අපි ජීවත් වෙන්නෙ ගොඩක් වාසනාවන්ත කාලෙක. ඒක කොහෙත්ම රොමාන්තික කතාවක් නෙමෙයි. ඇත්තටම අපි අතීතය වෙනුවෙන් වර්තමානය අවතක්සේරු කරන්න ඇබ්බැහි වෙලා. වර්තමානය කියවාගන්න දැනුමක් අපිට නෑ. අපි මේ මොහොතෙ ජීවත් වෙන වර්තමානය කොයිම පරණ ලෝක තත්වෙකින්වත් විග‍්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හින්දම අපි දැනුම කියල පරණ ලෝකෙන් ගේන ගොඩක් දේවල් මේ අලූත් පරිණාමය ඇතුලෙ විහිළු වගේ වෙනවා. අපි වාසනාවන්ත මිනිස් පරම්පරාවක්.
අපේ ජීවිත කාලෙදි අපි තවත් වර්චුවල් ජීවිතයක් හිමි කර ගත්තා. ඒ වර්චුවල් ජීවිතේ ඇතුලෙ අලූත් සංස්කෘතික සීමාවන්, භාෂා සීමාවන් සහ පුද්ගල සීමාවන් නිර්මාණය කර ගන්න අපිට පුළුවන් වුණා. රාජ්‍යයට අතදාන්න බැරි, නීතියෙන් සීමා කරන්න බැරි නිදහසක් අපි පාවිච්චි කරන්න පුරුදු වෙමින් ඉන්නවා.
ඩිජිටල් පරිණාමය කියන එක නිකංම තාක්‍ෂණික දියුණුවක් විදිහට කියවන එක නොදැනුවත්කමක්. අවතක්සේරුවක්. ඩිජිටල් පැවැත්මක ආරම්භය කියන්නෙ එක විදිහකින් අපි භූගෝලීය සීමා වලට කොටු වුණු අපේ පරණ පැවැත්ම අවසන් කරනවා. එක විට ලෝකයක් පුරා සැරිසරන මිනිස් සිතුවිලි සමාජයක අපි පුරවැසිභාවය ලබනවා. තවදුරටත් දේවල් අතින් වහලා පරිස්සම් කරන්න බෑ. ලෝකයක වෙනස්කම් එක විදිහකට, එක රැුල්ලකට සිද්ද වෙන්න පටන් ගන්නවා. මේක නගරයට විතරක් සිද්ද වෙන පිස්සුවක් කියල හිතපු, එහෙම ලියපු ගොඩක් අයට මේ පාර ජනාධිපතිවරනෙ ඇතුලෙ ඒකට උත්තර තියෙනවා. දැන් වර්චුවල් ජීවිතය විසින් අපේ භෞතික ජීවිතය යළි නිර්මාණය කරන්න පටන් අරන්. මහපොලොවෙ ජීවත් වෙනවා කියන එක තවදුරටත් මැදමුලනෙ කතාවක් විතරයි. මිනිස්සු ජීවත් වෙන්නෙ සයිබර් අවකාශයේ. ඒ අය ඉඳ හිට මහපොලොවෙත් සැරිසරනවා.
අපි එදිනෙදා මුනගැහෙන කතා කරන මිනිස්සු ඉන්නවා, සමහර විට ආලෝක වර්ෂ ගානක් දුරයි. ජීවිතේට නොදැකපු මුණ නොගැහුණු අය ඉන්නවා, හුස්ම වැටෙන තරම් ළ`ගයි. අපේ සම්බන්ධතාවල ස්වරූප වෙනස්. අපේ පැවැත්ම වෙනස්. අපි එක විට තැන් කීපයක ජීවත් වෙනවා.
මේක කොහෙත්ම නෙගටිව් දෙයක් නෙමෙයි. නුපුරුදුකමට මේ මිනිස් පරිණාමයේ දියුණුතම වෙනස අනියම් සම්බන්ධතා, දූෂණ වගේ ග‍්‍රාම්‍ය තැන් වල ගැටගහනවා. ඒත් ඒ දේවල් වලින් අර්ථ ගැන්වෙනවා වෙනුවට ඩිජිටල් පරිණාමය විසින් සමස්්ත පැවැත්ම වෙනස් කරනවා. උදා විදිහට මහින්ද ඩිජිටල් තහනම් කරන්න යද්දි ඩිජිටල් විසින් මහින්දව කැන්සල් කරනවා. ඒ ලෝකයට අවශ්‍ය තත්වයන් වෙනුවෙන් භෞතික දේශපාලනය වෙනස් කරනවා.
