මේ පාර දෙරණ සම්මාන උළෙලට ගියෙ යම්දෝ නොයම්දෝ කියල දෙපැත්තට ඇද ඇද. ඒකට හේතු වුණෙම ඉවර වෙලා ආපහු එනකොට දැනෙන කාලකණ්ණි හිස්කම. ඒක සම්මාන හින්දම ඇතිවෙන එකක් නෙමෙයි. ප‍්‍රසාංගිකත්වය පැත්තෙන් අපේ තියෙන දුප්පත්කම, තේරුමක් නැති ආටක නාටක හින්ද, පදනමක් නැති ඇගයීම් හින්ද දැනෙන තෙහෙට්ටුවක්.
මේක දෙරණ සම්මාන උළෙලට විශේෂ වුණු තත්වයක් නෙමෙයි. ඒත් මේ පාර ඒක වෙනස්. සුපුරුදු විකාරසහගත බව වෙනුවට සැබෑ උත්කර්ෂවත් බව පැත්තට ලොකු අඩියක් තියල තිබුණ.
එච්චර තාර්කික කතාවක් නොවුණත් මහින්දගෙ කාලෙ අපේ ආර්ට්වල තිබ්බ ගොබ්බ ගතිය වෙනුවට දැන් හැම ආර්ට් සම්බන්ද වැඩකම පාහේ පොඩි ගැම්මක් තියෙනවා. කොයිතරම් අවතක්සේරු කළත් මං ජනවාරි 08 පුම්බන්නෙ ඒකයි. හොරා පොලිස් සෙල්ලම්, බලමාරු, පිල්මාරු, ඞීල් කොයිතරම් සමාන විදිහට සිද්ද වුණත් සංස්කෘතිය පැත්තෙන් අසමාන ඉඩක් ඇරුණා. වෙනස් කතිකා ඇතිවෙන්න ගත්තා. ප‍්‍රකාශන කලඑලි බැස්සා. ආණ්ඩු ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. ඒත් සංස්කෘතියක් මාරු කරනවා කියන්නෙ ටිකක් බර වැඩක්.
ජගා එක්ක සාරංග උත්සවය මෙහෙයවන එක හොඳට කළා. හැමතිස්සෙම වගේ ජෙන්ඩර් බැලන්ස් කරන්න ස්ත‍්‍රී චරිතෙකුත් පාවිච්චි කරන පුරුද්දක් තිබුණත් ගෑණුන්ට මේ වැඬේ හරියට කරන්න බෑ කියන එකයි මගේ හැ`ගීම. ඒ වෙනුවට සිනමාව ගැන යම් හැ`ගීමක් ඇති චරිත දෙකකට වැඬේ බාර දීම නිසා දැනීමක් ඇති තැනක වැඬේ සිද්ද වුණා.
සම්මාන දෙන්න එන චරිත එක්ක වුනත් හිනානොයන ජෝක් කරනවා වෙනුවට සිනමා ඉතිහාසය සහ මතකයන් ගැන රහක් තියෙන දෙබසක් දෙකක් හුවමාරු වුණා. දිනේෂ් ප‍්‍රියසාද් එක්ක සිනමාවෙ නිළියන් විසින් පිරිමි චරිත ර`ගපෑ අවස්ථා ගැන ඇතිවුණ කතාබහ එහෙම මරු. එතනදි ප‍්‍රියසාද් අතින් තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටිය මගඇරණ. අනෝමා ජිනාදරී ඉතාමත් අරගලකාරී, මතභේදාත්මක තැනක ගෑණු පිරිමි චරිත මාරුව කරන චිත‍්‍රපටියක් ඒක.
පොදුවෙ එතන සිද්ද වුණු හැම තෝරා ගැනීමක් එක්කම ලැජ්ජ නැතුව හිටගන්න පුළුවන් තත්වයක් තිබුණ. අපිට වෙනස් පුද්ගලික අදහසක් තිබුණා වුණත් ඒ නිර්දේශයන්වලට පදනමක් තිබුණ. ගොඩක් හොඳ චිත‍්‍රපට තමයි එකිනෙකා එක්ක තරග කරමින් හිටියෙ. පහුගිය කාලයක් පුරාම සම්මානවලට නිර්දේශවෙන චිත‍්‍රපටි දිහා බැලූවම දැණුනෙ කණස්සල්ලක් හා සබැඳි ඔක්කාරයක්. ඒත් දැන් නැවත බලාපොරොත්තුවක් නිර්මාණය වෙමින් ඇති වග පැහැදිලියි.
