Thursday, July 20, 2017

ක්ලියෝපැට්රා මාරයිද?



පැරා ලියන ගොඩක් දේවල්වලට මං එකගයි. ලංකාවෙ වමේ විද්වත් බහුතරයකට නැති විදිහෙ විවෘත දැක්මක් පැරාට ගොඩක් දේශපාලන කාරණා ගැන තියෙනවා. ඒත් සමහර සංස්කෘතික, මාධ්‍ය භාවිතා ගැන පැරා සදාචාර විනිශ්චයකට යන බවක් පේනවා. ඒක මං හිතන්නෙ සමාජීයව නරක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන් භාවිතාවක්.

මොකද සදාචාරය කියන එක පුද්ගලයා අනුවත් කාලය අනුවත් අතිශයින්ම සාපේක්ෂයි. හැමතිස්සෙම මේ සදාචාර සීමාවන් හිතුවක්කාර විදිහට තරණය කරන අපරාධකාරයින් තමයි ඊළ`ග මොහොතේ සමාජය වඩා පරිණත සහ විවෘත කරන්නෙ.

මං මේ කියන්නෙ පැරා ඉරාජ්ගෙ ක්ලියොපැට්රා ගැන ලියපු ලිපිය පදනම් කරගෙන. ඊට කලින් දරුවන් වෙනුවෙන් යම් යම් නාලිකා බ්ලොක් කිරීමක් ගැනත් පැරා ලියලා තිබුන. මං ඒකට එක`ග නැති වුනත් ඒක තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත. ඒත් ක්ලියොපැට්රා ගැන ලියමනේදි පැරා සමාජයට කියනවා ඉරාජ් විසින් වපුරන ස්ත‍්‍රී පීඩකත්වය, ප‍්‍රචණ්ඩත්වය වගේ කරුණු අරඹයා මැදිහත් වෙන්න කියල. වෙන විදිහකට කිව්වොත් මට ඒ ලියමන ඇතුලෙ දැනෙනවා වාරණයක් ඉල්ලා සිටීමක් වගේ දෙයක්. සමහර විට මං වැරදි වෙන්න පුළුවන්.

මං දකින විදිහට චිත‍්‍රපටියක්, සිංදුවක්, කවියක්, චිත‍්‍රයක් කියන  ඕනම දෙයක් ෆැන්ටසියක්. නිශ්චිතව යතාර්ථය එක්ක ගැටගැහීමක් යෝජනා නොකරන  ඕනම ආර්ට් එකක් හදන්නෙ ෆැන්ටසි අවකාශයක්. පෝර්න් කියන්නෙ ෆැන්ටසියක්. ඒත් සමහර ස්නෆ් පෝර්න් එනවා ඒ වෙනුවෙන් ඇත්තටම තව ජීවිතයක් මත ප‍්‍රචන්ඩත්වය මුදාහරින. අන්න ඒ වගේ තැනකදි ඒ නීතිය හෝ සමාජය හෝ පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම අවුලක් නෙමෙයි. ඒත් ඒ සම්බන්ධ කෘතියට විරුද්දව බලය පාවිච්චි කරනවා කියන්නෙ ප‍්‍රකාශනයේ නිදහස ගැන ප‍්‍රශ්නයක් වෙනවා. උදා විදිහට සයිබීරියන් ෆිල්ම් කියන චිත‍්‍රපටිය ආර්ට්පීස් එකක් වෙන්නෙ ඒ හින්ද. මොනම හේතුවක් හින්දවත් ප‍්‍රකාශනයේ නිදහස වාරණය වෙනවා කියන්නෙ ඒක අපි අපිවම සීමාකර ගැනීමක්.

ඉරාජ් කරන්නෙ මොනවා හරි විකුණලා සල්ලි හම්බුකරන්න ට‍්‍රයි කරන එක. සිංදුවක් මියුසික්වලින් හෝ ලිරික්ස්වලින් හිට් කරගන්න බැරි තැනදි එයා කරන්නෙ රෙදි ගලවන එක. මට ඉරාජ් තමන්ගෙ වැඬේ කරන අරමුණ අදාල වෙන්නෙ නෑ. මට අදාල වෙන්නෙ ඒ වැඩෙන් මාව යම් කම්පනයකට, තල්ලූ කිරීමකට ලක්කරනවද කියන එක විතරයි. මං ඒක දිහා බලන්නෙ ඉරාජ්ව ඉරේස් කරලා. මට හිතෙන විදිහට චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක ආර්ට්වලට අදාල නෑ.

