Sunday, September 7, 2014

ඔබටත් එහි අසුනක් නැත.


මේ ටයිට්ල් එක ගත්තෙ පොඩි තිසරගෙන්. ෆෙස්ටිවල් එකේ ෆිල්ම් බලන්න ඇවිල්ලා හැරිලා යන මහා ජනකාය මැද්දෙ අපිත් ඉඳිද්දි පොඩියා ජොලියට කිව්ව කතාවක් ඒක.

ෆෙස්ටිවල් එකේ පෙන්නන කිසිම ෆිල්ම් එකකට ඇ`ගිල්ලක් ගහන්න බැරි තරම් සෙන`ග. බලන්න  ඕන නම් පැය දෙකකට විතර කලින් පෝලිමේ හිටගන්න වෙනවා. හැරිලා එන්න වුණත් මට තිබුණෙ ත‍්‍රිල් එකක්. ෆිල්ම් බලන්න මෙහෙම මිනිස්සු ආවෙ කවදද? ඇරත් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් බලන්න. සිරි පැරකුම් වගේ නම් හිතාගන්න තිබ්බා.

‘පළවෙනි වතාවට නොමිලේ පෙන්නන ෆිල්ම් දෙකක්ම හවුස් ෆුල්’
මං ෆේස් බුක් කමෙන්ට් එකක දැක්කා.

මිනිස්සු රණ්ඩු වෙනවා පෝලිමේ ඉඳගෙන ඇතුළට රිංගගන්න. දුර ඉඳන් ආපු අය අ`ඩ අ`ඩා ආපහු යනවා. වතුර, කෑම, පඩිය ප‍්‍රශ්නයක් වෙච්ච ලංකාවෙ මිනිස්සුන්ට පළවෙනි වතාවට චිත‍්‍රපටිත් ප‍්‍රශ්නයක් වෙලා. ඒක මරු.

දවස පුරා ඇවිද ඇවිද චිත‍්‍රපටි බලලා රෑ වෙලා ගෙදර ඇවිත් බලපු ෆිල්ම් ගැන කයිය ගගහා නිදාගන්න පුළුවන් කික් එකක් තියෙන දවස් කීපයක්. ෆෙස්ටිවල් එකේ වැදගත්ම දේ වෙන්නෙ පෙන්නන චිත‍්‍රපටි නෙමෙයි. මේ විදිහට එකතු කරන සංස්කෘතිය. චිත‍්‍රපටි අතරෙ මුණගැහෙන යාලූවො. හවුස් ෆුල් වෙලා එලියට වැටුණම කොහේ හරි බීර බිබී ඊළ`ග එක පටන්ගන්න කල් ගතවෙන පැය කීපය.

හඳයා ෆෙස්ටිවල් එක පටන් ගනිද්දි කිව්වා වගේ ‘මේක ලංකාවෙ ජීවිතය වෙනස් කරන සතියක් වීම’ කොහොම වුණත් දවස් කීපෙකට හරි කීපදෙනෙකුගෙ හරි ජීවිත ජීවත් කරන සතියක්. හුස්ම ගත්තම දැනෙන්නෙ සිනමාව ගානට කොළඹ සිනමාකරණය වෙච්ච සතියක්.

හැම දෙයක්ම පොසිටිව් විදිහට ගලාගෙන යද්දි ටිකක් වෙනස් විදිහක අදහසක් ලංකා නිව්ස් වෙබ් එකේ පළවුණා. ඒක වැඬේ ගැන නිර්ණාමික විවේචනයක්. නොදැක්කා වගේ ඉන්න එක හොඳම ප‍්‍රතික්‍ෂේප කිරීමේ විදිහ කියල ගොඩක් අය හිතපු නිසාද කොහෙද ඒක වැඩිය ෂෙයාර් වුණේ නෑ.

මඩක්, ඉරිසියාවක් වගේ ගොඩක් සරල කපා දැමීම් වලින් මේ හුදකලා ලියමන බැහැර කරන්න පුළුවන් වුණත් මං කැමතියි අපේ විනෝදයට විරුද්ද අදහස් වලට. ඒ විදිහෙන් එක එක පැත්තෙන් දේවල් කැපෙනවට කෙටෙනවට. ඒකෙන් පොඩි බැලන්ස් එකක් හැදෙනවා. ඒක හින්ද ඒ ලියමන මං පත්තරේට ගේන්න තීරණය කළා.

