Sunday, August 18, 2013

වල්මත් බවේ කුල්මත් වෙන්න.

ආයිමත් මුස්පේන්තු කාලයක්. වතුර ඉල්ලං පාරට බහින මිනිස්සුන්ට වෙඩි තියල දානවා, රාමසාන් වලට පහුවෙනිදා පල්ලියක් කුඩු පට්ටම් කරනවා, හරක් මරනවට විරුද්දව හාමුදුරුවරු ගිනි තියා ගන්නවා, දයාසිරි ආණ්ඩුවට පනිනවා, සිගරට් අරක්කු තව ගනං යනවා, මිනිස්සුන්ට අතේ සතේ නැති වෙනවා, බිස්නස් අඩුවෙනවා, කොම්පැණි ඇඞ්වර්ටයිසින් බජට් කපනවා, අපේ ලොක්කොන්ට යකා වැහෙනවා, අන්තමට අපේ ඇ`ගට කඩන් පනිනවා. එතකොට මං ඇහැරෙනවා.

මං මේ මොනවද කරමින් ඉන්නෙ? ආයිමත් හැරිලා බලන්නෙ ඒ හෙල්ලිල්ලට. එතකොට අපිට අපිව තනියෙන් පේනවා.

මේ වෙලාවට එන්නෙ හරිම නන්නත්තාර හැ`ගීමක්. වල්නරබල් කියල ඉංග‍්‍රීසියෙන් කියන්නෙ. සිංහලෙන් වල්මත් වීම කියල ගන්න පුළුවන්. මේක හැමතිස්සෙම දැනෙන්නෙ පද්ධතියක් එක්ක අපේ තියෙන සම්බන්දෙ බිඳ වැටෙන වෙලාවක. මේ වෙලාවෙ ලංකාවෙ ජනතාවම මේ වල්මත් වීම අත්විඳිමින් ඉන්නවා.  තමන් විසින් විශ්වාස කළ සුජාත රාජ්‍යය දැන් අවජාතක වෙමින් යනවා. එතකොට ඉවසුවා ඇති කියාගෙන කොටුවට එනවා.

අපි මේ මොකද්ද කරමින් ඉන්නෙ?

අපි මේ ආණ්ඩුවෙන් අපේ ස්ථාවරයන් ඉල්ලා හිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිය, 13 වෙනි සංශෝධනය මේ හැම එකක්ම අපිට  ඕන වෙන්නෙ අපේ වල්මත්බව අමතක කරන්න. ඒත් ඒ අමතක කිරීමේ රෝගය හින්දම මේ ආණ්ඩුවෙන් එහෙම දේවල් ඉල්ලන්න සුජාත අයිතියක් තියෙනවද කියලත් බලන්න අපිට බැරි වෙනවා.

මේ අපි භීතියට හදපු ආණ්ඩුවක්. කොළඹ බෝම්බ පුපුරන්න ගත්තට පස්සෙ අපිට දැණුනු වල්මත් බවට බයෙන් අපි හදපු බල ඇණියක්. පස්සෙ ඒකට අපි ආණ්ඩුව කිව්වා. ඒත් භීතිය මිසක් ඒ ආණ්ඩුවට වෙන තේරුමක් නෑ. මේ කතාව ටිකක් පැටලෙන්න පුළුවන්. මේක ආණ්ඩුවෙ වැරැුද්දක් නෙමෙයි. මේ ආණ්ඩුව කියන්නෙ ජනතාවගේ භීතියෙ ප‍්‍රක්‍ෂේපනයක් මිසක් අවබෝධයකින් කරපු ගොඩනැගීමක් නෙමෙයි.
ඒත් අපි ආණ්ඩුවෙන් ඒ ස්ථාවරයන් ඉල්ලා හිටිනවා. නැවත අපේ වල්මත් බව අමතක කරන්න. ඒ අවිනිශ්චිත බවට, හිඩැසට, හෙළුවට මූන දෙන්න බය විසින් අපිව ආපස්සට එලවගෙන යනවා. අපි ඉතිහාසෙ පැත්තට දුවන්නෙ ඒකයි. ඉස්සරහ අවිනිශ්චිතයි. ඒකට අපි බයයි.

