මේක ප‍්‍රබන්දයක්. ඒ කියන්නෙ මෙතන ඉඳන් මං ලියන්නෙ ඇත්තක් නෙමෙයි. ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නෙ නෑ මං මීට කලින් ලියපුවා ඇත්ත කියල. ඒත් මේ ලියන්නෙ ෆික්ෂන් එකක්. මිත්‍යාවක්.
සමහර වෙලාවට ජොයින්ට් එකකට හෑෂ් ටිකක් වැඩි වුනාම අපි යන අදහස් ධාරාවන් වල වේගය සහ පරාමිතිය අපිට පාලනය කරගන්න බෑ. එකපාර ප‍්‍රතිවිරුද්ද ගමනාන්තයන්ට යන අදහස් කෝච්චි කීපයක අපි ගමන් කරනවා. පීලි මාරු වෙනවා. ඒත් ඒක වෙන්න පුළුවන්. අද පෝය.
මේ ළ`ගදි දවසක චන්දනයා අලූත් අදහසක් ටීපෝව උඩට ගෙනාවා. ඌ කියන හැටියට එක්ස්ටී‍්‍රම් එකක්, එහෙම නැත්තං අන්තවාදී විදිහට පේන ක‍්‍රියාකාරීත්වයක් දේශපාලනිකව තියෙන්න ඕන. ඒ කියන්නෙ ඒක අවශ්‍යතාවයක් කියල. එහෙම එකක් අවශ්‍ය වෙනවා අපිට අවශ්‍ය ඕනම අයිතියක් හෝ නිදහසක් ලබා ගන්න.
උදා විදිහට බොදු බල සේනාව වගේ අන්තවාදී ව්‍යාපෘතියක අවශ්‍යතාවයක් තියෙනවා. කවුරුවත් එක`ග නෑ ඒ තරම් අන්තවාදයකට. ඒත් ඒ අන්තවාදය හැමෝටම බල කරනවා ඒ පැත්තට ටික දුරක් හරි යන්න.
ආණ්ඩුවකට සිද්ද වෙනවා සිංහල බෞද්ද පැත්තට ටිකක් හරි බර තීන්දු තීරණ වලට යන්න. බොබසෙ ඉල්ලන දේ දෙන්නෙ නෑ කියල මැදිහත් සතුටක් බුක්ති විඳිනවා ජනතාව. ඒත් මැදිහත් කියන එකම බොරුවක්. අපි මැද්ද තෝර ගන්නෙ අන්තවාදය විසින් යෝජනා කරන දුරට සාපේක්‍ෂව. අන්තවාදය පැත්තට බරව. සමාජ අදහසක් විදිහට අපි නොදැනුවත්වම සිංහල බෞද්ද.
මේ විදිහෙ අන්තවාදයක් අවශ්‍ය වෙනවා ඕනම අතකට සමාජයක් ගෙනියන්න නම් කියන එකයි චන්දනගෙ අදහස වුනෙ. ඒක මේ සිස්ටම් එකේ අවශ්‍යතාවයක්. ආණ්ඩුවකට එක පාර බෑ ආණ්ඩුව විසින්ම රැුඩිකල් වෙනස්කම් ඇති කරන්න. උදා විදිහට ගබ්සාව නීතිගත කරන්න හෝ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ආණ්ඩුවකට තීරණ ගන්න බෑ. එහෙම වුණොත් ඒක ලොකු ප‍්‍රතිවිරෝධතා ඇති කරනවා. ඒක නිසා බලපෑම් කණ්ඩායම් වල අන්තවාදී ඉල්ලීම් ඕන කරනවා. එතකොට සාකච්ඡුාව නැත්තං පිට්ටනිය හැදෙනවා. ඒ පිට්ටනිය ඇතලෙ එක`ගතා වලට එන්න ආණ්ඩුවකට පුළුවන්. එතනදි මැදිහත් බව කියන්නෙ දේශපාලනිකව කොහෙට හරි පාවිච්චි වෙනවා කියන එක.
