Monday, January 16, 2017

රුවන්වැලි සෑය සහ දුටුගැමුණු : දස් කපිටාල් සහ කාල් මාක්ස්


කාල් මාක්ස් විසින් කැපිටලිසම් ප‍්‍රබන්ධගත කළා සහ එයාගෙ සෝෂලිසම් වීරයා කරන්න කැපිටලසිම් ‘විලන්කරණයට’ ලක් කළා කියල මං දාපු පෝස්ට් එකට මාක්ස්ගෙ ෆෑන්ස්ලා ගොඩක් කලබල වුණා. මෝඩයෙක්, තක්කඩියෙක්, නානසාරයෙක්, වෙළෙන්දෙක්, ප....යෙක්, හු.....තෙක් ආදී අනේක විධ කමෙන්ට් පළවුනා. නාගරික බුද්දිමය සංවාද තලයෙන් මාව අතුගාලා දාන්න  ඕන කියලත් සංවිදානය වුනා. කොටින්ම වම අවදි වුණා කිව්වොත් වැරදි නෑ. ඒත් කිසි කෙනෙක් මාක්ස් කැපිටලිසම් ප‍්‍රබන්දගත කළා කියන අදහස ඇඩ‍්‍රස් කළේ නෑ. දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පවා වැදගත් වුනේ චින්තන ධර්මදාස සහ එයාගේ සරමයි.

මාව කුඩුපට්ටම් කළා කියල මං හිතන්නෙ නෑ කිසි දෙයක් සිද්ද වෙනවා කියල. ඒකෙන් වෙන්නෙ අදහසක් එක්ක මතවාදී සාකච්ඡුාවකට යන්න තමන්ට තියෙන නොහැකියාව හෝ නිර්මාණශීලීත්වයෙන් හි`ග බව ප‍්‍රදර්ශනය කිරීමක් විතරයි. ඒක නිකරුනේ විනෝදය සැපයීමක්. මං ඒකෙන් කාලකණ්ණි සතුටක් ලබනවා නෙමෙයි. අවංකවම මේ බැන බැන ඇවිදින ගොඩක් අය මං පුද්ගලිකව ආදරය කරන මිනිස්සු. ඒ ඔවුන්ගෙ මතවාදයට විරුද්ද වුණත් ඒ අය මේ රටේ සිද්ද වෙන සමාජ කතිකා, සංවිධාන වලට කරන සක‍්‍රීය මැදිහත්වීම හින්ද.

මීට කාලෙකට කලින් මම ගනනාථ ඔබේසේකරගෙ ලිපියක් පදනම් කරගෙන දුටුගැමුණු ගැන අදහසක් පළ කළා. ලංකාවෙ ජාතිකවාදී සහ ජාතිවාදී සිංහල බෞද්ද බලවේග ඔක්කොම මාව මරාගෙන කන්න ලෑස්ති වුනා. මේ විදිහෙම ඔහේ කරන ඉබාගාත අපහාස වලින් ෆේස්බුක් එක පිරුණා. ඒ තමයි ලංකාවෙ දකුණ.
මෙතනදි මං මාක්ස් සහ එයාගෙ විප්ලවය ගැන අදහසක් පළ කළා. දුටුගැමුණු වගේම දුටුමාකස් තත්වයක් උද්ගත වුණා. එතනදි වගේම මෙතනදිත් කිසි කෙනෙක් මතවාදය සාකච්ඡුාවට ගත්තෙ නෑ. වැදගත්ම දේ තියෙන්නෙ මෙතනයි. සිංහලයන්ට මහා වංශය වගේ තමයි වම්මුන්ට දස් කපිටාල්. කතාවෙන් කොයිතරම් ප්‍රෝග්‍රෙසිව් වුනත් සිතීම තියෙන්නෙ පරණ ආගමික තැනමයි. එතන තර්කය, සංවාදය හෝ විද්‍යාත්මක ක‍්‍රමය නෑ. තියෙන්නෙ ප‍්‍රකෝපය සහ ප‍්‍රචණ්ඩත්වය විතරයි. කතා අතින් වෙනස් වුනත් සිතීමෙන් ලංකාවෙ වම කියන්නෙ දකුණමයි.

මේ මෑතක බාර් එකක බොන අතරෙ මං යාලූවෙක් එක්ක කතාවකට වැටුණ.
‘මචං ලංකාවෙ  ඕනතරම් වම සහ මාක්ස්වාදය ගැන පොත් ලියවිලා තියෙනවා. අපේ නවල්ස් ගත්තත් තොග පිටින් රුසියානු සාහිත්‍යය කොපි කරනවා තාමත්. ඒත් ඇයි කැපිටලිසම් හෝ ඒකට පාදක සිතීම ගැන පොත් ලංකාවට පරිවර්තනය වෙලා නැත්තෙ? ඒවා ගැන සාකච්ඡුා වෙන්නෙ නැත්තෙ?’

මෙතන තියෙනවා ලංකාවෙ බුද්දිමය නඩය විසින් දැනුවත්ව පනවා ඇති වාරණයක්. කැපිටලසම් නිර්මාණය කෙරුණු පරිණාමීය මිනිස් ඉතිහාසය, ඒ හා බැඳුණු දියුණු සිතීම් සහ පරිකල්පන කියන කිසිවක් සිංහලට නැගෙන්නෙ නෑ. කොටින්ම බුද්දිමතෙක් නම් එයා ලෙෆ්ට් එකේ වෙන්න  ඕන කියන තරමට ලංකාවෙ වම අධිපතිවාදීයි. (නිදහස් අධ්‍යාපනය ආදී දේවල් ගැන සංවාද වලදී පවා පැනනගින්නේ මේ අධිපතිවාදීකමමයි)
කැපිටලිසම් කියන එක ගැන ලංකාව දන්නෙ කාල් මාක්ස් කියපු ෆික්ෂන් එක විතරයි. ඒක වඩාත් පැහැදිලි වෙන්නෙ තාමත් මේ කිව්වෙ මොකක්ද කියල තේරුම් ගන්න ලංකාවෙ වම්මුන්ට බැරිවීම හරහා. ඒ වචනෙම මහා කුණුහරුපයක් විදිහට ඇහෙන්නෙ ඒකයි. තමන් මොකක් හෝ ෆික්ෂන් එකකට කැමති වීම අවුලක් නෙමෙයි. ඒත් ඒ ෆික්ෂන් එක ලෝකයේ පවතින එකම යතාර්ථය හැටියට ගන්නවා නම් ඒක ලොකු ප‍්‍රශ්නයක්.

