Wednesday, August 31, 2016
ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය
මේ ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල ඔප්පු කිරීමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට අපි දේව වාක්‍යයන් විදිහට පිළිගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට බාහිර සහ එය අභියෝග කරන තවත් අදහසක් මතු කිරීමයි මගේ අරමුණ. ලිපිය ලියන්නෙ රික් කැන්ට‍්‍රල් කියල වෛද්‍යවරයෙක්. මේ පුද්ගලයා කවුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ මේ හරහා ඇතිකරන සාකච්ඡුාවයි. අපේ ශරීරය සහ අපේ සෞඛ්‍ය ගැන අධිකාරිමය බලය හිමි ඇලොපති පල්ලියේ සත්‍යය වෙනුවට වඩා මානුෂික සෞඛ්‍යය සත්‍යයන් බිහිවීමයි.
අවශ්‍ය අයට පුළුවන් මේ කාරණා ඔස්සේ වැඩිදුර දේවල් හොයාගෙන යන්න. නැවත නැවත සංවාද කරන්න. බටහිර වෛද්‍ය විද්‍යාව තුල අපිට තියලා නැති මිනිස් අවකාශයක් විවෘත කර ගන්න. (මේ සමහර වෛද්‍යමය යෙදුම් පරිවර්තනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්)
රික් කැන්ට‍්‍රල් දරුණු පිළිකාවකින් රෝගාතුර වෙලයි ඉන්නෙ. ඒත් එයා සාම්ප‍්‍රදායික බටහිර වෛද්‍ය විද්‍යාවට යන්න පුළුවන් උපරිම සීමාව වුණු කීමෝ- රේඩියේෂන් ආදී ප‍්‍රතිකාර ක‍්‍රමයන් පාවිච්චි කරන්නෙ නෑ. ඒ වෙනුවට එයා විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් අත්හදා බලනවා.
පිළිකා රෝග ප‍්‍රතිකාර කියන්නෙ තනිකරම මුදල් මත පදනම් ජාවාරමක්. ඒකයි එයාගෙ අදහස.
‘‘මේ ලියමනේ තියෙන්නෙ 100%ක් සත්‍යය වන අතර මේ කතාව මම දැනට අවුරුදු 15ක විතර ඉඳන් මගේ රෝගීන්ට කියන දෙයක්. ඒත් කිසි කෙනෙකුට උවමනා නෑ අහන්නවත්.
පිළිකා රෝග ප‍්‍රතිකර්ම කියන්නෙ ඇමරිකාවෙ විතරක් අවුරුද්දට බිලියන 120ක බිස්නස් එකක් වෙන අතරෙ ලෝක මට්ටමෙන් ගත්තොත් අවුරුද්දට බිලියන 600ක විතර බිස්නස් එකක්.
ඇමරිකානු පිළිකා සංගමයට සහ ඇමරිකානු ඔන්කොලොජි සහ හෙමටොලොජි පාසැලට අනුව සාර්ථක පිළිකා ප‍්‍රතිකර්මයක් කියන්නෙ රෝගියා අවුරුදු 05ක කාලයක් ජීවත් කරවීම. ඒත් මේ ආයතන දෙකම පිළිගන්නවා පිළිකා රෝගියෙක් කිසිම ප‍්‍රතිකර්මයක් නොකර පවා අවුරුදු 07-10 දක්වා කාලයක් ජීවත් විය හැකියි කියන එක. රෝගීන් අතට පත්නොවෙන, වෛද්‍යවරුන්ට පමණක් කියවන්න ලැබෙන ස`ගරාවල මේ තොරතුරු පළවෙනවා.
විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් වල ට‍්‍රැක් රෙකෝර්ඞ්ස් ගත්තොත් ඒවා සාම්ප‍්‍රදායික බටහිර වෛද්‍ය ක‍්‍රමයට වඩා 10 ගුණයකින් පිළිකා සුව කිරීම් වාර්තා කරලා තියෙනවා. මං නැවත අවධාරණය කරන්නෙ මේ කියන්නෙ ‘සුවකිරීම’ කියන කාරණය ගැන.
තව දෙයක් මතක තියාගන්න ඕන. ගෙඩිය හෝ ගැටිත්ත කියන්නෙ පිළිකාවෙ රෝග ලක්ෂණය විතරයි. ඒක පිළිකාවෙ රෝග හේතුව නෙමෙයි. විද්‍යාව පදනම් වෙන්නෙ හේතුව සහ ඵලය මත. හේතුව අයින් කළොත් ඒකෙ ඵලයත් නැති වෙලා යනවා.
මම මේ වෙද්දි ඉන්නෙ පිළිකාවක් එක්ක තුන්වෙනි වතාවට සටන් කරමින්. කිසිම අවස්ථාවක සැත්කමක් හෝ, කීමෝ, රේඩියේෂන් ප‍්‍රතිකාර ක‍්‍රම මං පාවිච්චි කළේ නෑ.
මම ලියුකේමියාවෙන් සුව වුනා.
‘නොන් හොජ්කින්ස් ලිම්ෆෝමා’ වලින් සුව වුනා.
දැන් කිසිසේත්ම සුව කළ නොහැකි යැයි කියන මොළයේ ඇතිවෙන ග්ලියොබ්ලාස්ටොමා පිළිකා විශේෂයෙන් මං පීඩා විඳිනවා. මීට මාස 05ට කලින් මට කිව්වෙ තව ජීවත්වෙන්නෙ මාස දෙකයි කියල.
මම චයිනීස් හර්බ්ස් පාවිච්චි කරනවා.
ඒ වගේම විටමින් සී ඉහළ මාත‍්‍රාවන්, චීන කටු චික්තිසාව, චයිරොප‍්‍රැක්ටික්, හෝමියෝපති, සහ නියුටි‍්‍රෂනල් ප‍්‍රතිකාර ගන්නවා.
මුලින්ම රෝගී තත්වය ගොඩක් දරුණු වුනා.
මගේ වසා පද්ධතියට, පෙනහළුවලට සහ ඇටකටුවලට පිළිකාව පැතිරුනා.
කියන්න සතුටුයි, මේ සතියේ පරීක්ෂාවලින් මගේ වසා පද්ධතියේ හෝ ඇටකටුවල තවදුරටත් කිසිදු පිළිකා ෙසෙල පැතිරීමක් නැති බව අනාවරණය වුනා.
මගේ පෙනහළුවල ටියුමර්ස් 06ක් තිබුන. මේ වෙද්දි තියෙන්නෙ එයින් දෙකක් විතරයි. මොළයේ ටියුමර්ස් පවා වේගයෙන් හැකිලීයමින් පවතිනවා.
මම කිසිම කීමෝ, රේඩියේෂන් තෙරපියක් හෝ සැත්කමක් සිදු කරලා නෑ.
මගේ ළ`ග තියෙනවා හරිම කුතුහලය දනවන සුළු තොරතුරු බොහෝවිට වෛද්‍යවරුන් පමණක් දන්න.
හැම අවුරුද්දකම පිළිකා වෛද්‍යවරුන් 1000ට අධික ගණනක් පිළිකා රෝගයට බඳුන් වෙනවා. එයින් 10%ක් පමණයි ඔවුන් විසින් රෝගීන්ට නියම කරන ප‍්‍රතිකාර ක‍්‍රමයන්ට යන්නෙ.
මේක හරියටම ළමා වෛද්‍යවරුන්ගෙන් තමන්ගේ දරුවන්ට එන්නත් ලබා දෙන්නේ 25%ක පිරිසක් පමණක් වීම වගේමයි. ඒ මෙම එන්නත් නිසා සිදුවිය හැකි හදිසි මරණ හෝ දැඩි අතුරු ආබාධ තත්වයන් එන්නතෙන් ආරක්ෂා කරන රෝගයට වඩා බරපතල වෙන්න පුළුවන්. මේකයි ඇත්ත තත්වය.
