Saturday, July 5, 2014

සංකේත පියා සහ ගප්පියා



අහම්බෙන් ෆේස් බුක් එකේ ෂෙයාර් වෙච්ච ලින්ක් එකක් දිගේ ගිහින් ජිප්සීස්ලා ඩෙල් ස්ටුඩියෝ එකේ කරපු සිංදු ටික අහන්න හම්බුණා. ඒක දෙරණෙන් කරන හොඳ වැඩක්. නිකංම විකුණගන්න හදන ප්‍රෝග‍්‍රෑම් එකක තැනකින් එහාට ගිහින් දැන් වඳවෙලා ගිහිල්ලා තියෙන මියුසික් වලට පණක් එකතු කරන වැඩක්. ලොකු සිංහලෙන් කියනවා නම් මෙහෙවරක්. නැත්තං රිංග් ටෝන් වගුරක ගිලිලා පොට්ට වෙලා යනවා අපේ කන්. 

ඊටත් වඩා වටින්නෙ ඒක පිළිවෙලට යූටියුබ් ගත කරන එක. මේ වෙද්දි ටීවී බැලෙන්නෙ වෙන මොකුත්ම බලන්න නැති පිරිසක් විතරයි. ඉනටර්නෙට් එකක් තියෙද්දි ටීවී එක පේන්නෙම නැතුව යනවා. ගොඩක්ම ටීවී චැනල් වලින් කරන්න පටන් ගත්ත ගඳ ගහන වැඩසටහනුත් මේ අත්ඇරීමට තල්ලූවක් වුණා. චැනල් එකක් විදිහට මේ වගේ මහන්සියෙන් කරන වැඩක් ප්‍රොඩියුස් කරලා ඒක ඉන්ටර්නෙට් එකේ නිකං බෙදාහදා ගන්න එකටත් ස්තුතිවන්ත වෙන්න  ඕන. විශේෂයෙන්ම මේ අවකාශ දෙකම පාවිච්චි කරන එක මේ වගේ වැඩකදි ගොඩක් වටිනවා. වැඩියෙන්ම ඩෙල් ස්ටුඩියෝ වගේ වැඩක් විඳින පිරිස දැන් ඉන්නෙ ටීවී එක ඉස්සරහ නෙමෙයි. නිශ්චිත වෙලාවට එක තැනක ඉඳගන්නවට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විඳීමක් ඒ අයට  ඕන වෙනවා.

මට ලියන්න  ඕන වුනේ ජිප්සීස් ලා ඩෙල් ස්ටුඩියෝ එකට ආපු දවස ගැන. ඒක ඇත්තටම ඇෙ`ග් මයිල් කෙලින් වෙන ප්‍රෝග‍්‍රෑම් එකක්. ආයිමත් ජිප්සීස් සිංදු ඇහෙද්දි අපි දැන් අහන ලියන පද ගැන දුක හිතෙනවා. අපි 80 නුත කොයිතරං පස්සට ඇවිල්ලද කියල බය හිතෙනවා. ඒ ව්‍යවහාර, ඒ වචන, ඒ අත්දැකීම් ජනප‍්‍රිය සිංදුවලින් බෙදා ගත්තා කියන එක අද හිතාගන්නවත් බෑ. අංකල් ජොන්සන් වගේ සිංදුවක තියෙන ෆන් එක, ඒ ෆන් එක ඇතුලෙ තියෙන පන් එක. අපි අද කොයි තරං ළාමකද?

ඒ සිංදු වලට අලූත් සංගීතය මුහු කිරීමෙදි මහේෂ් දෙනිපිටිය දැනුවත්ව කරන වැඩෙත් විශිෂ්ටයි. විශේෂයෙන්ම  ඕයේ ඔජායේ සිංදුව. ඒක ආදිවාසී පිරිසක් පරිවාරයට අරගෙන ක්ලැසික් එකක් දක්වා වෙනස් කරනවා. අහම්බෙන් සරලව ටීවී වැඩසටහන් විදිහට කෙරුණත් මේවා අතිවිශේෂ සටහන්.

