පහුගිය දවසක උවමනාවක් නිසා පිළිකා විශේෂඥ වෛද්‍ය ලැයිස්තුවේ උඩම ඉන්න දහ දෙනෙකුට විතර අපොයින්මන්ට් එකක් ගන්න කතා කළා. ඒ ඔක්කොම කට්ටිය ඉස්සරහට සති තුනක් විතර යනකල් බුක් වෙලා. මාව අන්දමන්ද වුණා. මේ හැම දොස්තර කෙනෙක්ම තවත් තුන් හතර තැනක චැනලින් කරන අය. ඒ කියන්නෙ අපේ රටේ මේ තරම් පිළිකා රෝගීන් ඉන්නවද? නැත්තං අපි දැවැන්ත ඖෂධ ව්‍යාපාරයක ගොදුරු බවට නොදැනුවත්වම පත්වෙමින් ඉන්නවද? මේ වෙද්දි ඖෂධ සමාගම් වලට පිළිකා රෝගීන් කියන්නෙ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. කීමෝ තෙරපි වල ඉඳන් ඊට පස්සෙ ජීවත් වෙන්න ආසාවෙන් රෝගීන් ඕන ගානක් ගෙවලා ගන්න සදාකාලික බෙහෙත් වට්ටෝරුව, හදිසි තත්ව වලදී නැවත අවශ්‍ය වෙන ප‍්‍රතිකාර, තව තව නොයෙකුත් ප‍්‍රකාර සත්කාර බලද්දි වෙන කිසි රෝගයකට වඩා පිළිකාව ලාභ උපයා දෙනවා. කුමන්ත‍්‍රණ න්‍යායේ ප‍්‍රශ්නයක් වුණත් මේ හින්දම පිළිකාව වවාගෙන කන්න කොම්පැණි පෙළඹෙන්න පුළුවන් කියන එක සාධාරණ සැකයක්.
හොඳ පැත්තට ගත්තොත් සමහර විට අපේ රටේ පිළිකා ගැන දැනුවත්කම වැඩිවෙලා හෝ ඒවා සොයාගන්නා සහ ප‍්‍රතිකාර කරන ප‍්‍රමාණය වැඩි වෙලා හෝ වගේ වෙන්න පුළුවන්. ඒත් එහෙම නොවී ඉහත කාරණා වලින් යමක් මේ පිටිපස්සෙ තියෙනවා නම් ඒක ගැන අපේ සෞඛ්‍ය බලධාරීන් හෝ ජනතාව කොයි තරමින් දැනුවත්ද කියන ප‍්‍රශ්නෙ මතු වෙනවා.
ලෙඩ රෝග සම්බන්ධයෙන් ඇලොපති වෛද්‍ය විද්‍යාව (ප‍්‍රධාන ධාරාවේ වෛද්‍ය ක‍්‍රමය) ක‍්‍රියාත්මක කරන්නෙ ත‍්‍රස්තවාදයක්. නැත්තං මාෆියාවක්. ඒක චැනල් කරන දොස්තරගෙ ඉඳන් බෙහෙත් ගැන පර්යේෂණ කරන විද්‍යාඥයා දක්වා අදාලයි. මේ වෙද්දි කණගාටුදායක විදිහට මේ වෛද්‍ය ක‍්‍රමය මිනිස් සදාචාරයකින් තොරව සමස්ත ලෝක ජනතාව රෝග වලින් හිර කරලා පාලනය කරනවා. ඒත් ඇත්තටම සංකල්පමය අතින්, සිතීම අතින්් මේ වෛද්‍ය ක‍්‍රමය මේ පෙන්නන තරම් දියුණුද? රෝග සම්බන්ධ බය ආයුධයක් විදිහට පාවිච්චි කරමින් මේ වෛද්‍යවරුන් විශේෂයෙන් ලංකාව වගේ රටක වැජබෙන තැන කොයිතරම් යුක්තියුක්තද?