බෙහෙත් කියන්නෙ සල්ලි. ඒක ඔබේ සෞඛ්‍ය සම්බන්ද කාරණයක් නෙමෙයි. මේ සිස්ටම් එක විසින් මිනිස්සුන්ව, විශේෂයෙන් මහළු, ආබාධිත සහ දුගී පිරිස් මාරාන්තික ප‍්‍රතිකාර චක‍්‍රයකට ඇතුල් කරනවා. ජීවත් කරන මුවාවෙන් ඔවුන්ව නොමරා මරනවා. මේ අතරෙ සල්ලි තියෙන ධනවත්තු යුරෝපා රටවලට ගිහින් වැඩි මුදල් ගෙවා මේ විකල්ප වෛද්‍ය ක‍්‍රමයන්ගෙන් සුවපත් වෙනවා.
විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් හැමවෙලාවකම හරි යනවද?
කොහෙත්ම නෑ.
කිසිම දෙයක් හැමවෙලාවකම හරියන්නෙ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඔබ මැරෙන වෙලාව ආවම ඔබ මැරෙන එක වළක්වන්න බෑ.
ජීවිතේ ගුනාත්මක තත්වය කියන කාරණය අදාල වෙන්නෙ මෙතනදියි. විකල්ප වෛද්‍ය ක‍්‍රම පාවිච්චි කරන පිළිකා රෝගීන් මිය ගියත් ඒ අයට වඩා හොඳ ජීවිත තත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ අයට තමන්ගේ පවුලේ පිරිස් සමග ගත කරන්න වගේම අඩුම තරමෙන් අවසාන මොහොත දක්වා ඒ අයගෙ ඥාතීන්ව හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.
ඔවුන් කීමෝ හෝ රේඩියේෂන් කරන අය වගේ අසාමාන්‍ය විදිහට දුර්වල වී යන්නෙ නෑ. මේ සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාරවලට යන අයගෙන් බහුතරයක් අවසාන මොහොත වන විට ඒ අයගේ කිට්ටුම පිරිස් පවා හඳුනාගත නොහැකි තරමේ දුර්වල වීමකට මුහුණ පානවා. ඒ අයගේ ශරීර ඒ අයටවත් හඳුනාගත නොහැකි විදිහට විකෘති වී යනවා. වෛද්‍යවරුන් විසින් ඔවුන් සනසන්නට ‘ආ දැන් ටිකක් සනීපයි’ වගේ කතා කිව්වත් ඇත්තටම සිද්ද වෙන්නෙ වතාවෙන් වතාවට ඔවුන් වඩාත් දුර්වල වීම සහ වැඩි මාත‍්‍රාවලින් කීමෝ සහ රේඩියේෂන් ලබා දීමට සිදුවීමත් පමණයි.
මේ තත්වයේ ඇති සාපරාධීම කාරණය වෙන්නෙ වෛදයවරුන් මේ සියල්ල දැනගෙන නොදන්නවා මෙන් සිටීමයි. (මේ ලංකාවේ දොස්තරල නම් ඇත්තටම දන්නේ නෑ මං හිතන්නේ)
මම වෛද්‍යවරයෙක් හැටියට දිවුරුම් දුන් කෙනෙක්. මම ඒ දිවුරුම හැම විටෙකම ආරක්ෂා කළා. ඒ නිසාම මුදල්මය අතින් සාර්ථක දොස්තර කෙනෙක් වුනේ නෑ. මොකද කිසි විටෙකත් මේ සාම්ප‍්‍රදායික ඇලොපති වෛද්‍ය මිත්‍යාව ඒ විදිහටම බාරගන්න මම ලෑස්ති වුනේ නෑ.’’
-තවත් කොටසක් බලාපොරොත්තු වන්න-
කැඩිච්ච පරිවර්තනය : චින්තන ධර්මදාස
Monday, August 29, 2016
ලයිසන් නැති ආදරේ
සමීර ෆිල්ම් එකක් කළා කියල අහලා තිබුනත් සමීර මුනගැහුනු කිසිම තැනකදි මට ඒ ෆිල්ම් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියල හිතාගන්න අමාරු වුනා. වෙන විදිහකට කිව්වොත් සමීරගේ ක‍්‍රියේටිවිටි එක ගැන මට දැනීමක් ඇති කරන්න අපේ මුනගැසීම් වලට බැරි වුනා. විශේෂයෙන්ම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට සිස්ටම් එකට පත්තියං වෙලා ඉන්න කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වෙද්දි මුහුණපාන දරුණු සීමාවන් මං දැකලා තිබුන. අපි නිතර මුනගැහුනු පෙ.බැ.චි.ස යෙ (පෙන්නා ගැනීමට බැරිවූ චිත‍්‍රපටකරුවන්ගේ සංසදයෙ) වුනත් සමීර වැඩිපුර කළේ ඕගනයිසින් පැත්ත. අදහස් හැමතිස්සෙම උවමනාවටත් වඩා ප‍්‍රායෝගිකයි. මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙකුගේ සුවිශේෂතා ඇතුලෙ ඩිරෙක්ටර් කෙනෙක් කියවගන්න එක අමාරු වැඩක්.
පෙ.බැ.චි.ස කියන්නෙ අමුතු විදිහක එකතුවක්. චිත‍්‍රපටි හදලා පෙන්නගන්න තිරයක් නැතුව බලාගෙන ඉන්න ඩිරෙක්ටර්ස්ලා තමන්ගෙ ප‍්‍රශ්න වලට විසඳුම් හොයන්න ගත්ත උත්සාහයක්. විශේෂයෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරුන් විදිහට දැනට ඉන්න පිරිසට තමන්ගේ ප‍්‍රශ්නය තීරණාත්මක ලෙස අදාල නොවීම/ තමන්ගේ ඊළ`ග කෘතිය එලියට දාගැනීමේ මාරාන්තික සටනක ඒ අයද උපරිමයෙන් වැයවෙමින් සිටීම/එහෙම සිනමාව විවෘත කරන්නට මේ ප‍්‍රවීනයන් අවිඥානකව හෝ සවිඥානකව අකමැති වීම ආදී කවර හෝ කාරණාවක් මේ වෙනම එකමුතුවට බලපෑවා.
අපේ චිත‍්‍රපටි පෙන්නා ගන්නේ කොහොමද කියන ප‍්‍රශ්නෙ ගැන කතාව පටන් ගත්තට විසඳුම් හොයන්න වෙන්නෙ සමස්ත සිනමාවෙ අර්බුදයකට. මේකෙ තියෙන කර්මාන්තමය සීමාවන් වලට. ඩිජිටල් තාක්‍ෂණය විසින් මගඅරින්න බැරි විදිහට මූන ඉස්සරහට ගෙනාපු අභියෝගය මේ ප‍්‍රතිසංස්කරණ වලට හොඳ අවස්තාවක් දෙනවා. මාස ගානක් පුරා කරුණු හොයමින්, විවිධ අය මුනගැසෙමින්, නැවත නැවත සංස්කරණය කරමින් පෙ.බැ.චි.ස ප‍්‍රධාන ධාරවෙ සිනමාව වෙනුවෙන් යම්තාක් ප‍්‍රගතිශීලී ලියවිල්ලක් සම්පාදනය කරන්න සමත් වුනා. ඒක අවධානයට ලක්වෙයිද නැත්නම් දරුණු මගහැරීමකට ලක්වෙයිද කියන එක ඉදිරියට බාර කාරනයක්. ඒ මොනවා වුනත් මේ සාකච්ඡුාව යට සමීරගේ ෆිල්ම් එක පෙන්නා ගැනීම අරගලයක් විදිහට තිබුන.