මේක කම්පනයක් ඇති කරන්න පුළුවන් කාරණයක්. මෑතකදි මට බලන්න හම්බුණ ටෙලි සීරීස් එකක මේ කම්පනය හොඳටම නිරූපණය වෙනවා. බ්ලැක් මිරර් තමයි සීරීස් එකේ නම. අනාගත තාක්‍ෂණ දියුණුවත් එක්ක මිනිස් සම්බන්ධතා වලට අත්විය හැකි ඉරණම්සහගත තත්වයන් එක්ක ඒ කතා පෙළ ගැටගැහෙනවා. නැරටිව් එකක් විදිහටත්, සිතීමක් විදිහටත්, හොඳට ඔලූවට තට්ටු කරන සීරීස් එකක් ඒක.
මේ කතා පෙළ ඇතුලෙ සාකච්ඡුා වෙන අර්බුද දිහා බලන් ඉන්න කොට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි තාක්‍ෂණ දියුණුවට සාපේක්‍ෂව මිනිස් සම්බන්ධතාවල පරිණාමයක් මේ අධ්‍යක්‍ෂවරුන් විසින් ගේන්නෙ නෑ කියන එක. උදා විදිහට තමන්ගේ සියලූ මතකයන් අයිපොඞ් එකක් මෙන් අතේ තියාගෙන යන්න පුළුවන් යුගයක කසාද සම්බන්ධතා කොයි ස්වරූපයක් ගනීවිද කියන තැන උවමනාවෙන් මේ අය මග අරිනවා. ඒ වෙනුවට දැන් පවතින සම්බන්ධතාවල හැ`ගීම් ස්වරූප වලින් මේ තාක්‍ෂණික පරිණාමය එක්ක ගැටෙන්න අරිනවා. එතකොට ඇතිවෙන කම්පනයයි කෘතියේ අපේක්‍ෂිත වින්දනය වෙන්නෙ.
අපි ඉස්සරහ තියෙන තාක්‍ෂණය එහි සැබෑ හැඩයෙන් වැළඳ නොගන්නට, ඒ ගැන වඩාත් සැක සංකා ඇති කරගන්නට අපිව පොළඹවන හේතුව වෙන්නෙ මේ කම්පනයයි. අපිට උපන් අපි විදිහට හිමි පුද්ගලභාවය වෙනුවට නව පුද්ගලභාවයකට අනුරූප වෙන්න සිද්ද වෙනවා. ඒක අපි විසින් නිර්මාණය කරන ලද එකක්. අපේ දෙමව්පියන් විසින් නිර්මාණය කරන ලද පුද්ගලභාවයෙන් නැගෙන ප‍්‍රශ්න ඉස්සරහ අපි තාම අසරණ වෙලා බලන් ඉන්නවා. ඒත් වෙනස අනිවාර්යයක්.
ජේසන් සිල්වා කියන ප‍්‍රාසාංගික දාර්ශනිකයා මේ නව තත්වයට කියන්නෙ සින්ගියුලරිටි - ඒකත්වය කියල. මේ වචනය භෞතික විද්‍යාවෙන් ණයට ගත්ත එකක්. බ්ලැක් හෝල් එකක් ඇතුලෙන් ගියොත් සිද්ද වෙන දේ පැහැදිලි කරන්න නිර්මාණය වෙලා තියෙන සංකල්පයක්. ‘රේ කර්ස්වෙල්’ කියන අනාගතවාදියා මේ අදහස අලූතෙන් නිර්මාණය වෙමින් යන අලූත් ජීවිතය විස්තර කරන්න ගේනවා. මේ විදිහට ඇතිවුණු එක විදිහක ඒකත්වයක් තමයි භාෂා ලෝකය කියන්නෙ. කතා කරන්න බැරි වඳුරෙකුට ෂේක්ස්පියර්ගෙ රූපකයක් තේරුම් කරන්න ගියොත් දකින වෙනස තරම් වෙනසක් තමයි අලූත් ඩිජිටල් පැවැත්ම සහ මෙතෙක් අපි දන්නා පැවැත්ම අතර තියෙන්නෙ. භාෂාව විසින් ඇති කළ මිනිස් පරිණාමයට පස්සෙ ඇතිවෙන ඊටත් වඩා දැවැන්ත පරිණාමයක එළිපත්තෙ අපි ඉන්නෙ.
