Saturday, June 28, 2014

සුනාපරත්නෙද දර්ගාවද වැඩිය වස?



කිසිම දෙයක් ලියන්න හිතෙන් නැති කාලකණ්ණි කාලයක්. අදහසක් සාකච්ඡුාවක් ඇති වෙන්න රටක සමාජයක ටෙම්පො එකක් බලපානවා. ඒ අතින් මේක බයිලා විතරක් කියන්න පුළුවන් ටෙම්පො එකක්. ඒක හින්ද මේ දවස්වල හැමෝම කියන්නෙ බයිලා.

සීරියස් දෙයක් කතා කරන්න තරමට මමමත් නොසන්සුන්. කියා ගන්න බැරි අප්පිරියාවක්, ඔක්කාරයක්, මුස්පේන්තුකමක් දවස පුරාම ළ`ගම කැරකෙනවා. අපේ ජීවිත මේ විදිහට වඳ වෙලා කුණු වෙලා යන දිහා බලාගෙන ඉන්න එකයි මේ අසිරිමත් සිරිලකේ ඉපදිච්ච අපේ ලකේ. ¥පතක් වුණාම තියෙන අවුල  ඕක.  ඕන ගොං අදහසකට දිග කාලයක් වැජඹෙන්න පුළුවන්.  ඕන ගොං ආණ්ඩුවකට  ඕන කාලයක් ආණ්ඩු කරන්න පුළුවන්.

මට වගේම මේ ළදරු වලිප්පුව දරාගන්න බැරි තැන හසලකයත් ෆේස්බුක් එකේ කවියක් කුරුටු ගෑවා. වෙන මොනවා කරන්නද? මේ ගූ ගොඩ ගැනම කවි ලියනවා මිසක. සමනල්ලූ පියාඹන බිමක් නෙමෙයි මේක.

දර්ගාවේ අහස
කලූ දුමෙන් වැහුණා
අපි සැලෙයි  ඕවට!
 ඕව පුරුදුයි අපට

අපි මීට කලිනුත්
ගිනි තියාගත්ත ජාතියක්
මිනි මරාගත්ත ජාතියක්
ඇන කොටාගත්ත ජාතියක්
වෙඩි තියාගත්ත ජාතියක්
අනික අපි කොහොමටත්
ගිනි පත්තු වෙලා ඉන්න ජාතියක්
ඉතිං  ඕන එකෙකුගෙ
සුරුට්ටුවක් දැක්කම
අපෙ රැුවුල දික් වෙනවා
ඉබේටම

හැබැයි මේ රටට කෙළවන්න
වෙන කාටවත් ඉඩ දෙන්න බෑ
මෙච්චර කරපු අපටම
 ඕකත් කජ්ජක්ද?

බුද්දාගමේ උන්ට බුද්දාගම ගැන මතක් කරන මෝඩ ට‍්‍රයි එකකට නෙමෙයි, ඒත් බුදුන් දැක දුක හිතීගෙන හිතීගෙන ගිහින් කෙළවරේදි මට දහම්පාසැල් පොතක අයිනක තිබ්බ කතාවක් මතක් වුණා. සුනාපරත්නෙට ගිය පුණ්ණ.

ඔන්න අනේ පි`ඩු හදපු ආරාමෙ ඉන්න කොට බුදුන් පුණ්ණ තෙරුන් කිට්ටුවට වඩිනවා. මේ වෙලාවෙදි පුණ්ණ තමන්ට කෙටියෙන් කමටහන් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරනවා. ඇස කන නාසය ආදී ඉඳුරන් පිනවීමෙන් ලැබෙන සුඛයට ලොල්වීම දුක ඇති කරන්නක් කියල බුදුන් කෙටියෙන් පැහැදිලි කරනවා. ඒ කතාවෙ ප්‍රෝ ලොග් එක.

ඊට පස්සෙ බුදුන් අහනවා පුණ්ණගෙන් කොයි පළාතටද වඩින්න මනාප ඔබවහන්සේ කියල.
සුනාපරත්න දේශයටයි කියල පුණ්ණ තෙරුන් කියනවා.

පුණ්ණ ඔය සුනාපරත්නයේ මිනිස්සු මහ වසයි. ඔබට බනින්න අපහාස කරන්න ඉඩ තියෙනවා, කියල බුදුන් කල් ඇතුව දන්න නිසා කියනවා.

අනේ ඒත් බුදුනි ඒඅ ය මට අතින් පයින් ගැහුවෙ නෑනෙ. ඒක නිසා ඒ මිනිස්සු හොඳයි කියල හිතනවා, පුණ්ණ කියනවා.

එහෙම නෙමෙයි පුණ්ණ, අතින් පයින් පවා ගහන්න ඉඩ තියෙනවා, බුදුන් ආයිමත් අවවාද කරනවා.
අතින් පයින් ගැහුවත් බුදුනි, ඒ අය මට ගල් මුගුරු විසි කළේ නෑනෙ. ඒක හින්ද ඒ මිනිස්සු හොඳයි කියල මං ඒත් හිතනවා.. පුණ්ණ ආයිත් උත්තර දෙනවා.

