Saturday, January 31, 2015

ජීවිතය රෝගයක් නොවේ



පහුගිය දවසක උවමනාවක් නිසා පිළිකා විශේෂඥ වෛද්‍ය ලැයිස්තුවේ උඩම ඉන්න දහ දෙනෙකුට විතර අපොයින්මන්ට් එකක් ගන්න කතා කළා. ඒ ඔක්කොම කට්ටිය ඉස්සරහට සති තුනක් විතර යනකල් බුක් වෙලා. මාව අන්දමන්ද වුණා. මේ හැම දොස්තර කෙනෙක්ම තවත් තුන් හතර තැනක චැනලින් කරන අය. ඒ කියන්නෙ අපේ රටේ මේ තරම් පිළිකා රෝගීන් ඉන්නවද? නැත්තං අපි දැවැන්ත ඖෂධ ව්‍යාපාරයක ගොදුරු බවට නොදැනුවත්වම පත්වෙමින් ඉන්නවද? මේ වෙද්දි ඖෂධ සමාගම් වලට පිළිකා රෝගීන් කියන්නෙ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. කීමෝ තෙරපි වල ඉඳන් ඊට පස්සෙ ජීවත් වෙන්න ආසාවෙන් රෝගීන්  ඕන ගානක් ගෙවලා ගන්න සදාකාලික බෙහෙත් වට්ටෝරුව, හදිසි තත්ව වලදී නැවත අවශ්‍ය වෙන ප‍්‍රතිකාර, තව තව නොයෙකුත් ප‍්‍රකාර සත්කාර බලද්දි වෙන කිසි රෝගයකට වඩා පිළිකාව ලාභ උපයා දෙනවා. කුමන්ත‍්‍රණ න්‍යායේ ප‍්‍රශ්නයක් වුණත් මේ හින්දම පිළිකාව වවාගෙන කන්න කොම්පැණි පෙළඹෙන්න පුළුවන් කියන එක සාධාරණ සැකයක්.

හොඳ පැත්තට ගත්තොත් සමහර විට අපේ රටේ පිළිකා ගැන දැනුවත්කම වැඩිවෙලා හෝ ඒවා සොයාගන්නා සහ ප‍්‍රතිකාර කරන ප‍්‍රමාණය වැඩි වෙලා හෝ වගේ වෙන්න පුළුවන්. ඒත් එහෙම නොවී ඉහත කාරණා වලින් යමක් මේ පිටිපස්සෙ තියෙනවා නම් ඒක ගැන අපේ සෞඛ්‍ය බලධාරීන් හෝ ජනතාව කොයි තරමින් දැනුවත්ද කියන ප‍්‍රශ්නෙ මතු වෙනවා.

ලෙඩ රෝග සම්බන්ධයෙන් ඇලොපති වෛද්‍ය විද්‍යාව (ප‍්‍රධාන ධාරාවේ වෛද්‍ය ක‍්‍රමය) ක‍්‍රියාත්මක කරන්නෙ ත‍්‍රස්තවාදයක්. නැත්තං මාෆියාවක්. ඒක චැනල් කරන දොස්තරගෙ ඉඳන් බෙහෙත් ගැන පර්යේෂණ කරන විද්‍යාඥයා දක්වා අදාලයි. මේ වෙද්දි කණගාටුදායක විදිහට මේ වෛද්‍ය ක‍්‍රමය මිනිස් සදාචාරයකින් තොරව සමස්ත ලෝක ජනතාව රෝග වලින් හිර කරලා පාලනය කරනවා. ඒත් ඇත්තටම සංකල්පමය අතින්, සිතීම අතින්් මේ වෛද්‍ය ක‍්‍රමය මේ පෙන්නන තරම් දියුණුද? රෝග සම්බන්ධ බය ආයුධයක් විදිහට පාවිච්චි කරමින් මේ වෛද්‍යවරුන් විශේෂයෙන් ලංකාව වගේ රටක වැජබෙන තැන කොයිතරම් යුක්තියුක්තද?

මෙතනදී ඇලොපති වෛද්‍ය ක‍්‍රමය විසින් රටක දේශීය හෝ විකල්ප සියලූ වෛද්‍ය ක‍්‍රමයන් මුග්ධ විදිහට නොතකා හරිනවා. ඒ වෙනුවෙන් ඒ අය කියන්නෙ විද්‍යාත්මකව සනාථ නොකරන ලද තත්ව, පුහුණු අහිතකරය වගේ තර්කයක්. මේ කතාව දියුණු රටක වෛද්‍යවරයෙක්ට යම් පමණකින් හෝ කියන්න අයිතියක් තිබුණත් ලංකාව වගේ රටක වෛද්‍යවරයෙකුට කොහෙත්ම කටක් ඇරලා කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. නිකම්ම ණයට දෙන විද්‍යාවක්, පුහුණුවක් සහ බෙහෙත් ටිකක් එක්ක නියෝජිත සේවයක් සපයනවා මිස රෝග හෝ ඖෂධ ගැන පර්යේෂණ කරන වෛද්‍යවරු හෝ විද්‍යාඥයන් අපිට නෑ. අපි අනුන්ගෙ විද්‍යාවක් විද්‍යාත්මකයි කියලා පිළිගන්නවා මිස එතනින් එහාට ඒ ගැන ප‍්‍රශ්න කිරීමක්වත් කරන්නෙ නෑ. වෛද්‍ය ක්‍ෂේත‍්‍රය එතනදි ඉදිරියෙන්ම ඉන්නවා.

විද්‍යාව කියල ගේන තර්ක හෝ පර්යේෂණ වලින් යම් යම් කාරණා ඔප්පු කරන්න පුළුවන් වුණත් ඒ ඔප්පු කිරීම සිද්ද වෙන්නෙ නැවත නිශ්චය කරන ආකෘතියක් ඇතුලෙ. ඒ ආකෘතිය ඇතුලෙ දේවල් කොහොමත් ඒ න්‍යායන්ට එක`ගයි. වෙනත් විද්‍යාවක් හෝ අදහසක් කියන්නෙම ඒ ආකෘතිය පිටින්ම ප‍්‍රශ්න වෙන මොහොතක්. ප‍්‍රතිසංස්කරණවාදයක් වෙනුවට විප්ලවීය යෝජනාවක්. කොහොමවත් ඒ වගේ තත්වයක් පවතින විද්‍යාත්මක ක‍්‍රමය ඇතුලෙන් ඔප්පු කරන්න බැරි වෙනවා. ඒකට  ඕන වෙනවා ඒ විද්‍යාත්මක සිතීමේ පැරඩයිමය වෙනසක්. විද්‍යාව විසින් ගොඩනගපු ව්‍යවස්ථාවෙන් එලියට බලන්න අපිට සාවධාන වෙන්න සිද්ද වෙනවා. දැවැන්ත වෙළඳ පොලක් එක්ක විනාඩි පහෙන් පහට රෝගීන්ගෙ ඔලූ ගණං කරන වෛද්‍යවරුන්ට එහෙම ඉඩක් නෑ.

මේ කියන කාරණය පැහැදිලිව තේරුම් ගන්න  ඕන. මං යෝජනා කරන්නෙ නලින්ද සිල්වා වර්ගයේ ජාතික චින්තනයක් හෝ අපේ පැරණි විද්‍යාවන් යළි සොයා යා යුතුයි කියන වර්ගයේ අදහසක් නෙමෙයි. මේක ජාතික ප‍්‍රශ්නයක් නෙමෙයි කොහොමවත්. මේක අපේ සිතීමේ ප‍්‍රශ්නයක්. නිරෝගී බව, ජීවිතය ගැන අපේ ඔලූවෙ ගොඩනගපු වෛද්‍යමය ආකෘතිවල ප‍්‍රශ්නයක්. අපි උත්සාහ ගන්නෙ කොහොම හරි ජීවත් වෙන්න. අන්තිමට අපිට සිද්ද වෙන්නෙ මැරි මැරි ජීවත් වෙන්න.

හැම දෙයක් ගැනම වාස්තවික පර්යේෂණ සිද්ද වෙන්න  ඕන. ඒ පර්යේෂණ වලට පුළුල් දැක්මක්, අලූත් මනසක් සහ අලූත් සිතීමක්  ඕන. පවතින පර්යේෂණ ක‍්‍රම වලින් තක්සේරු තීරණ ගනිමින් විකල්පයන්ට ගරහන එක පටු සිතීමක ලකුණක්. 19 වෙනි ශතවර්ෂෙ හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය අඳුන්නලා දුන්නු සැමුවෙල් හානමන් මේක ඇලොපති ක‍්‍රමය කියල සලකුණු කරන කල් ලෝකෙ තිබුණු එකම එක වුණේ ඒක. හෝමියෝපති ක‍්‍රමය සාර්ථක වේවා අසාර්ථක වේවා, පවතින වෛද්‍ය ක‍්‍රමය යනු තවත් එක ක‍්‍රමයක් විතරයි කියල තේරුම් කිරීමේ ගෞරවය හානමන්ට හිමිවෙනවා.

ඇලොපති ක‍්‍රමය විශ්වාස කරන්නෙ ක‍්‍රියාකාරී රසායන සංයෝග (බෙහෙත්) සහ කපා කොට යලි සකස් කිරීම (ශල්‍යකර්ම) කියන ක‍්‍රම දෙකෙන් රෝග තත්ව පාලනය හෝ යටපත් කරන එකයි. මේ හින්දම ඒ වර්ගයේ පර්යේෂකයො හෝමියෝපති ක‍්‍රමය ප‍්‍රශ්න කරන්නෙ ඒ ක‍්‍රියාකාරී සංයෝගය සිය දහස් ගුණයක් දක්වා තනුක කරන එකෙන් ලෙඩ හොඳ වෙන්නෙ කොහොමද කියල. ඒත් හෝමියෝපති ක‍්‍රමය ඇතිවෙන්නෙම ඇලොපති ක‍්‍රමයට විවේචනයක් විදිහට. විශේෂයෙන් ඒ ක‍්‍රමයෙ හැම ප‍්‍රතිකාරයකම තියෙන සයිඞ් අෆෙක්ට්ස් ගැන දැනුවත් බවකින්. ඒ හින්ද හානමන් නැවත එයා විසින්ම පර්යේෂණ කරමින් අතුරු ආබාධ නැති වෛද්‍ය ප‍්‍රතිකර්ම හොයන්න පටන් ගන්නවා. ඒ ක‍්‍රමය තුල සුව කිරීම් ගැන විධිමත් පර්යේෂණ 6000ට අධික ගානක් සිද්ද වෙලා තියෙනවා. ඒත් අධිපතිවාදී වෛද්‍ය ක‍්‍රමය තමන්ගේ සීමාවන් ඇතුලෙ ඉඳන් විකල්පය ප‍්‍රශ්න කරමින් ඉන්නවා.

