Tuesday, May 29, 2012

කැමරා අරං රන්මිහිතැන්නට එන්න

ඇයි වසන්ත සිංහලෙන් ලියන් නැතුව කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් පොලොවෙ කුරුටු ගෑවෙ?
දිවි නසා ගැනීම ගැන බ්ලොග් එකේ ගිය ලිපියට එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණ. ඇත්තටම ඇයි ඒ අන්තිම වචන ටික ඉංග‍්‍රීසියෙන් පොලොවෙ කුරුටු ගෑවෙ? ඒක හීනමානයක් හෝ බටහිර ගැති සිතුවිලි පරම්පරාවක් ගැන ලකුණක්ද?

මට හිතෙන විදිහට ඒ වසන්තගෙ මීඩියා ගැන දැනුම. තමන්ගෙ මරණය ගැන සටහන සිංහලෙන් ලිව්වොත් ඒක ස්ථානගත වෙන විදිහ සහ ඒක ඉංග‍්‍රීසියෙන් කියවද්දි ඒක ස්ථානගත වෙන විදිහ ගැන දළ හෝ අදහසක් වසන්තට තිබුණ. ඒක සිංහල භාෂාවෙ පුංචිකම ඇත්තට මුණගැහෙන තැනක්. සිංහලෙන් ඒ වගේ අදහසක් බාර ගන්න සංස්කෘතියක් නෑ. ඒ වෙනුවට ඒක හු`ගක් බාල, නූගත් තැනකට සීමා වෙනවා. ඒ රොමාන්තික හෝ පවතින පද්ධතියට එහායින් සිද්ද වෙන ක‍්‍රියාවලිය සිංහලෙන් කියෙව්වොත් යන්නෙ වෙනස්ම තැනකට. ඒක වසන්ත තමන්ගෙ මරණයවත් තියන්න කැමති තැනක් නෙමෙයි.

මේ දිවි නසා ගැනීමෙ තියෙන වැදගත්කම ඒක. හුදකලා මරණයකට බාහිර ලොකු සමාජ සංස්කෘතික ප‍්‍රශ්න කිරීම් ගණනාවක් එතන තියෙනවා. ඒ හැම පුංචි විස්තරයක්ම අපේ සිංහල බෞද්ධ සමාජ ක‍්‍රමයට අභියෝගයක්. ඒත් අපි හරි ලේසියෙන් අභියෝගය මගඅරිනවා.
මේ කියන්න යන්නෙ වෙනස් කතාවක්. එක විදිහකට මේ කතාවත් මටම ලියන්න වුණු එක හිනා යන කාරණයක්. ඒත් කවුරුවත් ලියන්නෙ නැත්තං මං ලියනවා ඒක.

මට හම්බන්තොට පැත්තෙ යන්න වුණා ෂූට් එකකට. මිනිස් පුළුටක් නැති, තැන තැන යට වෙච්ච බල්ලන්ගෙ මළකුණු විතරක් තියෙන මූසල අධිවේගි මාර්ගය දිගේ. ආයිමත් ගාල්ලෙන් මනුස්ස ජීවිතේ මුණගැහෙන කල් මට දැණුනෙ හුස්ම හිරවෙන තරම් කාන්සියක්. කාලය කොයි තරං වටිනවා වුණත් මං ආයිමත් ඒ පාරෙන් යන්නෙ නං නෑ. මුහුද අයිනෙ එහා මෙහා ඇවිදින මනුස්ස ජීවිත කොයි තරං අපිට හුස්ම පුරවනවද කියල මට දැණුනෙ ඒ ගමනෙදි. ඒ වෙනකල් කවදාවත් ඒ ඇස්වල වැදි වැදි යන හෙවනැලි වලට මං වටිනකමක් දුන්නෙ නෑ.

හම්බන්තොට හැමතැනම මහින්ද. ලයිට් කණු වල වටේට කැරකි කැරකි ඉන්නවා රාජපක්‍ෂ පවුලම. පාරවල් කපලා අහසට යනකල් උසට හුළෙ`ග යනවා දූවිල්ල. (හම්බන්තොට සංවර්ධනය වෙන්නෙ පාරවල් විතරයි. මනුස්ස ජීවිත තාම තිබුණු තැනම) ඒ දුක් විඳින කාන්තාර බිම් මැද්දෙ අඩි ගණන් ලොකු පාට පාට දැන්වීම්. ඒ ජීවිතයක් අහිමි පොලොවෙ තමන්ගෙ භාණ්ඩය ප‍්‍රදර්ශනය වෙද්දි දකින මිනිස්සුන්ට එන හැ`ගීම ගැන වගක් ඒ ප‍්‍රචාරකයන්ට නෑ. කනත්තක් මැද වුණත් කටවුට් එක ගහනවා ඇරෙන්න, ජීවිතයක් ගැන හැ`ගීමක් දැනවෙන්න උවමනායි කියන කාරණය ගැන දැනුවත් නැති මෝඩ මාර්කටිං පාර දෙපැත්තෙ. ලඳු කැලෑ මැද්දෙ.