මෙතනදී ඇලොපති වෛද්‍ය ක‍්‍රමය විසින් රටක දේශීය හෝ විකල්ප සියලූ වෛද්‍ය ක‍්‍රමයන් මුග්ධ විදිහට නොතකා හරිනවා. ඒ වෙනුවෙන් ඒ අය කියන්නෙ විද්‍යාත්මකව සනාථ නොකරන ලද තත්ව, පුහුණු අහිතකරය වගේ තර්කයක්. මේ කතාව දියුණු රටක වෛද්‍යවරයෙක්ට යම් පමණකින් හෝ කියන්න අයිතියක් තිබුණත් ලංකාව වගේ රටක වෛද්‍යවරයෙකුට කොහෙත්ම කටක් ඇරලා කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. නිකම්ම ණයට දෙන විද්‍යාවක්, පුහුණුවක් සහ බෙහෙත් ටිකක් එක්ක නියෝජිත සේවයක් සපයනවා මිස රෝග හෝ ඖෂධ ගැන පර්යේෂණ කරන වෛද්‍යවරු හෝ විද්‍යාඥයන් අපිට නෑ. අපි අනුන්ගෙ විද්‍යාවක් විද්‍යාත්මකයි කියලා පිළිගන්නවා මිස එතනින් එහාට ඒ ගැන ප‍්‍රශ්න කිරීමක්වත් කරන්නෙ නෑ. වෛද්‍ය ක්‍ෂේත‍්‍රය එතනදි ඉදිරියෙන්ම ඉන්නවා.
විද්‍යාව කියල ගේන තර්ක හෝ පර්යේෂණ වලින් යම් යම් කාරණා ඔප්පු කරන්න පුළුවන් වුණත් ඒ ඔප්පු කිරීම සිද්ද වෙන්නෙ නැවත නිශ්චය කරන ආකෘතියක් ඇතුලෙ. ඒ ආකෘතිය ඇතුලෙ දේවල් කොහොමත් ඒ න්‍යායන්ට එක`ගයි. වෙනත් විද්‍යාවක් හෝ අදහසක් කියන්නෙම ඒ ආකෘතිය පිටින්ම ප‍්‍රශ්න වෙන මොහොතක්. ප‍්‍රතිසංස්කරණවාදයක් වෙනුවට විප්ලවීය යෝජනාවක්. කොහොමවත් ඒ වගේ තත්වයක් පවතින විද්‍යාත්මක ක‍්‍රමය ඇතුලෙන් ඔප්පු කරන්න බැරි වෙනවා. ඒකට ඕන වෙනවා ඒ විද්‍යාත්මක සිතීමේ පැරඩයිමය වෙනසක්. විද්‍යාව විසින් ගොඩනගපු ව්‍යවස්ථාවෙන් එලියට බලන්න අපිට සාවධාන වෙන්න සිද්ද වෙනවා. දැවැන්ත වෙළඳ පොලක් එක්ක විනාඩි පහෙන් පහට රෝගීන්ගෙ ඔලූ ගණං කරන වෛද්‍යවරුන්ට එහෙම ඉඩක් නෑ.
මේ කියන කාරණය පැහැදිලිව තේරුම් ගන්න ඕන. මං යෝජනා කරන්නෙ නලින්ද සිල්වා වර්ගයේ ජාතික චින්තනයක් හෝ අපේ පැරණි විද්‍යාවන් යළි සොයා යා යුතුයි කියන වර්ගයේ අදහසක් නෙමෙයි. මේක ජාතික ප‍්‍රශ්නයක් නෙමෙයි කොහොමවත්. මේක අපේ සිතීමේ ප‍්‍රශ්නයක්. නිරෝගී බව, ජීවිතය ගැන අපේ ඔලූවෙ ගොඩනගපු වෛද්‍යමය ආකෘතිවල ප‍්‍රශ්නයක්. අපි උත්සාහ ගන්නෙ කොහොම හරි ජීවත් වෙන්න. අන්තිමට අපිට සිද්ද වෙන්නෙ මැරි මැරි ජීවත් වෙන්න.
හැම දෙයක් ගැනම වාස්තවික පර්යේෂණ සිද්ද වෙන්න ඕන. ඒ පර්යේෂණ වලට පුළුල් දැක්මක්, අලූත් මනසක් සහ අලූත් සිතීමක් ඕන. පවතින පර්යේෂණ ක‍්‍රම වලින් තක්සේරු තීරණ ගනිමින් විකල්පයන්ට ගරහන එක පටු සිතීමක ලකුණක්. 19 වෙනි ශතවර්ෂෙ හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය අඳුන්නලා දුන්නු සැමුවෙල් හානමන් මේක ඇලොපති ක‍්‍රමය කියල සලකුණු කරන කල් ලෝකෙ තිබුණු එකම එක වුණේ ඒක. හෝමියෝපති ක‍්‍රමය සාර්ථක වේවා අසාර්ථක වේවා, පවතින වෛද්‍ය ක‍්‍රමය යනු තවත් එක ක‍්‍රමයක් විතරයි කියල තේරුම් කිරීමේ ගෞරවය හානමන්ට හිමිවෙනවා.
