Tuesday, May 15, 2012

වෙසක් බෞද්ධ නෑ

වෙසක් දවසෙ මං එලියට බැස්සා. තවත් මහා ජන ග`ගක් මගේ ඉස්සරහෙන් සහ පිටිපස්සෙන්. පුදුම සතුටකින් හැමෝම. හරියට ශ‍්‍රී ලාංකිකයො නෙමෙයි වගේ. එහෙම සතුටකින් ඉන්න ශ‍්‍රී ලාංකිකයො මං වෙසක් දවසට කලින් දැකලා තිබ්බෙ නෑ. ඒක ඇත්තටම සැණකෙලියක්.

එක එක ගෙවල් වල එක එක විදිහෙ පාට, ලයිට්, කූඩු, තොරන්. හැමෝම තමන්ගෙ විදිහට මොනවා මොනවා හරි නිර්මාණය කරලා. ඊට පස්සෙ පාරට බැහැලා අනිත් අය කරලා තියෙන ඒවා බලන්න යනවා පවුල් පිටින්. නඩ පිටින්. ඒක අමුතු සංස්කෘතියක්.

ලංකාවෙ මිනිස්සු විනෝද වෙන ජනතාවක් නෙමෙයි. එලියට එනවට වඩා ඒ ගොල්ලො තල්ලූ වෙන්නෙ ගේ ඇතුලට. දේශපාලනය, ආගම, සංස්කෘතිය හැම එකක්ම හැදිලා තියෙන්නෙ එතෙන්ට. අවුරුද්ද වුණත් එලියට එන්න, විනෝද වෙන්න ඉඩ දෙන උත්සවේකට වඩා විකට නාටක ගතියට බරයි. ඒත් වෙසක්. ඒක ඇත්තටම විනෝද වෙන්න ඉඩක්.

නලා පිඹගෙන යන කොලූ නඩ, ටැක්ටර්, බර කරත්ත හැමෝම තෙරපි තෙරපි ගාලූ පාරෙ. කාටවත් හදිස්සියක් නෑ. කවුරුවත් පාරට පැනලා කුණුහරපෙන් බැන ගන්නෙ නෑ. ට‍්‍රැෆික් එකේ උන් සිංදු කියනවා. ෆොටෝ ගහනවා. හතර වටේම එක එක පාට ලයිට් එලි වැස්සක්. චම්පික මොනවා කිව්වත්, මේ වගේ ලස්සනකට නැති ලයිට් මළ ගෙවල් වල පත්තු කරන්නද?

පලවෙනි වතාවට අරක්කු කඩ වහපු එක ගැන මං සතුටු වුණා. අපේ රටේ මිනිස්සු අරක්කු එක්ක සතුටු වෙන්න දන්න මිනිස්සු නෙමෙයි. මේකෙ තැවරිලා තියෙන ආගමික ගතියත් එක්ක වෙනස් නිදහස් විනෝදයක් හැදිලා. බඩු ගණන්, ජිනීවා ප‍්‍රශ්න, සුදු වෑන් ගැන වගක් වත් නැතුව ජනතාව වීදිවල සතුට බෙදා ගන්නවා. පළවෙනි වතාවට මට ලාංකිකයෙක් වීම ගැන ආදරයක් හිතුණ.

ක‍්‍රිස්තියානි ගෙවල් වලත් කූඩු පත්තු වුණා. පාරට ගෙවල් කඩලා ඉස්තෝප්පුවක් පවා නැති වෙලා තියෙන ගෙවල් වල ඒ කඩපු බිත්ති මැද්දෙ ලොකු කූඩු කැරකුණා. පොලිසිය කවදාවත් නැති තරං හොඳ වෙලා. කිසිම වෛරයක් නැතුව මිනිස්සු එක්ක එකට විනෝද වෙවී හිටියා. පොලිස් නලාවයි කොල්ලොන්ගෙ ප්ලාස්ටික් නලාවයි එකට සද්ද වුණා තාලෙට. දඩ කොල ලියන්නෙ නැති පොලිසියේ අය එක්ක හෙල්මට් නැති මෝටර් බයිසිකල් නතර වුණා, කතා කරලා යන්න. නිදහස.... ඒ නිදහස වෙසක් දවසෙ තිබුණ.

