‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ‍්‍රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත‍්‍රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ ඇඞ්වර්ටයිසින් කැම්පේන් එක ඇතුලෙ වැඩ කරනවා. ඒ හින්දම ඒක සෑහෙන වයිරල් මීඩියා වලත් ෂෙයාර් වෙන්න ගත්ත. ෆිල්ම් එක පැත්තකින් තියල මේ කතාව එලියෙ දේශපාලනයත් එක්ක ඉස්සෙල්ල ගලපලා බලන්න වටිනවා.
මේ වචන පේලියෙ තියෙන සාර්තකබව වෙන්නෙ මේක මේ වෙනකොට ගොඩක් අය එක`ග වෙමින් සහ බාර ගනිමින් ඉන්න තත්වයක් වීම. ඊටත් වඩා මේක පහුගිය මහින්ද ආණ්ඩුවට කඬේ ගිය ජැක්සන් ඇන්තනි, මාලින්ද සෙනෙවිරත්න වගේ අයටත් යහපාලන ආණ්ඩුවට කඬේ ගිය නිර්මාල් වගේ අයටත්, පතෝල වගේ හිටපු සුමිත්, විදර්ශන වගේ අයටත් එකට හිටගන්න පුළුවන් තැනක් වෙන එක. හිටියෙ හිට්ලර් කියල එක`ග වෙන එක ඇතුලෙ ආවෙ චැප්ලින් කියල එක`ග වෙන්න අනිත් කාණ්ඩය තීරණය කරනවා.
ඒත් නිර්මාල් වගේ දේශපාලන දැනුමක් සහිතයි කියල එලියෙ ඉන්න අය විසින් බාර ගන්න කෙනෙකුත් මේ වගේ ආස්ථානයකට ඒම ටිකක් විහිළු සහගතයි. මෑතක එයාගෙ ෆේස්බුක් පිටුවෙ ෂෙයාර් වෙච්ච අදහස් වලින් කියවුනෙ මේ ආණ්ඩුව පත් කර ගැනීම නිසා තමන් නාගනිමින් ඉන්නවා වගේ අදහස් පෙලක්. එතකොට සරලවම ගිය ආණ්ඩුවත් අප්සෙට්, ආපු ආණ්ඩුවත් අප්සෙට් කියන වාමාංශික පතෝල පිළිවෙතට ලේසියෙන්ම ස්ථානගත වෙන්න පුළුවන්. අපත වැඩ කරමින් හිටපු පරණ ආණ්ඩුවේ කලා- දේශපාලන බවතුන්ටත් කිසි අවුලක් නැතුව මඩ ටික හෝදගෙන එක මේසෙ ඉඳගන්න පුළුවන්. කවදාවත් බිහි නොවෙන පරම සුචරිත, සුබවාදී සමාජයක් එනකල් මේ ජෝක් එක දිගටම කරගෙන යන්නත් පුළුවන්.
ගිය ආණ්ඩුවට සාපේක්‍ෂව මේ ආණ්ඩුව ගැන කතා කරන්නවත් බෑ කියන එකයි මගේ අදහස. ඒක හිට්ලර්ගෙ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ මිනිස්සුන්ට හිනාවෙන්න පවා තහනම්. එතකොට හිට්ලර්ව ජෝක් කරන චැප්ලින් එන එක විය යුතු සහ කළ යුතු ප‍්‍රගතිශීලී වැඩක්. එක ලයින් එකට කියවුනාට හිට්ලර් සහ චැප්ලින් කියන්නෙ ප‍්‍රතිවිරුද්ද ප‍්‍රතිපක්ෂ. එතකොට හිට්ලර් ගිහින් චැප්ලින් ආපු එකෙන් ලංකාවට ඇඩ‍්‍රස් නැති වෙන්න බෑ.
