Sunday, July 24, 2011

BLOG: මරණය ඉදිරියේ පසුතැවීම


Bonny Ware විසින් ලියා තිබුණු සටහනක් මගේ මිතුරෙක් මට එවා තිබුණා - පාවුලෝ කොයෙලෝ

අවුරුදු ගාණක් මම වේදනා විඳින මරණය එන තෙක් බලා ඉන්න රෝගීන් සඳහා ප‍්‍රතිකාර කරන තැනක සේවය කළා. මගේ රෝගීන් නිවෙස් කරා ගියේ මරණය බලාපොරොත්තුවයි. මට පුළුවන් වුණා හරිම අපූරු මොහොතවල් ඔවුන් එක්ක ගත කරන්න. ඔවුන්ගේ අවසාන සති තුනේ ඉඳන් දොළහක් දක්වා කාලයක් මම ඔවුන් එක්ක හිටියා.

තමන්ගේ මරණය ඉදිරියේ මිනිස්සු ගොඩක් ඇතුලතින් වැඩෙන්න ගන්නවා. මම එතනදි ඉගෙන ගත්තා කවදාවත් කෙනෙකුගේ වැඞීමට ඇති හැකියාව අවතක්සේරු නොකරන්න. සමහර වෙනස්කම් මතුපිටින් සිදු වුණු දේවල්. හැම කෙනෙක්ම විවිධ හැ`ගීම් ධාරා අත්විඳිමින් සිටියා. ප‍්‍රතික්‍ෂේප වීම, බය, තරහ, පලිගැනීම, දරුණු ලෙස නොතකා හැරීම ඇතුලෙන් අවසානයේ සියල්ල බාර ගත හැකි තැනක් දක්වා ඔවුන් වර්ධනය වුණා. හැම කෙනෙක්ම ඒ අයගේ සමුගැනීමට කලින් ඒ අය තුල සාමය අත්පත් කර ගත්තා.

ඔවුන් පසුතැවිලි වෙන හෝ වෙනස් විදිහකට කළා නම් කියා දැන් සිතෙන දේවල් ගැන විමසද්දි නිතරම මතු වුණු පොදු කාරණා තිබුණ. මේ ඒ අතරින් හු`ගක් කියවුණු පහක්.

1. මට මගේ ඇත්ත විදිහට ජීවත් වෙන්න පුළුවන් වුණා නම් (අනිත් අයට ඕන විදිහට නැතිව.*

බොහොමයක් අය තුල තිබුණු පසුතැවීමක්. කෙනෙක් මරණය දක්වා ඇවිත් ආපහු හැරී බලද්දි හු`ගක් පැහැදිලිව පේන්න ගන්නවා. තමන්ට සැබෑ කර ගත නොහී අතපසු වුණු හීන..ගොඩක් අයට ඔවුන් විසින්ම කළ සහ නොකළ තෝරා ගැනීම් නිසා ඒ අයගේ හීන වලින් බාගයක් වත් ජීවත් කරන්න බැරි වෙනවා . ඒ බව ඔවුන්ට මරණය ආසන්නයෙදි ඔවුන්ට දැනෙන්න ගන්නවා.

ඔබේ හීන වලින් යම් පමණක් හෝ ජීවත් කරන්නට උත්සාහ කිරීම හරිම වැදගත්. ඔබේ ශරීරය දුර්වල වෙලා මරණය එලිපත්තෙදි ඒක කරන්න හු`ගක් පරක්කු වැඩියි. සෞඛ්‍ය සම්පන්න බව විසින් ඔබට ලබා දෙන නිදහස ගැන එය ඔබෙන් ඈත් වී යන තෙක් වැටහෙන්නෙ නැහැ.

2. මම මේ තරම් වැඩ කරන්න කාලය ගත නොකළා නම්..

මට මුණගැහුණු හැම පිරිමි රෝගියෙක්ම මේ පසුතැවිල්ල අත්වින්දා. ඒ අයට දරුවන්ගේ තාරුණ්‍යය සහ ඔවුන්ගේ සහකාරියන්ගේ සමාගමය අහිමි වීම ලොකු දුකක් අරන් ඇවිත් තිබුණ. කාන්තාවන් සමහරකුත් මේ දුකෙන් පීඩා වින්දා. ඒත් එතන හිටපු බොහොමයක් වැඩිහිටි පරපුරේ කාන්තාවන්ට එදාවේල වෙනුවෙන් මේ විදිහට සටන් කරන්න සිදුවෙලා තිබුණෙ නෑ. ඒත් මම ප‍්‍රතිකාර කළ පිරිමි හැමෝම වගේ ඔවුන්ගේ රැුකියාව වෙනුවෙන් ජීවිතේ වැඩි කාලයක් ගත කිරීම ගැන පසුතැවිලි වුණා.

