Tuesday, February 5, 2013

හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට.

මට හම්බුවෙනවා චිත‍්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත‍්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කියන තරමටම අභිමානවත් හීනයක්. ගඩොල් කපලා හරි චිත‍්‍රපටිකාරයෙක් වෙන්න තියෙන අධිෂ්ඨානය.. ඒ තනි ගමනෙ ගිය අය කොහොමත් තමන්ගෙ ගමන යනවා. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. ඒත් ගොඩක් අයට මගදි තමන්ගෙ ආදරේ අත්අරින්න වෙනවා. ජීවිත කාලයක් ඒ අහිමි පෙම්වතිය වෙනුවෙන් විකාර කරනවා.

ඩිජිටල්කරණයත් එක්ක මේ හීනෙ ගොඩක් අත පොවන මානෙට ආවා. නිදහස් අධ්‍යාපනේට වඩා ලොකු අවකාශයක් මේක. ඒත් අපි දූපතේ එක තැනක හිරවුණා. හදන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොතනද? තාමත් චිත‍්‍රපටි හදන්න බලාගෙන ඉන්න පිරිස නොදන්න, දන්න පිරිස තමන්ගෙ චිත‍්‍රපටිය විතරක් කොහොම හරි ෆෙස්ටිවල් එකකට විකුණගන්න පාර හොයන මාර්ග බාධකය මෙතන. මෙතනදි හැමෝටම තමන්ගෙ අයිඩෙන්ටිය පෙන්නන්න සිද්ද වෙනවා. මහින්ද චින්තනයට පිටින් චිත‍්‍රපටි හදන්න  ඕන නෑ කියලා අසෝක සේරසිංහ හන්දියෙ චන්ඩියෙක් වගේ කියල තිබුණ. කාටවත් ඇහුනෙ නෑ. නෑහෙන ගානට ඉන්න එක ජාතික ප‍්‍රතිපත්තිය වෙලා තියෙන කාලයක්. දැන් හෝල් වලට එන චිත‍්‍රපටි මොනවද? සවුදි අරාබියට වඩා දරුණු විදිහට අපේ රටේ දෘෂ්‍ය පථය අකුළලා. මහා සිනමාකරුවො ටික ගැන ඇත්තටම ලැජ්ජ වෙන්න  ඕන. මට අහන්න තියෙන්නෙ, තමුසෙලා මොනවද කළේ?

අද සිනමාකරුවෙක් වෙන්න හිතන කවුරු වුණත් එක ඇත්තක් බාර ගන්න  ඕන. හදනවා නම් හදන්න පුළුවන් පවුලේ චිත‍්‍රපටි විතරයි. එකපාරට බොරැල්ලෙ වයිඑම්බීඒ නාට්ටි වර්ගයේ කලාවක් ලංකාවෙ ජාතික කලාව වෙලා. ඒ ගැන ජනතාවට හෝ නිර්මාණකරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක හෝල්කාරයො සහ මහින්ද චින්තනය අතර ගිවිසුමක්. හඳගමලා එහෙම වුනත් දැන් එන්නෙ ඉන්ටර්වල් එකට විතරයි. හාස්‍යජනකම කාරණය මේක කිසිම ව්‍යාපාරික හෝ ලාබ කාරනයක් පාදක කර ගත්ත වෙනසක් නෙමෙයි. මේ අනිත් මාධ්‍ය ඔක්කොම කිසි කෙඳිරියක්වත් නොගා ‘කැමැත්තක් කර ගන්න’ කිව්වා වගේ සිනමාවත් එකග වෙන මොහොත. පේ‍්‍රක්‍ෂක රස වින්දනය කියන කතාව මෙතන අදාලම නැති එකක්. දාන  ඕන ජරාවක් ටීවී එකේ පෙන්නලා පෙන්නලා මිනිස්සු ටික දක්කන්න ඒ ගොල්ලොන්ගෙම ටීවී චැනල් තියෙනවා. පේ‍්‍රක්‍ෂකයා තව දුරටත් සිතන මිනිසෙක් නෙමෙයි. එයා බැලීමට අවශ්‍ය දේ රජය විසින් තීරණය කර ලබා දෙනවා. මේ රටේ වැඩිහිටියො නෑ. ඉන්නෙ ඔක්කොම ළමයි.

