මෑතකදී ජනපති වෙබ් මැදුරට හොරෙන් කඩා පැන්නා යැයි අල්ලා ගත් හැකර් තරුණයාට දිය යුතු ද`ඩුවම ගැන ෆේස් බුක් එකේ විවිද අය විවිද මත පළ කරනවා. එක පිරිසක් මේ .තරුණයාට වෙබ් ත‍්‍රස්තවාදියෙකු ලෙස සලකා ද`ඩුවම් කළ යුතු යැයි කියන අතර තව පිරිසක් මේ තරුණයා සම්පතක් ලෙස සලකා සංවර්ධනය කළ යුතු යැයි කියනවා.
සමාජයේ සිදුවන ඕනෑම පවතින නීතිය අනුව අපරාධයක්යැයි සැලකෙන සිදුවීමක් දෙස සමාජ ශෝධක ඇහැකින් බලන එක අවුල් කියලයි මට හිතෙන්නෙ. මේ අයට ද`ඩුවම් කිරීම හරහා සමාජයට යම් හොඳ පණිවුඩයක් දීම, වඩා හොඳ සමාජයක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට ද`ඩුවම් පැමිණවීම වගේ එළඹුම් වලට වඩා ඒ මොහොතේ වඩා ඵලදායී සමාජ කළමනාකරණය ගැන අදහසකින් පියවර ගන්න එකයි වඩා පරිණත වෙන්නෙ.
එතනදි සමාජයෙන් නරක තුරන් කිරීම හෝ සමාජය යහපත් කිරීමේ බොළඳ උත්සාහය වෙනුවට එය වඩා ප‍්‍රයෝජනවත් පරිදි කළමනාකරණය ගැනයි සිතීම යොමුවෙන්නෙ. හොඳ හෝ නරක යන ආචාර ධාර්මික තලයට වඩා ප‍්‍රායෝගික අවස්ථාවෝචිත එළඹුම් වලට ඒ හරහා යන්න පුළුවන්. හොඳට වගේම නරකටත් එතන ඉඩක් තියෙනවා.
සුවිශේෂ නිර්මාණශීලීත්වයක්, ප‍්‍රකාශනයක් හා බැඳුණුථ සම්මත තත්ව යටතේ සාපරාධී යැයි සැලකෙන සිදුවීම් වලදි මේ විදිහෙ දැක්මක අවශ්‍යතාවය වඩාත් දැනෙනවා. නීතිය හෝ රජය වැනි ආයතනයක් මේ සිදුවීම් ගැන කොයිතරම් ෆ්ලැට් විදිහට, සාම්ප‍්‍රදායික විදිහට බැලූවත් නිදහස් සමාජ සිතන්නන් මේ කාරණා විෂයෙහි වඩා සබුද්දික අදහස් ගනුදෙනුවකට යන්න ඕන කියලයි මට හිතෙන්නෙ.
මේ හැකර් තරුණයා ගැන මෑතකදී එක අදහසක් පළවුනා හැක් කිරීම වගේ නරකට යොමුවූ නිර්මාණශීලිත්වයන් වෙනුවට නව නිපැයුම් කරන හොඳ අතට යොමුවූ නිර්මාණශීලීත්වයන් ඇගයීමට ලක් කරන්න අපි උන්නදු විය යුතුයි කියල.
ඒත් මං දකින විදිහට මේ කියන විදිහෙ ‘හොඳ’ නිර්මාණකරුවන්ට වඩා නරක නිර්මාණකරුවන් සමාජයකට වටිනවා. ඒකට හේතුව හොඳ නිර්මාණ කියන්නෙම සමාජය විසින් නිතර අනුදැන වදාල සහ පැසසුම් ලබා දෙන ක‍්‍රමයට අනුගත දේවල්. ඒත් නරක නිර්මාණ කියන්නෙ ප‍්‍රබල පුද්ගලික ප‍්‍රකාශන. ඒවා සමස්ත සමාජයක් තමන් සමග නොසිටින බව දැන දැනම තමන්ගේ නිර්මාණ ශක්තිය මුදාහරින තැන්.
උදා විදිහට මේ හැකර් තරුණයා ජනාදිපති වෙබ් අඩිවය හැක් කරන්නේ යම් මුදල්මය පරමාර්තයකින් නෙමෙයි. ඒක මං දකින්නෙ අධිකාරියට, රාජ්‍යයට කරන අභියෝගයක් හැටියටයි. ඒකෙ දිග පළල ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාලය තුල තමන්ට අවශ්‍ය නීතින් සහ අධිකාරීන් සම්මත කර ගනිමින් නැවත ඒ මාධ්‍යයන්ද තමන් සතු කර ගැනීමට පවතින බල අරගලයේදී හැකර්වරුන් කියන්නෙ විමුක්තිකාමීන් පිරිසක්.
උදා විදිහට ජුලියන් අසාන්ජ් වැනි මිනිස්සු කියන්නෙ මේ හැකියාව ලෝක බලවතුන්ට එරෙහිව පාවිච්චි කරන චරිතයක්. මේ හා සමානම තවත් විශේෂයක් වන පයිරෙට්ස්ලා කියන්නෙත් නීති ප‍්‍රකාරව ද`ඩුවම් ලැබිය යුතු පිරිසක්. ඒත් අද අපි නරඹන කියවන බුක්ති විඳින ටොරන්ට් හරහා දැවැන්ත දැනුමක් ලෝකය හරහා හුවමාරු කරන්නේ ඔවුන්. කාර් හෝ මැෂින් හදන නිර්මානකරුවන් ලංකාවෙ අපි නිතර දෙවේලේ දකිනවා. ඒත් ලංකාවෙන් හැකර් කෙනෙක් බිහිවෙන්නෙ කලාතුරකින්. මගේ අදහස නම් මේ කර්මාන්ත පුළුල් කරන නව නිර්මාණකරුවන්ට වඩා අන්තර්ජාලයේ මිනිස් නිදහස වෙනුවෙන් අධිකාරීන් අභියෝග කරන සයිබර් වැඩකරුවන් මේ යුගයේ වඩාත් අවශ්‍යයි කියන එකයි.
මේ තරුණයා සම්බන්දයෙන් නීතිය කොයිවිදිහකට ක‍්‍රියාත්මක කළත් ලැබෙන ප‍්‍රතිඵල තරමක් සංකීර්ණයි. ඔහු නිදහස් කිරීම සහ ඔහුට අනුග‍්‍රහ දැක්වීම අනිවාර්යෙන්ම මේ වගේ කොපි ගොඩක් බිහිවෙන්න බලපානවා. ඔරිජිනල් එවුන් වගේ නෙමෙයි සමාජ පිළිගැනීම හෝ පොසිෂන් වීම අරමුණු කර ගන්නා මේ කොපි අනිවාර්යෙන්ම වාතයක් වෙනවා. ඒත් මේ තරුණයාගේ වටිනාකම පරිවාසයක් හෝ හිර කූඩුවක් ඇතුලෙ දියවෙලා යන්න දීම අපරාදයක්. අඩුම තරමෙ පුරවැසියන් විදිහට රජයෙන් මේ තරුණයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටීම සමාජය පැත්තෙන් අපිට ගන්න පුළුවන් දියුණු ස්ථාවරයක්.
-චින්තන ධර්මදාස
මමනම් හිතන්නේ බ්ලොග් ලෝකේ පොන්නය තමයි ගූතලන්. පොන්න වේසිගෙ පුතෙක්
ReplyDeleteනරක නිර්මාණ කියන්නෙ ප‍්‍රබල පුද්ගලික ප‍්‍රකාශන. ඒවා සමස්ත සමාජයක් තමන් සමග නොසිටින බව දැන දැනම තමන්ගේ නිර්මාණ ශක්තිය මුදාහරින තැන්.////////// +++++++++++++++
ReplyDeleteඒ කියන්නේ බස් අජිත්ගේ සින්දු ඒවගේ ඒවාද?
Delete