මිනිස්සු අමරණීයත්වය කරා ළ`ගා වෙමින් ඉන්නවා. මිනිස්සු දේවත්වය අත්පත් කර ගනිමින් ඉන්නවා. තමන්වම නැවත නිර්මාණය කරන්න පුළුවන් තාක්‍ෂණයක් මිනිස්සු විසින් නිපදවමින් ඉන්නවා. එක පැත්තෙකින් නවීන ජෛව තාක්‍ෂණවේදය (බයොටෙක්) හරහා අපේ බයොලොජි එක අපිට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගන්න පුළුවන් පසුබිමක් හදන අතරෙ තවත් පැත්තකින් නැනො තාක්‍ෂණය හරහා ද්‍රව්‍යය (මැටර්) පරණ බන්ධන වලින් මුදා නැවත අපි විසින් හැඩගස්වන වෑයමක් දියත් වෙනවා. ඒ අතරෙ කොහොමවත් ජෛවමය නොවන දේවල් වලින් කෘතිම විඥාණයන් (ඒ.අයි) නිෂ්පාදනය කරනවා. දෙවියන්ගේ ලෝකය මිනිසුන් විසින් කඩාබිඳ දමා යළි නිර්මාණය කරන අවධියක අපි සාක්ෂිකරුවන්.
තව නොබෝ කලකින් මිනිස්සු තමන්ගේ ජෛව පද්ධතියට, මනෝ පද්ධතියට අවශ්‍ය සොෆ්ට් වෙයාර් පවා නිර්මාණය කරන්න ගන්නවා. අනාගතවාදී හිතන්නන් කියන විදිහට තනි තනි පුද්ගලභාවයන් හැටියට හුදකලා වීම වෙනුවට මේ ලෝකයේදී සාමූහික විඥානයක් විදිහට වැඩෙන්නට මිනිස්සුන්ට පුළුවන් වෙනවා. තොරතුරු හුවමාරු කරගනිමින්, ඒ මොහොතේම සියල්ලන් අවබෝධ කර ගන්නා, භාෂා සීමාවන්ට එහා ගිය සන්නිවේදන ස්වරූපයන්ගෙන් මිනිස්සු මේ ඩිජිටල් දේවත්වය තුල ගනුදෙනු කරාවි.
නිර්වාණය, අවබෝධය, ස්වර්ගය සියල්ල නවීන තාක්‍ෂණය විසින් නිෂ්පාදනය කරනවා. තවදුරටත් ගස්මුල් යට භාවනා අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය සංඛ්‍යාතයක තරංග මොළයට ඩවුන්ලෝඞ් කර ගන්න පුළුවන් වෙයි.
මේ ට‍්‍රාන්සෙන්ඩන්ස් කියන කන්සෙප්ට් එක මේ වෙද්දි විද්‍යාව, දර්ශනය වගේම නිර්මාණ ඇතුලෙත් සාකච්ඡුා වෙන්න පටන් අරගෙන. ට‍්‍රාන්සෙන්ඩන්ස් කියල ජොනී ඩෙප් ර`ගපාන චිත‍්‍රපටියෙත් තේමාව වුණේ මේක. තමන්ගේ මොළයේ ඇති සියලූ අත්දැකීම් පරිගණකගත කිරීමෙන් ඒ සමස්ත අත්දැකීම්වල මුහුවෙන් සයිබර් අවකාශයේ තමන්ව අමරණීය ලෙස යලි උත්පාද කළ හැකියි කියන අදහස.
