Saturday, August 30, 2014

ඔයා වාරියපොලද?


‘මං පොල් කඩලා තමයි ජීවත් වෙන්නෙ. මට එක දුවෙක් ඉන්නෙ. මේ වෙච්ච දේ මට සෑහෙන අපහාසයක්. මං හිතුවෙ නෑ මෙච්චර දුරට යයි කියල මේක. මගේ ගෑනියි දරුවයි මට නැත්තටම නැතුව ගියා මේ සිද්දියෙන් පස්සෙ...

තාත්තා දාලා යනකොට මට අවුරුදු හතයි. අම්මා දාලා යනකොට අවුරුදු දහ අටයි...
 ගෑනියෙක් හින්ද තමයි මං ඉවසන් හිටියෙ. නංගි මට සමාවෙන්න කියල මං සමාව ඉල්ලූවා. සමාව ඉල්ලද්දි තමයි මට ගැහුවෙ..

වෙනද මාව පොලිසියට දාගෙන යනකොට දාගෙන යන්නෙ ජීප් එකේ පිටිපස්සෙ හරි එතන බිම හරි. එත් අද මාව ජීප් එකේ මැද සීට් එකේ දාගෙන ගියා...’

වාරියපොල සිද්දියේදි ගුටිකාපු සෙල්වා පොඩි වොයිස් කට් එකක් දීලා තිබුණ. මේ කාලෙ ජාතික ප‍්‍රවෘත්තිය වුනේ මේක. හැම චැනල් එකකින්ම එලව එලවා මේ කතාවෙ කිව්ව නොකිව්ව දේවල් හොයන්න ගත්තෙ හරියට ජාතික ප‍්‍රශ්නෙකට විසඳුම් හොයනවා වගේ් උනන්දුවෙන්.

මං ඒත් හිතුවා මේ තරම් බංකොලොත්ද අපේ මාධ්‍ය කියල. බස්හෝල්ට් එකක අශිෂ්ට පිරිමියෙක් සහ අශිෂ්ට ගැහැනියක් අතරෙ කාලකණ්ණි ගණුදෙනුවකට මේ තරම් වටින කියන ගුවන් කාලය දෙන්න. මේක ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය. කොහේවත් නැති සෙල්වෙක් සහ කෙල්ලෙක් රටේ වැදගත්ම දෙන්නෙක් වුණා.

ප‍්‍රධාන ජාතික මාධ්‍ය ෆේස් බුක් නිව්ස් එකක් උඩ ලැජ්ජ නැති විදිහට දුවන්න පටන් අරන් තිබුණ. මාධ්‍ය වගකීම, මාධ්‍ය සදාචාරය වගේ දේවල් ගැන හීනියටවත් ලැජ්ජාවක් නැතුව. කොයිතරම් නූගත්ද මාධ්‍ය.
මීට සමගාමීව තව කතාවක් එලියට ආවා. අවුරුදු දොලහක විතර පොඩි දැරිවියක් තමන්ගෙ අවුරුදු හයක විතර නංගිව පිහියෙන් ඇනලා මරා දැමීම. මේ නොදරුවන් ගැන විස්තරේ මාධ්‍ය වලින් සමාජගත කළේ අනෙක් මිනීකුණු අවුස්සන තැනින්මයි. මැරුණු දරුවෙක් වෙනුවට තවත් ජීවත් වෙන නොදරුවෙකුත් අමුඅමුවේ ඝාතනය කිිරීම ගැන මාධ්‍ය වලට කිසි හෘදය සාක්ෂියක් තිබුණෙ නෑ. මිනීමරුවෙක් විදිහට නොදරුවෙක් දිහා බලනවට වඩා වගකිව යුතු සමාජ පුරවැසිභාවයක් ගැන දැනීමක් ඒ වාර්තා කරපු උන්ට තිබුණෙ නෑ වගේම ඒක තලූමරපු වගකිව යුතු සිංහල බෞද්ද සමාජයට තිබුණෙත් නෑ. ළමයෙකුගෙ ජීවිතයක් වෙනුවට බලහත්කාරෙන් වැඩිහිටි ජීවිතයක් ඇෙ`ග් බැඳලා තිබුණු ඒ නොදරුවාගේ පීඩනය මාධ්‍ය වල කතා කළේ මිනීමැරුමක් විදිහට.

