Saturday, April 12, 2014

වීරයා මැරෙයිද?

අපි මැච් එක දින්නා. සංගා වීරයෙක් වුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින්.

මිනිස්සු පාරට බැස්සා නෙමෙයි පැන්නා. පාරවල් දිගේ සතුට දෝරෙ ගලන්න ගත්තා. හැම කෙනෙක්ගෙම මූණු පිපිලා. මගතොට නැවතිලා අඳුරන්නෙ නැති උනුත් මැච් එක ගැන වචනයක් හරි බෙදා හදා ගත්තා.
සංගා.... කියලා වැඩක් නෑනේ....

ක‍්‍රිකට් ගැන කිසි උනන්දුවක් නැති මාත් මේ ත‍්‍රිල දිහා බලන් ඉඳලා ත‍්‍රිල් වුණා. ඒ තරං ලස්සනයි මිනිස්සුන්ගෙ උතුරා යන මොකද්දෝ එක. 
ඒක සතුටද? මට ෂුවර් නෑ.

ඒ මොහොතෙ ලංකාවෙ බංකොලොත් පවුල් ජීවිත ඇතුලෙ හිරවෙලා දුක් විඳින සුවහසක් පිරිමින්ගෙ නිදහස වුනේ සංගා. පිරිමින්ගෙන් ගුටිකකා ජීවත් වෙන ලංකාවෙ කරුමක්කාර ගෑණු සුවහසකගේ ආදරය වුණේ සංගා. සුරතාන්තයක් අහිමිව දුක් විඳින ඒත් කියාගන්න බැරි කාන්තා පරපුරක සුරතාන්තය වුණේ සංගා. බෙලහීන පිරිමි ගොඩකගේ උත්කර්ෂය වුනේ සංගා. 

අම්මලගෙ හොඳට හැදිච්ච පිරිමියා වුණේ සංගා. දුවලට බඳින්න  ඕන මිනිහා වුණේ සංගා. කොල්ලන්ට  ඕන වුනේ වෙන්න සංගා. කන්න නැතුව දුක් විඳින බහුතර ජනතාවකගේ කෑම පත වුනේ සංගා. අරමුණක් නැතුව නන්නත්තාර සුවහසක් ලාංකිකයන්ගේ බලාපොරොත්තුව වුණේ සංගා.. කොටින්ම අසරණ දුබල වෙලා හිටපු ආණ්ඩුවටත් අලූත් පණක් වුනේ සංගා. 

මට මතක් වෙනවා සුගතපාලද සිල්වා කරපු පීටර් වයිස්ගේ මරාසාද් නාට්ටියේ කොටසක්. සාද් කියනවා මරාගේ විප්ලවය ගැන.

ඔන්න ඔහොමයි මරා උඹේ විප්ලවය.
උන්ට දත් කැක්කුම
උගුල්ලා දමන්න  ඕන වෙලා උන්ගේ දත්
රොස් වෙලා ඔවුන්ගේ හොද්ද
හොඳ හොදි ඉල්ලලා මොර දෙනවා උන්
ගෑනියෙකුට රුස්සන්නෙ නෑ ඇගේ අ`ගටුමිටි සැමියාව
ඇය හොයනවා නව රියන් සැමියෙකු
මිනිහෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ
ඔහු පතනවා පුෂ්ටිමත් බිරිඳක්
මිනිහෙකුගේ සපත්තුව හිරයි
ඒත් අසල්වැසියාගේ සපත්තුව හිර නෑ
කවියෙකුගේ කවිකම හිඳිලා
සංකල්පනා හොයමින් දනිපනි ගානවා ඔහු
මාලූ බාන්නා හෝරා ගානක් පිත්ත ලා ගෙන සිටී
ඒත් මාළුවො ගිලින්නෙ නෑ ඇම
ඉතින් හැමකෙනෙක්ම එකතු වෙනවා විප්ලවේට
සපයාවි යැයි සිතා විප්ලවය සියල්ලක්ම....

ක‍්‍රිකට් සහ අපේ ජනතාව අතර සම්බන්දෙත් මේකට ගොඩක් ළ`ගයි. අපි ගොඩක් පව්.

