Friday, September 23, 2016

ගෑණු පිරිමි- මල් පළතුරු - චිත‍්‍රපටි


මායා කියන්නෙ කොපියක්. කාංචනා කියන ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක්. කාංචනා කියන්නෙ මුනි කියල ජනප‍්‍රිය වුණු රාඝව ලෝරන්ස්ගෙ ෆිල්ම් එකේ සීක්වල් එක. ලෝරන්ස්ගෙ මේ ෆිල්ම් සීරීස් එක ඉන්දියාවෙ දිව්වෙ බොක්ස් ඔෆිස් පෙරළගෙන.

මේ වැඬේ සිද්ද වෙන්නෙ හොරර්- කොමඩි කියන ජොන්රා එක ඇතුලෙ. කවුරු හරි මැරිච්ච කෙනෙකුගේ අවතාරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ආවේස වෙලා මොකක් හරි පලිගැනීමක් කරන විදිහෙ කතාවක් තමයි පාදක කරගන්නෙ. ඒත් හොලිවුඞ් ස්ක‍්‍රිප්ට් විදිහට එකම තැනකට ෆෝකස් වෙන්නෙ නැතුව මේ ප්ලොට් එක වටේ තව ගොඩක් කතා පරිකතා එලනවා. තනිකරම බර එන්ටර්ටේන්මන්ට් පොදියක් දෙන එකයි ලෝරන්ස්ගෙ අරමුණ.

රාඝව ලෝරන්ස්ගෙ මේ වැඬේ කාංචනා වලට එනකොට වෙන ලේයර් එකකට පනිනවා. කොමඩි හොල්මන් කතාව ඇතුලෙ ලෝරන්ස් ට‍්‍රාන්ස් ජෙන්ඩර් ගැන පොලිටිකල් කතාවක් ගේනවා. ඒ අතරෙ ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අවුල් වගේ තැනුත් ටච් කරගෙන යනවා. එයා එක විදිහක ස්ටේට්මන්ට් එකකට මේ විනෝද පොදිය පාවිච්චි කරනවා.

පේ‍්‍රක්‍ෂාගාරයේ සරලම තැනට කතා කරන්න පුළුවන් වෙන එක කොහොමත් ටැමිල් ෆිල්ම් වල සාර්ථක ගුණයක්. ඇත්තටම ඒ සිනමාව කර්මාන්තයක් විදිහට සාර්ථක වෙන්න හේතුවත් මේකයි. සිනමාව තියෙන තැනට පේ‍්‍රක්‍ෂකයා ගේන්න ට‍්‍රයි කරනවා වෙනුවට පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැනට ගිහින් ඒ අය සිනමාව කරනවා. නරඹන්නා එක්ක රියල් සම්බන්ධයක් හදාගන්නවා. අපේ මේන් ස්ටී‍්‍රම් ෆිල්ම් වල වුණත් හැංගිලා තියෙන මධ්‍යම පංතික හීනමානය හින්ද මේ නියම බැඳීම ඇති කරගන්න බැරි වෙනවා. දෙමළ ෆිල්ම් වල තියෙන ඇට දෙකන් අල්ලගන්න ගතිය ෆිල්ම් වලට ගේන්න අපි තාම දන්නෙ නෑ. අපි ඒක කරන්න හදන්නෙ සුදු හුරතල් පොඩි එවුන්, අලි පැටව් සහ නාඩගම් පෙන්නලා.

කොහොමටත් ලංකාවෙ ආර්ට් ගැන සංවාදෙම හැදෙන්නෙ ජනප‍්‍රිය දේට විරුද්දව. යමක් ජනප‍්‍රිය නම් ඒකෙ මොකක් හරි අවුලක් තියෙනවා කියල. ජනප‍්‍රිය දේක තියෙන ඒ ජනප‍්‍රිය වීමේ ගුණය හොයාගෙන ඒක ඇතුලෙන් අලූත් නිර්මාණ ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට ඒක පීචං කියල යටපත් කරන්නමයි ට‍්‍රයි එක. උදාහරණයක් විදිහට අජිත් මුතුකුමාරණගේ සිංදු වලට එරෙහි ප‍්‍රබුද්ද සංවාදය ගන්න පුළුවන්. ලංකාවෙ කිසිම මාධ්‍ය ප‍්‍රචාරණයක් නැතුව, උස්සලා තියෙන ඉන්ටවිව් නැතුව,  ඕපන් ස්ටේජ් වලින් කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ද වෙලා ලොකු මාර්කට් එකක් හදාගත්ත තැනක් කිසිම බරක් නොතියා නිකම්ම බාල්දු කරනවා. වෙන විදිහකට කිව්වොත් මේ පීචං කරන්නෙ රටේ ඉන්න මහා ජනතාවකගේ රසය. එතකොට ආර්ට් හැදෙන්නෙ ඒ මහා ජනතාවගේ රසයට ප‍්‍රතිවිරුද්දව. ඒ අයව පිටමං කරලා.

