ඔෆිස් එකක පේ‍්‍රමයක් කියන්නෙ මං හිතන්නෙ හැමෝම ප‍්‍රාර්ථනා කළ යුතු තත්වයක්. කොයිතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනත් ඒ කිසි එකකින් එවන් පේ‍්‍රමයකින් ලැබෙන අත්දැකීම නොතකා හරින්න බෑ. මෙතනදි වැදගත් දේ වෙන්නෙ ඔෆිස් පේ‍්‍රමය තවත් ‘කසාද පේ‍්‍රමයක්’ නොවීමයි. එතකොට ගොඩක් අය අහන ප‍්‍රශ්නයක් තමයි, ‘මොකද්ද ඉතින් ඕකෙ තේරුම? කිසි අවසානයක් නෑනෙ.
ජීවිතය කියන්නෙ ජීවත් වීම වගේම ආදරය කියන්නෙ ආදරය කිරීම. ඒක වෙන කිසි එකකටත් නැවත පරිවර්තනය වෙන්න අවශ්‍ය නෑ. ඒ ගතවීම, ඒ පැවැත්ම, ඒ අවකාශය බෙදාහදාගන්නා මොහොත විතරයි. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නෙ අවසානයකට. ගමනාන්තයකට. ආදරය සංස්ථාවක් බවට පත් කරගන්න. සමහර විට ඒක ආදරේ අවසානය වෙන්නත් පුළුවන්. (කසාදය, කසාදයක් නොවෙන විදිහට පවත්වාගන්න බැරි වුනොත් මං හිතන්නෙ එතන ආදරේ මැරෙනවා. අපිට එදිනෙදා ඕනතරම් මුනගැහෙනවා ඒ විදිහට එකට ජීවත් වෙන මැරිච්ච මිනිස්සු)
පළවෙනි කාරණය වෙන්නෙ ආදරය කොයිම තැනකදිවත්, කොයිම විදිහකින්වත් අනර්ථයක් වෙන්න බෑ. අනෙක් පැත්තට එහෙම අනර්ථකාරී කියල සලකන්නෙ යම් කිසි සංදර්භයකට සාපේක්ෂව නම් ආදරයට වඩා ආරක්ෂා කිරීම වැදගත් වෙන එහෙම කිසි සංදර්භයක් තියෙන්න බෑ. එක මොහොතකින් ඇතිවෙලා නැතිවෙලා යන ආදරයක් වුනත් පාලනය කිරීම හෝ සංස්කරණය කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නෙ ඝනීභූත වුණු තත්වයන් ආරක්ෂා කිරීමක් විතරයි. කිසිම වෙලාවක ආදරය වැරදි වෙන්න විදිහක් නෑ. අනෙක් ඕනෑම කාරණයක් වැරදි වෙන්න ඉඩ තියෙනවා.
මීට මාස කීපයකට කලින් රන්දු මට තෑග්ගක් විදිහට පාවුලෝ කොයෙලොගෙ ඇඩල්ටි‍්‍ර පොත දෙනවා. සමහර පොත් තියෙනවා කියවන ගමන්ම කියවන්නාව වෙනස් කරන. වෙන සිතීමකට, නිදහසකට තල්ලූ කරන. කොයෙලොගේ ඒ වගේ පොත් දෙකක් මට මුනගැහිලා තියෙනවා. එකක් මේක. අනිත් එක මිනිත්තු එකොලහ. එයාගෙ මාස්ටර් පීස් එක විදිහට සැලකෙන ඇල්කෙමිස්ට් පවා මේ තරම් ඉන්ෆ්ලූවන්ෂල් විදිහට මට දැනුනෙ නෑ.
කොයෙලො ඒ පොතේ අනියම් ආදරය ගැන ගැඹුරු ආත්මීය සංවාදවලට යනවා.
