අදහසක් වෙනස් වීමට ඛන්ඩනය වීමට සහ වර්ධනය වීමට නියමිතය කියන මගේ අදහස ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ඒ විදිහෙ අදහස් වෙනසක් කියන්නෙ ගොඩක් දුරට හිතා බැලීමක් නොකර අදහස් පළකිරීමේ අත්වැරැුද්දක්ද කියල දිමිත‍්‍රිට හිතිලා තිබුණ (ඒ රුසියානු සද්දෙ එන නම් වලට මං ආසයි. හීන් නොස්තැල්ජියාවක් හින්ද)
ඒත් මට හිතෙන්නෙ වෙනස් විදිහකට. බුද්ධ වගේ ප‍්‍රත්‍යක්‍ෂ නිශ්චිත ඇත්තක් කියනවා වෙනුවට මං කැමතියි ඒ වට වන්දනාවට. කතිකාවට. ඒකෙන් නිශ්චිත එක අදහසක් වෙනුවට අදහස් ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා. අනිත් අතට වෙනස් වෙනස් සංවාදයන් ගනනාවක් ඇසුරෙන් විවෘත අදහස් හුවමාරුවක් කරනවා මිසක් දාර්ශනිකයෙක් විදිහට සංගත අදහස් පද්ධතියක් ගොනු කරන්න ඕනද කියල මට ෂුවර් නෑ. සිතීමක් විදිහට මේ බ්ලොග් ලිපි කියවන එක මගේ ලියමනට කරන සාධාරනයක් වෙයි සිතන්නෙක් විදිහට මාව අරගෙන කියවනවට වඩා. (මාව ගල් කරනවට වඩා)
උදා විදිහට බිල් බෲවර් ගේ අදහස් කියන්න මං බ්ලොග් ලිපිය වෙන් කරද්දි එන්ටර්ටේන්මන්ට් ගැන තුන්වෙනි අදහසක් යෝජනා කරනවා මිසක් මං එන්ටර්ටේන්මන්ට් වැරදියි කියන දෙවන අදහසට කොටු වෙන්න යෝජනා කරන්නෙ නෑ. මට දැනෙන අපේ කියවීමේ අවුල මේකයි. ඇ`ගිල්ල දිහා බලන් ඉන්නවා මිසක් ඇ`ගිල්ල දික් කරලා පෙන්නන දේ දිහා බලන්නෙ නෑ. කර්තෘ සෙවීමේ අවුල කියල මං ලිව්වෙ මේ ගැන.
මේ ඉස්සරහ කොටස මීට පස්සෙ ලියවෙන කොටස එක්ක සම්බන්ධයක් නෑ. මෙතනින් එහාට වෙනස් මාතෘකාවක්. ඒත් ඉස්සරින් කියෙව්වෙ ආරම්භයක්. අවසානයක් විදිහට.
නිලේන්ද්‍ර දේශප‍්‍රියගෙ ‘තණ්හා රතී රගා’ ගැන දැන්ම ලියන එක කොයි තරම් සාධාරණද කියල මං එහාට මෙහාට දදා කල්පනා කළා. ලොකුම හේතුව තාම පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටිය බලලා නැති එක. එහෙම තමන්ගෙ කියල අදහසක් නැති වෙලාවක අනුන්ගෙ අදහසක් තමන්ගෙ විදිහට පැලවෙන්න තියෙන අවදානම. ඒත් අනිත් අතට නිලේන්ද්‍ර චිත‍්‍රපටිය මාධ්‍ය වලට පෙන්නුවා (මාධ්‍ය සංවාදයක් වෙනුවෙන්) ඒ වෙලාවෙ ඒක නරඹපු කෙනෙක් විදිහට මට චිත‍්‍රපටිය ගැන හිතෙන දේවල් මේ හිතෙන වෙලාවෙ නොලිව්වොත් ඒ අදහස් පිළුණු වෙන්න ගන්නවා. මට ලියන්න නොහිතෙන්න පවා පුළුවන් තරමට ඒ අදහස් මගෙන් දුරස් වෙන්න හරි හම්බුවෙන උන් එක්ක කතා කරලා ඉවර වෙන්න හරි ඉඩ තියෙනවා.
