Saturday, July 26, 2014

ආදරෙන් ඇවිලීම සහ ඇවිලී පිළිස්සී යාම

නෝ මෝර් ජුලයි වැඬේ ඉවර වෙලාම ලියනවා කියල හිටපු හින්ද ලියන්න වුණේ පත්තරේට යවන දවසත් පහුවෙලා. ඒත් ඒ වැඬේ ඇවිළිලා ගිය විදිහ හින්ද ඒ ගැන නොලියා වෙන මොකක්වත් ලියන්න හිත විරෝධය පළ කලා. මොනවා වුණත් ඊයෙ ? තමයි ?. ජූලිය පැත්තකින් තියල ගත්තොත් හැමතිස්සෙම මිනිස්සු විවෘතව එකතු වෙලා පොදු වැඩක් කරද්දි එතන ජීවිතේ පත්තු වෙනවා දැනෙනවා. නෝ මෝර් ජුලයි වැඬේ සැලසුම් කරන්න ගත්ත තැන ඉඳන් මං ඒ මිනිස් පොකුර වටේ කරකැවෙමින් හිටියෙ ඒ දැනිච්ච මොකද්ද උණුසුම හින්ද. ඒක ගොඩක්  ඕන වෙන්නෙ ලංකාව මේ වෙලාවෙ හරි සීතල හින්ද. මිනිස් මුණගැහීමක තියෙනවා පුදුමාකාර ආශ්වාදයක්. ඉන්ටර්නෙට් එක ඉස්සරහ අබ්බගාත වෙලා ජීවත් වෙන අපේ අලූත් ජීවිත ක‍්‍රමය හින්දත්, රටක් විදිහට අ`ගළෙන් අ`ගලට හමුදාව දාලා තියෙද්දිත් කිසි ගානක් නැතුව, ඒක ස්වභාවිකයි වගේ ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන ආශ්චර්යමත් ජීවිතය ඇතුලෙත් විඳවන නොස්තැල්ජියාව බෙදාගන්න ලැබෙන මොහොතක් හින්ද වෙන්න ඇති. වැඬේට කෙලින්ම සම්බන්ද වෙන්න බැරි වුණත් දුරින් හරි ඉඳගෙන වැඬේ දිහා බලන් ඉන්න මං ආස කළා.  මට හිතෙන්නෙ මිනිස්සු මුණගැහීම ඉක්මණටම අභාවයට යාවි. අලූත් උන්ට ඒක එච්චර ගානක් නැති වුණත් මට හිතෙන්නෙ අපිට ඒක ටිකක් වැඩියෙන් අමාරු වේවි.

අනාගත පරපුර වෙනුවෙන් ඒ මිනිස්කම හරි වෙන මොකක් හරි එක ඉතුරු කරගමු වගේ විහිළුවක් නෙමෙයි මං කියන්නෙ. එහෙම ඉස්සරහ පරපුරකට  ඕන දේ්වල් දැන් තීරණය කරන්න අපිට බෑ. උදාහරණයක් විදිහට බොහොම බාල නිතර කියන ක්ලීෂේ අදහසක්නෙ අපි අනාගත පරපුර වෙනුවෙන් ගස් වැල් ඉතුරු කරන්න  ඕන, මේ හරිත ලෝකය ඒ අයගෙ උරුමයක්් වගේ කතාව. ඒත් අනාගත පරපුර සමහර විට ගස්වැල් තවදුරටත් අවශ්‍ය නැති පරපුරක් වෙන්න පුළුවන්. ඒවා හරි කැත, පණුවො වගේ දකින කොටසක් වෙන්න පුළුවන්. මට මෑතක මුණගැහුනා එහෙම පොඩි උන් දෙන්නෙක්. උන් ගස් කොලන් මල් වගේ ඒවට කැමතිම නෑ. උන් ඩුබායි වගේ මැද පෙරදිග රටක ඉපදුණු පොඩි උන්. උන්ට තණකොල ටිකක් පෑගෙනවට තරම් අප්පිරිය දෙයක් නෑ. එතකොට ඒක අවුලක් විදිහට බාර ගන්න  ඕනද? 

කතාව වෙන කොහෙද යනවා. කියන්න  ඕන වුනේ මේ අපේ මුණගැසීමේ, දේවල් බෙදාහදා ගැනීමේ, මිතුරුකමේ උවමනාව රටේ ජනවාර්ගික අර්බුදය අවසන් කිරීමේ උවමනාවට වඩා ලොකුයි කියන එක. ඇත්තටම දෙවෙනි එක කියන්නෙ වියුක්ත මනස්ගාතයක්. එහෙම එකක් කරන්න පුළුවන් වෙන්නෙ නෑ. වාර්ගික කියන බෙදීම වෙනත් ආකාර වලට පරිවර්තනය කරන එක විතරයි කරන්න වෙන්නෙ. මොකද මේ බෙදා වෙන්් කර ගැනීම, කණ්ඩායම් වලට අයිති වීමම ඩිෆෝල්ට සෙටින්ග් එකක් හින්ද. ඒත් දරුණු විදිහට වෙනස්කම හතුරුකමක් හෝ තර්ජනයක් කියල අඳුරගන්න සමාජයක වෙනස් උන්ගෙ පැවැත්ම වෙනුවෙන් අපිට පැය කීපයක අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ ෆීල් එක ටික වෙලාවකට හරි ජීවත් කරන්න පුළුවන්. නෝ මෝර් ජුලයි මට වැදගත් වෙන්නෙ ඒ විදිහට.

ගොඩක් අය මේ වැඬේ තිබුණු ප‍්‍රාසාංගිකත්වය එක්ක හරහට හිටියා. විශේෂයෙන්ම කළු ජූලිය වගේ් ශෝකජනක දවසකට මියුසික් එනවට. නැටුම් එහෙම එනවට අනිවාර්යෙන්ම ඔතෑනි ලෙඩ වම විරුද්ද වෙනවා. ෆේස් බුක් එකේ තැන තැන මතු කරලා තිබුණු සදාචාරවාදී තර්කය වුනේ ජූලියේ ශෝකය විනෝදයෙන් පිරවීම හරිද වගේ එකක්.

මට හිතුනෙ ඒක මාර ගතානුගතික අදහසක්. ඒ ප‍්‍රශ්නෙ ඇත්ත තේරුම වෙන්නෙ කළු ජූලියේ මරණය නැවත ජීවිතයෙන් පිරවීම හරිද? මරණානුස්සතියක් ගිග් එකක් වෙන්න පුළුවන්ද? මං කියන්නෙ මේ ප‍්‍රශ්නෙ නැගෙන මුල් වල දිශාවන්. 

හැමදාම ජූලිය සැමරීම සිද්ද වුනේ ඒ කියන විදිහට මරණයක්් වගේ තමයි. ඒක ශෝක රසයක් වුණා. මං කියන්නෙ ඒක වැරදියි කියන එක නෙමෙයි. ඒත් ජූලිය සැමරිය හැකි වෙනත් ආකාර තියෙන්න පුළුවන්. මරණයක් වගේ් ජූලිය සැමරීම කියන්නෙ මේ රටේ මේ වෙලාවෙ සාමාන්‍ය ජීවිතයම නැවත අත්විඳිමක් විදිහටයි මට දැනෙන්නෙ. හැමතැනකම තියෙන්නෙ ඒ මරණය, ශෝකය, අවදානම විතරයි. කරුවල බලන්න වික්ටෝරියා පාර්ක් එකට 23 වෙනිදම එන්න  ඕන නෑ. මේ රටේ හැම පැයක්ම කරුවලයි. ඇත්තටම විප්ලවීය වෙන්නෙ නැවත විනෝදය අරගෙන එන එක. ‘ආණ්ඩුව විරුද්ද විනෝදය’ පොඩි වෙලාවකට හරි ජීවත් කරන එක. නිදහස, කෑ ගහන්න නටන්න, මයිල් කෙලින් වෙලා එකිනෙකා බදා ගන්න නිදහස් පිට්ටනියක්.

මරණයේ භීතිය, අවදානම නැවත සිහිකිරීම වෙනුවට මේ නිදහසේ ආදරයේ මොහොතක ස්පර්ශය නෙමෙයිද විරෝධය? දැන හෝ නොදැන ප‍්‍රගතිශීලී කියන බොහෝ අය චර්යාමය හැටියකින් මහින්ද චින්තනයට සමපාතයි.

හැම සාමූහික වැඩකම ගමනාන්තයට වඩා සුන්දර ඒ ගමන. නෝර් මෝර් ජුලයි  ඕගනයිස් කරන එකම කල් ඉකුත් වී ආපු අදහසක්. මං හිතන්නෙ සුමාන දෙකක් විතර ඇතුළත යාලූවො කීප දෙනෙක් එකතු වෙලා හදපු ලොකු පිට්ටනියක් ඒක. එක එක විදිහෙ දේශපාලන කතිකා සහිත, එක එක විදිහෙ ජීවන විලාස සහිත වෙන වෙනම වැඩ කරමින් හිටපු හත් අට දෙනෙක් එකතු වුණා. ඒක හරිම ලස්සන මිනිස් මුහුවීමක්. සංසර්ගයක්. මට හිතෙන්නෙ වික්ටෝරියා පාර්ක් එකේ තිබ්බෙ ඒකෙ සුරතාන්ත මොහොත විතරයි. චිත‍්‍රපටියක් බැලූවත් අපි තිරය උඩ දකින්නේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිස මෝචනය කළ ධාතු විතරයි. මුළු ආශ්වාදජනක සංසර්ග කාලයම තියෙන්නෙ ඊට කලින්.

83 ජූලිය දෙමළ මිනිසුන් මරා දැමීම කියන තැනට වඩා ලොකු අදහසකට අරගෙන යන්න උවමනාව මුල ඉඳන් උන්ගෙ තිබුණ. නෝ මෝර් ජුලයි කියන නමේ පවා අදහස ඒක වෙන්න ඇති. නැවත ජූලියක් එපා. ඒ වෙනුවට ආදරෙන් ඇවිළෙන්න. ඒක පටන් ගන්නෙ වෙනස් අදහස්, වෙනස් ජීවිත ඇති කීප දෙනෙක් එකට වැඩ කරන්න ගන්න තැන ඉඳන්.

විදුර මුණසිංහ මේ කාරණය මතුකරලා ස්ටේටස් අප්ඬේට් එකක් දාලා තිබුණ. ඇත්තටම ඇයි තනි තනි මිනිස්සු එකතු වෙලා කරන දේවල් වත් දේශපාලන කණ්ඩායම් වලට කරන්න බැරි? මං ඒක කියන්නෙ ඇයි දේශපාලනය දිගින් දිගටම අදේශපාලනයට පරාද වෙන්නෙ? නෝ මෝර් ජුලයි වල අඩුපාඩු, අවුල් කිය කිය ඉන්න ගොඩක් දේ්ශපාලන සගයො අවුරුදු ගානක ඉඳන් කරන්නෙ කතා කියන එක විතරක් නෙමෙයිද? ආර්ටිස්ට්ලට, වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට එකට වැඩ කරන්න පුළුවන් විනාඩි ගානක හරි ඉඩක් හදන්න ඒ කිසි කෙනෙක් කිසි දෙයක් කළේ නෑ. ගොඩක් චෝදනා වල ඇහෙන්නෙ තමන්ගෙ පරාජයක අඳෝනා. මිනිස්සු තමන්ගේම කුහකකම් නිසා අර්බුදයට යනකොට ඉමෝෂනල් වෙන්න පටන් ගන්නවා. ඒක ඇල්කොහොලික් දේශපාලනයේ ගතික ස්වභාවය.

ඒ රාත‍්‍රී මුණගැසීම් සහ සැලසුම් කිරීම් මට මාර රොමාන්තිකයි. එතන ආදරයට අවශ්‍ය හැමදෙයක්ම තිබුණ. ප‍්‍රධානම දේ දේශපාලනය සහ මමත්වය දියවෙලා ගිය පොඩි හයිපර් තැනකින්් හැමදෙයක්ම සම්බන්ද වෙලා තිබුණ. මට හිතෙන්නෙ කොහොමත් මනුස්සකම කියන්නෙ ඒ වගේ හයිපර් මුමන්ට් එකක්. ඒක උන් ටික අතරෙ ජීවත් වුණු හින්ද වික්ටෝරියා පාර්ක් එකටත් ආවා. මේ වගේ දේවල් වලට හොඳටම ආගන්තුක ඉස්තෙපාන් පවා මගෙන් ඇහුවෙ,

‘මචං මේ ග‍්‍රවුන්ඞ් එකේ මිනිස්සු මාර හියුමන් නෙ.. උන් හිනාවෙන හැටි හිටන් වෙනස්.. හැමෝම හොඳට හැමෝම එක්ක කතා කරනවා.. එළියෙදි වගේ නෙමෙයි..’

