සමීර ෆිල්ම් එකක් කළා කියල අහලා තිබුනත් සමීර මුනගැහුනු කිසිම තැනකදි මට ඒ ෆිල්ම් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියල හිතාගන්න අමාරු වුනා. වෙන විදිහකට කිව්වොත් සමීරගේ ක‍්‍රියේටිවිටි එක ගැන මට දැනීමක් ඇති කරන්න අපේ මුනගැසීම් වලට බැරි වුනා. විශේෂයෙන්ම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට සිස්ටම් එකට පත්තියං වෙලා ඉන්න කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වෙද්දි මුහුණපාන දරුණු සීමාවන් මං දැකලා තිබුන. අපි නිතර මුනගැහුනු පෙ.බැ.චි.ස යෙ (පෙන්නා ගැනීමට බැරිවූ චිත‍්‍රපටකරුවන්ගේ සංසදයෙ) වුනත් සමීර වැඩිපුර කළේ ඕගනයිසින් පැත්ත. අදහස් හැමතිස්සෙම උවමනාවටත් වඩා ප‍්‍රායෝගිකයි. මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙකුගේ සුවිශේෂතා ඇතුලෙ ඩිරෙක්ටර් කෙනෙක් කියවගන්න එක අමාරු වැඩක්.
පෙ.බැ.චි.ස කියන්නෙ අමුතු විදිහක එකතුවක්. චිත‍්‍රපටි හදලා පෙන්නගන්න තිරයක් නැතුව බලාගෙන ඉන්න ඩිරෙක්ටර්ස්ලා තමන්ගෙ ප‍්‍රශ්න වලට විසඳුම් හොයන්න ගත්ත උත්සාහයක්. විශේෂයෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරුන් විදිහට දැනට ඉන්න පිරිසට තමන්ගේ ප‍්‍රශ්නය තීරණාත්මක ලෙස අදාල නොවීම/ තමන්ගේ ඊළ`ග කෘතිය එලියට දාගැනීමේ මාරාන්තික සටනක ඒ අයද උපරිමයෙන් වැයවෙමින් සිටීම/එහෙම සිනමාව විවෘත කරන්නට මේ ප‍්‍රවීනයන් අවිඥානකව හෝ සවිඥානකව අකමැති වීම ආදී කවර හෝ කාරණාවක් මේ වෙනම එකමුතුවට බලපෑවා.
අපේ චිත‍්‍රපටි පෙන්නා ගන්නේ කොහොමද කියන ප‍්‍රශ්නෙ ගැන කතාව පටන් ගත්තට විසඳුම් හොයන්න වෙන්නෙ සමස්ත සිනමාවෙ අර්බුදයකට. මේකෙ තියෙන කර්මාන්තමය සීමාවන් වලට. ඩිජිටල් තාක්‍ෂණය විසින් මගඅරින්න බැරි විදිහට මූන ඉස්සරහට ගෙනාපු අභියෝගය මේ ප‍්‍රතිසංස්කරණ වලට හොඳ අවස්තාවක් දෙනවා. මාස ගානක් පුරා කරුණු හොයමින්, විවිධ අය මුනගැසෙමින්, නැවත නැවත සංස්කරණය කරමින් පෙ.බැ.චි.ස ප‍්‍රධාන ධාරවෙ සිනමාව වෙනුවෙන් යම්තාක් ප‍්‍රගතිශීලී ලියවිල්ලක් සම්පාදනය කරන්න සමත් වුනා. ඒක අවධානයට ලක්වෙයිද නැත්නම් දරුණු මගහැරීමකට ලක්වෙයිද කියන එක ඉදිරියට බාර කාරනයක්. ඒ මොනවා වුනත් මේ සාකච්ඡුාව යට සමීරගේ ෆිල්ම් එක පෙන්නා ගැනීම අරගලයක් විදිහට තිබුන.
විවිධ සම්මාන ඇගයුම් ලබද්දී පවා කර්මාන්තමය ඇහැකින් ඒ මොහොතේ මේ ෆිල්ම් එක රිලීස් කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ. තමන්ගේ වැහැරුනු සිනමා කෘතිය පොඞ්ඩකට පමා කරමින් මේ වෙනුවෙන් ඉඩක් දෙන්න ප‍්‍රවීනයෙක් හිටියෙ නෑ. සමීර සටන අත්ඇරියෙත් නෑ.
