Wednesday, April 2, 2014

මාලනී එන්න මල් පිපී දැයි බලන්න.

මාලනී ගැන ලියන්න... මාලනී ගැන හෝ නන්දා මාලනී ගැන තව මොනවා ලියන්නද? ඒවා ඉවර වෙච්ච චරිත. මේ වෙද්දි තමන් ගැන මිනිස්සුන්ගෙ හිත්වල ඇති වුණු සුන්දර හැ`ගීම් වෛශ්‍යා වෘත්තියේ යොදවමින් ජීවත් වෙන..

ඒ කියන්නෙ මාලනීලා අතින් යමක් නොවුණා කියල නෙමෙයි. ඒත් වර්තමානයේ ඔවුන් ගත කරන ජීවිතය විසින් අතීතයේ ඔවුන්ට ආදරය කළ මං වගේ චරිත තුල ඇති කරන ජුගුප්සාව නොලියාම බෑ.

මාලනීට ප‍්‍රංශයේ පැවැත්වෙන ආසියානු සිනමාව ගැන සම්මාන උළෙලකින් ගෞරවනීය ඇගයීමක් ලැබෙනවා මෑතක. ඒ හින්ද හිස් වර්ණනා වෙනුවෙන් පිටු ගණන් එම්බාම් කඩ එකදිගට ඇරෙනවා නොඅනුමානයි. ඒක හින්ද මං කියන අගුණක් වුණත් ප‍්‍රතිශතයක් විදිහට නොසළකා හැරිය හැකි කුඩා වෙයි. ඒත් මං ටිකකට ආපස්සට හිතන්න පටන් ගත්තා, ඇත්තටම මාලනී මොනවද කළේ? (නන්දා මාලනී ටිකකට පැත්තකින් තියලා අපි මන්ත‍්‍රී මාලනීට කලින් හිටපු නිළි මාලනී එක්ක කළු සුදු නොස්තැල්ජියාවකට ඇතුල් වුණොත්..)

මාලනී අතිශය සංකීර්ණ මානව භාවයන් සියුම් විදිහට නිරූපණය කිරීමට සමත් ගැඹුරු නිළි ප‍්‍රතිභාවක් තියෙන කෙනෙක් කියල කිව්වොත් මං හිතන්නෙ ඒක බොරුවක්. මාලනී ඒ වගේ ගැඹුරු චරිත වලට ඇතුල් වෙන්න ට‍්‍රයි කරන හැම තැන ඇන ගන්නවා. උදාහරණ විදිහට එයා ර`ගපාන  ඕනම සම්භාව්‍ය චිත‍්‍රපටියක් අරගෙන බලන්න. මහා සිනමා කෘතියක් විදිහට පසසන නිධානයේ පවා මාලනීගේ රංගනය හරිම මතුපිට එකක්. ඒත් එයාගෙ සිනමා ඉතිහාසයේ එක තැනකදී විතරක් එයා මේ කියන කතාව බොරු කරනවා. ඒ චිත‍්‍රපටිය මොන විදිහකින් ඒ තරම් සංගතව නිර්මාණය වුණාද කියල මම නැවත නැවත බලමින් පුදුම වෙනවා. චිත‍්‍රපටියෙ නම ‘එයා දැන් ලොකු ළමයෙක්’. මාලනී ර`ගපාපු කොයිම චිත‍්‍රපටියකවත් මට මුණ නොගැහුණු, හරිම සියුම් තැන් වලින් අල්ලන විශිෂ්ට රංගනයක් එයා එතනදි කරනවා.

ඒත් මං මාලනීට කැමති එයා කරපු ජනප‍්‍රිය චිත‍්‍රපටි හින්ද. ඒ චිත‍්‍රපටි වල මාලනී අපිට දැනෙන්න ලොකුම හේතුව මං හිතන්නෙ එයා තිරේ උඩට අරගෙන එන සෙක්සුවල් එනර්ජි එක. ඒ ශක්තිය තිරය උඩ  ඕනම ආකාරයකින් වැඩ කරනවා. ඒක නළු නිළි පාඨමාලා වලින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර විට හොඳ චරිතාංග නිළියක් විදිහට මාලනී අසාර්ථක වෙන්න හේතුවත් මේ භාග්‍යයම වෙන්න පුළුවන්. ඒත් මාලනී ලංකාවෙ හැම කොල්ලෙක්ගෙම පෙම්වතිය වෙන්න තරමට විශාල ස්ත‍්‍රීත්වයක් මැවුවා.

හොඳ නිළියක් වෙන්න නම් හොඳට පිරිමිත් එක්ක නිදා ගන්න  ඕන කියන කතාව මීට ටික කාලෙකට කලින් මං විශ්වාස නොකළත් අද මං හිතන්නෙ ඒක ඇත්තක්. සදාචාරය හෝ ස්ත‍්‍රීවාදය පැත්තෙන් ඒක කොයි විදිහක වුණත් දැවැන්ත නිළියක් විදිහට ඒ තරං විශාල ආදරයක් ගොඩනැගෙන්නෙ නෑ ඒ දුර තරණය නොකළා නම්.. ස්ත‍්‍රීත්වය සදාචාර සීමාවන් ජය ගත යුතුමයි. දැවැන්ත නිළියක් ඉඳන් නිරෝගී ගෑනියෙක් වෙනකල් හැම හොඳ දෙයක්ම සිද්ද වෙන්නෙ එතකොට විතරයි.