වැඩක වටිනකම තියෙන්නෙ ඒ වැඬේ මූඞ් එක සජීවී කරන එක. නෝර් මෝර් ජුලයි ඒක හරියට කරලා තිබුණ. අනික කිසිම ආයතනයක් හෝ සංවිධානයක් මේ වැඬේට මැදිහත් නොවුණු එක. ඒක හරිම අහම්බෙන් උදාවෙන කන්‍යා මොහොතක්, අනිවාර්යෙන්ම පාපතරයෙක් අතින් දූෂණය වෙන්න නියමිත. ඒ වැඬේ උන් උන්ම සල්ලි දාලා කරන්න තීරණය කළා. මං ඇත්තටම පුදුම වුණා. උන් කවුරුවත් සල්ලිකාරයො නෙමෙයි. කොටින්ම ලොකු රස්සා කරන උනුත් නෙමෙයි.

මට නිතර මුණගැහෙන මිනිස්සු හරි පොඩියි. ඒ අයගෙ ප‍්‍රශ්න පවුලෙ අවශ්‍යතා කීපයකින් සහ එළියෙ අනියම් ගැහැණු පිරිමි සම්බන්ධතා කීපයකින් කෙලවර වෙනවා. එච්චරයි අවශ්‍ය තෘප්තිය. උදේ වැඩට එනවා හවස ගෙදර යනවා. ගොඩක් වෙලාවට ඒ වෙද්දි පවුල ඇතුලෙ ලිංගික සම්බන්ධතා ඇණහිටලා නිසා ඉක්මණට නිදා ගන්නවා. පහුවෙනිදා උදෙන්ම ආපහු ඇඳගෙන වැඩට එනවා. ඒ ප්‍රෝග‍්‍රෑම් එකට පිටින් කිසි දෙයක් ගැන උන් උනන්දු නෑ. මං හිතන්නෙ දුප්පත්කම කියන්නෙ ඒකට. කොයිතරං පුංචි ජීවිතද?

ඒ අතරෙදි මේ වගේ තමන්ගෙන් බැහැර වෙනත් අරමුණක් තමන්ගෙ ආශ්වාදයේ කොටසක් කර ගැනීම.. ඒ වෙනුවෙන් තමන් සහ තමන් දන්න හිතවතුන්ගෙන් තමතමන්ට හැකි පමණ සල්ලි එකතු කිරීම.. මේ මිනිස්සු රුපියලක් වත් දෙන වෙලාවක් නෙමෙයි. අනික නිවන හෝ වෙනත් ස්වර්ගයක් ගැන පොරොන්දුවක්වත් නැතුව.. මිනිස්සු එකතු වුණා. මිනිස්සු විශ්වාස කළා. මිනිස්සු ටිකක් හරි වෙනස් වෙන්න තමන්ට පුළුවන් කියල තමන්ටම ඔප්පු කළා. මං හිතන්නෙ ජූලි කරුවලට එරෙහි ස්වයං ආලෝකය ඒක.
මාර ලස්සන වැඩ ගොඩක් එතන තිබුණ. චිත‍්‍ර ඡුායාරූප සහ ස්ථාපන කලා වගේ දේවල් වලට අමතරව ලංකාවෙ දකින්න නොලැබෙන සජීවී ප‍්‍රසාංගික අත්දැකිම් මුදාහැරියා. ගොඩක් උන් තමන්ගෙ ප‍්‍රකාශනය අරගෙන එතනට ආවා. ඒ ප‍්‍රකාශන විනිශ්චය කිරීමක් තිබුණෙ නෑ. ඒ හැම දේකටම ඉඩක් තිබුණ. 

විශේෂයෙන් බන්දුගේ රතිඤ්ඤා ඇඳුම.. ඒක ඇෙ`ග් හිරිගඩු පිපෙන අත්දැකීමක්. අපි ඒ රතිඤ්ඤා සහිත මිනිසා අපි අතර පුපුරා යාවි කියල අත්විඳින බය.. ඒ පිපිරීම අපෙන් ඈත තැනක වෙද්දි නැවත දුවලා ගිහින් ඒක බලන්න පෙළෙන කුතුහලය.. භීතිය ඇතුලෙ අපිව ප‍්‍රශ්න කරන ඇක්ට් එකක් ඒක.

ගොඩක් සෙනග ආවෙ මියුසිකල් ෂෝ එකට. වඩාත්ම ආන්දෝලනාත්මක වුණු කොටසට. ඒ වේදිකාව උඩ ගොඩක් අය සිංදු කිව්වා. ඒ කාලෙ ඉඳන් විමුක්ති ගී කියන ජයතිලක බණ්ඩාර පවා තමන්ගෙ ගීතය අරගෙන ඒ වේදිකාවට ආවා. ජයතිලක බණ්ඩාරගෙ ගීත ගැන මගේ පුද්ගලික අදහස් කොහොම වුණත් ඒ තරම් කාලයක් ඒ වැඬේ දිගට කරගෙන ඒම ගැන මට දැණුනෙ භක්තියක්. ඒක මනුස්සයෙකුගෙ ශක්තිය දරාගැනීම අනිත් උන්ට දැනෙන්න පළ කිරීමක්.

චාපා සිංදු කියන එක මොහොතකදි හැම තැනම ඉටිපන්දම් එලි පත්තු වුණා. ඒක විඳින්න  ඕන මොහොතක් මිස ලියන්න  ඕන මොහොතක් නෙමෙයි. ඇ`ග හිරි වැටෙන මනුස්සකම ඒකෙ පීක් එක, කඳුළු දක්වා නැගලා තිබුණෙ. සිංහල මුස්ලිම් දෙමළ ඉංග‍්‍රීසි හැමෝම සිංදු කිව්වා. සිංදු කියන්න බැරි උන් කවි කිව්වා. ඒත් බැරි උන් කතා කළා. අනිත් ඔක්කොම අත්පුඩි ගැහුවා.

දැන් කතාව ස්කිප් කරලා මං ස්කට්සො බෑන්ඞ් එක ප්ලේ කරපු තැනට පනිනවා. මාධව පුදුම ජවයකින් යෝධයෙක් වගේ වේදිකාව උඩ හිටියා. සංගීතයට අදාල සියලූ කාරණා අතික‍්‍රමණය කරපු මාර එනර්ජි එකක් උගෙන් එලියට පැන්නා. මිනිස්සු නටන්න ගත්තා. සමහරු වේදිකාව උඩට නැග්ගා. මාධව ආණ්ඩුවට ඇ`ගිල්ල දික් කරලා කෑ ගහලා බැන්නා. අහන් ඉන්න උන් ත‍්‍රිල් වුනා. 

ගොඩක් අයගෙ විරෝධය එල්ල වුනේ එතනට. ශාන්ත දාන්ත ගී වෙනුවට ප‍්‍රකෝපය ත‍්‍රිල් එකක් හැටියෙන් මුදා හැරීම ගැන. ඒත් මට මිනිස්සුන්ගෙ අර්බුදය දැනුනෙ එතනදි.

ඒ විවේචනය සරල විදිහට මග නොහැර ගත්තොත් එතන එක පැත්තකින් තියෙන්නෙ මිනිස්සු ශික්ෂණය හෝ විනයගත විය යුතුයි කියන අදහසක්. අනිත පැත්තන් තිබුණෙ ආර්ටිස්ට් කෙනෙක් විදිහට මාධව පාලනය විය යුතුයි කියන අදහස. කෙටියෙන් කිව්වොත් ඒ මොහොත ගැන පස්සෙ කතා කරපු ගොඩක් අයගෙ විවේචනය පාදක වුණේ වාරණය සහ පාලනය කියන කාරණා දෙක උඩ.  83 ජූලිය විතරක් නෙමෙයි හැම මනුස්ස නිමේෂයකම මරණය ගේන්නෙ වාරණය සහ පාලනය කියන දෙක. උදා විදිහට මහින්ද කරන්නෙත් ඒක. එතකොට අපි නැවත ආදරයෙන් ඇවිළෙන්න කියන වේදිකාවට වාරණය සහ පාලනය අවශ්‍යයි කියනවද? එතකොට අපි කතා කරන මනුස්ස නිදහස මොකක්ද?

මේක ස්වයං වාරණය සහ ස්වයං පාලනය කියන තැනකින් සාධාරණීකරනය කරන්න හදන එකේ තේරුමක් නෑ. මොකද ස්වයං වාරණය සහ ස්වයං පාලනය නිසාමයි අපේ සමාජය මේ තරං නිහ`ඩ කියල ඒ විකල්ප මතධාරීන්ම නැවත කියන හින්ද. උදා විදිහට චන්ද්‍රගුප්ත තේනුවර මේක ඩිවලොප් නෙමෙයි දිව-ලොප් සමාජයක් කියන්නෙ මේ අදහස.

එතකොට අපි ආයිත් දිව ලොප් නෙමෙයි ඇ`ග ලොප් සමාජයක් ඉල්ලා සිටිනවද?

මට හිතාගන්න බැරි තරමට ලංකාවෙ මිනිස්සු නැටුමට විරුද්දයි. ඒක පහත් හෝ මොකක් හෝ අදහසකින් තමයි ජීවත් වෙන්නෙ. ඒත් නැටුම කියන්නෙ මිනිහෙකුගෙ භාව ප‍්‍රකාශනයක තියෙන්න පුළුවන් අවංකම මොහොත. ඒක තමන් තමන් තුලින්ම අත්විඳින ඇත්ත නිදහසක්. නෝර් මෝර් ජුලයි වේදකාවෙත් ඒ නිදහස වාරණය කරලා තිබුණ. එතන නර්තනයේ ප‍්‍රකාශන තිබුණෙ නෑ. ඒ අත්දැකීමේ ප‍්‍රහර්ෂයෙන් පිනා ගිය  ඕඩියන්ස් එක ඒ අඩුව පිරෙව්වා. මං හිතන්නෙ ඒ්ක ෆිසික්ස්.

නර්තනය ගැන විවේචනය ඇති අය අනිවාර්යෙන්ම පැරනොයිඞ් අර්ත්ලින්ග්ලා ගැන කතා කරලා වැඩක් නෑ කියනවා ඇති. ඒ මෙට්ල් රොක් හරහා ගැලවිලා යන්නට තරම් වේගයෙන් ඔලූව වනමින් කරන ප‍්‍රකාශනය බාර ගන්න තරමට ගොඩක් විකල්පයො තාම පරිණත නෑ. ඒ අය තාම හිතන්නෙ සෙක්ස් කරන්න  ඕන නිදන කාමරේ විතරයි කියල.

මං කැමතිම වුණ දේ ඒක. මිනිස්සු ඒක ඇෙ`ගන් බාර ගත්ත එක. නිකං අබ්බගාත ජීවිතයක් වගේ ඔලූවෙන් විතරක් නොගෙන ඒ ආවේගයට ප‍්‍රලය වුණු එකට. මෙච්චර කාලයක් මේ වගේ වැඩක මේ මුහුවීම තිබුණෙ නෑ. ඉංග‍්‍රීසි මෙට්ල් බෑන්ඞ් වල ආවේගය විකල්ප වේදිකාවට ආවෙ නෑ. නෝර් මෝර් ජුලයි වල තවත් වැදගත් විවෘත වීමක් ඒක. නෝර් මොර් ජුලයි කියන්නෙ ජාතීන් අතර මුහුවීමක් විතරක් නෙමෙයි, ඒක පංති අතර මුහුවීමක්, මතවාද අතර මුහුවීමක්, ලොකු විකල්ප අදහසක මුහුවීමක් වුණා. මට ඒකෙන් සිද්ද වුණු ලොකුම දේ ඒක. 

ප‍්‍රසංගයෙ වැදගත්ම සජීවී ඉදිරිපත් කිරීම සිද්ද වුනේ මාධවලා ප්ලේ කරද්දි.  පිස්සෙක් කේක් එකක් අරන් ඉස්සරහට ආවා. පිස්සුවක් නටලා කේක් ගෙඩිය පොලොවෙ ගැහුවා. එතකොටම වටේ හිටපු උන් පැන පැන පිස්සට ගැහුවා.  ඕඩියන්ස් එක වටේ මේ ගුටිකෙලිය දිව්වා. 

