Monday, June 13, 2011
පාවුලෝ කොයෙලෝ- බ්ලොග් එක.
දවසක් මගෙන් කෙනෙක් ඇහුවා, ‘මොකක්ද ඔබ මැරුණට පස්සෙ සොහොන් කොතේ ලියන්න ඕන?’
’මාව ආදාහනය කරාවි. ඒත් නිකං හරි මට සොහොන් කොතක් තිබුණ නම් ඒකෙ ලියාවි, ‘පාවුලෝ කොයෙලෝ මියගියේ ඔහු ජීවත්ව සිටිද්දීයි’ කියල.
‘මොකක්ද ඒ? හැමෝම මැරෙන්නෙ ජිවත්ව ඉඳිද්දි තමයිනෙ කොහොමත්? එතකොට එයා ඇහුවා.
‘නෑ. ඒක ඇත්ත නෙමෙයි.එකම විදිහකට දේවල් නැවත නැවත සිද්ද වෙනවා නම්, එයා තවදුරටත් ජීවත් වෙනවා නෙමෙයි. ජීවත්ව ඉඳිද්දි මැරෙන්න නම් අවදානම් බාර ගන්න ඕන. එහෙම ඉන්න නම් ඒකට ගෙවන්න සිද්ද වෙනවා’
සමහර වෙලාවට යම් දේකට කැමති නිසා හරි අකමැති නිසා හරි, බය හිතෙන ඒත් ඔබ කළ යුතුම වන දේවල් කරන්න සිද්ද වෙනවා.
මං හිතන්නෙ නෑ සියදිවි නසා ගැනීම විකල්පයක් කියල. ඒත් අපිට ජීවිත කාලයකදි කීප වතාවක්ම මැරෙන්න සිද්ද වෙනවා, ජීවිතය තේරුම් ගන්න. මෙතනදි ‘මැරෙනවා’ කියන්නෙ පරණ වටිනාකම් වලින් වෙන් වෙන්න සිද්ද වෙන එක සහ අපි නොදන්නා කලාපයක් දක්වා යන්න සිද්ද වෙන එක. එතන අපිට අනාරක්‍ෂිත බවක් දැනෙන නමුත් අපිට යම් තෘප්තිමත් හැ`ගීමක් ගේන නිසා ඒ අලූත් තැනට යන්න සිද්ද වෙනවා.
සමහර සොහොන් කණු වල මෙහෙම සටහන් තිබුණා.
‘උත්සාහ කරන්න එපා’ – චාල්ස් බුකොව්ස්කි.
‘හොඳම දේ තාම ආවෙ නෑ’ ෆ‍්‍රෑන්ක් සිනාට‍්‍රා
‘මම ලෝකය එක්ක පෙම්වතුන් අතර මෙන් දබරයක් අරගෙන ගියා’ රොබර්ට් ෆ්‍රොස්ට්
‘අන්තිමට මං නිදහස්. සර්ව බලධාරී දෙවියන්ට ස්තුතියි. අන්තිමට මං නිදහස්.’ මාර්ටින් ලූතර් කිං
‘ලෝකයක් ප‍්‍රමාණවත් නොවූ ඔහු දැන් මේ සොහොන් කණුවෙන් වැසී ඇත’ – මහා ඇලෙක්සැන්දර්
‘ඔබේ ආත්මයට සත්‍යය’ ජිම් මොරිසන්
දැන් ඔබ මට කියන්න. ඔබේ සොහොන් කණුවේ ලියන්නෙ මොකක්ද?
පරිවර්තනය- ව්‍යාධදේව
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment