Tuesday, May 7, 2013

එරෙහිව උඩු සුළං අහුරට


පරාගේ ‘කල්ට්’ එකට පනහ පිරුණ. චැනල් මාරු වුණත් පරා එක දිගට කරගෙන එන වැඩක තුන්වෙනි චැප්ටර් එක විදිහටයි කල්ට් ගන්න වෙන්නෙ. ආර්ට් එක, ඊට පස්සෙ ස්වරූපන, ඊළ`ගට කල්ට්. අපි ඇත්තටම කරන වැඬේ වෙන්නෙ අපිටත් නොදැනීම අපිත් එක වැඩෙන මේ වගේ වැඩ කියලයි මට හිතෙන්නෙ.

කල්ට් නම මේ ප්‍රෝග‍්‍රෑම් එකට දුන්නා කියලා මාව කියවන ගොඩක් අය එක එක විදිහෙ චෝදනා කළා. ඒත් පරාගෙ වැඬේට ඒ නම දෙන්න මං කැමති වුණා. එකක් කල්ට් කියන නම ප‍්‍රධාන ධාරවෙ චැනල් එකකට අරන් එන එකමත් මට ලොකු වැඩක්. මං පත්තරේ බ්ලොග් එකේ ලියන කල්ට් වලට වඩා පරා ගෙ කල්ට් එක වෙනස්. ඒත් ටීවී මාධ්‍ය ඇතුලෙ පරා කරන්නෙත් කල්ට් වැඩක්. කවදාවත් ටීවී සංවාදයක් ඇතුලෙ ඉඩ නොදෙන අදහස් ධාරාවකට පරා වේදිකාවක් හදනවා. ඒ අදහස් පුළුවන් තරමක් නොකපා ටීවී තිරය උඩට අතාරින්න ඌ ට‍්‍රයි කරනවා.

ලියන කියන එක වගේම ඒ ලියන කියන දේවල් එලියට ගේන්න ඉඩ හදන එක කියන්නෙත් වෙනම විෂයක්. මාධ්‍ය ඇතුලෙ ඒ වෙනස් අදහස් වෙනුවෙන් පොඩි හරි ඉඩක් හදන්න උන්ට කන්න වෙන කට්ට දන්න හින්දම මට උන් ගැන තියෙන්නෙ ආදරයක්. ගෞරවයක්.

පරාගෙ කියවීම් වල සීමා තියෙනවා. හු`ගක් රොමැන්ටික් වෙන එක ඇතුලෙ පරා වියමන දුර්වල කර ගන්නවා කියලයි මං දකින්නෙ. ආදරේ ගැන වගේම ආර්ට් ගැනත් රොමැන්ටික් වෙන එක බයානකයි.

මොනවා වුණත් පරා මේ ආර්ට් ගැන කරන ස`ගරාමය වැඩසටහනට රූපවාහිනී මාධ්‍යය ඇතුලෙ අනන්‍යතාවයක් තියෙනවා. කොයි ච ැනල් එකක කොයි ටයිට්ල් එකකින් වුණත් උගේ වැඬේ වෙනම අඳුරගන්න පුළුවන් භාවිතාවක් තියෙනවා. වෙනස් ප‍්‍රාග්ධන හිමියන් යටතේ වුනත් තමන්ගෙ එකම ආකෘතියක්, පොඩි වුණත් අතුරු ව්‍යවස්තාවක් පවත්වාගෙන එන්න පුළුවන් වීම පරාගේ සුවිශේෂයක්. පොඩි හෝ ලොකු ලැබෙන ඉඩ ඇතුලෙ ඌ තමන්ගෙ වැඬේ කළා.

නිදහස හෝ ප‍්‍රාග්ධනය හෝ මොනයම් කොන්දේසියක් හෝ ඉස්සරහට ගනිමින් චෝදනා කරනවා ඇරෙන්න වෙන කිසි විවෘත වීමක්, ව්‍යාප්ත වීමක් නොවෙන අපේ ආර්ට් කරන ගොඩක් දෙනෙකුට වඩා මේ සීමා ඇතුලෙ යන්තම් ෆුට් බෝඞ් එකේ ඉඳගෙන හරි තමන්ගෙ සිංදුව කියන උන් අතින් සමාජෙට වැඩක් වෙනවා කියල මං හිතන්නෙ. ඇහැලියගොඩින්, අම්පාරෙන් කිසි ඇඳුනුම්කමක් නැති අලූත් කොලූ ගැටව් කෝල් කර කර ෆිල්ම් හොයද්දි අපි දුර ඇවිදලා විත්තිය දැනෙනවා.

පරා, 50 කියන්නෙ අමුතු වයසක්. පරණ විදිහටම ගියොත් නාකි වෙනවා. අලූත් වුනොත් ආයිමත් තිරිහන් වෙනවා.