යමෙක් සවිඥාණකව ජීවත් වෙන්න නම් විසුවියස් ගිනිකන්ද උඩ ගෙයක් හදා ගන්න  ඕන කියලා ෆෙඞ්රික් නීට්ෂෙ එක තැනක කියනවා. මේ කියන්නෙ ඒ අවිනිශ්චිත බවට, වල්මත් බවට මුහුණ දෙන්න  ඕන කියන එක. එතනදි විතරයි අපිට අපිව පේන්න ගන්නෙ. සමාජය අතුරුදන් වෙන ඒ මොහොත අපිව තල්ලූ කරනවා අපේ තේරුම හොයා ගන්න. මේකෙ සයිඞ් එෆෙක්ට් එකක් විදිහට භීතිය ඉපදෙනවා. ඒ භීතියට අපි පඹයො හදා ගන්නවා.

මේ විදිහට තමන් අවට නිශ්චිතයන් ගොඩනගා ගනිමින් තමන්ගෙ පැවැත්ම වල්මත් බවෙන් මුදවා ගැනීම තමයි අපි ජීවත් වෙනවා කියන්නෙ. අපිට නිශ්චිත දත්ත  ඕන වෙන්නෙ ඒකයි. එතකොට අපේ අදහස් අපිට ඇත්ත ස්ථාවරයන් වගේ පේනවා. එක දවසක් නිර්මාල් රංජිත් දේවසිරි මාත් එක්ක ඉතිහාසෙ ගැන මොකක් හරි පටලැවිල්ලක් වුණා. මං ලංකාවෙ ඉතිහාසෙ ගැන මගේ කතාව කිව්වා. නිර්මාල් වරින් වර බාධා කරමින් මගෙන් ෆැක්ට්ස් ඉල්ලන්න ගත්තා. මගේ ළ`ග එහෙම එව්වා නෑ. තිබ්බත් මට මතක නෑ. ෆැක්ට්ස් නැතුව ඒ කතාව ඇතුලට එන්න නිර්මාල් බය වුණා. ඒක හැම ඇකඩමික් චරිතයකටම අදාල කාරණයක්. ඒ අයගේ ෆැක්චුවල් ලෝකෙන් පිට ඒ ගොල්ලොන්ට පැවැත්මක් නැති එක. අපේ වගේ රටවල අලූත් අදහස් නිෂ්පාදනයක් නොවෙන්නෙත් මේ අවුල හින්දමයි.

පෙළපත, ජාතිය, ආගම මේ කොයිකට වුණත් රංචු වෙමින් අපි මග අරින්න ට‍්‍රයි කරන්නෙ මේ වල්මත් බව. ඒත් ජීවිතේ කොතන හරි කොනකින් ඒ නන්නත්තාර බව කඩා පනිනවා. අපි අනාථ වෙනවා. එතකොට....
එතකොට අපිට පුළුවන් තෝරා ගැනීම් දෙකක් කරන්න. එක්ක ඒ වල්මත් බව බාර ගැනීම. ඒකත් එක්ක ජීවත් වීම. මං හිතන්නෙ වෙන බොරුවක් හදා ගන්න බැරි වුණ හැම ලාංකිකයෙක්ම කරන්නෙ මේක. අපේ ජනප‍්‍රිය වෙන සිංදු ගත්තොත් මේ කතාව හොඳටම පේනවා. අ`ඩ අ`ඩා, හොටු හූරමින් අනුභව කරන්නෙ වල්මත් වීමේ දුක. විරහව.

දෙවෙනි විදිහ වල්මත් බව ඉක්මවා වැඞීම. ලොකු වෙනවා කියන එකේ නියම අදහස මේක. හොඳම උදාහරණයක් විදිහට මට මතක් වෙන්නෙ සිද්ධාර්ත චරිතෙ. මහල්ලෙක් ලෙඩෙක් මළකඳක් දැකලා සිද්ධාර්ථට තමන්ගෙ හීනයෙ පැල්ම අහුවෙනවා. මේක මහගෙන නොදැක්කා වගේ ඉන්නවා වෙනුවට එයා ඒ පැල්ම ඇතුලට යන්න තීරණය කරනවා. එයා මාලිගාවෙන් එලියට වල්මත් බව වෙතට අබිනික්මන් කරනවා. ඉපැයීමක් නැති, අයිතියක් නැති, කොන්දේසියක් නැති අවිනිශ්චිත පැවැත්මක් සිද්ධාර්ථ තෝර ගන්නවා. එයාගෙ සංග සමාජය වෙන්නෙ මේ වල්මත් බව මත සවිඥානකව පවතින පිරිස.

