Wednesday, November 28, 2012

නිරුවත් ජීවිතයේ සරුවත්

 අපේ කාලයේ දාර්ශනිකයාකියල දීප්තිගේ පිංතූරයක් දාපු පැපරාසියා `ගරාවක් ෆේස්බුක් එකේ දැක්කා. ඇතුලෙ මොනවා තියෙනවද කියල කියවන්න වුණේ නෑ. සේපාල් සංවිධානය කරපු කර්ම චිතරපටි සංවාදෙට දීප්ති ආපු එකත් එක්ක ඒකෙ මොකක් හරි හැ`ගුම්බර සම්බන්ධයක් ඇති. එක්ස් එක ගැන කලින් උපහාර ග්‍රන්තයක් කළෙත් සේපාල්. නිහාල් එක්ක එකතු වෙලා.

දීප්ති ගැන මේ විදිහෙ හඳුන්වාදීමක් දැක්ක පළවෙනි වතාව. ඒත් මාත් ගැන කල්පනා කෙරුවා. දීප්ති ලංකාවෙ සංස්කෘතික විශ්වයක් නිර්මාණය කරපු චරිතයක්. ඒක කණ්ඩායම් වැඩක් කියල මං විශ්වාස කරන්නෙ නෑ. කණ්ඩායම දීප්තිගෙ නිර්මාණය. කණ්ඩායමේ අභ්යන්තරය විසින් ඒකාධිපතියෙක්, ආඥාදායකයෙක් වගේ දීප්ති ගැන කරපු චෝදනා මට තරං බරපතල නෑ. හැම සංස්කෘතික වෙනසක් යෝජනා කරන්නෙක්ම ආඥාදායකයෙක් තමයි මට අනුව. බුදුන් ගත්තත් ජේසුන් ගත්තත් නබිනායක ගත්තත් ඒක එහෙමයි. ප්‍රජාතාන්ත්‍රවාදය හෝ වෙනයම් පරණ ආකෘතියක අදහසින් වගේ අලූත් වෙනසක් නිශේධනය වෙනවා මිසක් කොහොමවත් ඵලදායී දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඒක වැඩි දෙනෙක් එක` අන්තය තෝරා ගැනීමෙන් ශක්තිමත් වීම. වැඩිදෙනෙක් එක` අදහසක් දියුණු අදහසක් වෙන්නෙ කලාතුරකින්. හිට්ලර් වුණත් අපිට තියන්න වෙන්නෙ පේලියෙ. සමහරු සොඳුරු අඥාදායකයො. තවත් සමහරු භයානක අන්ත වලට යනවා

එක්ස් කියන්නෙ ලංකාවෙ එක්තරා සංස්කෘතික අවකාශයක්. විප්ලවයක්. තව  ඕන නමකින් හඳුන්වන්න පුළුවන්. අපේ කතිකා නිර්මාණය වුණේ සංස්කෘතික විශ්වය ඇතුලෙ. ලංකාවෙ ඇකඩමික් චරිත විසින් මස්තබාල්දු කරල තිබ්බ දාර්ශනික සිතීම් දේශපාලනික භාවිතයක් ඇතුලට අරන් ආවෙ සංවාද වලින්. ඒත් ලංකාවෙ දීප්තිට අවශ් සීරියස් පිළිගැනීම ලැබුණෙ නෑ. නොලැබීම පුද්ගලික තැනකට වඩා සමාජමය තැනකින් එක්තරා ඉදිරි පියවරක් රමාද කළා කියල මට හිතෙනවා. දීප්ති ඉවර වෙන්න පටන් ගත්තා. අන්තිමට පැපරාසියා දක්වා පල්ලම් බැස්සා.