විවිධ සම්මාන ඇගයුම් ලබද්දී පවා කර්මාන්තමය ඇහැකින් ඒ මොහොතේ මේ ෆිල්ම් එක රිලීස් කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ. තමන්ගේ වැහැරුනු සිනමා කෘතිය පොඞ්ඩකට පමා කරමින් මේ වෙනුවෙන් ඉඩක් දෙන්න ප‍්‍රවීනයෙක් හිටියෙ නෑ. සමීර සටන අත්ඇරියෙත් නෑ.
ලංකාවෙ චිත‍්‍රපටකාරයෙක් වෙන්න නම් වැදගත්ම දේ තියෙන්නෙ එතන. චිත‍්‍රපටිය ලියන එක, ෂූට් කරන එක, එඩිට් කරන එක මේවා නතිං. ඒත් ෆිල්ම් එක රිලීස් කරන එක කියන්නෙ ඛේදවාචකයක්.
මෝටර් බයිසිකල් කීප සැරයක් කීප තැනක ප‍්‍රදර්ශනය වුනත් ඒ වටා ඇතිවුනු දරාගන්න බැරි හීට් එක හින්ද මට යාගන්න බැරි වුනා. ෆිල්ම් එකක විශේෂ දර්ශනවාර වලදි ඒක නරඹන්න ඇතිවෙන පොරබදය මාව ටිකක් එලියට තල්ලූ කරනවා.
මට පස්සෙ බලන්න පුළුවන්. හදිස්සියක් නෑ...
මං තියටර් එකට එනකංම හිටිය. සෙනසුරාදා රෑ 7.30 කියන්නෙ හෝල් එකක ෆිල්ම් එකක් බලන්න මරු වෙලාවක්. විශේෂයෙන්ම රීගල් වගේ තැනක, මෝටර් බයිසිකල් වගේ ෆිල්ම් එකක්.
සමීර ලොකු කතාවක් කියන්න ද`ගලන්නෙ නෑ. දස්සයි සමනලීයි එක දවසක් මුනගැහිලා ලව් කරන්න හදනවා විතරයි. කතාවකට වඩා ඒක එක්ස්පීරියන්ස් එකක්. සමීර ඒක කියන්නෙත් හරිම ඕෆ්බීට් විදිහට.
ෆිල්ම් එකේ කතාවෙ චරිත දෙක දස්සයි සමනලීයි වුනාට ෆිල්ම් එක තියෙන්නෙ දස්සයි මෝටර් බයිසිකලෙයි ගැන. කෙල්ලට වඩා සමීර බයික් එක ඉස්සර කරනවා. හරිම මෙටීරියලිස්ටික් තැනක් ඉමෝෂනල් කරනවා. බයික් එක වඩාත් රොමැන්ටික් වෙන්නෙ සමනලීගේ ආදරෙත් එක්ක. ඒත් සමනලීට වඩා ගොඩ දුරක් බයික් එක දස්සා එක්ක එනවා.
ෆිල්ම් එකේ සෑහෙන දුරක් අපි දස්සා එක්ක ආවම බස්හෝල්ට් එකකදි ෂාව (සමනලීව) මුනගැහෙනවා. සමීර ෂාට දෙනවා ග‍්‍රෑන්ඞ් එන්ට්රන්ස් එකක්. සෙනග අතරින් රතු ඇඳුමක් ඇඳන් ෂා එද්දි මට මං වහවැටුණු දෙමළ ෆිල්ම් පෙලක් එකදිගට මතක් වුනා.
දස්සයි සමනලීයි ෆිල්ම් එකේ ඇක්ට් කරනවට වඩා ලොකු දෙයක් කරනවා. ලංකාවෙ අපි ඕනතරම් දැකලා තියෙනවා ඇක්ට් කරන නළුනිළියො. ඒත් ඒ චරිතවල ජීවත් වෙන උන් අපිට මුනගැහෙන්නෙ අන්තිම කලාතුරකින්. උන් දෙන්නා මේ චරිත අතරෙ මාර කෙමිස්ටි‍්‍රයක් හදාගන්නවා. නිදහසක් බුක්ති විඳිනවා. වෙනම විදිහක ආදරයක් ගොඩනගනවා.
ෆිල්ම් එකේ දස්සටයි සමනලීටයි උන්ම වෙන්න ඇරලා සමීර බලන් ඉන්නවා. ඒ චරිත දෙක හැදෙන්නෙ උන් දෙන්නගේ ඇත්ත ජීවිතේ කොටස් වලින්. එහෙම වෙද්දි අපිට පුළුවන් කිසි දෙයක් සිද්ද නොවුනත් තිරයක් දිහා බලන් ඉන්න.
මේ විදිහට සිංහල සිනමාවෙ ඊළ`ග නළුවා සහ නිළිය බිහිවෙන්නෙ සමීරගෙ චිත‍්‍රපටිය ඇතුලෙ. දසුන් සහ සමනලී අනිවාර්යෙන්ම අනාගත සිනමාවෙ අමරසිරි සහ මාලනී වගේ වෙනවා. (රූපක දෙකක් විදිහට කිව්වට මුන් දෙන්නා ඒ පරණ දෙන්නට වඩා ගොඩක් ලොකුයි)
සමීර ෆිල්ම් එකේ කරලා තියෙන ලොකුම ජයග‍්‍රහනය මේකයි. ගොඩක් ඇත්ත දේවල් වලට ඒ විදිහටම පවතින්න තමන්ගෙ නිර්මානෙ ඇතුලෙ ඉඩ දෙන එක. ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මේක අන්තිම අමාරු වැඩක්. හැමදේකම තමන්ගේ සළකුන තියන්න නිර්මාණකරුවෙකුට ඇතිවෙන ස්වභාවික පෙළඹවීමෙන් එලියට ගිහින් කරන්න ඕන වැඩක් මේක.
අජියාගේ සංගීතය වුනත් ෆිල්ම් එකේ පාවිච්චි වෙන්නෙ ඒ විදිහට. මේ කතාව හෝ චරිත අපි ඉල්ලා සිටින රිද්මයක පවතින්නෙ නෑ. මේවා හරියට සොසයටි එකේ ‘පිච්’ වෙලා නෑ. එතකොට ඒ අයව කියවන සංගීතය සමීර සම්මත ‘ලස්සනට’ අදාල නොවෙන තැනකම තියනවා.
අම්ම මගේ.... මං අම්මගේ...
සිංදුවල පාවිච්චි වෙන වචන වුනත් ආර්ට් කරන්න යන්තම්වත් උත්සාහයක් දරලා නෑ. ඒ අමුකමම අව්‍යාජත්වයක් එක්ක අපූර්වත්වයක් නිර්මාණය කරනවා. ඒක තමයි ක‍්‍රියේටිව් වැඩකින් වෙන්න පුළුවන් උපරිමය.
ෆිල්ම් එකේ මං කැමතිම දෙබස් කන්ඩෙ එන්නෙ පාරෙ කුකුල්ලූ විකුනන මිනිහගෙන්. ඒක ඒ මනුස්සයා ඇත්තටම ඒවා විකුනන විදිහ. සමීර ඒක ඒ විදිහටම ෆිල්ම් එකට ප්ලග් කරනවා. කවදාවත් අපිට ලියලා දනවන්න බැරි සජීවිකමක් වගේම තේරුමක් එතනින් එකතු වෙනවා.