මේ හින්ද සීරියස් විදිහට ජනප‍්‍රිය කලාවෙ යෙදෙන කට්ටිය ලංකාවෙ අල්පයි. කීයක් හරි හොයාගන්න පේමන්ට් විදිහට කරන වැඩවලින් තමයි අපේ ප‍්‍රධාන ධාරාව, සිනමාවෙ නම් වාණිජ සිනමාව හැදිලා තියෙන්නෙ. එක විදිහකට ගත්තොත් එහෙම පොප් වැඩක් කරන්න  ඕන කරන සිනමා තාක්‍ෂණික දැනුමත් අපිට නෑ. තාක්‍ෂණය කියන්නෙ උපකරණ සහ ඒවා පාවිච්චි කරන හැටිය විතරක් නෙමෙයි. චිත‍්‍රපටියක් ඇතුලෙ ඒක භාවයන්, කාල අවකාශයන් හසුරුවා ගැනීමත් තාක්‍ෂණික වැඩක්. හරියට කතාවක් කියාගන්න බැරි ප‍්‍රශ්නෙත් එක්ක පොරබදන අපේ සිනමාවට දෙමළ සිනමාවෙ බල්ටි හිතාගන්නවත් අමාරුයි.

මායා වගේ චිත‍්‍රපටි වලින් ලොකු වැඩක් සිද්ද වෙන්නෙ මෙතනදියි. ඉන්දියාවෙ හිට් වෙච්ච ෆිල්ම් එකක් අරගෙන ඒකට නොදෙවෙනි රීමේක් එකක් හදනවා කියන්නෙ අපේ රටේ සිනමාව සම්බන්ධයෙන් කාරණා ගොඩක් වර්ධනය වෙන තැනක්.

ප‍්‍රධානම එක කතාව කීම. මේක තමයි අපි සුබලබව නාගන්න තැන. ඉන්දියානු චිත‍්‍රපටිය තිබුණත් ඒක අපිට ගැලපෙන විදිහට යලි නිර්මාණය කිරීම හරියට සිද්ද වෙන්න  ඕන. උදා විදිහට කාංචනා ඔරිජිනල් ෆිල්ම් එකේ තිබුන සිංදු ගොඩ මට මාර වාතයක් වුනා. ඒ කතාවෙ මට ගෙවා ගන්න අමාරු ඇදෙන සුළු තැන් තිබුන. ඒත් මායා රීමේක් එක හොඳට ටයිට් විදිහට කතාව ගන්නවා විතරක් නෙමෙයි ඒක අපිට හුරු පුරුදු තැන් එක්ක හරියට ගලපනවා.

ෆිල්ම් එක ගැන කිව්වහම ගොඩක් කාංචනා බලපු මගේ යාලූවො කිව්වෙ, මචං ඒ කැරැුක්ටර්ස් නම් ගන්න බෑ කියල. විශේෂයෙන් අතුරු චරිත. ඒත් ෆිල්ම් එක බලපු හැමෝටම කොයිතරම් සාර්ථකව මේ චරිත සිංහලට ඇවිල්ලා තියෙනවද කියන එක හිතාගන්නත් බැරි වුණා. සමහර තැන්වල මායා කාංචනාටත් වඩා ඉස්සරහින්.
ඒ වගේම දෙබස් රචනයත් අති සුපිරියි. ඒ දෙමළ ජෝක් සිංහලට ගේන කොට අපිට දැනෙන තැන් වලින් අල්ලලා තියෙන විදිහත් ඒ පාවිච්චි වෙන අති සාමාන්‍ය වචනත් රස නොමරා රස විඳින්න ඉඩ ඉතුරු කරනවා.
අධ්‍යක්‍ෂණයෙදි දෙබස් උච්චාරණය පවා දෙමළ චිත‍්‍රපටියෙ තැනටම ගේන්න ට‍්‍රයි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳට ඞීටේල් ඇතුව රෙසිපිය පරීක්ෂා කිරීමක්. එක්කෙනෙක් දෙබස් කියද්දි අනෙකා එක එක විදිහට හුමිටි තියන, ඇද කරන සද්ද පාවිච්චි කිරීම හරහා ඒ කොමඩිවල තියෙන පන්ච් එක හොඳටම පවත්වාගන්නවා.