-”බොහෝ දෙනෙක් මේ දිනවල උනන්දුවෙන් කථාකරන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පාඨය ‘ඔබට අසුනක් එහි ඇත’. නමුත් අපිට අසන්නට ප‍්‍රශ්ණයක් තිබේ. මෙවැනි ප‍්‍රශ්ණ කිරීම් බොහෝ දෙනෙකුගේ ආතල් කඩනා බවට සැකයක් නැත. විමුක්ති ජයසුන්දර, බූඩි කීර්තිසේන වැනි අයගෙන් අපි මෙවැනි පන්නයේ අසන්නට යන්නේ නැත.
රාජපක්ෂ යුගයේදී සිදුවූ හොදම ක‍්‍රියාවවන්නේ පිළිම ලෙස පෙනී සිටි මේ සමාජයට වින කෙටූ අයගේ පිළිමවල හිස් බව ඒවා කුඩූ පට්ටම් වී ගොස් හීලෑ ”චින්තන පැටවුන්” බවට පත්වූ ආකාරයයි. ජැක්සන් ඇන්තනිගේ සිට විමුක්ති ජයසුන්දර දක්වා සියලූ අය හීලෑ චින්තන පැටවුන් වූ අයුරු ඒ පන්නයේ උදාහරණ වෙයි.
ඒත් තවමත් තැන් තැන් වල විකල්ප ලෙස පෙනී සිටිමින් තවදුරටත් එක් රැුස්කරගන්නා සමාජ ප‍්‍රාග්ධනයෙන් ඊළග සමාජ තලයට පැනීමට හෝ නැතිනම් ‘චින්තන බෝනස්’ ලැබීමට ඞීල් දාගන්නා අයද සමාජය ඉදිරියේ නිරුවත් කිරීම ”කොළඹ ජාත්‍යයන්තර සිනමා ප‍්‍රදර්ශණය ” විසින් සිදුකරන එකම මහගුම කාර්ය බව අපගේ හැගීමයි.
එම නිසා අප මේ ප‍්‍රශ්ණය අසන්නේ සිනමා උළෙලේ අධ්‍යක්ෂක අශෝක හදගමගෙනි’-

ඔය විදිහට වටේම කට්ටියට හරිම එක්සියානු විදිහට නෙළාගෙන ඇවිල්ලා හඳයාව තනි කර ගන්නවා. මේක හරි ලස්සන වැඩක්. උළෙලේ කන්‍යාභාවය ප‍්‍රශ්න කරන මේ ලියමනේ වගඋත්තරකාරයා හඳගම වෙන එක. එක පැත්තකින් මේ ලියන කෙනා ලියමනේ සාරය විදිහට බෙදාගන්නා දේ බෙදා ගත හැකි එකම චරිතෙ විදිහට එයා හඳගමව සළකුණු කරනවා. තමන් හා එකම සාරයක් බෙදාහදා ගනිමින් ජීවත් වෙන අනෙකා කියන්නෙ ආදරයක්. මේක ආදරය ගැන ප‍්‍රශ්නයක්.

-”අශෝක , ඒ කොළඹ අර ඔයා ඉස්සර කියපු කොළඹ, අර හමුදාව පාක් හැදීමේ සිට උද්‍යානයේ ඇවිදිය යුතු මාර්ගය සමබන්ධව පවා අණ දෙන කොළඹ ඔය කියන ලෙස ඉඳ ගැනීමට අසුන් තිබෙද ?
ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කොළඹ ඉන්ඩිපෙන්ට් ආකේඞ් හී ආප්ප කඩයක් දැමීමට වඩා කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල තක්කඩි වන්නේ ඒ අර්ථයෙනි”-

ඔහොම ලියන අතරේ ආණ්ඩුවෙ සැ`ගවුණු ව්‍යාපෘතියක් විදිහට මේ උළෙල සළකුණු කරනවා. මේ දෙක අතර සම්බන්ධය ගැලපීම කොයිතරම් සාධාරණද කියන ප‍්‍රශ්නෙ මට ඉතුරු වුණත් මේ උළෙල අතරෙ කොළඹ ඇත්තට පවතින වෙනස් යතාර්ථයකුත් මතු කරන එක සාධනීය වැඩක්. දේශපාලනිකව ඒක හොඳයි.
ඒත් මේ ඒක මෙහෙම නම් අරක එහෙම වෙන්්නෙ කොහොමද වගේ එකක් මත පිහිටා අනෙක ප‍්‍රශ්න කරන න්‍යාය නම් බොළඳයි. උදා විදිහට කොළඹ මිලිටරීකරණය වී ඇති නිසා කොළඹ සම්මාන උළෙලක් කරන එක ආර්කේඞ් එකේ ආප්ප කඩයක් දාගන්නවා වගේද? මට හිතෙන්නෙ ඒකෙ ප‍්‍රතිවිරුද්ද පැත්ත.