වැඩේ ඉවර වෙලා ආපහු එද්දි අහම්බෙන් හැරුණ ‘රන්මිහිතැන්න’ බලන්න. ඒක ඒ ගමේ නම. ආණ්ඩුවෙන් හදපු චිත‍්‍රාගාරෙට තියෙන්නෙ ‘මහින්ද රාජපක්‍ෂ, මොකක්ද මොකක්ද කියල දිගට කියවෙන හෑල්ලක්. එක්කෙනෙකුට රුපියල් පනහ ගානෙ දීලා ටිකට් එකක් අරන් අපි ඇතුල් වුණා.

ඒක හොඳටම නඩත්තු කරගෙන යන බිමක්. හම්බන්තොට කියල හිතාගන්න බැරි හෙවණ, සිසිල් පරිසරයක්. එක යායට පැතිරුණු බිමක්. වාහන වුණත් ඇතුලට අරන් ෂූට් කරන්න පුළුවන් දැවැන්ත ස්ටුඩියෝ එකක් ඒකෙ තිබුණ. තාක්‍ෂණික පහසුකම් අතින් කොහොමද කියල බලන්න අපිට බැරි වුණා. ඒත් ලොකු වැඩක් කරන්න පුළුවන් තරම් ඉඩක්. ඒත් තාම කරලා තියෙන්නෙ කටේ තියන්න බැරි වැඩ කීපයක් විතරයි.

ඊට ටිකක් පස්සෙ කොළඹ, ගාල්ල නගර නිර්මාණ. කාර්ගිල්ස් බිල්ඩින් එක, නිපොන් හෝටලය, අරලිය ගහ මන්දිරය, උසාවිය වගේ ගොඩනැගිලි ආකෘති වලින් කරපු සෙට් එකක්. තණකොල නිල්ලක් මැද්දෙ, පොකුණකට එපිටින් රෝයල් කොලිජිය. කවුරු හරි කෙනෙකුට කොළඹ හරහා ගාල්ලට මාරු වෙන වගේ ඇබ්ස්ට‍්‍රෑක්ට් වැඩකට නියමයි. මට හැම තැනම චිත‍්‍රපටි පේන්න පටන් ගත්තා. එහාට මෙහාට ට‍්‍රැක් වෙන කැමරා කණ්ඩායම් වලින් පිරෙන්න  ඕන මේ බිමේ කිසි කෙනෙක් නෑ. කිසි වැඩක් නෑ. සිද්ධස්ථාන බලන්න වගේ එන තේරුමක් නැති නඩ විතරයි. ‘අබා ෂූට් කරෙත් මෙතන’ වගේ දේකට වැඩි අර්ථයක් ඒ ගොල්ලොන්ට එතන නෑ.

තැනින් තැනට විස්තර කරන්න සාරි ඇඳගත්ත අයව ඉන්දලා තියෙනවා. ඒ විස්තරය මං බලාපොරොත්තු වුණාට වඩා හරිම සම්පූර්ණ එකක්. පිට පැති සඳහා මේ ආකෘති පාවිච්චි කරලා ස්ටුඩියෝ එකේ පොඩි සෙට් එක්ක ඇතුළත ජවනිකා රූගත කරන හැටි පවා ඒ ගොල්ලො හරිම සරලව පැහැදිලි කරනවා. රන්මිහිතැන්න ගැන මට ආස හිතුණ.

ගාල්ල පොල, උසාවිය,  ඕලන්දක්කාර ආකෘති මේ හැම දෙයක්ම එතන තිබුණ. ඒත් මිනිස්සු දුවගෙන ගියේ කෝරළේ මහත්තයාගෙ වලව්ව බලන්න. මොකක්ද ටෙලි නාට්‍යයක පිනාගෙ ගෙදර කියන තැනත් මිනිස්සු පොර කකා හිටියා. හරිම ලස්සන වැවක් අද්දර තැනි තලාවක්, ඉලූක් කැලෑවක් අතරින් රන්මිහිතැන්නෙ ලොකේෂන් මාරු වෙනවා. එතනින් එහා ගමක්. සොල්දර කඩවීදි, පැල්පත්, පරණ තැපැල් කන්තෝරු.... හීනයක් මැද්දෙ ඇවිදිනවා වගේ. හරියටම චිත‍්‍රපටියක් මැද්දෙ අපි.