චරිත නිරූපණය අතිනුත් මායා ගොඩ. පුබුදු සහ රංජන් නියමටම වැඬේ කරනවා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකෙනුත් පස්සෙ රංජන්ව ඉන්ට‍්‍රඩියුස් කරද්දි එයා දුවගෙන එන්නෙ සාරියක් ඇඳගෙන. චණ්ඩි ටිකක් එළවගෙන. එතනදි ලොකු අකුරෙන් සුපර් ස්ටාර් රංජන් රාමනායක කියල දාද්දි ඇත්තටම මූ ලංකාවෙ සුපර් ස්ටාර් නේද කියල හැ`ගීමක් එනවා. එයා මේ චරිතෙ කරන්න බාර ගත්ත එක එලියෙ සමාජය පැත්තෙන් වගේම චරිතෙ පැත්තෙනුත් ලොකු චැලෙන්ජ් එකක් ගේනවා. රංජන් වැඬේ ගොඩදානවා.

පුබුදු චතුරංගත් රංජන් එක්ක කරට කර ඉන්නවා. එක එක චරිත අතරෙ මාරු වෙවී පුබුදුට ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒත් රාඝව ලෝරන්ස්ට කොහෙත්ම නොදෙවෙනි විදිහට පුබුදු කැරැුක්ටර් එක කරනවා. ලංකාවෙ නළුවො හරියට ප්ලේස් වෙන්න වගේම ඒ නළුවන්ට නිළියන්ට තමන්වම අභියෝගයක් වෙන්න මේ විදිහෙ රීමේක් හැදෙන එක ලොකු දෙයක්.

මේ ෆිල්ම් එකේ අම්මා-පුතා, නැන්දා-ලේලි, සැමියා-බිරිඳ වගේම පෙම්වතා-පෙම්වතිය සම්බන්ධතාත් හොඳටම ජෝක් කරනවා. ඒ අවස්ථා අතිශය විකාර සහගත වුනත් අපි හොඳට දන්න ‘එසන්ස්’ එකකින් ඒ විකාරය ගැටගැහීම ඇතුලෙ ඒවා හොඳටම විශ්වාසනීය කරනවා. තේරෙන විදිහකට කිව්වොත් මේකෙ පුතා නිතරම ඉන්නෙ අම්මගෙ කරේ (ස්කූබි ෂැගීගේ කරේ ඉන්නවා වගේ). පුතාට චූ කරන්නත් අම්මා සිංදු කියන්න  ඕන. ඒත් මොකද්දෝ විදිහකට මේ අම්මා පුතා සම්බන්දෙ අපි දන්න එකක්. එක්සැජරේට් වුනාට එසන්ස් එක රියල්. මෙතනදි මේ අම්මගෙ චරිතෙ කරන නිළියත් ඒ චරිතෙ උපරිමයෙන්ම කරනවා.

ප‍්‍රවේගය වගේ චිත‍්‍රපටි කරද්දි නාගත්ත මියුසික් පැත්තත් මායා ගොඩදාගන්නවා. ඒ දෙමළ සිංදුවල තියෙන පන්ච් එක ඒ විදිහටම තියෙන්න සිංහල වචන වලින් ලියවෙනවා. ඔරිජිනල් කෘතියෙ ජනප‍්‍රියතාවයට හේතු වන අංශුමය ලක්ෂණයන් පවා ග‍්‍රහණය කර ගැනීම මායා ලබන ජයග‍්‍රහණයක්.

ලංකාවෙ ළමයින් සහ ආච්චිලා බලන පවුලේ සිනමාව තමයි ප‍්‍රධාන ධාරාව කියල තහවුරු කරගත්ත මනස්ගාතය මායා වගේ චිත‍්‍රපටි නිසා කැඩෙනවා. ඒ වගේම ලංකාවෙ ජවිපෙට සමලිංගිකත්වය පවා දරාගන්න බැරි මොහොතක මාස්  ඕඩියන්ස් එකක මායා ට‍්‍රාන්ස්ජෙන්ඩර් ගැන කතා කරනවා. හැමදාම ෆිල්ම් වල විහිළුවට ලක්කෙරුණු මේ ගැහැණු-පිරිමි චරිතය අන්ත කොමර්ෂල් හිට් එකක් ඇතුලෙ මානුෂීයකරණයක් ලබනවා. ඒ වගේ සංක‍්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් ස්ටේජ් එකක නැගලා කරන විසිල් වලින් ආචාර ලබන දේශනයක් පවා ෆිල්ම් එකට එනවා. සාමාන්‍යයෙන් චිත‍්‍රපටි ඇතුලෙ දේශන දෙන එක වාතයක් වුණත් මායා තියෙන්නෙ ඒ සියල්ල එකට ග‍්‍රහණය කරන්න පුළුවන් අවකාශයක. ඒක ඇතුලෙ  ඕන දෙයක් සිද්ද වෙන්න පුළුවන්, ජනප‍්‍රියතාවයට බිඳකුදු හානියක් නැතුව.

ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අර්තය ලංකාවෙ දෙමළ සිංහල විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ පරිවර්තනය වෙනවා. මං ගොඩක් කැමති හාමුදුරුවන්ව පාවිච්චි කරන විදිහට. ලේසියෙන්ම දරුණු විරෝධයක් නැගෙන්න පුළුවන් තැනක් මායා සූක්ෂම විදිහට ජයගන්නවා. ඇමතියන් අතින් අන්ත ආසාධාරණයන්ට ලක්ව ජීවිත පවා අතුරුදන් වූ අය මළවුන්ගෙන් නැගී සිටිද්දීත් හාමුදුරුවන් ඉදිරිපත් වෙන්නෙ උන්ව බෝතල් වල දමා සාගර පත්ලට යවන්නයි. නහී වේරේන වේරානි.... එච්චරයි බුද්ධ වචනය.

ඊට වඩා මානුෂිකත්වයකින් මායා දිහා බලන්න ගිහි තරුණයෙක් වුණු මාලන්ටත්, වෛරයේ දෙව`ගන වුණු කාලිටත් පුළුවන් වෙද්දි හාමුදුරුවො කරන්නෙ ‘විය යුත්තක්ම වෙයි..’ කියල අත පිහිදා ගැනීමයි.
ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරය ගැන නැවත විශ්වාසයක් ඇති කරන්න මායාට පුළුවන් වෙනවා. සිංහල ජනතාව පුරුදු වෙලා හිටපු හිනා කතා නැති සීරියස් නැරඹීම වෙනුවට විසිල් ගහන, හිනා පලන සජීවී පේ‍්‍රක්‍ෂාගාරයක් මායා විසින් උණුසුම් කරනවා. මෙතෙක් කල් අපි අවුලක් හැටියට දැකපු නිශ්ක‍්‍රීය නැරඹීම තිරය ඉදිරියේ ප‍්‍රශ්නයක් නෙමෙයි තිරය උඩ පෙන්නන දේවල් වල ප‍්‍රශ්නයක් වග තහවුරු කරනවා.

මේ රීමේක් සිනමාව ඇතුලෙ අපේ කර්මාන්තය ලබන පන්නරය විශාලයි. ඒ වගේම ඉතා දියුණු කර්මාන්තමය පසුබිමක් ඇති ඉන්දියාවෙ වගේ සිනමා ඇත්දැකීම් අපේ රටේ ඇතිවෙන්න තියෙන එකම ඉඩකඩත් මෙච්චරයි. අපි කොයිතරම් නිර්මාණශීලී වුණත් එහෙම වර්ධනය නොවුණු කර්මාන්තමය සම්බන්දතා මැද්දෙ අපේ සිතීමේ දුර සීමිත වෙනවා. ඒ අභියෝගය ජයගන්න තියෙන සාර්ථකම විදිහක් වෙන්නෙ දියුණු කොපි චිත‍්‍රපට රට ඇතුලෙ නිෂ්පාදනය වීමම විතරයි. වාණිජ හෝ ප‍්‍රධාන ධාරාවෙ සිනමාව මේ ශක්‍යතාව අත්පත් කර ගැනීම වැදගත් වෙන්නෙ ඒ අනුව අපේ ස්වාධීන සිනමාව පවතින තත්වයත් අනිවාර්යෙන්ම තීරණය වෙන හින්දයි.


-චින්තන ධර්මදාස

Thursday, September 15, 2016

තේරුමක් නැතුව බලන් ඉන්න - ජැක්සන් හෝල් වලට එබෙන්න

.

ලෝකෙ සදා නිමකල තේරුම් සහිත දේවල් ටිකෙන් ටික අර්බුදයට යමින් තියෙනවා. ඒ වෙනුවට විවිධ අය අතින් විවිධ තේරුම් නිර්මාණය කළ හැකි අවකාශයන් වඩා ව්‍යාප්ත වෙමින් තියෙනවා. මේ හින්ද ජීවිතේ සමාජීය, දේශපාලන හෝ සංස්කෘතික අර්ථයන් හොයන්න යන පිරිස් විකාර වෙන්න පටන් ගන්නවා. කලාව යනු කුමක්ද වගේ ප‍්‍රශ්න එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා. තමන් විසින් තමන්ට අදාල තේරුමක් සම්පාදනය කර ගැනීමෙන් සෑහීමට පත්වෙන්න පරණ කට්ටියට පුරුදු වෙන්න සිද්ද වෙනවා. නැත්තං පුළුවන් ඉවරයක් නැතුව බැන බැන නතර වෙලා ඉන්න. ඒත් ලෝකෙ ඉස්සරහට යනවා.

