. තමන්ගෙ ඇතුලෙ අවුලෙන් නිදහස් වෙන්න. මේ අවසානයට එන එකෙන් හර්බට් පිරිමි හැමෝම එකග ගැහැණිය ගැන අවුල විනාස කරනවා. එයා මුහුදක් තරම් විශාල ගෑණු මුහුදක එක්ටැම්ගෙයක් උඩ ඉඳන් ලයිට් ගහන තැනක් දක්වා පිරිමියා ඇදගෙන එනවා. මුහුද සහ මාලනීගේ සමීප රූපයක් උඩ නිමි කියල වැටෙනවා.
මේ චිත‍්‍රපටිය ආයිමත් කතාවට ගන්න ඕන චිත‍්‍රපටියක්. අපිට තියෙන්නෙ බුදු වෙන්න ඕන එකාට ඇණ ගහලා ඇණ ගහන්න ඕන එවුන් බුදු කරපු සිනමාවක්. ඒක හින්ද දේවදත්තලා තව ගොඩක් ඕන වෙනවා ගල් පෙරලන්න. එක්ටැම්ගේ කියන්නෙ ඒ වගේ එක දැවැන්ත ගලක්.
අපි පෙරළමුද ඒක?
-චින්තන ධර්මදාස
Subscribe to:
Posts (Atom)