ලූඞ්විග් වොන් මයිසෙස් කියන ඔස්ටේ‍්‍රලියානු පාසැලේ ආර්ථික විද්‍යාඥයා කියන විදිහට ‘මිනිසාගෙ නිදහස් ව්‍යාපාරයන් සඳහා නිර්මාණය වුණු ක‍්‍රමය කැපිටලිසම් කියල නම් කරන්නෙම ඒක ප‍්‍රතික්‍ෂේප කිරීමට සහ හෙලා දැකීමටයි’. අඩුම තරමෙ මිනිස්සුන්ට තියෙන අදහස් තෝරා ගැනීමේ අයිතිය වෙනුවෙන්වත් අයින් ?න්ඞ්, මයිසෙස් වගේ අයගෙ අදහස් සිංහලට පරිවර්තනය වෙන්න  ඕන.

පුද්ගලික දේපොල මත පදනම් නිෂ්පාදන ක‍්‍රමයක් හැටියට කැපිටලසිම් අර්ථ නිරූපනය කරන්නෙ මාක්ස්. එයා තමයි මේකෙ මහා ලේබල්කරු. කැපිටලිසම් කියන අදහස් පද්ධතියෙ ඇති සියලූ ශක්‍යතාවයන් නොතකා හරමින් එයා ඒක තමන්ගේ ඌනිතවාදී දර්ශනය (ප‍්‍රබන්ධය) ඇතුලට ගේනවා. බුදුන්ගේ මාරයට, දෙවියන්ගේ සාතන්ට පස්සෙ ලොකුම දුෂ්ටයා නිර්මාණය කරනවා. මේ කතාවට ලෝකෙ වටේම ෆෑන්ස්ලා හැදෙනවා.
‘කැපිටලසිම් කියල හඳුන්වන්නෙ යමක්ද ඒ වෙළඳපොල ආර්ථිකයයි’ මයිසෙස් කියනවා. කැපිටලසම් වලින් කරන්නෙ විශාල ජනතාවකට අවශ්‍ය විශාල නිෂ්පාදනයක් ඇති කරන එකයි. ඒත් මාක්ස්ට අනුව ඒක වෙන කේස් එකක්.

ඇමරිකන් එන්ටර්ප‍්‍රයිස් ඉන්ස්ටිටියුට් (ඒඊඅයි) එකේ මිචෙල් නොවාක් කියනවා කැපිටලිසම් කියන එක මිනිස් මනසේ සැබෑ ස්වභාවය කියල. එයා ට‍්‍රයි කරනවා ඒක ලතින් ‘කැපුට්’ කියන වචනෙන් බිඳිලා ආවා කියල තේරුම් කරන්න. ඒ කියන්නෙ ‘ඔලූව’ කියන එක. සොයා යාම, නිර්මාණශීලීත්වය, නව නිෂ්පාදනය කියන ඒවා තමයි කැපිටලිසම්වලදි මූලික වෙන්නෙ. නිෂ්පාදන ප‍්‍රතිලාභවලට ලැබෙන පුද්ගල අයිතිය කියන්නෙ ඒකට අවශ්‍ය වටපිටාව මිස ඒකෙ අවසාන උවමනාව නෙමෙයි. ධනවාදී ආර්තිකයක තියෙන සුවිශේෂී වෙනස වෙන්නෙ මේ ව්‍යාපාර කියන එකයි. ඒ කියන්නෙ මිනිස් බුද්ධිය සහ හැකියාව ආයෝජනය කරලා නව සොයා ගැනීම් සහ නිෂ්පාදන කරන එකයි. ඊට පස්සෙ හැකි පමණ විශාල ජනතාවක් අතරට  ඒ සොයා ගැනීම් ගෙනියන්න අලූත් සහ වඩා හොඳ මාර්ග හොයන එකයි.

ඒත් ධනවාදී ආර්ථික විද්‍යාවේ පියා විදිහට සලකන ඇඩම් ස්මිත්වත් කැපිටලිසම් කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ. ඊට පස්සෙ තැන් කීපයක කැපිටාල් කියන වචනෙ පාවිච්චි වුනත් මේ වචනෙට අද ලැබෙන අර්ථය හැදෙන්නෙ සමාජවාදීන් අතින්.

කැපිටලිසම් කියන එක එහි ඔරිජිනල් ඉතිහාසෙන් ඒලියනේට් කරලා අද අපි කැපිටලිසම් කියල තේරුම් ගන්න අදහස නිර්මාණය කරන්නෙ මාක්ස්.  ඒ කියන්නෙ ප‍්‍රාග්ධන සම්පත් හිමි පංතියක් විසින් වැඩකරන පංතියේ ශ‍්‍රමය සූරාකමින් පවත්වාගෙන යන නිෂ්පාදන ක‍්‍රමයක් වගේ අදහසක්. ඊට කලින් ලූවී බ්ලැන්ක් සහ පියරේ ජෝසෆ් ප්රූඩන් මීට සමාන තේරුමකින් කැපිටලිසම් කියන වචනෙ පාවිච්චි කරනවා (ඒ දෙන්නත් සමාජවාදීන්). එහෙම තමයි මාක්ස්වාදයේ එන කැපිටලිසම් ප‍්‍රබන්ධයට පාර හැදෙන්නෙ.

මාක්ස් විසින් කැපිටලිසම් කියල හඳුන්වපු, පරාරෝපණයට ලක් කරපු ඒ මානව ක‍්‍රියාවලිය සූරාකෑමේ ඉතිහාසයක් වෙනුවට පරිභෝජනවාදයේ ඉතිහාසයක් විදිහටත් කියවන්න පුළුවන්. නිෂ්පාදනයේ අවසන් උවමනාව වෙන්නෙ පරිභෝජනය. ඇත්තට ගත්තොත් ධනවාදය කියල හඳුන්වන ක‍්‍රියාවලියෙන් සිද්ද වෙන වැදගත්ම දේ තමයි මේ කන්සියුමර් නැත්තං පාරිභෝගිකයා නිර්මාණය කරන එක. ඒත් මාක්ස්ට පරිභෝජනය අවුල්. එයා කියන්නෙ මේ පාරිභෝගික භාණ්ඩය ඇතුලෙ නිෂ්පාදන සම්බන්දතා හැංගෙනවා කියල. නිෂ්පාදන ශ‍්‍රමය ඒලියනේට් වෙනවා කියල. මාක්ස්ට ප්ලොට් එක මගඇරෙනවා.

ස්කූල් ඔෆ් ලයිෆ් වීඩියෝවක මේ පරිභෝජනයේ ඉතිහාස කතාව ගොඩක් සරලව පැහැදිලිව විස්තර කරනවා.
”මිනිස් ඉතිහාසෙ මෑත අවධියක් වෙනකල් ලෝක ජනතාවගෙන් අතිබහුතරය කිසි දෙයක් නැති තත්වයකයි ඉන්නෙ. ඇඳුමක් කැඩුමක්, පිගානක්, මුට්ටියක්, කොස්සක්, වඩා හොඳ වුනොත් වගා කරන්න උපකරණ කීපයක් තමයි වත්කම් හැටියට තිබුනෙ. මිනිස්සු වගේම ජාතීනුත් අන්තිම දුප්පත්. 1800 වෙද්දිත් මිනිස්සු ලෝකෙ පටන් ගත්ත කාලෙ වගේම දුප්පත් තත්වයක හිටියෙ. (මාක්ස් ඉපදෙන්නෙ 1818)

ඒත් 18 වෙනි ශතවර්ෂෙ මුලදි වයඹදිග යුරෝපයේ රටවල් වල කැපී පේන වෙනස් සංසිද්දයක් ඇතිවෙන්න පටන් ගන්නවා. ආර්තිකය පළල් වෙන්නත් වැටුප් වැඩි වෙන්නත් ගන්නවා. මීට කලින් යන්තම් ජීවිතේ ගැටගහගන්න විතරක් සල්ලි තිබ්බ පවුල් පොඩි පොඩි සුකුරුත්තං බඩු ගන්න ෂොපින් යනවා. පනාවක්, කණ්ණාඩියක්, යට ඇඳුමක්, ටිකක් ඝන බූට් සපත්තු දෙකක් නැත්තං තුවායක්. ඒ අයගෙ වියදම් කිරීම නිසාම වඩා හොඳ ආර්තිකයක් හැදෙන්න ගන්නවා. ඒ ගොල්ලො වියදම් කරන එක වැඩි වෙද්දි වැඩි වැඩියෙන් කර්මාන්ත ඇති වෙනවා. වැඩි වැඩියෙන් වැටුප් ලැබෙනවා. 18 වෙනි ශතවර්ෂෙ මැද වෙද්දි මේක නිරීක්ෂණය කරපු අය තේරුම් ගන්නවා ඒ ගොල්ලො ශිෂ්ටාචාරෙ දැවැන්ත වෙනසක් පසු කරමින් ඉන්න වග. මේක තමයි ඉතිහාසඥයො විස්තර කරන ලෝකෙ පළවෙනි කන්සියුමර් රෙවොලූෂන් එක.

බි‍්‍රතාන්‍යයේ තමයි ගොඩක්ම වෙනස්කම් සිද්ද වෙන්නෙ. එච්චර කල් ධනවත් කීපදෙනෙකුට විතරක් බුක්ති විඳින්න පුළුවන් වෙලා තිබුණු දේවල් වලට විශාල පිරිසකගේ ඉල්ලූමක් ඇතිවුණා වගේම ඒ ඉල්ලූම සපුරන්න විශාල කර්මාන්ත හැදෙනවා. මැගසින්වල ඇඞ් පළවෙනවා. එච්චර කල් අවුරුදු දහයකට විතර වෙනස් නොවී තිබුන කොන්ඩ ස්ටයිල් සහ ඇඳුම් අවුරුද්දෙන් අවුරුද්ද මාරු වෙන්න පටන් ගන්නවා. මේ විලාසිතා හොඳටම එක්ස්ටී‍්‍රම් සහ ඇබ්සර්ඞ් ඒවා. කොයිතරම් වේගෙන් හැමදේම අලූත් වෙනවද කිව්වොත් සමහරු කල්පනා කරනවා හිරකාරයො එල්ලලා මරන එක පවා අලූත් විදිහකට කරයිද කියල.

බලාපොරොත්තු වෙන්න  ඕන විදිහටම පල්ලිය මේ ගැන ගොඩක් අවුල් වෙනවා. ඒ ගොල්ලො මේ අලූත් පරිභෝජනවාදෙට විරුද්දව දේශන පවත්වනවා. (ඇත්තටම මාක්ස් වගේ පුංචි බුද්දිමතුන් පවා හොඳටම අවුල් වෙනවා. එයා මේක කොමෝඩිටි ෆෙටිෂිසම් එකක් විදිහට විවේචනය කරනවා. පරිභෝජන ආර්තිකයක් තේරුම් ගැනීමට මාක්ස් දක්වන සිඟිති අසමත්කම තේරුම් ගන්න මේ ගැන විවේචනය කියවන්න)  මේ පුහු අලංකාරය, පිනවීම පාපයක් විදිහට පල්ලිය හඳුන්වනවා. ඒත් මේ අතරෙ ‘සෝබනය’ ආර්තිකයට කොයිතරම් වැදගත්ද කියල පෙන්වන අලූත් අදහසක් මතු වෙනවා.

