Saturday, August 31, 2013

අන්‍යාගමිකකරණයට එරෙහිව - රජිනි

ලංකාවෙ බෞද්ධයො එක එක ක‍්‍රිස්තියානි නිකායන් විසින් ඒ අයගෙ ආගම් වලට හරවගන්නවා කියලා ලොකු විරෝධයක් විශේෂයෙන්ම තග් බෞද්ද කල්ලි වලින් කාලෙක ඉඳන් ඇහෙනවා. මේ කතාව බොරුවක් නෙමෙයි. මෑතක බිහිවුණු අලූත් ක‍්‍රිස්තියානි නිකායන් ඒ අයගෙ අලූත් පල්ලි වලට මිනිස්සු එකතු කරනවා තමයි. ඒක බෞද්ධයන්ට විතරක් නෙමෙයි ඊට වඩා කතෝලිකයන්ට බලපාන ප‍්‍රශ්නයක්. මොකද ගොඩක් ඒ නිකායන්ට එකතු වෙන්නෙ කතෝලිකයො හින්ද. ඒත් මේ තග් බෞද්දයො කියන තරං මතුපිට අන්‍යාගමිකකරණයක් නෙමෙයි මේක. බලහත්කාරයකුත් නෙමෙයි කොහොමවත්. කිසිම ආගමකින් හෝ වෙන මගකින් ජීවත් වෙන්න උදව්වක් නැතුව අනාත වෙලා ඉන්න අයට මේ ආගම් වල පිරිස් කරන උදව් නිසා ඒ විශ්වාස වතාවත් වටා මිනිස්සු ගොනුවෙන්න පුළුවන්. ඒක ආගමික නිදහස වගේම ආගමක තේරුම හොඳ ලෞකික තක්සේරුවකට වැටෙන තැනක් කියල මං හිතන්නෙ. අනිත් පැත්තෙන් ගත්තොත් මේ අන්‍යාගමිකකරණය ගොඩක් ජාතික අවුල් වලට විසඳුමක් වෙන්නත් පුළුවන්. සාම්ප‍්‍රදායික උප්පැන්න ආගම් අතරෙ තියෙන ජාති භේද, කුල භේද අන්‍යාගමිකකරණයෙදි අහෝසි වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාති විදිහට බෙදුණු ආගමික සීමාවන් වෙනුවට ජාතිය සීමාවක් කර නොගත් ආගමික පුහුණු තමයි මේ ඇති වෙන්නෙ. වෙන විදිහකට කිව්වොත් විවිධ ජාතීන්ට බෙදා ගන්න පුළුවන් තනි ආගමික අදහස් හෝ විශ්වාස පද්ධති ගොඩනැගෙන එක රටක් විදිහට හොඳ තත්වයක්. මේ නිසා අර්බුදයට යන ජාති සීමාවන් නිසා තමයි ගොඩක් වෙලාවට මේ විරෝධයන් නැගෙන්නෙත්. උප්පැන්නෙ බෞද්ද වීම ලොකු දෙයක් නොවුණු මං මේ අන්‍යාගමිකකරණය දකින්නෙ පොසිටිව් දෙයක් විදිහට. ඒකට නැගෙන ජාතිවාදී ප‍්‍රතිවිරෝධය විසින් මං කියන කාරණය තවත් ඔප්පු කරනවා කියලයි මං හිතන්නෙ. ඒත් වෙන තලයකින් කියෙව්වොත් බෞද්දයන්ට බලපාන මේ අන්‍යාගමිකකරණය ඒ ගැන කතා කරනව බෞද්දයන්ටවත් තේරුම් ගන්න බැරි තරං ගැඹුරු වෙන්න ඉඩ තියෙනවා.

මට හිතෙන්නෙ මේ කලාපෙ ගැන නලින්ද සිල්වා අත පොවන විදිහ හරි. (ඒත් සංසන්දනාත්මකව, පවතින තත්වයන් හා සාපේක්ෂව තේරුම් ගැනීමෙදි එයාගෙ සීමාව පටුයි) අධ්‍යාපනය, සෞඛ්‍යය, විද්‍යාව ආදී මේ හැම විෂයක්ම පල්ලියේ ද්විකෝටික තර්ක දැනුම  ඇතුලෙ සීමා වෙලා තියෙන හැටි ගැන එයා කියනවා. ඒත් මේක තමයි ලෝකය. මේ ආර්ථිකය, මේ විද්‍යාව, මේ ජීවිතය නිර්මාණය වෙලා තියෙන්නෙ, නැත්තං තුන්වෙනි ලෝකෙ අපි වගේ රටවල් වලට දැනුම විදිහට විකුණලා තියෙන්නෙ පල්ලියේ දේව ධර්මයම තමයි.

භෞතිකවාදය පදනම් කර ගත්තා කියන මාක්ස්වාදය පවා නිර්මාණය වෙන්නෙ පල්ලියේ කුරුස අතට. මේක හරි හෝ වැරදි දෙයක් නෙමෙයි. බටහිර ආගම ගැන, වෙන විදිහකින් කිව්වොත් ජීවිතයේ ප‍්‍රබලවම දැනෙන අවිනිශ්චිතතාවයට මුහුණ දෙන්න නිර්මාණය කර ගත්තු සවිඥාණක අවිඥාණක කාරණා වලින් බැහැරව හෝ ඊට ප‍්‍රතිවිරුද්ධව අදහස් පද්දති නිර්මාණය කරන්න බටහිරට බෑ. ඒක එක සිතීමේ පැරඩයිමයක්. බටහිර කෙනෙකුට පුළුවන් පල්ලියට විරුද්ද වෙන්න, දෙවියන්ට විරුද්ද වෙන්න, ඒත් ඒක ක‍්‍රිස්තියානියේ ප‍්‍රතිසංස්කරණවාදයක් විතරයි. එතකොට අපි විෂයන් කියලා අදහන්න ගන්නෙ වෙනස් වෙනස් ක‍්‍රිස්තියානි ප‍්‍රතිසංස්කරණවාද. මොකද මොකක් ගැන කතා කළත් අපි කතා කරන්නෙ එකම සිතීමේ කාටීසියානු තලයක් උඩ.

බටහිර තාක්ෂණය, ආර්ථිකය සහ විද්‍යාව විසින් ලෝකය ආක‍්‍රමණය කරලා තියෙන වේගය දිහා බැලූවොත් අද අපි ජීවත් වෙන යතාර්ථය කියන්නෙ ඒකට. එතකොට ඒ යතාර්ථය බාර ගනිමින් ඒකටම ප‍්‍රතිවිරුද්ද වෙනවා කියන්නෙ අපි භින්නෝන්මාදී වෙනවා කියන එක (නලින්ද සිල්වාට පිස්සු හැදෙන්නෙ මේ හරිය ස්පර්ශ වෙනකොට) ඇත්තටම ලංකාවෙ අපි අත්විඳින්නෙ ඒ වගේ තත්වයක්. මට හිතෙන්නෙ අපි රටක් විදිහට ක‍්‍රිස්තියානිකරණය වෙන්න  ඕන. මොකද අපේ ආර්ථිකය, නීතිය, දේශපාලනය හැම එකක්ම ක‍්‍රිස්තියානි. ඒත් ආගම විතරක් ඒකට ප‍්‍රතිවිරුද්දයි. ඒ හින්ද දැන් අපි පටන් අරන් තියෙන්නෙ මේ නිල ආකෘති කඩකප්පල් කරන්න. ඒක අරාජිකවාදයක්.

බුද්ධාගම දෘෂ්ටියක් විදිහට ගත්තොත් ඒක මේ අත්විඳින යතාර්ථයට ප‍්‍රතිවිරුද්ද ගමනක් යෝජනා කරන්නෙ. මට හිතෙන්නෙ කොහොමත් බුද්දාගම කියන්නෙ මාස් ආගමක් නෙමෙයි. ඒක අතිශය සීමිත බෙයාර්ෆුට් ගනයේ සංස්කෘතික අවකාශයක්. බුදුන්ගේ කාලෙත් ඒ දර්ශනය ඇසුරු කළේ රජුන් සිටුවරුන් තමයි වැඩියෙන්.  ඒක මාස් වෙන්නෙ හින්දු දේව සංකල්ප වගේ දේවල් එක්ක ගැටගැහිලා. ඒත් අපිට  ඕන ලංකාවෙ තමයි පිරිසිදුම බුදු දහම තියෙන්නෙ කියන්න. ඉන්දියාවටත් වඩා බුදුන් අයිති අපිට කියන්න. මේ හීනමානය ඇතුලෙ අපිට වෙලා තියෙනවා බුදුන් නොවදාළ දහමක් බුදුන් කිව්වා කියලා අදහන්න. ඒ ආගම තමයි සිංහල බුද්දාගම.

තව පැත්තකින් මේ ආර්ථික සමාජ පැවැත්ම ඇතුලෙ බහුතරය විසින් ආශා කරන තෘප්තීන්, පරිභෝජනයන් අත් විඳින්න මේ ලාංකේය බුද්දාගම බාධාවක්. නැති වීම, අල්පේච්ඡුබව, දුක, සසර වගේ කාරණා නිසා අපි සතුට අහිමි ජාතියක් වෙලා තියෙනවා. අපිට විවෘතව හිනාවෙන්නවත් බෑ. ආශා කරන දේම බලෙන් පිළිකුල් කිරීමේ මානසික අවුල ඇතුලෙ අපි විකෘතීන් හදා ගන්නවා. මට හිතෙන්නෙ ලංකාවෙ බුද්දාගමේ නමින් මේ අපි දකින්නෙ ඒ විකෘතීන්. (උදා විදිහට මුස්ලිමුන්ට විරුද්දව වැඩි පුර ළමයි හදන බුද්දාගම)

මේ ඔක්කොම කාරණා හින්ද මට හිතෙන්නෙ අපේ වගේ රටක් ක‍්‍රිස්තියානිකරණය වෙන එක හොඳයි. ඒක එක පැත්තකින් මිනිස්සුන්ගෙ මේ පැල්ම පුරුද්දාවි. අනෙක් පැත්තෙන් ඒක ගොඩක් දියුණු වෙන්න උදව්වක් වේවි. සරල මතුපිට විදිහට බටහිර හා ඇති වෙන ආධ්‍යාත්මික සම්බන්ධතාවය හරහා ලැබෙන්න පුළුවන් වාසි ඇරුණම  පවතින යතාර්ථය හා එක`ග සිතීමක්, නැති වීම වෙනුවට ඇති වීම පැත්තට සීතීමේ අක්ෂයන් තල්ලූ වීමක් පැත්තෙන් රටක් විදිහට ලොකු සංවර්ධනයක් ඇති වේවි.

බෞද්ධ හෝ ක‍්‍රිස්තියානි මුස්ලිම් හෝ කවර සංවිධානය වූ ආගමක් වුණත් බලය ගැන කාරණාවක් මිස ආධ්‍යාත්මික මාර්ගයක් කියන එක මුළාවක්. එහෙම ඇත්ත ආධ්‍යාත්මික ගමන් වලට නිල මාර්ග සිතියම් නෑ. අපි හැමෝගෙම උප්පැන්නෙ ආගම තීරණය වෙලා තියෙන්නෙ කවර හෝ අන්‍යාගමිකකරණයක ප‍්‍රතිඵලයක් විදිහට. ඒක වඩාත් සාධනීය එකක් කර ගන්න එක ආගමක ලෞකික අර්ථය කියලයි මං හිතන්නෙ.
මං අද උදේ අපි දැනුම හෝ පර්යේෂණ විදිහට ඇදහීමෙන් බාර ගන්නා ආයතන සහ පද්ධතීන් යට දුවන ප‍්‍රාථමික ආගමික විශ්වාස ගැන කල්පනා කරගෙන යද්දි කෙළවරක් නැති අදහස් ගොඩක් ඇතුලෙ පැටළුණා. ඒත් මට කතා කරන්න  ඕන වුනේ වෙන දෙයක්. ඒ චෙන්නායි එක්ස්ප‍්‍රස් වල ටයිට්ල් ට‍්‍රැක් දිහා බලාගෙන ඉන්නකොට ආපු අදහසක්.

චෙන්නායි එක්ස්ප‍්‍රස් ෆිල්ම් එක ඉවර වෙලා ටයිට්ල් යනකොට කිංග් කාන් සහ දීපිකා පදුකෝන් තලෙයිවා කියලා සිංදුවකට රජිනිගේ ෆොටෝ එකක් ඉස්සරහ නටනවා. රජිනි නැතුව දකුණු ඉන්දියාව ගැන කරන චිත‍්‍රපටියක් සම්පූර්ණ වෙන්නෙ නෑ කියලා ඒකෙ අධ්‍යක්‍ෂ රෝහිත් ෂෙට්ටි කියනවා. බොලිවුඞ් සිනමා කර්මාන්තෙ ඇතුළට කොලිවුඩයත් දා ගැනීමේ ලාභ ගවේෂණය කියන මතුපිට කාරණය ඇරුණම ෂාරුක්ට පවා රජිනි ළ`ග දන ගහන්න වෙන සිනමා කාරණය මාව උනන්දු කළා.

රජිනිගේ ඇත්ත නම ෂිවාජිරාවෝ ගයික්වාඞ්. එයා කර්නාටක පළාතෙන් එන්නෙ. භාෂාව වෙන්නෙත් කන්නඩි. රජිනිකාන්ත් කියන්නෙ ෂිවාජිරාවෝ සිනමාවට හදපු චරිතය (ඇල්බට් පෙරේරා අමරදේව වීම සහ බොනිෆස් පෙරේරා රවීන්ද්‍ර රන්දෙනිය වීම වගේ) ඒක සෙලියුලොයිඞ් ජීවිතයක්. රජිනි කියන්නෙ දෙමළ සිනමාව වගේම කුණු කානුවෙන් ඇවිත් රජ මාළිගාවට ගොඩ වුණු චරිතයක්. එයාව මුලින්ම චිත‍්‍රපටියකට ගත්ත බාලචන්ද්‍රන් කියනවා, ‘මේ කොල්ලාගෙ ඇස් වල තියෙනවා ලොකු ගින්දරක්. කවදා හරි දෙමළ සිනමාවෙ කුනාටුවක් ඇති කරයි මූ’ කියල. දුෂ්ටයාගෙ චරිත කර කර ඉඳලා රජිනි වීරයාගෙ පැත්ත පොඩියට පටන් ගන්නවා. එයාටම ආවේණික ස්ටයිල් එක හින්ද සහ දමිළ හදවතට අමුවෙන් කතා කරන ගුණය හින්ද රජිනි දකුණු ඉන්දියාවෙ සුපර් ස්ටාර් රජිනිකාන්ත් වෙනවා.

‘එයාගෙ රසිකයන්ට රජිනිකාන්ත් කියන්නෙ දෙයියො. රජිනි සිනමා තරුවක් කියන තැනින් සංස්කෘතික ලකුණක් කියන තැනට මාරු වෙලා ඉවරයි. ඉතාම යටහත් පහත්, බස් කොන්දොස්තර කෙනෙක් වගේ පුංචි තැනකින් පටන් ගත්ත කෙනෙකුට ලෝකයේ සුප‍්‍රසිද්ධම මිනිසුන් අතර කෙනෙක් වෙන්න ලැබෙනවා කියන්නෙත් නරක දෙයක් නෙමෙයි’

රජනිගේ ජීවිත කතාව ලියන නාමන් රාමචන්ද්‍රන් ලියනවා. මට වැදගත් තැන වුනේ ඒක. සිනමා සුපිරි තරුවක් සංස්කෘතික ලකුණක් දක්වා ගොඩනැගීම. තරු වුණ ගොක් අයට බැරි වුණු දෙයක් රජිනි කරනවා. ඒ තමයි ජීවිතයට වඩා විශාල සිනමාව ඇතුලෙන් ආපහු ජීවිතය නිර්මාණය කරන එක. සාමාන්‍ය තරුවකින් වෙන්නෙ ජීවිතයට වඩා විශාල සිනමාව නිර්මාණය කරන එක විතරයි. තමන් වතුර එකක් බොන්න වීදුරුවක් ඇල්ලූවත් ඒක අනිත් අයට වඩා වෙනස් විදිහට කරන එක ඇතුලෙයි තමන්ගෙ තරු ප‍්‍රතිරූපය නිර්මාණය වුනේ කියලා ශාරුක් තැනක කියනවා. අහසට විසි කරන සිගරට් එකක් වට කීපයක් කැරකිලා එද්දි ගානට තොල් උඩ හිර කර ගන්න තැන ඉඳන් තමන් ර`ගපාන චරිතයේ හැම ඉරියව්වක්ම රජිනි කැටයම් කරනවා. ඒත් එයා ඒ විලාසිතාවට වැඩි දෙයක් නිර්මාණය කරනවා.