ඒත් අපිට සිදුහත් චරිතෙ පේන්නෙ වෙන විදිහකට. එයා ලෝකය පිළිබඳ නිශ්චිත පරමාර්ථ සත්‍යයක් අවබෝධ කර ගත්, භද්‍ර කල්පයකට එක පාරක් විතරක් පහල වෙන මාර තේරුමක් විදිහට. ඇත්තටම අපි බුද්ධ චරිතය ඇතුලෙන් අපේ පැවැත්ම ස්ථාවර කර ගන්න හදනවා. නිවන කියන පරම සත්‍යය අවබෝධ කර ගැනීමේ දැඩි උවමනාවෙන් අපි ජීවත් වෙනවා. ඒත් බුද්ධගේ ලොකුම සොයා ගැනීම ඇත්තටම කිව්වොත් සත්‍යය අපි වාෂ්ප කරලා දානවා.

හැම පිළිවෙතකම, හැම අදහසකම බුදුන්ගෙ තියෙන්නෙ මේ වල්මත් බව අත්දැකීම කියන කාරනේ. චතුරාර්ය සත්‍යයක් පුරා එයා කියන්නෙ වල්මත් වීම ගැන. ඒත් ඒක අපිට ස්ථාවර වීමක් වුනේ කොහොමද? සිංහල බෞද්ධ වෙලා බුදුන්ගේ දේශය වෙලා මහින්ද බුදුන්ගෙ නෑයෙකුත් වෙන තරමට මේ හීනය දුර දිග යනවා.

ටෙඞ් ටෝක්ස් ගොන්නක් මැද්දෙ ඉඳලා මට බ්‍රෙනේ බ‍්‍රවුන්ව මුණගැහුනෙ මේ හිතුවිලි මැද්දෙ නන්නත්තාර වෙද්දි. එයා මානව සම්බන්ධතා ගැන පර්යේෂණ කරන කෙනෙක්. පර්යේෂකයෙක් විදිහට එයා ඉගෙන ගන්න පළවෙනි න්‍යාය ‘යමක් කරුණු සහගතව ඔප්පු කරන්න ඔබට නොහැකිද, ඒ දෙය නොපවතී’ කියන එක (අපේ ඇකඩමියාවෙ ලොකු එක).

එයා ලස්සන කතාවක් කියනවා ටෙඞ් ටෝක්ස් වල එයාට දුන්නු හඳුන්වාදීම ගැන. දැන් කවුරු හරි බ්‍රෙනේ බ‍්‍රවුන් කවුද කියලා ඇහුවොත් ඒකට කියන්නෙ ‘එයා පර්යේෂිකාවක්’ කියන එක. ඒ කතාවෙම තියෙන නොකියන කතාව වෙන්නෙ ‘එයා බෝරිං, අදාල නැති දේවල් කියන’ කෙනෙක් වගේ එකක්. ඒත් බ‍්‍රව්න් ආසයි එයා කතා කියන්නෙක් විදිහට හඳුන්වන්න පුළුවන් නම්. ඒත් එතකොට අර ඇකඩමික් පැවැත්ම නැති වෙනවා. එයාව අඳුන්නා දීමේදීම එයා කවුද කියන අවිනිශ්චිත පැල්ම මුනගැහෙනවා.

එයා මොනවද කරන්නෙ?

‘මං කතා එකතු කරන පර්යේෂිකාවක්’ අන්තිමට බ‍්‍රවුන් කියනවා. එයාගෙ පර්යේෂණය වෙන්නෙ තමන් වටිනවා කියන හැ`ගීමෙන්, වෙන විදිහකට කිව්වොත් තමන් ගැන හීන මානයක් හෝ අධි මානයක් නැතුව බලන්න පුළුවන් අය අතර සමාන ලක්ෂණ අඳුර ගැනීම. ඒ එක්කම තමන් පහත් හෝ උසස් කියන හැ`ගීමෙන් පීඩා විඳින අයගෙයි කලින් අයගෙයි අතරෙ වෙනස්කම් සළකුණු කිරීම.

එයා අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු ගැන විස්තර එකතු කරනවා මේ වෙනුවෙන්. එයා අන්තිමට දකිනවා එක පොදු කාරණයක් තමන් පිළිබඳ වටිනාකමක් ඇතුව (තමන් තුල) ජීවිතය ගත කරන මිනිස්සු අතරෙ. ඒ තමයි ඒ ගොල්ලො වල්මත් බවට මුහුණ දුන් අය වීම. ඒ වල්මත් බව ගැන අවබෝධයක් ලත් අය වීම. එය මගහැර නොගිය අය වීම. අනෙක් පිරිස වරින් වර ඒ වල්මත් බව මග අරින්න පඹයො හදාගන්න දුක් විඳින පිරිස.