වාරියපොල සිද්දිය පිරමියෙකුට අත ඉස්සීමේ වැරැුද්දෙන් කිපී ඒ කෙල්ල බඩුවක් කිරීමේ සිට පස්සෙ මහමග ස්ත‍්‍රී හිංසනය පිටුදැකීමේ කැම්පේන් එකක් දක්වා දුවන්න ගත්තා. විකල්ප කලාකරුවො කලාකාරියො පවා මේ කෙල්ලව වීරවරියක් කළා. ඒක ඇත්තටම ප‍්‍රශ්නයක් නෙමෙයි. අපේ වීරයො වීරවරියො කියන හැමෝටම තිබුණෙ පාදඩ ජීවිත.

අර මුලින් කතාව කියන, පොල් කඩලා ජීවත් වෙන කොල්ලව හිරේට යවලා කාන්තා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම වගේ තැනකට සංවාදය හැදුන. ගුරුවරියක් දණගස්සපු මන්ත‍්‍රීට විරුද්දව ආපු නැති ස්ත‍්‍රීවාදී රැුල්ලක් සෙල්වාට විරුද්දව ආවා. අවුරුදු හතේදි තාත්තා දාලා ගිය, අවුරුදු 18දි අම්මා දාලා ගිය මේ සමාජෙ කුණු රොඞ්ඩක් විදිහට ජීවත් වෙන සෙල්වා අතුගාලා දැම්මම ස්ත‍්‍රී හිංසනය සමාජෙන් තුරන් වෙනවා වගේ තැනකට රටේ විකල්ප සිතීම පවා ආවා. මිට තැනින් වතුර යනවට වඩා දෙයක් මට ඒ දේශපාලනය ඇතුලෙ පෙණුනෙ නෑ.

සෙල්වාගෙ දුව ගැන හෝ උගේ ජීවිතය ගැන වගකීමක්  ඕන නෑ අඩුතරමෙ සිතීමක්වත් කිසි කෙනෙකුට තිබුණෙ නෑ. එකපාරටම ස්ත‍්‍රී අයිතීන් සුරැුකීම වෙනුවෙන් සෙල්වා බිලිදීම සාධාරණ වුණා.
මට නිකමට හිතුනෙ මාලක සිල්වා වගේ චරිතයක් කෙල්ලෙකුට අඩන්තේට්ටමක් කළත් මේ මාධ්‍ය මේ ජනතාව මේ විදිහට ඉදිරිපත් වෙයිද?