ඇලොපති ක‍්‍රමය විශ්වාස කරන්නෙ ක‍්‍රියාකාරී රසායන සංයෝග (බෙහෙත්) සහ කපා කොට යලි සකස් කිරීම (ශල්‍යකර්ම) කියන ක‍්‍රම දෙකෙන් රෝග තත්ව පාලනය හෝ යටපත් කරන එකයි. මේ හින්දම ඒ වර්ගයේ පර්යේෂකයො හෝමියෝපති ක‍්‍රමය ප‍්‍රශ්න කරන්නෙ ඒ ක‍්‍රියාකාරී සංයෝගය සිය දහස් ගුණයක් දක්වා තනුක කරන එකෙන් ලෙඩ හොඳ වෙන්නෙ කොහොමද කියල. ඒත් හෝමියෝපති ක‍්‍රමය ඇතිවෙන්නෙම ඇලොපති ක‍්‍රමයට විවේචනයක් විදිහට. විශේෂයෙන් ඒ ක‍්‍රමයෙ හැම ප‍්‍රතිකාරයකම තියෙන සයිඞ් අෆෙක්ට්ස් ගැන දැනුවත් බවකින්. ඒ හින්ද හානමන් නැවත එයා විසින්ම පර්යේෂණ කරමින් අතුරු ආබාධ නැති වෛද්‍ය ප‍්‍රතිකර්ම හොයන්න පටන් ගන්නවා. ඒ ක‍්‍රමය තුල සුව කිරීම් ගැන විධිමත් පර්යේෂණ 6000ට අධික ගානක් සිද්ද වෙලා තියෙනවා. ඒත් අධිපතිවාදී වෛද්‍ය ක‍්‍රමය තමන්ගේ සීමාවන් ඇතුලෙ ඉඳන් විකල්පය ප‍්‍රශ්න කරමින් ඉන්නවා.
මේ ලියමනේ අරමුණ හෝමියෝපති ක‍්‍රමය වඩා සාධනීයයි කියන එක නෙමෙයි. හෝමියෝපති වගේම ඇලොපති ක‍්‍රමයට පසුව බිහිවුණු ගොඩක් විකල්ප වෛද්‍ය ක‍්‍රම වල සිතීම ඇලොපති ක‍්‍රමයට වඩා දියුණුයි කියන එකයි. සරලව ගත්තොත් පවතින ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රමය මිනිහෙකුගේ ශරීරයට වාහන ඇන්ජිමකට වැඩි සැලකිල්ලක් කරන්නෙ නෑ. එතන වෑල්ව් එකක් අවහිර නම් වෙනත් වෑල්ව් එකක් බද්ධ කරලා ඇන්ජිම පණ ගන්නනවා. එච්චරයි. ඊට පස්සෙ ඒ බද්ධය පවත්වාගෙන යන්න ජීවිත කාලයක් බෙහෙත් මත යැපෙන්න සිද්ද වෙනවා. රෝගයක් ගැන ගැඹුරු සිතීමක් අහිමි විද්‍යාවක් කියන එකයි මගේ අදහස.
පෝස්ට්- ඇලොපති වෛද්‍ය ක‍්‍රම ගොඩක් වෙලාවට මේ සිතීමේ ආකෘතිය ඉක්මවා යනවා. කෘතිමව ශරීරය අත්අඩංගුවට ගන්නවා වෙනුවට ශරීරයේ පවතින යාන්ත‍්‍රණයන්ටම උදව් දෙන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්්ම අපේ සෞඛ්‍ය දොස්තර විසින් බාර ගන්නවා වෙනුවට ඒක නැවත අපිටම බාර දෙනවා.