ඒත් රේ කර්ස්වෙල් කියන කතාව මීට වඩා බය හිතෙන එකක්. අපි අපෙන් පිට නැවත අපිව නිර්මාණය කරනවා වෙනුවට කාලයක් පුරා අපේ ජීවමය ශරීරයම ජීවමය තත්වයෙන් ඔබ්බට ගෙනයාවි කියලයි එයා කියන්නෙ. කෘතිම ටයිටේනියම් දණ පොල්කටු නිෂ්පාදනය කරනවා වගේම මොළයේ ෙසෙල පවා කෘතිමව නිෂ්පාදනය කිරීම පටන් ගනීවි. ටිකින් ටික අපේ යතාර්ථවාදී ශරීරයේ කොටස් අපේ කෘතිම නිර්මාණ වෙතින් පවරා ගනීවි. ටික ටික ශරීරයේ ස්වභාවිකයි කියන කොටස පොඞ්ඩ වේවි. අන්තිමට සම්පූර්ණයෙන්ම අපි ස්පෙයාර් පාර්ට් මාරු කරන්න පුළුවන්, සිස්ටම් අප්ඬේට් කරන්න පුළුවන් සුපිරි මිනිසා බවට පරිණාමය වේවි.
ඇත්තටම මේක බය වෙන්න ඕන තත්වයක් නෙමෙයි. මේක තමයි මනුෂ්‍ය වර්ගයාගේ නිදහස. බුදු කෙනෙකුන් හෝ දෙවි කෙනෙකුන් විසින් එය සාක්ෂාත් කර දුන්නා නෙමෙයි. අදේවවාදී තාක්‍ෂණය විසින් එය සකල ලෝවැසි මනුෂ්‍යයාට අත් කර දෙන එකයි සිද්ද වෙන්නෙ. මෙතනදි පරණ මාක්ස්වාදී සගයො ඒකට නියම වෙන මිළ ගැන ප‍්‍රශ්න කරාවි. මනුෂ්‍යයා අමරණීය වෙන මොහොතක ආශ්චර්යය වෙනුවට ඒකෙ ආර්ථිකය ගැන කතා කිරීම දුප්පත් සිතීමක්. මොකද දැනටමත් ආර්ථිකය පවා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය විසින් යළි නිර්මාණය කරමින් ඉන්න නිසා.
අපි අපේ භෞතික ශරීර සීමාවෙන් නිදහස් වෙනවා. අපේ පුද්ගලාබද්ධ සිතීම් අගතීන්ගෙන් නිදහස් වෙනවා. මරණයෙන් නිදහස් වෙනවා. ඒක තාක්‍ෂණික පරිණාමයක් නෙමෙයි. මනුෂ්‍ය විඥාණයේ ආධ්‍යාත්මික විප්ලවයක්. පැරණි ඉන්දියානු සහ පෙරදිග ආධ්‍යාත්මික දර්ශනයන් හරහා මේ වෙනස්කම් කියවමින් නව මිනිසාට ගැළපෙන නව ආධ්‍යාත්මික සංකල්ප (ඩිජිටල් නිර්වාණයන්, ඩිජිටල් ස්වර්ගයන්) පවා නිර්මාණය වෙමින් තියෙනවා. ඩිජිටල් ෂාමනිස්ම්, ඩිජිටල් සයිකඩෙලියා වගේ විෂයන් ඇතුලෙ නව ආධ්‍යාත්මික පර්යේෂණ සිද්ද වෙනවා. ඩිජිටල් බෝසත්වරුන් බවුන්වඩනවා.
අපිට සිද්ද වෙනවා අත්හරින්න. මෛත‍්‍රීපාල සිරිසේන අලූත් ජනාධිපතිතුමාම කියන විදිහට අත්හරින සෑම විටම ඊට වඩා හොඳ තත්වයක් ලැබෙනවා. කොයිතරම් පළල් සිතීමක් තිබුණත් ඒ කාලෙ සොක‍්‍රටීස් පවා ලියන්න (ලේඛනයට) බය වුණා. ඒකෙන් මොළය නතර වෙයි කියල හිතුවා. සොක‍්‍රටීස් මැරුණ. ඒත් ලේඛනය මිනිස් වර්ගයා එක්ක ඉස්සරහට ආවා. නිකං හරි අද අපි මෝබයිල් එකෙන් කරන ගණුදෙනු මීට අවුරුදු සීයකට කලින් කෙනෙක් කොහොම තේරුම් ගනීවිද? අනිවාර්යෙන්ම දෙවියෙක් කියල අදහන්න පටන් ගන්න ඉඩ තියෙනවා. අලූත් තත්වයක් ඉස්සරහ පස්ස ගහන එක මනුස්ස ගතියක්. ඒ අලූත් තත්වය තේරුම් ගන්න එක, අවශ්‍ය පරිදි නිර්මාණය කරන එක දේව ගතියක්.
