imagine there are more
heavens
it's easy if you try
more hells below us
above us many skies
more hells below us
above us many skies
you may say im a dreamer
but im not the only one
but im not the only one
ජෝන් ලෙනන්ගෙ සිංදුව මම වෙනස් කළා. ලෙනන් මේ සිංදුව කියන්නෙ පවතින විශ්වාසයට විරුද්ධව. පවතින එක ස්වර්ගයක්, එක අපායක් ගැන විශ්වාසය. ඒ වෙනුවට ලෙනන් යෝජනා කරන්නෙ ස්වර්ගයක් හෝ අපායක් නැති ලෝකයක්. අපිට පුළුවන් එකයි බිංදුවයි අතර හිතන්න විතරද? ඇයි ගොඩක් ගැන අදහසක් අපිට නොඑන්නෙ?
ස්වර්ගයන් ගොඩක් ගැන හිතන්න
ඒක එච්චර අමාරු නෑ
අපිට යටින් අපායවල් ගොඩක්
අපිට උඩින් අහසවල් ගොඩක්....
අපි බහුලතාවය, විවිධත්වය, විශාලත්වය, පැතිරීම වෙනුවට හැකිලීමක්, සරලවීමක්, අල්පේච්ඡතාවයක් ප‍්‍රාර්ථනා කරනවා හිතීමෙන්ම. ඒක අපේ තේරුම් ගැනීම ලේසි කළාට විඳීම අවම කරනවා. ජීවිතය ද්විමානී කරනවා.
අපේ ආදරය වුණත් එහෙමයි. අපි අදහන්නෙ මොනොගමස් ආදරයක්. සිංහලෙන් මේ වචනෙට තියෙන්නෙ ඒක- විවාහ සහ ඒක- භාර්යා කියන තේරුම් දෙක. ඉංග‍්‍රීසියෙන් ඊට වඩා පළල් තේරුම් කිරීමක් තිබුනත් මේ සිංහල වචන පිටිපස්සෙ තියෙනවා ඇත්තටම මොනොගමස් ආදරය පදනම් වුණු ප‍්‍රාථමික කොන්දේසි.
ඉංග‍්‍රීසි තේරුමේ හැටියට මොනොගමි කියන්නෙ එක සහකරුවෙක් හෝ සහකාරියක් පමණක් ජීවිත කාලය පුරාම හෝ අවස්ථාවෙන් අවස්ථාවට ඇසුරු කිරීම කියන අදහස (වරකට එක බැගින්). මෙතනදි අපි තේරුම් ගන්නෙ සහ ගන්න කැමති ‘ජීවිත කාලය පුරාම’ කියන ක්ලෝස් එක යටතේ වුනත් සීරියල් මොනොගමි කියන්නෙත් මේ ඒක ස්වාමි- භාර්යා ව‍්‍රතයෙම තව ප‍්‍රභේදයක්. ඒ කියන්නෙ එක පාරකට එක්කෙනා බැගින් ජීවිත කාලයකදි කීපදෙනෙක් සමග සහකරුවන්/සහකාරියන් විදිහට සම්බන්ධ වීම. ක්ලැසිකල් අදහස කොහොම වුනත් ගොඩක් වෙලාවට ප‍්‍රැක්ටිකලි දකින්න තියෙන දේ වෙන්නෙ මේක.
මේකෙ අනිත් පැත්ත පොලිගමි. ඒ කියන්නෙ සහකරුවන් හෝ සහකාරියන් කීප දෙනෙක් සමග එක විට සබඳතා පැවැත්වීම. මේක අපිට සංස්කෘතිකව ඇ`ග කිළිපොලා යන තත්වයක්. ගොඩක් වෙලාවට පිරිමි තමන් සම්බන්ධයෙන් එක`ග වුනත් ගැහැණුන් සම්බන්ධයෙන් එකහෙලා විරුද්ධ වෙන තත්වයක්. මේ සිතීමේ සහ තේරුම් ගැනීමේ නැඹුරුවම තමයි මේ තේරුම් වලට සිංහල වචන සකස් වීම පිටිපස්සෙත් තියෙන්නෙ. මොනොගමි අදහසම ගොඩනැගෙන්නෙ ගැහැනිය කේන්ද්‍ර කරගෙන. ගැහැනිය තමන්ගෙ වත්කමක්, බූදලයක්, උරුමයක් කියන ද්‍රව්‍යමය අදහස උඩ. අදටත් කෑල්ල, බඩුව තැන ඉඳන් වස්තුව රත්තරං වෙනකල් යන්නෙ මේ අදහස් උරුමය.