ඒ චිත‍්‍රපටිය ලාංකේය සිනමාවෙ මාර තැනක් විදිහට සිනමා විදග්ධයන් කතා කරන්න ගත්තා. ගොඩක් වෙලාවට මූනිච්චාවට නෙමෙයි ඒ ඇත්තටම ඒ අයට හිතෙන විදිහ. මගේ යාබද සීට් වල අය ඒ ඒ අයගෙ කන්වලට ඒ විදිහෙ ඒවා කොඳුරනවා මට ඇහුණ. ඒ කෙබඳු මාර තැනක්දැයි විමසන්නයි මේ ලියමන ලියවෙන්නෙ.
හු`ගක් ලේසියෙන් ජාතකයක් හරි රජ කතාවක් හරි කරලා මහින්ද චින්තන චිත‍්‍රපටි ධාරාවෙ (ජාතික තලයෙ) ප‍්‍රබල තැනක් ගන්නත් ලේසියෙන්ම විකුණගන්නත් තිබුණු අවස්ථාව නොතකා හැරලා මේ වගේ අවදානම් තේමාවකට අත තියපු එක අගය කළ යුතු උත්සාහයක්. ඒ වගේම ලංකාවෙ යුද්දෙ දින්නට පස්සෙ ජනතාව කිරිබත් කාපු ඒ ‘අසිරිමත්’ දර්ශනය පළවෙනි වතාවට සිනමාවෙන් අපි දකින්නෙ මේ චිත‍්‍රපටිය ඇතුලෙ. ඒක හරි ප‍්‍රබල ආරම්භයක් චිත‍්‍රපටියකට.
මේ කතාව තිරිමාදුර සහ සරත් කොතලාවල අතින් ලියවෙනවා කියන ආරංචිය අහපු ගමන් මට හිතුන ඇත්ත හිතුවිල්ල වුනේ ‘අනිවාර්යෙන්ම පට්ට ස්ක්රිප්ට් එකක් වෙයි’ කියල. ජීවිතේ ජෝක් කරමින් ජීවත් වෙන එක ඇතුලෙ ගැඹුරු මොනවා හරි අත්දැකීම් ටිකක් තිරය උඩට එයි කියල පූර්ව විශ්වාසයක් මට තිබුණ. ඒත් මං වැරදියි. ටිකක් නැගලා යන ආකෘතියක් වගේ දෙයක් අහුවුනාට චිත‍්‍රපටියෙදි ජීවිතේ ගැඹුරට කැපෙන තැන් හොඳටම මගඇරිලා තිබුණ. සමහර වෙලාවට දුක හිතෙන තරමට.
කලින් කිව්වා වගේ චිත‍්‍රපටියෙ ආරම්භය ප‍්‍රබලයි. එතැනින් අඳුරගන්න චරිත කීපයක් හරහා අපි කතාවට බහිනවා. යුද්දෙ දිනපු විනෝදයට යාපනේ යන්න කතා වෙන තරුණයො තුන් දෙනෙක්. ත‍්‍රීවීල් එකක යාපනේ යන ගමන රෝඞ් මූවි එකක් වගේ පටන් ගන්නවා.
අපිට කන පැලෙන්න ඇහෙන්න ගන්නවා ‘සල්ලි පොකුරු මිල්ලෙ අහුරු’ ඬේමියන් ගෙ සිංදුව. මේ සිංදුව මෙතන පාවිච්චි වෙන එක ලොකු ෆේලියර් එකක්. බූඩිගෙ මිල්ලෙ සොයා ෆිල්ම් එකත් එක්ක පට්ට හිට් එකක් වෙලා ඒ ෆිල්ම් එකේ මෝගෝ එකක් (මියුසිකල් ලෝගෝ) එකක් වගේ වුණු මේ සිංදුව පාවිච්චි කරන එකෙන් මට ෆිල්ම් එකට කකුල් දෙක පොලොවෙ ගහලා හිටගන්න බැරි කරනවා.