අලූත් ආණ්ඩුවෙ අවුල් සහ ආකර්යක්ෂමතා ගැන ලොකුවට කණස්සලූ වෙන අය විසින් මතක තියාගත යුතු වෙන්නෙ පහුගිය කාලෙ හා සසඳන විට ඒවා නොතකා හැරිය හැකි තරම් කුඩා වගයි. එහෙම වුණත් ඒවා බරපතල විදිහට ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් සටන් කිරීම සහ විරෝ්ධය දැක්වීම අවශ්‍යයි. ආණ්ඩුවක් පත්කර ගෙන නිදහසේ තමන්ගෙ වැඩක් කර ගෙන ඉන්න බලාපොරොත්තු වුණු දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට මේක ටිකක් අමාරු තත්වයක් වෙන්න පුළුවන්. ඒත් දේශපාලනය ගැන, විශේෂයෙන් ආසියාතික දේශපාලනය ගැන යම් පමණක හෝ අවබෝධයක් තියෙන ඕන කෙනෙක් දන්නවා පුරවැසියන්ගේ සංවිධානගත මැදිහත් වීම් කොයිතරම් අවශ්‍යද කියන එක. බිඳ වැටුණු පද්ධතීන් සහ විස පෙවුණු ආකල්ප නැවත හැරවීම කියන්නෙ දැවැන්ත වැඩක්. ඒකට විශාල සංස්කෘතික ව්‍යාපාරයකුත් සිද්ද වෙන්න ඕන.
ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ලොකු අවකාශයක් විවෘත වීමයි යහපාලනයේ ලොකුම වැදගත්කම. කොටින්ම ජැක්සන්ට මේ වගේ පෝස්ටරයක් පවා අලවන්න පුළුවන් වීමයි මෙතන තියෙන වෙනස. මේක ගෝටාබයගෙ ආණ්ඩුව වුණා නම් මේ පෝස්ටරය ප‍්‍රින්ට් කරන්න ප්‍රෙස් එකක් වත් හොයාගන්න වෙන්නෙ නෑ (ජැක්සන්ට නං නෙමෙයි). මේ අවකාශය ඇතුලෙ දැනටමත් ලොකු සංවාදයන්, කතිකාවන් සිද්ද වෙමින් යනවා. ඒත් දෙමළ සිංහල ප‍්‍රශ්නෙම ලංකාවෙ එකම ප‍්‍රශ්නෙ විදිහට සලකන වම්මුන්ට පාන් බාගෙකට වඩා දෙයක් පේන්නෙ නැති එක සාමාන්‍යයි. ඒක හින්ද ඇත්තටම නම් අදහස වෙන්න ඕන හිට්ලර්ව ගෙදර යැව්වා. චැප්ලින්ව ගෙනාවා. ඇයි අවුල්ද කියන එකයි. වෙනස තියෙන්නෙ අපි චැප්ලින්ව දකින්නෙ නිකංම ටෙනිසන් වගේ ජෝකර් කෙනෙක් විදිහටද, අදහසක්, ආර්ට් එකක් සහිත දියුණු ප‍්‍රකාශකයෙක් විදිහටද කියන එක උඩ.
කොහොම වුණත් ඇඞ්වර්ටයිසින් වලට පාවිච්චි වෙන මේ වචන පේලිය ෆිල්ම් එකට සම්බන්දයක් නෑ. කොටින්ම ෆිල්ම් එක ගැන කලින් එලියට ආපු ගයාන්ගෙ සිංදුවවත් ෆිල්ම් එකට සම්බන්ද නෑ. වෙන විදිහකට කිව්වොත් ජැක්සන් ඇන්තනිගෙ පුනරාගමනයක් බලාපොරොත්තුවෙන් ගිය මට ටයිට්ල් ට‍්‍රැක් එකෙන් පස්සෙ චිත‍්‍රපටියක් නැති වුණා. එතකොට තිබුනෙ ඇඞ් එකක් විතරයි, ප්‍රොඩක්ට් එකක් නෑ.