දැනෙනසුළු අවුලක් තිබුනෙ මහරජ ගැමුණුට හොඳම කලා අධ්‍යක්‍ෂණය වෙනුවෙන් සම්මාන ලැබීම. එතන තිබුනෙ ආර්ට් වලට වඩා සීජී වැඩ (කොම්පියුටර් ග‍්‍රැෆික්ස්) .මතක හැටියට දවස් 90කින් දර්ශන දෙසිය ගානක ග‍්‍රැෆික් හදනවා මේ ටීම් එක. එක පැත්තකින් උන්ට සතුටු වෙන්න පුළුවන් ඒවා ග‍්‍රැෆික් කියල සම්මාන උළෙලක විනිශ්චය මණ්ඩලයකටවත් හොයාගන්න බැරි තරම් සජීවී විදිහට කළා කියල. ඒත් ඒ වගේ මහන්සියක්, විශේෂයෙන්ම අපේ සිනමාවෙ අලූතෙන් නිර්මාණය වෙමින් එන අංශයක් දිරි ගැන්වීමක් නොලබා මගහැරීම දුකට කරුණක්.
මේ ඇගයීම් අතරට සීජී හැකියාවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානයකුත් අනිවාර්යෙන්ම එන්න ඕන.
මේ සම්මාන උළෙලෙ සිනමාව ගැන සංවේදී ඕනම කෙනෙකුගේ ඇ`ග හිරිවැටෙන සම්මාන දෙකක් දුන්න. එකක් ස්වර්ණාට දීපු ලයිෆ් ටයිම් අචීව්මන්ට් එක. ඒ වෙනුවෙන් එතනදි කියැවුණු හේතු පාඨයත් මරු.
ස්වර්ණා ඇත්තෙන්ම තිරය උඩත් තිරෙන් පිටිපස්සෙත් ස්ත‍්‍රීත්වය වෙනුවෙන් ගහපු කැරැුල්ල ලංකාවෙ තක්සේරු වුනේ අඩුවෙන්. ගැහැණිය වෙනුවෙන් නිර්මාණය වෙලා තිබුණු හතරැුස් කොටුව එහාමෙහා කරන්න ස්වර්ණා පිරිමින්ගෙ ඇස්වලට ඉඳිකටුවලින් ඇන්නා. අන්තිමට එයා නැවත මගේ ලොකුම ජයග‍්‍රහනය කියල තමන්ගෙ දුව ආඩම්බරෙන් බදාගනිද්දි මං හිතන්නෙ ඒ ප‍්‍රකාශනය පරිපූර්ණ වෙනවා.
‘මට ඕන වුනේ තරුවක් වෙන්න නෙමෙයි. නිළියක් වෙන්න’
අපේ සිනමාවෙ ස්වර්ණා වගේ නිළියක් නිර්මාණය වුනේ කොහොමද? මං තාම කල්පනා කරනවා.
ඊළ`ග එක හොඳම නිළිය විදිහට කෞෂල්‍යාට සම්මාන දීම. ඒ සත්‍යජිත්ගෙ බොර දිය පොකුනෙ ගෝතමී විදිහට. ඒ චිත‍්‍රපටය හරහා සත්‍යා කෞෂල්‍යා එක්ක ගොඩනගාගෙන තිබුණු මනුස්ස සම්බන්දය හරිම ගැඹුරු එකක්. මට හිතෙන්නෙ සත්‍යා චිත‍්‍රපටියෙන් එලියට ගිහින් තමන් විසින් තෝරාගන්නා නිළියගෙ ජීවිතය අධ්‍යක්‍ෂණය කරන්න ගන්නවා. ඒ හරහා ඒ නිළියට ප‍්‍රකාශ වෙන්න, එලිදරව් වෙන්න, නිදහස් වෙන්න ඉඩ විවෘත කරනවා. ඒක එක විදිහකින් සායනික වැඩක්. එහෙම ගැඹුරු අධ්‍යාත්මික- ජීවිත භාවිතාවක ප‍්‍රතිඵලයක් බොරදිය පොකුණ.
අවුරුදු පහලොවකට පස්සෙ බොර දිය පොකුණ ඇගයීමට ලක්වෙනවා. ඒ ඇගයීම බාරගන්නවත් වේදිකාවට ගොඩනොවෙන්න තරමට සත්‍යා හිතුවක්කාර වෙනවා.