මේ ලියමනේ අරමුණ හෝමියෝපති ක‍්‍රමය වඩා සාධනීයයි කියන එක නෙමෙයි. හෝමියෝපති වගේම ඇලොපති ක‍්‍රමයට පසුව බිහිවුණු ගොඩක් විකල්ප වෛද්‍ය ක‍්‍රම වල සිතීම ඇලොපති ක‍්‍රමයට වඩා දියුණුයි කියන එකයි. සරලව ගත්තොත් පවතින ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රමය මිනිහෙකුගේ ශරීරයට වාහන ඇන්ජිමකට වැඩි සැලකිල්ලක් කරන්නෙ නෑ. එතන වෑල්ව් එකක් අවහිර නම් වෙනත් වෑල්ව් එකක් බද්ධ කරලා ඇන්ජිම පණ ගන්නනවා. එච්චරයි. ඊට පස්සෙ ඒ බද්ධය පවත්වාගෙන යන්න ජීවිත කාලයක් බෙහෙත් මත යැපෙන්න සිද්ද වෙනවා. රෝගයක් ගැන ගැඹුරු සිතීමක් අහිමි විද්‍යාවක් කියන එකයි මගේ අදහස.

පෝස්ට්- ඇලොපති වෛද්‍ය ක‍්‍රම ගොඩක් වෙලාවට මේ සිතීමේ ආකෘතිය ඉක්මවා යනවා. කෘතිමව ශරීරය අත්අඩංගුවට ගන්නවා වෙනුවට ශරීරයේ පවතින යාන්ත‍්‍රණයන්ටම උදව් දෙන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්්ම අපේ සෞඛ්‍ය දොස්තර විසින් බාර ගන්නවා වෙනුවට ඒක නැවත අපිටම බාර දෙනවා.

ඇලොපති ක‍්‍රමයේ මේක සිද්ද වෙන්නෙ වෙන කිසි දෙයක් කරගන්න බැරි තැනදි. මේක ගොඩක් වැදගත් බල හුවමාරුවක්. අපේ ශරීරයේ අයිතිය සහ බලය නැවත අපිටම පවරා දීම. ඒක ඉස්පිරිතාලයකට හෝ වෛද්‍යවරයෙකුට ලියා දුන් ජීවිතයක් ඉස්සරහට අරගෙන යනවද කියන අභිමානය, නිදහස ගැන හිතන්න පුළුවන් තැනක්.

රෝග ලක්ෂණය වෙනුවට රෝග නිධානය, වෙනත් විදිහකින් ශරීරයේ රසායන වල ඇති වී ඇති වෙනස්කම් යළි සකස් කිරීම වගේ ගැඹුරු පළල් චින්තාවකින් ගොඩක් නූතන වෛද්‍ය ක‍්‍රම වැඩකරනවා.

‘අනාගත වෛද්‍යවරයා විසින් මානව ශරීරයට බෙහෙත් වලින් ප‍්‍රතිකාර කිරීම නවතා දමනු ඇති. ඒ වෙනුවට පෝෂණය මගින් රෝග වැලැක්වීම සහ නිවාරණය කරනු ඇති’
-තෝමස් එඩිසන්

පවතින ක‍්‍රමයට පක්ෂ ගොඩක් අය ගේන තර්කයක් වෙන්නෙ මේ වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රතිඵල දත්ත මත පදනම් ක‍්‍රමයක් නිසා වඩා විශ්වාසනීයයි කියල. ඒක ඇත්ත කතාවක්. වෛද්‍ය ක‍්‍රමයක් විධිමත් ප‍්‍රතිඵල සහ දත්ත මත පදනම් වෙන්නම  ඕන. ලංකාවෙ ගොඩක් වෙද්දු, ගුරුකම් ඇදුරො ලෙඩ හොඳ කරනවා කියල මිනීමරමින් ඉන්නවා. වැදගත්ම දේ අපි පත්තරවලින් සහ ටීවී එකෙන් දකින්නෙ ගොඩක්ම එහෙම කට්ටිය වෙන එක.

විශේෂයෙන් මාධ්‍ය කිසිම වගකීමක් නැතුව තමන්ගේ මිත්‍යාව පතුරන්න තරම් ලැජ්ජා හීන වෙලා. ඒත් මේ කතාව ඇලොපති ක‍්‍රමය කොහෙත්ම තමන්ව සාධාරණීකරනය කරගන්න බැරි තර්කයක්. ඒ ක‍්‍රමය ඇතුලෙ පැවතුණු මිනිස් ඉතිහාසය පුරා ඒ විද්‍යාත්මක දියුණුවෙන් කරලා තියෙන්නෙ මොනවද? පිළිකා රෝගයෙන් ඇමරිකාවෙ පවා සුවපත් වෙන්නෙ 20%යි. ඒ සුවපත් වීමත් යම් තාවකාලික කාලයක් දක්වා විතරයි. මේ වෙද්දි ලෝක ජනගහනයම දැවැන්ත විදිහට දියැවැඩියාව, අධික රුධිර පීඩනය වගේ රෝග තත්වයන්ට ගොදුරු වෙමින් යනවා. තොග පිටින් බෙහෙත් සැපයීමට වඩා මේ වෛද්‍ය ක‍්‍රමය විසින් ඒ වෙනුවෙන් ලබා දෙන විසඳුම් මොනවද? පිළිකා හැදෙන නිසා සිගරට් බොන්න එපා කියනවට වඩා තමන් කැමති පරිදි සිගරට්ටුවක් රස විඳින්නත් එයින් එන අවදානම මකන්නත් සමත් ක‍්‍රමයන් හොයන්න මේ සිස්ටම් එකට පුළුවන් වෙයිද? ශල්‍යකර්මය සාර්ථකයි ඒත් ලෙඩා මළා වගේ සිද්ධීන් අපි කොයිතරමක් අහලා තියෙනවද?
මේ කියන්නෙ සම්පූර්ණයෙන්ම ඇලොපති ක‍්‍රමය මුළාවක් කියන එක නෙමෙයි. ඒ ක‍්‍රමය පෙනී ඉන්න තරමට ඒක සුපිරි නෑ කියන එකයි. විශේෂයෙන්ම ලෙඩ වෙලා ඉන්න මනුස්සයාගේ මානසිකත්වය පැත්තෙන් මේ ක‍්‍රමය අතිශය නොදියුණුයි. ලංකාව වගේ රටක නම් තාමත් තමන්ගෙ රෝගී තත්වය, තමන්ට දෙන බෙහෙත් වර්ග ගැන දැනගන්න රෝගියාට අයිතියක් නෑ. දොස්තර ලෑස්ති නෑ ඒ විදිහෙ කාලයක් මිඩංගු කරන්න. කුකුල්ලූන්ට බෙහෙත් විදිනවා වගේ තුණ්ඩු ලිය ලිය ෆාමසියට යවන එක තමයි ප‍්‍රධාන සම්ප‍්‍රදාය.

මරණය භයානක තත්වයක් වෙන්න පුළුවන්. ඒත් මරණයට බයේ ජීවත් වීම ජීවිතය විදිහට බාර ගන්නවද කියල අපිට හිතන්න සිද්ද වෙනවා. මරණයෙන් බේරීම වෙනුවෙන් ගෙවන්න සිද්ද වෙන ගාස්තුව අපිට කිරන්න සිද්ද වෙනවා. ඒ මොහොතට පසුව අපි ගෙවන ජීවිතය තවදුරටත් ගුණාත්මක ජීවිතයක්ද? නිදහස් ජීවිතයක්ද? දියුණු මනුස්සයෙක් එහෙම හිතනවා. සදාකාලික රෝගී ජීවිතයකට වඩා සුවදායී මරණයක් හොඳ වෙන්න පුළුවන්. ඒ හින්ද මරණයෙන් හෝ රෝගයෙන් ගැලවීමට වඩා ඉන් ඉස්සරහට වෛද්‍යවරයා විසින් රෝගියා තුල තමන්ගේ ජීවිතය ගැන ඉතිරි කරන හැ`ගීම මොකක්ද කියන එක වැදගත්.

හැම විකල්ප වෛද්‍ය ක‍්‍රමයක් ගැනම විධිමත් පර්යේෂණ සිද්ද වෙන්න අවශ්‍යයි. විශේෂයෙන් ලංකාවෙ වඳ වෙමින් යන සිංහල වෛද්‍ය ක‍්‍රමයන් ගැනත් නූතන පර්යේෂණ කරන්න  ඕන. උදා විදිහට කැඩුම් බිඳුම් ගැන සිංහල වෙදකම් කරන ප‍්‍රාතිහාර්යයන් නොදැක්කා වගේ ඉන්නවා මිස බටහිර  ඕර්තොපීඩිස්ට් (අස්ථි පිළිබඳ විශේෂඥ) කෙනෙකුට වෙන කියන්න දෙයක් නෑ. ලංකාවෙ වෑල්ඩින් වෙදා කියල ප‍්‍රසිද්ද වෙද මහත්තයෙක් පිටින් බඳින බෙහෙතෙන් ඇ`ග ඇතුලෙ අස්ථි මෙළෙක් කරලා නැවත පුරුද්දන හැටි මං දැකලා තියෙනවා.

විකල්පය කියන්නෙ අනාගතය. විශේෂයෙන්ම ඇලොපති ක‍්‍රමයට පස්සෙ ඊට විවේචන විදිහට ඇති වෙන, විද්‍යාත්මකව පර්යේ්ෂණ කරමින් දියුණු වෙන විකල්ප වෛද්‍ය ක‍්‍රම දැක්කම ඒක පැහැදිලියි. ප‍්‍රධානම කාරණය වෙන්නෙ ඒ ක‍්‍රමය පදනම් දර්ශනයේ දිග පළල. එතනදි ඇලොපති ක‍්‍රමය අතිශය දිළිඳුයි. මං කියන්නෙ නෑ මේ විකල්ප ක‍්‍රමයන් ප‍්‍රධාන ධාරාවෙ වෛද්‍ය පද්ධතීන් බවට පත්වෙයි කියල. ඒත් මනසක් අහිමි මැෂින් වගේ බහුතරයට ඇලොපති ක‍්‍රමය ඉතුරු කරමින් සිතීමක් ඇති, ජීවිතය ගැන වටිනාකමක් ඇති අනිත් සුළු පිරිස දියුණු විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් බාර ගනීවි.