ඉරාජ් කරන්නෙ පොප් වැඩක්. එතනදි සෙක්ස් වගේම ධම්මපදයත් එයා එක විදිහට පාවිච්චි කරනවා. රෙදි ගලවනවා වගේම සිවුරු අන්දනවා. මං හරි කැමති දෙයක් තමයි සදාචාරයයි අපචාරයයි කියන දෙකම එයා එක වැඩක් ඇතුලෙ විකුනන එක. ඒක මං හිතන්නෙ ලංකාවෙ ආර්ට්වල හරි ඉන්ටරෙස්ටින්ග් තැනක්.
විශේෂ කාරණයක් වෙන්නෙ ඉරාජ්ගෙ ක්ලියොපැට්රා වලට විරුද්ද වෙන්නෙත් සාමාන්‍ය සිංහල බෞද්ද ජනතාව නෙමෙයි. ගොඩක් විකල්ප අයගෙනුයි වැඩියෙන් බැනුම් අහන්නෙ. සදාචාරය වෙනුවෙන් රෙදි උස්සන් එන්න  ඕන බෞද්ද බහුතරය වෙනුවට යම් විකල්ප කියවීමක් තියෙන අය ප‍්‍රකාශනයක සදාචාරය වෙනුවෙන් මැදිහත් වෙන එකම ටිකක් අමුතුයි. සමහර විට මේ විරෝදය එන්නෙ ඉරාජ්ගෙ අමු විකිනිල්ල එක්ක තියෙන අප‍්‍රසාදය නිසාම වෙන්නත් පුළුවන්. ඒත් ලෝකෙ ගොඩක් විශිෂ්ට දේවල් නිර්මාණය වෙලා තියෙනවා සල්ලි හොයන පරමාර්ථය නිසාම. දොස්තයෙව්ස්කි පවා පොත් ලිව්වා සූදු කෙලින්න සල්ලි හොයාගන්න.

ඉරාජ්ගෙ ක්ලියොපැට්රා විෂුවල් වැඬේට මං කැමතියි. ඒකෙන් ඊජිප්තු ක්ලියොපැට්රා වෙනුවට මට  ඇහෙන්නෙ ක්ලියොපැට්රා නයිට් ක්ලබ් එකේ නම. නයිට් ක්ලබ් එකක ආශාවන් වෙනුවෙන් වැයවෙමින් මුදල් උපයන ගැහැණියක් මුහුණ දෙන ඛේදවාචකයක් තමයි ක්ලියොපැට්රා කියන්නෙ.
නයිට්ක්ලබ් එකේ දකින ඒ ගැහැණිය ඇඳේදි මේ වගේ ඇති කියල මවාගන්න සල්ලාලයෙක් ඉන්නවා. ඒ සල්ලාලයා විදිහට තෝරගෙන තියෙන මූණට මං ගොඩක් කැමතියි. අනංමනං වැඩිය කියන්න  ඕන නෑ, ඒ මූනෙම තියෙනවා පාපය.

සරාගී විදිහට රාත‍්‍රියේ මුනගැහෙන ගැහැණුන් ගැන අවලං හීන දකින එක ලංකාවෙ සාමාන්‍යයක්. කොට ගවුමක් වුනත් ඇති ගැහැණියක් ගණිකාවක් කරන්න. ඒක සල්ලාල අපරාධකාරයන්ට වගේම පොලිස්කාරයන්ටත් පොදුයි.  ක්ලබ් එකේ රාගී දෑසින් දකින, දුවෙක් එක්ක තනිව ජීවිත අරගලයක යෙදෙන මේ ගැහැණිය, බීඞීඑස්එම් වස්තුවක් විදිහට සළෙල මනසක පරිකල්පනය වෙනවා.

ෆැන්ටසිය සහ යතාර්ථය අතර බෙදීමක් නොදන්නා මේ නොදියුණු පිරිමියා බලහත්කාරයෙන් තමන්ගේ ෆැන්ටසිය මේ ගැහැණිය ලවා නිමවාගන්න හදනවා. ඒ උත්සාහය අවසන් වෙන්නෙ ඝාතනයකින්. ඒක වටේ යුක්තිය ඉටුවීම, හොල්මන් සහ අද්බූත ජවනිකා වගේ කීපයකුත් තියෙනවා. බීඞීඑස්එම් ෆැන්ටසියක් ලංකාවෙ සාමාන්‍ය ගැහැණියකගෙන් ඉටුකරගන්න ගිහින් ඒක මිනීමැරුමක් දක්වා යන එක මරු තේමාවක්. ඒ කතාව ඉරාජ් හදන්නෙ කොටස් දෙකකට. එකක් මේ ගැහැණිය ශෘංගාරකරණයෙන් අපේ ආශාව පුබුදු කරන කොටස. අනෙක යුක්තිය ඉටුවීම හරහා අපරාධකාරයාට ද`ඩුවම් ලැබෙන කොටස. මං කලින් කිව්වා වගේම මේ දෙකම එකම ආශා වේදිකාවක ක්ලියොපැට්රා ඇතුලෙ විකුණනවා.

ඇත්තටම ගත්තොත් ලංකාවෙ ශෘංගාරය යම් මට්ටමකින්, ලස්සන විදිහකට සමාජගත කිරීම සිද්ද වුනේ සිනමාවෙන් නෙමෙයි, ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ වලින්. වෙන රටවල නිෂ්පාදිත අනුරාගී සිහින පාට පාටින් ලාංකේයකරණය කරන්න ඉරාජ්ට පුළුවන් වුනා. ඒවා නිසා ලංකාවෙ ශෘංගාර විෂුවල් කලාපය හොඳ විදිහකට වර්ධනය වුනා. (නැත්තං අපිට තිබුනෙ ඇගේ වෛරය ගනයෙ ශෘංගාර කලාවක්)

ප‍්‍රචණ්ඩත්වය ෆැන්ටසියක රසවිඳින්න මං කැමතියි. ඒක හින්දම රාම් ගෝපාල් වර්මාට මං ගොඩක් කැමතියි. හොලිවුඞ් ෆිල්ම් එකකටවත් බෑ රාම් ගෝපාල් වර්මාගෙ වයලන්ස් ෆැන්ටසියක චමත්කාරය මවන්න. ඉරාජ් ක්ලියොපැට්රා එක්ක සමහර තැන් ආර්ජීවීට ගොඩක් කිට්ටු තරමට නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇචීව්මන්ට් එකක්.

සදාචාරය වෙනුවෙන් ෆැන්ටසි සීමා කරන්න  ඕන නෑ. ෆැන්ටසියක් මාර වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. ඒත් හැම ෆැන්ටසියකටම අනෙකාට හිංසාවක් නැතුව ප‍්‍රකාශමාන වෙන්න නිදහස තියෙන්න  ඕන. මිනිස්සුන්ට පුළුවන් අකමැති නම් නොබලා ඉන්න. බලලා බනින්න. පොඩි උන්ට නොපෙන්නා ඉන්න. ඒත් කිසිම ෆැන්ටසියක් සදාචාර විනිශ්චයකට ලක්වෙලා වාරණයට හෝ තහනමට ලක්වීම නොවිය යුතු දෙයක්.

9 comments:

  1. රාම් ගෝපාල් වගේද ක්වින්ටන් ටරන්ටිනො

    ReplyDelete
  2. පැරා කිව්වේ මතුගම අගලවත්තේ අජිත් පී ජයසිංහ කියන ගොඩයා ගැනද? එයා දැන් මැරිලා ඉන්නේ. ඒත් එයා දන්නේ නෑ එය දැන් මැරිලා කියල. අනේ කවුරුහරි එයාට කියන්න එයා දැන් මැරිලා ඉන්නේ කියලා.

    ReplyDelete
  3. ඉහත දක්වා ඇති ඇනෝ කොමෙන්ටුම දමා ඩොක්ටර් රුවන් මහණ වීමට යන බව කියා ඇත්තේ ප්‍රාජේ නමැති පුද්ගලයායි. ඔහුම ඇනෝ දමා, ඉන්පසු ප්‍රොෆයිල් එකෙන් පැමිණ එයට උත්තර බදී. හොදින් ලියනා බ්ලොග් අල කිරීම මොහුගේ අරමුනයි.