ඒක සිද්ද වුනෙත් ආදරෙන් ඇවිලී යාමේ ප‍්‍රතිඵලයක් විදිහට. පිස්සට  ඕන වුනේ බෑන්ඞ් එකේ සගයෙක් වෙනුවෙන් බර්ත්ඬේ කේක් එකක් කපන්න. ඌට ඒක බෑන්ඞ් එකේ සගයා එක්ක කපලා මුලූ ජනතාවත් එක්කම බෙදාගෙන කන්න  ඕනි. ඒක ආදරයේ ප‍්‍රකාශනයක්. ඒත් ප‍්‍රශ්්නෙ තියෙන්නෙ ඌට ඒක අනිවාර්යෙන් සිද්ද වෙන්න  ඕනි. 

ඒක වුනේ නැති හින්ද පිස්සා ප‍්‍රචණ්ඩ වුණා. ඒත් ඌ පිස්සනේ. වටේ හිටපු උන් ඊට වඩා ප‍්‍රචණ්ඩ වුණා. මීට මොහොතකට කලින් මනුස්සකමෙන් ඇවිලෙමින් හිටපු උන් ගුටිකෙලියේ ප‍්‍රචණ්ඩත්වයෙන් පොකුරු ගැහෙන්න ගත්තා. 

මට හිතෙන්නෙ හොඳම සජීවී අත්දැකීම ඒක. අපිට කිසිම ප‍්‍රසාංගික අංගයකින්් ඉදිරිපත් කරන්න බැරි සංකීර්ණතම තැන ඒක.  ජාතිවාදය වර්ගවාදය ඇවිලෙන්නෙත් ආදරයේ ප‍්‍රතිඵලයක් විදිහට. ලොකු හදවතක් ඇති ඒත් පුංචි ඔලූවක් ඇති මිනිස්සුන්ගෙන්. 

මං මේ කියන අදහස් වලට මේ උළෙලෙ සංවිධායකයන් පවා එක`ග වෙන එකක් නෑ. ඒත් නෝර් මෝර් ජුලයි  ඕගනයිස් කරපු අයව බේරන්න හෝ උන් වෙනුවෙන් පෙනී ඉන්න මට අවශ්‍යතාවයකුත් නෑ. අවසානයේදී වැඬේ විතරයි වැදගත්. කරපු උන්ගෙ ප‍්‍රතිරූපය මට අනුව හරිම නොවැදගත් කාරණයක්.

කොහොම වුණත් ඒ සිද්දිය හින්ද කාටවත් තමන් විසින්් ජාතීන් අතර සමගිය ඇති කළා වගේ රොමාන්තික තෘප්තියකින් ගෙදර යන්න බැරි වුණා. අන්තිම මොහොතෙ එතන හිටපු අපි ඔක්කොම ආදරය ඇතුළෙ පරාද වුණා. 

‘මචං ගල් පොලූ අරන් ආණ්ඩුව ඇවිත් වැඬේ විනාස කරයි කියල හිතන්න පුළුවන්. ඒත් කේක් ගෙඩියක් අරන් එන යාලූවෙක් වැඬේ විනාස කරයි කියල කොහොම හිතන්නද?’

මං හිතන්නෙ මරණය එන්නෙ ආදරයේ වේශයෙන් නම් වැළඳගැනීම ඇරෙන්න වෙන කිසි විකල්පයක් නෑ. ඒ අපි මරණය පරාජය කරද්දි ආදරෙත් පරදින හින්ද. ඒක නිසා අපි නැවත ආදරය වැළඳගන්න  ඕන. ඒකෙන් අපි විනාස වෙයිද කියන කාරණය ගැන නොහිතම.

ඈත 83ක් වෙනුවෙන් ඒ යාලූවා පාලනය කිරීම ශික්ෂණය කිරීම වෙනුවට ඌව බාර ගැනීම කරන තැනට අපි මිනිස්සු විදිහට දියුණු වෙන්න  ඕන. 

83දිත් අපිට නැති වුණෙ වෙනස බාර ගන්න පුළුවන් ඉඩ. වෙනස් වෙන්න අකමැති මිනිස්සු ගොඩක් භයානකයි. වෙනස් වෙන්න අකමැති නිසා ඒ අය වෙනස ප‍්‍රතික්‍ෂේප කරනවා. ඊට පස්සෙ වෙනස් උන්ව ප‍්‍රතික්‍ෂේප කරනවා. 83 ජූලිය ගැන 2014දි වෙන්න  ඕන වෙනස බාර ගත හැකි මිනිස් අවකාශයක් නිර්මාණය කිරීම මිස 83දි මළගිය උන් නැවත සිහිකිරීම නෙමෙයි කියලයි මගේ අදහස. මට හිතෙන්නෙ සංවාදය තියෙන්න  ඕන තැන මෙතනයි. අපි 83 ගිල්ටිය නැවත නැවත වමාරා කනවද නැත්තං ඒ හරහා සියලූ විකල්ප ප‍්‍රකාශන සහ පැවැත්මන්ට එකට පැවතිය හැකි අවකාශයක් නිර්මාණය කරනවද? මට හිතෙන්නෙ දෙවෙනි එක ඇත්තටම ප්‍රෝග්‍රෙසිව්.

83 ජූලිය ශුද්ධ වස්තුවක් ලෙස කරේ තියාගෙන යන විකල්පයාගෙත් පොළොන්නරුවෙ ගල්කණුවක් කරේ තියාගෙන ඉන්න ජාතිවාදියාගෙත් තියෙන වෙනස මොකක්ද?
හැමතිස්සෙම ගමනාන්තය නෙමෙයි ලස්සන. එතනට එනකල් ආපු ගමන. නෝර් මෝර් ජුලයි ලංකාවෙ මිනිස් සමාජයට එකතු කරපු පේන නොපෙනෙන දේවල් ගොඩයි. ඒ පරිශ‍්‍රමය වෙනුවෙන් ඒ සංවිධායකයන්ට මගේ හෘදයාංගම ආචාරය.

ඒ හැමදෙයක්ම වඩා පරිණත යතාර්ථයේ අත්දැකීමක් එක්ක පරිපාකයට පත් කිරීම වෙනුවෙන් පිස්සාට ජය.

-චින්තන ධර්මදාස

Saturday, July 19, 2014

කොහොමද වතුර?


ඇ`ග හොඳට රත් වෙන්න උණ අරන්, මුලූ ඔලූව බර වෙන්න සෙම පිරිලා තියෙන වෙලාවක හිතෙන්නෙ විකාර දේවල්. හැම ශාරීරික අසනීපයක්ම ගොඩක් ගැඹුරු තේරුම් ගැනීම් ඇති කරනවා. විශේෂයෙන්ම උණ. මට හිතෙන්නෙ උණක් කියන්නෙම ඇතුලෙ ලොකු මානසික පරිණාමයකදි පිටවෙන තාපයක්. මේක විද්‍යාවට එක`ග නොවෙන්න පුළුවන්. ඒත් ඒ්ක හැම වෙලාවකම මගේ ජීවිතේට එක`ග වෙලා තියෙනවා.

ඒ අතරෙ ඉස්තෙපාන් මට එවලා තිබුණ ඬේවිඞ් ෆොස්ටර් වොලාස් ගේ මේ ලින්ක් එක. වොලාස් ගැන අහලා තිබුණට මං වැඩි දුර එයා ගැන කියවන්න උනන්දු වෙලා නෑ මීට කලින්. ඒත් වොලාස් මේ කතාවත් එක්ක මට එයා පස්සෙන් තව දුර නොගිහින් ඉන්න බැරි වුණා.

ඬේවිඞ් ෆොස්ටර් වොලාස් කියන්නෙ ඇමරිකානු ලේඛකයෙක්. එයාව විවිධ සම්මාන සහ ඇගයීම් වලට ලක් වෙලා තියෙනවා. වොලාස් අවුරුදු විසි ගානක් තිස්සෙ ඩිප්‍රෙෂන් වලින් පෙළෙනවා. මේ ඩිප්‍රෙෂන් වලට ගත්ත ඩ‍්‍රග් එකත් එක්කමයි එයාගෙ ක‍්‍රියේටිව් දේවල් එලියට එන්නෙ. ඒත් මේකෙන් වෙන්න පුළුවන් අතුරු ආබාධ නිසා වොලාස් මේ ඩ‍්‍රග් එක නවත්තලා ජීවත් වෙන්න බලනවා. ආයිමත් ඩිප්‍රෙෂන් එක මතු වෙනවා, වඩාත් බරපතල තත්වෙන්. ඩ‍්‍රග් එකෙන් වත් පාලනය කරන්න බැරි විදිහට. ඒ වේදනාකාරී ජීවිතය ඉවරයක් කරන්න වොලාස් තීරණය කරනවා. එයා ගරාජ් එකේ එල්ලිලා මැරෙනවා.

ඩිප්‍රෙෂන් කියන්නෙ කවදාවත් මෝඩයන්ට හැදෙන ලෙඩක් නෙමෙයි. ඒක සංවේදිතාවය හා සවිඥාණක බව එක්කම ගැටගැහෙන දෙයක්. හුදෙක් මානසික රෝගයක් විදිහට ආවත් ඩිප්‍රෙෂන් වලට බලපාන සමාජ දේශපාලන හේතු තියෙනවා. උදා විදිහට වොලාස්ම විස්තර කරන විදිහට එයාගෙ පරම්පරාවෙ ගොඩක් අය ඩිප්‍රෙෂන් හින්ද දිවි නසා ගන්නවා. ඒකට හේතුවක් විදිහට එයා කියන්නෙ ඇමරිකානු පරිභෝජනවාදී සංස්කෘතිය. ඒක ආර්ථිකය පැත්තෙන් මාර හොඳ වෙන අතරෙම පුද්ගලික ජීවිත පැත්තෙන් දරුණු ප‍්‍රතිඵල ඇති කරනවා. කොයිතරම් පරිභෝජනය කළත් තෘප්තිමත් නොවෙන අතෘප්තියකින් මිනිස්සු පෙළෙනවා.

කරන රස්සාවෙන් අත්විඳින අතෘප්තිය මැඩ ගන්න මිනිස්සු විවිධ පරිභෝජන පුරුදු වලට ඇබ්බැහි වෙනවා. ඒත් අන්තිමට වෙන්නෙ වඩවඩාත් මේ අතෘප්තිය හරහා ඩිප්‍රෙෂන් වලට තල්ලූ වෙන එක. මේක සංස්කෘතික වෙනසක් පුද්ගලිකව බලපාන හැටි. එයාගෙ යාලූවො ගොඩක් සියදිවි නසා ගත්තා කියල වොලාස් කියනවා.

මට ඉස්තෙපාන් එවලා තිබුනෙ ෆොස්ටර් වොලාස් 2005දි කෙනියොන් උපාධි පාසැලේදි කරපු කතාවක්. ඒ කතාවෙන් මං දැක්කෙ එයාගෙ තියෙන ආධ්‍යාත්මික පරිණත බව. ආගමක් හෝ ඇදහිල්ලක් හරහා නැතුව තමන් විසින්ම තමන්ගේ අභ්‍යන්තරය ඇතුළට ගිහින් විමසීමෙන් ලත් අවබෝධය. ඒ සවිඥාණක බව හරහා ගත්ත තීරණයක් විදිහට මිස රෝගී අහම්බයක් විදිහට වොලාස්ගෙ දිවි නසා ගැනීම මට ගන්න බෑ.

වොලාස් එයාගෙ කතාව පටන්ගන්නෙ උපමා කතාවකින්. තරුණ මාළු දෙන්නෙක් පීනගෙන එද්දි මහළු මාළුවෙක් මුණගැහෙනවා. මහළු මාළුවා අහනවා, කොහොමද කොල්ලනේ.. කොහොමද වතුර...? තරුණ මාළු දෙන්නා නෑහුනා වගේ ටිකක් ඉස්සරහට පීනගෙන යනවා. පස්සෙ මූණට මූණ බලාගෙන අහනවා,
‘මොන ඉලව්වක්ද වතුර කියන්නෙ?’

මේ කතාවෙ කියන්නෙ කොයි තරම් එලියට පේන ලොකු යතාර්තයන් තියෙනවද අපිට දකින්න බැරුව, කවුරුවත් කතා නොකරන කියන එකයි. ඇස්පනා පිට තියෙන විශාලතම දේවල් පවා අපිට නොපෙනී යන්න පුළුවන්.

ලිබරල් ආර්ට් උගන්නද්දි අපි කියන කතාවක් තමයි ලිබරල් ආර්ට් උපාධියක තියෙන ද්‍රව්‍යමය වටිනාකමට වඩා ඒකෙන් අපිව හිතන්න පුරුදු කරනවා කියන එක. වොලාස් කියනවා එයාට ඒ කතාව දැනුනෙ අපහාසයක් විදිහට කියල. හරියට හිතන එකත් කවුරු හරි කියල දෙන්න  ඕන එකක් වගේ.

