චිත‍්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත‍්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත‍්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත‍්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ගන්න දන්නෙ නැති කම. එතනදි මට අමුතු සිද්දියක් කල්පනා වුණා. ඉංගී‍්‍රසියෙන් අවංකකමට කියන්නෙ ‘හොනස්ට්’. අවංක නැත්තං ඒක ‘ඩිස්හොනස්ට්’. එතන ප‍්‍රාථමික වචනය ‘හොනස්ට්’. ඒත් සිංහලේ වෙනස්. ප‍්‍රාථමික වචනය වෙන්නෙ ‘වංක’. ‘අ’ යන්න ඉස්සරහට වැටිලා ‘අවංක’ කියන එක එන්නෙ ද්විතීයිකව. භාෂාව හැදෙන්නෙ මිනිස්සු හිතන පිළිවෙල අනුව කියල උපකල්පනය කළොත් අපේ මූලික සංස්කෘතික කෑල්ල වෙන්නෙ ‘වංක’කම. වොරන් බෆට් මට පෙන්නන්න බැරි කුණෙක් වුණත් එක ඇත්ත කතාවක් කියනවා.
‘අවංකකම කියන්නෙ ටිකක් මිළ අධික තෑග්ගක්. ඒක බාල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා’.
ශ‍්‍රී පාලි කැම්පස් එකේ ගෑණු ළමයෙක් එයාගෙ නිබන්ධනයට උදව් ගන්න මාව හොයාගෙන ආවා. ඒකෙ මාතෘකාව වුණේ ‘යුධ සිනමාවෙන් පිළිඹිඹු වෙන සමාජ මතය නැත්තං සමාජ මනස’. (මට ඒකට ඇත්තටම මැදිහත් වෙලා උදව් කරන්න බැරි වුණා) ඒත් අන්තිමට නිබන්ධනය දැක්කම මට ගොඩක් දේවල් පත්තු වුණා. චිත‍්‍රපටි සංස්ථාවෙ සභාපතිතුමා බය නැතුව කියනවා පවතින රාජ්‍ය මතවාදයට එක`ග චිත‍්‍රපටි වලට තමයි සංස්ථාව මනාප කියල. ළමා සහ ඉතිහාස කතා චිත‍්‍රපටි හදන්න කියල. මිනිස්සු බලන්න කැමති ඒවා තමයි කියලත් කියනවා. සභාපතිතුමා අනං මනං වහං කරන්න යන්නෙ නැතුව දන්න ඇත්ත කෙලිං කියපු එක ලොකු දෙයක්. ඒත් ඒකෙන් සංස්තාවට චිත‍්‍රපටි කර්මාන්තය ගැන තියෙන දැනුම් ප‍්‍රමාණය එළියට එනවා විතරක් නෙමෙයි මේ ගඳගහන චිත‍්‍රපටි රැුල්ල පවත්වාගෙන යන්න සංස්තාවෙන් දෙන තල්ලූවත් එළිදරව් වෙනවා.
ඊට අමතරව ඒ ගෑණු ළමයා ලංකාවෙ පළාත් කීපෙක මිනිස්සු මුණගැහිලා සමීක්‍ෂණයකුත් කරලා තිබුණ. බලාගෙන යද්දි ඇත්තටම ලංකාවෙ මිනිස්සු බලන්න කැමති ඒ චිත‍්‍රපටි තමයි. ඒකට හේතුව ජාතික හැ`ගීම, රට බේරගත්ත යුද්දෙ වගේ කාරණා කියලත් සටහන් වෙලා තිබුණ. එතකොට යුධ විරෝධී චිත‍්‍රපටි වලට තියෙන අකමැත්තට හේතු කීපයක් එතන තිබුණ. එතන ප‍්‍රධාන හේතුව වෙලා තිබුණෙ කතාව නොතේරෙන එක. පිටරටවල් දිහා බලාගෙන අපේ රටේ අග‍්‍ර පොරවල් හදන මේ චිත‍්‍රපටි වල කතන්දර අපේ රටේ ජනතාවට තේරෙන්නෙ නෑ. ඇත්ත හේතුව චිත‍්‍රපටිය යුද්දෙ ගැනද නැද්ද කියන එක නෙමෙයි. කතාව තේරෙන්න කියනවද කියන එක.
ඒ කියන්නෙ ආර්ටිස්ට් ඕඩියන්ස් එක තියෙන තැනට එන්න ඕනද කියල ප‍්‍රබුද්ද අයට අර්බුදයක් මතු වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම සිනමාවක ආඛ්‍යාන ගොඩනැගෙන්න ඕන ඒ පොලොවට සාපේක්‍ෂව නෙමෙයිද? උදා විදිහට අපේ රටේ සූරයන්ගෙත් සූරයා වර්ගයේ චිත‍්‍රපටිවල ජනප‍්‍රිය අංග අඳුරගත්තෙ නැති පිටස්තර සිනමාවක් බලන්න මේ රටේ මිනිස්සු එන්නෙ නෑ. ඒවා ගැන සංස්තාවෙ සබාපති කියන ‘බලපෑම් කණ්ඩායම් වල උවමනා’ කියන කාරනේ කොහොම වුණත් පොඩි නිකං පාවෙන සිනමාවක ලක්ෂණ තියෙනවා.
