
‘ඒ ගෑණු මිනිස්සුන්ව පණපිටින් කනවා’ එක යාලූවෙක් මට කිව්වා.
මාත් ඊට වෙනස් නෑ. ඔලූව බදාගෙන ඉන්න එක මගේ ආදරෙත් සාමාන්‍යයක් වෙලා තිබුණ. ඒක තමයි ස්ටයිල් එක.
‘මචං. අපි හොයන්නෙ මායාකාරියො, අපිව වස`ග කරන්න පුළුවන්. සාමාන්‍ය ගෑණු ළ`ග අපිට ඕනකරන කම්ප්ලෙක්ස් එක නෑ’ මං පස්සෙ විස්තර කර ගත්තෙ එහෙම.
‘අපි හොයන්නෙ ලෙඩක්. ඒ ලෙඬේ තියෙන අය එක්ක විතරයි අපිට අරවුස් වෙන්නෙ. අන්තිමට කෙළවෙන එක ඒකෙ සාමාන්‍යයක්’ එක එක විදිහට අපි ඒ ගැන කතා කළා. දැන දැනම කෙළවාගන්නා සහ කෙළවාගැනීමම ආස්වාද කොට ගන්නා මේ පැටළිල්ල මාර ආතල්.
මායාකාරියන්ගේ ගොදුරු බවට පත්වීමම ආදරය කොටගත් ආදරවන්තයින් පරපුරක්.
කළු ගල් බිත්ති වල හතර අතට වැදිලා වැටිලා කුඩුපට්ටං වුණාට පස්සෙ පොඞ්ඩක් හිතන්න හුස්මක් ගන්න ඉඩක් ආවා.
‘අම්මෝ..ආයි නං වොට් තිස්දාහෙ ට‍්‍රාන්ස්ෆෝමර් බදාගන්නෙ නෑ’... එහෙම වෙලාවක යාලූවෙක් කිව්වා.
මේකෙ අනිත් පැත්තෙ කතාවත් මෙහෙමමයි. අපි වගේ විපරීතයො (විපරීතයා කියන්නෙ දීප්ති මට ආදරේට කියන නමක්) එක්ක කෙල්ලො යාලූ වෙන්නෙ මොකටද? ගේ දොර ඉඩං පෙළපත් වගේ සරල සමීකරණ වලින් නොවිසඳෙන මොකක් හරි එකක් ඒ ගොල්ලොත් හොයනවා.
මොකක්ද තියෙනවා වගේ පේනවා. ඒක හොයාගෙන ළ`ගට එනවා. ළ`ගට ආවම එහෙම මොකුත් නෑ කියල පේන්න ගන්නවා. එතකොට.....
ඊට පස්සෙ ගෑණියෙක් අතින් වෙන්න පුළුවන් දේ ගැන සිනොප්සිස් එකක් ලියන්න මං තාම නාකි මදි.
කොහොම වුණත් මොකක්ද මේ නොසිඳෙන නොසන්සුන් පිපාසය?
‘අපි ඉල්ලන්නෙ ෆිසිකල් ෆ.. එකක් නෙමෙයි. එහෙම තෘප්තියක් ගන්න තරං අපි නිරෝගී නෑ. අපිට ඕන බ්‍රේන් ෆ.. එකක්. අපි නිදියන්නෙ ගෑණු එක්ක නෙමෙයි. කන්සෙප්ට් එක්ක’ මං දවසක් ජොයින්ට් එකක් දාද්දි ඒක හරි විදිහට ගලපලා කිව්වා.
‘ලැකාන්ලා ඩෙරීඩලා ගැන කතා කළාට තමුසෙත් අර සාමාන්‍ය ගඳ පිරිමියෙක්ම විතරයි’ වෙනස් වෙනස් වාක්‍ය ගැලපීම් ඇතුව වුණත් ගෑණු අපිව ඇට දෙකෙන් උස්සලා පොලොවෙ ගහලා තියෙනවා.
නැවත නැවත මුණගැහෙන මේ කම්ප්ලෙක්ස් එක විස්තර කර ගන්න භාෂාව හැදිලා එනකල් බලන් ඉන්න සිද්ද වුණා. මෑත දවසක ෆේස් බුක් එකේ මේ කන්සෙප්ට් එක එලියට ආවා.
‘සේපියෝසෙක්සුවල්’ අනිල් හේරත් පෝස්ට් එකක් දාලා තිබුණ. ඒකත්එක්ක මං ඉන්ටර්නෙට් එක වටේ ගියා.