පැපරාසියා කියන්නෙත් කල්ට් වැඩක්. ඒත් ඒක සිද්ද වෙන්නෙ එක්ස් කණ්ඩායම විසින් නිර්මාණය කරපු අඳුරු පැත්ත හරහා. අඩුම තරමෙ පැපරාසියා අරාජිකවාදී වත් වුණා නම් මොකක් හරි දෙයක් වෙන්න තිබුණා. වෙනුවට ප්‍රකාශනය හැම තිස්සෙම කන්යා සිවි වර්ගයේ සදාචාර මිණුම් `ඩු උඩ නවතිනවා. බඩු ගහපු කතා, සල්ලි වංචා මේවා උඩ සදාචාරීද නැද්ද කියන එක තමයි මං කියවපු ගොඩක් ලිපි වල විවේචනයෙ පාදම වුණේ. ඒක රාම්යයි. නාගරික වෙනසක් වෙනුවෙන් සංවාද කරත් එක්ස් කණ්ඩායම ෆේල් වුණේ මේ රාමීය ඇත්ත එලියට එන්න ගත්ත හින්ද. පැපරාසියා ඒකෙ නෂ්ටාවශේෂයක් විදිහටයි මං දකින්නෙ. එතකොට දීප්ති සහ පැපරාසියා එක්වීම අපි කියවාගන්නෙ  ඕන කොහොමද? මං තාමත් කැමතියි ඒක උපාය මාර්ගයක් විතරයි කියල පිළිගන්න. ඒත් මේ දවස් වල ගොඩක් වෙලාවට උපාය මාර්ගයට පිටින් මොකක් වත් නෑ.

කාලෙකට පස්සෙ ඉස්තෙබාන්ව හම්බුණා ඔෆිස් එකෙන් පස්සෙ චැට් එකක් දාන්න

මචං, උඹ රූස්වෙල්ට් ගෙ ස්පීච් එක අහලා තියෙනවද?’ කතාව පටන් ගත්තෙ එහෙම. රූස්වෙල්ට් කියල ඉස්තෙබාන් කිව්වෙ තියොඩෝර් රූස්වෙල්ට් (ටෙඞී) . ඇමරිකාවෙ 26 වෙනි ජනාධිපතිට. එයා රිපබ්ලිකන් පක්ෂෙන් බලයට ආවෙ. ප්‍රගතිශීලී පෙරමුණට එයා දීපු නායකත්වය නිසා වගේම එයාගෙ කව්බෝයි ස්ටයිල් එකේ පෞර්ෂය නිසා රූස්වෙල්ට් කැපී පෙනෙන ජනාධිපතිවරයෙක් වුණා. ස්වභාවවාදියෙක්, ගවේෂකයෙක්, දඩයක්කාරයෙක්, ලේඛකයෙක් සහ සොල්දාදුවෙක් විදිහට එයාට තියෙන ප්‍රසිද්ධියත් දේශපාලනඥයෙක් විදිහට තියෙන ප්‍රසිද්දිය තරම්මයි. ඉස්තෙබාන් මතක් කළේ රූස්වෙල්ට් ගෙ රසිද්ද කතාවක්.

විචාරකයා නෙමෙයි වැදගත් වෙන්නෙ. ශක්තිමත් මිනිස්සු ගත්ත මහන්සිය ගැන දොඩවන හෝ දේ වඩා හොඳින් කරන්න තිබුණු විදිහ කියන අය නෙමෙයි වැදගත් වෙන්නෙ.