මේ විනෝද ගමන අතරෙ දියාරු විදිහට ආදර හුටපටයක් පැටලෙනවා. ඒ කිතියෙන් කකුලෙ මහපටැගිල්ලෙන් පොලොව හාරද්දි කොටි වළලපු පිස්තෝලයක් මතු වෙනවා. මේ පිස්තෝලෙ එක්ක සයිමන්ගෙ සර්පයාත් ඉන්නවා. ඌ කිසි තේරුමක් නැතුව චිත‍්‍රපටිය පුරාම ඇදෙනවා. මේ සංකේත පාවිච්චිය නම් මාර ගොඬේ.
මේක ෆිල්ම් එකකට හොඳ ඉන්සයිටින් ඉන්සිඩනට් එකක්. යාපනේ තාමත් වළලපු තුවක්කු ඇති. චූන් එකේ ඉන්න වෙලාවක ඒ බිහිසුණු අතීතෙ නෂ්ටාවෂේශ කකුල් ගාව මතු වෙන්න පුළුවන්. ඒත් පිටකොටුවෙ ගුණසිංහපුරේ ඉන්න කුලී වැඩ කරන මිනිහෙක්, ත‍්‍රීවීල්කාරයෙක් සහ මදාවි යුනිවර්සිටිකාරයෙක්ට පිස්තෝලයක් කොයි තරං ලොකු වෙයිද කියන එක මට ගැටළුවක්. මං දන්න ගුණසිංහපුරේ අවුරුදු දොළහ දාසය වෙද්දි කොල්ලො පිස්තෝල අතගානවා (යුද්දෙන් පස්සෙ පුනරුත්ථාපනය වූ ගුණසිංහපුරයක් එහෙම තියෙනවද කියල මං දන්නෙ නෑ) ඒක වටේ ඊට පස්සෙ ගෙතෙන ආතතිය පිටකොටුව දන්න පේ‍්‍රක්‍ෂකයෙකුට ටිකක් පිළිගන්න අමාරුයි.
මේ චිත‍්‍රපටිය බලන කෙනෙක් අනිවාර්යෙන්ම රාජ් නිදිමොරු අධ්‍යක්‍ෂණය කරපු ‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එකත් බලන්න කියලා මං යෝජනා කරනවා. ඒකෙත් පාදඩකරණයට ආසන්නව ගතවෙන යාලූවො තුන්දෙනෙකුගෙ ජීවිත ආයුධ මල්ලක් හින්ද වෙනස් වෙන හැටි තේමා වෙනවා. ඒත් ‘ෂෝර් ඉන් ද සිටි’ වල ජීවිතේ ඇතුලට කැපෙන තැන් වෙනුවට තන්හා රතී රගා වලදි මුණගැහෙන්නෙ බොළඳ රොමැන්ටික් අත්දැකීම් (මතුපිට අතපත ගෑම්). ‘ගිනි අවියේ බිහිසුණු බව විසින් අපගේ අනාගත පරපුරත් බිලි ගනී’ වගේ ස්ටේට්මන්ට් එකකට එහා වියමන එලෙන්නෙ නෑ.
විශේෂයෙන් මේ චරිත වල ඇතූලතක් නෑ. පිටතක් විතරයි. ත‍්‍රීවීල්කාරයාගේ ත‍්‍රීවීල් ජීවිතය, කුලීකාරයාගෙ කුලී ජීවිතය සහ යුනිවර්සිටි කියන කොල්ලාගේ (ඒ චරිතෙ කිසිම එහෙම ගතියක් නෑ) යුනිවර්සිටි ජීවිතය වෙනුවට අපි දකින්නෙ නිකංම මැද පංතියෙ ඉඳන් එලිය බැලූවම පේන සමතල චිත‍්‍රයක් විතරයි. චිත‍්‍රපටියෙ කතා කරන ගුණසිංහපුරේ ගෙවල් දොරවල් වටපිටාව විතරයි වෙනස්. ජීවිත ඇතුලෙ ඒ වගේ අයිඩෙන්ටිටි එකක් නෑ.