-චින්තන ධර්මදාස

Saturday, January 24, 2015

අතීතයට ටටා කියමු.



අපි ජීවත් වෙන්නෙ ගොඩක් වාසනාවන්ත කාලෙක. ඒක කොහෙත්ම රොමාන්තික කතාවක් නෙමෙයි. ඇත්තටම අපි අතීතය වෙනුවෙන් වර්තමානය අවතක්සේරු කරන්න ඇබ්බැහි වෙලා. වර්තමානය කියවාගන්න දැනුමක් අපිට නෑ. අපි මේ මොහොතෙ ජීවත් වෙන වර්තමානය කොයිම පරණ ලෝක තත්වෙකින්වත් විග‍්‍රහ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හින්දම අපි දැනුම කියල පරණ ලෝකෙන් ගේන ගොඩක් දේවල් මේ අලූත් පරිණාමය ඇතුලෙ විහිළු වගේ වෙනවා. අපි වාසනාවන්ත මිනිස් පරම්පරාවක්.

අපේ ජීවිත කාලෙදි අපි තවත් වර්චුවල් ජීවිතයක් හිමි කර ගත්තා. ඒ වර්චුවල් ජීවිතේ ඇතුලෙ අලූත් සංස්කෘතික සීමාවන්, භාෂා සීමාවන් සහ පුද්ගල සීමාවන් නිර්මාණය කර ගන්න අපිට පුළුවන් වුණා. රාජ්‍යයට අතදාන්න බැරි, නීතියෙන් සීමා කරන්න බැරි නිදහසක් අපි පාවිච්චි කරන්න පුරුදු වෙමින් ඉන්නවා.

ඩිජිටල් පරිණාමය කියන එක නිකංම තාක්‍ෂණික දියුණුවක් විදිහට කියවන එක නොදැනුවත්කමක්. අවතක්සේරුවක්. ඩිජිටල් පැවැත්මක ආරම්භය කියන්නෙ එක විදිහකින් අපි භූගෝලීය සීමා වලට කොටු වුණු අපේ පරණ පැවැත්ම අවසන් කරනවා. එක විට ලෝකයක් පුරා සැරිසරන මිනිස් සිතුවිලි සමාජයක අපි පුරවැසිභාවය ලබනවා. තවදුරටත් දේවල් අතින් වහලා පරිස්සම් කරන්න බෑ. ලෝකයක වෙනස්කම් එක විදිහකට, එක රැුල්ලකට සිද්ද වෙන්න පටන් ගන්නවා. මේක නගරයට විතරක් සිද්ද වෙන පිස්සුවක් කියල හිතපු, එහෙම ලියපු ගොඩක් අයට මේ පාර ජනාධිපතිවරනෙ ඇතුලෙ ඒකට උත්තර තියෙනවා. දැන් වර්චුවල් ජීවිතය විසින් අපේ භෞතික ජීවිතය යළි නිර්මාණය කරන්න පටන් අරන්. මහපොලොවෙ ජීවත් වෙනවා කියන එක තවදුරටත් මැදමුලනෙ කතාවක් විතරයි. මිනිස්සු ජීවත් වෙන්නෙ සයිබර් අවකාශයේ. ඒ අය ඉඳ හිට මහපොලොවෙත් සැරිසරනවා.

අපි එදිනෙදා මුනගැහෙන කතා කරන මිනිස්සු ඉන්නවා, සමහර විට ආලෝක වර්ෂ ගානක් දුරයි. ජීවිතේට නොදැකපු මුණ නොගැහුණු අය ඉන්නවා, හුස්ම වැටෙන තරම් ළ`ගයි. අපේ සම්බන්ධතාවල ස්වරූප වෙනස්. අපේ පැවැත්ම වෙනස්. අපි එක විට තැන් කීපයක ජීවත් වෙනවා.

මේක කොහෙත්ම නෙගටිව් දෙයක් නෙමෙයි. නුපුරුදුකමට මේ මිනිස් පරිණාමයේ දියුණුතම වෙනස අනියම් සම්බන්ධතා, දූෂණ වගේ ග‍්‍රාම්‍ය තැන් වල ගැටගහනවා. ඒත් ඒ දේවල් වලින් අර්ථ ගැන්වෙනවා වෙනුවට ඩිජිටල් පරිණාමය විසින් සමස්්ත පැවැත්ම වෙනස් කරනවා. උදා විදිහට මහින්ද ඩිජිටල් තහනම් කරන්න යද්දි ඩිජිටල් විසින් මහින්දව කැන්සල් කරනවා. ඒ ලෝකයට අවශ්‍ය තත්වයන් වෙනුවෙන් භෞතික දේශපාලනය වෙනස් කරනවා.

මේක කම්පනයක් ඇති කරන්න පුළුවන් කාරණයක්. මෑතකදි මට බලන්න හම්බුණ ටෙලි සීරීස් එකක මේ කම්පනය හොඳටම නිරූපණය වෙනවා. බ්ලැක් මිරර් තමයි සීරීස් එකේ නම. අනාගත තාක්‍ෂණ දියුණුවත් එක්ක මිනිස් සම්බන්ධතා වලට අත්විය හැකි ඉරණම්සහගත තත්වයන් එක්ක ඒ කතා පෙළ ගැටගැහෙනවා. නැරටිව් එකක් විදිහටත්, සිතීමක් විදිහටත්, හොඳට ඔලූවට තට්ටු කරන සීරීස් එකක් ඒක.

මේ කතා පෙළ ඇතුලෙ සාකච්ඡුා වෙන අර්බුද දිහා බලන් ඉන්න කොට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි තාක්‍ෂණ දියුණුවට සාපේක්‍ෂව මිනිස් සම්බන්ධතාවල පරිණාමයක් මේ අධ්‍යක්‍ෂවරුන් විසින් ගේන්නෙ නෑ කියන එක. උදා විදිහට තමන්ගේ සියලූ මතකයන් අයිපොඞ් එකක් මෙන් අතේ තියාගෙන යන්න පුළුවන් යුගයක කසාද සම්බන්ධතා කොයි ස්වරූපයක් ගනීවිද කියන තැන උවමනාවෙන් මේ අය මග අරිනවා. ඒ වෙනුවට දැන් පවතින සම්බන්ධතාවල හැ`ගීම් ස්වරූප වලින් මේ තාක්‍ෂණික පරිණාමය එක්ක ගැටෙන්න අරිනවා. එතකොට ඇතිවෙන කම්පනයයි කෘතියේ අපේක්‍ෂිත වින්දනය වෙන්නෙ.

අපි ඉස්සරහ තියෙන තාක්‍ෂණය එහි සැබෑ හැඩයෙන් වැළඳ නොගන්නට, ඒ ගැන වඩාත් සැක සංකා ඇති කරගන්නට අපිව පොළඹවන හේතුව වෙන්නෙ මේ කම්පනයයි. අපිට උපන් අපි විදිහට හිමි පුද්ගලභාවය වෙනුවට නව පුද්ගලභාවයකට අනුරූප වෙන්න සිද්ද වෙනවා. ඒක අපි විසින් නිර්මාණය කරන ලද එකක්. අපේ දෙමව්පියන් විසින් නිර්මාණය කරන ලද පුද්ගලභාවයෙන් නැගෙන ප‍්‍රශ්න ඉස්සරහ අපි තාම අසරණ වෙලා බලන් ඉන්නවා. ඒත් වෙනස අනිවාර්යයක්.

ජේසන් සිල්වා කියන ප‍්‍රාසාංගික දාර්ශනිකයා මේ නව තත්වයට කියන්නෙ සින්ගියුලරිටි - ඒකත්වය කියල. මේ වචනය භෞතික විද්‍යාවෙන් ණයට ගත්ත එකක්. බ්ලැක් හෝල් එකක් ඇතුලෙන් ගියොත් සිද්ද වෙන දේ පැහැදිලි කරන්න නිර්මාණය වෙලා තියෙන සංකල්පයක්. ‘රේ කර්ස්වෙල්’ කියන අනාගතවාදියා මේ අදහස අලූතෙන් නිර්මාණය වෙමින් යන අලූත් ජීවිතය විස්තර කරන්න ගේනවා. මේ විදිහට ඇතිවුණු එක විදිහක ඒකත්වයක් තමයි භාෂා ලෝකය කියන්නෙ. කතා කරන්න බැරි වඳුරෙකුට ෂේක්ස්පියර්ගෙ රූපකයක් තේරුම් කරන්න ගියොත් දකින වෙනස තරම් වෙනසක් තමයි අලූත් ඩිජිටල් පැවැත්ම සහ මෙතෙක් අපි දන්නා පැවැත්ම අතර තියෙන්නෙ. භාෂාව විසින් ඇති කළ මිනිස් පරිණාමයට පස්සෙ ඇතිවෙන ඊටත් වඩා දැවැන්ත පරිණාමයක එළිපත්තෙ අපි ඉන්නෙ.

මිනිස්සු අමරණීයත්වය කරා ළ`ගා වෙමින් ඉන්නවා. මිනිස්සු දේවත්වය අත්පත් කර ගනිමින් ඉන්නවා. තමන්වම නැවත නිර්මාණය කරන්න පුළුවන් තාක්‍ෂණයක් මිනිස්සු විසින් නිපදවමින් ඉන්නවා. එක පැත්තෙකින් නවීන ජෛව තාක්‍ෂණවේදය (බයොටෙක්) හරහා අපේ බයොලොජි එක අපිට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගන්න පුළුවන් පසුබිමක් හදන අතරෙ තවත් පැත්තකින් නැනො තාක්‍ෂණය හරහා ද්‍රව්‍යය (මැටර්) පරණ බන්ධන වලින් මුදා නැවත අපි විසින් හැඩගස්වන වෑයමක් දියත් වෙනවා. ඒ අතරෙ කොහොමවත් ජෛවමය නොවන දේවල් වලින් කෘතිම විඥාණයන් (ඒ.අයි) නිෂ්පාදනය කරනවා. දෙවියන්ගේ ලෝකය මිනිසුන් විසින් කඩාබිඳ දමා යළි නිර්මාණය කරන අවධියක අපි සාක්ෂිකරුවන්.

