ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල තිබුන. ඒ කන්සෙප්ට් එක හරි ප්‍රෝග්‍රෙසිව් එකක්. සාහිත්‍ය සම්මාන, චිත‍්‍රපටි සම්මාන අතරෙ බ්ලොග් සම්මාන කියන්නෙ ලොකු පිම්මක්. අනික් අතට ඩිජිටල් මාධ්‍ය එක්ක බැඳුනු ක‍්‍රියේටිව් වැඩ අගය කිරීමක් හෝ හඳුනාගැනීමක් කියන්නෙ රටක් විදිහට ගත්තත් හොඳ උත්සාහයක්.
බ්ලොග් සම්මාන කියන්නෙ ඇත්තටම අනිත් කොයි සම්මාන උළෙලකටත් වඩා පොප් විදිහට කරන්න පුළුවන් වැඩක්. මොකද ඒක බැඳිලා තියෙන්නෙ වඩාත් නූතනම මාධ්‍ය භාවිතාවක් එක්ක හින්ද. සම්මාන උළෙළ පැවැත්වුනෙත් වෝටර්ස් එජ් එකේ. මට ලොකු සතුටක් දැණුන එහෙම රිච් විදිහකට මේක ප්ලේස් වීම ගැනම.
ඒත් එතනට ගියාම අත්දකින්න ලැබුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක්. හරියටම වෝටර්ස් එජ් එක ඇතුලෙ ‘ශිෂ්‍ය කලා උළෙලක්’ කළා වගේ. සැකැස්මෙ ඉඳන් හැමදෙයක්ම පරණයි. ආධුනිකයි. බ්ලොග් ලියන එක ප‍්‍රාදේශීය කලාවක් විදිහට වඳවෙලා යන්න නියමිත ගතියක් තමයි ඒ උළෙලින් දැනුනෙ. නාට්‍ය වගේම රජය හෝ මැදිහත්වෙලා රැුකගත යුතු කලාවක් ගානට බ්ලොග් ඇදවැටිලා තිබුන. හරියටම කිව්වොත් ඩිජිටල් වැඩක් ගැන ඇගයීම අන්තිම ඇනලොග් විදිහටයි සිද්ද වුනෙ.
ඈත දුරබැහැර පළාත්වල ඉඳගෙනත් ඉතාම ජනප‍්‍රිය බ්ලොග් අඩවි කරගෙන යන අය හිටියා. ඒක බලාපොරොත්තු දනවන තත්වයක්. ඒත් පොතකට හෝ පත්තරේකට තමන්ගෙ ලිවීම ගෙනියන්න බැරි අයට ලියන්න තැනක් හැටියට බ්ලොග් එක ස්ථානගත වීමක් තමයි හැමදේකින්ම දැනුනෙ. ඒක මේ මාධ්‍ය ශක්‍යතාවය එහෙම්පිටින්ම හෑල්ලූ කිරීමක්. බ්ලොග් කියන්නෙ පොත් හෝ පත්තරවලට වඩා සුවිශේෂී මාධ්‍යයක් . ඒකෙන් කරන්න පුළුවන් දේශපාලන සහ සමාජ බලපෑම සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ඒක ඉන්ටරැුක්ටිව්. පොත්වලින් කවදාවත් කරන්න බැරි විදිහෙ භාෂාවන්, කන්ටේන්ට් අතින් පර්යේෂණාත්මක දේවල් කරන්නත් තහංචිවලට අභියෝග කරන්නත් බ්ලොග්වලින් පුළුවන්. ඒක ඇත්තටම පෙනී ඉන්නෙ පොත්වලින් සිද්ද වුනාට වඩා දියුණු පුරවැසි අවකාශයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තහවුරු කරන්නයි. ඒත් මේ සම්මාන උළෙලෙ බ්ලොග් කියන එක ප‍්‍රාදේශීය කලාවක් සංවර්ධනය කරන විදිහෙ ෆීල් එකකින් තමයි අරන් තිබුනෙ.
මේ බ්ලොග් තෝරා ගැනීමේ පදනම මොකක්ද කියන එක ගැන මට තේරුමක් නෑ. ඒත් වෙනස් මානයන් එක්ක පොරබදන සුවිශේෂී බ්ලොග් අඩවි බොහොමයක් මේ ලිස්ට් එකට වැටිලා තිබුනෙ නෑ. මේ කියන්නෙ මගේ වගේ දෙතුන් දෙනෙක් කියවන බ්ලොග් ගැන කාරණයක් නෙමෙයි. ඒත් අර කලින් කිව්වා වගේ විශ්ව විද්‍යාල සාහිත්‍ය සම්මාන උළෙලකට එන විදිහෙ ලියවිලි ඇතුලත් බ්ලොග් ගොඩක් තමයි පේන්න තිබුනෙ.
