Saturday, June 7, 2014

කියවීම නතර කරමු.


ආදරය ගැන ආස හිතෙන විග‍්‍රහයක් ඉන්ටර්නෙට් එකේ හුවමාරු වෙමින් තිබිලා හම්බුණා. ඒක ආදරය, කාමය සහ යාලූකම ගැන කුලකමය පැහැදිලි කිරීමක්. ආදරය සහ යාලූකම අතරෙ කුලක ෙඡ්දන අවකාශය ‘කම්ප්ලිකේටඞ්’.  ආදරය සහ කාමය අතරෙ තියෙන්නෙ ජෝඩු වීම, කාමය සහ යාලූකම අතරෙ ‘ෆක් බඞී’ (ෆ්‍රෙන්ඞ්ස් විත් බෙනිෆිට්ස්), ඒ හැම එකක්ම මුහු වෙන තුන් මුල්ල ආදර්ශී ගැලපීම විදිහට නම් කරලා තිබුණ.
 කමෙන්ට්ස් දාපු හැමෝම කැමති ඒ ආදර්ශී තැන එයා ඉන්නවට. ඒත් කාටවත් මතක් වෙන්නෙ නෑ මේ හැම අවස්ථාවක්ම එකවිට පවතින ඒවා කියන එක. ආදර්ශී ගැලපීම අපි වෙද්දි කම්ප්ලිකේටඞ් තැන වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒක අපිට කම්ප්ලිකේටඞ් තත්ව ඇති කරන්න පුළුවන්. ආදර්ශී ගැලපීම අපි වෙද්දි ‘ෆක් බඞී’ ලා දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඒකෙන් අපිට ‘ෆක්’ වෙන්න පුළුවන්. සියලූ වෘත්ත ඡේදනය වෙන තැන දිහා විතරක් ෆෝකස් වෙන හින්ද අපිට ආදරේ තව සුවහසක් අවස්තාවන් සහ සංකීර්ණතා මග ඇරෙන්න පුළුවන්. මං හිතන්නෙ මේ කුලක රූපෙ තේරුම ඒක.

මෑතක අහම්බෙන් අයිපෑඞ් එකක් එක්ක සෙල්ලං කර කර ඉන්න විමුක්තිව මුණගැහුන. නිකං ඉන්න කොට මචං පොතක් පතක් බැලෙනවද වගේ තැනකට කතාව විහිළුවෙන් සැහැල්ලූවෙන් තල්ලූ වුණා. එතකොට විමුක්ති ජෝක් එකට වගේ සිරා කතාවක් කිව්වා. මං හිතන්නෙ නෑ ඌ ඒක සීරියස් කිව්වා කියලා. ඒත් මට ඒක සීරියස් වැදුනා.

‘මචං කියවන එක පරණ පුරුද්දක්නෙ. දැන් මේක (ඉන්ටර්නෙට් එක) තියෙද්දි මිනිස්සු පොත් කියවන්නෙ මොකටද? 

නිකමට හිතපං අර සුදු පිටු උඩ කැත කළු අකුරු ඇස් වලට කිසි ලස්සනක් නෑනෙ. මොකටද ඒවා දිහා වරු ගණං බලන් ඉන්නෙ? ඊට වඩා මේකෙ (ඉන්ටර්නෙට් එකේ) දැන් වීඩියෝ තියෙනවා,  ඕන නං ටිකක් කියවන්න තියෙනවා, සිංදුවක් අහන්න තියෙනවා. ඒක කොච්චර මරුද?’

ඒ කතාව මරු කතාවක්. මාත් හිතනවා කියවීම කියන එක පරණ පුරුද්දක් සහ ඒක අත් ඇරගන්න බැරි නොස්තැල්ජියාවකයි අපි දුක්වෙමින් ඉන්නෙ කියල. තවදුරටත් කවුරුවත් කියවන්නෙ නෑ. ඒ වෙනුවට බලනවා, අහනවා, චැට් කරනවා, බහුවිධ දේවල් එක විට කරමින් ඉන්නවා.