ඇලොපති ක‍්‍රමයේ මේක සිද්ද වෙන්නෙ වෙන කිසි දෙයක් කරගන්න බැරි තැනදි. මේක ගොඩක් වැදගත් බල හුවමාරුවක්. අපේ ශරීරයේ අයිතිය සහ බලය නැවත අපිටම පවරා දීම. ඒක ඉස්පිරිතාලයකට හෝ වෛද්‍යවරයෙකුට ලියා දුන් ජීවිතයක් ඉස්සරහට අරගෙන යනවද කියන අභිමානය, නිදහස ගැන හිතන්න පුළුවන් තැනක්.
රෝග ලක්ෂණය වෙනුවට රෝග නිධානය, වෙනත් විදිහකින් ශරීරයේ රසායන වල ඇති වී ඇති වෙනස්කම් යළි සකස් කිරීම වගේ ගැඹුරු පළල් චින්තාවකින් ගොඩක් නූතන වෛද්‍ය ක‍්‍රම වැඩකරනවා.
‘අනාගත වෛද්‍යවරයා විසින් මානව ශරීරයට බෙහෙත් වලින් ප‍්‍රතිකාර කිරීම නවතා දමනු ඇති. ඒ වෙනුවට පෝෂණය මගින් රෝග වැලැක්වීම සහ නිවාරණය කරනු ඇති’
-තෝමස් එඩිසන්
පවතින ක‍්‍රමයට පක්ෂ ගොඩක් අය ගේන තර්කයක් වෙන්නෙ මේ වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රතිඵල දත්ත මත පදනම් ක‍්‍රමයක් නිසා වඩා විශ්වාසනීයයි කියල. ඒක ඇත්ත කතාවක්. වෛද්‍ය ක‍්‍රමයක් විධිමත් ප‍්‍රතිඵල සහ දත්ත මත පදනම් වෙන්නම ඕන. ලංකාවෙ ගොඩක් වෙද්දු, ගුරුකම් ඇදුරො ලෙඩ හොඳ කරනවා කියල මිනීමරමින් ඉන්නවා. වැදගත්ම දේ අපි පත්තරවලින් සහ ටීවී එකෙන් දකින්නෙ ගොඩක්ම එහෙම කට්ටිය වෙන එක.
විශේෂයෙන් මාධ්‍ය කිසිම වගකීමක් නැතුව තමන්ගේ මිත්‍යාව පතුරන්න තරම් ලැජ්ජා හීන වෙලා. ඒත් මේ කතාව ඇලොපති ක‍්‍රමය කොහෙත්ම තමන්ව සාධාරණීකරනය කරගන්න බැරි තර්කයක්. ඒ ක‍්‍රමය ඇතුලෙ පැවතුණු මිනිස් ඉතිහාසය පුරා ඒ විද්‍යාත්මක දියුණුවෙන් කරලා තියෙන්නෙ මොනවද? පිළිකා රෝගයෙන් ඇමරිකාවෙ පවා සුවපත් වෙන්නෙ 20%යි. ඒ සුවපත් වීමත් යම් තාවකාලික කාලයක් දක්වා විතරයි. මේ වෙද්දි ලෝක ජනගහනයම දැවැන්ත විදිහට දියැවැඩියාව, අධික රුධිර පීඩනය වගේ රෝග තත්වයන්ට ගොදුරු වෙමින් යනවා. තොග පිටින් බෙහෙත් සැපයීමට වඩා මේ වෛද්‍ය ක‍්‍රමය විසින් ඒ වෙනුවෙන් ලබා දෙන විසඳුම් මොනවද? පිළිකා හැදෙන නිසා සිගරට් බොන්න එපා කියනවට වඩා තමන් කැමති පරිදි සිගරට්ටුවක් රස විඳින්නත් එයින් එන අවදානම මකන්නත් සමත් ක‍්‍රමයන් හොයන්න මේ සිස්ටම් එකට පුළුවන් වෙයිද? ශල්‍යකර්මය සාර්ථකයි ඒත් ලෙඩා මළා වගේ සිද්ධීන් අපි කොයිතරමක් අහලා තියෙනවද?