ලංකාවෙ චිත‍්‍රපටකාරයෙක් වෙන්න නම් වැදගත්ම දේ තියෙන්නෙ එතන. චිත‍්‍රපටිය ලියන එක, ෂූට් කරන එක, එඩිට් කරන එක මේවා නතිං. ඒත් ෆිල්ම් එක රිලීස් කරන එක කියන්නෙ ඛේදවාචකයක්.
මෝටර් බයිසිකල් කීප සැරයක් කීප තැනක ප‍්‍රදර්ශනය වුනත් ඒ වටා ඇතිවුනු දරාගන්න බැරි හීට් එක හින්ද මට යාගන්න බැරි වුනා. ෆිල්ම් එකක විශේෂ දර්ශනවාර වලදි ඒක නරඹන්න ඇතිවෙන පොරබදය මාව ටිකක් එලියට තල්ලූ කරනවා.
මට පස්සෙ බලන්න පුළුවන්. හදිස්සියක් නෑ...
මං තියටර් එකට එනකංම හිටිය. සෙනසුරාදා රෑ 7.30 කියන්නෙ හෝල් එකක ෆිල්ම් එකක් බලන්න මරු වෙලාවක්. විශේෂයෙන්ම රීගල් වගේ තැනක, මෝටර් බයිසිකල් වගේ ෆිල්ම් එකක්.
සමීර ලොකු කතාවක් කියන්න ද`ගලන්නෙ නෑ. දස්සයි සමනලීයි එක දවසක් මුනගැහිලා ලව් කරන්න හදනවා විතරයි. කතාවකට වඩා ඒක එක්ස්පීරියන්ස් එකක්. සමීර ඒක කියන්නෙත් හරිම ඕෆ්බීට් විදිහට.
ෆිල්ම් එකේ කතාවෙ චරිත දෙක දස්සයි සමනලීයි වුනාට ෆිල්ම් එක තියෙන්නෙ දස්සයි මෝටර් බයිසිකලෙයි ගැන. කෙල්ලට වඩා සමීර බයික් එක ඉස්සර කරනවා. හරිම මෙටීරියලිස්ටික් තැනක් ඉමෝෂනල් කරනවා. බයික් එක වඩාත් රොමැන්ටික් වෙන්නෙ සමනලීගේ ආදරෙත් එක්ක. ඒත් සමනලීට වඩා ගොඩ දුරක් බයික් එක දස්සා එක්ක එනවා.
ෆිල්ම් එකේ සෑහෙන දුරක් අපි දස්සා එක්ක ආවම බස්හෝල්ට් එකකදි ෂාව (සමනලීව) මුනගැහෙනවා. සමීර ෂාට දෙනවා ග‍්‍රෑන්ඞ් එන්ට්රන්ස් එකක්. සෙනග අතරින් රතු ඇඳුමක් ඇඳන් ෂා එද්දි මට මං වහවැටුණු දෙමළ ෆිල්ම් පෙලක් එකදිගට මතක් වුනා.
දස්සයි සමනලීයි ෆිල්ම් එකේ ඇක්ට් කරනවට වඩා ලොකු දෙයක් කරනවා. ලංකාවෙ අපි ඕනතරම් දැකලා තියෙනවා ඇක්ට් කරන නළුනිළියො. ඒත් ඒ චරිතවල ජීවත් වෙන උන් අපිට මුනගැහෙන්නෙ අන්තිම කලාතුරකින්. උන් දෙන්නා මේ චරිත අතරෙ මාර කෙමිස්ටි‍්‍රයක් හදාගන්නවා. නිදහසක් බුක්ති විඳිනවා. වෙනම විදිහක ආදරයක් ගොඩනගනවා.
ෆිල්ම් එකේ දස්සටයි සමනලීටයි උන්ම වෙන්න ඇරලා සමීර බලන් ඉන්නවා. ඒ චරිත දෙක හැදෙන්නෙ උන් දෙන්නගේ ඇත්ත ජීවිතේ කොටස් වලින්. එහෙම වෙද්දි අපිට පුළුවන් කිසි දෙයක් සිද්ද නොවුනත් තිරයක් දිහා බලන් ඉන්න.