‘ෂෝර් ඉන් ද සිටි’ ෆිල්ම් එක බැලූවොත් මේ එකම සරල මතුපිට කතාව ඒකෙ තල ගණනාවක් දක්වා අතුරනවා. ඒක ලේයර්ඞ් චිත‍්‍රපටියක්. තන්හා රතී රගා ඒ සරල මතුපිට කතාවත් ගොතා ගන්නෙ හරිම දුර්වල විදිහට. ඒ කතාවෙ අතුරු කතා විදිහට දිගඇරෙන සිද්දි නිකං එල්ලලා තියෙනවා විතරයි. ඒ ආදර සම්බන්ද, නෑදෑ ආරවුල් ගැන අපිව ගෙනියන්නෙ ප‍්‍රවෘත්තියක දුරට විතරයි. ඒවා අත්දැකීම් වෙන්න තරමට මෝරන්නෙ නෑ. සුලබ සීමාවක් ඇතුලෙ (සමජාතීය) මේ ජීවිත ගනුදෙනු එහා මෙහා වෙනවා විතරයි.
ඒ වගේම සමහර සිද්ධි ගොඩනැගීම් හරිම ළාබාලයි. උදා විදිහට වෘත්තියක් විදිහට ගුනසිංහපුරේ ත‍්‍රීවීල් දුවන කෙනෙක් යාපනේ ගිහින් තමන්ගේ ත‍්‍රීවිලරය පැට‍්‍රල් නැතුව නවතින කල්ම හාංකවිසියක් නොදැන සිටීම, තව තැනක හමුදා ට‍්‍රක් එකක් සොල්දාදුවන් පුරෝගෙන එද්දි ඒ තමන්ගෙ පිස්තෝලෙ අල්ලන්න කියලා හිතලා කැම්පස් ගැටයා සහ ත‍්‍රීවීල්කරුවා බෝම්බ වැළලූ බිම් පවා නොතකා දිවීම (මෙතන හමුදා චරිත හැසිරෙන විදිහ පවා හරිම කාඞ්බෝඞ්) වගේ සිද්දි වැලක් කියාගෙන යන්න පුළුවන්.
මේ වගේ තේරුමක් නැති කලාප වල බොළඳ හරඹ කරමින් යන එක ඇතුලෙ ටික වෙලාවකින් මට දැණුනෙ ලොකු වෙහෙසක්. චිත‍්‍රපටිය ඉවර වෙන්න ඕන තැනත් පහු කරගෙන ඔහේ දිගට ඇදි ඇදී යනවා. අන්තිමට කිසි තේරුමක් නැතුව ස්වර්ණා මල්ලවාරච්චි නැවත තිරයට ගෙන ඒම වගේ උවමනාවක් වෙනුවෙන් දර්ශන පේලියක්ම ගෙතෙනවා. චිත‍්‍රපටිය ඉවර වෙද්දි ඉතුරු වෙන්නෙ ලොකු හිස්කමක්. අවුරුදු පනහ පහුවෙනකල් හිර කරගෙන හිටපු (පරිණත කරපු)තමන්ගේ සිනමා ආශාව නිලේන්ද්‍ර එලියට දාලා තියෙන හැටි ගැන මං තෘප්තිමත් නෑ.
තිරිමාදුරගෙයි සරත් කොතලාවලගෙයි රංගනයෙත් ෆ්ලැට්ම තැන් සලකුණු වෙන්නෙ මේ ප‍්‍රධාන චරිත ඇතුලෙ කියලයි මට හිතෙන්නෙ. හරිම කුඩා අතුරු චරිතයක් කරන ප‍්‍රියන්ත සිරිකුමාර ඒ සොල්දාදු චරිතෙට ලොකු ගැඹුරක් ඒ පොඩි වෙලාවෙදි එකතු කරනවා. කාජල් ගේ පිංතූරය දිගේ ඇ`ගිල්ල පහලට අරගෙන එන අතරෙ දරන නිහැ`ඩියාව කෙලවරේ ‘කාජල්’ කියල විතරක් කියන එක ගල් තොප්පියට යටින් ඒ ඔලූව ඇතුලෙ හිරවෙච්ච ‘පර්වර්ට්’ ගොඩක් දේවල් එලියට දානවා. විශේෂයෙන් ප‍්‍රියන්තගෙ ර`ගපෑම ගැන ලියන්න හේතුව මේ ක්ලැසික් විපරීත මනස එලියට ගේන වෙන කිසි නළුවෙක් මට ලංකාවෙ මුණගැහිලා නැති නිසා.