සංගා කියන්නෙ ලෝකයට කියන්න ක‍්‍රිකට් මිස වෙන කිසිම දෙයක් නැති දුක්ඛිත ජනතාවකගේ වීරයෙක්. කිසි අනාගතයක් නැති රටක ජනතා වීරයෙක්. මෙතන තියෙන්නෙ සතුට සහ විනෝදය විතරක් නෙමෙයි.
මේ වීරයා මතින් රටේ හැම ආතතියක්ම පිටාර යන්න පටන් ගත්තා. තේ ඇරුණම අපිට ලෝකෙට ගෙනියන්න තියෙන බ‍්‍රෑන්ඞ් එක ක‍්‍රිකට් කියලා මුදල් නියෝජ්‍ය ඇමති පවා ඉක්මණට කිව්වා. ජාති ආගම් භේදයක් නැතුව හැමෝම එකවගේ සතුටු වුණා.  සංගා මහින්දට ෆොන්සේකාට වඩා ජාතික වීරයෙක් වුණා.
 කලින් හැමෝම එක ජාතියකට හෝ වර්ගයකට විතරක් සීමා වුණා. වෙන රටවලට අදාලම නැති වුණා. ක‍්‍රිකට් කිව්වම ලෝකෙ වැඩක් ඇති රටවල් අඩුවෙන්ම කරන සෙල්ලමක් වුණත් මොකක් වත් නැති අපිට ඒකවත් අන්තර්ජාතික පිළිගැනීමක් කියල හිතහදා ගන්න පුළුවන්.

මේ පිට්ටනිය ජාතීන්ට බෙදුණු පිට්ටනියක් නෙමෙයි. ජාතීන් එකතු කරපු පිට්ටනියක්. ඒත් අනිත් අතට දැන් ඉතින් ලෝකෙටම ඇරියා කියලා හිතන අපේ පුංචි අංගජාතෙත් එලියට පැන්නා.

සංගා වීරයෙක් වෙද්දි යුවරාජ් ඉන්දියාවෙ ජනතාවට දුෂ්ටයෙක් වුණා. එයාගෙ ගෙවල් ගිනි තියලා වීරත්වයෙන් පිටුවහල් කළා. යුවරාජ්ට බැරි වුණා ඉන්දියාවෙ ජනතාවට බලාපොරොත්තුවක් ගේන්න. එක වීරයෙක් හැදෙන්න තව වීරයෙක් නැති වෙන්නම  ඕනි. 

මේ මහා ත‍්‍රිල ලංකාවෙ දේශපාලනයට වඩා විශාල වෙනවා. අසීමිත අදේශපාලනික විනෝදයකින් රට එක පාරට වාන් දානවා. හැම කෙනෙක්ම තමන්ට පුද්ගලික විදිහට සතුටු වෙනවා. මිනී මැරුම්, මානව අයිතීන්, ජිනීවා, සිංහල බෞද්දකම හැම දේශපාලන මාතෘකාවක්ම එක මොහොතකට නිහ`ඩ වෙනවා. එක නිමේෂයකදි හදිස්සියේ බිහිවෙන වීරයෙක් හින්ද අනිත් හැම වීරයෙක්ම අවලංගු වෙනවා.

දැන් ආණ්ඩුව උඩ පැන පැන ද`ගළන්නේ මේ මොහොත නැවත දේශපාලනීකරණය කරන්න. ඒක එක මොහොතක් විතරයි. ඒ වීරත්වය නැවත පාලනයකට නතු විය යුතුයි. දැන් දොරටු දෙකක් විවෘතයි. එකක් සුපුරුදු වීරයා මරා දැමීම. අනෙක වීරයාට ඇඳ ගැනීම. ඒ කියන්නෙ භූමිකාව පිට්ටනියෙන් එලියට අරගෙන ඒම. 