මේ කතාව කියන්න පෙළඹුනෙ ලෝකෙ පුරා ළ`ගදි ජනප‍්‍රිය වෙමින් උන්මාදයක් විදිහට පැතිරෙන්න ගත්ත ජැක්සන් හෝල් හන්දියෙ වීඩියෝවක් නිසා. මේක ඇමරිකාවෙ දකුණු කොණට වෙන්න තියෙන වයෝමින්ග් පළාතෙ තියෙන කඳුකර මිටියාවතක්. මේ පළාතට සංචාරකයො එන එක වැඩි කරන්න හිතාගෙන ටවුමෙ හයිකරලා තියෙන කැමරා කීපයක ‘ලයිව් ෆීඞ්’ යූ ටියුබ් එකට දෙන්න පටන් ගන්නවා. ඒත් නොහිතපු විදිහට මේ එක හන්දියක කලර් ලයිට් සහිත ක්‍රොසින් එකක් ඉහලින් තියෙන කැමරාවෙ ෆීඞ් එක ලෝකෙ පුරා ජනප‍්‍රිය වෙන්න ගන්නවා. (සමහර විට කැමරාවෙ පිහිටීම බලපාන්න ඇති) හැම මිනිත්තුවකම 2000ට ආසන්න පිරිසක් මේ කැමරාවෙන් එබිලා හන්දිය දිහා බලාගෙන ඉන්නවා.

එතන කිසි සිදුවීමක් වෙන්නෙ නෑ. අතිශය සාමාන්‍ය හන්දියක් විතරයි. වාහන එහා මෙහා යනවා. පාරෙන් එහා පැත්තෙ පොඩි ආර්ක් එකක් එහෙම තියෙනවා. ඒත් එකපාරක් මේ වීඩියෝව දිහා බලාගෙන ඉන්න කෙනෙක් ආයි ආයිත් නිවාඩු වෙලාවල ජැක්සන් හෝල්වලට එබෙන්න ඇබ්බැහි වෙනවා. උදේ එලිය වැටීගෙන එන කොට, ? බෝවීගෙන එනකොට තමන්ට කොහෙත්ම සම්බන්දයක් හෝ අදාලත්වයක් නැති කඳුකර හන්දියක් දිහා සාමූහිකව බලන් ඉන්න පිරිසක් ලෝකෙ වටේ නිර්මාණය වෙනවා.

මේක පටන් ගන්නෙ එක්කෙනෙක් මේ ලින්ක් එක ෂෙයාර් කරමින් එයාට මේ පලාතට ගිහින් මේ කැමරාව ඉස්සරහ මොකක් හරි පිස්සුවක් කරන්න ආසයි කියල දාන කමෙන්ට් එකකින්. ඊට පස්සෙ උන්මාදයක් විදිහට මේ නැරඹීම ඇවිලිලා යනවා. මේකට වැටෙන කමෙන්ට් දැක්කම පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. කට්ටියක් නිහ`ඩව මේ නගරයේ පරිසරය නරඹනවා. 

තව කට්ටියක් අමුතුම දේවල් කියනවා. ‘ෂා මේ පැත්තෙ මාර ඉනිමං තියෙනවනෙ...’ 

තවත් කට්ටියක් එක එක ඉවෙන්ට් හදා ගන්නවා. ‘අර පනුවෙක් වගේ නටන මනුස්සයා දැක්කද?’

ඒ මොකුත්ම නැති අය එක පාරට දකින දේවල් ගැන කෑ ගහනවා. ‘අන්න රතු පාට ට‍්‍රක් එකක්....’

ඒත් කාටවත් හිතාගන්න බෑ ඇයි මේ ලයිව් කැමරාව මේ තරම් ජනප‍්‍රිය වුනේ කියල. මෙතන මොකක් වෙන්න පුළුවන්ද? අපි චිත‍්‍රපටියක හෝ කතාවක නරඹන කියවන කිසි දෙයක් නැතුව මේ හන්දියක් දිහා බලන් ඉන්න සාමූහික ආශාව මොකක්ද? වෙන විදිහකට ඇහුවොත් ජැක්සන් හෝල් හරහා අපි මුහුණදෙන විෂුවල් රියැලිටිය මොකක්ද?