ඒත් මේ ලිබරල් ආර්ට් ගැන බොරුවෙ මෙහෙම පැත්තකුත් තියෙනවා. ඒක හිතන්න තියෙන හැකියාව ගැන යමක් කරනවා නෙමෙයි. ඒ වෙනුවට හිතන්න අවශ්‍ය දේ තෝර ගන්න මේ හරහා බලපෑමක් කරන්න පුළුවන්. අපි හිතන්න  ඕන දේ තෝරා ගැනීම ගැන සාකච්ඡුා කරන්න තරම් දෙයක් නෑ කියල හිතනවා නම් මං කියන්නෙ ආයිමත් අර මාළුවන්ගෙ කතාව ගන්න. ඒ තරම් පැහැදිලි අවට තියෙන දේ නොදැකීම- ඒ ගැන නොසිතීම හරහා ආපහු මේ මාතෘකාවට එන්න.

තව කතාවක්. අදේවවාදියෙකුයි දේවභක්තිකයෙකුයි බාර් එකක බොනවා. අදේවවාදියා කියනවා, මං දෙවියො ගැන විශ්වාස නොකරපු මිනිහෙක් නෙමෙයි. මාත් දෙවියන්ට යාඥා කරලා තියෙනවා. ඒකයි මං දන්නෙ එහෙම කෙනෙක් නෑ කියල. දවසක් මං හිමේ අතරමං වෙලා කෑම්ප් එකට ආපහු යාගන්න බැරුව ඉන්නකොට මං දෙවියන්ට යාඥා කළා. දෙවියෙක් කියල කෙනෙක් ඉන්නවා නං මට මග පෙන්නන්න කියල.
එතකොට දේවභක්තිකයා ඉස්සරහට පනිනවා. ඒකනේ, ඔය දැන් තමුසෙ ජීවතුන් අතර ඉන්නෙ. දෙවියො බලපු හින්දනෙ.

අදේවවාදියා කියනවා, පිස්සුද අයිසෙ, කොහෙන්ද ආපු ඇස්කිමෝකාරයො දෙන්නෙක් මට කෑම්ප් එකට පාර පෙන්නුවා කියල.

මේ එක අත්දැකීමක් ගැන දෙන්නෙක් තේරුම් ගන්න විදිහ. මේ තේරුම් ගැනීම එක එක්කෙනාට වෙනස්. ඒක එක්කෙනෙකුගේ හරි වෙලා අනිත් කෙනාගෙ වැරදි වෙන්නෙ නෑ. ඒ තේරුම් ගැනීමට අවශ්‍ය දේවල් ටික ඒ ඒ පුද්ගලයා ඇතුලෙ නිශ්චිතව පෙලගැහිලා තියෙන්නෙ. ඒ තේරුම් ගැනීමට ඒ අදාල කෙනාව කන්ඩිෂන් වෙලා තියෙන්නෙ. මේ විදිහට අපි හැමතිස්සෙම යමක් තේරුම් ගන්නෙ ඒක යතාර්ථයක් හින්ද නෙමෙයි. ඒක අපේ පුද්ගලික තෝරා ගැනීම හින්ද.

මෙතනදි මේ දේවවාදියාත් අදේවවාදියාත් එක සමානයි. අදේවවාදියාට හොඳටම විශ්වාසයි ඇස්කිමෝලා සහ තමන්ගෙ යාඥාව අතර සම්බන්ධයක් නෑ කියල. දේවවාදියාට හොඳටම විශ්වාසයි දෙවියන්ට මේකගෙ යාඥාව ඇහුන  කියල. මේක තමන් ගැනම උද්දච්ඡුකම. දෙන්නම දෙන්නගේ තෝරා ගැනීමේ කූඩු වෙලා ඉන්නෙ. හරියට හිර ගෙයක් ඇතුලෙ ඉන්න ඒත් තමන් හිර වෙලා කියල නොදන්්න හිරකාරයෙක් වගේ.

මං හිතන්නෙ කොහොමද හිතන්න  ඕන කියන කාරනේ එන්නෙ මෙතනදි. ටිකක් අඩු උද්දච්ඡකමකින් හිතන්න. අපි දන්නවා කියලා නිකංම හිතන ගොඩක් දේවල් වැරදියි. ඒවා ප්‍රෝග‍්‍රෑම් වෙලා තියෙන තත්ව විතරයි.

මොකද අපේ විශ්වාස පිළිගැනීම් හැමදෙයක්ම හැදෙන්නෙ එක කොන්දේසියක් උඩ. ඒ තමයි මේ විශ්වයේ කේන්ද්‍රය තමන් (අපි) කියන පිළිගැනීම. මේක අහපු ගමන් අපිට අවුල් වගේ හිතුනත් මේක අපේ ඩිෆෝල්ට් හිතීමේ තත්වයක්. හැමෝම තම තමන්ගෙ විශ්වයන්ගෙ කේන්ද්‍ර. ඔයා දකින ලෝකෙ කියන්නෙ එක්කො ඔයාට ඉස්සරහින්, නැත්තං පිටිපස්සෙන්, වමෙන් හෝ දකුනෙන්, ඔයාගෙ ටීවී එකෙන් ඔයා දකින ලෝකෙ විතරයි. අනිත් අයගෙ විස්තරත් ඔයාට සන්නිවේදනය වෙනවා තමයි. ඒත් ඔයාගෙම දේවල් තමයි වඩා වැදගත්. ළ`ග සහ ඉක්මන්.

මේක වඩා සානුකම්පික වෙන්නේ කොහොමද හෝ වඩා හොඳ වෙන්නෙ කොහොමද කියන එක ගැන කතාවක් නෙමෙයි. මේකෙ කිසි හොඳක් නෑ. මේ කියන්නෙ අපිව උපතින්ම වයර් අමුණලා තියෙන විදිහ, අපි කේන්ද්‍රීය වෙච්ච ලෙන්ස් එක නැතුව ලෝකෙ ඊට වඩා ටිකක් ලොකුවට දකින්න  ඕන කියන එකයි. මේ උපතින් එන සෙටින්ග්ස් ටික තමන්ට උවමනා විදිහට යලි සකස් කර ගත්ත මිනිස්සුන්ටයි අපි පරිණතයි කියන්නෙ. දැන උගත් කියන්නෙ.

මේකෙ අවාසිය තියෙන්නෙ ඇකඩමික් ජීවිතේ ඇතුලෙ මේ තත්වය අත්පත් කර ගැනීම වඩාත් අමාරු වෙන්න පුළුවන් එක. මොකද ඇකඩමික් වීමත් එක්ක අපි හැමදෙයක්ම බුද්ධිමය විග‍්‍රහයන් වලට යටත් කරනවා. තේරුමක් නැති වියුක්ත මානසික සංවාද අතරෙ පැටලි පැටලි ඉන්න කොට අවට යතාර්ථයන් ගොඩක් නොපෙනී යනවා. අපි අපේ ඔලූව ඇතුලෙ හිරවෙනවා.

ලිබරල් ආර්ට්වල කියන බොරුව ඇතුලෙ තියෙන්න පුළුවන් එකම තේරුමක් ඇති දේ වෙන්නෙ අපි හිතන දේ මොකක්ද කියන එක ගැන සවිඥානක බවක් ඇති කරන එක. අපි අවධානය යොදන්නෙ කොතනටද කියන කාරනේ ගැන සාවධාන වීම. ඒ සිතීම හරහා අපි ගොඩනගන තේරුම සවිඥානක ක‍්‍රියාවලියක් කරන එක. ඒ කියන්නෙ අපේ අත්දැකීම් අපි විසින් නිර්මාණය කර ගැනීම. අනුන් විසින් තීරණය කළ අත්දැකීම් වල ජීවත් වෙනවට වඩා.

මනස කියන්නෙ හොඳ සේවකයෙක් නමුත් දරුණු ස්වාමියෙක් කියල පරණ කියමනක් තියෙනවා. ගොඩක් දිවිනසාගන්න අය ඔලූවට වෙඩි තියාගෙන මැරෙන්නෙ මේ දරුණු ස්වාමියාගෙන් නිදහස් වෙන්න. මේ අය ඇත්තටම මෙතනදි කොකා ගස්සන්න ගොඩක් කලින් මැරිලා.

අපි ගොඩක් අය ගත කරන්නෙ බෝරිං ජීවිත. එකම විදිහට දවස් ගතවෙන, ඉච්ඡාභංග වුණු ජීවිත. මේ විදිහට අපි හැමදාම පැය අටක් වැඩ කරනවා. හොඳටම හති වැටිලා ගෙදර එනවා. මොනවා හරි කාලා ඇඳට වැටෙනවා. පහුවෙනිදා උදෙන්ම ආයිත් වැඩට යනවා. ගොඩක් වයිට් කොලර් ජොබ් වල ඇත්ත ඒක.

මේ අතරෙ සමහර දවස් වලට අපිට සුපර් මාර්කට් යන්න වෙනවා. රෑට කන්න දෙයක් ගන්න. ඒත් ඒකෙ පෝලිම. සෙනග. අපි කරත්තෙත් තියාගෙන පෝලිමේ කෙලවරේ ඉන්නවා. වැඩිපුරත් එක්ක මේක් අප් දාගත්ත ගෑනියෙක් මහ හයියෙන් ෆෝන් එකේ කතාව. කැෂියර් එකේ ගෑනි ඔහේ එයාට  ඕන තරම් වෙලාව අරගෙන බිල් කරනවා. අපිට යකා නගිනවා. මං කියන්නෙ මෙන්න මේ වගේ වෙලාවලදියි අපි හිතන්නෙ කොයි විදිහටද කියන එක තෝරා ගන්න  ඕන.

අපි තමයි මහන්සි වෙලා, චාටර් වෙලා ඉන්න එකම කේන්ද්‍රීය චරිතෙ කියල හිතුවොත් අපේ මළ පැනීම සාධාරණයි. ඒත් අර ෆෝන් එකේ කෑ ගහන ගෑනිගේ කන ඇහෙන්නෙ නැතුව වෙන්න පුළුවන්. දවසෙම එකම දේ කරලා කරලා කැෂියර් එකේ මනුස්සයා ඇදගෙන වැටෙන්න තරම් හෙම්බත් වෙන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න  ඕන අපි ගැන අමතක කරලා අනිත් අය ගැනත් ටිකක් හිතන්න.

අපේ මහන්සිය ගැනම හිතලා මළ පනින එක තමයි ඩිෆෝල්ට් සෙටින්ග් එක. මේකෙන් එලියට එන්න මහන්සියක් ගන්න වෙනවා. ඒක ලේසි නෑ. හැමතිස්සෙම අපිට කරන්නත් බෑ. ඒත් ඒ පුහුණුවෙන් අපිට පුළුවන් අපේ ජීවිතේ අපේ මමත්වයේ සීමාවට වඩා විශාල කර ගන්න.

කිසි දෙයක් නිශ්චිත සත්‍යයන් නෙමෙයි. අපිට සිද්ද වෙනවා අපි විසින්ම අපේ සත්‍යයන් සකස් කර ගන්න. ඇත්තටම නියම අධ්‍යාපනයේ තේරුම වෙන්න  ඕන ඒකයි. අපේ පැවැත්මෙ නිදහස සාක්ෂාත් කරලා දෙන එක.

අපි කොයිතරම් විශ්වාස කළත් අදේවවාදියො කවුරුවත් ලෝකෙ නෑ. අපි හැමෝම යම් දේකට වැඳුම් පිදුම් කරනවා. ඒක අල්ලා, බුද්ධ හෝ ඒ වගේ ආධ්‍යාත්මික විශ්වාසයක් වෙන්න පුළුවන්. ශරීරය, ලිංගික ශක්තිය වගේ දෙයක් වෙන්න පුළුවන්. බලය වෙන්න පුළුවන්. සල්ලි වෙන්න පුළුවන්. කොයිදේකට හරි අපි හැමෝම වැඳුම් පිදුම් කරනවා.