මේ විදිහෙන්වත් බ්ලොග්කරණය අගය කිරීමකට ලක්කිරීම හෝ නගරයෙන් බැහැර විශාල පිරිසක් බ්ලොග්කරණය හරහා සමාජ සන්නිවේදනයට දායක වීම හෝ අවතක්සේරු කරනවා නෙමෙයි. ඒත් බ්ලොග් කියන්නෙ මීට වඩා ගොඩක් දියුණු මාධ්‍යයක්. සම්මාන උළෙළක් හෝ ඇගයුමක් හරහා අපි ඒක වඩාත් ඉස්සරහට ගෙනියන තල්ලූවක් තමයි දෙන්න ඕන.
මට හිතෙන විදිහට ලංකාවෙ පොප්ම, ග්ලැමරස්ම, උණුසුම්ම සම්මාන උළෙළ වෙන්න ඕන මේක. ඒත් මේ තත්වය යටතෙ සම්මාන උළෙලේ ඇගයීමකට ලක්වෙන බ්ලොග්කරුවෙකුට වුනත් ඒ ඇගයීම වටිනාකමක් ඇතුව තැනක කියන්න පුළුවන්ද කියන එක මට සැකයක්. මොකද සංවිධානයේ, සැකැස්මෙ ඉඳන්ම, ඇඳුම් පැළඳුම්වල ඉඳන්ම ඒකට වටිනාකමක් නිර්මාණය වෙලා තිබුනෙ නෑ. තමන්ගේ නිර්මාණකරනය වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමක් ලැබීමට හැම බ්ලොග්කරුවෙකුටම අවස්ථාවක් ලැබෙන්න ඕන.
ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි කැෂුවල් වෙන්න ගිහින් කෙලවගන්න එක. ගෙදර ඇඳන් ඉන්න එක පිටින්ම ඇවිත් කඬේ යනවා වගේ සම්මාන ගන්න එක උළෙලකට හොඳ තත්වයක් නෙමෙයි. අපිට පුළුවන් ඩේරස්කෝඞ් කැෂුවල් තියාගන්න. ඒත් ආකෘතිය විසින් උළෙලකට අදාල ග්ලැමර් එකක් නිර්මාණය කරන්න ඕන. සංවිධානයේ පිළිවෙල හා සැකැස්ම අතින් මේ අගය කිරීම ඔසවා තබන්න ඕන. නැත්තං වෙන්නෙ වැඬේ දුප්පත් වෙන එකයි.
මේකෙන් නගරයෙන් බැහැර දුෂ්කර ලියන්නන්ව ඈත් කිරීමක් සිද්ද වෙනවා කියල, ඒ අයට දැනෙන සමූපාකාර මට්ටමකින් මේක පවත්වගෙන යන්න ඕන කියල බලපෑමක් එන්න පුළුවන්. ඒත් ඒ ‘පොෂ්’ එකට එරෙහි හීනමානයට වඩා ඉහලින්, පරිණත තැනකින් මේ උත්සවය සංවිධානය වෙන්න ඕන කියලයි මං හිතන්නෙ. හැම කෙනෙක්වම ඇතුලත් කරගන්නා උසස් මට්ටමේ ඇගයීමක්, ඒකයි සිද්ද වෙන්න අවශ්‍ය.
මේ විදිහෙ සම්මාන උළෙලකට ස්පොන්සර් කරන්න ඕන තරම් ආයතන බලාගෙන ඉන්නවා. මේක වින්-වින් සිටුවේෂන් එකක් දෙපැත්තටම. තැන වෝටර්ස් එජ් වුනාට, බර්ගර්, ටාට් කන්න තිබුනට, මේ වැඬේ කන්ටෙන්ට් එක ඒ මට්ටමට වෙනස්වෙලා තිබුනෙ නෑ.
මේ වෙද්දි බ්ලොග් කියන්නෙ කොහොමත් ටිකෙන් ටික ජනප‍්‍රියත්වය අඩුවෙමින් යන ආර්ට් එකක්. ඒ කියන්නෙ බ්ලොග්වල ලියන දේවල් වෙනත් මාධ්‍යයන්ට පෙරලෙන්න පටන් අරන්. සමාජ ජාල වෙබ් අඩවි වඩාත් ජනප‍්‍රිය වෙන අතරෙ ඉතාම මුල් අවධියේ සමාජ මාධ්‍ය විදිහට වර්ධනය වුනු බ්ලොග් වගේ අවකාශයන් ඇකිලෙන්න පටන් අරන්. ඉතින් මේ සම්මාන උළෙල තවදුරටත් බ්ලොග්වලට සීමා කර පවත්වාගැනීමේ තේරුමක් නෑ. ඒ වෙනුවට මේක සයිබර් අවෝර්ඞ්ස් වගේ ලොකු ප්ලැට්ෆෝම් එකකට ගේන්න පුළුවන්. අවුරුද්ද පුරා අන්තර්ජාල මාධ්‍ය අවකාශ හැම එකකම සිද්ද වෙන ප‍්‍රවණතා මේ සම්මාන උළෙලට ඇතුලත් කරගන්න පුළුවන්. ලංකාවෙ වඩාත් ආතල්ම සහ අලංකාරම සම්මාන උළෙලක් විදිහට මේක ස්ථානගත කරන්න පුළුවන්.