එක විදිහකට මේක චිත‍්‍රපටිය කියන්නෙ කොළඹ එකලස් කිරීමක්. සරල කතාවක් ඇතුලෙ සමීර කොළඹ වටේ අපිව අරගෙන යනවා. පුංචි පුංචි ඞීටේල් ළ`ග නතර වෙලා බලන් ඉන්නවා. අපි හැමදාම දකින ඒත් ස්ක‍්‍රිප්ට් එකක් ලියන්න ගත්තම නොලියවෙන ගොඩක් සුන්දර පුංචි පුංචි ජීවිත අංශූ සමීර මෝටර් බයිසිකලේකින් එකතු කරනවා.
කතාව ඇතුලෙ අතුරු චරිත නිර්මාණය වෙලා තියෙන විදිහත් ගොඩක් පරිණතයි. උදා විදිහට කළණ කරන පාතාලේ චරිතය ගැන අපි කිසිම අගක් මුලක් දන්නෙ නෑ. පොඩි සිදුවීම් ටිකක් හරහා ඒ චරිතය ගැන අපිට ඇති කරන දැනීම මාර ලොකුයි. කළණ ඒක කරන විදිහත් මරු.
සමීර මෝටර් බයිසිකල් ඇතුලෙ සම්මාන සිනමා වට්ටෝරුවට වැටෙන්නෙ නෑ (කලාපීය සම්මාන කීපයක් ලැබුනත්) . සම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම වෙනුවට සමීර කොළඹ කොටුව තෝර ගන්නවා. අජීවී එකතැන පැය ගනං පැලවෙන රූපරාමු වෙනුවට සරල සජීවී චරිතවල රිද්මයට කැපෙන රූපරාමු කලාවකින් එයා කතාව කියනවා.
ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවෙන් ඕෆ්බීට් වැඩක් කරන්න සමීර ට‍්‍රයි කරනවා. මේ කතාව ගත්තොත් ඒක මේන්ස්ටී‍්‍රම් කතාවක්. ඒත් සමීර ඒ කතාව ගොතන්නෙ මේන්ස්ටී‍්‍රම් නොවෙන එලිමන්ට්ස් එකතු කරලා. පල්සර් එකක් වෙනුවට කොල්ලට තියෙන්නෙ කෑලි හැලෙන නයින්ටියක්. මේකෙ ගහගන්න යන, හොඳට සිංදු කියන, හැන්ඩි වීරයෙක් නෑ. කොල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන, පාට තවරපු,, මොඞ්ල් කෙනෙක් වගේ වීරවරියෙකුත් නෑ. ඒ වෙනුවට සරල කොට ජීවිත දෙකක පාරෙ දුවන ලව් එකක්.
පළවෙනි වතාවට චිත‍්‍රපටියක් කරන ඩිරෙක්ටර් කෙනෙක් අතින් මේ තරම් හොඳට දේවල් ගැලපෙනවා කියන්නෙ මැජික් එකක්. අපේ සිනමාව ඇතුලෙ කවදාවත් කොල්ලෙක් සහ කෙල්ලෙකුගෙ ආදරේ ඇතුලෙ පාවිච්චි නොකරපු ‘කියුට්නස්’ කියන එක මෝටර් බයිසිකල් වලින් අලූතෙන් ස්ථානගත කරන රසයක්. ඒ ඉනසන්ස් එකයි ඇත්ත සමාජ පසුතලය විසින් විනාස කරමින් ඉන්නෙ. නිශ්චිත දුෂ්ටයෙක් නෑ. මුලූ මහත් ක‍්‍රමයම මේ ආදරයට දුෂ්ටයි. එදිනෙදා වැල්ලෙ ගල් උඩ, වික්ටෝරියා පාර්ක් එකේ විසිල් මැද්දෙ, නිදහස් චතුරශ්‍රෙ අත් අල්ලන්නවත් බැරුව විඳවන කොල්ලො කෙල්ලො ගානක් ගැන සමීර නරඹන්නාව සංවේදී කරනවා.
ආදරේ වල්කමක්, පාදඩකමක්, හෝ තහනම් කළ යුතු දෙයක් විදිහට දකිනවට වඩා ඒ දිහා ‘ඉනසන්ස්’ කියන එක ඇතුලෙන් බලන්න මෝටර් බයිසිකල් රවුමක් සමීර තිරය උඩට අරන් එනවා.
මේ තරම් සමූහ දර්ශන සහ අසීරු දර්ශන තල හසුරුවා ගැනීම කියන්නෙ පළවෙනි වතාවට ෆිල්ම් එකක් කරන එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තත්වයක්. ප‍්‍රවීනයන් පවා ඉතා හොඳින් ඇනගන්නා ප‍්‍රදේශයක මෝටර් බයිසිකලේ කිසි ගානක් නැතුව දුවනවා. ඒ හැම අතුරු චරිතයක්ම පාහේ මතක හිටින තරම් සුවිශේෂීව නිර්මාණය කරන්න සමීරට පුළුවන් වෙනවා.
විශ්වගේ කැමරාවත් ෆිල්ම් එකට උපරිම සාධාරණයක් කරනවා. ඒ නාගරික බව කැප්චර් කරන රූප රාමු හරිම ආකර්ශනීයයි. ඕනකරන පොප් ගතිය තමන්ගෙ රූපයේ රඳවාගන්න වගේම හරිම නිරායාසික බවක් දනවන්න විශ්වගේ සරල කැමරා ආඛ්‍යානයට පුළුවන් වෙනවා.
ෆිල්ම් එකේ අවසානයට නම් මගේ බරපතල අකමැත්තක් තියෙනවා. ඒ නිසාම බලන නරඹන්නො ගොඩක් හිස් ගතියකට, බිඳ වැටීමකට යන්න පුළුවන්. මුල එක්ක බැලන්ස් වෙන විදිහට අමුණලා අතිසංවේදී නිමේෂයකින් කතාව කූටප‍්‍රාප්තියට ගේන්න සමීර කෘතිමව කරන ට‍්‍රයි එක ඇතුලෙ ෆිල්ම් එකේ අවසානය ලොකු හිලක් හදනවා.
එලියට එනකොට ඉතුරු වෙන්නෙ ඒ හිස්කම වුනත් ඒක ෆිල්ම් එක ගැන ඇත්ත නෙමෙයි.
මේක සෑම කොල්ලෙක් සහ කෙල්ලෙක්ම පංති කට් කරලා ගිහින් නරඹන්න ඕන ෆිල්ම් එකක්. ගල් උඩ, කණු යට ලව් කරලා සෙකියුරිටි පොලිසි නලා සද්ද මතක හැම වැඩිහිටියෙක්මත් බැන බැන එන්න හරි ගිහින් නරඹන්න ඕන ෆිල්ම් එකක්.
රුපියල් පන්සීයක් විතර අරන් ඇවිත්, යන්න එන්න තැනක් නැතුව, විසිල් පාරවල් කමින් ගතවුණු දහඅටේ ආදරේ ආතල් එක ආයි ආයිමත් මිස් කරවන පැය එකයි විනාඩි හතලිස් පහක්.
-චින්තන ධර්මදාස
Friday, August 26, 2016
බල්ලො ගොඩක් මැද පූසෙක්..