නිකං හරි සීරියස් ගත්තොත් මේක ව‍්‍රතයක්. ශික්ෂාවක්. ශීලයක්. අපේ ලෞකික පැවැත්ම පවා හෑල්ලූ කරන මේ විදිහෙ අල්පේච්ඡ ව‍්‍රතයකට අපි එක`ග වෙන්නෙ කුමන නිර්වාණයක් පතාගෙනද? අඩුම තරමෙ බහුතරයක් හාමුදුරුවරුවත් මෙතනදි අපි තරම් අල්පේච්ඡ නෑ.
මේක ගොවි උරුමයක්. වෙන විදිහකට කිව්වොත් අවුරුදු දහදාහකට විතර කලින් ඇති වෙච්ච අපේ කෘෂි ආර්ථිකයත් එක්ක ආපු ආකෘතියක්. අවුරුදු ලක්ෂ දෙකක් විතර පරණ මානව ශිෂ්ටාචාරෙ විස්සෙන් එකක විතර කාලයක හැදී වැඩුනු මේ චර්යාව අපිට මේ වෙද්දි ස්වභාවික වෙලා. ජානගත වෙන තරම් ප‍්‍රබල විදිහට මේක ඇතුලෙ අපිව කන්ඩිෂන් කරලා.
තමන්ගේ ඉඩම් වල අයිතිය තමන්ගේම ශුක‍්‍රානු වලින් උපන් අයට පමණක් පැවරීමේ පෞද්ගලික දේපොල උරුමය සම්බන්ධ කාරනයක් මිස එකම සැමියෙක් එකම බිරිඳක් එක්ක ජීවත් වීමේ උවමනාව පිටිපස්සෙ ඇත්ත ආදරයක කොන්දේසි නෑ. ඒත් සාහිත්‍යය, ගීත, සිනමාව විතරක් නෙමෙයි එකී නොකී හැම සන්නිවේදනයක්ම පාවිච්චි කරමින් මේ ඉඩම් අයිතියේ (ශූක‍්‍ර අයිතියේ) කතාව ආදරය විදිහට සනාථ කරනවා.
කෘෂි ආර්ථිකය කාලෙදි අපි ජීවත් වෙන්නෙ අපේ සැබෑ මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ අල්පේච්ඡ අවකාශයක් ඇතුලෙ. එතනදි අපේ ආශා විශ්වය පටුයි. පරිකල්පනය සීමිතයි. ඒත් කෘෂි කටයුතු වලට තාක්‍ෂණය මැදිහත් වෙමින් කීප දෙනෙක් විසින් ගොඩ දෙනෙකුට බත සපයන කාර්මික රටාවක් ඇති වෙනවා.
එතනදි හැමෝටම කුඹුරට බහින්න ඕනි නෑ. ටික දෙනෙක් කුඹුරෙ ඉඳිද්දි වැඩි දෙනෙක් වැඩක් නැතුව ගොඩ ඉන්නවා. එතනදියි අපිට නැවත අපි වෙනුවෙන් අවශ්‍යතා නිෂ්පාදනය කරන්න වෙන්නෙ. අපි දැන් ඉන්නෙ ආශා නිෂ්පාදන ආර්ථිකයක. මූලික අවශ්‍යතා ගැන අදහස ගොඩක් පරණයි. අවුරුද්දෙන් අවුරුද්ද කිසි තේරුමක් නැතත් අපිට අලූත් අයිෆෝන් එක ගන්න ඕන වෙනවා. නැත්තං අපි මැරෙන්න ඉඩ තියෙනවා. අපේ ජීවිත ගත වෙන්න නිමක් නැති ආශා විශ්වයන් අපිට ඕන.
ඒත් අපේ ජීවිත සැකැස්මන් තාම තියෙන්නෙ කෘෂි යුගයෙ. අයිෆෝන් අතට ගත්තට අපි තාම උදැල්ල පැත්තකින් තියල නෑ. ලංකාව වගේ රටක නම් තාම විධායක ජනාධිපතිවරයාගේ මල්ලිව පොරොවෙන් ගහලා මරන තරමට අපි ගොයියො. අපේ මූලික පවුල් සැකැස්ම ගොවි පවුලෙන් වෙනස් කරන ආකෘතියක් අපිට නෑ.
