Sunday, October 21, 2018
හඳට යන්න බය නොවන්න
ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප‍්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක් ජාති ආගම්වලට විරුද්දව කතා කරනවා මං අහලා නෑ. ගොඩක් වෙලාවට ඒ අයත් ඒ ඇබ්බැහියෙ කොටසක්. අනික ලංකාවෙ දොස්තරලා තමයි විද්‍යාඥයො විදිහට පෙනී ඉන්නෙත්. එක එක සෞඛ්‍ය වාර්තා පෙන්නමින් ඒ ගොල්ලො මිනිස්සුන්ව ප‍්‍රවේශම්කාරී ජීවිතයකට ගාල් කරන්න හදනවා. ඒක හුදු මධ්‍යස්ත කරුණු කියාදීමක් නෙමෙයි. වෘත්තීය ආධිපත්‍යය, රැුවටීම, මෝඩකම, විද්‍යාව අවිදන්‍ාව හැටියෙන් කියවීම, තග වගේ ගොඩක් කාරණා මතින් කරන දරුණු බුද්ධි පරිහානියක්. සමාජ ජීවිත කොටු කිරීමක්. ජනතාව ගොනාට ඇන්දවීමක්.
විද්‍යාව කියන එක ඕනෑම මොහොතක පරිණාමය වෙමින් තියෙන දෙයක් කියල මේ විදන්‍ාත්මක පිරිස පිළිගන්නෙ නෑ. ඒක පරම සත්‍යයක් විදිහට තමයි ඒ ගොල්ලො දේශනා කරන්නෙ. සමාජ අරගල විසින් සහ සමාජ පරිණාමයන් විසින් විද්‍යාව වෙනස් කරන වග ඒ ගොල්ලො දකින්නෙ නෑ. උදා විදිහට ලංකාවෙ දොස්තරලා කාලෙකදි කිව්වා සමලිංගික සේවනය කියන්නෙ මොලේ ආබාධයක් කියල. තව වෙලාවක කිව්වා අජිනොමොටෝ ප‍්‍රමුඛතම පිළිකාකාරයකයක් කියල. අවුරුද ගනං ටීවීවල පත්තරවල මේ පචය කෙලිනවා. මිනිස්සු බයවෙලා එම්එස්ජී නැත කියල බෝඞ් අලවනවා. ඒත් මේ වෙද්දි අජිනමොටෝ වලින් පිළිකා හැදෙන්නෙ නෑ. සමලිංගික සේවනය ස්වභාවික මිනිස් චර්යාවක්. ඒත් මේ දේවල් නැවත නිවැරදි කරන්නවත් මේ දොස්තරවරුන් මැදිහත් වෙන්නෙ නෑ. එතකොට තමන්ගේ ස්ථිතික ආගමික විද්‍යාව අභියෝග වෙන හින්ද. මේ මෑතක එක්කෙනෙක් කිව්වා කාමරංගා වලින් වකුගඩු දියවෙනවද කොහෙද කියල. තව කෙනෙක් කියමින් යනවා මස්මාළු කෑවම ජීවිතේ කොට වෙනවා කියල.
විද්‍යාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල පෙන්නන්න හදන මේ අයට විද්‍යාව මගඇරෙන්නෙ කොහොමද? සෑම පර්යේෂණයකම ඊට අදාල තාක්‍ෂණික සීමා සහ පරිකල්පන සීමා තියෙන වග ඔවුන් නොදන්නේ කොහොමද? සෑම විද්‍යාවක්ම ඊට අදාල සමාජ වපසරියේ සීමාවන් මත අර්ත කථනය වෙන යතාර්ථයට ඔවුන් අන්ධ වුනේ කොහොමද? ඒක ඉතාම සරල කාරණයක්. ඔවුන්ට විද්‍යාව ලැබෙන්නෙත් ආගමක් විදිහටම නිසා. විද්‍යාව කියන්නෙ ලංකාවට කවුරු හරි කියන දෙයක් තමනුත් කියමින් දැනුමේ ආධිපත්‍යයක් ගොඩනංවා ගන්නවාට වඩා දෙයක් නෙමෙයි. සජීවීව ඒ විද්‍යා පරිණාම ක‍්‍රියාවලියෙ අපි කොටස්කාරයො නෙමෙයි. ලංකාවෙ දොස්තරලා ගත්තොත් ඒ ගොල්ලො වෙන රටවල බෙහෙත් කොම්පැනි නියෝජිතයන්ට වඩා කිසිම වෙනසක් නෑ. ඒ බෙහෙත් හෝ රෝගයන් සම්බන්ධ පර්යේෂණ, මතිමතාන්තර, සංස්කෘතික ගැටුම් ගැන කිසි අවබෝධයක් ඒ අයට නෑ.