උදා විදිහට රජිනි කිසි චිත‍්‍රපටියක මැරෙන්නෙ නෑ. එයාට අද්භූත දේවල් කරන්න පුළුවන්. පය පොලොවෙ ගහන එකෙන් පොලොව හොල්ලන්න පුළුවන්. වෙඩි තියන බුලට් දත් වලින් අල්ලන්න පුළුවන්. ඒත් රසිකයො කවුරුවත් ප‍්‍රශ්න කරන්නෙ නෑ. ඒ රජිනි නිසා. මට හිතන්නෙ රජිනි කියන්නෙ තරුවකට වඩා චිත‍්‍රපටි ගානක් හරහා වර්ධනය වෙන ද්‍රවිඩ සුපිරි වීරයෙකුගෙ චරිතයක්. එයා සුපර් මෑන් වගේ නිර්මාණයක්. ඒක හොලිවුඞ් සුපර් හීරෝ ආකෘතියට වඩා වෙනස් සංදර්භයක්. සුපර් මෑන් කියන්නෙ ක්ලැසික් ඇමරිකානු මනසේ ආශාව කියල ගත්තොත් රජිනි කියන්නෙ දකුණු ඉන්දියානු මනසේ ආශාව. ඒක ලෞකික වීරයාගේ තැන ඉඳන් දෙවියන් දක්වා පැතිරෙනවා.

ලංකාවෙ ගත්තොත් ගාමිනී වගේ සුපර් ස්ටාර් කෙනෙක් එක්ක රජිනි වගේ කෙනෙක්ව තියලා බැලූවොත් කාරණා ගොඩක් පැහැදිලි වෙනවා. එකක් ගාමිනී එයාගෙ සුපර් ස්ටාර් චරිතෙ ඇතුලෙන් ඇත්ත ජීවිතේ කොට වහගන්න හදනවා. ඒත් රජිනි තිරය උඩ එයාගෙ සුපර් ස්ටාර් චරිතෙ නතර කරලා ගෙදර එනවා. එයා අපේ සුපර් ස්ටාර්ලා වගේ කොන්ඩ අලවන්න, විග් දාන්න ද`ගලන්නෙ නෑ. ජේත්තු ඇඳුම් අඳින්න, පත්තර වලට ඉන්ටර්විව් දෙන්න පොරකන්නෙ නෑ. කොටින්ම රජිනිගේ ඉන්ටර්විව් එකක් පත්තරේක යන්නෙත් කලාතුරකින්.

‘ඒ අයට වැදගත් වෙන්නෙ මං තිරය මත පේන්නෙ කොහොමද කියන එක විතරයි. ඒ අය හිතන්නෙ මගේ වීරයා වීරයෙක් වගේ පේන්න  ඕන. තිරෙන් එලියෙදි ඒක අදාල නෑ. මිනිස්සුන්ට මොලේ තියෙනවා. ඒ ගොල්ලො හැමදේම දන්නවා. මොකටද බොරුවට තිරය උඩ චරිතෙ වගේ වෙන්න මහන්සි වෙන්නෙ?’
රජිනි දන්නවා එයාගෙ සිනමා නිර්මාණය හා ඇත්ත ජීවිතේ අතර වෙනස. ඒ වගේම ඒ අතර සම්බන්දයත්. උදා විදිහට රජිනි වගේ දෙවියන් කොට අදහන සිනමා සුපිරි තරු නිසා දකුණු ඉන්දියාවෙ අදහස් සංවර්ධනයට, අලූත් දේශපාලන කතිකා වලට ලොකු බාධාවක් වෙනවා කියලා එහේ ඇකඩමික් අය චෝදනා කරනවා.

වෙන විදිහකින් කිව්වොත් මං කලින් කියපු ‘අන්‍යාගමිකකරණයකට’ ඉඩ නොදෙන උස තාප්පයක් විදිහට රජිනි වගේ සුපර් හීරෝස්ලා වැඩ කරනවා. තමන්ගේ අනන්‍යතාවයන් ගති ස්වභාවයන් සහ විශ්වාසයන් ගැන හීනමානී අවතක්සේරු කරන සුළු දැක්මක් වෙනුවට ඒ සැබෑව මහා ප‍්‍රතිරූපයක් තරමට විශාල කරලා පෙන්නනවා. ඒක ඉතිහාස පොත් වල ලියවුණු උරුමයක් වගේ ගල්කණුවක් නෙමෙයි. ඒ වෙනුවට රටේ ආණ්ඩුව විසින් පවා නොතකා හරින දුක් විඳින ජනතාවගේ උරුමය. අලූත් අදහස් හෝ සිතීම් වලට සිද්ද වෙනවා මේ යතාර්ථයට එක`ගව තමන්ගේ දැනුම හසුරුවන්න. වෙන විදිහකින් කිව්වොත් ඒ දැනුම ඉන්දියානුකරණය කරන්න.

‘සිනමා දේශපාලනය කියන්නෙ තරු කැරිස්මාවක් ඇති කර ගත් අය ඡුන්දෙ ඉල්ලන්න එන එකවත් දේශපාලන පක්ෂ අදහස් කියන්න සිනමාව පාවිච්චි කරන එකවත් නෙමෙයි. ඒක ඇත්තටම එක්තරා සුවිශේෂ තැනකදි දකුණු ඉන්දියාවෙ ඇති වුණු වෙනස් දේශපාලන මැදිහත් වීමක්. ඒක වුණේ ඉන්දියානු ජාතිකවාදී මතයෙන් ඒ සමාජ සංකේතක‍්‍රමයේ යම් යම් ප‍්‍රදේශ ආමන්ත‍්‍රණය කරන්න බැරි වීම ඇතුලෙ. එක් එක් නිශ්චිත නොවන හේතු සමුදායක් හින්ද මුලදි විනෝදාස්වාදී මාර්ගයක් වුණු සිනමාව ලොකු දේශපාලන ආයෝජනයක් දක්වා තල්ලූ වුණා. පේ‍්‍රක්‍ෂාගාරයන් තිරය මතින් නැගෙන වීරයන් සහ ඔවුන්ගේ ප‍්‍රකාශන නායකත්වයක් හැටියට බාර ගත්තා වගේම ඒ නායකත්වයන් වටා රසික සමාජ ඇතිවෙමින් ඒ තරු දැවැන්ත දේශපාලන චරිත දක්වා ඔසවනු ලැබුවා’
-මාධව ප‍්‍රසාද්
(හින්දි චිත‍්‍රපටියේ මතවාදය)

අනෙක් පැත්තෙන් වෙන ආගමික සංස්කෘතික න්‍යාය පත‍්‍රයන් සහිත දැනුමකට වහල් වීමට වඩා ගැඹුරු තැනකින් සම්බන්ධ වීමක් රජිනි යෝජනා කරනවා. ඒක භක්තිය මූලික සම්බන්ධයක්. දේවත්වය තරම්ම අවංක සහ පිරිසිදු එකක්. එක පැත්තකින් රජිනි කියන්නෙ දකුණු ඉන්දියානු මහා රසික ජනතාවකගේ දේව අවතාරයක් වෙද්දි අනෙක් පැත්තෙන් ඒක ෂිවාජිරාවෝගෙත් දේවාලය වෙනවා.

‘ඔයා දේශපාලනයට එනවා නම් ඔයාට සිද්ද වෙනවා කැප කිරීම් කරන්න. ඔයාට බෑ අවංක වෙන්න, පිරිසිදු වෙන්න. ඔයාට අමාරු වෙනවා හොඳ කෙනෙක් විදිහට ඉන්න හෝ ප‍්‍රතිපත්ති රකින්න. කවදාවත් එක්කෙනෙකුට බෑ දේශපාලනයේ හැටි වෙනස් කරන්න. බි‍්‍රතාන්‍ය පාලනය දැන් ඉවරයි කියල හිතුවට තාමත් පාලනය වෙන්නෙ ඒකෙන්ම තමයි. මුලූ පද්ධතියම වෙනස් වෙන්නෙ නැතුව දේශපාලනයේ විනිවිදභාවයක් ගැන කතා කරලා තේරුමක් නෑ. නිලධාරිවාදය තියෙනකල්ම රතු පටිවාදයත් තියේවි. දූෂණයත් වැඩි වේවි.
මගේ පාර ආධ්‍යාත්මික මාර්ගයක්. ර`ගපෑම කියන්නෙ මගේ වෘත්තිය’
-රජිනි කාන්ත්

ඒ වගකීම සහ අවබෝධය ඇතුලෙ රජිනි වගේ අය ඒ නූගත් හැ`ගීම්බර මහා ජනකායට දෙන නායකත්වය හෝ බලාපොරොත්තුව දැනුමක්, විෂයක්, විනයක් ඇතුලෙ දෙන්න පුළුවන් කියලා මං හිතන්නෙ නෑ. ඒ සම්බන්ධය ඒ තරම්ම හෘදයාංගමයි. දැඩියි. බද්ධයි.

රජිනි ලංකාවෙ දෙමළ ජනතාව අත්විඳින ප‍්‍රශ්නයටත් මැදිහත් වුණා. අපේ රතුපස්වල වගේ ජනතාව පෙළන දේශපාලන අර්බුද වලට කෙලින්ම මැදිහත් වෙන්න රජිනි තමන්ගේ ජනප‍්‍රසාදය පාවිච්චි කරනවා. ඒක රන්ජන් රාමනායක කරනවා වගේ මීඩියා ෂෝ එකක් නෙමෙයි. ඒක කෙලින්ම තමන් අයිති ජනතාව එක්ක සම්බන්ධ මේක්අප් නැති සීරියස් තැනක්.

ලංකාවෙ දෙමළ මිනිස්සුන්ගෙ ප‍්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වුණු නිසා ලංකාවෙ මාධ්‍ය රජිනිගේ චිත‍්‍රපටි පෙන්නන්න තහනම් කලා. කොටින්ම මං කරමින් හිටපු කල්ට් ටීවී ප්‍රෝග‍්‍රෑම් එකේ පවා රජිනි තහනම් මාතෘකාවක් වුණා. අපි කරන්නෙ ඒ වගේ විහිළු.

රජිනිව නිර්මාණය කළේ එයා ර`ගපාපු චිත‍්‍රපටි වලින් වුණත් ඒ පිටපත් හෝ අධ්‍යක්‍ෂවරු අතින් නෙමෙයි කියලයි මං කියන්නෙ. කතාව දෙබස් තිර රචනය වෙනස් වුණත් චිත‍්‍රපටියෙන් චිත‍්‍රපටියට එක දිගට දිවෙන සුපර් ස්ටාර් රජිනි කාන්ත් ඒ සුපිරි නළුවා අතින්ම නිර්මාණය වෙන තනි කෘතියක්.
‘හැම අලූත් චිත‍්‍රපටියකදිම රසිකයෝ රජිනිගේ අලූත් දෙයක් බලාපොරොත්තු වෙනවා. මට තියෙන අභියෝගය ඒකයි’ - රජිනි
පිටපත් මතින් ඒ කතා රාමු ඇතුලෙ රජිනිගේ කොටස නිර්මාණය වෙන්නෙ රජිනිගේ අතින්. ඒක රජිනිගේ සිනමාව.
‘ඒක වෙනස් වෙන්න  ඕන. බණ කියන හෝ සම්භාව්‍ය නෙමෙයි. ආර්ටි හෝ අවෝර්ඞ් වර්ගයේ නෙමෙයි. ඒත් හොඳ ගුණාත්මක රස වින්දනයක්. බාල දෙයක් නෙමෙයි’

රජිනි තමන්ගේ ආර්ට් එක දකින්නෙ ඒ විදිහට. ඒ ආර්ට් එක ඇතුලෙ ඇත්තට දුක් විඳින මහා ජනතාවකගේ සතුට විනෝදය වගේම බලාපොරොත්තුවත් සදාචාරයත් ආරක්‍ෂා කරන්න රජිනි කැපවෙනවා. ඒ දෙබස් වලින්, රජිනි ටෝක්ස් වලින් නීතියක් පාලනයක් රහිත මහා ජන සන්නිපාතයක ආචාර ධර්මයක් සළකුණු කරනවා.

‘දෙවියන් කියනවා. අරුනාචලම් කීකරු වෙනවා’

මේ භක්තිය ඇතළෙ හින්දු දේව මිත්‍යා කතා සහ තවත් බොහෝ දේ රජිනිගේ චරිතය වටා ජනතාව විසින් නිර්මාණය කර ගන්නවා. එතකොට ඒ ජන සංස්කෘතියෙ කොටසක් වෙන රජිනි සුපරි තරුවක් කියන තැනින් සංස්කෘතික සළකුනක් කියන තැන දක්වා විශාල වෙනවා. ගොඩක් දැනුම කියන පල්ලියේ ඇදහිලිවන්තයන්ට රජිනි ප‍්‍රතිගාමී ප‍්‍රතිරූපයක් වෙන්නෙ එතනදි. හදවතින් සම්බන්ධ වීරයා අත්හරින්නට ඔලූවෙන් සම්බන්ධ උගතුන්ට දකුණු ඉන්දියාවෙ ඉඩක් නැති එක. මං කියන විදිහට නම් දැනුමට වඩා විශාල ජීවිතයක් ඒ මිනිස්සුන්ට තියෙන එක.

දකුණු ඉන්දියාවට එද්දි ඒ කෝවිලට ගිහින් එන්න රෝහිත් ෂෙට්ටිට සිද්ද වෙන්නෙ ඒකයි. ගොඩක් දෙනෙක් රජිනි ජැකී චෑන් හා සමාන කරන්න හැදුවත් මට හිතෙන්නෙ රජිනි කියන්නෙ පුද්ගලයෙකුට වඩා සිනමාවට අයිති දෙයක්. ෂිවාජිරාවෝ නැති වුණත් සිනමාවෙ නැති නොවෙන කන්සෙප්ට් එකක්.

වැදගත්ම දේ රජිනිට ඒ ගැන අවබෝධයක් තියෙන එක. මහා පේ‍්‍රක්‍ෂාගාරයක ඔල්වරසන් මැද්දෙ අභිමානයෙන් පිම්බෙනවා වෙනුවට හැම චිත‍්‍රපටියක් අවසානයේදීම හිමාලයේ වනබඩ ගම්මානයක හුදකලා වෙමින් රජිනි යලි සැබෑ තමන්ව අත්පත් කර ගන්න වෙහෙසෙන්නෙ ඒ හින්ද.

කොහොමත් අන්‍යාගමික අපිට නැවත නැවත අන්‍යාගමිකකරණය වෙන්න සිද්ද වෙන්නෙ අපේ සංස්කෘතිය ඇතුලෙ ඇත්ත මුල් සහ අපේ පැවැත්ම ගැටගහන ඒ වගේ සජීවී නිර්මාණ නැති හින්ද. අනිත් පැත්තට ඒ වගේ සජීවී නිර්මාණයක් කරන්න සහ විඳින්න තරමට අපි සජීවී නැති හින්ද. අවාසනාවකට වුණත් කියන්න වෙන්නෙ අපේ සංස්කෘතිය වඳයි. ගල්කණු කෙළින් කරනවා ඇරුණම ජීවත් වෙන සංස්කෘතික ප‍්‍රකාශන නිර්මාණ උප්පද්දන්න අපේ සංස්කෘතියට බැරි වෙලා තියෙනවා.