කෞෂල්‍යා කියන්නෙ ලංකාවෙ නිළියක් කිව්වම තිබුන සායම් රාමුව වෙනස් කරපු නිළිය. පොත්තෙ ලස්සන වෙනුවට අභ්‍යන්තරයෙ හැ`ගීම් දැනීම් අතර ලස්සන අවලස්සන භේදයක් නැතුව පීනපු නිළිය. ර`ගපෑමෙන් චරිතය ජයගන්න කරන්න වුණු සටනට වඩා ලොකු සටනක් කෞෂි සම්මත නිළි ‘ලස්සනට’ එරෙහිව කරනවා. ඇත්තටම ඒ සම්මාන දෙක දෙද්දි පපුවට මොකක්ද දැනෙනවා.
හෝ ගාන පොකුණ ජනප‍්‍රියම චිත‍්‍රපටියත් හොඳම චිත‍්‍රපටියත් විදිහට සම්මාන ගන්නවා. වාණිජ චිත‍්‍රපටි කියල වෙනම බෙදීමක් ඇතුව ඉබාගාතෙ බාල චිත‍්‍රපටි විකුණමින් එන ටේරන්ඞ් එක මෙතනදි අභියෝග වෙනවා. රහ ගුණ ඇති සිනමාවකට බැරිද හොඳට විකිණෙන්න? සෝමරත්නට පස්සෙ ෆර්ඩි ඒ සත්තු එක්ක කතා කරන රහස හොයාගන්නවා.
ෆර්ඩිගේ චිත‍්‍රපටියට හොඳම සංගීතයටත් සම්මාන ලැබෙනවා. ඒ සංගීතය කරපු දිනේෂ් ළමා චිත‍්‍රපටියකට ඉතා හොඳ සොයා ගැනීමක්. එයා මේ සංගීතය නිර්මාණය කරන්නෙ ගෙම්බො මීයො එක්ක කතා කරලා. හරිම ලස්සන පරිකල්පනයක්නෙ කියලා හිතාගෙන මාත් අහන් හිටියා. ඊට පස්සෙ එයා ඉල්ලීමක් කරනවා. මස්මාළු කන එක නවත්තන්න කියල. ඒ ගිය ආත්මවල නෑදෑයො වෙලා හිටපු අය මේ ආත්මෙ මාළුවෙක් කුකුලෙක් හරකෙක් වෙලා මේසෙට එන්න පුළුවන් හින්ද. අනිවාර්යෙන්ම මේ ළමා මනස ළමයින් වෙනුවෙන් ගොඩක් හොඳ වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒත් වැඩිහිටියන් අතින් නම් අතවරයට ලක්වෙන්න ඉඩ තියෙනවා. බුද්දාගම වටේ අටවගත්ත මනස්ගාත සාසන කල්ට් විසින් මේ රටේ දක්ෂතා තියෙන තරුණ පිරිස් කොයිතරම් කාබාසිනියා කරන්න පුළුවන්ද කියන එකට මේක අවාසනාවන්ත උදාහරණයක්.
හොඳම චිත‍්‍රපටය විදිහට බොරදිය පොකුණ සහ හෝ ගාන පොකුණ කියන දෙක අතරින් මගේ පුද්ගලික කැමැත්ත වෙන්නෙ බොර දිය පොකුණ. ඒක කිසිසේත්ම හෝ ගාන පොකුණට ලැබුණු සම්මානය අවතක්සේරු කිරීමක් නෙමෙයි. ඒත් බොරදිය පොකුණ කියන්නෙ ලංකාවෙ සිනමාවෙ ඉතා කලාතුරකින් බිහිවන ලක්ෂණ ගණනාවක් සහිත කෘතියක්. ඒ වියමන වගේම වියමන හා ජීවිතය අතර සම්බන්දයත් ගොඩක් පළල්. ඒ වගේම සිනමා රීතීන්, ව්‍යාකරණ නොතකා යමින් ජීවිතේ අවංක ආත්මීය මොහොත විතරක් කැමරාවට අල්ලා ගැනීමේ දුෂ්කර පිළිවෙතින් පොහොසත්. අවුරුදු පහලොවක කාලයක් පුරා තිරයක ඉඩක් වෙනුවෙන් සටන් වැදුනු සිනමා කෘතියක් හැටියට ඒක සිනමාකරුවෙක් සතු විය යුතු දරාගැනීමේ හැකියාව ගැන ප‍්‍රකාශනයක්.