මේ කියන්නෙ සම්පූර්ණයෙන්ම ඇලොපති ක‍්‍රමය මුළාවක් කියන එක නෙමෙයි. ඒ ක‍්‍රමය පෙනී ඉන්න තරමට ඒක සුපිරි නෑ කියන එකයි. විශේෂයෙන්ම ලෙඩ වෙලා ඉන්න මනුස්සයාගේ මානසිකත්වය පැත්තෙන් මේ ක‍්‍රමය අතිශය නොදියුණුයි. ලංකාව වගේ රටක නම් තාමත් තමන්ගෙ රෝගී තත්වය, තමන්ට දෙන බෙහෙත් වර්ග ගැන දැනගන්න රෝගියාට අයිතියක් නෑ. දොස්තර ලෑස්ති නෑ ඒ විදිහෙ කාලයක් මිඩංගු කරන්න. කුකුල්ලූන්ට බෙහෙත් විදිනවා වගේ තුණ්ඩු ලිය ලිය ෆාමසියට යවන එක තමයි ප‍්‍රධාන සම්ප‍්‍රදාය.
මරණය භයානක තත්වයක් වෙන්න පුළුවන්. ඒත් මරණයට බයේ ජීවත් වීම ජීවිතය විදිහට බාර ගන්නවද කියල අපිට හිතන්න සිද්ද වෙනවා. මරණයෙන් බේරීම වෙනුවෙන් ගෙවන්න සිද්ද වෙන ගාස්තුව අපිට කිරන්න සිද්ද වෙනවා. ඒ මොහොතට පසුව අපි ගෙවන ජීවිතය තවදුරටත් ගුණාත්මක ජීවිතයක්ද? නිදහස් ජීවිතයක්ද? දියුණු මනුස්සයෙක් එහෙම හිතනවා. සදාකාලික රෝගී ජීවිතයකට වඩා සුවදායී මරණයක් හොඳ වෙන්න පුළුවන්. ඒ හින්ද මරණයෙන් හෝ රෝගයෙන් ගැලවීමට වඩා ඉන් ඉස්සරහට වෛද්‍යවරයා විසින් රෝගියා තුල තමන්ගේ ජීවිතය ගැන ඉතිරි කරන හැ`ගීම මොකක්ද කියන එක වැදගත්.
හැම විකල්ප වෛද්‍ය ක‍්‍රමයක් ගැනම විධිමත් පර්යේෂණ සිද්ද වෙන්න අවශ්‍යයි. විශේෂයෙන් ලංකාවෙ වඳ වෙමින් යන සිංහල වෛද්‍ය ක‍්‍රමයන් ගැනත් නූතන පර්යේෂණ කරන්න ඕන. උදා විදිහට කැඩුම් බිඳුම් ගැන සිංහල වෙදකම් කරන ප‍්‍රාතිහාර්යයන් නොදැක්කා වගේ ඉන්නවා මිස බටහිර ඕර්තොපීඩිස්ට් (අස්ථි පිළිබඳ විශේෂඥ) කෙනෙකුට වෙන කියන්න දෙයක් නෑ. ලංකාවෙ වෑල්ඩින් වෙදා කියල ප‍්‍රසිද්ද වෙද මහත්තයෙක් පිටින් බඳින බෙහෙතෙන් ඇ`ග ඇතුලෙ අස්ථි මෙළෙක් කරලා නැවත පුරුද්දන හැටි මං දැකලා තියෙනවා.
විකල්පය කියන්නෙ අනාගතය. විශේෂයෙන්ම ඇලොපති ක‍්‍රමයට පස්සෙ ඊට විවේචන විදිහට ඇති වෙන, විද්‍යාත්මකව පර්යේ්ෂණ කරමින් දියුණු වෙන විකල්ප වෛද්‍ය ක‍්‍රම දැක්කම ඒක පැහැදිලියි. ප‍්‍රධානම කාරණය වෙන්නෙ ඒ ක‍්‍රමය පදනම් දර්ශනයේ දිග පළල. එතනදි ඇලොපති ක‍්‍රමය අතිශය දිළිඳුයි. මං කියන්නෙ නෑ මේ විකල්ප ක‍්‍රමයන් ප‍්‍රධාන ධාරාවෙ වෛද්‍ය පද්ධතීන් බවට පත්වෙයි කියල. ඒත් මනසක් අහිමි මැෂින් වගේ බහුතරයට ඇලොපති ක‍්‍රමය ඉතුරු කරමින් සිතීමක් ඇති, ජීවිතය ගැන වටිනාකමක් ඇති අනිත් සුළු පිරිස දියුණු විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් බාර ගනීවි.
-චින්තන ධර්මදාස