‘වඩා හොඳින් ආදරය කරන්න ඉගෙන ගන්න එක.. ඒක තමයි මේ ලෝකෙ අපේ අරමුණ වෙන්න ඕන. ජීවිතය අපිට ඉගෙන ගන්න දාහකුත් එකක් අවස්ථා විවෘත කරනවා. හැම ගැහැණියක්ම සම ජීවිතය කියන්නෙ නිවාඩුවක් නෙමෙයි. ඒක එක දිගටම කරන ඉගෙනීමක්. වඩාත්ම වැදගත් වන පාඩම වෙන්නෙ ආදරය කරන්නෙ කොහොමද කියන එක. වඩ වඩා හොඳින් ආදරය කරන්න ඉගෙනීම. විශ්වයේ අන්තිමට සටහන් වෙන්නෙ එකම එක කාරණයයි. ඒ මගේ ආදරය විතරයි. ආදරය නොපවතී කියන දේ ඇතුලෙ මගේ අත්වැරදි, මගේ තීරණ නිසා අනිත් අයට ඇතිවුණු වේදනා, ආදරය පවතින දෙයක් නෙමෙයි කියල මං විශ්වාස කරපු මොහොතවල් යන සියල්ලටම ඉහලින් ඒ ආදරය සළකුණු වනු ඇති’
-පාවුලෝ කොයෙලො-
අපි අපේ දවසෙ කාලෙන් වැඩිහරියක් ගත කරන්නෙ ඔෆිස් එකේ. නැත්තං වැඩකරන තැනක. හරියටම කිව්වොත් දවසෙ හොඳම වෙලාව ගත වෙන්නෙ එතන. සති අන්තයක් හෝ දවසෙ රෑ පැය කීපයක් ඇරුනම අපේ ජීවිතේ වැඩිහරියක් අපි ජීවත් වෙන්නෙ රස්සාව ඇතුලෙ. එතනදි ආදර සම්බන්ධයකින් ඒ සම්පූර්ණ කාලයටම වෙනස් විදිහක තේරුමක් දෙන්න පුළුවන්.
‘වැඩ’ පැත්තෙන් ගත්තොත් රස්සාව කිව්වම ඇතිවෙන එපා කරවන සුළු තත්වය වෙනස් වෙන්නත් හැමදාම හැම මොහොතකම උනන්දුවෙන් සහ ප‍්‍රබෝදයෙන්/ප‍්‍රමෝදයෙන් වැඩ කරන්නත් මේ ආදර කතා උදව් වෙනවා. ආයතන පැත්තෙන් ගත්තත් මං හිතන්නෙ මේ විදිහෙ සම්බන්ධතා වැඩිපුර ප‍්‍රමෝට් කරන්න ඕන. ඒක ප්‍රොඩක්ටිවිටි පැත්තෙන් ගොඩක් හොඳ ප‍්‍රතිඵල ඇති කරනවා. ආයතන ඇතුලෙ නිතරම මනුස්ස රොමැන්ටික් වයිබ් එකක් තියාගන්නත් හේතු වෙනවා.
සාමාජීය පැත්තෙන් ගත්තත් පවුල් මූලිකව කොටු ඇඳගත් ජීවිතය වෙනුවට නැවත නැවත තරුණ වෙන නිදහස් ජීවිතයක් මේ ‘අප’චාරය ඇතුලෙ යෝජනා වෙනවා. ඕලාරික වෙමින් හෝ මියැදෙමින් යන පවුල් ජීවිත වුණත් ආයිමත් හුස්ම ගන්න මේ සම්බන්දතා හේතු වෙන්න පුළුවන්.
කියපු ගමන් මේකෙ තියෙන සෙක්ස් සම්බන්ද අවුල් ටිකයි, පවුල් අවුල් වෙන තත්ව ටිකයි අල්ලගෙන ගොඩක් සදාචාරාත්මක විවේචන අපි ඇතුලෙන්ම වුනත් එන්න ඉඩ තියෙනවා. ඒවා ලිංගික ඉරිසියාව සහ අපි දැනට එල්බගත්තු සමාජ ගිවිසුම්වලට ගරු කිරීම කියන බේසික් වලට එහා යන්නෙ නෑ. ඇත්තටම ඒ විදිහෙ සම්බන්ධතා ඇතුලෙ අපි අලූත් විශ්වයන්ට ඇතුල්වෙනවා. අතාර්කික මනුස්ස නිමේෂවල ගතවෙනවා. අන්තිමට ජීවිතේ කියන්නෙ සරල රේඛාවක්ද, වළාකුලක් වගේ අවිනිශ්චිත කුරුට්ටක්ද කියල තෝරාගැනීමක් අපිට තියෙනවා.
මේ විදිහෙ ආදර සංවේදන දැනීම ගැන කොයෙලො ලස්සන විස්තරයක් කරනවා.
‘සමහර අය කියනවා ගිම්හාන ඍතුව එනවත් එක්ක හරි අමුතු හැ`ගීම් ඇතිවෙන්න ගන්නවා කියල. අපිට අපිව පුංචියට දැනෙනවා මොකද, අපි දවසෙ වැඩි වෙලාවක් එලියෙ ගත කරන්න පටන් ගන්න හින්ද. එතකොට අපිට තේරෙන්න ගන්නවා ලෝකෙ කොයිතරම් විශාලද කියල. අපේ ගෙදර බිත්ති සහ ඒ ජනේලෙන් පේන වළාකුල්වලට වඩා සිතිජය කොයිතරම් ඈතද කියල...’