මාධ්‍යය වෙනස් වීම කියන එක සියල්ලෙහි ආකෘතීන් සහ උපයෝගිතාවය වෙනස් කරනවා. සයිබර් මාධ්‍යයත් එක්ක කියවීම ගත්ත වෙනස් මුහුණුවර සහ අපි කියවනවා කියමින් කරන දේ ස්ථානගත වෙන්නෙ කොතනද කියන එක තේරුම් ගැනීම සවිඥාණක සමාජ සිතියමක් ඇඳ ගන්න පොඩි හරි උදව්වක් වෙයි.  

ඇමරිකාවෙ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලෙ ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්ය මිචෙල් ස්ටීවන්ස් මේ ගැන ‘කියවීමේ මරණය’ කියල ලියමනක් ලියනවා. කියවීම නතර කළ ජාතියක සිතීම නතර වනු ඇත්ද? කියල බියජනක ප‍්‍රශ්නෙකුත් එයා බයිලයින් එකෙන් මතු කරනවා. මේ නිවාඩුවෙදි එයා විසින් පොත් දෙකක් කියවූ වගත් කතාවට කලින් ලියලා තියලා මිචෙල් සාකච්ඡුාවට බහිනවා. 

ටිකෙන් ටික කියවීම වෙනුවට වෙනත් දේවල් ආදේශ වෙමින් යනවා කියන එක පැහැදිලියි. වෙන කාල වලදි පොතක් කියවන කෙනෙක් විසින් පිරවූ ඡුායාරූප වල, සිත්තම් වල ඉඩකඩ පවා අයිපෑඞ් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් විසින් පුරවමින් ඉන්න එක ගැන මිචෙල්ට අවුල්.

‘අවාසනාවන්ත විදිහට කියවීම අපේ සංස්කෘතියට ඇති වැදගත්කම ඔප්පු කරන මොහොතේම ඒක සංස්කෘතියෙන් මැකී යන්න පටන් අරගෙන. ඒත් ඒක අහම්බයක් නෙමෙයි. ඒක කොමියුනිස්ට්වාදයේ කඩා වැටීම තරම්ම පැහැදිලි තත්වයක් වුණත් මේ කඩා වැටීම හින්ද විශාල සංස්කෘතික සහ දේශපාලන තත්වයන්ගේ බංකොලොත් බවක් ඇති වෙන්න පුළුවන්’

‘පණ යන කල් අපි හිනාවෙමු’ කියල පොතක් ලියන නිව්යෝර්ක් විශ්ව විද්‍යාලෙ නීල් පෝස්ට්මන් කියන විදිහට අපි අපේ ‘සයිකික්’ හැකියාවක් අහිමි කර ගනිමින් යන්නෙ. අපේ සංකීර්ණ සිතීමක් නැති කර ගනිමින් යන්නෙ. මේක දැනටමත් අපේ සංස්කෘතික සහ දේශපාලන ක‍්‍රියාකාරකම් තුලින් පැහැදිලි වෙන තත්වයක්’

ඉස්සර වගේ දැන් අපි තැනකට ගියාම අන්තිමට කියවපු පොත ගැන අහන්නෙ නෑ. මොකද ඒකෙන් ඒ අයව අපහසුතාවයට පත්වෙන්න පුළුවන් හින්ද. ඒ වෙනුවට අපි ‘මං දන්නවා ඔයගොල්ලොන්ට පොත් කියවන්න නං වෙලාවක් එන්නෙ නෑ...’ වගේ දේකින් සමාව දීලම වැඬේ පටන් ගන්නවා.


ඇල්බර්යෝ විටෙලි කියන රැුන්ඩම් හවුස් පොත් ප‍්‍රකාශක සංගමයේ සභාපති පවා කියන්නෙ, ඉස්සර කියවපු අය පවා දැන් කියවන පොත් ගාන අඩු කරලා’ කියල.

මේක මිචෙල් ටීවී එක සහ තවත් නොයෙක් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය තත්වයන් එක්ක සම්බන්ද කරමින් සෑහෙන පසුතැවිලි වීමක් කරනවා. මේ කියවීම අඩුවීම සම්බන්දයෙන් එයා මතු කරන තර්කයන් හිතන්න  ඕන කරන තත්වයන් වුණත් ඒවා නිවැරදියි කියල මං හිතන්නෙ නෑ. උදාහරණයක් විදිහට ටීවී රේඩියෝ කියන ප‍්‍රධාන ධාරවෙ මාධ්‍යයන් පවා මේ වෙද්දි අසාර්තක වෙමින් යන්නෙ. ලංකාවෙ මට්ටමෙන් ගත්තොත් රේඩියෝ අහනවටත් සල්ලි දෙන්න සිද්ද වෙලා තියෙනවා.