මේ වචනෙ මුල්වරට කියවෙන්නෙ 1998දි. වුල්ෆිබෝයි කියල බ්ලොග් ලියන්නෙක් අතින්.
ලිංගික හෝ වෙනයම් සම්බන්ධතාවයක් සඳහා ඔබ වඩා කැමති කුමන ලිංගිකයන්ටද?’ කියලා ස්ත‍්‍රී පුරුෂභාවය විමසන ප‍්‍රශ්නෙකට උත්තරයක් විදිහට වුල්ෆිබෝයි ‘සේපියෝසෙක්සුවල්’ කියල ලියනවා. ඒක අනුගමනය කරමින් එක එක අය තමන්ගේ උනන්දුවත් සේපියෝසෙක්සුවල් කියලා සඳහන් කරන්න ගන්නවා. ඒ අතරෙ සමහර අය ‘ඒ කියන්නෙ මොකක්ද?’ කියල අහනවා.
‘මම? අනේ මං ඔය පයිප්ප වැඩ ගැන වැඩිය උනන්දු නෑ. මට ඕන විමර්ශනශීලී, ප‍්‍රශ්න මතු කරන විදිහෙ, සංකල්පනා වලින් පිරුණු, වෙනස් විදිහට හිතන මනසක්. මට ඕන පූර්ව ලිංගික හැසිරීම් විදිහට දාර්ශනික කතා බෙදාහදාගන්න කැමති කෙනෙක්. එයාගෙ නපුරු, තියුණු උත්තර වලින් සහ උපහාසයෙන් මට සැරෙන් සැරේ ‘ආාාව්’ කියවෙන්න ඕනි.
ඒ හින්ද මං සේපියෝසෙක්සුවල් කෙනෙක්. මං කැමති මිනිස්සුන්ගෙ මනස් එක්ක සංසර්ගයෙ යෙදෙන්න.’
වුල්ෆිබෝයි විස්තර කරනවා.
ලතින් නිරුක්තියෙ හැටියට සේපියන් කියන්නෙ බුද්ධිමය හෝ ප‍්‍රඥාමය කියන අදහස. සෙක්සුආලිස් කියන ලතින් යෙදුමෙ තේරුම ලිංගික කියන එක. සේපියෝසෙක්සුවල් කියන වචනෙ හැදෙන්නෙ ඒ දෙක එකතු වෙලා.
‘1998 ගිම්හානයේ දවසක සැන්ෆ‍්‍රැන්සිස්කෝ ඉඳන් හරිහමන් නින්දක් නැති දවසක වාහෙන් එළවන් එද්දි එකපාර මට මේ අදහස ආවෙ. මේක පුළුවන් තරම් පාවිච්චි කරලා තව තව ව්‍යාප්ත කරන්න’
‘එතකොට මේකෙ කොහෙද ස්ත‍්‍රී පුරුෂ භාවය ගැන ගැටළුවක් තියෙන්නෙ? මං හොයන විදිහෙ අයට හොඳ ශරීරත් තිබුණොත් ඒක බෝනස් එකක්. මාංශය කියන එකත් ෆන් තමයි’
වුල්ෆිබෝයි බ්ලොග් එකේ දිගට කියාගෙන යනවා.
‘මං කියන්නෙ මේකයි. ඔයාට පුළුවන් කා එක්ක සංසර්ගයේ යෙදෙන්න පුළුවන් හරි උපරිම පැය 5ක් -8ක් විතරයි. ඒත් ඔයාට සදාකාලයටම කතා කර කර ඉන්න පුළුවන්. ඒක අනන්තයක් වගේ සුරතාන්තයක්’
මේ වෙද්දි ෆේස්බුක් එකේ මේ සේපියෝසෙක්සුවල් කාණ්ඩයට එකතු වෙන කට්ටිය ටික ටික වැඩිවෙන්න අරන්. ඒත් මේ වචනෙ ගැන තාම පුළුල් පැහැදිලි කිරීමක් වෙලා නෑ. සෘජු අදහසක් විදිහට සේපියෝසෙක්සුවල් කියන්නෙ කෙනෙකුගේ බුද්ධිය සහ බුද්ධිමය හැකියාව මගින් ලිංගික උත්තේජනයක් ඇතිවෙන අයට.