ඒ වෙනුවට අපි කරන්නෙ බොරුව, රැුවටීම සහ නොතකා හැරීම පවුල ඇතුලට ගේන එක. පවුල කියන්නෙ තවදුරටත් වඩාත්ම වංචනික, අතිශය පසුගාමී සහ නිර්මාණාත්මකව විනාශකාරී ආයතනයක් විතරයි. සමාජ කොන්දේසියක් විදිහට හැමෝම අසරණව මේකට එක`ග වෙනවා. තමන්ගේ පුද්ගලික අනාරක්‍ෂිතභාවය නිසා (විශේෂයෙන්ම සමාජ ආරක්‍ෂාවක් නැති අපේ වගේ රටක) මේක ආගමක් මෙන් ආරක්‍ෂා කරනවා. එතනදි වැලැක්විය නොහැකි විදිහට මානසික ආතතීන්ට සහ මානසික රෝගයන්ට ගොදුරු වෙනවා. සමාජ න්‍යාය පත‍්‍රයට එක`ගව ගෙනියන කිසි පවුලක් හොයාගන්න බෑ මානසික රෝගයක් නැති. ඒ හරහා ඊළ`ග පරම්පරාව එලියට එනවා. එන්න එන්නම රෝගී අසහනකාරී සමාජයක් නිර්මානය වෙන්නෙ ඒ විදිහට.
අයිතිය ගැන පොදු පිලිගැනීම ඊට පස්සෙ ආගම වෙනවා. ආගමෙන් ඒක නීතියට එනවා. වැදගත්ම දේ ඒක ආදරයටත් එන එක. නීතියට එක`ගව ආදරය කරන්න පුළුවන්ද? එතකොට ඒක ආදරයද? අඩුම තරමෙ තම තමන්ගෙ පුද්ගලික සීමාවන් ඇතුලෙ පවා නීතිය කඩ කරන්න සිද්ද වෙනවා, ආදරය ජීවත් කරන්න.
මේ ඉඩමේ අයිතිය සහ ආදරය ප‍්‍රවර්ගය එතනින් කුලය, ගෝත‍්‍රය, ජාතිය දක්වා යනවා. පොරොවෙන් කෙටීමේ ඉඳන් හමුදා පිටින් මරා ගැනීම දක්වා විශාල වෙනවා. ඒත් කවුරුවත් මොනොගමි සම්බන්ධයේ ප‍්‍රශ්නය එලියෙ කතා කරන්නෙ නෑ.
ක‍්‍රිස්ටෝපර් රයන් කියන ඇමරිකානු ලේඛකයා එයාගෙ බිරිඳ කැසිල්ඩා එක්ක එකතු වෙලා මානව විද්‍යාත්මක සොයා ගැනීම් හරහා මේ ‘ඒක සහකරු- සහකාරී’ ප‍්‍රමුඛ සම්බන්ධතාව ප‍්‍රශ්න කරනවා. වඩා වැදගත්ම දේ වෙන්නෙ සැමියෙක් සහ බිරිඳක් විදිහටම තමන් ජීවත් වන සංස්ථාවෙ බොරුව එලිපිට කතා කරන්න තරම් ඒ දෙන්නා නිර්භීත වුණු එක. ගොඩක් දෙනෙකුට ඒක දනිස් පණ නැතිවෙන වැඩක්.
එයාලා පෙන්නලා දෙනවා දඩයම් යුගයේදී තිබුණු බෙදාහදා ගැනීම් ක‍්‍රමයෙන් සමාජ සමතුලිතතාව සහ සාමය ආරක්‍ෂා වුන හැටි. මොනොගමි යනු අපේ එක්තරා මෑත අවධියක තෝරා ගැනීමක් මිස ස්වභාවිකයක් නොවෙන හැටි එයා ලෝකෙ පුරා විවිධ ගෝත‍්‍ර ජන වර්ග හැදෑරීම් හරහා ඔප්පු කරනවා දෙනවා. රයන් ඒක ලස්සනට කියනවා.