    මෙම පුද්ගලයා මිට පෙර මෙවැනි අති නින්දිත වැඩක් විචාරක ලෙස බ්ලොග් ලියු අභාවප්‍රාප්ත මේජර් ගුණරත්න මහතාට සිදුකරන ලදී. එතුමා ජිවිතුන් අතර සිටියදී ලියු බ්ලොග් සටහන් බොහෝ දෙනා අගය කරනා ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ වෙහෙස මහන්සි වී, ජයාරූප සොයමින්, ග්‍රැෆික් සටහන් නිර්මාණය කරගමිනින්, සිනකට පැය 18 ක පමණම බ්ලොග් ලිවිම වෙනුවෙන් කැප කෙරු අයෙකි විචාරක මහතා කියන්නේ. ප්‍රාජේ නමැති පහත් ගතිගුණ ඇති පුද්ගලයාට විචාරක මහතාට ලැබෙන ජනප්‍රියතත්වය දුටුවිට ඇසේ කටු අනිනවාක් මෙන් විය. ඔහු කරේ ඇනෝ වෙසින් ගොස් විචාරක මහතාගේ බ්ලොගයේ සහ වෙන තැන් වල විචාරක මහතාට එරහිව විවිද දෑ කියමින් ,එතුමා ලියු දෑ හෑල්ලු කිරීමයි.

    ඉතාම ගුණයහපත්, සෞම්‍ය හදවතක් තිබු විචාරක මහතා මෙවැනි දෑ නිසා දැඩි ලෙස හිතින් වද වේදනා වින්ද බව මාතලන් ඇතුළු විචාරක මහතාව ලගින් ඇසුරු කෙරු බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
    කෙසේවෙතත් විචාරක මහතා පෙනහළු පිළිකා තත්වයෙන් පෙලෙනා බව සොයාගත් විට ප්‍රාජේ විසින් නෙලුම්යාය සම්මානය රැගෙන ගොස් විචාරක මහතාට ලබා දීම තරම් තවත් උත්ප්‍රාසයවත් දෙයක් තිබිය නොහැක.

    මෙවැනි නින්දිත අතීතයක් ඇති ප්‍රාජේ නැමැත්තා දැන් අල කිරීමට උත්සහ දරන්නේ මිතිල නමැති සිසුවා විසින් විචාරක මහතා මෙන්ම ඉතා වෙහෙස මහන්සි වී රචනා කරනා වාසිතය නමැති බ්ලොගයයි. විචාරක මහතාගේ අභාවයෙන් පසු ඇතැමුන් මිතිලගේ බ්ලොගයේ අදහස් දක්වමින් කියා සිටියේ මිතිලත් විචාරක වගේ ඉතාම කැපවීමෙන් බ්ලොග් ලියනා අයෙක් කියායි. මිතිලගේ වයස සහ ඔහු අනාගතයේ බ්ලොග් ලිවීමෙන් මෙන්ම පුවත්පත් ආදියට ලිවීමෙන් ලබා ගන්නා ජනප්‍රියතත්වය ගැන කල් තබාම ඉර්ශියා කෙරු ප්‍රාජේ දැන් කරන්නේ විවිද ආගමික දේශනා කරුවන් මෙන් එහි ගොසින් ඇනෝ කොමෙන්ටු දමා මිතල ලියා ඇති දෑ වෙනුවට වෙනත් දෑ කියමින් බ්ලොගය අල කිරීමයි.

    මොහුම විවිද මිෂනාරිකරුවන් මෙන් ඇනෝ කොමෙන්ටු දමා, ඉන්පසු ඔහුව ප්‍රෝෆයිලයෙන් පැමිණ ඒවාට උත්තර බදී. ඇතැම් විටක ප්‍රොෆයිලයෙන් මුලින් පැමිණ කෝ අපේ මිෂනාරියාලුවා, එයා නැතුව මේක වැඩක් නෑ වගේ ඒවා කියා, ටික වෙලාවකින් ඇනෝ පැමිණ මිතිල ලියා ඇති දේට කිසිදු අදාලත්වයක් නැති දෑ කියයි.
    මොහු ඊයේ මිතලගේ බ්ලොගයේ කොමෙන්ටුවක් දමා මිතිලගෙන් අසා සිටින්නේ මිතිල මහන කෙනෙක් වෙන්න කැමති නැත්ද, අහවල් උන්නාන්සේ ලග කියා හිටපු චීවරධාරීයෙකුගේ නමත් කියයි.

    මේ සෙල්ලම දැන් මොහු ඩොක්ටර් රුවන්ගේ බ්ලොගයේත් පටන් ගෙන ඇත. ඇනෝ කොමෙන්ටු සහ ඒවාට ප්‍රාජේ දමා ඇති රිප්ලයි, ඒවායේ වේලාවන් බලනා ඕනෑම අයෙකුට මේවා කාගේ වැඩද කියා තේරුම් යනු ඇත.