තව නොබෝ කලකින් මිනිස්සු තමන්ගේ ජෛව පද්ධතියට, මනෝ පද්ධතියට අවශ්‍ය සොෆ්ට් වෙයාර් පවා නිර්මාණය කරන්න ගන්නවා. අනාගතවාදී හිතන්නන් කියන විදිහට තනි තනි පුද්ගලභාවයන් හැටියට හුදකලා වීම වෙනුවට මේ ලෝකයේදී සාමූහික විඥානයක් විදිහට වැඩෙන්නට මිනිස්සුන්ට පුළුවන් වෙනවා. තොරතුරු හුවමාරු කරගනිමින්, ඒ මොහොතේම සියල්ලන් අවබෝධ කර ගන්නා, භාෂා සීමාවන්ට එහා ගිය සන්නිවේදන ස්වරූපයන්ගෙන් මිනිස්සු මේ ඩිජිටල් දේවත්වය තුල ගනුදෙනු කරාවි.

නිර්වාණය, අවබෝධය, ස්වර්ගය සියල්ල නවීන තාක්‍ෂණය විසින් නිෂ්පාදනය කරනවා. තවදුරටත් ගස්මුල් යට භාවනා අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වෙනුවට තමන්ට අවශ්‍ය සංඛ්‍යාතයක තරංග මොළයට ඩවුන්ලෝඞ් කර ගන්න පුළුවන් වෙයි.

මේ ට‍්‍රාන්සෙන්ඩන්ස් කියන කන්සෙප්ට් එක මේ වෙද්දි විද්‍යාව, දර්ශනය වගේම නිර්මාණ ඇතුලෙත් සාකච්ඡුා වෙන්න පටන් අරගෙන. ට‍්‍රාන්සෙන්ඩන්ස් කියල ජොනී ඩෙප් ර`ගපාන චිත‍්‍රපටියෙත් තේමාව වුණේ මේක. තමන්ගේ මොළයේ ඇති සියලූ අත්දැකීම් පරිගණකගත කිරීමෙන් ඒ සමස්ත අත්දැකීම්වල මුහුවෙන් සයිබර් අවකාශයේ තමන්ව අමරණීය ලෙස යලි උත්පාද කළ හැකියි කියන අදහස.

ඒත් රේ කර්ස්වෙල් කියන කතාව මීට වඩා බය හිතෙන එකක්. අපි අපෙන් පිට නැවත අපිව නිර්මාණය කරනවා වෙනුවට කාලයක් පුරා අපේ ජීවමය ශරීරයම ජීවමය තත්වයෙන් ඔබ්බට ගෙනයාවි කියලයි එයා කියන්නෙ. කෘතිම ටයිටේනියම් දණ පොල්කටු නිෂ්පාදනය කරනවා වගේම මොළයේ ෙසෙල පවා කෘතිමව නිෂ්පාදනය කිරීම පටන් ගනීවි. ටිකින් ටික අපේ යතාර්ථවාදී ශරීරයේ කොටස් අපේ කෘතිම නිර්මාණ වෙතින් පවරා ගනීවි. ටික ටික ශරීරයේ ස්වභාවිකයි කියන කොටස පොඞ්ඩ වේවි. අන්තිමට සම්පූර්ණයෙන්ම අපි ස්පෙයාර් පාර්ට් මාරු කරන්න පුළුවන්, සිස්ටම් අප්ඬේට් කරන්න පුළුවන් සුපිරි මිනිසා බවට පරිණාමය වේවි.

ඇත්තටම මේක බය වෙන්න  ඕන තත්වයක් නෙමෙයි. මේක තමයි මනුෂ්‍ය වර්ගයාගේ නිදහස. බුදු කෙනෙකුන් හෝ දෙවි කෙනෙකුන් විසින් එය සාක්ෂාත් කර දුන්නා නෙමෙයි. අදේවවාදී තාක්‍ෂණය විසින් එය සකල ලෝවැසි මනුෂ්‍යයාට අත් කර දෙන එකයි සිද්ද වෙන්නෙ. මෙතනදි පරණ මාක්ස්වාදී සගයො ඒකට නියම වෙන මිළ ගැන ප‍්‍රශ්න කරාවි. මනුෂ්‍යයා අමරණීය වෙන මොහොතක ආශ්චර්යය වෙනුවට ඒකෙ ආර්ථිකය ගැන කතා කිරීම දුප්පත් සිතීමක්. මොකද දැනටමත් ආර්ථිකය පවා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය විසින් යළි නිර්මාණය කරමින් ඉන්න නිසා.

අපි අපේ භෞතික ශරීර සීමාවෙන් නිදහස් වෙනවා. අපේ පුද්ගලාබද්ධ සිතීම් අගතීන්ගෙන් නිදහස් වෙනවා. මරණයෙන් නිදහස් වෙනවා. ඒක තාක්‍ෂණික පරිණාමයක් නෙමෙයි. මනුෂ්‍ය විඥාණයේ ආධ්‍යාත්මික විප්ලවයක්. පැරණි ඉන්දියානු සහ පෙරදිග ආධ්‍යාත්මික දර්ශනයන් හරහා මේ වෙනස්කම් කියවමින් නව මිනිසාට ගැළපෙන නව ආධ්‍යාත්මික සංකල්ප (ඩිජිටල් නිර්වාණයන්, ඩිජිටල් ස්වර්ගයන්) පවා නිර්මාණය වෙමින් තියෙනවා. ඩිජිටල් ෂාමනිස්ම්, ඩිජිටල් සයිකඩෙලියා වගේ විෂයන් ඇතුලෙ නව ආධ්‍යාත්මික පර්යේෂණ සිද්ද වෙනවා. ඩිජිටල් බෝසත්වරුන් බවුන්වඩනවා.

අපිට සිද්ද වෙනවා අත්හරින්න. මෛත‍්‍රීපාල සිරිසේන අලූත් ජනාධිපතිතුමාම කියන විදිහට අත්හරින සෑම විටම ඊට වඩා හොඳ තත්වයක් ලැබෙනවා. කොයිතරම් පළල් සිතීමක් තිබුණත් ඒ කාලෙ සොක‍්‍රටීස් පවා ලියන්න (ලේඛනයට) බය වුණා. ඒකෙන් මොළය නතර වෙයි කියල හිතුවා. සොක‍්‍රටීස් මැරුණ. ඒත් ලේඛනය මිනිස් වර්ගයා එක්ක ඉස්සරහට ආවා. නිකං හරි අද අපි මෝබයිල් එකෙන් කරන ගණුදෙනු මීට අවුරුදු සීයකට කලින් කෙනෙක් කොහොම තේරුම් ගනීවිද? අනිවාර්යෙන්ම දෙවියෙක් කියල අදහන්න පටන් ගන්න ඉඩ තියෙනවා.  අලූත් තත්වයක් ඉස්සරහ පස්ස ගහන එක මනුස්ස ගතියක්. ඒ අලූත් තත්වය තේරුම් ගන්න එක, අවශ්‍ය පරිදි නිර්මාණය කරන එක දේව ගතියක්.

දළඹුවෙකුට කවදාවත් බෑ සමනළයෙක්ව තේරුම් ගන්න. ඒත් මිනිස්සු විදිහට අපිට පුළුවන් දැන් අපි පරණ අපි නෙමෙයි කියල තේරුම් ගන්න. අතීත සංවාද වල වෙළිලා ගත වෙනවට වඩා අලූත් මිනිස් දේශපාලනයක් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. අලූත් මිනිස් සම්මුතියක් වෙනුවෙන් දායක වෙන්න.

නැත්තං වඳවුණු වඳුරන්ගෙන් එකෙක් වෙන්න.

-චින්තන ධර්මදාස

Saturday, January 17, 2015

එන්න අපි රටට වැඩ කරමු.


කණාමැදිරියෙකුට ලස්සනට ඉගිල්ලෙන්න අන්ධකාරය අවශ්‍යයි
මාළුවෙකුට ලස්සනට පීනන්න වතුර අවශ්‍යයි
සාමාන්‍ය හොරෙකුට ලස්සනට හොරකම් කරන්න භීෂණය අවශ්‍යයි
සුපිරි හොරෙකුට ලස්සනට හොරකම් කරන්න සාමය අවශ්‍යයි..
-චරිත හොරු අරන් නාට්‍යයෙන්

බලාපොරොත්තු වූ විදිහටම මහින්ද ඡුන්දයෙන් පැරදුනා. අවුරුදු දහයක් තිස්සෙ වපුරපු ජාතිවාදය සහ ඉන් රෝගී වූ පිරිස් තාමත් අතන මෙතන පුපුරනවා. ඒ අය පුනරුත්ථාපනය වෙන්න තව කාලයක් යයි. ඒත් සමාජ පුනරුත්ථාපනයක් වෙනුවෙන් සංකල්පමය ව්‍යාපෘතියක් පටන් ගන්න  ඕන. බෙදී වෙන්වී ජීවත් වෙන්නම පුරුදු කරපු සහ ඒකට නොබෙදුණු ඒකීය කියල කියන්න පුරුදු කරපු ජනතාවක් ලංකාවෙ ඉන්නෙ. නැවත එක්ව ජීවත් වෙන්න, අනෙකාව විඳ දරා ගන්න ඒ අයට පුහුණුවක්  ඕන.

අනිත් පැත්තෙන් මෛත‍්‍රීගේ ජයග‍්‍රහනයෙන් උද්දාමයට පත්වෙච්ච පිරිස් යහපාලනය උවමනාවටත් වඩා අතට අරගෙන. ආණ්ඩුවේ හැම තීරණයකටම, ආණ්ඩුව ගැන හැම ගොසිප් එකකටම ප‍්‍රචණ්ඩ විදිහට ෆේස්බුක් ප‍්‍රතිචාර එල්ල වෙනවා. ලංකාවෙ මේ වගේ දේශපාලනික මැදිහත්වීමක අවස්ථාවක් ජනතාවට ලැබුණු පළවෙනි වතාව මේක. විශේෂයෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සක‍්‍රීය පුරවැසියො විදිහට රටේ සිද්ද වෙන දේශපාලනයට කතිකාමය මැදිහත් වීමක් සිද්ද වෙන පළවෙනි පාර. ඒක නිසාම ඒ මැදිහත්වීම උවමනාවට වඩා, විනයකට නැතුව, සමහර විට පටු අගතීන්ගෙන් සිද්ද වෙන එකත් දරා ගන්න සිද්ද වෙනවා.
මේකද යහපාලනය?