මේ වෙනසට ප‍්‍රධාන හේතුව වෙන්නෙ ඉන්ටර්නෙට් එක. කියවීමේ තිබුණු සංවිධිත, සංගත, ඒකීය, රේඛීය දැනුම් මූලික හේතූන් මේ වෙද්දි ආකෘතියක් විදිහට කඩා වැටෙනවා. දැනුම ගැන, දැනුමේ අවශ්‍යතාවය ගැන, ඒ දැනුම වෙනුවෙන් මිඩංගු කාලය සහ ඒ කාලය බෙදා ගැනීම ගැන තීරණ අලූත් මාධ්‍ය ප‍්‍රවේශය විසින් වෙනස් කරනවා. 

දැනුම එකවිට හැම තැනම විසිරුණු සංකීර්ණ අවකාශයක් වෙනවා. එක මොහොතක දැනුම ඊළ`ග මොහොත වෙන කොට අවලංගු හෝ උනන්දුවක් නැති තත්වයට පත් වෙනවා. දැනුමේ ඒජන්තවරු සතු බලය මාරු වෙනවා. කර්තෘ සහ කියවන්නා අතර සම්බන්ධය දෙපැත්තටම වැඩ කරන්න පටන් ගන්නවා. කවුරුවත් කැමති නෑ බෝරිං හුදකලා එකම පොතක පිටු තොගේකට ලස්සන දවසක් යට කරලා දාන්න.

මිචෙල් මේ ගැන කතා කරන්නෙ නෙගටිව් හැ`ගීමකුත් කැටිව. දැනුම නොදැනුම බවට පත් වීමේ, සාරය දියාරු වීමේ තත්වය දරා ගන්න තවත් දාර්ශනික කතිකාවන් ගණනාවක් ගත වෙන්න  ඕනි. ඒ කොහොම වුණත් එයා ගොඩක් ගැඹුරට මේ වෙනස කියවනවා.

ඇත්තටම සංඛ්‍යා දත්ත විදිහට ගත්තොත් කියවන පිරිස වැඩි වෙලා තියෙනවා. ප‍්‍රකාශිත පොත් ප‍්‍රමානයත් වැඩි වෙලා තියෙනවා. ඒ විදිහට ගත්තම කියවීම මිය යමින් තියෙනවා කියන කතාව විහිළුවක් වගේ. ඒත් අපිට ප‍්‍රායෝගිකව දැනෙන තත්වය වෙනස්. හරියට සංඛ්‍යා ලේඛන ගත්තම ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙනවා. දළ ජාතික නිෂ්පාදිතය වැඩිවෙලා තියෙනවා. ඒත් ඇ`ගට දැනෙන තත්වය වෙනස් වගේ.

ප‍්‍රකාශිත පොත් වලින් බැලූවම පැහැදිලි වර්ධනයක් පෙන්නන පොත් ගොඩක් උපදෙස් හෝ අවශ්‍ය විෂය කාරණා වෙනුවෙන් ප‍්‍රින්ට් වෙන ඒවා. තමන්ගේ වෘත්තිමය හා අධ්‍යාපනික අවශ්‍යතාවයන් වෙනුවෙන් මිස වෙන කියවීමේ පුරුද්දක් විසින් මිළට ගන්න ඒවා නෙමෙයි. අනිත් පැත්තට පොදු කියවන්නාට ලියන ප‍්‍රබන්ධ සහ අනෙකුත් ග‍්‍රන්ථ ලියන්නන් පවා දැන් ලියන්නෙ වෙන කොන්ත‍්‍රාත්තුවකට. (මේ අපේ රටේ විතරක් නෙමෙයි. ඇමෙරිකාවෙත් තත්වයක්) ඊළ`ග ටෙලි වෘත්තාන්තයට හෝ සිනමා කෘතියට විකුණාගැනීම වගේ අදහසක් ඇතුව. වෙළුම් පිටින් කෙරෙන විශාල ග‍්‍රන්ථ වල අදහසම ඒකයි. 

