Monday, October 16, 2017

නයිස් කපල්



කොහොම හරි වට් අ නයිස් කපල් අවසාන හැන්දෑව අතනෑර බලාගත්තා. ඇත්තටම ඒක හරි සුන්දර හැන්දෑවක්. පොඩියට ලා වැස්සක් එලියෙ තිබුන. හැමෝම දන්න අඳුරන අය. ඔහොම තැනකදි තමයි හලෝ මචං කියන්න හරි සෙට් වෙන්නෙ. ගොඩක් අය නාට්ටිය කීපවතාවක් බලපු අය. ඒක හරි විශේෂයක්.

නාට්ටියක් දෙතුන් පාරක්ම බලන්න එන පේ‍්‍රක්ෂක පිරිසක් ඉන්නවා කියන එක. යාලූවෙක්ගෙ නාට්‍යයක් වුනත් මේ වැස්සෙ සෙනසුරාදා දවසක ඇවිත් බලන්න හැන්දෑවක් කැප කරනවා කියන එක තමන්ට අත්වෙන හුදකලා තෘප්තියක් නැතුව සිද්ද වෙන්න අමාරු දෙයක්.

පුංචි තියටර් එක හරි ලස්සන ෆීල් එකක් දෙන පුංචි ගුලක්. ඒකෙ බකට්පුටු වල ඉඳගත්තම වටේ ළංවෙලා දැනෙන පේ‍්‍රක්‍ෂාගාරයත් එක්ක එතනටම අනන්‍ය කල්ට් හැ`ගීමක් දෙනවා. දැන් ටිකක් නඩත්තුව නම් පිරිහීගෙන යන ගතියක් පේනවා.

ආදරණීය යාලූවෙකුගෙ වැඩක් බැලූවම ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උසස්ම තෑග්ග අවංක විචාරයක් කියල මං විශ්වාස කරනවා. කලින් නාට්‍යය බලලා මේ අදහස් කිව්වා නම් අත්කර ගන්න තිබුන මොනවා හරි වැඩිහොඳක් මගේ ප‍්‍රමාදය නිසා මිස්වෙලා නම් ඒකටත් සමාව ඉල්ලනවා. ඒත් චාමර තව ඉස්සරහට නාට්ටි කරනවා. ඒවට හරි මේ ෂෙයාරින්ග් එකේ මොකක් හරි වැදගත්කමක් තියෙන්න පුළුවන්.

මේ නාට්ටිය මට දිගින් දිගටම මිස් වුනේ ඇයි? මං කල්පනා කළා. මට එක එක වැඩ වැටුන එක ඇත්ත. ඒත් මොකක් හරි හින්ද කල් ඇතුව මේ වෙලාව සැලසුම් කරලා තියාගන්න මාව අතපසු කළා. ඒ නාට්ටිය බැලීමේ උවමනාව විසින් මාව තියටර් එකට තල්ලූ කළේ නෑ.

ඒකට හේතුව කියල මට හිතෙන්නෙ නාට්‍යයේ ප‍්‍රචාරය විසින් ඒකෙ නාට්‍යමය ගුණය ගැන ෆීල් එකක් දෙන්න බැරිවුන එක කියල මට හිතෙනවා. විශේෂයෙන්ම ෆොන්ට් එක වුනත්. ඉංග‍්‍රීසී නමක් සහ හීනි ෆොන්ට් එකක් අපිට ඩ‍්‍රාමා එකක් ගැන දනවනවා අඩුයි. උදා විදිහට වට් අ නයිස් කපල් කියන එක සිංහලෙන් තික් ෆොන්ට් එකකින් පාවිච්චි කළා නම් ඒක නාට්ටියක් කියල අපිට හිතවන සංවේදනය වැඩියි. හැමෝමව සම්බන්ද කරගනිමින් නාට්ටිය ගැන කරපු එෆ්බී කැම්පේන් ඉතාම හොඳ ඒවා වෙන අතරෙම මේකට  ඕනකරන නාට්‍යමය හැ`ගීම දෙන්න ඒ කැම්පේන් එක ඇතුලෙ අතපහු වෙලා තියෙනවා කියල මට හිතෙනවා.