පූර්ණ ගෞරවය ලැබෙන්න  ඕන ඇත්තට සටනෙ ඉන්න මිනිහට. දූවිල්ලෙන් දහඩියෙන් සහ ලෙයින් මුහුණෙ කැළැල් වැටුණු සටන්කාමියාට. වැරදි වැරදි ආපහු උත්සාහ කරන මිනිහට. වැරදීම් නැති උත්සාහයන් ලෝකෙ නෑ. ඒත් දේ කරන්න ඇත්තට මහන්සි වෙන මිනිස්සු, ගැන අධිකතර ආශාවකින් කැපවෙන මිනිස්සු, අරමුණ වෙනුවෙන් ජීවිතය පුදන මිනිස්සු, අවසානයේ ජයග්‍රරහණයේ උත්තුංග ප්‍රීතිය හොඳින්ම දන්නේ ඔවුන්.  පරාජය වුණත් නිර්භීතව පරාජය ලබන මිනිස්සුන්ටයි ගෞරවය හිමි වෙන්නෙ. එහෙම නැතුව මේ බියගුළු යටත් උන් ජයක් වත් පරාජයක් වත් ගැන දන්න උන් නෙමෙයි
තියඩෝර් රූස්වෙල්ට් මේ කතාව කියන්නෙ පැරීසියෙදි, ජනරජයක් තුල පුරවැසියන් ගැන කතාවක් කරගෙන යන අතරෙ.

මචං මං කියන්නෙ රූස්වෙල්ට් මේ කියන කතාව පරණයි. අපි හැමෝම මේක දන්නවා. මේවා එක කාලෙක මොනාට හරි වැඩ කරන්න ඇති. ඒත් දැන් අපි මීට වඩා එහාට යන්න  ඕනි. මේවා ලස්සන බොරු
ඉස්තෙබාන් කියන කතාව මට ටිකක් දිගට පැහැදිලි කරන්න වෙනවා. එයා කියන්නෙ,
එපා, එපා, එපා, එපා කවදාවත් උත්සාහය අත් අරින්න එපාවගේ කතන්දර දැන් හැමෝම බොරු කියලා දන්න ඒත් ලස්සන නිසා ෆේස් බුක් අප්ඬේට් කරන්න වගේ තියන් ඉන්න අදහස් කියලා.

උදාහරණයක් විදිහට දෙන්නෙක් තරගෙකට ඉදිරිපත් වෙද්දි අපි ඇවිත් කියනවා,
උඹට පුළුවන්. අනිවාර්යෙන්ම උඹ දිනනවාමයිකියලා. අපි දෙන්නටම මේ එකම කතාව කියනවා.
මේ කියන මොහොතෙම අපි දන්නවා මෙතනින් එක්කෙනයි දිනන්නෙ කියන එක. ඒක තරග කරන දෙන්නත් දන්නවා. ඒත්හොඳ හිතවගේ අදහසකින් අපි මේ බොරුව කියනවා. ඉස්තෙබාන් ගෙ අදහස මේවාලස්සන බොරුකියන එක.

අනුව ඇඞ්වර්ටයිසින් වලින් හැම තිස්සෙම නිර්මාණය කරන්නෙලස්සන බොරු. අපි පැණි රහට බොරුවක් හදලා විකුණන්න දානවා. ඒත් ඉස්තෙබාන්ගෙ මේ උදාහරණෙට මං විරුද්ද වුණා.
අපි ලංකාවෙ ඇඞ්වර්ටයිසින් වලින් නං හදන්නෙකැත බොරු. කටේ තියන්න බැරි ඒවා. මට තාම හිතාගන්න බෑ ඒවා විකිණෙන්නෙ කොහොමද කියල

ඉස්තෙබාන් කියන්නෙ තවදුරටත් මේ විදිහෙ ලස්සන බොරු වලින් සමාජය ගෙනියන්න  ඕන නෑ කියල. ඒවා එක්ස්පයර්ඞ් සහ ඒවායින් තවදුරටත් සමාජ ඵලදායිතාවක් අත් වෙන්නෙ නෑ කියන අදහස. වෙනුවට එයා යෝජනා කරන්නෙ අපි ඇත්ත ලස්සන කරමු කියල.