සමහර අය ඉංජිනේරු වැඩ දාලා මැජික් කූඩු හදලා තිබුණ. මොරටුමුල්ලෙ කොක් නැටුමක් තිබුණ පට්ට. සමහර අය කැටයම්. ඒ මොකක්වත් බැරි අය ඔලූ බක්කෙක් හරි දාගෙන පාරෙ ඉන්න අය වෙනුවෙන් නටනවා. පාරෙ යන ජනතාව සතුටු කරන්න මොකක් හෝ දෙයක් කරන්න ස්වභාවික උවමනාවක් හැමෝටම තිබුණ. ඩෙංගු මර්දනයට වගේ ඒකට දඩ ගහන්න  ඕන වුණේ නෑ.

කනත්තෙත් බකට් පත්තු වුණා. සොහොන් වල පහන් දැල්වුණා. ඒක හරි වෙනස් ලස්සනක්. හැමතැනම එලිය වෙද්දි මළවුන්වත් කරුවලේ හිටියෙ නෑ.

අතේ සතේ නැතත් මිනිස්සු දන්සැල් දුන්නා. නිකං නෙමෙයි මහා දන්සැල්. ඇති නැති භේදයක් නැතුව හැමෝම දන්සැල් පෝලිම් වල හිටියා. බයිසිකල් වල පැච් දැමීමේ දන්සැල් පවා තිබුණා. මගේ අතේ කැමරාවක් තිබුණෙ නෑ.

පැපිලියාන හන්දියේ ලොකු තොරණක්. මහා සුපින ජාතකය. ගානකට ගන්නෙ නැතුව මං පහු කරන් ගියා. ජාතක නං මොකටද? ඒත් එන ගමන් ඒකෙ කියන දෙබස් වෙනස් නිසා ටිකක් අහන් හිටියා. කොසොල් රජුගෙ හීන ටික ගැන කිය කිය තොරණෙ කියන්නෙ ලොකු පොලිටිකල් කතාවක්. හැමෝටම තේරෙන බාසාවෙන් දැන් කරගෙන යන පාලනේ ගැන තොරණ කියනවා දැහැමිව. එක දෙබසක් මට තාම මතකයි.

ගැහැණු- කවුද මේ දේශපාලන හීන දකින්නෙ?
පිරිමි - ඒ රටේ ජනතාව වෙන්න  ඕන.
ගැහැණු- ජනතාව කොහොමද දේශපාලන හීන දකින්නෙ? හෙට වෙද්දි බඩු මිල කොහොම වෙයිද කියල බඬේ ගින්දරෙන් නෙ ජනතාව නිදා ගන්නෙ. දේශපාලන හීන දකින්නෙ පාලකයො. තමන්ගෙ බලය ගැන...

මේ පාර වෙසක් එකට වෙස් මූණු තිබ්බෙ නෑ. ඒ වෙනුවට හැලොවින් මූණු ගොඩක් කඩවලට ඇවිත්. ඉස්සර කඩදාසි පල්ප් වලින් හදන යක් මූණු වෙසක් එකට අමුතු හැ`ගීමක් ගෙනාවා. ඒක ඇතුලෙන් එන සුවඳ වෙසක් එකේම කෑල්ලක්. මේ හොල්මන් මූණු කිසි වෙසක් ගතියක් නෑ.

පාරවල් දිගට පත්තු වෙන පහන් එලි වැටි දිගේ, වියන් ඇදුණු තරු වගේ චූටි ලයිට් වැල් යටින්, දෙපැත්තෙ එලිය පිරිච්ච පාරක් මැද්දෙ ඇවිදන් යද්දි හරියට චිත‍්‍රපටියක් වගේ. මේ ඔක්කොම මැද්දෙ රත්මලානෙ හමුදා කඳවුරෙත් කූඩු පේලියක් හදලා තිබුණ. ඒත් කඳවුරේ කම්බි වැටට එහායින්. මිනිස්සුන්ට ළ`ගට ගිහින් බලන්න බෑ. පොඩි ළමයි කම්බි වැටේ එල්ලිලා බලන් ඉන්නවා. සමහරු කම්බි අයිනටම ගිහින් කූඩුවල පිංතූර ගන්නවා. ඒත් ඒ වෙසක් තියෙන්නෙ කම්බි වැටකින් එහා. හරිම හමුදාමය ගතියක්.