මේ විදිහට ජීවිතේ වල්මත් බවට මුහුණ දීමට ධෛර්යය අවශ්‍ය වෙනවා කියලා බ‍්‍රවුන් කියනවා. ඒක හැමෝම කියන සරල කතාවක්. ඒත් බ‍්‍රවුන් මෙතනදි ධෛර්යය කියන තේරුම දෙන ‘කරේජ්’ වචනයේ ආරම්භය හොයාගෙන යනවා. කරේජ් කියන වචනෙ එන්නෙ ‘කර්’ කියන ලතින් වචනෙන්. ඒ කියන්නෙ හදවත කියන තේරුම. කරේජ් කියන වචනෙ හරි තේරුම වෙන්නෙ ‘මුළු හදවතින්ම’ ජීවත් වීම කියන එක. බ‍්‍රවුන් ධෛර්යය කියන්නෙ මේ තේරුමෙන්. තමන්ට තමන් හැටියෙන් මුළු හදවතින් ජීවත් වෙන්න පුළුවන් වුනු අයට විතරයි තමන්ගේ පැවැත්ම පිළිබඳ ඇත්ත වටිනාකමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් වෙලා තිබුනෙ. ඒ අය ඒ ඇත්ත බාර ගත්තෙ අවිනිශ්චිත කලාපයකදි. අවදානම් කලාපයකදි.

වැඩියෙන්ම ආදරේ දැණුන මොහොත කියල අපි කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියන්නෙ එයාට වැඩියෙන්ම ආදරේ නැති වීම දැනිච්ච වෙලාව. වැඩියෙන්ම සතුටු වුණු මොහොත ඇහුවොත් කෙනෙක් ඇස් වල කඳුළු පුරවගෙන කියන්නෙ එයා වැඩියෙන්ම දුක් වුණු මොහොත. ඒ වගේම පැවැත්ම ගැන ගැඹුරට කැපෙන අවබෝධය ඇති වෙන්නෙ වල්මත් බවේදි විතරයි.

රස්තියාදුකාරකම කියල එක විදිහකට කියන්නෙත් මේ වල්මත් පැවැත්මට. ඒත් ලංකාවෙ ‘අපි රස්තියාදුකාරයො’ කියල ආඩම්බරෙන් කියන්නෙ ඒකත් ස්ථාවරයක් කර ගන්න  ඕන වුණු අනාත පිරිසක්. එහෙම නැත්තං රස්තියාදුකාරයෙක් කියන්නෙ නිශ්චිත මතවාදයක්, අදහසක්, ගල්කණුවක්, කුරුසයක් නැතුව අදහස් අතරෙ හිඩැස දකින වල්මත් බවේ පවතින්නෙකුට.

තමන් ඇතුලෙ මේ වල්බත් බව, එහෙම නැත්තං සමාජ පද්ධතියෙන් ගැලවුණු හුදකලා තමන් මුහුණ දෙන නන්නත්තාර භීතිය හරියට තේරුම් ගැනීමෙන් විතරයි හොඳ සමාජ සම්බන්ධතා ගොඩනගන්න පුළුවන් වෙන්නෙ. නැත්තං වෙන්නෙ සෙක්ස් නැති වුණාම විප්ලවේ  ඕන වෙනවා වගේ පිට පැනපු තේරුම් අතරෙ භාෂා පටලැවිල්ලක් විතරයි. ඒ දැනුවත් සමාජ සම්බන්ධතා ඇතුලෙන් විතරයි දේශපාලනය කොහොම වෙන්න  ඕනද කියලා අදහසක් සාකච්ඡවට ගන්න පුළුවන්.

ලංකාවෙ මේ අවිනිශ්චිත මොහොත අහම්බයක් නෙමෙයි. අනිවාර්යයක්. මේ වල්මත් බව ඇතුළට ගැඹුරට කපන්න අපිට පුළුවන් වෙන ප‍්‍රමානෙ අනුවයි අපේ ඊළ`ග පියවර ආයිමත් ළමා හීනයක්ද, සවිඥාණක ගොඩනැංවීමක්ද කියන එක තීරණය වෙන්නෙ. ආණ්ඩුවෙන් ස්ථාවරයන් ඉල්ලා සටන් කරනවා වෙනුවට ආණ්ඩුව ඇතුලෙන් පේන අපේ ඇත්ත වල්මත් බවට ඇති භීතිය දකින එක අනාගතවාදීයි කියල මට හිතෙන්නෙ එතකොට.