මේක නිකං සරල පෝස්ට් කාඞ් වර්ගයේ කතාවකට වඩා ගැඹුරකින් ඉස්තෙබාන් යෝජනා කරනවා. උදාහරණයක් විදිහට තරගකාරයන් දෙන්නව දිරිමත් කරන කතාව වෙනස් විදිහකට කරන්නත් පුළුවන්.
මේ තරගෙන් දින්නනෙ දෙන්නගෙන් එක්කෙනයි. ඒත් එක්කෙනෙක් දිනන්නෙ අනිත් කෙනත් තරග කරන නිසා. තරග කිරීමයි වැදගත් වෙන්නෙ  බොරුව ලස්සන කරනවා වෙනුවට ඇත්ත බාර ගන්න පුළුවන් තැනකට ගේනවා. මරණය ගැන බයට නිර්වාණය හෝ ස්වර්ගය යෝජනා කරනවා වෙනුවට මරණය බාර ගන්න පුළුවන් තැනකට ජීවිතය පරිණත කරනවා.

ඇඞ්වර්ටයිසින් පැත්තෙන් ගත්තොත් මේ වෙනස මං කාලෙක ඉඳන් බලාපොරොත්තු සහගතව බලන් ඉන්න වෙනසක්. මොකක් හරි බඩුවක නැති ගුණ ගැන බොරු කියනවා වෙනුවට පොඩි හරි වෙනසක් වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන විදිහෙ කැම්පේන්. අලූත් අදහසක්, සංස්කෘතික වෙනසක් (හොඳ හෝ නරක
) වෙනුවෙන් ආයෝජනය කරලා වෙනස තමන්ගෙ වෙළඳපොල කර ගන්න එක. වෙළඳපොලක් ඇති කිරීම කියන්නෙ මට අනුව නෙගටිව් දෙයක් නෙමෙයි. ඒත් ඒක නිකම්ම පොලක් නොවෙන්න  ඕන. සංස්කෘතික ආයෝජනයක් සිද්ද වෙන්න  ඕන කියන අදහස. ලස්සන බොරුවක් වෙනුවට ඇත්තක් ලස්සන කරන එක.

ඉස්තෙබාන් එයා දන්න සටන් කලාව ඇතුලෙන් එයාගෙ අදහස පැහැදිලි කරන්න රයි කළා.
මචං මං ආසම ෆයිටර් කෙනෙක් ඉන්නවා ෂෝගන් රුආ කියල. මාර කැපවීමකින් වැඬේ කරන්නෙ. උගේ ලයිෆ් එකම ෆයිටින්. ඌත් එක්ක ෆයිට් කරන්න වැටුණා ජොන් ජෝන්ස් කියල එක්කෙනෙක්. එයා එච්චර ඩෙඩිකේටඞ් නෑ. ඒත් `ගපත පට්ට ලොකුයි. අත් දෙක දිග ඇරියම අඩි හතක් විතර. ඉතින් මේ දෙන්නා ෆයිට් කරලා චැම්පියන් වුණේ ජොන් ජෝන්ස්. ඒක අපි කලින්ම දන්නවා මචං. ඒක බේස් එක විදිහට බාර ගන්න  ඕන. ෂෝගන් කොච්චර ට්‍රයි කළත් අර යකා උගේ ඉපදෙන කොට ආපු දේවල් හින්ද දිනනවා. එතකොට උත්සාහවන්තයා ජයගනී වගේ කතා බොරු මචං. ඒවා හින්ද මිනිස්සු වේස්ට් වෙනවා. අපි හිතන ස්ටයිල් එක මාරු කරන්න  ඕන

ඉස්තෙබාන් කියන්නෙ වගේ බොරු වෙනුවට ඇත්ත බාර ගන්න තරමට අපි ලොකු ළමයි වෙන්න  ඕන කියල. ඒක ලස්සන අදහසක්. තව ටික ටික පැතිරෙන්න වටිනවා.

-චින්තන ධර්මදාස

Friday, November 23, 2012

හිට්ලර් ට මං ආසයි


වැලිකඩ හිරගෙට පැනලා රැුඳවියො එක්ක එස්ටීඑෆ් එක ඇති කර ගත්ත ගැටුම හින්ද තිහකට ආසන්න ගානක් මැරුණ. මත් පෙති බීලා, ආයුද ගබඩා කඩලා, රත්තරං හොරකං කරලා ආදී දාහකුත් දේවල් කියල ආණ්ඩුව මීඩියා වලින් ජනතාවට ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය’ කියන පාඨය අමතක කළා.