මේ වැඬේ ගැන අලූතෙන් ආයිමත් හිතන්න කියන එකයි මගේ ඉල්ලීම. ගමේ පොලක් වෙනුවට ගුඞ් මාර්කට් එකක් දක්වා වෙනසක් මෙතන සිද්ද වෙන්න ඕන. ඇනලොග් විදහට ඩිජිටල් කියවන්න ගියොත් ඇනගැනීමකට එහා යන්න වෙන්නෙ නෑ. එහෙම වුනොත් මේ කන්සෙප්ට් එකම අපාරාදෙ වැවට යනවා.
ප.ලි. මේ සම්මාන උලෙළ සයිබර් සම්මාන සතියක් විදිහට කරන්න පුළුවන් නම් තවත් පුලුල් තැනකට මේක අරන් යන්න පුළුවන්. සයිබර් වැඩමුළු , සයිබර් වැඩ ගැන කතිකා ආදියත් ඇතුළත් කරගෙන දැනෙන වෙනසකට හොඳ අඩිතාලමක් වෙන්න පුළුවන් .
-චින්තන ධර්මදාස
ඕක බ්ලොග් සම්මාණ උළෙලක් නෙමෙයි වෙන ගේමක්... කොහොමින් කොහොම හරි බ්ලොග් කියන් දේ ජනප්‍රිය වෙන එක ළොකු දෙයක්.. මම හිතන්නේ ඔතන ඉන්න් එකෙක්වත් බ්ලොග් කියන දේ තාම තේරුම් අරගෙන නෑ...
ReplyDeleteසම්මාණ ලබන්න නම් සහභාගීත්වයත් 5% දෙන සම්මාණ උළෙලක් ගැන මම නම් ඇහුවාමයි..
ඇත්තටම බ්ලොග් වලට සම්මාණ නෙමෙයි අවශ්‍ය... ප්‍රචාරණය.. අනික මහා පතරංග ජාතක වගේ ඒවා මිනිස්සු කියවන්නේ නෑ දැන්... දැන් අවශ්‍ය මයික්‍රෝ බ්ලොගින්... ඒවා ලංකාවේ අතිශය ජනප්‍රියයි..
මාතලන් එක අයින් කරා කියල උඹ දන්නවනේ. ඒක කමිය යෝජනාව. ඒක පටන් ගන්නත් කලින් උඹ කිව්වා එකත් සලකල අයින් කරා . එදා සම්මාන දුන් අයගෙන් කොටසක් ආවේ නැහැ. නමුත් අපි ඒක එහෙමං තිබ්බ.
Deleteමේ විදිහෙ සම්මාන උළෙලකට ස්පොන්සර් කරන්න ඕන තරම් ආයතන බලාගෙන ඉන්නවා....///////
ReplyDelete.මාර පොරවලනේ ලංකාවේ ඉන්නේ උන් පින් තකා වෙන්න ඇති ඕවා කරන්නේ ....
බයිස්කෝප් ටෝක් දෙන්න එපා ලොක්කා ටවර් හෝල් ෂෝ බලපු එවුන්ට
TV එකේ ප්‍රවුර්ති මැදින් ඇඩ් එකක් දාපන් ඔය පොන්සර්ලට කියලා
'බ්ලොග් කියවීමෙන් ඔබ පරිනත චරිතක් වේ කියලා" අර අනුරාධා කෝදාගොඩ නෝනට කියලා කියවලා.
එතකොට ඔය බුකියට එන්ටර් වෙන පොඩි කොල්ලෝ/ කෙල්ලෝ සෙට් එකවත් නිකම් ගොඩවෙලා යයි ආතල් එකට
බ්ලොග් සම්මාන පොප් විදිහට කරන්න සල්ලි දෙන්නේ ඔයාද?