ඒ වගේම පොත් කියවන්නාගේ තත්වයත් වෙනස් වෙලා. සමහර විට පොඩි ඉක්මන් සංවාදයක් හදා ගන්න. උදා විදිහට මේ කාලෙ ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කියවන කට්ටිය ගන්න. 

මිනිස්සු අධිවේගී කියවීමකට හුරුවෙමින් යනවා කියලා ‘ලාස්ට් ඉන්ටලෙක්චුවල්’ පොත ලියන රසල් ජේකොබ් කණස්සලූ වෙනවා. ඒ ගොල්ලො කියවන්නෙ ටීවී බලන ගමන්, චැට් කරන ගමන් හෝ ගේම් ගහන අතරෙ. ‘හෙමින් කියවීමේ මධ්‍යස්ථාන’ හදන්න  ඕනි කියල රසල් ලොකු වලියක් අරගෙන යනවා.

ඒ වගේම පොත් මිළදී ගැනීමේ හේතුවත් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර විස්කි බෝතලයක් හෝ ටයි එකක් තෑගි දෙනවා වගේ දැන් පොතක් දෙනවා. වැඩිපුරම පොත් අලෙවියක් තියෙන්නෙ නොවැම්බර් දෙසැම්බර් වල (ලංකාවෙ නං සාහිත්‍ය මාසෙ වෙන්න පුළුවන්) ඒ තෑග්ගක් විදිහට පොත දෙන කෙනා කියවන්නෙත් නෑ තෑග්ග ගන්න කෙනා කියවන්නෙත් නෑ. ඒ පොත තෑග්ගක්. එච්චරයි. මේ තෑගි දෙන තත්වෙ අපේ බරපතල නොවුණත් ගන්න පොත් නොකියවීමේ සහ ඒවා මේස උඩ, රාක්ක වල තැන්පතු වීමේ ලොකු ප‍්‍රවණතාවයක් තියෙනවා. මේ වෙද්දි පොත් විසිතුරු භාන්ඩයක් විදිහට බහුලව පාවිච්චි වෙනවා.

ඒත් බලාගෙන යද්දි පුස්තකාල පාවිච්චිය පවා වැඩි වෙලා තියෙන්නෙ. හුවමාරු වෙන ඒකක ගාන ඉහල ගිහින්. (ලංකාවෙ නෙමෙයි). ඒත් මේ වෙද්දි පුස්තකාල වල වැඩිපුර හුවමාරු වෙන්නෙ පොත් නෙමෙයි. ඞීවීඞී, සීඞී වගේ දේවල්. 

තවත් ‘භයානක’ ඇත්තක් මිචෙල් එලි කරනවා. ‘මං ගිය අවුරුද්දෙ එක පොතක් වත් කියෙව්වෙ නෑ’ කියල ලැජ්ජාවක් බයක් නැතුව කියන පිරිස දෙගුන තෙගුන වෙමින් යනවා කියල. ඉස්සර පොතක් කියවලා නෑ කියන එක ලැජ්ජාවක් වුණත් දැන් ඒක සාමාන්‍යයක්.

ඒබ‍්‍රහම් ලින්කන්ගෙ කාලෙ එයාට කිව්වෙ පොත් ගුල්ලෙක් කියල. අසල්වැසියො විශ්වාස කළේ ලින්කන් මහ අලසයෙක් කියල පොත් කියවන හින්ද . ඒත් මේ කාලෙ එහෙම පොත් ගුල්ලො නෑ. දැන් කාලෙ පොඩි උන් ඉන්නවද අමාරුවෙන් ලයිට් එළියක් හොයාගෙන පොත් කියවන්න ද`ගළන?

ඒත් මේ වෙද්දි කියවන එකට වෙන කවදාකටවත් වඩා ගරුත්වයක් ආරෝපණය වෙමිනුත් යනවා. හැම තිස්සෙම අත් හැරෙන සංස්කෘතියක් ගැන ඒ වගේ දෙයක් ඇති වෙනවා. 