මේ සංගාගේ වීරත්වයේ කූටප‍්‍රාප්තිය. මෙතනින් පස්සෙ එයාට පුළුවන් රෙස්ටෝරන්ට් එකක් හරි වෙන බිස්නස් එකක් හරි කරගෙන ගානක් හොයාගෙන ජීවත් වෙන්න.  ඕන නං තව කිරිපිටි, චොක්ලට්, සුපර් මාර්කට් ඇඞ් කීපයක් විකුණලා දෙන්න. වීරයාව පිට්ටනියෙ අමතක කරලා වෙළඳාම පටන් ගන්න. ඒක තමයි සුපුරුදු විදිහ. වීරයාට පස්සෙ ප‍්‍රති වීරයාගේ අවස්තාව.  ඕන නං සනත් ජයසුරිය වගේ දේශපාලනයට එන්න, නැටුම් නටන්න, තව ගොඩක් අවස්තා තියෙනවා.

ඒ අතරෙ පුංචි අවස්තාවක් තියෙනවා වීරයා තව ටික කාලෙකට හරි ජීවත් කරන්න. ඒ හැමෝම වෙනුවෙන්, ඒ බලාපොරොත්තුව වෙනුවෙන් යම් පමණක වත් මැදිහත්වීමක් කරන්න. පිළිකා වලට සල්ලි එකතු කිරීම වගේ සූකිරි වැඩ වලට එළියෙන් ජාතික ප‍්‍රතිරූපයක් විදිහට යම් සීරියස් සමාජ දේශපානික වගකීමක් ගන්න.
උදාහරණයක් විදිහට ඉම්රාන් කාන්. 92 වර්ල්ඞ් කප් එක ගන්න වීරයා වෙන්න එයා. ක‍්‍රිකට් වලින් පස්සෙ ඒ වීරත්වය එයා සමාජය වෙනුවෙන් ආයෝජනය කරනවා. සාධාරණය සඳහා පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනගලා එයා ජාතික සභාවට එනවා. පාකිස්තානු ඇන්ටි ඩ්‍රෝන් මෙහෙයුම වෙනුවෙන් ලෝකෙට හ`ඩක් වෙන්නෙ ඉම්රාන් ඛාන්. මේ කියන්නෙ අර්ජුන රණතුංග වගේ අවසනාවන්ත ඉරණමකට මුහුණදෙන්න හෝ සනත් ජයසූරිය වගේ විහිළුවක් වෙන්න නෙමෙයි. ඇටකටු දිරන එකට වඩා වැදගත් සමාජ වගකීමක් ගන්න කියන එක විතරයි. 

එක විදිහකට ඉතිහාසෙ කරේ තියාගෙන ඉස්සරහට යන්න හදන එකට වඩා ක‍්‍රිකට් වගේ දෙයක් සංස්කෘතික උරුමයක් විදිහට බාර ගන්න එක ටිකක් හරි හොඳ වෙයි. ඒක අපේ බෙදුණු ඉතිහාසෙට පස්සෙ ගොඩනගපු නූතන ඉතිහාසෙ කොටසක් හින්ද.

සංගාගේ හාද්ද

මැච් එක දින්න ගමන් සංගාගේ බිරිඳ පිට්ටනියට දුවගෙන එනවා. එයා සංගා වැළඳගෙන දෙන අතිශය රොමාන්තික දෙතොල් හාද්දක් ෆේස්බුක් පිටු වැහෙන්න පැතිරුණා. ඒ දැවැන්ත ජාතික වීරත්වයේ මොහොතක මහා ජන උන්මාදයේ ගහගෙන නොගිහින්  බිරිඳගේ දෙතොල් සිපගන්න තරම් උණුසුම් මිනිහෙක් වීම ගැන ක‍්‍රිකට් නොබලන මටත් හැ`ගීමක් ඇති වුණා මොකකටවත් වඩා අපේ රටේ ජාතික වීරයෙක් මේ වගේ ප‍්‍රසිද්ද මොහොතක දෙතොලක් සිපගන්නා පළවෙනි වතාව මේක. අපේ රට එහෙම රොමාන්තික දේවල් නිර්මාණය වෙන රටක් නෙමෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ජාතික වීරයා හාද්දට ඇති තහනමට එදා පිට්ටනියෙදි අභියෝග කරනවා. දුටුගැමුණුට, මහින්දට හෝ ෆොන්සේකාට බැරි දේ සංගාට තාම කරන්න පුළුවන් වෙනවා.
ඒ තමයි ප‍්‍රසිද්දියේ ආදරය කිරීම.