මේ සම්බන්දතාවල ඍණාත්මක ප‍්‍රතිඵල එන්නෙ ඇත්තටම ඒ සම්බන්දතා විසින් පැරණි සම්බන්ද රිප්ලේස් කරන්න හදන කොට. ඒ කියන්නෙ ඒ සම්බන්දතාවයන්ටත් ඕනවෙනවා නැවත සම්මතයට අනුගත වෙන්න. ඒ ආදරය ඇතිවීමේ මූලික හේතුව පවා අමතක වෙලා යනවා. නැවත යාන්ත‍්‍රික සම්බන්ධතා පිළිවෙලක ආරක්ෂාව ඉල්ලා සිටිනවා. එතකොට ගොඩක් අවලස්සන දේවල් වෙන්න පුළුවන්. මොකද ඒක නැවත කලින් මතක් කළ කසාදය වගේම තත්වයක් වෙන නිසා.
‘සිහිනයක් හඹා යාමට අනිවාර්යෙන්ම මිළක් නියම වෙනවා. ඒ කියන්නෙ ඔබේ සමහර පුරුදු අත්හැරීමක් වෙන්න පුළුවන්. අපිව අනේක දුෂ්කරතාවලට මැදිවෙන්න පුළුවන්. අපිව සම්පූර්ණයෙන්ම අපේක්ෂා භංගත්වයට පත්කරන්න පුළුවන්. ඒ මිළ කොයිතරම් ඉහළ වුනත් එය, ඒ සිහිනයේ ජීවත් නොවෙන, ඒ සිහිනය කැප කළ මිනිස්සු විසින් ගෙවමින් සිටින මිළ තරම් ඉහළ එකක් නෙමෙයි. මොකද, දවසක ඒ අය නැවත හැරිලා බලලා, ‘මං මගේ ජීවිතය නාස්ති කරගත්තා’ කියල කියන්න නියමිත නිසා’
- පාවුලෝ කොයෙලො
වැදගත්ම දේ වෙන්නෙ මේ විදිහෙ ආදරයක් පවතින්නෙම ලියාපදිංචි ඔරලෝසුවේ කාලයෙන් පිටත වෙන එක. ඒක මනුස්ස අහම්බයක්. එක්තරා විදිහකට සමාන්තර විශ්වයක්. අපි අපේ හුරුපුරුදු යටත්වාසී විශ්වයෙන් වෙනත් විශ්වයකට ඇතුල් වෙනවා. ටයිම් ට‍්‍රැවලර් කෙනෙක් වගේ විශ්වයන් අතර සක්මන් කරනවා.
අනියම් පේ‍්‍රමයක් කියන්නෙ සියලූ සමාජ සම්මතයන් සහ බැඳීම් නොතකා අවදානම්කාරී හැ`ගීමකට අවනත වීමක්. ජීවිතය සම්බන්දයෙන් ඒ තරම් නිවහල් පියවරයන් තියෙන්නෙ අල්පයයි. අපිට සිද්ද වෙනවා රූල් නැති කොලේක අකුරු ලියන්න. පරණ පුරුදු විදිහට රූල් නැතත් රූල් දිගේ ලියනවද නැත්තං පිටුව පුරා හැමතැනම ලියනවද කියන එක අපේ තීරණයක්.
කාර්යාල පේ‍්‍රමයන් නිසා සිද්ද වෙන වැදගත්ම සමාජීය කාරණය මිනිස්සු කුටුම්බයන්ගේ සීමාවලින් ගැලවෙන එක. නැවත සමාජය එක්ක බෙදාහදා ගන්නා, කුටුම්බ පැවැත්මෙන් පිටත ජීවිතයක් නිර්මාණය වෙන එක. ලංකාවෙ සාමාන්‍ය යතාර්ථය නම් කුටුම්බගත වුනාට පස්සෙ ඒ ගෙදර බිත්තිවලින් පිට ජීවිතයක් අහිමි වෙන එක.
‘ඒකයි අපි ටැංකිවල දාපු මාළුන්ට ආස. ඒ මාළු අපිට අපිව මතක් කරනවා. තමන්ව සීමා කරන වීදුරු බිත්තිවලට එහා යන්න බැරි...’
