Monday, March 25, 2013

දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල

සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි‍්‍රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා විදිහට ඒක ජේබී දිසානායකට කරන්න බෑ. වචන කීපයක් එහාට මෙහාට පෙරළනවාට වඩා එහා දේශපාලනික සංස්කෘතික අවකාශයක් දක්වා ඒ වාග් මනෝමය සම්බන්ධතා එලිපෙහෙලි කරන්න පොඩි නිර්මාණශීලී කෑල්ලකුත්  ඕන. සන්නස්ගලට ඒක සෑහෙන දුරට තිබ්බත්  ඕන කරන විෂයික පරාසය හා විනය නැති හින්ද ටිකක් මතුපිට හරියක නවතිනවා. (මට කොහෙත්ම ඒ ගැන දැනුමක් නෑ)

සන්නා මෑතක කියපු ලස්සන කතාවක් ෆේස් බුක් එකේ දැක්කා. නිහාල් නෙල්සන්ගෙ ‘ගුනෙ අයියගෙ බජව් දාන කාමරේ’ ගැන.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ

මේ වචන හේමසිරි හල්පිට නැතුව මහගමසේකර ලිව්වා කියල හිතන්න සන්නා යෝජනා කරනවා. එතකොට දැනෙන සම්භාව්‍ය ෆීල් එක ඇයි නිහාල් කියද්දි අපිට මග ඇරෙන්නෙ. එතන තියෙන්නෙ සම්භාව්‍ය කැම්පේන් එකකට අපි දන්නෙ නැතුව අහුවුන තැනක්. අමරදේව හෝ නන්දා මාලනී කියන මඤ්ඤං සිංදුවක් වුනත් මාර වෙන්නෙයි ලංකාවෙ පට්ට වැඩ ටිකක් අපිට මග ඇරෙන්නෙයි අපි ඇත්තටම රසයක් නාඳුනන සමාජයක් හින්ද. කවුරු හරි, ඉස්කෝලෙ හරි, විශ්ව විද්‍යාලෙ හරි මේක තමයි මාර කිව්වොත් අපිට අපේ මාර එකක් ගැන ඉන් එහා දැනීමක් නෑ. ඒක අපේ අධ්‍යාපනය කියල දෙන සංස්කෘතික දැනුමෙ තරම. ඉතින් අපි අතර ඉන්න ගොඩක් අය ලියන, කියන දේවල් මොනවද කියල ඒ ගොල්ලො දන්නෙ නෑ. අර සම්භාව්‍ය කියන වගේ එකට ට‍්‍රයි කරනවා. ෆිල්ම් වල ඒක කාන්, බර්ලින් වගේ චිත‍්‍රපටි උළෙල වලින් තීන්දු කරනවා. සංගීතයෙ ඒක අමරදේව ළ`ගින් නතර වෙනවා.

නිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල වගේම අපි නොදැක්කා වගේ හිටපු තවත් ගායකයෙක්. ලංකාවෙ ටැරන්ටිනෝ චිත‍්‍රපටියක් කරනවා නම් එයා මෙහේ සංගීතයෙන් පාවිච්චි කරන්නෙ එක්කො නිහාල් නෙල්සන් නැත්තං එම්එස් ප‍්‍රනාන්දු. ඒ ඉන්දියාවෙන් එහාට ගිය වෙනස් සංගීතයක වෙනස් ත‍්‍රිල් එකක් ඇතුලෙ ඔරිජිනල් ලංකාවෙ අත්දැකීම් කියන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා.
ඒත් අපි දන්නෙ නෑ අඳුර ගන්න
කවුරු හරි කිව්වොත් මිසක

ඒත් මේ සාහිත්යඉක වෙනස සමාජ මනෝ විද්‍යාත්මක අවකාශයක් එක්ක විධිමත් විග‍්‍රහයකට යන්න සන්නාට බෑ. ඒක එයාගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරැුද්දක්. අපේ විශ්ව විද්‍යාල ඇතුලෙ ඒ නිර්මාණාත්මක බව නෑ.

යුද්දෙන් පස්සෙ මං ඒ වගේ අහපු තවත් මරු ලයින් එකක් ‘කැබිතිගොල්ලෑව වගේ කට්ටියම වැටිලා’ කියන එක. යුද්දෙදි කැබිතිගොල්ලෑවෙ මළ සිරුරු විසිරිලා තිබ්බා වගේ දැන් බීලා වැටිලා ඉන්න උන් ගැන ලයිව් චිත‍්‍රයක් දෙන්න ඒ ලයින් එක මරේ මරු. අනිත් පැත්තෙන් යුද්දය ගැන අත්දැකීම් වෙනස් වින්දන කලාපයන් කරා තල්ලූ වෙන හැටි ගැන ටිකක් ගැඹුරු කතාවකුත් මෙතන තියෙනවා. මේවා සමාජ මනස ගැන විකෘත නොවූ ගවේෂණ කලාප විදිහටයි මට තේරෙන්නෙ. ඒත් අපි  දේශපාලනය සමාජ විද්‍යාව වගේ දේවල් කරන්නෙ පොත් උඩ විතරයි. අපේ සිදතා කියන විදිහට,

