Sunday, December 23, 2012

ලෝක විනාසෙට දවසකට කලින්


2012  දෙසැම්බර් 21 කියන්නෙ මේ ලිපිය පළවෙන්න දවසකට කලින්. ඒත් මං ලිපිය ලියන්නෙ ලෝක විනාසෙ සිද්ද වෙන්න දවසකට කලින්. කවුරු හරි පත්තරේ මේ ලිපිය කියවනවා කියන්නෙ ලෝක විනාසෙ සිද්ද වෙලා නෑ. ලෝක විනාසෙ සිද්ද වුණොත් මේ ලිපිය කවදාවත් කියවන්න වෙන්නෙ නෑ.

මායාවරුන්ගේ කැලන්ඩරයක් සහ නොස්ට‍්‍රඩාමුස් ඇතුළු තවත් ගොඩාක් අද්භූත කතන්දර එකතු වෙලා නිර්මාණය වුණු මේ ලෝක විනාසෙ කියන්නෙ දැවැන්ත නිර්මාණයක්. ඒක ලෝක මට්ටමේ ප‍්‍රබන්ධයක් (මේක ඇත්තක්ද නැද්ද කියන එක කොහෙත්ම වැඩකට ඇති කතාවක් නෙමෙයි) ඒ ප‍්‍රබන්දෙට නොයෙක් පැති වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. හොලිවුඩය 2012 වගේ චිත‍්‍රපටිවලින්, යුරෝපය ‘මෙලන්කොලියා’  වගේ චිත‍්‍රපටිවලින් මේ ප‍්‍රබන්ධය බුක්ති විඳිද්දි අපි බෝල හැඩැති පාවෙන පීරිසි, ලිං වල වතුර රතු වීම, රතු වැහි වගේ පොඩි පොඩි තොගේකින් මේක බුක්ති විඳින්න ට‍්‍රයි කරනවා. මොනවා වුණත් මේ වගේ ලෝක සංකල්පයක් එක්ක ගත වීම හොඳයි මං කියන්නෙ. ඒත් මේ ලාංකේය ලිඳ ඇතුලෙම ඉඳන් ඒ හඳ දිහා බලන් ඉන්න වෙන එක දුකක්.

මේ ලෝක විනාස සංකල්පෙත් එක්ක ගොඩක් දේවල් කරන්න තිබුණ. ඒත් අපි ලෝක විනාසෙ වෙන තත්පරෙත් මුසල්මානුවන්ට විරුද්දව බණ කියන ජාතියක්. ”බලන්න මුස්ලිම් ජාතිය බෝවෙන හැටි... දැන් ඔක්කොම බිස්නස් කරන්නෙ කවුද? ඇයි අපේ ජාතියට මෙහෙම වෙන්නෙ..සෝම හාමුදුරුවො මේ කතාව එදා කිව්වා” අද අපේ ගෙදර වැඩිය හාමුදුරුවොත් කිව්වෙ එහෙම.

අපිට ලෝක විනාසයක් වෙද්දිවත් ලෝකයක් විදිහට හිතන්න බෑ. ඒ වගේ විශ්වීය විනාසයක් ගැන සංකල්පයෙම අරමුණ පොඩි පොඩි ජාති ජන්ම අවුල් වලට එහායින් මනුස්ස ජීවිතයක් විදිහට මිනිස්සුන්ට හිතන්න ඉඩක් හදන එක. ඒත් අවිහිංසාවාදයම වචනයෙන් පෙරටු කර ගත්තු අපේ බුද්දාගම ඒ වෙලාවට තවත් ප‍්‍රචණ්ඩ වෙනවා.

දෙමළා ඉවරයි. දැන් මුස්ලිමුන්ට විරුද්ද හටන..

එක දෙයක් නං 22 වෙනිදටත් ඉර පායනවා වගේ සහතිකයි. ලෝක විනාසෙ කොහොම වුණත් අපේ විනාසෙ නං අහම්බයක් නෙමෙයි. අහසසහ මුහුද දිහා ලෝක විනාසෙ සිද්ද වෙනකං බලාගෙන නොහිටපු ලෝකෙ ජීවත්වෙන සමහර මිනිස්සු මේ ලොකු සංකල්පෙ ඇතුලෙ ජීවිතේ ගැන ආයිමත් හිතුවා.

”අසාධාරණය සහ ඛේදය ගැන ඔබේ විශ්වාසයේ ගැඹුරතමයි ඔබේ මෝඩකම ගැන මිම්ම වෙන්නෙ. දළඹුවා ලෝක විනාසෙ කියන එකට අවබෝධයක් තියෙන කෙනා කියන්නෙ සමනළයා කියල”
-රිචර්ඞ් බාක්

”තරුණ කාලෙ කියන්නෙ මිනිහෙක්ගෙ බලාපොරොත්තු සුන් වෙන කාලයක්. හැම පරිච්ෙඡ්දයකම අවසානය ලෝක විනාසයක් වගේ. ඒ හැම දෙයක් ඇතුලෙන්ම බලාපොරොත්තුව ජීවත් කරවන්න පුළුවන් ශක්තිය, තමන්ගෙ ආත්මය ඒ හැම දේකින්ම නොනැසී පවතිනවා කියන අවබෝධය තමයි ඇත්තට මැදි වයස කියල කියන්නෙ”
-ගිල්බර්ට් කේ චෙස්ටර්ටන්

‘අවසානය ඇවිත්...’ ඒ මිනිහා කෑ ගැහුවා.
‘හොට් චොක්ලට් එකකට වෙලාව තියෙයිද?’ රිලී ඇහුවා.
අවසානය ඇවිත් කියපු මිනිහා ඇහැක් ගැහුවා.
‘ආාහ්..ඒක නං හරියටම දන්නෙ නෑ’ මිනිහා කිව්වා ”
-ජෙනා ඔලිවර්- ෆොබිඞ්න්

‘හුරේ....ලෝක අවසානය කල් දාලා’
-හර්ජෙ - ෂූටින් ස්ටාර්

‘ඔන්න සිරාම විෂුවල් එෆෙක්ට්ස් නැත්තං ලෝක අවසානය බලන්න නං මාව ඇහැරවන්න එපා’
-රොජර් සෙලානි

‘ඒ ගොල්ලො කියන්නෙ නැව ගිලෙනවත් එක්කම කැප්ටනුත් ගිලෙනවා කියල. ඒ කියන්නෙ ලෝක අවසානයත් එක්ක දෙවියොත් අවසාන වෙයිද?’
-ෆෝල් අවුට් බෝයි

‘ඔව් වී, අදඔයත් එක්ක මං ඇඳේ ඉන්නකොට ඔය උල්කාපාතෙ වැදිලා අපිට ඒක මගඇරිලා නෙමෙයි නං මං හිතන්නෙ තාම ග්‍රොසරි ස්ටෝර් එක ඇරලා, ඒ ගොල්ලො ළ`ග බඩු ඇති’    - ක‍්‍රිස්ටන් ඈෂ්ලි-

‘ඔබේ පැවැත්මෙන් ඉතිරි අළු වලින් විශ්වයේ අනාගතය පිණිස බිම සරු වනු ඇත’
-රිචර්ඞ් කාඞ්රේ-