-චින්තන ධර්මදාස

Saturday, August 24, 2013

EX- ALIEN ට බයද?

දීප්ති දැන් වයසට යමින් ඉන්නවා කියලා මං පහුගිය ලිපියකදි කියපු කතාවකට දීප්තිලාගේ පක්ෂයේ කට්ටිය උත්තරයක් දීලා තිබ්බා. ඒක මගේ අදහස් සාකච්ඡවට අදාල නැති වෙනම පිට්ටනියක ගහන මැච් එකක් හින්දා හුදු පේ‍්‍රක්‍ෂකයෙක් විතරක් වෙන්න මං තීරණේ කළා. ඒත් ඒක හොඳ උත්සාහයක්. මඩ කියන එක ලංකාවෙ ගොඩක් වෙලාවට නෙගටිව් දෙයක් වගේ පෙණුනත් මට හිතෙන්නෙ ඒක පොසිටිව් දෙයක් විදිහට.

මොකද මඩකින් ඝාතනය කරන්නෙ (හෝ ට‍්‍රයි කරන්නෙ) කෙනෙකුගේ චරිතය. පේ‍්‍රමදාස කුලකයේ සිතන්නෙක් නොවෙන හින්ද මට මගේ චරිතය ඝාතනය වෙන එක අවුලක් හැටියට පේන්නෙ නෑ. චරිත පස්සෙ ගල් වෙලා ප‍්‍රතිරූප වෙලා කුණු වෙන්න පටන් ගන්නවා (ලංකාවෙ අපි  ඕන කරම් මේ අත්දැකීම අත්විඳලා තියෙනවා). සහ එහෙම චරිතයක් නිර්මාණය වෙන්න ඉඩ නොතියන එක සමාජය පැත්තෙන් වගේම ඒ චරිතයට ගැටගැහුණු පුද්ගලයාගෙ පැත්තෙන් ලොකු උදව්වක්. මං කියන්නෙ අදහසක් විතරයි. අදහස් මරන්න බෑ. ඒවා පුද්ගලයෙකුට වඩා ලොකුයි. ඒක වියමනක්. චරිත එක්ක අදහස් ගැටගහන එකෙන් වෙන්නෙ ඒ වියමන නිකංම මකුළුදැලක් කරන එක. ඒක හින්ද චරිත ඝාතනය හොඳයි. මඩ කියන්නෙ ආර්ට් එකක්. ඒක කොයිතරං ක‍්‍රියේටිව්ද සහ දැනෙන සුළුද කියන එක වෙනම කාරණයක්.

ඒක පෙර සටහනක් විදිහට තියාගෙන මං මගේ මාතෘකාව ඇතුළට හැරෙන්නං. ඉන්ටර්නෙට් එකේ පහුගිය මාසයක් දෙකක් ඇතුලෙ වැඩිපුරම ආසාදනයක් ඇති කරපු පෝස්ට් එකක්- එක්ස්- ඒලියන් කියන තත්වය ගැන. මේක සිංදුවක් හෝ වෙන ආකෘතියක් විදිහට අඳුන්නලා දෙනවට වඩා මේක තත්වයක් විදිහට කියවන එකයි වෙන්න  ඕන මං හිතන්නෙ. එක පැත්තකින් ඒ නිර්මාණය විසින් ආර්ට් ඇතුලෙ යෝජනා කරන (ප‍්‍රශ්න කරන) තත්ත්ව ගණනාවක් සහ ඒ හින්ද නොදැනුවත්ව  අකමැත්තෙන් සමාජය ඇතුලෙ එක`ග වුණු තත්ව ගණනාවක් එක්කයි මට මේධානිගේ වැඬේ පේන්නෙ. තවත් පැත්තකින් මේධානි ජෑසි ඩසල්හාඩෝ දක්වා වෙනස් වීම කියන්නෙත් මං හිතන්නෙ කේස් ස්ටඞී එකක්. ලංකාවෙ මේ සමාජ- මානසික කලාප අධ්‍යනය කරන ඇකඩමිකයෝ මේ වගේ ලොකු හරස්තල ගානක් හරහා කැපුම පෙන්නන සිද්ධි නොදැක්කා වගේ මගඅරින එක මට හිතා ගන්න බෑ.

‘ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලොන්ගෙ පවුල් ඇතුලෙ ඊට වඩා ලොකු ප‍්‍රශ්න ඇති’ මගේ යාලූවෙක් ඒකට උත්තර දුන්නා.

මුලින්ම කියන්න  ඕන මේධානිගේ වැඬේ මියුසික් ජොන්රා එකක් ඇතුලෙ හෝ ගායන විලාසයක් ඇතුලෙ හොයන්න යන එක ඇනගන්න තැනක්. භාතිය ජයකොඩි ගෙන් මේ ගැන ඇහුවම එයා මේවා ඉතින් පවතින වැඩ නෙමෙයි කියල හෑල්ලූ කරන්නෙත් සංතුෂ්ද කොහෙද පැනලා සිංදුව හදපු කෙනාටමත් මේ ගැන තේරුමක් නෑ එයා හැංගෙනවා කියලා විහිළු කරන්නෙත් මේ ඇනගැනීමේ විද්‍යාමාන සංකේත විදිහට. සංගීතයේ ප‍්‍රස්තාර වලින් එලියෙ සමාජ තන්තු එක්ක ගැටගැහෙන තැන් ගැන අල්පමාත‍්‍ර දැනුමක් නැති මේ වගේ සිංදු කියන අයට ‘නවමු සංගීතයේ පියා’ වගේ නම් කියන මාධ්‍යකරුවන්ගෙ දැනුම සහ දෙකට නැමීම කියන දෙකම එකපාර කියවෙනවා මං හිතන්නෙ. 

මේධානිගේ නිර්මාණය මියුසික් වලින් එලියෙ කලාප ගණනාවක් එක්ක ගැටගැහෙනවා. එයාම කියන විදිහට මේක එයාගෙ ඉස්සරහට ලියවෙන ෆැන්ටසි නවකතා පෙළක ආරම්භයක්. එයාගෙ නිර්මාණ ලෝකය සළකුණු කරන එක ප‍්‍රකාශනයක්. අත්හැර දැමූ ඒලියන් පෙම්වතා ගැන දුක් වෙන තරුණියක් සහ සමාන්තර ලෝකයක එකට විරහව බෙදා හදා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක් මේධානිගේ කතාවෙ ප‍්‍රධාන චරිත වෙනවා. ඒක එයාගෙ පරිකල්පිත ලෝකය. 

එක්ස් ඒලියන් සංගීතමය ප‍්‍රකාශනය ඇතුලෙ එයා අසා රසවිඳින්න තියෙන සංගීතය යෝජනා කරනවා කියල මං හිතන්නෙ නෑ. ගායකයෙක් කියන්නෙ උගුරෙ කඩයක් දාගෙන බඩු විකුණන වෙළෙන්දෙක් කියලා අජිත් කුමාරසිරි කියනවා. ඒ කඬේ වෙන වෙන අයගෙ බඩු විකුණලා කීයක් හරි ලාබ ගන්න දෙකයි පණහෙ රිංග් ටෝන් වෙළෙන්දොයි වැඩි. ඒ මදිවට ඒ අය මියුසික් ඇතුලේ ආර්ට් ගැනත් කතා කරන එකයි ඉවසන්න හිතට අමාරු.

සංගීතය තමන්ගේ ජීවිතයේ ප‍්‍රකාශනයක් විදිහට යොදා ගන්න තැනදි විතරයි සංගීතය ආර්ට් එකක් විදිහට කතා කරන්න පුළුවන්. අනිත් හැම තැනකදිම අපිට කතා කරන්න වෙන්නෙ සංසන්දනාත්මක ශිල්පීය කාරණා. මේධානි කියන්නෙ තමන්ගේ ජීවිතය. ඒක වෙන කිසිම දෙයක් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ තරමටම ඒ ජීවිතය පරාරෝපිතයි. තමන් අත්විඳින පරාරෝපණය ගැන මේ තරම් ක්ලැසිකල් ප‍්‍රකාශනයක් මං කවදාවත් අවුරුදු පහළොවක කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වුණේ නෑ.

මේ සිංදුව වැඩිපුරම අහන්න අමාරු වුණේ ලංකාවෙ ඉංග‍්‍රීසි කතා කරන පංතියට. ඒක හරි පැහැදිලි තත්වයක්. එතනදි මූලික හේතුව වුනේ මේධානිගේ ඇක්සන්ට් එක. එක පැත්තකින් පොඩි කාලෙකට රට ගිහින් එන ලාංකිකයන්ට වැළඳෙන ඇක්සන්ට් රෝගී තත්වයක් විදිහට එකපාරටම එන හැ`ගීම. අනිත් පැත්තෙන් ඒ නිසා තමන් තුල ඇති හීනමානය ස්පර්ශ වීම. මේ කාරණා දෙකම හින්ද ලංකාවෙ ඉංග‍්‍රීසි කතා කරන පංතිය දෙපාරක් මේධානි දිහා බැලූවෙ නෑ. ඇත්තටම එයාව සීරියස් විදිහට ගත්තෙ ලංකාවෙ සිංහල කතා කරන පංතිය. (ඒ කතාවට පස්සෙ එන්නං)

මේධානි කවදාවත් විදේශගත නොවුණු වග එයා කියනවා. ඒ වගේම එයා ඇමරිකන් ඇක්සන්ට් එකට ගොඩක් ආස වගත් කියනවා. මේ කතාව ඇතුලෙදි පේන අමුතු දෙයක් තමයි මේධානි මේ බටහිර දිහා පිට ඉඳන් බලන බැල්ම. ලියනකොට ටිකක් පැටළිලි සහගත වෙන්න පුළුවන්. එහෙම වුනොත් දෙපාරක් කියවන්න. 

මේධානි බටහිර ආකෘතියෙන් තමන්ගේ ප‍්‍රකාශනය කළත් එයාට බටහිර ගැන කිසිම ඓන්ද්‍රිය අත්දැකීමක් (ෆස්ට් හෑන්ඞ් එක්ස්පීරියන්ස් එකක්) නෑ. මට හිතෙන විදිහට බටහිර ජීවත් වෙන කිට්ටු යාලූවෙක් වත් නෑ. මේ නිසා වෙන්නෙ මේධානිට බටහිර කියන එකම පරිකල්පිත යතාර්ථයක් වෙන එක. ඒ කියන්නෙ එයාට බටහිර විදිහට පේන්නෙ එයාගෙ මනසේ නිර්මාණයක්. පරාරෝපණයක්. මං හිතන්නෙ තුන්වෙනි ලෝකෙ රටවල් ගානකට අදාල වෙන යතාර්ථයක් මේක. අපි බටහිර කියලා කියවමින් ඉන්නෙ ඇත්තටම මොකක්ද?
 ඕනම රටක ආර්ට් එකක් හැදෙන්නෙ ඒ රටේ සංදර්භය එක්ක ගැටගැහීමක් ඇතුව. උදා විදිහට හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා පවා මේ කන්ටෙක්ස්ට් එක දරනවා. ඒත් අපි ඒ ආර්ට් දිහා බලනකොට අපිට ඒ කන්ටෙක්ස්ට් එක (සංදර්භය) අහිමියි. එතකොට අපි ඒ ආර්ට් එක යතාර්ථයක් විදිහට බාර ගන්නවා. හරියට බටහිර චිත‍්‍රපටියකින් බටහිර ජීවිතය තේරුම් ගන්න යනවා වගේ. එක්ස් කණ්ඩායමේ චිත‍්‍රපටි විග‍්‍රහයන් කියවන කෙනෙකුට මේ තත්වය හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අපි නොදැනුවත්වම මුහුණදෙන සහ අපිව නොදැනුවත්වම රෝගී කරන ගැඹුරු පරාරෝපිත තත්වයක්. අපි අපේ ඉමැජිනරි බටහිරක ජීවත් වෙනවා සහ ඒ බටහිරෙන් අපේ ඇත්ත ප‍්‍රශ්න තේරුම් ගන්න උත්සාහ කරනවා. යුරෝපියානු සිනමා උළෙල සඳහා නිර්මාණය වෙන අපේ ආර්ට් චිත‍්‍රපටි බලන්න.

මේධානි නිර්මාණය වෙන්නෙ මේ පරිකල්පිත යතාර්ථයන් අතරෙ. එයාට ඇමරිකානු ඇක්සන්ට් එක ස්වභාවික දෙයක් විදිහට පේන්නෙ නෑ. උදා ගත්තොත් අපේ මාතර හරි මොණරාගල හරි ඇක්සන්ට් එකේ වෙනස හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඒක ඒ සංදර්භයේ කෑල්ලක්. ඒත් මේධානිට ඇමරිකානු ඇක්සන්ට් එක නිර්මිත දෙයක්. එයා ලංකාවෙ අනිත් අය කරනවා වගේ ඒක කොපි කරන්නෙ නෑ. ඒ එයා ජීවත් වෙන පරිකල්පිත- පරාරෝපිත යතාර්ථය ගැන එයාට හීනමානයක් නැති හින්ද. ඒ වෙනුවට එයා ඇක්සන්ට් එකක් නිර්මාණය කරනවා. ඒක ඒලියන් ඇක්සන්ට් එකක්. 

මේධානිගෙ අදහස් විශ්වය බටහිර පොප් ආර්ට් ඇසුරෙන් නිර්මාණය වුණු එකක් වග තේරුම් ගන්න අමාරු නෑ. හැබැයි ඒ ගැන එයාගෙ තේරුම් ගැනීම අපි හිතනවට වඩා සංකීර්ණ තැනක් යෝජනා කරනවා. එයා කියන්නෙ එයා යනු ඒ පරිකල්පනයේ කොටසක් කියල. ඇත්තට එයා ජීවත් වෙන්නෙ ඒ පරිකල්පිත යතාර්ථය ඇතුලෙ. සහ වැදගත්ම දේ වෙන්නෙ ඒකට සංදර්භයක් නෑ.

ආර්ට් වලින් නිර්මාණය වුණු යතාර්ථයක් සහ ඒ යතාර්ථය විසින් නැවත නිර්මාණය කරන ආර්ට් එකක් යනු තමන්ගේ වෑයමයි කියලා මේධානි කියන්නෙ මේ ගැඹුරු කතාව. 

ඒලියන් පෙම්වතෙක් සමග බීඑම්ඩබ්ලිව් එකකින් බහින්න කැමති මේ රොමාන්තිකය රෙබෙකා බ්ලැක් එක්ක පටළවන එක ඇත්තටම මේ නිර්මාණය හෑල්ලූ කිරීමක්. ජස්ටින් බීබර් යූ ටියුබ් එකෙන් ජනප‍්‍රිය වුණාට පස්සෙ ඒ වාසනාව තමන්ගේ දරුවන්ගෙනුත් උරගා බලන්න ගිය සුවහසක් බටහිර දෙමව්පියන් අතර තවත් එක ගොදුරක් විතරයි රෙබෙකා බ්ලැක් කියන්නෙ. ජස්ටින් බීබර්ට සිංදු කියන්න බැරි වුණත් එයාගෙ ඇපියරන්ස් එක ටීනේජ් වයසෙ සෙක්ස් ඇපීල් එකක් වුණා. සිංදුව බල්ලට දාලා උන් බීබර්ගෙ විෂුවල් එක දිහා බලන් හිටියා. ඒක මියුසික් හෝ ලිරික්ස් උඩ තීන්දු වුණු තත්වයක් නෙමෙයි. රෙබෙකා බ්ලැක් කියන්නෙ ඒකෙ ෆීමේල් වර්ෂන් එක. රූපෙ ලස්සන සහ අසාමාන්‍ය මෝඩකම ඇරුණම රෙබෙකා ජනප‍්‍රිය වෙන කිසි කාරණයක් තිබුණෙ නෑ.

‘ලෝකෙට  ඕන බෝනික්කො වගේ ලස්සන මෝඩ ගෑණු’ - ගැට්ස්බි ෆිල්ම් එකේ ඬේසි කියනවා.

