Thursday, January 31, 2019
සීතල විතරයි කෝ ගින්න?
රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ කතා ශෛලිය වර්ණනා කරනවා. ඉතින් ලොකුවෙනකල් මේ මිනිස්සු වශීකරන කතාව අහන්න කුතුහලයක් මට තිබුනා. ඒත් මුලින්ම අහපු දවසෙම ආපෝ කියල හිතුනා. ඒ තරම් ටකරන් හ`ඩක්. විමල් වීරවංසගෙ වගේමයි. කොහොමත් ලංකාවෙ දේශපාලනයේ මේ ටකරං හ`ඩවල් නැගලා ගියා. බොරලූගොඩ සිංහයා, ආසියාවේ රිදීසීනුව මේ ඔක්කොම ටකරං.
කොහොම වුනත් ජවිපෙ ගැන තිබුන බැතිමත් හැගීම කොහොම ආවද කියල හරියටම හේතු කියන්න මට අමාරුයි. ඒත් නිකන් රොබින්හුඞ් වගේ ඇල්මක් ගැටවර කාලෙ ඉඳන් ජවිපෙ ගැන තිබුනා. මාක්ස්ගෙ ලෙනින්ගෙ කියවන්න බැරි හාඞ්කවර් පොත් රාක්කෙ තියාගත්තම දැනෙන ආඩම්බරයක් තිබුනා. ඒක මං හිතන්නෙ කැරලිකාරගතියට ඇතිවෙන වශීකාර හැගීමක්. ජවිපෙ ඡුන්දෙ ඉල්ලද්දි පක්ෂෙ එක්ක කිසිම සම්බන්දයක් නැතුවත් සීනුවෙ පෝස්ටර් අතින් ඇඳගෙන ගිහින් පාරෙ අලවන තරම් පුකේ අමාරුවක් ඒ කාලෙ තිබුන. මං ජේවීපී කියන්නෙ හරිම ආඩම්බරේකින්. හම්පඩ යූඇන්පී ශ‍්‍රීලංකාකාරයො ඇඹරිලා යන තරම් තදින්. ආගම අබිං වගේය කියල එහෙම කියවද්දි ඇග කිලිපොලා යන ආතල් එකක් දැනුනා.
ඒත් අපි ලොකු වෙද්දි ජවිපෙ ටික ටික පොඩි වුනා. ඒක හැම වීරයෙකුටම වීර කාව්‍යයකටම පොදු ලක්ෂනයක්. අපි වීරයා ඉක්මවා වැඩෙනවා. වීරයාගෙ සීමිතකම් අපිට අභිමුක වෙනවා. ඒක හරි වේදනාත්මක මුනගැසීමක්. ඒත් අපි පරිනත වෙද්දි වීරයන්ට මැරෙන්න සිද්ද වෙනවා. 88, 89න් පස්සෙ ජවිපෙ ගැන ප‍්‍රශ්නාර්ත ගොඩක් පත්තු වුනා. ඒ අවුල හරියටම වචන කරලා ටක්කෙටම ගැහුවෙ මාතොට විජේවීරගේ උරුමය සහ කරුමය කියන ලිපිය. ග‍්‍රාමීය පක්ෂයක් විදිහට ජවිපෙ සලකුනු කරමින් ලියපු ඒ ලිපියෙන් පස්සෙ මගේ ලෝකෙ වීරත්වය ජවිපෙන් එක්ස් එකට මාරු වුනා. 2004දි එක්ස් එකත් මැරුනා.
විජේවීරගේ ජීවිතේ අළෙලා අනුරුද්ද චිත‍්‍රපටියක් කරනවා කිව්වම මට ආපහු අර නොස්තැල්ජික් වීරයාව මතක් වුනා. පැරකුම්බා, අනගාරික, ඞීඑස් වගේ පුස්ලෝඩංවලට පස්සෙ විජේවීරටත් සිනමා තිරය විවෘත වුනා කියල උද්දාම වුනා. දැන් අපේ කාලෙ වීරයන්ගෙ කාලෙ. මට හිතුනෙ එහෙම.