”මං හිතන්නෙ මේක බොහොම වගකීම් රහිත දේශනයක් සහ ඒක හරිම භයානකයි. මේක ළමයින්ගෙ පැත්තෙන් හිතලා බැලූවොත් සම්පූර්ණයෙන්ම වගකීම් රහිතයි. බයිබලයේ කිසිම තැනක මං දැකලා නෑ අපේ පැවැත්මේ අන්තිම දවස් ගැන කියනවා. මං හිතන්නෙ ඒක පිස්සු වැඩක්. ඒත් මේ වෙද්දි ගොඩක් මිනිස්සු මේකෙන් සල්ලිි හොයන්න පටන් අරන්. අවුරුදු 2000ක ඉඳන් උන් අපි මේ ඉන්නෙ ලෝක අවසානයේ කියල කිය කිය හම්බුකරනවා’
-චාර්ල්ස් එම් ෂූල්ස්

‘මිනිස් වර්ගයාගෙ අවසානය කියන්නෙත් අනන්ත ජීවිත චක‍්‍රයෙ කොටසක් විතරයි’
-ටොබා බේටා

” ‘මට මේ බියර් එක ඉවර කරන්න දෙන්න’ ස්ටාර්ක් කිව්වා
 ‘අවුලක් නෑ. ලෝක විනාසෙට ටිකක් ඉන්න පුළුවන්’ (කැස්බියන්* ”
-රිචර්ඞ් කාඞ්රේ :කිල් ද ඩෙඞ්
‘ලෝකෙ පටන් ගත්තෙත් මිනිස්සු නැතුව.ලෝකෙ ඉවර වෙන්නෙත් එහෙම’
-ක්ලෝඞ් ලූවී ස්ට‍්‍රව්ස්

‘ලෝකය වරින් වර මැරෙනවා. ඒත් ඇටකටු ආයිමත් නැගිටලා ඇවිදින්න ගන්නවා’
-හෙන්රි මිලර්

‘ලෝකෙ ගින්නෙන් හරි අයිස් වලින් හරි ඉවර වෙයි කියලම හිතන්න  ඕන නෑ. ඒක වෙන්න පුළුවන් තවත් විධි දෙකක් තියෙනවා. ලියන කියන වැඩ වලින් සහ නොස්තැල්ජියාවෙන් (අතීත කාමයෙන්)
-ෆ‍්‍රෑන්ක් සප්පා

‘ලෝකෙ ඉවර වෙන්නෙ මෙහෙම
ලෝකෙ ඉවර වෙන්නෙ මෙහෙම
මහා සද්දෙකින් නෙමෙයි
හීන් කෙඳිරියෙන්’
-ටී එස් එලියට්

වරදක් කළත් සිතකින් නොවේ



රාවය පහුගිය සතියෙදි හඳගම ඩිජිටල් සිනමාකරුවන් වෙනුවෙන් ප‍්‍රියාන් තමන්ගේ පොත පිදීම ගැන තමන්ගේ අදහස් කියල තිබුණ. එතනදි සිනමාව කියලා එකක් නෑ ඒ මුවහමට තඩිබෑමෙන් වෙන සුගතියක් නෑ කියල ඩිජිටල් කැමරාවලින් වැඩ කරන උන්ට දැනමුතුකමක් දෙනවා. පත්තරවල වාචාල පිටු අතරෙ ද`ගලන්නෙ නැතුව සිනමාව එක්ක කෙලින් හැප්පෙන්න කියලා ‘හොඳ’ අභියෝගයක් කරනවා.

මේක කියවපු මගේ යාලූවො ගොඩක් ඒ අදහස් වලට එක`ග වුණා. ‘ඇත්තනෙ කියන්නෙ. කරනවා නං සිනමාව කරන්න  ඕන. කතා කරලා වැඩක් නෑ’ මේ වගේ පොදු ගුණාකාරයක අදහස් පද්ධතියක් තමයි ඒ ගොල්ලො ෂෙයාර් කළේ. මට මෙතනදි ආයිමත් මතක් වෙන්නෙ අපේ ඉස්තෙබාන්ගෙ කතාව. ‘ලස්සන’ බොරු වලින් තවදුරටත් වැඩක් වෙන්නෙ නෑ. මට අනුව හඳයා මෙතනදි කියන්නෙත් මගේ යාලූවො එක`ග වෙන්නෙත් මේ ‘ලස්සන’ බොරුවට. බැලූබැල්මට ඒක හරියටම හරි.

ඒත් මට මෙතන පරහක් පේනවා. මේ විදිහට සිනමාව එක්ක කෙලින් හැප්පෙන්න පුළුවන්කමක් ඇත්තට තියෙනවද? ලංකාවෙ සිනමාව ඉවරයි කියන අදහසට වඩා එහාට ගිහින් මං කියන්නෙ ලෝකෙම සිනමාව වෙනස් අවධියකට යමින් ඉන්නවා කියල. එතනදි ‘සිනමාව’ කියන ව්‍යූහය තවදුරටත් වැඩ කරන එකක් නෑ. ‘සිනමාව’ කියන්නෙ තනි මොකක් හරි එකක් නෙමෙයි. ඒක ඇතුලෙ නෙගටිව් වලින් චිත‍්‍රපටි හදපු කාලෙ එක්ක බැඳිච්ච අදහස් මාලාවක් තියෙනවා. පිළිගැනීම් සහ අගයන් සමුදායක් තියෙනවා. ‘සිනමාකරුවෙක්’ වෙන්න නම් ඒ දේවල් වලට එක`ග වෙන්න සිද්ද වෙනවා. නෙගටිව් වලින් චිත‍්‍රපටි කිරීම, තියටර් එකක ලොකු පේ‍්‍රක්‍ෂාගාරයක ඒ චිත‍්‍රපටි පෙන්නන එක, සමාජයෙන් අධ්‍යක්‍ෂවරයෙක්, ඞී ඕපී කෙනෙක් විදිහට ලබන පිළිගැනීම වගේ එකී නොකී කාරණා ගොඩක් මේ ආකෘතිය ඇතුළට එනවා. ලෝකෙන්ම නෙගටිව් ෆේල් වෙලා ගිහින් ඩිජිටල් වලට යන පරිණාමයෙදි අපේ මේ අවසාන පරපුරේ ඩයිනසෝරයන් ඩිජිටල් කැමරා අතට ගත්තෙ වෙන කරන්න දෙයක් නැති හින්ද මිසක් ඩිජිටල්කරණය වෙලා නෙමෙයි. ඇත්තම කතාව තාමත් අපේ සිනමාකරුවන් ගොඩකට ෆේස්බුක් පේජ් එකක් අප්ලෝඞ් කර ගන්න බෑ. දුකකින් වුණත් කියන්න වෙන ඇත්ත මේ මාධ්‍ය හැසිරීමේ සීමාවන් එක්ක මේ ‘සිනමාකරුවන්ට’ අනාගතයක් නෑ කියන එක.
ඩිජිටල් වලට මාරු වෙන්න අකමැති ගොඩක් දැවැන්තයො තාමත් ලෝකෙ ඉතුරු වෙලා ඉන්නවා. ජේම්ස් කැමරන්, ඬේවිඞ් ලින්ච්, ජෝර්ජ් ලූකස් වගේ ඩිජිටල් ලෝකය ආදරෙන් බාර ගන්න අයගෙ තර්ක සහ ක‍්‍රියාකාරීත්වයට බැහැරින් ටැරන්ටිනෝ, ක‍්‍රිස්ටෝපර් නොලාන් වගේ විශිෂ්ටයන් පවා නෙගටිව් වලින් පස්සෙ චිත‍්‍රපටි කරන එක අත්හරින්න එක`ග වෙලා ඉන්නවා. ඒත් අපේ තත්වය වෙනස්. අපේ අයට  ඕන වෙන්නෙ ඩිජිටල් කැමරාවත් ඒ ගොල්ලොන්ගෙ පරණ සිනමාව ඇතුළට ගන්න. ඒක කවාදවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි සහ ඒක කරන එකෙන් දිගින් දිගටම මේ නම්බුකාර සිනමාකරුවන් ජෝක් වෙන්න නියමිතයි.
‘මේ විදිහට හැමෝම චිත‍්‍රපටිකාරයො වේවි. එතකොට සිනමාවට මොකද වෙන්නෙ?’ හඳගම ඇතුළු තවත් ගොඩ දෙනෙක් එක`ග වෙන ලාංකේය ප‍්‍රශ්න කිරීම  ඕකයි. මේ ප‍්‍රශ්නෙ එක්තරා සංවාදයකදි ඬේවිඞ් ලින්ච් ගෙන් අහනවා.