පළවෙනි කාරනේ මේ නැරඹීම කරන්න පුළුවන් වෙබ් එකේ විතරයි. මේක අපි චිත‍්‍රපට තිරයක් ඉස්සරහ එකිනෙකා ඉඳගෙන කරන නැරඹීමකට වඩා වෙනස්. මෙතන තියෙනවා පොදු නැරඹීමක්. ඒත් එක්කම හුදකලා තනි නැරඹීමක්. ප‍්‍රයිවෙට් සහ පබ්ලික් කියන දෙක එකතු වෙන තැනක්. ත‍්‍රිල් එක තියෙන්නෙ එතන. අපි තනි තනිව වොයෙරිස්ටික් විදිහට ජැක්සන් හෝල් ජීවිතය දිහා සත්තු වත්තක් දිහා වගේ නැත්තං මාලූ ටැංකියක් දිහා වගේ බලන් ඉන්නවා. ඒ වෙලාවෙම අපි සාමූහික බෙදාහදා ගැනීමකුත් කරනවා.  එක්තරා විදිහකට පෝර්න් එකක් බලනවා වගේ.

යම් දෙයක් දැන් දැන් සිද්ද වෙයි කියල බලාපොරොත්තුවක් අපි ළ`ග තියෙනවා. ඒත් කිසි දෙයක් සිද්ද වෙන්නෙ නැති අනන්තයක් ඒක. ඒ හින්දම යමක් සිද්ද වීමේ බලාපොරොත්තුව දිගටම ආස්වාදනීය විදිහට පවතිනවා. යම්කිසි කෙනෙකුගේ අධ්‍යක්‍ෂණයකදී යමක් සිද්ද නොවුනම අපිට වෙන බිඳ වැටීම මේ නිදහස් අවකාශයෙදි වෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් තේරුමක් සහිත දෙයක් දිහා වැඩි වෙලාවක් බලන් ඉන්න අමාරුයි. ඒත් තේරුමක් රහිත දෙයක් දිහා දිග වෙලාවක් බලන් ඉන්න පුළුවන්.

ඕනම මොහොතක අලූතෙන් යමක් සිදුවිය හැකිය කියන පළල් දැක්මකින් අපි දෙවියන් වහන්සේ වගේ මේ ක්ෂුද්‍ර හන්දිය නරඹමින් ඉන්නවා.

මේ හන්දියෙ මිනීමැරුමක් වගේ දෙයක් සිද්ද වුනොත් මේ ජනප‍්‍රියතාවය තවත් වැඩි වෙයිද? මං නිකමට කල්පනා කළා. ඒත් මේ වියුක්ත ආස්වාදය ඒ වගේ සංයුක්ත සිද්දියකින් ආමන්ත‍්‍රණය කරන්න බෑ කියල මට හිතෙන්නෙ. ඒ වෙනුවට මිනිස්සුන්ට තේරුමක් හිතාගන්න බැරි යමක් සිද්ද වුනොත්, හරියට අර පනුවෙක් විදිහට නටන මිනිහා වගේ, ඒකෙන් මේ ආස්වාදය ගුණනය වෙන්න පුළුවන්.

එක්තරා විදිහකට මේක අලූත් මිනිස් සවිඥාන අත්දැකීමක් ස්පර්ශ කරනවා. අපිට කියන්න පුළුවන් මේක ‘සාමූහික-පුද්ගලික සවිඥාන අත්දැකීමක්’ collective- private consciousness (definition by Stefan Sebestian)   කියල. පුද්ගලිකව ඉන්න අතරම සාමූහිකත්වයක් දනවන මිනිස් අත්දැකීමක්. එහෙම වින්දන අවකාශයක් මෙතෙක් පැවතුනේ නෑ. ඒක මේ අලූත් වෙබ් කැමරා හරහා නිර්මාණය වෙන තත්වයක්. 
කාට හරි ලේසියෙන්ම කියන්න පුළුවන් මේක තවත් එක විපරීත තත්වයක් කියල. ඒත් ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. විපරීත නොවෙන කවුද ඉන්නෙ? ලෝකෙ පුරා පැතිරී යන උන්මාදයක් විපරීතයි කියන එකම ප‍්‍රකෘතියක්ද?

මට හිතෙන්නෙ මේ අත්දැකීම හරහා අපිට අලූත් නිර්මාණ අවකාශයන් ගැන හිතන්න පුළුවන්. උදා විදිහට මේ වෙද්දිත් ජැක්සන් හෝල් කැමරාව විවිධ අයගෙ විවිධ ජනප‍්‍රිය වීමේ උවමනා වෙනුවෙන් පාවිච්චි වෙනවා. ලෝකයක් තමන් දෙස බලා සිටින නිකම්ම එල්ල වුනු කැමරාවක්. ඒ හරහා  ඕනෑම ප‍්‍රකාශනයක් කරන්න පුළුවන්. 

