Friday, November 11, 2011

Ad එකක්.



ඇඞ්වර්ටයිසින් ගැන ඔයා මොකද හිතන්නෙ?

දවසක් මං අජිත් කුමාරසිරිට කෝල් කරලා ඇහුව.

‘ලංකාවෙ ඇඞ්වර්ටයිසින් කියන්නෙ ලෝකෙ ඇඞ්වර්ටයිසින් නෙමෙයිනෙ. ලෝකෙ ඇඞ්වර්ටයිසින් වලින් සමාජෙට ගොඩක් වෙනස්කම්  එකතු කළා. ලංකාවෙ ඇඞ්වර්ටයිසින් ලංකාවෙ හොරිකඩ ජනතාව හිතන හැටියට සාපේක්‍ෂයි නෙ. ඒ අයටනෙ බඩු විකුණන්න වෙන්නෙ. ඉතිං අපේ ඇඞ්වර්ටයිසින් වල ඒ ක‍්‍රියේටිව් එක නෑ. 

ගොඩක්ම අපේ ඇඞ්වර්ටයිසින් දැන් වහල් ගතියක් :ික්ඩැරහ* පෙන්නන්නෙ. ඒකෙ පොලිටිකල් සෝෂල් ඉන්ෆ්ලූවන්ස් (බලපෑම්* බලවත් වෙලා. ඔය ඒජන්සි වල ඉන්නවනෙ ක‍්‍රියේටිව් ඩිරෙක්ටර්ස් ලා කියල කට්ටියක්. ඒ ගොල්ලො අපේ ගොන් සමාජ චින්තනයට එහා යන්න කිසිම දාර්ශනික, කලාත්මක දැනීමක් තියෙන කට්ටියක් නෙමෙයි.

ඉස්සර දවසක් මං ඒජන්සි එකකට ගියා. ඒකෙ මට දුන්නා වැඩක් පත්තරේක අකුරු ටිකක් ක‍්‍රියේටිව් විදිහකට අලවන්න. මං ඒක කළා. මේ කි‍්‍රයේටිව් ඩිරෙක්ටර් ඇවිත් මට කියනවා, මේ කොමාව දාන්න  ඕන ඔය පැත්තට නෙමෙයි..නැවතීමේ තිත් දෙකක් දාන්න බෑ... ඔය වගේ කතන්දර. මං එයාට කිව්වා,

මං මෙතනට ආවෙ සිංහල හරියට කරන්න නෙමෙයි. මේකෙ තියෙන ක‍්‍රියේටිව් කන්සෙප්ට් එක ගැන ඔයා මොකද කියන්නෙ? කියල. මට එපාම වුණා. ඒක ඒ ඒජන්සි එක අයිති අයගේ අවුලක් නෙමෙයි. අයිතිකාරයා කාමරේ ගිටාර් එකක් තියාගෙන මියුසික්වල හොඳ ටේස්ට් එකක් එක්ක ජීවත් වෙනවා. ඒත් මේ ක‍්‍රියේටිව් ඩිරෙක්ටර් ලා කොහෙන්ද එන්නෙ?’

අජිත් කියාගෙන යනවා. ලංකාවෙ ඇඞ්වර්ටයිසින් පටන් ගත්තෙ ඉහළ මධ්‍යම පාංතික සම්භවයක් ඇතුව. ඒක සිංහල බෞද්ධ කර්මාන්තයක් නෙමෙයි. ඒ හින්දම ඇඞ්වර්ටයිසින් වටා හැදුණු සංස්කෘතිය වෙනස් (මෑත කාලීනව ඒ උපසංස්කෘතියත් සිංහල බෞද්ධ පොදු ගොහොරුව ඇතුලෙ ගිලී යන්න පටන් ගත්ත*. ඒත් එන්න එන්නම බඩු විකුණන්න බාල සිංහල රසයන් දක්වා පහුබහින්න මේ කට්ටියට සිද්ද වෙනව. පොදු පහල මධ්‍යම පංතියේ අය ඇඞ්වර්ටයිසින් ඇතුලට යනවා. පොඩි පොඩි ඒජන්සි පටන් ගන්නවා. ඒවා දේශපාලන හිතවත්කම් වලින් , අඩු ගණන් වලට වැඩ කරමින් ව්‍යාප්ත වෙනව. ඉහල මධ්‍යම පංතිය විසින් ඇති කළ සංස්කෘතික අවකාශය පහල මධ්‍යම පංතියේ රජයේ සේවකයන් අතට පත් වෙන්න ගන්නව.