‘ඔෂොලා ක‍්‍රිෂ්ණමූර්තිලා හොඳයි කියවන්න. කරන්න ගියොත් කෙළ වෙනවා’
-සිදත් අර්චන

අනිත් එක කට කතා.
‘දැන් බීබීඑස් අලූත්ම යෝජනාව එන්නෙ කොත්තුවට විරුද්දවලූ. ඒ කොත්තුවෙ සද්දෙ නිසා ශබ්ද දූෂණය වෙනවා කියල. කොත්තු කඩ ගොඩක් කරන්නෙ මුස්ලිම් අය හින්ද ඒ හරහා තව අර්බුදයක් පටන් අරන් එතනින් මුස්ලිම් පල්ලියෙ ලවුඞ්ස්පීකරේ දක්වා ශබ්ද දූෂණ ප‍්‍රශ්නෙ ලොකු කර ගන්නවලූ. මේ නිසා එන යෝජනාව කොත්තුව ගොළු කිරීම. සද්ද නැතුව කොත්තු හැදීම. එතකොට අපි කන්නෙ ගොළු කොත්තු’
මේ කතාවෙ ඇත්ත නැත්ත මොනවා වුනත් ෆික්ෂන් එකක් විදිහටත් ඒක මරු. මොකද අපිට හිනා යන්නෙ ඇත්තත් ඒ තරමටම ළ`ග හින්ද. ගොළු කොත්තු කියන්නෙ මාර සංස්කෘතික වෙනසක්. ටවුන් වල පාළුව කපපු, රහ ගැන කියපු ඒ සද්දෙ ගොළු කරන එක අමරදේව නැති වෙනවට වඩා අපරාදයක්. ලංකාවෙ සංගීතෙට වඩා ඇත්තටම රැක ගන්න  ඕන නොයිස් (සද්ද). අපේ සංස්කෘතිය ගැන ලොකු කතන්දර කියන කවුරුවත් මේ වෙනකං අපේ සද්ද සංස්කෘතිය ගැන කතා කරලා නෑ. (මං මේ අත තියන්නෙ අජිත් කුමාරසිරි ගෙ කලාපයකට). අජිත් ඒකට පාවිච්චි කරන්නෙ නොයිස් කන්ස්ටිටියුෂන් එක. සද්ද ව්‍යවස්ථාව. මට අනුව නොයිස් කල්චර් එක. කොත්තුවෙ සද්දෙ කියන්නෙ අපේ නාගරික සද්ද සංස්කෘතියෙ ලොකු කොටසක්. ඇත්තටම ? කල්චර් එක කියල ඉතුරු වුනේ එච්චරයි. මට ගොළු කොත්තුව ගැන අදහස මාර වෙන්නෙත් බීබීඑස් ගැන ඒක මරු විග‍්‍රහයක් වෙන්නෙත් මේ ලොකු කතාව හින්ද. අනික ඒක දේශපාලනය ගැන හන්දියෙ ප‍්‍රජා අදහසක්. පත්තර අදහසක් නෙමෙයි.

මෙච්චර වෙලා වත්තල පැත්තට ආපු මං දැන් මත්තලට මාරු වෙනවා. මත්තල එයාර් පෝර්ට් එක ගැන ප‍්‍රචාරක දැන්වීම් ටික තරම් අවංක දැන්වීම් පෙළක් මං දැකලා නැති තරං. මත්තල ගැන හැම සීරියස් සංවාදයක්ම එතනින් කැන්සල් වෙනවා කියලයි මං හිතන්නෙ. මත්තල කියන්නෙ ළමයින්ට සෙල්ලම් කරන්න හදපු තැනක් කියලයි සම්පූර්ණ ඇඞ්වර්ටයිසින් කන්සෙප්ට් එක වුනේ. එයාර් පෝර්ට් එකක් විදිහට ඒකෙන් ලැබෙන සේවාවන් ගැනවත් ඒකෙ තියෙන පහසුකම් ගැනවත් නෙමෙයි කතාව තිබුනෙ. පොල්ල යටින් කකුල දාගෙන බයිසිකල් පදින කොලූ ගැටවුන්ට සහ ලංකාවෙ පළවෙනියා ගත්ත දරුවා ඇතුළු ප්ලේන් සෙල්ලම් කරන්න කැමති ගොඩක් දරුවන් වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එක විවෘත වෙන වග කියන එක මං හිතන්නෙ හරිම අවංක කතාවක්.