නිකං පෙන්නපු දර්ශන ඔක්කොම හිතාමතාම මගඇරලා රීගල් එකටම ගියේ ෆිල්ම් එක එහි සියලූ ආනුභාවයන් සහිතව විඳගන්න. මෙතන ඉඳන් මං ෆිල්ම් එක ගැන මට දැනුනු අවංක හැගීම කියනවට අනුරුද්ද මගෙත් එක්ක අමනාප නොවෙයි කියල හිතනවා.
විජේවීර ගැන ෆිල්ම් එකක් කරන්න හිතපු එක වෙන මොන දෙයක් නැතත් හොඳ මාකටින් තීරනයක්. අනිවාර්යෙන්ම ජවිපෙ ලක්ෂ පහක් විතර ඡුන්ද ටිකවත් හරිනං හෝල් එකට යන්න ඕන. ඒ ඇරුනම මං වගේ මියගිය විරුවා සමරන්න යන අය. අධ්‍යාපනික උවමනාවකට චරිත කතා බලන්න යන අය. අසූ අට අසූ නමයෙ භීෂනය මතක ජනතාව. මේ විදිහට ඒක හෝල් පිරෙන්න සෙනග ඉන්න ඕන චිත‍්‍රපටියක්.
අනිවාර්යෙන්ම මේක අධ්‍යක්‍ෂවරයෙකුට දරුනු අභියෝගයක්. විශේෂයෙන්ම අනුරුද්දගෙ ජවිපෙ ගැන තියෙන ලැදියාවත් එක්ක මේක සෑහෙන අමාරු වැඩක් වෙනවා. මං ෆිල්ම් එක බලන්න කලින් හිතුවෙ ඒ ආදරය නිසාම අනුරුද්ද මවන විජේවීර ෆ්ලැට් චරිතයක් වේවි කියල. ඒක ජවිපෙ ගුන ගායනයක් වෙන්න ඉඩ තියේවි කියල.
ඒත් ෆිල්ම් එක බලද්දි මට දැනුනෙ ඒ ආදරේ බර විසින් අනුරුද්දව විතරක් නෙමෙයි සමස්ත චිත‍්‍රපටියම කොර කරලා කියල. කමල් මාරට විජේවීරගෙ චරිතෙ කරනවා කිව්වට ඇත්තටම මං දැක්කෙ ඇකිළුනු ආයාසයෙන් චරිතය අල්ලගන්න මහන්සි වෙන කමල්ව. බාරගත් චරිතයේ දැවැන්ත බව විසින් කමල්ව වේදිකා නාට්‍ය රංගනයක් දක්වාම අස්වාභාවික කරලා තිබුනා. චිත‍්‍රපටිය ආරම්භයේදී ජේලර් කෙනෙක් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරන කමල්ගේ දෙබස් සහ රංගනය නරඹන්නාව ලැජ්ජාවකින් හකළුවනවා. ඇත්තටම කමල් විජේවීරට රගපානවා බලන් ඉන්න මහන්සියි. වේශ නිරූපනය නාරද ඉතාමත් හොඳට කරලා තිබුනා. ඒත් සමහර තැන්වලදි පිටපත විසින් වේශ නිරූපන ශිල්පියාව අමාරුවේ දාලා තිබුන වග පෙනුනා. උදා විදිහට මොකට දැම්මද කියල හිතාගන්න බැරි විජේවීර නාන දර්ශනය. මට හිතෙන්නෙම විජේවීර නාන්නෙ නෑ කියල තියෙන පිලිගැනීම හින්දම අනුරුද්ද මේක දැම්මා කියලයි. ඒත් කොන්ඩෙ ගැලවෙනවට බයේ ඒක අතින් අල්ලගෙන කමල් එතන ඇත්තටම නානවා.