සිකුරාදා උදේ හතයි
නැගිටින්න  ඕන
පල්ලෙහාට යන්න  ඕන
මගේ බෝල් එක ගන්න  ඕන 
සීරියල් කන්න  ඕන

ඔන්න ඔය වගේ පද ටිකක් තමයි රෙබෙකා කියල ජනප‍්‍රිය වුනේ. මියුසික් පැත්තෙන් ගත්තත් ලෝකෙ බිහිවුණු ජහජරාම සිංදුව විදිහටයි රෙබෙකාගේ මේ ගීතය නම් වුණේ. ඒත් මේධානිගේ නිර්මාණය ඊට වඩා ගොඩක් ගැඹුරු තැනක් සටහන් කරනවා කියන එකයි මගේ අදහස.

මේධානි ගායනා කරන්න උත්සාහ ගන්නෙ බටහිර ගැන එයාගෙ තියෙන ඒලියන් පේ‍්‍රමය. ඒක කවදාවත් අත්පත් කර ගන්න නොලැබෙන සමාන්තර ලෝකයක ජීවත් වෙන පේ‍්‍රමයක්. ඒ නොලැබීමේ, සම්පූර්ණ නොවීමේ, එහෙම නැත්තං අහිමි වීමේ වේදනාව තමයි එයාගෙ ගීතයට ප‍්‍රස්තුතය වෙන්නෙ. එයා මේධානි දේශප‍්‍රිය කියන තැනින් ජෑසි ඩසල්හාඩෝ දක්වා වෙනස් වීම ඇතුලෙ, මේ ආගන්තුක ලෝකය ඇතුලෙ එයාගෙ ආදරය කියන්න උත්සාහ කරනවා.

මෙතනදි මේධානි පාවිච්චි කරන ඉංග‍්‍රීසි යෙදුම් වුණත් සාමාන්‍ය ඉංග‍්‍රීසියෙන් ලියන කෙනෙක් පාවිච්චි කරන යෙදුම් නෙමෙයි. එක්ස් ඒලියන් ගැන එයාගෙ ආදරය එයා කියන්නෙ එක්සොල්ටේෂන් එක්ක විදිහට. ඒ කියන්නෙ දෙවියන් හා එක්වන, දෙවියන් කරා ගමන් කරන මාවතක් විදිහට. මේ පරාරෝපණය හා එක්වීම දිව්‍යමය ආධ්‍යාත්මික අත්දැකීමක් වෙනවා.  

තමන්ගේ ජීවිතය නිර්මාණය කරන ලද ලෝකය පිළිබඳ තමන්ගේ අත්දැකීම කියද්දිත් එයා පාවිච්චි කරන්නෙ  නොපැවතුණු සංගීතයක්. ඒක කර්ණ රසායන, සුගම, මධුර එකක් නෙමෙයි. ඒක පරාරෝපිත සද්ද වැලක්. පරාරෝපිත වේදනා සහ ප‍්‍රමෝදයන් ගොන්නක්. ඒක අසා රසවිඳිනවට වඩා ගොඩක් ගැඹුරු සාවධාන වීමක් ඉල්ලා සිටින සංගීතයක් කියල මට හිතෙන්නෙ ඒකයි.

මේ පෝස්ට් එක 15000ක් විතර වුණු නරඹන්නන් ගණනක ඉඳන් එක දවසක් තුල ලක්ෂයක නරඹන්නන් පිරිසක් දක්වා ඉහල යනවා. කුප‍්‍රකටම ගීතය කියලා ෆේස් බුක් පිටුවෙන් පිටුවට ෂෙයාර් වෙනවා. ඒකට තවත් කවර්ස් හැදෙනවා. ඒ වටේට ජෝක්ස් හැදෙනවා. සම්පූර්ණ සයිබර් යතාර්ථයක් එක්ස්- ඒලියන් වටේ ගොඩනැගෙන්නෙ නොදැනුවත්වම. 

මේ සිංදුවට හදපු ජෝක් සිංදු සහ කමෙන්ට්ස් ගොඩක් එක දිශාවකට හැරෙන වග පැහැදිලියි. ඒ මේධානි විසින් යෝජනා කරන පරාරෝපණයෙම ප‍්‍රතිවිරුද්ද අත. කුඹුරෙ වල් අලි එලවන්න, ගුරුන්නාන්සෙට යක්කු එළවන්න මේ සිංදුව පාවිච්චි කරන ජෝක් කිරීම ඇතුලෙ නැවත මේ පරාරෝපිත විශ්වය තමන් නතු කර ගැනීමේ (අඩංගු කර ගැනීමේ) උත්සාහය කැපිලා පේනවා. ඒක හරියටම කුඹුරක් දිගේ දුවපු ඒලියන් ලා ගැන මීට අවුරුදු කීපයකට කලින් පත්තර වල පළවුණු ප‍්‍රවෘත්ති මතක් කරනවා. (ජයන්ත චන්ද්‍රසිරිගේ රැජිණ, සිරිමල්ගේ පිටසක්වල කුමාරයා)

මේධානි බලාපොරොත්තු නොවුණු අතට වුණත් එයාගෙ පරාරෝපිත විශ්වය විසින් ලංකාවෙ සමාජය තියුණු විදිහට ආසාදනය කරලා තියෙනවා. ඉංග‍්‍රීසි කතා කරන පිරිස වෙත යොමු වුණු මේ නිර්මාණයේ තොප්පිය ඒක අදාල නියම පංතියම උදුරාගෙන ලා ගැනීමෙන් පේන්නෙ මේ පරාරෝපිත අදහස් විශ්වයේ ගතිකයන් කියලයි මං හිතන්නෙ.

මීට අමතරව වයිරල් ප‍්‍රචාරණය ගැනත් මින් පෙර අත් නොදුටු තත්වයන් ගානක් එක්ස් ඒලියන් හරහා විවෘත වුනා. එකක් කමෙන්ට් සංස්කෘතියෙ ඇති වුණු නිර්මාණාත්මක වෙනස්කම්. කමෙන්ට් ගාන දිග වැඩි වෙන්න වැඩිවෙන්න කමෙන්ට් බලන්න පහළ බහින නඬේට සිද්ධාලේප විකුනන අයත් ආවා. තුන්සරනේ කවි කියන කට්ටිය බිහිවුණා. තේ කෝපි දන්සැල් දැම්මා. 

ඒ වගේම බරපතල අකමැත්ත තුල ඇති අවිඥාණක කැමැත්ත පෙන්නන හොඳම වයිරල් උදාහරණය කියන්න තරමට එක්ස් ඒලියන් ජනප‍්‍රිය වුණා. ෆේස් බුක් එකේ හැමෝම දන්න දන්න විදිහට මේ ඒලියන් ඇටෑක් එකට විරුද්දව සටන් වැදුන. සමහරු යටත් වුණා.

දැන් එක්ස් ඒලියන් ෆැන්ටසිය ඇතුලෙන් මං දකින ෆැන්ටසියට ඇතුල් වෙන්නම්. ආර්ට් වලින් නිර්මාණය වුණු යතාර්ථයක් සහ ඒ යතාර්ථයෙන් යළි නිර්මාණය වෙන ආර්ට් එකක්. මේධානි ගේ අදහස් අරගලය තියෙන්නෙ එතන. ඒ අරගලය ෆැන්ටසියක් නොවෙන්නෙ මේධානි දැනටමත් ජීවත් වෙන්නෙ ඒ යතාර්ථය ඇතුලෙ හින්ද. එතකොට මට දැනෙන බරපතල ප‍්‍රශ්නය එනවා. මේ පරාරෝපිත අවකාශයක් ඇතුලෙ යලිත් තමන්ව ප‍්‍රති නිර්මාණය කර ගන්න වෙහෙසෙන තැන දක්වා මේ අවුරුදු පහළොවක දැරිය ගමන් කරවූ සංදර්භය මොකක්ද? ඒ තරමට අවට ඇත්ත යතාර්ථය මේධානිගෙන් ඈත් වුණේ කොහොමද? එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා අපේ ඊළ`ග පරම්පරාවන් සැබෑ ජීවිතය වෙනුවට සයිබර් ජීවිත තෝරා ගනිමින් ඉන්නවද? ඔවුන් ශරීරය අත් හරිමින් ඉන්නවද?

මේ ප‍්‍රශ්නෙ සාම්ප‍්‍රදායික සීමාවල් ඇතුලෙ වර නැගෙන්නෙ නෙගටිව් දෙයක් විදිහට. යතාර්ථයෙන් පලා යාම වෙනුවට වෙනස් ආත්මීය යතාර්ථයන් නිර්මාණය කර ගැනීම සහ ඒවා එකිනෙකා අතර බෙදා හදා ගැනීමේ කලාපයකට අපි අවතීර්ණ වෙමින් ඉන්නවා. අපේ පරිකල්පන ලෝකයන් ඇතුලෙ අපි යලිත් අපිව නිර්මාණය කොට මුදා හරිනවා. හරියට ඇනිමි චිත‍්‍රපටියක වගේ. ඒ සයිබර් යතාර්ථය හා පක්ෂව හෝ විපක්ෂව ගැටෙන හැම දෙයක්ම ඒක වඩාත් පළල් යතාර්ථයක් කරන්න උදව් වෙනවා විතරයි.

මේධානි මේ කන්ටෙක්ස්ට් එක අත්හැර දැමීම හෝ පරාරෝපණය දකින්නෙ නෙගටිව් දෙයක් විදිහට නෙමෙයි. එයාට ඒක තමයි ඊළ`ග විප්ලවය වෙන්නෙ. ඒ පරාරෝපිත යතාර්ථය ප‍්‍රවර්ග කිරීමටත් ඒ වෙනුවෙන් තමන්ගේ කන්ටෙක්ස්ට් එක තුල පැවැත්ම අහෝසි කිරීමටත් එයා සූදානම්. මේධානි දේශප‍්‍රිය ජෑසි ඩැසල්හාඩෝ වෙන්නෙ ඒ විදිහට. බටහිර රටකදී මේක පරිකල්පිත යතාර්ථයක් විතරක් වෙන්න පුළුවන් වුණත් තුන් වෙනි ලෝකෙ රටකදි ඒක පරාරෝපිත යතාර්ථයක් වෙන එක අනිවාර්යයක්. ඒත් තමන්ගේ සංකේතීය විශ්වය බාර ගැනීම සහ ඒක නිර්මාණාත්මකව යලි ගොඩනැගීම කියන සවිඥාණක කාරණය පැත්තෙන් මේධානි කියන්නෙ මට පුදුමයක්. 

එයා යෝජනා කරන්නෙ අනාගතයට බාර පර්යේෂණයක්.

-චින්තන ධර්මදාස (ඉස්තෙපාන් එක්ක කතාවට පස්සෙ)

Sunday, August 18, 2013

වල්මත් බවේ කුල්මත් වෙන්න.

ආයිමත් මුස්පේන්තු කාලයක්. වතුර ඉල්ලං පාරට බහින මිනිස්සුන්ට වෙඩි තියල දානවා, රාමසාන් වලට පහුවෙනිදා පල්ලියක් කුඩු පට්ටම් කරනවා, හරක් මරනවට විරුද්දව හාමුදුරුවරු ගිනි තියා ගන්නවා, දයාසිරි ආණ්ඩුවට පනිනවා, සිගරට් අරක්කු තව ගනං යනවා, මිනිස්සුන්ට අතේ සතේ නැති වෙනවා, බිස්නස් අඩුවෙනවා, කොම්පැණි ඇඞ්වර්ටයිසින් බජට් කපනවා, අපේ ලොක්කොන්ට යකා වැහෙනවා, අන්තමට අපේ ඇ`ගට කඩන් පනිනවා. එතකොට මං ඇහැරෙනවා.

මං මේ මොනවද කරමින් ඉන්නෙ? ආයිමත් හැරිලා බලන්නෙ ඒ හෙල්ලිල්ලට. එතකොට අපිට අපිව තනියෙන් පේනවා.

මේ වෙලාවට එන්නෙ හරිම නන්නත්තාර හැ`ගීමක්. වල්නරබල් කියල ඉංග‍්‍රීසියෙන් කියන්නෙ. සිංහලෙන් වල්මත් වීම කියල ගන්න පුළුවන්. මේක හැමතිස්සෙම දැනෙන්නෙ පද්ධතියක් එක්ක අපේ තියෙන සම්බන්දෙ බිඳ වැටෙන වෙලාවක. මේ වෙලාවෙ ලංකාවෙ ජනතාවම මේ වල්මත් වීම අත්විඳිමින් ඉන්නවා.  තමන් විසින් විශ්වාස කළ සුජාත රාජ්‍යය දැන් අවජාතක වෙමින් යනවා. එතකොට ඉවසුවා ඇති කියාගෙන කොටුවට එනවා.

අපි මේ මොකද්ද කරමින් ඉන්නෙ?

අපි මේ ආණ්ඩුවෙන් අපේ ස්ථාවරයන් ඉල්ලා හිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිය, 13 වෙනි සංශෝධනය මේ හැම එකක්ම අපිට  ඕන වෙන්නෙ අපේ වල්මත්බව අමතක කරන්න. ඒත් ඒ අමතක කිරීමේ රෝගය හින්දම මේ ආණ්ඩුවෙන් එහෙම දේවල් ඉල්ලන්න සුජාත අයිතියක් තියෙනවද කියලත් බලන්න අපිට බැරි වෙනවා.

මේ අපි භීතියට හදපු ආණ්ඩුවක්. කොළඹ බෝම්බ පුපුරන්න ගත්තට පස්සෙ අපිට දැණුනු වල්මත් බවට බයෙන් අපි හදපු බල ඇණියක්. පස්සෙ ඒකට අපි ආණ්ඩුව කිව්වා. ඒත් භීතිය මිසක් ඒ ආණ්ඩුවට වෙන තේරුමක් නෑ. මේ කතාව ටිකක් පැටලෙන්න පුළුවන්. මේක ආණ්ඩුවෙ වැරැුද්දක් නෙමෙයි. මේ ආණ්ඩුව කියන්නෙ ජනතාවගේ භීතියෙ ප‍්‍රක්‍ෂේපනයක් මිසක් අවබෝධයකින් කරපු ගොඩනැගීමක් නෙමෙයි.
ඒත් අපි ආණ්ඩුවෙන් ඒ ස්ථාවරයන් ඉල්ලා හිටිනවා. නැවත අපේ වල්මත් බව අමතක කරන්න. ඒ අවිනිශ්චිත බවට, හිඩැසට, හෙළුවට මූන දෙන්න බය විසින් අපිව ආපස්සට එලවගෙන යනවා. අපි ඉතිහාසෙ පැත්තට දුවන්නෙ ඒකයි. ඉස්සරහ අවිනිශ්චිතයි. ඒකට අපි බයයි.

යමෙක් සවිඥාණකව ජීවත් වෙන්න නම් විසුවියස් ගිනිකන්ද උඩ ගෙයක් හදා ගන්න  ඕන කියලා ෆෙඞ්රික් නීට්ෂෙ එක තැනක කියනවා. මේ කියන්නෙ ඒ අවිනිශ්චිත බවට, වල්මත් බවට මුහුණ දෙන්න  ඕන කියන එක. එතනදි විතරයි අපිට අපිව පේන්න ගන්නෙ. සමාජය අතුරුදන් වෙන ඒ මොහොත අපිව තල්ලූ කරනවා අපේ තේරුම හොයා ගන්න. මේකෙ සයිඞ් එෆෙක්ට් එකක් විදිහට භීතිය ඉපදෙනවා. ඒ භීතියට අපි පඹයො හදා ගන්නවා.