ජැක්සන් හොඳම නළුවා වීම, මහේන්ද්‍ර විකටයා වීම සහ කමල් දුෂ්ටයා වීම ගැන එක එක අදහස් වලින් එෆ්බී එකේ පෝස්ට් හැදුන. ඒත් මට අනුව ඒක ඉතා හොඳ විනිශ්චයක්. විශේෂයෙන්ම ජැක්සන්ට හොඳම නළුවා සම්මානය හිමිවීමම ලොකු අයිරනියක්. ජැක්සන්ට ඒක හිමිවෙන්නෙ එයා හිට්ලර් විදිහට කරන රගපෑමට. හිට්ලර්ට ර`ගපාලා ඇඩ‍්‍රස් නැතිවෙන ජැක්සන් ආයිමත් පළි`ගු මැනිකෙ විජයපාල වගේ උඩු රැවුල තියලා බුරුසු කොන්ඩෙත් එක්ක ස්ටේජ් නගිද්දි ආයමත් පරණ නළුවා ඉපදුනා වගේ සතුටක් දැණුන. ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරිගෙන් උදව් නොගෙන අවුරුදු දහයක් ආපස්සට කාලතරණය කරන්න. ඔයාට මගඇරුණු නළුවා තාම අතරමං වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.
සම්මාන ගන්න ස්ටේජ් නැගපු හැමෝම සිනමාව ගැන එකම කතාවක් ආපහු ආපහු කිව්වා. සමහර වෙලාවට මේක ලංකාවෙ වාත රෝගයක්. එකෙක් නැගලා සිංදුවක් කිව්වම ඔක්කොම ඒ සිංදුවම බැරි නම් ඒ ළ`ගින් යන එකක් හරි ගහන එක.
ඒ ගොල්ලො කතා කළේ පෙන්නගන්න බැරුව කොම්පියුටර් ඇතුලෙ හිරවෙච්ච චිත‍්‍රපටි ගැන. ඒවා පෙන්නන්න තිරයක් නැතිකම ගැන. සිනමාවෙ අනාගතය ගැන. මේ කතා ගොඩක් බොරු හැ`ගුම්බර වචන වෙන්න පුළුවන්. ඒත් ඒ කතා නිසා මේ උළෙල සිනමාව ගැන ස්ටේට්මන්ට් එකක් වුණා. සමහර වෙලාවට ඒ ඒවා එලියට ආපු කාලඅවකාශය වෙන්න පුළුවන්.
ඉස්සරහට එන ඩිජිටල් දිගුවත් එක්ක මේ මහා සිනමාව අර්බුදයට යනවා. මේ මහළු පෙම්වතිය මිය යනවා. අපිට සිද්ද වෙනවා අයාලේ යන්න. ගණිකාවන් එක්ක නිදියන්න. අලූතෙන් ශෘංගාරය නිර්මාණය කරන්න. ඒ රමණය මොන විදිහෙ තිරයක් උඩ සිද්ද වෙයිද කියන එක අවිනිශ්චිතයි. ඒත් මේ සිහිනයෙන් ඇහැරෙන්න වෙනවා සත්තයි.
ඒ නොස්තැල්ජියාවෙ ඇත්තටම ආතල් එකක් තියෙනවා.
කමල් හොඳම දුෂ්ටයා විදිහට සම්මාන ගනිමින් කරපු කතාවෙදි එක වැදගත් කාරණයක් මතු කළා. ඒ අපේ සිනමාවට බිස්නස් ප්ලෑන් එකක් ඕන කියල. පිටකොටුවෙ හාල් කඩ වගේ් සිනමාව කරපු කාලෙ ඉවර වෙමින් එනවා. ඉන්ඩස්ටි‍්‍ර එකක් විදිහට හිතන්න තාක්ෂණය හැමෝටම බලකරමින් ඉන්නවා.
ටු බී ඕර් නොට් ටු බී...
දෙරණ හතරවෙනි සිනමා සම්මාන උළෙල දැනුවත්ව හෝ නොදැනුවත්ව පොසිෂන් වෙන්නෙ ටයිටැනික් නැව අයිස් කන්දෙ හැපෙන තැන.
ඒක රොමාන්තික අවසානයක් වෙයි. වේදනාව අඩු මරණයක් වෙයි. අලූත් උපතක තිඹිරිගෙයක් වෙයි.
-චින්තන ධර්මදාස
මෙතැන ජගා කියලා හදුන්වන ජගත් මණුවර්ණ මේ උත්සවයේ එනවුන්සින් කෑවා....මේ යකා නළුවෙක් උනේ කොහොමද කියලා මට එක වෙලාවකට හිතුණා...මෑන්ස් ඕඩියනස් එකවත් කැමරා එකවත් දිහා බලන්නේ නැතුව සාරාංගගේ මූණ දිහා බලාගෙන තමයි කථා කලේ...කැමරාව කොහෙද ඕඩියන්ස් එක කොහෙද දනනැති එවුන් නළුවෝ වෙන එක ලෝකේට විපරිතයක් උනාට සිනාමාව ගැන ඔච්චර ධර්ම ටොක් දෙන චින්තනටත් අවුලක් නැති වීම තමයි පුදුමේ....අනිත් එක මේ යකා එනවුන්ස් කරේ ඔළුව වෙන දිහාවක තියාගෙන....කියපු එවාගෙත් මෙලෝ රහක් තිබ්බෙ නෑ.....එක තැනකදි තැග්ගක් ගන්න ගිහිල්ලා නා ගත්ත වැඩකුත් උනා
ReplyDeleteඒත් ඒනවුසින් ගොඩ දාගන්න සාරංග ලස්සනට වැඩේ කලා..it was a natural flow.....