77 ඉඳන් මරණය දක්වා කාල පරාසයක දිවෙන පත්තරවල සලකුනු වුනු සිද්දීන් මතින් විජේවීරගේ ජීවිතය කියන්න යන එකෙන් ඇත්තටම අනුරුද්දට විජේවීර මගඇරෙනවා. මිනිහෙක් විදිහට විජේවීර කවුද කියන එක තිරයට ගේන්න ධම්මගේ පිටපත සමත් වෙන්නෙ නෑ. ඇත්තටම ගත්තොත් මේ අසමත්කම නිසා විජේවීර වීරයෙක් වෙනවාට වඩා බයගුල්ලෙක් වෙනවා. කතාව පුරාම අපි දකින්නෙ එක එක ගෙයින් ගෙට මාරු වෙමින්, හැමදාම කමිටු රැුස්වීම් තියමින් ඉන්න නිකමෙකුගේ චරිතයක්. ඒ ඇරුනම එයා බිරිඳව දකින දකින වෙලාවෙ ගැබිනියක් කරනවා. අවසාන අර්තයෙන් විජේවීර වැඩක් කියල කරන්නෙ පොතක් ලියන එක විතරයි. ඒකත් මුද්‍රණය වෙන්නෙ නෑ.
පිටපත පුරාම තියෙන්නෙ හැමෝම දන්න මතුපිට ප‍්‍රවෘත්ති. 88 - 89 භීෂණයවත් ඒ සැබෑ බිහිසුනු බවෙන් යුතුව නිරූපනය කරන්න අධ්‍යක්‍ෂවරයාට බැරි වෙනවා. පැය දෙකහමාරක් විතර කතාව දිග වුනත් විජේවීරව සමාජයට දැනුනු තරමවත් කෘතිය ඇතුලෙන් දනවන්න අසමත් වෙනවා. ඒ කාලෙ ධවල භීෂකයා රංජන් විජේරත්න ගැන ෆිල්ම් එකේ කොතනකවත් නෑ. ඒ වගේම පේ‍්‍රමදාස උඩුගම්පොල වගේ චරිත අනුරුද්ද අසාධාරන විදිහට මග අරිනවා.
තමන්ගෙ සංවිධානය ඇතුලෙ සිද්දවෙන සන්නද්ධ ක‍්‍රියාවලීන් ගැන පවා නොදන්නා බබෙක් විදිහටයි විජේවීර චිත‍්‍රපටිය ඇතුලෙ ඉන්නෙ. අසමත් නායකත්වයක් වගේම තොග පිටින් මරා දැමෙන තමන්ගේ විප්ලව සගයන් ගැනවත් හුදු වචනෙකට එහා සංවේදීබවක් එයාගෙන් නිරූපනය වෙන්නෙ නෑ. රට පුරා පැතිරෙමින් තිබුනු භීෂනය මේ විප්ලව නායකයාට මේ තරම් සරලද කියල හිතෙනවා. චිත‍්‍රපටිය දිවෙන්නෙ මතුපිට සිද්දි මාලාවක් උඩයි. ඇතුලත ආත්මය අහිමිවයි.
රංගනයේදී සුලෝ කරන චිත‍්‍රාංගනීගේ චරිතය විජේවීරට වඩා ගැඹුරට දැනෙනවා. ඒක ඇත්තටම පිටපතට වඩා සුලෝගෙ දක්ෂතාවයෙන් වෙන දෙයක්. දෙබස් කීපයක් විතරක් තිබුනත් හුස්මෙන් බැල්මෙන් සුලෝ චිත‍්‍රාංගනී කියන ගැහැනියගෙ පීඩාව දැනෙන්න නිරූපනය කරනවා. ඒ ඇරුනම ප‍්‍රියන්ත සිරිකුමාර කරන කෙටි චරිතය විතරක් අනිත් හැමකෙනෙක්වම පරයා උඩට ඉස්සෙනවා. මේ දේවල් ඒ රංග ශීල්පීන්ගේ ප‍්‍රතිභාව නිසාම වුනු දේවල් මිස හිතාමතා කළ දේවල් නෙමෙයි.