මේ විදිහට තමන් අවට නිශ්චිතයන් ගොඩනගා ගනිමින් තමන්ගෙ පැවැත්ම වල්මත් බවෙන් මුදවා ගැනීම තමයි අපි ජීවත් වෙනවා කියන්නෙ. අපිට නිශ්චිත දත්ත  ඕන වෙන්නෙ ඒකයි. එතකොට අපේ අදහස් අපිට ඇත්ත ස්ථාවරයන් වගේ පේනවා. එක දවසක් නිර්මාල් රංජිත් දේවසිරි මාත් එක්ක ඉතිහාසෙ ගැන මොකක් හරි පටලැවිල්ලක් වුණා. මං ලංකාවෙ ඉතිහාසෙ ගැන මගේ කතාව කිව්වා. නිර්මාල් වරින් වර බාධා කරමින් මගෙන් ෆැක්ට්ස් ඉල්ලන්න ගත්තා. මගේ ළ`ග එහෙම එව්වා නෑ. තිබ්බත් මට මතක නෑ. ෆැක්ට්ස් නැතුව ඒ කතාව ඇතුලට එන්න නිර්මාල් බය වුණා. ඒක හැම ඇකඩමික් චරිතයකටම අදාල කාරණයක්. ඒ අයගේ ෆැක්චුවල් ලෝකෙන් පිට ඒ ගොල්ලොන්ට පැවැත්මක් නැති එක. අපේ වගේ රටවල අලූත් අදහස් නිෂ්පාදනයක් නොවෙන්නෙත් මේ අවුල හින්දමයි.

පෙළපත, ජාතිය, ආගම මේ කොයිකට වුණත් රංචු වෙමින් අපි මග අරින්න ට‍්‍රයි කරන්නෙ මේ වල්මත් බව. ඒත් ජීවිතේ කොතන හරි කොනකින් ඒ නන්නත්තාර බව කඩා පනිනවා. අපි අනාථ වෙනවා. එතකොට....
එතකොට අපිට පුළුවන් තෝරා ගැනීම් දෙකක් කරන්න. එක්ක ඒ වල්මත් බව බාර ගැනීම. ඒකත් එක්ක ජීවත් වීම. මං හිතන්නෙ වෙන බොරුවක් හදා ගන්න බැරි වුණ හැම ලාංකිකයෙක්ම කරන්නෙ මේක. අපේ ජනප‍්‍රිය වෙන සිංදු ගත්තොත් මේ කතාව හොඳටම පේනවා. අ`ඩ අ`ඩා, හොටු හූරමින් අනුභව කරන්නෙ වල්මත් වීමේ දුක. විරහව.

දෙවෙනි විදිහ වල්මත් බව ඉක්මවා වැඞීම. ලොකු වෙනවා කියන එකේ නියම අදහස මේක. හොඳම උදාහරණයක් විදිහට මට මතක් වෙන්නෙ සිද්ධාර්ත චරිතෙ. මහල්ලෙක් ලෙඩෙක් මළකඳක් දැකලා සිද්ධාර්ථට තමන්ගෙ හීනයෙ පැල්ම අහුවෙනවා. මේක මහගෙන නොදැක්කා වගේ ඉන්නවා වෙනුවට එයා ඒ පැල්ම ඇතුලට යන්න තීරණය කරනවා. එයා මාලිගාවෙන් එලියට වල්මත් බව වෙතට අබිනික්මන් කරනවා. ඉපැයීමක් නැති, අයිතියක් නැති, කොන්දේසියක් නැති අවිනිශ්චිත පැවැත්මක් සිද්ධාර්ථ තෝර ගන්නවා. එයාගෙ සංග සමාජය වෙන්නෙ මේ වල්මත් බව මත සවිඥානකව පවතින පිරිස.

ඒත් අපිට සිදුහත් චරිතෙ පේන්නෙ වෙන විදිහකට. එයා ලෝකය පිළිබඳ නිශ්චිත පරමාර්ථ සත්‍යයක් අවබෝධ කර ගත්, භද්‍ර කල්පයකට එක පාරක් විතරක් පහල වෙන මාර තේරුමක් විදිහට. ඇත්තටම අපි බුද්ධ චරිතය ඇතුලෙන් අපේ පැවැත්ම ස්ථාවර කර ගන්න හදනවා. නිවන කියන පරම සත්‍යය අවබෝධ කර ගැනීමේ දැඩි උවමනාවෙන් අපි ජීවත් වෙනවා. ඒත් බුද්ධගේ ලොකුම සොයා ගැනීම ඇත්තටම කිව්වොත් සත්‍යය අපි වාෂ්ප කරලා දානවා.

හැම පිළිවෙතකම, හැම අදහසකම බුදුන්ගෙ තියෙන්නෙ මේ වල්මත් බව අත්දැකීම කියන කාරනේ. චතුරාර්ය සත්‍යයක් පුරා එයා කියන්නෙ වල්මත් වීම ගැන. ඒත් ඒක අපිට ස්ථාවර වීමක් වුනේ කොහොමද? සිංහල බෞද්ධ වෙලා බුදුන්ගේ දේශය වෙලා මහින්ද බුදුන්ගෙ නෑයෙකුත් වෙන තරමට මේ හීනය දුර දිග යනවා.

ටෙඞ් ටෝක්ස් ගොන්නක් මැද්දෙ ඉඳලා මට බ්‍රෙනේ බ‍්‍රවුන්ව මුණගැහුනෙ මේ හිතුවිලි මැද්දෙ නන්නත්තාර වෙද්දි. එයා මානව සම්බන්ධතා ගැන පර්යේෂණ කරන කෙනෙක්. පර්යේෂකයෙක් විදිහට එයා ඉගෙන ගන්න පළවෙනි න්‍යාය ‘යමක් කරුණු සහගතව ඔප්පු කරන්න ඔබට නොහැකිද, ඒ දෙය නොපවතී’ කියන එක (අපේ ඇකඩමියාවෙ ලොකු එක).

එයා ලස්සන කතාවක් කියනවා ටෙඞ් ටෝක්ස් වල එයාට දුන්නු හඳුන්වාදීම ගැන. දැන් කවුරු හරි බ්‍රෙනේ බ‍්‍රවුන් කවුද කියලා ඇහුවොත් ඒකට කියන්නෙ ‘එයා පර්යේෂිකාවක්’ කියන එක. ඒ කතාවෙම තියෙන නොකියන කතාව වෙන්නෙ ‘එයා බෝරිං, අදාල නැති දේවල් කියන’ කෙනෙක් වගේ එකක්. ඒත් බ‍්‍රව්න් ආසයි එයා කතා කියන්නෙක් විදිහට හඳුන්වන්න පුළුවන් නම්. ඒත් එතකොට අර ඇකඩමික් පැවැත්ම නැති වෙනවා. එයාව අඳුන්නා දීමේදීම එයා කවුද කියන අවිනිශ්චිත පැල්ම මුනගැහෙනවා.

එයා මොනවද කරන්නෙ?

‘මං කතා එකතු කරන පර්යේෂිකාවක්’ අන්තිමට බ‍්‍රවුන් කියනවා. එයාගෙ පර්යේෂණය වෙන්නෙ තමන් වටිනවා කියන හැ`ගීමෙන්, වෙන විදිහකට කිව්වොත් තමන් ගැන හීන මානයක් හෝ අධි මානයක් නැතුව බලන්න පුළුවන් අය අතර සමාන ලක්ෂණ අඳුර ගැනීම. ඒ එක්කම තමන් පහත් හෝ උසස් කියන හැ`ගීමෙන් පීඩා විඳින අයගෙයි කලින් අයගෙයි අතරෙ වෙනස්කම් සළකුණු කිරීම.

එයා අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු ගැන විස්තර එකතු කරනවා මේ වෙනුවෙන්. එයා අන්තිමට දකිනවා එක පොදු කාරණයක් තමන් පිළිබඳ වටිනාකමක් ඇතුව (තමන් තුල) ජීවිතය ගත කරන මිනිස්සු අතරෙ. ඒ තමයි ඒ ගොල්ලො වල්මත් බවට මුහුණ දුන් අය වීම. ඒ වල්මත් බව ගැන අවබෝධයක් ලත් අය වීම. එය මගහැර නොගිය අය වීම. අනෙක් පිරිස වරින් වර ඒ වල්මත් බව මග අරින්න පඹයො හදාගන්න දුක් විඳින පිරිස.

මේ විදිහට ජීවිතේ වල්මත් බවට මුහුණ දීමට ධෛර්යය අවශ්‍ය වෙනවා කියලා බ‍්‍රවුන් කියනවා. ඒක හැමෝම කියන සරල කතාවක්. ඒත් බ‍්‍රවුන් මෙතනදි ධෛර්යය කියන තේරුම දෙන ‘කරේජ්’ වචනයේ ආරම්භය හොයාගෙන යනවා. කරේජ් කියන වචනෙ එන්නෙ ‘කර්’ කියන ලතින් වචනෙන්. ඒ කියන්නෙ හදවත කියන තේරුම. කරේජ් කියන වචනෙ හරි තේරුම වෙන්නෙ ‘මුළු හදවතින්ම’ ජීවත් වීම කියන එක. බ‍්‍රවුන් ධෛර්යය කියන්නෙ මේ තේරුමෙන්. තමන්ට තමන් හැටියෙන් මුළු හදවතින් ජීවත් වෙන්න පුළුවන් වුනු අයට විතරයි තමන්ගේ පැවැත්ම පිළිබඳ ඇත්ත වටිනාකමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබුනෙ. ඒ අය ඒ ඇත්ත බාර ගත්තෙ අවිනිශ්චිත කලාපයකදි. අවදානම් කලාපයකදි.

වැඩියෙන්ම ආදරේ දැණුන මොහොත කියල අපි කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියන්නෙ එයාට වැඩියෙන්ම ආදරේ නැති වීම දැනිච්ච වෙලාව. වැඩියෙන්ම සතුටු වුණු මොහොත ඇහුවොත් කෙනෙක් ඇස් වල කඳුළු පුරවගෙන කියන්නෙ එයා වැඩියෙන්ම දුක් වුණු මොහොත. ඒ වගේම පැවැත්ම ගැන ගැඹුරට කැපෙන අවබෝධය ඇති වෙන්නෙ වල්මත් බවේදි විතරයි.

රස්තියාදුකාරකම කියල එක විදිහකට කියන්නෙත් මේ වල්මත් පැවැත්මට. ඒත් ලංකාවෙ ‘අපි රස්තියාදුකාරයො’ කියල ආඩම්බරෙන් කියන්නෙ ඒකත් ස්ථාවරයක් කර ගන්න  ඕන වුණු අනාත පිරිසක්. එහෙම නැත්තං රස්තියාදුකාරයෙක් කියන්නෙ නිශ්චිත මතවාදයක්, අදහසක්, ගල්කණුවක්, කුරුසයක් නැතුව අදහස් අතරෙ හිඩැස දකින වල්මත් බවේ පවතින්නෙකුට.

තමන් ඇතුලෙ මේ වල්බත් බව, එහෙම නැත්තං සමාජ පද්ධතියෙන් ගැලවුණු හුදකලා තමන් මුහුණ දෙන නන්නත්තාර භීතිය හරියට තේරුම් ගැනීමෙන් විතරයි හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගන්න පුළුවන් වෙන්නෙ. නැත්තං වෙන්නෙ සෙක්ස් නැති වුණාම විප්ලවේ  ඕන වෙනවා වගේ පිට පැනපු තේරුම් අතරෙ භාෂා පටලැවිල්ලක් විතරයි. ඒ දැනුවත් සමාජ සම්බන්ධතා ඇතුලෙන් විතරයි දේශපාලනය කොහොම වෙන්න  ඕනද කියලා අදහසක් සාකච්ඡවට ගන්න පුළුවන්.

ලංකාවෙ මේ අවිනිශ්චිත මොහොත අහම්බයක් නෙමෙයි. අනිවාර්යයක්. මේ වල්මත් බව ඇතුළට ගැඹුරට කපන්න අපිට පුළුවන් වෙන ප‍්‍රමානෙ අනුවයි අපේ ඊළ`ග පියවර ආයිමත් ළමා හීනයක්ද, සවිඥාණක ගොඩනැංවීමක්ද කියන එක තීරණය වෙන්නෙ. ආණ්ඩුවෙන් ස්ථාවරයන් ඉල්ලා සටන් කරනවා වෙනුවට ආණ්ඩුව ඇතුලෙන් පේන අපේ ඇත්ත වල්මත් බවට ඇති භීතිය දකින එක අනාගතවාදීයි කියල මට හිතෙන්නෙ එතකොට.

චින්තන ධර්මදාස

Saturday, August 10, 2013

දාං අදින්න ඉඳගන්න

රතුපස්වල ගැන ලියනවද කියල මං කල්පනා කළේ ඒක මොන ලියවිල්ලකටවත් වඩා පැහැදිලි සරල කෙලින් උත්තරයක් හින්ද. බෝදි පූජා තිය තිය අමාරුවෙන් හදපු අලූත් සංකල්ප එලව එලවා ජනතාවට ගහන්න පටන් අරං. රණ විරුවෝ, අපි වෙනුවෙන් අපි, දේශපේ‍්‍රමය ඔක්කොම අංශක 180ක් අනිත් පැත්තට හැරෙන කොටයි අපිට පේන්නෙ මේ වචන පිටිපස්සෙ ඇත්ත තේරුමක් තිබිලා නැති වග. එහෙම නැත්තං ඒ වචන වලට අදාල තේරුම තීරණය කිරීමේ පූර්ණ බලතල තියෙන්නෙ මහජන ඡුන්දයෙන් වත් පත් නොවුණු එක් බලධාරියෙක් අතේ වග. 

බුද්දාගමේ කියන කර්ම ඵල ගැන විශ්වාසයක් මට නැති වුනත් මේ සිද්දයත් එක්ක හේතුඵල සම්බන්දතා ගැටගැහුනෙ ඉබේටම. උතුර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමට මුල් වුනෙත් මාවිල් ආරුවෙ වතුර ප‍්‍රශ්නයක්. 

වැලිවේරිය මුදා ගැනීමේ මානුෂීය සටනට මුල් වුනෙත් ඒ වගේම වතුර ප‍්‍රශ්නයක්. ඒ උතුර මුදාගත් වීරෝදාර 58 වෙනි සේනාංකයමයි වැලිවේරිය මුදාගැනීමටත් කැට පහර නොතකා වෙඩි තිබ්බෙ. ඒ උතුර මුදා ගැනීමේ මෙහෙයුමට ආශීර්වාද කළ කැපුවත් නිල්පාට ගම්පහ දිස්ත‍්‍රික් ජනතාවමයි මේ විදිහට යුද්දෙන් රට මුදා ගත් ආණ්ඩුවෙන් සත්කාර ලබන්නෙත්. හොඳ වැඬේ කියල කුහක සතුටක් විඳිනවා හෝ මේ යට තුන්වෙනි බලවේගයක් තියෙනවා වගේ දිනමින කතා කියනවා නෙමෙයි. ඒත් මේ එකම වචන වලින් පැත්ත මාරු වෙවී ගුටි කන එක වෙන ගොඩක් දේවල් තේරුම් කරනවා.
අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා අලූත් කවියක් ලිව්වා.

‘මාවිල්ආරුවෙං ඇවිත්
නන්දිකඩාල් ෆ්ලැට් කළා
ඊට පස්සෙ රණ විරුවන්
වැලිවේරිය වටකළා
වැලිවේරිය අල්ලා.. ගමු කිරිබත් තම්බලා’

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතීන් වගේ දේශපාලනික නිශ්චිත තේරුම් ඇති අදහස් වෙනුවට දේශපේ‍්‍රමය රකිමු, කුමන්ත‍්‍රණ පරදමු වගේ අදහස් ආණ්ඩුවකට එක`ග වුනේ මේ දකුනේ ජනතාවමයි. අනුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා වෙනුවට ලාංකේය ජනතාව කැමති වුණේ කෙළවාගැනීමෙන්ම උගෙනීමටයි. ජනාධිපති කෙනෙකුට වඩා රජෙක් ඉල්ලා සිටි අපට ටිකෙන් ටික රාජාණ්ඩුවක තත්වය අත්දැකීමෙන්ම විඳ ගන්න පුළුවන් වෙනවා. ඒක එහෙම නොවී දැනගන්න  ඕන අයට ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ සීරීස් එක බලන්න පටන් ගන්න කියල මං ඉල්ලා සිටිනවා. බල දේශපාලනයේ කුජීතු ගතිකයන් හොඳින්ම තේරුම් ගන්නත් අපේ දුටුගැමුණු ලා පැරකුම්බලා කොයි තරං මානුෂීය මෙහෙයුම් කරන්න ඇද්ද කියල තේරුං ගන්නත් ඒක හොඳ උදාහරණයක්.