(රාවය පුවත්පතේ "කියනු මැන දිවි අරුත" අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි)
මං මිනිස්සුන්ව දකිනවා ප‍්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට. තනියි. පොකුරුවාසී ජීවිතේට අකමැතියි. තනි නිදහස ගැන උපරිමෙන් හිතනවා. ඒත් ගොඩක් වෙලාවට සමාජ දේශපාලන වැඩවලදි අපිට මුනගැහෙන්නෙ බල්ලො. සාමූහිකයි. රැලේ තීරණයට යනවා. ඉතිං මගේ බරපතල නොපෑහීමක් තියෙනවා මං ගැවසෙන විෂය ප‍්‍රදේශයත් එක්ක.
ඇත්තටම ඇයි පූසෙක් සමාජ කාරණා ගැන උනන්දු වෙන්නෙ? එතනදි මේ අවුල අහුවෙනවා. මට සමාජය කියන්නෙ මගෙන් පිටත පවතින දෙයක් නෙමෙයි. ඒක මගේ පුද්ගලික ජීවිතය සමබන්ද කාරණයක්. මං නොදන්නා කලාපයක මගෙන් බාහිර දෙයක් වෙනුවෙන් මං පෙනී ඉන්නෙ නෑ. මගේ සාකච්ඡුාව තියෙන්නෙ මගේ අවට ගැන. මගේ නිදහස ගැන. මට හිතෙන්නෙ හැම මනුස්සයෙක්ම ඒ විදිහට තමන්ගෙ ජීවිතේට දැනෙන තැනින් ප‍්‍රශ්න ගැන කතා කළොත්, තමන්ගෙන් බාහිර ඔබ්ජෙක්ටිව් කියල මවාගත් තැනකින් නැතුව, අපිට විවාදයක් නෑ. එතන තියෙන්නෙ සංවාදයක්. මනුස්ස ජීවිත හුවමාරුවක්.
මං නැවත නැවත පරීක්ෂා කරන්නෙ මාව. ගොගොල්ස් දෙකක් සහ ඔක්සිජන් ටැංකියක් අරගෙන සහ නැතුව මං නැවත නැවත කිමිදෙන්නෙ මගේ හිතුවිලි පතුලට. මට දේශපාලනය, දර්ශනය, විද්‍යාව, මිත්‍යාව හැමදේම මුනගැහෙන්නෙ මගේ ආත්ම පතුලෙදි. ඒක අන්තිම සාපේක්ෂයි. මං කැමතියි සාපේක්ෂ පුංචි පුංචි සත්‍යයන් දහස් ගානකින් හැදිච්ච ලෝකෙකට. අනිත් පැත්තට මං අකමැතියි එක සත්‍යයකින් ජීවිතේ ඉසව්වක්ම වහගන්න සමතල ලෝකෙකට. මං සමානකම් වලට වඩා වෙනස්කම් වලට ආසයි.
මං ලෝකෙ සියල්ල විශ්වාස කරන කෙනෙක්. ඒ මතුපිට සත්‍යය හෝ අසත්‍යය කියන කාරනයට වඩා මං ආකර්ශනය වෙන්නෙ ඒ සත්‍යය හෝ අසත්‍යය පැන නගින උවමනාව ගැන. ඒකට සම්බන්ද පැවැත්මීය කාරණය ගැන. එතනදි මට අපේ රටේ ගොඩක් වෙලාවට මුනගැහෙන්නෙ සර්වයිවල් කියන උත්තරේ. ඒක හරිම බාල තැනක්. අපි සර්වයිවල් කියන තැනින් තීරණ ගන්නවා කියන්නෙ කිසිම දවසක මනුස්ස පැවැත්මෙ උපරිම ආනන්දයන් (ආතල්) ගන්න ලැබෙන්නෙ නෑ. ලෝක ලංකාව වගේ වුනානම් කවදාවත් කවුරුවත් අභ්‍යවකාශෙට යන්නෙ නෑ.
තේරුම් ගැනීමේ ගැඹුරු සාධනාවක් විදිහට මං සයිකඩෙලික්ස් විශ්වාස කරනවා. එක්ස්ටී‍්‍රම් එකකට ගිහින් කියනවා නම් සයිකඩෙලික්ස් පාවිච්චි නොකරන මිනිස්සු ජීවිතේ ගැන කියන ගැඹුරු කාරණා මම සීරියස් ගන්නෙ නෑ. අපිට සයිකඩෙලික්ස් අනිවාර්යෙන්ම ඕන වෙනවා සාමාන්‍ය පොදු පැවැත්ම විසින් අපි ඇතුලෙ හදපු ආකෘතීන් ගලවගෙන යන්න. උදා විදිහට එල්එස්ඞී වගේ සයිකඩෙලික් එකක් තමන්ගේ පැවැත්ම ගැන දෙන ගැඹුරු අවබෝධය හැම සිතීමක් සහිත මනුස්සයෙකුටම ලැබෙන්න ඕන දෙයක්. එහෙම නැති වුනාම අපි විකාරසහගත විදිහට මනුස්ස ජීවිතය බාල්දු කරන සුළු සාමූහිකත්වයක් නඩත්තු කරමින් ඉන්නවා.
මට පුළුවන් තාර්කිකත්වය වගේම අතාර්කිකත්වය ඇතුලෙත් ජීවත් වෙන්න. ඇත්තටම නං මට තාර්කික දේවල් සෑහෙන බෝරිං. ඒ වගේම මිත්‍යාව ඇතුලෙ මට විද්‍යාවට වඩා ගොඩක් ඇත්තවල් මුනගැහෙනවා. මට ලෝකෙ කිසි දෙයක් සැබෑ හෝ ස්වාභාවික නෑ. හැම දෙයක්ම ගොඩනැංවීම් වගේම හැම මනුස්සයෙක්ම තමන්ගෙ ජීවිතය ඇතුලෙන් ඒ ගොඩනැංවීම් යම් පමනකින් හෝ සංස්කරණය කරන්න ඕන. ඒක තමයි ශිෂ්ටාචාරය.
පුද්ගලික පටන් ආයතනික දේවල් දක්වා පාලනය හෝ අධිකාරිමය සියල්ල මට අවුල්. ඒ වෙනුවට මං විශ්වාස කරන්නෙ සියලූ හොඳ සහ නරක මිනිස් ආශාවන් අනෙකාට හානිකර නොවන විදිහට මුදාහැරිය හැකි සමාජ අවකාශයක් ගැන. ඒත් ඒ අවකාශය නිර්මාණය කරන්න අපිට ඕන වෙනව සවිඳාණක පුරවැසියෙක්.
ඒ ගැන සිද්ද වෙන සාකච්ඡුාවෙදි හැමතිස්සෙම,
මම බල්ලො ගොඩක් මැද පූසෙක්..
-චින්තන ධර්මදාස
Thursday, August 11, 2016
ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි
ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඇතිවෙලා තියෙන සංවාදය ටිකක් නෙමෙයි ගොඩක් විකාරරූපී එකක්. ඒත් ඇත්තටම අපේ වගේ රටවල අධ්‍යාපනය හැසිරෙන්නෙ කොහොමද සහ එයින් නිෂ්පාදනය වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක හොඳ සංදර්භයක් සපයනවා. මේ සංවාදය වඩාත් ආකර්ශනීය වෙන්නෙ මේකටම ගැටගැහිලා සයිටම් එකෙන් පුද්ගලික දොස්තරලා බිහිකරනවාට එරෙහි අරගලයකුත් දියත් වෙන නිසා.