මේක මොන විදිහකින් හරි මට මිස් වුනා නම් මං ජීවිතේ අතපසුවීමක් කළා කියල පසුතැවෙන වර්ගයේ නාට්‍යයක්. නයිස් කපල් මාව පුදුමයට පත්කළා. ඒ චරිත, ඒ දෙබස්, අතිසියුම් හැ`ගීම් කලාප උඩ ක්‍රොස් වෙන පිටපත, නාට්‍යමය විකාරසහගත බව නැති සජීවී රංගනය ආදී ගොඩක් දේවල් මාව අමන්දානන්දයට පත් කළා.

 අලූතෙන් නාගරික මධ්‍යම පාංතික ජීවිතයට පුරුදු වෙන මේ තාරුණයේ කතාව ලංකාවෙ වේදිකාව උඩට ගෙනාපු පළවෙනි වතාව. මං මේක දකින්නෙ පසු නූතන තාරුණ්‍යය ගැන තේමාවක් විදිහට. අපි මෙච්චර කාලයක් අලූත් තරුණයා ගැන කතා කරමින් හිටියෙ පරණ හැඩයක් ඇතුලෙ. ඒ තරුණයා ඩෙනිම් ඇන්දට,  කතා කරන්නෙ, හිතන්නෙ සහ ජීවත් වෙන්නෙ අපි මේ ජීවත්වෙනවට වඩා දශක ගානක් එහා පැත්තෙ. මේ නූතනවාදී සිතීමේ රාමුවෙන් එහාට ජීවිතේ ටච් කරන්න පුළුවන් ස්පේස් එකක් චාමර අල්ලගන්නවා.

මෙතනදි පෙම්වතිය නැත්තම් බිරිඳ ගෙදර ඉන්න කෙනෙක් වෙන අතරෙ පෙම්වතා නැත්නම් සැමියා ඇඞ්වර්ටයිසින් වගේ කලාපයක වැඩ කරන කෙනෙක්. එතකොට පෙම්වතිය එලිය දකින සම්පූර්ණ කවුළුව වෙන්නෙ මේ පිරිමියා. ඒ හින්දම ලොකුකමේ වගේම ඇගේ ඉරිසියාවෙ, සැකයෙ වස්තුව වෙන්නෙත් මේ පිරිමියා. ඒ අතරෙ පිරිමියාගෙ ලෝකෙ වෙනම අර්බුද කට්ටලයක් තියෙනවා. වාත සිංහල බෞද්ද පන්නයේ බොස් කෙනෙකුගේ සෙල්ෆ් බූස්ටර් එක විදිහට කටයුතු කරන එක, ක්ලයන්ට්ලාගෙ බිස්නස්වලට අමතරව අනිත් පවුල් ප‍්‍රශ්නවලටත් සර්වසින්ග් කරන්න වෙන එක, සහ මූලිකවම තමන්ගේ අරාජික තාරුණ්‍යය මිස්වීමේ ගැටලූව. ඒ කියන්නෙ ඒ අරාජිකත්වය විසින් තමන්ට ලබාදුන් අනන්‍යතාවය හෝ පෞර්ෂය කියන එක මේ ගිවිසුම්ගත ලෝකය ඇතුලෙ අහිමි වෙන එක.

පෙම්වතිය සමග ගත කරන පවුල් බුබුළ ආරක්ෂිතව තියාගන්න එයාට සිද්ද වෙනවා සමහර එයාගෙ ජීවිතේ සමහර ප‍්‍රවෘත්ති ගෙදර ඇතුලෙ වාරණය කරන්න. ඒත් පෙම්වතිය තමන්ගෙ සීමාසහිත ලෝකෙ ඇතුලෙ සියල්ල පෙම්වතා සමග බෙදා ගනිමින්නෙ පුදුම උනන්දුවකින්. ඈ ඒ වගේම පෙම්වතාගෙ අසීමිත ලෝකෙ සියල්ලත් තමන් හා බෙදාගත යුතුයි කියල විශ්වාස කරනවා. 

වට් අ නයිස් කපල් කියන්නෙ මේ ලෝක දෙක එක්ව සාමකාමීව පැවතීමේ සොඳුරු අර්බුදය. චාමර ඒක හරිම සංයමයකින් වගේම ඉතාම දුර්ලභ විදිහෙ විස්තර ඇතුව ගොනු කරනවා. මේ පෙම්වතියට වීස් එක තියෙන එක වගේ පුංචි කාරණාවලින් පවා මේ චරිතවල ස්වභාවය ගැන හැ`ගීම් දැනීම් නිර්මාණය කරනවා. සමහර පුංචි ඞීටේල්වලින් මේ නාට්‍යය අපේ වේදිකාව හිරවුන එක සෞන්දර්යවේදයක සීමාවල් කඩාගෙන යනවා කියල මං හිතනවා. උදා විදිහට මේ චරිත ගොඩනැංවීමේදි පෙම්වතාගෙ පුකට පයින් ගහන පෙම්වතිය අපි කලින් දැකලා නැති වේදිකා චරිතයක්.