කමල්ගේ කතාවේ තිබ්බේ සිනමාවට වෙච්චි අලකලංචියට වඩා එයාට මේ අවුරුද්දේ විත්‍රපටි නැති වීමේ ආදෝනාව....එයා ඒක කිව්වේ ජැක්සන්ගේ චිත්‍රපටියේන් පස්සේ එයාටත් ඇඩ්‍රස් නෑ කියලා.....
චින්තන උඹේ ලියවිලි වලට මම කැමතියි.
ReplyDeleteහැබැයි අපි ජැකා නැවත එන්නවනම් හොඳයි කියන්න ඕනේ නැහැ. ඌ යන අතක ගියදෙන්. හැබැයි මට ජැකා වගේම ශ්‍රියන්තත් එකම ඇක්ටින් දාන පොරවල් හැටියට තමයි පේන්නේ. ඒ කියන්නේ උන් දෙන්නම තවම වේදිකාවේ රගපාන්නේ. ටෙලියක වුනත් ෆිල්ම් එකක වුනත් වේදිකා ඇක්ටින් තමයි පෙන්නේ. කමල් එතෙනින් ගැලවුණු එකෙක් කියලයි මට හිතෙන්නේ.
ජකාගේ බුරුසු කොන්ඩේ = විග් එකක් (නේද?)
නිවේදක ජගාගේ ආධුනිකකම පෙනුනා නේද?
ජැකාගේ කොන්ඩේ සහ කමල් හසන්ගේ පාපනාසම් ෆිල්ම් එකේ සිංහල වර්ශන් එකට සම්බන්ධයක් ඇති.
Delete///Now ‘Papanasam’ is being remade in Sinhalese directed by Cheyaar Ravi a Tamil director who has done ‘Harichandra’ with Karthick and ‘Dharma Seelan’ with Prabhu apart from many hit serials as well. The film has the popular Sinhalese hero, Jackson Anthony in Kamal Haasan’s role and shooting is going on in Sri Lanka right now. ‘Drishyam’ has now truly gone global./////////
ජගත්ට තව බොහෝ දේ ඉගෙනගන්න තියෙනවා. ඔය භූමිකාව කරන්න ඕන නම් බටහිර/ ඉන්දියානු සම්මාන උළෙලවල් වැඩි වැඩියෙන් හදාරන්න වෙයි. ජගත් කතාකරේ ප්‍රේක්ෂකයාට නොවේ සාරංගට.
ReplyDeleteලෝකේ අන් රටවලත් හොඳම දුෂ්ඨයා/විහිලුකාරයා කියලා සම්මාන තියෙනවාද?
මේ සම්මාන උළලත් 'ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම' අතින් එක තැන පල්වෙන අසංවිධාත්මක වැඩක් බවයි දැනුනේ. සම්මාන බෙදීයෑම 'සැමට සැප' මොඩ්ල් එකේ වැඩක් බව ඔය චිත්‍රපට බොහෝමයක් බලපු කෙනෙක් කීවා. ඒ ගැන යමක් කියන්න බැහැ මට නරඹන්න හම්බවුනේ බොරදිය සහ ඔබ නැතුව ඔබ එක්ක පමනක් නිසා.
සම්මාන උළෙල ගැන මොකුත් කියන්න දන්නෙ නෑ. ඒ දවසේ මට පෙනුනේ ටැමිල් චැනල් විතරයි.
ReplyDeleteජගත් මනුවරණ කතා කරද්දී මහා බයක් දැනුනා ඒ මු කොයි වෙලේ නා ගයිද කියලා ...ඒ කතාවේ කිසිම විශ්වාසයක් තිබුනේ නැහැ ...හිතලම කරපු කෘතිම ස්බාවයක් මිස එහි කිසිම ස්බාවික බවක් තිබුනේ නැහැ ...එක වෙලාවක් මු අනා ගත්තා (රෙවනන් ) චිත්රපටිය ගැන සාරංගට උගන්වන්න ගිහින් ...පුදුමේ මුගේ කතාවේ අඩුපාඩු චින්තන අයියාට නොපෙනුණු එක
ReplyDelete