මේ වෙනුවෙන් ‘නිදහස් අධ්‍යාපනය සුරකිනු’ කියල බෝඞ් ලෑල්ලක් ගහගෙන මං පොඩිකාලෙ ඉඳන්ම අහපු සටන් පාට කියමින් ආචාර්ය මහාචාර්ය සහ ශිෂ්‍ය අනුගාමික පිරිසක් එක පැත්තක ඉන්නවා. ‘අධ්‍යාපනයේ නිදහස සුරකිනු’ කියලා තව බෝඞ් ලෑල්ලක් ගහගෙන තවත් ආචාර්ය මහාචාර්ය ශිෂ්‍ය අනුගාමික පිරිසක් අනිත් පැත්තෙ ඉන්නවා. ඒතනදි අලූත් අදහසක් තියෙන්නෙ දෙවෙනි කට්ටියට. පලවෙනි එක ටිකක් පිළුනුයි.
ෆේස්බුක් වගේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මීඩියා නිසා ඕනම බුද්දිමතෙක්ගෙන් නැවත හැරිලා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් හැදිලා තියෙනවා. ඒක නිසා ‘කියවලා එන්න’‘තව හදාරන්න’ වගේ ඇකඩමික් තගවල් වැඩකරන්නෙ නැතුව යනවා. ඉස්සර නම් මාධ්‍ය කීපයකට ඇවිත් ඒ සිවිල් ආරක්ෂාව යටතේ තමන්ගෙ මතය දමා ගැසීමෙන් සහ මහජන පුස්තකාලෙ රැුස්වීමක් පැවැත්වීමෙන් තමන්ගෙ තත්වය ආරක්ෂා කරගන්න බුද්දිමතුන්ට පුළුවන් වුණා. ඒත් දැන් ඒ අය කොයිතරම් අකමැති වුනත් ඊට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් විවෘත වෙලා තියෙනවා.
මේ විදිහට හිත හිත ඉන්නකොට එක දවසක් විශ්ව විද්‍යාල ප‍්‍රයිවෙට් කරන එක ගැන කරපු ‘විද්වත්’ වර්ගයේ සාකච්චාවක් යූටියුබ් එකේ තියෙනවා දැක්ක. ඉස්සරහට ලියන්න යන අදහස් ඇත්තටම ඉන්ස්පයර් වුනේ ඒ සාකච්චාවෙන්. (ලින්කුව පහතින්)
අධ්‍යාපනය ප‍්‍රයිවටයිස් වෙන එකෙන් සිද්ද වෙන්න පුළුවන් මොකක්ද? මේකට විරුද්දව පෙනී ඉන්න කට්ටියට අනුව මේකෙන් අධ්‍යාපනයේ තත්වය බාල වෙන්න පුළුවන්. තරගය ඇතුලෙ කොලිටිය බාල වෙනවා කියල ඇහුවමයි මම. එතනදි අමතක කරන කාරනේ වෙන්නෙ කොලිටිය නැත්නම් ගුනාත්මකය කියන එක පටන්ගන්නෙම තරගය ඇතුලෙ කියන එකයි. සමස්තයක් හැටියට නැත්තං පුළුල්ව දෙයක් දිහා බලන්න තියෙන නොහැකියාවෙන් පෙලෙන්නෙ නැති ඕන කෙනෙකුට තරගය හරහා ඕනම අංශයක ඍජුව සහ වක‍්‍රව සිද්ද වෙන ගුනාත්මක වර්ධනයන් දැකගන්න පුළුවන්. බාල දේවල් ගොඩක් ප්‍රොඩියුස් වෙනවා නම් ඊළ`ග මාර්කට් එක හැදෙන්නෙ ඊට වඩා යම් පමණක් හෝ කොලිටි ප්‍රොඩක්ට් එකකට. පරිභෝජනය කළ හැකි පිරිස අඩු වෙන්න පුළුවන්. ඒත් ඒක නැවත සමස්තයේ කොලිටිය ඉහල නැංවෙන්න බලපානවා. උදා විදිහට අද අපි පාවිච්චි කරන චයිනීස් ෆෝන් එකක් වුනත් සාපේක්‍ෂව ඉහල කොලිටියක් මේන්ටේන් කරනවා.
ආර්තික විද්‍යාව පැත්තකට දැම්මත් මේ කොලිටි ප‍්‍රශ්නෙදි සාමාන්‍ය පෘතග්ජන ජනතාවට එනවා ප‍්‍රශ්නයක්. ඒ තමයි,
එතකොට දැනට මේ පවත්වාගෙන යන අධ්‍යාපනයේ කොලිටිය මාරයිද?
ඒක ගොඩදාන්න ප‍්‍රයිවෙට් අරහං පිරිස නැවත යෝජනා කරන්නෙ රාජ්‍ය කළමනාකාරීත්වය. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු නොවෙන ඕනම සාමාන්‍ය මනුස්සයෙක් දන්න කාරණයක් අපේ රටේ ඒ රාජ්‍ය කටයුතු කොයි වගේද කියන එක.
මේ සාකච්චාවෙදිම ප‍්‍රයිවෙට් එපා කියන පැත්තට කතා කරන ආචාර්යවරයෙක් පැහැදිලිව කියනවා ලංකාවෙ ඒ ලෙවල් වලින් කැම්පස් එකට තෝර ගැනීමේ ක‍්‍රමයෙ ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා කියල. කිසිම දෙයක් කරගන්න විශාල පිරිසක් ආර්ට් ෆැකල්ටිවලට තෝරගන්නවා කියල. මේ තෝරා ගැනීමේ වැරැුද්ද කරන්නෙ ඒ කියන රාජ්‍ය ක‍්‍රමයම තමයි. මං දන්න කාලෙ ඉඳන් අහන මේ අවුලට තාම විසඳුමක් හදාගන්න බැරි රාජ්‍ය අංශයට නැවත අධ්‍යාපනය පැවරිය යුතුයි කියන එකේ සිහිබුද්දිය මොකක්ද?
තව මාර කතා වගයක් එයා කියනවා. තොග පිටින් එලියට දාන උපාදිදාරීන්ට රැුකියා නැති වීම උපාදියෙ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒක ආර්තික කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රශ්නයක් කියල එයා බෝලෙ කැම්පස් එකෙන් එලියට දානවා. එතකොට ඒ ආර්තික කටයුතු අමාත්‍යංසෙ ඉන්නෙ කවුද? ඒ අය මේ විශ්ව විද්‍යාලවල උපාදිදාරීන් නෙමෙයිද? මේ රටේ ආර්තික ප‍්‍රතිපත්තිවලට උපදෙස් දෙන ඒවා සකස් කරන අය මේ කැම්පස්වලින් එලියට ආපු අය නෙමෙයිද? එතකොට මේ දැවැන්ත අර්බුදයට හේතුවම නැවත රාජ්‍ය අධ්‍යාපනයේ අවුල නෙමෙයිද?
අධ්‍යාපනයේ ගුනාත්මක තත්වය ගැන උනන්දු වෙන මේ පිරිස කවදාවත් තොග පිටින් උපාදිදාරීන් රාජ්‍ය සේවයට බඳවාගනිද්දි ඒකට විරුද්ද වෙන්නෙ නෑ. මේ තොග පිටින් සහතිකය විතරක් හින්ද රස්සාවලට ගන්නා පිරිස් නිසා රාජ්‍ය අංශයෙන් විශාල ජනතාවකට සැපයෙන සේවාවන් පිරිසක් අර්බුදයට යාමේදී මේ අයට කොලිටිය ගැන කිසි කතාවක් නෑ.