සුනිල් පෙරේරා කියන්නෙ ලංකාවෙ මියුසික් වල නෙමෙයි ලංකාවෙ සංස්කෘතියෙ හැරවුම් ලක්ෂයක්. ඒ කොයි පංතියකට වුණත් සෙට් වෙන තැනක වැඩ කරන එක, තමන්ගෙ නිර්මාණය ඇතුලෙ තමන්ගෙ නිදහස, විඳීම උපරිමයෙන් ගැනීම, එලියෙන් හදලා දෙන ප‍්‍රතිරූපයක් නඩත්තු කරනවා වෙනුවට තමන්ම අමුවෙන් හෙළුවෙන් ඉදිරිපත් වෙන එක ලංකාවෙ වෙන කිසිම ආර්ටිස්ට් කෙනෙකුට කරන්න පුළුවන් වුණු දෙයක් නෙමෙයි. 

ඒ වගේ ලෙජනඩරි වැඩ නැවත නැවත වෙනස් ආකෘති වලින් ප‍්‍රතිනිෂ්පාදනය කිරීම දියුණු වැඩක්. ඒක දියුණු විදිහට කිරීම ඊටත් වඩා අවශ්‍ය වැඩක්. දෙරන ඩෙල් ස්ටුඩියෝ ඒ වැඬේ හරියට කරනවා. මිනී මරන එක මිස විඳින්න වෙන කිසි දෙයක් නැති ලංකාවෙ මේ වෙලාවෙ ඒ වගේ දෙයක් කරන එක බෞද්ද වචනෙන් කියනව නම් ඇත්තටම දානයක්. මහ පිනක්.

චැනල් එකක ඒ ගොල්ලොන්ගෙ මොකක් හරි බ්ලාස්ට් එකක් ගැන ඇඞ් එකක් යනවා. ඒක ගප්පියාගෙ ‘ඉට්ස්  ඕකේ බේබි’ කොපි කරලා ගහපු එකක්. එක පැත්තකින් දැවැන්ත එෆ්එම් නාලිකාවකට කොපි කරන්න තරම් දැනෙන විදිහට තමන්ගෙ නිර්මාණ කරපු එක ගැන ගප්පියා ආඩම්බර වෙන්න  ඕන වගේම අඩුම තරමෙ ඊමේල් එකකින් වත් ගප්පියාව ඒ කොපි කිරීම ගැන දැනුවත් කරලා නැත්තං (විතරක්) ඒ චැනල් එක ඒ ගැන ලැජ්ජ වෙන්න  ඕන.

ගප්පියා කියන්නෙ කාලයක් තිස්සෙ යූටියුබ් එකේ එක එක වීඩියෝ අප්ලෝඞ් කරන තරිඳු විජේසේකර කියල හාදයෙක්. ලංකාවෙන් ගිහින්  ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත් වෙන ගමන් එයා මේ වීඩියෝ හදනවා. ඒ වීඩියෝ වල හැම චරිතයක්ම කරන්නෙ ගප්පියාමයි. ඉඳලා හිටලා සුදු ගෑණු කෙනෙක් මැදිහත් වෙනවා.

ජෙහාන් වගේ කලින් කීප දෙනෙක් මේ විදිහෙ නිර්මාණාත්මක අත්හදා බැලීම් කළත් ගප්පියා තරම් දුරකට එන්න බැරි වුණා කියලයි මං හිතන්නෙ. ගප්පියාට පුළුවන් වෙනවා  ඕන පංතියකට සෙට් වෙන්න තමන්ගෙ නිර්මාණය ගේන්න. ඒකට ප‍්‍රධාන හේතුව වෙන්න ඇත්තෙම ගප්පියාම කියන විදිහට අති සාමාන්‍ය ලාංකේය පවුලකින් පැවත ඒම. ඒත් ඊට වඩා සාධනීය කාරනේ වෙන්නෙ ඒ වගේ අයට වෙන රටකදි නිතර වැළඳෙන රෝගයක් වෙන එක එක ආකාරයේ තමන් නොවෙන තත්වයන් ආරෝපණය නොවීම. ගප්පියාගේ වීඩියෝ නැගලා යන්න එකම හේතුව ඒවායේ තියෙන මේ අවංක අමු ගතිය.

තරිඳු මහරගම ඉඳන් ඔස්ටේ‍්‍රලියාවට යනවා. ගොඩක් අයට වගේ ගොඩක් සල්ලියි ඇඳුනුම්කමුයි නැති හින්ද එයාට සෑහෙන වටේකින් තමයි මේ ගමන යන්න වෙන්නෙ. එහේ පුංචි ටවුමක ජීවත් වෙන්න අරගෙන තමන්ට පිටස්තරයෙක් විදිහට මුහුණ දෙන්න වුණු ආගන්තුක තත්වයන් එයාගෙ නිර්මාණ වලට පදනම වෙනවා. 