ඒක නරක දෙයක් නෙමෙයි. ඒක මනුස්ස පැවැත්මෙ විදිහ. ඒත් අපි වැඳුම් පිදුම් කරන්නෙ මොකකටද කියලා අපිට තියෙන්න  ඕන සවිඥානක බවක්. උදා විදිහට අපි ශරීරාලංකාරයට හෝ ලිංගික ශක්තියට වන්දනාමාන කරනවා නම් වයසට යන, ශරීරය දුර්වල වෙන දවසක් දවසක් පාසා අපිට මැරි මැරී ජීවත් වෙන්න සිද්ද වෙනවා. අපි සල්ලි වලට වන්දනාමාන කරනවා නම් අපි කොයිතරම් හම්බකළත් ජීවිත කාලය පුරාම දුප්පත් මානසිකත්වයෙන් පෙළෙනවා. බලයට වැදුම් පිදුම් කරනවා කියන්නෙ කොයි වෙලාවක බලය උදුරා ගනීද කියල සදා අනාරක්‍ෂාවෙන් පෙළෙනවා කියන එක. අපි බුද්ධියට වැදුම් පිදුම් කරනවා කියන්නෙ බුද්ධියේ ආඩම්බරය නිසා මෝඩයෙක් විදිහට කෙලවර වෙනවා කියන එක. මේ හැම වන්දනාවක්ම අපි ඇතුලෙ කල් ඇතුවම සකස් වුණු සෙටින්ග්ස්.

පිටස්තර ලෝකය කැමතියි කොහොමත් හැමෝම මේ ඩිෆෝල්ට් සෙටිනග්ස් වලම වැඩ කරගෙන යන එකට. එතකොට සමජාතීය බවක්, පාලනයක්, විධිමත් බවක් ලේසියක් තියෙන හින්ද. ඒත් එතනින් නිදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ නෑ. හරිම නිදහස කියන්නෙ අවධානය, සවිඥානක බව, විනය වගේම අනිත් අය ගැන ඇත්තටම හිතන්න, ඒ අය වෙනුවෙන් (සම්මත, ජනප‍්‍රිය, කැපී පෙනෙන විධි වලින් නැතුව) හැම දවසකම අප‍්‍රසිද්දියේ පොඩි හෝ කැප කිරීම් කරන්න පුළුවන්කමයි.

අපිට අපෙන් එලිය දකින්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ආයිමත් ෆොස්ටර් වොලාස් එයාගෙ මුල්ම උදාහරනෙට එනවා. මාළුන්ගෙ කතාව. ජීවිතේටත් ඒක අදාල කර ගන්න කියල එයා කියනවා. නිරන්තර අවදියෙන් ඉන්න.

මේ තියෙන්නෙ වතුර
මේ තියෙන්නෙ වතුර
මේ තියෙන්නෙ වතුර..

(ඬේවිඞ් ෆොස්ටර් වොලාස්ගේ කතාවක් ඇසුරෙන් ලිහිල් පරිවර්තනයක්)

චින්තන ධර්මදාස


Saturday, July 12, 2014

මං කොයි ජාතියෙ මිනිහෙක්ද?



මං ජාතිය ගැන හිතන්න පටන් ගත්තා. පහුගිය දවස් කීපයෙ ඇති වෙච්ච ලෝක නවනිංගිරාවට පත් වෙන අපේ ශ‍්‍රී වික‍්‍රමයන් ඒකට එක හේතුවක්. ඇත්තටම මම මොන ජාතියෙ මිනිහෙක්ද? උප්පැන්නෙ ලැජ්ජාවෙන් ගැලවෙන්න මට හිතන්න සිද්ද වුණා.

පහුගිය දවසක දලයි ලාමා ලංකාව ගැන මතක් කිරීමක් කරලා තිබුණ. ඒ ලෝක බෞද්ද උරුමයක් විදිහට සළකන සංගවරයෙක් (සංග කියන ගුණයන්ගෙන් පිරුණා වූ) බෞද්දකම ගැන කරපු මතක් කිරීමක්.

‘මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ සිටින බෞද්ධයන්ට මා කියා සිටින්නේ මෙබඳු අපරාධ කරන්නට කලින් බුදුන්ගේ රුවක් මනසින් මවා ගන්න. බුදුන් දේශනා කළේ මෛත‍්‍රිය සහ කරුණාවයි. මෙබඳු අවස්ථාවක බුදුන් එතන සිටියා නම් උන්වහන්සේ නිසැකවම මේ බෞද්ධයන්ගෙන් පහර කන මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙනු නිසැකයි’

දලයි ලාමා එහෙම කිව්වා කියල මං ෆේස් බුක් එකේ දැම්මා.

‘ෂටප් බිච් ප්ලීස්’ කියල ඒකට සිංහල බෞද්දයෙක් කමෙන්ට් කරලා තිබුණ. දලයි ලාමාටත් බෞද්දකම උගන්නන තත්වයකයි සිංහල බෞද්දයො දැන් ඉන්නෙ. බුදුන් යලි ආවත් අපෙන් බුද්දාගම ඉගෙන ගන්නවා මිස නැත්තං අබසරණයි..

මේ ජාතිය කියන එක හරි අමුතු වචනයක්. අවුරුදු කීපෙකට කලින් අපි ජාතිය වෙනුවෙන් මරා ගත්තා. ඒ සිංහල ජාතිය සහ දෙමළ ජාතිය විදිහට. අපි දින්නා. රට සිංහල රට වුණා. අපි දැන් ආයිමත් මරා ගන්න පටන් අරන්. ඒ බෞද්ද මුස්ලිම් විදිහට. දැන් මේ ජාතිය, ආගම කියන තැනට මාරු වෙලා. මීට ටික කාලෙකට පස්සෙ අපි කුලය, පවුල දක්වාමත් නැත්නම් පාසැල, ලේන් එක කොයි ආදී වශයෙන් වුණත් මරා ගන්න පුළුවන්. අපි ඒ ජාතියෙ.

මේ ගැන ෆේස් බුක් එකේ සටන් ඇවිලෙද්දි මගේ යාලූවෙක් ඉදිරිපත් කරපු තර්කයක් වුනේ මේක රේසිසම් (වර්ග වාදයක් නෙමෙයි) මේක නැෂනලිස්ම් (ජාතිකවාදයක්) වගේ අදහසක්. ඒකෙන් ටිකක් මේ තත්වය සාධාරණීකරනය කරන්න කරපු උත්සාහයක්. මට හිතෙන්නෙ මේක මොන විදිහෙ වාදයක් වුණත් තියෙන්නෙ එකම උවමනාවක්. එකම හැඩයක්. එකම අරමුණක්. වචනෙ විතරයි වෙනස් වෙන්නෙ.

ජාතියක් විදිහට අපි ම්ලේච්ඡුයො කියල ලෝකය හංවඩු ගසමින් ඉන්නවා. අපි, ‘ඔව් අපි මරාගෙන කනවා යකෝ’ කියල බෙරිහන් දෙනවා. මං කියන්නෙ උප්පැන්නෙ ජාතිය ගැන අහන හිස්තැන් පිරවීම දැන් තෝරා ගැනීමක් වෙන්න  ඕන. ආයිමත් වෙන රටක එයාර් පෝ්ර්ට් එකකින් ඇතුලට යන එන කොට නොරුස්සන බැලූම් සහ වෙනත් නොයෙක් අපහසුතා දුෂ්කරතා විඳින්න අපි ජාතියක් හැටියට ලෑස්ති වෙන්න  ඕන.

ලෝකයේ  ජීවත් වීමට නරකම රටවල් දහය අතරෙ ඉන්නෙ රටක මහ ජාතිය විදිහට අපි තප්පුලන්න  ඕන. මං කියන්නෙ මොනම දේශපාලන තකතීරුකම් නිසා හරි අපිට අහිමි වෙමින් යන්නෙ සිවිල් පුරවැසියෙක් විදිහට හිමි අභිමානය. ලෝකයේ වෙනත් රටවලින් අපි සිවිල් සමාජයක කොටස්කරුවන් විදිහට නොපිලිගනිමින් යනවා. අපේ දුටුගැමුණු හදපු රුවන්වැලි සෑය මදි ඒ හෙළුව වහගන්න. උන්ට වඩා හොඳ අතීතයක් අපිට තිබුණා කිව්වට වඩා හොඳ වර්තමානයක් සහ අනාගතයක් තියෙන්නෙ උන්ට.

මොනවා වුණත් මේ ජාතියත් එක්ක මට තියෙන ප‍්‍රශ්නෙ පුද්ගලයෙක් විදිහට මගේ පැවැත්මට ඒක තර්ජනයක් වීමයි. ඒ කියන්නෙ මගේ ජාතිය මගේ පැවැත්මට ප‍්‍රශ්නයක්. මගේ පුද්ගලිකත්වයට, මගේ පුද්ගලික ආශාවන්ගේ සහ ජීවිතයේ විකාශනයට ජාතිය සෑහෙන අර්බුද මතු කරමින් ඉන්නවා.

මේ ජාතිය කියන්නෙ සිංහල හෝ දෙමළ වීම වගේ එකක් විතරක් නෙමෙයි. කවර හෝ කණ්ඩායමක අනන්‍යතාවයකින් ජීවත් වීම කියන එක. පුද්ගලික උවමනාවන් වෙනුවට පොදු අරමුණක් වෙනුවෙන් සකස් වුණු කාණ්ඩයක් කියන එක. මා වැනි පුද්ගලික ඒකක සමස්තයකින් හැදිච්ච දෙයක් විදිහට සමූහය අඳුර ගන්නවා වෙනුවෙට ඒ සාමූහිකයේ කොටසක් විදිහට මාව අඳුරගැනීම සිද්ද වෙන තත්වයක්.

මේක ගැන හිතාගෙන හිතාගෙන හොයාගෙන හොයාගෙන යනකොටයි මට අයින් රැන්ඞ් ව හම්බුනේ. අයින් රැන්ඞ් කියන්නෙ 1905 විතර ඉඳන් 80 විතර වෙනකල් කාලෙ ජීවත් වුණ දාර්ශනිකාවක්. සාමාන්‍යයෙන් ස්ත‍්‍රී දාර්ශනිකාවො කියන අදහස් මට ජුගුප්සාජනක වුණත් අයින් ?න්ඞ්ගේ පරණ අදහස් වුණත් මට අලූත් තත්වයන් එක්ක වඩා හොඳින් ගැලපුණා. ඒ වගේම එයත් මාර ඉන්ටරෙස්ටින් කැරැුක්ටර් එකක්. එයා ඉපදෙන්නෙ ඉගෙන ගන්නෙ රුසියාවෙ. පස්සෙ ලේඛිකාවක්, දාර්ශනිකාවක් විදිහට ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. අයින් රැන්ඞ් එයාගෙ දාර්ශනික අදහස් අරගෙන එන්නෙ එයාගෙ බෙස්ට් සෙලින් නවකතා හරහා. එයාගේ අදහස් වඩා නිදහස් වෙළඳ ආර්තිකයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේ ආර්තිකයක් යටතේ විතරයි මිනිහෙකුගේ පුද්ගලික පැවැත්මට ඇති අයිතිය පූර්ණව ලැබෙන්නෙ කියල එයා තර්ක කරනවා. වෙන්න අවශ්‍ය විදිහටම අයන් රැන්ඞ්ගේ දාර්ශනික අදහස් ඇකඩමියාව විසින් සංවාදයට ගන්නෙ නෑ. ඒ වෙනුවට නොදැක්කා නෑහුනා වගේ ඉන්නවා. ඒත් සමාජයේ ක‍්‍රියාකාරී කන්ඩායම් වගේම දේශපාලන කණ්ඩායම් මේ සිතීම තවදුරටත් අරගෙන යන්න වැඩ කරමින් ඉන්නවා. මේ වෙද්දි ඇකඩමියාව පවා රැන්ඞ්ව සීරියස් විදිහට බාර ගන්න පෙළඹිලා තියෙනවා.

අයින් රැන්ඞ් ගැන තියෙන උනන්දුව හින්දම එයාගෙ ප‍්‍රධාන දාර්ශනික ප‍්‍රවේශය ගැනත් කොටට හරි කියලා එයාගේ ජාතිය ගැන කතාවට මාරු වෙන්නම්. වාස්තවිකවාදය නැත්තං ඔබ්ජෙක්ටිවිස්ම් කියල ප‍්‍රවේශයක් එයා අරගෙන එනවා. ඒකෙ පදනම වෙන්නෙ පැවැත්ම පැවැත්මක් හැටියෙන් ඇති බව පිළිගැනීමයි. ඒ කියන්නෙ විඥානවාදී පදනම් වලින් පැවැත්ම අපේ ප‍්‍රක්‍ෂේපනයක් හෝ පැවැත්ම නොපැවැත්මක් හැටියට ගන්නවා වෙනුවට ඉස්සෙල්ලම ඇති දේ ඇති හැටියෙන් බාර ගැනීමයි.

අපි ජීවත් වෙනවා කියන්නෙ ඒ යතාර්තයේ ස්වභාවය අඳුරගෙන වඩා හොඳින් ඒ තුල සාර්තක විය හැකි මාර්ග අනාවරණය කර ගැනීමයි.