මට මැච් එක දින්න එක කොහෙත්ම අදාල වුනේ නැතත් මේ හාද්ද ගොඩක් දැණුන. දුප්පත් සදාචාරයක ගිලිලා දුක් විඳින සුවහසක් ලාංකේය ජනතාව වෙනුවෙන් විවෘත කළ ඒ නිමේෂය. ඒක වීරත්වය නැවත ආදරයට පෙරලීමක්. අපි මෙච්චර කල් දැක්කෙ වීරත්වය නැවත නැවත වෛරයට සහ වංචාවට පෙරලීමක් විතරයි.

ඒ හාද්ද ඇත්තටම ලස්සනයි. ඒක වීරයෙකුටම ගැලපෙන හාද්දක්. ඒක වීරයාගේ සමුගැනීමේ හාද්ද නොකර වීරත්වය ආදරයට කැඳවන හාද්දක් වෙනවා නම් කියන බොළඳ බලාපොරොත්තුව මටත් ඉතිරි වුණා.

-චින්තන ධර්මදාස


17 comments:

  1. සංගා ඒ හාද්ද දෙන්න ඕන එතනදිමයි. ඒක දෙතොල් සිපගැනීමක් ද කම්මුල සිපගැනීමක් ද කියලා හිතන්න ඕනද ආදරය උණුසුම්ව තමන්ගෙ බිරිඳට පුදන මොහොතක? මට පුදුම, අපේ රටේ සංස්කෘතික උරුමක්කාරයින්,බල සේනාවන් සංගට විරුද්ධව තාම යුද ප්‍රකාශ නොකළ එකයි.

    ReplyDelete
    Replies
    1. Kiss එකකට විරුද්ධව යුද ප්‍රකාශ කරන මට්ටමෙන් ලංකාවේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ගොඩක් කල් බන්.

      Delete
  2. සංගා ඒ හාද්ද දෙන්න ඕන එතනදිමයි. ඒක දෙතොල් සිපගැනීමක් ද කම්මුල සිපගැනීමක් ද කියලා හිතන්න ඕනද ආදරය උණුසුම්ව තමන්ගෙ බිරිඳට පුදන මොහොතක? මට පුදුම, අපේ රටේ සංස්කෘතික උරුමක්කාරයින්,බල සේනාවන් සංගට විරුද්ධව තාම යුද ප්‍රකාශ නොකළ එකයි.

    ReplyDelete
  3. සංගක්කාර කියන්නේ මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විටරය්! මම ඔහුව දකින්නේ තම ජනප්‍රියත්වය උපයෝගී කොට මුදල් පසුඅපස යන පුදගලයෙක් ලෙසය්. ඔහු සමහර කිරිපිට් දෙන වීම් වල පෙනිසිටමින් මුදල් උපයනවා. අහිංසක දුපත් මිනිසුන් වෙත එම කිරිපිටි වර්ගයම සමබන්දයෙන් අහු දෙන පණිවිඩය කුමක්ද ? තව විටක ඔහු ඔහුගේ ජංගම දුරකතනයට දෙන සේවා සපයන්නේ මාරු කල කියන පණිවිඩය සහිත දෙන්විම මුදල් නිසා පෙනී සිටිය එකක් නෙවේද ?. යම් දිනක ඔහු රටේ නායකත්වයකට පත් වුනොත් ඔහු මුදලට යට නොවී සිටීද ?. අර්ජුන වෙනි අය තම ජනප්ප්රියත්වය මත මුදල් උපයපු පුද්ගලයන් නොවේ. එම නිසා සංගක්කාර යනු මාහට මුදල මත යන අයෙකු පමනය්