‘ඔක්කොමටම තියල දාවි’ වහල උඩ නැගලා නටන හිරකාරයො දිහා බලාගෙන ජනතාව ටීවී ඉස්සරහ ඉඳන් කිව්වා. මගේ ඇ`ග හිරි වැටුණ. අපි මිනිස්සු ටිකක් දිහා වෙඩි තියලා දාන කං බලාගෙන ඉන්නවා.
‘ඔක්කොම අපරාධකාරයොනෙ. ඉවරයක් කරපු එක හොඳයි’

තියල දැම්මට පස්සෙ ජනතාව සැහැල්ලූ වුණා. හිර ගෙදරට ආයුධ අරගෙන සන්නද්ධ හමුදා ඇතුල් වීම කොයි තරම් නීත්‍යානුකූලද කියලා ජනතාවට වැදගත් වුණේ නෑ.

‘ඔහොම ඉවරයක් කළේ නැත්තං නඩු කියලා උන් එලියට එනවා’

තවත් සමහරු රේඩියෝ චැනල් වලට කෝල් කරලා පවා කිව්වා. හිර ගෙදර ද`ඩුවම් විඳින අයට තුවක්කු දික් කිරීම හා ඒක අනුමත කිරීම හරහා තමනුත් හිරගෙදර සිටිය යුතු අපරාධකරුවන් ගොඩට වැටෙනවා කියන එක දැනෙන්න හෘදය සාක්ෂියක් සිංහල බෞද්ධ ජනතාවට තිබුණෙ නෑ. සුනිල් පෙරේරා කියනවා වගේ හරක් මරනවට විරුද්ද සිංහල බෞද්ද ජනතාව වැලිකඩ තමන්ගෙ ඇස් ඉස්සරහ හිරකාරයො මරනවට විරුද්ද වුණේ නෑ. සමාජ ශෝධනයක් විදිහට ඒක බාර ගන්න මීඩියා වලින් ආණ්ඩුව කරන ප‍්‍රබන්ධයට ඒ ජනතාව කැමැත්තෙන් එක`ග වුණා.
සාපරාධී සමාජයක්....අපි ජීවත් වෙන්නෙ ඒකෙ.

හරි පුදුම රටක් මේක. නීතිය විතරක් නෙමෙයි හැම විධිමත් ආකෘතියක්ම බිඳහෙලනවට රටේ ජනතාවම පක්ෂයි. මෙතනදි ආණ්ඩුව විසින් ජනතාව බොරුවක් කියලා රවට්ටනවා නෙමෙයි. ජනතාවම තමන්ගෙ සාපරාධී මනස මුවා කර ගන්න මොකක් හරි බොරුවක් ඉල්ලා සිටිනවා. ඒ බොරුවට වහන් වෙලා තමන් කැමති විදිහට තමන්ගෙ ත‍්‍රිල ගන්න පුළුවන් හින්ද.

හරියට මිනිමැරුම්, දූෂණ ගැන විස්තර කියවනවා වගේම. ‘බලන්නකො මෙහෙමත් අපරාධ’ කියලා සම්මුතියට කිව්වට පුදුම ආතල් එකක් අපරාධයක් වුණාම. මේක තමයි ලාංකේය ජනතාවගේ ඇත්ත. නිකං ජනතාව විතරක් නෙමෙයි මට මුණගැහුණු ප‍්‍රවීණ සිනමාකරුවො කලාකරුවො පවා හිරකාරයොන්ට වෙඩි තැබීම අනුමත කරද්දි මාව හිරිවැටිලා ගියා. මේ රටේ අපි ආර්ට් කියලා බලන් ඉන්නෙ ඒ වගේ අය කරන වැඩ.