මෙතන ප‍්‍රකාශයට පත් කිරීම හෝ එළිදරව් කිරීම කියන උඩින් පෙන්නන දේට වඩා මගඇරීම කියන කාරණයයි ඇත්ත වෙන්නෙ. මාධ්‍ය විසින් මේ වෙලාවෙ ඇත්තට රටේ සිද්ද වෙන දේශපාලනය එලිදරව් කිරීම මගඅරිමින් බස්හෝල්ට් වල කෙල්ලො කොල්ලො ගැන කතා කියන්න පටන් අරගෙන. ජනතාව ආණ්ඩුව හෝ තමන්ට කෙළවන හැම ඇත්ත කාරණයක්ම මගඅරිමින් වාරියපොල හෝ වෙන කොහේ හරි අසරණ ජීවිතයක් තමන්ගෙ බයිට් එකට ගන්න අරගෙන. අපි අපේ සිංහල ජාතික ලක්ෂණය ප‍්‍රකට කරමින් ඉන්නවා. ඒක හින්දම වාරියපොල කම්මුල් පාර ජාතික ප‍්‍රවෘත්තියක් වුණ එක හරි. නිව්ස් එක මොකක් වුණත් සිද්ද වෙන්න  ඕන ගතිකය එකමයි. ඇත්ත කාරණය මගඅරිමින් වෙන කොහේ හෝ නොවැදගත්  ඕපාදූපයක් මහා දේශපාලනික ගැටළුවක් දක්වා උත්සන්න කිරීම. ඒක හරියටම සිංහල මිනිස්සු තමන්ගේ අවුලට හේතුව මුස්ලිම් මිනිස්සු කියල හිතපු හිතීමමයි. නැත්තං තමන්ගෙ දුකට හේතුව දෙමළා කියල හිතපු හිතීමමයි. දැන් ස්ත‍්‍රියගේ හිංසනයට හේතුව සෙල්වා. උතුරට ගැහුවා වගේ්, දර්ගාවට ගැහුවා වගේ් සෙල්වාටත් ගැහුවම ප‍්‍රශ්නෙ අහවරයි.

සෙල්වා කියන්නෙ සාරුවා සුනිල් වගේ රටේ දරුණු ස්ත‍්‍රී හිංසකයෙක්ද? මට අනුව සෙල්වා කළ විහිළුවේ අවිනීතකමට වැඩි ප‍්‍රචණ්ඩත්වයක් ආපහු පහර දුන් වීරවරිය ළ`ග තිබුණ. කොටින්ම ඒ වීඩියෝ එක දිගට බලන් ඉන්න බැරි තරමේ සමාව ඉල්ලමින් දෑත බැඳගෙන ඉන්න කෙනෙකුට නැවත නැවත පහර දීමේ තිරශ්චීන සිද්දියක් ඒක. හරියට සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බා වගේ. ජූලියට කේක් ගෙඩියක් කපන්න ආපු එකාට වට කරන් ගැහුවා වගේ..

සෙල්වා කළ විහිළුව හෝ කියපු කුණුහරුපය සාධාරණීකරනය කරන්න හදනවා නෙමෙයි මම. ඒත් අපි විමුක්තිකාමී ස්ත‍්‍රිය කියන්නෙ මේ විදිහට හැසිරෙන ස්ත‍්‍රියකටද? මේ ලංකාවේ මේ මොහොතේ ස්ත‍්‍රී ආදර්ශකයද? අඩුම තරමේ ගැහැණියක් නිසා අත නූස්සන සම්ප‍්‍රදායික පුරුද්දක් තුල හෝ සෙල්වාට වැඩි විනයක් තිබ්බා කියලයි මං හිතන්නෙ. පොල් කඩලා ජීවත් වෙන පීඩිතයෙකුගේ කුණුහරුපයකට ගෑනියෙක් කණ් අඩිය පැලෙන්න ගහන එකෙන් අපි ලබන විමුක්තිය මොකක්ද කියල මට තේරුම් ගන්න අමාරුයි.

මං කැමතිම සෙල්වා අන්තිමට කියන කතාවට. වෙනදා ජීප් එකේ පිටිපස්සෙ බිම දාගෙන යන තමන්ව එදා මැද සීට් එකේ දාගෙන යන එකයි සෙල්වාට දැනෙන ලොකුම වෙනස. ඒකයි සෙල්වා ජීවත් වෙන ලෝකය.

මේ අපහාසය නිසා සෙල්වා හැර ගිය එයාගෙ දුවයි බිරිඳයි මෙච්චර කාලයක් ජීවත් වුණු ලෝකය. හැමදාම නීතියේ හෝ තව කාගෙ හරි හෝ ගොදුරක් විදිහට පාවිච්චි වෙමින් ජීවත් වෙන සෙල්වාද අපේ හතුරා?
කරබාගෙන ඉන්න, කිසිම සමාජ බලයක් අහිමි පිරිමියෙකුට උඩ පැන පැන තලලා ඒකෙන් තමන්ගේ නිදහස අත්පත් කර ගන්න හදන මේ යුවතියද අපේ වීරවරිය?  අපි පව්.