ඇනිවර්සරිය කියන්නෙ කේක් ගෙඩියක් කියල හිතන එක වුනත් මේ අලූතෙන් මධ්‍යම පාංතික ජීවිතයට අතපොවපු තාරණ්‍යයේ හැඩය හරිම ලස්සනට ටච් කරන තැනක්. ඒක ෆැබ් එකේ කේක් එකක් වෙන එක එතනදි අයිකොනික්. ඇඞ්වර්ටයිසින් වගේ ෆීල්ඞ් ඇතුලෙ ලේසියෙන්ම සිද්ද වෙන පංති සංස්කෘති මාරුවත් එක්ක, එයින් පිටත වෙනම කලාපයක ජීවත්වෙන බිරිඳක් බැලන්ස් කරන්නෙ කොහොමද කියන අර්බුදය වගේ සංකීර්ණ තේමාවක් චාමර මේ නාට්ටිය ඇතුලට ගේනවා. ඒක හරිම අමාරු වැඩක් කියලයි මං හිතන්නෙ. වට් අ නයිස් කපල් ඇතුලෙ තියෙනවා සිංහලෙන් ඇඞ්වර්ටයිසින් වලට ආපු හැමෝගෙම කතාව.

මේ දෙන්නා විඳවන්නෙ දෙන්නාගෙ ලෝක දෙකක ප‍්‍රශ්න. ඒත් හැ`ගීම්වලින් විතරක් ඒ ප‍්‍රශ්න සමපාත වෙනවා. පෙම්වතිය ඇගෙන් දේවල් හැංගීම ගැන අහද්දි පෙම්වතා කියන්නෙ බොස්ගෙන් හම්බුවෙන චාටර් එක ගැන. ඒත් මේ ලෝක දෙක එකට පිහිටන තැන නාට්ටිය අවසානයෙදි එනවා. ඒ තමයි ආර්තිකය. ඒ කාරනේදි මේ ලෝක දෙකේම ප‍්‍රශ්න සියල්ල අත්හැර එකගතාවයකට එනවා. හෙට රස්සාවට යන්න  ඕනි.. ඒ තීරණයෙන් ආයිමත් ආදරය, එකට හිඳීම ආරම්භ වෙනවා. කවදාහරි නිදහස හොයාගෙන  ඕස්ටේ‍්‍රලියාවට යනකල් ඒක එහෙමයි. එහෙ ගිහිල්ලත් බලාපොරොත්තුව පැටියෙක් හදන්නයි.

මේක නාට්ටියෙ කෙලින්ම කියවෙන්නෙ නැති වුනත් මට හිතෙනවා හරි ආතල්ජනක ඇත්තක් මේ නාට්ටිය ඇතුලෙ තියෙනවා කියල. බාහිරින් කොයිතරම් පංතිය මාරු කළත් තමන් විසින් තෝරාගන්නා බිරිඳගෙන් හෝ සැමියාගෙන් ඇත්තට කෙනෙක් දරන සංස්කෘතිය එලිදරව් වෙනවා කියන එක. ඒක ටිකක් සාහසික කතාවක් වුනත් හොඳ අයිරනි එකක්.

වට් අ නයිස් කපල් නාට්ටියෙ රංගනය විශිෂ්ටයි. විශේෂයෙන්ම කල්හාරිගෙ. ඒක මයිල් කෙලින්වෙන තරමෙ තාත්වික රංගනයක්. ජොයින්ට් එකක්වත් නැතුව හිටපු මට කීපවතාවක්ම ඇස්වලට කඳුළු ගේන තරමට ඒක වැඩකළා. කිසිම දෙයක් දිගක් පළලක් ඇතුව නොතේරෙන, සීමිත ලෝකයක ජීවත් වෙන පෙම්වතියගේ අහිංසකකම දනවන්න ඒ ඇක්ට් එක සමත් වුනා. මං හිතන්නෙ ඒක නිර්මාණයක ‘මියුස්’ කෙනෙක් හින්දම එකතු වෙන පණක්. චාමරට අවශ්‍ය දේ හිතනවටත් වඩා එහායින් දෙන්න කල්හාරිගෙ තේරුම් ගැනීමට පුළුවන් වෙනවා. කොල්ලාගෙ චරිතයත් ප‍්‍රශස්ත මට්ටමක තිබුනත් තාමත් වේදිකාමය ලක්ෂණ ඒක ඇතුලෙ පෙනුනා කියලයි මං හිතන්නෙ.