ෆේස් බුක් එකේ වීරත්වයෙන් තුවක්කු අරන් ඉන්න රැුඳවියන්ව ෂෙයාර් කරපු අයත් හිරකාරයන්ට වෙඩි තැබීමේ සමාජ ශෝධනය පිළිගත් අයත් එකම දෙයක් බෙදා හදා ගනිමින් හිටියා. ඒ එකම අපරාධකාරී ත‍්‍රිලක්. ත‍්‍රීවිල් ඇතුලෙ තෙරපි තෙරපි වෙඩි වැදුණු මිනිස්සු දැක්කට ජනතාව බය වුණේ නෑ. තමන් ජීවත් වෙන අනාරක්‍ෂිත අනීතික වටපිටාව ගැන ත‍්‍රාසයක් වෙනුවට එකම පාතාලයක් විදිහට හැමෝම ඝාතනය රස වින්දා. රෙස්ලින් වීඩියෝ පෝලිමේ ඉඳලා බලන සාමාන්‍ය ජනතාවක් අපිට ඉන්නෙ. ඒ ජනතාව විසින් ඡුන්දෙ දීලා පත් කරපු ආණ්ඩුවක් රට කරන්නෙ. ඒ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු අපරාධකාරයො ටිකක් හිරේ හිටියෙ.

මට ඩැනියෙල් ජොන්ස්ටන්ව මතක් වුණා.


zI was living in a Devil Town
Didn't know it was a Devil Town
Oh, Lord, it really brings me down 
About the Devil Town 

And all my friend were vampires 
Didn't know they were vampires 
Turns out I was a vampire myself 
In the Devil Town

හිර ගෙදර ඇත්තට වුනේ මොකක්ද කියලා හිරකාරයොයි ආණ්ඩුවයි ඇරෙන්න කවුරුවත් දන්නෙ නෑ. ඒ වෙනුවට හිර ගෙදර තාප්පෙට වඩා උස ප‍්‍රබන්ධයකින් සිද්ධිය නීතියට වඩා ඉහලින් සාධාරණියකරනය වුණා. ඒ ප‍්‍රබන්ධ තාප්පෙන් එබෙන්න කාටවත්  ඕන නෑ.

යූ ටියුබ් එකේ තිබිලා හිට්ලර් සහ ඇන්ටාර්ක්ටිකාව ගැන ඩොකියුමෙන්ටරියක් බැලූවා. ඒක රුසියානුවන් කරපු එකක්. හිට්ලර් සතුව ඇන්ටාර්ක්ටිකාවේ බලකොටුවක් තිබුණු බවත් පාවෙන පීරිසි පවා හිට්ලර් විසින් යුද්දෙදි පාවිච්චි කරපු බවත් ඒ ගොල්ලො යම් යම් සාක්ෂි උඩ පෙන්නනවා. හිට්ලර් අභ්‍යවකාශ ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න පවා උත්සාහ දරනවා. ඒක හුදෙක් කුමන්ත‍්‍රණ න්‍යාය උඩ ගොඩ නැගිච්ච ප‍්‍රබන්ධයක් වෙන්න පුළුවන්. ඒත් ආදි කල්පික මිත්‍යාවන් විද්‍යාව තුලින් ගවේෂණය කරමින් හිට්ලර් විශාල මිනිස් ශක්‍යතාවයක් නිර්මාණය කරන්න ගත්ත වෑයම ඒ ඩොකියුමෙන්ටරිය ඇතුලෙ දැනෙනවා. ශිෂ්ටාචාරයන් විසින් අත්පත් කරගත් සමස්ත මිනිස් දැනුම තමන් නතු කර ගන්නත් ඒක පාවිච්චි කරන්නත් හිට්ලර් ගන්න වෑයම විශිෂ්ටයි. අභ්‍යවකාශයට යානා යවන්න පවා එයා පර්යේෂණ කරනවා. ලෝකයේ හොඳම දැනුම තියෙන පුස්තකාල කොල්ල කනවා. ඒත් අපි හිට්ලර් ගැන දන්නෙ ලෝකය යටත් කර ගන්න ගිය අපරාධකාරයෙක් විදිහට විතරයි. ඒ ගැන පොසිටිව් චිත‍්‍රපටියක් හැදුවා කියලා ලාර්ස් වොන් ටි‍්‍රයර්ව කාන් සිනමා උළෙලෙන් පවා එලියට දානවා. මට ඒ වාර්තා චිත‍්‍රපටිය බලද්දි දැණුනෙ හිට්ලර් ගැන අපි දන්නෙත් වැලිකඩ ගැන වගේම ප‍්‍රබන්ධයක් නෙමෙයිද කියල.