මිලිටරීකරණය වෙලා තියෙන, නිදහස අහිමි කොළඹට වාරණය නොකළ චිත‍්‍රපටි වැස්සක් අරන් එන විප්ලවීයයි. රීගල් මැජෙස්ටික් එම්පයර් වගේ හෝල් වල මේ වගේ ෆිල්ම් නොමිලේ පෙන්නන එක මාරයි. සමහර වෙලාවට හු`ගක් හොඳ දේවල් වෙන්නෙ හු`ගක් නරක කාල වල. කරන්න දෙයක් නෑ. නිදහස අහිමි වීම නරකයි. ඒත් ෆිල්ම් ෆේස්ටිවල් එක හොඳයි. මේ දෙකෙන් එකක් යතාර්ථයක් විදිහට බාර අරන් අනෙකට පහර දෙනවා වෙනුවෙට මේ දෙකම මේ මොහොතෙ පවතින තත්වයන් දෙකක් විදිහට පිළිගන්න තරමට අපි ටිකක් මැචුවර් වෙන්න  ඕන. චතුස්කෝටික වෙන්න  ඕන.

-”කොළඹ යනු හුදු නගරය නොව රාජපක්ෂ රෙජීමයේ මොඩල් එක බවට පත්වී තිබේ. ඒකාධිපති පාලනයේ සියලූ මර්ධනකාරී පිළිවෙත වැසීමේ අයිසින් වැස්ම කොළඹය. ජර්මනියේ හිට්ලර් පාලන සමයේ මොඩලය බවට පත්වූයේ ගේ‍්‍රට් ජර්මනියා ලෙස හැදින්වූ බර්ලින් නගරයි. එවිට එය නිකම්ම එක නගරයක නමක් නොව නොව ඒකාධිපති ව්‍යාපෘතියේ එක් ප‍්‍රබල සංකේතයකි.
රාජපක්ෂ විසින් සිය සහෝදරයාට ආරක්ෂක අමාතංශයේ ලේකම්කම පමණක් නොව නාගරික සංවර්ධන අමාතංශයේ ලේකම්කමද බාර දෙන්නේ තමන්ගෙ ඒකාධිපති මිලිටරිකරණයට අනුව කොළඹ හැදීමටය. ඒ අනුව රාජපක්ෂ රේජීමයේ කොළඹ යනු මීට පෙර තිබූ කොළඹ නෙවේ. අනෙක් කරුණ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ අන්තර්ජාතික සිනමා ප‍්‍රදර්ශණයට මුල්‍ය සහ සියලූ අනුග‍්‍රහ දැක්වීම (නම් සදහන් නොකොට) සම්බන්ධව අප පුදුම විය යුතු නැත”-

මූල්‍ය අනුග‍්‍රහ සැපයීම වගේ කතන්දර ටිකක් භාවාතිෂය වැඩි වුණත් ආණ්ඩුවේ අනුග‍්‍රහයක් නැතුව මේ වගේ උළෙලක් පවත්වන්න බැරි එක සරල ඇත්තක්. ඒ හින්ද ආණඩුව වෙනස් වෙනකල් සිනමා උළෙලක් හෝ ඒ වගේ වැඩක් නොකර බලන් ඉන්නවට වඩා ආණ්ඩුව එක්ක යම් එක`ගතාවයක් ඇතුව ඒ ආර්ට් වැඩ කරන එක අතිශය ප‍්‍රගතිශීලීයි. මොකද මොන ආණ්ඩුව ආවත් ඔය කියන නිදහස සාක්ෂාත් නොවෙන හින්ද.

දේශපාලන වෙනසට වඩා මේ මොහොතෙ වැදගත් සංස්කෘතික වෙනසක් හින්ද. හැමදාම ආණ්ඩුවලට බැණ බැණ වැඩක් නොකර ඉන්න වමේ කම්මැලි මැට්ටන්ට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් වුණත් හඳගම මේ වෙනස බාරගත්ත එක හරි. ඒක හින්ද දෙදරා යන ඒ්කමිතික පරණ වමේ ලව් සම්බන්ධතා ප‍්‍රශ්න වෙන එකත් හරි.