මං හිතන්නෙ මාලනී තිරය උඩට අරන් එන ජවය වෙන කිසිම නිළියකට ගේන්න බැරි වුණ හේතුව එයාගෙ සෙක්සුවල් කැරිස්මාව. මාලනී විජය එක්ක ගොඩනගන ආදරය බිඳින්න වෙන කිසිම නිළියකට බැරි වුණා. විජය ජනප‍්‍රිය වුනෙත් එයා චරිතවල ගැඹුරු තැන් අතපාත ගාන නළුවෙක් හින්ද නෙමෙයි. මාලනීට වගේම විජයටත් මේ එනර්ජි එක තිබුණ. මේක පිරිමි හෝ ගෑණු කොච්චර ගානක් එක්ක නිදාගන්නවද වගේ සරල කාරණයක් නෙමෙයි. ඒක ඇෙ`ගන් අරගෙන එන දෙයක්. ඒ ගොල්ලොන්ට තියෙන්නෙ නිකං හිටගෙන ඉන්න විතරයි. ඉතින් විජය තිරේට අරගෙන ආපු ඒ ලිංගික පෞර්ෂය දරන්න පුළුවන් වුනේ මාලනීට විතරයි. එයා එතනට එන්නෙ ගාමිනීව ඉවර කරලා.

”මං හිතන්නෙ ඒක අපේ ඇතුළත ශක්තිය එක්ක සම්බන්ධ කාරණයක්. අපි කොයිතරම් අපේ ලිංගික ශක්තීන් හෝ උතුරා යාම් ගැන පහසුවෙන්ද ඉන්නෙ.. අපිට පුළුවන්ද ඒවාට ඉඩ දෙන්න... අපේ ඇතුලෙම විවෘත වෙන්න.. මං හිතන්නෙ තමන්ව බාර ගන්න පුළුවන්, තමන්ව ඇති සැටියෙන් පිළිගන්න පුළුවන් මිනිස්සු විරලයි...’
-ජෙමා කායේ
ඔස්ටේ‍්‍රලියානු නළුවෙක්

මාලනී කියන්නෙ ඒ ලංකාවෙ සෙක්සුවල් කැරිස්මා එකක්. එයා නිළියක් විදිහට වැදගත්ම වෙන්නෙ දැන් මළ කඳන් වගේ ඉන්න නිළියන්ට මේ කාරණය මතක් කරන හින්ද. ඒත් මාලනී කියන්නෙ සෙක්ස් සිම්බල් එකක් නෙමෙයි. ඒක නිසා තිරය උඩ මාලනී වගේ චරිත වලට ලැබෙන ආධිපත්‍යය විශාලයි. සෙක්ස් සිම්බල් එකක් ඇඳක් උඩට විතරක් සීමා වෙද්දී සෙක්සුවල් කැරිස්මා එකක් පේ‍්‍රක්‍ෂකයෙකුගේ ජීවිතේම වෙන්න පුළුවන්.
ඒත් අවාසනාවට ඒ පිරිමි ටික ඉවර වෙලා යද්දි මාලනීගේ මේ කැරිස්මාවත් හිඳිලා ගියා. ඊට පස්සෙ නළුවො විදිහට ආපු ‘වෙන්න පිරිමි’ එක්ක මේ කෙමිස්ටි‍්‍ර එක වැඩ කළේ නෑ. ඒක නාකි වෙන කොට දිය වෙලා යන එකක් නෙමෙයි. උදාහරණයක් විදිහට ෂබානාස්මි. ඒ උදාහරණය දුර වැඩි නම් රේඛා අරගෙන බලන්න (බටහිර උදාහරණ අමතක කළොත්*. ඒත් මාලනීගේ කැරිස්මාව සිනමාවත් එක්ක ඒක දිය වෙලා ගියා.
ඒ කොහොම වුණත් මාලනී කියන්නෙ ලංකාවෙ එකම නිළි රැුජිණ. ඒක ඉස්සරහටත් පස්සටත් එහෙමමයි.
මං හිතන්නෙ ඒ ගැන දුක්වෙන්න  ඕන මාලනී නෙමෙයි, අපි.

-චින්තන ධර්මදාස

3 comments:

  1. ඔය තරම් ගැඹුරට ඕක නොදැක්කත් (මොකද මම මාලනීගේ සිනමාවේ ඍජු රසිකයෙක් නොවෙන නිසා) මටත් ඔහොම දැනිල තිබ්බා. කියන්න තරම් පසුබිමක් මට ලැබිලා තිබ්බෙම නැහැ.

    ස්වර්ණා වගේ නිලියන් විසි වෙන්නේ මාලනීගේ තිබ්බ අර 'සෙක්සුවල් කැරිස්මා' තත්වේ හින්දා මිසක් රංගන ප්‍රතිභාවේ ගැම්මෙන් නෙවෙයි නේ.

    ReplyDelete
  2. හොඳ විග්‍රහයක්. ඇත්තටම මෙය නැවත වරක් කියවිය යුතු වර්ගයේ ලිපියක්.

    /// ඉස්සරහටත් පස්සටත් එහෙමමයි.මං හිතන්නෙ ඒ ගැන දුක්වෙන්න ඕන මාලනී නෙමෙයි, අපි. /////

    මොනවා වුනත් මේ දේ ලිව්වේ මොන අර්තයෙන්ද :D

    ReplyDelete
  3. මමත් හිතන්න ගත්තේ ඔන්න ඔය අන්තිම වාක්යය ඔස්සේ.
    එහෙම බලපුවාම අපිට හිටියේ එක ජෝතිපාල කෙනයි, එක අමරදේවයි,කවුරු මොනවා කිව්වත් එක අර්ජුන රනතුංගයි නේද කියලා හිතුනා

    ReplyDelete