චිත‍්‍රපටි කරන අය විසින් අඳුරගන්න ඕන විශේෂ තත්වයක් මෙතන තියෙනවා. ලොකු අවුල වෙන්නෙ සිනමාව කරන හැටි ඉගෙන ගන්න කට්ටිය එන එක. ඒ එන කට්ටියට උගන්නන්නෙ සම්මාන ලත් අය. ඒ ගොල්ලො පෙන්නන්නෙ සම්මාන ලත් චිත‍්‍රපටි විතරයි. ඒක සිනමාව කියලා බාරගන්න සිද්ද වෙන අයට බෝඩිමේදී, හන්දියෙදි කොල්ලො සෙට් එක එක්ක දාන දැට් එක අමතක වෙනවා. තමන් නොදන්න වෙන කතාවක් ඒ අතට මේ අතට පටළවලා කියන්න ද`ගදානවා. මිනිස්සු තමන්ට තේරෙන තොරන් බලලා නිකං ඉන්නවා. මට පේන විදිහට අපේ සිනමාකරුවන්ට බැරි වෙලා තියෙනවා මිනිස්සු බලන කතන්දරයක් හදන්න. ‘මේ මිනිස්සු මෝඩයි, සිනමාව තේරෙන්නෙ නෑ’ වගේ තේරුමක් කතා වලට වඩා මෙතනදි ගැලපෙන්නෙ ‘අපිට සිනමාව පාවිච්චි කරලා අපේ කතාව කියාගන්න දන්නෙ නෑ’ වගේ කෙලින් උත්තරයක්. ඒක හරියටම මුලින් ඉංග‍්‍රීසි ඉගෙන ගත්තම අපිට කියන්න වෙන්නෙ වෙන අයට ඕන දේවල් වගේ ප‍්‍රශ්නයක්. ගලේ අඹරන පොල්සම්බෝලෙ වගේ දේවල් ගැන කියන්න ඉංග‍්‍රීසිය පාවිච්චි කරන්න කාලයක් ඒ භාෂාව ඇසුරේ ගත වෙන්න වෙනවා.
සෝමරත්න දිසානායකගෙ වගේ චිත‍්‍රපටි ලංකාවෙ දුවන්නෙ ඒ ගොල්ලො සිනමාව හොඳට දන්න නිසා නෙමෙයි. මිනිස්සු දන්න කතන්දරේම ආයිත් ආයිත් කියන හින්ද. ඉතිහාස කතා ආයිමත් හදන්න කියන්නෙ ඒකයි. චිත‍්‍රපටියක් ඇතුලෙන් කතාවක් කියාගන්න බැරි නං හොඳම දේ දන්න කතාවකට රූප අමුණන එක. එත තැන පල්වෙනවා කියන එක අපේ රටට පුරුදු දෙයක් හින්ද කාටවත් ඒ වැඬේ බෝරිං වෙන්නෙ නෑ. ජනතාව එකතැන පල්වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නොදන්න, ‘සුජාත දියණී’ රසිකයෙක් වුණු ජනාධිපති කෙනෙක් ඉන්න රටේ සිනමාව නෙමෙයි කොයි දෙයක් ගැන වුණත් ඔයිට වඩා තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ.
‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ්ට වෙනවා කන්ද ළ`ගට යන්න’
ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයා කියන කෙනා තාම හැදිලා නැති එක ඇත්ත. ඒත් පේ‍්‍රක්‍ෂකයා නැති රටක සිනමාකරුවා හැදුනෙ කොහොමද කියන එකත් ප‍්‍රශ්නයක්. රටක ආර්ට් එකක් ඒ රටට ඓන්ද්‍රිය වෙන්න ඕන. යුද්දෙට පක්ෂ වෙන්න පුළුවන්, යුධ විරෝධී වෙන්න පුළුවන් ඒක රටේ මිනිස්සුන්ගෙ භාව කලාපයක් හරහා ඇතුල් කරන එකයි ආර්ටිස්ට් කෙනෙක් මුහුණදෙන අභියෝගය. එහෙම නැතුව තමන්ගෙ දැනුම මට්ටමට මිනිස්සු එනකං බලන් ඉන්න එක වෙන ඕන විෂයකට ගැළපුණත් වුණත් ආර්ට් වලදි නම් අසනීපයක්. අපේ සිනමාව ගැන කතා කරන ගොඩක් දෙනෙකුට මේ පැල්ම (දීප්ති නිතර කතා කරන වචනයක්) අහුවෙන්නෙ නෑ. හරියට ලංකාවෙ වාමාංශිකයන්ට වැරදුණ තැනින්ම වමට දීගෙන හැදෙන රටේ කලාවටත් වරදිනවා.