1723 බර්නාඞ් මැන්ඩෙවිල් කියන වෛද්‍යවරයා ‘ෆේබල් ඔෆ් බීස්’ කියල ලියවිල්ලක් ලියනවා. ඒ මගින් ආගමික හා සදාචාරාත්මක මතවාද වලට බැහැරින් රටවල් ධනවත් කරමින් ඒවාට යහපත්, ආරක්ෂිතතත්වයක් ඇති කළේ කිසිසේත්ම වටිනාකමක් නොදුන්, කොටින්ම (මාක්ස් වැන්නවුන් සහ පල්ලිය) අපහාසයට බඳුන්කළ ක‍්‍රියාකාරීත්වයක් බව හෙළි කරනවා. ඒ තමයි සතුට වෙනුවෙන් ෂොපින් කරන එක. මේ වැඩකට නැති සුකුරුත්තම් වෙනුවෙන් ෂොපින් කිරීම තමයි ජාතික ආර්තිකය ගොඩනගන්නෙ කියල මැන්ඩෙවිල් පෙන්වා දෙනවා. විකාරරූපී සහ අනවශ්‍ය දේවලට වැඩි ඉල්ලූමක් ඇති කිරීම වැඩි ආදායම් ලැබීමට මග බව පැහැදිලි කරනවා. මේ දේවල් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න වීම ඇතුලෙ කර්මාන්ත ඇතිවෙනවා.  ශ‍්‍රමය පුහුණු වෙනවා. රෝහල් වගේ සේවා නඩත්තු වෙනවා.

මැන්ඩෙවිල්ගෙ මේ කතාව බොහොමයක් ආර්තික විද්‍යාඥයන් විසින් පිළිගත්තා. ඒත් ශෝන් ශාක් රූසෝ වගේ අය මේකට එක`ග වුනේ නෑ. මේ පරිභෝජනවාදයත් එක්ක එයාගෙ ජිනීවාවල ගමේ ඇතිවෙන වෙනස්කම් දැකලා තැතිගන්න රූසෝ ආපහු පරණ සරල ජීවිතේට යන්න යෝජනා කරනවා. බෝඩර් වසා දමන්නත් වැඩි වැඩියෙන් ටැක්ස් පනවන්නත් ඒ හරහා මිනිස්සු සුඛෝපභෝගී භාන්ඩ පරිභෝජනය කිරීම අධෛර්යය කොට නැවත වටිනාකම් පැත්තට යොමු කරන්නත් රූසෝ යෝජනා කරනවා. (ගොඩක් ලංකාවට ළ`ග අදහසක්).

ඒත් ඇත්තටම මේ සංවාදය දැන් වලංගු නෑ. අපි යම් යම් අවාසනාවන්ත අතුරු ප‍්‍රතිඵල සහිතව වුනත් පරිභෝජනවාදී ආර්තිකයක ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. අපි යහපතට ඉහළින් ධනය හෝ පොහොසත්කම අවශ්‍යයි කියල බාරගෙන ඉවරයි.

පරිභෝජනවාදය මුහුන දෙන ප‍්‍රශ්නෙ තියෙන්නෙ මෙතන. පරිභෝජනයේ හොඳ ලක්ෂණ එක පැත්තකිනුත් උසස් මානසිකත්වයක ලක්ෂණ අනෙක් පැත්තකිනුත් අත්පත් කර ගනිමින් ඒ දෙකේම නරක පැති මගහරවා ගත හැකි මගක් තියෙනවද කියන එක. සමාජයේ මිනිස්සු වියදම් කිරීමට පොළඹවා එමගින් සුබසාධනය සහ සංවර්ධනය අත්පත් කරගන්නා අතර ඒවා තේරුමක් නැති ඉබාගාත වියදම් නොවී යම් තේරුමක් ඇති දේකට යොමු කරන්න විදිහක් නැද්ද කියන එක.

ඔන්න එතකොට තමයි තාත්තව, ඇඩම් ස්මිත්ව මතක් වෙන්නෙ. 1776දි පබ්ලිෂ් කරන එයාගෙ ‘වෙල්ත් ඔෆ් නේෂන්ස්’ පොතේ එයා මැන්ඩෙවිල් විසින් ගේන තර්කයේ මූලික දේවල් දකිනවා. පරිභෝජනවාදී සමාජ පාරිභෝගිකයන්ගේ ඉතා නොවැදගත් උවමනාවන් තෘප්තිමත් කිරීම හරහා රැුකියා උත්පාදනය කරමින් දුප්පත්කම අඩු කරන්න දායක වන වග දකිනවා. ස්මිත් වුනත් මේ පරිභෝජනය විකාරසහගතයි කියල දැක්ක නමුත් එහි ප‍්‍රතිඵලවලට ලොකු වටිනාකමක් දුන්නා. මේ පරිභෝජනය හරහා කර්මාන්ත දියුණු වුනා. රැකියා ඇතිවුනා. ධනය උත්පාදනය වුනා.  මාක්ස් වගේ ෆැන්ටසියකට නොගිහින් ස්මිත් අනාගතයට ආකර්ශනීය බලාපොරොත්තුවක් දෙනවා. ඒ පරිභෝජනය සෑම විටම නොවැදගත්, විකාරසහගත දේ ගැනම වෙන්න  ඕන නැති වගයි. එඩින්බරෝ පොත් වෙළඳාමෙ ඇතිවුනු වර්ධනය එයා දැක්කා. ඉදිරියේදී උසස් අධ්‍යාපනය කොයිතරම් ලොකු වෙළඳපොලක් වෙනවද කියල එයා දැක්කා. එඩින්බරෝ නව නගර නිර්මාණය සඳහා එකතු වුණු ධනය එයා දැක්කා. මිනිස්සුන්ට කොයිතරම් විශාල වශයෙන් ශ‍්‍රමය, බුද්ධිය අවශ්‍ය වන උසස් අවශ්‍යතා තියෙනවද කියල ස්මිත් වටහාගෙන තිබුන.  ඒත් මැන්ඩවිල් දැකපු විදිහටම ඒ වෙද්දිත් ඒවා තිබුනෙ කැපිටලිස්ට් ව්‍යාපාරවලට එලියෙන්. අධ්‍යාපනයේ අවශ්‍යතාවය, ස්වයං අවබෝධය, අලංකාර නගර, වඩා හොඳ සමාජ ජීවිත මේ අතර තියෙනවා. ඇඩම් ස්මිත් කියන විදිහට කැපිටලිසම්වල අවසාන උවමනාව වෙන්නෙ මිනිසාගේ තෘප්තිය එහි සියලූ සංකීර්ණතා ඇතුව තෘප්තිමත් කිරීමයි. ඒක ද්‍රව්‍යමය සහ මානසිකමය කියන පැති දෙකෙන්ම වෙන්න  ඕන”

මේ මාක්ස් නොදුටු මිනිස් පරිභෝජනයේ ඉතිහාසය. මාක්ස් මේ වියමන ගැන කරන්නෙ අතිශය ඌනිත කියවීමක්. ඔස්ටේ‍්‍රලියානු ආර්තික විද්‍යාඥයෙක් වෙන ලූඞ්විග් වොන් මයිසෙස් මේ පරිභෝජනවාදී ආර්තිකය සහ එහි අනාගතය ගැන මෙහෙම කියනවා.