අපි දන්නා සීමිත කාලයක, සීමිත කතා අවකාශයක දිවෙන සිනමාවට වඩා දැවැන්ත සදාකාලික සිනමාවක් මේ කැමරාව ඉස්සරහ නිර්මාණය වෙන්නෙ නැද්ද? තමන් නොදන්නා වූ තමන්ටම විශේෂ වූ උවමනාවකින් මේ පරාරෝපිත කැමරාව සමග බැඳුනු දැවැන්ත පේ‍්‍රක්‍ෂාගාරයක් මේ පිටිපස්සෙ නැද්ද? 

ජැක්සන් හෝල් කියන්නෙ අර්තයක් වෙනුවට තාමත් නොදන්නා මිනිස් අත්දැකීමක්. මේ ගැන මම මෙතන සපයන අර්තයන් වුනත් කැමරාවෙන් බලන් ඉඳලා කෑ ගහන තවත් කෙනෙකුගේ කමෙන්ට් එකක් විතරයි. තාක්‍ෂණය හරහා තව තවත් අපි නොදන්නා මිනිස් විශ්වයන්ට අපි ඇතුල් වෙන්න නියමිතයි. ජැක්සන් හෝල් කියන්නෙ ඒ විදිහට අපි ඇතුලට එබෙන්න වගේම අපි සහ සමාජය අතර අප‍්‍රකාශිත සම්බන්දතා හොයන්න ඇරුනු තවත් ලොකු විවරයක් විතරයි..

- චින්තන ධර්මදාස

Saturday, September 3, 2016

හැකර් තරුණයා වැඩර් කෙනෙක්ද?


මෑතකදී ජනපති වෙබ් මැදුරට හොරෙන් කඩා පැන්නා යැයි අල්ලා ගත් හැකර් තරුණයාට දිය යුතු ද`ඩුවම ගැන ෆේස් බුක් එකේ විවිද අය විවිද මත පළ කරනවා. එක පිරිසක් මේ .තරුණයාට වෙබ් ත‍්‍රස්තවාදියෙකු ලෙස සලකා ද`ඩුවම් කළ යුතු යැයි කියන අතර තව පිරිසක් මේ තරුණයා සම්පතක් ලෙස සලකා සංවර්ධනය කළ යුතු යැයි කියනවා.

සමාජයේ සිදුවන  ඕනෑම පවතින නීතිය අනුව අපරාධයක්යැයි සැලකෙන සිදුවීමක් දෙස සමාජ ශෝධක ඇහැකින් බලන එක අවුල් කියලයි මට හිතෙන්නෙ. මේ අයට ද`ඩුවම් කිරීම හරහා සමාජයට යම් හොඳ පණිවුඩයක් දීම, වඩා හොඳ සමාජයක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට ද`ඩුවම් පැමිණවීම වගේ එළඹුම් වලට වඩා ඒ මොහොතේ වඩා ඵලදායී සමාජ කළමනාකරණය ගැන අදහසකින් පියවර ගන්න එකයි වඩා පරිණත වෙන්නෙ.

එතනදි සමාජයෙන් නරක තුරන් කිරීම හෝ සමාජය යහපත් කිරීමේ බොළඳ උත්සාහය වෙනුවට එය වඩා ප‍්‍රයෝජනවත් පරිදි කළමනාකරණය ගැනයි සිතීම යොමුවෙන්නෙ. හොඳ හෝ නරක යන ආචාර ධාර්මික තලයට වඩා ප‍්‍රායෝගික අවස්ථාවෝචිත එළඹුම් වලට ඒ හරහා යන්න පුළුවන්. හොඳට වගේම නරකටත් එතන ඉඩක් තියෙනවා.

සුවිශේෂ නිර්මාණශීලීත්වයක්, ප‍්‍රකාශනයක් හා බැඳුණුථ සම්මත තත්ව යටතේ සාපරාධී යැයි සැලකෙන සිදුවීම් වලදි මේ විදිහෙ දැක්මක අවශ්‍යතාවය වඩාත් දැනෙනවා. නීතිය හෝ රජය වැනි ආයතනයක් මේ සිදුවීම් ගැන කොයිතරම් ෆ්ලැට් විදිහට, සාම්ප‍්‍රදායික විදිහට බැලූවත් නිදහස් සමාජ සිතන්නන් මේ කාරණා විෂයෙහි වඩා සබුද්දික අදහස් ගනුදෙනුවකට යන්න  ඕන කියලයි මට හිතෙන්නෙ.