අද උදේ එන ගමන් කිරුළ අහගෙන ආවා. මං හිතන්නෙ අද කිරුළෙ අන්තිම දවසද කොහෙද. මුල පටන් ගත්ත තැන ඉඳන් ආවර්ජනයක් කරනවා මං අහගෙන. හිතුවත් වගේම කිරුළට වැඩි ආයුසක් තිබුණෙ නෑ. කණගාටුදායක කාරණේ වෙන්නෙ එහෙම කියන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල තේරුමක් තියෙන ච ැනල් එකකට පැවැත්මක් අහිමි එක. අදහසක් නැතුව ඉබාගාතේ සිංදු කිය කිය මිනිස්සු දක්කන ච ැනල් අංක එකට යද්දි හිස් නැති හිස් කීපයක් හරි ඇති කියන විශ්වාසෙන් කරන චැනල් බිංදුවට යන එකෙනේ එලිවෙන රටේ යතාර්ථයක් තියෙනවා. අපි ජීවත් වෙන්නෙ පිස්සන්ට ගිය රටක. රටේ දේශපාලනය, මාධ්‍ය වගේම ජනතාවත් යලි යලිත් ඔප්පු කරන ඇත්ත ඒක.

මේ විදිහෙ වෙනස් අදහසක් ඇතුව කරන ව්‍යාපෘති ෆේල් වෙන්න මූලික හේතුව බුද්ධිමත් හෝ විකල්ප හෝ වෙනයම් අර්ථයක් ඇති වැඩක් කරමින් ඉන්නවා කියල සමාජගත වෙන පිරිස් ඇත්තටම හිස් බෙලෙක්ක වලට වැඩි යමක් නොවෙන එක. යම් අදහසක් හෝ වෙනසක් වෙනුවෙන් එකතු වෙද්දි ඒකෙ මාධ්‍ය අයිතිය, ප‍්‍රාග්ධනය, කන්‍යාභාවය වගේ තවත් දහසකුත් දේවල් හොය හොයා ඉන්න එකෙන් සහ දහසකුත් දේශපාලන කතා වලින් ප‍්‍රතිවිරෝධතා මතු කරන එකෙන් වෙන්නෙ එක සරල දෙයයි. ඒ පවතින මෝඩ සංස්කෘතික පරිසරය තිරසාර කිරීමම විතරයි. ලංකාවෙ කලා හෝ දේශපාලන හෝ බරපතල අදහස් නියෝජනය කරන ගොඩක් දෙනෙක් මේ අපරාදයට වග කියන්න  ඕන. ඇත්තටම ඒ ප‍්‍රබුද්ධ, දේශපාලනික, විකල්ප කියන සුළු අදහස් කණ්ඩායම් කියන්නෙත් වෙනම අනන්‍යතා වෙළඳ පොලක් වෙනුවෙන් පොරකන පිරිසක් විතරයි. ඒ අනන්‍යතාවය ලේසියෙන් සහ පහසුවෙන් පවත්වාගෙන යන්න පිටත විශාල මෝඩ අවකාශයක් පැවතීමේ වාසිය විතරයි ඒ පේමන්ට්කාර විකල්පයන් හොයන්නෙ.

අදහසක් වෙනුවෙන් එකතු වෙන්න, අලූත් පරාසයන් විවෘත කර ගන්න ලංකාවෙ අදහස් පිරිස් ලෑස්ති නෑ. ඒ වෙනුවට ආයිමත් ආයිමත් දූපත් විදිහට ජීවත් වීමේ ආරක්‍ෂාව ඒ අය ස්වයං වින්දනය කරනවා. ප‍්‍රාග්ධනයට හෝ ධනවාදයට විරුද්ධව කතා කරන පිරිස් ප‍්‍රාග්ධන හිමියන්ට හෝ ධනපතීන්ටත් වඩා මුදල ගැන උනන්දු වෙනවා. හැම සංස්කෘතික මිම්මක්ම එතනදි මැනෙන්නෙ මුදල් අයිතියෙන්.

කිරුළ පිළිගන්න අකමැති වුණු මේ විකල්ප දූපත් ජනතාවගේ අදහස් මට ඇහුණ. ප‍්‍රධාන ධාරාවට වඩා විකල්පය සිතීමක් විදිහටම සීමිතයි, මට හිතුණ. මොනවා වුණත් කිරුළ අදින් පස්සෙ නෑසී යාවි. ඒත් කිංග්ස්ලි උඹ හොඳ වැඩක් කළා. හෙට ආයිමත් අල ගෝනි වික්කත් අද කරපු හොඳ ඒකෙන් අවතක්සේරු වෙන්නෙ නෑ. විකල්පයක් නැති රටක විකල්පයක් වෙනුවෙන් චැනල් එකක් කරපු එක මකන්න බැරි රේඩියෝ සළකුණක් වේවි.

කිරුළ උඹට ආයිබෝවන් මචං. ආයිමත් පුළුවන් වුණු දවසක අපි මුණගැහෙමු.

චින්තන ධර්මදාස




1 comment:

  1. උඹ මතු කරන කාරණයට මේ බ්ලොග් පෝස්ට් එකත් අදාලයි මන් හිතන්නේ. කියවන නොකියවන එක උඹට බාරයි, මම මගේ යුතුකම කළා..!

    ansathudinapotha.blogspot.com/2013/05/after-down-town-pulse.html

    ReplyDelete