ඒ විදිහට ඩිමොක‍්‍රසි කියන එක තියෙන්න නං මේ ප්‍රෙෂර් ගෲප්ස් කියන ඒවා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. පුළුවන් තරම් සෑම අදහස් අන්තයකටම සමාජය තල්ලූ කරන්න ඕන. එතකොටයි සමාජ මනසක් පුළුල් වෙන්නෙ. සමාජයක ඉලාස්ටිසිටි කියන එක වැඩි වෙන්නෙ. ඒත් මේ ඇදීම සහ ඉරීම කියන එක අද අපේ රටේ සිද්ද වෙන්නෙ නෑ. ඒ වෙනුවට වැඩ කරන්නෙ එකම එක සමාජ බලපෑම් කණ්ඩායමයි. ඒ බොබසෙ විතරයි.
මේ ළ`ගදි ලාල්කාන්ත මේක හොඳ විදිහකට කිව්වා. පඩි වැඩි කිරීම ගැන. ඉල්ලා සිටින පඩි වැඩි කිරීම ප‍්‍රායෝගික නෑ නේද කියල අහද්දි එයා කියනවා, ‘දෙන්න පුළුවන්ද බැරිද කියන එක ඒ ගොල්ලොන්ගෙ වැඩක්. අපි කියන්නෙ අපිට ඕන ගාන’.
හැමතිස්සෙම ඉල්ලීම හෝ ක‍්‍රියාකාරීත්වය සිද්ද වෙන්න ඕන අන්තගාමීව තමයි. ඒ අන්තගාමීත්වයේ ප‍්‍රබලතාවය විසින් තමයි ඊළ`ග මැදිහත්බව කොයිතරම් දුර එනවද කියන එක තීරණය වෙන්නෙ. ඒක හින්දයි එල්ටීටීඊ එක අන්තවාදීයි කියල කාටවත් චෝදනා කරන්න බැරි. ඒ අන්තවාදය විසින් තමයි දෙමළ යම් හෝ අයිතියක් නිදහසක් තියෙනවා නම් ඒක තහවුරු කළේ.
අන්තවාදයෙන් අපි එනවා නපුරට.
නපුර කියන එක ගැන අපි හිතන විදිහ වැරදියි කියල හොවාර්ඞ් බ්ලූම් කියනවා. නපුර කියන්නෙ නිර්මාණාත්මක අවශ්‍යතාවයක්. ස්වභාව ධර්මය විසින් තමන්ගේ ඊළ`ග දියුණු පියවර තියන්නෙ නපුර හරහා. ඒ නපුර නිර්මාණාත්මක බවේම අතුරුඵලයක් කියල එයා විස්තර කරනවා. අපි මහා විනාශයන්, බිඳවැටීම් හෝ ව්‍යසන කොයි එකක් ගත්තත් ඩාවීනියානු ස්වභාවික වරණයේ හැටියට ඊළ`ග පරිණාමයේ් මොහොතක් ඒවායින් සළකුණු කරනවා කියලයි බ්ලූම්ගේ අදහස. ඒක නෙගටිව් විදිහට දේවල් ගන්නවා වෙනුවට ඒ ව්‍යසන වල තියෙන පොසිටිව් කාරණා එක්ක දියුණු වෙන්න යෝජනා කරන වර්ගයේ අදහසක්. බ්ලූම් පෙනී ඉන්නෙ කැපිටලිස්ම් වෙනුවෙන්. එයා කැපිටලිස්ම් හෝ මේ පවතින යාන්ත‍්‍රණය අපේ ජානමය තත්වයන් එක්ක සම්බන්ද කරනවා. මේ නපුර හෝ දුෂ්ටබව කියන්නෙ එළියෙ තියෙන එකක් නෙමෙයි අපේ ජානමය මූලයන් එක්ක සම්බන්ධ ජීව විද්‍යාත්මක ලක්ෂණයක් විදිහට එයා විස්තර කරනවා. එතකොට සිස්ටම් එක කියන්නෙ අපෙන් වියුක්ත, නැත්තං පරාරෝපිත තත්වයක් විදිහට නොගෙන ඒක අපේම නිර්මාණයක් විදිහට තේරුම් ගන්නත් ඒක වැඩ කරන සමාජ මනසක් වැනි විඥාණයක ලක්ෂණ අඳුර ගන්නත් බ්ලූම් යෝජනා කරනවා.