හැම පොඩි දෙයක්ම ලොකුවට ප‍්‍රශ්න කරනවා. මේ ආණ්ඩු පෙරළියෙන් බලාපොරොත්තු විය යුතු ප‍්‍රධාන වෙනස කියන්නෙ ආණ්ඩුවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක අපි සාක්ෂාත් කර ගන්න  ඕන දෙයක්. මට හිතෙන්නෙ ප‍්‍රධානම වෙනස තමයි නිදහස. මෙච්චර කාලයක් අදෘෂ්‍යමානව අපේ උරහිස් මත සිට අපිව පාලනය කළ හස්තයකින් මිදුණු නිදහස. ඒක හුස්ම ගන්නකොට දැනෙන දෙයක්. මහින්ද පාක්ෂිකයන්ට පවා පැරදුණු අවස්ථාවකදීත් වහසි බස් දොඩන්න, ආණ්ඩුව පෙරලන්න හදන්න තියෙන නිදහස. ඒක සුළුපටු අත්පත් කර ගැනීමක් නෙමෙයි.

යහපාලනය ඇති කිරීම කියල පුද්ගල මූලිකව විචාර, ප‍්‍රතිචාර, අභියෝග එල්ල කිරීම මට හිතෙන්නෙ අපරිණත වැඩක්. මහින්දගේ පාලනයෙන් අලූත් වෙනසකට යනවා කියන්නෙ ක‍්‍රමයේ වෙනසක් මිස පුද්ගල චරිත වල වෙනසක් විදිහට කියවීම අවුලක්. මේ කියන්නෙ හොරකම් කරපු උන්ට නිදැල්ලෙ ඉන්න දෙන්න කියනවා වගේ කතාවක් නෙමෙයි. ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සහ ද`ඩුවම් පැමිණවීම කළ යුත්තක්. ඒත් සෝමරත්න රූපවාහිනියට පත්වීම ගැන විරෝධය පළකිරීම වගේ කාරණා උවමනාවට වැඩියි කියන එකයි මගේ අදහස.

මං කොහොමවත් සෝමරත්නට කැමති කෙනෙක් හෝ එයාව පුද්ගලිකව අඳුරන කෙනෙක් නෙමෙයි. සිරි පැරකුම් වගේ බාල්දු තැනකට පසුකාලීනව සිනමාව ගෙනාවත්, එක්තරා කාලෙක ප‍්‍රධාන ධාරාවෙ සිනමාව ඇතුලෙ සෝමරත්න දක්ෂ විදිහට, වෙන අයට කළ නොහැකි වූ යමක් කළා කියන එක පිළිගන්න සිද්ද වෙනවා. සූරිය අරණ, සරෝජා වගේ ෆිල්ම් ඇත්තටම හොඳ චිත‍්‍රපටි. ඒවා හුදී මහා ජනතාවටත්, සිනමා පකීර්ලටත් එකට ඉඳගෙන බලන්න පුළුවන්. සිනමා ශාලා 35ට සීමා කිරීම නොතකා තමන්ගේ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය, හඳගම වැනි අයගේ නිර්මාණවලට වාරණයක්, බාධාවක් හැටියට ක‍්‍රියාත්මක වීම, මහින්ද චින්තන සිනමාවේ පුරෝගාමියෙක් වීම වගේ කාරණා එක්කයි සෝමරත්නට මේ විරෝධය එල්ල වෙන්නෙ.

ඒක එක වකවානුවක ක‍්‍රියාත්මක වුණු ක‍්‍රමයක්. මහින්දගේ දේශපාලනයේ ගතිකයන් වැඩ කරන විදිහ ඒක. නැත්නම් ධම්ම දිසානායක වගේ කෙනෙක් ඒ තත්වෙට වැටුනෙ කොහොමද කියල පුද්ගලික කාරණා පැත්තෙන් විස්තර කරන්න ලේසි වෙන එකක් නෑ. ඒ අයගෙ දුර්වලතාවය වුණේ ක‍්‍රමයට වඩා හොඳින් අනුගත වීම. අනෙක් පැත්තෙන් ඒ අනුගත වීම පවා ක‍්‍රමය විසින් කරන බලහත්කාරයක්. උදා විදිහට අවුරුදු විස්සකින් මෙහා මහින්ද ගෙදර යයි කියල ලංකාවෙ කවුරුවත් විශ්වාස කළේ නෑ. විශේෂයෙන්ම මහින්ද එළවන ව්‍යාපාරයේ පෙරමුණ ගත්ත අය පවා ඊට මාස කීපෙකට කලින් ‘ආණ්ඩුවට සෙට් වෙනවා මිස වෙන විකල්පයක් නෑ’ කියන තැනට අසරණ වුණු අය.

මේ කියන්නෙ සෝමරත්නලා කරපු දේවල් වල වගකීමෙන් ඒ අය නිදහස් වෙනවා කියන එක නෙමෙයි. ඒ වගේම රූපවාහිනියට සෝමරත්නට වඩා සුදුසු අය නෑ කියන එකත් නෙමෙයි. සෝමරත්න එළවීම වගේ දේවල් දේශපාලන කාරණා වෙන්න උවමනා නෑ කියන එකයි.

පුද්ගලයන්ගෙ හොරකම් දූෂණ ගැන එළවන එක ආණ්ඩුව බාර ගන්නවට වඩා සුදුසු වෙන්නෙ ඊට අදාල දෙපාර්තමේන්තු වලින් අදාල විදිහට ඒ දේවල් කරන එකයි. ජවිපෙ මේ කාරණයේදීත් ඉස්සරහින් ඉන්නවා. අරූව අල්ලපන්, මූව අල්ලපන් වගේ වල්වැදුණු ගතියකින් වැඩ නොකර පිළිවෙලට නීතිමය දේහයන් අවදි කරන්න ජවිපෙ ගන්නා උත්සාහය අගය කරන්න  ඕන. ඒ වගේම ඒකෙන් ඉගෙන ගන්න  ඕන.
අලූතෙන් පත්වෙච්ච ආණ්ඩුව ප‍්‍රධාන වශයෙන් උත්සාහ ගන්න  ඕන බිඳ වැටුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය නැවත නගා සිටුවන්නයි. උදා විදිහට විධායක සභාව පිහිටුවීම වගේ ඉදිරිගාමී කාරණා වෙනුවෙනුයි මහන්සි වෙන්න අවශ්‍ය. හිටපු ආණ්ඩුවක් පස්සෙ පන්නනවාට වඩා වඩා අනාගතවාදී යෝජනා සහ කතිකාවනුයි දියත් වෙන්න  ඕන. ඒක හින්ද රූපවාහිනියෙ ඉන්නෙ කවුද, අමාත්‍යාංශවල ලේකම්ලා කවුද වගේ කාරණා සිල්ලර විදිහටයි මං තේරුම් ගන්නෙ. දවස් 100 ආණ්ඩුවෙ සැලසුම් පහුගිය පාලනයේ දූෂිතයො අල්ලන්න කැප කරනවට වඩා වැදගත් දේවල් තියෙනවා කරන්න.

මේ පාර ඡුන්දෙදි තේරුම් ගන්න සිද්ද වුණු වඩාත්ම ප‍්‍රබල කාරනයක් වුනේ තවමත් දේශපාලන තීන්දු වලදි ඇඞ්වර්ටයිසින් ෆේල් කියන එකයි. මහින්ද ඡුන්දෙ දිනන්නම උත්සාහ ගත්තෙ ඇඞ්වර්ටයිසින් වලින්. අජිත් කුමාරසිරි නිතර කියන විදිහට ඇඞ්වර්- ටීසින් වලින්. ටීවී එකේ මෛත‍්‍රීගේ ඇඞ් එකක් ගහගන්න ඉඩ නැති වෙන තරමට මහින්ද ටීවී එක පිරෙව්වා. කටවුට් එකක් ගහගන්න කණුවක් නැති වෙන තරමට කණු ඔක්කොම කටවුට් වලින් පිරෙව්වා. ඒත් ඒ හැම ප‍්‍රචාරණයක්ම වැඩ කළේ මහින්දට නෙගටිව් විදිහට. ඒ වෙනුවට මෛත‍්‍රී වෙනුවෙන් ෆේස්බුක් හරහා ගින්නක් වගේ පැතිරෙන පුරවැසි රැුල්ලක් ක‍්‍රියාත්මක වුණා. ඒටීඑල්, බීටීඑල් කියන ප‍්‍රධාන ධාරවෙ ප‍්‍රචාරණ ප‍්‍රයෝග දෙකයි පණහට වැටුන. දේශපාලනය ඇඞ්වර්ටයිසින් වලින් තීන්දු කරන්න බැරි එක ගැන ඇත්තටම අපි ආඩම්බර වෙන්න  ඕන.

මැතිවරණ මෙහෙයුමේදි ගොඩක් වෙලාවට සරලව අතපහු කරන කාරණයක් තමයි අන්තිම මොහොතෙ රනිල් මහින්දව මුණගැහෙන්න ගිය ගමන. මට අනුව මේ ගමන යන්න පුළුවන් එකම රාජ්‍ය තාන්ත‍්‍රිකයා විදිහට අද ඉතුරු වෙලා ඉන්නෙ රනිල් වික‍්‍රමසිංහ විතරයි. ඒ මොහොතෙ ජාතියක් ආපහු ලේ විලක් කරනවද නැද්ද කියන තීරණය තිබුනෙ රනිල්ගෙ සාකච්ඡුාව උඩ. තත්පර ගානකින් අමු මෝඩ තීරණයකට යන්න ඉඩ තියෙන, විසිල් දේශපාලනයට වැඩි දෙයක් නොදන්න මහින්ද එක්ක අන්තිම වෙලාවෙ සාකච්ඡුාවක් කරනවා කියන්නෙ ලේසිපාසු දෙයක් නෙමෙයි. අනිත් පැත්තෙන් තමන්ගෙ පාලන කාලය පුරාම උඩ දදා ගහපු ප‍්‍රතිවාදියා වුණත් ඒ තීරණාත්මක මොහොතෙදි මහින්දට විශ්වාස කරන්න පුළුවන් එකම චරිතය වෙන්නෙ රනිල්. එක පැත්තකින් හෙළ උරුමය ඇතුළු ගොඩක් දෙනා විරුද්ධ වෙද්දි පවා රනිල් මේ වගකීම ගන්නවා. ඒ වගේම කලබලයකින් තොරව බලය මාරු වෙන්න හැමදෙයක්ම පිළිවෙල කරනවා. මේ නායකත්වය, මේ ඉවසීම සහ දේශපාලන විනය කියන කාරණා යලි යලිත් සාකච්ඡුාවට ගන්න  ඕන. ඒ රනිල්ව ඊළ`ග නායකයා කරන්න නෙමෙයි. ඒත් අපිට අහිමි වෙමින් යන දේශපාලන ශික්ෂණය සහ වගකීම කියන කාරණා අවධාරණය කරන්න.