මට ෆිල්ම් එක ගැන ඇත්තටම කියන්න තියෙන දේ ෆිල්ම් එක හෝල් එකට එන්නත් කලින් කියන එක එච්චර සදාචාරාත්මක නෑ කියල හිතෙන හින්ද ඒ විස්තර පස්සට තියන්නම්. ඒත් මට ජැකාගෙන් අහන්න තියෙන එක ප‍්‍රශ්නයක් තියෙනවා. එතකොට මුඩුක්කුවල ඉන්නෙ ගණිකාවො. සිද්ද වෙන්නෙ හි`ගන බිස්නස් සහ පාතාල ගණුදෙනු(ඒත් කොතනකවත් කුඩු එහෙම නෑ) . මුඩුක්කුවෙ උන්ටත් ඕන එතනින් ගැලවිලා උස තට්ටු බිල්ඩින් වලට යන්න (සහස්පුර වගේ). ඒක හින්ද ගෝටාබය විසින් කරගෙන ගිය කොළඹ මුඩුක්කු ඉවත් කිරීම කොයි පැත්තකින් බැලූවත් මාර ප‍්‍රගතිශීලීයි. මාර මානුෂීයයි. ඒකද මේ කතාව? (විදර්ශනත් ඒ මොහොතේම මේ ප‍්‍රශ්නෙ මතු කළා) දෙමළ සිංහල ප‍්‍රශ්නෙට පස්සෙ මහින්ද චින්තනයෙ ඊළ`ග අදියර කොළඹ සුද්ද කිරීමේ කැම්පේන් එක වෙනුවෙන්ද මේ චිත‍්‍රපටිය හැදෙන්නෙ? ජැක්සන් මේ හිට්ලර්ව චැප්ලින්ට අන්දන්න හදන්නෙ කාව ජෝක් කරන්නද? ඔන්න ලොකු අයියෙ ඔයාට ඇඩ‍්‍රස් නැති වෙන තැන.
චිත‍්‍රපටිය ගැන කතාව පස්සට තියල චිත‍්‍රපටියට කලින් ජැක්සන් කරපු කතාව ගැන කියන්නම්. එතනදි එයා වැදගත් දෙයක් කියනවා. අපේ සමස්ත සිනමාවම දැනට රදා පවතින්නෙ ඉන්දියාවෙ එකම ප‍්‍රින්ටින් මැෂින් එකක ඇණ මුරුච්චියක් උඩ කියල. තාමත් ඩිජිටල් නොවීම හරහා තමන්ගෙ චිත‍්‍රපටියට වෙන අසාධාරණය ජැක්සන් එතනදි මතු කළා. අත්දෙකම උස්සලා එක`ගයි මේ අදහසට. ඒත් ඒක මතු කරපු විලාසයේ තියෙනවා අර්බුදයක්.
තමන්ගෙ චිත‍්‍රපටියට හෝල් 38ක් (ඒ වගේ ගානක්) ලැබෙද්දි ඉන්දියාවෙ අලූතෙන්ම රිලීස් වෙන චිත‍්‍රපටියකට බාල ඊ-සිනමා ප්‍රොජෙක්ටර් හයි කර ගත්ත හෝල් 37ක් (වගෙයි මතක) ලැබීමේ අබාගය ගැන එයා එතන කණස්සලූ වුණා. ඒත් ඩිජිටල් සිනමාව ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටීමත් ඊ- සිනමා ප‍්‍රදර්ශනය ගැන කණස්සලූ වීමත් එකිනෙකට ප‍්‍රතිවිරුද්දයි. කවර හෝ තමන්ට ආයෝජනය කළ හැකි මට්ටමක ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් සමග මේ ශාලා හිමියන් ඩිජිටල් ප‍්‍රදර්ශනයට එක්වීම ගැන සතුටු වීමයි සිද්ද වෙන්න ඕන. ඒ හෝල්වල පෙන්නන්නෙ ඉන්දියානු චිත‍්‍රපටියක් වීම ගැන ලාංකේය චිත‍්‍රපටකරුවන් ලැජ්ජා වෙන්න ඕන. ඒ අපිට අපේ දේශීය සිනමා ශාලාවලට විශ්වාසය ඇති කරවන චිත‍්‍රපට නිර්මාණය කරන්න බැරි වීම ගැන. ඒක සිංහල, දෙමළ ප‍්‍රශ්නයක් වගේ තැනකට ලඝු කිරීම හෝ දේශීය, විදේශීය බෙදුම් කඩනයකට ලක් කිරීමට වඩා ඩිජිටල් ප‍්‍රක්‍ෂේපන තවත් පුළුල් කර ගැනීමයි මෙතනදි ඇත්තටම වැදගත්. දැවැන්ත ඉන්දියානු සිනමාව එක්ක අපිට උරෙනුර සටන් වදින්න බැරි වීමේ ප‍්‍රායෝගික තත්වයන්ට මුහුණ දෙන්න නම් ඒ ගෙන්වනු ලබන සිනමා කෘති වලට බදු පැනවීමක් වගේ දෙයක් ගැන හිතල බලන්න පුළුවන්. ඒත් ලංකාවෙ නිෂ්පාදනය කරන චිත‍්‍රපට බොහොමයකට මොකක් හරි විදිහක සිනමාවට බාහිර රැුකවරණයක් නැතුව පේ‍්‍රක්‍ෂාගාරයක් දිනාගන්න අමාරුයි. ඒක සිනමා නිර්මාණාත්මක බවේ අඩුවක් වගේම ඒ අඩුව පිරිවිය හැක්කේ තවත් තොත්ත බබාකරණය කිරීමෙන් නොව දියුණු තරගකාරීත්වයකට මුහුණ දෙන්න සැලැස්වීමෙනුයි.
ඒ වගේම ජැක්සන් විසින් ඊ- සිනමා ප්‍රොජෙක්ටර් හයි කරපු බාල සිනමා ශාලා ගැන කතාව කියන්නෙම ඊඒපී මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින්. සිනමාව ඩිජිටල් කිරීම තව තවත් ප‍්‍රමාද කරන්නට නොයෙක් දේශපාලන බලවතුන් එක්ක ඞීල් දාන ලංකාවෙ සිනමා පරිහාණියට මූලික වශයෙන් වගකිව යුතු මණ්ඩලයකට ප‍්‍රශංසා කරමින් සිනමාව ඩිජිටල් කිරීම ගැන කතා කරන එකත් විහිළුවක්. සිනමාව ඩිජිටල් වීම හරහා අලූතෙන් නව සිනමා ශාලා සහ මණ්ඩල නිර්මාණය වීම අනිවාර්යයි. ඒ වගේම තවත් නොයෙක් ප‍්‍රදර්ශන ක‍්‍රමයනුත් විවෘත වේවි. එතනදි ප‍්‍රධානවම අර්බුදයට යන්නෙ මේ වෙද්දි සිනමාව නඩත්තු කරමින් තමන්ගෙ ලාබ උපරිම කර ගැනීමේ යෙදෙන සිනමා පවුල් කීපයයි (ඊ්ඒපීත් ඇතුළුව). මේ කර්මාන්තය විවෘත වීමෙන් සහ පුළුල් වීමෙන් ඔවුන්ගේ අධිකාරී බලය පිරිහී යනවා. එතකොට ජැක්සන් මේ නව ඩිජිටල් සිනමා ප‍්‍රක්‍ෂේපන වලට දොස් පවරමින් ඊඒපී මණ්ඩලය ආරක්ෂා කරන හේතුව පැහැදිලියි. ඒක සිනමාව ගැන සැබෑ කාරණයකට වඩා තමන්ගේ නියෝජිතභාවය සහ පක්ෂපාතභාවය ගැන ප‍්‍රකාශනයක් විදිහටයි මං දකින්නෙ.
කොහොම වුණත් මේ සංවාදය වඩා විවෘත වීම වටිනවා. ලාංකේය සිනමාව ඩිජිටල් කිරීම කියන්නෙ ව්‍යාපාරික පවුල් කීපයකගේ උවමනාවන් මත ඇති කරන ප‍්‍රතිසංස්කරණ කීපයක් නොවිය යුතුයි. පරණ සිනමාවට යන්න කියන මේ මොහොතේ පරණ සිනමා අධ්‍යක්‍ෂවරුන් ගොඩකටද පැන්ෂන් යන්න සිද්ද වෙන බව පැහැදිලියි. එළඹෙන්නෙ සිනමාව ප‍්‍රජාතාන්ත‍්‍රීකරණය වෙන අලූත් යුගයක්. ඒක චැප්ලින්ගෙන් නතර නොවී ගප්පියා දක්වා එන වග මතක තියාගන්න ඕන.