මේ හැකර් තරුණයා ගැන මෑතකදී එක අදහසක් පළවුනා හැක් කිරීම වගේ නරකට යොමුවූ නිර්මාණශීලිත්වයන් වෙනුවට නව නිපැයුම් කරන හොඳ අතට යොමුවූ නිර්මාණශීලීත්වයන් ඇගයීමට ලක් කරන්න අපි උන්නදු විය යුතුයි කියල.

ඒත් මං දකින විදිහට මේ කියන විදිහෙ ‘හොඳ’ නිර්මාණකරුවන්ට වඩා නරක නිර්මාණකරුවන් සමාජයකට වටිනවා. ඒකට හේතුව හොඳ නිර්මාණ කියන්නෙම සමාජය විසින් නිතර අනුදැන වදාල සහ පැසසුම් ලබා දෙන ක‍්‍රමයට අනුගත දේවල්. ඒත් නරක නිර්මාණ කියන්නෙ ප‍්‍රබල පුද්ගලික ප‍්‍රකාශන. ඒවා සමස්ත සමාජයක් තමන් සමග නොසිටින බව දැන දැනම තමන්ගේ නිර්මාණ ශක්තිය මුදාහරින තැන්.

උදා විදිහට මේ හැකර් තරුණයා ජනාදිපති වෙබ් අඩිවය හැක් කරන්නේ යම් මුදල්මය පරමාර්තයකින් නෙමෙයි. ඒක මං දකින්නෙ අධිකාරියට, රාජ්‍යයට කරන අභියෝගයක් හැටියටයි. ඒකෙ දිග පළල ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාලය තුල තමන්ට අවශ්‍ය නීතින් සහ අධිකාරීන් සම්මත කර ගනිමින් නැවත ඒ මාධ්‍යයන්ද තමන් සතු කර ගැනීමට පවතින බල අරගලයේදී හැකර්වරුන් කියන්නෙ විමුක්තිකාමීන් පිරිසක්.
උදා විදිහට ජුලියන් අසාන්ජ් වැනි මිනිස්සු කියන්නෙ මේ හැකියාව ලෝක බලවතුන්ට එරෙහිව පාවිච්චි කරන චරිතයක්. මේ හා සමානම තවත් විශේෂයක් වන පයිරෙට්ස්ලා කියන්නෙත් නීති ප‍්‍රකාරව ද`ඩුවම් ලැබිය යුතු පිරිසක්. ඒත් අද අපි නරඹන කියවන බුක්ති විඳින ටොරන්ට් හරහා දැවැන්ත දැනුමක් ලෝකය හරහා හුවමාරු කරන්නේ ඔවුන්. කාර් හෝ මැෂින් හදන නිර්මානකරුවන් ලංකාවෙ අපි නිතර දෙවේලේ දකිනවා. ඒත් ලංකාවෙන් හැකර් කෙනෙක් බිහිවෙන්නෙ කලාතුරකින්.  මගේ අදහස නම් මේ කර්මාන්ත පුළුල් කරන නව නිර්මාණකරුවන්ට වඩා අන්තර්ජාලයේ මිනිස් නිදහස වෙනුවෙන් අධිකාරීන් අභියෝග කරන සයිබර් වැඩකරුවන් මේ යුගයේ වඩාත් අවශ්‍යයි කියන එකයි.

මේ තරුණයා සම්බන්දයෙන් නීතිය කොයිවිදිහකට ක‍්‍රියාත්මක කළත් ලැබෙන ප‍්‍රතිඵල තරමක් සංකීර්ණයි. ඔහු නිදහස් කිරීම සහ ඔහුට අනුග‍්‍රහ දැක්වීම අනිවාර්යෙන්ම මේ වගේ කොපි ගොඩක් බිහිවෙන්න බලපානවා. ඔරිජිනල් එවුන් වගේ නෙමෙයි සමාජ පිළිගැනීම හෝ පොසිෂන් වීම අරමුණු කර ගන්නා මේ කොපි අනිවාර්යෙන්ම වාතයක් වෙනවා. ඒත් මේ තරුණයාගේ වටිනාකම පරිවාසයක් හෝ හිර කූඩුවක් ඇතුලෙ දියවෙලා යන්න දීම අපරාදයක්. අඩුම තරමෙ පුරවැසියන් විදිහට රජයෙන් මේ තරුණයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටීම සමාජය පැත්තෙන් අපිට ගන්න පුළුවන් දියුණු ස්ථාවරයක්.

-චින්තන ධර්මදාස