‘සල්ලි කීයක් හරි හොයාගන්න ඇඞ්වර්ටයිසින් කළාට කමක් නෑ. අතින් ගෙවන් උන්ට කඬේ යන්න එපා යකෝ’

ළ`ගදී මං ඇඞ් එකක් ෆේස් බුක් දැම්මම කවුද කෙනෙක් අදහස් දැක්වීමක් කරලා තිබුණ. 

‘බලපන්. අපි මේ කරන්නෙ රස්සාවක්ද? උදේ නමයට එනව. ? අට නමය වෙලා ගෙදර යනවා. සිංදුවක් අහලා පැයකින් විතර නිදා ගන්නවා. ආයිමත් උදේ වැඩට එනවා. ඇත්තටම අපි ජීවත් වෙන්නෙ පැය කීයද?’

මගේ ඇඞ්වර්ටයිසින් යාලූවෙක් මට කිව්වා.

‘ඒ පැය ගාණ උඹටම තිබුණ නං උඹ ජීවත් වෙන්නෙ කොහොමද?’

මං ඇහුව. ඒත් උගේ ළ`ග උත්තරයක් තිබුණෙ නෑ. ඒත් වැඩ කරන වෙලාව ගැන මැසිවිලි කියන ගොඩක් අය ඒ වැඩ නොකරන පැය ගාණ ගත කරන හැටි මං දැකලා තියෙනවා. 

ලංකාවෙ ඇඞ්වර්ටයිසින් ගැන ගොඩක් මගේ යාලූවන්ට තියෙන අදහස් වෙනස්. ඒ සමහර අය ඇඩවර්ටයිසින් රස්සාවක් විදිහට කරන අය. සමහර අය එලියෙ ඉඳන් ඇඩවර්ටයිසින් ගැන හිතන අය.

‘අපි කරන්නෙ පවක්’

‘අපිට අපිව නැති වෙනවා’

‘අපේ කලාව විනාස වෙනවා’

‘අපි ජනතාව රවට්ටලා ජීවත් වෙනවා’

‘අපිව හූරගෙන කනවා’

පුද්ගලිකව මේ වගේ විරෝධතා වලට අමතරව ජාතික  වශයෙන් අපේ මෙහෙම විරෝධයක් තියෙනවා.

‘අපේ සංස්කෘතිය විනාස කරනවා’

‘මිනිස්සුන්ගෙ සංසාරෙ දික් ගස්සනවා’

ඇඞ්වර්ටයිසින් ඇතුලෙ අවුරුදු  කීපයක් ගත වුණාට පස්සෙ මං නැවත මගේ ආසාව හොයාගෙන යන්න තීරණය කළා. ආපහු චිත‍්‍රපටි හදන්න මට  ඕන වුණා. උදේ ඉඳන් ? වෙනකල් බ‍්‍රෑන්ඞ් මැද්දෙ ගත කරපු ජීවිතෙන් නිදහස් වෙලා මං ගෙදර ආවා.

මට ආපහු මෙගා ටෙලි නාට්‍යයක් වගේ ලංකාවෙ සාමාන්‍ය ජීවිතේ මුණ ගැහුණ. මහින්දගේ දේශපාලනේ මුණගැහුණ. භාරත ලක්ෂ්මන්ව මුණ ගැහුණ. අපේ අම්මලව මුණ ගැහුණ. කිසිම තේරුමක් නැති හිස් වචන විතරක් පිරුණු සමාගමයන් සහ අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න බැරි සහෝදරත්වයක් මං එනකල් බලන් හිටියා. තේරුමක් නැති සංකීර්ණත්වයක් හැමදෙයක්ම වහගෙන තිබුණ. මං සමාජය එක්ක කතා කරන්න දෙබසක් නැතුව ගොළු වුණා.