මේක ටිකක් විසංවාදී ගොඩනැංවීමක් වෙන්න පුළුවන්. වැලිකඩ ප‍්‍රවෘත්තිය එක්ක ඒකාධිපති ආණ්ඩුව කියන තැනට ගොනු වෙනවට වඩා ඒකාධිපතියෙකුගෙ දුෂ්ට නොවන අන්තයක් ගැන කතා කරන එක. මහින්ද වගේ චරිත වලට හිට්ලර් කියනවට මං විරුද්දයි. හිට්ලර් කියන්නෙ ඇත්තට දැවැන්තයෙක්. නීට්ෂේ විසින් කියන සුපර් මෑන් හොයාගෙන ගිය මිනිහෙක්. යුදෙව්වො මැරුවා, රටවල් යටත් කර ගත්තා වගේ අපේ උතුරෙ දෙකයි පනහෙ යුද්දෙ වගේ තැන් වලට සාපේක්ෂ නොකර ඊට වඩා නිර්මාණශීලී තැනකින් හිට්ලර්ව ගන්න සිද්ද වෙනවා. එයා උත්සාහ කරන්නෙ අලූත් ශිෂ්ටාචාරයකට. ඒක ස්විස් ගිණුම් සහ පුද්ගල බල ව්‍යාපෘතියකට වඩා පුළුල් අරමුණක්. ඒත් හිට්ලර් ගැන අපාරධකාරයෙක් සහ තහනම් මිනිහෙක් කියන ප‍්‍රබන්ධ තාප්පෙට උඩින් හිට්ලර් දිහා බලන්න කාටවත් උවමනා නෑ.

ඒත් හිට්ලර් විසින් අත්පත් කර ගත් මේ තාක්‍ෂණික දියුණුව බලවත් රටවල් විසින් කොල්ල කනවා. රුසියානුවන් මේ කරන ඩොකියුමෙන්ටරියෙ පවා ඒ ඇත්ත බෙදා ගන්නවා කියලා මං විශ්වාස කරන්නෙ නෑ. දුෂ්ටත්වය කියන්නෙ ලෝක ප‍්‍රජාවට ඒ සැබෑ ජර්මානු කලාපයට ඇතුල් වීම වළක්වන ප‍්‍රබන්ධය. ඒ දැනුම යළි ලෝකයට බෙදී යාම වෙනුවට රහසින් තමන් නතු කර ගැනීමේ බල සැලැස්මක් වෙනුවෙන් ඒ ප‍්‍රබන්ධය වැඩ කරනවා. හරියට වැලිකඩ හිරගෙදර සිද්දියෙදි වගේම.