‘ඒක හරියට අපි වෙජිටේරියන් වෙනවා වගේ. අපි දැන් වෙජිටේරියන් වුනා කියල ඒකෙන් කියවෙන්නෙ නෑ අපේ අතීතයේ මුතුන්මිත්තො සර්වභක්ෂකයන් නෙමෙයි කියල. අපි හදිස්සියේ වෙජිටේරියන් වුනා කියල බේකන් කෑල්ලක් සුවඳ නැති වෙන්න විදිහක් නෑ...’
සමලිංගිකයන් තමන් හැංගිලා ඉන්න අල්මාරි ඇතුලෙන් එලියට එන්න ඕන වගේම විෂම ලිංගික බහුතරයටත් තමන් වහගෙන ඉන්න බොරුවෙන් එලියට එන්න කාලය ඇවිත් කියල එයා මතක් කරනවා.
තවදුරටත් මේ වික්ටෝරියානු පවුල් සංස්ථාව ඇතුලට අපේ ජීවිතය ඔරොත්තු දෙන්නෙ නෑ. සම්බන්ධතා ඇතුලෙ අසීමිතව බොරු කියනවාද, ඇත්ත බෙදාහදා ගැනීමක් කරනවාද කියන තෝරා ගැනීම අපි ඉස්සරහ තියෙනවා. හැම බොරුවක් ඇතුලෙම අපිට දෙගුනයක් අපිව මගඇරෙනවා.
ආදරය අයිතියක් කියන තැනින් ආදරය බෙදාහදා ගැනීමක් කියන තැනට සංකල්පීකරනය වෙන්න ඕන. ඒක ලොකු විප්ලවයක්. අපේ පවතින සියලූ කලාවන් දේශපාලනයන් සහ ආකෘතීන් අර්බුදයකට යැවීමක්. ඒත් තාක්‍ෂනිකව ඒ පරිවර්තනය සිද්ද වෙන්න පටන් අරගෙන ඉවරයි. ෆේස්බුක්, යූ ටියුබ් හරහා අපි නැවත බෙදාහදා ගැනීමේ සංස්කෘතියක ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හැම අදහසක්ම, මදහසක්ම බෙදා හදා ගනිමින් ජීවත් වෙන වඩා විවෘත අවකාශයක උවමනාවන් එතන නිර්මානය වෙනවා. අනේක සංඛ්‍යාත විකල්ප ගනනාවක් ඇතුලෙ අපි එකවිට ප‍්‍රමෝදය ලබනවා. අපි මේ ඇත්ත අපේ පවුල ඇතුලට ගෙනියන්න ලෑස්තිද කියන එක විතරයි ප‍්‍රශ්නය.
ලංකාවෙ බහුතරයක් පිරිමි ගැහැණු තමන්ගේ පවුල් ඇතුලෙ රහසින් මේ සීමාවන් කඩනවා. ඒ රහසිගත බව (හොර එක) තව තවත් තත්වය විපරීත කරනවාට වැඩි හොඳක් කරන්නෙ නෑ. ඒ වෙනුවට රයන් මෙතනදි යෝජනා කරන්නෙ තමන්ව වඩාත් නිදහස් විය හැකි, තමන්ට තමන්ව විවෘතව බාර ගත හැකි උසස් මිනිස් තත්වයක්. සම්බන්ධතාවයක් ඇතුලෙ දෙදෙනා අතර සංවාදයේ, පැවැත්මේ වඩාත් ගැඹුරු තැන්වලට එක්ව ගමන් කළ හැකි ප‍්‍රවේශයක්. ‘එතිකල් නන්-මොනොගමි’ නැත්තං ‘සදාචාරාත්මකව එක් සහකරුවෙකුගේ හෝ සහකාරියගේ අයිතියට සීමා නොවී ආදරය කිරීම’ විදිහට එයා සාකච්ඡුාවට ගන්නෙ තමන්ගේ සියලූ ආශා විශ්වයන් අනෙකා සමග බෙදාහදා ගන්න පුළුවන් අලූත් සම්බන්ධතා ප‍්‍රවර්ගයක්. අඳුර වෙනුවට එලිය පැත්තට පියවරක්. පොරොවක් වෙනුවට කවියක් සිංදුවක්.