ඇඞ්වර්ටයිසින් ඇතුලෙ මට විකල්ප ජීවිතයක් නඩත්තු කරන්න පුළුවන් වෙලා තිබුණ. ඒත් ඒ ජීවිතේ දරන්න පුළුවන් ඉඩක් ඇත්ත සමාජයට තිබුණෙ නෑ.

මේ කතාවට ගොඩක් අය එක`ග නොවේවි. ඒත් මං කියන්නෙ අත්දැකීමක්. ඒක අසම්පූර්ණ වෙන්න පුළුවන්. ඒත් ඒක දැනීමකට වඩා වෙනස්. ඇඞ්වර්ටයිසින් වලින් ජීවිතේට දෙන සංස්කෘතියට විරුද්ධ වෙන්න තරම් සමාජයක් හැටියට අපිට තියෙන ජීවිතය හෝ සංස්කෘතිය මොකක්ද? අපිට තියෙන මාධ්‍ය හා විනෝදාස්වාද මොනවද? අපි ඇතුලෙ තියෙන වඩාත් පුළුල් සිතීම් සහ ක‍්‍රියාකාරීත්වයන් මොනවද?

මට අනුව ඇඞ්වර්ටයිසින් කියන්නෙ ‘කල්ට්’ එකක්. ජීවිතේ වෙනස් විදිහට ගත කරන්න තීරණය කරපු මිනිස්සුන්ට තියෙන පොඩි ඉඩක්.

ලෝකෙ අනිත් රටවලත් ඇඞ්වර්ටයිසින් වලට විරුද්ධ හු`ගක් විරෝධතාවයන් මතු වෙලා තිබුණ. ඒත් ඒවා අපේ රටේ විරෝධයන්ට වඩා වෙනස්. උදා විදිහට, අවකාශය අයිති කර ගන්නවට විරුද්ධව, පරිසර බලපෑම් ගැන, මානසික පෙළඹවීම් ගැන, ජීවිතේ හැමදෙයක්ම අයිති කර ගන්නවාට එරෙහිව වගේ හු`ගක් දියුණු කාරණා වෙනුවෙන් ඒ විරෝධතා පෙළගැහිල තිබුණ. ඒකෙන් පේන්නෙ සමාජයක් විදිහට බටහිර ජීවිතයේ සංවර්ධනය. ඒ රටවල ඇඞ්වර්ටයිසින් වලට වඩා එහා විකල්ප ජීවිත නිර්මාණය කරන අවකාශයන් තියෙනව. උදාහරණයක් විදිහට ආර්ට් කියන්නෙ ඒ වගේ විකල්ප ඉඩක්. වෙනස් සංස්කෘතියක්. ඒත් අපේ ආර්ට් කරන අය මේ රටේ නියෝජනය කරන විකල්ප අවකාශය මොකක්ද?

ඇඞ්වර්ටයිසින් ඇතුලෙ උපසංස්කෘතියක් විදිහට පොදු යතාර්ථය කියන තලයෙන්  පිටරස්තරව පවතින්න උත්සාහයක් තියෙනව. ඒක වඩාත් සතුට, සරල බව මූලික ජීවිත රටාවක්. මුල් බැහැපු ගතිය වෙනුවට ඒ මත පාවීම ස්වභාවය කර ගත් පැවතීමක්. මේ හිරි  වැටුණු හෝ සරල දේ පදනම් වුණු (පැනඩෝල් පෙත්තක් හෝ පපඩමක් ගැන විවිධ පැති වලින් සිතීම* චර්යාව අපේ සාමාන්‍ය සිංහල බෞද්ධ ජීවිතයට නොපෑහීමක් තියෙනව. ඒක අපේ පොදු එකෙන් දකින්නෙ ‘සෝබන’ ‘කෘතිම’ වගේ සංදර්භයකින්.