‘කවදා හරි අපිට සිනමාව ගැන බලාපොරොත්තු සහගත විය හැක්කේ සිනමා උපකරණ පෑන් පැන්සල් තරමට සුලබ වුණු දාකයි’ කියල ජෝර්ජ් ලූකස් කිව්වා.

ඬේවිඞ් ලින්ච් කතාව මෙතනිනුත් ඉස්සරහට අරන් එනවා. ‘පෑන් පැන්සල් සහ කොල  ඕන තරම් තිබුණට ශ්‍රේෂ්ට කවියන් ලේඛකයන් බුරුතු පිටින් බිහිවුණේ නෑනෙ’ ලින්ච් හිනාවෙවී උත්තර දෙනවා.

‘සිනමාව’ කියල ලංකාවෙ චිත‍්‍රපටි කරපු පැරැන්නන් හඳුන්වන ආකෘතිය නටඹුන් වෙලා ඉවරයි. අඩුම තරමෙ තමන්ගෙ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කරන්න හෝල් එකක් වෙන් කර ගන්න පවා බැරි තරමට ඒ පරපුර ෆේල්. මේක සතුටකින් කියන කාරණයක් නෙමෙයි. නැගලා යන ඉංග‍්‍රීසි හින්දි චිත‍්‍රපටි ටික පෙන්නලා ඉවර වුණාම ලැබෙන ඉඩකින් සෑහෙනවා කියන්නෙ රටක සිනමාකරුවෙකුට සතුටු වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි කොහොමවත්. මේක ඉරානෙ වගේ රාජ්‍ය මැදිහත්වීමක් හෝ ආගමික ප‍්‍රචණ්ඩත්වයක් එක්ක සම්බන්ධ කාරනේකට වඩා ඒ සිනමාකරුවන්ගෙ පේ‍්‍රක්‍ෂාගාරය හැකිලීම ගැන ප‍්‍රශ්නයක්.

ඇත්ත කතාව සාමූහික සිනමා අත්දැකීම කියන එක පුද්ගලික වින්දනයක් දක්වා වෙනස් මාධ්‍ය ආකෘතීන්ට හැඩගැහෙන්න පටන් අරන් තියෙන එක. පොඩි අයි ෆෝන් එකකින්, ඩිජිටල් කැමරාවකින් තමන්ගේ අවංක ජීවිත ප‍්‍රකාශනය විෂුවල් වලට ගේන්න සහ ඒක පුද්ගලික මට්ටමෙන් ලෝකයක් එක්ක බෙදාගන්න තාක්‍ෂණවේදයක් ඇවිත්. පැය එකහමාරක දෙකක ෆික්ෂන් හෝ ඩොකියුමෙන්ටරි ඒත් නැත්තං ෂෝර්ට් ෆිල්ම් විතරක් වුණු ප‍්‍රකාශන විධීන් යූ ටියුබ්, ෆේස් බුක් එක්ක බහුවිධීන්ට ගුණනය වෙලා. සිනමාව කියන මාධ්‍යය වෙනස් වෙනස් විෂුවල් ධාරාවන් ගාණක් ඔස්සේ වැඩෙන්න පටන් අරගෙන. ඉතින් හඳගම අපේක්‍ෂා කරන සිනමාව එක්ක මූනට මූන හැප්පෙන පරම්පරාව කියන්නෙ විමුක්ති ජයසුන්දර අලූතෙන් හදපු කෙටි චිත‍්‍රපටියෙ ‘අවසාන ඩයිනසෝරයා දකින සන්සෙට් එක’ වගේ දෙයක්.

සිනමාව වෙනුවෙන් හැදුණු අදහස් පද්ධතිය වගේම මේ ඩිජිටල් විෂුවල්කරණය වෙනුවෙනුත් අලූත් අදහස් පද්ධතියක්  ඕන කරනවා. ඒ සංවාදය උඩ විතරයි මේ අලූත් මාධ්‍යයේ වර්ධනයන් දිශානති වෙන්නෙ. දෙයක් ස්ථාවරව සිද්ද වෙන්න කලින් ඒකට මතවාදමය පදනමක් අවශ්‍යයි කියන එකට මට දෙන්න තියෙන හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ. ගංගොඩවිල සෝමගේ පටන් මතු කරගෙන ආපු අදහස් පද්ධතියක් මතවාදයක් වෙලා ඊට පස්සෙ භෞතිකයක් වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති විදිහට. ඒක ගොඩනැගුනෙ සාමය ගැන මියැදෙමින් තිබුණු මතවාදය (මුවහම) අනෙකා කර ගනිමින්. ඒක නිසා මට හිතෙන්නෙ මේ විෂුවල් ෆෝර්ම් වල අත්හදා බැලීම් වගේම ඒ ගැන සංවාද කතිකාවනුත් හු`ගක් වැදගත් කියල.

මෑතක චිත‍්‍රපටි වලට වඩා යූ ටියුබ් එකේ පොඩි පොඩි වැඩ ඇතුලෙ ගොඩක් බලාපොරොත්තු සහගත දේවල් වෙනවා මං දැක්කා. ‘යුද්දෙ නැතුව පාළුයි’ කියන්නෙ එයින් එකක්. ප‍්‍රමුදිත සහ මුවිඳු එකතු වෙලා කන්සෙප්ට් එකක් විදිහට මේ වැඬේ වීඩියෝ එකක් වෙනකල් අරන් ආපු විදිහත් විශේෂයි. සහ ඒක කොටස් වශයෙන් යූ ටියුබ් එකට ගේන එකත් පට්ට. මුස්ලිම් සිංහල වඬේ ගැන කතාව, රාවණ ගබඩාව කඩපු වැලිකඩ හිරකාරයො ගැන කතාව වගේ පොඩි කෑලි යුද්දෙට පස්සෙ රටේ සිංහල බෞද්ධයො ගන්න ආතල් ගැන හොඳ කතා. ඒවා ෂූට් කරලා ගලපලා ඉදිරිපත් කිරීම පැත්තෙනුත් උන් දක්ෂයි. වැඩියෙන් වටින්නෙ කොයි තරම් පොඩියට හරි තමන්ට අහුවෙන හැම මාධ්‍යයක් ඔස්සෙම ප‍්‍රකාශනයකට උත්සාහ ගන්න එක. මේ වෙලාවෙ අනිත් ගොඩක් අයට වඩා වේගයෙන් නොවැටී දිගටම වැඩ කිරීම සහ යම් අදහස් පදනමක් මත ඒ වැඩ ගොනු කිරීම කියන කාරණා අතින් මේ සෙට් එකට සැලියුට් කරන්න  ඕනි.