    ReplyDelete
    Replies
    1. මේක විකාර කතාවක්. උඹත් මාත් අපි හැමදෙනාම එක්තරා මොහොතක, පැවැත්ම වෙනුවෙන් විකිණෙනවා. අපි ඉන්නේ ධනවාදී අර්ථ ක්‍රමයක කියන එක අමතක කරන්න එපා. ඉතින් සංගා විකුණන්නේ තමන්ට විකුණන්න පුළුවන්, විකුණන්න තියෙන දේ. ජනප්‍රියත්වය, මොඩලයක්, සංකේතයක් වීම.
      සංගා ජනප්‍රියත්වය උපයෝගී කරගනිමින් මුදල් පසුපස යන නිසා ඌ නරකයි වගේ කතා හොඳයි උඹ වගේම කුක්කු පැටියන්ට!

      Delete
    2. අර්ඡුන වෙළඳ දැන්වීම් වලට පෙනී නොහිටියා නෙවෙයි, එයාට ඒ තරම් ලොකු ආරාධනා ආවේ නැහැ. මිනිහට දැන් තියෙන්නේ එයාට සල්ලි උපයන්න බැරි වුන අමාරුව. මේක තනිකරම කුහක බව. අනිත් එක සංගා දැන් ඇඩ් වලට ඉන්නවා කියලා දේශපාලනේට ආවොත් ඒත් සල්ලි වලට විකිනෙයි කියන බොළඳ තර්කයටනම් කියන්න තියෙන්නේ උඹ පිස්සෙක් කියලයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. @ඇනෝ #1

    බල සේනාවල් සංගට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන දවසට ඔක්කොම සේනාවල රෙදි ගැලවෙනවා.. ක්‍රිකට් එච්චරටම ලංකාවේ ජන ජීවිතය එක්ක බැඳිලා..

    ReplyDelete
  5. //ඒ හාද්ද ඇත්තටම ලස්සනයි. ඒක වීරයෙකුටම ගැලපෙන හාද්දක්. ඒක වීරයාගේ සමුගැනීමේ හාද්ද නොකර වීරත්වය ආදරයට කැඳවන හාද්දක් වෙනවා නම් කියන බොළඳ බලාපොරොත්තුව මටත් ඉතිරි වුණා.//

    (Y) +++++++++++ (Y)

    ReplyDelete
  6. /// ඒ මොහොතෙ ලංකාවෙ බංකොලොත් පවුල් ජීවිත ඇතුලෙ හිරවෙලා දුක් විඳින සුවහසක් පිරිමින්ගෙ නිදහස වුනේ සංගා. පිරිමින්ගෙන් ගුටිකකා ජීවත් වෙන ලංකාවෙ කරුමක්කාර ගෑණු සුවහසකගේ ආදරය වුණේ සංගා. සුරතාන්තයක් අහිමිව දුක් විඳින ඒත් කියාගන්න බැරි කාන්තා පරපුරක සුරතාන්තය වුණේ සංගා. බෙලහීන පිරිමි ගොඩකගේ උත්කර්ෂය වුනේ සංගා. ////

    There is no so called pathetic lives in Sri Lanka. What do you know about our society?

    ReplyDelete
  7. People use entertainment mediums such as movies, music, sports to relieve their stress. But that doesn't mean they want to be a sport / movie star or they want to sleep with one.

    I truly don’t know someone who writes to a “so called” newspaper “Randiva” for living can question Sanga’s motives behind appearing in adverts.

    May be the writer of this article is impotent and his wife / girlfriend may be masturbating thinking about Sanga. But that is just you mate, not the whole Sri Lankan populace.

    I have read your articles and it seems like you use both ends when you talk. You question and criticize people for having island mentality, and you get “excited” when you see Sanga kisses his wife in public.

    You are yet another Sri Lankan hypocrite.