මේ වෙනකල් ආණ්ඩුව එක්ක යාලූ බාල චිත‍්‍රපටිකාරයො කීප දෙනෙක් සහ ටෙලි නාට්‍යකාරයො වැඩිදෙනෙක් මේ හැම වටිනාකමක්ම තේරුමක් නැතුව පාවිච්චි කරලා. අපේ ආණ්ඩු විරෝධී විකල්ප කලා පිරිස් මේක මහින්දගෙ ව්‍යාපෘතියක් හින්ද නිකම්ම දෙකේ කොලේට දාලා. ඒත් මේ ලංකාවෙ මේ විදිහෙ දෙයක් සිද්ද වුණු පළවෙනි වතාව. සිනමාව වෙනුවෙන් ඒක ඇත්තටම ලොකු දෙයක්. අවුල තියෙන්නෙ මේ දේවල් කොහොම පාවිච්චි කරන්නද කියලා දැනුමක් අපිට නැති එක. ඒ වෙනුවට අපි ඉන්දියාවෙ සහ වෙන එක එක රටවල විශාල චිත‍්‍රාගාර ගැන කිය කිය ඉන්නවා.

මහින්දගෙ දේශපාලනික ව්‍යාපෘතියට කොයි තරම් විරුද්ධ වුණත් ඒ මත්තෙන් සිද්ද වෙන හැම දෙයක්ම වැරැුද්දක් විදිහට දකින එක කුහකකමක්. රන්මිහිතැන්න කියන්නෙ සිනමාව වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ කරපු ඓතිහාසික වැඩක්. ඒක කොළඹ ළ`ග තියෙන්න  ඕන, ට‍්‍රාන්ස්පෝර්ට් වියදං වගේ බොරු මනස්ගාත කියනවට වඩා මේ දේවල් ප‍්‍රයෝජනයට ගැනීමේ සහ ඒවායින් යම් කර්මාන්තමය තත්වයේ නිර්මාණ කරන විදිහක් ගැන යෝජනා වීමයි වැදගත්.

මේ පිට බෝඞ් ටික දිරලා ගියාම මේක අපරාදෙ....
මේ ලොකේෂන් ටිකද ඔක්කොම චිත‍්‍රපටිවලට ගන්නෙ?

චිත‍්‍රපටි කන්නලා පළ කරන විදග්ධ අදහස් මං කලින් කියවලා තිබුණ. සහ මාත් ඒවා විශ්වාස කළා. මේ තාවකාලික මුහුණතට යටින් තියෙන සිමෙන්ති ආකෘතිය වෙන  ඕනම ගොඩනැගිල්ලක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. පිට බෝඞ් ටික විතරයි  ඕන වෙන්නෙ. චිත‍්‍රාගාරයක් විදිහට විවෘත වෙද්දි ඒකෙ දැවැන්තකම පේන්න මේ විදිහෙ විවිධ නගර ආකෘති හදපු එක මට අනුව නම් මාර වැඩක්.

අනික ලොකේෂන් විදිහට මීට වඩා ගොඩක් දේවල්  ඕන අධ්‍යක්‍ෂවරු මේ තියෙන දේවල් වලින්වත් තාම කළේ මොනවද? රන්මිහිතැන්නෙ කළා කියලා ඒ විස්තර කියන ගෑණු ළමයි කියාගෙන යන චිත‍්‍රපටි ටෙලි නාට්‍ය ලැයිස්තුව ඇහුවම හිනා යනවා. තාම කවුරුත් කිසිම සීරියස් වැඩක් මේ ඉඬේ කරලා නෑ.

හතලිස් ගාණකට නවතින්න පුළුවන් තරම් විශාල ලොජ් එකක්. හිතාගන්න වත් බැරි තරම් අඩු ගාණට කෑම බීම. ලොකේෂන් එකේ ඉඳන් නවතින තැනට තියෙන අඩු දුර, සහ ෂූට් එකකට තියෙන නිදහස වගේ කාරණා බලද්දි මෙතන ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේකෙ කැන්ටිම ඇත්තටම මාව වෙනස් කළා. ඒක හරියට හීනයක් වගේ. හැම බිත්තියකම ලෝක ප‍්‍රකට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගෙ පිංතූර ඒ ගොල්ලො ගැන විස්තර. මිලස් ෆෝමන් ගැන විස්තර කියාගෙන යද්දි ‘වන් ෆ්ල්ව් අවේ ෆ්‍රොම් ද කුකූස් නෙට්’ කියන එක සිංහලෙන් පරිවර්තනය කරලා තිබුණ මාරම ලස්සනට. ‘කෝකිල කැදැල්ලට ඉහලින් එකෙකු ඉගිල ගියේය’...