පරණ සිනමාව ගැන අදහසට අනුව මේවා සිනමාවෙන් බැහැර දේවල්. ඒ විදිහට නම් අපි මේ වගේ අයට කියන්න  ඕනි, ‘චිත‍්‍රපටියක් කරන්න ට‍්‍රයි කරන්න. මේ වගේ තේරුමක් නැති වැඩ නොකර’ වගේ කතන්දර. ඒත් මං කියන්නෙ මේ තමයි සිනමාව. ඒකෙ ආඛ්‍යාන, විලාස තේරුම් ගන්න අපිට අලූතෙන් සිද්ද වෙනවා. ඒ වගේම ඒ සිනමාව වැඩ කරන්නෙ වෙනස් දේශපාලනයන් එක්ක. පරණ ආකෘතික කෝවෙන් මේ දේවල් වලට ලංසු තියන එක විහිළුවක් කියලයි මං හිතන්නෙ.

ඒ හින්ද මට හිතෙන්නෙ ප‍්‍රියාන්ගෙ පොතේ ‘මහේශාඛ්‍ය සිනමාව මහපාරට ගෙන ඒම’ කියන කතාව හරි. ඒක දිරවගන්න අමාරු වෙන්න පුළුවන්. ඒත් ඩිජිටල් සිනමාව කියන්නෙ ඒකට. ඒ වගේ සංවාදයන් පොත් විදිහට ගේන එකත් මේ සිද්ද වෙන සිනමාත්මක වෙනස න්‍යායගත කර ගන්න කරන උත්සාහයක් වෙනවා. ඒ වගේ උත්සාහයන් තව තවත් සිද්ද වෙන්න උවමනායි.

සිනමාකරුවන්ගෙ පැත්තෙන් ගත්තොත් කෙලින් කියන්න වෙන ඇත්ත කතාව අපේ කලින් හිටපු හැම සිනමාකරුවෙක්ම කුහකයි කියන එක. කිසි කෙනෙක් ඊළ`ග පරම්පරාවෙ නෙමෙයි තමන්ගෙ පරම්පරාවෙ එකෙකුටවත් එළියට එන්න උදව්වක් දුන්නෙ නෑ (හඳගම නම් ඉස්සර වත් තරමක් හෝ අලූත් පරම්පරාව වෙනුවෙන් මහන්සි වුණු කෙනෙක්) ඒක ලංකාවෙ හැම කාරණේකදිම වගේ පොදු සිංහල බෞද්ධ ගුණාංගයක් මං හිතන්නෙ. ඉන්දියාවෙ අනුරාග් කාශ්‍යප් වගේ සිනමාකරුවො තමන්ට යුරෝපෙන් හෝ බටහිරින් ලැබෙන සම්මාන පිළිගැනීම් ඊළ`ග චිත‍්‍රපටකරුවෙකුට එලියට එන්න ඉඩක් විදිහට පාවිච්චි කරද්දි අපේ කට්ටිය කරන්නෙ මොනවද?

තමන් අස්ථාවර හා අනාරක්‍ෂිත වෙන සීමාවන් සිනමාවෙ සීමාවන් විදිහට හඳුනාගන්නා බොරු ප‍්‍රබුද්ධ ලාංකේය සිනමා සම්ප‍්‍රදාය අවසන් වෙන තැනින් අලූත් සිනමා පරම්පරාව ගොඩනැගෙන වග මට විශ්වාසයි. එතකල් කෞතුකාගාරවල දුටුගැමුණුගේ කඩු හොයන වැඩ කට්ටියට බාරයි.

කොහෙද යන්නෙ මල්ලෙ පොල්



සයිමන් පෙග් එයාගෙ ජීවිත කතාව ලියාගෙන යන ගමන් එයාගෙ ආසම චිත‍්‍රපටියක් වුණු ස්ටාර් වෝර්ස් ගැන කතා කරනවා. ‘මිනිස්සු ගොඩක් අවුල් වෙනවා ජනප‍්‍රිය සංස්කෘතිය සීරියස් විදිහට බාර ගැනීමක් කරපු ගමන්. ජනප‍්‍රිය සංස්කෘතිය සීරියස් නැති විදිහට පෙනී ඉන්න නිසාම ඒක විනෝදයට එහා බාර ගැනීමක් කරන්න  ඕනි නෑ වගේ දෙයක් තමයි මේ පිළිගැනීම. මං එක`ග නෑ කොහොමවත්. හැම ප‍්‍රකාශනයක් කියන්නෙම ඒ වකවානුවෙ පරිසරයෙන් එන, ඒ කාලයේ සමාජ නියුරෝසීය තත්ත්ව පළ කරන දේවල්. ප‍්‍රධාන ධාරාවට ස්වභාවයෙන්ම මූලික සිතීම්-විඳීම් ආකෘති ගැන කතා කරන්න වෙනවා ඒක ප‍්‍රධාන ධාරාව වෙන්න නම්. ඒ විදිහට ගත්තම පොදු ජන ආස්වාදය වෙනුවෙන් කරන ඒවා සීරියස් විදිහට විග‍්‍රහ කරන එක තමයි ඇත්තටම වැෙඩ්"

ආයිමත් කාලෙකට පස්සෙ මං ආසම කලාපය ගැන ලියන්න ඉඳගත්තා.  අලූත් ‘ඇජෙන්ඩා 14’ ඒකට නිමිත්තක් වුණා. ඒකෙ තියෙනවා අශෝක හඳගම ලියන ලිපියක්. ‘අපේ සිනමාවේ විනෝද සාධකය, ස්ත‍්‍රී ශරීරය සහ පේ‍්‍රක්‍ෂාගාර සිහිනය’ තමයි ඒකෙ නම.

භූපති නලින් ඉඳගෙන හිටපු කතාබහකදි මං කිව්වා ‘අපේ ලංකාවෙ ෆිල්ම් වල එන්ටර්නේට්මන්ට් නෑ’ කියල. විනෝද සාධකය කියනවට වඩා ඒකෙ ලොකු කතාවක් තියෙනවා. විනෝදාස්වාදය (විනෝදය සහ ආස්වාදය* කියන එකයි එතන හරි සිංහල වෙන්න  ඕන. එතනදි නිතර ප‍්‍රශ්න නගන මගේ යාලූවා ‘ළහිරු’ ඇහුවා ‘ඔයාගෙ ෆිල්ම් එකේ (හව් අයි වොන්ඩර්)එන්ටර්ටේන්මන්ට් තියෙනවද ’ කියල. මගේ උත්තරය වුනේ ‘නෑ’ කියන එක. (රාවයෙ ලිපිය අවසනාවන්ත විදිහට මට මග ඇරුණ)

විනෝදාස්වාදය කියන කාරනේ ගැන භූපතිගෙ සහ හඳයාගෙ අදහස එකක් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තිබුණට මගේ අදහස ඊට වඩා ගොඩක් වෙනස්. ඒක සිංදු සහ ෆයිට් කියන පැණි බේරෙන කතා සීමාවට වඩා පළල්. ඒක අධ්‍යක්‍ෂවරයා සහ පේ‍්‍රක්‍ෂකයා අතර තියෙන බෙදාහදා ගැනීමක්. සමාජ සත්තාවක් වෙන්න පුළුවන් ඇම්ඩන්ගෙ කතාවක් වෙන්න පුළුවන් ඒක පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැනට බැහැලා කියන්න  ඕන කියන එකයි මගේ අදහස. හඳයාගේ සහ ලංකාවේ ඒ ආශ‍්‍රිතව ‘මාර’ යැයි පිළිගන්නා කතාවල තියෙන්නෙ එක පැත්තකට යන සංවාදයක්. දඩ දෘෂ්ටිවාදයක් තිරය උඩ. අපි බලන් ඉන්නවා. මං අහන්නෙ මොකටද පේ‍්‍රක්‍ෂකයා එහෙම බලන් ඉන්නෙ?