ඔයා මේ පිස්සු කියනවා පුණ්ණ. ඒ අය ගල් මුගුරු වලින් ගැහුවොත් මොකද කරන්නෙ?
ඒත් මට පොලූ වලින් ගැහුවෙ නෑනෙ. ඒ හින්ද ඒත් මං ඒ මිනිස්සු හොඳයි කියල හිතනවා. පුණ්ණව හදන්නම බෑ.

පොළු වලින් ගහන්න හොඳටම ඉඩ තියෙනවා. ගැහුවොත් මොකද කරන්නෙ? බුදුන් තත්වයේ බරපතලකම තවත් විස්තර කරනවා.

පොළු වලින් ගැහුවත් බුදුනි, ඒ මිනිස්සු මට ආයුද වලින් ගැහුවෙ නෑනෙ. තාමත් ඒ මිනිස්සු හොඳයි.
ආයුද වලින් ගහන එකත් ගහවි. එතකොට මොනවද කියන්න හදන්නෙ? බුදුන් පුණ්ණව තවත් මහන්සි කරනවා.

ආයුධ වලින් ගැහුවත් මගේ ජීවිතේ නැති කළේ නෑනෙ. ඒත් තාමත් මට ඒ මිනිස්සු හොඳයි බුදුනි කියල පුණ්ණ සංසුන්ව කියනවා.

ජීවිතේ නැති කරන්නත් ඉඩ තියෙනවා පුණ්ණ කියල බුදුන් අවවාද කරනවා.
එහෙම නං එහෙම වෙච්චාවෙ බුදුනි. ඔබේ ශ‍්‍රාවකයෙක් විදිහට ඒත් මං ඒ මිනිස්සු ගැන නරකක් හිතන්නෙ නෑ කියල පුණ්ණ උත්තර දෙනවා.

ඒ අතීත කතාව. ඒකෙ නූතන කතාව දිගඇරෙන්නෙ මෙහෙම.

ඊට වසර දෙදහස් පන්සීයකට පස්සෙ මෙදවස ඥානසාර නම් වූ තෙරුන් බුදුන් මුණගැහෙනවා. එයා අවසර ඉල්ලනවා දර්ගාවට යන්න

ඔයාට අපහාස කරයි, කැත වචන කියයි ඥානසාර.. දර්ගාවෙ මිනිස්සු වසයි.. බුදුන් උපදෙස් දෙනවා.
මට හූ කිව්වොත් මං ගල් වලින් ගහනවා බුදුනි.. කතා දෙකක් නෑ.. ඥානසාර උත්තර දෙනවා.

ඒ අයත් ගල් වලින් ගහන්න පුළුවනි ඥානසාර. දර්ගාවෙ  ඕන තරං ගල් තියෙනවා.. බුදුන් තවත් පරීක්‍ෂා කරනවා.

ගල් වලින් ගැහුවොත් මං පොලූවලින් නෙළනවා බුදුනි.. ඥානසාර බය නැතුව කියනවා.
පොලූවලින් ඒ අයත් ගහන්න ඉඩ තියෙනවා ඥානසාර...

පොලූවලින් ගැහුවොත් මං ආයුද ගෙන්නනවා බුදුනි.. බුදුන්ව මවිත කරමින් ඥානසාර කියනවා.
ඔයාව මරන්න වුණත් ඉඩ තියෙනවා ඥානසාර.. මේ වෙලාව නපුරුයි.. බුදුන් තවත් තත්වයේ බයානකකම විස්තර කරනවා.

මාව මැරුවොත් උන්ගෙ පරපුරම හැඳිගාලා දානවා බුදුනි. දර්ගාවට අබ සරණයි එහෙනං.. යකෝ මේක බුද්ධ චීවරේ.. ඥානසාර බුද්ධ පුත‍්‍රයෙක් වගේ පපුව ඉස්සරහට දාලා උත්තර දෙනවා.

ඥානසාර යන්න. දර්ගාවට යන්න හොඳම සුදුස්සා ඔබයි..

බුදුන් ආඩම්බරෙන් එහෙම කියයිද?

කොහොම උනත් ඒ එදවස බරණැස බුදුන්ය. මේ මෙදවස සිරිලක බුදුන්ය. එහෙම වුනොත් එදවස සුනාපරත්නය මෙදවස දර්ගාවය.

එතකොට එදවස පුණ්ණ තෙරුන් මෙදවස ඥානසාරද?

ජාතක පොතට වඩා වෙනස් වුණත් ඇත්ත කතාව ගැලපිලා තියෙන්නෙ එහෙමයි.

එදවස බුදුසරණ වෙනුවට මෙදවස අබ සරණයි.

2 comments:

  1. this is your worst blog

    ReplyDelete
  2. බුදුන්ගේ කාලයේත් මේ ආකාර දෙකටම අයත් පැවිද්දෝ හිටියා,දේවදත්ත අජාසත්ත කුමරා සමඟ එක්ව තීර්ථක ආරාම වලට බැටේ දුන්නා කියලා ආරංචි තියෙනවා.ඒ විතරක්ද කොලොන්නාවේ සුමංගල වගේ මඟුල් කපුකම් කරපු පැවිදි චරිතත් එදා සිටිය බවට තොරතුරු තියෙනවා.

    ReplyDelete