අනිත් පැත්තට ආරක්‍ෂක ලේකම් හරි වෙන ආණ්ඩුවෙ ලොක්කෙක් හරි නිර්නාමිකව මේ වගේ වැඩකට සහාය දෙන්න තීරණය කළා නම් ඒක මරු. කිසිම ආණ්ඩුවක් මෙච්චර කාලෙකට නමක් නොගහා කක්කුස්සියක් වත් විවෘත කරලා නැති අතරෙ මේ විදිහෙ දැවැන්ත විකල්ප වැඩකට එහෙම සහායක් දුන්නා නම් ගෝඨාභයටත් ස්තුතිවන්ත වෙන්න  ඕන. ඒක දියුණු පියවරක්.

මොකද අන්තිමට වැදගත් වෙන්නෙ දියුණු අදහස් කියන එක විතරක් හින්ද. ඒක ආණ්ඩුවෙන් කරනවද වමෙන් කරනවද කියන එක නෙමෙයි. දියුණු අදහස් සමාජගත වෙනවා නම්, හිරවුණු, මිරිකුණු බව වෙනුවට සතුට බෙදාහදා ගැනීම සමාජගත වෙනවා නම් එතනදි ආණ්ඩුව හෝ දේශපාලනය කියන්නෙ ගමේ ප‍්‍රශ්නයක්. මොකද මට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්දව තියෙන ලොකුම විවේචනය නිදහස සහ විනෝදය බාධා කිරීම. සිතීම බාල කිරීම. මේ සිනමා උළෙල වැඩක් විදිහට ඒ සීමාවන් තාවකාලිකව හරි ජයගනිමින් ඉන්නවා.

මට අනුව මේක රාජපක්‍ෂ දේශපාලන සිතීමට (පාලනයට, සීමාවට) ප‍්‍රතිවිරුද්දයි. ඒ ප‍්‍රතිවිරෝධයන් සියල්ල එක විට පැවතිය හැකි වපසරියක් විදිහට ආණ්්ඩුව කොළඹ නිර්මාණය කරනවා නම් එක ලොකු දෙයක්.
ලියුම්කරු ඊට පස්සෙ දැන් ජැක්සන් සහ සෝමරත්නට හිමිවෙලා තියෙන තැන හඳගමලාට විමුක්තිලාට ලැබෙමින් තියෙනවා කියල විශේලේෂණය කරනවා. මට තේරුම් ගන්න බැරි වුණේ ඒක එහෙම වෙනවා නම් අර්බුදයක් වෙන්නෙ කොහොමද කියල. හඳගමට හෝ විමුක්තිට ආණ්ඩුවෙන් තියෙන පුද්ගල ලාභ කියන සොච්චම (මේ ලියුම්කරු ඉ`ගි කරන) පැත්තකින් තිබ්බොත් වඩා හොඳ රූප ආඛ්‍යාන සහ අදහස් ඇති සිනමාවක් ඒ හරහා ඇති වෙන එක ලොකු දෙයක්. මේ වෙසක් නාට්‍ය වගේ චිත‍්‍රපටි වෙනුවට එහෙම නම් දියුණු චිත‍්‍රපටි හැදේවි. ඒවා ආණ්ඩුවට පක්ෂපාත ඒවද නැද්ද කියන එක වෙනම විවේචනයක්. පළවෙනි දේ සිනමාවක් විදිහට ඒවායේ දියුණු ගොඩනැංවීමක් තියෙන එක.

මේ ලියුම්කරු අතිශය ලාංකේය ගැටළුවක් වටෙයි කැරකෙන්නෙ. ඒ සර්ව සම්පූර්ණ හොඳ ප‍්‍රතිරූප හෝ සාරයන් ගැන අපේක්‍ෂාව. ඒක හරියට දූෂණ සිද්ද වෙච්ච නිසා හයිවේ හොඳ නෑ කියනවා වගේ. සල්ලි ගහන නිසා කොළඹ දැන් ලස්සනයි කියල පිළිනොගන්නවා වගේ. මගේ අදහස සල්ලි ගැහීම හෝ දූෂණය නරකයි. ඒත් හයිවේ හැදීම සහ කොළඹ අලංකරණය හොඳයි. එකක් හින්ද අනික හොඳ හෝ නරක වෙන්නෙ නෑ.