මහින්දගෙ ආණ්ඩුව තව අවුරුදු දහයකට පෙරලෙයි කියල කවුරුවත් විශ්වාස කළේ නෑ. හැම තැනකම ඔත්තුකාරයො සහ තමන්ගෙ සහචරයො පෙළගස්වා ගනිමින් බොහොම සූක්ෂ්ම, සුමට ඒකාධිපති පාලනයක් ගෙන යමින් හිටි ‘යුද්දෙ දිනපු මහින්ද’ පරද්දන වැඩපිලිවෙලක් කියන්නෙ ඒක අද්විතීය එකක් වෙන්න  ඕන. හැම පක්ෂයකම බලය මහින්ද දිය කරලා ඇරලා තිබුණෙ. හැම තැනකම මහින්ද ගැටුම් නිර්මාණය කරලා තිබුණෙ. මේ හැම තත්වයක් යටතෙම මෛත‍්‍රීව ආණ්ඩුවෙන් එලියට ගන්නත්, කෑල්ලෙන් කෑල්ල ගලවමින් ආණ්ඩුව දුර්වල කරන්නත්, හැම අභියෝගයකටම, දූෂිත බලයකටම එරෙහිව එම මෙහෙයුම ජයග‍්‍රහණය දක්වා අරගෙන යන්නත් පුළුවන් වීම නිසාම ඊට උරදුන් විපක්ෂ දේශපාලන චරිත ගැන මට ඇති වෙන්නෙ ගෞරවයක්. ඒ තරම් දිගක් පළලක් ඇති දේශපාලන චරිත මං ලංකාවෙ මේ මොහොතෙ බලාපොරොත්තු වුණේ නෑ.

ඒක හින්දම ඒ වගේ පිරිසකට ආණ්ඩු කරන්න  ඕන හැටි අපි කියල දෙන්න  ඕන කියලත් මං හිතන්නෙ නෑ. මේ කියන්නෙ පුරවැසියො විදිහට රටේ දේශපාලනයට මැදිහත් වීම වැරැුද්දක් කියල නෙමෙයි. ඒ වෙනුවට හුදෙක් ත‍්‍රිල් එක වෙනුවෙන් අවිධිමත්, හුදු ප‍්‍රතිචාරත්මක අදහස් ෆේස් බුක් පිටු පුරා ෂෙයාර් වෙන එක වාතයක් වෙන්න පුළුවන්. ෆෝරම් එකක් විදිහට අදහස් සාකච්ඡුා කිරීමේ සහ කතිකා ගොඩනැගීමේ සංසුන් විනයක් නැවත පුරුදු වෙන්න  ඕන. ඡුන්දයේ උණුසුම සහ ආතතිය විසින් වේගවත් කරපු, නොගැඹුරු කරපු ජීවිතය ආපහු ප‍්‍රකෘතියට ගේන්න  ඕන.

දේශපාලනයෙන් එහාට ජීවිතය ගැන, කලාව ගැන, ඩ‍්‍රග්ස්, සෙක්ස් ගැන සංවාද කතිකාවලට අපි ආපහු මාරු වෙන්න  ඕන. නැත්තං ආණ්ඩු පෙරළිය පිටිපස්සෙ තිබුණු සංස්කෘතික උවමනාවන් අපි අතින් මගඇරෙන්න පුළුවන්.

දූෂනයට එරෙහි වීම, යහපාලනය වගේ මැතිවරණයේදී කුළුගන්නපු අදහස් රැුල්ල ඊළ`ගට අනිවාර්යෙන් හැරෙන්නෙ පුහු සදාචාරයක් පැත්තට. ගණිකා වෘත්තියට එරෙහිව, අරක්කු බෝතලේට, සිගරට් එකට, ජොයින්ට් එකට එරෙහිව මේ දේ්ශපාලනය හැරෙන්න නියමිතයි. ඊට පස්සෙ ආපහු කොට ගවුම් වලට විරුද්ද වීම දක්වාත් මේක ඇදෙන්න පුළුවන්. ජනතාව හැමතිස්සෙම යන්නෙ එක්ස්ටී‍්‍රම් එකක් එක්ක. ඒ අවදානම හින්දමයි නැවත වඩා පුළුල් සංවාද ඇති වෙන්න අවශ්‍ය. දේශපාලනය හුදු සදාචාරවාදී පටුසීමා ඇතුලෙ හිර වෙනවා වෙනුවට වඩා නිදහස් සමාජ විවරයක් හදාගන්න එක මේ වෙනස වෙනුවෙන් වැඩකරපු සංස්කෘතික මතවාදී කණ්ඩායම් වල වගකීමක්.

ආණ්ඩුව විසින් ජනතාවට ත‍්‍රිල් සැපයීම බාර ගත්තෙ මහින්දගෙ කාලෙ. එක එක සිද්දි මවමින්, හතුරො හදමින් මහින්ද සෑහෙන හැපනින් විදිහට ඒක කරගෙන ගියා. මෛත‍්‍රී පටන් ගත්තට පස්සෙ ඒක ටී20 වගේ වුණා. පැයෙන් පැයට නිව්ස් හදමින් මකමින් ඒක ෆේස්බුක් පිස්සුවක් වුණා. මට හිතෙන්නෙ අපි මේ වේගය අඩු කළ යුතුයි. වඩා ස්ථාවර, වගකීමක් ඇති තීන්දු මිස අපි ත‍්‍රිල වෙනුවෙන් තීන්දු ගැනීම නතර කර ගන්න  ඕන. අවශ්‍ය සංවාදයන්, සාකච්ඡුාවන් නැතිව හුදු වේගය සහ පිපාසය වෙනුවෙන්ම දේශපාලන තීන්දු ගන්න වීමෙන් අපි නැවත කරන්නෙ අයිසින් දැමීමක් විතරයි.

අපි ස්වයං පුනරුත්ථාපනයක් කර ගන්න අවශ්‍ය ජාතියක්. යුද්දයෙන් සහ දස අවුරුදු මහින්දගේ පාලනයෙන් පස්සෙ අපි කවුරුවත් සාමාන්‍ය ඇති කියල මං හිතන්නෙ නෑ. අපේ ඇගයුම්, ප‍්‍රතිමානයන් පවා ගොඩක් වෙනස් වෙලා තියෙන්නෙ. උදා විදිහට මේ වෙද්දි හොරකම් කරන එක සාමාන්‍ය මනුස්ස ගතියක් විදිහටයි ලංකාවෙ මිනිස්සු බාර ගන්නෙ. ඊට පස්සෙ හොරකමට විරුද්ද වීමත් ආයිමත් හොරු අල්ලන හෝ ද`ඩුවම් දෙන ත‍්‍රිල් එකක් වෙනවා කියන්නෙ තත්වය තව බැරෑරුම් වෙලා විතරයි.

අදහස් නැවත සංවිධානය වෙන්න පටන් ගන්න  ඕන. අරාජිකත්වය වෙනුවට සවිඥාණක බව, ගැඹුර සහ සෞන්දර්යය අපි අරගෙන එන්න  ඕන. තවදුරටත් දවස් සීයේ වේගයට සහ ත‍්‍රිල් එකට අපි ඇබ්බැහි නොවිය යුතුයි කියන එකයි මගේ අදහස. මහින්ද සහ මෛත‍්‍රීට පිටස්තර ලෝකයක් නිර්මාණය කරන එකයි අපේ වගකීම.

ආණ්ඩුවෙ දවස් සීය ගණං කරන එක පැත්තකින් තියලා දවස් සීයට පස්සෙ අපි කොහෙද ඉන්නෙ කියලා අපිට හිතන්න වෙනවා. ඇත්තටම වෙනස් වෙන්න  ඕන මහින්දවත් මෛත‍්‍රීවත් නෙමෙයි, අපි. අප අපිට පැවරුණු වැඩ කොටස ඉටු කරන්න පටන් ගන්න  ඕන. ආර්ට් ඇතුලෙ, කණ්ඩායම් ඇතුලෙ, ජීවිතය ඇතුලෙ අපි වැඩ කරන්න  ඕන. ඒ වෙනුවට අපි ආයිමත් අපිට එලියෙන් තියෙන ආණ්ඩුවක දවස් ගණං කරන එකෙන් කිසි වෙනසක් සිද්ද වෙන්නෙ නෑ. ප‍්‍රතිචාරාත්මක ප‍්‍රවේශයන්ගෙන් ගැලවිලා සංවාදාත්මක, නිර්මාණාත්මක කාර්යයන් වෙනුවෙන් අපි කැප වෙන්න  ඕන.
ජීවිතේ තියෙන්නෙ දවස් සීයට එහායින්.

-චින්තන ධර්මදාස

Saturday, January 3, 2015

මහින්ද පරාදයි.


‘අපි නිතරම පැත්තක් ගත යුතුමයි.
මධ්‍යස්ථ බව සේවය කරන්නේ පීඩකයාටම මිස පීඩිතයාට නම් නොවේ.
නිශ්ශබ්දතාවය විසින් දිරිමත් කරන්නේ මර්දකයාවම මිස මර්දිතයාව නම් නොවේ.’
- එලී වීසල්

මහින්ද මේ ඡන්දය දැනටමත් පරාදයි. නිර්මාල් කියන විදිහට සදාචාරාත්මක අතින් මේ වෙද්දි මහින්ද අන්ත පරාජයකට ලක්වෙලා තියෙන එක ඒකෙ එක පැත්තක්. ඒත් සමස්තයක් විදිහට, තත්වයක් විදිහට මහින්ද පරාද වෙන එකයි ඇත්ත සිද්දිය. ඒකට ඇත්තටම එයාට කරන්න දේකුත් නෑ.