වෙසක් කලාප කියන එක නං හරි චාටර් වැඩක්. ඒ දැනෙන නිදහස, තෘප්තිය වෙනුවට  වෙනම කොටසකට සීමා කරලා තරගයක් වගේ මේ කරන කලාපගත කිරීමෙන් වෙසක් කියන එක නැති වෙනවා. වෙසක් කියන්නෙ කලාප වැඩක් නෙමෙයි. ඒක මේ රටේ හැමෝම තමන්ගෙ ආත්ම තෘප්තියෙන් කරන වැඩක්. ඒක තරගයක් නෙමෙයි.

සමහරු ටීවී එකේ සහ තැන් තැන් වල ‘පිලිවෙතින් පෙල ගැහෙන්න’ කතා කළා. වෙසක් කියන්නෙ ප‍්‍රතිපත්ති පූජාවට දවසක් නෙමෙයි. ලංකාවෙ තියෙන මිනිස්සු සංස්කෘතික විදිහට සමාජය ඇතුලෙ විනෝද වෙන එකම දවසත් නැති කරන්නයි ඒ චීවරධාරීන්ගෙ සැලැස්ම. ප‍්‍රතිපත්ති පූජාව කියන්නෙ ආයිමත් හුදකලා වැඩක්. තනි විමුක්තියක්. ඒක වෙන දවසකට තියා ගන්න. වෙසක් කියන්නෙ උත්සව දවසක්. ආමිෂ පූජාවෙ දවසක්.

සුදු ඇඳගෙන, පන්සල් ඇතුලෙ, සිල් අරගෙන, බණ අහ අහා ගෙවන දවසක් වෙනුවට මේ මහා පෝය දවස තමන්ගෙන් ගිලිහෙන එක සමහර හාමුදුරුවරුන්ට දරා ගන්න බෑ (සමහර කිව්වෙ අර ආචාර ධර්ම ආරක්ෂා කරන්න  ඕන නිසා) ලංකාවෙ බුද්ධාගම මේ හාමුදුරුවරු විසින් අරන් ඇවිත් තියෙන්නෙම ජීවිත විරෝධී තැනකට. ජීවිතය වෙනුවට මරණය ගැන හිතන්න බල කරන තැනකට. ගත කරන ජීවිතේ ආස්වාදය නොතකා මරණින් මතු ජීවිතේ ආස්වාදය ගැන හිතන්න පෙළන තෘෂ්ණාවකට.

හාමුදුරුවරු දැන් බණ කියන්නෙ කොට ගවුම් වලට විරුද්ධව. කෙල්ලො කොල්ලො එක්ක සෙක්ස් කරනවට විරුද්ධව. සෝම හාමුදුරුවො බණ කිව්වෙ කොන්ඩොම් පාවිච්චි කරනවට විරුද්ධව. පස්සෙ දෙමළ ජාතියට විරුද්ධව. නිවනයි මේ ඔක්කොමයි එකට ගැටගහන්න පුළුවන් අමුතු සූත‍්‍රයක් ඒ ගොල්ලො ළ`ග තිබුණ. අලූත් වෙන සමාජ වෙනස ආගමිකව කියවාගන්න පුළුවන් තැනකට මනස ගොඩනගන වගකීම වෙනුවට හාමුදුරුවරු කරන්නෙ ලිංමැ`ඩි මානසිකත්වයෙම බෞද්ධයාව හිර කර ගන්න එක. එහෙම හිරවෙන නාකි පිරිස තමන්ගෙ මාර්කට් එක කරගන්න එක.