ඒක හොඳ බේස් එකක්. තමන්ට වැඩියෙන්ම දැනෙන, තමන් වැඩියෙන්ම ළ`ග තැනකින් නිර්මාණ කරන එක. ඒ හැ`ගීම ඇත්තක් හින්දම නිර්මාණය ඇතුලෙ වෙන මොකකටවත් වැඩි විශ්වාසනීය බවක් ගැඹුරක් රඳනවා.

තමන්ට රස්සාවක් නැතුව ගත කරන්න වුණු ජීවිතේ පීඩනය මග අරින්න යූටියුබ් වීඩියෝ හදන්න ගත්තා කියලා තරිඳු කියනවා. ලංකාවෙ ගොඩක් චිත‍්‍රපටි හදන සහ හදන්න හදන අයට වඩා ගප්පියාගේ වැඩ පරිණතයි. වැඬේ මතුපිට මොන අඩුපාඩු තිබුණත් වැඬේ ගැන අදහස පරිණතයි. එතන හැම දෙයක්ම සිද්ද වෙන්නෙ එයාගෙම අතින්. කොටින්ම මියුසික් හැදිල්ල පවා. තමන් නොදන්නා සංගීතයක් කරන්න ගිහින් ටිකෙන් ටික යමක් අටවාගන්න හුරුවුණු හැටි ගැන ගප්පියාට හරි ජොලි. වඩා වැදගත්ම දේ වෙන්නෙ අනුන්ගෙ ෆන් එකකට වඩා තමන්ගෙ ෆන් එකකට නිර්මාණයක් කරන එක. මං හිතන්න ගප්පියාගෙ ආර්ට් එකේ අපි විඳින්නෙ ඒ පිටිපස්සෙ තියෙන සජීවී විඳීම. ආශාව. ඒක තමන්ගේම ජීවිතේ උවමනාවක් ඇතුලෙන් එන එක සහ ඒ උවමනාවට සවිඥාණක බව.

‘මං ඇලඩින් කියල හිතුවද උඹට හිතෙන හිතෙන දේවල් අරන් දෙන්න’

ගප්පියාගේ වීඩියෝ වල දෙබස් මාර පන්ච්. ඒ වගේම ඒ ර`ගපෑමෙ එයාටම ආවේණික විලාසයක් තියෙනවා. ඒක හරි පොප් හැඩයක්. තමන්ට නැති දේවල් ගැන දුක් වෙවී ඉන්නවා වෙනුවට ගප්පියා තමන් ළ`ග තියෙන දේවල් එක්ක වැඬේට බහිනවා.

‘යූ ටියුබ් තමයි තියෙන හොඳම ප්ලැට්ෆෝම් එක. ඒ හරහා අපිට පුළුවන් ගෝලීය පිරිසකට අපේ දේවල් පෙන්නන්න. නොමිලේම. ඒ වගේම උපාංග ගණනාවක් ඔස්සේ’

විනාඩි 05ක වීඩියෝ එකක් හදන්න ගප්පියාට පැය 50ක් 60ක් ගත වෙනවා. තමන්ම කැමරාව අටවගෙන, තමන්ගෙම ගේ ඇතුලෙ කොනක් සෙට් කරගෙන, තමන්ම හැම චරිතයක්ම ර`ගපාගෙන මේ නැටුම මෙච්චර දිගට කරන්න සෑහෙන ජවයක් තියෙන්න  ඕන. ඒ වගේම ක‍්‍රියේටිව් ගතිය එන්න එන්නම වැඩි වෙන්න ඊටත් වඩා ජීවිතේ බඩු තියෙන්න  ඕන.

