Monday, September 18, 2017

Story Of O


ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්න මාව ඉන්ස්පයර් කළේ මීට අවුරුදු ගානකට කලින් කියවපු ස්ටෝරි ඔෆ්  ඕ පොත. පොත කියවන්නත් අවුරුදු ගානකට කලින් මං ඒ ෆිල්ම් එක බලලා තිබුන.

ඒ කාලෙ වීඩියෝ ඩෙක්වලින් ෆිල්ම් බලන කාලෙ. ගොඩක් වෙලාවට ටීවී එක තියෙන ගෙදර ඩෙක් එක නෑ. ඉතිං එකෙක් ගෙදරට හොරෙන් ඩෙක් එක පන්නගෙන ටීවී එක තියෙන එකාගෙ ගෙදරට යනවා. තව දෙන්නෙක් කැසට් පීස් එකක් ගේන්න වීඩියෝ සෙන්ටර් එකට යනවා. කොහොමටත් එතන ඉන්න එකා ටිකක් ගෑස් දානවා. අන්තිමට ඌ රෙකමන්්ඞ් කරන එකක් අරගෙන එන්න වෙනවා.

ස්ටෝරි ඔෆ්  ඕ මුලින්ම මුනගැහුනෙත් එහෙම. ඒත් අනිත් ගොඩක් සාමාන්‍ය ෆිල්ම්ස් වගේ මේ ෆිල්ම් එක ඔලූවෙන් අමතක වෙලා ගියේ නෑ. ආපහු ආපහු බලන්න හිතෙන මතකයක් ඉතුරු කළා. පස්සෙ ෆිල්ම් එක ගැන වැඩිදුර හොයන්න ගියහම ඒකෙ ඔරිජිනල් නවකතාව හම්බුනා. ඒක මට ෆොටෝකොපි කරපු ප‍්‍රින්ට් එකක් විදිහට තෑගි ලැබුනා.

ස්ටෝරි ඔෆ්  ඕ කතාව පිටිපස්සෙ තියෙනවා ඒ කතාවට වඩා ලස්සන රොමැන්ටික් කතාවක්. ඒ ඇත්ත කතාව ෆික්ෂන් එක තවත් මාර කරනවා.

මේක ඉරොටික් නවල් එකක් විදිහට පබ්ලිෂ් වෙන්නෙ 1954දි. ඈන් ඩෙස්ක්ලෝස් කියන ප‍්‍රංශ ලේඛිකාව මේක ලියන්නෙ පෝලින් රේආෂ කියන බොරු නමකින්. මුල් කෘතිය පලවෙලා අවුරුදු 40කුත් ගතවෙන කල් ඩෙස්ක්ලෝස් එයාගෙ ඇත්ත අනන්‍යතාවය එලි කරන්නෙ නෑ. ස්ටෝරි ඔෆ්  ඕ විදිහට එන්නෙ එයා එයාගෙ පෙම්වතා වුණු ෂෝ පෝලෝට ලියපු ආදර හසුන් එකතුවක් කියල ඩෙස්ක්ලෝස් පස්සෙ එලිකරනවා. ෂෝ පෝලෝ කියන්නෙ මාකස් ඩි සාද්ව ඔලූව උඩ තියාගෙන හිටපු තරුණ ප‍්‍රංශ ලේඛකයෙක්.

මේ කතාවෙ ප්ලොට් එක ගැන මං මොකුත් කියන්නෙ නෑ. ඒක කියවලා හරි නරඹලා හරිම විඳින්න  ඕන දෙයක්. මේක 1955 මාර සාහිත්‍යමය වැඩක් විදිහට සම්මාන ගන්නවා. ඒත් ප‍්‍රංශ අධිකාරීන් පොතට විරුද්දව නඩු දානවා. පොත තහනම් කරනවා. ඒත් උසාවිය තීන්දු කරනවා පොත ප‍්‍රකාශ වෙන්න නිදහස දෙන්න  ඕන කියල.

1965දි මේකෙ ඉංග‍්‍රීසි වර්ෂන් එක ඔලිම්පියා ප්‍රෙස් එකේදි අච්චු ගහද්දි නිව්යෝර්ක් ටයිම්ස් සටහන් තබනවා ඒක සුවිශේෂ සංසිද්ධියක් කියල.

විචාරකයො මේකට විරුද්දව එක එක අදහස් ගේනවා. විශේෂයෙන්ම ස්ත‍්‍රීවාදී කට්ටිය. මේ කෘතිය ඇතුලෙ ස්ත‍්‍රිය සම්පූර්ණයෙන්ම ඔබ්ජෙක්ටිෆයි වෙනවා කියන එක තමයි සද්දෙටම එන්නෙ. මේකෙ ප‍්‍රධාන චරිතය වෙන්නෙ  ඕ.  ඕඩිල් කියන නම කොට කරලා  ඕ කියන අරගෙන තිබුනත් මේ  ඕ අකුර විසින් ඔබ්ජෙක්ට් කියන එකත්,  ඕ හැඩයෙන් හෝල් නැත්තං හිල කියන එකත් හ`ගවනවා කියල සමහරු කියන්න ගත්ත. මේක ස්ත‍්‍රිය අපචාරයට ලක්කිරීම වර්ණනා කරමින් ලියපු එකක් කියල ෆෙමිනිස්ට්ලා සෑහෙන ලෙඬේ දැම්මා. මේකෙ ෆිල්ම් එක හැදුනම ඒ වෙනුවෙන් ලිපියක් පළකලා කියල ලෙ එක්ස්ප‍්‍රස් මැගසින් එක ඉස්සරහ පිකට් පවා සිද්ද වුනා.