”වෙළඳපොල ආර්තිකයක් පවතින කැපිටලිස්ට් ක‍්‍රමයක ඇත්ත බොස්ලා වෙන්නෙ පාරිභෝගිකයො. ඒ ගොල්ලො තමන්ට ඇති මිළදී ගැනීමේ සහ නොගැනීමේ නිදහස උඩ තීරණය කරනවා කවුද ලාභ ලැබිය යුත්තේ සහ කර්මාන්ත කරගෙන යා යුත්තේ කියල. කුමක් කවර තත්වයකින් කොපමණ ප‍්‍රමානයක් නිෂ්පාදනය කරන්න  ඕනද කියල ඔවුන් තීරණය කරනවා. මේ අයගෙ ඇටිටියුඞ් එක තමයි ව්‍යාපාරිකයාගෙ ලාභය හෝ පාඩුව වෙන්නෙ. ඒ ගොල්ලොන්ට පුළුවන් දුප්පතුන් පොහොසතුන් කරන්න වගේම පොහොසතුන් දුප්පතුන් කරන්නත්” -

පාරෙ ට‍්‍රැෆික් ප‍්‍රශ්නෙ විසඳන්නෙ කොහොමද කියන එක ගැන  ටෙඞ් ටෝක් එකක් කරන්න එන ස්ටොකොම් ට‍්‍රාන්ස්පොටේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ජොනාස් එලියසන් එයාගෙ කතාව පටන් ගනිද්දි මාක්ස්ට වැරදුන තැන ලස්සනට සටහන් කරනවා.

එයා කියන්නෙ හැම ට‍්‍රැෆික් ප්ලෑන් එකකම තියෙන වැරැුද්ද වෙන්නෙ ඒ හරහා මිනිස්සුන්ට ජීවිතය කොහොම සංවිදානය කරගත යුතුද කියල උගන්නන්න යන එකයි කියල.

‘සංකීර්ණ සමාජ ක‍්‍රමයක් සැලසුම් කරන එක අතිශය දුෂ්කරයි. මං කතාවක් කියන්නම්. 1989 බර්ලින් තාප්පෙ කඩා දැම්මට පස්සෙ ලන්ඩනයේ නගර සැලසුම් ශිල්පියෙකුට මොස්කව් වල යාලූවෙකුගෙන් කෝල් එකක් එනවා.

එයා අහනවා කවුද ලන්ඩන්වල පාන් සැපයුමේ ප‍්‍රධානියා කියල. ලන්ඩන් වල ඉන්න මිනිහට තේරුම් ගන්න අමාරු වෙනවා මේ ප‍්‍රශ්නෙ. කවුද ලන්ඩන්වල පාන් සැපයුම් ප‍්‍රධානී? එයා කියනවා එහෙම කවුරුවත් නෑ කියල. එතකොට මොස්කව් යාලූවා විශ්වාස කරන්නෙ නෑ. ඒක වෙන්න බෑ. කවුරුහරි ඉන්න  ඕනනේ. ඒක හරි සංකීර්ණ සිස්ටම් එකක්. කවුරු හරි අනිවාර්යෙන්ම මේ හැම එකක්ම පාලනය කරන්න  ඕන. ඒත් ලන්ඩන් යාලූවා කියනවා, එහෙම කිසි කෙනෙක් නෑ. කොටින්ම මං ඒ ගැන කල්පනා කරලවත් නෑ. ඒ සිස්ටම් එක ඒක විසින්ම පාලනය වෙනවා’

මෙන්න මේක තමයි මාක්ස්ටත් කැපිටලිසම් ගැන සිද්ද වෙන අවුල. එයා මේ සමස්ත මිනිස් නිෂ්පාදනය දකින්නෙ කවුරුන් හෝ විසින් තාර්කිකව පාලනය කරන සිස්ටම් එකක් විදිහට. එයා මේක විලන්කරණයට ලක්කරලා කැපිටලිසම් කියල ප‍්‍රබන්ධ කරන්නෙ මේ මොස්කව් යාලූවට වගේම ඒක තේරුම් ගන්න බැරිකමට.
අනෙක් හැම දාර්ශනිකයෙක්ම විශ්ලේෂකයෙක්ම කරන්නෙ පවතින ක‍්‍රමය නිරීක්ෂණය කරමින් ඒකට තමන්ගේ අදහස් එකතු කරන එක. ඒත් මාක්ස් ඊට එහාට ගිහින් සංකීර්ණ මානව සමාජ ක‍්‍රියාවලියක් එයා විසින් තනියම නිර්මාණය කරනවා. හරියට එලියසන් සඳහන් කරන ට‍්‍රැෆික් ප්ලෑන් එකක් වගේ. සමාජවාදී සමාජයක් කරා යන මේ ගමන කියන්නෙ මාක්ස්ගේ ඩිසයින් එක. තමන්ගේ සීමිත මනසින් සංකීර්ණ සමාජ සමස්තයක ගමන ප‍්‍රබන්ධගත කරන අසාර්ථක උත්සාහය.

ලංකාවෙ වම වහා ඇවිළුණු පෝස්ට් එකට පාදක අදහස් වෙන්නෙ මේවා. පෝස්ට් එක ඇත්තටම ‘ටීසර්’ එකක්. උවමනාව වුනේ ධනවාදයට අදාල අදහස් සාකච්ඡුාවට ගන්න විවරයක් හදා ගැනීම. ඒත් තමන් ඉන්නෙ ප‍්‍රබන්ධයක කියල තාම තේරුම් ගන්න බැරි වමේ යාලූවන්ට සහ ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ යෝජනාව වෙන්නෙ දස් කැපිටාල් වගේ පොත් කියව කියන ඉන්න එක නතර කරලා වෙස්ට් වර්ල්ඞ් වගේ ටීවී සීරීස් බලන්න පටන් ගන්න කියලයි.