ඒ වගේම චාමර පාවිච්චි කරන වේදිකා තාක්‍ෂණ ප‍්‍රයෝග කීපයක් තිබුන. ඒවා හරිම අලූත් වගේම දැනෙනසුලූ ඒවා. ඇඳ උඩ ඉඳන් ටීවී බලද්දි මූන උඩ පාට මාරු වෙන හැටි, වේදිකාවෙ බිම ඉඳන් ආරධනා සිංදුව කියන හැටි වගේ දේවල් ඇ`ගකිලිපොලා යන තරමෙ වැඩ. මං ඇත්තටම පුදුම වෙනවා මීට කලින් වේදිකා නාට්‍යය ගැන හොඳින්ම දන්න අය මේ ගැන ලියපු කිසි දෙයක් මට කියවන්න නොලැබුන එක ගැන. වට් අ නයිස් කපල් කියන්නෙ වට් අ ඩිෆරන්ස් කියන්න පුළුවන් තරමෙ නාට්ටියක්.

ඒ වගේම සිංදු නැටුම් විශේෂ විනෝදාස්වාදන කිසිම දෙයක් නැතුව නාට්ටිය අන්තිම වෙනකල් තිතටම ගලාගෙන යනවා. මේ දෙන්නාගෙ කතාවෙන් අපිට ගැලවෙන්න බැරිවෙනවා. මියුසික් වුනත් නිකම් නෝට් කීපයක මොනොටනස් බවක් විතරයි. ඒත් මූඞ් එක අවසානය දක්වාම ඉන්ටෙන්ස්.

අන්තිම හරියෙදි ආපහු චාමර පොඞ්ඩක් වාමාංශික කෑල්ලකට යනවා කියලයි මං හිතන්නෙ. කොල්ලා තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල බයවෙන එක, තමන් හෙලූවෙන් කියල හිතන එක වගේ තැන් ටිකක් වැඩියෙන් පාවිච්චි වුන වමේ මනස්ගාත.

අවසානය මේ තරම් ඩිප්‍රෙස් තැනකින් නැතුව හියුමර් වගේ තැනකට ගියානම් හොඳයි කියලයි මං හිතන්නෙ. කොයිතරම් දරණු අවපාතයකින් නාට්‍යය කෙලවර වෙනවද කිව්වොත් පුටුවෙන් නැගිටගන්නත් ටිකක් වෙලා ඉන්න වෙනවා. ඒ වෙනුවට පොඩි සැහැල්ලූවක් ඉතුරු කරන්න පුළුවන් වුනානම් පේ‍්‍රක්‍ෂකයෙක් විදහට මං චාමරට ස්තුතිවන්ත වෙනවා. ඒත් මේ තෝරාගැනීම චාමරගෙ නිර්මාණාත්මක අයිතිය.

මේ අංශූමාත‍්‍ර ඩ්‍රොප්වීම් තිබුනත් ඒවා නොසැලකිය හැකි තරම් ඒවා. ඒක හරිම ලේයර්ඞ්, මිනිමල්, සිම්පල් ඒත් ඇතුලට ගැඹුරට කැපෙන වැඩක්. කෙටියෙන් මගතොටේදි යාලූවෙක් ඇහුවොත් මගේ රිවිව් එක වෙන්නෙ,
වට් අ නයිස් කපල් කියන්නෙ පට්ට වැඩක් මචං කියන එක විතරයි.

-චින්තන ධර්මදාස

5 comments:

  1. චාමර ලංකාදීපෙට කියල තියෙනවා අපි ඉන්නෙ ධනේෂ්වර රැවටිලිකාර සමාජයක කියලා.. ඒ කියන්නෙ එයාට පවතින ක්‍ර‍මයට විවේචනයක් තියෙනවා කියන එක.. ඒ අර්ථයෙන් චාමර වාමාංශිකයි.. ඒ වුනාට ඔයා ධනේෂ්වර සමාජයට ආසයි

    නිකං හිතන්න පොඩ්ඩක්.. ඔන්න දැං වාමාංශිකයෙක් ඔයාට මාර ආස හිතෙන නාට්‍යයක් හදලා..