    ReplyDelete
  4. කිසියම් කෙනෙකුට ප්‍රචණ්ඩත්වය (ෆැන්ටසියක හෝ වෙනත් ආකාරයකට හෝ) රසවිඳිය හැකි නම්, එය, එම පුද්ගලයා ගැන බොහෝ දේ තේරුම් ගැනීමට ඉඩ කඩ සපයයි. ඔහු සමාජ පිළිලයක් ද, ඔහු ප්‍රතිකාර ලබා ගත යුතු මට්ටමේ මානසික විකෘතිතාවයකින් පෙළෙයි ද, ආදී ප්‍රශ්න පසෙකින් තැබුවද, එම පුද්ගලයා ඉදිරිපත් කරන අනෙක් අදහස් අප තේරුම් ගත යුත්තේ කෙසේද යන්න වටහා ගැනීමට එය ආලෝකයක් සපයයි.

    ReplyDelete
  5. සදාචාරය කියන්නේ මොකද්ද ?මෙහෙම කියන්න පුළුවන් මිනිසා සොබාදහම වෙනස් කරමින් ඇති කර ගත් චර්යා රටා තමයි සංස්කෘතිය කියන්නේ සංස්කෘතියේ සිමාව තමයි සදාචාරය කියලා ..එහෙම නැත්තම් සමාජයේ උපරි ව්‍යුහය වගේ මොකක් හරි මගුලක් කියන්න පුළුවන් ..හැබැයි සරලව ගත්තොත් යම් රටක හෝ නිශ්චිත ජන කණ්ඩායමක චර්යා විශ්වාස වලට අනුව නොහොඳ යයි සම්මත චර්යා සදාචාර විරෝදී කියලා කියන්න පුළුවන් ..
    ලංකාවේ ඉන්නේ දෙබිඩ්ඩෝ ..අවිඥානිකව සුද්දා වගේ වෙන්න ආසා උන් සුද්දට පලු යන්න බනිනවා ...ගෙදර බුදුන් අම්මා වගේ ස්ත්‍රිය ගැන හිතනවා යයි හිතන උන්ගේ අවිඥානික ෆැන්ටසි ඕනි තරම් උන්ට ඇත්තටම ඕනි ජෙනිෆර් ලෝපස් මොඩල් ගෑනු ..ෆැන්ටසිය ඒක
    ඉරාජ් මේක දන්නවා ඉතින් ඌ ඒක මාකට් කරනවා ..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මා පුද්ගලිකව සිතන්නේ ඕනෑම සමාජයක ජිවත් වන විට වැදගත් වන්නේ කෙනෙකුගේ අදහස්, ඇඳුම් පැලඳුමෙන් සහ හැසිරීමෙන් නම් තව පුද්ගලයෙකුට හානියක් නොවීමයි.

    ඉරාජ්ගේ සංගීතය වෙත ප්‍රිය කරන්නෝ මෙන්ම අප්‍රිය කරන්නෝද වෙති, ඒ සඳහා ඒ ඇත්තන් හට අයිතියක් ඇත. නමුත් තමන් අකමැති වූ පමණින් සදාචාරය කියනා බලෙන් අතට ගත් කසයෙන් තේරුමක් රහිතව පහර දීමට කිසිවෙකුට අයිතියක් නොමැත.

    අද බොහෝ දුරට වෙන්නේ පුහු සදාචාරයක් ඉදිරියට දමා ගත් දෙබිඩි අදහස් ඇත්තවුන් තේරුමක් ඇතිව හෝ නැතිව අනිත් දෙබිඩ්ඩන්ව දැක්කීමයි ...

    ReplyDelete
  8. ප්‍රචණ්ඩත්වය හෝ වෙන ඕනෑම දෙයක් රසවිඳීම පුද්ගලබද්ධයි. ෆැන්ටසියක් ඇතුලේ ඉඳගෙන සමාජය ඉදිරියට ගේන්න ටිකක් රළු වෙන කාරණාවක් සමාජ සම්මත දේවල් එක්ක හප්පන එක නම් මරු ඉතින්.

    ReplyDelete
  9. ලංකාවට ලිදෙන් ගොඩ එන්න මේ කාලයයි

    ReplyDelete