-චින්තන ධර්මදාස

21 comments:

  1. වහාම කියන්න තියෙන්නේ චින්තන මාක්ස්ව ආපහු එයාට අවශ්‍ය විදිහට සදාචාරවාදියෙක් හැටියට ප්‍රබන්ධ කරන බවයි. මාක්ස්ට අනුව පරිභෝජනයට තියෙන පෙළඹුම කළමණාකරනය කළ යුත්තේ වැඩි දෙනෙකුට වඩාත් හොඳට පරිභෝජනය කිරීම සඳහා යි. පරිභෝජනය නෛසර්ගිකව නරක නිසා නෙමෙයි. මාක්ස් එහෙම එකක් කොහෙවත් කියා නැහැ. ඔහුට අවශ්‍ය ජීවිතය සහ පරිභෝජනය තවත් නිදහස් කරන විදිහක් හොයා යන්නයි. ඒකට යන විදිහ අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. මාක්ස් ඒක වළක්වන්න යෝජනා කරලා නැහැ. ඒක පසු කාලීන මාක්ස්වාදීන්ගේ වැඩක්.

    For as soon as the distribution of labour comes into being, each man has a particular, exclusive sphere of activity, which is forced upon him and from which he cannot escape. He is a hunter, a fisherman, a herdsman, or a critical critic, and must remain so if he does not want to lose his means of livelihood; while in communist society, where nobody has one exclusive sphere of activity but each can become accomplished in any branch he wishes, society regulates the general production and thus makes it possible for me to do one thing today and another tomorrow, to hunt in the morning, fish in the afternoon, rear cattle in the evening, criticise after dinner, just as I have a mind, without ever becoming hunter, fisherman, herdsman or critic. (Marx, 1845/2000)

    උදාහරණයක් විදිහට අවශ්‍ය නම් ට්‍රැෆික් පාලනයක් නැති, ක්‍රමය විසින්ම නඩත්තු වෙන අප්‍රිකානු රටවල (30-35) මාර්ග අනතුරු අනුපාතයයි ලෝකේ හොඳම ට්‍රැෆික් පාලනයක් තියෙන රටක් වෙන එක්සත් රාජධානියයි (2.9) සන්සන්දනය කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එංගලන්තයේ ක්‍රමවත් පාරවල් වල වගේ සුපිරි වේගයෙන් යනවා වෙනුවට අප්‍රිකාවේ වගේ අපිව හැප්පිලා මරන්නද මෙයාට ඕනැ?

      Delete
  2. In A Nutshell

    One of the most enduring stereotypes about Marxism is its supposed opposition to and rejection of capitalism. However, Marx’s explanation of communism is not as simple as rejecting capitalism. Marx saw history as a progression of societies attempting to produce as much capital as possible through exploitation of class differences. Communism was Marx’s idealized society, the ultimate realization of human progress: Humans produce as much capital as possible, sans classes. For this reason, Marx saw capitalism as a massive improvement on previous modes of production, especially since it would lead to communism.

    The Whole Bushel

    Karl Marx, the infamous father of modern communism, cannot be spoken of without an attached stigma in many Western nations. Along with Friedrich Engels, Marx developed and popularized communism for a modern audience, ultimately giving rise to numerous revolutions and social changes, which may or may not have deviated from his precepts.

    To many, Marx is seen as a great enemy of capitalism, one of the core principles of industrialized nations like the United States. However, Marx hated feudalism and tribalism much more than he did capitalism. That’s because capitalism and communism had one major thing in common: the ability to produce material abundance.

    For Marx, history was a progression. All of human history was the result of class struggle and exploitation, and that class struggle and exploitation was done in order to produce more material goods for a ruling class. Societies in prehistory were equal, without class, but were subject to material scarcity. After leaving prehistorical conditions, humanity could produce more material abundance, but were divided by class. Tribalism led to ancient modes of production, which lead to feudalism, and finally, capitalism.

    Capitalism did away with the superfluous class boundaries of feudalism (which Marx detested) and created an extremely successful economic mode of production based only on two classes: the bourgeoisie and the proletariat. The bourgeoisie control the means of production and therefore the profit; the proletariat control the labor.

    Marx loved materialism and consumerism. He loved industrialization and hated rural life. He wanted all of humanity to be able to live in the material abundance of the bourgeoisie. For this reason, he liked capitalism; it had eliminated the perceived uselessness of the classes of the Middle Ages, created a government only for managing bourgeoisie affairs, and produced vast amounts of capital for more people. Only with capitalism is communism possible, for only capitalism produced enough material abundance to satisfy everyone’s needs and wants.

    Communism is capitalism controlled by the masses, putting an end to class exploitation. Once the proletariat controlled all aspects of capitalism, Marx believed humanity would be free.

    Capitalism and Marxism aren’t so diametrically opposed after all: Their end goal is to produce huge amounts of capital, in the name of materialism and consumerism, by means of industrialization.

    ReplyDelete
  3. චින්තනට ඇත්තටම ඕනෑ පරිභෝජනවාදය වෙනුවෙන් පෙනී සිටින්න නම් චින්තන දස් කැපිටල් සහ මාක්ස්ට ආදරය කරන්න ඕනෑ.

    නමුත් චින්තනට ඇත්තටම ඕනැ පරිභෝජනය සුළු කොටසකට විතරක් පරිස්සම් කර ගන්න. ඒ හැමෝටම පරිභෝජනය වෙනුවෙන් සටන් කරන්න ගිහින් තමන්ට ලැබෙන පරිභෝජනයේ අවස්ථාව ගිලිහෙයි කියන බයට. දැන් එයාගේ පරිභෝජනයට ලැබී ඇති අවස්ථා සාධාරණීකරණය කර ගන්න විතරයි චින්තනට ඕනෑ. මාක්ස්ව අලුතෙන් ලියන්න හදන ප්‍රබන්ධකාරයින්ට චින්තන එකතු වෙන්නේ ඒකයි.


    මේ අරුතෙන් සාදාචාරවාදී, පරිභෝජන විරෝධී, ඉරිසියාකාර වමට මාක්ස්ව හේත්තු කරන්න හදන චින්තනට අපේ විරෝධය!