මේ විදිහට සිංහල සිනමාවෙ ඊළ`ග නළුවා සහ නිළිය බිහිවෙන්නෙ සමීරගෙ චිත‍්‍රපටිය ඇතුලෙ. දසුන් සහ සමනලී අනිවාර්යෙන්ම අනාගත සිනමාවෙ අමරසිරි සහ මාලනී වගේ වෙනවා. (රූපක දෙකක් විදිහට කිව්වට මුන් දෙන්නා ඒ පරණ දෙන්නට වඩා ගොඩක් ලොකුයි)
සමීර ෆිල්ම් එකේ කරලා තියෙන ලොකුම ජයග‍්‍රහනය මේකයි. ගොඩක් ඇත්ත දේවල් වලට ඒ විදිහටම පවතින්න තමන්ගෙ නිර්මානෙ ඇතුලෙ ඉඩ දෙන එක. ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මේක අන්තිම අමාරු වැඩක්. හැමදේකම තමන්ගේ සළකුන තියන්න නිර්මාණකරුවෙකුට ඇතිවෙන ස්වභාවික පෙළඹවීමෙන් එලියට ගිහින් කරන්න ඕන වැඩක් මේක.
අජියාගේ සංගීතය වුනත් ෆිල්ම් එකේ පාවිච්චි වෙන්නෙ ඒ විදිහට. මේ කතාව හෝ චරිත අපි ඉල්ලා සිටින රිද්මයක පවතින්නෙ නෑ. මේවා හරියට සොසයටි එකේ ‘පිච්’ වෙලා නෑ. එතකොට ඒ අයව කියවන සංගීතය සමීර සම්මත ‘ලස්සනට’ අදාල නොවෙන තැනකම තියනවා.
අම්ම මගේ.... මං අම්මගේ...
සිංදුවල පාවිච්චි වෙන වචන වුනත් ආර්ට් කරන්න යන්තම්වත් උත්සාහයක් දරලා නෑ. ඒ අමුකමම අව්‍යාජත්වයක් එක්ක අපූර්වත්වයක් නිර්මාණය කරනවා. ඒක තමයි ක‍්‍රියේටිව් වැඩකින් වෙන්න පුළුවන් උපරිමය.
ෆිල්ම් එකේ මං කැමතිම දෙබස් කන්ඩෙ එන්නෙ පාරෙ කුකුල්ලූ විකුනන මිනිහගෙන්. ඒක ඒ මනුස්සයා ඇත්තටම ඒවා විකුනන විදිහ. සමීර ඒක ඒ විදිහටම ෆිල්ම් එකට ප්ලග් කරනවා. කවදාවත් අපිට ලියලා දනවන්න බැරි සජීවිකමක් වගේම තේරුමක් එතනින් එකතු වෙනවා.
එක විදිහකට මේක චිත‍්‍රපටිය කියන්නෙ කොළඹ එකලස් කිරීමක්. සරල කතාවක් ඇතුලෙ සමීර කොළඹ වටේ අපිව අරගෙන යනවා. පුංචි පුංචි ඞීටේල් ළ`ග නතර වෙලා බලන් ඉන්නවා. අපි හැමදාම දකින ඒත් ස්ක‍්‍රිප්ට් එකක් ලියන්න ගත්තම නොලියවෙන ගොඩක් සුන්දර පුංචි පුංචි ජීවිත අංශූ සමීර මෝටර් බයිසිකලේකින් එකතු කරනවා.
කතාව ඇතුලෙ අතුරු චරිත නිර්මාණය වෙලා තියෙන විදිහත් ගොඩක් පරිණතයි. උදා විදිහට කළණ කරන පාතාලේ චරිතය ගැන අපි කිසිම අගක් මුලක් දන්නෙ නෑ. පොඩි සිදුවීම් ටිකක් හරහා ඒ චරිතය ගැන අපිට ඇති කරන දැනීම මාර ලොකුයි. කළණ ඒක කරන විදිහත් මරු.