මහින්දව නිර්මාණය කරන්නෙ ලංකාවෙ අවුරුදු තිහක් තිස්සෙ තිබ්බ යුද්දෙ. ඒක හරි අවාසනාවන්ත තත්වයක්. තමන්ගේ මූලයම නිශේධනාත්මක වෙන එක. ඒ කියන්නෙ මහින්ද කියන්නෙම යුද්දය නැති කිරීම කියන එක. එතකොට යුද්ධයක් නැති වටපිටාවක මහින්දගේ අනන්‍යතාවය අර්බුදයට යනවා. වැස්ස නැති කාලෙට කුඩ  ඕන නෑ.

මේ වෙද්දි මහින්ද යුද්දෙ තමන් විසින් නැති කළා කියල වීරත්වයක් ආරූඪ කරගත්තට ඇත්ත තිබ්බෙ ඊට වඩා හු`ගක් වෙනස් තැනක. මුලින්ම මහින්දගෙන් යුද්දෙ කරනවද නැද්ද කියල අහද්දි පවා එයා උත්තරයක් නැතුව ඇඹරුණා. ඒත් ඒ වෙද්දි ගොඩනැගිලා තිබුණු ජාතික බලවේග විසින් මහින්දව ඒ අන්තයට තල්ලූ කළා. කොයි වෙලාවක වත් පුද්ගලයෙක් ජනාධිපති විදිහට තේරෙන්නෙ නෑ. ඒ වෙනුවට යම් බලවේගයන් සහ තත්වයන් විසින් ඒ ඇඳුම කාට හරි අන්දවන එකයි සිද්ද වෙන්නෙ. මේ වෙලාවෙ මෛත‍්‍රී කියන්නෙත් ඒ වගේ අවශ්‍යතාවයක ප‍්‍රතිඵලයක්.

මහින්ද යුද්දෙ කරපු කතාව එක්කම මට මතක් වෙන විහිළු කතාවක් තියෙනවා. මේක ගොඩක් කට්ටිය දන්න එකක් වෙන්නත් පුළුවන්.

ඔන්න එකපාරක් ගං වතුරක් ගලලා මිනිස්සු ගහගෙන යනවලූ. පාලමක් උඩට වෙලා තවත් කට්ටියක් බලන් ඉන්නවලූ. කිසි කෙනෙක් නෑ සැඩ වතුරට බහින්න. එතකොට පොඩි අතදරුවෙක් වතුරෙ ගහගෙන එනවා පහලට. ඒත්් කිසි කෙනෙක් නෑ ඉදිරිපත් වෙන්න. පාලම උඩ ඉඳන්් කෑ ගහනවා විතරයි. ඒත් එකපාරට පාලම උඩ හිටපු අවුරුදු අසූවක විතර වයසක මනුස්සයෙක් සැඩ පාරට පනිනවා දරුවා බේරගන්න. එහේ මෙහේ අතපය ගහන කොට මේ දරුවා මේ මනුස්සයගේ ඇෙ`ග් එල්ලෙනවා. කොහොම හරි පණ බේරගෙන වයසක මනුස්සයා දරුවත් එක්ක ඉවුරට ගොඩ වෙනවා.
මාධ්‍යවේදීන් මිනිහව වට කර ගන්නවා.

‘මෙච්චර තරුණයො නිකං බලාගෙන ඉද්දි ඇයි ඔබතුමා මේ අවස්ථාවෙ වීරයෙක් වගේ ඉදිරිපත් වුණේ?’
මාධ්‍ය වලින් අහනවා.
හතිය ටිකක් අඩු වුන ගමන් වයසක ලොක්කා කියනවා
‘මාව තල්ලූ කරපු එකා අහුවුනොත් උගෙ අම්මට....’ කියල ඉතුරු ටිකත් එක්ක සද්දෙට.

මහින්දට වුණෙත් මේක. ඒත් මහින්ද මේ කතාව කියන්න තරම් අවංක වුණේ නෑ. එයා වීරයට ඇන්දා. දැන් තවදුරටත් අපිට මේ වීරයා අවශ්‍ය නෑ. වීරයාට පවතින්න  ඕන නම් එයාට සිද්ද වෙනවා එයා විසින්ම නැති කළ තත්වය නැවත නිර්මාණය කරන්න. මහින්ද කොටි කොටි කිය කිය උත්සාහ කරන්නෙ, යුද්දෙ පෙන්නන්නෙ ඒ වෙනුවෙන්. මං දකින්නෙ ඒවා අහිංසක උත්සාහයන් විදිහට.

මහින්ද ඡුන්දෙ ඉල්ලන්නෙම වැරදි පදනමක් උඩ. එයා ඡුන්දෙ ඉල්ලන්නෙ එයා වෙනුවෙන්. ඒකත් අතීතෙ කළ දෙයක් වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් විදිහට. එක පැත්තකින් රාජ්‍ය නායකත්වයක් කියන්නෙ කළගුණ සැලකීම වගේ සරල පැවතුමක්ද? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් කියල කියන්නෙ එහෙම නායකයෙක් යටතේ පාලනය වෙන එකද? මට තේරුම් ගන්න බැරි මේ ග‍්‍රාම්‍ය අදහස් එලියට කියන්න තරම් නොපැහුණු මනසක් කොහොම නිර්මාණය වුණාද කියන එක.

මහින්ද කතා කරන්නෙ පුද්ගලයෙක් විදිහට. ඒත් විපක්ෂය මේ වෙලාවෙ ඉන්නෙ වැඩපිළිවෙලක් වෙනුවෙන්. ඒ වැඩපිළිවෙල අතිශය සාධනීය එකක්. යුද්ධය විසින් ගිලිහුණු සිවිල් සමාජය යළි ස්ථාපිත කිරීම කියන්නෙ යුද්දයකට පස්සෙ රටක විය යුතුම දේශපාලන වෙනසක්. ඒක අනිවාර්යයක්.

මෙතනදි පුද්ගලයෙක් විදිහට මහින්ද දැවැන්ත ව්‍යවස්ථාමය, සමාජමය ප‍්‍රතිසංස්කරණ වැඩපිලිවෙලකට විරුද්දව හිටගෙන ඉන්නවා. හැමතිස්සෙම පුද්ගලයෙකුට වඩා සමාජ අවශ්‍යතාවයක් විශාලයි. ඒ අවශ්‍යතාවය ඇතුලෙ ලක්ෂ සංඛ්‍යාත අංශුමාත‍්‍ර ජනතා අවශ්‍යතා පෙළගැහිලා තියෙනවා. පාලකයන් මේ තත්වයන් අඳුරගන්න තරමට සබුද්ධික වෙන්න  ඕන.

මේ තත්වය හොඳටම පැහැදිලි දෙයක්. මහින්ද නිර්මාණය කළ ජාතික බලවේගයන් හැම එකක්ම මේ වෙද්දි එකතු වෙමිනුයි මේ විපක්ෂය නිර්මාණය කරන්නෙ. ඉතුරු වෙන්නෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා, ඔහුගේ පවුල සහ ඔහුගෙන් පුද්ගලික වාසි ලැබෙන කීප දෙනෙක් විතරයි. එතන දේශපාලනය කියන එක අවසන්.

තත්වයක් විසින් නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ ඒ තත්වය අවසන් වුණායින් පස්සෙ එයාගෙ පුද්ගලිකත්වය දක්වා පහුබහිනවා. වංචාව, දූෂණය, අපචාරය මේ දේවල් උඩු දුවන්නෙ ඒ පුද්ගලවාදී දේශපාලනය ඇතුලෙයි. අපි මේ වෙද්දි ආණ්ඩුවෙ වේදිකා උඩ, ටීවී එකේ දකින්නෙ ඒ පිරිහුණු පුද්ගලවාදයේ ප‍්‍රකාශ. ඒවා කොහෙත්ම දේශපාලන කතා නෙමෙයි.

එක තැනක මහින්ද ප‍්‍රසිද්දියෙ කියනවා නාවලපිටියෙ ඉඳන් කොළඹට පැයකින් එන්න පුළුවන් කියලා පොලිස් නිලධාරියෙකුට රුපියල් දාහක් දීලා. ඒ වෙනුවෙන් එයා දඩ මුදල් පවා වැඩි කරලලූ තියෙන්නෙ.

තව තැනක අමාත්‍යවරයෙක් කියනවා ඒ අය දැන් හොඳට කාලලූ ඉන්නෙ. ඉඩ තියෙන්නෙ පොඩි අතුරුපසකට විතරයිලූ. වෙන කට්ටියක් ආවොත් මුල ඉඳන් කන්න ගනීලූ.

ජනාධිපතිවරණ වේදිකාවක හිටපු ජනාධිපතිවරයා පැත්තෙන් ඇහෙන්න දකින්න  ඕන දේවල්ද අපිට ඇහෙමින් දකිමින් තියෙන්නෙ? එහෙම නැත්තං මහින්ද ආණ්ඩුවක් කියල මැදමුලනෙන් ආපු අමු මනුස්සයා විතරක් ඉතුරු වෙලා එතන දේශපාලනය අහෝසි වෙලා ගිය තත්වයද?

මේ වෙලාවෙදි මහින්ද විශ්වාස කරන්නෙ දැනුවත් නැති විශාල ගැමි ජනතාවක් තමන්ගේ ප‍්‍රචාරණ හා හැ`ගුම්බර කතා වෙනුවෙන් පාවිච්චි කරන ඡුන්දයෙන් තමන් ගොඩයයි කියල. ඒක දයාසිරි ජයසේකර පවා ප‍්‍රසිද්ද වේදිකාවෙ කියනවා.

‘ සුළුතරයක් දැනුවත් උගත් ජනතාව මෛත‍්‍රීට ඡන්දෙ දෙයි. ඒත් බහුතරයක් ගැමි ජනතාව අපි (මහින්ද) සමගයි’

ඒත් ලංකාවෙ ඡුන්දය තීරණය කරන්නෙ මහින්දගේ උපකල්පිත නූගත් බහුතරය නෙමෙයි. ඒ වෙනුවට ඒ තීරණයට මැදිහත් වෙන්නෙ සිවිල් සමාජ ක‍්‍රියාකාරී බලවේගයන්. ඒක ඔලූ ගානෙන් තීරණය වෙන දෙයක් නෙමෙයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සංස්කෘතික- දේශපාලන කණ්ඩායම් වැදගත් වෙන්නෙ මෙතනදි. මේ සියලූ බලවේග මේ වෙලාවෙදි නව වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන්, සාමූහික දේශපාලනය වෙනුවෙන් පෙළගැහිලා ඉවරයි.