ගින්නෙන් උපන් සීතලේ සිනමා කැමරාවත් දුර්වල බවයි මගේ හැගීම. ඒ කැමරාව හෙල්ලෙන්න අවශ්‍ය මොහොතේ නිශ්චලවත් නිශ්චල වෙන්න අවශ්‍ය මොහොතේ හෙල්ලිහෙල්ලිත් පාවිච්චි වෙනවා. ඒ රූපකරණය වියලියි. නිර්මාණාත්මක බවක් හෝ සජීවී බවක් දනවනවාට වඩා ප‍්‍රවෘත්තිකරනයට නැඹුරුයි. නදීකගේ සංගීතයත් චිත‍්‍රපටියට සාධාරණයක් කරන්නෙ නෑ. ඒ සංගීතයෙන් මේ ඛේදවාචකය පිළිබඳ හැගීම හෝ ගැඹුර මතු කරන්නෙ නෑ. අඩුම තරමෙ රූපයෙන් නොපෙනන බාහිරයේ දිවෙන භීෂණය රූපය ඇතුලට ගෙන ඒමේ උත්සාහයක්වත් ඒ සංගීතය ඇතුලෙ නෑ. මං ඇත්තටම මුං දෙන්නාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා.
ඇත්තටම පැය දෙකහමාරක් දුර මේ චිත‍්‍රපටය වෙහෙසකරයි. ඒකාකාරීයි. විජේවීර පිළිබඳ හදවතේ චිත‍්‍රය බිඳවට්ටනසුලූයි. පිටපතක් හැටියටත් කතාව ගැලපී ගෙතී වෙලී නැතුවා වගෙයි.
රන්මිහිතැන්නේ රූගත කරපු දර්ශන ඇරුනම අනෙක් දර්ශනවල කලා අධ්‍යක්‍ෂණය සහ සමස්තයක් විදිහට ඇඳුම් නිර්මාණය ප‍්‍රශස්ත මට්ටම තිබුනා කියන්න පුළුවන්.
මගේ අදහස නම් මේ සියලූ වැල්වටාරම් අත්හැර අනුරුද්ද නවත්තන තැනින් විජේවීරගේ කතාව ආරම්භ වෙන්න තිබුනා කියලයි. අත්අඩංගුවට ගත් අත්තනායක ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව බොරැුල්ල කනත්තේ පනපිටින් පුලූස්සා දැමීම දක්වා සිද්දි මාලාව මේ සියල්ල මීට වඩා ගැඹුරෙන් සහ සංවේදීබවෙන් ප‍්‍රකාශ කරන්න සමත් වෙන්න තිබුනා. ඒ යට පැවැති සියලූ දේශපාලනයන් ඒ මිනිමලිස්ටික් වියමන ඇතුලට ගේන්න තිබුනා.
නමුත් අවාසනාවන්ත විදිහට අනුරුද්දට විජේවීර මගඇරෙනවා. ඇත්තටම සීතල විතරයි. ගින්දර පත්තු වෙන්නෙ නෑ.
Subscribe to:
Post Comments (Atom)
එහෙනං මීට වඩා හොදට උබ ෆිල්ම් එකක් හදලා පෙන්නපන්කො මචං.
ReplyDeleteවැලිමඩ-කොළඹ(79) ගලහාගම හරහා බස් සේවය. වැලිමඩ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.
ReplyDeleteඌමා ඇල හන්දියට ලගාවීම රාත්‍රී 12:30
මැදවෙල හන්දියට ලගාවීම රාත්‍රී 12:45
නුවරඑළියෙන් නගරයෙන් පිටත් වීම අළුයම 1:30
තේපානය සදහා තවලම්තැන්න හන්දියේ නැවැත්වීම අළුයම 2:30
කොළඹට නගරයට ලගා වීම උදැසන 6:30
කලින් ආසන වෙන් කරවා ගත හැක.
( RAD බස් කොම්පැනිය-රාජගිරිය )
...........
කොළඹ-වැලිමඩ(79) කැප්පෙටිපොළ හරහා බස් සේවය. කොළඹ නගරයෙන් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.
සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.
තේ පානය සදහා පේරාදෙණිය කිට්ටු කර නවතනු ලැබේ.
උදැසන 6:30 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.
(ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්‍රාදේශීකය)
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis is kind of interesting, so far every critic saw the movie differently (so must see this movie) Is it safe to assume film director walked on eggshells?