චිත‍්‍රපටි හදන්න ද`ගළන අය මුලින් උත්තර හොයන්න  ඕන ප‍්‍රශ්නෙ, කරන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොහෙද කියන එක. ඒවා නිෂ්පාදන විදිහට අරගෙන අළෙවි කරන්න කර්මාන්තමය දැක්මක් මේ රටේ නෑ. අපි නොදන්නවා වුනාට ඒක මහින්ද චින්තය යටතේ තහනම් කර්මාන්තයක් වෙන්නත් පුළුවන්. ‘අපි මේ බලන්නෙ මොනවද?’ කියල අහන පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට ලංකාවෙ බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අඩුම තරමෙ, ‘අපේ අදහස් පෙන්නන්න තිරයක් කෝ?’ කියලා අහන එක ආන්ඩුව පෙරළන වර්ගයේ ඉල්ලීමක් නෙමෙයි කියලයි මගේ අදහස.

අද නන්නත්තාරෙ යන දවසක්. මං වෙන කතාවකට මාරු වෙනවා. මට කාලෙකට පස්සෙ මාරෙ කතා කළා. මාරෙ විනාඩි පහක් ඉල්ලලා පැයක් විතර දිග මාර කතාවක් කිව්වා. ඒ වගේ වළාකුල් අදහස් එන්නෙ ඌට විතරයි. සිංහලෙන් විතරක් කියෙව්වට මේ පොලොව ගැන ගැඹුරු කතාවක් මාරෙ ළ`ග තියෙනවා.

‘මට මැරෙන්න ඉස්සර මේ ටික කියා ගන්න  ඕනි බං’

අලූත් සීතීමේ ප්ලොට් එකක් හම්බුනාම මාරෙ පැලෙන්නෙ තරම් ත‍්‍රිලකට යනවා. උස්සන කල්ම ෆෝන් එක දහපාලොස් වතාවක් හරි රිංග් කරනවා. උස්සපු ගමන් නොඋස්සන්න කාරනා අහන්නෙවත් නෑ, කෙලින්ම කතාවට බහිනවා.

ඇත්ත අදහසක් ආවම ඒක බෙදා ගන්න කල් තියෙන නොඉවසිල්ල ඒ අදහසේ අවංකකමේ තරම කියනවා කියල මං හිතන්නෙ. ඒ අදහස ජීවත් කරවන්න, තව තව සංසර්ගයේ යොදවන්න තියෙන උවමනාව, සාමාජීය හැ`ගීම තමයි පැවැත්මේ මූලිකම කොන්දේසිය. මේ ක‍්‍රියාවලිය අහිමි සමාජයක් මැරිලා. සොම්බිකරණය වෙලා. මාරයාව පැවැත්ම විසින් කොයිතරම් හුදකලා කළත් ඌ අදහස් කැට අහුරු ෆෝන් කම්බි ඇතුලෙන් හරි සමාජය දිහාවට විසි කරනවා.

මචං, දැන් ස්ටී‍්‍රට් ප්‍රොස්ටිටියුෂන් (වීදි ගණිකා)ඉවරයි. දැන් තියෙන්නෙ අලූත් එකක්. ‘පොකට් ප්‍රොස්ටිටියුෂන්’. ඒකට සිංහලෙන් මොකද්ද කියන්නෙ? (ඒකට සිංහල වචනයක් හොයන්න මටත් අමාරු වුනා). දැන් මචං ගොඩක් ගෑණු  ඕක කරනවා. සමහරුන්ට තමන්ගෙ මිනිහට අමතර ආදරවන්තයො කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆෝන් බිල ගෙවනවා. තව කෙනෙක් එක්ක ෂොපින් කරනවා. තව කෙනෙක් වාහනයක් අරන් දෙනවා. නැත්තං මචං මේ ගෑණු හම්බුකරන සොච්චම් පඩියෙන් කොහොමද ඔහොම ඉන්න වියදම් කරන්නෙ? මෙගා ටෙලිවල ඉන්න බහුතරය කරන්නෙ මේක.