අපි විද්‍යාව දකින්න පුරුදු වෙලා තියෙන්නෙ ආරක්ෂාව මූලික කරගෙන. අපේ පරිස්සමට, සේෆ්ටියට තියෙන දෙයක් නිකං පාවිච්චි කරලා විද්‍යාත්මක වෙන විදිහට. අපි ඇපල් ෆෝන් එකක ඉඳන් කැන්සර් ටී‍්‍රට්මන්ට් වෙනකල්ම කරන්නෙ එච්චරයි. ඩෙංගු පැතිරිච්ච කාලෙ පැපොල් ඉස්ම දෙන එක ගැනවත් විද්‍යාත්මක මධ්‍යස්ත පර්යේෂණයක් කරන්න මේ අයගෙ ඔලූව හැදිලා තිබුනෙ නෑ. අඩුම තරමෙ ක‍්‍රමෝපායක් විදිහට මදුරුවා අත්ඇරලා රෝගියා කොටු කරමු කියන උපන්‍යාසය බාරගන්නවත් ලංකාවෙ දොස්තරලා නිහතමානී වුනේ නෑ. මේ තමයි අපේ වෛද්‍ය විද්‍යාව.
ඒත් වෛද්‍ය විද්‍යාව සහ අනෙක් සියලූ විද්‍යාවන් දියුණු වුනේ ඒ මිනිස්සු තමන්ගෙ සේෆ්ටිය පැත්තකින් තියලා කරපු තියුණු පර්යේෂණවලින්. කිසිම විදිහකට විද්‍යාව කියන්නෙ සේෆ් පාරක යන එකක් නෙමෙයි. හැම තිස්සෙම අභියෝගකාරී, අන්තරායකාරී පාරවල් වලිනුයි විද්‍යාව දියුණු වුනේ. මිනිස්සු පිරිසක් තමන්ගේ ජීවිත කැපකරමින් ඒ සොයාගැනීම් කරන්න ඉදිරිපත් වුනා. ජාතික වීරයො වෙන්න නෙමෙයි. නොනවතින කුතහලයෙන්. අවදානම් බාරගැනීමෙන්. ඒ පිම්ම ගන්න ඔවුන් නිර්භීත වුනා.
මේ දවස්වල රයන් ගොස්ලින් රගපාන ෆස්ට් මෑන් ෆිල්ම් එක පෙන්නනවා. ඒක නීල් ආම්ස්ට්‍රෝං හඳ මත අඩිය තිබ්බ කතන්දරය. අපිට හඳ කියන්නෙ මොකක්ද? කේන්දරේටයි, කවියටයි, ඉස්කෝලෙ පොතේ හඳගමනටයි වඩා අපි හඳ ගැන දන්නෙ මොනවද? ඒ රටවල මිනිස්සු තමන් සීයට අනූනවයක මිය යාමේ සම්භාවිතාවක් තියෙනවා කියල දැන දැනත් පර්යේෂණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන්නෙ එහෙම. ඒත් ඒ හඳ උඩ තිබ්බ අඩියෙන් අපි මිනිස් වර්ගයක් විදිහට යෝද පියවරක් තියනවා. අපි විශ්වයේ ඉඳන් නැවත අපි දිහා බලනවා. ඒක ලොකු වියදමක් සහ අවදානමක් දරලා අපි ගත්ත පර්ස්පෙක්ට් එකක්. ඒත් අපි හඳ දිහා බලාගෙන කේන්දර හදනවා. කවි ලියනවා. බාර් එකක ඉඳගෙන හඳට ගිය එක්ක ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරනවා. අපිට ඒ මිනිස් ප‍්‍රයත්නය මගඇරෙනවා. අපිට ඒ නොනිමෙන කුතුහලය මගඇරෙනවා. අපිට මිනිස්සු විදිහට අපි අඩියක් ඉස්සරහින් තියල ගත යුතු අවදානම මගඇරෙනවා.