මුලින්ම ග‍්‍රීක ආකරාදිය අඳුන්නලා දෙද්දි සොක‍්‍රටීස් පවා විරුද්ද වුණා ඒකට. මුඛ පරම්පරාගත සම්ප‍්‍රදාය වෙනුවට ලිඛිතය එන එකෙන් මතකය දුර්වල කරනු ඇති බවත්, ගුරුවරයාගේ අදහසට විරුද්දව තර්ක කිරීමට අධ්‍යනය කරන්නන්ට ඇති හැකියාව දුර්වල කරනු ඇති බවත් සොක‍්‍රටීස් කියා හිටියා. හැමතිස්සෙම වඳවෙන සංස්කෘතිය රොමැන්ටික් වැඩියි. ඒක හින්දම ඉස්කෝල වල, අධ්‍යාපන ක‍්‍රමය ඇතුලෙ මේ කටපාඩම් සංස්කෘතිය පවත්වාගන්න කෘතිමව ලොකු උත්සාහයක් ගන්නවා. අනිවාර්යෙන්ම කියවීමටත් ඒ දේම වෙනවා. ඒක ඉස්කෝලෙ කාලෙ වැඩක් වෙනවා.

ශාන්ත ලූයිස් විශ්ව විද්‍යාලෙ මානව ශාස්ත‍්‍ර පිළිබඳ මහචාර්ය ඔන්ග් කියන විදිහට ‘කියවීම අපේ සංස්කෘතියෙ කේන්ද්‍රය. ඒක මේ සංස්කෘතිය නිර්මාණය කළ හැම අංගයක් එක්කම සම්බන්ධයි. ඒක ගැන ආයිමත් විවාදයක් නෑ. ඒත් ප‍්‍රශ්නය වෙන්නෙ අපි මේ මුද්‍රණ යුගය අත්හැරලා ඉලෙක්ට්‍රොනික් යුගයෙ තවමත් පරීක්‍ෂා නොකළ දියට බහිද්දි කියවීමෙන් අපිට අත් කරලා දීපු ගොඩක් දේවල් අවදානමට ලක් කරනවද කියල.

නීල් පෝස්ට්මන් එක පයින්ම කියන්නෙ ඔව් කියල. මුද්‍රණ යුගයේ තිබුණු සීරියස් බුද්ධිමය දේවල් ඉලෙක්ට්‍රොනික් යුගයෙ හුදු ෂෝ බිස්නස් එකක් වෙනුවෙන් පාවිච්චි වෙනවා කියල එයා චෝදනා කරනවා.
මේ පැරඩයිම් වෙනසක් එක්ක සිද්ද වෙන වික්ෂිප්තිය ඩිජිටල් යුගය වෙද්දි තවත් සංකීර්ණ වෙනවා. මේ කියවීමේ යුගයෙදි මූලික දෙයක් වුණු, පරිස්සං කරපු භාවිතාවක් වුණු භාෂාව ඉලෙක්ට්‍රොනික් යුගයෙන් පස්සෙ, විශේෂයෙන් ඩිජිටල් යුගය වෙද්දි කුඩු පට්ටං වෙනවා. කීප දෙනෙක් අතේ සංවිධානාත්මකව භාෂාව පුහු ගරුත්වයකින් පාවිච්චි කරනවා වෙනුවට විවිධ අය අතින් විවිධ නිර්මාණාත්මක භාෂා රටා ගොඩනැගෙනවා. විශේෂයෙන් වචනයට තිබුණු බලය රූපය දක්වා මාරු වෙනවා. වචන වලින් වෙන්නෙ පොඩි උපකාරයක් විතරයි. සමස්තය වාක්‍ය හෝ ෙඡ්ද වලට වඩා විශාලයි.