ඒත් නිලේන්ද්‍ර මේ චිත‍්‍රපටියෙදි පාවිච්චි කරන රූප රාමු ශෛලිය ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරයට අවංකයි.
ලේසියෙන් විකිණෙන රාජ්‍ය චිත‍්‍රපටි එක්ක පෙලට හිටගැනීම ප‍්‍රතික්‍ෂේප කරන ගමන් නිලේන්ද්‍ර සම්මාන සිනමාව වෙනුවෙන් පාවිච්චි වෙන ගල්ගැහුණු, හිරි වැටුණු රූප රාමු කලාවෙනුත් වෙන් වෙනවා. පණ්ඩිත කැමරාවක් වෙනුවට ජීවිතේ එක්ක සමගාමීව ළ`ගින් හිටගන්න කැමරාවක් නිලේන්ද්‍ර පාවිච්චි කරන්නෙ. ඒ රූපරාමු අපි දිහා එලියෙ ඉඳන් බලන රූප රාමු නෙමෙයි. ඒවා කතා කරන්නෙ අපිට. පිටරටට වෙනුවට ආපහු ලංකාවට. ඒ පැත්තෙන් ධනුෂ්කගෙ කැමරාව හොඳ දැනුවත් භාවිතාවක යෙදෙනවා කියලා මට හිතුනෙ. ඒත් සමහර වෙලාවලදි පාවිච්චි වෙන වයිඞ් ඈන්ගල් ලෙන්ස් එක ඒ ප‍්‍රබල බව යම්තාක් දුර්වල කරනවා. ඒ වගේම සිද්ධීන් වලදි පරිසරය තේරුම් ගන්න ප‍්‍රමාණවත් රූප රාමු ගොඩනැංවීමක් නොකරන හින්ද සමහර විටක ආතපාත නැති ගතියක් දැනෙන්න ගන්නවා.
චිත‍්‍රපටියෙන් තුනෙන් එකක් විතර දුවන්නෙ දෙරන ප‍්‍රවෘත්ති උඩ. දිල්කා සමන්මලිත් චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිතයක් වෙනවා නිකංම. ඒක නිලේන්ද්‍ර තමන්ගෙ පුද්ගලික ඇයි හොඳයිය නිසා වැඩිපුර සලකන්න ගිහින් ඇණගත්ත තැනක් කියල මට හිතෙන්නෙ. වෙනස් වෙනස් ප‍්‍රවෘත්ති මාධ්‍ය, රේඩියෝ, පුවත්පත් ආදිය පාවිච්චි කරමින් ලොකු සමාජ පරාසයක් අලූතෙන් එකතු කරන්න තිබුණු ඉඩ මෙතනදි ඇකිලෙනවා. අපරාදෙ.
සංගීතය චිත‍්‍රපටියට කරන්නෙ ලොකු හානියක්. චිත‍්‍රපටියෙ කතාවට, රූප පෙළට කිසිම සම්බන්ධයක් නැති පරාරෝපිත පියානෝවක සද්දෙන් නිලේන්ද්‍ර කියන්න යන්නෙ මොකක්ද කියල මට තේරුම් ගන්න බැරි වුණා. කොටින්ම ඒක වාතයක් වුණා. අමරෝස් පෙරෝස් ඇතුලෙ කිසලොව්ස්කිගෙ තීම් එකක් ඇහෙනවා වගේ ඊට වඩා සරලව කිව්වොත් තක්කාලියි බෝල්ට් ඇණයි ගතියක් තමයි සංගීතෙන් එකතු කරලා තිබුණෙ.
චිත‍්‍රපටිය ගැන ගොඩක් අය කතා කළා. පුටු උඩ එක එක්කෙනාගෙ කණට කොඳුරපු අය හු`ගදෙනෙක් එක කමෙන්ට් එකක් දුන්නා. ‘බැලන්ස් චිත‍්‍රපටියක්’. මේකෙන් ඒ අය අදහස් කළේ මොකක් වුණත් මට දැනෙන විදිහට බැලන්ස් එකම තමයි අවුල. චිත‍්‍රපටියක් බැලන්ස් නැති වෙන එකයි ලස්සන. නැත්තං කිරලා මැනලා හදපු තෝසයක් වගේ අච්චු ගතියක් දැනෙන්න ගන්නවා. නිලේන්ද්‍ර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට පුරුදු කරපු සංවිධානාත්මක බව සිනමාකරුවෙක් විදිහට ලොකු අවාසියක් සිද්ද කරනවා.