කතාවක්, පිටපතක් ලියලා ඒකට අවශ්‍ය දේවල් හොයාගෙන තමන්ගෙ ෆිල්ම් එක කරනවා වෙනුවට ගප්පියා කරන්නෙ ඒකෙ රිවර්ස් එක. රොඞ්රිගුඅස් ‘රිබෙල් විතවුට් අ කෲ’ පොතේ කියනවා වගේ තමන් ළ`ග තියෙන දේවල් අනුව පිටපත චරිත හැමදේම සැලසුම් කරන එක. ගෙදරක සැලසුමක් හදලා ඒකට අවශ්‍ය බඩු මුට්ටු හොයන නියම විදිහෙ අනිත් පැත්ත තමන්ට කරන්න සිද්ද වුණා කියල තරිඳු මේක විස්තර කරනවා. ඒ කියන්නෙ තියෙන බඩු මුට්ටු අනුව ගේ සැලසුම හදන එක. ඒ කොහොම වුණත් ඒක සාර්ථක වුණා. ඒ සාර්තක වීමේ හේතුව ගැනත් ගප්පියා සබුද්දිකයි.

‘මං හිතන්නෙ එහෙම මොකක්වත් නිශ්චිත රීති තියෙනවා කියල. ඇත්තටම මට කියන්න බෑ මොකක්ද වැඩ කරන වීඩියෝව මොකක්ද නැති එක කියල. ඒත් ඔයා කරන දේ ඔයාට විශ්වාස නම් සහ ඒ කරන දේට ඔයාගෙ 100%ක් දාලා තියෙනවා නම් ඔයාගෙ  ඕඩියන්ස් එක අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන එනවා. 

ඔයා හීනයක් එක්ක නිදාගෙන අධිෂ්ටානයක් එක්ක නැගිටිනවා නම් සාර්තකත්වය ඔයාව හොයා ගනීවි. ඔයා ළ`ග නැති දේවල් ගැන පැමිණිලි කිය කිය නොඉඳ තමන්ට තියෙන දේවල් දකින්නත් ඒ තියෙන දේවල් වලින් වැඩ කරන්නත් පටන් ගන්න  ඕන’

ගප්පියා යූ ටියුබ් හරහා තමන්ට එල්ලවෙන විචාර ගැනත් කතා කරනවා. ඉන්ටර්නෙට් එක නිසා ඉතාම නිර්ව්‍යාජව  ඕනම තරාතිරමක කෙනෙක්ගේ ඍජු අදහස් දැනගන්න පුළුවන් එක ගැන ගප්පියා සතුටුයි. ඒවගේම ඒ විචාරක ජනයා මොනවා කිව්වත්,

‘විචාර වලින් සැලෙන්න එපා. එලියෙ ඉන්නවා ගොඩක් මිනිස්සු ඔහේ ඉඳගෙන බලාගෙන. තමන්ගෙ රස්සාව ගැන, සිස්ටම් එක ගැන පැමිණිලි කර කර. තමන්ගේ ජීවිතේ වෙනස් කර ගන්න කිසි දෙයක් නොකර. මුලින්ම අපේ දේවල් විවේචනය කරන්නෙ ඒ අය. පස්ස ගහන්න එපා. ඔයා පාරක් තෝර ගනිද්දි ගොඩක් අය කියයි ඔයාට වරදිනවා කියල. ඒත් හීන දකින එක අත්අරින්න එපා’

ගප්පියා ඉස්සරහට තව ලොකු ලොකු වැඩ කරන්න හිතාගෙන ඉන්නවා කියලත් කියනවා. මේ කියන්න තියෙන දේ තිබුනොත් සහ ඒ කියන්න තියෙන උවමනාව ඒ විදිහටම පැවතුනොත් අනිවාර්යෙන්ම ගප්පියාට සෑහෙන විශිෂ්ට දේවල් කරන්න පුළුවන් වෙයි. වඩා වැදගත්ම දේ වෙන්නෙ එයාට රූප වලින් කතාවක් කියන හැටි හොඳට තේරෙන එක. අපේ ලොකු සිනමා අධ්‍යක්‍ෂවරුන්ට පවා නොතේරෙන සරල තැන ඒක.
ගප්පියාට තව තව පීනන්න ද`ගලන්න වගේම තව තවත් ගප්පි පැටව් යූ ටියුබ් නාලිකා හරහා බෝවෙන්න ඉතසිතින් ප‍්‍රාර්තනා කරනවා. 