ඒත් මචං, වීදි ගනිකාවන්ට වඩා මේ ටෙ‍්‍රන්ඞ් එක භයානකයි. ඒඞ්ස් එහෙම බෝවෙන්න තියෙන ඉඩ වැඩියි. ඇයි මචං වීදි ගනිකාවො අම්මා මුත්තා වුනත් කොන්ඩම් එකක් නැතුව නං බෑ සර් කියනවා. මුංට එහෙම නෑ. ඒත් ඉතිං ඒඞ්ස් නං මොන ඉලව්වක්ද? බුදිය ගන්න  ඕනි නං එච්චරයි. ඒත් මේක තව හොයන්න තියෙන සබ්ජෙක්ට් එකක්. පොකට් ගනිකාවො. මීට කලින් උඹ කොහෙවත් කියවලා තියෙනවද?

මාරෙ එතනින් සෙනසුරු ගැනත් හනුමන්තා ගැනත් ජ්‍යොතිෂ කතාවලට පැන එතනින් රාම රාවණා කතාවටත් පනිනවා.

‘මේ යක්කුන්ට පිස්සු බං. රාවණා ලංකාවෙ කියලා මැරෙන්න හදනවා. රාමා ඉන්දියාවෙ කියල දාගෙන. මේක මේ ඉතිහාසෙ ගැන කියවන උන්වත් පැහැදිලි කරන්නෙ නෑ. ඒ කාලෙ කොහෙද බං ලංකාව ඉන්දියාව කියල රටවල්. මේවා ප‍්‍රදේශ. ලංකාව ඉන්දියාව කියල මේවා නම් කළේ සුද්දො. ඉන්දියාව නං ඉතිං ලොකු මහද්වීපයක් විදිහට තියෙන්න ඇති. ඒත් ලංකාව කියලා එකක් තිබ්බෙ නෑ.

රාම රාවණා යුද්දෙ කියන්නෙ ප‍්‍රදේශ අතර යුද්දයක්. රාමා තමයි ඒකෙන් දිනන්න  ඕන. එයා තමයි රාජ්‍යය. රාවණා කළේ වෙනත් ප‍්‍රදේශයක නායකයාගෙ බිසව පැහැරගෙන එන එක. ඒක මේ ලංකාව ඉන්දියාව අතර යුද්දයක් කියල කියන ගොන්නු මුං.

ලෝකෙ තියෙනවා මචං ශිෂ්ටාචාර වර්ග දෙකක්. මාරෙ කතාවෙ තවත් දිගුවකට මාරු වුණා. එකක් ගංගා නිම්න ආශ‍්‍රිතව ඇති වෙච්ච ශිෂ්ටාචාර. ඒවා තමයි මහා ශිෂ්ටාචාර වුනේ. අපි ඉන්නෙ වැව් ආශ‍්‍රිත ශිෂ්ටාචාර වර්ගයෙ. මේ වැව් කියන්නෙ අපේ ජාතික පොරවල් කියන විදිහට රජවරු මාර විදිහට හිතලා කරපු මහා වැඩ නෙමෙයි. ලංකාවෙ පිහිටීමෙ හැටියට කොහොමත් තැන් තැන් වල වතුර එකතු වෙනවා. වලවල් වල වගේ. මේකට ඉතිං කානු ටිකක් බැඳලා වතුර ටික බෙදෙන්න හදන එක මාර දියුණු හිතීමක්ද? මේවා තමයි උගන්නන බොරු.