පවතිනවා කියන්නෙම යමක් බවට පත්වීමයි. ඒ කියන්නෙ අනන්‍යතාවයක් ලබා ගැනීමයි. ‘ඒ’ අකුර කියන්නෙ ‘ඒ’ අකුරම තමයි. කරුණු කියන ඒවා (වාස්තවික තත්වයන්) පවතිනවා. අපි පිළිගත්තා නොපිලිගත්තා කියල ඒ කරුණු වෙනස් වෙන්නෙ නෑ.

රැන්ඞ් කියන්නෙ යතාර්තය තියෙන්නෙ යලි සකස් කරන්න හෝ මග අරින්න නෙමෙයි කියල. ඒකට ආඩම්බරෙන් මූණ දෙන්න  ඕන. සොබා දහම (යතාර්තය) පාලනය කරන්න නම් ඊට යටත් විය යුතුයි කියන බේකන්ගේ කියමන රැන්ඞ් නිතර මතක් කරනවා.

පැවැත්ම, ඒකට විකල්පයක් නෑ. තරගයක් නෑ. එය ඉක්මවා යන්නක් නෑ. පැවැත්ම බාර ගන්න නම් ඊට පෙර හිතින් තනා ගත් සියලූ සංකල්ප බැහැර කළ යුතුයි. දෙවියන්ද ඇතුළුව.

අයින් රැන්ඞ්ගෙ අදහස් එක්ක මගේ ගැලපීම් සහ නොගැලපීම් තිබුණත් ඒ සිතීමේ කලාපය, පැතිකඩ මට ගොඩක් ප්‍රෝග්‍රෙසිව්. ගොඩක්ම එයාගෙ ජාතිවාදය ගැන මේ සටහන හරිම පැහැදිලි කැපුමක් කියලයි මට හිතෙන්නෙ. මෙතන ඉඳන් මං අයින් රැන්ඞ් වගේ ලියනවා.

වර්ගවාදය කියන්නෙ සාමූහවාදයේ තියෙන පහළම චාටර්ම විදිහ. ඒකෙන් කියන්නෙ මිනිහෙක් එයාගෙ ජානමය පරම්පරාවක් හින්ද ආචාර ධර්මීය, සමාජීය හෝ දේශපාලන විශේෂත්වයක් ලබනවා කියන එක. මිනිහෙකුගෙ චරිත ස්වභාවය සහ බුද්දිමය තත්වයන් ශරීරයේ රසායනිකයන් විසින් නිපදවනවා කියන එක. වෙන විදිහකට කිව්වොත් මිනිහෙක්ව මනින්න  ඕන එයා කරන කියන දේවල් වලින් නෙමෙයි එයාගෙ මුතුන්මිත්තන්ගෙ දේවල් වලින් කියන එක.

මේ විදිහට කෙනෙක් ඉපදෙන්නත් කලින් එයාගෙ මනසේ ගති ස්වභාවයන් තීරණය වෙලා ඉවරයි කියන අදහස ගුහාවාසී කාලෙ තිබ්බ එකක්. ඒක හරියට ගොවිපොලක වගේ. සත්තු පරපුර අනුව බෙදනවා වගේම මිනිස්සුත් වර්ග කරලා බෙදනවා. තනි තනි වටිනාකමක් තියෙන්නෙ මසට විතරයි.

වර්ගවාදයේ තියෙන නරකම තත්වය වෙන්නෙ මිනිසා සහ තිරිසනා අතර තියෙන ප‍්‍රධාන වෙනස වර්ගවාදය විසින් අහෝසි කරන එකයි. ඒ තමයි තාර්කික බුද්දිය. ඇත්තටම වර්ගවාදය මිනිසාගෙ පැවැත්මෙ වැදගත්ම තත්ව දෙකක් අහිමි කරනවා. එකක් තෝරා ගැනීම, අනික විමසා බැලීම. වෙන විදිහකට කිව්වොත් සදාචාරය සහ සිතීම (මනස). ඒ වෙනුවට වෙනත් රසායනික උත්තේජනයකින් පුරවලා දානවා.

පවුලෙ නම රැක ගන්න කියල වැරැද්දක් කරන තමන්ගෙ පවුලෙ කෙනෙක්ව වහන් කරගන්න නම්බුකාරයාගේ ඉඳන් (ඒක හරියට එක්කෙනෙක්ගේ සදාචාරය තව කෙනෙක්ගෙ වැඩ වලින් නැති වෙන්න පුළුවන් වගේ) තමන්ගෙ මීමුත්තා මේ රට ගොඩනගන්න හවුල් වුණා කියල ආඩම්බර වෙන පාදඩයෙකුගේ ඉඳන්, තමන්ගේ මුත්තා පාර්ලිමේන්තු සභිකයෙක් කියලා ආඩම්බර වෙන වෛශ්‍යාවකගේ ඉඳන්, කසාදයක් බන්දලා දෙන්න කලින් පවුලේ වතගොත හොයන තැන දක්වාම තියෙන්නෙ එකම වර්ගවාදය. මේ ගෝත‍්‍රික ම්ලේච්ඡ අවධියේ ඉඳන් තාම පවතින නෂ්ටාවශේෂ.

ගොඩක් වෙලාවට ජාතිවාදියො ඉතිහාසෙ තමන්ගෙ පරපුරේ උන් හදපුවා පෙන්නලා තමන්ගෙ ජාතිය කියල ආඩම්බරේකින් පපුව ඉස්සරහට දාගන්න හදනවා.  ඕන කාලෙක මේ දේවල් කරන්නෙ තනි තනි මිනිස්සු විසින්් මිස පරපුරක් විසින් නෙමෙයි. ධාතුසේන කලාවැව හැදුවා නම් ඒක ධාතුසේනගේ වැඩක් මිස සිරිසේනට ආඩම්බර වෙන්න වැඩක් නෙමෙයි. රජවරු ඇරුණම ඇත්තට ලෝකෙ අදට වැදගත් වටින දේවල් නිර්මාණය කළ මිනිස්සුන්ට (විද්‍යාඥයො දාර්ශනිකයෝ කලාකරුවො)  වුනේ නොතකා හරින ලදුව, දුක්ඛිත ජීවිත ගත කරමින් මැරිලා යන්න. මැරුණට පස්සෙ නගර මැද්දෙ ඒ ගොල්ලොන්ගෙ ප‍්‍රතිමා තැනුනා.

ඇණගහපු පල්ලියම ජේසුස් වගේ අය කුරුස ගහ පිටින්ම ඇතලට ගත්තා. ඒ අය ගැන කොහේවත් හිටියෙ නැති ජාතියක් ආඩම්බර වුණා. උදා විදිහට අනගාරික ධර්මපාල මැරුනෙ ඉන්දියාවෙ. මගේ මිනිය වත් ලංකාවට ගෙනියන්න එපා කියල. ඒත් දැන් ධර්මපාල කියන්නෙ අම්මට හුඩු.... ඒත් ලංකාවෙ රජවරුන්ට පස්සෙ සුද්දා කරපු දේවල් වලට අමතරව අපිට එහෙම ආඩම්බර වෙන්න දෙයක් නැති හින්ද මේ කරදරය අඩුයි.

එහෙම ජාතියකට අයිති මනසක් හෝ සාමූහික මනසක් කියල දෙයක් නැති හින්දම, ඒක අමූලික මනස්ගාතයක් හින්දම ජාතියක් විදිහට අත්පත් කර ගත්තා කියලා දේකුත් නෑ. තනි තනි මිනිස්සු ඒ අයගේ දේවල් සාර්තකව කරලා තියෙනවා. සංස්කෘතියක් කියන්නෙ මේ රොත්තට ජීවත් වෙන සමූහයකගේ, මේ රංචුවෙ නිර්මාණයක් නෙමෙයි. ඒක තනි තනි සිතීමක් ඇති මිනිස්සු විසින් කරන ලද ගොඩනැංවීමක්. උදා විදිහට ධර්මපාලගේ බාල අදහස් වුණත් ඒ මනුස්සයාගෙ සිතීමක් මිස සිංහල ජාතියක් විසින් ඒකට කරපු දෙයක් නෑ. එයා තනියම එහෙම සිංහල ජාතියක් නිර්මාණය කිරීමේ ආශාවෙන් පෙළුනා. ඒක බැරි වුණාම සාප කරලා මැරුණ.

මොන ජාතියකට අයිති වුණත් දක්ෂයෙක් නම් දක්ෂයෙක්. පාදඩයෙක් නම් පාදඩයෙක්. ජර්මානු කාලකණ්ණියෙක් එයා පැවැත එන්නෙ ෂීලර්, ගෝතෙ වැනි මහා කවීන් බිහි කරපු පරපුරෙන් කියල කිව්වට මොකක්ද ඒකෙ ඇති තේරුම.

ජාතිවාදයට තියෙන්නෙ එක මානසික හේතුවයි. ඒ තමයි තමන් ගැනම ඇති හීනමානය. අනිත් හැම සමූහවාදයක් වගේම ජාතිවාදය කියන්නෙත් තමන්ට නැති දේ, අහිමි දේ හොයා ගෙන යාමක්. ඒක හරියට නිකංම එකපාරටම තමන් මාර පොරක් වෙනවා වගේ. එකපාරටම නිකංම තමන්ට කවුරුහරි වෙන්න ලැබෙන අවස්තාවක්.. බොරු ආත්ම අභිමානයක්.

අයින් රැන්ඞ් කියන්නෙ සමාජවාදය පවා වර්ගවාදයේම තවත් මුහුණුවරක් කියල. හැම සමූහවාදයක්ම කියල එයා අදහස් කරන්නෙ ඒක. පුද්ගලිකත්වය මුල් තැනෙහිලා නොපිලිගන්නා හැම සමාජ සංවිධානගත වීමක්ම එයා සළකුනු කරන්නෙ වර්ගවාදයේ තත්වයන් විදිහට. ඒක වර්ගවාදයේ මතුපිට තේරුම වෙනුවට ඒක සමස්තයක් හැටියට ඉටු කරමින් ඉන්න මානසික තේරුම අවධානයට ගැනීමක්.

හැමතිස්සෙම සාමූහිකත්වයේ එක්තරා කෙලවරකදි වර්ගවාදය පැන නගිනවා. උදා විදිහට යුද්දය වෙනුවෙන් ගොඩනගපු සාමූහිකත්වයම (රට බේරාගැනීමේ) ඊට පස්සෙ මුස්ලිම් බෞද්ද වර්ගවාදයක් විදිහට ආයිමත් උඩට එනවා.

සාමූහිකවාදයක් ඇතුලෙදි පුද්ගලයෙකුට තනි පැවැත්මක් නෑ. එයා වෙනුවෙන් තීන්දු තීරණ ගන්නෙ සමූහයයි. හරියට ජාතිය ගොඩනැගීමේ බද්ද අපිට නොදී බැරිවෙන්නෙ හරි ෆිල්ම් එකක් බලන්න ගියාම ජාතික ගීය යනකොට නැගිටින්න වෙන්නෙ හරි අපේ උවමනාවට නෙමෙයි වගේ. අපේ රටේ නම් අපිට සාමාන්‍ය කියල පේන ගොඩක් තත්වයන් මේ සමූහයේ බලකිරීම්. ඒත් පුද්ගලිකත්වය ගැන හරි සිතීමක් වර්ධනය වෙලා නැති අපිට ඒක එච්චර අර්බුදයක් නෙමෙයි. හොඳම උදාහරණය පවුල විසින් තමන් වෙනුවෙන් තීරණ ගැනීම අපි හදපු වඩපු දෙමව්පිය අයිතිය වගේ එකකින් සාධරනීකරනය කර ගන්නවා.

අපේ වගේ රටක වර්ගවාදය කියන්නෙ සාමාන්‍යයක්. ඒක පොඞ්ඩක් පත්තු වුනාම විතරයි ටිකක් අසාමාන්‍ය. ගොඩක් වෙලාවට ඒ වෙන රටවල අයට ඒක අවුලක් වෙන නිසා මිසක් අලූත්ගම සිද්දිය පවා ලංකාවෙ අයට සාමාන්‍ය දෙයක්. මගේ යාලූවෙක් කිව්වෙ ‘ඔය දර්ගාවෙ හැම අවුරුද්දෙම ඔහොම මරා ගන්නවා. මිනී හය හතක් මැරෙනවා. මේ පාර තමයි ඔය ප‍්‍රශ්නයක් වුනේ’ කියල.

ඒ සමූහය විසින් තනි පුද්ගලයාව ආත්ම පූජාවට වුනත් කැප කරන්න පුළුවන්. අපි රණ විරුවන්ට කළා වගේ. කොහොමත් රාජ්‍යය කියන අදහස එක තදින් විශ්වාස කරන හැම පාලනයක්ම විසින් ජාතිවාදය අරගෙන එනවා.

