ෆුටා එක ගැන ලියන්න අරං දැන් පටන් ගත්ත වාක්‍යය මැකුවා තුන්හතර වතාවක්. කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව. විශ්ව විද්‍යාල ආචාර්යවරු රටේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා කරන මේ සටන ගැන මට ඇත්තට තියෙන්නෙ ගෞරවයක්. ඒ සටන් කරන අරමුණ හින්ද නෙවෙයි. ඒ තියෙන ස්ථාවරය සහ විනය හින්ද. ඒ අතරෙ සුභාරතී වගේ ආණ්ඩුවෙ වැඩසටහන් වලට ඇවිත් දීප්ති වගේ අය නිකං දෙකයි පණහෙ කතා වලින් ඒක බාල්දු කරන්න හදද්දි මට එන්නෙ අප්පිරියාවක්. තඩි පුද්ගලික වෛරයක් ඇරෙන්න එයා සතු දේශපාලනයක් නෑ කියන එක දීප්ති නැවත නැවතත් ඔප්පු කරමින් සිටිනවා. ඉංග‍්‍රීසියෙන් ‘ස්ට‍්‍රැටජි’ කියන්නෙයි ‘සකප්’ කියන්නෙයි එකක් නෙමෙයි, දෙකක්.
මෙච්චර කල් මට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව මතක තිබුණෙ පොදු පෙරමුණට ඡුන්දෙ දෙන්න කියලා පත්තර වල දැන්වීම් දාන කට්ටියක් විදිහට. ඊට වඩා විශාල අරමුණක් වෙනුවෙන් (හරි හෝ වැරදි) මේ වගේ කවුරුවත් සීරියස් නොවෙන වෙලාවක සීරියස් විදිහට ජනතාවක් නැති පොලොවක ජනතාව වෙනුවෙන් ෆයිට් කරනවා කියන්නෙ මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙන වැඩක්.
ලංකාවෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන (අධ්‍යාපනය ගැන තවත් ගොඩක් දේවල් ෆුටා එකේ තියෙනවා) කතා කරන්න හිතද්දිම මට මතක් වෙන පරණ අත්දැකීමක් තියෙනවා. ඒ දවස්වල පේරාදෙණියෙ දේශන වලට එද්දි ටී ෂර්ට් අඳින්න බෑ. සපත්තු දාලා එන්න ඕනි. කෙල්ලන්ට ජීන්ස් බෑ. ඔය වගේ තවත් ගොඩක් විකාර තිබුණ. අපි මේවට විරුද්දයි කියල පොදු ශිෂ්‍යයො අපිට වට කරලා නෙළනවා. අවුරුදු ගානෙම ඕක ඔය විදිහටම වුණා. අන්තිමට අපි අයින් වෙලා යන දවස් ළං වෙද්දි එක පොදු ශිෂ්‍යයෙක් මාව මුණගැහුන.
‘මචං, උඹලා අපිත් එක්ක අවුල් වෙන්න එපා. උඹලා කියන දේ හරි වෙන්න පුළුවන්. ඒත් මචං කැම්පස් එන්න කලින් අපි දැනගෙන හිටියෙ පඹයො හිටවන්නයි, කුරුල්ලො එළවන්නයි විතරයි. සපත්තු දෙකක් දැම්මෙ මෙහේ ආවට පස්සෙ. උඹලා කියන විදිහට අපිට වෙනස් වෙන්න බෑ මචං. අපිට මේක (විශ්ව විද්‍යාලය) ලොකු තැනක්. උඹලට පොඩි තැනක් වුණාට’
මේ කතාව ඇතුලෙ අපි පට්ට විදිහට විරුද්ද වෙච්ච රැුග් එක සහ පොදු ශිෂ්‍යාව තේරුම් ගන්න පුළුවන් තව ගොඩක් දේවල් මට තේරුම් ගියා. දැන් තත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් විශ්ව විද්‍යාල ඇතුලෙ ජවිපෙ කරමින් හිටපු කාර්යභාරය එස්බී කියනවා වගේ අපරාධයක් නෙවෙයි. කොළඹ තීරණ ගන්නා මහත්වරුන්ට සහ අපිට අමතක සහ නොතේරෙන කලාපයක සමාජ අනුවර්තනයක් වෙනුවෙන් ඒ ගොල්ලො වැඩ කළා.