බෞද්ධයා කියන නාලිකාව මෙතනදි මතක් කරන්නම වෙනවා. වෙසක් දවසෙ පහන් සංවේගය ටික ටික මාළු නටන තත්වෙකට එන්න පටන් ගන්නවා. දවස පුරාම ඒ චැනල් එකේ දෙකයි පනහෙ බණ කිය කිය රටට කරන්නෙ බරපතල අවුලක්. දෙකයි පනහෙ බණ කියන්නෙ මේ බණ වල තියෙන අදහස් ලෝකෙ අද පවතින අදහස් එක්ක බලද්දි ඒ තරං අබලන් නිසා. දවස් හතේ උදේ ඉඳන් රෑ වෙනකල්ම එක එක විදිහෙ බණ කිය කිය මේ චැනල් එකෙන් ගෙවල් වල ඉන්න අම්මලාගෙ ඔලූ කනවා. ඒ අම්මලා ජීවත් වෙනවට වඩා තමන්ගෙ මැරෙන දවස වෙනකල් මෙනෙහි කර කර කල් ගත කරනවා. ආදරය, සතුට, බෙදාහදා ගැනීම, තමන්ගේ සමාජ වගකීම් වෙනුවට නාලිකාවක් හැටියට බුඩිස්ට් නාලිකාව යෝජනා කරන්නෙ නොදියුණු, පරාජිත සමාජ විරෝධී (හුදකලා) මානසිකත්වයක්. ඒ මදිවට ඒ වැඩසටහන් නිවේදක නිවේදිකාවන් සහ නිෂ්පාදන තත්වයන් පුදුම තරම් බාලයි.

ටීවී එකක් කියන්නෙ නිතර ඇස ගැටීමෙන් තමන් ඉදිරියේ ඉන්න පේ‍්‍රක්‍ෂකයාගෙ රූපමය ලෝකය ගොඩනගන අතිශය මනෝ විද්‍යාත්මක මෙවලමක්. කිසිම රූපවාහිනී දැනුමකින් තොරව, කිසි ප‍්‍රමිතියක් නැති බණ ගොඩක් දවස පුරා විකාශය කිරීමේ අවුල තේරුම් ගන්න සමාජ විද්‍යාවක් ආණ්ඩුවට නෑ. මේක දවස පුරා බයිලා විකාශය කරනවට වඩා දරුණුයි.

වෙසක් දවස මේ හාමුදුරුවරුන්ගෙ ව්‍යාපෘතිය ඇතුලට යන්න නොදී මේ සමාජ සංස්කෘතික අවකාශයෙම තවත් ඉස්සරහට අරන් යන එකයි අභියෝගය. වෙසක් කියන්නෙ බුදුන් උපන්, බුදුවුණු සහ පිරිනිවන් පෑ දවස කියන තැනට වඩා හු`ගක් සර්වාගමික තැනකට දැන් වෙසක් ඇවිත් තියෙන්නෙ. බණ සහ පිළිවෙත් සහ පන්සල් ආශ‍්‍රිත තැනකට වඩා පුළුල් සංස්කෘතික අවකාශයක් ඒකෙන් නිර්මාණය වෙනවා. ඒක හැම ආගමකටම උත්සව දවසක්. මට අනුව නං ඇත්තටම ආගමික දවසක්.

ඒ නිදහස් වෙසක් ඊළ`ග අවුරුද්දෙත් තියෙයි කියලා මං විශ්වාස කරනවා. එදාට මං අනිවාර්යෙන් කැමරාවක් අරං එලියට බහිනවා.

-චින්තන ධර්මදාස


3 comments:

  1. වෙසක් වාණිජකරනය වෙලා අපි නාගරීකරනය වෙලා
    දන්සල්වල පෝලිම් තව දික්වෙවි....
    දන්සල් තව වැඩිවෙවි ඒවානම් කමක් නැහැ ,ඇයි කැරකෙන කූඩූ?
    ඒ උනාට
    ස්ත්‍රී දුශණ/ මංකොල්ල කෑම්/බාල අපරාධ/මිනීමැරුම් අඩුවෙන දවසට තමයි සමාජය හොදටම වෙසක් සමරනවා වෙන්නේ......

    ReplyDelete
  2. super mama asama kotasa ලංකාවෙ බුද්ධාගම මේ හාමුදුරුවරු විසින් අරන් ඇවිත් තියෙන්නෙම ජීවිත විරෝධී තැනකට. ජීවිතය වෙනුවට මරණය ගැන හිතන්න බල කරන තැනකට. ගත කරන ජීවිතේ ආස්වාදය නොතකා මරණින් මතු ජීවිතේ ආස්වාදය ගැන හිතන්න පෙළන තෘෂ්ණාවකට. okkoma lipi tika kiyawannam

    ReplyDelete
  3. ගම්පෙරළියේ නැති වෙසක් දැන් Blog වල

    ReplyDelete