ReplyDeleteචින්තා, උඹ දැක්කද රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර)ගේ නමට 'ජිනදාස' කෑල්ල උවිඳු විදුර විජේවීර නොහොත් මෑන්ස්ගේ පොශ් පුත්‍ර රත්නය (ජවිපෙ අලුත්ම තුරුම්පුව) විසින් අලුතින් ඇඩ් කල අපි නොදන්න අමුතු ලයින් එකකි. (පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර)
ReplyDeleteවිජේවීරගේ චරිතකතාව ගැන කියන්න කලින් මෑන්ස්ගේ බැක්ග්‍රවුන්ඩ් එක වෙච්චි අර්ලි ලයිෆ් ඇන්ඩ් එන්ට්‍රන්ස් ටු පොලිටික්ස් කියන එක මුලින්ම කතාකරමු. මාතර දික්වැල්ල කෝට්ටෙගොඩ මුල්ගම වුණත් අම්මගේ ගෙදර වෙච්චි තංගල්ල කුඩාවැල්ල ගමේදි රෝහණ (ජේ.ආර් ලොක්කට අනුව නම් රොහාන්) විජේවීර උපත ලබන්නේ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර විදිහට, පටබැඳිගේ දොන් අන්දිරිස් කියන විජේවීරගේ පියා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ භක්තිමත් ආධාරකරුවෙක්. 1947 මැතිවරණයේදී දෙනියායේ එක්සත් ජාතික පක්ෂයේ මැර ආධාරකරුවන් විසින් උසිගන්වනු ලැබූ වතු කම්කරු පිරිසක් විසින් පහර දීම නිසා විජේවීරගේ පියා සදාකාලික ආබාධිතයෙකු වෙයි. මේ නිසා කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සහ ඊලියන් නානායක්කාරලගේ ආධාර ඇතුව අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ විජේවීරට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මොස්කව් පැට්‍රිස් ලුමුම්බා මිත්‍ර සරසවියේ ශිෂත්වයක් ලැබේ. 1960 දී මොස්කව් ගිය විජේවීර වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට වඩා තැන දෙන්නේ මාක්ස්වාදී දේශපාලන දර්ශන ඉගෙනගැනීමට නිසා ඔහුගේ අධ්‍යාපනය කඩා වැටී ඔහු බයෝ-කෙමිස්ට්‍රි විෂය අසමත්වෙලා විඩාවට ලක් වීම නිසා විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකය විජේවීරව සැනටෝරියම් හෙවත් සුවපියසක් වෙත යොමු කරත් පසුකාලයක ඔහුගේ වමන්සික විරුද්ධවාදීන් අර්ථ දක්වන්නේ විජේවීර මානසික ලෙඩෙක් වෙලා මානසික රෝහලක ප්‍රතිකාර ලැබුවා ලෙස වැරදි මඩප්‍රචාරයකි.
1964 දී විජේවීර ලංකාවට එන්නේ විභාගය අසමත්වීම නිසාත් පියාගේ අයහපත් සෞක්‍ය තත්වය නිසා වුනත් මොස්කව්දී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් කල හොරට ඩොලර් මාරු කිරීම , පිටරට භාණ්ඩ සෝවියට් ගෙන ගොස් විකිණීම වැනි ජාවාරම් විවේචනය නිසා විජේවීරට විරිද්ධව පක්ෂය තුල විවේචන සහ බෙලි කැපිලිත් ඔහු චීන පිලේ රැස්වීම වලට සහභාගී වීම නිසාත් කොමියුනිස්ට් කේ.පී. සිල්වා කොළඹ රුසියානු තානාපති කාර්යාලයට දැනුම් දී යලි සෝවියට් දේශයට යාමට විසා කැන්සල් කිරීම නිසා විජේවීරගේ වෛද්‍ය ශිෂත්වය අවලංගු කලත් මේ ඇසුරින් විශාල මිථ්‍යාවන් රැසකි. ජවිපෙ අන්ධ භක්තික වහලුන් විශ්වාස කරන්නේ විජේවීර සෝවියට් දේශයේ වැරදි සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හමුවේ විවේචනය කිරීම නිසා ඔහුගේ ශිෂත්වය අවලංගු කල බවයි. නමුත් මෙය සහමුලින්ම ප්‍රබන්ධ කරන ලද්දකි. තවත් මිත්‍යාවක් නම් අනාගත සෝවියට් දේශයේ බිඳවැටීම 1964 වැනි කාලයකදී විජේවීර ටක්කෙටම අනාවැකි කියූ බවයි.