මිනිස්සු එවරස්ට් නගින්නෙත් එහෙමයි. මැරෙන්න පුළුවන් වග දැන දැන. නොමැරෙන ශක්තිය තහවුරු කරන්න. රේඩියම් හොයාගත්ත මාරි කියුරි රේඩියේෂන්වලට එක්ස්පෝස් වීමෙන් ලෙඩ වෙලා මැරෙනවා. අයිසෙක් නිව්ටන් ඇසේ ආලෝක ක‍්‍රියාවලිය තේරුම් ගන්න තමන්ගේ ඇහැට ඉඳිකටුවකින් ඇනගන්නවා. හොෆ්මන් එල්එස්ඞී හොයාගත්ත ගමන් කටේ දාගෙන බලනවා. සොක‍්‍රටීස් සමාජයට අහිතකර යැයි පාලකයන් විසින් නියම කරපු අදහස් ගැන සමාව නොයැද වහ බීලා මැරෙනවා. විද්‍යාව හැමතිස්සෙම අවදානම්කාරී ඉදිරි පියවර ගන්නවා. විද්‍යාව කොයිම වෙලාවකවත් ආරක්ෂාකාරී පැරණි දෙය මත පිහිටන්නෙ නෑ.
ඒත් ඒ විද්‍යාත්මක සමාජයක ජීවත් නොවුනු අපි නිතරම උත්සාහ කරන්නෙ විද්‍යාවෙ පිහිටෙන් අපේ ලෙන්ගත ආකල්ප පරිස්සම් කරන්න. බුද්දාගම විද්‍යාත්මකයි වගේ කතා කියන්නෙ එතකොට. අපිට විද්‍යාව ආගමිකයි.
මත්ද්‍රව්‍ය ගැන කතිකාවෙදි මේ කාරණය හොඳටම කැපිලා පේනවා. කංසා නීතිගත කරද්දි විද්‍යාවෙ නාමයෙන් එහි අහිතකර තත්වයන් ගැන සීමිත පර්යේෂණ ගොනුකරනවා විනා මෙය ඇල්කොහොල් වලට වඩා හානියෙන් අඩුයි කියන එක සඳහන් කරන්නෙ නෑ. මුලින් කංසා යනු උමතුව ඇති කරන්නක්ය, අපරාධ වැඩි කරන්නක්ය ආදී වශයෙන් විද්‍යාත්මක විදිහට ඉදිරිපත් කරපු අදහස් මේ වෙද්දි වෙනස් වුනු හැටි කියන්නෙ නෑ. ඒ විද්‍යාත්මක පිළිගැනීම්වලට විරුද්ධව කෙරෙමින් තියෙන පර්යේෂණ ගැන මතක් කරන්නෙ නෑ. ඇත්තෙන්ම අවශ්‍යතාවය තියෙන්නෙ තමන්ගේ ඔලූව ඇතුලෙ කංසා ගැන තියෙන ආදිකල්පික මතය ආරක්ෂා කරගන්න. කොයිම වෙලාවකදිවත් එල්එස්ඞී යනු මෙතෙක් විද්‍යාත්මකව කිසිදු හානියක් සිදුවෙනවා යැයි සොයා නොගත් තහනම් මත්ද්‍රව්‍යයක් වග ලංකාවෙ කිසිම විද්‍යා භවතෙක් කොතනවත් කියන්නෙ නෑ. ඒ අයගෙ විද්‍යාව ආගමික සදාචාරයෙන් සීමිතයි.
ඒ වගේම සම්මත සදාචාරය අභියෝග නොකරන කිසිම මනසක් විද්‍යාත්මක නෙමෙයි. අන්න එතනදි නම් අපේ විද්‍යා ප‍්‍රවීනයන්ට බුදුන්ගේ කාලාම සූත‍්‍රයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කාලාම සූත‍්‍රය කංසාවලට ඇප්ලයි කළාම වෙන්නෙ මෙහෙමයි.
කංසා ගැන,
දිගින් දිගටම කවුරුන් හෝ කියනවා ඇහුවා කියල බාරගන්න එපා
පරම්පරාවෙන් ඉතිහාසෙන් ආවා කියල බාරගන්න එපා
ඔ්පාදුප නිසා බාරගන්න එපා
පොත්වල තිබුනා කියලා බාරගන්න එපා
හිතලා බලලා, උපකල්පනය කරලා බාරගන්න එපා.