සදාචාරය යළි ස්ථාපිත කිරීමයි වැදගත්. ඒක සමාජයක අත්‍යාවශ්‍ය කොන්දේසියක්. සදාචාරය ස්ථාපිත කිරීම තියෙන්නෙ අපි කොයිතරම් අපිව බාර ගත හැකි පරිසරයක් නිර්මාණය කර ගන්නවද කියන එක උඩ. අපි කොයිතරම් ඇත්තට ආදරණීයද කියන එක උඩ.
ඕෂෝ මේක එක තැනක කියනවා.
‘සැබෑ විවාහයක් කියන්නෙ එකදිගට සිද්ද වෙන මධුසමයන් සහ දික්කසාද පෝලිමක්.
මධුසමයක්, දික්කසාදයක් නැවත මධුසමයක්..
පුංචි මධුසමයන්, පුංචි පුංචි දික්කසාදයන්
ලොකු මධුසමයන්, ලොකු දික්කසාදයන්
ඒක හරියට දවල් වෙනවා රෑ වෙනවා වගේ....’
ඕෂෝ කියන්නෙ විවාහයේ සුන්දරත්වයම වෙන්නෙ මේ අස්ථාවරබව කියල.
තාම පොරොවෙන් ගහලා මිනිස්සු මරන රටක මේ වගේ කතා ජෝක් වුනත් ඇත්තට හිනා යන ජෝක් එක වෙන්නෙ එදා කුඹුර වටේ ගහගෙන හිටපු වැට අපි තාම ඇඳ වටේ ගහගෙන ඉන්න එකයි.
කොහොම වුනත් එතනදි පොරොව තහනම් කරන එකට වඩා අමුඩෙ මාරු කරන එක වටිනවා.
-චින්තන ධර්මදාස
ඔ්සෝ හරි................. අම්මපා
ReplyDeleteසාම්ප්‍රදායික සිංහල මිනිස්සු නම් ඔය කියන මොනාගමේ නෙවෙයි. මගේ අප්පච්චිගෙ අප්පච්චිට, ඒ කියන්නේ මගේ අත්තට ගමේ පවුල් දෙක තුනක් ම තිබුනා. බූදලේ වැඩි කොටස තමන්ගෙ නිල භාර්යාවගෙ දරුවන්ට, ඒ කියන්නෙ අපේ අත්තම්මගෙ දරුවන්ට ලැබුනත් අනික් දරුවන්ටත් නොසලකා හැරල නෑ. අනික් අතට අපේ අම්මගෙ පැත්තෙන් අම්මගෙ අප්පච්චිට සහ එයාගෙ අයියට දෙන්නටම ඉදල තියෙන්නෙ එක භාර්යාවයි. මේ ජීවන රටාව වෙනස් කරල ආදම්ට ඒව ඒවට ආදම් වගෙ එක මිනිහට එක ගෑනි කියන එක අපිට ඉගැන්නුවෙ සුද්දෝ. ලංකාවෙ විවාහක්‍රම ම්ලේජ්චයි කියල ජෝන් ඩොයිලි යටත් විජිත ආණ්ඩුවට නිර්දේශ කලාම ඉංග්‍රීසි ආණ්ඩුව එක එක පනත් ගෙනැත් නිදහස් විවාහයට සම්බාධක දානව. ඒත් මොන නීති දැම්මත් උඩරට පලාත් වල පැරණි විවහ ක්‍රම නොනිල වශයෙන් ක්‍රියත්මක වෙනව. ලංකාවෙ විවාහ නීතිය ගැන ශිරානි පොන්නම්බලම් ලිව්ව පොතේ ලංකාවෙ පැරණි විවාහ රීති අද බටහිර තියෙන ලිබරල් ම නීතිවලටත් වඩා ලිබරල් කියල කියනව. උඩරට විවාහ ආඥාපනතෙ තියෙන උසාවි නොගොස් දෙදෙනාගේ කැමැත්තෙන් දික්කසාද වීමට ඇති ප්‍රතිපාදන අපේ පැරණි ලිහිල් විවාහ රීති වල නෂ්ටාවශෙෂ කියල කියන්න පුලුව්න්.
ReplyDeleteThid
මචං උඹගේ ගෑනි මාත් එක්ක බෙදා ගන්න කැමති දවසට කියපන් කෝ . වැදගත් විදිහට කුණුහරුප ලියන්න එපා .. උඹලගේ තාත්ත කුබුර වටේ වට ගහපු හින්ද තමා අල්ලපු කුබුරේ එකා ගේ ඇට එ කුබුරේ පැල වුනේ නැත්තේ. සුද්දෝ කියපු කුණුහරප වලට උඹගේ ඔඋලුව අවුල් උනටා එකට ලංකාවේ සන්ස්කුතිය පලි නෑ බන්
ReplyDeleteඋඹ වගෙ ගොන් හරක්ට..........