අපි සෝවියට් ශිෂ්‍ය්තවයක් ලබා විජේවීර එහි ගිය කාලයේ ස්ටාලින්ගේ බලාධිකාරය බිඳ වැටී ස්ටලින්වාදය එළිපිට විවේචනය කල නිලධාරිවාදයෙන් බැටකෑ සෝවියට් රාජ්‍ය බිඳ වැටෙන බව තර්කානුකුලව පෙන්වූ විජේවීරට අමතර සෝවියට් සමාජය හැදෑරු විදේශිකයන් බොහෝ දෙනෙකු සිටියා. විජේවීරට දේශපාලන අනාවැකි කීමට හැකියාවක් තිබුනේ නම් 1971, සහ 1988 කැරළි විනාශකාරී අවසන් වන බව දැනගැනීමේ අන්තර්ඥානයක් නොතිබුනේ මන්ද සහ 1982 ජනධිපතිවරණයේදී සහමුලින්ම වැරදි අධිතක්සේරුවකට ගියේ මන්ද යන ප්‍රශ්නයත් එනවා. කොහොම හරි ශිෂත්වය අවලංගු වී අනාථ වූ විජේවීර ශන්මුගදාසන්ගේ චීනපිල හා එක්ව ඒ පක්ෂය කඩාගෙන 1965 මැයි මස 14 වන දින අක්මීමන දී ජනතා විමුක්ති පෙරමුණ හදන නමුත් ඔෆීෂළි ජනතා විමුක්ති පෙරමුණ නමින් ක්‍රියාත්මකව විජේවීර ප්‍රමුඛව ලංකාවේ අයුධ සන්නද්ධ විප්ලවයක් කිරීමට පසුව ක්‍රියා කරා.
///අද වන විට විජේවීරගේ උරුමයට අයිතිවාසිකම් කියන ප්‍රධාන පාර්ශ්ව අඩු වශයෙන් තුනක් සිටිනවා. පළමුව, ඔහුගේ බිරිඳ හා දරුවෝ. දෙවනුව, ජවිපෙ. තෙවනුව, ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය. මේ පාර්ශ්ව තුන අතරින් සාමාන්‍ය ජනතාව වැඩිපුරම විජේවීර උරුමය සමඟ සම්බන්ධ කර දකින්නේ ජනතා විමුක්ති පෙරමුණයි.///
අපොයි තව ගොඩක් උරුමක්ක්කාර පොල්මහ්කාරයෝ ඉන්නව, විමල් වීරවංසගෙ පක්ෂය, කෙලී සේනානායක,ලාල් සෝමසිරි, නිශ්ශංක ප්‍රේමරත්න, ඇල්පිටියේ ප්‍රේමතිලක සහ ආර්. ජයසේකරලගෙ අ පක්ෂ, එක්සත් ජාතික පක්ෂයේ නන්දන ගුණතිලකල වගේ කොච්චර නම් එවුන් ඉල් මහ විරු සමරුව සමරන ජවිපෙන් කැඩීගිය කොටස් ගනන අති විශාලයි, අප්‍රමාණයි.
විමල් වීරවංස රෝහණ විජේවීරට වඩාත් සමාන අනුප්‍රාප්තිකයායි. විජේවීර ගැන වැඩි විස්තර පස්සෙ ලියන්නම් වෙලාව ලැබෙන හැටියට.
මේ චිත්‍රපටිය ගැන කෙටියෙන් කිව්වොත් මේක විජේවීර චරිතය සම්පූර්ණයෙන් වෙනස් විදිහකට ප්‍රති-නිර්මාණය කරල අද ඉන්න නායකයන් මාකට් කර ගැනීමේ යටිකූට්ටු ප්‍රොජෙක්ට් එකක්. බොහෝවිට නමට වෙනත් නිශ්පාද්හකයෙක් හිටියත් මේක හද්න්න ඇත්තෙ අධික ලෙස ලාබ ලබන ජවිපෙ පක්ෂය විසින්මයි. 2016 විතර ජවිපෙ පක්ෂයේ වත්කම් ප්‍රමානය රුපියල් බිලියන 07ක් වගේ මට මතක හැටියට, මැතිවරන කොමිසමට ඩික්ලෙයා කරපු විදිහට.