මේ ලේඛිකාවගේ බොරු නම පස්සෙ තවත් බොරු නමකින් රිප්ලේස් වුනා. අන්තිමට ඩෙස්ක්ලෝස් මැරෙන්න ටිකක් කලින් මේ පොත තමන් විසින් තමන්ගෙ පෙම්වතාට ලියපු එකක් කියල අනාවරණය කළා. ෂෝ පෝලෝ, ඒ පෙම්වතා තමයි මේ ලේඛිකාව තමන් නොදන්නා විදිහට මේකට පෙරවදන ලියන්නෙ.
මේ පොතට ෂෝ පෝලෝ ‘හැපිනස් ඔෆ් ස්ලේවරි’ කියන පෙරවදනක් ලියනවා. පොත ප‍්‍රකාශකයෙකුට යෝජනා කරන්නෙත් එයා. හරියට කියවගෙන ගියොත් ෂෝ පෝලෝ පෙරවදන ඇතුලෙ සියුම් විදිහට උත්තර දෙන්නෙ තමන්ගෙ පෙම්වතියගෙ ලියුම්වලට.

 ඕ පෙනී ඉන්නෙ තමන්ගෙ ශරීරය සහ මනස සම්පූර්ණයෙන්ම පවරා දීමෙන් ලබන ආධ්‍යාත්මික නිදහසක් වෙනුවෙන් කියල ඩෙස්ක්ලෝස් සම්මුඛ සාකච්ඡුාවකදි කියනවා.

මේ පොත ලියන්න ඩෙස්ක්ලෝස්ට  ඕන වෙන්නෙ ෂෝ පෝලෝ කරන චැලෙන්ජ් එකක් හින්ද. මාකස් ඩි සාද් ගැන මාර එකකින් හිතාගෙන ඉන්න පෝලෝ කියනවා කිසි දවසක ගෑනියෙකුට එහෙම පොතක් ලියන්න බෑ කියල. ඩෙස්ක්ලෝස් අභියෝගය බාරගන්නවා.

ස්ටෝරි ඔෆ්  ඕ ලියවෙන්නෙ ඒ විදිහට.

හොරෙන් බලන සෙක්ස් ෆිල්ම් එකක් විදිහට අහම්බෙන් මුනගැහිලා, ඊට අවුරුදු ගානකට පස්සෙ ඒකෙ පොත හොයාගෙන ගිහින් කියවලා, ඒ කතාවෙන් නතර නොවී ඊට පිටිපස්සෙ තියෙන රොමැන්ටික් ආදර කතාව වෙනකලූත් එතනින් මගේ අතින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියවෙන තුරුත් ස්ටෝරි ඔෆ්  ඕ මාව අරන් ආවා.
මට වගේම ඬේමියන් රයිස්ටත් ස්ටෝරි ඔෆ්  ඕ වැදිලා තිබුනා.

Amie come sit on my wall
And read me the story of O
And tell me it like you still believe
That end of the century
Brings a change for you and me…


4 comments:

  1. තමුසේ සමලිංගික නේද? එතකොට ඔහේගේ කොන්ඩේ කපපු සෙක්සි කොටට අදින නෝනා සතුටු වෙන්නේ කොහොමද? ඇගිල්ල ගහගෙනද?

    ReplyDelete
  2. ඒ කාලෙ වීඩියෝ ඩෙක්වලින් ෆිල්ම් බලන කාලෙ. ගොඩක් වෙලාවට ටීවී එක තියෙන ගෙදර ඩෙක් එක නෑ. ඉතිං එකෙක් ගෙදරට හොරෙන් ඩෙක් එක පන්නගෙන ටීවී එක තියෙන (අම්මල තාත්තලා ගමනක් ගියපු ) එකාගෙ ගෙදරට යනවා. තව දෙන්නෙක් කැසට් පීස් එකක් ගේන්න වීඩියෝ සෙන්ටර් එකට යනවා කාගෙ හරි අයිඩී එකකුත් ඉල්ලගෙන, සල්ලිත් එකතු කරගෙන.. ගිහිල්ල සෙන්ටර් එකේ එකාගෙන් ඉල්ලනවා හොඳ ස්ටෝරියක් තියෙන එකක් දෙන්න කියලා (මස්කඩ නැතුව හොඳ ස්ටෝරියක් - ඒක හැමෝගෙම ඒකමතික ඉල්ලීම). ඉතින් ඌ දෙනවා හොඳ ස්ටෝරියක් තියෙන එකක්. දොරවල් ජනෙල් එහෙම හොඳට වහගෙන පටන් ගන්නව ඔන්න බලන්න. අන්තිමට මොන ඉස්ටෝරිද.. ෆාස්ට්ෆොර්වර්ඩ් කරකර සීන් ටික බලනවා. කොහේ ඉන්ස්පයර් වෙන්නද පස්සෙ කාලෙක පොත් ලියන්න ෆිල්ම් ගහන්න?

    Dimithri

    ReplyDelete
  3. ඉරාජ් ධර්මරත්න-උපුල් බද්‍ර-සමන්ත ධර්මදාස හා චින්තන වීරරත්න ලංකාවේ ධනවාදීවලේ දෘස්ටිවාදය පතුරමින් ගසා කන මන්ඩලයයි. සෙක්ස්, ආගම, අධ්‍යාපනය, කලාව

    ඒ මේක අමාරුවෙන් ලිව්වෙ. ෆේස්බුක් දාපන් ඈ... ප්ලීස්

    ReplyDelete
    Replies
    1. ඒ අඩෝ. ඉරාජ් සන්නස්ගල හොඳේ. උඹ වරද්දන්න එහෙම එපා. නිකම්ම මේක කොපි කරලා.

      Delete