    ReplyDelete
  4. බොරුවට තමන් නොහිතා ලියපු කුණු ගොඩ සාධාරණීකරනය කරන්න හිතා මතා සැලසුම් කරලා ලියපු තවත් කුණු ගොඩක්. චින්තන හිතන්නේ ලංකාවේ වම වගේ හැමෝම මෝඩයෝ කියලා.

    ReplyDelete
    Replies
    1. Yes. Left think they understood Marx. Chinthana thinks he understood Marx.

      ඒත් මාක්ස්ට පරිභෝජනය අවුල්. Utter Lies!

      Delete
  5. ඉස්සෙල්ල මාක්ස් හරියට කියවපං බං, මිනිසුස්ංගෙ වෙලාව නාස්ති නොකර. මළ කරදරේ. තෝ පොත් කියවන්න එපා කියන එක මළ වාත්යක් කියන්නෙ ඒකනෙ. එක එක ඉන්ටනෙට් එකේ මළ ජරාව කියවලා අවිල්ල දවස් දෙකේ පරියේසන කරලා මෙව ලියනවා. මාක්ස් රූසෝ කියන්නේ තොපි වගේ හරක් නෙමෙ බං. උන් මොන මගුලක් ලියුවත් වෙලාව අරං කල්පනා කරලා මහන්සි වෙලා ලියල තියෙන්නෙ. එහෙම කරන්න බෑ කියල හිතෙනව නං නිකං හිටපල්ල. නලින්ද සිලාවා එක පාරක් දස් කැපිටල් බොරැ කියල පෙන්නනන පිටු විස්සක විතර පොතක් ලියලා මාර පොරක් වුණා. උඹ දැන් දවස් දෙකක් රිසච් කරල ටිකාක් දිග ලිපියක් ලියාගෙන දිනුව කියල ආත්ල ග්නනවා. දැන් ඉතින් වමේ ගොං හැත්ත මේකට ලියන හරක් කතා අහන්න වෙනනෙත් අපිට. තොපි ඔක්කොටම ගහල එලවන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ, මිනිහෙකුට තමන්ගේ අදහසක් බ්ලොග් එකක ලියන්න උඹේ අවසරය ඕනැද? උඹට මේක හරියන්නෙ නැත්නම්, (ඒ කියන්නේ තේරෙන්නේ නැත්නම්) කියවන්න වද වෙන්නෙ නැතුව යන අතක් බලාගෙන පලයන්කො.

      Delete
    2. ඇයි බං උඹත් මාර මනුස්සයෙක්නේ? මිනිස්සු ටොයිලට් යන්න මහපාරටම එනව නං අඩු ගානේ සුදුළුණුයි බොම්බිලියි නොකා එන්ඩ කියන්ඩවත් අපිට අයිතියක් නැද්ද?

      Delete
    3. මේක මහපාරක් නොවෙයි, උගේ බ්ලොග් එක. ඒකෙ මොකක් දාගත්තත්, ඒක ඌට අයිති වැඩක්. තේරෙන එවුන් ඇවිත් බලනවා, නොතේරෙන එවුන් කට පියාගෙන යනවා. එච්චරයි.

      Delete
    4. හරි සරලයි නේද? යටි අදහස් නොතේරෙනව වගේ රඟපෑවහම හැම දේම හරියන්නේ නෑ. ඒකටත් යටි අදහසක් තියෙනවා. මෙතන අදහස් ප්‍රකාශ කරන්න අයිතිය දීල තියෙනවා. ඕනෑම දෙයක් අදහසක් විතරයි. චින්තන කරන දේම තමයි අපිත් කරන්නෙ. ඒක තේරෙන්නේ නෑ වගේ දඟලන්නෙ ඇයි? මම මෙහෙම කිව්වොත් උඹට හරියටම තේරෙයි. උඹට මම කියන දේ හරියන්නෙ නැත්නම්, (ඒ කියන්නේ තේරෙන්නේ නැත්නම්) කියවන්න වද වෙන්නෙ නැතුව යන අතක් බලාගෙන පලයන්කො.

      Delete
  6. ///ලංකාවෙ වම වහා ඇවිළුණු පෝස්ට් එකට පාදක අදහස් වෙන්නෙ මේවා. පෝස්ට් එක ඇත්තටම ‘ටීසර්’ එකක්. උවමනාව වුනේ ධනවාදයට අදාල අදහස් සාකච්ඡුාවට ගන්න විවරයක් හදා ගැනීම. /// හැබැැැැැැැට! පුහ්...... අනේ *** ? ඔයා නං දැන් රවී, ගම්මංපිල ගානට වැටිලා නේද?

    ReplyDelete
  7. The capitalist class was the first in history to show what man’s activity can bring about. In only a century, it had accomplished wonders far surpassing Egyptian pyramids, Roman aqueducts and Gothic cathedrals; it has conducted expeditions that put in the shade all former exoduses of nations and crusades.

    Marx & Engles
    Communist Manifesto (1848)

    ReplyDelete
  8. What today’s anti-capitalists loathe most is the ‘consumer society’, with its incessant advertising and wicked temptation to buy, buy, buy. On Buy Nothing Day, at the end of November, anti-capitalist protesters on Oxford Street and elsewhere advised shoppers to ‘detox from consumerism’ because ‘everything we buy has an impact on our planet’. Meanwhile, serious psychologists (as well as the seriously psychotic) claim that consumerism makes us ill — it gives us ‘affluenza’, apparently. Geddit?

    Marx loved the consumer society. Indeed he described it as a ‘civilising moment’ of capital. In the Grundrisse, he wrote: ‘In spite of all his “pious” speeches, [the capitalist] searches for means to spur [the workers] on to consumption, to give his wares new charms, to inspire them with new needs by constant chatter, etc. It is precisely this side of the relation of capital and labour which is an essential civilising moment.’ It is striking that what a bearded communist described as ‘civilising’ 150 years ago — the chatter and charms of consumerism — is now written off by anti-capitalists as dangerous and corrupting.

    Of course, Marx wanted to destroy capitalism because he thought it didn’t go far enough in remaking the world in man’s image and organising society according to man’s needs and desire. Today’s sorry excuses for Marxists and anti-capitalists think capitalism has gone too far in its development of the forces of production and encouragement of consumerism. I’m with Marx. Let’s replace capitalism with something even more dazzlingly cocky and human-centric. But let’s first deal with the luddites, locavores and eco-feudalists who have given anti-capitalism a bad name.