ආයිමත් වැරදි තැනකට යන්න ඉඩ තියෙනවා මේ අදහස. දෘෂ්ටිවාද චිත‍්‍රපටිවලට ගේන්න එපා කියන එක නෙමෙයි මේ කතාව. ඒක බලන් ඉන්න පුළුවන් විදිහකට ගේන්න කියන එක. රටක සංවර්ධනය හෝ අවවර්ධනය වුණු රසඥතාවයන් තියෙනවා. ඒ පොලොවෙ කතාවක් කියන නාඩි වෙන්නෙ ඒවා. ඒත් අපි ආකස්මික විදිහට බර්ග්මාන්ගෙ හරි තර්කොව්ස්කිගෙ වෙනයම් යුරෝපියානු ඇකඩමියක සිනමාකරුවෙක්ගෙ හරි කතා කලාවක් අපේ ප්‍රේක්‍ෂාගාරයක් ඇතුලට ගේන එක ප‍්‍රධාන අදහසක් විය යුතු නෑ කියන එකයි මං කියන්නෙ. සම්භාව්‍ය-ප‍්‍රබුද්ධ වගේ මොකක් හරි කට්ටක් ඇතුලෙ අපේ සිනමාකරුවො ටික පොඩි කල්ට් එකක් හදාගෙන ඒක සිනමාව කියලා විශ්වාස කරන්න කියනවා. හෝල් කඩාගෙන මිනිස්සු එන ෆිල්ම් පීචං කියලා හිත හදාගන්නවා. මට අනුව මේක මඤ්ඤං.

මෙතනදි තේරුම් ගන්න දෙයක් තියෙනවා. මගේ තර්කය චිත‍්‍රපටියක් විනෝදාස්වාදීද කියන එක පදනම් වෙන්නෙ ඒක ආර්ට් හවුස් ද කියන එක උඩ නෙමෙයි. අපි සිනමාකරුවො විදිහට අපේ රටේ ‘සෙමියොටික්ස්’ කොයි තරම් අඳුරනවද කියන කාරනේ උඩ. මට අනුව අපේ කොමර්ෂල් කියන චිත‍්‍රපටිකාරයොයි සම්භාව්‍ය කට්ටියයි දෙගොල්ලොම මෙතනදි බෙදා හදා ගන්න පොදු කරණා වගයක් තියෙනවා. එකක් මේ දෙගොල්ලොම චිත‍්‍රපටියක භාෂාව ගැන දැනුම අතින් නිල්. කොමර්ෂල් චිත‍්‍රපටිකාරයො ටික ටීවී එකේ කියවලා කියවලා මිනිස්සුන්ට ඒක පෙන්නන්න හදද්දි සම්භාව්‍ය කට්ටිය ලොකු දාර්ශනික ටොක්ස් වලින් ඒක කරන්න හදනවා. ඇත්තටම නං තේමාව මොකක් වුණත් භාෂාව හොඳට හසුරුවන්න දන්නවා නං ඒක එන්ටර්ටේනින්.

අනිත් පැත්තට මේ දෙගොල්ලොම චිත‍්‍රපටි හදන්නෙ ‘පේ‍්‍රක්‍ෂකයා’ කියලා ඒ ගොල්ලොම නිර්මාණය කරගත්ත සත්ත්වයෙකුට. මේ කාලෙ නං ‘රජ’ කතා තමයි එකම වාණිජ ප‍්‍රවාහය. සම්භාව්‍ය කට්ටිය ඒ ගොල්ලොන්ගෙ දාර්ශනික සංවාද කුලකය පේ‍්‍රක්‍ෂකයා කියලා හිතාගෙන ඉන්නවා. ඒත් සිනමාව කියන්නෙ මීට වඩා හු`ගක් ලොකු අවකාශයක්. බර්ග්මාන් කියන විදිහට ඒක සිනමාව කියන්නෙ හීනයක්. සිනමාව කියන්නෙ ගීතයක්. හීනයක් කියන්නෙ දාර්ශනික හෝ දේශපාලනික සංවාදයක් නෙමෙයි. ඒක සම්බන්ධ අපේ අවිඥාණයත් එක්ක. ගීතයක් කියන්නෙ ‘සික්ස් එයිට්’ විතරක්ම නෙමෙයි. මට හිතෙන්නෙ මෙතන තියෙනවා අපිට මගඇරෙන තැන. අපි ලංකාවෙ ඇත්ත සෙමියොටික්ස් (සංඥාර්ථයන්* වැඩ කරන කලාපයන් දැනගෙනද අපේ ආර්ට් කරන්නෙ කියන එක.

මං ‘හව් අයි වොන්ඩර්’ එන්ටර්ටේන්මන්ට් නෑ කියලා කිව්වෙ මේ කලාපයන් අ`ඩුලූහු`ඩුතා මං මගේ චිත‍්‍රපටිය ඇතුලෙමත් දකින හින්ද. හඳගමගෙ මං කැමති චිත‍්‍රපටියක් ‘මේ මගේ සඳයි’. මේ චිත‍්‍රපටිය බලලා ඩෙනිස් ලස්සන කතාවක් කිව්වා.

‘මචං මේ ෆිල්ම් එකේ හැම ෆේ‍්‍රම් එකක්ම නුවර යුගයෙ චිත‍්‍රයක් වගේ. හඳයාත් උඹ කියන එකම කරන්න තමයි ට‍්‍රයි කරලා තියෙන්නෙ. අර පැත්තට හැරිච්ච රූප. අපේ පරණ විෂුවල් ෆෝර්ම් එකක් පාවිච්චි කරන්න යන්නෙ. ඒත් ඒක එහෙම වැඩ කරන්නෙ නෑ’

මේ කතාව ඇත්තක්. අපි සාහිත්‍යමය හෝ ප‍්‍රබුද්ධමය තැනකින් ලේසියට අපේ සෙමියොටික්ස් පාවිච්චි කරන්න හැදුවට ඒක එහෙම සිද්ද වෙන්නෙ නෑ. ඒවා යුරෝපෙට විකුණන්න පුළුවන්. සම්මාන සිනමාකරුවෙක් වෙනවට වඩා මේ රටේ ඇත්ත චිත‍්‍රපටිකාරයෙක් වෙන එක අමාරු ඒ හින්ද. ඒක පොලොවට බැහැලා කරන අධ්‍යනයක්. මහබැංකු වාර්තා වල ලංකාව ගැන ඇත්ත නෑ.