අපේ සමාජයේ ‘ඇත්ත’ කියන දේට තියෙන්නෙ අධිතක්සේරුවක්. අපි ඒ කියන ‘ඇත්ත’ බුද්ධාගම මූලික කරගෙන හදාගත්තු හුගක් පසුගාමී භාවිතාවක්. ඒක ජීවිතයේ සතුට සහ සරල බව වෙනුවට විඳවීම සහ වේදනාව බාර ගන්න හුරු කරපු මතවාදයක්. වේදනාව, දුක නැති කිසි දෙයක් ජවීතේ විදිහට විඳින්න අපේ ලාංකීය මනසට හුරුවක් නෑ. ඒ පාවීම, සැහැල්ලූව, මරණය හෝ තමන් අහිමි වීම වගේ දැනෙන්න ගන්නවා. සාමාන්‍ය පොදු සමාජයෙන් තමන්ට දීපු අනන්‍යතාව තවදුරටත් පවත්වා ගන්න බැරි අභ්‍යවකාශයක තනි වුණා වගේ දෙයක් ඇඞ්වර්ටයිසින් ඇතුලෙ පහල මධ්‍යම පාංතිකයන් පෙළන්න පටන් ගන්නව. 

ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න ඇඞ් හදන අතරෙ ඒ ගැන විඳවන්නෙ ඒ විදිහෙ ලාංකීය හුරුවට හැදුණු මනස්. ඇඞ්වර්ටයිසින් ඇතුලෙ භාණ්ඩ සංකල්ප විදිහට, ජීවිතය විදිහට පරිවර්තනය වෙන හැටි අපි අත්දකිනව. ඒ සංකල්ප නිර්මාණයේ අපි කොටස්කරුවො වෙනවා. ඔලූව ඇතුලෙ කලින් හදපු හැම සංකල්පයක්මත් ඒ විදිහට ගොඩනැගුණු ඒවා වග අපිට ප‍්‍රත්‍යක්‍ෂ වෙන්න ගන්නව. ඒක විසංයෝජනයක් වගේ දෙයක්. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ රනිල් වික‍්‍රමසිංහට වඩා ඡුන්ද ගන්නෙ මහින්දගෙ ඇඞ්වර්ටයිසින් කැම්පේන් එක නිසා මිසක් ‘ඇත්තක්’ නිසා නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන චරිතය ඒ විදිහට කරපු නිර්මාණයක්. ඒක රංගනයක්. රනිල් වික‍්‍රමසිංහ කියල ඒ මොහොතෙ නිර්මාණය කරපු ඇඞ් එකට වඩා මහින්ද රාජපක්ෂ කියන ඇඞ් එක වැඩ කරනව. අපේ ලෙඩ රෝග, ආදරය, නිවන පවා ඒ විදිහට අපිට අලෙවි කළ සංකල්ප කියල අපි ඇතුලෙ ලිහෙන්න ගන්නව. එතකොට අපි දියවෙනව.

ඇඞ්වර්ටයිසින් වලට විරුද්ධව අපේ තියෙන පොදු විරෝධය පිටිපස්සෙ තියෙන්නෙ ලාංකීය බුද්ධාගම එක්ක ආපු පරාජිත සිතීමක්. අපි ජීවිතය කියල තේරුම් ගන්නෙ, ඇත්ත කියල තේරුම් ගන්නෙ මේ විඳවන සුළු, ඇල්කොහොල් වලට බර ‘දුක’ පිළිබඳ සත්‍යය විතරයි. ඒකෙ විනෝදය ස්වභාවයෙන්ම වාරණය වෙලා තියෙන්නෙ. එතනට අපිට ආනයනය වුණු කුහක මාක්ස්වාදයත් එකතු වෙනව. සූරා කෑම, අසාධාරණය, පොදු ජන විප්ලවය වගේ දේවල් අර පටු ආධ්‍යාත්මික මතවාදෙ දේශපාලනීකරණය කරනව. සම්මතයක් විදිහට ඇඞ්වර්ටයිසින් විරෝධය අපේ ජනතාව අතරෙ ස්වභාවිකයක් වෙන්නෙ ඒකයි.