මොකද පරම රාජ්‍ය පාලනයක් කියන්නෙ පාරෙ තගාලාගේ පාලනයම විධිමත් විදිහකට අරගෙන යනවට වඩා දෙයක් නෙමෙයි. ජර්මනියෙ වෙච්ච නාසිවාදයේම අනිත් පැත්ත රුසියාවෙදි වුණා. ජර්මනියෙදි තමන් ආර්යයෙක් කියල ඔප්පු කරන්න ප‍්‍රශ්න පත්තරේකට උත්තර ලියන්න වුණා වගේම රුසියාවෙදි තමන් කිසිවක් උරුම නැති පවුලකින් පැවත එන්නෙක් කියල ඔප්පු කරන්නත් ප‍්‍රශ්න පත්තරයක් පුරවන්න වුණා. එතකොටයි එයා ප්‍රොලිටේරියන් සම්භවයක් තියෙනවා කියල පිලිගත්තෙ. කොමියුනිස්ට් අය විශ්වාස කළා මිනිස්සුන්ව ජානමය විදිහට කන්ඩිෂන් කරලා කොමියුනිස්ම් වලට ගන්න පුළුවන් කියල. ඒ කියන්නෙ පරම්පරා කීපයක් ඒකාධිපති පාලනයක් යටතේ කන්ඩිෂන් කිරීම හරහා මිනිස්සු කොමියුනිස්ම් වලට තල්ලූ වෙනවා කියලත් ඊට පස්සෙ උපතින්ම කොමියුනිස්ට් දරුවො උපත ලබනවා කියලත් ඒ ගොල්ලො විශ්වාස කළා.

ජාතිවාදයට තියෙන්නෙ එකම එක ප‍්‍රතිකර්මයයි. ඒ තමයි පුද්ගලිකත්වය පිළිබඳ සිතීම ව්‍යාප්ත කිරීම. ඉන්ඩිවිජුවලිස්ම් ඉංග‍්‍රීසියෙන් කිව්වොත්. සහ ඊට අනුරූප සමාජ දේශපාලන ව්‍යූහයක්. ඒ කියන්නෙ වඩා නිදහස් වෙළඳ ආර්තිකයක්.

නිදහස් වෙළඳ ආර්තිකයකදී තවදුරටත් කෙනෙකුගේ ජාන වලට හෝ පරපුරට කරන්න පුළුවන් දෙයක් නෑ. එයා විසින් අත්පත් කර ගන්නා සාර්තකත්වය උඩයි ඒ වගේ ධනවාදයක් ඇතුලෙ එයාව මනින්නෙ. කොටින්ම එයාට පිටතක් තියෙනවා, ගුහාවෙන් එලියට.

පූර්ණ නිදහස් ධනවාදී ආර්තිකයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒත් හැමතිස්සෙම පාලිත ආර්තික තත්වයන්  තියෙන රටවල ජාතිවාදී තත්වයන් උත්සන්න වීම ආර්තිකය විවෘත රටවලට වඩා වැඩියි.

ධනවාදය කියන්නෙම ජාති හෝ ජාතික සීමා වලින් නිදහස. නිදහස් වෙළඳාම. ලෝකෙ හැම රටකින්ම වහල් ක‍්‍රමය අයින් වුනේ ධනවාදය හින්ද. මේ සිද්ද වෙන සමූහවාදයන් ඇත්තටම අපිව ආපස්සට තල්ලූ කරනවා. ලංකාවෙ නම් රජකාලෙටම දක්කනවා.

මිනිස්සුන්ව ආයිමත් පුද්ගලික අයිතීන් නැති, ඒ සියලූ දේවල් තමන් වෙනුවෙන් උත්තරීතර, බලය හිමි කණ්ඩායමක් විසින් පාලනය කරනවා කියන තැනට ගේන  කොටම පුද්ගලයාට ඒ කණ්ඩායමෙන් පිට පැවැත්මක් නැති වෙනවා. ඒ වගේ අය නිතරම තමන්ගේ් පැවැත්ම ගැන අවිනිශ්චිත බියකින් මොකක් හෝ කණ්ඩායමකට අයිති වෙන්න ද`ගලනවා. ඒ ගොල්ලොන්ට එකතු වෙන්න  ඕන සරල සාමූහිකත්වයක්. වැඩිය මොලේ නැති කණ්ඩායමක්. නිකංම අනන්‍යතාවයක් ලැබෙන තැනක්. වර්ගවාදය වෙන්නෙ ඒ වගේ එකක්.
මේ ලිපිය ලියන 1962 වගේ වකවානුවේ ඇමරිකාවෙ තත්වය ගැන අයින් රැන්ඞ් විස්තර කරනවා. ඒක හරියටම ලංකාවෙ 2014 ට සමානයි.

‘වර්ගවාදය ගැන කතා කරන කණ්ඩායම් සහ ඒ ගොල්ලොන්ගෙ දේශපාලන වැඩවල පැවැත්ම ලැජ්ජා නැති විදිහට එලිපිට බාර ගනිමින් ඉන්නවා. කිසිම දර්ශනයක් ඇති දේශපාලනයක්, දුර දිග බලා කරන සැලසුමක්, ප‍්‍රතිපත්තියක් නැති තත්වයක් තියෙන්්නෙ. හැමෝම පිළිගන්නවා රට නිශ්චිත දිශාවක් නැතුව ඔහේ පාවෙමින් තියෙන වග. මොකක් හරි ඉක්මන් ප‍්‍රතිලාබයක් වෙනුවෙන් ව්‍යවස්තාවෙ බලය අතට ගන්න ද`ගදාන රාජ්‍යවාදී තග් ගැන්සි කීපයකට පින් සිද්ද වෙන්න මේ තත්වෙ ඇති වෙලා තියෙනවා.

නිශ්චිත දේශපාලන දැක්මක් නැතිකමෙන් හැම දේශපාලන කණඩායමක්ම තමන්ගේම මිනීවල හාරා ගනිමින් ඉන්නවා. ඒ වෙලාවෙ මොකක් හරි ලාබෙකට තමන්වම විකුණාගනිමින් ඉන්නවා’

සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියන සාමූහිකයන් ගැනත් අයින් රැන්ඞ් සඳහනක් කරනවා. පුද්ගලික අයිතියට මුල් තැන නොදෙන කිසි කෙනෙකුට සුළුතර අයිතියක් ගැන කතා කරන්න බෑ කියල එයා කියනවා. ඒකට හේතුව වඩාත්ම බලය අහිමි සුළුතරය වෙන්නෙ පුද්ගලිකත්වය නිසයි.
අයින් රැන්ඞ් නං තව දිගට විස්තර කරගෙන යනවා. ඒත් මං එතනින් හැරිලා මගේ අදහසක නතර වෙනවා.

මට කොයි වෙලාවකවත් මං මොන හෝ වර්ගයකට, ජාතියකට අයිතියි කියල හිතෙන්නෙ නෑ. ඒත් එහෙම මං පවතින ප‍්‍රජාවක් වර්ගයක් විදිහට හිතුවොත් වෙනුවට මට මගේ ජාතියෙ අය ගොඩක් මුණගැහෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.  හරිම කීප දෙනයි ඇත්ත පොලොවෙදි මුණගැහෙන්නෙ. තවදුරටත් භූමිය මූලික සාධකයක් උඩ වර්ග වෙන එක පැවැත්මක් නැති තත්වයක්. මනස්ගාතයක්. පොලොව දියවෙලා යමින් තියෙන්නෙ. ඒ වෙනුවට එක අදහස් සමූහයක්, එක සිතීමක් බෙදා හදා ගන්නා වර්ගයක් ගැනයි අපිට හිතන්න වෙන්නෙ. ඒක වෙන වර්ගයකගේ අනෙකා වෙනවට වඩා තමන්ගේ අදහස් ගනුදෙනු පරාසයන් ඇතුලෙ නිර්මානය වෙන වර්ගයක්.

වර්ගයක් ගැන සීමාව වඩා විශාල අවකාශයක් කරා තල්ලූ වෙමින් තියෙන්නෙ. තටු තියෙන උන් ඉගිල්ලෙද්දි කුර ගාන උන් පොලොව බදාගෙන සටන් කරනවා.

තවදුරටත් මං ඒ ජාතියෙ මිනිහෙක් නෙමෙයි.

-චින්තන ධර්මදාස

Saturday, July 5, 2014

සංකේත පියා සහ ගප්පියා



අහම්බෙන් ෆේස් බුක් එකේ ෂෙයාර් වෙච්ච ලින්ක් එකක් දිගේ ගිහින් ජිප්සීස්ලා ඩෙල් ස්ටුඩියෝ එකේ කරපු සිංදු ටික අහන්න හම්බුණා. ඒක දෙරණෙන් කරන හොඳ වැඩක්. නිකංම විකුණගන්න හදන ප්‍රෝග‍්‍රෑම් එකක තැනකින් එහාට ගිහින් දැන් වඳවෙලා ගිහිල්ලා තියෙන මියුසික් වලට පණක් එකතු කරන වැඩක්. ලොකු සිංහලෙන් කියනවා නම් මෙහෙවරක්. නැත්තං රිංග් ටෝන් වගුරක ගිලිලා පොට්ට වෙලා යනවා අපේ කන්. 

ඊටත් වඩා වටින්නෙ ඒක පිළිවෙලට යූටියුබ් ගත කරන එක. මේ වෙද්දි ටීවී බැලෙන්නෙ වෙන මොකුත්ම බලන්න නැති පිරිසක් විතරයි. ඉනටර්නෙට් එකක් තියෙද්දි ටීවී එක පේන්නෙම නැතුව යනවා. ගොඩක්ම ටීවී චැනල් වලින් කරන්න පටන් ගත්ත ගඳ ගහන වැඩසටහනුත් මේ අත්ඇරීමට තල්ලූවක් වුණා. චැනල් එකක් විදිහට මේ වගේ මහන්සියෙන් කරන වැඩක් ප්‍රොඩියුස් කරලා ඒක ඉන්ටර්නෙට් එකේ නිකං බෙදාහදා ගන්න එකටත් ස්තුතිවන්ත වෙන්න  ඕන. විශේෂයෙන්ම මේ අවකාශ දෙකම පාවිච්චි කරන එක මේ වගේ වැඩකදි ගොඩක් වටිනවා. වැඩියෙන්ම ඩෙල් ස්ටුඩියෝ වගේ වැඩක් විඳින පිරිස දැන් ඉන්නෙ ටීවී එක ඉස්සරහ නෙමෙයි. නිශ්චිත වෙලාවට එක තැනක ඉඳගන්නවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විඳීමක් ඒ අයට  ඕන වෙනවා.

මට ලියන්න  ඕන වුනේ ජිප්සීස් ලා ඩෙල් ස්ටුඩියෝ එකට ආපු දවස ගැන. ඒක ඇත්තටම ඇෙ`ග් මයිල් කෙලින් වෙන ප්‍රෝග‍්‍රෑම් එකක්. ආයිමත් ජිප්සීස් සිංදු ඇහෙද්දි අපි දැන් අහන ලියන පද ගැන දුක හිතෙනවා. අපි 80 නුත කොයිතරං පස්සට ඇවිල්ලද කියල බය හිතෙනවා. ඒ ව්‍යවහාර, ඒ වචන, ඒ අත්දැකීම් ජනප‍්‍රිය සිංදුවලින් බෙදා ගත්තා කියන එක අද හිතාගන්නවත් බෑ. අංකල් ජොන්සන් වගේ සිංදුවක තියෙන ෆන් එක, ඒ ෆන් එක ඇතුලෙ තියෙන පන් එක. අපි අද කොයි තරං ළාමකද?

ඒ සිංදු වලට අලූත් සංගීතය මුහු කිරීමෙදි මහේෂ් දෙනිපිටිය දැනුවත්ව කරන වැඩෙත් විශිෂ්ටයි. විශේෂයෙන්ම  ඕයේ ඔජායේ සිංදුව. ඒක ආදිවාසී පිරිසක් පරිවාරයට අරගෙන ක්ලැසික් එකක් දක්වා වෙනස් කරනවා. අහම්බෙන් සරලව ටීවී වැඩසටහන් විදිහට කෙරුණත් මේවා අතිවිශේෂ සටහන්.