මෙතනින් කොහොම හරි කතාව සමාජ ව්‍යාපාර වලට මාරු වුනා. ඒකෙ සම්බන්දෙ දැන් මටත් මතක නෑ. ඒත් මාරෙ පට්ට කතාවක් කිව්වා.

‘මචං ලංකාවෙ තිබ්බෙ එක සමාජ ව්‍යාපාරයයි ඇත්ත වැඩක් කරපු. කියපං බලන්න?’

මං දහඅතේ කල්පනා කළා.

‘හෙළ හවුල බං. උන් විතරයි වැඩක් කළේ’

‘ආපෝ....ඒක පිස්සුවක්’ මට ගත් කටටම කියවුනා.

‘මචං උන්ගෙ අනිත් වැඩ පැත්තකින් තියපං. උන් මේ යක්කුන්ට ඇඳුමක් අන්දපු එකම මදිද?’

‘මොන?’ ඒ මම.

‘ඇයි බං ජාතික ඇඳුම. මුංට ඇඳුමක් තිබ්බෙ නෑනෙ. කට්ටියක් අමුඩ ගහනවා, කට්ටියක් රෙදි නැතුව යනවා. මචං ලැජ්ජාවක් නැතුව එලියට බහින්න ජාතික ඇඳුමයි ඔසරියයි උන් හදලා දුන්නා. අන්න ඒවයි සංස්කෘතික වැඩ කියන්නෙ’

‘ඔන්න මචං දවසක් තෝමස් කියල එකෙක් කුමාරතුංග මුනිදාස හම්බු වෙන්න ඇවිත්. උගේ දරුවට නමක් දාගන්න. දැන් ඉස්සරහ ඉඳන් ඌ කැරකෙනවා කෙලින් කියා ගන්න බැරුව. කුමාරතුංග අහනවා,

‘මොකෝ තෝමස්’

‘කොල්ලෙක් උපන්නා. නමක් හදාගන්න කියල’

‘හා...තෝමස්ට මහ සතුටක් නේද?’ කුමාරතුංග අහනවා.

‘අනේ ඔව්’

‘එහෙනං අපි මාතොස් (මහ තොස්) කියල දාමු’

මචං බලපං. ලයිෆ් නෙ.

මාරෙ තවත් දිගට කතා කරනවා. මට දැන් යන්න  ඕනි.

‘හරි මචං. කතාවෙ  ඕන ටික තාම කිව්වෙ නෑ. මට විනාඩි තුනක් දියං’

මාරෙගෙ සුරතාන්තය තව ගොඩක් ඈත.



-චින්තන ධර්මදාස

6 comments:

  1. චින්තා මං උබේ කතා වලට කැමති උබේ කතා හෙන අපැහැදිලි නිසා ඒ අපැහැදිලි කම මාව පිස්සු වට්ටනවා. එක හරිය සංසර්ගයේ අවසාන මිනිත්තුව වගේ, වෙනම ලෝකෙක පිස්සුවෙන් වගේ. හැබැයි උබේ අපැහැදිලි කතාවේ තේරුම ගින්දර වගේ.......... මං කැමති ඒ ගින්දරට......

    ReplyDelete
  2. මාරෙගේ ගණිකාවෝ ගැන කතාව නම් සෑහෙන sexist. අනික වැව් හා ඇලවල් කියන්නේ නිකම්ම නිකම් වලකුයි කානු ටිකකුයි නෙමෙයිනේ. බොරු අභිමානය වගේම හීනමානයත් නිවැරදි නෑ.

    පොකට් ප්‍රොස්ටිටියුෂන් = සාක්කු ගණිකා වෘත්තීය?