සමීර මෝටර් බයිසිකල් ඇතුලෙ සම්මාන සිනමා වට්ටෝරුවට වැටෙන්නෙ නෑ (කලාපීය සම්මාන කීපයක් ලැබුනත්) . සම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම වෙනුවට සමීර කොළඹ කොටුව තෝර ගන්නවා. අජීවී එකතැන පැය ගනං පැලවෙන රූපරාමු වෙනුවට සරල සජීවී චරිතවල රිද්මයට කැපෙන රූපරාමු කලාවකින් එයා කතාව කියනවා.
ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවෙන් ඕෆ්බීට් වැඩක් කරන්න සමීර ට‍්‍රයි කරනවා. මේ කතාව ගත්තොත් ඒක මේන්ස්ටී‍්‍රම් කතාවක්. ඒත් සමීර ඒ කතාව ගොතන්නෙ මේන්ස්ටී‍්‍රම් නොවෙන එලිමන්ට්ස් එකතු කරලා. පල්සර් එකක් වෙනුවට කොල්ලට තියෙන්නෙ කෑලි හැලෙන නයින්ටියක්. මේකෙ ගහගන්න යන, හොඳට සිංදු කියන, හැන්ඩි වීරයෙක් නෑ. කොල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන, පාට තවරපු,, මොඞ්ල් කෙනෙක් වගේ වීරවරියෙකුත් නෑ. ඒ වෙනුවට සරල කොට ජීවිත දෙකක පාරෙ දුවන ලව් එකක්.
පළවෙනි වතාවට චිත‍්‍රපටියක් කරන ඩිරෙක්ටර් කෙනෙක් අතින් මේ තරම් හොඳට දේවල් ගැලපෙනවා කියන්නෙ මැජික් එකක්. අපේ සිනමාව ඇතුලෙ කවදාවත් කොල්ලෙක් සහ කෙල්ලෙකුගෙ ආදරේ ඇතුලෙ පාවිච්චි නොකරපු ‘කියුට්නස්’ කියන එක මෝටර් බයිසිකල් වලින් අලූතෙන් ස්ථානගත කරන රසයක්. ඒ ඉනසන්ස් එකයි ඇත්ත සමාජ පසුතලය විසින් විනාස කරමින් ඉන්නෙ. නිශ්චිත දුෂ්ටයෙක් නෑ. මුලූ මහත් ක‍්‍රමයම මේ ආදරයට දුෂ්ටයි. එදිනෙදා වැල්ලෙ ගල් උඩ, වික්ටෝරියා පාර්ක් එකේ විසිල් මැද්දෙ, නිදහස් චතුරශ්‍රෙ අත් අල්ලන්නවත් බැරුව විඳවන කොල්ලො කෙල්ලො ගානක් ගැන සමීර නරඹන්නාව සංවේදී කරනවා.
ආදරේ වල්කමක්, පාදඩකමක්, හෝ තහනම් කළ යුතු දෙයක් විදිහට දකිනවට වඩා ඒ දිහා ‘ඉනසන්ස්’ කියන එක ඇතුලෙන් බලන්න මෝටර් බයිසිකල් රවුමක් සමීර තිරය උඩට අරන් එනවා.
මේ තරම් සමූහ දර්ශන සහ අසීරු දර්ශන තල හසුරුවා ගැනීම කියන්නෙ පළවෙනි වතාවට ෆිල්ම් එකක් කරන එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තත්වයක්. ප‍්‍රවීනයන් පවා ඉතා හොඳින් ඇනගන්නා ප‍්‍රදේශයක මෝටර් බයිසිකලේ කිසි ගානක් නැතුව දුවනවා. ඒ හැම අතුරු චරිතයක්ම පාහේ මතක හිටින තරම් සුවිශේෂීව නිර්මාණය කරන්න සමීරට පුළුවන් වෙනවා.
විශ්වගේ කැමරාවත් ෆිල්ම් එකට උපරිම සාධාරණයක් කරනවා. ඒ නාගරික බව කැප්චර් කරන රූප රාමු හරිම ආකර්ශනීයයි. ඕනකරන පොප් ගතිය තමන්ගෙ රූපයේ රඳවාගන්න වගේම හරිම නිරායාසික බවක් දනවන්න විශ්වගේ සරල කැමරා ආඛ්‍යානයට පුළුවන් වෙනවා.