-චින්තන ධර්මදාස
1. OK, Gappiya has youtube to do his stuff. Theatrical Cinema, TV, Youtube are different formats and Chinthana's ongoing attempt to snatch cinema halls for Youtubers stems from his own nostalgia about cinema. Cinema needs works that go with its own format, something worth the big screen, details, darkness, concentration, isolation etc. Online videos define its form and content with own restrictions and liberties and it needs to find its own artistic depth. Let them influenced by each other (like in TV and Cinema), but don't suggest cinema should be looted by new mediums. So stop always calling for censorship according to your preferences.
ReplyDelete2. Why taxes on foreign cinema? You suggest censorship again and want to feed us with crap we create inside? Calling for protection from authority? Ha! That's what you aim ultimately! Funny and treacherous !
3. Needs to protect the new liberties you won with this government, but not the government and its pathetic treacheries. Silence is always a tacit agreement. Always needs to keep protesting. Its not to say the previous government is better than this, but to keep continuing the struggle. Saying this is not all we fought for is far better than saying this is good enough. This freedom is a fleeting masquerade!
I know there is always a resistance when something new and challenging is brought to the table. And it is always positive to have counter arguments and opinions since it will broaden the understanding. First of all what do you define as a film? Till now in our country it's something which will be coming in celluloid and screened only in theatres. A few years ago there was a similar mindset against digital cameras. They said films will then be 'television bullshit'. They argued that film will end with it, and there can be no film done without 35mm. But now? Everyone is lining up to shoot with the latest digital equipment. And even this writer easily agrees to digital cinema but is still stuck with the limitation of the theatrical system. There should be a non theatrical cinema too. That’s my argument. And in my view that will be the cinema which defines the future of this medium. Theatrical or non theatrical, everything which falls to the feature film category should be recognized as films. You can decide where these films are going to be screened according to audience demand. But not according to the feudal system of 'being theatrical is the absolute' mindset. So if you want to enjoy films in theatres, that’s fine. But how can you define which films are going in there and not? It is up to the audience finally. Even gappiya can be a feature film and screened in big theatres. Films with only depths, silences, aesthetics..That era is long gone.
DeleteAnd taxing is not censoring. It is the most democratic way to protect an industry from monopolies and open new grounds to new players which will be the real innovations for future. And don’t tell me that all these imported films are good. Tell me any good film that runs in theatres by now which can be considered as good? They are importing any shit and make a big marketing haho. Please don’t misunderstand or misinterpret that foreign films are demanded by the majority of the country. It is still Sri Lankan films which are preferred by the majority of this country, just because the Cinema's in Colombo hits houseful on weekends for films like Jurassic world does not mean that reflects what the whole country wants. Only a niche audience which you too may belong to, will stick around one or two theatres and prioritize watching foreign movies. For example, Siri Parakum was a huge hit which cannot be compared to performance of any imported film here. In any country there is a tax system which will protect the domestic industries from big multi nationals. I'm in total agreement that these films should come here and there should be a good competition. But it should be on legitimate and fair grounds, away from greasy monopolies. In television when shitty hindi dramas took up all the space this taxing system worked for better outcome and ultimately made way for local artists to come out with better productions. Now Sri Lankans love mega dramas made here than the dramas coming from India. I'm not talking about art house movies here. They should surely be screened for appropriate audiences in mini theatres. But we should encourage our commercial film makers and give them a fair chance to fight with big budget movies from big studios.
If you take a closer look, its not me who's trying to feed you bullshit by promoting screening mediums for all type of films, you're already eating up bullshit fed to you so lovingly by a few profit making entities.. So wake up and get real!
-Chinthana
Thank you for this reasonable and better thought reply!
DeleteNow this first paragraph of the comment speaks better than the last paragraph of your article "පරණ සිනමාවට යන්න කියන මේ මොහොතේ ". If we all can happily agree that all types of films should exist and allowed, that's great! It is also nice if calling for a new cinema is not a call to annihilate other types of cinema, a sense, which some of your writings may unfortunately imply, as this line testifies.