    ReplyDelete
  8. සමාජ විචාර - https://www.facebook.com/samajavichara

    “සංගක්කාර ගේ“ දෙතොල් හාද්ද සහ ජාතික වීරත්වය
    අදහස් හුවමාරුවක් සටහන් කිරීමකි
    සමාජ විචාර - “දැවැන්ත ජාතික වීරත්වයේ මොහොතක මහා ජන උන්මාදයේ ගහගෙන නොගිහින් බිරිඳගේ දෙතොල් සිපගන්න තරම් උණුසුම් මිනිහෙක් වීම ගැන.“ ඒ කියන්නේ ඊට විකල්පව සංගාට කළහැකිව තිබුනේ මොකක්ද ඒ වෙලාවේ? බිරිඳ ඇවිත් සිපගත්තම ඒක ඒකට ප්‍රතිචාර නොදී වෙනතකට යන එකද? මට නම් මේ කියවීමේ - සිදුවීමේ නෙවෙයි - අපැහැදිළි තැන් ගොඩක් තියෙනව. එකක් මේ ජාතික වීර කතාව. මන් හිතුව අපි මේ “ජාතික“ කතාවට විරුද්ධයි කියල? මේ ජාතික කම බලය බෙදූ ලාංකේය ජාතියේ ජාතික කමද? නැත්නම් උතුරු නැගෙනහිර දෙපළාතේ ජනයා බැහැර කළ ලාංකේය ජාතික කමද? අනෙක අතිශය වාණිජකරණයට ලක් වූ සහ ක්‍රිකට් ක්‍රීඩාවේ හරය බාල්දු කළ තරඟයක් දිනීම ජාතික වීර කමක් වෙන්නෙ කොහොමද? සංගක්කාර ජනප්‍රිය පුද්ගලයෙක් බව ඇත්ත. ඔහුගේ යම් ගුණාංග නිසා ඔහු මහජන ප්‍රසාදය දිනා ගත් පුද්ගලයෙක් බවත් ඇත්ත. දැන් ඒ වගේ පුද්ගලයෙක් “ප‍්‍රසිද්ධ මොහොතක දෙතොලක් සිපගන්නා පළවෙනි වතාව මේක“ කියන මෙය අගය කරන අපේ අපේක්ෂාවන් සංකේතවත් කරන සිදුවීමක් කියල යි මට හිතෙන්නෙ. මේක රොමෑන්තික කියන එකේ අර්ථය මට තේරෙන්නෙ නැහැ. ඒක රොමෑන්තික වෙන්නෙ “ප‍්‍රසිද්දියේ ආදරය කිරීම“ කියන අර්ථයෙන්ද? දැන් සංගක්කාර යුවල තොල් සිපගන්නෙ නැතිව කම්මුල් විතරක් සිප ගත්ත නම් එ්ක තොල් සිප ගැනීමෙන් අඟවන දෙයින් වෙනස් වෙනවද? රොමෑන්තික කියන්නෙ ප්‍රසිද්ධියේ ආදරය කරන එකද? Contd. -->

    ReplyDelete
    Replies
    1. <--contd. සමාජ විචාර - https://www.facebook.com/samajavichara

      Lakmali Hemachandra - veerathwayata aadaraya athul kireema ganai me lipiye thienne. Sangakkara kianne minissu veerayek lesa piliganna charithayak, e arunahama ohu saba veerayekda nadda kiana eka me lipiye sandahan venne naha. Veerayeku weemata adaraya vani, durwalatha walata pain gasanna one nathi bawai man hithanne meka liyapu kena kianna hadanne. vachanawala gatalu thibiya haki namuth mehi mathu karana ema karuna vadagath kiala man hithanawa.
      සමාජ විචාර - වීරයෙකු වීමට ආදාරය වැනි දුර්වලතා වලට පයින් ගසන්න ඕන නැති බව මෙි ලිපියෙන් ඔබ ගත්ත දෙය බව ඔබ කියනව. ආදරය දුර්වලතාවක් කියන්නෙ කවුද කියල පැහැදිළි නැහැ. ඔබද? චින්තන ද කියල. චින්තක ගෙ උදාහරන වල එන දුටුගැමුණු, මහින්ද, සහ ෆොන්සේකාට බැරි වෙන්නෙ ඇයි ? කියල අපිට මෙහි විග්‍රහයක් නැහැ. අපි දන්නෙ නැහැ ඒක. ඒ උදාහරණ ඇරියම වීරයෙකු වීමට ආදාරය වැනි දුර්වලතා වලට පයින් ගසන්න ඕන නැති බව කොහෙන් එන අදහසක් ද? “දුප්පත් සදාචාරයක ගිලිලා දුක් විඳින සුවහසක් ලාංකේය ජනතා“ව කියන එකෙන් ඔබ ගන්නෙ මොකක්ද?