එක පැත්තකින් ඒක ළමයින් වෙනුවෙන් හදපු ගුවන් තොටුපොල වග කියන ගමන් අනිත් පැත්තෙන් ලෝකයේ හුරතල්ම ළමා පරපුර වුණු සමස්ත ලාංකේය ජනතාව වෙනුවෙන් මත්තල එයාර් පෝර්ට් එකක් අරින වගත් කියනවා. කියන දෙයක් විතරක් බාර ගන්න වෙන දෙයක් වෙනකං බලන් ඉන්න අපි තරම් හොඳ ළමයි ඉන්න රට කොහෙද? ඒ ළමයින්ට සෙල්ලං කරන්න එයාර් පෝර්ට්, වරායවල් හදන ආදර්ශමත් වෙනත් රටක් කොහෙද? ගොසිප් වලට කමෙන්ට්ස් දාන ‘හසන්ත සහ සූරියප්පෙරුම’ මේක කිව්වා නං හු`ගක් ලස්සනට කියනවා.

ඒ විදිහෙන් විචාර අදහස් පළ වෙන එකත් හරි අලූත් නිර්මාණ කලාපයක්. ‘මට සිද්දිමය දත්ත වලට වඩා වටින්නේ දෙන්නේ ප‍්‍රමෝදමය සත්‍යයන්’ (ඔලූව ඇතුලෙ අවබෝධයේ ත‍්‍රිල් එක දෙන) කියල මං කැමතිම ඩිරෙක්ටර් කෙනෙක් වුණු වර්නර් හර්සොග් කියනවා.

4 comments:

  1. නිහාල් නෙල්සන්ව ඒ කාලේ හැදින්නුවේ පීචන් ගායකයෙක් කියලා. ඒත් අද ඉන්න ප්‍රබුද්ධයි කියන ගායකයන්ට වඩා නිහාල් ප්‍රබුද්ධයි.

    කොටින්ම යුගයේ බලාපොරොත්තුව කසුන් කල්හාරත් පැණි වෙළෙන්දෙක්.

    ප.ලි: කමෙන්ට් නොකළට හැමදාම කියවනවා. හැමදාම වෙනස් ඉසව් ඔස්සේ එක්කන් යනවට මෙන්න තොත්තු.

    ReplyDelete
    Replies
    1. නිහාල් රසිකයන්ට ආදරෙයි.. රසිකයොත් නිහාල්ට ආදරෙයි.
      අමර්දේවලා ප්‍රභුද්ධයි.. එයාගෙම ඒවා විතරක් අහන අයත් මාර එයා වගේම ප්‍රභුද්ධයි.. දන්නෝ දනිති.

      Delete
  2. හිතන්න යමක් දෙන, බොක්කටම වදින ලිපියක්. මේ මට අද හිතෙන හැටි - මගේ පුද්ගලික අදහස වගේම හෙට මෙහෙම නොහිතෙන්නත් පුළුවන්.

    අමරදේවල, නන්දා මාලනීල වගේම, ජෝතිපාලල, නිහාල් නෙල්සන්ලත් ඉන්න ඕනෙ. මං බස් අජියගෙ සිංදුවලට කැමතියි, ඒක මගේ කැමැත්ත. සමහර අය අකමැති ඇති, ඒකට අවුලක් නෑ. සම්භාව්‍ය කැම්පේන් එකට අහුවීමේ කතාව ඇත්ත නමුත්, ඒකට නවත්වන්න බෑ වගේම අවශය්‍යත් නෑ කියලයි මට හිතෙන්නෙ. එකම විදිහේ රසයක් ඇති,එකම විදිහට හිතන මෙලෝ රහක් නැති,සමාජයක් අපට අවශ්‍යද? එකම විදිහේ ඇඳුම් ඇඳගත්, රතු පොත් පිංචක්, බයිබලය මෙන් කටපාඩම් කල මාවෝ යුගයේ චීනය මතකයට එනවා.

    විවිධත්වය , වෙනස් විදිහට හිතීම හොඳයි. කොත්තු තියෙන්නත් ඕනෙ, සද්දෙ තියෙන්නත් ඕනෙ, ජීනීවාත් ඕනෙ, ඩ්‍රෝන් එයාක්‍රාෆ්ට් වලින් කෙලල ඇරල" කොලැටරල් ඩැමේජ්" තිබුනත් ඇමෙරිකාවත් තියෙන්න ඕනෙ. කොටින්ම ඊස්රායලයත් ඕනෙ, ඇයි, අරාබියොත් ඔය කියන තරම් අහිංසක, සාධාරණ සත්තු නොවන නිසා. ලංකාවෙ මුසල්මානුවන් ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි. අන්තවාදී ජාතිවාදය සාධාරණීකරනයක් මෙයින් අදහස් කරන්නෙ නෑ. සුළුජාතීන්ට "මහ ජාතිය" දැමීම වැරදි වැඩක්, ඒත් ඔවුන් කල්ලි ගැසී යටිකූට්‍ටු වැඩ කරනවා නම්, අප ඒ ගැන විමසිලිමත් වීම, සරීර සවුක්කියට සුබ දාය්කය

    අන්තිමට කියන්න තියෙන්නෙ, හැමදේම සාපේක්ෂයි කියලයි

    ReplyDelete
  3. High "Five Five Five Five Five" Anonymous

    ReplyDelete