As you say, technology has already given us the alternatives to preserve the experience of ‘big screen+dark hall’ format with home theatres and other mini versions. So I should not be worried about what will happen to the unique feel of original cinema:) If you want to use the nostalgic word 'Cinema' for all types of films I can't object to it. However, I think we should have a name for big screen+dark hall films, which is a unique form of spectatorship, because always the way of consumption affects the content and form.
The second paragraph is about the entertaining business and how it should be regulated. Definitely the business of cinema seems regulated through the demand of 'audience', only if you think that this mechanism is innocent. However, I think that theatres are big investments and they and their content are regulated by the investors for profit. They will manipulate the market and decide to use Sri Lankan productions over foreign ones if they are more profitable. You too have wisely showed here that creating demands in the current context won’t happen innocently as we wish (you perhaps know this better as a person in advertising), and so are the taxing systems. What I say is rather than letting our own ‘philanthropic’ governing bodies (corrupt politicians, theatre owners etc.) to control it by tax systems, keeping it as it is (opened to international competition) may be more beneficial.
Under this context, perhaps the innovative cinema today survive because of the new technology, digital cinema (and festivals to a certain degree.) and cinephiles who brave the given conditions. There are innovative ones in the mainstream too, but they are also benefited by the above factors than the commercial system itself.
Finally apologise me for my well-intended polemic and pretentious tone in the previous comment that provoked you to write this nice reply, especially with the witty last paragraph:)
And Gappiya won’t be allowed to the commercial theatre cinema if he is not profitable. If he tries to be profitable, Gappiya will be made to a pretentious gold fish, something that almost happened to Gappiya when some brands tried to market him (newspapers, advertising etc.) That is what I meant by leaving him to new mediums, which are not decisively dependent on profits or any other censorship, including your so-called well-intended tax systems. That is the beauty of new digital mediums. It is offering us a certain degree of independence from profit-based capitalism. The innovative contents of new media and uniqueness of cinema are defined by its own form, format, restrictions and liberties. Therefore, ‘Gappiya’ never will be a feature film. If ‘Gappiya’ a feature film…. you will see him dead out of the tank.
DeleteThe above comment is not to negate the positive things this article put forward: fighting for digital, tyranny of theatre businesses, Jackson's hidden agenda etc.
ReplyDeleteHowever, our situation is not just a trading Chaplin for Hitler. No way you can apply Chaplin's all nuances (immensely positive) with this government at all. This is trading puppets for Hitler, which we don't know yet who the puppeteer is.
I meant people led by new mediums orchestrated and acted as puppeteers in the election and we still do not know who snatched the threads from us afterwards. So we can't say that the dance is what we anticipated :) It might take a dramatic turn suddenly if we don't find threads again and hold them tightly! Hurry up Chinthana :)
Deleteman I feel ur running the campaign.. Unconsciously.... Meke mula mada aga okkoma ekai..y chinthana ur not talking about failed films u did...ubatat Meka ahuwela wage hitiyata naa wagei..good bless u all
ReplyDeleteසාමාන්‍ය තර්කයට ලේසියෙන්ම මිස්වෙන එහෙම නැත්නම් වාක්‍ය ඇතුලෙ යටපත් වෙන වහන්වෙන ඉතාම වැදගත් ස0සිද්ධීන් මේ විචාරකයට නිතරම අහුවෙන එකගැන අපිටනම් ඇත්තෙ පුදුමයක්.''ගියෙ හිට්ලර් බවට එකගවීම....
ReplyDeleteසාමාන්‍ය තර්කයට ලේසියෙන්ම මිස්වෙන එහෙම නැත්නම් වාක්‍ය ඇතුලෙ යටපත් වෙන වහන්වෙන ඉතාම වැදගත් ස0සිද්ධීන් මේ විචාරකයට නිතරම අහුවෙන එකගැන අපිටනම් ඇත්තෙ පුදුමයක්.''ගියෙ හිට්ලර් බවට එකගවීම....
ReplyDeletei'm addicted to this now. don't stop writing.
ReplyDelete