      Delete
    2. <-- contd. සමාජ විචාර - https://www.facebook.com/samajavichara

      Lakmali Hemachandra - Dutugamunu, mahinda, fonseka veerathwaya sambanda karanne prachandathwayata. Veerathwaye mohothaka sangakkara eka aadarayta sambanda karanawa kiana eka neda meke thienne. Veerathwaya thula adangu venne boho dena dakina shakthiye prakashanayak wana prachadathwaya pamanak nevei, e thula boho dena durwalathwaye prakashanayak lesa dakina aadarayada adangu viya haki kiana eka neveida meke kianne?
      Aadaraya durwalathawayak kiala man dakinne naha. Prachandathwaya wairaya vapurana samajayaka sangakkara bohoma manushiya hangeemak penawanawa, wadagath kama thienne ethanai.
      Lankawe janathawa adatath victorianu sadacharayata ihalin salakanawa, e thula own sadacharawadi gathanugathuka, pasugami aakalpa walin thamanwama peedawata lak kara gannawa. sanagakkara chande illuwanan, mema awasthawama ohuwa sadachaara virodiyek yai hanwadu gaseemata yoda ganiwi, lankawe janathawa ohuta virudhdhawa chandayada devi.
      සමාජ විචාර - වීරත්වයට ප්‍රචණ්ඩත්වයත් ආදරයත් දෙකම අඩංගු විය හැකියි, කියන පණිවිඩයයි ඔබ මේකෙන් කියවන්නෙ. ඔබ කියනව ප්‍රචණ්ඩත්වය කියන්නෙ ශක්තියේ ප්‍රකාශනයක් කියල. ( මට හිතෙන්නෙ ප්‍රචණ්ඩත්වය කියන්නෙ දුර්වල කම නිසා බලය යොදා ගන්නා අවස්ථාවක් කියල. ) මේ ඉහත කියපු “වීරයන්“ තුන් දෙනා කාටවත් කවදාවත් ආදරය කරල නැද්ද? එහෙම නැත්නම් ප්‍රසිද්ධියෙ ආදරය කරල නැද්ද? කියන දෙයද චින්තන කියනව කියල ඔබ හිතන්නෙ? අනෙක බොහෝ දෙනා ආදරය දුර්වලතාවක් ලෙස දකිනව කියල අපිට කියන්න පුළුවන් වෙන්නෙ මොන අර්ථයෙන්ද? (මං හිතුව ඔබ දේශපාලනයෙදි ප්‍රචණ්ඩත්වය අගය කරන කෙනෙක් කියල.) සංගක්කාරගෙ බිරිඳ යෙහෙලි තමයි පිට්ටනියට දුවගෙන ඇවිත් සංගාගෙ බෙල්ලෙ එල්ලිලා ඔහුට හාද්ද දුන්නේ. ඉතින් ඇය ඒක කළේ ඇයි? අපි ඇයි සංගා මෙතන වීරයා කරන්නෙ අපිට අවශ්‍ය කියවීමක් කරන්න? මෙකන තියෙන්නේ සිදුවීමට එහා යමින් අපි ඒකට ආරෝපණය කරන අර්ථ නේද? මේ අපිට අවශ්‍ය අර්ථ නේද? ඔබ කියන ආකාරයට “පසුගාමී“ ආකල්ප වලින් මිනිස්සු තමන්වම පීඩාවට පත් කර ගන්නෙ ඒ අය තමන්ට අවශ්‍ය දේ දන්නෙ නැති නිසාද? ඔබ වික්ටෝරියානු ආකල්ප ගැන ලියා තිබුණා. මෙන්න රොමෑන්තික සහ වික්ටෝරිායානු ආකල්ප අතර කෙටි සැසඳීමක් ( සාමාන්‍ය මිනිස්සු පමණක් නෙවෙයි අපි හැමෝම මේ ආකල්ප අතර පටලැවිලා නේද?):