ReplyDeleteසම්මාන උළෙලකට ස්පොන්සර් කරන්න ඕන තරම් ආයතන බලාගෙන ඉන්නවා. මේ තියෙන්නේ දෙන දෙයියෝ
Deleteඔබේ පැමිණීමටත් යහපත් විවේචනයන්ටත් ස්තුතියි. :)
ReplyDelete//ඩිජිටල් මාධ්‍ය එක්ක බැඳුනු ක‍්‍රියේටිව් වැඩ අගය කිරීමක් හෝ හඳුනාගැනීමක් කියන්නෙ රටක් විදිහට ගත්තත් හොඳ උත්සාහයක්.//
ReplyDeleteජයවේවා!!
//හරියටම වෝටර්ස් එජ් එක ඇතුලෙ ‘ශිෂ්‍ය කලා උළෙලක්’ කළා වගේ. සැකැස්මෙ ඉඳන් හැමදෙයක්ම පරණයි. ආධුනිකයි. //
ReplyDeleteනිවැරැදිම හඳුනාගැනීම. මාත් සහන් කසීර එක්ක කිය කිය උන්නෙ ඉස්කෝලෙ සාහිත්‍ය සංගම් වැඩක් වගේ කියල. කසීර කිව්වෙ ගමේ අවුරුදු උත්සවේ වගේ කියල.
එකඟයි. පැය 2 1/2 කින් කරන්න තිබ්බ උළෙලක් දිග්ගැස්සුණේ මේ ඇනලොග් ආතල් නිසා. තිබුණ අයිටම්ස් දිග වැඩියි. අර පොඩි ළමයෙක් නැටුවා.නටනවා නටනවා ඉවරයක් නෑ. මියුසික් මැදින් නැවැත්තුවා ද කොහෙද හෙණ ගහනවා වගේ නැටුම නැවතුණා. සොක්‍රටීස් හොඳයි. ඇයි මෙතරම් දීර්ඝ ? නාට්‍යය දානකොට සෙනඟ ඔක්කොම ලොබි එකේ .ඒකත් දීර්ඝ වැඩියි. "මචං" ගෘප් එක / ජනයි ප්‍රියයි එක සැරයකින් ඉවර කරලා බැස්සුවා නම් අමතර ප්‍රමාදයන් මග අරින්න තිබ්බා. මේ සියල්ලම වෙන්නේ කාල කළමණාකරණය පිළිබඳ නොතකා මනෝරාජික කලා උළෙලවල් එක්ක සම්මාන උළෙලක් පටලවා ගැනීම. අනික නිකං සම්මාන උළෙලක් නෙමෙයි - බ්ලොග් සම්මාන උළෙලක්.
ReplyDeleteසම්මාන උළෙලේ අරමුණු සහ මේවාට ස්පොන්සර් කරන අයගේ අරමුණු ගැන නම් මම වද වෙන්නේ නෑ. ඔහොම හිතුවොත් නිදහස් පක්ෂ ආධාරකාරයෙක්ට යූ.එන්.පී ආණ්ඩු කාලෙක ආණ්ඩුවේ රස්සාවක් කරන්නත් බෑ. ප්‍රතිපත්ති වලට පටහැනියි කියලා ඉල්ලා අස් වෙන්න ඕනේ.
නමුත් සයිබර් ලියන්නෝ කියලා හැමදාම කුණුමුල්ලේ ඉන්නෙ නැතිව ටිකක් පිළිවෙළකට ඇගයීමක් කරන්න උත්සාහ ගත්ත එක හොඳයි. "මේ අක්කට සම්මානයක් දෙන්න , අනේ අනේ අර අයියගේ බොක්ක හොඳයි - එයාටත් දෙමු , මේ අක්කා දුර ඉඳන් ආවේ - ඉස්සර ඉඳන් අපිට සපෝර්ට්" කියලා කොහේ හරි වන් බම්ප් ගහන පිට්ටනියක සම්මාන බෙදාගන්නවාට වඩා මේ උත්සාහය අගය කරනවා. පිළිවෙලක් කරනවට අකැමති අය ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් පිළිවෙලක් තියෙන එක හොඳයි
"...මේ අක්කට සම්මානයක් දෙන්න , අනේ අනේ අර අයියගේ බොක්ක හොඳයි - එයාටත් දෙමු , මේ අක්කා දුර ඉඳන් ආවේ - ඉස්සර ඉඳන් අපිට සපෝර්ට්..."
ReplyDeleteවොටෙර්ස් එජ් එකේ තිබ්බත් මෙතනත් වුනේ ඕකමයි!!!
ඔබේ ඵලදායි විවේචනයට ස්තූතියි .
ReplyDeleteහනේ හෆොයි.තාම අවුරුදු 3යි නොවැ...ඉස්සරහට මීට වඩා සංවිධානාත්මක වේවි.ඉපදුන ගමං නැගිටල දුවන්න බෑ නොවැ
ReplyDelete