මේ ආචාර්යවරයා පැහැදිලිව කියනවා විශ්ව විද්‍යාල වලින් සැපයෙන්නෙ ක‍්‍රිඩෙන්ෂල් එකක් කියල. ඊට පස්සෙ කියනවා අපේ අධ්‍යාපනය ඉස්සරහින් ආර්තිකය පස්සෙන් කියල. ඒක හින්ද උපාදිදාරීන්ට රැකියා නෑ කියල. ක‍්‍රිඩෙන්ෂල් වලට දෙන අධ්‍යාපනයක් කොහොමද මර්වින් සිල්වාට දෙන ආචාර්ය උපාදියකින් වෙනස් වෙන්නෙ? එතකොට විශ්ව විද්‍යාල ඇතුලෙ අධ්‍යාපනය යනු තවදුරටත් දැනුම නෙමෙයි. අධ්‍යාපනය යනු සහතිකයක්. මොකද්ද මේ සහතිකය?
මෙතනදි මේ ආචාර්යවරයා විසින්ම අතිශය හිරිකිත කතාවක් කියනවා. ඒ කතාව අධ්‍යාපනය පුද්ගලීකරණය ගැන සංවාදය ඇතුලෙ ඉන්න අය නැවත නැවත අහන්න ඕන එකක්. එයා කියනවා, විශ්ව විද්‍යාල වලින් දෙන්නෙ අධ්‍යාපනයක් නෙමෙයි සමාජ සහතිකයක් කියල. ඒක ආවාට ගියාට දෙන්නත් බෑ කියල.
ඒකයි අධ්‍යාපනය පුද්ගලීකරණයට විරුද්ද ඇත්ත තැන.
විශ්ව විද්‍යාලවලින් අපිට සමාජ සහතික ඕනද? මේ කියන්නෙ සමාජ තත්වය ගැන රදල වැඩවසම් කතාවක් නෙමෙයිද? මේක බමුණු කුලයක් ගැන අදහසක් නෙමෙයිද? විශ්ව විද්‍යාලවලින් අවශ්‍ය දැනුම හෝ හැකියාව වෙනුවට සමාජ තත්වයක් සහතික කිරීමේ අදහසම මේ විද්‍යාල වර්තමානයට නොගැලපෙන වගට සහතිකය නෙමෙයිද?
අධ්‍යාපනයේ තත්වය ගැන කතා කරාට මේ ප‍්‍රයිවෙට් විරෝදී පිරිස ලෝක මට්ටමේ රෑන්කින් පිලිගන්නෙත් නෑ. අපේ කතාවෙ ප‍්‍රධාන චරිතය විදිහට එන ආචාර්යවරයා ඒ ගැන ලොකු අධ්‍යනයක් කරලා ඒ රෑන්කින් අපිට පිළිගන්න බෑ කියල ඔප්පු කරනවා. ඒක මාර සොයා ගැනීමක්.
එතකොට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ඉන්න ඉදිරිපෙල චරිත විදිහට මේ රෑන්කින් අවුල ගැන මේ අය මොනවද කළේ? අධ්‍යාපනය කියන්නෙ ලොකු වෙළඳපොලක්. අපේ රටේ අධ්‍යාපනය අසමසම මට්ටමකින් තියෙද්දිත් ලෝකය මේ විදිහට ඒ තත්වය අවතක්සේරු කිරීමට එරෙහිව අඩු ගානෙ කලාපයටවත් එකග විය හැකි රෑන්කින් ක‍්‍රමයක් මේ අය අඳුන්නලා දීලා තියෙනවද? ඒ වගේ රෑන්කින් ක‍්‍රමයකට අඩු තරමෙ කලාපයවත් එකග කර ගන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවද? ඇකඩමික්ලා විදිහට තමන්ගෙ වගකීම මේ අය ඉටු කරලා තියෙනවද?
මේක මහින්ද රාජපක්ෂ වර්ගයේ සිතීමක්. ලෝකෙ අඩුම බජට් මාර එෆිෂන්ට් හෙල්ත් සර්විස් එක කියල ලෝකෙ රෑන්කින් අනුව ලංකාව පිළිගනිද්දි ඒකෙ අවුලක් නෑ. රටේ ඇත්ත සෞඛ්‍ය වියදම මේ බජට් එකේ පරාවර්තනය වෙන්නෙ නෑ නේද කියල ඒ අයට මතක් වෙන්නෙ නෑ. ඒත් රජයේ කැම්පස් ටික ?න්කින් වලින් එහා කොනට විසි වෙද්දි ඒ ?න්කින් අවුල්. ඒවා විදේශීය කුමන්ත‍්‍රණ.
තමන්ගෙ සමාජ තත්ව සහතිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ අය සටන් වැදීම ස්වබාවිකයි වගේම වෙන්න ඕන දෙයක්. ඒත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන උවමනාව මොකක්ද? අධ්‍යාපනය පෞද්ගලීකරණය හරහා අභියෝග වෙන්නෙ ඒ සමාජ සහතිකය නම් කළ යුත්තෙ වහාම ඒ ක‍්‍රියාවලිය ඉක්මන් කරන එකයි. රදල වැඩවසම් අගයන් පුළුවන් තරම් ඉක්මනට වලදාන්න කටයුතු කරන එකයි.
මේක චිත‍්‍රපටි වලදිත් වුනා. ලංකාවට ඩිජිටල් කැමරා ගේනකොට ඒ ක්‍ෂේත‍්‍රයේ දැනමුත්තො කිව්වෙ, දැන් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කොම ෆිල්ම් හදයි කියල. එක එක කඩතුරා වලින් වහගෙන හිටපු තමන්ගෙ වැඩවසම් ආදිපත්‍යයන් හෙල්ලෙන කොට ප‍්‍රතිවිරෝදයන් එනවා. ඒත් තාක්‍ෂණය විසින් අනිවාර්යෙන්ම පරණ සිස්ටම් එක පරාද කරනවා. උදා විදිහට ඉන්ටර්නෙට් එක විසින් රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඔය කියන අගය දෙකේ කොලේට වට්ටනවා.
පුද්ගලික විශ්ව විද්‍යාල හරහා තොග පිටින් උපාදිදාරීන් බිහි වුනාම මොකද වෙන්නෙ? එතකොට උපාදියට රස්සාවක් කියන කතාව ඉවර වෙලා යනවා. ඒ වෙනුවට දක්ෂතා ඇති අයට රැුකියා වෙළඳපොල විවෘත වෙනවා. උපාදිදාරීන්ට රැුකියා නැති වීම ආර්තික කටයුතු අමාත්‍යංසෙ ප‍්‍රශ්නයක් කියපු ආචාර්යවරයා නිතරම අමතක කරන්නෙ තමන් ජීවත් වෙන යුගයයි. මේ උපාදිදාරීන් ඔය කියන තරම් ගුනාත්මක නම් ආසාර්තක රාජ්‍ය යාන්ත‍්‍රනයෙන්ම රැකියා ඉල්ලන්නෙ ඇයි? තමන්ගේ හැකියාවෙන්, තමන්ගෙම අදහස් ආයෝජනයෙන් ස්ටාර්ට්-අප්ස් වගේ දේවල් පටන් ගන්නෙ නැත්තෙ ඇයි? අන්තිමට කිසිදු නිර්මාණාත්මක හැකියාවක් නැති සමාජෙන් යැපෙන්නො පිරිසක් බවට පත්වෙලා තියෙන්නෙ ඇයි?
මේක සිතීම ගැන ප‍්‍රශ්නයක්. අභ්‍යන්තර තත්ව පාලන ක‍්‍රම හරහා තමන්ගෙ හැකියා පුහුණුව යම් මට්ටමකින් පවත්වාගෙන යන වෛද්‍ය අංශයට පවා මේ සිතීමේ බංකොලොත් බව අදාලයි. වෛද්‍යවරුන් සයිටම් එකට විරුද්ද වන්නේත් මූලිකවම මේ සමාජ තත්ව සහතිකය අර්බුදයට යාමේ වැඩවසම් ප‍්‍රශ්නය උඩයි. ඒ කිසිදු නිර්මාණාත්මක දැක්මක් වර්ධනය කරගෙන නැති නිසා තමන්ගේ හැකියාව (ස්කිල් එක) ලේසියෙන්ම තවත් කෙනෙකුට රිප්ලේස් කළ හැකි බව දන්නා නිසයි. එතකොට ජනතාවගේ පැත්තෙන් මට කියන්නෙ තියෙන්නෙ මොකක්ද?