ෆ්ලයින් ෆිෂ් චිත‍්‍රපටියේ එන්ටර්ටේනින් කියන්නෙ නැරඹුම්කාමී ආශාවන් සංසිඳුවීමක් හැටියෙන් හඳයා ප‍්‍රශ්න කරනවා. අක්ෂරයේ සහ තනි තටුවේ නැති වුනේ ඒකද කියලත් අහනවා. මේ කතාව එක විදිහකින් ඇත්ත. ෆ්ලයින් ෆිෂ් එන්ටර්ටේනින් වෙන තවත් ගොඩක් කාරනා තිබුනත් මේක හඳයාට මගේ තර්කය තේරුම් කරන්න හොඳ තැනක්. නැරඹුම්කාමී ආශාව ෆ්ලයින් ෆිෂ් චිත‍්‍රපටියෙදි පේ‍්‍රක්‍ෂකයා එක්ක බෙදා ගන්නවා නම් සහ හඳයා තමන්ගෙ නිරුවත් ජවනිකා වල එහෙම එකක් නොකරනවා නම් ඒ කියන්නෙ මොකක්ද? හඳයා වෙන දෙයක් බෙදාගන්න හදනවා. ඒ තමයි පේ‍්‍රක්‍ෂකයාට අදාල නැති තමන්ගෙ දෘෂ්ටිවාදය. සංජීව නැරඹුම්කාමය හරහා තමන්ගෙ දෘෂ්ටිවාදය අරන් එනවා. ඒක ඇ`ග වෙව්ලන අත්දැකීමක් වෙනවා. වෛරය, පිලිකුල, ආසාව, විචිකිච්ඡුාව මේ  ඕනම එකක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඉමෝෂනල් අවුලක්. හඳයාගෙ චිත‍්‍රපටියෙදි මේක වෙන්නෙ නෑ. ඒ වෙනුවට වැදගැම්මකට නැති තාර්කික අවුලක් එතන යෝජනා වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සු ව්‍යවහාරයෙදි හඳයාගෙ ෆිල්ම් ගැන කියන කතාවක් තියෙනවා.

‘අර කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ උත්තර දෙන ෆිල්ම් කරන්නෙ...’
මේ කියන්නෙ අර කියන කතාව. හැ`ගීම් කලාපයක් හරහා නැතුව දෘෂ්ටිවාදයකට ඇතුල් වීම. පේ‍්‍රක්‍ෂකයා දොර ගාව නතර වෙනවා. මේක සිනමා භාෂාව පාවිච්චි කිරීමෙ හැකියාවෙ අඩුවක්. ඒක අපේ චිත‍්‍රපටිකරුවන්ගෙන් ප‍්‍රකාශ වෙන්නෙ ඒගොල්ලොන්ගෙ ස්ටයිල් එක විදිහට.
හඳයා අදහස් දැක්වීම මට සතුටක්. ඒත් ඒ අදහස් නිශ්චිත සංවාදයක් තෝර ගන්නවා වෙනුවට පටු දෘෂ්ටිවාදී තැන් වලම ගිලී යාම දුකක්. ඒත් ඒක ලංකාවෙ සිනමාවෙ ස්ටයිල් එක.

ළ`ගදි සුමනා ගෝමස් කාලෙකට පස්සෙ ලංකාවට ආවා. එයාර් පෝර්ට් එකේ පැය ගානක් එයාව තියාගෙන පරීක්‍ෂා කරල තිබුණ.
‘ඔයා අර සුමනා ගෝමස්මද?’ එතන නිලධාරියෙක් තමන්ගෙන් ඇහුවා කියලා සුමනා කියනවා.
ඒ පැය ගාන අතරෙ තමන්ව දැක ගන්න වරින් වර නිලධාරීන් ආපු හැටිත් එලියට යනකොට පවා පෙළ ගැහිලා තමන් දිහා බලන් හිටපු හැටිත් එයා ඔහේ කියල දානවා.
මේක සුමනා බාර ගන්නෙ තමන්ගෙ පේ‍්‍රක්‍ෂකයන්ට තමන් ගැන තියෙන ආදරේ විදිහට. ඒකෙ තාර්කිකත්වය කොහොම වුනත් සුමනා තාමත් එලිය දිහා බලන්නෙ සිනමාව ඇතුලෙන්. පේ‍්‍රක්‍ෂකයා සහ නිළිය අතර සම්බන්දෙකට වඩා දෙයක් එයා කියන්නෙ නෑ.

ඒත් මේ නිලධාරින් සහ ගොසිප් ලිපියට කතා කරමින් සුමනාගෙ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලන හුදී ජනතාව සුමනා දිහා බලන්නෙ ඇත්තටම නිළියක් විදිහටද?
ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො නෑ. හැමෝම බලන් හිටියෙ නිරුවත් සුමනා දිහා විතරයි. සුමනාගෙ නිරුවත සිනමා අත්දැකීමක් විදිහට විඳින්න පුළුවන් පේ‍්‍රක්‍ෂාගාරයක් සුමනාට හිටියෙ නෑ. ඒත් ඒක සුමනට විතරක් නෙමෙයි අනිත් හැම නිළියකටමත් එහෙමයි. හඳගම එයාගෙ ලිපියෙ කියන විදිහටම අක්ෂරයෙ ර`ගපෑ නිළිය රටින් ගිය නිසාම සිද්ද වෙන්න තිබ්බ ලොකු විනාසෙකින් ගැලවෙනවා. ඒකයි ඇත්ත. නූගත් සාමාන්‍ය සුමනාගෙ පේ‍්‍රක්‍ෂකයො විතරක් නෙමෙයි එයාර් පෝර්ට් එකේ මහත්තුරුත් පෙල ගැහිලා බලන් හිටියෙ නිළියක් දිහා නෙමෙයි. හෙළුවක් දිහා.

ඒ සිනමාවක් අහිමි ලංකාවෙ හෙළුව.
ඒත් සුමනා අත වන වනා සුබ පැතුවෙ තමන්ගෙ ප්‍රේක්‍ෂකයට. සුමනාට සිනමාවක් තිබුණ....

Monday, December 3, 2012

අලූත් ආගමක් උවමනා කර තිබේ.

මං කලින් අවුරුද්දකත් ලියපු හි`ගමන් ඉල්ලන දාර්ශනිකයා තාමත් අපේ ගේට්ටුව ළ`ගට එනවා. එක දවසක් සල්ලි දීපු ගෙදරකට මිනිහා ආයිත් එන්නෙ ටිකක් කාලෙකින්. ලොකු වටයක් ගිහින්.

‘මට සල්ලි දෙන අය කෝටිපතියො වෙන්න  ඕනි. මොකද එතකොටනෙ මට වැඩියෙන් සල්ලි ලැබෙන්නෙ’
සරමක්, ඊට උඩින් අත් දිග ඩෙනිම් කමිසයක්, ඊට උඩින් කිසි හේතුවක් නැතුව රෝස පාට ජැකට් එකක්, පරණ ටොප් හැට් එකක් ඇඳගෙන ඒ මනුස්සයා ගියා ඊළ`ග ගෙදරට.

‘මං කසිප්පු බොන රහතන් වහන්සේ නමක්. මට දීලා පින් ලබා ගන්නයි තියෙන්නෙ’
කියලා ඉවර කරන්න කලින් දුවගෙන ආපු ඒ ගෙදර මනුස්සයා පොල්ලකින් ගැහුවා ගේට්ටුව ළ`ග උන්නු වයසක දාර්ශනිකයාට.

‘බුද්දාගමට මොනවත් කියන්න එපා. උඹේ අම්මට......’