දළඹුවෙකුට කවදාවත් බෑ සමනළයෙක්ව තේරුම් ගන්න. ඒත් මිනිස්සු විදිහට අපිට පුළුවන් දැන් අපි පරණ අපි නෙමෙයි කියල තේරුම් ගන්න. අතීත සංවාද වල වෙළිලා ගත වෙනවට වඩා අලූත් මිනිස් දේශපාලනයක් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. අලූත් මිනිස් සම්මුතියක් වෙනුවෙන් දායක වෙන්න.
නැත්තං වඳවුණු වඳුරන්ගෙන් එකෙක් වෙන්න.
-චින්තන ධර්මදාස
චින්තා ඉක්මන් වුනා වැඩිද? ?
ReplyDeleteමම ඉක්මන් වුනා වැඩිද ??
අත්හරින සෑම විටම ඊට වඩා හොඳ තත්වයක් ලැබෙනවා. :-D
laasana adahas
ReplyDeleteමේ ගැන මමත් කාලයකට ඉස්සෙල්ලා පෝස්ට් එකක් දාලා තියෙනවා
ReplyDeleteඅනීර්ණය....ඔබ එන්නේ කවදා ද? - The Singularity
the earth will not miss us
ReplyDelete“You think man can destroy the planet? What intoxicating vanity. Let me tell you about our planet. Earth is four-and-a-half-billion-years-old. There's been life on it for nearly that long, 3.8 billion years. Bacteria first; later the first multicellular life, then the first complex creatures in the sea, on the land. Then finally the great sweeping ages of animals, the amphibians, the dinosaurs, at last the mammals, each one enduring millions on millions of years, great dynasties of creatures rising, flourishing, dying away -- all this against a background of continuous and violent upheaval. Mountain ranges thrust up, eroded away, cometary impacts, volcano eruptions, oceans rising and falling, whole continents moving, an endless, constant, violent change, colliding, buckling to make mountains over millions of years. Earth has survived everything in its time. It will certainly survive us. If all the nuclear weapons in the world went off at once and all the plants, all the animals died and the earth was sizzling hot for a hundred thousand years, life would survive, somewhere: under the soil, frozen in Arctic ice. Sooner or later, when the planet was no longer inhospitable, life would spread again. The evolutionary process would begin again. It might take a few billion years for life to regain its present variety. Of course, it would be very different from what it is now, but the earth would survive our folly, only we would not. If the ozone layer gets thinner, ultraviolet radiation sears the earth, so what? Ultraviolet radiation is good for life. It's powerful energy. It promotes mutation, change. Many forms of life will thrive with more UV radiation. Many others will die out. Do you think this is the first time that's happened? Think about oxygen. Necessary for life now, but oxygen is actually a metabolic poison, a corrosive glass, like fluorine. When oxygen was first produced as a waste product by certain plant cells some three billion years ago, it created a crisis for all other life on earth. Those plants were polluting the environment, exhaling a lethal gas. Earth eventually had an atmosphere incompatible with life. Nevertheless, life on earth took care of itself. In the thinking of the human being a hundred years is a long time. A hundred years ago we didn't have cars, airplanes, computers or vaccines. It was a whole different world, but to the earth, a hundred years is nothing. A million years is nothing. This planet lives and breathes on a much vaster scale. We can't imagine its slow and powerful rhythms, and we haven't got the humility to try. We've been residents here for the blink of an eye. If we're gone tomorrow, the earth will not miss us.”
― Michael Crichton, Jurassic Park / Congo