Deleteමම දන්න විදිහට නම් sexual jealousy කියන මිනිස් හැඟීමට පරිනාමීය හේතුන් තියෙනව. සරලව ඉතා කෙටියෙන් කියනව නම් තමාගේ සහකරුව තමාට සීමා කර ගන්න එකෙන් සහ එක් සහකාරියෙක් එක් සහකරුවෙක්ට සීමා වෙන එකෙනුයි ජානමය විවිධත්වය ආරක්ෂා වෙනවා. ඔය ජානමය විවිධත්වය කියන එක පරිනාමයේ අතිශය වැදගත් දෙයක් නෙ. ( උදාහරණයකට එකම පිරිමියා එක්ක ගෑණු දෙන්නෙක් ඉඳලා උන්ට ළමයි හම්බුනාම ඒ ළමයින් දෙකොටසටම තියෙන්නේ සෑහෙන දුරට සමාන ජාන. ඊළඟ අවස්ථාවේදී ඒ ළමයින් වැඩිවියට ආවයින් පස්සේ සංසර්ගය කරයින් පස්සෙ එක හා සමාන ජාන තිබීම නිසා ජානමය විවිධත්වය ඔවුන්ගෙන් ඇතිවන දරුවන් තුල නැතුව යනව. සහ බොහෝ විට අංගවිකල දරුඵල හටගන්නව.) ඔය ඉතාම කෙටියෙන් කිව්වෙ. කොහොමත් චින්තන කමෙන්ට් වලට ප්‍රතිචාර දක්වන්නෙ නැති නිසා දිගට ලියන එකෙන් වැඩක් නෑ.
ReplyDeleteමොනොගමි නිසා වඩා හොඳ ජාන විවිධත්වයක් ඇති වෙනවා කියන කතාවෙ විද්‍යාත්මක පැත්ත ටිකකට පැත්තකින් තිබ්බොත් සමාජීයව ඒකෙන් යෝජනා කරන්නෙ ගොඩක් පසුගාමී අදහසක් කියලයි මං හිතන්නෙ. ඒකෙන් ලිංගිකව හැසිරීම ප‍්‍රජනන කාර්යය දක්වා අකුළනවා. මිනිස්සුන්ගෙ විශේෂම දෙයක් වෙන්නෙ දරුවන් බෝ කිරීමෙන් තොරව තමන්ගේ සතුට පිනිස ලිංගිකව හැසිරෙන්න පුළුවන් වීම. මේක ඕෂෝ එක තැනක ගොඩක් ලස්සනට කියනවා.
Delete‘ගින්දරට පස්සෙ මිනිස්සු හොයා ගත්ත වැදගත්ම දේ ‘පිල්’ එක (උපත් පාලනය). මේ හින්ද සෙක්ස් සියලූ මනස්ගාත, කසාද, නීති, සහ සීරියස් කාරනා වලින් නිදහස් වෙනවා. මිනිහෙක් සහ ගැහැනියක් විදිහට පළවෙනි වතාවට ලිංගික නිදහස ලැබෙනවා. සත්තු වගේ ජීව විද්‍යාත්මක වහල්භාවයේ නොගැලී ඉන්න පුළුවන් වෙනවා’
විද්‍යාත්මක අතින් ගත්තත් තව තවත් ජාන සංයෝග වෙමින් නව ජාන ආකෘති බිහිවීමේ හැකියාව මොනොගමි වලදි සීමා වෙනවා. උදා විදිහට මානව ශිෂ්ටාචාරය කෘෂි යුගය දක්වාම පරිණාමය වුනේ පොලිගමි ඇතුලෙ. රෝග, විෂබීජ වලට ඔරොත්තු දෙන වඩා ශක්තිමත් ජාන ව්‍යූහයන් ඇතිවෙන්නත් දුර්වල ජානයන් මැකී යන්නත් පොලිගමි උදව් වෙනවා.
https://www.psychologytoday.com/blog/the-human-beast/201210/the-three-reasons-polygamy
ස්තූතියි
ReplyDelete