එතකොට මේ තත්වය වෙනස් කර ගන්නෙ කොහොමද? (තාම කාටවත් එහෙම එකක්  ඕනද කියල මං දන්නෙ නෑ) උදා විදිහට මං කලින් ලිපියකත් කිව්වා වගේ අනුරාධපුරේ ජනතාව කිසි ගානක් නැතුව කැමැත්තෙන් ආසනික් අනුභව කරමින් සහ ඒ ආසනික් රටටම බෙදා දෙමින් ඉන්නවා. ඇහැට පේන්න ඉක්මන් ප‍්‍රතිඵල නැති හින්ද කවුරුවත් පාරට බහින්නෙවත් කොම්පැණි වලට විරුද්ධව පිකට් කරන්නෙවත් නෑ. ඇසිඞ් වතුර ප‍්‍රශ්නෙ ඇත්තටම ආසනික් පෝර ප‍්‍රශ්නෙට වඩා සැර අඩු ප‍්‍රශ්නයක්. ඒත් ගල් අරක්කු වගේ ළ`ග වදිනවා. ඒක නිසා රතුපස්වලදි ඒ ජනතාව පාරට බහිනවා. මරණය දැක දැක කාලයක් ජීවත් වුණු අනුරාධපුරේදි ඒ ජනතාවම වහ කකා ජීවත් වෙන්න පුරුදු වෙනවා. මට හිතෙන්නෙ ජීවිතය කියල දකුණ දැකපු හීනෙ ටිකෙන් ටික කරදර වෙන්න පටන් අරගෙන. ඒත් ජනතාව විදිහට ඒ කලබල වීමේ ගැඹුරෙ සීමාව වගේම සමාජ- මානසික කලාප විදිහට අපිට මරණය අවශෝෂනය කර ගන්න පුළුවන් සීමාවත් මෙතනදි එලියට එනවා. දැන් මරණය උතුරෙන්, උතුරු මැදින් දකුණ බලා එන්න පටන් අරං. මානුෂීය මෙහෙයුම් වැලිවේරියටත් ඇවිදින්.

මට තව පැත්තක් කල්පනා වුණා. එක පැත්තකින් මේ ආණ්ඩුව අනිත් කවර ආණ්ඩුවකටත් වඩා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙනුවෙන් උනන්දු ආණ්ඩුවක්. එක පැත්තකින් බඩ බස්සන්න ඇවිදින්න තැන් හදනවා. පෝර නොගහපු කාබනික එළවලූ පළතුරු ප‍්‍රමෝට් කරනවා. කෑම වල සීනි අඩු කරනවා. බත් පැකට් පවා අනුමත විදිහට ගේන්න නියම කරනවා. කොටින්ම එළවලූ තැලෙන නිසා ප්ලාස්ටික් කූඩ පවා යෝජනා කරපු ආණ්ඩුවක් මේක. ඒත් වැලිවේරියෙ ජනතාව බොන වතුරෙ ඇසිඞ් කියන එක මේ සෞඛ්‍යයෙන් සපිරි සීමාවට ඇතුලත් නොවුනෙ ඇයි? කොටින්ම ඒක ආණ්ඩුව බාර ගත්තෙ ත‍්‍රස්තවාදයක් විදිහට. එතකොට අපිට සිද්ද වෙනවා රජයේ සෞඛ්‍ය සම්පන්න ජනතාව වශයෙන් සළකන සමාජ- මානසික සීමාව තේරුම් ගන්න. මොකද ඊට පිටින් සෞඛ්‍ය ප‍්‍රශ්නයක් වුණත් කුමන්ත‍්‍රණයක් විදිහට ඇහෙන්න ඉඩ තියෙනවා.

ඉතින් මේක පාරට බැහැලා විතරක් විසඳගන්න පුළුවන් ප‍්‍රශ්නයක්ද? ජේවීපී එක විශ්වාස කරනවා වගේ ජනතාව පෙළගස්සලා මේක වෙනස් කර ගන්න පුළුවන්ද? තව වෙඩි කන්න කලින් මේක ටිකක් තදින් හිතන්න වෙනවා.

මං දැන් කතාව වෙන තැනකින් පටන් ගන්නවා. මේක උදාහරණයක් විතරයි. සාමාන්‍ය කතාවෙදි අපි සරලව නොදැනුවත්වම ලිංගික ශ‍්‍රම විභජනයක් බාර අරගෙන කතා කරන වෙලාවල් තියෙනවා. ‘ගෑනියෙක් වුණහම උයන්න දැන ගන්න එපැයි’ ‘පිරිමියෙක් නේද?’ වගේ කතන්දර එන්නෙ ඒ විදිහෙ අවිඥාණක බාර ගැනීමක් ඇතුලෙ. හැබැයි මේ වෙද්දි තරමක් වෙනස්, මධ්‍යම පාංතික කතිකාවක් ඇතුලෙ ජීවත් වෙන අය මේ වගේ වෙලාවලදී ‘සෙක්සිස්ට්’ කියල එලිපිට නෝ්න්ඩි කරනවා. මං කල්පනා කළේ මේ සෙක්සිස්ට් කියන අදහස ආවෙ කොහොමද කියල. 

ගෑණු සහ පිරිමි විදිහට කාණ්ඩ වුණු අදහස වගේම මේ අදහස එන්නෙත් අලූත් වෙන නිෂ්පාදන මාදිලියකට සමගාමීව. තව දුරටත් ගෑනු පිරිමි ශ‍්‍රම විභජනවාදී අදහස් ඇතුලෙ පවතින්න බැරි වෙනවා. මාර්කට් එක (ආර්ථිකය) වෙනස් වෙනවා. කැම්පේන් අලූත් වෙනවා. මේ සමාජ වෙනස වෙනුවෙන් අදහස් නිෂ්පාදනය වෙන්න ගන්නවා. ‘සෙක්සිස්ට්’ කියල පරණ මතය ජෝක් කිරීම එන්නෙ ඒ විදිහට. එතකොට සෙක්සිස්ට් කෙනෙක් වෙන්න ටිකක් ලැජ්ජ හිතෙනවා. සෙක්සිස්ට් තැනින් එහාට යන එක මොඩර්න් වගේ එනවා. 

ඇත්තටම සිද්ද වෙන්නෙ සමාජ වෙනසකට පස්සෙ අදහස්- වචන නිර්මාණය වෙන එකද නැත්තං අදහසට වචනයට අනුව සමාජ වෙනස නිර්මාණය වෙන එකද? මට හිතෙන්නෙ භාෂා වෙනස විසින් සමාජ වෙනස නිර්මාණය වෙන එකයි ලංකාවෙ විදිහ (තුන්වෙනි ලෝකෙරටක් මේක). සමාජ වෙනසකට අනුව භාෂා වෙනසක් (අලූත් අදහසක්) එන එක සිද්ද වෙන්න පුළුවන් වුණත් භාෂා වෙනස ඇතුලෙන් සිද්ද වෙන සමාජ වෙනස වේගවත්. පැතිරෙන සුළුයි. ආසාදනය වෙන වේගය වැඩියි. 

පරණ එක්ස් එකේ කලාපයකට මෙතනදි පොඞ්ඩක් ඇතුල් වෙන්න අවසර දෙන්න. ලැකානියානු ඉමැජිනරි (පරිකල්පික) රෙජිස්ටරයෙන් සිම්බොලික් (පොදු) රෙජිස්ටරයට මාරු වීමේ සහ සෝෂියර්ගේ සංඥා- සංකේත  සහ සංඥාර්ථ ගැන දෙබස මං ආයිමත් මෙතන ලියන්නෙ නෑ (ඔය ටික නැවත නැවත ඒ පරණ සාමාජිකයන් තැන් තැන් වල උගන්නනවා). මට  ඕන වෙන්නෙ භාෂාව ස්වභාවික දෙයක් හෝ භාෂාව විසින් යතාර්ථය අර්ථ නිරූපණය කරනවා කියන එක මුළාවක් කියන තැනට එන්න. ඒ වෙනුවට භාෂාව විසින් යතාර්ථය නිර්මාණය කරනවා. සරල උදාහරණයකින් පෙන්නලා දුන්නොත් දැන් අපේ සිංහල මැද පංතියෙ පවුල් සබඳතා ස්වරූපය තීරණය කරන්නෙ හතහමාරෙ ඉඳන් යන මෙගා ටෙලි වලින්.

මෙතනදි භාෂාව කියන එකේ අදහස කතා කරන ලියන භාෂාව කියන තැනට වඩා පළල්.  අපි ලෝකය කියල නම් කරන හැම දෙයක්මත් සංකේත භාෂා ලෝකයක් මිස ඇත්තට පවතින හෝ මොකක්වත් නෙමෙයි. රෝස මල, මළ කුණ, මේසය, පුටුව, කක්කුස්සිය මේ ඔක්කොම අපි බාහිරය අපිට නතු කර ගන්න ගොඩනගන භාෂා විශ්වයක්. එළියෙ පවතින ඇත්ත දේ ගැන (යථ හෝ මොකක් හෝ එහෙම දෙයක් තියෙනවා නම්) අපේ ඉන්ද්‍රියන්ට ගෝචර අන්දමින් සංස්කරණය වුණු රූපයක් විතරයි අපි දන්නෙ. 

ටෙරන්ස් මැකේනා කියන විදිහට ලෝකය කියන්නෙ භාෂාවට. ලෝකය හැදිලා තියෙන්නෙ භාෂාවෙන්. එයා පෙන්නලා දෙනවා යුරෝපයේ සමස්ත ආගමික සම්ප‍්‍රදායම ගොඩනැගිලා තිියෙන්නෙ හරිම අපූරු වචන පේලියක් උඩ කියල.

‘ආරම්භයේදී වචනය එතන තිබුණි
ඊළ`ගට එය ආලෝකය බවට පෙරළුනි’

හැම ආධ්‍යාත්මික ගවේෂණයක් හරහාම කරන්න  හදන්නෙ මේ වචන ලෝකය තරණය කරන එක. ලෝකයේ ක්ෂීර පථයන් ගැන, අනන්ත විශ්වයන් ගැන, වල්ගා තරු ගැන මේ අතිශය ප‍්‍රාථමික උපකරණ ටිකක් තියාගෙන නම් හදමින් මේ ගොතන කතා විශ්වාස කරන්න තරම් අපි පෙළඹුනේ කොහොමද කියල මැකේනා ප‍්‍රශ්න කරනවා. මේ වචන තමන්ට කැමති පිළිවෙලකට අමුණන්න පුළුවන්. වෙනස් වෙනස් කතන්දර හදන්න පුළුවන්. වචන තමයි සීමාව. ඒක තමයි සංසාරෙ. මේ වචන සංසාරෙන් එහාට තරණය කරනවා කියන එකයි බුදු වෙනවා හරි දෙවියන් හා එක් වෙනවා හරි මොන විදිහකින් වුණත් කියන්න හදන්නෙ.

යතාර්ථය හැදිලා තියෙන්නෙ කාලය සහ අවකාශය උඩ. ඒත් කාලය හා අවකාශය කියන්නෙ ආයිමත් මොකක්ද? ඒක වචන උඩ පදනම් වෙච්ච අදහස් දෙකක් විතරයි. ඒත් ඒ දෙක අක්ෂ විදිහට අරගෙන නිර්මාණය කරන ප‍්‍රස්ථාරයක් අපි යතාර්ථය විදිහට විශ්වාස කරනවා. ඒක ඇතුලෙ හැප්පෙනවා. කවි ලියනවා. ඒත් ඒක එක කතන්දරයක් විතරයි.

මේ ලෝකය විස්තර කරන විධි දෙකක් තියෙනවා. එකක් තමන් අත්දකින ලෝකය. දෙවෙනි එක අනුන් විසින් අත්දකින ලද ලෝකය. ඒත් මේ දෙකම ආපහු ගොඩනගන්නෙ භාෂාවෙන්. ඒ භාෂාව ගොඩනගන්නා වෙන්න තරම් දක්ෂ වුනොත් අපිට පුළුවන් වෙනවා යතාර්ථය අපිට  ඕන විදිහට ආපහු ලියන්න.

ඒ භාෂා ලෝකය තේරුම් ගන්න තරම් සාවධාන වීමයි භාවනාව වෙන්නෙ. ඒ භාවනාවට සයිකඩෙලික් ඩ‍්‍රග්ස් වලින් උදව් ගන්න පුළුවනි. ඒකට හේතුව මේ යතාර්ථය කියන පද්ධතිය එකිනෙක සම්බන්ධිත භාෂා අණු ගානකින් සංයුක්තව හැදිලා තියෙන හින්දත් කාලය අවකාශය දෙක පිළිබඳ දැනීම බිඳහෙලන මාධ්‍යයක් මේ පිම්මට  ඕන වෙන හින්දත්. 

යතාර්ථය කියන ගොඩනැගීම විශ්වය පිළිබඳ ගොඩනැංවීමට වඩා විශාලයි. මේ විශ්වයේ අංශ‍්‍රමාත‍්‍රයක් තරම්වත් නැති අපි වගේ තමයි මේ යතාර්ථය තුල අපිව නිර්මාණය වෙලා තියෙන්නෙ. තමන්ව නිර්මාණය වුණු භාෂා අණු ගැන සවිඥාණක බවක් නැති අයව මැකේනා හඳුන්වන්නේ දාම් ලෑල්ලක් උඩ ඉන්න ඉත්තො පෝලිමක් වගේ. යම් අවිඥාණක හස්තයකින් (අනුන්ගේ යතාර්ථයකින්) ජීවිතය හා මරණය අතර එහාට මෙහාට කපනවා. ඒත් තමන් නිර්මාණය වෙලා තියෙන භාෂා පද්ධතිය ගැන අවධානවත් වුනොත් කෙනෙකුට පවතින යතාර්ථයේ තමන්ට හිමි මේ පරිවාරයේ චරිතය වෙනස් කරන්න පුළුවන්. තමන් වටා කතාව ලියන්න පටන් ගන්න පුළුවන්. එතකොට මේ යතාර්ථයේ තමන් කේන්ද්‍රීය චරිතයක් වෙනවා. යතාර්ථය ලියන්නට දායක වෙන කෙනෙක් වෙනවා. මනුස්ස පැවැත්මේ ඉලක්කය විය යුත්තෙ එයයි කියල මැකේනා විස්තර කරනවා.

දැන් මේ කතාව අනිත් පැත්තට අරගෙන බැලූවොත් දේශපාලනය කියන්නෙ අපි මේ භාෂා යතාර්ථය ඇතුලෙ ඉත්තො විදිහට කරන සෙල්ලමක් විතරයි. ඒක බලය කියන භාෂා යතාර්ථයෙන් ලියවෙන නැරටිව් එකක්. මේ නැරටිව් එක වෙනස් කරන්න පුළුවන්. වෙනස් වෙනස් නැරටිව් වලින් මේ කතාව ආයි ආයිත් ලියන්න පුළුවන්. ඒත් ලංකාවෙ අපි කරමින් ඉන්නෙ වචන එක්ක හරඹයක් විතරයි කියලයි මට හිතෙන්නෙ. අඩුම ගානෙ ඒ භාෂා කලාපෙ වාක්‍ය ගලපන තැනට වත් අපි පරිණත වෙලා නෑ. එතකොට වෙන්නෙ වතුර ඉල්ලූවම වෙඩි තියනවා වගේ දේවල්. ඒ නැරටිව් එක ඇතුලෙ ඒ සිද්දි පෙලගහන්න  ඕන විදිහ මේ කාලෙ පොත ලියන අය දන්නවා. 

සමාවෙන්න තමන්ව අවබෝධ කර ගැනීමේ ආධ්‍යාත්මික කතාවක් එකපාරට වැලිවේරියට ගෙනැත් අත්ඇරිය එකට. ඒත් වැලිවේරියෙ යතාර්ථය ගොඩනගන භාෂාවේදය ගැන කතාවට ඒ ගැඹුර  ඕන.