සමාජයේ පිළිගන්න සත්‍යය කියල බාරගන්න එපා
රැුවටෙනසුලූ තර්ක නිසා බාරගන්න එපා
නිතර නිතර ඔබ විසින් සිතා බැලූ කාරණාවලට එකග නිසා බාරගන්න එපා
කාගේ හෝ ප‍්‍රභාවක්, උගත්කමක් විශ්වාස කරලා බාරගන්න එපා
ශ‍්‍රමනයෙක් හෝ කෝට්කාරයෙක් කිව්වා කියලා බාරගන්න එපා
ඔබ විසින්ම අත්හදා බැලීමෙන්, මෙය හොඳය, මෙයට අවමන් නොකල යුතුය, මෙය ප‍්‍රඥාවන්තයන්ට සුදුසුය, මෙයින් සාමය සහ සතුට පැතිරෙයි. හොඳින් පාවිච්චි කිරීමෙන් අවබෝධය ලැබීමි. යන නිශ්චයට පැමිනි පසු කංසා බාරගන්න.
මෙය කංසා සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි කිසිම දහඩියක් මහන්සියක් නොහෙලා නොමිලේම ආරක්ෂිත නිසා බාරගනිමින් ඉන්න ඕනෑම සත්‍යයක් පිලිගැනීමක් සම්බන්දයෙන් අදාලයි. ජාතියක් විදිහට අවදානමක් බාර අරගෙන අලූත් ටෙරිටරියක් උත්සාහ කර නොබලන තාක් කල් අපි මිනිස් වර්ගයා පැත්තෙන් ගත්තොත් ලෝකෙට බරක්.
Friday, October 19, 2018
කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ
කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි අරක්කු සිගරට් වගේ කිව්වම ලංකාවෙ අරක්කු සිගරට් එක්ක සංසන්දනය කරලා හිතාගන්න එක වැරදියි. එහේ අරක්කුවලට මෙහේ වගේ සදාචාරාත්මක ආගමික තහංචි නෑ. හොරෙන් හංගං බොන්න දෙයක් නෑ. පෝයට වහනවා වගේ විකාර නෑ. ගෑනුන්ට දෙන්නෙ නෑ වගේ ඩිස්ක‍්‍රිමිනේෂනුත් නෑ. ඒවා මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන සාමාන්‍ය මත්ද්‍රව්‍ය. ඒ පාවිච්චියෙන් අනුන්ට වෙන කරදර අවම කරන්න විතරක් ආන්ඩුවලින් පියවර ගන්නවා. ඒ විදිහටම කංසා ඉදිරියෙදි සාමාන්‍ය පාවිච්චියක් වෙනවා. මං දන්න විදිහට අවශ්‍ය ප‍්‍රමානය ඇනවුම් කළාම ආන්ඩුවෙන් තැපැල් කරලා ගෙදරටම එවනවා. කංසා වලින් බීම ජාති, කෑම ජාති, ආලේපන වගේ ගොඩක් අංශ දියුණු වෙනවා. අලූත් කර්මාන්ත ඇති වෙනවා. රස්සා ඉපදෙනවා.
ඒ අතරෙදි අපි පුකක් පෙන්නුවා කියලා කොල්ලො ටිකක් ඇප නැතුව හිරේ දානවා. බිකිනි ඇඳන් පාරෙ යන්න තහනම් කරනවා. අක්කර ගනං කංසා හේන් පුච්ච පුච්ච ටීවී එකේ පෙන්නනවා. අපේ මෝඩකම අපි සෙලිබ්‍රේට් කරනවා. පෙනි පෙනී ආර්තිකයක් ගිනි තියනවා.
ගැලරියේ විසිල් එකට රටක නීති ප‍්‍රතිපත්ති හදන එක නමන එක විහිලූවක්. මෝඩචූන් දෙමින් අඳබාල සමාජයක් හැටියට ලෝකෙට විහිලූ සැපයීම ගැන රටක පුරවැසියො ලැජ්ජා වෙන්න ඕන. ඒ වෙනුවට ඉදිරිගාමී ප‍්‍රතිපත්ති වෙනුවෙන් ගැලරිය දැනුවත් කරන ව්‍යාපාර අහිමි වීම ගැන කණගාටු වෙන්න ඕන. ඒත් අපේ රටේ මිනිස්සු වෙනස්. මුල් පුරවැසියා පටන්ම අපි මෝඩකම සංස්කෘතිය කරගත් ජාතියක්.