//විජේවීරගේ ජීවිතේ අළෙලා අනුරුද්ද චිත‍්‍රපටියක් කරනවා කිව්වම මට ආපහු අර නොස්තැල්ජික් වීරයාව මතක් වුනා. පැරකුම්බා, අනගාරික, ඞීඑස් වගේ පුස්ලෝඩංවලට පස්සෙ විජේවීරටත් සිනමා තිරය විවෘත වුනා කියල උද්දාම වුනා.//
Deleteඋබ එතකොට මෙතන කියන්නේ සිරි පැරකුම්, අනගාරික ධර්ම, ඩී.එස්. ලා පුස්ලෝඩං කියල? ඇත්තටම පුස්ලෝඩං කියන එකේ තේරුම මොකක්ද?
හැබැයි ඔය චරිත ගැන කිව්වොත් කොචර ජරා වැඩ කරත් සාපේක්ෂව බලද්දි විජේවීරට වඩා රටේ පොදු මිනිහ වෙනුවෙන් මහජන මුදල් කළමණාකරණය කර නායකත්වය දී ගොවි ජනපද, කෘෂි ජල ව්යාපෘති, වෙනත් ඉදිකිරීම් සහ සේවාවන් ඩී.එසුත් සින්හල ජාතිවාදී පහරයන් වෙනුවෙන් රෙද්ඩ බැනියම, සින්හල නම් වාසගම්, සින්හල බෞද්ධ පාසැල්, ශිෂ්‍යත්ව දී තම සේවකයන් විදෙස්ගත කොර ඔවුන් හරහා විදෙස් ශිල්ප කර්මාන්ත පිළිබඳ පුහුණුවක් දී සින්හලයන් වෙලඳ ව්‍යාපාර, කර්මාන්තවලට පුහුණු කිරීම, ආදර්ශයක් ලෙස අලියා ගිනිපෙට්ටි කම්හල අරඹා රැකියා ලබාදීම වගේ දේවල් වලින් අ.ධ.ත් පැරැනි යල්පැනගිය සිහල සාහිත්‍ය වෙනුවෙන් දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහුත් මිනිස්සුන්ට වැඩක් කරල තියෙනව.
එහෙම බැලුවම විජේවීර කොළේ පරපුරවල් දෙකක තරුණයින් වගේම් කිසිම සම්බන්ධයක් නැති අන්ත අසරණ මිනිසුන් රශියක් මහමග අසික්කිත විදිහට මැරිල යාමට ක්‍රියා කිරීම, සුද්දගෙ ඉඳන් ඩෙ.එස්ල වෙන්ත් අය නායකත්වය දී ඉදිකල ගොඩනැගිලි, රාජ්‍ය දේපල කෝටි ගණන් විනාශ කර රටේ ආර්ථික ආපස්සට යැවීම, මිනිස්සුන්ට මරබියේ ජලය විදුලිය, නැතුව කඩවල් කර්මාන්ත කරගන්න බැරුව අනාථ වීම, එජාප ගැමි තරුණ නායකයින් මරාදම එහි බිම්මට්ටම විනාශ කර දැමීම, යල්පැන ගිය පුහු වාමන්සික බහුබූත වලින් තරුණයින් මුලාකිරීම, ජවිපෙට සම්බන්ධ / අසම්බන්ධ අතිවිශාල පිරිසකට අමානුෂික වධ විඳීමට සැලැස්සවීම වගේ දේව්වල්.
විජේවීර කරපු පවතින එකම දේ ජ.වි.පෙ. පක්ෂය හැදීම. නමුත් ජ.වි.පෙ. පක්ෂයෙන් රටට ඇති වැඩේ මොකක්ද? නිකම්ම නිකන් ටකරන් හඬින් 'අරූ හොරා/ මූ හොරා' 'මුන් ඔක්කොම පට්ටපල් නීලකාස කම්බා හොරු' කිය කිය බහුබුත මඩ අවලාද/ බල්දි පිටින් විසිකිරීමත් පමණයි.
