Sunday, July 24, 2011

අලූත් සංස්කෘතියක් නිර්මාණය කරන්න අපිට පුළුවන්ද?


කොටස 1

අසා සිටින්න.

මිනිසා මේ මොහොතේ මුහුණ දෙන ලොකුම අර්බුද වලින් එකක් තමයි නිර්මාණශීලීත්වය ගැන තියෙන අර්බුදය. කොහොමද එක් එක් පුද්ගලයාගේ නිර්මාණශීලී නිදහස් වීමක් එලියට ගේන්නෙ? අපි ඒ ප‍්‍රශ්නය නිකම් මතුපිටින්, ඇහෙන පමණින් විතරක් ගන්නෙ නැතුව ඒ ප‍්‍රශ්නය ගැඹුරින් ගත්තොත් අපිට පුළුවන් වෙයි ‘නිර්මාණශීලීත්වය’ කියන වචනෙ පූර්ණ අර්ථයන් හොයා ගන්න. මට හිතෙන්නෙ මේකයි ඇත්ත ප‍්‍රශ්නය. නැතුව මොන විදිහෙ දේශපාලනික වෙනසක් වෙනුවෙන් ද කි‍්‍රයාත්මක වෙන්නෙ කියන එකවත්, මොන විදිහෙ ආගමක්ද අදහන්නෙ කියන එකවත් නෙමෙයි. කොහොමද මේ තනි තනි මිනිසාෙරැු් නිර්මාණශීලීත්වයට නිදහස් වෙන්න ඉඩක් හදන්නෙ? පොඩිකාලෙදි විතරක් නැතුව මිනිසාට ජීවිතය පුරාම නිර්මාණශීලී විදිහට ජීවත්වෙන්න පුළුවන් අවකාශයක් නිර්මාණය කරන්නෙ?

කොහොමද පුද්ගලයාගේ ශක්තිය නිසිමගට ගන්නෙ සහ ඒ ගැනීමෙන් පුද්ගලයාගේ ජීවිතය වඩාත් පුළුල් සහ සුවිශේෂී කරන්නෙ?
මට හිතෙන්නෙ විප්ලවය වෙන්න ඕන හු`ගක් ගැඹුරින්. කොටසක් විදිහට නෙමෙයි. එකිනෙක සම්බන්ධිත පූර්ණ විප්ලවයක් ඇතුළතින් ඇරඹෙන්න ඕන. පිටතින් නෙමෙයි. ඒත් ඒ අභ්‍යන්තර විප්ලවයට නම් අපි දැනගන්න ඕන අපේ සිතුවිලි ක‍්‍රියාත්මක වෙන හැටි. අපි ගැන ඇත්ත දැනීමක් අපිට ඕන කරනවා. ඒ තමා ගැන දැනීම නැතිව විප්ලවය අරඹන්න බෑ. ඒ නිසා වඩාත් වැදගත් තමන් ගැන දැනීම. තමන්ගෙ මනසේ විදිහ ගැන දැනීම. මේ විප්ලවය හුදු හැ`ගීම් මාත‍්‍රයක්ද කියන එක ගැන නිසැක වැටහීම. මොකද සම්පූර්ණ මනස වෙනුවෙන් මිස හැ`ගීම් කොටසක් වෙනුවෙන් කරන විප්ලවයක පලක් නෑ. මේ සඳහා මුලින්ම අපි ඉගෙන ගන්න ඕන ‘සාවධාන වෙන්නෙ’ කොහොමද කියන එක.

ඇතුළත පැවැත්මෙන් අපිට කියන දේට සාවධාන වෙන්න පුළුවන් අපි අතර ඉතාම කීප දෙනෙකුට විතරයි. අනිත් හැමෝම ඒ ‘ඇතුළත හ`ඩ ’ මොකක් හරි දෘෂ්ටිකෝණයකින් පරිවර්තනය හෝ අර්ථකතනය කරනවා. හින්දු, මුස්ලිම්, කොමියුනිස්ට් මේ ආදී ඕන එකක් වෙන්න පුළුවන්. අපි දෙයක් අහගෙන ඉන්නෙ අපේ අදහස්, මතවාද, විනිශ්චයන් සහ විශ්වාසයන් ඇතුලෙන්. ඇත්තටම අපිට කිසි දෙයක් ඇහෙන්නෙ නෑ. අපි අහගෙන ඉන්නෙ අපේ පුරෝකල්පන, නිගමන සහ සහ අත්දැකීම් වලට එක`ග දේ විතරයි. අපි නිතරම අර්ථකතනය කරනවා අපිට ඇහෙන දේ. ඒ නිසා කොහොමවත් තේරුම් ගැනීමක් සඳහා ඉඩක් නෑ. එහෙනම් කොහොමද ඒ තේරුම් ගැනීම කරා යන්නෙ? කිසිම නැංගරුම් ලෑමකින් තොරව පැහැදිිලිව ඇහුම්කන් දීමෙන්. නිගමන වලින් බැහැරව, කෙලින්ම ඇසෙන දේ අසා සිටීමෙන්. එතෙකොට අපිට පුළුවන් ඕනෑම අර්බුදයක් ගැන එක්ව හිතන්න. ඔබ අසා සිටීමේ කලාව දන්නවා නම්, ඇසෙන යමක ඇත්ත දැන ගන්නවා විතරක් නෙමෙයි, වරද වරද හැටියටත්, වරද පිටුපස ඇති ඇත්තත් ඔබට පේන්න ගන්නවා. නමුත් ඔබ අසා සිටින්නේ වාදයට පැටළෙන මනසකින් නම් එතන කිසි තේරුම් ගැනීමක් සිද්ද වෙන්න ඉඩක් නෑ. වාදයක් කියන්නෙම තවත් අදහසකට එරෙහිව ඔබේ අදහසයි. තවත් විනිශ්චයකට එරෙහිව ඔබේ විනිශ්චයයි. ඒකෙන් ඇත්තටම ඔබට ඇසෙන දේ තුල ඇති සැබෑව සොයා යාමේ මග අහුරාවි.

(තව කොටසක් ලබන සතියේ*

ජිඞ්ඩු ක‍්‍රිෂ්ණමූර්ති.

No comments:

Post a Comment