ඒක මං හිතන්නෙ මාර්ක්ස් යෝජනා කරන එකේ අනිත් පැත්ත. පරාරෝපිතයන් වීමේ හෝ පෙළෙන්නන් අසරණයන් වීම වෙනුවට අපිව නිර්මාණකරුවන්ගේ ප‍්‍රවේශයකට, වඩා වැඩි මානව හැකියාවකට අරගෙන යන එකයි වැදගත්.
මොකක් හරි හින්ද මාව මෙතනදි ථේරවාදය හා මහායානය අතර සම්බන්දයක් එක්ක පැටලෙනවා. මං හිතන්නෙ බුදුන්ගේ අදහස් පුද්ගලික භාවිතාවක් ඇතුලෙ මිස සමාජ භාවිතාවක් ඇතුලෙ වැඩ කරන්න හොඳ නැති විදිහට. ඒ කියන්නෙ ආත්ම විමුක්තිය ගැන බුදුන් දේශනා කරපු අදහස් සංස්ථාපිත ආයතන ඇතුලෙන් සමාජගත වෙන්න ගත්තම, රාජ්‍ය ආගම වගේ තත්ව වලට යන්න ගත්තම මානව කොට්ඨාශයක් විදිහට ඒ සමාජයේ හැකියාවන් ඇකිළෙනවා. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන තත්වයක්. බුදුන් ආත්ම විමුක්තිය ගැන කියන කාරණා සමාජ ආයතනගත දේශපාලනයක් වෙන එකයි අවුල වෙන්නෙ.
නැත්තං සමස්තයක් විදිහට බුදුන්ගෙ අදහස් වැඩකරන්නෙ ගොඩක් ධනවාදය පැත්තට. බුද්ධ චරිතෙ ඉන්න තරමක් ඉන්නෙ සිටුවරු රජවරු. එකපාරටම සුනීත සෝපාක වගේ චරිත මතක් වුණාට ඒ චරිත ඇ`ගිලි වලින් ගනං කරන්න පුළුවන්. ඒත් සාසනේට බද්ද වග්ගිය වගේ කුමාරවරු ඇතුල් වෙන්නෙ රංචු පිටින්. බුදුන්ගේ සංඝ සමාජයේත් ධූරාවලියක් තියෙනවා. ඒ ධූරාවලියෙ හැමතැනකම ඉන්නෙ ඉහළ සමාජ ස්ථර වලින් ආපු අය. බුදුන්ගේ අදහස් වුණත් අතිශය දක්ෂිනාංශිකයි. උදා විදිහට කාන්තා අයිතීන් වගේ දේවල් සම්බන්දයෙන් බුදුන් ගොඩක් සාම්ප‍්‍රදායිකයි. එයාට උත්තර දෙන්න වෙන්නෙ කෝසල වගේ මෝඩ රජවරුන්ගේ කාලා වැඩිවෙලා බඩ පිම්බෙනවට උපදෙස්. සමාජ දේශපාලනයක් විදිහට බුද්ධාගම සමාජ ආකෘතියට චැලෙන්ජ් කරන්නෙ නෑ.
සැල්වොජ් ජිජැක් කියන විහිළුකාර වමේ දාර්ශනිකයා මේක ගැන කියනවා. එයා කියනවා බුද්ධාගම බටහිර ප‍්‍රසිද්ද වෙන්න හේතුව ඒක කැපිටලිස්ම් වලින් හදන වේගයට ප‍්‍රතිකර්මයක් වෙන එක කියල. ඒ කියන්නෙ ඒ වේගයට සපෝර්ට් එකක් වෙන එක කියල. කැපිටලිස්ම් වලින් ඒකට හොඳටම අහුවෙලා ඉන්න අයගෙ ජීවිත රෝලර් කෝස්ටර් කරන කොට භාවනාවෙන් වගේ කාරණා වලින් පොඞ්ඩක් විවේකයක් හදාගන්න මේ අයට පුළුවන් වෙනවා. තමන් සහ සිස්ටම් එක අතර පොඩි දුරක් හදාගන්න මේකෙන් පුළුවන්් වෙනවා. එතකොට මේ පීඩනය තියෙන්නෙ තමන්ට එලියෙන් කියල අපි පොඩි මායාවක් හදාගන්නවා. මේක හින්ද ගෝලීය ධනවාදයේ සාරයට වඩා ගැලපෙන්නෙ බුද්ධාගමේ ආචාර ධර්ම කියල ජිජැක් කියනවා.
මේක කොහොම වුණත් මට හිතෙන්නෙ බුදුන්ගෙ අදහස් යෝජනා කරන්නෙ කොන්ෂස් කැපිටලිස්ම් වගේ ස්ථාවරයක්. ඒක කොහොමවත්ම සමාජවාදයක් නෙමෙයි. වඩාත් වාණිජ පැත්තට උදව් කරන නැඹුරුවක් වගේම ලොකු වාණිජ දායකයො පිරිසක් බුදුන් වටේ හිටියා. දේශපාලනයක් විදිහට වඩාත් සවිඥානක ධනවාදයක් යෝජනා කරන අතරෙ බුදුන් ආත්මීයව තමන්ගෙ විමුක්තිය හදාගන්න වෙන දේශනයක් කරනවා.
ඒක තමන්ගෙ කල්ට් එකේ අයට විතරයි. අපි ගොඩක් වෙලාවට අමතක කරන දෙයක් තමයි බුදුන් මේ අදහස් දේශනා කරන්නෙ ඉන්දියාවෙ සමෘද්ධිමත්ම කාලෙක කියන එක. සල්ලි ඉතිරෙන මිනිස්සුන්ටයි බුදුන් අල්පේච්ඡුතාවය ගැන කියන්නෙ. ශරීරය ගැන ආසාවෙන් පැය විසි හතරෙ සැනසෙන අයටයි කායගතාසතිය කියන්නෙ.
මේක ලංකාවෙදි රාජ්‍ය ආගම වෙනවා. අනිත්‍යතාවය, අල්පේච්ඡුතාවය සමාජ අදහස් වෙනවා. කිසිම නිෂ්පාදනයක් නැතුව, සංස්කෘතික වර්ධනයක් නැතුව තමන්ගේ කාලකණ්ණිකම කොස්මික් විදිහට සාධාරණීකරනය කරගන්න පුළුවන් දර්ශනයක් විදිහට බුද්දාගම ලංකාවෙ වැඩ කරන්න පටන් ගන්නවා. තමන් කියන එක (සෙල්ෆ්* හරියට ගොඩනැගිලාවත් නැතුව තමන් අත්අරින්න උගන්නනවා. තමන් ලෝකයේ අංශුමාත‍්‍ර කොටසක්ය, ඒ මදිවට තමන් කියලත් දෙයක් නැතිය වගේ ව්‍යවහාරික අදහසක් තමයි ථේරවාදය අන්තිමට ඉතුරු කරන්නෙ.
ලෝකය කියන්නෙම තමන්ය, ලෝකය තමන්ගේ නිර්මාණයක්ය කියන මහායාන අදහස පැත්තටවත් ගියා නම් (ඒ කියන්නෙ මේකෙම රිවර්ස් එක* මේ තියෙන කුඩා වීමේ ආශාව යම් තරමකින් හරි වළක්වා ගන්න තිබුණ. මං ඒකයි ගොඩක්ම හැනිබල් සීරීස් එකේ විල් ග‍්‍රැහැම්ගෙ වචන වලට ආස.
‘දිස් ඉස් මයි ඩිසයින්’ - මේ මාගේ නිර්මාණයයි..
හැම අපරාධයක් ගැනම තමන්ගේ කතාවට පස්සෙ විල් එහෙම කියනවා. අපේ ලෝකය, අපි ලෝකය කියල දකින සම්බන්ධතා අපේ නිර්මාණයක්. අපේ ප‍්‍රබන්ධයක්. අපි ලෝකය ගැන දරන්නෙ සම්මුති අදහසක්. ඒ සම්මුතිය තියෙන්නෙ අපි ඒකට එක`ග වෙලා ඉන්නකල් විතරයි. අපි ජීවිතේ කියල ගත කරන්නෙත් අපේ සම්මුතිය. ඒ සම්මුතීන් වෙනස් කරන්න සහ අලූත් කරන්න අපි වැඩ කරන්න වෙනවා. අපේ බාහිරය වෙනස් වෙන කොට අපේ අභ්‍යන්්තරය වෙනස් වෙනවා. මොකද අපි සහ අපේ ලෝකය කියන්නෙ ආයිමත් එකක් හින්ද. වඩාත් හොඳින් තමන්ව නිර්මාණය කර ගන්න, ඒ හරහා වඩා හොඳ සමාජ සම්බන්දතා ගොඩනගන්න පාවිච්චි කරන්න තිබුණු අදහස් දුප්පත්කම ඇතුලෙ ඍනාත්මකව පාවිච්චි වෙමින් තියෙනවා. බුද්දාගම කියන්නෙත් සාපේක්‍ෂ අදහසක්. ඒක පිහිටන පසුතලය විසින් ඒකට අර්ත නිර්මාණය කරනවා.