ගංගොඩවිල සෝම පටන් සිහළ හෙළ උරුම හරහා ගොඩනගපු යතාර්ථය පිළිබඳ නැරටිව් එකේ කෙළවරකදි ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙ මැරිලා වැටෙනවා. මේක මෙගා ටෙලි නාට්‍යයක් විදිහට ගන්න (මෙගා ටෙලි නාට්‍ය කියන්නෙ මේ නැරටිව් එකේදි ජනසන්නිවේදන අමාත්‍යාංශය වගේ) එතනින් කතාව ඉවර වෙන්න  ඕන වුනාට වැඩි ලාබය වෙනුවෙන් තවත් දිගට කොටස් ඇදගෙන යන්න තීරණය වෙනවා.  දුෂ්ටයා අහිමි වුනාට පස්සෙ නන්නත්තාර වෙන කතාව ඇබ්සර්ඞ් යතාර්ථයන්ට ගමන් කරන්න පටන් ගන්නවා. මෙගා ටෙලියකදිත් මේක මේ විදිහටම වෙනවා. චරිත මැරෙනවා ඉපදෙනවා. සමහර වෙලාවට අතුරුදන් වෙනවා. තවත් වෙලාවක රූපාන්තරණය වෙනවා. ඒත් මතක තියාගන්න  ඕන වෙන්නෙ මේක පීරියොඩිකල් නැරටිව් එකක්. දුටුගැමුණු කාලෙක පසල් දනව්වක වැසියෙක් විදිහට හීනෙන් ඇහැරුනාම අත් වෙන භීතියෙන් අපි තැති ගන්නවා. කොච්චර කොටස් ගානක් මේක ඇදෙයිද කියල නිෂ්පාදකයාවත් දන්නෙ නෑ.

ඉස්සෙල්ලා ඇහුව ප‍්‍රශ්නෙ වගේම මේක ජනතාව එක්ක පාරට බැහැලා වෙනස් කරන්න පුළුවන් යතාර්ථයක්ද? දේශපාලනය ගැන ලියන අපේ රටේ විදග්ධයො හැමෝම වගේ පුරාතන සාහිත්‍යය හෝ ප‍්‍රබුද්ධ සාහිත්‍යයට ළ`ග නොතේරෙන සිංහලෙන් ලියන්න වැඩි කැමැත්තක් දක්වන වග මං කලින් ලිපියකත් ලිව්වා. එතනදි අපිට පශ්චාත් නූතන හෝ ඊටත් වඩා නූතන අදහස් ගැන කතා කරන්න පුළුවන්. ඒත් අපේ භාෂාවෙ ඒ යතාර්ථය වෙනස් නොකර. එකම නැරටිව් එකක් ඇතුලෙ. එතකොට කතා කරන වචන වෙනස් වුනාට ආරක්‍ෂා කරන යතාර්ථය එකක්මයි. අපි කියවන්නෙ වෙනසක් වෙනුවෙන් ලිවීමක් නෙමෙයි, පවතින දේ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ලියපු භාෂා ගෙත්තමක්.

මේ විදිහටම වැලිවේරියෙන් පටන් ගත්ත දේ වෙන තැනකදි නොවෙන්න නම් මේ නැරටිව් එක වෙනස් කරන්න  ඕන. ඇෙ`ගන් කරන දේශපාලනය කියන්නෙ එකම යතාර්ථයක් ඇතුලෙ පැති මාරුවක් විතරයි. මේක ඔලූවෙන් කරන දේශපාලනයක් වෙන්න උවමනා ඒකයි. එකින් එක සම්බන්ධිත අදහස් පද්ධතියක් ඇතුලෙන් අලූත් යතාර්ථයක් නිර්මාණය වෙන්න  ඕන. ඒකට අලූත් භාෂාවක් වෙනුවෙන් වැඩ කරන්න  ඕන. 

සරල උදාහරණයකින් කිව්වොත් දේශපේ‍්‍රමය, ජාතිය මූලික සිතීම, ඉතිහාසයේ ජීවත් වීම වගේ මේ නැරටිව් එකේ ප්ලොට් පොයින්ට්ස් වෙනස් කරන්න සිද්ද වෙනවා. ඒක මේක හා ගැටුමෙන් එන තෙවැන්නක් වෙනුවට මං විශ්වාස කරන්නෙ අහසින් වැටෙන්නක් කියල (ඉන්ටර්නෙට් සම්බන්ධතා ගොන්නක්)
කොයි විදිහක යතාර්ථයක් නිර්මාණය වුණත් වැදගත් වෙන්නෙ තමන් ඒ යතාර්ථයේ ක‍්‍රියාකාරී කේන්ද්‍රයක් වෙන එකයි. ඒ කතාව ලියන්න වෙනස් කරන්න සහ අලූතෙන් ලියන්න දායක වෙන කෙනෙක් වෙන එකයි. ඒත් ඒකට තමන් සීමිත වෙලා ඉන්න තමන්ගේ පිටපත කියවගන්න සිද්ද වෙනවා. ඒ පිටපත යලි යලිත් ලියන පරිචය ඇතුලෙ විතරයි අපිට මීට වඩා පළල් යතාර්ථයක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නෙ. 

උදාහරණයක් විදිහට යුද්දෙ එක්ක අපි නිර්මාණය කරපු භාෂා යතාර්ථය ලෝකයේ පවතින දේශපාලන භාෂා විශ්වයන් අතින් අතිශය පටුයි. එකිනෙක කොන් හා ගැටීමෙන් එයම වැනසී යන සුළුයි. ඒත් ඒ භාෂා විශ්වයෙන් අපිටත් නොදැනීම අපි තුල ලියවුණු අපේ පිටපතේ අපිත් ඒ කතාවට සාපේක්ෂවම කුඩායි.

මේ සවිඥාණක අරගලයට අපි එළඹෙන කල් දිගින් දිගට පාරෙ අරගල වල අපි ගුටි වෙඩි කා මියැදීම සිද්ද වෙනු ඇති. ඒවා කුමන්ත‍්‍රණ සහ තෙවෙනි බලවේග විදිහට ඉතිහාස ගතවනුද ඇති.

-චින්තන ධර්මදාස

Sunday, August 4, 2013

එක බිංදුවට වඩා ලොකුද?

සංජීවගේ චිත‍්‍රපටිය බලලා දීප්ති කුමාර ගුනරත්නත් එයාගෙ වෙබ් එකට ලිපියක් ලියලා තිබුණ. ඒකෙ මාතෘකාව තිබුනෙ මිනිසුන්ගේ ආශාවන් පෙළපාලි යන්නෙ නැත කියල. මට ඒකෙ තේරුම එච්චර පැහැදිලි නැති හින්ද සබ් ලයින් එක කියෙව්වා. බාලිකා පාසැලක් අසලට ගොස් සරම උස්සා පෙන්නීම කලා කෘතියක් ලෙස සැලකීම කියල තමයි පැහැදිලි කිරීම තිබුනෙ.

මේ ලියමනේ පළවෙනි ෙඡ්දය කියවන්න මට හු`ගක් අමාරු වුණා. උභයාවේගයක් අපාරගම්‍ය කරමින්..ඒ පාරාන්ධ ලකුණ ගැන කතා කරන්නට..වගේ විදග්ධ බර වචන වලින් මොකද්ද කියන්න හදනවා. මට හැම තිස්සෙම නොතේරෙන මේ විද්වතුන්ගෙ ගැටළුවක් මේක. පශ්චාත් නූතනවාදය වගේ මාර අලූත් දේවල් කතා කරනවා නටඹුන් සිංහලෙන්. ඒක දීප්තිගේ විතරක් රෝගයක් නෙමෙයි. වෙන ගොඩක් ලියන කියන කතිකාවෙ ඉන්න අයගෙ අවුලක්. ඒ භාෂාව ඇතුළෙන් තමන්ට වැදගත්කමක් ගන්න ට‍්‍රයි කරනවා. ලංකාවෙ හැටියට නොතේරෙන දේ සම්භාව්‍ය වෙනවා. ඒත් වෙන රටවල යමක් අවබෝධයෙන් කියන තරමට ඒ දේ සරල වෙනවා කියලා තමයි අහලා තියෙන්නෙ.

කොහොම වුණත් දීප්ති ගැන මට තිබුනෙ මොකක් හරි නිර්මාණශීලී සිතීමක් ඇතුව ඉතුරු වෙලා ඉන්න අපිට කලින් පරම්පරාවෙ අති සුළුතරයෙන් එක්කෙනෙක් කියන හැ`ගීමක්. ලංකාවෙ එක්තරා සිතීමේ ලක්ෂයක් වෙනස් කිරීම වෙනුවෙන් ඒ ඇකඩමියාවට පිටින් සිද්ද වුණු පෙරලියක සිතන්නා වුනේ දීප්ති. ඒත් වයසත් එක්ක හැමෝම ඇකිළෙන්න පටන් ගන්නවා. හැම විද්‍යාවක්ම පරණ වෙනවා වගේ ඊට වඩා ඉක්මණට මිනිස්සු පරණ වෙනවා. සංජීවගේ චිත‍්‍රපටිය ගැන දීප්තිගේ ලියමනේ මට ඇහුනෙ ඒ පැන්ෂන් යාමේ ඔරලෝසු කණිසම.

දීප්තිගේ ලිපිය ඉරිසියාව මූලිකව ලියවුණු එකක් වග  ඕනවට වඩා පැහැදිලියි. ඉරිසියාව ලියමනක විලාසිතාව කර ගන්න එක ගැටළුවක් නෙමෙයි. විචාරයක් සත්‍යය විය යුතු නැතුවා වගේම විචාරයක් කියන්නෙත් වෙනස් විදිහක භාවයන්ට කතා කරන ද්විතීයික ආර්ට් එකක් වෙන්න පුළුවන්. (දීප්ති ඒ අර්ථයෙන් ලියනවාද කියල මං දන්නෙ නෑ) ඒත් ඒ ආර්ට් එක ඇතුළෙ තමන්ගෙ ගැඹුර සටහන් කරන්න  ඕන. අලූත් සිතීමේ ලක්ෂ්‍ය එළිදරව් කරන්න  ඕනි. නැත්තං ඒක කියවීමේ උපයෝගිතාවක් විනෝදයක් නැති වෙනවා.

මං කවදාවත් බලාපොරොත්තු නොවුණු විදිහට දීප්ති මේ ලියමනේ තමන් අත්විඳින මානසික වේදනාව අවංකව කියනවා. ‘අප සියලූ දෙනා අපතයන්ය. අපතයන්ට ඉංග‍්‍රීසියෙන් කියන්නෙ ප්ලෙබ් කියාය. එවැනි අයට පංතියක් ජන්මයක් සමාජ බලයක් අවකාශයේ නැත. සියලූ සමාජ විශ්ලේෂන වලින් අපතයන්ගේ නම් කපා හරියි. උදා විදිහට කුමුදු කුසුම් කුමාරගේ කතිකා වෙබ් අඩවිය නම් කතිකාව තුල නැත්තේ මගේ නම පමණි’

මේක හරි දුක හිතෙන තැනක්. එයා සංජීවගේ චිත‍්‍රපටියට එන්නෙ මේ ඩිප්‍රෙෂන් එක හරහා. මේ පරම්පරාවෙ ගොඩක් අය මේ විදිහට සමාජය විසින් අත්හැර දැමීම පිළිබඳ කාංසාවෙන් පෙළෙනවා. ඊට පස්සෙ ඒ වෙනුවෙන් හු`ගක් පරණ ආදිකල්පික මතවාද හරහා නැවත සමාජගත වෙන්න උත්සාහ කරනවා. මං මෙතන කියන්නෙ මේක දුෂ්ට හෝ කාලකණ්ණි හෝ තත්වයක් කියල නෙමෙයි. මේ ඇතිවෙන හිස්තැන පරතරය තේරුම් ගැනීම වැදගත් වෙන්න පුළුවන් හින්ද.

ඊට පස්සෙ දීප්ති චිත‍්‍රපටියෙ එල්ලෙන ප‍්‍රධාන තැන වෙන්නෙ සංජීව එයාගෙ අම්මා ඉදිරියේ අම්මාගේ රමණයන් පිළිබඳ අත්දැකීම් ලොකු තිරයක් උඩ ප‍්‍රක්‍ෂෙපණය කළා කියන එක. මේක මාර විපරීත මාර අවුල් සහගත තැනක් විදිහට දීප්තිව කලබල කරනවා. කොටින්ම හමුදා සොල්දාදුවාගේ ලිංගය කපා දාන එකෙන් ඒ ආතතිය අඩු වුනා කියලත් එයා කියනවා.

මේ කතාව මං මුලින්ම ඇහුවෙ රජයේ මාධ්‍යයක චිත‍්‍රපටිය ගැන තේරුමක් නැති මඩ ප‍්‍රචාර මැද්දෙ. මේ ලිපියත් එක්ක දීප්ති මතවාදීව ඒ මාස් සුචරිතවාදය එක්ක එක පෙළට හිට ගන්නවා. විපරීතය දරා ගන්න බැරුව කම්පා වෙනවා. ෆ්‍රොයිඞ් ගැන, ලැකාන් ගැන ස`ගරා ගණන් ලියපු දීප්තිට විපරීතය මේ තරම් අවුල් වෙන එක මට තේරුම් ගන්න බෑ. විපරීතය ආර්ට් එකක් වෙන්න බැරිද, විපරීතය වෙනුවට මේ යෝජනා කරන ස්ටෙරිලයිස්ඞ් සුචරිතවාදය එයා ගේන්නෙ කොහෙන්ද? මේ අනිත් වයසට යන අය වගේම රොමාන්තික සදාචාර රෝගයක් හරහා නැවත සමාජගත වීමේ උත්සාහයක්ද? (හඳයා අක්ෂරයට පස්සෙ විදු කළා වගේ)

මේ ලිපියෙන් මාව අවුල් වුණු ප‍්‍රධාන කාරණය වුනේ මට දීප්ති නැවත නැවත එයාගෙ වල්ගයන්ම හපා ගන්නවා ඇරෙන්න එයින් එළියට හිතීම නතර කරලා කියලා දැණුන එක. ඒත් කාලයක් ඒ කාලයට වඩා ගොඩක් ඉස්සරහින් වුණු දැනුමක් සමාජගත කරන්න වෙහෙසුණු සිතීමක් විශ‍්‍රාම යාම දකින එක දුකක්.
ලියන්න පටන් ගන්න වුනේ ලියන්න  ඕන කරන තැනට ගව් ගානක් එහායින්. ඒත් මෙතන වංගුවෙන් මං සිග්නල් නොදාම මගේ කතාවට හරවනවා. මේක ටෙඞ් ටෝක්ස් වල මං දැකපු කතාවක්. දේව්දත් පට්ටානයික් කියන මිත්‍යාවන්, පුරාවෘත්තයන් සහ ඇදහිලි අධ්‍යනය කරන කෙනෙකුගේ විස්තරයක්.

පෙරදිග විදිහට සිතීමෙයි බටහිර සිතීමෙයි අතර වෙනස ගැන මං ගොඩක් කල්පනා කරල තිබුණ. අපි එක එක විදිහට පිළිවෙල කරන්න යන (ශිෂ්ට කරන්න හදන) අපිළිවෙලකම, නිදහස වගේ දේවල්ම නේද අපි ඇත්තට පරණ පරම්පරා වලින් අරගෙන එන්නෙ කියල. මනික් සන්ද්‍රසාගර් ලිවින් හෙරිටේජ් කියල කියන්නෙත් මීට ළ`ග අදහසක්. මේක අපේ දේශපාලන කණ්ඩායම් දැකපු ශික්ෂණය නොවීමේ අර්බුදයක් විදිහට වඩා මේක අපිට ආවේණික විදිහක් විදිහට තේරුම් ගන්න මං උත්සාහ කළා. මොකද ඒ මෙතන පේලියක පිළිවෙලට ලියන්න බැරි ඒ ගති සොබාවයන් ශික්ෂණය වෙනකොට ඉතුරු වුනේ පරාරෝපිත මළකුණු වගේ උන් ටිකක් විතරක් හින්ද.