දීප්ති ඉනිඅවන් ගැන කරපු කතාවක් ෆේස් බුක් එක පුරා උණුවට පැතිරුණා. මං කොහොමටත් ආසයි දීප්ති කතා කරනවා අහන්න. ඒත් රැුස්වීම් වලට ඇවිත් චිත‍්‍රපටියක් ගැන එක එක කතා කියනවා අහන්න මට තිබ්බ ආතල් එක දැන් හිඳිලා. දීප්ති හු`ගක් රසට මට බැන්නා. මාධ්‍ය සහ ඒවායෙ කතා කළ හැකි ඇත්ත, කරාබු දාන අයගෙ දේශපාලනය වගේ ගොඩක් කැවිලි අතරන් වෙනස් විදිහක ටොපියකුත් එයාගෙ කටෙන් විසි වුණා.
’මං හඳයට 2006දි කිව්වා ඔය කට්ටියට එන්න දෙන්න එපා කියලා. ආවොත් අපිට කරපු දේම තමයි කරන්නෙ කියල’ මීට ටිකක් වුණත් ළ`ගින් යන කතාවක් එයා එතනදි කිව්වෙ. මේ කියන්නෙ මං හිතන්නෙ 2005දි හඳගම චිත‍්‍රපට සංස්ථාවෙ කෙටි චිත‍්‍රපටි තරගෙකදි ලොකු ෆයිට් එකක් දීලා මං කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කෙටි චිත‍්‍රපටිය තෝරපු එක ගැන වෙන්න ඕන. ඇත්තටමඑ දා එතන හඳයා නොහිටියා නම් ඒ චිත‍්‍රපටිය එළියට එන්නෙ නෑ. ඒක ඇත්ත. ඒත් මං හිතන්නෙ ඒක හඳයාගෙ වගකීම කියල. මං චිත‍්‍රපටි තෝරන්න සිද්ද වෙන තැනක හිටියොත් වෙනස් විදිහක, වෙනස් දේශපාලනයක චිත‍්‍රපටියක් තෝරන එක මගේ වගකීමක්. ඒක මං කරන්න ඕන. හඳයා එදා ඒක කළා. එයා අද කොහොම කරයිද කියල මං දන්නෙ නෑ.
ඒත් දීප්ති මෙතන නොකියා කියන කැත කතාවක් තියෙනවා. ඒ තමයි තමන්ට තර්ජනයක් වෙනවා කියල දන්නවා නම් ඒ දේවල් එළියට එන්න ඉඩ දෙන්න එපා කියන එක. තමන්ගෙ අදහස් වලට හෝ තමන්ගේ කලාවට යම් හෙයකින් විරුද්දව යන දේශපාලනයක් දරනවා නම් වාරණය කළ යුතුයි කියන එක එදා එක්ස් පක්ෂයේ නායකයා ලැජ්ජා නැතුව ප‍්‍රසිද්දියෙ කියනවා.
ලංකාවෙ ගොඩක් හොඳ වැඩ කුණු ගොඩට වැටෙන්න හේතුව මේක. ලංකාවෙ පශ්චාත් නූතන යැයි කියාගන්නා පක්ෂ වලට පවා ගැලවෙන්න බැරි සංස්කෘතික අවුල මේක. තමන්ට වෙනස් පැවැත්මක් වාරණය කරන්න තමන්ගෙ බලය පාවිච්චි කරන එක. මට අනුව ඒක අන්ත පසුගාමී තත්වයක් සහ එතනදි දීප්ති මහින්ද රාජපක්ෂටත් වඩා තමන්ගෙ ඇත්ත මිටිකමක් ප‍්‍රදර්ශනය කරනවා.
ලංකාවෙ සිනමාව කියන කලාපෙ ගැන දීප්ති මෙතනදි එළි කරන්නෙ තිත්ත ඇත්තක්. වෙනස් විදිහක සිනමාවක් එන්න ප‍්‍රවීනයි කියන අය ඉඩ දෙන්නෙ නෑ. ඒ අය තමන්ගෙ හැකියාවන් ගැන බරපතල අවිශ්වාසයකින් පෙළෙනවා. ණයට ගත්ත සිනමා භාෂාව නිසා කොයි වෙලාවක අහෝසි වෙලා යාවිද කියල සැකයි. මට අනුව තමන්ගෙ දේශපාලනය හෝ තමන්ගෙ කලාව කරන කෙනෙකුට තවත් අලූත් අදහසක් මුණගැහෙනවා කියන්නෙ ලොකු සතුටක්. අලූත් සිනමාවකට ඉඩක් හදනවා කියන්නෙ ලොකු බලාපොරොත්තුවක්.
ඒත් අවංකකම වෙනුවට වංකකම මූලික සංස්කෘතික සාධකය වෙච්ච,
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.
-චින්තන ධර්මදාස
ඇත්ත කතාව. මට මතකයි, ප්‍රේමසිරි කේමදාසයන් කියනව, කලාකරුවා තමන්ගේ පොළොවේ මුල් බැහැගත්තු කෙනෙක් වෙන්න ඕනි වගේ දෙයක්. අනිත් එක ඔය ප්‍රවීණ අයගේ වාරණය. ඕක සංගීත ක්ෂේත්‍රයෙත් තියෙනවනෙ.
ReplyDeleteදැන් එතකොට චින්තන චිත්‍රපටියක් කරන්නේ කවදාද?
ReplyDelete