වඩා වැදගත් වෙන්නෙ විපක්ෂයේ මේ කණ්ඩායම් විසින් ව්‍යවස්ථාව නැවත අවධාරණය කරන එකයි. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්න එකයි. මෙච්චර කාලයක් ව්‍යවස්ථාවක් තියෙනවා කියලවත් නොදැන හිටපු රටක ඒක දේශපාලන අවශ්‍යතාවයක්. දේශපාලනික දැනුවත්කමක්, සක‍්‍රීයබවක් වෙත ජනතාව උනන්දු කිරීමක් එතනදි සිද්ද වෙනවා. දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවෙන් මේ කතිකාවම පවා කරන්නෙ ලොකු මෙහෙවරක්.

මෙතනදි මහින්ද ඊට ප‍්‍රතිපක්ෂව කරමින් ඉන්නෙ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී උවමනාවන් හෑල්ලූ කරන එකයි. ඒ වෙනුවට පුද්ගලික ජෝක් දේශපාලනික විදිහට ඉදිරිපත් කිරීමයි. ආචාර ධර්මයක්, සදාචාරයක් වෙනුවෙන් විපක්ෂයක් පෙළගැහෙද්දි කුණුහරුප කියන අමාත්‍යවරු සංවාද වලට අරන් එමින්, සල්මාන්ලා ජැක්ලීන්ලා ආනයනය කරමින් මහින්ද කරන ඡුන්ද ව්‍යාපාරය අතිශය මන්ද බුද්ධිකයි.

මැතිවරණ ව්‍යාපාරෙදි මහින්දට බැරි බැරි ගානෙ හරි යන්න සිද්ද වෙලා තියෙන්නෙ විපක්ෂයෙ යෝජනා පිටිපස්සෙමයි. උදා විදිහට මහින්දගේ ලොව දිනන මග ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයම මෛත‍්‍රීගේ ප‍්‍රතිපත්ති වලට දීපු උත්තර විතරයි. ආණ්ඩුවක් විදිහට විපක්ෂයට තමන්ගෙ අභියෝග වලට පිළිතුරු දෙමින් එන්න සිද්ද කරනවා වෙනුවට මහින්දට විපක්ෂයේ පදේට නටන්න සිද්ද වෙනවා. වඩා ප‍්‍රගතිශීලී අදහස්, යෝජනා ඉදිරිපත් කරමින් ආණ්ඩුව අභියෝගයට ලක් කරන්නෙ විපක්ෂය. ආණ්ඩුවෙන් කරන්නෙ ‘එහෙම නෑ’ කියන එක විතරයි.

මහින්දගේ තත්වය වඩාත් අමාරු කළේ සමාජ ජාල වෙබ් අඩවි වලින්. නැත්තං අන්තර්ජාලයෙන්. අන්තර් ජාලය හරහා වඩා නිදහස් අලූත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. තවදුරටත් මුදලට වැඩ කරන මාධ්‍ය වෙනුවට තොරතුරු දැනගැනීමේ අයිතිය එක්ක ඉස්සරහින්ම ඉන්න වෙබ් එකට පුළුවන් වුණා. ඒ ඇරුණම නිරන්තරයෙන් ජනතාව ලෝකයේ විවිධ රටවල ජනතාව ඔවුන්ගේ සිතුම් පැතුම් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තා. එතනදි නැවත රටක්, දූපතක් විදිහට කොටු වීමම පදනම් කර ගත්ත මහින්ද චින්තනය ෆේල් වෙනවා. අන්තර් ජාතික කුමන්ත‍්‍රණ කිය කියා මහින්දගේ පිළ කියන්නෙ මේ විවෘත වීම.

තමන්ගේ මුදලට යට වෙන මාධ්‍ය සහ ආයතන සියල්ලට බැහැරින් දැවැන්ත බලවේගයක් නිර්මාණය වීමත් එය නිතැතින්ම තමන්ගේ දේශපාලනයට අභියෝග කිරීමත්. ඒක තමයි ඒ කියන කුමන්ත‍්‍රණය. ජනතාවගේ පැත්තෙන් මේ කුමන්ත‍්‍රණය අතිශය සාධනීයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ- දේශපාලනික ප‍්‍රවේශයන් පැත්තෙනුත් මේ තත්වය ඉත සිතින් වැළඳගත යුතු සහ පෙනී සිටිය යුතු තත්වයක්.

මහින්දගේ පාලනයට විරුද්දව නැගෙන වෙනස වඩා පුළුල් වපසරියකට පැතිරෙනවා. ඒක දේශපාලනයට වඩා විශාල සංස්කෘතික වෙනසක් යෝජනා කරනවා. ප‍්‍රධානවම ගත්තොත් ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය අතර තෝරාගැනීමක් බවට මේ ජනාධිපතිවරණය පත් කරනවා. නැවත විවෘතව හිතන්න, විවිධ අදහස් ඇතිව එකට ඉන්න, වඩා නිර්මාණශීලී වෙන්න අවශන්‍ විවරයක් වෙනුවෙන් මේ සංස්කෘතික වෙනස වැඩ කරනවා.

උදා විදිහට කලාකරුවො පොදු අපේක්ෂකයා පිටිපස්සෙ පෙළගැහෙන්නෙ මේ සංස්කෘතික වෙනස වෙනුවෙන්. මහින්ද චින්තනවාදී කලාව ඉවර කරලා ලැජ්ජාවක් නැතුව කරන්න පුළුවන් සිතීමක් සහිත කලාවක් ඇති කරගන්න. වඩා වැදගත් වෙන්නෙ හැමෝම එක පෙළට මේ අරමුණ වෙනුවෙන් සංවිධානය වීම. ආර්ට් ගැන බිංදුවකවත් දැනීමක් ඇති කිසි කෙනෙක් නෑ මහින්ද එක්ක. මේ වෙනස් වෙන තත්වය ඇතුලෙ සමාජ දේශපාලන සංස්කෘතික හැම අංශයකම ප‍්‍රතිසංවිධානයක් යෝජනා වෙනවා. ඒක රටක් විදිහට බලාපොරොත්තු දනවන වෑයමක්.

මහින්ද චණ්ඩිකමෙන් නවත්තන්න හදන්නෙ මේ දැවැන්ත සබුද්ධික ප‍්‍රවාහය. කුඹුක්ගැටේදී දෙකයි පනහෙ මැර මන්ත‍්‍රීන් අතින් ප‍්‍රදර්ශනය වෙන්නෙ මහින්දගෙ මනස. ඒ සිතීමේ තරම. ශිෂ්ටත්වයට සිද්ද වෙනවා ගෝරිල්ලො එක්ක ගැටෙන්න. ඒත් පරිණාමයේ ඒ සටනින් හැමදාම ශිෂ්ටත්වය ජයගන්නවා. කොයිතරං පව් වුණත් කිංකොංලා මැරෙනවා.

මේ මැතිවරණෙ පදනම් වෙන ප‍්‍රධාන දේශපාලන කාරණය විදිහටම ගත්තොත් ජනතාව පැත්තෙන් උත්සාහ ගත යුත්තේ තුන් වරක් දක්වා එකම ජනාධිපති කෙනෙක් රඳවා ගැනීම වෙනුවට එකවරක් අවසානයේ බාර දී යන තැනට ජනාධිපති පදවිය පුද්ගල උවමනාවන්ගෙන් වියුක්ත කර තබා ගැනීමටයි. අවුරුදු හයකට වරක් ජනාධිපති කෙනෙක් මාරු වීම ප‍්‍රජාතාන්ත‍්‍රික උවමනාවන් පැත්තෙන් ගොඩක් හොඳ දෙයක්. එතනදි පුද්ගලයෙකුට වඩා වැඩපිළිවෙලකට, පක්ෂයකට මුල්තැනක් ලැබෙනවා. මහින්ද නිසා සිදුවුණු ලොකුම දේශපාලනික අවුල පක්ෂයකට වැඩපිිලිවෙලකට වඩා පුද්ගලයෙක් ඉස්සරහට ආපු එක. දියුණු දේශපාලන සංස්කෘතියක් වෙනුවට නැවත රාජකීයත්වයක් නිර්මාණය වුණු එක. ජනතාවගේ සිතීම, දේශපාලනික හුරුව යුග ගානක් ආපස්සට අරන් ගියපු එක.

අවුරුදු හයෙන් හයට ජනාධිපති චරිතය මාරු වීම ඇතුලෙ පක්ෂයකට වුණත් සිද්ද වෙනවා වඩා තරගකාරී දෙවැනි අපේක්‍ෂකයා නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් ප‍්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කරමින් ජනතාව දිනාගන්න. මිනිස්සු මාරු වුණාට රජයෙන් ක‍්‍රියාත්මක ජාතික වැඩසටහන් වරින් වර මාරු නොවෙන සංස්කෘතියක් නිර්මාණය කරන්න නම් මේ තත්වය ගොඩනගා ගන්න වෙනවා. පුද්ගලයෙකුට වඩා පක්ෂයක් ජනතාවට අනිවාර්යෙන් වග කියනවා.

මේ ජනාධිපතිවරණය අතිශය වැදගත් වෙන්නෙ මේ සියලූ කාරණාවන් ආමන්ත‍්‍රනය කරන නිසයි. ඒක නැවතත් දේශපාලන සවිඥාණකත්වයක්, සබුද්ධික සමාජයක් වෙනුවෙන් නැගෙන ක‍්‍රියාකාරීත්වයක් නිසයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා මේ තත්වයන්ගේ වෙනස ඉස්සරහ අසරණයි. ඇෙ`ග් පතේ හයිය පාවිච්චි කරනවා මිසක වෙන දේශපාලනික අභියෝගයක් ඉදිරිපත් කරන්න ඒ මනුස්සයා අසමත් වෙන එක ස්වභාවිකයි.

එක යුගයක අවශ්‍යතාවයක් ඉටු කළ ඒ මිනිසාට ගෞරවයෙන් යුතුව වේදිකාවෙන් බැස යාමට ඉඩ සලසන එකත් යෝජනා කරන ඉදිරිගාමී සදාචාර සම්පන්න සමාජයේම පළමු වගකීමක්.

-චින්තන ධර්මදාස