චිත‍්‍රපටිය ගැන ලොකු ලොකු විද්වත්තු කතා කළා. වැලිකතර කරපු ඞීබී නිහාල්සිංහ පවා ග්ලෝබල් ෆිල්ම් ඉනීෂියේටිව් ආයතනයෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න ෆන්ඞ් එකක් අනුමත කරමින් එවපු සුබපැතුම් පණිවුඩය කියවමින් එතනදි කිව්වෙ මේක නං මාර විශිෂ්ට චිත‍්‍රපටියක් කියල. මං ගොඩක් ගරු කරන සරසවියෙ අරුණ ගුනරත්න හැමෝටම ඉස්සර වෙමින් විචාරයක් ලිව්වෙ මෙහෙම.
‘‘කාගේ වුනත් චිත‍්‍රපටයක් මූනිච්චාවට හොඳයි කියන සිරිතක් මට නැහැ. ඒ පුරුද්ද හින්දා සමහරු මාත් එක්ක තරහ වෙලා තියෙනවා.ඒ ගැන දන්නා නිසා සමහරු මගෙන් තමන්ගේ චිත‍්‍රපටය ගැන අහන්නේ නැහැ.ඒත් නිලේ අහනවා. මම මෙහෙම නිලේන්ද්‍ර ට උත්තර දුන්නා
පට්ට ෆිල්ම් එක බං’’
ලංකාවෙ සිනමා විදග්ධයන්ගෙ චිත‍්‍රපටි ගැන තියෙන මේ සීමිත දැනීම (සීමිත දැකීම විශේෂයෙන්) මාව ගොඩක් බය කරනවා. ඒ දැනීම හා කියවීම ඇතුලෙ මෙතනින් එහා යන චිත‍්‍රපටියක් හැදෙන්නෙ නෑ. ඒ චිත‍්‍රපටි ඇතුලෙන් කරන ජීවිත අත්දැකීම් හුවමාරුව සහ පරිණත බව ගැන දැක්මක් අවාසනාවන්ත විදිහට මග ඇරෙනවා. නිලේන්ද්‍රගෙ චිත‍්‍රපටියෙ හොඳ ලක්ෂණ තියෙනවා. ඒ වගේම සිනමාත්මක සිතීමේදී පොදුවෙ රටක් හැටියට අපි පෙළෙන දුර්වලතා ගෝනි පිටින් මේකෙ තියෙනවා. වෙනස් වෙනස් ජීවිත කලාපයන් සහ විස්තර ගැන අන්ධභාවය එතනදි ලොකුම අඩුවක්. සිනමා දැනුවත්තු මේ ගැන ලියන කියන දේවලින් මාව නැවත නැවතත් තිගැස්සෙන්නෙ මේ ජීවිතාන්ධභාවය ඒ අයත් ඒකමතිකව බෙදාහදාගන්නා නිසා.
නිලේන්ද්‍ර වගේ චරිතයක් ආයිමත් සිනමාවට එකතු වෙන එක හොඳ තත්වයක්. විශේෂයෙන්ම මහින්ද චින්තන සිනමාවට විකල්පව කර්මාන්තයක් විදිහට සිනමා සම්බන්ධතා යලි ගොඩනැගීම පැත්තෙන් (මාධ්‍ය ප‍්‍රදර්ශනයේදී පවා මේ ශක්‍යතාවය පේන්න තිබුණ). ඒත් ඒ ව්‍යවසායකත්වයට අදාල කාරණා කෘතියට බාහිරින් නොතිබී කෘතිය ඇතුලට ප‍්‍රවේශ වීමෙන් කෘතිය දුර්වල කරනවා.
ඒ කොහොම වුණත් සිනමාව ගැන සීමිත විචාරයකින් සිද්ද වෙන්නෙ කඳක් විදිහට වැඩුණත් සිනමාවට ඔලූවක් නැති කරන එක විතරයි.
-චින්තන ධර්මදාස