මුලින්ම රටක් විදිහට තමන්ගේ පුරවැසියන් වැඩිහිටියන් හැටියට දකින පර්ස්පෙක්ට් එකක් තිබීම වැදගත්. අපේ රටේ හැමෝම හිතන්නෙ මේ රට කියන්නෙ ළමා සමාජයක් කියල. තමන් කළ යුතු සහ නොකළ යුතු දේ ආන්ඩුවෙන් කියල දෙන්න ඕන කියල. හිතකර අහිතකර දේ ගැන දැනුවත් කිරීම් හරහා තමන්ගේ තෝරාගැනීමක් කරන්න රටේ මිනිස්සුන්ට නිදහස තිබිය යුතුයි කියන වැඩිහිටි අදහසක් ආන්ඩුවට නෑ. අනෙක් පැත්තෙන් එහෙම නිදහසක් බාරගන්න සමාජයත් බයයි. ඒ රටවල ඔහොම වුනාට අපේ රටේ නං වෙන්නෙ ලොකු විනාසයක් වගේ ලැජ්ජා නැති කතා කියන අය බහුලයි. තමන් ඇරෙන්න අනිත් හැමෝම මෝඩයි කියල හිතන සිතුවිල්ලෙන් ගහනයි.
මගේ ජීවිතයේ විඳිය යුතු දේවල් තෝරා ගැනීමේ නිදහසක් මට නැති වීම ගැන මට තියෙන්නෙ ලැජ්ජාවක්. වයස්ගත වෙනතුරුත් අවුරුදු දහඅටට අඩු පිලිගැනීමක් ලැබීම ආඩම්බරයට කාරණයක් නෙමෙයි. ඒත් රටේ බහුතරය හිතන්නෙ කවුරුන් හෝ විසින් අපිව පාලනය කරමින් යා යුතු මග කියා දිය යුතුයි කියල. දොස්තරලා, පූජකයො වගේම ආන්ඩුවත් කරමින් ඉන්නෙ මේ අප්පච්චිගෙ පාර්ට් එක.
මත්ද්‍රව්‍යයක් ගැන මං සැලකිල්ලට ගන්න ප‍්‍රධාන කාරණය වෙන්නෙ ඒ මත්ද්‍රව්‍ය වටා නිර්මාණය වෙලා තියෙන සංස්කෘතිය. උදා විදිහට හොරොයින් සංස්කෘතිය අතිශයින් විනාශකාරීයි. ඒත් කංසා වටා තියෙන සංස්කෘතිය මොකක්ද? ඒක සාමය කේන්ද්‍රීය එකක්. සෞන්දර්ය වටා නිර්මාණය වෙලා තියෙන එකක්. ආර්ට් ඉන්ස්පයර් කරන එකක්. ආදරය උපද්දන එකක්. එතකොට ඇයි එවන් සංස්කෘතියකට මෙවන් තහනමක්?
ලංකාව කියන්නෙ ආදරය තහනම් රටක්. ආයුද තියාගන්න එකට වඩා වෙරලක ලව් කරන එක වැරැුද්දක් වුනු රටක්. ඒ නිසා කංසා වගේ සංස්කෘතියක් ලංකාවට නොගැලපීම වෙන්න පුළුවන් දෙයක්.
අනෙක ලංකාව දුවන්නෙ ඇල්කොහොලික් සංස්කෘතියක. ගහගන්න, බැනගන්න, අනිත් ජාතීන් එක්ක ඇවිලෙන්න බලන් ඉන්න ආධ්‍යාත්මයක. කංසා කියන්නෙම ඒ සංස්කෘතියෙ ප‍්‍රතිවිරෝධය. බාර ගැනීම, වැළඳ ගැනීම, බෙදා ගැනීම යෝජනා කරන රසායනිකය. එතකොට අපේ ජාතිය ආගම අර්බුදයට යන්න පුළුවන්. විකුනාගත හැකි බෙදුම්වාදය ප‍්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ග විදිහට දැනට ආගමික සංස්ථාවන් ගෙනියන ප‍්‍රචන්ඩත්වයට මුලාවට මිනිස්සු විරු්දද වෙන්න පුළුවන්.
කංසා කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක්. මනස ඇතුලට නැඹුරු කරන, සිතුවිලි ගැන සවිඥානක බව වැඩි කරන ඖෂධයක්. සංස්ථාපිත ආගම් මිනිස්සුන්ගෙ ස්වයං ආගමිකත්වයට විරුද්ද වෙන එක අහම්බයක් නෙමෙයි.