වඩා සවිඥාණක ධනවාදයක් කියන්නෙ අපි උත්සාහ කළ යුතු ඊළ`ග සමාජ පියවරයි කියල මට හිතෙන්නෙ. එහෙම නැත්තං අපි අවිඥාණක ධනවාදයක ගොදුරු විදිහට පේමන්ට් එකේ විකිණෙනවා. දැන් වෙමින් තියෙන්නෙ ඒක. ඇමරිකාව හෝ ජපානය වෙනුවට චීනය හරහා අපි ධනවාදය ඉගෙන ගනිමින් ඉන්නවා.
ථේරවාදී බෞද්ද ආකල්පයෙන්ම ධනවාදයට එරෙහි වීම සහ අත්හැරීමම, අල්පේච්ඡුයම, දුකම පෙරදැරි කර ගන්න ලංකාවෙ වමට මේ ගැන කිසි දෙයක් කරන්න බෑ. අවාසනාවට අපිට තියෙන්නෙ වමක් විතරයි. ඒ වම ලෝකෙ වමට ගොඩක් වෙනස්. ලෝකෙ වම කියන්නෙ වඩා නිර්මාණශීලී, වෙනසක් යෝජනා කරන, සම්ප‍්‍රදාය විරෝධී අලූත් අදහස් මතු කරන පිරිසට. ඒත් අපේ වම එහේ දකුණටත් වඩා සාම්ප‍්‍රදායිකයි. ගණිකා වෘත්තිය නීතිගත කිරීම හෝ සමලිංගික අයිතීන් වගේ දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න අපේ වමට පුළුවන් කමක් නෑ. ඒ අය සංස්කෘතිය ආරක්‍ෂා කරන්නයි උත්සාහ ගන්නෙ. උදා විදිහට වමේ ප‍්‍රධාන පක්ෂයක් වෙන ජවිපෙ වුණත් සිගරට් අරක්කු ගැන දරන්නෙ දැඩි විරෝධයක්. ඒවා බහුජාතික සමාගම් හෝ වෙන කතාවක් ඇතුලෙ බැහැර කරද්දි ඒවා බොන්න හෝ රස විඳින්න ජනතාවට තියෙන අයිතියත් ඒ ගොල්ලොන්ට මගඇරෙනවා. ලංකාවෙ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් ලංකාවෙ වමට කරන්න පුළුවන් කිසි දෙයක් නෑ. ඒ හින්ද මට හිතෙන්නෙ අපිට ඕන කරන්නෙ වඩා නිර්මාණශීලී දකුණක්. ථේරවාදී නොවන දේශපාලනයක්. ලෝකය සහ සමාජය ගැන වඩා පොසිටිව්, සක‍්‍රීය කියවීමක්. පරාරෝපණයක් වෙනුවට එක්වීමක් ගැන අදහසක්.
‘මිනිස්සුන්ට වෙස්මූණක් දෙන්න. එතකොට ඔවුන්ගේ සැබෑ ස්වභාවය එළියට එනු ඇති’ කියලා ඩාර්ක් නයිට් ෆිල්ම් එකේ ජෝකර් කියනවා. මං කියන්නෙ ඒක එහෙම නං අපි වෙස්මූණු ගලවන්න ට‍්‍රයි නොකර හැමෝටම වෙස්මූණු අරන් දෙමු කියලයි.
දිස් ඉස් මයි ඩිසයින්.
-චින්තන ධර්මදාස