මේ ලියමනේ අවසානයෙ ඉතුරු කරන්නෙ දැන් හඳගමලාත් මේ විකල්ප සිනමාකරුවොත් ඉන්නෙ ආණ්ඩුවෙ සාක්කුවෙද කියන ප‍්‍රශ්නෙ. මේ විදිහෙ අනුග‍්‍රහ ලැබීම හරහා ආණ්ඩුවෙ හැම කුණුගොඩක්ම කර ගහන්නත් අන්තිමට ආණ්ඩුවෙ ඡුන්ද කැම්පේන් කරන්නත් මේ චිත‍්‍රපටිකරුවන්ට සිද්ද වෙයිද කියන එක. ඒක ගැන මට උත්තරයක් නෑ. මොකද ඒක පුද්ගලික කාරණයක්. ඒත් එහෙම වුණත් ඒකෙන් කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එක අවුල් කියන්න හේතුවක් නෑ.

මං හිතන්නෙ අපි ඉගෙන ගන්න  ඕන හි`ගන්නාගෙ න්‍යාය. හි`ගන්නෙක් ජීවත් වෙන්නෙ අතපාලා. ඒ මනුස්සයා කන්නෙ අඳින්නෙ අපි දෙන රුපියලෙන් දෙකෙන්. ඒත් කොයි වෙලාවකවත් ඒ මිනිහා ඒ රුපියලට අපිට දෙකට නැමෙන්නෙ නෑ (රුපියල දෙන වෙලාවෙ හැර) අඩු ගානක් දුන්නොත් කුණුහරුපෙන් බණින්නත්, අපේ බලය තුට්ටුවකට මායිම් නොකර ඉන්නත් තියෙන නිදහස සහ අභිමානය ඒ මිනිහා තියාගන්නවා. හි`ගා ගත්ත රුපියලට හි`ගන්නෙක් කවදාවත් ජීවිතේ පාවලා දෙන්නෙ නෑ.

තමන් ගත්ත උදව්වක් හින්ද හැමදාම උදව් කරපු කෙනාට කඹුරන අදහස මධ්‍යම පාංතික එකක්. ඒක හරි මාඤ්ඤමිකයි. අපේ අවශ්‍යතාවය වෙනුවෙන් එක`ගතාවයකට යන්නත් විවේචනය කළ යුතු වෙලාවෙදි විරුද්ධව යන්නත් පූර්ණ නිදහස අපි අපි ළ`ග තියාගන්න  ඕන.
ඒක දේශපාලනික දෙයක් නෙමෙයි. ආත්මීය දෙයක්.

චින්තන ධර්මදාස

11 comments:

  1. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බැලීම

    ReplyDelete
  2. Totally agreed with you. I am also thinking this is the very best project if government had a any insolvent with this or not a part of plus point must be go to the government. Even they are not disturb to the festival. By the way government got a marks.

    ReplyDelete
  3. මිනිහෙක් පඩ සීයක් අරින අතරෙ එක සෙන්ට් පාරක් ස්ප්‍රේ කරනවා..ඒක හරිම සුවඳයි කියලා කෙනෙක් තර්ක කරනවා..බාගෙදා ඒක වැරදි වෙන්න බැහැ. ඒ සෙන්ට් හරිම සුවඳයි..
    හැබැයි එතන පොඩි එකෙක් හිටියනම් කියාවි..ඒ අංකල් සෙන්ට් සුවඳයි කිව්වට මෙතන හරි පඩ ගඳයි නේ කියලා..

    ReplyDelete
  4. එකක් නරක නිසා සියල්ලම නරකයැයි විවේචනය කිරීම අසික්කිත වැඩක්. සිනමා උළෙළ ගැන සහ හඳගම ගැන තියෙන ප්‍රශ්නෙ ටිකක් පැත්තකින් තියල ඇස් ඇරල ආව මිනිස්සු සහ තිබුන උනන්දුව දිහා බැලුව නම් වෙන පාටකින් ඒ ලියුම්කරුට මේක පෙනෙයි. ඒත් මේක වෙන ගමනක (සමහර විට උපසංස්කෘතියක.) ආරම්භයක්.

    ReplyDelete
  5. ගමේ කතාවක් තීනව "බළලා ඉටියෙන් හරි මැටියෙන් කමක් නෑ, මීයො අල්ලනවනං" කියල.

    ආන්ඩුවෙ අනුග්‍රය මේ වගේ දේට ගන්න පුලුවන් උනානං එක හඳයගෙ දස්සකමක් මිසක් දුර්වල කමක් වෙන්නෙ කොහොමද?