ගගනගාමියෙක්, අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වුනු කාල් සේගන් කංසා ගැන මෙහෙම කියනවා.
‘කංසාවලට පනවා ඇති තහනම විකාරයක්. වේගයෙන් උමතුව සහ අන්තරාය කරා යන මේ ලෝකයට අවශ්‍යම සවිඥානකත්වය, සංවේදීතාවය සහ සහෝදරත්වය පිරුනු සාමකාමී හැගීම් වෙනුවෙන් මේ මත්ද්‍රව්‍යයේ හැකියාව පාවිච්චි කරන්න දරුණු බාධාවක්.’
කාල් සේගන්.
නාසා එකේ වැඩකරද්දි අත්සන් කරන්න සිද්ද වෙන ගිවිසුමක් එයා ප‍්‍රශ්න කරනවා. ඒකෙ තියෙන්නෙ කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරමි කියල.
‘‘අනෙක් අපරාධ එක්ක බලද්දි මේක කොහෙත්ම නොගැලපෙන තරමෙ එකක්. උදා විදිහට අපි අපේ සහෝදර කාර්ය මණ්ඩලය මරණයට පත් කරන්නෙ නෑ කියල කොතනවත් පොරොන්දු වෙන්නෙ නෑ..’’ සේගන් මේ විකාරරූපීබව ප‍්‍රශ්න කරනවා.
කාල් සේගන් දිනපතා මරිජුවානා පාවිච්චි කරනවා. අන්තිම කාලෙදි එයා පිළිකාවකින් දරුණු විදිහට පීඩා විඳිද්දි කංසා එයාගෙ වේදනාව වගේම ජීවිතේ ඉතුරු දවස් ගැන ප‍්‍රීතිමත් හැගීම් ඇති කරන්න උදව් වුන හැටි එයාගෙ බිරිඳ සටහන් කරනවා. බිරිඳගේ නම ඈන් ඞ්රුයාන්. කංසා පිළිබඳ නීති ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් වූ ජාතික සංවිධානයේ එයා සභාපතිනිය. පවුල් අතර ආදර සබඳතා වැඩිදියුණු කරන්න කංසා යොදා ගැනීම ගැන ඈන් ගොඩක් උනන්දු වෙනවා.
‘‘මට කංසා කියන්නෙ පවුලේ ආදරය වෙනුවෙන් බුද්දිමත්ව පාවිච්චි කළ යුතු සෙක‍්‍රමේන්තුවක්’’
ඈන් කියනවා.
විද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක් කියන්නෙ වඩා බුද්දිමත් ප‍්‍රතිපත්තිමය තෝරා ගැනීම් කරන එකක් කියල සේගන් විශ්වාස කළා. ඒත් අපිට කලබල වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙ කොහොමත් මෝඩ තෝරාගැනීම් කරන අවිද්‍යාවෙන් මෙහෙයවෙන සමාජයක්.
ඒ හින්ද අපි ලෝකෙ අනිත් ඔක්කොම රටවල් කංසා නිදහස් කළත් කංසා තහනම් එකම දහම් පාසැල් සමාජය විදිහට දිගටම ඉන්න ට‍්‍රයි කරමු.
කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ
විඳිනවා සිරගත දූපතක සිට
හැමදාම අපි ඉන්නෙ නීතියෙන් පිට
සාමයයි කොලපාට මුනිවරයි වරද
Friday, October 12, 2018
තනිකමට ඉඩ දෙන්න
තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස් එක ෂෙයාර් කරගැනීමේ ෆිසිකල් තනිකමක්. ඒත් තමන් කියන දේ ඇහෙන කෙනෙක් නැතිකම කියන්නෙ වෙන දෙයක්. කවුරු කොහොම ළ`ග හිටියත් කතා කරන එකේ තේරුමක් නෑ කියල දැනෙන විදිහක්. වෙන කෙනෙකුට උදව්වට එන්න බැරි වෙලාවක්. කොයිතරම් සාවධාන වුනත් අපිට දැනෙන හැගීම සින්ක් වෙන්නෙ නැති මොහොතක්. අපි සමස්ත ටෙම්පො එකෙන් එලියෙ. මිනිස් නෙට්වර්ක් එකෙන් අපේ සම්බන්දෙ ගිලිහිලා හෝ බාධාවෙලා හෝ තියෙන අමුතු අත්දැකීමක්. අපිව පෘතුවියෙන් ගැලවිලා අභ්යවකාශෙට විසිවෙලා යන හැගීමක්. අපිට ලේසියෙන්ම පුළුවන් ආපහු අල්ලගන්න දරන උත්සාහයක් ඇතුලෙ විඩාපත් වෙන්න. ඩිප්රෙෂන් එකකට තල්ලූ වෙන්න. අපේ ගැලවී යාම හිරගෙයක්, ගුලක් කරගන්න. ඊට ප්රතිවිරුද්දව අනෙක් පැත්තෙන් අපිට පුළුවන් ඒ දිහා බලන් ඉන්න. කණස්සල්ලක් නැතුව. මොකද ඒ තනිකම කියන්නෙ අපිට අපිව විතරක්ම මුනගැහෙන මොහොත. අපි අපේ ඇතුලට යන්න නියමිත මොහොත. එතනදි අපිට අපිව කොයිතරම් ප්රමානවත්ද කියන එක බලපානවා.