අල්මදෝවා, චාන් වුක් පාර්ක් වගේ රැුඩිකල් අධ්‍යක්‍ෂවරුන්ගෙ පිංතූර වලටත් බිත්ති වෙන් වෙලා තිබුණ. මට සිනමාව ගැන තියෙන හැ`ගීම ඇස් වලට කඳුළු එන තරම් ළ`ගට දැණුන. විනෝද මාධ්‍යයක් විදිහට සිනමාව කියන කාරණේදි මට හැමදාම අඩුවක් විදිහට දැණුනු ගොඩක් දේවල් රන්මිහිතැන්න සම්පූර්ණ කළා.

මේ ඉඩ අලූත් චිත‍්‍රපටි කරන කොල්ලො කෙල්ලො අතට පත් වෙන්න  ඕන. කරන්න තිබුණු හොඳම දේ මේ චිත‍්‍රාගාරය ඇතුළෙම සිනමා පාසැලක් පටන් ගන්න එක. එතකොට මේ හැම දෙයක්ම වඩාත් ඵලදායී විදිහට පාවිච්චි වෙන්න තිබුණ. හොඳ පරිපූර්ණ සිනමා අධ්‍යාපනයක් දෙන්නත් තිබුණ. මේ දේවල් වඩාත් ඵලදායී සහ කර්මාන්තමය තත්වයන් දක්වා සංවර්ධනය කරන සැලසුමක් නැති වීම ගැන ආණ්ඩුවට දොස් කියන්න බෑ. ඒක අපේ සිනමා පොරවල් කියන අයගෙ වගකීමක්. ඒත් ඇත්තට වෙන්නෙ ඒ වගේ අවස්ථාවන් කෝරලේ මහත්තයා වගේ වැඩ වලට දිය වෙලා යන එක. අපේ රටේ සිනමාව නැති වෙන්නෙ දේශපාලනය හෝ ආර්ථිකය හින්ද නෙමෙයි. සිනමාව කරන පිරිසෙ ඔලූ ගෙඩි ඒ තරං පුංචි හින්ද. ස්වයං රැකියාවක් වගේ තැනකින් එහාට සිනමාව තේරුම් ගන්න බැරි මේ අයට කර්මාන්තමය සිනමාවක් අවුල්. ඒ ගොල්ලො උනන්දු පුද්ගලික සිනමාවක් ගැන විතරයි. ඒත් රන්මිහිතැන්න ඒ කර්මාන්තමය සිනමාවක ආරම්භය වෙනුවෙන් කරපු වැඩක්. වෙන මොකක් හරි යටි අරමුණක් තිබුණත් ඒ වගේ ආරම්භයක් වෙනුවෙන් හොඳටම පාවිච්චි කරන්න පුළුවන් තැනක්.

ඉතිං අපි තවත් බලන් ඉන්නවද?

-චින්තන ධර්මදාස


5 comments:

  1. සිනමාව මිනිසුන්ට විදින්න බෑ..එයාල ඒක විඳින්න ඕනි...

    ReplyDelete
  2. රන්මිනිතැන්න ගැන මේ තරම් හොඳ විස්තරයක් ඇහුවමයි.

    ReplyDelete
  3. රන්මිහිතෑන්න ගෑන අපිට පහදා දිම ගෑන තුති. කිව්ව වගෙ, ලන්කවෙ නුතන චිත්‍රපට බාල නිර්මාන වීම හුදෙක් ආන්ඩුවෙ වරදක් නොව ඔය ආන්ඩුව එක්ක ඉන්න සිනමාව ස්වයන් රෑකියවක් විදියට කරන අයගෙ වර්දයි. හෑබයි චින්තන අය්යෙ, ඔය කියනව වගෙ රන්මිහිතෑන්න දුරයි තමයි. කොලොම්බ අවට තිබ්බා නම් වඩාත් පහසුයි. එත් හම්බන්තොට මෙක හදන්න විශෙශ වාසිය අවුරුද්දෙ වෑඩි කාලයක් වර්ශාවෙන් තොර කාලයක් වීම නිසා නෙද? එකෙන් වෑස්ස කියල shooting delay කරන්න ඔනෙ නෑ නෙද?

    ReplyDelete
  4. Jagath KulathilakaOctober 3, 2012 at 10:25 PM

    When you say that there were photos of Great Filmmakers, and also of some Radicals, I really felt it. Sense It. Also I am in your side to see a Film School there.

    I too really appreciate that the President have contributed something for Sri Lankan Cinema, but our rascals don't know how to make use of it.

    To literate the audience, To expand the visionary power of Cinema Artists there should be a Film School. Until then, there is a gap. That's why we really work hard to fill that gap, to educate few, but we are far behind.

    All these works including your blog, will inspire people who really have this enthusiasm. Personally I too, open for free thoughts like this and always try to build my knowledge power in order to foster my younger generation.

    Go on Chintha...

    ReplyDelete