තත්පර කීපෙකින් අවට වටපිටාවම එතන. හැමෝම කැමතියි අර මනුස්සයාට ගහපු එකට.
ඒ අයට අනුව රහතන් වහන්සේ කෙනෙකුට කසිප්පු බොන එක කරන්න බෑ. ඒක රහතුන්ගෙ සීමාවක්. රහතුන්ගේ සහ බුදුන්ගේ සියලූ සීමාවන් සහ කොන්දේසින් දන්නේ මේ ලාංකේය ගිහියො.
ඒ ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට මේ වෙද්දි බුද්දාගම ලංකාවෙ වැඩ කරන හැටි ගැන එක කතාවක්. මේ දෙවෙනි කතාව.

සිල් ගන්න ගිහින් එන උපාසකම්මලා ටිකක් පිටිපස්සෙන් මං යන ගමන්. ඒ ගොල්ලොන්ගෙ වයසෙ සාමාන්‍යය (ඇවරේජ් එක) කිව්වොත් 65ක් විතර.
‘හාමුදුරුවො කියන කතාව හරි. දැන් කොළඹම මුස්ලිම්...’
‘අර කිව්වා වගේ සිංහල උන් ළමයි හදන්නෙත් නෑනෙ. උපත් පාලනේ..හාමුදුරුවො කොහෙන්ද අනේ ඔව්වා හොයා ගන්නෙ..අනේ මන්දා...හිහි..හිහි’
එතනින් තුන්වෙනි කතාවට.

අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා සිංදුවක් දැම්මා ෆේස් බුක් එකට. ඒකෙ පිංතූරෙ තියෙන්නෙ පොඩි හාමුදුරුවරු ටිකක් නටන වීඩියො එකක්. දාන පරක්කුවට කමෙන්ට් වැස්සක් වැස්සා. හැම කමෙන්ට් එකක්ම මේ වීඩියෝ එක බොරුවක් සහ බුද්දාගමට නිග‍්‍රහ කිරීමේ අරමුණ ඇතුව මේ වීඩියෝ එක තනා ඇති වගට තමන්ටම සනාථ කර ගන්නා වර්ගයේ ඒවා.

‘මේ වෙලාවෙ තම්බියො අපේ වැරැුද්දක් හොය හොය ඉන්නෙ. මේවා උන් දැක්කොත් එහෙම...’
කියල ඊ මේල් පවා එවලා තිබුණ කියල ඌ කිව්වා.

ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට මේ වෙලාවෙ බුද්දාගම වැඩෙන්නෙ මුස්ලිම් විරෝධයකුත් එක්ක. හාමුදුරුවරු බණට දෙසන්නෙ පවා මේ වෛරය. ගව ඝාතනයට විරුද්ද ෆේස් බුක් පිංතූර, මුස්ලිම් පිරිස් බෞද්දාගමික තැන් විනාස කරනවා ආදී කියන ප‍්‍රවාද හැම එකක්ම දිශානත වෙන්නෙ එකම පැත්තකට. ප‍්‍රභාකරන්ගෙ මරණෙන් පස්සෙ නිිමිත්තක් නැතුව ගිය මේ ක‍්‍රමවත්ව සංවිධානය කරලා දේශපාලනිකව පාවිච්චි කරපු සහ කරන සමූහ ආගමික උන්මාදය දැන් නැගෙනහිර පැත්තට හැරෙමින් තියෙනවා.

ඒ සියල්ල ප‍්‍රීතිමත් විදිහට කරන්න බුදුන්ගෙ දහම ඩ‍්‍රග් එකක් වගේ පාවිච්චි වෙනවා.

ආධ්‍යාත්මික මාර්ගයක් විදිිහට බුද්දාගමට හිමි තැන අහිමියි. තව දුරටත් ඒක මාර්ගයක් නෙමෙයි. ආයුධයක්.
”තුන්වෙනි සහශ‍්‍රය පාලනය කරනු ඇත්තේ ආගම සහ ආධ්‍යාත්මය අතර ගැටළුව විසිනුයි. එක පැත්තකින් සංවිධානගත ආගම් පිරිහී යද්දි ආධ්‍යාත්මික සහ ප‍්‍රඥාව සොයා යාමේ උනන්දුව වැඩි වෙනු ඇති. මේ නිසා ආධ්‍යාත්මික ප‍්‍රමුඛතාවයන් ආයිමත් පෙළගස්වන්නටත් ඒවාට අදාල නව විශ්වාස පද්ධතියක් ගොඩනගා ගන්නටත් සිද්ද වේවි. අදාල නව විශ්වාස යැයි මා හඳුන්වන්නේ අපගේ වර්තමාන සහ අනාගත ගැටළු සඳහා උත්තර සහිත විශ්වාස පද්ධතියක්”
-කැලබ් රොසාඩෝ- ආධ්‍යාත්මිකත්වය යනු කුමක්ද?

”සිදුවෙමින් යන විනාශය තේරුම් ගන්නට හෝ ඒ ගැන පිළිගත හැකි අදහසක් කියන්නට සාම්ප‍්‍රදායික ආගම් සහ මානව විශ්වාස පද්ධතීන්ට පුළුවන්කමක් නෑ. පෘතුවියේ ප‍්‍රධාන ජීව පද්ධති සඳහා වන ක‍්‍රියාකාරීත්වයන් ප‍්‍රථම වතාවට අර්බුදයට යද්දි අපේ ආචාර ධාර්මික ජීවිතයත් අවුලෙන් අවුලට යනවා. මේ සාම්ප‍්‍රදායික ආගමික විශ්වාස වලට පුළුවන් වුණත් සියදිවි නසා ගැනීම්, අපරාධ හෝ සමූලඝාතන එක්ක ගණුදෙනු කරන්න, ඔවුන්ට බෑ සමස්ත ජීව විපර්යාසයන් තේරුම් ගන්න. පෘතුවිය අවසාන වෙමින් යන්නෙ. ඒ අතරෙ අපි සංස්කෘතික අවුලක. රැුඩිකල් අලූත් ආකෘතියක් උවමනායි මේක තේරුම් ගන්න”
-තෝමස් බෙරී- අනාගතයට වැටී ඇති මාවත

ආධ්‍යාත්මික මාර්ගයන් ගැන වූ ඉතිහාසය කෙන් විල්බර් ලස්සනට විස්තර කරනවා. දහසකුත් ආධ්‍යාත්මික විශ්වාසයන් ඇතුලෙ බුදුන් ගැන අපේ විශ්වාසය වැටෙන්නෙ කොයි ආකෘතියටද කියලත් එතන කියනවා. කෙන් විල්බර් විස්තර කරන විදිහට ආධ්‍යාත්මික ප‍්‍රවේශයන් තුන් ආකාරයකින් අඳුරගන්න පුළුවන්. එකක් කූටප‍්‍රාප්ති අත්දැකීම. ඒ කියන්නෙ කවදා හරි කවුරුන් හරි විසින් ලැබුවා කියන මාර ආධ්‍යාත්මික අත්දැකීමක විශ්වාසය උඩ පදනම් වෙච්ච මාර්ගයක්. ඒක සතෝරි වෙන්න පුළුවන්, දෙවියන්ගෙ මොකක් හරි වෙන්න පුළුවන්, එළි විහිදුවීමක් වෙන්න පුළුවන්. ඒ එක්කම මහා කරුණාව, පේ‍්‍රමය පහළ වුනා වෙන්න පුළුවන්. ලෝකෙ ගොඩක් ආගම් පහළ වෙලා තියෙන්නෙ මෙතනින්. ශාස්තෘ කෙනෙක්ගෙ එක්වරම සිද්ද වුණා කියන මහා අවබෝධයක් උඩ පදනම් වෙලා.