කියවීමේ මේ ආකෘතිය මාරු වීම ගැන ලෝකෙ හැමෝම වගේ විස්සෝප වෙනවා. ඒත් පොතක හිරවෙලා තිබුණු කියවීම අකුරු වලින් ගැලවිලා ඊට වඩා විශාල අවකාශයකට තල්ලූ වීම හොඳ දෙයක් කියලයි මං හිතන්නෙ. තව දුරටත් අකුරු වලින් මවාගෙන පරිකල්පනය ගොඩනගන්න කියල ද`ගලන්න  ඕන නෑ. ඒ අවධිය ශිෂ්ටාචාරයක් විදිහට අපි පහු කරලා ඉවරයි. භාෂාව එහි නිදහස අත්පත් කර ගනිමින් ඉන්නවා. භාෂාව සම්බන්ද වුණු කර්මාන්ත සහ බලය මූලික ප‍්‍රවාද නැවත වෙනස් වෙන්න හෝ නැත්තං වඳවී යාමේ තර්ජනයට මුහුණ දෙනවා. එතනදි සාහිත්‍යයට මොකද වෙන්නෙ වගේ ප‍්‍රශ්නයක් තවදුරටත් අදාල වෙන්නෙ නෑ. සාහිත්‍යය සමහර විට සෞන්දර්ය විෂයක් විදිහට අතීතයට එකතු වේවි. සාහිත්‍යය මූලාශ‍්‍ර කරගෙන අලූත් සෞන්දර්ය විෂයන් නිර්මාණය වේවි.

මේ කියවීම නතර වේවි. අලූත් කියවීමක් පටන් ගනීවි.

-චින්තන ධර්මදාස



3 comments:

  1. ///////ඒත් බලාගෙන යද්දි පුස්තකාල පාවිච්චිය පවා වැඩි වෙලා තියෙන්නෙ. හුවමාරු වෙන ඒකක ගාන ඉහල ගිහින්. (ලංකාවෙ නෙමෙයි). ඒත් මේ වෙද්දි පුස්තකාල වල වැඩිපුර හුවමාරු වෙන්නෙ පොත් නෙමෙයි. ඞීවීඞී, සීඞී වගේ දේවල්. //////////

    මා සිටිනා රටේ සමහර ග්‍රාමීය පුස්තකාලවලට තවමත් එන්නේ වැඩිහිටි පරපුර විතරයි. මගේ ගමේ කුඩා පුස්තකාලය අරින්නේ සතියට දවස් හතරයි. ඒ දිනවලත් ඒවා play groups, kids groups වගේ අයගෙන් හැරෙන්න පොත් හුවමාරුවට එන අයගෙන් පිරුනු බවක් පෙනෙන්නේ නැහැ.මේ ආයතන සියළුම නවීන උපාංගවලින් සමන්විත වුවත්..පොත් කියවීම තුලින් මිනිසා ඈත්වෙන බවද මේ කියන්නේ? පෞද්ගලිකව මමත් පොත් කියවීමෙන් කෙමින් කෙමින් ඈත්වෙමින් ඉන්න බව හොඳට තේරෙනවා. දෙකක් දාගත්තාම පොතක් කියවන සීන් එකක් තියෙන්නේ...ඒත් තොරතෝංචියක් නැතිව කයියක් ගහන්න එකෙක් නැත්නම් පමණයි.

    ReplyDelete
  2. මම දකින විදියට ලංකාවෙ අධ්‍යාපනය සහ අදාල ක්ෂේත්‍රය කියන්නෙ දෙකක්. පොටෝ ගැහිල්ල, වීඩියෝ කිරිල්ල.සද්දෙ එඩිට් කිරීම, පොත් පත් ලිවීම ආදී හැමදේකම ජනප්‍රිය සහ බහුශ්‍රැත කියලා රේඛීයව වෙන් කරන්න පුලුවන් කොටස් දෙකක් පෙන්නුම් කරනවා. ඉතිං අර පණ්ඩිත අය පොඩි සිල්ලර අයටත් සිල්ලර අය පණ්ඩිත අයටත් තේරෙන නිර්මාණ සිද්ද වෙනවා අඩුයි. පොත් වුනත් සුජීව ධාරාව වෙනමත් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලියන නවකතා ධාරාව වෙනමත් යනවා..

    අපි හැමතිස්සෙම දැනුම පිටින් ආනයනය කරනවා. දැනුම නිශ්පාදනයක් නැහැ. ඒ නිසා අපිට හැමතිස්සෙම තියෙන්නෙ ඩවුන්ලෝඩ් විතරයි. අපෙන් අප්ලෝඩ් වෙන්න දෙයක් ලෝකෙට නැහැ.

    ReplyDelete
  3. දමිත් දහනායකJune 7, 2014 at 8:06 PM

    එක්තරා විදියකට අපූර්වත්වයක් තියෙනවා - කියවීමේ නතර විම සම්බන්ධව කියවන්න වීම....

    ReplyDelete