මේ විහිළුව දැන් විගඩමක් දක්වා විශාල වෙමින් යනවා. සෙල්වා රෝහල්ගත වීම, යුවතිය රිමාන්ඞ් භාරයට ගැනීම, කිසිම විදිහකට අදාල නොවෙන සිද්දි දාමයක් වටේ මිනිස්සු කරකවමින් ආණ්ඩුව තමන්ගේ සුපුරුදු ඇස්බැන්දුම මාධ්‍ය හරහා කරමින් ඉන්නවා. මේ තමයි අපේ රටේ එන්ටටේනින්.

මේ සිද්දිවලට ප‍්‍රතිචාර දැකවීම හරහා අපි සංවේදියි කියල ප‍්‍රකාශ වෙන කොටසට වැඩියි ප‍්‍රකාශ නොවෙන අපේ අසංවේදී කොටස. අපිට මනුස්සයෙක් විදිහට තවත් මිනිහෙක් තේරුම් ගැනීමේ හෝ දරාගැනීමේ හැකියාව අඩුවෙමින් යනවා. ඒ වෙනුවට අයිතිය හෝ නීතිය හෝ වෙනයම් බල අදහසක කොටසක් විදිහට විතරක් අපි මිනිස්සුන්ව ඌනනය කරමින් ඉන්නවා. මනුස්සකමෙන් සරලව විසඳාගත හැකි ප‍්‍රශ්න මාධ්‍ය හරහා ජාතික ප‍්‍රශ්න වෙමින් ඒවා මානව අයිතීන් දක්වා දුරදිග යමින් තියෙනවා. අපිට ජීවිතය අමතක වෙමින් අපි මාධ්‍ය ජීවිතයක පුනරුත්පත්තිය ලබමින් ඉන්නවා.

මාධ්‍ය අර්තයන්ගෙන් අපි නැවත අපේ ජීවිතය දකින්න ඇබ්බැහි වෙලා. කතා බහ, ගණුදෙනු මෙගා ටෙලි නාට්‍ය විදිහට, දේශපාලනය ලයිව් ඇට් එයිට් විදිහට, ඇහැරෙන්නෙ මහා බල සම්පන්න පිරිත් සජ්ජායනා අහමින්, සල්ලි උපයන්නෙ චැනල් වල නම් කියල කෑ ගහලා (කිව්වොත් සල්ලි තමයි), මේකයි අපිට වාරියපොලදී මගඇරෙන ඇත්ත.

සෙල්වාත් කෙල්ලත් දෙන්නම පෙන්නන්නෙ එකම ලාංකේය ඇත්තක්. අනෙකාව දරා ගන්න බැරිකම. පුපුරා යන්න බලන් ඉන්න ආතතිය.

මෙතනදි සෙල්වත් ගොදුරක්. කෙල්ලත් ගොදුරක්. අපිත් ගොදුරක්.

-චින්තන ධර්මදාස

3 comments:

  1. ඉරාජ්, වාරියපොලට යද්දී බයවෙලා
    http://2.hidemyass.com/ip-2/encoded/Oi8vd3d3LnNpbmhhbGEuc3JpbGFua2FtaXJyb3IuY29tL2luZGV4LnBocC9uZXdzLzIwNTAxLWlyYWotd2FyaXlhcG9sYQ%3D%3D

    නොහොත් සදාකාලික ලමාවිය!

    ReplyDelete
  2. Mamath obe mathayata siyayata siyayak ekangayi!

    ReplyDelete
  3. උබ පරක්කු වැඩියි .... චින්තා.. මේ ටිකම facebook වල Comment වල මීට වඩා හොදට තිබ්බා..

    ReplyDelete