ඒ කතාවෙ හැ`ගීම්මය පැත්ත. ඒත් මට අනුව තාර්කික, යතාර්ථයේ කාරණාව මීට වඩා වෙනස්. ඒකට පෙරවදනක් විදිහට ළ`ගදි දවසක රෑක ත‍්‍රීවීල් එකේ එන ගමන් ස්ටෙෆාන් කියපු කතාවක් කියන්නං.
‘මචං, මොකද්ද බං මේ රටේ එඩියුකේෂන් සිස්ටම් එක කියන්නෙ? මුංට පිස්සු. මුං කියනවා අපේ රටේ එඩියුකේෂන් එක හරි උසස් කියලා. හේතුව විභාග අමාරු එක. ගොඩක් කට්ටිය පේල් වෙනවනෙ, ඒක හින්ද එඩියුකේෂන් එක උසස්. මට නං බෑ බං...(ඌ අ`ඩන්න ගත්තා) මචං එක්සෑම් එකකින් ගොඩක් උන් පේල් වෙනවා කියන්නෙ සිස්ටම් එක අවුල්. සිස්ටම් එක හොඳ නං හැම එකෙකුටම ඒක ඇතුලෙ යන්න පාරවල් තියෙන්න ඕන. කැමති කැමති පැති වලින් යන්න පුළුවන් විදිහට ඩිසයින් වෙලා තියෙන්න ඕන. කොයි තරං උන් පාස් වෙනවද කියන එකයි සිස්ටම් එක හොඳයි කියන්නෙ. මෙහේ අම්මට හුඩු, මාර අමාරුයි විභාගෙ. එකයි පාස්. ඒක හින්ද එඩියුකේෂන් සිස්ටම් එක මරු. මට තේරෙන්නෙ නෑ බං...’
ඕස්ටේ‍්‍රලියාවෙ ඉඳලා ආපු ඌට දැන් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ, මේ රටේ වෙන දේවල් බලන් ඉඳලා. මං මේ කතාව රවිඳුට කිව්වා.
‘මචං, එඩියුකේෂන් එක කියන්නෙම පට්ට අවුලක්නෙ. උඹ හිතපන් උඹට එක තැනකදි උන් කියනවා ‘උඹ පේල්’ කියල. උඹ අවුරුදු ගාණක් කට්ට කාගෙන ඇවිල්ලා ඇවිල්ලා උන් කියනවා ‘උඹ පේල්’. මොන තරං චාටර් කතාවක්ද ඒක? මට ඕක දැණුනා. මචං එඩියුකේෂන් එකක් කොහොමද මිනිස්සු පේල් කරන්නෙ?’
ෆුටා එක ගැන මට තියෙන ගැටළු නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය කලාප හරහා. මට අනුව ලෙඩා දැන් මැරිලා ඉවරයි. අපි කරේ තියාගෙන ද`ගළන්නෙ මළකඳ. මේ රටේ අධ්‍යාපනය ගියේ අනිත් පැත්තට. සමාජය ඇතුලෙ විශේෂීකරණයක් වෙන පැත්තට මිසක් කර්මාන්තයක් ඇතුලෙ හෝ විෂයක් ඇතුලෙ විශේෂීකරණයක් වෙන කලාපයකට නෙමෙයි. විශ්ව විද්‍යාලවල හිටපු කවුරුත් දන්නවා ක්ලාස් (උපාධියෙ) එකක් කියන්නෙ සිතීමේ හෝ අදහස් විශ්වයේ පුළුල්කම හින්ද හම්බුවෙන එකක් නොවෙන වග. ඒක කොල්ලන්ට නං වනපොත් කිරීම සහ කෙල්ලන්ට නං දේශකයන් එක්ක තියෙන කුළුප`ග ආශ‍්‍රය වගේ කාරණා බලපාන තැනක්. එහෙම ක්ලාස් එකක් ගන්න අය ඊට පස්සෙ විශ්ව විද්‍යාල බාර ගන්නෙ, ආචාර්යවරු විදිහට. රටේ ජනතාවට සාපේක්ෂව ඒ ගොල්ලොන්ගෙ සිතීමත් ‘වැදගත් වෘත්තියක්’ කියන තැනින් කෙළවර වෙනවා. සරච්චන්ද්‍රලා වගේ චරිත නැවත විශ්ව විද්‍යාල වලින් බිහිවෙන්නෙ නෑ. ඒ වෙනුවට මං දන්න කාලෙක ඉඳන් ඉංජිනියරින් උන් එන්ඞීටී උන් එක්ක රණ්ඩු වෙනවා උපාධියෙ තත්වෙ රැුකගන්න. දොස්තර උපාධිය කරන උන් පුද්ගලික දොස්තර උපාධි එක්ක මරා ගන්නවා තත්වෙ රැුක ගන්න. ඒත් මේ රැුකගන්න හදන තත්වෙ මොකක්ද?