චින්තන ධර්මදාස
^http://readme.lk/maharagama-youtube-story-gappiya/&
(රීඞ්මී වෙබ් අඩවියෙන් කරුණු උපුටා ගන්නා ලදී)


12 comments:

  1. කුශාන් &ශ්‍රීමාල් කොල්ලෝ දෙන්නා බොහෝම
    මහන්සියෙන් තමන්ගේ චැනල් එක ඇදන් යනවා

    ReplyDelete
  2. උඹේ බොහෝමයක් ලිපි මන් කියෙව්වා ඔය ලිපි බොහෝමයක් කියවගෙන යද්දි මට දැනෙනවා...
    මමම මට කතාකරන හැඟීමක්,
    ඒක මාරයි බන්,
    මන් කියන්නේ කියන්නේ ඒක මාර වයිරසයක් වගේ බන්...
    මාරාන්තිකම වයිරසයක්
    මමම මට කතාකරන එක???

    ReplyDelete
  3. ගප්පියාව අගය කරන කෙනෙක් මාත්. මට අනුව නම් ගප්පියා අපේ කලා ලෝකේ බොහෝ අයට වඩා ඉස්සරහින්. ඔහුට නිසි ඇගයීමක් දෙන ඔබටත් බොහෝ ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=w4raILojZOA

      Delete
  4. මෙන්න දෙල් ස්ටුඩියෝ ඔරිමජිනල් එක

    https://www.youtube.com/watch?v=7FKEy_RWwQk

    ReplyDelete
  5. gappi kiyanne patta wada karayek api nitharama bala inne oyage aluth nirmana anakam a tharam api ubata adarey kollo......

    ReplyDelete
  6. පළමුවෙන්ම කියන්න ඕන මේ ලිපිය මටත් දැණෙන ඇත්ත කියලා. මේක හරිම සරළ සුන්දර විදිහට හිතන්න ඕන ගේමක්. මම ඩෙල් ස්ටුඩියෝ රසවිඳිනවා හැම වැඩ සටහනක්ම. මම ඒ වැඩේට ආසයි. සුනිල්ගේ ප්‍රෝග්‍රෑම් එකත් ලොකු වෙනසක්. මේ අත්හදා බැලීම තමයි වෙන්න ඕන. මේ වෙනසට මිනිසුන් කැමති බව මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනේ සමහර තරුනයින් එක්ක අතුල අධිකාරි කරපු අළුත් වැඩවලින් දැක්කා.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේක හොඳ කතාවක්; හැබැයි පොඩි ඌන පූර්නයක් තියෙනව. කුශාන් සහ ශ්‍රිමාල් තමයි ලංකාවෙ මේ වගේ Youtube Channel එකක් මුලින්ම උඩට ගෙනාවෙ; ජෙහාන් මෙන්ම ගප්පියත් ලංකේවෙ නෙවෙයි ඉන්නෙ. මම අවංකවම හිතනව කුශාන් සහ ශ්‍රිමාල් නිර්මානාත්මක බව අතින් ගප්පියටත් ජෙහාන්ට ත් වඩා ඉදිරියෙන් ඉන්නව කියල​. නමුත් උන් දෙන්න එක්කො අපේ පංතියේ මිනිස්සු හින් දා හරි, ලංකාවෙ ඉන්න හින් දා හරි, උන් දෙන්න ගැන මෙහෙම ලියන්න කාගෙවත් අත් නොනැමෙන ගතියක් තියෙනව​. මාව වැරදියට තේරුම් ගන්න එපා; ගප්පිපයා කියන්නෙ අපිට දැනෙන නිර්මාණ කරන හොඳ මිනිහෙක්. නමුත් මම කියන්නේ මෙතන ලොකු අසාධාරනයක් වෙනව කියන එක විතරයි. ඒක නිවරදි කරගන්න අපි උත්ස්සහ කිරීම වටිනව කියල මම හිතනවා.

    ReplyDelete
  9. හරියටම හරි...උන් දෙන්නගේ Video බල බල ඉද්දි තමයි මන් අහම්බෙන් ගප්පියව දැක්කේ...අපේ ඔෆිස් එකේ උන්ටත් ඊට පස්සේ තමයි ගප්පියගේ ලින්ක් එක යැව්වේ.හරි නම් කුෂාන් සහ ශ්‍රීමාල් ගැන ඉස්සෙල්ල කතා කරන්න ඕන.දෙගොල්ලොම හොදයි වැඩේ තියෙන්නේ උන් දෙන්න ගැන කවුරුත් කතා කරන්නේ නෑ........

    ReplyDelete