ෆිල්ම් එකේ අවසානයට නම් මගේ බරපතල අකමැත්තක් තියෙනවා. ඒ නිසාම බලන නරඹන්නො ගොඩක් හිස් ගතියකට, බිඳ වැටීමකට යන්න පුළුවන්. මුල එක්ක බැලන්ස් වෙන විදිහට අමුණලා අතිසංවේදී නිමේෂයකින් කතාව කූටප‍්‍රාප්තියට ගේන්න සමීර කෘතිමව කරන ට‍්‍රයි එක ඇතුලෙ ෆිල්ම් එකේ අවසානය ලොකු හිලක් හදනවා.
එලියට එනකොට ඉතුරු වෙන්නෙ ඒ හිස්කම වුනත් ඒක ෆිල්ම් එක ගැන ඇත්ත නෙමෙයි.
මේක සෑම කොල්ලෙක් සහ කෙල්ලෙක්ම පංති කට් කරලා ගිහින් නරඹන්න ඕන ෆිල්ම් එකක්. ගල් උඩ, කණු යට ලව් කරලා සෙකියුරිටි පොලිසි නලා සද්ද මතක හැම වැඩිහිටියෙක්මත් බැන බැන එන්න හරි ගිහින් නරඹන්න ඕන ෆිල්ම් එකක්.
රුපියල් පන්සීයක් විතර අරන් ඇවිත්, යන්න එන්න තැනක් නැතුව, විසිල් පාරවල් කමින් ගතවුණු දහඅටේ ආදරේ ආතල් එක ආයි ආයිමත් මිස් කරවන පැය එකයි විනාඩි හතලිස් පහක්.
-චින්තන ධර්මදාස
සමීරට චිත්‍රපටි පුළුවන් තරමට චින්තනට මේව ලියන්නත් පුළුවන්. මේ තමයි 'අද කාලෙ තරමට', 'අපේ රටේ' හොඳට ම පුළුවන් තරම.. දෙන්නම මේ ගානෙන් එහා ගිහින් පණ්ඩිතයො වෙන්නැතුව හොඳට හැදෙන්න හිතා ගන්න ඕනැ හොඳද... සුබ පැතුම්!
ReplyDeleteසම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම-sira kathawa
ReplyDeleteදැන් චින්තන ලියන සහ කියන දෙයක් තමයි දැනුම ලංකාවෙ පාවිච්චි වෙන්නෙ තගක් විදිහට කියල.. නැති බලයක් ඒ්ක හරහා නිර්මාණය වෙනව කියල.. දැන් මේ චින්තන ලියල තියෙන දේවල් වලින් ඒහෙම වෙන්නෙ නැද්ද ?
ReplyDeleteමේ දේවල් චින්තන කියන්නෙ අපිට.. ඒ් කියන්නෙ ප්‍රේක්ෂකයට...
ඒතන හොඳයි.. අතන අප්සට්.. ඒක කියුට්... හරිම මෙටීරියලිස්ටික් තැනක් ඉමෝෂනල් කරනවා.. ඇක්ට් කරනවට වඩා ලොකු දෙයක් කරනවා... අනාගත සිනමාවෙ අමරසිරි සහ මාලනී වගේ වෙනවා... ඒ චරිතය ගැන අපිට ඇති කරන දැනීම මාර ලොකුයි... සමීර නරඹන්නාව සංවේදී කරනවා.. එලියට එනකොට ඉතුරු වෙන්නෙ ඒ හිස්කම වුනත් ඒක ෆිල්ම් එක ගැන ඇත්ත නෙමෙයි...
මේ මොනාද ?
කවුරු හරි මේව තගක් වෙන්නෙ කොහොමද කියල අහයි.. තගක් වෙන්නෙ ප්‍රේක්ෂකයා මේ අදහස් වලින් මෙහෙයවන නිසා..
අනිත් අය කරන කොට නරකයි.. තමන් කරන කොට හොඳයි..
චින්තන ඒ්ක කුහක කමක් නෙමෙයිද ?
අනිත් ඒක තමයි ඔයා විචාරය කියන්නෙ පිස්සුවක් කියල ගොඩක් තැන්වල කියල තියෙනවා..
ඔයා මේ කරන්නෙ මොකක්ද ඒතකොට..
මට පිස්සු වගේ අනේ :-)
This comment has been removed by the author.
ReplyDelete