මං චිත‍්‍රපටි හදන්න ගියා. මට එතනදි ආයිමත් මුණගැහුනෙ අපරිණත සම්බන්ධතා. කර්මාන්තයක් විදිහට අතිශය දිළිඳු යාන්ත‍්‍රණයක් ඇතුලෙ ඒ අය හිරවෙලා හිටිය. ‘ස්වාධීනත්වය’, ‘කලාත්මක ප‍්‍රකාශනය’ වගේ ආත්මීය පුද්ගල මූලික සිතුවිල්ලක අධ්‍යක්‍ෂවරු- රචකයො හිරවෙලා හිටිය. කිසි ඵලදායීත්වයක් නොදරන සදා මූසල අන්ධකාරය හැම නිර්මාණයකම ඇතිරිලා තිබුණ. අභියෝගයන් මුණ නොගැහෙණ සදාකාලික ළමා වයසක අපේ නිර්මාණ අවකාශය තීන්දු වෙලා වග මට පැහැදිලි වුණා.

‘ආර්ටිස්ට්  කෙනෙක් කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍ය නොවන දෙයක් නිෂ්පාදනය කරන කෙනෙකුට. සහ ඒ දේ අවශ්‍ය යැයි මිනිස්සුන්ට දනවන කෙනෙකුට’

-ඇන්ඩි වාර්හෝල්

මං ආයිමත් හැරුණ. චිත‍්‍රපටියක් විදිහට මගේ අදහස් සමූහයක් තිරයක් උඩට ගෙනාපු පමණින් මාව රිලීස් වෙයිද? ඒ චිත‍්‍රපටය කරන අතරතුර මාව වර්ධනය වෙන්න, අභියෝග වෙන්න තියෙන ඉඩකඩ කොයිතරම් අඩුද? ස්වයං රැුකියාවකද දැනෙන හුදකලාව මට ආපහු හැරෙන්න බල කළා. මාව නිතර අභියෝග වන, මගේ නිර්මාණශීලීත්වය නැවත නැවත පරීක්‍ෂා වෙන, ආචාර ධර්ම, නීති රීති, ව්‍යවස්ථා විනිවිදගෙන වේගයෙන් වැඩෙන සංකල්ප නිෂ්පාදනයක් විදිහට මං ඇඞ්වර්ටයිසින් ආයිමත් කියවන්න පටන් ගත්ත. 

”අන්තිම දශකයෙ මේ ලෝකෙ වෙනස් වුණු විදිහ විප්ලවකාරීයි. අද ජනතාව දැඩි ආර්ථික වෙනස්වීම්, ත‍්‍රස්තවාදී අර්බුද සහ පොදුවේ නන්නත්තාර වීමක් අත්විඳිමින් ඉන්නෙ. ලෝකය පුරාම ජනතාව ඔවුන් පාලනය කරන අධිකාරීන්ට අභියෝග කරමින් වෙනස් විදිහෙ පාලනයන් ඉල්ලා සිටිනවා. අපිට දේවල් අලෙවි කරන්න වෙන්නෙ නිකං ලිප්ස්ටික් එකකින් බලාපොරොත්තු දල්වන්න පුළුවන් අයට නෙමෙයි. බ‍්‍රෑන්ඞ්ස් වලට සිද්ද වෙනව සංවාද ඇති කරන්න, තමන්ට උවමනා දේම කියනවට වඩා. ඒ අයගෙ සැලසුම් වලට ඇලී ගැලී ඉන්නවට වඩා ජනතාව වගේම වේගවත්ව වෙනස් වෙන්න සිද්ද වෙනවා. මේ ලොකු වෙනස්කම් අවබෝධ කර ගනිමින් ලෝකය එක්ක අලූතෙන් ගණුදෙනු කරන්න අපි සංවාද අරඹන්න සූදානම් වෙන්න  ඕන

    ඞීරාජ් සිං



එතකොට අසූ ගණන් වල කොකා කෝලා වගේ කැම්පේන් ගැන මොකද හිතන්නෙ? මං අජිත් ගෙන් ඇහුව. අමරදේවත් එක්ක එකට රූකාන්තව ස්ටේජ් එකට ගෙනාවෙ මේ පොප් කැම්පේන් එකෙන් නෙමෙයිද?