චින්තන ධර්මදාස

10 comments:

  1. මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් ටිකක් තියෙනවා. මේකත් ඉන් එකක්. ලිවීම වගේම කියන් දේවලුත් බොහොම වටිනවා. හැමදාම හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා. මේවා කියවන අයත් තමන් යන එන සමාජ ජාලා අඩවි වගේ තැන් වල අනිත් අයත් එක්ක මේවා බෙදා ගන්න. මුල ඉඳන් අග වෙනකන් කියවල හෙමින් සැරේ හිතල බැලුවා මගේ බුද්ධි මට්ටමෙන්. මගේ ජීවිත අත්දැකීම් එක්ක, අනුන්ගෙ ජීවිතත් එක්ක තියල බැලුවා. යකෝ මේ කියන්නෙ බොරුද, වචන ගොඩක් විතරමද කියල හිතුනා. ලෙසටම ලියල තියෙනවා. මං හිතන්නෙ මේවා කියවන කට්ටියත් ගොඩක් වෙලාවට ඔය "වල්මත් බව" ගැන අවබෝධයක් තියෙනව ඇති. මේ කොලිටිය මෙහෙමම තියා ගන්න පුලුවන් වෙයි කියල හිතනවා. :)

    ReplyDelete
  2. I am still digesting this, will comment later. Have a question, can you translate vulnerability as වල්මත්වීම..?

    If anyone wants to listen to Brené Brown's TED talk just search "Brené Brown" in youtube.

    ReplyDelete
  3. vulnerability is not වල්මත්වීම. It has a meaning like this: "Exposed to the possibility of being attacked or harmed, either physically or emotionally: "we were in a vulnerable position"."

    වල්මත්වීම is more like being lost or being stray.

    Apart from that I enjoyed your thoughts. But picking that word made me wonder whether you wanted to be වල්මත් or you really got scared about the effing situation you were in :D

    ReplyDelete
  4. //මං ලංකාවෙ ඉතිහාසෙ ගැන මගේ කතාව කිව්වා.//

    ලංකාවෙ ඉතිහාසෙ ගැන ඔබේ කතාව දැනගන්න කැමතියි.

    - Dimithri

    ReplyDelete
  5. "එක දවසක් නිර්මාල් රංජිත් දේවසිරි මාත් එක්ක ඉතිහාසෙ ගැන මොකක් හරි පටලැවිල්ලක් වුණා. මං ලංකාවෙ ඉතිහාසෙ ගැන මගේ කතාව කිව්වා. නිර්මාල් වරින් වර බාධා කරමින් මගෙන් ෆැක්ට්ස් ඉල්ලන්න ගත්තා. මගේ ළ`ග එහෙම එව්වා නෑ. තිබ්බත් මට මතක නෑ. ෆැක්ට්ස් නැතුව ඒ කතාව ඇතුලට එන්න නිර්මාල් බය වුණා"
    I am just wondering how can you argue something without presenting FACTS. The way you sound, claims like Sinhala Buddhists have a 2500 years of history are acceptable because they don't have to give facts. this is what called DOGMATISM.

    -Samal

    ReplyDelete
    Replies
    1. Chinthana was not arguing. Chinthana was presenting his perception. Nirmal was the one who was arguing. Nirmal should've had prsent his facts. Chinthana had no business with facts.

      Delete
    2. When he says "මං ලංකාවෙ ඉතිහාසෙ ගැන මගේ කතාව කිව්වා", Nirmal has all the right to ask for facts to verify Chinthana's story and Chinthana has the ability to present facts for credibility because it is "his story". If he does not have facts to verify his story, then it is just another story like Jackson Anthony's "Aba". Funny thing is Chinthana is covering his stupidity by saying " ෆැක්ට්ස් නැතුව ඒ කතාව ඇතුලට එන්න නිර්මාල් බය වුණා. ඒක හැම ඇකඩමික් චරිතයකටම අදාල කාරණයක්. ඒ අයගේ ෆැක්චුවල් ලෝකෙන් පිට ඒ ගොල්ලොන්ට පැවැත්මක් නැති එක." Well Chinthana has no facts and it's Nirmal's fault not believing it.
      -Samal

      Delete
    3. If Chinthana was wrong,Nirmal should've presented his facts to prove it was wrong.

      Delete
    4. ane gono it was Chinthana's story of history and it was his responsibility to verify what he said. BTW I give up. no point of arguing with pundits like u. Well chinthana can say all the bullshit which comes to his mind cz there are idiots like u who believe stories without facts. Maara Radical aaaa!
      -Samal
      P.S is this Anonymous, Chinthana himself???

      Delete
    5. u don't undrstand it at all Samal.Free your mind. no,way I'm not Chinthaa.

      Delete