අලූත් අදහස් හෝ නිර්මාණ වෙනුවෙන් දැන් විශ්ව විද්‍යාල වල මැදිහත් වීමක් නෑ. මේ වෙද්දි කැළණියෙ විද්‍යා අංශෙන් කරන්නෙ විෂ්ණු දේව අවතාර වලින් අනාවැකි කියන එක. අන්තිමට එක්ස් කණ්ඩායම වගේ පිරිස් විශ්ව විද්‍යාලයට පිටතින් ඉඳන් අරන් එන අලූත් දැනුම් පද්ධති උඩ ලැජ්ජා නැති විදිහට යැපෙන්න සිද්ද වුණා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට (නිර්මාල් දන්නවා ඇති මේක). ඒත් කවුරුවත් දැනුම් ආකෘති වෙනසක් යෝජනා කළේ නෑ. විශ්ව විද්‍යාල පවතින්න එකම හේතුව විදිහට ගෙනාවෙ ගම්බද දරුවන්ට අනාගතයට තියෙන මග විදිහට. මේ අනුකම්පා මාවතේ දිගට යනකොට එන්න එන්නම රටේ සිතිය යුතු තැන්වල සිටිය යුතු සිතිය හැකි මිනිස්සු වෙනුවට දුප්පත්කම එකම හේතුව වුණු අය රටේ පිරෙනවා. ගෙදර පවුල සහ ළමයි ටික මූලික විෂය ප‍්‍රශ්නය වුණු බුද්ධිමතුන් පිරිසක් රටක් ගෙනියන්නෙ කොහාටද? විශ්ව විද්‍යාලවල උගත් පිරිස් කවදාවත් මේ දේවල් සංවාදයට ගත්තෙ නෑ. ඒ වෙනුවට එන්න එන්නම සමාජයෙන් වියුක්ත, අදේශපාලනික ප‍්‍රබන්ධ ඇතුලෙ විශ්ව විද්‍යාල පිරිස් හුදකලා වුණා.
ෆුටා එකේ යෝජනා අතර ප‍්‍රධාන එකක් වෙන්නෙ අධ්‍යාපනය වෙනුවෙන් රජය වියදම් කරන ප‍්‍රතිශතය වැඩි කරන එක. වෙන විදිහකට නං රජය විසින් තවමත් අධ්‍යාපනය රැකබලා ගත යුතුයි කියන අදහස. ඒක හු`ගක් සීමිත අදහසක්. රජයෙන් නිදහස් වෙන වහාම, පුද්ගලික අංශය සමග බැඳෙන වහාම හැම අංශයක්ම අන්තර්ජාතික තත්වයන්ට සාපේක්‍ෂව වැඩ කරන්න ගන්නවා. වෙළඳපොල තරගකාරීත්වය සහ ඵලදායිතාව කියන කාරණා වලින් දේවල් මැනෙන්න පටන් ගන්නවා. ඒකෙන් දුප්පත් ගැමි ජනතාවට අවස්ථාව නැති වෙනවා කියන කාරණය හැ`ගීම්බර කතාවක් විතරයි. ඒ පරණ බාසාවෙන්ම කියනවා නං, ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නේය. මගේ බාසාවෙන් කියනවා නං ගමේ රටේ හැම කෙනෙක්ම මේ එකම විදිහෙන් ඉගෙන ගන්න ඕනෑ කියලා හිතන එකම හණමිටි. ඒ ඒ කොටස් වලට ප‍්‍රායෝගික සහ ඵලදායී වෙන වෙනස් අධ්‍යාපන ධාරා ඇති වෙන්න ඕන. ඌව යුනිවසිටි එකේ වගේ තේ ගැන, සංචාරක කර්මාන්තය ගැන අලූත් පාඨමාලා ඇතිවෙන්න ඕන. ඒවට පුළුවන් තරම් ශිෂ්‍යයන්ට ඇතුල්වෙන්න ඉඩ තියෙන්න ඕන. දැනට තියෙන බෙල්ල කැපෙන විභාග තේරීම් ක‍්‍රමයට වඩා මුදල් කියන එක එතනදි ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි මට දැනෙන විදිහට.