‘ඒගොල්ලො කළේ පිටරට ඇඞ් මෙහේ ගහපු එක විතරයි. ඒක ඒ රටවල දියුණු කැම්පේන් එකක්. මොකක්වත්ම වෙන්නෙ නැති අපේ රටේ ඒකෙන් පොඩි පොඩි දේවල් ටිකක් වුණා. ඒත් මං කියන්නෙ ඒක වැඩියෙන් වුණේ අනූ ගණන් වලදි ඒ වෙනස කියවන්න පටන් ගත්තම කියල. දයාන් ජයතිලක ලා, දීප්ති ලා මේක න්‍යායගත කරාට පස්සෙ කියල’

ඒත් මේ න්‍යායගත වීම හැමතිස්සෙම වෙන්නෙ වාමාංශික විදිහට නේද? කොකා කෝලා වගේ කැම්පේන් එකක් සහ ඒකෙන් වෙන සමාජ වෙනස්කම් ගැන කියවන්න පුළුවන් විදිහෙ දකුණටත් හිතන්න පුළුවන් අය අපිට හිටියෙ නෑ නේද? මං ඇහුවෙ ඒ න්‍යායගත කිරීම් වල තිබුණු ග‍්‍රාම්‍ය ගතිය තාම මතක හින්ද.

‘ඔව්..  අපිට දක්ෂිණාංශික පැත්තෙ සිතීමක් තියෙන අය නෑ තමයි. එහෙම පොඞ්ඩක් හරි තිබ්බ අයත් පස්සෙ වාමාංශික පැත්තෙ ගිලිලා යනව. ලංකාවෙ ආර්ට් වලටත් වුණේ ඒකමයි’

වෙනස් හැටියට ජීවත් වෙන්නට අවකාශයක් හෝ සමාජයක් නැති අපේ වගේ රටක ඇඞ්වර්ටයිසින් කියන්නෙ මඩොල් ¥වක් වගේය. වාණිජ සහ විවිධ බාල සමාජ අර්බුද එක්ක කප්පාදු වෙමින් ආවත් තාමත් පිටස්තරයන්ට ඉඩක් එතන ඇත. අර්බුදය ඇත්තේ පොදු සමස්තයේ බාල රුචිය (දේශපාලනය* වෙනුවෙන්ම වැඩ කරන්න වෙන එකය. වඩ වඩාත් එවැනි වෙනස් ජීවිත අවකාශයන් නිර්මාණය වෙනවා වෙනුවට තියෙන එකත් ප‍්‍රශ්න කරමින් තව තවත් පොදු ඒකමිතියක් වෙනුවෙන් හැකිලෙන්න ගන්න එකය.

‘ඇඞ්වර්ටයිසින් කියන්නෙ මේ රටේ  සමාජය උඩ තීරණය වෙන්න  ඕන එකක් නෙමෙයි. ඒකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. සමාජෙ හු`ගක් වෙනස්කම ඇති කරන්න පුළුවන්. ඒකට මොකක් හරි වෙනස් දෙයක් තේරෙන මිනිස්සු ඒකට එන්න  ඕන. දේශපාලන, සංස්කෘතික බහුබූත ඇතුලෙන් රිංගලා වැඩ කරන්න පුළුවන් අදහස් එන්න  ඕන. අද ඒක වෙන්නෙ නෑ. මට මේ ඇඞ්වර්ටයිසින් ගොඬේ වගේ පේන්නෙ ඒක හින්ද ’ අජිත් කිව්ව. 

ව්‍යාපාරික කලාව කියන්නෙ කොහොමත් කලාවට පස්සෙ සංවර්ධනය වුණු අවධියක්

    ඇන්ඩි වාර්හෝල් කිව්ව.