    Brendan O’Neill

    Now it's easy to see that Chinthana and the Left are in the same boat against Marx!

    ReplyDelete
  9. ඔව් මාක්ස් කිව්වා පරිභෝජනවාදය හොඳය කියලා. හැබැයි ඒ කැපිටලිසම් පවත්වා ගෙන යන්න නෙමේ ඈ.......

    ReplyDelete
  10. ඔයා සැලෙන්න එපා චිංතන! ලියන්න මේ මාක්ස්ව බේර ගන්න එන සේව් මාක්ස් කට්ටිය කියලා.

    ReplyDelete
  11. මෙච්චර බොරු කියන්නේ ඇයි චිංතන? හැම එකක්ම අත ඇරියත් ලන්ඩන්වල පාං කතාව පවා බොරුවක්නේ. එංගලන්තයේ සියලුම ප්‍රධාන බේකරි බ්‍රෑන්ඩ්ස් අයිති Premier Foods කියන සමාගමට කියලා කවුරුත් දන්නවා.

    Ambrosia, Angel Delight, Atora shredded suet, Batchelors - dehydrated foods, Super Noodles and condensed soup
    Be-Ro flour, Birds, Bisto gravy, Cadbury's cakes, Homepride, Loyd Grossman, Lyons cakes and baked goods, Marvel, McDougalls flour and cake mixes, Mr Kipling cakes, Ormo baked goods, Oxo stocks and gravies, Paxo stuffing, Saxa salt, Sharwood's Indian, Chinese and SE Asian sauces, Smash instant mash potato

    පිටි මිල පවා තීරණය කරන්නේ ඒ අය. සෑම නිදහස් බ්‍රෑන්ඩ් එකක්ම ඒ ගොල්ලො සල්ලිවලට ගන්නවා. ඕනෑ තරම් මේ ගැන මෙහේ සංවාද යනවා. නමුත් විසඳුමක් නැහැ. ඔයා මේ තෝර ගෙන කියවන්නේ සුලබ දෘෂ්ටි අගතියට අයිති හම්පඩ ලියවිලි වගයක්නේ. කාවද ඔයා රවට්ටන්න හදන්නේ. ඔයාවමද?

    https://en.wikipedia.org/wiki/Premier_Foods?oldformat=true
    http://www.telegraph.co.uk/finance/newsbysector/retailandconsumer/9689668/Premier-Foods-axes-900-bakery-jobs.html

    ReplyDelete
    Replies
    1. ///පාන් සිස්ටම් එක විසින්ම පාලනය වෙනවා. මාක්ස්ට වැරදුන තැන/// චින්තට ආස ඇති මාකස්ට වැරදිලා නම්!

      Delete
  12. වම හා චින්තන (බ්ලොග් කොමෙන්ටුවකී)
    **********************************************
    මම නම් කියන්නේ ඔය ඔක්කෝටම පිස්සු. ආගම් කර තියෙගෙන යන හරකුන්ට එහා ඔය දර්ශනවාදයි. ජිජැක්ලයි ෆුකෝලයි පුකෝලයි කර තියාගෙන යන උන්.
    අපේ උන් ඔය වගේ ඒවට මරා ගනිද්දි, ලෝකය යන්නේ අපිට හිතාගන්නවත් බැරි, ඔය එකුටවත් තේරෙන්නෙත් නැති, තේරුම ගන්න ඕනත් නැති සිස්ටම් උඩ. හෙජින් ගිවිසුම්. ෂෙයාර් බ්‍රෝකරින්. බැඳුම්කර ගණුදෙනු, මනී ලොන්ඩරින්, රටවල් අතර ආර්ථික ගිවිසුම්. ආරක්ෂා ගිවිසුම්, අළුත් සේද මාවත් ඔස්සේ.
    අපරාදේ කියන්නේ අර අපි ඔක්කෝම බනින උදය ගම්මන්පිලයට නම් ඒ අවබෝධයවත් තියෙනවා. ඒ යක මෑතක ලියපු ක්‍රා කනෑල් එක පිළිබඳ ලිපියෙන් ඒ බව පේනවා. ඒ තීලත් ඌ කරන්නේ මෙහේ මිනිස්සු රවට්ටන එක. මොකෝ මෙහේ ඉන්නේ අමු හරක් කියලා ඔය හැම එකාම දන්නවා.
    රජය බිසිනස් කරන ඒවා චීනත් අඩු කරලා තියෙන්නේ. එහෙම ආයතන තිබුනත්, ඒවයේ මනේජ්මන්ට් එක පෞදගලික අංශයට දීලා තියෙන්නේ. මාක්ස් තියා මාඕවත් දැන් එහේ නෑ.
    ජිජැක් කියෙව්වා කියලා ජිජැක් අපේ උන්ට පොවන්න යන උන්ගෙවත්, ඒවා බීලා ඩෝප් වෙලා දඟලන උන්ගෙවත් බඩ පිරෙන්නේ නෑ නේ.
    චින්තනට කුඩු කාරයය කීවට. උන් තමයි කුඩු කාරයෝ. පැරා කුඩු කාරයෝ ගැන දන්නවනේ. උන්ට කුඩු වලින් තිර ලෝකයක් නෑ. මාක්ස්ගේ අබිං කතාවම උනත් ඒකට ආදේශ කොර ගත්තට අවුලක් නෑ.

    ReplyDelete
  13. ඔය මෝඩ ෆෑන්ස්ලා අල්ලලා දාන්න චින්තන.

    "Api Sawdiya Puramu" ෆේස්බුක් පිටුවේ තිබුනා මේ සම්බන්ධව අගනා ලිපියක්. "චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...". මතවාදය සාකච්ඡුාවට ගත්ත දුලබ ලිපියක්. ඔබ එය දකින්න ඇති. ගතයුතු දෙයක් මේකෙ තියෙනවා මම හිතන්නෙ.

    මේ සංවාදය දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.

    - Dimithri

    ReplyDelete
  14. මාක්ස් ගේ දාස් කැපිටාල් එකෙන් ප්‍රයෝජන ගත්තේ ධනපතියෝ මිසක් නිර්ධනයෝ නෙමෙයි ..හිතලා බලන්න

    ReplyDelete