ජීවිතේ සරල කර ගැනීමෙන් සහ සිහියෙන් යුතුව ජීවත් වීමෙන් ඔබට ජීවත් වීම වෙනුවෙන් වැඩිපුර මහන්සි වීම අඩු කර ගන්න පුළුවන්. වඩාත් ජීවිතේ ඇතුලෙ විවේකය සලසා ගැනීමෙන් ජීවිතේ අලූත් අවස්ථාවන්ට විවෘත වෙන්නත්, ඔබටම ගැලපෙන ජීවන විලාසයක් නිර්මාණය කර ගන්නත් පුළුවන්.

3. හිතෙන දේ ප‍්‍රකාශ කරන්න මට පුළුවන් වුණා නම්..

අනිත් අයගෙ හිතසුව පිණිස බොහොමයක් අය තමන්ගෙ හැ`ගීම් පාලනය කරනවා. මේකෙන් වෙන්නෙ ඔවුන් හැමදාම එකම මෝඩ වටපිටාවක හිරවෙන අතරෙ ඔවුන්ට ඇති සැබෑ හැකියාවන් ස්පර්ශ කිරීමට ඉඩක් නොලබන එක. ඒ විදිහට තමන් තුලම හිරවීම සහ විඳවීම නිසාම ඔවුන් පසුකාලීනව රෝගී වෙනවා.

අපිට අනෙක් අයගෙ සිතීම් පාලනය කරන්න බැහැ. මුලදි ඇතැම් අය ඔබගේ විවෘත අදහස් පළකිරීම් ගැන සහ අවංක බව ගැන විරෝධයන් ගෙනාවත් පසුව එයින් ඔබේ සම්බන්ධතා වඩාත් හොඳ මට්ටමක් දක්වා වැඩෙන්න ගනීවි. ඔබේ ජීවිතේට වාරණයක් වුණු සම්බන්ධතා ඔබෙන් ඉවත් වේවි. කොහොම වුණත් එය ඔබට හොඳක්.

4. මගේ යාලූවො එක්ක මට ඉන්න ලැබුණා නම්..

පරණ යාලූ මිත‍්‍රත්වයේ ආස්වාදය බොහෝ විට දැනෙන්නෙ මරණය ළං වෙද්දි. ඒත් ඒ වෙද්දි ඒ සම්බන්ධතා ආයිමත් මුණ නොගැහෙන තරම් දුරස් වෙලා තියෙන්න පුළුවන්. ජීවිතේ නොයෙක් දේවල් අතරෙ කාලයක් යද්දි යාලූකම් අමතක වෙලා යනවා. ඒ යාලූකම් වෙනුවෙන් කාලයත්, මහන්සියත් නොයෙදීම ගැන එතන හිටපු ගොඩක් අය පසුතැවිලි වුණා. මරණය ළ`ගදි ඒ යාලූවො ගැන ඒ ගොල්ලො දුක් වුණා.

5. මම මගේ ජීවිතය සතුටින් ගත කළා නම්..

මේක පුදුම හිතෙන තරම් පොදුවේ කියවුණු දෙයක්. ගොඩක් අය ජීවිතේ කෙලවරට එනකල්ම තේරුම් අරගෙන තිබුණෙ නෑ සතුට කියන්නෙ තෝරා ගැනීමක් කියල. ඒ අය ඒ ගොල්ලන්ගෙ පරණ පුරුදු සහ රටාවලම හිර වෙලා ජීවත් වුණා. හුරුපුරුදු කමේ සුවපහසුව ඒ අයගෙ හැ`ගීම් සහ ශාරීරික ජීවිතයත් අරක් ගෙන තිබුණ. වෙනස් වෙන්න ඇති බය නිසා ඒ අය අනිත් අයටත්, තමන්ටමත් ජීවිතය තෘප්තිමත් බව අ`ගවන්න පෙළඹුණා. ඒත් ජීවිතේ පතුලෙන්ම ඒ අයට ඕන වුණා හයියෙන් හිනාවෙන්න. ආයිමත් ජීවිතේ සරල මෝඩ දේවල් වල ආස්වාදය විඳින්න.

ඔබ මරණාසන්නව ඉඳිද්දි අනිත් අය ඔබ ගැන සිතන දේවල් තවදුරටත් වැදගත් නෑ. හැම දෙයක්ම සරල විදිහට අත්අරින්නත්, සිනාමුසුව සමුදෙන්නත් ඔබට පුළුවන් නම්, එච්චරයි වැදගත්.

ජීවිතය කියන්නෙ තෝරා ගැනීමක්. නැවත නැවත ජීවිතය තෝරා ගන්න. අවංකව ඒ තෝරා ගැනීම කරන්න. සතුට ඔබේ තෝරා ගැනීම බවට පත් කරන්න.

No comments:

Post a Comment