-කොයෙලො-
මේ මෑතක මං කල්පනා කළා ඇයි ලංකාවෙ හැම සංවාදයක්ම රැස්වීමක්ම හවස තුනට පටන් ගන්නෙ කියල. සතියෙ දවස්වලත් එක්ක. ආයතන පැත්තෙන් ගත්තොත් අඩුම තරමෙ ෂෝර්ට් ලීව් එකක් හරි දෙන්න වෙනවා. ඒත් රැස්වීම් තියන්නෙම තුනට. ඒකට මූලික හේතුවක් වෙන්න පුළුවන් රැුස්වීම වැඩ කරන වෙලාව ඇතුලටම ගන්න සිද්ද වෙන එක. මිනිස්සු සමාජීය දේකට රස්සාව කරන කාලෙන් කොටසක් වැය කරන්න කැමති වුනත් කුටුම්බ කාලෙන් කොටසක් වැය කරන්න සූදානම් නෑ. කුටුම්බගත වීමේ කොයිතරම් පොසිටිව් කාරණා තිබුනත් බහුතරය ගත කරමින් ඉන්න හිරගත ජීවිතය සමාජීය පැත්තෙන් සාධනීය තත්වයක් නෙමෙයි. මේක හරියටම මහපාරෙ වගේම තත්වයක්. ගොඩක් වාහන ඉර කපන්නෙ නැත්තෙ ඇක්සිඩන්ට් වෙන හින්ද නෙමෙයි, පොලිසියට බයේ. අනෙක් අතට වාහන ඇක්සිඩන්ට් වගේ නෙමෙයි මනුස්ස ඇක්සිඩන්ට් කියන්නෙ සුන්දර අත්දැකීම්.
මේ අසම්මත ආදරයන් විසින් නැවත මිනිස්සුන්ව පවුල් සමාජයෙන් නිදහස් සමාජෙට ගේනවා. අවිනිශ්චිතතාවයන්, දුර්වලතාවයන්, පරස්පරතාවයන් බාරගන්න පුළුවන් මිනිස් අවකාශයක් යෝජනා කරනවා. ඝනීභූත වෙච්ච ආකෘතිවල යම් ප‍්‍රත්‍යස්ත බවක් (නම්‍යශීලීත්වයක්) ඇති කරනවා.
‘ඉඳහිට හරි රාත‍්‍රී අන්ධකාරය තුලට ඔබට පාවී යන්න ඉඩ දෙන්න. ඈත තරු දිහා බලාගෙන ඒ අනන්තයක් ගැන හැ`ගීමෙන් මත් වෙන්න. අන්ධකාරය එහි තියෙන අනෙක් සියලූම ආශ්චර්යන් අතර අවබෝධයටත් මග කියනවා. හරියටම පවස නිවන සිසිල් දිය රැුඳුනු අන්ධකාර ලිං පතුලක් වගේ. රාත‍්‍රිය, එහි ඇති අද්භූත රහස් බව තුලින්ම දෙවියන්ගේ රහස් දැනගන්න අපට ඉඩ හදනවා. අපේ ආත්මය සැ`ගව ඇති හෙවනැලි වලින් එලියට අරන් ආලෝකමත්ව දල්වන්න එහි ගින්දරට පුළුවන්’
- පාවුලෝ කොයෙලො-
ඒකාකාරී මානසික සහ කායික රටාව වඩා නිර්මාණශීලී කරනවාට පිටින් කාර්යාල (අනියම්) පේ‍්‍රමයන් දහසක් අපවාද මැද වුනත් ඉතා ප‍්‍රගතිශීලී කාර්ය කොටසක් ඉටු කරමින් ඉන්නවා. ඒක අපිව නැවත අවදානමකට ගෙනියනවා. අපේ ස්ථාවර බවට අභියෝග කරනවා. ඒ ජීවිතය හයිඩ‍්‍රජන් තරම් වේගයෙන් ඇවිලෙන මොහොතක්. හුස්ම ගන්න කාටවත් බෑ එහෙම මොහොතක පත්තු නොවී ඉන්න.
-චින්තන ධර්මදාස
"කරැකමක්කාර ජීවිතේ" වගේ පරණ, ෂොක් ආටිකල් ෂෙයා නොකර ආපහු සාමාන්‍ය පාරටම ආපු එක හොඳයි. එතකොට තත්කාලීන ව්‍යාපෘතිය එක්ක ඒකමිතියක් තියෙනවා . මැජිකල් රියලිසම්. රනිල්, මෛයිත්‍රී, චින්තන.
ReplyDelete