අනිත් අතට විශ්ව විද්‍යාල වල රාජ්‍ය ස්වරූපය ආරක්‍ෂා කරනවට වඩා ආචාර්යවරුන් ඒවා පෞද්ගලික විශ්ව විද්‍යාල බවට (ජනප‍්‍රිය සටන් පාඨවල හැටියෙන්) පරිවර්තනයේදී වඩාත් සුබ ප‍්‍රතිඵල අත්කර ගැනීම වෙනුවෙන් දියුණු සංවාදයක් ඇති කරන්න ඕන. අධ්‍යාපනයේ හෝ වෙනයම් ක්‍ෂෙත‍්‍රයක මේ වෙන පරිවර්තනයන් පුළුල් ආර්ථිකමය බලපෑම් එක්කයි සිද්ද වෙන්නෙ. අපිට මේක කල්දමමින් ඉන්න පුළුවන්. ඒත් ඇත්ත අක‍්‍රීය සහ නිෂ්ඵලදායී වීමේ ගැටළුවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තියෙනවා. සමස්තයක් විදිහට අපේ අධ්‍යාපන ක‍්‍රමයේ තියෙනවා. ඒකෙ ප‍්‍රධාන හේතුවක් ඒ අධ්‍යාපන ක‍්‍රමය බාර අයගෙ තියෙන අපරිණතකම. එතනදි මේ ක‍්‍රමය බිඳවැටෙන එකට මං කැමතියි. දුප්පතුන් වෙනුවෙන් අධ්‍යාපනය කියන්නෙ සුබසාධනය ගැන කතාවක්. ඒත් ගුණාත්මක අධ්‍යාපන ප‍්‍රවේශයක් කියන්නෙ ඇත්ත අභියෝගයක්.
මට හිතෙන්නෙ සිද්ද වෙන පරිවර්තනය ඇතුලෙ විය හැකි ලොකුම හානිය ‘සිතීම’ වෙනුවට ‘ලාබය’ මූලික වෙලා හැම දෙයක්ම බංකොලොත් වෙන එක. මේ පරිවර්තනයේදි යුතෝපියානු අරමුණු වලට වඩා සැබෑ ගතිකයන් අධ්‍යනය කරලා ඉන් වඩා සුබවාදී ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන් ‘අවුට් ඔෆ් ද බොක්ස්’ වර්ගයේ කතිකාවක් ඕන කියලා මං හිතන්නෙ ඒකයි. ඒ අනුව මේ වෙලාවෙත් ආචාර්යවරුන් අතින් තමන්ගෙ සැබෑ වගකීම පැහැර හැරෙනවා. ජනතාව පොල්කට්ටකින් වහලා තියන්න මතවාදයක් ගොඩනගලා තේරුමක් නෑ.
ඒත් ආණ්ඩුව පැත්තෙන් ෆුටා කියන්නෙ ලොකු අභියෝගයක්. සර්වඥ ධාතු වගේ මොන මැජික් දාලා අමතක කරන්න හැදුවත් ෆුටා කියන්නෙත් ආණ්ඩුවෙ මතවාදෙම කෙලවරක්. එකදිගට, එක විදිහට, එක කතිකාවක් ගේන එක ඇතුලෙ ආණ්ඩුව ගැන තියෙන සියලූ ප‍්‍රතිවිරෝධතා මේ ‘හොඳ’ අරමුණ වටේ එකතු වෙනවා. ඒකෙන් ආණ්ඩුව පෙරලෙන්න වුණත් ඉඩ තියෙනවා. මොකද ආචාර්යවරුන් මේ වෙලාවෙ අනුගමනය කරන්නෙත් මහින්දගෙන්ම ඉගෙන ගත්ත න්‍යාය.
’අරමුණ හරි හෝ වැරදි විය හැකියි. ඒත් දිගටම එකම අරමුණේ එල්ලී සිටින්න. ඒ අරමුණ නිසැකව ඉටු වනු ඇත’
-චින්තන ධර්මදාස
අද නම් වෙනදට වඩා තේරුම් ගන්න පහසු විදිහට ලියල. වෙනදට කී සැරයක් නම් කියවනව ද...