    මිනිස්සු මේ ආන්ඩුවට බනින්නෙ ඒකෙ වෙන නර දේ නිසා. ඒත් ඒ වෙනුවට හොඳ දේ ආදේශ කරගන්න පුලුවන්නං, මොන තරං සුන්දර හීනයක්ද. ඒක හීනෙං හරි වෙනවට අකමැති මේ ආන්ඩුව එලෝල බලේ ගන්න බලං ඉන්න පෙරේත කුම්බාන්ඩ පිරිස ව්තරයි.

    ReplyDelete
  6. Wedak kaloth eke naraka dakinna inna pirisa bohomai ape rate.Thamanta karannath be. Karana kenekuta idak denneth ne. Wedaka deweni adiyara thulin yamak therum ganna uthsaha kireemai hari. Koodu hadanna igena ganna giya kakkata wechcha de thamai nethnam oya dos dakinnanta wenne. Wedaka dos hoyala loketa ke gahana aya bohoma denek namak hadaganna, labhayak labanna, wede kadakappal karanna, karana miniha udaseena karanna wage dewalata yanne kuhaka kama ha berikama nisawen. Adath ugath kiyana ethemek ape rata pawa deeme uthsahaya atha erala ne. E aya anungen kala burana aya. Ithin ithihase indala weda karanna ena ekawa winasha karanna kepa unu ape eththo paramparawa thamath innawa. Mamath hethekma 67k dura gewan ewith film thunak beluwa. Welasana polim wala hitiya. Balanna beri unama beera bibee hitiye ne. Thawa weda thibuna karaganna. Ewata giya. Dawas dekak yaluwekuge gedara hitiya. Api igenagaththe " NIKAN hambawena ashwayage dath ganan karanna epa" kiyala. Den hithawi nikan hambawenawa nam ona deyak ganee kiyala. Ne! watinakamak thiyena deka adupadu thibunath wedak ethi kenata prayojana ganna puluwan. Anunta engilla dik karanna kalin thaman genath tikak beluwoth hondai! Wasalayage kema badaginna daraganna beruwa kapu brahmanayata unu de oya eththantath unoth pudumayak newei!

    ReplyDelete
    Replies
    1. නිමල් මහත්තයො, මෙන්න මේ ලින්ක් එකේ ගිහින් ඊලඟ පාර සිංහලෙන්ම කොටල කමෙන්ට් කරන්න.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      ඒක ඔබටත් අපිටත් පහසුවක්. ඔබ එන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකින් නම්, "හෙළකුරු" නම් ඇප් එක දා ගන්න. ස්තූතියි!

      Delete
    2. Hi, I tried that web link
      But still confuse
      Are u able to explain it bit more via my email address

      Delete
  7. තමන්ට IFF ඇතුලට යන්න හම්බ වෙලා තමන්ගේ පවුලට [වෙන අය නෙවෙයි රන්දුලාට ඈ? ] යන්න හමුබුනේ නැති උනාම "ඔබටත් එහි අසුනක් නැත" කියලා බ්ලොග් පොස්ට් දාන එක හරි කුපාඩියි නේද ධර්මදාස? උවමනාවක් තිබ්බා නම් රතු කාපට් උඩින් යන්න ස්වේච්චාවෙන් පොඩි හරි උදව්වක් දුන්නා නම් ඉන්විටෙසමක් ලැබෙනවා නේද?
    තමන්ගේ කුපාඩි කම ලෝකෙට කියාපාන මෙහෙව් බ්ලොග් පොස්ට් දැම්මාම තමන්ගේ පවුලේ ලඟම හිතවත්තු වෙච්චි අපි ඔහෙලට හිනාවෙන්න ඕන මොන කටින්ද කියලා හිතා ගන්න බෑ ධර්මදාස.

    ReplyDelete
  8. දවල්ට ඇඩ් කොම්පැනිවලට මැරෙන්න ලියලා ,රෑ ඉදන් උදේ වෙනකන් කට මැත දොඩවන ධර්මදාසට කටේ කෙල පොදක් වැටෙන්නේ නැතුව යස අගේට මේ වගේ කතා කියන්න පුලුවන්. හෙඩ් ටේබල් එකේ අසුන හම්බවුනා නම් මේවා ලියවෙන්නේ නැහැනේ. හඳයාගෙන් අහපු ප්‍රශ්නේ කන්නාඩියක් ඉස්සරහාට ගිහිල්ලා තමුන්ගෙන්ම ඇහුවොත් තමා හොද, එතකොට කටේ ගද තමාටම දැනේවි

    ReplyDelete