දේව්දත් මේ වෙනස සළකුණු කරන්නෙ අපි විසින් දරන මිත්‍යාව ඇතුලෙ. ලංකාවෙ කියලා අපි වෙනම මොකක්ද හදා ගන්න හැදුවට අපේ විශාල මිත්‍යාව, බිම වෙන්නෙ ඉන්දියාව. අපේ පූර්ව ඉතිහාස අවධියෙ මහා පුරුෂයා වෙන රාවණා වුණත් ඉන්නෙ ඉන්දියානු පුරාවෘත්තයක් ඇතුලෙ. දේව්දත් කියන්නෙ බටහිර සහ පෙරදිග මේ දරන පුරවෘත්ත, මිත්‍යා,ඇදහිලි වල වෙනස විසින් සංස්කෘතිය චර්යාව තීරණය කරනවා කියල.

කතරගම දෙවියන්ගෙ සහ ගණ දෙවියන්ගෙ සුප‍්‍රකට උදාහරණය මේක පැහැදිලි කරන්න ලේසි උපමාවක්. කතරගමට සහ ගණපතිට වරක් දෙමව්පියන් කියනවා ලෝකය වටේ ගිහින් එන්න කියල. කතරගම මොනරා පිටේ නැගලා ඇත්තට ලෝකෙ වටේ යනවා. ගණපති අම්මගේ වටේ යනවා. රොහාන් පෙරේරා ඉස්සර මේ කතාව කියද්දි ලෝකෙ වටේ යාමෙන් එකතු වුණු අත්දැකීම් සහ පරිචයන් සළකුණු කරන්න කතරගමට අත් දොළහක් සහ හිස් හයක් ලැබුණු වගත් අම්මා වටේ යන අයට වෙන දේ අලියෙක් වගේ මීයෙක් උඩ ලගින ගණපතිගෙන් පෙන්නුම් කරන වගත් කියනවා මතකයි. ඒත් පුරාවෘත්තයේ හැටියට නුවණට අධිපති වෙන්නෙ ගණපති. කතරගම බලයට (ශරීරයට) අධිපති.

දේව්දත් මෙතනදි ගණපතිගේ ලෝකය මගේ ලෝකය (නලින්ද සිල්වාගේ නොවේ) හැටියටත් කතරගමගේ ලෝකය වාස්තවික ලෝකය හැටියටත් නම් කරනවා (ඉංග‍්‍රීසියෙන් මේක ලේසියි. මයි වර්ල්ඞ් සහ ද වර්ල්ඞ් කියන දෙක) බටහිර සිතීම පදනම් වෙන්නෙ මේ ‘ද වර්ල්ඞ්’ කියන එක උඩ. ඒක තාර්කිකයි. විශ්වීයයි. කරුණු මත පදනම් වෙනවා. විද්‍යාත්මකයි. ලෝකෙ ඇති වුනේ කොහොමද? කැරකෙන්නෙ කොහොමද වගේ ප‍්‍රශ්න තමයි විසඳන්න හදන්නෙ. (ලෝගෝස්)

ඒත් පෙරදිග සිතීම පදනම් වුනේ මයි වර්ල්ඞ් කියන එක උඩ. ඒක ආත්මීයයි. හැ`ගීම්බරයි. පුද්ගලිකයි. මිත්‍යාවන්ගෙන් පිරිලා. එතනදි අහන්නෙ මේ ඉර පායන්නෙ ඇයි? මේ ජීවිතේ පවතින්නෙ ඇයි? වගේ ප‍්‍රශ්න(මිතොස්).  සංස්කෘතිය හැදෙන්නෙ ස්වභාව ධර්මයත් එක්ක අපි මේ සිතීමෙන් කරන ගනුදෙනුව ඇතුලෙ. එතනදි කතා, ඇදහිලි, මිත්‍යා නිර්මාණය වෙනවා. ද වර්ල්ඞ් කියලා අපි දකින්නෙත් නැවත ඒ විදිහෙ මිත්‍යාවක්ම තමයි.

ක‍්‍රිපූ තුන්සිය ගණන් වල දැනට පකිස්ථානය තියෙන පැත්තෙ තියෙන ඉන්දු නිම්නයෙදි මැසිඩෝනියාවෙ ඇලෙක්සැන්දර්ට හෙළුවෙන් ඉන්න මුනිවරයෙක් මුණගැහෙනවා. ඇලෙක්සැන්දර් මුනිවරයාගෙන් අහනවා මොකද මෙතන කරන්නෙ කියල.
‘මං ශූන්‍යතාවය දෙස බලා ඉන්නවා’ කියලා එයා අහස දිහා බලන් ඉන්නවා. එයත් අහනවා ඇලෙක්සැන්දර්ගෙන් මොකද මේ කරන්නෙ කියල.

‘මං ලෝකෙම යටත් කර ගන්නවා’ ඇලෙක්සැන්දර් කියනවා. මාර වැඬේ කියන්නෙ දෙන්නම අනිත් කෙනාගෙ අදහසට හිනාවෙනවා. මේක තමයි මේ සිතීම් දෙකේ වෙනස. ඇලෙක්සැන්දර් හැදෙන වැඩෙන මිත්‍යාව හෙළුවෙන් ඉන්න මුනිවරයා හැදෙන වැඩෙන මිත්‍යාවට වඩා වෙනස්. ඇලෙක්සැන්දර්ගේ ගුරුවරයා තිතට තාර්කිකත්වය පුහුණු කරන ඇරිස්ටෝටල්. එයාගෙ කියවන්නෙ හොමර්ගේ ඉලියඞ් වගේ වීර කාව්‍යය. එයාට  ඕන ඇචිලීස් වගේ වීරයෙක් වෙන්න. එයා බයයි සිසිපස් වගේ පරාජිතයෙක් වෙයි කියලා. ඇලෙක්සැන්දර්ගේ මිත්‍යාවෙන් කියන්නෙ අපි ජීවත් වෙන්නෙ එක වතාවයි කියල. ඊට පස්සෙ අපි ගංගාවක් තරණය කරනවා. වීරයන්ගේ ස්වර්ගයට යන්න සුදුස්සෙක් වෙලා ඉන්න එක වැදගත් වෙන්නෙ මෙතනදියි.
ඒත් මුනිවරයාගෙ මිත්‍යාව ඊට වඩා වෙනස්. එයා දන්නෙ භාරත් වගේ වීරයො ගැන (පස්සෙ මහා භාරතය වෙන්නෙ) එයා සියලූ දෙනා යටත් කරගෙන එයාගෙ ජයග‍්‍රහනයේ කොඩිය ගහන්න කඳු මුදුනකට යනවා. ආඩම්බරෙන් ඒ කොඩිය ගහලා වටපිට බලද්දි එයා තව ගොඩක් ඒ වගේ කොඩි දකිනවා. ඒ කලින් ඒ විදිහට විජයග‍්‍රහණයන් කළවුන්ගේ ජයකොඩි. තමන් මේ සියල්ල අතර කොයි තරං කුඩාද, තමන් ඉදිරියේ ඇති අනන්තය කොයිතරං විශාලද කියල භාරත්ට අවබෝධ වෙනවා. (මේ මහද්වීපික සත්‍යය කවදාවත් අපේ වගේ දුපතක එකෙකුට අවබෝධ වෙන්නෙ නෑ)

මුනිවරයා දන්න මිත්‍යාවෙත් කෙනෙක් මරණින් මතු ගංගාවක් තරණය කරනවා. ඒත් ඒ එක වරක් නෙමෙයි. ඒ ගෙ`ග් එහා මෙහා නැවත නැවත තරණය කරනවා. ඒක අනන්තයක්. බටහිර සිතීම නිතරම එකේ ඉලක්කමකුත් පෙරදිග සිතීම බිංදුවකුත් සළකුණු කරන්නෙ ඒ විදිහට. බිංදුව හොයාගන්න ඉන්දියානු ගණිතඥයන්ට මේ අනන්තය නැත්තං ශූන්‍යතාවය ගැන දැනීම ඉවහල් වුණා කියල කියනවා.
මේ විදිහට පෙරදිග සිතීම චක‍්‍රීය එකක් වෙද්දි බටහිර සිතීම රේඛීය එකක් වෙනවා. අපි ගත්තොත් මේක කොහොමද වර්තමාන එදිනෙදා දේවල් වලට බලපාන්නෙ කියලා ඒක හරි සරලයි. විශ්වාසය ඇතුලෙන් අපි චර්යාවකට මුල පුරනවා. ඒ චර්යාව තමයි ව්‍යාපාරය හෝ සංකීර්ණ ක‍්‍රියාව ආපහු හදන්නෙ.

බටහිර විශ්වාසය මත පදනම් වෙච්ච සිතීම මේ විදිහට විග‍්‍රහ කරගන්න පුළුවන්. ඒක වැඩ කරන්නෙ ධන ඍණ නැත්තං ද්විකෝටික තර්කනයෙ ප‍්‍රතිවිරුද්ද යුගල අතර විතරයි. ඒ වගේම ඒක නිශ්චිත සත්‍යයක් හොයාගෙන යන්න උත්සාහ කරනවා. හැම දෙයක්ම ප‍්‍රමිතියකට, විනයකට, පද්ධතියකට අඩංගු කරලයි ඒ සිතීම මෙහෙයවෙන්නෙ. පරම වූ යමක් දිශාවටයි ඒක දිශානත වෙන්නෙ. ක‍්‍රිස්තියානියේ ඉඳන් මාක්ස්වාදය දක්වාත් ඊට පස්සෙ පශ්චාත්වාදයන් දක්වාත් අදහස් ගොඩනැගෙන්නෙ මේ පදනම උඩ.

පෙරදිග පදනම මීට වෙනස්. ඒකෙ තාර්කික නෑ. ද්විකෝටිකයෙන් අල්ලන්න බෑ. පස්සෙ විස්තර කරගත්ත විදිහට බුදුන්ගේ දර්ශනය චතුස්කෝටිකයි කියනවා. ඇතැම් සිතීම් බහුකෝටිකයි කියනවා. ඒ වගේම කරුණු වෙනුවට මතවාද උඩ මේ සිතීම හැසිරෙන්න ගන්නවා. පවතින සංදර්භය අනුව, සාපේක්‍ෂව හැඩගැන්වුණු යතාර්ථයක් තමයි මේ සිතීමෙන් අවබෝධ කර ගන්න හදන්නෙ. අපේ රටේ ඇකඩමික් විද්වතුන්ට ලංකාවෙ හැසිරීම හෝ දේශපානය ගැන ලංකාවෙ කාලගුන දෙපාර්තමේන්තුව කාලගුනේ ගැන කියන අනාවැකියක් තරම් වත් නිවැරදි දෙයක් කියාගන්න බැරි හේතුව තියෙන්නෙ මෙතනයි.

බටහිර මිත්‍යාවෙ ආධ්‍යාත්මිකය පවා නිශ්චිත වගුගත කිරීමක් කරලයි තියෙන්නෙ. දෙවියන් ඉදිරියට පව් සමා කර ගන්න යනකොට අපි කළ පාපය හා කුසලය ගැන තාර්කික වැටහීමක් තියෙනවා. ඒත් පෙරදිග දෙවියන් ඉදිරියට යාම, ඒ කියන්නෙ ‘දර්ශන්’ කියන එකේදි දෙවියන්ගෙ විශාල ඇස් ඉදිරියේ තමන් හිටගන්නවා විතරයි. වරද නිවැරැුද්ද ගැන දැනීම තියෙන්නෙ ඒ දෙවියන් අත මිස තමන් අත නෙමෙයි. ඒක වැරදි - හරි විදිහට දෙකට බෙදුණු ආධ්‍යාත්මයක් නෙමෙයි.

ඉන්දියානු කලාවන් ගත්තත්... බටහිර බැලරිනා කෙනෙක්ගේ ජ්‍යාමිතික රේඛීය හැඩතල සහ ඉන්දියානු සම්භාව්‍ය නර්තනයක විසිරුණු චලනයන් අරන් බලන්න. ඉන්දියානු සංගීතය වුණත්, ඒක හාමොනි මත පදනම් වෙන්නෙ නෑ. ඒක තනි තනි ආත්මීය හ`ඩවල් මතයි ගායනා වෙන්නෙ. ලිඛිත, සංවිධිත, සංයුක්ත බවක් වෙනුවට ඒ පරිසරය විසින් හැඩගන්වන නම්‍යශීලිත්වයයි ඉන්දියානු සංගීතයේ චමත්කාරය වෙන්නෙ.
බටහිර දර්ශනවාදයක් දේශපාලනයක් හෝ වෙන  ඕනම භාවිතාවක් ලංකාව ඉන්දියාව වගේ රටක අසාර්ථක වෙන්නෙ මේ වෙනස ඇතුලෙ. අපි ගෝලියකරණය කියන එකෙන් වෙන්නෙ මේ ශූන්‍යතාවය 0 පදනම් වුණු සිතීම බලෙන් 1 පදනම් වුණු සිතීමෙන් ශික්ෂණය කරන්න හදන එක. ඒක ඒ ජීවිත දරන මිත්‍යාව නෙමෙයි. ඒකෙන් ඒ ජීවිත කෑලි වලට ඉරෙන්න පටන් ගන්නවා. පරාරෝපනය සාමාන්‍යයක් වෙනවා. ඒ වගේම පරම්පරා ගණනාවක දැනුම් සහ ඇදහිලි විශ්වාස වල ශක්‍යතාවයන් වැළලිලා යන්න ගන්නවා.

මේ කියන්නෙ බාහිරය අත්ඇරලා ආත්මීය එක ඇතුලෙ හුදකලා වෙන්න කියන එක නෙමෙයි. ආත්මීය දේ ඇතුලෙන් බාහිරය කියවා ගැනීමේ භාවිතාවක් හුරු කර ගන්න එකේ වැදගත්කම. තමන් ඇතුලෙන් ලෝකය ගැන විද්‍යාවට කලාවට එළඹීමේ පරිපූර්ණතාවය ගැන. මෙතනදි මේ සිතීම් දෙකෙන් මොකක්ද හරි කියන වැදගත් වෙන්නෙ නෑ. හැම තිස්සෙම අපිට අපේ සිතීම වඩා නිවැරදි වෙන අතරෙම අනිකාගේ සිතීම වැරදි සහගත වෙනවා. ප‍්‍රචණ්ඩත්වය පටන් ගන්නෙ මෙතනින්.

මේ සිතීම් දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඒ සංදර්භ, අවස්ථා අනුව අපිට පැරඩයිමය මාරු කරන්න පුළුවන්. අපිට වගේම ආත්මීය වූ තමන්ගේ වූ සිතීමක් අනිකාටත් තියෙනවා කියලා පිළිගන්න පුළුවන් පලලක් අපි ඇතුලෙ ඇති වුණොත් මීට වඩා විශාල පරිමාණයක දේවල් අපිට හිතන්න පුළුවන්. ඒ මිත්‍යා ඇදහිලි කලාප දෙකක් එකට සංයෝග කිරීමෙන් වඩා විශාල මිත්‍යා කලාපයක සිතුවිලි අවදි කරන්න අපිට පුළුවන් වෙන හින්ද.

ඒත් කලින් කිව්වා වගේ මේ සිතීම් දෙකම මහද්වීපික සිතීම් දෙකක්. ඒත් ලංකාවෙන් ගැලවිලා ගිහින් තමයි ලෝකෙම හැදුනෙ කියන වර්ගයේ සිතීම් එක්ක ගනුදෙනු කරන දුපතේ අපිට පහු කරන්නෙ පෙන්ටගනය හැදුවෙත් රාවණා වගේ ළදරු සිතීමේ අවධි විතරයි. එතකොට චිත‍්‍රපටියක වුණත් අපිට පේන්නෙ අම්මට චිත‍්‍රපටිය පෙන්නීමේ අර්බුදය වගේ තැන්. රටක් විදිහට අපි පෙළෙන ඇත්ත විපරීතය තියෙන්නෙ මෙතන.

-චින්තන ධර්මදාස