ReplyDeleteමේ සටන ගැන මට ඇත්තට තියෙන්නෙ ගෞරවයක්. ඒ සටන් කරන අරමුණ හින්ද නෙවෙයි. ඒ තියෙන ස්ථාවරය සහ විනය හින්ද.
සහතික ඇත්ත. ඒත් දැන් ඒ කොටසත් බාගනිමින් සිටින විත්තියක් පේනවා.
සොසි කියන කොටසක් "බාගැනීම" ලංකාවෙ ඔනෑම සටනකදි වෙන්න පුවවන් සහ බලාපොරොත්තු විය යුතු දෙයක්.
ReplyDeleteෆුටා සටනේදි ආණ්ඩුව දිනනවනම් වෙන්න පුළුවන් දේ, නිර්මාල්ලව නෙරපීමයි. ඒක නිර්මාල් ඇතුළු තවත් කීප දෙනෙකුගේ පැත්තෙන් අවුලක් නෑ. මොකද එයාලට වෙනත් රටකට ගිහින් තමන්ගෙ රස්සාව කරගෙන යන්න පුළුවන්.(එයාලගෙ පුද්ගලික ජීවිතේට ඒක අභියෝගයක් නෙවෙයි). ඒත් එහෙම බැරි පිරිසකුත් ඉන්නවා, එයාලට "බෑවෙනවා" හැර වෙනත් විකල්පයක් නෑ.
This is a good article.. But I strongly believe that there are no people in the country who know about top class university education.. I personally experienced it when I came abroad to do my higher studies and the hardest time i had to go through not just because of money but because of the knowledge that have been given to us.. Doing a PHD is not an easy thing and there is a clear distinction between the people who did PHDs in top class universities and other ordinary places. However, presently in Sri Lankan universities, I dont think there are atleast 50 people who graduated from these top level universities, which means more that 99% of lectures are there because they dont have other choice.. They can find a job but they cant find a job in a better place with better salary.On the other hand these people who graduated from top level universities should bring in to university system and for that these benefits shd be provided..
ReplyDeleteFUTA strike shd have done about many years ago.DEEPTHI like people become hero's among the students just because the real heros live abroad (a very few). On the other hand this government wont do any good for the country. just because they dont know how to do it and they dont wanna do it. MAHIND DOEST NOT HAVE EITHER A VISION OR ACTION.. he just passing time with his royal privileges.
මතවාදත් පොල්කට්ටෙන් වහලනෙ තියෙන්නෙ. ඕව අතුලෙන් කතවෙන්නෙ නෑ නෙ. ඒකනෙ දැන් නිර්මාල් ලොක්ක වටෙ මේවැඩේට කට්ටිය සෙට් වෙන්නෙ. නැත්නම් ඔය හාදය උනත් කියපු සමහර ඒව ගැන අතුලෙ උන් කීදෙනාද කතා කරේ.
ReplyDeleteඅනේ උඹ දන්න political strategy. දීප්තිලා ලංකාවේ විශ්වවිද්‍යාල විවේචනය කරන්නෙ නිර්මාල්ලගෙන් වෙන් වෙන්න බොහොම කලින්. ඒක බොහොම විවෘත විවේචනයක් හැබැයි ඒ විවේචනයට ආවේණික ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. එහෙම ප්‍රචණ්ඩ විදිහට විවේචනය ඉදිරිපත් නොවුණ නම් කවුද ඕක ගණන් ගන්නෙ හරියට අද ෆුටා එකේ අරගලය වගේම. ලියුම් යැව්වට ආණ්ඩුව ඉල්ලීම් ලබා නොදෙනව වගේම ලංකාවෙ මානව ශාස්ත්‍ර පීඨත් ලියුම් යැව්වට වෙනස් වෙන්නෙ නෑ. විවේචනය දීප්තිලගෙන් එල්ල වෙන්නෙම වි.විද්‍යල හදන්න පුළුවන් කියන විශ්වාසය තියෙන නිසා නෙවෙයිද?
ReplyDeleteඅනේ පිස්සෝ උබ හිරු ටිවී එකට ගිහිල්ලා දෙක පුනවා... හිරු එක උබේ අම්මාගෙද?
ReplyDelete