      Delete
    3. <-- contd.සමාජ විචාර - https://www.facebook.com/samajavichara

      The Romantic period was tumultuous and largely influenced by the French Revolution in 1789. England joined the alliance against France in 1793. The British slave trade was outlawed in 1807, and the King – George III – was declared incurably insane in 1811. George, Prince of Wales, acted as regent until 1820, which saw his accession as George IV. Though feminism attained a great voice in Mary Wollstonecraft with A Vindication of the Rights of Woman, the cause of women’s rights did not gain effectual support until the later Victorian era. Women were seen as inferior to men in all aspects except domestic talents.
      The Romantic Period was, of course, not just politics; it had a character as well. It was largely a reaction to the eighteenth century “Age of Reason” dominated by the philosophes. The History Guide describes the Romantic period:
      Whereas the philosophes saw man in common, that is, as creatures endowed with Reason, the Romantics saw diversity and uniqueness. That is, those traits which set one man apart from another, and traits which set one nation apart from another. Discover yourself -- express yourself, cried the Romantic artist. Play your own music, write your own drama, paint your own personal vision, live, love and suffer in your own way. So instead of the motto, "Sapere aude," "Dare to know!" the Romantics took up the battle cry, "Dare to be!" (The History Guide, par. 5) --> Contd.

      Delete
  9. <-- Contd.
    සමාජ විචාර - https://www.facebook.com/samajavichara
    Romantics tended to place high importance on the self and introspection; they marched to their own beat. This was a change from the emphasis on the collective from the eighteenth century.
    The Victorian Era, in turn, was a reaction to the Romantic period. The Victorians had a sense of social responsibility, which set them apart from the Romantics. Landow gives the following example: “Tennyson might go to Spain to help the insurgents, as Byron had gone to Greece and Wordsworth to France; but Tennyson also urged the necessity of educating ‘the poor man before making him our master.’” (par. 6) Qualities often associated with the Victorian era include “earnestness, moral responsibility, [and] domestic propriety” (Christ & Ford 1044). Queen Victoria, the reigning monarch for whom the period is named, personified the values of the period.
    http://it.stlawu.edu/~slureview/2005/6.htm
    සමාජ විචාර - සංගාව අපි ජාතික වීරත්වයට නංවන්නෙ සුපිරි ධනේශවර කර්මාන්තයක් බවට පත්ව ඇති කෙටි ක්‍රිකට් තරඟ ඇතුලෙ. ඒ වගේම සංගා කියන්නේ ඇනලීන් මෙන්ම කීල්ස් සුපර් අලෙවිකරුවෙක්. එතකොට යෙහෙළි සංගා තොල් හාද්ද උත්කර්ෂයට නැංවෙන කොට කාටද සතුටු? කවුද දන්නෙ නැහැ මේ වෙළඳ දැන්වීම් ගිණුම් කරන සමාගම්?
    ලස්සනම වැඩේ සිංහල ජාතිකවාදී කලටිපොල් කඩන කට්ටියත් මේකට සෙට් වෙලා එහෙම නොයන අය දන්නෙත් නැතිව ඔවුන් ගේ ප්‍රචාරණ යන්ත්‍රණයට දාගෙන.
    http://www.youtube.com/watch?v=cRcMqgmU-2o
    http://www.youtube.com/watch?v=WsGOcURNdSE
    http://www.ft.lk/.../kumar-sangakkara-takes-the-message.../

    ReplyDelete
  10. කොමෙන්ට් බැලුවාම මට ලජ්ජාවක් ඇති වුණා. මෙච්චර දගලන්න දෙයක් කිස් එකක තියෙනවද කියල මට තෙරෙන්නේ නෑ. සමහර විට ඒ මම මෝඩ නිසා වෙන්න ඇති?

    ReplyDelete