තව වඩා වියත් විදිහක ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් තමයි කොයි විදිහකින් හරි මානව සිතීමේ සිද්ද වෙන වර්ධනයන් ආධ්‍යාත්මික තත්වයන් විදිහට තේරුම් ගන්න එක. ඒක ප‍්‍රජානනය වෙන්න පුළුවන්, හැ`ගීම් පැත්තෙන් වෙන්න පුළුවන්, ශාරීරික-ලිංගික හෝ අන්තර් පුද්ගල සම්බන්ධතා වලින් වෙන්න පුළුවන්. සිතීමේ තත්වයන් ඉහළ යද්දි ආධ්‍යාත්මික වර්ධනයන් විදිහට සළකන්න ගන්න එක. එතනදි වෛරය, පලිගැනීම, ගැටුම් වගේ තත්වයන් අපිට අඳුරගන්න වෙන්නෙ මේ වර්ධනයෙ පහත්ම තත්වයන් විදිහට. තමන්ගෙන් පිටත විශාල අවකාශයක මෛත‍්‍රිය වගේ හැ`ගීම් පතුරුවන්න පුළුවන් කියන එක උසස් තත්වයක්.

තුන්වෙනි එක ආධ්‍යාත්මකත්වය තත්වයක් හෝ වර්ධනයක් නෙවෙයි, ඒ විසින්ම ඉබේටම සිද්ද වෙන දෙයක් විදිහට ගන්න එක. අපි ආධ්‍යාත්මිකව ප‍්‍රාථමික වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. ආධ්‍යාත්මිකත්වයේ ලා අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක හැටි.

මේ ආකාර තුනෙන් තමයි ලෝකෙ හැම ආධ්‍යාත්මික ප‍්‍රවේශයක්ම ගනුදෙනු වෙන්නෙ. මේ ආධ්‍යාත්මික මාර්ග ගත්තම අපිට දකින්න පුළුවන් මේවා සංවර්ධන වෙච්ච විදිහක් තියෙනවා. පුරාතන ආගම්, ඊට පස්සෙ මැජිකල් ආගම්, මිත්‍යාමූලික ආගම්, තාර්කික ආගම්, ඒ වගේම අලූතෙන් එකිනෙක අන්තර් සම්බන්ධිත තත්වයන් පිළිගන්නා ආගම්. තෝමස් බෙරී ආදීන් කියන්නෙ මේ මැජික් සහ මිත්‍යා මූලික ආගම් වලින් තව දුරටත් ලෝකය ගලවා ගන්න බෑ කියන එක. ඒ වෙනුවට අපි එකිනෙක අන්තර් සමබන්ධිත සමස්තයක් විදහට දකින ආගමිකත්වයකට ඇතුල් වෙන්න  ඕන. ඒත් ලංකාව මේ වෙලාවෙ ඇතුල් වෙමින් ඉන්නෙ ගෝත‍්‍රික විච්ýන්න ආගමික ඇදහිලි කලාපයකට. ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට බුදුන්ගෙ තාර්කිකත්වය පවා මෙතනදි අසාධාරණ විදිහට පහත හෙලනවා.

කෙන් විල්බර් විස්තර කරන විදිහට මේ කිසිම ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් ඔරිජිනල් තැනදි අපිට වැරදියි කියන්න බෑ. සාන්තුවරයින්, ඍෂින් විසින් ලෝකයේ ආකෘතියට පිටින් පවතින අපිත් සම්බන්ධිත අකාලික මහා ශුන්‍යතාවය අවබෝධ කර ගන්න ඇති. විශේෂයෙන් ගෞතම බුදුන් වගේ චරිත නිර්වාණය කියන ඒ ශුන්‍යතාවය එක්ක සම්බන්ධ වෙන්න ඇති. ඒත් මේ හැම දේකටම පිටින් ආකෘතිකමය ලෝකය වෙනස් වෙන්න ගන්නවා. නිර්වාණය ගැන බුදුන්ගෙ අවබෝධය පැවතුණත් පරිණාමය වෙන ලෝකයෙදි වෙනස් වෙන ආකෘති රටා ගැන කියන්න ඒ දහම ප‍්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒක බුදුන්ගෙ හෝ වෙනත් ශෘස්තෘ කෙනෙක්ගෙ අවබෝධය ගැන ගැටළුවක් නෙමෙයි. අපේ නූතනත්වයට ඒ විස්තර කිරීම් ගැලපෙන්නෙ නෑ. එතකොට ඒවා වැරදි විදිහට අර්ථ ගැන්වෙනවා. දෙමළට විරුද්ද බුද්දාගම, මුස්ලිම් විරෝධි බුද්දාගම වගේ ඒවා එන්නෙ ඒ විදිහට. එතකොට මේ ආගමික අදහස් වැඩ කරන්නෙ වෙන ලෞකික ව්‍යාපෘති ඇතුලෙ.
මෙතනදි කෙන් විල්බර් ගෙන් ප‍්‍රශ්නයක් අහනවා.

ඔබ කියන විදිහට මේ වෙනස් වෙන ලෝකය කියන කාරණය නොතකා හැරීම නිසා කතන්දරේ බාගයක් අපිට අහිමි වෙනවා. අපේ ප‍්‍රතිචාර දැක්වීම අවාසනාවන්ත විදිහට යල්පනිනවා?

කෙන් විල්බර්- ඔව්. ඇත්තටම මේ කාලෙ 2%ක් වත් මිනිස්සු නිවැරදි, තමන් සහ අනෙකා යනු එකම සමස්තයක් විදිහට ඇත්තට දකින ආධ්‍යාත්මික තේරුම් ගැනීමක නෑ. 70%ට වඩා ලෝක ජනතාවක් ඉන්නෙ බොහොම පහත්, මිත්‍යාකල්පික, ජාති හෝ වර්ග මූලික ආගමික විශ්වාස මත.

කීප දෙනෙක් ඉන්නවා ලෝකය සමස්තයක් විදිහට, අපි එකිනෙක සම්බන්ධිත තනි පැවැත්මක් විදිහට තේරුම් ගන්න තරම් ප‍්‍රඥාව වැඩුණු. ඒත් බහුතරයක් ඉන්නෙ මමත්ව කේන්ද්‍රීය රතු ඉරේ. තවත් වැඩි කොටසක් නියතිවාදයක් පිළිගන්නා නිල් ඉරේ. ඊළ`ග පිරිස තාර්කික හෝ විද්‍යාත්මක ක‍්‍රමය පිළිගන්නා තැඹිලි ඉරේ. ඉතින් මං විශ්වාස කරන්නෙ නෑ ලෝකය ගමන් කරන විනාශයෙන් බේර ගන්න පුළුවන් ආධ්‍යාත්මික වෙනසක් පේන තෙක් මානයක තියෙනවා කියලා.

බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් තත්වයන් ඇත්තටම නිල්.
(කෙන් විල්බර් යනු ඇමරිකානු ආධ්‍යාත්මික ගවේෂකයෙක්- දේශකයෙක් සහ ලේඛකයෙකි)

-චින්තන ධර්මදාස