අපිට අපි එක්ක ඉන්න පුළුවන් වෙන්න ඕන. ආපහු ගුරුත්ව තරංගවලට සමපාත වෙනකල්. පොලොවක් මුනගැහෙනකල් අපි අපේ අභ්යන්තර විශ්වයේ සෞන්දර්යය අත්විඳින්න ඕන.
තනිකම කියන්නෙ නිදහස. ඒක එක විදිහකට රැුුඩිකල් නිදහසක්. කොන්දේසි විරහිත නිදහසක්. ජීවිතේ කිසිම දෙයක් කිසිම දෙයක් වෙනුවෙන් කැප නොකරන නිදහසක්. අනෙක් අතට අපිට ඕන නම් ජීවිතේ හැමදෙයක්ම අපි කැමති දෙයක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් නිදහසක්. මේ කොන්දේසි විරහිත තනිකම ඇතුලෙ වැදගත්ම දේ වෙන්නෙ අපි මරණයෙන් ඔබ්බට යන එක. මරණය බයක් දුකක් වෙන්නෙ ඒක ඇතුලෙ දැනෙන තනිකමත් එක්ක. කලින්ම හුරුපුරුදු තනිකමට මරණය වේදනාවක් නෙමෙයි. ඒක නින්දක් විතරයි.
වෙනදට වඩා ඉර එලිය ලස්සනයි. වෙනදට වඩා කෝපි එක තිත්තයි. වෙනදට වඩා සිංදු සංවේදීයි. වෙනදට වඩා ලෝකෙ ඞීටේල් මාරයි. සාමූහික ජීවිතය ඇතුලෙ මගඇරුනු හැම ලස්සනක්ම තනිකම ඇතුලෙන් එකපාරට ඇතුලට කඩා වදිනවා. වෙනදට වඩා පොත් එක්ක ෆිල්ම් එක්ක ඩොකියුමෙන්ටරි එක්ක ගතවෙන්න ආස හිතෙනවා. ඒ අතර වැස්සත් එලියෙ වහිනවා නම් සෞන්දර්ය අසීමිත වෙනවා.
එතකොට ආදරය.. මිස් වෙනවද?
තනිකම එබිකම් කරන හැමවෙලාවකම අපිට වැඩියෙන්ම මතක් වෙන්නෙ ආදරය. ඒකට හේතුව වෙන්නෙම අපි ආදරය හොයන්නෙ තනිකමෙන් ගැලවෙන්න හින්දයි. ඒත් ඒක තමයි වෙන්න තියෙන නරකම දේ. තනිකමේ ඉඳිද්දි ආදරෙන් හැංගෙන එක. එතකොට අපි අනිකාව පුළුවන් තරම් හයියෙන් අල්ලගන්නවා. හුස්ම ගන්නවත් බැරි තරම් තදට. අනෙකාගෙ මුලූ ලෝකෙම අපේ ඇතුලට ගන්න හදනවා. තනිකමක් ඉතුරු නොවෙන තරම් ලොකුවට. අපි නොදැනුවත්වම අපේත් අනෙකාගේත් පුද්ගලික මොහොත අතුරුදන් කරනවා. ඒක ආදරය නෙමෙයි. ඒ වෙනුවට බියපත් රෝගයක්.