අපි ජීවත් වෙන්නෙ ඒ වගේ ප‍්‍රබන්ධ විශ්වයක. පුද්ගලයා වෙනුවට අදහසක් කියන තැනින් අපි ගණුදෙනු පටන් ගන්න  ඕන කියලා මං කලින් කියපු කතාවකට මගෙ යාලූවෙක් විරුද්ද වුණා.
‘මට නං කියන පුද්ගලයා ඒ වෙනුවෙන් පෙනී ඉන්න  ඕන’ එයා කිව්වා.
‘පුද්ගලයා කියන කෙනා දැනගන්න අපිට විදිහක් නෑ. අපි දන්නෙ අදහසක් විතරයි’ කියන එකයි මගේ අදහස වුණේ.
‘කොටින්ම පුද්ගලයා අදහසක් වෙනුවෙන් පෙනී ඉන්න  ඕන කියන එකමත් ඒ විදිහෙ ප‍්‍රබන්ධයක්’ මං පැහැදිලි කළා. ඒ හැම දෙයක්ම ප‍්‍රබන්ධයක්, තත්වයක් හෝ අදහසක් කියන තැනින් ගන්නෙ නැතුව ඇත්තක්, යතාර්ථයක් කියන තැනින් ගත්තොත් අපි වෙන කෙනෙකුගෙ ප‍්‍රබන්ධයක් ඇතුලෙ චරිත විතරක් වෙනවා. අපිට සිද්ද වෙනවා අපි සාමාන්‍ය සහ ස්වභාවික කියලා පිළිගත් හැම ධර්මතාවයක්ම ආයිමත් පරීක්‍ෂා කරන්න. වීරයින් සහ දුෂ්ටයින් විතරක් නෙමෙයි ආධ්‍යාත්මික මාර්ග පවා සමාජ අර්ථයන්ගෙන් ප‍්‍රශ්න කරන්න. ඒ හැම දෙයක්ම ජීවිතේට එබෙන්න අපිට බැරි කරන තාප්ප හින්ද. ඒ තාප්ප ඇතුලෙ පාදඩයන් සහ කපටින් ජාවාරම් කරමින් ඉන්න හින්ද.

‘ඒකට ෆයිට් කරන්න  ඕන නැද්ද?’ එතකොට මගේ යාලූවා ඇහුවා.
‘කා එක්ක ෆයිට් කරන්නද? මට විරුද්ධ වෙන්න වෙලා තියෙන්නෙ මං එක්කමයි. මාව විසංයෝජනය කරලා නැවත මගේ නිර්මාණයක් විදිහට හදා ගන්න එකයි තියෙන චැලෙන්ජ් එක’
කොච්චර කිව්වත් මං කියන තැන බාර ගන්න මගේ යාලූවට පුළුවන් වුණේ නෑ. ඒක එකපාරට දැනෙන්නෙ අරාජිකත්වයක් වගේ තැනකින්. ජීවිතයක් නෑ වගේ තැනකින්.

ඒත් ඒ ජීවිතය ගැන අදහස කාගෙ හරි ප‍්‍රබන්ධයක් නම් මං ජීවිතය කියලා බාර ගනිමින් ඉන්නෙ ඒ කවුරු හරි දැනුවත්ව නිර්මාණය කරපු සහ නිර්මාණය කරමින් ඉන්න දේ නම් තත්වය ඇත්තට ඊට වඩා අරාජික වෙනවා.

ඇමරිකානුවන්ගෙ හඳ ගමන වගේම ලංකාවෙ දෙමළා ගැන ප‍්‍රබන්ධයත්, ආසියාවේ ආශ්චර්යය බවට පත්වීමේ නවකතාවත් අපේ ඇත්තේ සීමාවල් සළකුණු කරනවා.

කමක් නෑ. ප‍්‍රබන්ධයක් ඇතුලෙ ජීවිතය ඒ තරම් නරක නෑ යුරෝපයේ වගේ රටක නම්. ඒත් මෙහේ ඒ ප‍්‍රබන්ධය ඇතුලෙ අපිට තියෙන්නෙ අපරාධකාරයන්ගෙ චරිත. ඒක කරනවද නැද්ද කියල කල්පනා කරන්න අඩු ගානෙ ස්ක‍්‍රිප්ට් එකවත් කියවන්න  ඕන කියලයි මං කියන්නෙ.

-චින්තන ධර්මදාස