‘බළලා මැට්ටෙන්ද ලීයෙන්ද කියල මට අදාල නෑ. ඌ මීයො අල්ලනවා නම්...’
මේ මාතෘකා කරගත් යූටියුබ් වීඩියෝවෙ එක තැනකදි මේ ප‍්‍රධාන ආචාර්යවරයාට සපෝර්ට් එක පිනිස තව අචාර්යවරයෙක් උදාහරනයක් ගේනවා. ඒ උදාහරනෙ ඇත්තටම මරු තැනක් පෙන්නනවා මේ ප‍්‍රයිවෙට් විරෝදී සිතීමේ දුප්පත්කමට.
ඔන්න එයා අහනවා,
‘තරගය ඇතුලෙ ගුනාත්මක තත්වය වැඩිවෙනවා නම් ඉස්සර ගුවන් විදුලි සංස්තාවෙ තිබුන ගුනාත්මක තත්වය දැන් ඔය කිසි රේඩියෝ චැනල් එකක තියෙනවද?’
එතකොටම අනිත් ආචාර්යවරයා කියනවා, අද ටෙලි නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නෙ? (ඉස්සර තිබ්බ එක කොච්චර හොඳද) කියල.
මේක අහපු ගමන් මාව ෂොක් වුනා. ලංකාවෙ ගුවන් විදුලි සංස්තාව කියන්නෙ මොකක්ද? තමන්ට උවමනා දේ බලෙන් ඇස්සවීමට පිටින් ලංකාවෙ ගුවන් විදුලිය මිනිස්සුන්ගෙ උවමනාවලට කන්දීපු මාධ්‍යයක් නෙමෙයි. මේ ආචාර්යවරුන් වගේ පිරිස් විසින් නඩත්තු කරපු සම්භාව්‍යවාදයට කඬේ ගියා මිස ගුවන් විදුලිය ජන මාධ්‍යයක භූමිකාව කළේ නෑ.
මේ ආචාර්යවරයා විසින් කියන්නෙ සුප‍්‍රිමසි ගැන කතාවක්. තමන්ගේ ඇගයුම් පද්දතියට පිටින් බහුතරයක උවමනා වෙනුවෙන් මාධ්‍ය හැඩගැසීම ගැන චෝදනාවක්. මොකක්ද මේ ගුනාත්මක තත්වය ගැන කියන්න එයාට ගන්න පුළුවන් නිර්නායක?
තාක්‍ෂණික උපකරණ අතින්, භාවිතාවන් අතින්, විවිධත්වය අතින්, මිනිස්සු එක්ක සම්බන්ද වීම අතින් දැන් තියෙන රේඩියෝ චැනල් හැම එකක්ම වගේ හොඳටම දියුණුයි. ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් පරණ ගුවන් විදුලි සංස්තාව එක්ක සමාන කරන්න යනවා කියන්නෙ වොල්වො එකකුයි බක්කි කරත්තෙකුයි කම්පෙයාර් කළා වගේ වැඩක්. ඒත් මේ ආචාර්යවරයාගේ ඔලූව තියෙන්නෙ තාම අර නොස්තැල්ජියාව උත්තරීතරයි කියල. පැහැදිලියි කතාව. අධ්‍යාපනයත් පරණ ගුවන් විදුලි සංස්තාව වගේ කරන එකයි මේ ප‍්‍රයිවෙට් විරෝදී උවමනාවේ ෆිලොසොෆිය.
ලංකාවෙ ගුවන් විදුලි මාධ්‍ය මිනිස්සු ඉන්න තැනට ගෙනල්ලා ඒකෙ ගුනාත්මක තත්වය දැන් තියෙන තැනට ගේන්න මුල් වුනෙ සිරස එෆ්එම් එක. එතනදි විශ්ව විද්‍යාලෙ නොගිය නිමල් ලක්ෂපතිආරච්චිට දැක්මක් තිබුන ගුවන් විදුලියෙ ළිඳෙන් එලියට එන්න. මේ ආචාර්යවරයා කරන්නෙ ඒ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරන එක. මොකද ඒක ඇකඩමික් නෑනෙ. ප‍්‍රබුද්ද කට්ටියට සම්බාව්‍ය දේවල් රස විඳින්නත් මාධ්‍ය තියෙන්න ඕන. ඒත් මහ ජනතාවට තමන් කැමති දේවල් කොලිටියක් ඇතුව රස විඳින්න ඊට වඩා මාධ්‍ය ඕන.
මේ සම්භාව්‍ය කිතිය දකිද්දි මට මතක් වුනේ චාමර ගුරුගේ ළ`ගදි දාපු පෝස්ට් එකක්. එයා 83 අවුරුදු උදාවෙදි මරියසෙල් කියන යොවුන් සිහින ලෝකෙ සිංදුව ෆේස්බුක් දාන ගමන් අහලා තිබුන, 83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්‍ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ. ඒ පාර දිගේ අපි ආපු ගමන ගැන බලනකොට අහන්න තියෙන්නේ, ආචාර්යවරුනි ඔබට සතුටුයිද දැන්?
ජිප්සීස් සුනිල් පෙරේරා පවා තහනම් කරපු ගුවන් විදුලි සංස්තාවක කොලිටියක් ඉල්ලා සිටින ආචාර්ය පරපුරක් අපේ ඇකඩමියාවෙන් බිහි කරලා තියෙනවා. ආඩම්බරයි තේරුමක් නැතුව.
මේ සංවාදෙ හිටපු මහාචාර්ය සුනේත‍්‍රා වීරකෝන් ඇත්තම කාරනේ එලිපිට කියනවා.
”ක‍්‍රිඩෙන්ෂල්ස් කියන එක දෙන්න විතරයි අපි උත්සාහ කරන්නෙ. ළමයින්ව ටේ‍්‍රන් කරන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ ගැනයි අපි කතා කරන්න ඕන. රටේ ක‍්‍රීම් එක අපි ගන්නවා නම් අපේ ප්‍රොඩක්ට් එක අපි හරියට දෙන්න ඕන. මට තියෙන ප‍්‍රශ්නෙ ඒකයි. මම කියන්නෙ නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල නතර කරන්න ඕන කියල. ඒක එතිකලි රෝන්ග්. මේක නිදහස් ලෝකයක්. මිනිස්සුන්ට ඕන දෙයක් කරගන්න තියෙන්න ඕන. අපේ එක අපි හදාගන්න ඕන. මම සයිටම් එක උස්සන්නෙත් නෑ. අපේ එක පාත් කරන්නෙත් නෑ. මං දකින දේ තමයි අපේ විශ්ව විද්‍යාල වල ඔය කියන තත්වය කියන එක කාලයට ඔබින විදිහට පවතින්නෙ නෑ”
සහතික වලින් තමන්ගෙ සමාජ තත්වෙ හදාගන්න හීනමානයක් නැති උගත් මිනිස්සු කීපදෙනෙක් හරි තාම ඉතුරුවෙලා ඉන්න එක ගැන ඒ කතාවෙන් හීනි සතුටක් ඇති වුනා.
-චින්තන ධර්මදාස
Subscribe to:
Posts (Atom)