සුනිල් පෙරේරා කියන්නෙ ලංකාවෙ මියුසික් වල නෙමෙයි ලංකාවෙ සංස්කෘතියෙ හැරවුම් ලක්ෂයක්. ඒ කොයි පංතියකට වුණත් සෙට් වෙන තැනක වැඩ කරන එක, තමන්ගෙ නිර්මාණය ඇතුලෙ තමන්ගෙ නිදහස, විඳීම උපරිමයෙන් ගැනීම, එලියෙන් හදලා දෙන ප‍්‍රතිරූපයක් නඩත්තු කරනවා වෙනුවට තමන්ම අමුවෙන් හෙළුවෙන් ඉදිරිපත් වෙන එක ලංකාවෙ වෙන කිසිම ආර්ටිස්ට් කෙනෙකුට කරන්න පුළුවන් වුණු දෙයක් නෙමෙයි. 

ඒ වගේ ලෙජනඩරි වැඩ නැවත නැවත වෙනස් ආකෘති වලින් ප‍්‍රතිනිෂ්පාදනය කිරීම දියුණු වැඩක්. ඒක දියුණු විදිහට කිරීම ඊටත් වඩා අවශ්‍ය වැඩක්. දෙරන ඩෙල් ස්ටුඩියෝ ඒ වැඬේ හරියට කරනවා. මිනී මරන එක මිස විඳින්න වෙන කිසි දෙයක් නැති ලංකාවෙ මේ වෙලාවෙ ඒ වගේ දෙයක් කරන එක බෞද්ද වචනෙන් කියනව නම් ඇත්තටම දානයක්. මහ පිනක්.

චැනල් එකක ඒ ගොල්ලොන්ගෙ මොකක් හරි බ්ලාස්ට් එකක් ගැන ඇඞ් එකක් යනවා. ඒක ගප්පියාගෙ ‘ඉට්ස්  ඕකේ බේබි’ කොපි කරලා ගහපු එකක්. එක පැත්තකින් දැවැන්ත එෆ්එම් නාලිකාවකට කොපි කරන්න තරම් දැනෙන විදිහට තමන්ගෙ නිර්මාණ කරපු එක ගැන ගප්පියා ආඩම්බර වෙන්න  ඕන වගේම අඩුම තරමෙ ඊමේල් එකකින් වත් ගප්පියාව ඒ කොපි කිරීම ගැන දැනුවත් කරලා නැත්තං (විතරක්) ඒ චැනල් එක ඒ ගැන ලැජ්ජ වෙන්න  ඕන.

ගප්පියා කියන්නෙ කාලයක් තිස්සෙ යූටියුබ් එකේ එක එක වීඩියෝ අප්ලෝඞ් කරන තරිඳු විජේසේකර කියල හාදයෙක්. ලංකාවෙන් ගිහින්  ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත් වෙන ගමන් එයා මේ වීඩියෝ හදනවා. ඒ වීඩියෝ වල හැම චරිතයක්ම කරන්නෙ ගප්පියාමයි. ඉඳලා හිටලා සුදු ගෑණු කෙනෙක් මැදිහත් වෙනවා.

ජෙහාන් වගේ කලින් කීප දෙනෙක් මේ විදිහෙ නිර්මාණාත්මක අත්හදා බැලීම් කළත් ගප්පියා තරම් දුරකට එන්න බැරි වුණා කියලයි මං හිතන්නෙ. ගප්පියාට පුළුවන් වෙනවා  ඕන පංතියකට සෙට් වෙන්න තමන්ගෙ නිර්මාණය ගේන්න. ඒකට ප‍්‍රධාන හේතුව වෙන්න ඇත්තෙම ගප්පියාම කියන විදිහට අති සාමාන්‍ය ලාංකේය පවුලකින් පැවත ඒම. ඒත් ඊට වඩා සාධනීය කාරනේ වෙන්නෙ ඒ වගේ අයට වෙන රටකදි නිතර වැළඳෙන රෝගයක් වෙන එක එක ආකාරයේ තමන් නොවෙන තත්වයන් ආරෝපණය නොවීම. ගප්පියාගේ වීඩියෝ නැගලා යන්න එකම හේතුව ඒවායේ තියෙන මේ අවංක අමු ගතිය.

තරිඳු මහරගම ඉඳන් ඔස්ටේ‍්‍රලියාවට යනවා. ගොඩක් අයට වගේ ගොඩක් සල්ලියි ඇඳුනුම්කමුයි නැති හින්ද එයාට සෑහෙන වටේකින් තමයි මේ ගමන යන්න වෙන්නෙ. එහේ පුංචි ටවුමක ජීවත් වෙන්න අරගෙන තමන්ට පිටස්තරයෙක් විදිහට මුහුණ දෙන්න වුණු ආගන්තුක තත්වයන් එයාගෙ නිර්මාණ වලට පදනම වෙනවා. 

ඒක හොඳ බේස් එකක්. තමන්ට වැඩියෙන්ම දැනෙන, තමන් වැඩියෙන්ම ළ`ග තැනකින් නිර්මාණ කරන එක. ඒ හැ`ගීම ඇත්තක් හින්දම නිර්මාණය ඇතුලෙ වෙන මොකකටවත් වැඩි විශ්වාසනීය බවක් ගැඹුරක් රඳනවා.

තමන්ට රස්සාවක් නැතුව ගත කරන්න වුණු ජීවිතේ පීඩනය මග අරින්න යූටියුබ් වීඩියෝ හදන්න ගත්තා කියලා තරිඳු කියනවා. ලංකාවෙ ගොඩක් චිත‍්‍රපටි හදන සහ හදන්න හදන අයට වඩා ගප්පියාගේ වැඩ පරිණතයි. වැඬේ මතුපිට මොන අඩුපාඩු තිබුණත් වැඬේ ගැන අදහස පරිණතයි. එතන හැම දෙයක්ම සිද්ද වෙන්නෙ එයාගෙම අතින්. කොටින්ම මියුසික් හැදිල්ල පවා. තමන් නොදන්නා සංගීතයක් කරන්න ගිහින් ටිකෙන් ටික යමක් අටවාගන්න හුරුවුණු හැටි ගැන ගප්පියාට හරි ජොලි. වඩා වැදගත්ම දේ වෙන්නෙ අනුන්ගෙ ෆන් එකකට වඩා තමන්ගෙ ෆන් එකකට නිර්මාණයක් කරන එක. මං හිතන්න ගප්පියාගෙ ආර්ට් එකේ අපි විඳින්නෙ ඒ පිටිපස්සෙ තියෙන සජීවී විඳීම. ආශාව. ඒක තමන්ගේම ජීවිතේ උවමනාවක් ඇතුලෙන් එන එක සහ ඒ උවමනාවට සවිඥාණක බව.

‘මං ඇලඩින් කියල හිතුවද උඹට හිතෙන හිතෙන දේවල් අරන් දෙන්න’

ගප්පියාගේ වීඩියෝ වල දෙබස් මාර පන්ච්. ඒ වගේම ඒ ර`ගපෑමෙ එයාටම ආවේණික විලාසයක් තියෙනවා. ඒක හරි පොප් හැඩයක්. තමන්ට නැති දේවල් ගැන දුක් වෙවී ඉන්නවා වෙනුවට ගප්පියා තමන් ළ`ග තියෙන දේවල් එක්ක වැඬේට බහිනවා.

‘යූ ටියුබ් තමයි තියෙන හොඳම ප්ලැට්ෆෝම් එක. ඒ හරහා අපිට පුළුවන් ගෝලීය පිරිසකට අපේ දේවල් පෙන්නන්න. නොමිලේම. ඒ වගේම උපාංග ගණනාවක් ඔස්සේ’

විනාඩි 05ක වීඩියෝ එකක් හදන්න ගප්පියාට පැය 50ක් 60ක් ගත වෙනවා. තමන්ම කැමරාව අටවගෙන, තමන්ගෙම ගේ ඇතුලෙ කොනක් සෙට් කරගෙන, තමන්ම හැම චරිතයක්ම ර`ගපාගෙන මේ නැටුම මෙච්චර දිගට කරන්න සෑහෙන ජවයක් තියෙන්න  ඕන. ඒ වගේම ක‍්‍රියේටිව් ගතිය එන්න එන්නම වැඩි වෙන්න ඊටත් වඩා ජීවිතේ බඩු තියෙන්න  ඕන.

කතාවක්, පිටපතක් ලියලා ඒකට අවශ්‍ය දේවල් හොයාගෙන තමන්ගෙ ෆිල්ම් එක කරනවා වෙනුවට ගප්පියා කරන්නෙ ඒකෙ රිවර්ස් එක. රොඞ්රිගුඅස් ‘රිබෙල් විතවුට් අ කෲ’ පොතේ කියනවා වගේ තමන් ළ`ග තියෙන දේවල් අනුව පිටපත චරිත හැමදේම සැලසුම් කරන එක. ගෙදරක සැලසුමක් හදලා ඒකට අවශ්‍ය බඩු මුට්ටු හොයන නියම විදිහෙ අනිත් පැත්ත තමන්ට කරන්න සිද්ද වුණා කියල තරිඳු මේක විස්තර කරනවා. ඒ කියන්නෙ තියෙන බඩු මුට්ටු අනුව ගේ සැලසුම හදන එක. ඒ කොහොම වුණත් ඒක සාර්ථක වුණා. ඒ සාර්තක වීමේ හේතුව ගැනත් ගප්පියා සබුද්දිකයි.

‘මං හිතන්නෙ එහෙම මොකක්වත් නිශ්චිත රීති තියෙනවා කියල. ඇත්තටම මට කියන්න බෑ මොකක්ද වැඩ කරන වීඩියෝව මොකක්ද නැති එක කියල. ඒත් ඔයා කරන දේ ඔයාට විශ්වාස නම් සහ ඒ කරන දේට ඔයාගෙ 100%ක් දාලා තියෙනවා නම් ඔයාගෙ  ඕඩියන්ස් එක අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන එනවා. 

ඔයා හීනයක් එක්ක නිදාගෙන අධිෂ්ටානයක් එක්ක නැගිටිනවා නම් සාර්තකත්වය ඔයාව හොයා ගනීවි. ඔයා ළ`ග නැති දේවල් ගැන පැමිණිලි කිය කිය නොඉඳ තමන්ට තියෙන දේවල් දකින්නත් ඒ තියෙන දේවල් වලින් වැඩ කරන්නත් පටන් ගන්න  ඕන’

ගප්පියා යූ ටියුබ් හරහා තමන්ට එල්ලවෙන විචාර ගැනත් කතා කරනවා. ඉන්ටර්නෙට් එක නිසා ඉතාම නිර්ව්‍යාජව  ඕනම තරාතිරමක කෙනෙක්ගේ ඍජු අදහස් දැනගන්න පුළුවන් එක ගැන ගප්පියා සතුටුයි. ඒවගේම ඒ විචාරක ජනයා මොනවා කිව්වත්,

‘විචාර වලින් සැලෙන්න එපා. එලියෙ ඉන්නවා ගොඩක් මිනිස්සු ඔහේ ඉඳගෙන බලාගෙන. තමන්ගෙ රස්සාව ගැන, සිස්ටම් එක ගැන පැමිණිලි කර කර. තමන්ගේ ජීවිතේ වෙනස් කර ගන්න කිසි දෙයක් නොකර. මුලින්ම අපේ දේවල් විවේචනය කරන්නෙ ඒ අය. පස්ස ගහන්න එපා. ඔයා පාරක් තෝර ගනිද්දි ගොඩක් අය කියයි ඔයාට වරදිනවා කියල. ඒත් හීන දකින එක අත්අරින්න එපා’

ගප්පියා ඉස්සරහට තව ලොකු ලොකු වැඩ කරන්න හිතාගෙන ඉන්නවා කියලත් කියනවා. මේ කියන්න තියෙන දේ තිබුනොත් සහ ඒ කියන්න තියෙන උවමනාව ඒ විදිහටම පැවතුනොත් අනිවාර්යෙන්ම ගප්පියාට සෑහෙන විශිෂ්ට දේවල් කරන්න පුළුවන් වෙයි. වඩා වැදගත්ම දේ වෙන්නෙ එයාට රූප වලින් කතාවක් කියන හැටි හොඳට තේරෙන එක. අපේ ලොකු සිනමා අධ්‍යක්‍ෂවරුන්ට පවා නොතේරෙන සරල තැන ඒක.
ගප්පියාට තව තව පීනන්න ද`ගලන්න වගේම තව තවත් ගප්පි පැටව් යූ ටියුබ් නාලිකා හරහා බෝවෙන්න ඉතසිතින් ප‍්‍රාර්තනා කරනවා. 

චින්තන ධර්මදාස
^http://readme.lk/maharagama-youtube-story-gappiya/&
(රීඞ්මී වෙබ් අඩවියෙන් කරුණු උපුටා ගන්නා ලදී)