ඒ වෙනුවට තනිකම අපි අපි ගැන ආදරෙන් වෙළෙන කාලයක් කරන්න පුළුවන්. අපි ගැන හිතන, අපි ගැනම පුදුම වෙන, අපේ හයිය වගේම දුර්වලකම දකින, අපිට අපිව කම්මැලි නැති කාලයක්. වෙන විදිහකට කිව්වොත් අපි ඇතුලෙම අපි සම්පූර්ණ වෙන කාලයක්. අපිට අපිව මගඅරින්න උවමනා නැති තෘප්තිමත් මොහොතක අපිට පුළුවන් අනෙකාට ආදරය කරන්න. අපේ තනිකමෙන් ගැලවීම වෙනුවට අනෙකාගේ සැබෑ සුන්දරත්වයට ආදරෙන් බැෙක්‍ෂන්න. අනෙකාව අහන් ඉන්න. අනෙකා දිහා බලන් ඉන්න.
ඒ කොහොම කිව්වත් තනිකම අපිව බයට පත් කරනවා. මරණය වගේම. කොයිතරම් කිව්වත් මරණය කියන්නෙ දොරටුවක් විතරයි කියල අපේ ශරීරය මූලික මනසට බෑ ඒක තේරුම් ගන්න. අපි බලන්නෙ දොරටුව පුළුවන් තරම් මග අරින්න. තනිකමත් ඒ වගේමයි. ඒක අපිට මුනගැහෙන්නෙම සෞන්දර්යයක් විදිහට නෙමෙයි. අඳුරක් බයක් රෝගයක් විදිහට.
හැම සම්බන්දයක් ඇතුලෙම අපි ගොඩක් වෙලාවට දකින්නෙ තනිකමෙන් ගැලවෙන්න කරන අරගලය. තමන් පවතිනවා කියල එලියෙන් නිශ්චය කරන සාධනය. පුළුවන් තරම් කල්ලිගත වෙන්න, ජාති ආගම්වලට අයිති වෙන්න කරන දාංගලය.
හෙන්රි මිලර් කියනවා ආර්ටිස්ට් කෙනෙක් නම් හැමතිස්සෙම තනියි. මොකද ආර්ටිස්ට් කෙනෙකුට ඕනම දේ වෙන්නෙ තනිකම කියල.
ෆ්රාන්ස් කෆ්කා කියනවා මගේ යාලූවො මත්වීමත් එක්ක ගොඩක් මිතුරුයි. ඒ ගොල්ලො තනිකම මගඅරින්න විවිද මත්වීම් පාවිච්චි කරනවා. ඒත් මං කැමති නෑ කිසි දෙයක් වෙනුවෙන් මගේ තනිකම අත්අරින්න කියල.
සිංහලෙන් පරිවර්තනය කරන්න බැරි කතාවක් ඕෂො කියනවා. එයා කියන විදිහට ලෝන්ලිනස් කියන එකයි අලෝන්නස් කියන එකයි දෙකක්. ඩික්ෂනරියෙ තියෙන විදිහට ඒවා සමාන පද වුනත් ඒ තේරුම සම්පූර්ණයෙන් වෙනස්. ලෝන්ලිනස් කියන්නෙ අපිට නිතරම අනෙකා අපි සමග නැති වග හැගෙන මොහොතක්. ඒත් අලෝන්නස් කියන්නෙ අපි අපි ඇතුලෙම තෘප්තිමත් කියල දැනෙන මොහොතක්. ලෝන්ලිනස් එක ඇතුලෙ අපි යම් කිසි දෙයක් පිටතින් ඉල්ලමින් යදිනවා. ඒත් අලෝන්නස් කියන්නෙ ගැඹුරු තෘප්තියක භාවනාවක්. එලියෙන් හොයන්න කිසි දෙයක් නැතුව අපි අපි ඇතුලෙම උත්සව පවත්වන මොහොතක්.
මං අන්තිමට රූමිගේ කතාවක් එක්ක තනිකමට ඉඩදෙනවා.
''ජීවිතේට වඩා වටින තනිකමක් තියෙනවා. ලෝකයට වඩා වටින නිදහසක් තියෙනවා. කෙනෙක් දෙවියන් සමග තනිවන මොහොත ජීවිතයටයි ලෝකයටයි වඩා අනන්තයක් වටිනවා..''
රූමි මෙතන දෙවියන් කියන්නෙ කාටද කියන එක තේරුම් ගැනීම තනි තනි හිත්වලට බාරයි.
-චින්තන ධර්මදාස-
Subscribe to:
Posts (Atom)