‘මටත් මේ විදිහයි. වඩාත් තාර්කික සහ බුද්ධිමය විදිහෙ ගණුදෙනු කරන අය ගැන මට හැ`ගීම් ඇතිවෙනවා වැඩියි. ඒත් මේ වචනෙ අහන්න කලින් ඒක සංකල්පයක් විදිහට දැනිලා තිබුනෙ නෑ’
‘අපි ගොඩක් වෙලාවට (අඩු තරමෙ මම) අලූත් දැනුම හොයාගන්නෙ, වැඩියෙන් බුද්ධිමය ආස්වාදයක් අත්විඳින්නෙ ආදර හුවමාරුවක් ඇතුලෙ. මේක පරණ විදිහට කිව්වෙ ‘අයිඑන්ටීපී’ කියල. (ඇතුළතට යෙමුවුණු, සිතීමට ඇබ්බැහි, අභ්‍යන්තර ඉවකින් හෝ දැනීමකින් වගේ මෙහෙයවෙන අතිශය සීමිත පෞර්ෂ කාණ්ඩයක් හඳුන්වන්නෙ මේ විදිහට. මේ වගේ අය ඉන්නෙ 3%-5%ත් අතර ප‍්‍රමාණයක්. පෞර්ෂ වර්ග 16ක් අතර මේ එකක්) මේ අලූත් යෙදුම ඇහිච්ච ගමන් මට ඒක වැදුණ. මං වගේ තව ගොඩක් අයට ඒක එහෙමයි කියල මං දන්නවා’
මේ සංකල්පයත් එක්ක තාම යන සංවාද හු`ගක් ලයිව්. ඇකඩමික් වෙලා ගල්ගැහිලා නෑ. තම තමන්ගේ ජීවිත ඇතුලෙ සංකීර්ණ එලිපෙහෙලි කරන්න ෆේස්බුක් කොයිතරං ඉඩක්ද කියන එක මේ වගේ සංකල්පීය සංවාද වලින් තේරෙනවා. ලිංගික තෘප්තිය කියන කාරණේදි ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබඳ සීමා අතික‍්‍රමණය කරන මේ සංකල්පීයකරණය එක්ක මට තව දේවල් මතක් වෙනවා.
ශරීරය මූලික ‘සෙක්ස්’ කියන කාරණය වඩාත් විකල්ප හැඩයකින් උත්කර්ෂයට නැංවෙන්නෙ හිපි සංස්කෘතියත් එක්ක. ලිංගික නිදහස කියන එකත් එක්ක 60 තරුණයො විමුක්තිය එකට ගන්නවා. ‘සෙක්ස්, ඩ‍්‍රග්ස් ඇන්ඞ් රොක්ඇන්රෝල්’ එන්නෙ මේ සංදර්භය ඇතුලෙ. ඒත් 80 පන්ක් කල්ට් එක නැගිටින්න ගන්නවත් එක්ක යුරෝපයේ තරුණ විමුක්තිය ගැන අදහස මේ ශරීර මූලික සෙක්ස් කියන තැනෙන් එලියට එනවා.
ඇලෙක්ස් කොක්ස් ගේ ‘සිඞ් ඇන්ඞ් නැන්සි’ ෆිල්ම් එකේ එක තැනක වීදියක නිදා ඉන්න සිඞ් ළ`ගට තරුණියක් කිට්ටු වෙනවා. ‘සෙක්ස් කියන්නෙ හිපි ගූ ගොඩක්. පට්ට බෝරිං’ සිඞ් අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා.
ලංකාවෙ තාම මේ සේපියෝසෙක්සුවල් ආස්වාදය කෙලවර වෙන්නෙ අවුලකින්. අපි ඒ ගැන අවිඥාණක නිසාම ඒ වින්දනය ඇතුලෙ ජීවත් වෙන්න ඕන කරන අවකාශයන් (පරතරයන්) පවත්වාගන්න අපි දැනුවත් නෑ. අපි ඒක ස්ත‍්‍රී පුරුෂ භාවයන් කේන්ද්‍රීය තැනකට අරන් එනවා. පරණ පවුල් සංස්කෘතිය ඇතුලෙ අන්තිමට ඇෙ`ගන් ප‍්‍රශ්නෙ විසඳගන්න හදනවා. මේ අවුල තේරුම් ගන්න හදන හැම දැනුම් ආකෘතියක්ම ශරීර මූලික ලිංගිකය උඩ විස්තර වෙන සංකල්ප. ඉතින් මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව ඇඩ‍්‍රස් නැති හන්දියකින් අපි බැහැලා යනවා.
ටික කාලෙකින් ආයිමත් ලෙඬේ මතු වෙනවා. පුංචි ඉවාන්ලා පාන් හොයාගෙන එනකල් ඇස් දල්වන් බලන් ඉන්න මායාකාරියො හොයාගෙන අපි වල් වදිනවා.
-චින්තන ධර්මදාස