ජනතා විමුක්ති පෙරමුණ තාම විකුනන්නේ විජේවීර සහ කැරල්ලේදී මියගිය සාමාජිකයන්ව. ඉතින් ඔවුන් එතනින් එහාට යන්න බයයි. ගිහින් ලැබෙන චෝදනාවලට පිළිතුරු දෙන්න බයයි.ඒ නිසා හැමදාම ඔතනම තමයි. ජ.වි.පෙ. බොලඳ භාවය අත්හැරීමටත් සමාජවාදී හැව අතහැරීමටත් හොඳම කාලය මෙයයි යන්න මගේ විශ්වාසයයි.
මෙය කිරීමට ඔවුන් රටේ මුදල් කාබාසිනියා කරන පාඩු ලබන ආයතන විකිණීමට විරුද්ධ වීම, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වීම, වෘත්තීය සමිති පැත්තට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යාපාර වල කම්කරු අසහනය ඇතිකිරීමට උල්පන්දම් දීම වැනි අද ආර්ථිකයන්ට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටීමෙන් බහුතරයක් ඔවුන්ට ඡන්දය දීමට මැළි වෙන බව වැටහිය යුතුයි. අවුරුදු 50 ක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් හා සම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා හොඳ ප්‍රතිරූපයක් ඇති ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි හේතුව ඔවුන් තේරුම් නොගැනීම මට නම් පුදුමයක්. 'උණුත් හොරු, මුණුත් හොරු' එමනිසා අපිට බලය දෙන්න යන සටන් පාඨය නම් තව දශක කිහිපයකට සාර්ථක නොවන බව ඔවුන්ට වැටහිය යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අය වංචාවලින් තොර බව මිනිසුන් දන්නවා. එහෙත් ඔවුන්ට ජවිපෙට චන්දය දෙන්නේ නැහැ. ඒ බැව් පෙනි පෙනීම තව දුරටත් අපි තමයි අවංක අනික් අය හොරු යන්න කීම පමණක් කිරීමෙන් ඇති වැඩක් නැහැ. මහජනයා දන්න දෙයක් නැවත නැවත කීමෙන් වෙන වාසියක් නැහැ. ඔවුන් සිටියදී වංක පුද්ගලයන් ඇති පක්ෂ වලට ඡන්දය වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම බව දැන්වත් තේරුම් ගෙන 1994 දී එන්ගලන්තයේ ටෝනි බ්ලෙයාර් කම්කරු පක්ෂයට සහ 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක පසුපස සිටි ප්‍රචාරක යාන්ත්‍රනයේ ක්‍රියාකාරිකයින් කල වෙනස්කම් හදාරා ඉතා ඉක්මනින් පක්ෂයේ මුහුණුවර සහ ක්‍රියා වෙනස් කලොත් නම් යම් බලාපොරොතුවක් තබාගන්නට හැකිවෙයි, නමුත් පේන හැටියට නම් කවදාවත් හැදෙන්නෙ නැති විනාශකාරී වෛරය ක්‍රෝධය වපුරමින් විනාශවන පක්ෂයක් ජවිපෙ කියන්නෙ.
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteDR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
ReplyDeleteමා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159
මා විසින් රචිත "ආර්ථික ඝාතකයින් මැද" කෘතිය දිවයින පුරා සරසවි, එම් ඩී ගුණසේන පොත්හල් වලින් සහ අතුරුගිරිය නැණසික පොත්හලෙන් මිළදීගත හැක.
ReplyDelete'පොළී අනුපාතය වැඩිකිරීම: ව්‍යවසායකයින් විනාශ කිරීම: රජයේ අයවැය විනාශ කිරීම'
'විදේශ ණය වැඩිවීම: ණය අර්බුදය ඇති කිරීම: ආර්ථිකය හැකිලීම'
'ඇ. ඩො. මිලියන 500 බැදුම්කරය ගෙවීම: ණය පැහැර හැරීම: සහ රට බංකොලොත් කිරීම.'
ඇතුළු සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු
තැපැල් මඟින් ගෙන්වා ගැනීමට අමතන්න.
0769 808909
පොතක මිළ රු. 2,500 /-
වැඩි විස්තර මෙතනින්.
Ajith Nivard Cabraal