    චාමරගෙ වාමාංශික කමයි චින්තනගෙ ලිබරල් චින්තනයයි දෙකම සැක කරන්න පුළුවන් යතුරක් මෙතන තියෙනවා.. පුළුවන්නං හොයා ගන්න

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මචං චාමර:

    ඇත්තටම කිව්වොත්, උඹ ඇඩ්වටයිසින් වලට ආවට තාම හරියටම පත්තියං වෙලා නෑ. උඹට එහෙම වෙන්නත් බෑ. උඹ සිඩේටිව් ඉංජෙක්ෂන් එක හරියටම වැදිච්ච නැති හිටපු ගමන් හපා කන්න පුලුවන් බලුපැටියෙක් වගේ. උඹව යාලුවෙක් හැටියට පිලිගත්තට මට උඹ ගැන තියෙන හැගීම හරියටම කියන්න විදිහක් නෑ නිදහසේ.

    උඹේ නාට්ටිය ඇතුලෙත් එහෙම මොනව හරි වාමාංශික කුනු ගොඩක් ගෙනත් ඇති කියලා මට මුල ඉදන්ම හිතුනා.ඒත් මං වගේ එකෙක් ඒක බැලුවෙ නෑ කිව්වොත් ඒක ඕනවට වැඩියි. උඹේ නාට්ටියට ඉංග්‍රීසි නමක් දැමීමම ගත්තත්, ඒකෙ ෆොන්ට්එක, ආර්ට්වර්ක් එක තේරීම වගේ දේවල් ගත්තත් යැපීම වෙනුවෙන් උඹ වැදිලා ඉන්න සංස්කෘතියට උඹේ තියෙන ආගන්තුකකම එලියට දානවා. මට වගේ ඒවා කරෙක්ට් කරන්න කෙනෙක් උඹට නැති බවත් මම දන්නවා. ඒ නිසා උඹට හරියටම කරෙක්ට් වෙන්න අමාරුයි මේ සංස්කෘතියෙදි. බාහිරින් පන්තිය මාරැකලත් සංස්කෘතිය මාරැ නොකිරීම කියලා මම අදහස් කරන්නෙ මේ ගෙදරින්ම එන කරෙක්ට් කිරිල්ල. මට තියෙන ඒ වාසිය උඹට ඒක නෑ. උඹ එතනදි ෆේල්. එහෙම නැත්නම් උඹ එතනදි හරියට මාරැව තක්සේරැ කලේ නෑ. උඹ අවංක වැඩියි එහෙම තැනකට.

    ඒත් උඹලා වගේ දෙපැත්තටම කැපෙන දෙපැත්තම බැලන්ස් වෙන අය පිලිකුලෙන් හරි මට තියා ගන්න වෙනවා. ඒ නිසා උඹේ ක්‍රමය විවේචනය වගේ ගොං කෑලි ටිකට පොඩි ටොක්කක් එක්ක මං පොඩි බටර් විවේචනයක් දෙන්නං. හැබැයි උඹ හරියටම මේ දෙපැත්ත කැපෙන තැන දැලි පිහිය උඩම හිටපන් සිකියුරිටි කෙනෙක් වගේ. ඒකට හරියන අවංකකමයි දෙගිඩියාවයි කියන පත ගංකබර කෑල්ල උඹට තියෙනවා උපතින්ම. මේ අදහස් ටික මං වෙන වචනවලින් දෙන්නං හිපොක්රිටිකල් ලෙසටම. ජය!

    ReplyDelete
  4. හා හා!!!

    චාමර/චින්තන වට් අ නයිස් කපල්!!!!!

    චින්තන ඉල්ලන සැහැල්ලුව චාමර චින්තනට දීලා නැත.

    හැම තැනකම තමන්ට එන විවේචන සහ විදර්ශනලගේ ගොන් කෑලි ෆේස්බුක් දාන චින්තන, පුළුවන්නම් දාන්නකො ඔය ජයවේවාගේ විවේචනයත් නිර්භයව ෆේස්බුක්!

    ReplyDelete
  5. රිවීව් එක කියෙව්වේ නෑ මොකද නාට්‍යය බලන්න ඕනෙ හින්ද නාට්‍ය බලලා මං මේක කියවනන්න එනව බලල පස්සෙ මේක කියවලා මං මේකට උත්තරයක් දාන්නම්

    ReplyDelete