    ReplyDelete
  3. ප්‍රශ්නනම් තියෙනවා අහන්න. උත්තර දෙන්නෑ කියලා දැන දැන ප්‍රශ්න අහන එකේ තේරුමක් නෑනේ

    ReplyDelete
  4. චින්තන, මේ පෝස්ට් එක හොඳයි...
    ඒත් වැඩකට නැහැ... මේ තියෙන්නේ බයිලා...
    ඔයා අපේ රටේ වැඩ්ඩෙක් වෙන්න ඇති. හැබැයි මේ මුහුදෙන් එළියට බැස්සම ඔයත් වැඩකට ඇති එකෙක් නෙමේ...
    එහෙව් බුවාලා තමා ලොරි ටෝක් දෙන්නේ...
    අඩුමගානේ ඔස්කාර් සම්මාන උළෙලට "පෙන්නන්න" පුළුවං ෆිල්ම් එකක් හදපං...
    ඊට පස්සේ මේ ටෝක් දුන්නට කමක් නැහැ...
    ඒක සදාචාරවත්...

    ReplyDelete
  5. ආධුනික නර්මාණකාරයො හැමදාම සමාජයට බනිනවා එයාලට එලිදැක්වෙන්න තැනක් නැහැ ඒක රජයෙන් සමාජයෙන් දෙන්නෙ නැහැ කියලා...
    මොන සමාජයෙද ඒ විදියෙ ආධුනිකයින්ව අප් කරලා වේදිකා හදලා දෙන්නෙ...
    මොන රටේ වුනත් ආධුනිකයා කට්ට කාලා වේදිකාවක් නැත්තං හදාගෙන හරි ඉස්සරහට එන්න ඕනි..
    පොඩ්ඩක් බලන්න තෙල්බෙහෙත් කාරයෙක් කොච්චර වාත වෙනවද උගේ තෙල විකුනගන්න..කියන පච කන්දරාව සහ දාන අබිරූපන ටික..
    අපේ කලාකාරයො කියන්නෙ උපතින්ම මහ කලිසම් අදින පොස් ජාතියක්..උන් කැමති නැහැ සාමාන්‍ය මිනිස්සුන්ගේ දාඩිය අස්සෙ ඉන්න..උන්ගෙ අස්සෙ ඉඳගෙන නිර්මාණ කරන්න..

    ලංකාවෙ කලාකාරයා කියන්නෙත් වයිට් කොලර් ජොබ් එකක්...කලාකාරයට ඕනි කොළම ඉන්න සහ නගාරාශ්‍රිත අති පන්ඩිත පොත් කියවල ඔලුව ගොඩදාගත්ත මධයම පන්තියට නිර්මාණ පෙන්වලා කීයක් හරි කඩාගන්න...

    පිටකොටුවෙ පොත් කාරයො පොත් පහක් සීයට දිල ඒ වැඩේ කරන්න කොච්චර මහන්සි වෙනවද? ඒක දකින මට මතක් වෙන්නෙ අනේ ගොඩගේ එකෙන් ගන්නෙ නැහැ..ගුනසේන අපිව සලකන්නෙනැහැ කියන කතන්දර ලියන් විකුනගන්න බැරුව දගලන ආධුනික නිර්මාණ කරුවන්...

    ඇයි ඔවුන්ට බැරි පොත් කඩවල් මත යැපෙන්නෙ නැතුව නිර්මාණශීලිව පොත් පත් විකුනන ක්‍රම යොයාගන්න...අපේ අධ්‍යාපන ක්‍රමය මගින් සියල්ලෝම පොරවල් කරනවා..ඉන් පස්සෙ ඒකෙන් අවුට් වෙන එකෙක් ආත්මෙට මහ පොලවට බහින්නෙ නැහැ..හැමදාම අහසෙ...

    අහසෙ ඉදගෙන ආන්ඩුවෙන් ඉල්ලනවා අනේ අපි නිර්මාණ කරනවා..අපිට කිසි හෙල්ප් එකක් නැහැ කිසි තැනකින් කියලා..

    ReplyDelete
  6. මාරයාට පින් සිදුවන්න අදයි මෙතැන නෙත ගැටුණේ.. එන්නං දිගටම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete